.

.
Showing posts with label Corona. Show all posts
Showing posts with label Corona. Show all posts

Aug 24, 2021

මංගල සමරවීර නම් ඩීල් කරු... - Managala Samaraweera. The Dealer


 

මාතලන්ගේ නොවරදින අනාවැකි.

(මේ  Nov 6, 2014 දින මාතලන් බ්ලොග් අඩවියේ ලියූ ලිපියකි)

මංගල සමරවීර නම් ඩීල් කරු...

 - Managala Samaraweera. The Dealer

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

.

.

ලාංකීය දේශපාළණය බොහෝ දුරට රඳා පවතිනුයේ, ප්‍රතිපත්තීන් මත නොවේ. එහි රැඳී සිටීමට නම්, නූල් සූත්තර හා ඉවසීම මනා ලෙස ප්‍රගුණ කළ යුතු වන්නේය. මේ දෙකම ජයගෙන, රටේ නායකත්වය දක්වා පැමිණි දෙදෙනකු අප ජීවීත කාළය තුලදී අප දැක ඇත. ඒ රණසිංහ ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂයි. මේ දෙදෙනාටම පක්ෂය තුල විවිධ අවස්ථාවන්වලදි තිබූ, කැපිලි කෙටිලි, නොපනත්කම් හා නොසලකා හැරීම්, ලාංකීය දේශපාළණයේ ඉතිහාසය පිළිබඳ අල්පමාත්‍ර දැණීමක් ඇති අය පවා, දන්නාවූ කරුණකි.

ඔවුනට තිබූ ඔරොත්තු දීමේ ශක්තිය, හික්මීම හා ඉවසීම, අද සිටිනා බොහෝ දේශපාළකයන්ට නැත. නීතිය බල්ලාට දමා, බල්ලා උසාවියේ දමා ගිය අගවිනිසුරුවකු මගින් ලද පන්නරය ඔස්සේ, අද පහලම මට්ටමේ සිටින දේශපාළඥයාගේ සිට, පාර්ලිමේන්තුවේ සිටින එකා දක්වා දත කනුයේ, රටට ජනතාවට සේවය කිරීම නොව, කාමසුඛල්ලිඛාණූයෝගයෙන් පිරි ජීවන රටාවක්, තමාටද, තම ඥාති වර්ගයාටද, හිතවතුනටද ලබා ගැනීමටයි. පාළකයන්ට විරුද්ධව ප්‍රකාෂ කළ මනාපවල පිහිටෙන් ව්‍යවස්ථාදායකයේ අහු මුලු වලට පැන ගන්නා සෑම එකාම, ආන්ඩු පක්ෂය තුල කිසිම හිරිකිතයකින් තොරව එක පෙලට සිට ගනුයේ, එම පරම වූත් පවිත්‍ර වූත් අපේක්ෂාව නිසාමය.

බොහෝ විට මෙසේ තම ජනතාවගේ මනාපයට පිටුපා නිවන් මග සොයා යන්නවුන් අවසානයේ නවතිනුයේ දේශපාළණ වශයෙන් අනාථ භාවයට පත්වීමෙනි. මෑත දේශපාළණය තුල ගත්තද, ගාමිණි දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි හොඳම උදාහරණයන්ය. ඔවුන්ට තම පක්ෂය තුලින් හා නායකත්වය තුලින් වූ නොපනත්කම් ඉවසා දරාගැනීමේ ශක්තියක් තිබුනේ නම්, ලාංකීය දේශපාළණ ඉතිහාසයේ ලියවනුයේ, ඉන් පසු සිඳු වූ සිද්දිදාමයන්ට, හාත්පසින්ම වෙනස්වූ සිද්දීන් වනවාට කිසිම සැකයක් නැත.

මාතලන් දකිනා ආකාරයට, මංගල පින්සිරි සමරවීර කළේද එවන්ම වූ ගොන්කමකි. ඔහු මහින්ද සමග එක පෙලට සිට ගත්තේ වී නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය වැඩිවනවා පමණක් නොව, අප වෙත එල්ලවන ජාත්‍යන්තර බලපෑම් වල තත්වයද, මීට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නට ඉඩ තිබිනි. මංගල ප්‍රසිද්ධ, දේශපාලන ඩීල් කරුවකු ලෙස හා කුප්‍රකට ප්‍රොපගැන්ඩා කරුවකු ලෙසයි. 2005 ජනාධිපතිවරණයේ ප්‍රධාන නියමුවා වන්නේ මංගලයි. එමෙන්ම ඔහු 94 දීද ප්‍රධාන බූමිකාවක් රඟ දක්වයි.

