.

.
Showing posts with label GoTa for 2020. Show all posts
Showing posts with label GoTa for 2020. Show all posts

Jan 31, 2022

ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමට නම්..

 


ලෝකය තනි යායක් කියා කීමට කියන්නේය. ඇත්තටම අද ලෝකයම එකම ගම්මානයකි. ලංකාව දූපතක් වීම මෙන්ම ප්‍රධාන භාෂාවන් දෙකම ජාත්‍යන්තර භාෂා නොවීම අති බහුතරයකට මේ හැඟිම, මේ දැණීම, නැතිවීමට ප්‍රධාන හේතුවය. රට තොට ඇවිද ආ එකාත්, මේවා නොදන්නවා වගේ ඉන්නෙ ඒ ගෝත්‍රිකත්වයෙන් ගොඩ ඒමට බැරි නිසාමය. (උන් නොරට ගෙවන්නේත් හුරු පුරුදු වනචාරි ජීවීතය බව ඊයේ පෙරේදා ඔස්ට්‍රේලියාවෙන් ඔප්පු උනේය.

සාමාන්‍ය ජනතාවගේ තත්වය එසේ වුවද, දේශීය උගතුන්ගේ මෙන්ම, නොරට ජීවත්වන උන්ගේත් මානසිකත්වය තත්වයේද ඊට වඩා කිසිඳු වෙනසක් නැත්තේය. උන් කියන්නේ, ලෝකෙන් උතුම් රට මේ ලබු ගෙඩියෙයි කියලාය. මේකේ තියෙන සම්පත් ලෝකයේ කිසි රටක නැතෙයි කියාය. හොඳම උදාහරණය දොරමඩලාවට එන නොරට ජිවත් වෙන මහා ආචාරියලාය. මහා උගත්තුය. හැබැයි මෙහේ තෙල් වත් ගල් අඟුරුවත් ඇත්තේ නැතිය.ද් 1960 ගනන්වල සොයාගත් පේසාලේ තෙල් තාම උඩට ආවේ නැතිය. 

ඇත්තම කතාව මුන්ට උපාධි කප්පරක් තිබ්බත් මේ එකෙක්වත් ලෝකයට අලුතෙන් කිසිවක් එකතු නොකල, වන පොත් කොට ගොඩ ගිය, ස්වාධීන බුද්ධියක් නැති, නිර්මාණශීලීත්වයක් නැති, අප්ඩේට් නැති රොබෝලා පිරිසක් වීමය.

සිතිජයෙන් එහා ලෝකයක් බැලීමට දහසක් බලාපොරොත්තු මැද ගෙනා ඇමරිකන් ඝෝඨා, අමු සිරි ලාංකික ගෝත්‍රිකයෙක් කර තිබෙන්නේ එම පිරිසය. දොරමඩලාව ඔහුගේ ප්‍රියතම වැඩ සටහනක් වනාතර, හසන්ත ඔහුගේ ප්‍රියතම නිවේදකයෙක් වන්නේය

 1970 -77 ත් අතර තිබූ "සත් අවුරුදු සාපය" මාරම යුගයක් ලෙස මුන්නැහේගේ ඔලුවට කාවද්දා ඇති බව ඔහුගේ මෑතම කතාවලත් පැහැදිලිවම පෙනෙන්නේය. දේශීය ආර්ථිකයක් ගොඩ නැගීම ඔහුගේ එකම බලාපොරොත්තුව බව ඔහුගේ "කහ විප්ලවයෙන්" අපූරුවට පෙනෙන්නේය. කාබනික එකෙන් නාගත් ආකාරය ගැන අළුතෙන් අටුවා ටීකා ටිප්පනී ලියන්න ඕනෑම නැතිය.

මේවා නරක දේ නොවේ, එහෙත් කරුමය නම් කිසිම සැලැස්මක් නැතිව දේශීය වෙළඳපොළ පමණක්ම ඉලක්ක කරගෙන පවතින ක්‍රමය සම්පූර්ණයෙන්ම නවතා දමා විප්ලව කරන්නට යාමය. පාරිභෝගිකයන් කහ නැතිව පරිප්පූ කෑ අතර, පන් ගොයියෝ සියල්ලෝම කහ වවා ලොරියක් අරගෙන දියුණු වීමේ පරම පවිත්‍ර චේතනාවෙන්ම කහම විතරක් වැව්වේය.

දැන් ඒවා වවපු උන්, ඒවා විකුණාගන්න බැරිව  ඝෝඨාගේ මව් ගුණ ගයමින් සිටිනවාය. නිශ්පාදනය වැඩි වූවා කියා, හිඟයක් පැවති කාළයේ පැවති පාරිභෝගිකයාට ඉසිලීමට නොහකිවූ මිළෙහිද කිසිඳු වෙනසක් නැත. මේවා බන්ධුල ඉගැන්වූ ආර්ථික තියරිද අමු කෙප්ප බව ඔප්පු කර අවසානය. මන්ද විපක්ෂයේ ප්‍රොපගැන්ඩාවලට මෙන්ම ක්‍රියාකාරකම්වලටද, මාෆියාවලටද, මහ බැංකුවේ උද්දච්ඡ් නිළධාරීන්ටද, භාන්ඩවල මිළට බලපෑම් කළ හැකි බව කිසිඳු ආර්ථික තියරියක පැහැදිලි කර ඇතැයි කියා මා නම් සිතන්නේ නැතිය. 

නමුත් ලංකාවේ සිඳුවන්නේ එයය. සහල් හා සිමෙන්ති වලට වී ඇත්තේ එයය. ගෑස් පිපිරුවේ කෙසේද කියා දැන් ඕනා එකෙකුට තේරෙනවා ඇතිය. හාල් මිළ පාලනය කරන්නේ තනි පුද්ගලයෙකි. ඌට විධායකයද මාර බයය. බුවා විධායකටත් වඩා බලවත්‍ය. සිමෙන්ති ඇති තරම් ආනයනය කළද, සීනී වලට කලාක් මෙන් ඒවා සඟවා හිඟයක් මවා වැඩි මිළට විකුණයි. සිමෙන්ති නැතෙයි කියන්නේ අමු බොරුය. වැඩි මිළට ඕනා තරම් වෙළඳ පොලේ ඇත.

මේ සියල්ලට හේතු උනේ එතෙක් නිදහසේ ගලාගිය ආනයන අපනයන වෙළදපොලට රජය හොට දැමීමය. මාතලන් හැමදාම කියන්නා වාගේ ආර්ථිකය මයිනස් ගිය පට්ට අසාර්ථක චන්ද්‍රිකාගේ යුගයේත්, මන්ද බුද්ධිකයින් දෙදෙනෙක් පාලනය කළ යහපාලන සමයේදීවත් ඔවුන් කිසිදින නිදහසේ ගලා ගිය ආර්ථිකයට, බාධා, පාලන, නීතී රීතී දාන්න ගියේ නැතිය. 

වාහන ආනයනය සීමා කිරීම මේ තීරණවලින් ගත් අමනම තීන්දුවය. මේ තීරණය ගැනීමට පෙර එය වෙළඳපොළට කරන බලපෑම ගැන හෝ ඉන් කෙතරම් පිරිසක් ජීවත් වන්නේද යන්න ගැන කිසිඳු අධ්‍යයනයක් සිඳු නොකොට ආර්ථිකයේ බෙල්ල කැපුවා වාගේ කළ අමනම තීන්දුවකි. 

මේ බව තේරුම් ගත් පැරණි එක්සත් ජාතික පාක්ෂිකයකු වන අජිත් නෙවාඩ් කබ්‍රාල් මොකා හෝ දැමූ මේ ගොබ්බ තීන්දුව වෙනස් කිරීමට ඉල්ලා මාස තුනක් ගත් වූවද, ඊට එරෙහි පිරිසක් මුදල් අමාත්‍යංශයේ ඉන්නා බවට මේ වන විට වාර්ථා වේ. උන් මොකා උනත් ඒ කරන්නේ ඝෝඨා විනාශ කිරීමේ වැඩ පිලිවෙලක් බව ඉතාම පැහැදිලිය. 

මෑතකදි බංගලාදේශයේ මාධ්‍ය විසින්ද, අපේ ආර්ථිකය භක්ෂණය කරන්නේ වෙනින් කවුරුවත් නොව, මහ බැංකුවේ අමන නිළධාරින් බව ලොකයට හෙලි කලද, ඒ පිළිබඳ කිසිඳු බුද්ධිමය දේශපාලන සංවාදයක් ඇති නොවීම කනගාටුවට කරුණය.

ආනයන අපනයන වෙළදාමට බාධා පනවමින්, දේශිය පරිභෝකිකයින් පමණක් ඉලක්ක කරගෙන ගෙනයන "සංවෘත ආර්ථික ක්‍රමයකින්" මේ රට ගොඩ ගන්නට සිතන්නේ නම්, අපට කියන්නට තියෙන්නෙ.... ඝෝඨා ස', ඔයා හරි පව් කියලාය. කිසිඳු විදෙස් ආයෝජකයකු ලංකාව පැත්ත පලාතේ එන්නේ නැත්තේත්, වෙනත් රටවල් අපේ රට හා ගණුදෙණු කිරීමට අකමැති වන්නේත් ඔබ කර තබාගෙන යන මේ ගෝත්‍රික චින්ත්නය බවත් ලියා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.


Oct 19, 2021

මාර පරාජය හා කර්මය (කරුමය) (පෝදා සිතුවිලි)


 

🎈වාහන නෑ

🎈වාහන අමතර කොටස් නෑ

🎈ටයර් නෑ

🎈කහ නෑ

🎈හාල් නෑ

🎈සීනී නෑ

🎈කිරිපිටි නෑ

🎈ගෑස් නෑ

🎈පැස්ටෝල් නෑ

🎈ඩීසල් නෑ

🎈බොරතෙල් නෑ

🎈තේ නෑ

🎈පොල් නෑ

🎈රසායනික පෝර නෑ

🎈කෘමිනාශක නෑ

🎈කාබනිකත් නෑ

🎈සැල්පෝන් නෑ

🎈ටැබ් නෑ

🎈ටැලිවිසොන් නෑ

🎈කැමරා නෑ

🎈හයි පයි සැට් නෑ

🎈සබ්බූසර් නෑ

🎈ඉයර්පෝන් නෑ

🎈වොසින් මැසින් නෑ

🎈ප්‍රිජ් නෑ

🎈ඉතිරි කරපු ඩොලරෙකුත් නෑ

🎈විදෙස් සංචිතත් නෑ

🎈විදෙස් ආයෝජකයොත් නෑ

🎈මහින්දානන්දත් නෑ

🎈බන් ගොන්ධුලත් නෑ

🎈අලගිය මුලගිය තැනුත් නෑ

🎈කන පලන උනුත් නෑ

🎈කඩා පැන්න උනුත් නෑ

🎈මොළ හතත් නෑ

🎈ස' ත් නෑ

🎈මහින්දත් නෑ

😜 හෙට අනිද්දා සිට Gower මසුත් නෑ

🎈වියත් මගත් නෑ

🎈සව් භාගෙත් නෑ

🎈විස්සයෙන් එහා ලෝකෙත් නෑ


(ආන්ඩුව තිස්සකුට්ටිආරච්චි මහත්තයට දුන්නා නම් හරි..)


🔺 සමාර විට ආන්ඩුව මේ සියල්ලම කරේ ඩොලර් නැතිවූ පසු සියල්ලම නැති වන බව පසක් කර දීමට විය හැක.


🙏අප සිහළ බෞද්ධයින් ලේස ඩොලර් යනු තන් හා ආසා ලෙස සැලකිය යුතුය.


🙏 තන් හා ආසා නැති වු කල උතුම් වූ නිර්වානය අවබෝධ වූයේ වෙයි.


🙏අප චතුරාර්‍ය සත්‍යය අවබෝධ කර ගත්තේ වේ.


🙏 බුදුන් වහන්සේ සත්‍යය අවබෝධ කොට ගෙන නිවන් දැකීමට සාරාසන්ක කල්ප ලස්සයක් පෙරුම් පුරා දිවිය ලෝකයේ ඉපද අවසන මිනිස් ආත්මයක් ලබා ඒ ආත්මයේද පට්ට කට්ටක් කා බුදු වූ පසුද තන් හා රති රඟා නම් මර දූවරුන්ද පරදා නොයෙක් නින්දා අපාස විඳිමින් ඒ උතුම් වූ නිවනේ සැනසුනේ වූවද....


🙏 අප  පෙර කළ කුසළ  කර්මයන් හේතුවෙන් අම්මට සිරි ලංකාව නම් දිවිය ලෝකවලටත් එහා ලෝකයේ ඉපද, යහපාලනය නම් කාළයේ පුලතිසි නම් පුරවරයෙන් පොලොව පලාගෙන පැමිනි ගුරුන් හා දෙව් බඹුන් මිනිස් ලෝකයන්හි විසාලම මොළ සහිත වූ රනිල් විකුම්සිහ නම් ගුරුන් යටතේ පස් වසරකින්ද.....


🙏 වියතුන් පිරිවරා පැමිණි සව් බාගේ නම් යුගයේ සැන්ට්‍රල් රූට්ස් හෙවත් මැද්මුලන නම් පුරවරයෙන් පැමිනි ස' නම් ගුරුන් හා රාජපස්ස නම් ගුරු පරපුරම යටතේ වසර දෙකක් වූ සුළු කළකින්ද...


🙏 චතුරාර්‍ය සත්‍යය අවබෝධ කොට ගෙන සියළු තන් හා ආසා රති රඟා දුරු කොට ගෙන නිවනේ සැනසීමට වාසනාවන්තයෝ වූහ..


🙏 හයියෙන් සාධූ කියන්න පින්වත්නි..


👍 සියළු දෙනාට දෙව් පිහිටයි...!!!!

Oct 17, 2021

ප්‍රේමේ මෙන් ජනතාවාදී වනවාද? සිරිසේන මෙන් කවටයකු වනවාද?

 


ඝෝඨා බලයට පැමිණීමත් සමඟ මේ රටේ තරුණ ජනතාව පක්ෂ බේදයෙන් තොරව මහත් බලාපොරොත්තු තබා ස්වේච්ඡාවෙන්ම රට පිරිසිඳු කළේ, චිත්‍ර ඇන්දේ, කුඹුරු අස්වැද්දුවේ විශාල වෙනසක් සංවර්ධනයක් වෙතැයි කියාය.


එය කිසිවකුත් බලාපොරොත්තු නොවූ විශ්මය ගෙන දෙන දෙයක් වූ අතර සියල්ලෝම කට උත්තර නැතිව තුශ්නිම්භූතව බලා සිටියා මිස, කිසිවකුත් විරුද්ධව වචනයක් හෝ කීවේ නැතිය.


එහෙත් කොරෝනාවත් සමඟ හැම එකාගේම පදයට නටන්න ගිය ඝෝඨා අද පොහොට්ටිවේ උන්ගේ පවා අප්‍රසාදයට පත් වී ඇතැයි කීම බොරුවක් නොවේය.


ඔහු ඉල්ලු සියළු බලය ඔහුට ලබා දුනි. එහෙත් එවන් බලයක් සහිත ජනාධිපතිවරයා අද සිටින්නේ  ජනතාවගේ පැත්තේ නොව, යූනියන් කාරයන්ගේ පැත්තේය. 


එහෙත් රණසිංහ ප්‍රේමදාස යනු එක එකාට ආන්ඩු කරන්නට දුන් ජනාධිපතිවරයෙක් නොවේය. ඔහු බලයට පැමිනි පසු සිටියේත් ජනතාව සමඟය.


උතුරේ හා දකුණේ ත්‍රස්තවාදීන් හා යුද්ධ දෙකක් තිබුනද එකක් මර්ධනය කොට අනෙකුන් හා සමාදානයකට පිවිසියේය.


එසේ තිබියදීත් බඩු මිළ මෙතරම් ජනතාවට ඉසිලිය නොහැකි මට්ටමේ නොවීය.


දරුවන්ට පාසල් නිළ ඇඳුම් හා කිරි ලබා දුන්නේය.


ඇඟළුම් ව්‍යාපාරය දෙස් හා විදෙස් ආයෝජකයන්ගේ මැදිහත්වීමෙන් දීපව්‍යාප්ත කළ අතර, ඉතා කෙටි කලකින් එය රටේ ප්‍රධාන ආදායම කළේය.


ග්‍රාමිය කාන්තාවන් පවා රැකියාවක් කිරීමට බිය නොවන්නේ ඒ නිසාය.


ගම් උදා නිවාස ව්‍යාපෘතිය හා නාගරික මහල් නිවාස ව්‍යාපෘති දිගටම ක්‍රියාත්මක විය.


අද සමෘධි නමින් ඇති ව්‍යාපාරය ජනසවිය නමින් ආරම්බ කලා පමණක් නොව ඒ මගින් ග්‍රාමිය ජනතාව ස්වයං රැකියා සඳහාද යොමු කළේය.


