.

.

Dec 28, 2011

නිදි යහනේ නෑ සහනේ - Friendly Service



සැමියා හැර ගොස්ද...?
ළිපිනය එවන්න....
නැතිනම්,
පැමිණ හමුවන්න...

පුද්ගලිකයි.. රහසිගතයි..
අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි
හොර බොරු නෑ, විශ්වාසයි
පැමිණේ නම් අගය කරයි



Dec 27, 2011

අධ්‍යාපනය බව්වට හා පිච්චු කෙළින යුව රජවරු - Funny Ministers and Crazy Assistants



අධ්‍යාපනය ගැන කීමට දෙයක් නැත.
ඇත්තේ මෙපමණකි..

අධ්‍යාපනය බල්ලට ගියේය...
බල්ලා රට ගොස්ය...

පාර්ලිමේන්තුවේ විපක්ෂේ කස්ටියට නෙලන විට ලොක්කා බලාගෙන සිටියේය. රජතුමාගෙන්, ගේමක් නොමැති බව වටහාගත්, ප්‍රාදේශිය රජවරු එකසිය ගානට පිස්සු කෙලිති.

Dec 22, 2011

ගල් - Stones


ගල් ගැන කතා බහක් ඇතිවෙලාය. එබැවින් මා වැනි බුද්ධිමතෙක්, ගල් ගැන සම්බාව්‍යා විග්‍රහයක් නොකිරීම ගැන මාගේ මිතුරන් මා විමසුවේය. ඒ අයගේ බලවත් ඉල්ලීම මත මේ ගල් විචාරය ලියන්නේය. ගල් ඒ කාලේ ඉඳන් මේ පින් බිමේ තියෙන්නට ඇතිය. ඒත් ගල් සගිස්කුරුත්තේට එකතු වන්නේ බුද්ධාගමත් එක්කය. මහින්ද හාමුදුරුවෝ (මෙයා නෙමෙයි අනේ ලංකාවට බුද්ධාගම ගෙනාපූ මහින්ද හිමි.) වැඩියේ මිහින්තලේ ගලක් උඩටය. ඒ නිසා මිහිඳුගේ පරපුරත් ගල් වලට කැමතිය. බුද්ධාගමත් එක්ක ඉන්දියාවේ සිට ආපු අට අනූවක් කස්ටිය එක්ක ගල් වඩුවෝත් ආවේය. ගල් ආඳෝත් ආවේ ඒ කට්ටිය එක්ක දැයි කියන්නට දන්නේ නැතිය. ඒ ගැන දැනගන්න සූරීයප්පෙරුම මහතාගෙන ඇසුවාම එතුමා කිව්වේ අපේ අම්මාගෙන් අසා ගන්න ලෙසය. පුරාවිජ්ජා චක්කර නාහිමි විචාල කල උන්වහන්සේ කරුණාවෙන් වදාලේ, එ ගැන තව හාරලා බලන්නම් ඒත් ඔහේ වගේ ගල් මූසලයෝ ඉන්නකම් මේවා කොරන්න අමාරු බවය. ගල් මූසලයෝ හෙහ් හෙහ් චිත්‍රපටියකට ලස්සන නම්ක් නේද කියා ඇහුවාම උන්නාන්සේ කිව්වේ. චිත්තර පටියට කෙසේ වෙතත් ඒවා හදන උන්ට නම් ගැලපෙනවා කියාය.

ඔබ සැමට සුභ නත්තලක් වේවා...!!! - Merry Christmas Dear Friends...!!!


දෙවියන් වහන්ස,
ඔබ වහන්සේගේ පුත්‍රයා පැමින ගොස් බොහෝ කල්ය. මේ අප සමරන්නේ ඔබ වහන්සේ අප වෙත එවූ පුත්‍රයාගේ, යේසුස්ගේ, 2011 වන උපන් දිනයයි. නමුත් ඒ පුත්‍රයාත් කුරීරු ලෙස කුරුසයක ඇන ගසා මරා දමන්නට තරම්, ඔබ වහන්සේම මැවු මිනිසා, කුරීරුවිය. සාතන් ජය ගත්තේය. සමහර විට ඔබ වහන්සේ මිනිසා මැවීම ගැන අද දුක්වනවා ඇත. මා නම් ඒ ගැන බොහෝ දුක් වන්නේය. ආදම් පරපුර ඔබට පිටුපා සාතන් පසු පස යති.