එපමණක් නොව, 2002 දී බලයට පත්වන, රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ගෙදර යැවීමේ කාර්යයේ මූලිකත්වය ගෙන කටයුතු කරනුයේද, මංගල සමරවීරයි. එවන් පුදගලයකුගේ  වටිනාකමට සරිලන ගෙවීමක් මහින්ද රාජපක්ෂ තුලින් නොලැබුනු කළ, ඇතිවන කළකිරීම සාධාරනය. එහෙත් ඔහු නොදැන උන් පාඩම නම්, මහින්ද රාජපක්ෂ යනු, ඔහුට වඩා බොහෝ සෙයින් තෙම්පරාදු වූ, නොම්මර එකේ නූල් සූත්තර කරුවකු බවයි. චන්ද්‍රිකා හා කළ ගණුදෙණු, මහින්ද සමඟ කිසි ලෙසකින්වත් කළ නොහැකි බව අවබෝධ වීම නවතිනුයේ, කළක් මිස්ටර් බීන් ලෙස බවුතීස්ම කළ, රනිල් වික්‍රමසිංහගේ දෙපතුල අසලය.

නන්නාත්තාර වී, හතේ හත වැදි සිටිනා අලියාට, නැවුම් පනක් ගෙන එනුයේ වෙන කිසිවකුත් නොව මංගල සමරවීරයි. 2010 දී මහින්ද රාජපක්ෂට එරෙහිව ගෙන ආ හැකි හොඳම විකල්පය රැගෙන ඒමේ ක්‍රියාවලියේ ප්‍රධාන භූමිකාව රඟ දක්වනුයේද ඔහුයි. ඉන් පසු මෑත කාළයේ, ආන්ඩුවේ පිරිසක් විපක්ෂය වෙත කැඳවා ගෙන ඒමේ ඩීල් එක මෙන්ම, රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමේ ඩීල් එකද, සියළු පාර්ෂව හා සම්බන්ධීකරණය කරනු ලබන්නේත් ඔහුමය. බොහෝ විට එය සාර්ථක වීමට තිබූ අවස්ථාවකි. එසේ පවසනුයේ, එම ක්‍රියාවලිය හරහා ආන්ඩුව බොහෝ සෙයින් බියට පත් වූ නිසාවෙන්මය.

එහෙත් අවසානයේ සිඳු වූයේ කුමක්ද? පක්ෂයට හෝ පක්ෂයේ පැවැත්මට කිසිවක් නොකරන, එජාපය තම උරුමයක් යැයි සිතාගෙන අධික මාන්නයකින් පෙලෙන. තමන් ජනපතියයි සිතින් සිතාගෙන සිටින, එම් එන්ටර්ටේන්ට්මන්ට් (සිරස) මගින් නටවන රූකඩයකට, පක්ෂයේ නියෝජ්‍ය නායක කම පුදා, බොහෝ අමාරුවෙන් දොවා ගත් කිරි කලයට, ගොම තලියක් එකතු කිරීමයි. පක්ෂය වෙනුවෙන් දර දිය ඇදි එකාට, අවසානයේ චන්ද පොල ක්‍රියාකාරීන් වෙනුවෙන්, කතාවක් හෝ නොමැත. සජිත් ප්‍රේමදාස යනු කවුදැයි, දැන්වත් එම පක්ෂයේ මට්ට ගොන් බූරුවන්ට තේරෙන්නේ නම්, එය එම පක්ෂයේ යහපත සඳහාම වන්නේය. (ජනපතිවරණයට ඉදිරිපත් වීම, ඔහු ප්‍රතික්ෂේප කර ඇත.)

ඉදින් ආන්ඩුවේ සියළු පාර්ෂවයන් මුන ගැසී, ඩීල් දමා, සිංගප්පුරුව බලා ගිය පින්වත් මංගල පින්සිරි සමරවීර මැති තුමා නවතින තැන, අලුතෙන් සාකඡ්චා කිරීමට අවශ්‍ය නොවනු ඇත. ඔහු විසින් එජාපයට පනවා ඇති කොන්දේසි යනු, අලියාගේ සිරුර පුරා පුපුරණ ද්‍රව්‍ය දමා කරනා, මහා පිපිරුමක් පමණි. ඉන් පසු රනිල්ගේ කෙසේ වතුදු, අලියාගේ මයිල් ගසක්වත් සොයා ගැනීමට හැකි වන්නේ නම් නැත. වං හුං ලැබෙනා ආකාරයට, මංගල සමරවීර මීළඟ විදේශ ඇමතිවීමේ සම්භාවිතාව ඉහළ අගයක පවති. එජාපයට සම්මා සම්බුදු සරණ හා අතුරලියේ රතන සරණ පතනවා හැර, අපට කළ හැකි වෙන කිසිවක් නැත.


ඒ වගත් මෙසේය....


🔺 පසුව ලියමි.


මගේ අනාවැකිය සපල කරමින් ඔහු මුලින්ම විදෙස් ඇමති ධූරයටත්, පසුව මුදල් අමාත්‍යධූරයටත් පත්විය.