එපමනක් නොව ග්‍රාමිය දිලිඳු දරුවන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ දානපතියන් හරහා කැපකරු මාපිය නමින් ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කළේය.


යූනියන් කාරයෝ හොර සංඝයෝ පේන්නවත් උන්නේ නැතිය. 


ඒ හේතුවෙන් දෝෂාභියෝගය අවස්ථාවේත් ජනතාව උන්නේ ප්‍රෙමෙගේ පැත්තේය.


උද්ඝෝෂණ වර්ජන දිනපතා තිබෙනා රටකට ආයෝජකයෝ එන්නේ නැතිය.


යුනියන් කාරයෝ පාලනය කරනා රටකට ආයෝජකයෝ පැත්ත පලාතේ එන්නේ නැතිය.


සිරිසේන නම් පඹයාට කෙලවුනේ දිනපතා පැවති උද්ඝෝෂණ හා වැඩ වර්ජන නිසාමය.


එහෙත්, එවන් සේවයක් කළ මිනිසාත් මැරුණු පසු රතිඤ්ඤා දමා කිරිබත් කෑ කාළකන්නි විරුද්ධ පාක්ෂිකයෝ මේ රටේ සිටියහ.


ඒ ඔහු ජනතාවාදී නායකයකු වූ නිසා නොව දරුණු පාලකයකු වූ නිසාය. සාමාන්‍ය ජනතාව හඬා වැටුනේය.


අදටත් සජිත් වට සියල්ලන් රොක් වන්නේ ඒ කීර්තිනාමයට මිස සජිත් කළ ලබ්බක් නිසා නොවේ.


අනික රණසිංහ ප්‍රේමදාස යනු විකටයෙක් නොව තෙම්පරාදු වු කෘතහස්ත, ලෝකයේ ගෞරවාදරයට පවා ලක් වූ දේශපාලඥයෙකි.


මේ රට වසර 30 ක කුරිරු යුද්ධයෙන් මුදවා ගත් මහින්ද රාජපක්ෂටද මයිනා කියනා සිංහල අමනයන්ම සිටිනා රටේ,


(එසේ කියන්නේ 2010 න් පසු මහින්ද හා පවුල ජනතාදී නොවී පිස්සුම කෙලිය නිසාය)


විරුද්ධවාදින්ගේ අම්මට හැමනියව් කියා ජනතාවාදි නායකයකු ලෙස කටයුතු කිරීමෙන් ඉතිහාසයේ වීරයකු වනවාද?


නැතිනම්, රනිල්, ඩී බී, චන්ද්‍රිකා හා සිරිසේන වැනි කවටයින්ගේ ගොඩට එකතු වනවාද යන්න, 


ජනාධිපතිවරයා ඉක්මනින් තීන්දු කළ යුතුය.


ගුරු සටනේ අවසානය සනිටුහන් වනාකාරය අනුව ඔහු කොයි පිලේද යන්න ජනතාවට තේරුම් යනු ඇත.


මේ ඉතිහාස කතා වැඩිපුර ලියන්නේ බුකියේ ඉන්නා හුජ්ජා කොල්ලෝ පමණක් නොව , අමන දේශපාලුවන්ද මේවා නොදන්නා නිසාමය....

Oct 15, 2021

අපේ බයිලා චැම්ප්ලා හා පකිස්තාන් උස්තාද්ලා

 


🎈අපේ උන්... රට වහගෙන ආර්ථිකේ වැටුනා කියලා බයිලා ගහනවා...


🎈අපේ උන්.... ආන්ඩුව ඇතුලේ පිල් බෙදිලා මරාගන්නවා...


🎈අපේ උන්.... කරන්න බැරි කාබනික රෙද්දක් උස්සගෙන හත්පොලේ ගාගෙන නානවා


🎈අපේ උන්.... එන ආයෝජකයෝ ටිකත් ජරාව ඉල්ලලා නැති කර ගන්නවා


🎈අපේ උන්... වැඩ වර්ජන කර කර උද්ඝෝෂණ කර කර ඒවට සර්වපාක්ෂික සමුළු තියනවා


🎈අපේ උන්... පොල් මිළ තීරණේ කරන්න පොල් වලල්ලක් හදනවා


🎈අපේ උන්... තිබ්බ නිදහස් වෙළඳපොල ආර්ථිකේටත් තහංචි දාලා කඩාපැනීමේ හමුදා දාලා පෝලිම් ක්‍රමය ආයේ ගේනවා


🎈අපේ උන්ගේ ආර්ථික සංවර්ධනේ බාලගිරි දෝසේ වගේ... අද නොවේ හෙට.. ලබන මාසේ ගේනවා... ඊළඟ අවුරුද්දේ ගේනවා...


🎈අපේ උන්... 13 ක්‍රියාත්මක කරලා ඡන්දේ තියන්න කියනවා.. ඒවා තමයි ජාතික ප්‍රශ්ණ


🎈අපේ උන්... සියල්ලට විසඳුම් ලෙස ඒ පාර අලුත් ව්‍යවස්ථාවකුයි චන්ද ක්‍රමේකුයි ගේනවා


🎈එතකොට සව්භාගේ උතුරන්න ලැබෙනවා


🎈මේ පකිස්ථානේ සිස්ටම් චේන්ජ් එකකට ආපු පොර... ඒ රටේ උන්ටත් හිතාගන්න බැරි ඒවා කරනවා..


🎈අපේ උන්... කටින් බතල හිටවනවා...


🎈මේවා බලලාවත් ලැජ්ජා වෙලා හැදියල්ලා


😭 විලි ලැජ්ජාවේ තන්තෝසේ බෑ...


😭 2025 වෙන්නෙත් පෝට් සිටිය කියන කාන්තාරෙට වෙලා කහත් ගනන් නිසා පුච කහ කහ ඉන්න තමා..


😭 දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි

      අඳුර ළඟයි... ආලෝකේ දුරයි..

      අඳුර ළඟයි... ආලෝකේ දුරයි..


.



















Oct 13, 2021

ගැසට් වලින් ව්‍යවස්ථාවලින් බඩ පිරෙන්නේ නැත.


ඝෝඨා අතින් වැරදි වූ බව පිලිගැනීම, වැඩ බැරි උනත් පැරණිම දේසපාලුවා වන රනිල් විකුම්සිහ පවා අගය කළේය.

ඒ කියන්නේ මෙතෙක් ගෙන ආ ප්‍රතිපත්තීන් වෙනස් වීමට බොහෝ ඉඩ ඇති බවය.

ආර්ථිකයට කෙල වීමට මූලික කරුණු තුනක් බලපෑවේය. ඒවා බලපෑ ආකාරය මින් පෙරෙද කරුණු සාධක සහිතව පෙන්වා ඇති හෙයින් කරුණු තුන පමණක් දක්වන්නේය.

🎈1. වැට් බද්ද ඉවත් කිරීම

🎈2. වාහන ආනයනය නවතා දැමීම

🎈3. කොරෝනා වෙනුවෙන් 2020 දී රට 

         සම්පූර්ණයෙන්ම වසා දැමීම.

ඉන් පසු ගත් අමන තීන්දූ දෙකක් අද රට සෑම ආකාරයකින්ම ආගාදයකට ඇද දමා අවසානය.

  🔺1. නිදහස් වෙළඳපොලට එරෙහිව    

            හමුදාවෙන් යුධ ප්‍රකාෂ කිරීම.

  🔺 2. කාබනික පොහොර විකාරය.

මේ කරුණු දෙකද අත්කර දෙනුයේ විනාශයක්ම බව, අප විසින්  සෝපාහාසයෙන් යුතුව කරුණු ගෙනහැර පෑ අතර, ආන්ඩුවේ මැති ඇමතිවරුන් පවා උන්නේ විරුද්ධව බව මාතලන් හොඳින්ම දන්නවාය.

එහෙත් හැම එකාම කට පුච වසාගෙන උන්නේ, එය හෝ සාර්ථකව ඉටු කරණු ඇතයි බලාපොරොත්තුවෙන් ය.

එහෙත් මහපොලොවේ හා මිනිසාගේ චින්තනයේ හා මොළයේ තැන්පත්ව ඇති දත්ත මකා දැමීම, ඖෂධ අධිකාරියේ හා ලක් සතොසේ දත්ත මකා දැමීම හෝ උසාවියේ, කච්චේරියේ ෆයිල් ගිනි තබනවාක් මෙන් ලේසී නැතිය.

මේ සියල්ලම පී බී ජයසුන්දරගේ ඒකාධිපති අධිකාරීවාදී තීරණ බව අද වන විට ඔප්පු වී අවසානය.

පී බී කළේ.... මේ සෑම ගොබ්බ තීරණයකටම ගැසට් එකක් ගසා, එය ක්‍රියාත්මක කිරීම හමුදා නිළධාරීන්ට පැවරීමය.

පී බී කළේ.... ඝෝඨා සතු හමුදාමය බලය ඔහුගේ බල අධිකාරිය වෙනුවෙන් කඩේ යැවීමය.

ඝෝඨාද සිතුවේ ශවේන්ද්‍ර හා හමුදාව සමඟ සියල්ල කළ හැකි යැයි කියාය. ඝෝඨාගේ ප්‍රකාශයන් තුලද මේ මතය බොහෝ විට අඩංගුවද තිබුනේය.

කොරෝනා නිරෝධායනයේදී හා එන්නත්කරණයේදී හැර අනෙක් සෑම අවස්ථාවකදීම හමුදාව ෆේල් වූ බව දැන් ලෝකයටම පෙන්වා අවසානය.

 දේශපාලුවන් කපා දමා ගැසට් වලින් හා හමුදාවෙන් රට පාලනය කළ හැකි බව ඝෝඨාගේ ඔලුවට කැවූයේ පී බී බව ඉතා පැහැදිලිය.

අද පොහොට්ටුවේ උන් ඝෝඨා හා සාකච්ඡා ඉල්ලන්නේත්, සුළු පක්ෂවල උන් ඝෝඨාට ක්‍රියාකාරී දේශපාලනයට එන්න යැයි කියන්නේත් ඒ නිසාමය.

මුන් පී බී ගේ නම සඳහන් කිරීමට බිය වූවාට, දිලිත් මුන් සියල්ලෝම වෙනුවෙන් එය කෙලින්ම කීවේය.

ඝෝඨාට... ඔෆීස් එකේ සිට, ගැසට් ගසා රට පාලනය කිරීමට නොහැකි බවත්, මේ ගමන දේශපාලකයින් හා යායුතු බවත්, මුලින්ම ලිව්වේ මාතලන්‍ ය.

ඒ ලිව්වේ මාතලන් පෞද්ගලික අංශයේ කළමනාකරණයෙන් ලබා ඇති පන්නරයෙන්‍මය.

ලංකාවේ නොව පිටරටවල පවා උපාධි ලබා ආ උන්ගේ මැනේජ්මන්ට් මාකටින් තියරි පැත්තක තියරි ඇප්ලයි කරන්නට ගියත්,

කොම්පැනි දුවන්නේ සීත කාමරවල සිට උදේ හවා මීයන් ටින් වලට දම දමා මෙමෝ ගහනා එයාලාගෙන් නොව, ෆීල්ඩ් එකට බැස ගේම ගහනා උන්ගෙන් බව ඒවායේ ඉන්නා උන් පවා දන්න පරම සත්‍යයය.

එහෙත් කරුමය නම්, දැන් ඝෝඨා තවත් ගුලියක් ගිල තිබීමය. ඒ ව්‍යවස්ථා හා චන්ද ක්‍රමයේ ගුලියයි.

🔺 රට හදන්න බැරි ව්‍යවස්ථා නිසා නොවේ..

🔺 ආන්ඩුවට බිස්නස් කරන්නට බැරි බිස්නස් 

      තියරි වල වරදකින් නොවේ..

🔺 චන්ද තියන්නට බැරි චන්ද ක්‍රමයේ ඇති 

      වරදකින් නොවේ..

මුල් දෙක ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇත්තේ අවංක දේශපාලුවන් හා නිළධාරීන් නොමැති හේතුවෙනි.

තෙවැන්නට නම් කිව යුතුව ඇත්තේ...

77 සිට වෙනස් කරනවා යැයි කියනා බොරුවක් තව දුරටත් කරතබාගෙන යාම දැන්වත් නවතා දැමිය යුතු බවය.

ඇත්තටම සුළු පක්ෂ නොව මහ පක්ෂවල උන් පවා මේ ජේ ආර්ගේ චන්ද ක්‍රමයට කැමතිය. 

මන්ද ...  ජනතාව ඇප නැතිවෙන්නම කතිරය ගසා එලවා දැම්මත්, ආයෙත් පාර්ලිමේන්තුවේ කැන්ටිමේ රසමසවුලු කෑමේ පිනත්, ඩිස්ජවරියේ නැගී, ගාඩ් දමාගෙන, හෝන් ගසාගෙන, ඩබල් ඉරත් කපාගෙන,  දවල්ටත් හෙඩ් ලැයිට් දමාගෙන, පාරේ දකුණු පැත්තෙන් යාමේ පින තිබෙන්නේ... මේ ක්‍රමයේ තියෙන නිසාමය.

හොඳම උදාහරණය රනිල් වික්‍රමසිංහය.

ඒ නිසා මේ කොලකෑලී විගඩම් නවත්වා.. මිනිසුන්ගේ ඇඟට දැනෙන.... ඇසට පෙනෙන... යමක් කිරීම දැන් හෝ ආරම්බ කල යුතුය.

එවන් දේ කරලාත් වැඩක් නැතිය. මිනිසුන්ගේ බඩ ගැන විශේෂයෙන්ම සොයා බැලිය යුතුය.

මහින්ද රාජපක්ෂ උන්නැහේ විශාල සංවර්ධන යෝජනා ඉඳිකරමින්, ගම් උදාව වාගේ මහජන ප්‍රදර්ශනය කරමින්, මිනිසුන්ට නොමිලේම ආතල් දුන්නත්....

අන්තීමේදි මැද මුලන පොල්ලේ එල්ලෙන්න උනේ ඒ නිසාය.

දැනට නම් ආන්ඩුව හා රාජපක්ෂලා ජනතා විමුක්ති පෙරමුණටත් පරාද බව කනගාටුවෙන් වුවත් ලියා තබමින්..

මේ පල්හෑල්ලත් මෙතකින් නිමා කරනවාය..


ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ ....

Oct 10, 2021

බඩු මිළ ඉහළ යාම හා නැති බැරි අය ඇති හැකි අය කිරීමට ගොස් ඇති හැකි එකාත් නැති බැරි කිරීම..


 බඩු මිළ ඉහළ යාම හා

නැති බැරි අය ඇති හැකි අය කිරීමට ගොස්

ඇති හැකි එකාත් නැති බැරි කිරීම

➖➖➖➖➖➖➖➖➖➖➖➖

.

.

ආන්ඩුව තීරණය කළ යුත්තේ තමන් බිස්නස් කරනවාද, නැත්නම් බිස්නස් කිරීම, බ්ස්නස් කාරයන්ට දී තමන් ආන්ඩුකරනවාද යන්නය.


කොටින්ම මෙතෙක් පැවති නිදහස් වෙළඳපොල  ආර්ථිකයහෙවත් ඕපන් ඉකොනොමිය තව දුරටත් පවත්වාගෙන යනවාද, නැත්නම් 70-77 වාගේ පෝලිම් යුගයකට යනවාද යන්නය.


වෙළඳපොල ඒකාධිකාරියකට ඉඩ නොතබා ඕනෑම දෙයක් ඕනෑම එකෙකුට නිශ්පාදනයට හෝ ආනයනයට අවසර දිය යුතුය.


එවිට වෙළඳපොල තුල භාන්ඩ සුලබ වී මිළ අඩු වනු ඇත. 


අද ආන්ඩුව ඉල්ලාගෙන කන්නේ, මෙතෙක් පැවති නිදහස් වෙළදපොල ආර්ථිකයට බාදා පමුණුවමින් දැමූ තහංචි නිසාය.


මේ පරිප්පුව අනිවාර්‍යයෙන් කන්න වෙන බව අප එදාම කීවේය. තෙල් මිළ සූත්‍රයෙන් ඉවත් වීමද එවන්ම ගොබ්බ ක්‍රියාවකි. 


කොටින්ම පාලන මිළවල් විවෘත ආර්ථිකයක තිබිය නොහැකි අතර, මිළ තීරණය කරනුයේ වෙළඳපොල මගිනි.


උදාහරණයක් ලෙස සමහර කාලවලදි අමුමිරිස් ග්‍රෑම් 500 රුපියල් 1000/= කට යන අතර අද එය රුපියල් 100/= වෙනවා වාගේය. 


නිශ්පාදනය හා අස්වැන්න වැඩි වූ විට වෙළඳ පොලේ මිළ පහත බසී.