Dec 21, 2011

සුහඳ ඇමති මාරූ - Career Exchange


සාමාන්නියෙන් මැටි ඇමතිවරු පත්තර බලන්නේ නැතිය. ඒවා බලන්න, මාද්දිය සැකට්‍රිලා දමා ඇත්තේය. උන් බලන පත්තරයක්ද නැත්තේය. ඌ තවෑකෙකුට දෙනවාය. ඒ බලන එකා ඇමතියාගේ මොකක් හරි කෙස් එකක් දැක්කොත් ඒක කපලා අරන් පයිල් කොරනවාය. ඒ උනාට මැටි ඇමතිවරු විතරක් නොව ලොක්කාද මුල් පිටුව බලනවාය. ඒ නිසා මල් කුමාරයාත් ජාම බේරගෙන සිටිනවාය. අද මල් කුමාරයා කිව්වේ මෙවර ඇමති මාරූ නැතෙයි කියාය. තියෙන්නේ සුහඳ මාරූ කියාය. ඒ කියන්නේ එකක්වත් කර ගන්න බැරුව ඉන්න නිසා කරන්න පුළුවන් එක ඉල්ලන්න කියාය.

Dec 20, 2011

වේගය මරු කැඳවයි - High Speed Kills


-0-

අනේ දෙවියනේ මට උන වියෝ                 යා
තිබුන එකත් අද මට නැති උනෝ                යා
ගුලි දුන් එකා අටකින් ගොඩ ගියෝ            යා
ලණු කාලා කඹ රෙන්නට උනේ                  යා

ගම් මට්ටමෙයි බිම් මට්ටමෙයි සැරි සැරු     වා
පන්සල් පල්ලි ගොස් ගොන් රැල රැවටූ       වා
කෘත් යාධියත් එක්කල වානා එව්                වා
වැඩි වේගය කැඳවනවා නොවැ මරු            වා

.oO0Oo.

අළුත්ම වැඩේ, මෙතනින් බලන්න

Dec 19, 2011

රාජ යෝග - Raja Yoga

ඉදිරියට වන්නේ කුමක්දැයි කියන්න දැන්ම බැරිය. වියරු වැටුණ මහත්මා දේශපාලනයේ ප්‍රතිමූර්තියේ, කරු මහත්මයාට සහයෝගය දැක්වු මහත්වරු ඉතාම වැදගත් ආකාරයට ගල් ගසමින් රතිඤ්ඤා දමමින් තම දෙවොල (සිරිකොත.) ගිනි තියන්නට දඟලනවාය. රනිල් දින්නත් කරූ දින්නත් මට ඇති වැඩක් නැතිය. ඒත් මේ රටේ අනාගතයට එය බලපානවාය. කරූට සහයෝගය දැක්වූ සජිත් ඇතුලු පිරිසගේ එකම පරමාර්තය ඉක්මනින් බලය ලබා ගැනීමය. මේ සඳහා මුදල් පෙන්නු විගස මේ පැත්තට පනින්න, 94 පටන් මෙලෝ දෙයක් නොකල. රට කාපූ ශ්‍රී ලංකා ඇමති සෙට් එකක් මෙන්ම, ජනතාව පවාදී, ලොක්කාගේ දෑත ශක්තිමත් කරන්නට ගිය පිරිස, කරූ මහත්මයාගේ දෑත ශක්තිමත් කරන්නට පැනලාම එනවාය.

Dec 18, 2011

පිච්චු හැදෙන සඳ.... - Dear Uncle Moon


නෑ.... නෑ.. බාන් කී මූන් අංකල් ගැන නෙමෙයි....

සඳ ගැන කවි, ගී , සින්දු, චිත්‍ර, කෝටි ප්‍රකෝටියක් ලියවිලා ඇති ඒ හැම එකකම  සිනිදු, සුකොමල, ලාමක, ලතෙත් මෘදු, සෞම්‍ය, මොලොක්, මටසිලිටු, ප්‍රසන්න, ප්‍රිය උපදවන වස්තුවක් විදියට තමයි හඳුන්වලා තියෙන්නේ, කාන්තාවගේ මුහුණට උපමා කලේ කැත හිතකින්ද එහෙම නැත්නම් අවංකවද කියන ප්‍රශ්නෙකුත් මට තියෙනවා. ඒ උනාට මේ කයිය වෙනස් එකක් වෙයි මයේ හිතේ.....

Dec 17, 2011

කෙල්ල කොල්ලට කියපු කවිය - You are too Naughty Babe




බලන්න කරපු දේ...
අම්මිලා නැති උනත්
ඔයාව ගන්න අකමැති
කාමරේට..
ඔන්න ඕකනේ..
"වෙරළු මල්" සුවඳයි
කාමරේම...
අනේ මන්දා
නෝටියා...
       -o-

මේක මම දැම්මේ ලංකාවේ හොඳම සින්ඩිය වන මාතලන්ගේ සින්ඩියේ  වැඩේ නැගලම ගියා, හිතවතුන්ගෙන් කොමෙන්ට්ස් ගොඩයි. ඒ වගේම ඉල්ලීම් ගොඩා....යි. මාතලන් බොගේ මේක දාන්න කියලා. ඉතින් මම හිතුවා අර කතා ගේ සන්ඩේ ඇක්ස්ට්‍රා ඉස්පෙසොල් වගේ, දාලා දානවා කියලා.. එහෙනම් බලල රස විඳින්න..