එජාපයට ඇපත් නැතිව ගියේය.

කොහොමත් සජිත්ගේ සපත්තු අඩියට පෑගී සිටිමට අකමැති වූ මේ නිදහස් මිනිසා තරඟයෙන් ඉවත් වුනේය.

පසුව දේශපාලනයෙන්ද සමු ගත්තේය.

අද ජීවිතයෙන්ද සමුගත්තේය.

ඔහු හිත හොඳ මිනිසෙක් වුවත් දක්ෂ හෝ කෘතහස්ත දේශපාලකයකු නොවීය.

සුපිරි ගේම් කාරයකු බව නම් පිලිගනිමි.

සුබ ගමන් මංගල !

ඒක දැණුනා.....


මොකද මාතලන් කියන්නෙත් කිසිම ප්‍රතිපත්තියක් නැති හැබයි හැමදාම නිවැරදි තැන හිටගත්ත කෙනෙක් නිසා...


ඒත් මේ සැරේ මංගලට වැරදුනා...


කළකිරීම්ද ඉක්මනින් පිටවීමට හේතු වන්න ඇති....

Aug 13, 2021

ඩෙල්ටා කාළේ බුල්ටෝ කන ගොබ්බ විසේසග්නයෝ


කොවිඩ් 19 වයිරසය ගැන හා වයිරස් රෝග ගැන, එහි ව්‍යාප්තිය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා අමු ගෝත්‍රික සමාජය,

ලංකාවේ වයිරස් විසේසග්නයෝ යැයි කියනා ලොක් ඩවුන් විසේසග්නයෝ, මයික් ටයිසන්ලා වී ඇදලා අරින වඳුරු කුණුහබ්බ සාධූකාර දෙමින් අනුභව කරමින් පට්ට ආතල් එකක් ගනිමින් සිටින්නෝය.

ලෝකයේ පිලිගත් වයිරස් විශේෂඥයින් නම් කියන්නේ, අහසේ තරුවලටත් වඩා වැඩියෙන් පෘතුවියේ වෛරස් ප්‍රබේද තිබිය හැකියැයි කියලාය.

1901 කහ උණ වෛරසය සොයා ගැනීමෙන් අනතුරුව වයිරස් ප්‍රබේද 220 පමණ සොයාගෙන ඇති අතර, වසර දෙකක් තුල කොවිඩ් 19 නම් වෛරසයේ වේරියන්ට් කීපයක්ම හමුවීමෙන්, වෛරස් වල ස්වභාවය ගැන ගෝනා ඔනෙකුට අවබෝධයක් ලබාගන්නට  පුලුවන්‍ය.

දැන් අලුතෙන්ම කැලෆෝනියාවෙන් වාර්ථා වන එප්සිකෝන් නම් ප්‍රබේදය, මේ වන විට "ඩෙල්ටා ප්ලස්" ලෙස නම් කර ඇති අතර, එය ඩෙල්ටා ප්‍රවේදයටත් වඩා මාරාන්තික බවත්, මොඩර්නා එන්නතින් එය තරමක් දුරට පාලනය කල හැකි නිසා දැන් ඊශ්‍රායලයේ මෙන් මොඩර්නා එන්නතේ තුන්වන මාත්‍රාවද වැඩිහිටි අයට ලබා දීම ආරම්බ කර අවසානය.

වෛරස් විශේෂඥයින් කියන්නේ (අපේ  රටේ ගොබ්බයින් නොවේ) මේ වෛරසය අර සුප්‍රසිද්ධ ප්‍රස්තාරයේ මෙන්ම මීටත් වඩා දරුණු මට්ටමකට ගමන් කොට, උපරීමයෙන් පසු ප්‍රභලත්වය කෙමෙන් අඩු වී යා හැකිය කියලාය.

ඒ අපේ රටේ කියනවාක් මෙන් විෂෙන් විෂ නැසීමේ තියරිය අනුවමය. එහෙත් තවත් පිරිසක් කියන්නේ, මෙය තව වසර 10 ක් වත් පවතී යැයි කියලාය.

කෙසේ වෙතත්, වෛරසය ශරීරගත වීමෙන් රෝගලක්ෂණ පහලවීම් කිසිවක්ම නැතිව මිනිසුන් මියගිය අවස්ථාවන් රාශියක් මේ වන විටත් ලොව නන් දෙසින් වාර්ථා වී ඇති අතර,

ඒ හේතුවෙන් වඩාත්ම හොඳ දේ, සෙනඟ ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැලකීමත් මාස්ක් පැලදීමත් බවත් ඔවුන් විසින් සඳහන් කර තිබෙනවාය.