ඇති එකාට La Coste, ෂැන්ග්‍රිලා එකෙන් අරන් ඇඳිය හැකි අතර, නැති එකාට පමුණුවේ 🐊 ඇඳගෙන යා හැකිය.


ඇති එකාට විමළධර්මගෙන් Rado අරන් අතේ බැඳගෙන යා හැකි අතර, නැති එකාට පේමන්ට් එකේ 350/= එකක් දාගෙන යා හැකිය.


ඇති එකාට මිනිස්ට්‍රි ඔෆ් ක්‍රෑබ්ස් කෑ හැකි අතර, නැති එකාට ක්‍රෝටන් කොළ හෝ මුරුංගා කොල කා කුස පුරවා ගත හැකිය.


පාඩු පිට බිස්නස් කරන්න බිස්නස්කාරයන්ට ආන්ඩුවට වගේ පිස්සුවක් නැත.


ආන්ඩුවේ බිස්නස් වල පාඩුව කවර් කරගන්නෙත් හෙන ගහන බදු ගසා අපටම හමන්නවලාය.


මේ වැඩිවූ භාන්ඩවලත් ඒ බදු ඕසෙට තියෙනවාය.


තමන්ගේ ලාබයෙන් බදු ගෙවන්න බිස්නස් කාරයන්ට පිස්සු නැතිය.


උන් භාන්ඩ විකුණන්නේ ඒකත් එකතු කරලාය.


ආන්ඩුවට බිස්නස් කරන්න බැරි බව ඔප්පු කර අවසානය.


හාල් තවම එනවාය.


ආන්ඩුවේ ව්‍යාපාර සියල්ලම කුල්ල කුජීත හොර ගුහාවන් ය.


සුදු ළූණූ හොරකම මෑතම නිදර්ශනයය.


දැන් කළ යුත්තේ ඒවා සියල්ල පෞද්ගලීකරණය කොට රාජ්‍ය සේවයේ බිස්නස් සියල්ල මුලුමනින්ම අහෝසි කිරීමය.


කොටින්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ධීවර සංස්ථාව පවා ප්‍රයිවටයිස් කළ යුතුය.


නොමිළේ දෙන සියළු දේ නවතා දැමිය යුතුය.


හිඟණ මානසිකත්වයෙන් මිනිසා බැහැර කළ යුතුය.


හිඟන ජාතියක් වෙනුවට දිරිය දියුණු ජාතියක් බිහි වන්නේ ඉන් අනතුරුවය.


මේ රටට කෙල වී ඇත්තේ දේශපාලනයේ වැරද්දකින් නොවේ.


නොමිළේ අධ්‍යාපනය , 

නොමිළේ සෞඛ්‍ය සේවය,

නොමිළේ පාසල් පොත්,

නොමිළේ පාසල් ඇඳුම්,

නොමිළේ උසස් අධ්‍යාපනය,

මහපොල

රජයේ රැකියා

විශ්‍රාම වැටුප්

ජනසවිය/සමෘධිය 

නොමිළේ ඉඩම්

නොමිළේ නිවාස

නොමිළේ කුඹුර

නොමිළේ ජලය

නොමිළේ පෝර

නොමිළේ කෘෂි රසායන

රජය අස්වැන්න මිළදී ගැනීම

ගොවි ණය කපාහැරීම්

වසර පහෙන් පැන්ෂන්

වාහන පර්මිට්

රජ්‍ය සේවයේ බදු නොගෙවීම්


යනාදි වශයෙන් සියල්ලම නොමිළේ දීම් හා සහනාධාර ආර්ථික ප්‍රතිපත්තිය නිසාය. 

දැන් උන් ඒවාත් මදි කියා උද්ඝෝෂණද කරති.


කොටින්ම සංසර්ගයේදී වෙහෙසක් නොගෙන ආන්ඩුව ඇඳ හොලවනවා නම්. 

උන්ගේ සතුට එයය.


භාන්ඩ මිළ ඉහළ ගියාම ආන්ඩුවට බනින්නේ ඒ නිසාය.

කොයි ආන්ඩුව ආවත් ලෝක වෙළද පොලේ මිළ තීරණය කරන්න..

මේ හිඟන රටේ නායකයන්ට කරන්න පුලුවන් ලබ්බක් නැතයි කියා මුන් දන්නේ නැතිය.  


ලෝක වෙළඳ පොලේ සියල්ලේ මිළ ඉහළ ගිය බව මේ කුක්කු බබාලා දන්නේ නැතිය.


මේ හිඟන මානසිකත්වය මේන්ටේන් කිරීමෙන් රජය ඉවත්වෙන තාක්... 

කිසිම රජයකින් මේ රට ගොඩගැනිලි...

නිකං බොරු සෝබන පූචං කතාය...


මාතලන් මැතිවරණ ප්‍රකාෂණ...

පුක පිහින්නවත් නොගන්නේ ඒ නිසාය...


ඒ වගත් මෙසේය...


.

පින්තූරය - Lacoste සහ Crocodile යනු බ්‍රෑන්ඩ්ස් දෙකකි... දෙකේම කිඹුලා උන්නත්, ඉන්නේ දෙපැත්තකටය.. Lacoste බ්‍රෑන්ඩඩ් වනාතර Crocodile යනු ඩුප්ලිකේට් බ්‍රෑන්ඩ් එකය. එහෙත් අද දෙකම බ්‍රෑන්ඩඩ්‍ ය.


.




Oct 1, 2021

රාජ්‍ය සේවය බොන්සායි කළ යුතුය


රට විශාල ආර්ථික අර්බුදයකට යෑමට ප්‍රධානම හේතුව අකාර්‍යක්ෂම රාජ්‍ය සේවය බව රාජ්‍ය සේවකයාත් දන්නවාය.


එයින් ගොඩ ඒමට , ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් නොව පෞද්ගලික ණය ලබා දෙන ආයතන පවා ලංකාවට ආධාර දීම ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ...

කිසිම රජයක් රාජ්‍ය සේවය කප්පාදු කිරිමට බිය නිසාය...


ජාතික ආදායමෙන් 86% පමණ අති විශාල ප්‍රතිශතයක් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ලබා දීමට වැය කරන්නේ නම්, 


එවන් රටක් මොන තරම් ආදායමක් ඉපදුවත්, අනාගතයේ හෝ දියුණු රටක් බවට පත් වේයැයි සිතීමත් විහිළුවක්ම පමණමය....


ලක්ෂ හතක් පමණ වූ රාජ්‍ය සේවය ලක්ෂ 14 කළ මහින්ද රාජපක්ෂ බලාපොරොත්තු උනේ..., ඒ සියල්ලෝම එක්ව, මහින්ද සදා මහ රජානෝ කරාවි යැයි කියලයා...


ඔවුන්ට රැකියා පමණක් නොව, නිවාස ණය, වාහන ලීසිං පහසුකම් මෙන්ම, ඉතා අඩු මිලට මෝටර් සයිකල්ද ලබා දුන්නේය...

එහෙත්, අවසානයේ සිඳු වූයේ කුමක්ද?


මැදමුලන ජනෙල් පොල්ලේ එල්ලෙන්න නේද?

කෝමද.. එදා ෂැපද..?


එසේ රාජපක්ෂ පවුලටම  කෙලිය රාජ්‍ය සේවකයින්ට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලනිස්ට්ලා කෘතුගුණ සැලකුවේ...


ආපු ගමන්ම රුපියල් 10,000/= ක සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් බේස්ක් එකටම ඇඩ් කරලාය...


එහෙත්, අවසානයේ සිඳුවූයේ කුමක්ද?


ඒ බෙසික් පුතාලා රනිල්ව ඇපත් නැතිව ගෙදර යවපු එක නේද?

කෝමද ඇරිය පාර.. සනීපයි නේද?


මෙයත් අර සුළු පක්ෂ නැතිනම් මහ පක්ෂවලට පැවැත්මක් නැතියි සිතනා, මහා අමනෝඥ මිත්‍යාව වාගේම තවත් එකක් ය....


ජන්ද 10 ක් වත් නැති, මෙලෝ රහක් නැති, මෙලෝ වැඩක් බැරි සුළු පක්ෂ නායකයින් හා සුළු ජාතික පක්ෂ නායකයින් තම පාක්ෂිකයාගේ චන්දයෙන් ගොඩ දමා,


පක්ෂය වෙනුවෙන් දිවි පරදුවට දුන් උන් පැත්තක තබා.. අර කාළකන්නින්ට හොඳම ඇමතිකම් දී, උන් උන්ගේ හෙන්චයියන්ගෙන්  අමාත්‍යාංශ පුරවද්දී,  


පක්ෂය වෙනුවෙන් දහඩිය කඳුළු වගුරුවමින්, ගුටිකමින්, නින්දා අපහාස විදිමින්, දිවා රෑ නොබලා වැඩ කර උන්ට වෙන්නේ..., තම පක්ෂයේ නායකයින්ගේ අම්මලාට පින් දෙමින් හූල්ල හූල්ලා ඉන්නටය. 


ඉතිරි රැකියා ටික පුරවන්නේ..., 

මෙළෝම රහක් නැති, රැකියා විරහිත කලා උපාධිධාරීන්ගෙනි. අන්තිමේ කොතෙක් පිරෙව්වාද යත්, මුන්ට පුටු මෙස නැති නිසා රට ගොඩ නගන්නට සිඳු උනේ අමාත්‍යාංශයේ ගස් යටට වී සිටය.


ඒත් මුන් රට ගොඩනගනවාද? 

එහෙම ගොඩ නැගුවානම් මෙහෙම කෙලවිලා යයිද? 

හොඳම උදාහරණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවය...


උන් ඒ ලද රැකියාවෙන් සෑහිමකට පත් වන්නේ නැතිය, ඊළඟට වැඩිපඩි ඉල්ලා වැඩ වර්ජන කරමින් මහපාරට බසිති.


මේ කොරෝනා වසංගත සමයේත් වැඩි පඩි හා දීමනා වැඩ වර්ජන කළ කාළකන්නි ගුරුවරුන් හා සෞඛ්‍ය සේවකයන් ලෝකයේ වෙන කිසිම රටක උන්නා කියා මාතලන් නම් දන්නේ නැතිය.


මුන් කරන්නේ රට ගොඩගැනීම නොව, රට බංකොලොත් කොට කාබාසීනියා කර දැමීමටය.


මුන් එතනින් නවතින්නේද නැතිය. ‍රටේ ආර්ථිකය නැංවීමට ගන්නා සියලු තීන්දු තීරණ වලට කෙළවලාම දානා අතරේ මහා පරිමාණ බිස්නසුත් උන්ටම ඕනෑ කියා රට ගිනි තියනවාය.


එසේ මුලු රටම ගිනි තියා ගන්නා ලද නැගෙනහිර ජැටිය දැන් නැව් නැතිව වෙලේනවාය.. හූනියන් කාරයෝ හා හැමිනෙන්න්ට ආන්ඩුවට පශ්චාත් භාගයේ කැසිල්ලක් තිබුනාට, කාගෝ බිස්නස් කාරයන්ට එහෙම අමාරුවක් ඇත්තේ නැතිය..


ආන්ඩුවේ බිස්නස් සියල්ල බංකොලොත්භාවය ලබා අවසානය. අමාත්‍යවරු පට්ට ෆේල්‍ ය.


ඔය දේශපාලන පත්වීම් ගත් එකෙක්කත් කෙලෙහිගුණ ඇති උන් නොවේ. මුන් එසේ පිරිසක් නම් මංගලගේ මරණයට සෙණඟ පිරෙන්නේ ජෝතිපාලගේ රැකෝඩ් එකටද කෙලලාය..


මංගල මාතර උන්ට, ටෙලිකොම් එකේ, වරායේ හා බැංකුවල ජොබ් දුන්න හැටි දන්නේ දකුණේ උන්මය. අන්තීමේදී සූත්තර පුංචාටත් පරඳින බව දැන්ගත් උන්නැහේ දේසපාලනෙන්ද සමුගත්තේ මේ ඒස කොල්ලන් ගැන හොදින්ම දැනගත් නිසාමය.


මහ පක්ෂවල දේශපාලකයින් සිතට ගත යුතු දේ නම්, (සජිත් හා රාජපක්ෂලා) කෙලවුනදාට මුන් එකෙක්වත් තමන්ට නැති බවය.


ඔය පර්මනන්ට් ජොබ් ගත්ත උන් එදාට එන්නේ නැතිය. මොකෝ උන් සදාකාලික ගොඩ නිසාය. පැරදුන දාට මුන් රකින්නේත්, නැවත පාලනයට ගේන්නේත්, ව්‍යාපාරික ප්‍රජාව හා අර හැමදාම කඩේ ගිය පාක්ෂකයින් පිරිස පමණි.


ඒ නිසා මේ මිත්‍යාවලින් මිදිය යුතු කාළය දැන් පැමිණ ඇත.


රාජ්‍ය සේවයේ හැකි සෑම ආයතනයක්ම පෞද්ගලීකරණය කළ යුතුය. අර යුනියන් කාරයන්ට නැගෙනහිර ජැටිය දුන්නා සේ අධ්‍යාපනට ජෝසප්පුවාට දිය යුතුය. සෞඛ්‍ය මේල් නර්ස්ට දිය යුතුය.


වෙහිකල් පර්මිට්, දිරි දීමනා, දීමනා, බටා හුටා, ඕ ටී පමණක් නොව ටී හා ප්ලේන්ටියත් නවතා දැමිය යුතුය.


දේශපාලකයින් රැක ගත යුත්තේ රාජ්‍ය සේවය නොව ව්‍යාපාරික ප්‍රජාවයි. එවිට තමන්ගේ හෙංචයියන් ආන්ඩුවේ රැකියාවලට ඔබන්නට ඕනා වෙන්නේ නැතිය. උන්ගේ වගකීම ව්‍යාපාරකයින් බාර ගනු ඇත.


අපරාදේ කියන්නේ මේ මෙතඩ් එක ක්‍රියාත්මක කළ රණසිංහ ප්‍රේමදාසට රටේ අවාසනාවකට කලින් නිවන් යන්නට උනේය.


ඔහු මාතලන් කියූ මේ සියලු කාරනා මේ මහපොලොවේ ක්‍රියාත්මක කරමින්, උතුරේ හා දකුණේ ත්‍රස්තවාදී කන්ඩායම් දෙකක්ම ක්‍රියාත්මක වෙද්දී රටේ සීඝ්‍ර ආර්ථික ව්ප්ලවයක්ද ඇති කළේය.


යන එකෙක්ට ඕන වෙලාවක යන්න පුලුවන් කියා මහින්ද රාජපක්ෂම ප්‍රකාෂ කිරීම සුභවාදි ලකුණක්මය.


සඟිස්කෘතික මිත්‍යා පසු පස්සේ යෑමෙන් නොනැවති, මෙවන් මිත්‍යාවන්ද වන්දනා කරනා කිසිඳු දේශපාලන නායකයකු සමඟ රට ඉදිරියට යාවි යැයි කියා සිතීම සිහිණයාක් පමණමය...


රාජ්‍ය සේවයද, පලාත් සභා මෙන්ම සුදු අලියෙක්ම පමණමය.. එය මේ නිරෝධායන  ඇඳිරි නීතිය සමයේ ඔප්පු කර පෙන්වා අවසානය...


ඒ වගත් මෙසේය....

Sep 28, 2021

හිඟන්නන් හා රමණය නිමාවන්නේ, ඛේදාන්තයකිනි. (රාජපක්ෂලා සිරිසේනලාට පැරදීම)


ඔය පිටරට සෝ බලන අය දැකලා ඇති, පාරේ ඉන්න හිඟන ගෑණු අයට ලව් කරලා බැඳලා පස්සෙ ඉල්ලගෙනම කන සෝ.


ඒ වගේ සෝ ඉස්සර මෙහෙත් හරියට හැදුනා. එක්කෝ කෙල්ල දුප්පත්, එක්කෝ කොල්ලා දුප්පත්, කොටින්ම "හිඟන කොල්ලා" කියන W A සිල්වා ශූරීන් (ශූරින් කියන්නේ නමේ කෑල්ලක්ද දන්නේ නෑ. ඒ කාළේ ගොඩාක් අයගෙ වාසගම ශූරීන්) ලියූ නවකතාවකුත් ෂෝ එකක් ලෙස ආවා.


මේ ගොඩක් ඒවල පෙන්නන්නේ හිඟන්නන්ට සප් එක දෙන්න ගිහින්, ඉල්ලගෙනම කාපුවා. මේ ඊයේ පෙරේදත් සොයාගත් කෝටිපතියකුගේ අභිරහස් මරණයක් පිටිපස්සෙ ඉන්නෙ අරන් හදා ගත්ත එකෙක්.


උන් කන්න දුන්න අත හපා කාලා නිකං ඉන්නේ නෑ. ගතත් අප්‍රාණික කරලා තමා නවතින්නේ. ඒ නිසා හිඟන්නෝ එක්ක ආස්සරේ තියාගන්න ඕන බොහෝම දුරින්.