අලුත් බ්ලොගක් පටන් ගත්තා.. විඳින්න...

Dec 16, 2011

අම්මා - Mom

මගේ ප්‍රියතම චිත්‍ර ශිල්පියෙක් වන
ජයසිරි සේමගේගේ මව සහ දරුවා
"අම්මා" ගැන ලියවුනු කවි,  කෙටිකතා, නවකතා, නාට්‍ය, චිත්‍රපටි, සෝප් ඔපෙරා ආදී නිර්මාණ බොහොයි. "අම්මා" කියන වචනය වගේම ප්‍රසිද්දයි මැක්සිම් ගෝර්කීගේ "අම්මා" නව කතාව. ඒකේ කියන්නේ දිරිය මාතාවක් ගැන. නිකන් නෙමෙයි.. "ගෙදර බුදුන් අම්මා" කියලයි අපේ සංස්කෘතියේ කියන්නේ. මම අපේ ගීත වලින් කැමතිම ගීතය "කරුණා සුවඳ තවරාලු" කියන නිහාල් නෙල්සන් ගේ ගීතය. ඊට පස්සේ ජෝතීගේ "මේ නොනිමෙන දිවි ගමනේ" ඊළඟට ග්‍රේෂන්ගේ "අම්මා... පෙව් කිරි කඳුලින්" කපුගේගේ "දවසක් පැල නැති හේනේ"  වගේ ගීතවලටත් කැමතියි.

Dec 15, 2011

තාත්තේ ගොජ ගොජ දාහං - Oh No.. Dad please....


මේ දවස් වල, කවියි, ද්වේශපාලනෙයි ලියලා මටත් එපාවෙලාය. ඒ නිසා ජෝක් එකක් ලියලා දාන්න හිතුනේය. අපි වවමු රට නගමු කියා එකෙක් කියනවාය. මල් පෝච්චි වලත් වවන්න කියනවාය. ඊළඟට වවන එකා මරනවාය. මේ දවස්වල කතාවෙන්නේ ගොයියෝ ගැනය. ඒ නිසා ගොයි ජෝක් එකක් ලියන්න සිතුනේය. මේක ඇඩම්ස් එකක්ය. මේක කියන්න ඕනත් ඒ විදියටය. නමුත් මේකේ එහෙම කියන්න බැරිය. ඒ නිසා රසේ අඩු විය හැකිය.

Dec 14, 2011

බන්ඩලාගේ හාවා - Banda's Rabbit


ජනක බන්ඩා...රගෙ හා           වා
කැරට් අරන් ආ                        වා
ජොනියා බුහ් ගෑ                      වා
බයේ පැනලා දිව්                      වා

Dec 13, 2011

ග්‍රේරෝ වන්නම - Grero Wannam


දා හතකුත් ඇදගෙන කරු මැති සඳ..
ආන්ඩුවට පැන ගන්නේ........
ඊට පස්සේ එක දෙකා බැගින් අලි
හෙමිහිට පාර පනින්නේ.......
සද්ද බද්ද නෑ ජොනියා පැන්න පසු
අවුරුද්දක් ගත වෙන්නේ.....
සිරි ලක දරු පරපුර බේරන්නට
ග්‍රේරෝ ඔන්න පනින්නේ......

Dec 12, 2011

පෙට්ටි - Boxes


පෙට්ටි කියන්නේ මම හිතන්නේ දෙමලෙන් ආපු වචනයක් වෙන්න ඕනාය. පෙට්ටි කියපු ගමන් අපේ කස්ටිය කලබල වෙනවාය. පෙට්ටිය පරෙස්සම කර ගන්නා තරමට බොහොම හොඳය. මොකෝ ඒවා කඩලා වීරයන් වෙන්න ඉන්න කට්ටියක් තවමත් ඉන්නවාය. කැඩුන පෙට්ටි හදන ගොඩ වෙද්දුත් ඉන්නවාය. ඒ වෙනම විජ්ජාවක්ය. පසුගිය කාලේ තවත් පෙට්ටි වගයක් ජනප්‍රිය වෙලා තිබුනේය. ඒ මිනී පෙට්ටිය. ඒවා පුඅරවන් යන ලොරි හැම තැනම දකින්නට ලැබුනේය. ඒ පෙට්ටි වලින් කෝටි පති වූවන්ද බොහෝය. ලොක්කටයි ජනරාළටයි පින්සිද්ද වෙන්න ඒ පෙට්ටි සෙල්ලම නැවතුනේය.