ආර්ථික අතින් ශක්තිමත් ඔස්ට්‍රේලියාව පවා දැන් රට වසා දමන්නේ දින 6 න් 6 ටය. ඒ දින හතක් වැසුවහොත් ජනතාවට රජයෙන් දීමනා ලබා දෙන්න වෙන නිසාය.

දැන් ඔවුන්ද වැක්සීන් ලබා දීමෙන් මෙන්ම රෝගය පාලනය කර ගැනීමෙන්ද අනාගෙන ඇති බව පැහැදිලිව පෙනෙන්නේය. සමහර ප්‍රාන්ත හමුදාව සහායට කැදවා අවසානය .

නවසීලන්තයේ මෙන් ඔස්ට්‍රේලියාවේ එය පාලනය කිරීමට නොහැක්කේ ඔස්ට්‍රේලියානුවන් විනයගරුක සමාජයක් නොවනා නිසාත්, නූගත් පිරිස බහුල නිසාත් බව, එරට සමාජ විද්‍යාඥයින්ගේ මතයයි.

නාගරික ජනගනත්වය අධික වීමත් ජනවර්ග හා විවිධ සංස්කෘතීන් පැවතීමත් තවත් හේතුවක් බව මාතලන්ගේ මතයයි.

කෙසේ හෝ සමස්ත ලෝකයටම මෙය සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොවේ. එහෙත්, ලංකාවේ සෞඛ්‍ය සේවයේ ඉන්නා සියළුම ගොබ්බයින් මෙන්ම පිටරට ඉන්නා වයිරස් විසේසග්න ගොබ්බයෝ පවා දෙන එකම උපදෙස රට වසා දැමීමය.

මුන් මේ රටේ ජනතාව ගැන තබා වයිරස් එක ගැනවත් නොදන්නා අමුම අමු ගොබ්බයන්මය.

මුන් කියනා ලෙසට වෛරසය වෙනස් වෙමින් බලවත් වෙමින් යන නිසා සදාකාලිකවම රට වසා දමා මුන්ගේ පඩි නඩි හා දීමනා ආන්ඩුවෙන් ගෙවා දැමිය යුතුය.

රට වසා දැම්මාට, සංචරණ සීමා උන්ට අදාල වෙන්නේ නැතිය. උන්ට උන්ගේ ඉස්ටිකර් එක වාහනේ ඉස්සරහා වීදුරුවේ ගසාගෙන කන්ඩලමේ තංගල්ලේ අහුන්ගල්ලේ ගිහින් ආතල් ගන්න පුලුවන්ය. කෙලවෙන්නේ එදිනෙදා හම්බ කරගෙන කන උන්ටය.

මෙය සෞඛ්‍යමය ගැටළුවක් පමණක් නොවේ, මෙය ආර්ථික , සාමාජීය, සඟිස්කෘතික, දේශපාලනික, ආගමික මෙන්ම ජනවාර්ගික ප්‍රශ්ණයකි.

විපක්ෂ දේශපාලුවෝ මිනී කර උඩ තබාගෙන පට්ටම ආතල් එකක් ගනිමින් ඉන්නවාය. ඉස්සර මිනිස්සු මැරුණාම ආතල් ගත්තේ මිනීපෙට්ටි සාප්පුකාරයෝ හා බටහිර හා පෙරදිග මිනීබෑන්ඩ් කාරයෝ ඉතරය.

එහෙත් දැන් ආතල් ගන්න උන් වැහි වැහැලාය. විපක්ෂයේ උන්, ජඩමාජ්ජවේදීන් පමණක් නොව බුකියේත් මිනී කාක්කෝ වැහි වැහැලාය .

ඒ අස්සේ අපේ මිනී වලින් ආතල් ගන්නා ඇමරිකාවේ හා ඔට්ටේලියාවේ කැම්පසුත් තියෙනවාය.

ඒවායේ උන් හා අපේ ගොබ්බයෝ එකතුව සැප්තැම්බරයේ මරණ 20,000 ව්‍යාපෘතිය සාර්ථකව ගෙන ගියේ ගුරුවරුන්ගෙන්ම ආදර්ශය දීලාය. යකෝ මුන් බහිනවා  නම් අපි බැස්සාම මක්කා වෙනවද යකෝ කියා ඔක්කෝම පාරට බැස්සේය.

ඝෝඨා හා බුද්ධි අංශ සියල්ල පයිසෙකට මායිම් කරන්නේ නැතිව ජාත්‍යාන්තර කුමන්ත්‍රණ හා ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන්නේ එලෙසය.

මෙවන් තත්වයක් තුල මෙහේ ආයෝජනය කරන්න චීන මකරාවත් එන්නේ නැතිය. ඒ හාල්පාරු ප්‍රජාතන්ත්‍රවාදේ උන්ට දිරවන්නේ නැති නිසාමය.