මේ ආන්ඩුව එන්නත් කලින්ම අපි කිව්වා මේ හිඟණ වී වගාව නවත්තලා දාලා, ඒ මිනිස්සුන්ට වෙනත් ආර්ථික භෝග වවන්න යොමු කරලා උනුයි පාරිභෝකයොයි දෙගොල්ලම ගොඩ දාන්න කියලා.


මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසුයි කියලා සුද්දෙක් කිව්වට, හැමදාම රජ වුනේ වෙනත් උන්..


දැන් ඉන්නේ රජවරු නෙමේ මාෆියාවක්, උන් අරුන්ගේ අන්තේවාසිකයෝ, වහල්ලු. උන් පුප ඉරාගෙන ගන්න අස්වැන්න කුණු කොල්ලෙට අරගෙන අරුන් ප්‍රකෝටිපතියෝ වෙනවා.


මතක තියාගන්න, ඔය ආන්ඩුව එක්ක ගේමට මාෆියාව වෙනුවෙන් වැඩ්ඩ සංඝයෝ එන්නේ, සඟිස්කුරුතියවත් ෂිට්ටාතාරේ රකින්නවත් නෙමේ, කුඹුරු කරන මහා ඉඩම්වල අයිතිකාරයෝ උන්නාන්සෙලා. 


උන් කොහොමත් නිකං කන්න උපන් පිරිසනේ. උනුත් ඔය මාෆියාවෙම කොටසක්.


ආන්ඩුව පුරන් කුඹුරු අස්වද්දනයි, හාල් වලට ඉහළ මිළක් දෙන්නයි ගිය එකෙන් ගොයියන්ට ඉහළ මිළක් ලැබුනමයි කියලා හිතමු.


ඒත් උන්ගේ ජීවිත ගොඩ යනවද?


කිසි දවසක වෙන්නේ නෑ.


මොකෝ හාල් වැඩි උන ගමන් ඊට සාපේක්ෂව අනිත් අත්‍යාවශ්‍ය භාන්ඩවල මිලත් ඉබේම වැඩි වෙනවා. 


අඩේ.... 35 ට ගත්ත වී වලට 65 ලැබිලා ගොයියගෙ කරල පැහිලා තියෙන්නේ කියලා.... බුලත් විඩ විකුණන එකත් 25 ට තිබ්බ විඩේ කෙලින්ම 50 කරනවා. 


මුන් 50 ක් දීලා විඩ කනවනවා නම්...., හිටපිය දෙන්නම් වැඩේ කියලා, ආන්ඩුව ගල් බෝතලේටයි සිකැරට්ටෙකටයි කෙලිනවා. එතකොට බීඩියත් ඉබේම වැඩි වෙනවා.


ඊට සාපේක්ෂව ෂැන්ග්‍රිලා එකේ මාළූ පාන් එකයි, කකුළු අමාත්‍යංශයේ (Ministry of Crabs) කකුළුවයි ඔක්කොම ගනන් යනවා.


ඉතින් ඉකොනොමිස්ට්ලා ටයි කෝට් ඇඳගෙන ඇවිත් කකුලක් පිට කකුලක් දාගෙන කියනවා කොරෝනා මැදත් "අවර් ඉකොනොමි ඉස් ඩුයින්ග් වෙල්... අපි මෙච්චර ලාබ ගත්තා අච්චර ලාබ ගත්තා කියලා"


බොරු. ... අමු බොරු... පට්ට පල් ගල් පැලෙන බොරු... එමවුන්ට් එක ළොකු උනාට, රුපියල බාල්දුයි...  ඩොලර් නෑ.. ක්‍රය ශක්තිය අඩු වෙලා... ආර්ථිකේ අඤ්ඤ කොරොස් වෙලා චප්ප චොහොරු වෙලා මුඛ පුට්ටූ වෙලා රෙවිලා ඉන්නේ...


ආන්ඩුව කියන්නේ උද්ධමනය 13% කියලා ඒත් මම දැක්කා මොකක්ද සංවිධානයක් කියලා තියෙනවා අපේ උද්ධමනය 71% කියලා...


ඒක තමයි සහතික ඇත්ත.


ආන්ඩුව නා ගත්තේ ආර්ථිකය හැන්ඩ්ල් කරන්න ගිහින්, මහ බැංකුව, රජය, රාජ්‍ය නිළධාරින්, රාජ්‍ය සේවකයින්, රාජ්‍ය ආයතන කියන්නේ පට්ට ෆේල් ගල් යුගයේ තියරි ඇප්ලයි කරන බංකොලොත් කාළකන්නි පද්දතියක්.


ඒවයේ උන්න නාකී හැත්ත කියපු උපදෙස් අහලා මේක සංවෘත ආර්ථිකයක් කරලා, වී මිළ වැඩි කරලා, ආනයන තහංචි දැම්මයින් රේගුවේ ආදායම කොච්චර අඩු උනාද කියලා කියලා ඔය එකෙක්වත් හෙව්වද?


දේශිය කහ හැදුවා. දැන් කිරි හොද්ද සුදු පාටයි. කහ වල ගාන ඇහුවාම, මතක් වෙන්නේ එක එකාගේ අම්මලා.


පෞද්ගලික අංශය නිසා ඉබේ දුවන ආර්ථිකයක් තිබුන නිසාත්, ඒකට පැලැස්තර නීතී රීතී සීමා නොදාන්න ගිය නිසා තමා, යුද්ධයක් තිබෙද්දිත් මෙලෝ රහක් නැති චන්ද්‍රිකාගේ කාලෙත්, පට්ට ෆේල් පඹයෙකුයි සමනල්ලුයි උන්න යහපාලන කාළෙයි මෙච්චර ප්‍රශ්ණ තිබුනේ නැත්තේ.


මාෆියාවට කෙලින්න ගිහින් අන්තිමට ගොඩ ගියෙත් මාෆියාව, ඇත්තටම මේවයින් බන්ධුලලට, මහින්දානන්දලට, අලගියවන්නලටත් ගානක් එනවද, උනුත් මාෆියාවේ කොටසක්මද කියන සැකය තහවුරු වෙන්නේ, උන් රටින් හාල් ගෙනත් දෙනවා කියලා කටින් බතල කොල විතරක් හිටවපු නිසා.


ඝෝඨා ඇවිල්ලත් තාම සුළු කාළයක් නිසා දැන් උනත් ඔහුට චේන්ජ් වෙන්න පුලුවන්. 


ඔහු හොයන්න ඕන, දෙසැම්බරයේ වාහන ආනයන නීතී ඉවත් කරන්න යනවා කියලා කබ්‍රාල් කියපු ප්‍රකාෂය අකුල ගන්න බලපෑම් ආවේ කොහෙන්ද කියලා.


කවුරු මොකා මොනවා කිව්වත්, මහින්දගේ කාළේ තමා මේ රට මොඩර්න් වෙන්න පටන් ගත්තේ ඉකොනොමි එජේ ග්‍රෝව්ත් එකක් තිබ්බේ...


කබ්බා වැඩේ හරියට කරලා උනුත් ගොඩගියා.


මාතලන් තාමත් ස' ෆේල් නොකියන්නෙ, ස' දන්න ආර්ථිකයක් නෑ නේ. ස' දන්නේ යුද්ධ කරන්න. 


එතකොට සර්ගේ වම් පැත්තේ ඉඳගෙන ස' ට ආර්ථික උපදෙස් දෙන උන් ෆේල්, ෆේල් නෙමේ පට්ට ෆේල්. 


උන් එක්ක නම් සව් භාගේ නෙමේ රාජපක්ෂලත් ඉවර වෙන සයිසෙකක් දැන් තියෙන්නේ.


ඇත්තම කතාව මෙතනදි රාජපක්ෂලා සිරිසේනලාට පරාදයි නේ.


කබ්බට දෙන්නෙයි කියන කොට, එතකොට ගොබ්බ ගං කබර බයියෝ කියයි ණයට අරගෙනද වං ගෝහේ රටවල් දියුණු කරන්නේ කියලා..


මට උන්ට කියන්න තියෙන්නේ ඩුබායි හා සිංගප්පූරුවේ විදෙස් ණය ප්‍රමාණය කොච්චරක්ද කියලා හොයා ගනිල්ලා කියලා.


ඒ ගනන්ම යුගදනවි විකුණගෙන කනවෝ කියලා කෑ ගහන කුර හා අං සහිත ජීවීන්ට කියන්න තියෙන්නේ ඒ රටවල විදෙස් ආයෝජනවල වටිනා කමත් සොයා ගනිල්ලා කියලා...


ජේ ආර්ලා, ප්‍රේමේලා, මහින්දලා දන්න අර්ථ සාත්තරයක් නෑ නේ...


හැබයි උන්දලට උන්නා සුපිරි ආර්ථික උස්තාද්ලා...


ජේ ආර්ට උන්නා රොනී, ඇතුලත්මුදලි හා ඇන් යූ ජයවර්ධන 


ප්‍රේමෙට උන්නා පාස්කරලිංගම්


මහින්දට උන්නා කබ්‍රාල්....


එතකොට ඝෝඨට...


ඝෝඨට ඉන්නවා චන්ද්‍රිකාටයි රනිල්ටයි වගේ සෙට් එකක්....


ඒ වගත් මෙසේය...


.

Sep 27, 2021

මාෆියා හා රමණයේ සුරතාන්තය දරුණු වෙව්ලීමකින් නිමාවිය හැක.


  

හාල් මාෆියාව 

කිරිපිටි මාෆියාව

තොග වෙළඳ මාෆියාව

සෞඛ්‍ය මාෆියාව

විදුලි මාෆියාව

යූනියන් මාෆියාව

සංඝ මාෆියාව

ආන්ඩුවේම සුළු පක්ෂ මාෆියාව


සියල්ල ඉන්නේ ආන්ඩුවට එදිරිවය.


හමුදා කාරයෝ ප්‍රභාට කෙලියාට

මුන්ට කෙලීමේදී පට්ට ෆේල් ය.


ඒ සිස්ටම් එක පට්ට ෆේල් වී අවසානය.

මැනිං මාකට්ටුවේ අහිංසකයකුගේ කන පැලීමට ගියද

මහ උන් හමුවේ නැට්ට පුපේ ගසාගෙන පල්ලම් බසිති.


වෙළඳාම සඳහා පත්කර ඇති ඇමතිවරු දෙදෙනාම හොරා කා මාට්ටු වී අවසානය.


මුන්ව මට්ටු කරන්නට ඔච්චර දත කන්න ඕනෑ නැතිය.


ඒ සඳහා රටේ නීතී අනන්තවත් ඇත.


ජේ ආර් මෙතඩ් එක අනුව කළේ වර්ජන කරන උන් ගෙදර යැවීමය.


ප්‍රේමදාසගේ මෙතඩ් එක ඉතා දරුණු විය.

ආන්ඩුවට විරුද්ධ උන් ටයර් මත නිවන් ගිය අතර,.

ඉතා සුළු කාළයකින් රටේ සීඝ්‍ර සංවර්ධනයක්ද ඇති කළේය.

රටේ අවාසනාවට උන්දෑ බව්වා මැරුණ හංදියෙන් නිවන් ගියේය.


මහින්ද මහත්තයාගේ ක්‍රමය ඉතා මිත්‍රශීලී ප්‍රජාතන්ත්‍රවාදී මානුෂික මුහුණුවරක් ගත් ක්‍රමයක් විය.


උන්නැහේ ගේම් අඳිනා උන්ට තමන් හා භෝජන සංග්‍රහයකට එන ලෙස ආරාධනා කොට බඩ කට පුරා සංග්‍රහ කර ඔවුන් තමන්ගේ මිතුරන් බවට පත්කර ගත්තේය.


මුන් එක්කලා බබා හුකුං ප්‍රජාතන්ත්‍රවාදේ කරන්නට ගියහොත් ක්ෂිතිජයෙන් එහා සව්භාග්‍ය බැලීම කෙසේ වෙතත්.


රජපක්ෂලාට ජනෙල් පොලුවල එල්ලෙන්නටත් , අපට සමනලුන්ගේ හා ත්‍රස්තවාදින්ගේ රැඟුම් බලන්නටත් වන දිනය වැඩි ඈතක නම් නොවේය.


සව් භාගේ කෙසේ වෙතත් කැඳ ටිකක් බොන්න හාල් වත් කඩේ නැත.


ටූ මච් ඩොමොක්‍රසි කියන්නේ එහෙම කරුමයක් ය.....


ඒ වගත් මෙසේය....


.




Sep 21, 2021

යුගදනව් ගිවිසුම හා ජාතියේ කොඩිවින


මාතලන් අතීතයේ සිට දන්නා උන්, පැහැදිලිවම දන්නා පරිදි, මාතලන් පෙනී සිටින්නේ ජේ ආර් ටත් එහා ගිය නිදහස් ලිබරල් ආර්ථිකයක් වෙනුවෙන් ය.

අප වැනි සම්පත් හිඟ රාජ්‍යයකයට ඇති එකම විසඳුම විදෙස් ආයෝජකයෝම පමණමටය.

සදාකාලික හිඟන ගොවියන් පිරිසක් හා වී වගාව උඩ දමාගෙන නටනා කිසිම පාලකයයෙක්, මේ රට ගොඩගන්නවා යැයි සිතන්නේ නම්, එය සිහිනයාක්ම පමණක්මය.

වහාම ඔය කාළකන්නි වියදම් අධික බංකොලොත් භෝගයෙන් ඉවත්ව අපනයන කෘෂි වගාකකට ගොස් හාල් ආනයනය කිරිමේන් කෙලවෙන්නේ මාෆියාවට පමණක්මය.

එය රාජ්‍ය විසින් පවත්වාගෙන යන, තෙල් සංස්ථාව, රේල්ලුව, ලංගම, සිරි ලන්කට් එයාර් මෙන්ම, තවත් එක් භංකොලොත් ව්‍යාපාරයක් පමණි. තනිකර සුදු අලියෙක් ය.

එක්කෝ ඕවා නවතා දැමිය යුතුය . නැතිනම් ඉබේම අහෝසී වී යාමට ඉඩ හැරිය යුතුය.

රටක් දියුණු වන්නේ එවිටය.

ජේ ආර් හා ප්‍රේමදාසගෙන් පසු එම ආර්ථික ක්‍රමය ගෙන යා හැක්කේ රාජපක්ෂවරුන්ටම පමණක්ම බව මේ වන විට මේ මහ පොළොව මත ඔප්පු කොට අවසානය.

පට්ට ෆේල් රනිල්ලා, හර්ෂලා, එරාන්ලා, රවීලා, සජිත්ලා හැරදා ඝෝඨාට හා රාජපක්ෂලාට කඩේ යන්නේ එබැවින් ය.

රාජපක්ෂලා බයියන් අන්දන්න දක්ෂයෝය. එහෙත් සුළු පක්ෂ නම් කොඩිවින ටිකට කෙලින්නට බැරිවීම රටේ අවාසනාවය. මම එය පසුවට පැහැදිලි කරන්නේය.

රාජපක්ෂලා විසින් හඳුන්වා දුන් පෝට් සිටි ව්‍යාපෘතිය හා ලංකාවේ සියළුම වරායන් සංවර්ධනය කිරීම එවන් විශාල පිම්මකි, නෙළුම් කුළුනද එවන්ම ව්‍යාපෘතියක් ය.

මේ රටේ ටොයියෝ නෑ කියා මා කියනා දේ, අද සමාජ මාධ්‍ය හා රූපවාහිනි නාලිකා පුරා ඔප්පු කරමින් සිටින්නේය.

යුගදනව් ගිවිසුමට විරුද්ධව කෑ ගසන්නේ රාජපක්ෂගේ බයි මැක්කෝ පමණක් නොවේය. සජිත්ගේ බාරු බුයියෝද උන් හා ඊට එකතු වී සිටින්නේය. රට විකුණනවෝ කියා උන් මරු විකල්ලන් කෑ ගසන්නේය.

MCC ලංකාවට ගේන්න පුප ඉරාගෙන දඟලපු  ලොරෙන්සෝද අල්මේදලා මෙන්ම, ආචාර්වරුන්ට මෙන්ම මහාචාර්‍යවරුනටත් කාලා ඉන්න බැරි වෙලාය. 

උන්ට නම් තිබෙන්නේ සිරිසේනට බයේ උන්ට කර ගන්නට බැරි වූ දේ, රාජපක්ෂලා සද්ද බද්ද නැතිවම කරනා එකේ ඉච්ඡාභංගත්වයය.

නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්නට යනවාට විරුද්ධ උනේත් මේ කාළකන්නි සැට්ටෙකමය.

මුන් සියල්ලන්ම එක්ව නැගෙනහිර ජැටියට නොව වරායටම කෙලිනා බව මාතලන් එදා කියූ අනාවැකිය අද එලෙසින්ම ක්‍රියාත්මක වෙමින් පවති.

