.

.

Mar 31, 2017

නෙළුම් යායට නාවේ ඇයි ඔයා - Nelum Yaya Blog Awards



මාතලන් නෙළුම් යායට නාවේ ඇයි කියා, බොහෝ අය එක එක ක්‍රමවලින් අහනවාය. සමහරුන් නාපු එක ගැන දුක් වන අතරේ, සමරක් සතුටු වෙනවාය. මාතලන් හා "අටමා" බ්ලොග් උළෙලක සිටිය යුතුය කියා, මෙවර සම්මාණලාභී තරිඳු උඩුවරගෙදර ලියලා තිබුනේය. මාතලන් නම් කිව්වේ, බ්ලොග්, අටමාගෙවත්, උගේවත්, මගේවත් නොවන නිසා, ඕනා එකෙක් ඕනා බඩකඩිත්තුවක් කොර ගත්තාට, මගේ නම් අවුලක් ඇත්තේ නැත කියාය. අටමා සිතන්නේද එසේම විය යුතුය.

එසේම විය යුතුය කියා කීවේ, මාතලන් මේ ගැන තාම අටමාගෙන් ඒ ගැන නොවිමසු නිසාය. කිසිවක් කොරන්නට වෙලාවක් ඇත්තේ නැතිය. එහෙත් ප්‍රාණ සමානා බ්ලොග් කෙරුවාව නිසා ඇති කරගත් හිතවතුන් වෙනුවෙන්, මේ ගැන මක්කා හෝ ලියා තැබිය යුතුය කියා සිතුනේය. ඒ හේතුවෙන් මාතලන් අහනා ප්‍රශ්ණ වලට මාතලන්ම පිළිතුරු දෙනවාය..

Mar 25, 2017

වත්මන් සීගිරි ළඳුන්.... - Sigiri Frescoes




ලංකාවේ කලාකෘතිවලින් මාතලන් අමුතු ලොවකට ගෙන යන තැන තමයි, "ගල් විහාරය".. ගල් විහාරේ පිළිමවල තියෙන කළාත්මක බව, වෙන එකම බුදු පිළිමයකවත් ඇත්තේ නෑ.. එයිනුත් අති දුර්ලභ ඉරියව්වක් වන "පරදුඛ්ඛදුඛ්ඛිත මුද්‍රාවෙන්" යුතු බුදු පිළිමය තමයි මාතලන්ට නම්, අගනාම කළා කෘතිය. එයින් පස්සෙ කැමති තැන් අතරේ සීගීරිය විශේෂ තැනක තියෙනවා.


Mar 11, 2017

බෝ, වයිල්ඩ් බෝ ඇන්ඩ් කපුටු බෝ - Pannipitiya Bo Tree





පන්නිපිරියේ බෝ ගහ ගැන මම මෙහෙම පෝස්ට් එකක් බුකියේ දැම්මා

ගස් ගල් වලට වඳිනා බෞද්ධයා නියම බෞද්ධයකු නොවේ.
බුදුන් පහළ වූයේ එවන් හරකුන් එයින් මුදවාලීමටය..
බුදුන් සිටිය යුත්තේ හදවතේ මිස,
ගස් ගල් වල නොවේ...

එතනදී මගෙන් සැදැහැවත් බෞද්ධ කුළ කාන්තාවක් විමසුවා මෙහෙම, "හැබැයි ගස් වලට වන්දනාමාන කිරීම පිළිබඳ මුල්ම හුරුව බුදුනගෙන් නේද පටන් ගත්තෙ?"


Mar 8, 2017

බල්ලන් හා නිදි වැදීම - Sharing a bed with dogs can make you sick




අම්මට සිරි ලංකාව කියනා රටේ ඉතිහාස කතාවලට අනුව නම්, එක්කෝ  රජා වයසට ගිහින් මැරෙනවාය. එහෙම නැත්නම් වෙන්නේ, රාජ්ජේ පැහැර ගත් එකා, අරූ නිවන් යවනා එකය. කෙලින්න එන එකාට බිසව දන් දීලා යාන්තම් ජාම බේරගෙන පැන ගිහින් ආපු උන් ගැනත් පොතේ තිබුනාට, ඒ කතන්දරේ කියන්නේ වෙන විදියකටය. තා එක්කෙනෙක් දන් දීලා ගිහිනුත් ඉල්ලාගෙන කෑවේ බඩු ෂුවර් නැති නිසාය.

Mar 6, 2017

ලූප් දැමිල්ල හා බාල්දි මෙතඩ් - Loop Method & Bucket Method



දඹුල්ලෙද කොහෙද ආන්ඩුවේ ඉස්පිරිතාලෙක දෙමළ ලේඩී ඩොකට්‍ර කෙනෙක් බබාලා හම්බ වෙච්චි අම්මලා ගෙදර යවන්න කලින් ලූප් එකක් දාගෙන යන්න කිව්වැයි කියලා හෙන කේස් එකක්. මොකෝ මැහුම් වේලෙන්න කලින් ආයේ හැමිනිලා ආයේ බඩ වෙලා එනවනේ.. අපේ උන්ට මොන පවුල් සැලසුම්ද...? හැබයි මාර බුද්ධිමත් ජනතාව..

Mar 5, 2017

ලෝකෙන් උතුම් රට = The wonder of the world




කරුණාකර පහත ලින්කුව කියවා සිටින්න



ලෝකෙන් උතුම් රට

කාකයින් කුණු බුදින
සුනඛයින් බුදිනා අශූචී 
කළ එළි බැස
එලි බසී
නැතිව කිසි හිරිකිත
වළඳති
බොහෝ රසයැයි කියා 
අශූචී..

- මාතලන් -

Mar 2, 2017

සන්නගේ බලු කතාව - Sanna's Dogs Talks





වත්මන් සමාජය හා සිස්ටොන් එක ගැන අපූරු විග්‍රහයක් දෙන සන්නගේ පොඩි වීඩියෝවෙන් කියන "බලු කතාව" තේරුම් ගන්න බැරි හරක්, තාමත් අපේ සමාජයේ ඉන්නවා. කොටින්ම සන්නා පොඩි අප් කිරීමක් කරන, මේ සයිබරෙත් ඉන්නවා.

ඔය කියන කතාවට දේශපාලන වශයෙන් හොඳම උදාහරණය තමයි, පළාත් සභාව. පළාත් සභා ක්‍රමය ගේන වෙලාවේ රට ගිනි තියපු කාළකන්නි, අද ඒවයේ බල්ටි ගහනවා ඉතරක් නෙමෙයි, මරමු මරමු කියලා හැම තැනම ලියපු ජේ ආර්ගේ ඡන්ද ක්‍රමයත් ඕන කියලා නාහෙන් අඬනවා.

Mar 1, 2017

පුරුෂ ලිඟුවේ සැඟවූනු රහස - THE PENIS STUDY



ඔය උඩ තියෙන පින්තූරේ අද බුකියේ දාලා තිබුනා කොරියාවේ පාක් එකක තියෙන එකක්ය... එහෙම උද්‍යානයක් හැදෙන්න පුරාවෘත්තයකුත් තීයෙයිය කියලා හිටන්... (ඒ කතන්දරේ මේ අකුරු උඩ ක්ලික් කලාම බලාගන්න පුළුවන්..) ඔය කතන්දරේ දැක්ක ගමන් මට මතක් උනා, බොහොම පරණ ඩර්ටි ජෝක් (Dirty Jokes) එකක්.. ඒක එන්නේ මෙහෙමයි..