එවන් ක්ෂේශ්ත්‍රයන් ගනනාවකට සම්බන්ධ ප්‍රශ්ණයකට රට වසා දමනවා කියන්නේ,

පිස්සුම කෙලින නිසා සජිත්  රනිල් හා ඉට්ටාලින් බලු වෑන් එකක දමාගෙන රැගෙන ගොස්, රේබීස් එන්නත ගහලා පිස්සෝ ඉවරයි කියා ආතල් එකක් ගන්නවා වාගේ වැඩකි.

මන්ද මුරුත්තේටුවේ මෙන්ම ප්‍රනාන්දුපුල්ලේත් තාම එලියේ නිසාය.

එ වගත් මෙසේය.

විශේෂ -

හේට් ස්පීච් යටතේ මෙය රිපෝට් කර එකවුන්ට් එකද බ්ලොක් කිරීමේ සම්භාවිතාවය ඉතා ඉහළ බව කරුණාවෙන් සලකන්න.

Aug 10, 2021

ආන්ඩුව හත්පොලේ ගාගෙන අවසානය



ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියා අපේ උන් කීවේ කට කහනවාට නොවේය. ඔය පොටෝ එකේ තියෙන්නේ ප්‍රජාතන්තවාදයේ මහගෙදර පිහිටා ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ මහ දේවාලය වන ඇමරිකාවේ වොෂින්ටන්හි පිහිටි කැපිටල් බිල්ඩින් එකට ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ උපරිමය බුක්ති විඳිමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බත් බැලයන් ඇවිත් රීලා ගිය වෙලාවේ ගත් එකක්‍ය.

අප එදා  දුටුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටෙන් ජනාධිපතිධූරයට පත්වූ මානසික රෝගියෙක් අවසානයේ ඩොමොක්‍රසියේ මහ දේවාලටත් ෆක්ඩ් අප් කරපු එකය.

ප්‍රජාතන්ත්‍රවාදය පිස්සන්ට භුක්ති විඳින්නට දුන්නොත් සිඳුවන්නේ එය බව එදා ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයටම පෙන්වා දුන්නේය.

ඝෝඨාභය රාජපක්ෂ යනු එතෙක් මෙතෙක් පහළවූ ජනාධිපතිවරුන් අතරින් වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී නායකයාය යන්න දේශපාලන වහලුන්ගේ නොව මැදිහත් දේශපාලන විචාරකයින්ගේ මතයයි.

විපක්ෂයේ උන් ෆේල් නායකයෙක් ලෙසද ඉල්ලුවේ හිට්ලර් කෙනෙක් ආවේ චැප්ලින් කෙනෙක් ලෙසද, විටෙක පඹයෙක් ලෙසද හඳුන්වන්නේ ඔහුගේ මේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසය.

මේ රට මනසින් හා අධ්‍යාපනයෙන් දියුණු මිනිසුන් ඉන්නා රටක් නම් මෙවන් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් පාලනයකට කිසිවකු හෝ විරුද්ධ වන්නේ නම් ඔවුන්ට එරෙහිව ලිවීමට මුලින්ම ඉදිරිපත් වන්නේත් මාතලන්මය.

එහෙත් පට්ට ගෝත්‍රිකයින් ඉන්නා රටක මේ කරන්නේ පිස්සන් කොටුවේ ඉන්නා උන් සියල්ලම ගෙදර ඇරියා හා සමාන ක්‍රියාවකි.

දරුවන්ගේ අධ්‍යාපනය බිල්ලට ගෙන ගුරුවරුන් ඉන්නා රටක් නොදියුණු අප්‍රිකාවේ මිනී කන උන් ඉන්නා බොට්ස්වානාවේ හෝ ඇතයි කියා මාතලන් නම් සිතන්නේ නැතිය.

කොරෝනා පාලනයට පෙර මෙරට මාධ්‍යය පාලනය කළ යුතු බව මාතලන් මුල සිටම ලියා තැබුවේය. කොරෝනා ගැන වෙනම මාධ්‍ය ප්‍රකාෂකයකු පත්කල යුතු බවත් ඇමතිවරියට හෝ එක එක මත ප්‍රකාෂ කිරීමට ඉඩ නොදිය යුතු බවත් මාතලන් ලියා තැබුවේය.

මන්ද සියළු ක්ෂේශ්ත්‍රයන් නියෝජනය කරනා සාමාජිකයින්ගෙන් සමන්විත කොරෝනා මර්ධනය කිරීමේ කමිටුවක් පිහිටුවා අවසාන නිසාය.

එහෙත් සිඳුවූයේ කුමක්ද, ජනාධිපති එකක් කියන, ශවේන්ද්‍ර තවෙකක් කියන, සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් තවෙකක් කියන, ඒ යකාගේ මාජ්ජ ප්‍රකාෂක ඊට හාහාත්පසින්ම වෙනෙකක් කියන, ගොම සංගමය තවෙකක් කියන, හෙද සංගමය තවෙකක් කියන, සෞඛ්‍ය රසායනාගාර සමිතියේ උන් තවෙකක් කියන, කුණු ඉනිස්පැට්ටර්ලා තවෙකක් කියන, එකම පිස්සු විකාරයකි.