කොළඹ වරාය දුවන්නේ බහාලුම් අන්තර් හුවමාරු මධ්‍යස්ථානයක් ලෙසය. එම බහාලුම් වලින් 80% පමණ ප්‍රමාණයක් ඉන්දියාවේ ප්‍රතිනැව්ගත කිරීම් ය. 

පොට් සිටියේ හූනියන් කාරයෝත්, මහින්දගේ බයි මැක්කොත් කීවේ ඕකට ඉන්දියාවේ අදානිලා ඕන නැතෙයිය, ඕකට එන නැව් වලින්ම අපි නැගෙනහිර ජැටිය සංවර්ධනය කර පෙන්නනවා කියලාය.

මාතලන් නම් කීවේ මුන්ට වෙන්නේ නැගෙනහිර ජැටියට වෙලා බස්නාහිර දෙස බලාගෙන හාබර් බත් එකට කෙළවල්ලෝ බාන්න වෙනවා කියලාය.

ඒකට එන්නේත් ඉන්දියාවේ නැව්‍මය කිය තේරුම් ගැනීමේ උකුණු පුකක මොලයක් මේ ගං කබර බයියන්‍ට මෙන්ම රාජපක්ෂලාටත් තිබ්බේ නැතිය.

එහෙත් අද සිඳුවී ඇත්තේ කුමක්ද?

අද සිදු වී ඇත්තේ එදා රාජපක්ෂ පවුලට කෙලින්නට ගොස් රටේම පවුල් වලට කෙලව ගත්තා සේ, ඉන්දියාවේ අදානිට කෙලින්නට ගොස් වරායටම කෙලවා ගත්ත එකය.

අදානිලා ලොකයේ වෙනත් වරායන් ගොඩනැගීමට ආයෝජනය කර අවසානය. එවා හැදුන පසු ලංකාවේ බහාලුම් ප්‍රති නැව්ගතකිරීමේ බිස්නස් එකෙන් 80% කටම කෙලවෙලා යන එකය.

එවන් වතාවරණයක්  හා කාළකන්නින් පිරිසක් පිරි රටක ආයෝජන ගිවිසුම් ගැන මේ බයි මැක්කෝ දැණුම්වත් කරන්න ගියොත් වෙන්නේ, මෙලෝ දෙයක්ම නොකර රනිල්ට වාගෙම ඇපත් නැතිව නැවත වරක් මැදමුලනේ ජනෙල් පොලුවල එල්ලෙන්ටය.

මොළහතානෝට වෙන්නේ ඇමරිකා යන්නය...

රට සංවර්ධන කිරීමට අවශ්‍ය නම්

ආර්ථිකය ගොඩ දැමීමට අවශ්‍ය නම්

සව්භාග්‍ය උදාකීරීමට අවශ්‍ය නම් 

මුලින්ම කළ යුත්තේ මේ කාළකන්නි කොඩිවින ටික කපා ඉවත්කිරීමය.

මන්ද මුන් සියල්ලෝම පොහොට්ටුවේ චන්දවලින් ඩෙඟා නටනා පරපුටුවන් නිසාමය.

මුන් ගෙනා රාජපක්ෂ කෙනෙක් නැතිය. මුන් ඇවිල්ලා රාජපක්ෂලාගේ කීර්තිනාමය විකුණාගෙන කන හතරවරම් හිඟන්නෝය.


ඒ වගත් මෙසේය...

Sep 18, 2021

එය ලොහාන්ගේ අන්තිම තීන්දුව නොව, ඝෝඨා, නාමල් හා පොහොට්ටුවේ, අන්තිම තීන්දුවද වන්නේය.


 එය ලොහාන්ගේ අන්තිම තීන්දුව නොව,

ඝෝඨා, නාමල් හා පොහොට්ටුවේ,

අන්තිම තීන්දුවද වන්නේය.

➖➖➖➖➖➖➖➖➖➖


ලොහාන් ගැන පොහොට්ටුවේ අවසාන තීන්දුව ගැනීම මහින්ද මහත්තයා පැමිණීමෙන් පසු ගන්නට යනවා කියා නෙළුම් මාවතෙන් වාර්තා වෙමින් තිබෙන්නේය.

එහි කිසිම වැරද්දක් ඇත්තේ නැතිය. මන්ද පොහොට්ටුව කියන්නේ රාජපක්ෂලා නොව මහින්දය. තවම ඒ පවුලේ කිසිවකුට ඒ සෙලබෙරටි තත්වය ගන්නට බැරි උනේය.

ලොහාන්ගේ පිස්සු කෙලීම යට ගැසීමේ වෑයමක් එක් අතකින් දියත්වන්නේ වුවද, ඔහු පිළිබඳව  වාර්ථා වූ කරුණු සියල්ලම වාගේ සත්‍ය බවට වාර්තා ලැබෙමින් පවති.

පරීක්ෂණ වලින් සුදනෙකු වූවද, මෙය ඝෝඨාගේ 2025 ඉරණමටද, නාමල්ගේ අනාගතයටද, පොහොට්ටුවේ අනාගතයටද විශාල හානියක් කරනා බව අනිවාර්‍යය.

මොන පක්ෂේ මොකා කලත් මේවා සාමාන්‍ය ජනතාව අනුමත කරන්නේ නැතිය. දැන් ඔහුගේ පෙර වැරදිද එලියට ඇවිත් අවසානය.

ආන්ඩුව හොදින් මතක තබා ගත යුත්තේ, 2009 යුද්ධය දිනූ විරයා 2015 ජනෙල් පොල්ලේ එල්ලුවේ මේ වගේ මදාවියන්ගේ පිස්සු කෙලීම් බවය.

සිරිසේන විසින් රජාට අන්දවා, සහේලි විසින් ප්‍රශස්ති ගායනා කිරීමෙන් අනුතුරුව සිහසුනේ අසුන්ගත් මහරජානෝ ඉන් අනතුරුව ප්‍රාදේශීය යුව රජවරුන්ටද පිස්සු කෙලීමේ අවසරය ලබා දුන්නේය..

ඉන් උද්දාමයට පත් මහින්දගේ මදාවියෝ පිස්සු කෙලියේ හිතේ හැටියටය, වැලි, ගල්, පස්, ගස්, කසියා, කුඩු, බඩු, පාතාල බිස්නස් වලින් නොනැවතී,

කුඩා දැරියන් රේප් කර රෙකෝඩ් තබා පාටි දමා,  අවසානයේ සංචාරක හෝටලයකට කඩා පැන, විදේශීය කාන්තාවක් තම පෙම්වතා ඉදිරියේ දූෂණය කොට පෙම්වතා අමානුෂික ලෙස ඝාතනය කර දැම්මේ මලයාලම් ෆිල්ම් ෂෝ සිරි ලංකාවේ රියැලටි ෂෝ කරමින්‍ ය.

ඇත්තටම මහින්දට මිනිස්සුන්ගේ අප්‍රසාදයක් තිබුනේ නැතිය, අදටත් ඇත්තේ නැතිය. කෙලවුනේ දරුවන්ගේ පිස්සු කෙලීම් හා මේ මදාවියන්ගේ මැරකම් හා ජඩකම් ය.

වහලුන් මේවා ඉවසුවාට මැදිහත් මිනිසුන් මේවා ඉවසන්නේ නැතිය. චන්දයකදි පාලකයා තීරණය කරන්නේ පාක්ෂික වහලුන් නොව මේ මැදිහත් පිරිසය.

ආන්ඩුව ජනතාව කෙසේ වෙතත් පාක්ෂිකයන් අතරේද සිටින්නේ ජනප්‍රිය තත්වයක නොවේ. එවන් තත්වයකදි මෙවන් පිස්සු කෙලින උන් කනෙන් අල්ලා පැත්තකින් තැබීම පොහොට්ටුවේද වගකීමය.

ජනාධිපති තුමා මෙන්ම අනාගත නායක නාමල් ඉන්නේද ජනතාවගේ මතය තුලය. එය යහපත් ලක්ෂණයකි. 

මහින්ද මහත්‍තයාටත් තියෙන්නේ ලොහාන් සමඟද කතබහ කොට ඔහු එලවන්නේ නැතිව ගෞරවාන්විතව පාර්ලිමේන්තුවෙන්ද ඉවත් වන ලෙසට ඉල්ලා සිටීමය.

එය, ඝෝඨාගේ, නාමල්ගේ මෙන්ම ලොහාන්ගේ අනාගතය වෙනුවෙන්ද ගන්නා නිවැරදිම තීරණය බවද ලියා ..

මේ පල් හෑල්ල මෙතකින් නවතා දමනවාය.


ඒ වගත් මෙසේය...

Sep 15, 2021

ලොහාන් කඩා පනින ඒකකේ ඇමති කරණු...!!!

 


දේශපාලන  වහලුන් නොවන, දේශපාලනය දන්නා උන් සෑම කෙනෙක්ම පිලිගන්නා සත්‍ය නම්, එතෙක් මෙතෙක් ජනාධිපතිවරුන් අතරින් වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදීම ජනාධිපතිවරයා ඝෝඨාභය බවයි.


ජිනීවාවේ මිචෙල් බැචලේ නෝනටත් කියන්නට දෙයක් නැතිව, මෙහෙන් සුමන්තිරන් ලියලා යවපු කෙප්ප ටිකක් ඇදලා ඇරියේ ඇත්ත කිසිවක් දන්නේ නැතිවය.


රට මිලිටරිකරනය කරා කියන්නේ..., එන්නත්කරණය හමුදාවට දීපූ එකටය...


ඒ කියන්නේ මිචෙල් නෝනා අපේ රටේ උන් ලෝකයේ දියුණුම රටවලට වාගේ වැක්සීන්කරණය කිරීමට විරුද්ධය...


හදිසි නීතිය දැම්මා කියන්නේ තවත් කෙප්පයකි. හදිසි නීතී රෙගුලාසී දෙකක් පමණක් දමා ඇත්තේ මේ වසංගත සමයේ ජනතාව හූරාගෙනම කන්න ගිය වෙළඳ මස්ෆියාවට ගේම දෙන්නටය..


ඒ කියන්නේ මිචෙල් නෝනා ඩඩ්ලි සිරිසේනලාගේ පැත්තේය...


ඒ අස්සෙ සාරාන්ගේ ලෝයර් ඇතුලේ කියලාත් අඬලා තිබුනාය...


ඒ කියන්නේ මිචෙල් නෝනාට රාජපක්ෂලාට වඩා තලෙයිබාන් උන් උනත් අවුලක්ම නෑ කියලාය.. එයාටත් නවසීලන්තයේ හරි ජිනීවාවල හරි වීසා එකක් එව්වා නම් හොඳය...


දැන් උන්දැලාටත් කියන්න දෙයක් නැති නිසා කෙප්ප කෙලින තත්වයකටම පත්වෙලා තියෙන්නේ...


හැමෝම බලාපොරොත්තු වූ ඝෝඨා වෙනුවට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු ලැබුන නිසාය...


රට පුරා උද්ඝෝෂණ වැහි වැහලාය. උන් ජනාධිපති ලේඛම් කාර්‍යාලයේ දොරකඩටම එති .. ඔට්ටේලියාවේ වගේ ගම්මිරිස් ගහන්නේ නැතිය....

(ඔට්ටේලියාවේ, ප්‍රංශයේ, ජර්මනියේ බැටන් ප්‍රහාර, ගම්මිරිස් ප්‍රහාර ඒ නෝනාට පේන්නේම නැතිය)


ඝෝඨා උන්ට ටටා කියයි.. 

නිකං මෙතන රස්තියාදු නොවී ගෙදර යන්න කියයි...


ඝෝඨාගේ ප්‍රජාතන්ත්‍රවාදය හමුවේ හිට්ලර්ලාට ඇඳලා ඉන්නේ ජෝසප්පුවා හා මහින්ද ජයසිංහලාය...


තත්වය එතරම් හොඳට තිබියදි,

නාහෙට නාහන රාජ්‍ය ඇමතියෙක් අනුරාධපුරයේ හිරගෙදරට ගොස් හිරකරුවන්ගේ හිසට පිස්තෝල තබා මරණ තර්ජනය කිරීම ඒ සියළු ගෞරවයන්ට දැමු ගොම බින්දුවක් නොව තනිකර කක්කා වලකි.


මේ පළමු අවස්ථාව නොවේ..

මීට පෙරද මිනීමැරුම් චෝදනා ඔහුට ඇත...


මේ ආන්ඩුව බලයට පත්වීමෙන් පසුවද, අනුරාධපුරයේ පූජනිය ස්ථානවලට බීමතින් ගොස් පිස්සු කෙලියේය.


ඉන් පසුව වැලිකඩ හිරගෙදරටද ගොස් පිස්සු කෙළ ඇති බවත් වාර්තා වේ. 

මේවා බොරු යැයි කියනා නිළධාරින්ගේ කෂේරුකාවන්ද කොමිසමක් මගින්  පරීක්ෂා කළ යුතුමය.


අනුරාධපුරයේ සිද්ධියෙන් ආන්ඩුවට ලේසියෙන් ගැලවෙන්නට වෙන්නේ නැතිය. මරණ තර්ජන එල්ල කර ඇත්තේ දෙමළ සිරකරුවන්ටය.


සියළුම දෙමළ පක්ෂ ඉන්නේ විපක්ෂයත් සමඟය.


ජිනීවා මානව හිමිකම් එකේ කියන්න දෙයක් නැතිව කෙප්ප කෙලිය මිචෙල් බැචෙලේ නෝනාට, 

දැන් උඩ පැන පැන තලන්න යකඩයක් මෙහේ මළකඩයෙක් විසින් දීලා අහවරය.


මුන් තවත් නලවනවාද, පාර්ලිමේන්තුවෙන්ම එලවනවාද යන්න ජනාධිපතිතුමාගේ හා පොහොට්ටුවේ උන්ගේ වගකීමය.


අපට කියන්නට ඇත්තේ...


වැඩක් හරියට කරන්න නොදන්නා මෙවන් උන් පිරිවරාගෙන ඝෝඨා යන සවුබාග්ගේ මොකක්ද කියලාය.


එලවන්නම බැරි නම්, ලෝබ නම්..


මුන්නැහේ අර කඩාපනින ඒකකයේ ඇමති කරා නම් වැඩේ අහවරය.


පිස්තෝලේ වෙනුවට පොඩ් ඌෂී මැෂින් ගන් එකක් දුන්නත් අවුලක් නැතිය.


එතකොට එයා නිකන්ම හිරෝ වෙනවාය.


ඒ වගත් මෙසේය...


.



Sep 11, 2021

ජොක්කු, ජංගි, බ්‍රා නැති නිදහස් ආර්ථිකය

 


බන්දුල ගුණවර්ධන කියන පට්ට ෆේල් තියරි විතරක් දන්න අමන දේශපාලුවයි...ආන්ඩුවට ලැදි බයියොයි.... 


ඕසෙට කවි කතා රචනා නිසදැස් ලියනවා මේ ආනයන භාන්ඩ 600 ගානකට ගෙනාපූ අමන තියරිය වෙනුවෙන්... 

එක්ස්පලේෂොන් ඕසෙට....


එයාලා කින්ඩිය දාන්නේ... 

යට ඇඳුම් නැති වෙනවට කලබල වෙලාය... හැබයි, තවත් භාන්ඩ 600 කට දාලාය කියලා දන්නේ නැතෙයිය කියලා..


ඒකම තමා මේකේ කරුමේ, 

ජොකාලටයි ජංගිවලටයි දැම්මත් අවුලක් නෑ... පාමංකඩෙන් හරි අරගෙන ඇදගෙන යතෑකි.


ඒත් සෙල්ෆෝන්, ගෘහ විදුලි උපකරණ, ඒ සී. වගේ මෙහේ හදන්නේ නැති ඒවා...?


තියරිය අනුව එයාලගෙ තර්ක ඔක්කොම හරි.


 හැබයි මේවා සුඛෝපභෝගි භාන්ඩ ඇතුලට දාන එකනම්, ආයෝජකයෝ ගේන්න හදන, මිලියන ගනන් වල රිසෝට් ගන්න කියලා ඇඩ් දාන, පෝට් සිටියක් හදන රටක එකම විහිළුවක්.


එයාලා කියන්නේ මේ බඩු ගේන්න තහනමක් නෑලූ. එකම දේ දැන් LC ඕපන් කරන්න 100% තැන්පත් කරන්න ඕනලු.


මොන අමන වැඩක්ද මේ ?


ලොකු ලොකු කොම්පැනිකාරයෝ ටික විතරක් ඉතුරුවෙලා සාමාන්‍ය බිස්නස් කාරයෝ ඔක්කෝටම කෙලවෙන වැඩක්.


එතකොට බැංකුවට ණයක් නිකුත් කිරීමෙන් ලැබෙන පොලී ආදායමටත් හුප්පේ.


