.

.

Oct 6, 2018

දොස්තර නෝනා, චම්පික රණවක, විජිත හේරත් හා ජනමාජ්ජ - Doctor's Accident , Gossip & Social Media




අපි අපේ රටේ දේශපාලයන්ට පතුරු යන්න නෙලනවාය. උන් කන්න ඕනේ තණකොළ හා පුනක්කු යැයි කියා කියනවාය. උන්ගේ පොඩි මිස්ටේක් එකටත් පුක නැතිවෙන්නම ගහනවාය. එතකොට උන් සමාජ මාජ්ජ වලට රිටර්න් එක දෙනවාය. මොකෝ පාර්ලිමේන්තුවේ උන්ට ඕන එකක් ඇදලා අරින්න පුළුවන් වගේම නිදහසක්, අම්මට සිරි ලංකාවෙ ජනප්‍රියම සමාජ මාජ්ජය වෙන, ෆේස්බුක් හෙවත් වත්පොත හෙවත් මූණූපොත හෙවත් බුකියට තියෙනවාය. අපිට පාර්ලිමේන්තුවේ උන් කියන ඒවාට කේස් අදින්න පුළුවන් වගේම, දේශපාලුවෝ අපි බුකියේ ලියන කියන ඒවාටත් කොක්ක අදිනවාය.

Oct 3, 2018

ඩීමන්ස් ඉන් පැරඩයිස් හා පයිරට්ස් ඔෆ් කැරිබියන්



මිනිසා යනු තවත් සත්වයෙක්ය. සමහර රටවල මිනිස්සු ශිෂ්ඨත්වයට පත්ව ඇති අතර තවත් සමහරක් රටවල උන් තවමත් වෙසෙන්නේ සතුන්ටත් අන්ත ලෙසය. ලෝකෙන් උතුම් රට යැයි කියනා අම්මට සිරි ලංකාවද් අයත් වන්නේ දෙවන කොටසටය. එය කෙතරම් තිරිසන් රටක්ද යත් අමු අමුවේ වෙඩි තබා ඝාතනය කිරීම්, ප්‍රවෘත්ති විකාශයන්හි රිපීට් කර කර පෙන්වනවාය. රටේ හතරවන බල කඳවුරේ තත්වය එසේ වන අතර, විධායකය ව්‍යවස්ථාධායකය හා අධිකරණය මෙහෙවන්නේ මාකඳුරේ මධුෂ් හා නාමල් කුමාරය.