මුන්ගෙන් අති බහුතරය රාජිතගේ බත් බැලයන්‍ය. පට්ටම ජෝක් එක කියන්නේ කොරෝනාවලට වෙනම පත්කල ප්‍රනාන්දුපුල්ලේ නෝනා මයික් එකක් දැක්ක ගමන් ආන්ඩුවේ මතයට විරුද්ධව බයිලා ගහනා එකය.

බලන බලනා චැනල් එකේ මහ රෑ යක්කු ගස් යන වෙලාව පසුවෙලාත් කොරෝනා ඉස්පැසොලිස්ට්ලා වැහි වැහැලාය. 

සමහර වස්සන් තවමත් පැණියක් හා කලගෙඩියක් ගැන මතුරති. එහෙත් ඒ සියල්ල කළේ වික්සීන් එකක් එන්නට පෙර කාළයේ කියා කියන්නට ආන්ඩුවේ එකෙක්කත් නැතිය.

ලෝකයේ පළමු වැක්සීනය ලබා දුන් දිනයේ සිට මාසයක් යාමටත් මත්තෙන් වැක්සීනය ලබා දී අද වැක්සීනය වේගයෙන්ම ලබාදෙන රට ලංකාව බව ලියන්නට වෙලා තියෙන්නේ මාතලන්ටය.

වැක්සීනය ගහපු උන්ටත් ඩෙල්ටා හැදෙන බව මුලු ලෝකය පුරා ඔප්පු කර අවසානය. කෙහෙලිය කිව්වා වාගේ දැන් මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය තීරණය කරන්නේ උඩ ඉන්නා දෙවියන්මය. (මාතලන් දෙවියන් අදහන්නේ නැති මුත් සියල්ල තීරණය වන්නේ සංකීර්ණ ගණිතමය සංකල්පයක් මත නිර්මිත ජෝතීර් විද්‍යාව අනුව බව පිලිගනී)  

රට වසා දාන්න කියන්නේ අභියෝගවලට මුහුණ දිය නොහැකි කාළකන්නින්‍ය. මුන් සියල්ලෝම මාසේ පඩිය නොවරදවා ගිණුමට වැටෙනා ආන්ඩුවේ පින් පඩි කාරයෝය.

එහෙත් මුන්ටත් පඩිය ගෙවන්නේ මේ රටේ ව්‍යාපාරිකයින් හා සමස්ත ජනතාවම කන බොන දෙයට ගසා ඇති හෙන ගගනා බදු නිසා බව උන්ට අමතකය.

මේ හදිසි අවස්ථාවක් බව ඇත්තය. සෞඛ්‍ය උපදෙස් පයිසෙකට මායිම් නොකලේ ගුරුවරුන්‍ය. උන්ට පඩිය පමණක් නොව වැක්සීන් දෙකම ලබා දෙන්නටත් ආන්ඩුව මෝඩ විය.

මේ මුලු ලොව වෙලාගත් වසංගතයක් පවතින මොහොතකි මේ මොහොතේ වහාම මාධ්‍ය පාලනයකට යා යුතුය. එක එකාට බයිලා ගැසීමට හා පිස්සු කෙලීමට ඉඩ දිය යුතු නැත.

ඊයේ තම මවගේ මිණීය අසල අඩනා අති සංවේදි දර්ශනයක් දෙරණ රූපවාහීයේ නිව්ස් වලට පෙන්නුවේය. මේවා පට්ට ගෝත්‍රික මාධ්‍යකරණයන්‍ය.

ප්‍රධාන පෙලේ මාධ්‍ය කියන්නේ සමාජ මාධ්‍ය නොවේ. සමාජ මාධ්‍ය තුලද මේවා දමන්නේ තුප්පහි ගෝත්‍රිකයන්‍ය.

ආන්ඩුව වහාම ප්‍රේමදාස පාලන සමයේ ප්‍රවෘත්ති හා මාධ්‍ය ප්‍රතිපත්තියට යා යුතුය.

නැත්නම් පෞද්ගලික මාධ්‍ය සියල්ල විසින් විපක්ෂය පමණක් නොව ආන්ඩුවේම කාළකන්නින් හා එක්ව මේ රට ගිනි තබනා දිනය වැඩි ඈතක නොවේ.

අවම වශයෙන් ආන්ඩුව එක එකාට බයිලා ගසන්නට නොදී කොරෝනා මාධ්‍ය ප්‍රකාෂකයකු පත්කල යුතුය.


ඒ වගත් මෙසේය....