මෙතෙක් කල් වෙළෙන්දෝ ගෙව්වේ 25%


ඉතිරිය පොලියක් එක්ක බඩු විකුණලා හෙමීට ගෙවනවා.


දැන් භාන්ඩ ගෙන්නුවත් නැතත් ඒ ආදායම බැංකුවලට නෑ.


මෙයාලා මෙකට දක්වන හේතුව වාහන ආනයනය තහනම් කරපු වෙලාවේ ගෙනාපු තර්කෙමයි.


ලංකාවට තව අවුරුදු ගානකට ඕන බඩු ගෙන්නලාලූ.


දැන් වාහනවලට මොකද උනේ?

සීනී වලට මොකද උනේ?


මිළ අඩු උනාද?

ඒ මිළටම ගන්න තියෙනවද?


වාහන මිළ 300% ඉහළ ගිහින්.

වාහන අමතර කොටස්, ටයර් ඒ වගේම ගිනි ගනන්..


ඒ හොයන අමතර ලාභයෙන් සතයක්කත් ආන්ඩුවට ලැබෙන්නෙත් නෑ.

වාහන ආනයනෙන් ලැබුන බදු ලැබෙන්නෙත් නෑ.


රජයේ ආදායම වැඩි උනාද?

ආර්ථිකේ මල්වර උනාද?

ඩොලර් ඉතිරි උනාද? වැඩි උනාද?


දැන් මේ ඔක්කොම භාන්ඩ වලට වෙන්නෙත් මේක.


දැන් මේ බඩු ඔක්කොම හංගනවා. 

බඩු මාකට් එකේ නැති උනාම, ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. 

මේවා අධිසුඛෝපභෝගී භාන්ඩ වෙනවා. කළුකඩේ ඉබේම බිහි වෙනවා. 

අර ටොසී බෙහෙතට උනා වගේ, 

වාහනවලට උනා වගේම.


තියරි කෙසේ වෙතත්, ප්‍රැක්ටකලි හෙවත් මහපොලොවේ සිඳුවෙන යතාර්තය ඕක.


අපි පොඩි කාළේ ඇපල් කියන්නෙත් අති සුඛෝපභෝගි කෑමක්. 

රට ඉඳලා කවුරු හරි ගෙනාවොත් විතරයි කන්න හම්බ උනේ.

ඒත් පොඩි කෑල්ලක්. 


මෙහෙන් ඉන්දියාවේ ගිය උන් ලක්ස් රෙක්සෝනා එහේ අරගෙන ගියේ...

එහේ ඒවා හොඳ ගානකට දෙන්න පුලුවන් සුඛෝපභෝගි භාන්ඩ නිසා.


ඉස්සර රුසියාවේ පරණ ඩෙනිමක් දුන්නම  අභිසාරිකාවක් එක්ක මුලු රැය පහන් කරන්න පුලුවන්.


මේ කරන්න හදන්නෙත් ඒක.


ආපු දා ඉඳන් ආර්ථිකේ නම් හත්පොලේ ගාගෙන තියෙන්නෙ.


සොරි ඩොට් කොම්...


-Janaka Priyantha


.



Sep 10, 2021

ආන්ඩුව රිවර්ස් නොකල මරි මෝඩ තීරණ


 

🎈වැට් බද්ද අඩු කිරීම


🎈වාහන ආනයනය අත් හිටුවීම.


🎈සමහර භාන්ඩ ආනයනය කිරීම තහනම් කිරීම.


🎈නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදීම.


🎈සීනී බද්ද අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා නොදීම.


🎈හාල් ආනයනය නැවත්වීම.


🎈රට පුරා උද්ඝෝෂණ පැවැත්වීමට අවසර දීම.


🎈ගුරු වර්ජනයට අද වන තෙක් විසඳුමක් ලබා නොදීම.


🎈භාන්ඩ රාශියක් සුඛෝපභෝගි කැටගරියට දමා ණයවර ළිපි සඳහා 100% මුදල් තැන්පත් ඉල්ලීම.


මේ කිසිවකින් ආර්ථිකයට ශක්තියක් හෝ උත්තේජනයක් ඇති නොවූ අතර.


ජනතාව පීඩනයෙන් පීඩනයට පත් වෙමින් සිටී.


මේ විකාර සහගත සංවෘත ආර්ථිකයක් සහිත රටකට ආයෝජකයෝ කිසි දිනෙක පැමිණෙන්නේ නැත.


මේ රටේ ආයෝජනය කොට ජංගම දුරකතනයක් ගිනි ගනනකට හොරෙන් ලබා ගන්නට සුද්දාට හෝ චීනාට පිස්සු නැත.


කොටින්ම කහ වලට දුන් පරිප්පුව වගේමය.

කහ හැදුවාට කහ ගන්න වෙලා තියෙන්නේ වෙළඳ පොලේ පැවති මිළ මෙන් 10 ගුණයක් ගෙවලාය. ඉන් පස්සේ පුච කහ කහ ඉන්න ඕනෑය.


මිනිස්සුන්ගේ ආදායම එසේ වැඩි වූයේ නැත.


✅ ආනයන අපනයන වෙළදාම නිදහසේ පැවතිය යුතු අතර, අවශ්‍ය නම් බද්ද වැඩි කිරීමේ කිසිම අවුලක් නැත.


රාජ්‍ය ආදායම වැඩි වන්නේ එවිටය.


වැට් බද්ද අඩු කිරීමෙන්, වාහන ආනයනය නැවැත්වීමෙන් හා බාර් වසා තැබීමෙන් සිඳුවූ පාඩුව කොතෙක්දැයි ආන්ඩුව සොයා බලන්නේ නම්,


මෙවන් මොරි මාඩ තීන්දූ මින් පසුවටවත් ගන්නේ නැත.


70-77 යුගයේත් කළේ මෙවන් ඩොන්කි වැඩකි.


අවසානයේ ගෙදර ගියේ ආසන 8 කට බැහැලා, උතුරේ අමිර්තලිංගම්ට විපක්ෂ නායක කමත් ලබා දෙමිනි.


සුඛී දීඝායූ කෝ භව...!


ඒ වගත් මෙසේය....


.

Aug 30, 2021

දරාගැනීමේ සීමාවක් ඇත. ආර්ථිකය විනාශයි.......!!!

  


 

කොරෝනා වසංගතය ලෝකය උඩුයටිකුරු කරමින් ඇත.

සියළු ආගම්, දර්ශණ, පාලන ක්‍රම, ආර්ථික ක්‍රම, අධ්‍යාපනය, විද්‍යාව, සියල්ල කර තබාගෙන ගිය බොරු බව ඔප්පු කරමින් ඇත.

ලංකාවේද දරාගැනීමේ සීමාව පසුකරමින්, බොරුව පුපුරා ගොස් අවසානය.

ඔය ආර්ථික උපදේශකයින් හෝ වන්දිභඨ්ඨයන් රට තව තවත් ආගාධයකට යවනවා මිස. මීට මුහුණදීමට හෝ ඉන් ගොඩඒමට සොලියුසොන් උන් ළඟ නැත.

රට අරාජිකය. සීනී හොරකම ඇමතිවරුන්ම කරනවා නම් තව කුමන කතාද?

ආන්ඩුවට විරුද්ධ පිරිස් කැබිනට් මණ්ඩලයේ සුපිරිම තනතුරුවල සිටිමින් කකුලෙන් අදියි.

උන් වෙනම රැස්වෙයි, ප්‍රකාෂ ලබා දෙයි, ලව් ලෙටර් පත්තරවලට ලියයි. එකම විකාරයකි.

ඒ ගැන කතාව පසෙකට තබා ලංකාව දෙස හැරී බැලූ විට අප එදා කියූ දේවල් ඇස්පනාපිට ඔප්පු වෙමින් ඇත.

ඉන්දියාවේ මුම්බායි නගරයට සමාන ජනගහනයක් ඉන්නා මේ රට පාලනය කිරීමට ඉන්නා පාලකයෝ ප්‍රමාණය මදිවාට මෑතකදි නාගරික හා ප්‍රාදේශීය සභාවල නියෝජිත ප්‍රමාණයත් වැඩි කලේය. පලාත් සභා යනු තනිකර සුදු අලියෙකි. ඇමතිවරු කප්පරකි.

මේ අයගෙන රටට වැඩක් කරේ කීයෙන් කී දෙනෙක්ද? 

මුන්ට  ලැබෙනා වරප්‍රසාදවලට අමතරව, බැංකුවලින්ද කිසි අවුලක් නැතිව ලෝන්ද ලබා දී ඇත. 

මේවා සහගහනා අපරාධය. කරුමය නම් සහගහන්නේත් උන්ට නොව ජහමනයාටම වීමය.

අනෙක් විකාරය රටට කිසිසේත් ඔරොත්තු නොදෙනා රාජ්‍ය සේවයයි.

මහා ලොකු සෞඛ්‍ය සේවයක් තිබුනද, වැක්සීන්කරණය හෝ නිසි කළමනාකරණයක් යටතේ කරගැනීමට නොහැකිව හත්පොලේ ගාගනිමින් සිටී.

හොරකමට වංචාවට දූෂණයට කප් ගසා සිටී පොලීසයට ඇඩ්‍රස් නැති කරමින් රටේ ඇති පජාතම ක්ෂේශ්ත්‍රය සෞඛ්‍ය සේවය බව ඔප්පු කර අවසානය.

ඉස්ටෙත්ස්කෝපයෙන් හා ටයි පොලුවලින් වසාගෙන උන්නේ රටේ තුච්ඡම ආයතනය බව දැන් ඉතාම පැහැදිලිය. මේ මාෆියාව ගැන එදා සිටම ලියූ අපට නම්,මේවා අලුත් දේ නොවේ.

ඒවායේ හූනියන් කාරයෝ රට ගිනි තබති...

රාජ්‍ය ආදායම පඩි දීමනා හා විශ්‍රාම වැටුප් ගෙවූ පසූ ඉතිරිවන ලබ්බක් නැතිය.

මහින්ද රාජපක්ෂ රාජ්‍ය සේවය දෙගුණයක් කරමින් කළ හානිය අද ඔවුන්ටම විඳින්නට සිඳුවීම මාර ලොල් සහගතය.

ඒ මදිවාට ඝෝඨා බලයට ඇවිත් කළේද එයමය. ඔහුගේ ප්‍රතිපත්තිවල සද්භාවයක් තිබුනද? වැඩේ මුලුමනින්ම දේශපාලනීකරණය වූ අතර, ටාගට් කල පිරිස අදටත් ගෙදරය. ඒ තියා සමෘධිය දෙන පිරිස අඩු වූයේත් නැත.

මුන් රටේ ජාතික ආදායමට කිසිඳු දායකත්වයක් දෙන්නේ නැති පිරිසකි. වත්මනෙහි රට දුවන්නේ තනිකර පෞද්ගලික අංශයේ දායකත්වයෙනි.

දැන් අප වැටුන වලෙන්ම ගොඩ ආ යුතුව ඇත.

වහාම පාඩු ලබන ආයතන සියල්ල පෞද්ගලීකරණය කළ යුතුය.

වරාය, ගුවන් සේවා, ප්‍රවාහණ, ඉන්ධන, තැපැල්, යන ලාබ ලැබිය හැකි එහෙත් රැකියා ලබා දීමට පාඩූ පිට පවත්වාගෙන යන ආයතන  මුලින්ම ඊට අයත් විය යුතුය.

අතිරික්ත සේවක පිරිස් වන්දියක් දී ගෙදර යැවිය යුතුය.

සෑම ක්ෂේශ්ත්‍රයකම විශාල පෙරලියකට යා යුතුය.

නෝට්ටු මුද්‍රණය කරමින් ආන්ඩුවේ උන්ට පඩි ගෙව්වා කියා මේ රට දියුණු වන්නේ නැතිය.

මොකෝ උන් ආර්ථිකයට මෙලෝ ලබ්බක් එකතු නොකරනා නිසාය.


ඒ වගත් මෙසේය......

Aug 24, 2021

මුන් සමඟ සව් භාගේ තියා, කැඳත් නැත්තේය.


පසුගිය සතියේ මේ අන්ඩුවේ කන රත්වෙන්නම පාරක් අධිකරණයෙන් ලබා දුන්නේය. 

සියලුම මාධ්‍ය මෙය සඟවාගෙන ඉන්නේ, ව්පක්ෂයේ බලවේග විසින් මුදල් විසිකරමින් සියළු මාධ්‍ය තමන් වෙත හරවාගෙන සිටිනා බැවිනි.

ඒ කැබිනට් අමාත්‍යවරයෙක් වන මං ගොං පිලටය. 

මං ගොං පිලගේ ලේකමා කොටුව අපරාධ විමර්ශන ඒකකයේ හූනියන් කාරයෙක් වන අනන්ද පාලිත්ට එරෙහිව පැමිනිල්ලක් දාන්නේ තෙල් හිඟයක් අති බවට මාධ්‍ය හමුවක් තබා කෙප්ප කෙලියාය කියලාය.

පාලිතයා අත් අඩංගුවට ගත් උනුත් උසාවියේදී පච වෙලා කලසන් නැතුවම යන්නේ, ආනන්ද පාලිතගේ අබ්බගාත් මහත්තුරු ඉදිරිපත් කරපු තර්කයෙන්‍ය. උන් නඩු කාර මැඩම්ට කිව්වේ, 

එහෙම ආනන්ද පාලිත අත් ආංගුවට ගන්නවා නම් ඊට කලින් ආන්ඩුවට ඩොලර් නෑ. පැස්ටෝල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියා ට්විටර් මැසේජ් දැමූ මං ගොං පිලවාත් අත්   අඩංගුවට ගන්නෙයි කියලාය.

මුං වාගේ මොන්ටිසෝරී බබ්බුන් මහා ලොකු උන් කරගෙන පෝට්ටුවේ චන්දවලින්ම ගොඩ දමා සුපිරි කැබිනට් ඇමතිකම්ද දී දෙකට නැමිලා බටර්ද ගාගෙන 

ආ අරින්න අයියා මාර ආතල් එකක් ඔයාලා දෙන්නේ කියමින් ඉන්නට වී ඇති බයියන් ගැන අපට ඇත්තේ මාරම කනගාටුවක්‍ය.

2015 දී මහින්දට කෙලිය එකා තාම ඇතුලේය. පොර ඊයේ කනත්තේත් උන්නේය. මහින්ද ඉන්නා තුරාවට පොරට ඩැමේජ් එකක් වෙන්නේ නැති බව පොරට ෂුවර් නිසා පොර කාටවත් බයත් නැතිය.

මුන් මුලින්ම 20 ට විරුද්ධ උනේය, නැගෙනහිර ජැටියට විරුද්ධ උනේය, ආන්ඩුව භංකොලොත් කියා පච කලේය. ගුරු උද්ඝෝෂණ වලට ආශීර්වාද කළේය, කොතලාවල පනතටත් විරුද්ධය.

අවසානයේ කැබිනට් මණ්ඩලයේදී කට පුප වසාගෙන උන් මේ පිම්පි රැළ එලියට ගොස් රට සති තුනකට වසන්න කියා විපක්ෂයේ මළ අඬෝවැඩියාවට සංගීතය සැපවූයේය.

මේ අඟේ ඉඳන් කන කමින් සිටිනා ගුණමකුවන් තිදෙනාටම කන පිරෙන්න දුන් බවට නිව්ස් ආවේය. එය සතුටට කරුනකි. අවශ්‍ය නම් කැබිනට් ඇමතිකම් වලින්ද එලවා දැමිය හකි බවට වෝනින්ද ලැබී ඇත. මුන් අතරේ ජාතික ලැයිස්තුවෙන් ඇතුලට දැමූ ගෙවිඳු නම් හැඳල හිඟන්නාත් සිටීම බැසිල්ලාට හොඳ පාඩම්‍ වේ.

එමෙන්ම කැබිනට් මණ්ඩලයේදී මුන්ව වෙලා විවේචනය කිරීමට කොන්දක් තිබූ, රත්තරංට, ඩග්ලස් දේවානන්දාට හා එස් ඇම් චන්ද්‍රසේනටත් අපේ ගෞරවය පුදනවාය.

විමල් හෝ මුන් කිසිවකුත් වැඩ්ඩෝ නොවේ. වැඩ්ඩා මහින්ද රාජපක්ෂය. විමල් වැඩ්ඩෙක් නම් 2015 ත් මහින්ද දිනන්න ඕනාය. 

එහෙත් 2015 මහින්ද නැති කලේ මේ ලෙසම ආන්ඩුව ඇතුලේ ඉඳන් විදෙස් ඔත්තු සේවාවල ඇජෙන්ඩාවලට ක්‍රියාකල විමල් වීරවංශය. විමල්ට වැටුනු නඩු සියල්ලම යහපාලන කළයේම චුත වෙන්නේ ඒ වාසනා මහිමයෙන්‍ය.