Dec 11, 2011

රෑ ඉරපාන - Sun Light at Night


කිරිලියන් සිනා සෙන
කුරුළු පඬියන් පිරුණ
රේඩියෝ මළදාන
වදයක්ය දෙසවනට
එපාවී බෝ කල්ය....

Dec 10, 2011

කාළගුණේ, මොකෝ උනේ - Funny Weather Forecast


පැස්ටෝල් වල වතුර තියෙනවයි කියා, ඇමතිතුමාම, අමු කෙප්ප හිටගෙන කෙලියේය. ඒත් ලැජ්ජාවක් කියලා එකක් ගෑවීලාවත් නැත්තේය. ඇමතිවරු කෙප්ප කෙලින් රටේ නිළධාරින් කෙප්ප කෙලියාම, ඒක නිව්ස් එකක් නොවෙන්නේය. ඒ නිසා හිටිවන බයිලා වලින්ම දෙනවාය. අද කියන කතාව හෙට වෙනස් වන්නේය. ඉස්සෙල්ලම කිව්වේ අපි අනාවැකි කිව්වා කියාය. ඊට පස්සේ කිව්වේ, එහෙම එක පාරටම එන ඒවා කියන්න කාටවත් බැරිය කියලාය, පැස්ටෝල් ඇමති වගේ මෝඩ චූන් නැතුව මේකේ ඇමතියා කෙලින් හිටියේය. කෙප්ප කෙලින්න නොගියේය. ඒ නිසා වැඩේ හබක් වෙන බව දැනුනාම ඇත්ත වැමෑරුවේය. ඒ කියන්නේ එයාලා අනාවැකි කියන්නේ. පරණ කොරොමේටම බවය. අලුත් ඇක්කුයිට්මන්ට් එයාලාට නැතෙයි කියලාය. එහෙමනම් අහන්න තියෙන්නේ. මෙච්චර කල් කිව්වේ බයිලාද කියාය.

Dec 8, 2011

රොක් හඩ්සන් "ගේ" කතාවක් - Rock Hudson in Hell


ප්‍රථමයෙන්ම තිසරයාට ස්තූතී කොරන්න ඕනෑය. මේක මතක් කලේ ඌය. එමෙන්ම විසේසයෙන්ම කිව යුතු දෙයකුත් වන්නේය. එනම් අප කිසි ලෙසකින්වත් ඒඩ්ස් රෝගියකු පිළිකුල් කරන්නට හොඳ නැතිය. මොකෝ බොහෝ දෙනෙකුට එය ලැබී ඇත්තේ නොදැනුවත්වමය. මාතලන් ලිංගික නිදහස ඉහලින්ම අගය කරන්නෙක්ය. නමුත් සියළුම දෙනා දැනුවත් විය යුත්තේමය. මන්ද ඒඩ්ස් මාරාන්තිකය. ආවරණ දමාගෙන බැට් කොරන්න යාම කෝකටත් හොඳය.

Dec 7, 2011

කණගාටුවෙන් දැණුම් දීමයි.... - Sorry Guys


පඩිය කියන්නේ, වැඩ කරන මනුස්සයෙක්ගේ මූලීක අයිතියක්ය. එහි කතා දෙකක් නොමැත්තේමය. වැටුපකින් ජීවත් වන කෙනෙක් තම වැටුප අතට ගන්නා මොහොත රටක් රාජ්‍යයක් දිනනා මොහොතක්මය. ඒ කතන්දරේ පඩියට වැඩ කරන උන් දන්නවාය. එක දවසක් පරක්කු උනොත් ඔක්කොම වැඩ ජිල් මාල්ය. ප්ලෑන් ඔක්කෝම අප්සෙට් යන්නේය. සතියක් පරක්කු උනොත් එකෙක් වත් වැඩ කොරන්නේ නැතිය. එහෙව් එකේ මාර්තූ මාසයෙන් පස්සේ පඩියක් අද වෙනකම් ලැබිච්ච නැති සෙට් එකක් ඉන්නවාය. පොඩි උන් ටිකක් නෙමේය. VVIP ලාය. වෙන කව්රුවත් නොවේය. ළොකේන් උතුම් රටේ ක්‍රිකට් ටීම් එකය.

Dec 5, 2011

මෙන්න මාතලන්ගේ දෙක .... # Two


I love you Darling
I do, spin Balling
Fast Ball, Bounce වෙන නිසා..
I love you Darling
දාමුද අපි Dealing
Hit wicket උනොත්, ගනිමි දිවි නසා..//