Aug 9, 2021

ඇපත් නැති කාළකන්නියෙක් ගැන හමුදාව වොරි විය යුතු නැත.


හමුදාවේ එන්නත්කරණය තුච්ඡ ලෙස විවේචනය කළ රනිල් වික්‍රමසිංහ නම් කාළකන්නි දේශද්‍රෝහියාගේ කලිසම හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් ඊයේ දින ඔලුවෙන්ම ගලවා දැමුවේය. පොරට හමුදාව සමඟ එරියස් එකක් තියෙන්නේ අදක ඊයේක සිට නොවේය. ඒ ගැන අපි පොරගේ ඉතිහාසයේ සිට විමසා බැලිය යුතුය.

මාතලන්ගේ ප්‍රියතම සබ්ජෙක්ටෙක පොලිටික්ස්‍ය, එය ලංකාවට පමණක් සීමා වූවක් නොවේය. කෙසේ හෝ එදා මෙදාතුර දැක ඇති දේශපාලුවන්ගෙන් පට්ටම ෆේල් දේශපාලවෙක් නම් කරන්න කීවොත් ඒ කෙලින්ම රනිල් ව්ක්‍රමසිංහය. එය මේ මහපොලොව මත මේ වන විට තහවුරු වී අවසානය. පෙර පිනකින් 1994 එජාපයේ නායකත්වයට පත් වී පක්ෂය භක්ෂණය කිරීම ආරම්බ කරනා මේ කාළකන්නි දේශපාලුවා වසර 27 කට පසු ලංකාවේ දැවන්තම පක්ෂය ඇපත් නැති පක්ෂයක් කර අවසානය.

ගාමිනී දිසානායක අවාසනාවන්ත ලෙස බෝම්බ ප්‍රහාරයකින් මිය නොගියේ නම් මේ කාළකන්නි දේශපාලුවා කිසි දිනෙක එජාපයේ නායකත්වයට පත් වෙන්නේ නැතිවාක් මෙන්ම, එජාපයට හා රටට හොඳ කලක් යන බවත්, ඔහුට ගෞරවයක් ලෙස ලියා තැබිය යුතුය. මන්ද, ඔහු දැක්මක් මෙන්ම ඉලක්කයක් තිබූ, අති දක්ෂ කළමණාකරුවන් බව ඒ වන විටත් ඔපු කර තිබූ නිසාය.

තත්වය එසේ වුවත් නායකත්වයට ඇති මළ පෙරේත කම අත හැර නැත. මෙවන් කාළකන්නි දේශපාලුවෙක් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් යැයි කියනා උන්ට පිස්සු නොව පුකේ ඉඳන්ම පිස්සුය. නායකත්වයේ කිසිම ගුණාංගයක් නැති මේ හිපාටුවා ගැලපෙන්නේ විපක්ෂ නායක කමට පමණමය. 

2001 ලැබුනු පාර්ලිමේන්තු බලය රැකගැනීමට නොහැකි වු මේ උපන්ගෙයි පරාජිතයා එලවා දැමීමට පක්ෂයේ උන් එකෙක්ටවත් කොන්දක් තිබුනේ නැතිය. ඊට හේතුව වූයේ අනුපාප්ත්‍රිකයන් ලෙස උන්නේත් කරූ ජයසූරිය වැනි හාල්පාරුවන් වීමය. නායකත්වයට අභියෝග විය හැකියැයි පෙනුන සෑම එකාටම යටිකූට්ටු වැඩ කරමින් පල නොකියා පලා බෙදීමෙන් සිඳු වුයේ ජොනී වැනි සුපිරි වැඩකරුවන් මැදමුලනේ නතරවීමත්, බනානා සුජී වැනි උන් දේශපාලනයෙන්ම තුරන් වී යාමය. 

කෙසේ හෝ මේ මූසලයාට ඕනෑ කෙන්ගෙඩියක් කර ගනින් කියා එලියට බැස්ස සජිත් ප්‍රේමදාස කොන්දක් ඇති දේශපාලුවෙක් ලෙස නම් කිරීමට කිසිම ලෝබ කමක් නැතිවාක් මෙන්ම කිසියම් දිනෙක ඔහු රටේ නායකත්වයට පත්වුවහොත් පියා මෙන්ම දක්ෂ පාලකයකු වනු බවත් දේශපාලන පක්ෂපාතීත්වය පසෙක තබා ලියා තැබිය යුතුය. ඊට හේතු සාධක ඕනෑ තරම් මේ වන විටත් ඔහු පෙන්නුම් කර ඇත.

