සෞඛ්‍ය අමාත්‍යවරයා නාහෙන් අඬද්දි, වස විෂ පිරි කිරි, යම් තාක් දුරකට හෝ තහනම් කිරීමට,සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගත් තීරණය අප අගය කළ යුතුය. ඒ අනුව වෙළඳ පොළේ ඇති සියළුම ළදරු කිරිපිටි අළෙවිය තහනම් කොට ඇත. එපමණක් නොව සියළුම කිරි පිටි වෙළඳ දැන්වීම් ප්‍රචාරනයද නවතා දමා ඇත.
නමුත් විහිළුවට කරුණ වන්නේ, සියළුම කිරිපිටි වෙළඳ පොළෙන් ඉවත් කිරීමට තරම් කොන්දක් ඔහුට නොමැති වීමයි. ළෝකයේ සියළුම රටවල, මේය ප්‍රධානම ප්‍රවෘත්තියක් වන විට. අපේ ජනමාධ්‍යයන්ට මෙය කුඩා පුවතක් වත් වූයේ නැත. ළොව පුරා විශ්ලේෂන ගෙන එන බක පන්ඩිතයන්ටද මේවා පෙනුනේ නැත.