හැකිනම් මේ සියල්ලන්ම එකතු කරගෙන වෙනම ඉල්ලා පාර්ලිමේන්තුවට ඇවිත් පෙන්වන්නෙයි කියා මේ පිරිසට මෙන්ම මුන්ගේ වන්දිභඨ්ඨයින් සියල්ලන්ටද මාතලන් අභියෝග කරනවාය.  ඕන නම් විමල්ට පමණක් යාන්තන් ගොඩ ඒමේ චෑන්ස් එකක් මිසක්, අනික් එකෙක්ට චන්ද 1000 ක්කත් ලැබෙන්නේ නැතිය.

අද කරන්නේත් ඒකමය.

මුන් ඔඩොක්කුවේ දමාගෙන 2025 දී පරිප්පු කනවාද, එසේ නැත්නම් මේ තනතුරු පෝට්ටුවේ උන්ට දී ඝෝඨාගේ සිහිණ සැබෑ කර ගන්නවාද යන්න ඝෝඨාගේ තීරණයකි.

මොකෝ අපි විධායක ජනාධිපති ලෙස පත්කළේ

ඝෝඨාභය රාජපක්ෂ මිස මහින්ද රාජපක්ෂ නොවනා නිසාය...


ඒ වගත් මෙසේය...

Aug 19, 2021

වසන්තය පමාවි හෝ එනු ඇත -The best is yet to come


ඉස්සර සිංහළ සිනමාවේ වීරයා වූයේ ගාමිනී ෆොන්සේකාය. ඉන් පසු වීරයෙක් ආවේ නැතිය. ඊට පස්සේ ආවේ, ජොකර්ල, පුයර බබාලා හා දිවාකරලා විතරමය. 

පැය 2-3 ක් දුවපු සෝ එකේ මුල හරියේ මෙන්ම මැද හරියේත්, ගාමිනී, ඩොමීගෙන්, පියදාස විජේකෝන්ගෙන් හා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගෙන් බඩ යන්නම කන්නේය. ඒත් අවසානයේ අලු මතින් එන ෆීනික්ස් එන්නේ, ගැලරියේ විසිල් හඬ හා අත්පොලසන් හඬ මැද්දේය. සමහර විට, ඩිෂුම්, බුෂුම්, ඉඳා කාලා වරෙන් යන සද්ද ඇහෙන්නේත් නැතිය. ගාමිනිට ගේම දුන්න උන් දුවන්නේ වැටි වැටීය. සමහර උන්ට දෙන්නේ රෙද්දේ රෙවෙන්න ය. සමහර උන්ට දෙන්නේ මැරිලාම වැටෙන්නය.

අද උදේ අරුණ පත්තරේ දැක්කාම මාතලන්ගේ සිත පිනාගියේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා හා ලොකු ලොක්කෝ කීප දෙනෙක්ම එලවනවාය කියා තිබුන නිව්ස් එක දැකලාය. ඇත්ත හෝ බොරු වේවා මෙය ඉටුවනු දැක්ම මාතලන්ගේ එකම බලාපොරොත්තුවය.

ඇත්තටම මේ වසංගතය පැමිණෙන මොහොතේ සුපිරි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක් ආන්ඩුවට සිටියේය. ඒ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ උන්නැහේය. ඒ වාගේම ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය  පබා පළිහවඩන නෝනා මහත්තයාද වූයේය. මේ දෙදෙනාම දේශපාලන වහලුන් නොව තම තනතුර බැබලුව අය උනේය. 

එහෙත් මේ දෙදෙනාම එලවා දැම්මේ රාජිතගේ මාෆියාව හා එක්වූ පවිත්‍රාගේ වාහේය. ඒ වසංගත සමයේ මියුසිකල් සෝ කරන්න අවසර දුන්නේ නෑ කියලාය. ඊට පසු රාජිතගේ මාෆියාව හා සෙට් වී කල ගසාකෑම් ජනාධිපතිවරයාට මාට්ටු වී පවිත්‍රාට කෙල වූ බව දැන් කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක්‍ වෙලා අහවරය. ජාසිංහ හා පබා එලවීමට පෙර අඩු ගානේ ඔවුන්ට ජනාධිපතිවරයා හමුවීමේ අවස්තාවක් ලබා දුන්නේ නම්, සෞඛ්‍ය සේවය බව්වාට නොයා තිබීමට බොහෝ ඉඩකඩ තිබුනාය. 

දැන් ඉන්නා හාල්පාරු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා දාගන්නේ මාෆියාවේ සෙට්ටෙකය. ඉන්පසු මාෆියාවේ උන් අමාත්‍යංශයේ විසිල් ගගහා බල්ටි ගසුවේය. ඖෂධ අංශයේ පිස්සු කෙලීමට බැරිවූයේ එහි සිටිනා වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මෙන්ම රාජ්‍ය අමාත්‍ය ජයසුමන යන දෙදෙනාම ඝෝඨාගේ පොරවල් වීම නිසාය. නැත්නම් මුන් ඔක්කෝම එන්නත් ටිකට කෙලිනවාමය.

එහෙත් කම්බා හොරුන් වන බෙල්ලන හා මාෆියාව, වැක්සීනය උන්ගේ අතට පත් වූ පසු  කෙලිය පිස්සුව මුලු ලෝකයම දැක්කෙය. ඒවා උන්ගේ හත්මුතු පරම්පාරාවට, ගෙදර බව්වාට හා පූසාටත් ගැසීමෙන් අනතුරුව, ඉතුරු ටික විකුණාගෙන කෑවේය. කොළඹ උන් ගාල්ලේ ගිහින්10,000/= ට වැක්සීන් එක ගහගෙන ආවේ සංචරන සීමා තිබෙද්දීමය. උද්ඝෝෂණ වලට අවසර දුන් අම්මට සිරි ලංකාවේ මාර උසාවිය නඩුව තාමත් බලවනවාය. මාෆියාව එතරම්ම  බලවත්‍ය. මේවාට විරුද්ධ වූ මොරටු පුරපති අන්තීමේදී හිරේ ගියේය.

ඔය, "රට වහන්න.... එකම පිළිතුර වැක්සීනය පමණයි... " කියනා රාජිත මාෆියාව වැක්සීනය ගගහා උන්නා නම්, මේ රටට අත් වෙන්නේ අබ සරණ විතරමය. අදටත් සෞඛ්‍ය අංශ විසින් එන්නත් ලබා දෙන ස්ථාන සියල්ලම එකම මළ විකාරයක්‍ය. සමහර උන්ට පෝලිම් ඇත්තේ නැතිය. උන්ගේ ප්වුල්වල අවුරුදු 18 වැඩි උන්ටත් වැක්සීනය ලබා දී අහවරය. මේවා බොරු නම් සාක්කි සහිතව ඔප්පු කර දීමට මාතලන් රෙඩිය.

කෙහෙළිය යනු දක්ෂ ව්‍යාපාරිකයෙකි, ව්‍යවසායකයෙකි, කළමණාකරුවෙකි වැඩ පෙන්නූ දේශපාලුවෙකි. එජාපයට කෙලවුනේ ජොනී හා කෙහෙළිය වැනි බුලට් බඩු වෙනුවට කිරිඇල්ල හර්ෂ එරාන් වැනි හාල්පාරුවෝ දාගත්ත නිසා මිස වෙන කිසි හේතුවක් නිසා නොවේය. ඒ කොඩිවින සියල්ල සජිත් කරේ දාගෙන සිටීම ඊටත් ආතල්‍ය.

උන්නැහේ කියන්න තියෙන දේ වන වනා ඉන්නේ නැතිව කෙලින්ම ඇදලා අරිනවාය. ලීඩර්ලා කියන්නේ එහෙම උන්ට මිස බබා හුකුං කරනා උන්ට නෙමේය. ගුරු හූනියන් කාරයෝ ටික දෙනා කාළකන්නින් බව කෙලින්ම කීමට කොන්දක් තිබුනේ උන්නැහේට විතරය. කාළකන්නින් වූ අනෙක් උන්ද හූනියන් කාරයන්ට දැමූ තොප්පිය බලෙන්ම දමාගෙන නැටුවේ කාළකන්ජි ටයිටල් එක උන්ට හරියටම ගැලපෙන නිසාය.

යුද්ධය කාළයේ වැදගත්ම තනතුරක් වූ මාධ්‍ය ප්‍රකාෂක වැඩේ සාර්තකව ඉටු කරේ මුන්නැහේය. ඉන් පසු ජනමාධ්‍ය ඇමති කාළයේ රූපවාහිනි සංස්ථාව, නයි ටී ඇන්  පවුලේ නාලිකාව මෙන්ම හුළං විදුලි සංස්ථාවද ලාබ ලබන ආයතන උනේය. ඒ වාගේම උන්නැහේ වෙනත් වැඩවලටද දක්ෂයෙක් වූ නිසා ඒවායේ කෙල පැමිණි මහින්ද මහත්තයා ජනාධිපති අරමුදලෙන්ම උන්නැහෙට කෘතුගුණ සැලකුවේ, කන බොන මිනිස්සු එහෙම ආතල් බුවාලා නිසාය.

දැන් මුන්නැහේ මුලින්ම කෙලවිය යුත්තේ රාජිතගේ මාෆියාවට හා හූනියන් කාරයන්ටය. ඒ වෙනුවට ආන්ඩුවට හිතවත් පහළ තනතුරු වල සිටිනා දක්ෂයින් හෝ ඉදිරියට ගෙන සෞඛ්‍ය සේවය මළ අඬෝවඩියා සේවයක් නොව හමුදාව මෙන් බුලට් බඩු ඉන්නා තැනක් කළ යුතුය. යුද්දේ ජයගත්තේ එහෙමය. රාජිතගේ මාෆියාවට ගේම දෙන අතරේ උගේ ඩොකියන්ට ඉන්ජෙක්ෂන් එකකුත් ගහලාම යවන්න පුලුවන් නම්, ඒවට අපේ කිසි අකමැත්තකුත් නැත්තේය. 

හැබයි උන් එක්ක එකතුවී පිස්සු කෙලින්නට ගියහොත් මෙතෙක් ඇති කීර්තිනාමයට කෙලවා ගන්නා බවත් නොකියා සිටිය නොහැකිය.


 වගත් මෙසේය......


Aug 18, 2021

ප්ලීස් ලොක්ඩවුන් අම්මට සිරි ලංකා

 


රට වසා දැමිය යුතුය

Please Lockdown  the Cunt tree

➖➖➖➖➖➖➖➖➖➖➖

.

.

✅ ආර්ථිකයට වඩා මිනිස් ජීවිත වටිනා බව 

      කියමින් රට වසා දැමිය යුතු බවට සියළු       

      විපක්ෂ බලවේග හා වෘත්තිය සමිති 

      කියමින් සිටින්නේය.


😜 මේ වසා දැමිය යුතු යැයි කියනා සියල්ලන්ම 

      ජීවත් වන්නේ රාජ්‍ය සේවයේය.


😭 කිසිඳු ව්‍යාපාරිකයෙක් හෝ   

      ව්‍යවසායකයෙක් රට වසා දැමිය යුතුයැයි    

      කියනවා මා නම් දැක්කේ නැතිය.


💉 වෛරසය වෙනස් වෙමින් බලවත් වෙමින්       

      යන්නේය.


😫 මුලින්ම මාස 2 ක් රට වැසීමේ පරිප්පුව 

      තවමත් කමින් සිටින්නේය.


✅ මේ වසා දාන්න කියන්නේ සති දෙකකටය.


😜 ඉන් පසු මෙයාලා ආයෙත් රට ඇරපන් 

      යකෝ කියනවාය.


🤣 එවිට රට නැවත විවෘත කළ යුතුය.


👍 ආයේ වෙන ප්‍රබේදයක් ආවාම ආයෙත්    

      වැසිය යුතුය..


✅ ඒ නිසා... එසේ නොකොට ...

      රට සම්පූර්ණයෙන්ම වසා දමා, කොරෝනා       

      රෝගය ලෝකයෙන් තුරන් වූ දිනෙක රට 

      නැවත විවෘත කල යුතුය.


😥 එසේ කිරීමට මේ රටේ ආර්ථිකය කිසිසේත් 

      ශක්තිමත් නැති නිසා ගතයුතු පියවර 

      මෙසේ සඳහන් කරමි.


🔺 මුළු දිවයිනටම ඇඳිරි නීතිය හා හදිසි    

      නීතිය දමිය යුතුය. 


🔺 මාධ්‍යවේදියෙකුටවත් පාරට පැමිණීම 

      වැලැක්විය යුතු අතර, එසේ පැමිණියහොත් 

      වෙඩි තබා ඝාතනය කළ යුතුය.


🔺 රෝගීන් සියල්ල නිවෙස් වලට යවා රෝහල් 

      සියල්ල වසා දැමිය යුතුය. එවිට මේ 

      අඬෝවැඩියා සියල්ල මොහොතින් නවතිනු 

      ඇත.


🔺 කටුනායක හා මත්තල සම්පූර්ණයෙන්ම 

      වසා දැමිය යුතුය. එවිට මගීන්ගෙන් හා 

      කාගෝ වලින් කොරෝනා ප්‍රබේද ලංකාවට 

      එන්නේ නැත.


🔺 සියළුම වරායන් වසා දැමිය යුතුය. ආනයන     

      භාන්ඩ මගින් කොරෝනා පැතිරීම ඉන් 

      නවතී.


🔺 විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සියළුම වැටුප් 

      හා දීමනා සියල්ල නවතා දැමිය යුතුය.


🔺 රාජ්‍ය සේවජයන්ට වැටුප් ගෙවිම හා විශ්‍රාම 

      වැටුප් ගෙවීම සම්පූර්ණයෙන් නවතා දැමිය   

      යුතුය.


🔺 ඔවුන්ටද රුපියල් 5000 ක් හෝ බඩු මල්ලක් 

      ලබා දිය යුතුය.


🔺 රට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති නිසා 

      වාහන ගමනාගමනයද සම්පූර්ණයෙන්ම 

      නවතා දැමිය යුතුය.


🔺 ආරක්ෂක අංශවලට ෆුට්සයිකල් ලබා දිය   

      යුතුය.


🔺 රට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති නිසා 

      විදුලියද සම්පූර්ණයෙන්ම කපා දමා     

      ආරක්ෂක අංශ වලට හුලු අතු ලබා දිය     

      යුතුය.


🔺 නිවෙස් තුල සිඳු කරනා කිසිඳු 

      ක්‍රියාදාමයකට වැට බැදිය යුතු නැත.


🔺 සෑම නිවසකටම ගංජා පැලයක් වවා 

      ගැනීමට අවසර දිය යුතුය. මලක් ගසා 

      ආතල් ගැනීමේ මානව හිමිකම් ඇති බව    

      ජිනීවා වලට දැන්විය යුතුය.


🇱🇰 පර සුද්දා පැමිණීමට පෙර මේ රටේ පැවති 

      ශ්‍රී විභූතිය ලොවට පෙන්වා අපට ලොව 

      උතුම්ම ජාතිය විය හැකිය.


🇱🇰 ජැසින්ඩා ආර්ඩන් පරදා ඝෝඨාභය 

      රාජපක්ෂ නාමය විශ්වය පුරා විහිදි යන්නේ    

      එවිටය.


😫 කරන මළහත්තිලව්වක් ලබන ඉරිදාට පෙර 

      කළ යුතුය.


😥 මන්ද, සඳුදා  සිට වෙනත් පිරිසක් ඒ 

      ගෞරවය ලබා ගනු ඇත්තේය.  ඒ අනුව...


💩 මුරුත්තේටුවේ නේස් හිමි


💩 මේල් නේස්


💩 රවී කුණුදේස්


💩 වසන්ත සමරසිංහ 


නාමයන් විශ්වය පුරා විහිදි යනු ඇත්තේය.


😭 ක්ෂිතිජයෙන් එහා ලෝකයක සව් බාගයක් 

      ගසා ආතල් එකේ ඉන්න හිතාගෙන 

      නායකයෙක් ගෙනා අපට,


😭 රෙන්න පුකේ ගූත් නැතිව, 88/89 කඩවසම් 

      යුගයකට යන්නට වීම මාර ලොල් 

      සහගතය.


ඒ වගත් මෙසේය...


.

Aug 13, 2021

ඩෙල්ටා කාළේ බුල්ටෝ කන ගොබ්බ විසේසග්නයෝ


කොවිඩ් 19 වයිරසය ගැන හා වයිරස් රෝග ගැන, එහි ව්‍යාප්තිය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා අමු ගෝත්‍රික සමාජය,

ලංකාවේ වයිරස් විසේසග්නයෝ යැයි කියනා ලොක් ඩවුන් විසේසග්නයෝ, මයික් ටයිසන්ලා වී ඇදලා අරින වඳුරු කුණුහබ්බ සාධූකාර දෙමින් අනුභව කරමින් පට්ට ආතල් එකක් ගනිමින් සිටින්නෝය.

ලෝකයේ පිලිගත් වයිරස් විශේෂඥයින් නම් කියන්නේ, අහසේ තරුවලටත් වඩා වැඩියෙන් පෘතුවියේ වෛරස් ප්‍රබේද තිබිය හැකියැයි කියලාය.

1901 කහ උණ වෛරසය සොයා ගැනීමෙන් අනතුරුව වයිරස් ප්‍රබේද 220 පමණ සොයාගෙන ඇති අතර, වසර දෙකක් තුල කොවිඩ් 19 නම් වෛරසයේ වේරියන්ට් කීපයක්ම හමුවීමෙන්, වෛරස් වල ස්වභාවය ගැන ගෝනා ඔනෙකුට අවබෝධයක් ලබාගන්නට  පුලුවන්‍ය.

දැන් අලුතෙන්ම කැලෆෝනියාවෙන් වාර්ථා වන එප්සිකෝන් නම් ප්‍රබේදය, මේ වන විට "ඩෙල්ටා ප්ලස්" ලෙස නම් කර ඇති අතර, එය ඩෙල්ටා ප්‍රවේදයටත් වඩා මාරාන්තික බවත්, මොඩර්නා එන්නතින් එය තරමක් දුරට පාලනය කල හැකි නිසා දැන් ඊශ්‍රායලයේ මෙන් මොඩර්නා එන්නතේ තුන්වන මාත්‍රාවද වැඩිහිටි අයට ලබා දීම ආරම්බ කර අවසානය.

වෛරස් විශේෂඥයින් කියන්නේ (අපේ  රටේ ගොබ්බයින් නොවේ) මේ වෛරසය අර සුප්‍රසිද්ධ ප්‍රස්තාරයේ මෙන්ම මීටත් වඩා දරුණු මට්ටමකට ගමන් කොට, උපරීමයෙන් පසු ප්‍රභලත්වය කෙමෙන් අඩු වී යා හැකිය කියලාය.

ඒ අපේ රටේ කියනවාක් මෙන් විෂෙන් විෂ නැසීමේ තියරිය අනුවමය. එහෙත් තවත් පිරිසක් කියන්නේ, මෙය තව වසර 10 ක් වත් පවතී යැයි කියලාය.

කෙසේ වෙතත්, වෛරසය ශරීරගත වීමෙන් රෝගලක්ෂණ පහලවීම් කිසිවක්ම නැතිව මිනිසුන් මියගිය අවස්ථාවන් රාශියක් මේ වන විටත් ලොව නන් දෙසින් වාර්ථා වී ඇති අතර,

ඒ හේතුවෙන් වඩාත්ම හොඳ දේ, සෙනඟ ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැලකීමත් මාස්ක් පැලදීමත් බවත් ඔවුන් විසින් සඳහන් කර තිබෙනවාය.

ආර්ථික අතින් ශක්තිමත් ඔස්ට්‍රේලියාව පවා දැන් රට වසා දමන්නේ දින 6 න් 6 ටය. ඒ දින හතක් වැසුවහොත් ජනතාවට රජයෙන් දීමනා ලබා දෙන්න වෙන නිසාය.

දැන් ඔවුන්ද වැක්සීන් ලබා දීමෙන් මෙන්ම රෝගය පාලනය කර ගැනීමෙන්ද අනාගෙන ඇති බව පැහැදිලිව පෙනෙන්නේය. සමහර ප්‍රාන්ත හමුදාව සහායට කැදවා අවසානය .

නවසීලන්තයේ මෙන් ඔස්ට්‍රේලියාවේ එය පාලනය කිරීමට නොහැක්කේ ඔස්ට්‍රේලියානුවන් විනයගරුක සමාජයක් නොවනා නිසාත්, නූගත් පිරිස බහුල නිසාත් බව, එරට සමාජ විද්‍යාඥයින්ගේ මතයයි.

නාගරික ජනගනත්වය අධික වීමත් ජනවර්ග හා විවිධ සංස්කෘතීන් පැවතීමත් තවත් හේතුවක් බව මාතලන්ගේ මතයයි.

කෙසේ හෝ සමස්ත ලෝකයටම මෙය සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොවේ. එහෙත්, ලංකාවේ සෞඛ්‍ය සේවයේ ඉන්නා සියළුම ගොබ්බයින් මෙන්ම පිටරට ඉන්නා වයිරස් විසේසග්න ගොබ්බයෝ පවා දෙන එකම උපදෙස රට වසා දැමීමය.

මුන් මේ රටේ ජනතාව ගැන තබා වයිරස් එක ගැනවත් නොදන්නා අමුම අමු ගොබ්බයන්මය.

මුන් කියනා ලෙසට වෛරසය වෙනස් වෙමින් බලවත් වෙමින් යන නිසා සදාකාලිකවම රට වසා දමා මුන්ගේ පඩි නඩි හා දීමනා ආන්ඩුවෙන් ගෙවා දැමිය යුතුය.

රට වසා දැම්මාට, සංචරණ සීමා උන්ට අදාල වෙන්නේ නැතිය. උන්ට උන්ගේ ඉස්ටිකර් එක වාහනේ ඉස්සරහා වීදුරුවේ ගසාගෙන කන්ඩලමේ තංගල්ලේ අහුන්ගල්ලේ ගිහින් ආතල් ගන්න පුලුවන්ය. කෙලවෙන්නේ එදිනෙදා හම්බ කරගෙන කන උන්ටය.

මෙය සෞඛ්‍යමය ගැටළුවක් පමණක් නොවේ, මෙය ආර්ථික , සාමාජීය, සඟිස්කෘතික, දේශපාලනික, ආගමික මෙන්ම ජනවාර්ගික ප්‍රශ්ණයකි.

විපක්ෂ දේශපාලුවෝ මිනී කර උඩ තබාගෙන පට්ටම ආතල් එකක් ගනිමින් ඉන්නවාය. ඉස්සර මිනිස්සු මැරුණාම ආතල් ගත්තේ මිනීපෙට්ටි සාප්පුකාරයෝ හා බටහිර හා පෙරදිග මිනීබෑන්ඩ් කාරයෝ ඉතරය.

එහෙත් දැන් ආතල් ගන්න උන් වැහි වැහැලාය. විපක්ෂයේ උන්, ජඩමාජ්ජවේදීන් පමණක් නොව බුකියේත් මිනී කාක්කෝ වැහි වැහැලාය .

ඒ අස්සේ අපේ මිනී වලින් ආතල් ගන්නා ඇමරිකාවේ හා ඔට්ටේලියාවේ කැම්පසුත් තියෙනවාය.

ඒවායේ උන් හා අපේ ගොබ්බයෝ එකතුව සැප්තැම්බරයේ මරණ 20,000 ව්‍යාපෘතිය සාර්ථකව ගෙන ගියේ ගුරුවරුන්ගෙන්ම ආදර්ශය දීලාය. යකෝ මුන් බහිනවා  නම් අපි බැස්සාම මක්කා වෙනවද යකෝ කියා ඔක්කෝම පාරට බැස්සේය.

ඝෝඨා හා බුද්ධි අංශ සියල්ල පයිසෙකට මායිම් කරන්නේ නැතිව ජාත්‍යාන්තර කුමන්ත්‍රණ හා ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන්නේ එලෙසය.

මෙවන් තත්වයක් තුල මෙහේ ආයෝජනය කරන්න චීන මකරාවත් එන්නේ නැතිය. ඒ හාල්පාරු ප්‍රජාතන්ත්‍රවාදේ උන්ට දිරවන්නේ නැති නිසාමය.

එවන් ක්ෂේශ්ත්‍රයන් ගනනාවකට සම්බන්ධ ප්‍රශ්ණයකට රට වසා දමනවා කියන්නේ,

පිස්සුම කෙලින නිසා සජිත්  රනිල් හා ඉට්ටාලින් බලු වෑන් එකක දමාගෙන රැගෙන ගොස්, රේබීස් එන්නත ගහලා පිස්සෝ ඉවරයි කියා ආතල් එකක් ගන්නවා වාගේ වැඩකි.

මන්ද මුරුත්තේටුවේ මෙන්ම ප්‍රනාන්දුපුල්ලේත් තාම එලියේ නිසාය.

එ වගත් මෙසේය.

විශේෂ -

හේට් ස්පීච් යටතේ මෙය රිපෝට් කර එකවුන්ට් එකද බ්ලොක් කිරීමේ සම්භාවිතාවය ඉතා ඉහළ බව කරුණාවෙන් සලකන්න.

Aug 10, 2021

ආන්ඩුව හත්පොලේ ගාගෙන අවසානය



ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියා අපේ උන් කීවේ කට කහනවාට නොවේය. ඔය පොටෝ එකේ තියෙන්නේ ප්‍රජාතන්තවාදයේ මහගෙදර පිහිටා ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ මහ දේවාලය වන ඇමරිකාවේ වොෂින්ටන්හි පිහිටි කැපිටල් බිල්ඩින් එකට ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ උපරිමය බුක්ති විඳිමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බත් බැලයන් ඇවිත් රීලා ගිය වෙලාවේ ගත් එකක්‍ය.

අප එදා  දුටුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටෙන් ජනාධිපතිධූරයට පත්වූ මානසික රෝගියෙක් අවසානයේ ඩොමොක්‍රසියේ මහ දේවාලටත් ෆක්ඩ් අප් කරපු එකය.

ප්‍රජාතන්ත්‍රවාදය පිස්සන්ට භුක්ති විඳින්නට දුන්නොත් සිඳුවන්නේ එය බව එදා ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයටම පෙන්වා දුන්නේය.

ඝෝඨාභය රාජපක්ෂ යනු එතෙක් මෙතෙක් පහළවූ ජනාධිපතිවරුන් අතරින් වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී නායකයාය යන්න දේශපාලන වහලුන්ගේ නොව මැදිහත් දේශපාලන විචාරකයින්ගේ මතයයි.

විපක්ෂයේ උන් ෆේල් නායකයෙක් ලෙසද ඉල්ලුවේ හිට්ලර් කෙනෙක් ආවේ චැප්ලින් කෙනෙක් ලෙසද, විටෙක පඹයෙක් ලෙසද හඳුන්වන්නේ ඔහුගේ මේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසය.

මේ රට මනසින් හා අධ්‍යාපනයෙන් දියුණු මිනිසුන් ඉන්නා රටක් නම් මෙවන් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් පාලනයකට කිසිවකු හෝ විරුද්ධ වන්නේ නම් ඔවුන්ට එරෙහිව ලිවීමට මුලින්ම ඉදිරිපත් වන්නේත් මාතලන්මය.

එහෙත් පට්ට ගෝත්‍රිකයින් ඉන්නා රටක මේ කරන්නේ පිස්සන් කොටුවේ ඉන්නා උන් සියල්ලම ගෙදර ඇරියා හා සමාන ක්‍රියාවකි.

දරුවන්ගේ අධ්‍යාපනය බිල්ලට ගෙන ගුරුවරුන් ඉන්නා රටක් නොදියුණු අප්‍රිකාවේ මිනී කන උන් ඉන්නා බොට්ස්වානාවේ හෝ ඇතයි කියා මාතලන් නම් සිතන්නේ නැතිය.

කොරෝනා පාලනයට පෙර මෙරට මාධ්‍යය පාලනය කළ යුතු බව මාතලන් මුල සිටම ලියා තැබුවේය. කොරෝනා ගැන වෙනම මාධ්‍ය ප්‍රකාෂකයකු පත්කල යුතු බවත් ඇමතිවරියට හෝ එක එක මත ප්‍රකාෂ කිරීමට ඉඩ නොදිය යුතු බවත් මාතලන් ලියා තැබුවේය.

මන්ද සියළු ක්ෂේශ්ත්‍රයන් නියෝජනය කරනා සාමාජිකයින්ගෙන් සමන්විත කොරෝනා මර්ධනය කිරීමේ කමිටුවක් පිහිටුවා අවසාන නිසාය.

එහෙත් සිඳුවූයේ කුමක්ද, ජනාධිපති එකක් කියන, ශවේන්ද්‍ර තවෙකක් කියන, සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් තවෙකක් කියන, ඒ යකාගේ මාජ්ජ ප්‍රකාෂක ඊට හාහාත්පසින්ම වෙනෙකක් කියන, ගොම සංගමය තවෙකක් කියන, හෙද සංගමය තවෙකක් කියන, සෞඛ්‍ය රසායනාගාර සමිතියේ උන් තවෙකක් කියන, කුණු ඉනිස්පැට්ටර්ලා තවෙකක් කියන, එකම පිස්සු විකාරයකි.

මුන්ගෙන් අති බහුතරය රාජිතගේ බත් බැලයන්‍ය. පට්ටම ජෝක් එක කියන්නේ කොරෝනාවලට වෙනම පත්කල ප්‍රනාන්දුපුල්ලේ නෝනා මයික් එකක් දැක්ක ගමන් ආන්ඩුවේ මතයට විරුද්ධව බයිලා ගහනා එකය.

බලන බලනා චැනල් එකේ මහ රෑ යක්කු ගස් යන වෙලාව පසුවෙලාත් කොරෝනා ඉස්පැසොලිස්ට්ලා වැහි වැහැලාය. 

සමහර වස්සන් තවමත් පැණියක් හා කලගෙඩියක් ගැන මතුරති. එහෙත් ඒ සියල්ල කළේ වික්සීන් එකක් එන්නට පෙර කාළයේ කියා කියන්නට ආන්ඩුවේ එකෙක්කත් නැතිය.

ලෝකයේ පළමු වැක්සීනය ලබා දුන් දිනයේ සිට මාසයක් යාමටත් මත්තෙන් වැක්සීනය ලබා දී අද වැක්සීනය වේගයෙන්ම ලබාදෙන රට ලංකාව බව ලියන්නට වෙලා තියෙන්නේ මාතලන්ටය.

වැක්සීනය ගහපු උන්ටත් ඩෙල්ටා හැදෙන බව මුලු ලෝකය පුරා ඔප්පු කර අවසානය. කෙහෙලිය කිව්වා වාගේ දැන් මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය තීරණය කරන්නේ උඩ ඉන්නා දෙවියන්මය. (මාතලන් දෙවියන් අදහන්නේ නැති මුත් සියල්ල තීරණය වන්නේ සංකීර්ණ ගණිතමය සංකල්පයක් මත නිර්මිත ජෝතීර් විද්‍යාව අනුව බව පිලිගනී)  

රට වසා දාන්න කියන්නේ අභියෝගවලට මුහුණ දිය නොහැකි කාළකන්නින්‍ය. මුන් සියල්ලෝම මාසේ පඩිය නොවරදවා ගිණුමට වැටෙනා ආන්ඩුවේ පින් පඩි කාරයෝය.

එහෙත් මුන්ටත් පඩිය ගෙවන්නේ මේ රටේ ව්‍යාපාරිකයින් හා සමස්ත ජනතාවම කන බොන දෙයට ගසා ඇති හෙන ගගනා බදු නිසා බව උන්ට අමතකය.

මේ හදිසි අවස්ථාවක් බව ඇත්තය. සෞඛ්‍ය උපදෙස් පයිසෙකට මායිම් නොකලේ ගුරුවරුන්‍ය. උන්ට පඩිය පමණක් නොව වැක්සීන් දෙකම ලබා දෙන්නටත් ආන්ඩුව මෝඩ විය.

මේ මුලු ලොව වෙලාගත් වසංගතයක් පවතින මොහොතකි මේ මොහොතේ වහාම මාධ්‍ය පාලනයකට යා යුතුය. එක එකාට බයිලා ගැසීමට හා පිස්සු කෙලීමට ඉඩ දිය යුතු නැත.

ඊයේ තම මවගේ මිණීය අසල අඩනා අති සංවේදි දර්ශනයක් දෙරණ රූපවාහීයේ නිව්ස් වලට පෙන්නුවේය. මේවා පට්ට ගෝත්‍රික මාධ්‍යකරණයන්‍ය.

ප්‍රධාන පෙලේ මාධ්‍ය කියන්නේ සමාජ මාධ්‍ය නොවේ. සමාජ මාධ්‍ය තුලද මේවා දමන්නේ තුප්පහි ගෝත්‍රිකයන්‍ය.

ආන්ඩුව වහාම ප්‍රේමදාස පාලන සමයේ ප්‍රවෘත්ති හා මාධ්‍ය ප්‍රතිපත්තියට යා යුතුය.

නැත්නම් පෞද්ගලික මාධ්‍ය සියල්ල විසින් විපක්ෂය පමණක් නොව ආන්ඩුවේම කාළකන්නින් හා එක්ව මේ රට ගිනි තබනා දිනය වැඩි ඈතක නොවේ.

අවම වශයෙන් ආන්ඩුව එක එකාට බයිලා ගසන්නට නොදී කොරෝනා මාධ්‍ය ප්‍රකාෂකයකු පත්කල යුතුය.


ඒ වගත් මෙසේය....