රනිල් අධ්‍යාපනයට විශාල සේවයක් කළ කෙනෙක් කියනා ජේ ආර්ලා ඇතුලත්මුදලිලා රොනීද මෙල්ලා ගැන නොදන්නා ෆේස් බුක් නොදරුවන්ට අපට කියන්නට තියෙන්නේ රනිල් අධ්‍යාපනයට කළ කිසිවක්ම නැති අතර ඒ සියල්ලම ලලිත් ඇතුලත්මුදලි නම් කෘතහස්ත දේශපාලඥයාගේ සංකල්පයන් බවය. ඇතුලත්මුදලි චරිත රත්වත්තේ හරහා එම සංකල්පයන් ක්‍රියාත්මක කරද්දි රනිල් උන්නේ බටලන්ද  වදකාගාරයේය. 

හැබයි කිසි දිනෙක මේ කිසිවක් තමන් කළ දේ යැයි කියා පම්පෝරි නොගසන රනිල්ගේ අවංකත්වයට අප ගරු කළ යුතුය. ඒ ගැන රනිල් ගෙනා එකම සංකල්පය වන, 1990 ගිලන් රථ සේවයට අයිතිවාසිකම් කියනා හර්ෂ ද සිල්වා වැනි හාල්පාරු ආචාරියන් ලැජ්ජා විහ යුතුය. මෙවන් දේශපාලුවන් ගැන සජිත්ලා බොහෝ පරිස්සම් විය යුතුය. 

බටලන්ද වදකාගාරයේ සිඳුවූ දේ ගැන අමුතුවෙන් ලියා තැබිය යුතු නැති අතර, අදත් ඒ පැත්තෙ ඉන්නා වයසක මනුස්සයෙක්ගෙන් ඇහුවා නම් එහි වූයේ මොනවාද කියා අසා ගත හැකිය. 88/89 දකුණේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට පක්ෂ විපක්ෂ බොහෝ දේශපාලුවන් වදකාගාර පවත්වාගෙන ගියද ඒවා තුල ජීවත්වෙමින් ඒවායෙන් වින්දනයක් ලැබූ දේශපාලුවන් ලෙස වාර්ථා වන්නේ රනිල් වික්‍රමසිංහයන් හා එච් ආර් පියසිරි පමණය.

මුලින්ම කීවාක් මෙන් රනිල් වික්‍රමසිංහයන්ට හමුදාව සමඟ ඇරියස් එකක් තියෙන්නේ අද ඊයේ සිට නොවේය. 2001 පාර්ලිමේන්තු බලය ලබා ගන්නා පොර කරන්නේ රට හැදීමවත් ආර්ථිකය හැදීමවත් නොව වෙනම රටක් වෙනුවට සටන් කළ උතුරේ ත්‍රස්තවාදීන්ට පූර්ණ අනුග්‍රාහකත්වය දැක්වූ බටහිර බලවේගවල මනදොල පිනවාලමින් උන්ට උතුර ලියා දී හමුදාව පාවා දුන්නේ ඊනියා සටන් විරාම ගිවිසුමකට පිවිසෙමින්‍ය. 

කුප්‍රසිද්ද මිලේනියම් සිටි පාවාදීම කරේ මේ කාළකන්නියාය. එය බුද්ධි අංශ විසින් ඉතා රහසිගතව පවත්වාගෙන ගිය ක්‍රියාන්විත මධ්‍යස්ථානයකි. ඉන් සිඳු වූයේ බුද්ධි අංශ නිළධාරින් සියල්ල හෙලිවීම හා ඔවුන් ඝාතනය වීමයි.

නැවත 2015 බලයට පැමිණ කළේ කුමක්ද? නැවතත් මංගල සමරවීර හරහා අපේ හමුදාව පාවාදීමය. රනිල් මෙන්ම ඩොලර් මත යැපෙනා පට්ට දේශද්‍රෝහියෙක් වන මංගල එකසත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුවේ කළ පාවාදීමේ පාපය අදද අප ගෙවමින් සිටිමු. ඔහු ඉන් නැවතුනේ නැතිය. හමුදාවේ උන්ට නඩු පිට නඩු පවරා සිරගත කර දැම්මේය.

එපමනක්ද? නැත. රාජපක්ෂලා විසින් ආරම්බ කළ සියළුම සංවර්ධන ව්‍යාපෘති සියල්ල නවතා දමා රට ආර්ථික වශයෙන් භංකොලොත් කර දැම්මේ, වසර පහක් තුල රටේ විදෙස් ණය ප්‍රමාණය දෙගුණයක් කර දමාය. රට පමණක් නොව සිරිකොතද භංකොලොත් කර දැමූ මේ කාළකන්නි දේශපාලුවා මහ මැතිවරණයට වියදම් කිරීමට මුදල් නැති නිසා මහ බැංකුව මංකොල්ල කෑවේය.

ඉස්ලාම් ත්‍රස්තවාදීන් දමාගෙන සිඳුකල පාස්කු ප්‍රහාරයේ වගකීමෙන්ද රනිල්ට කිසිදා ගැලවිය නොහැකිය. ප්‍රහාරයෙන් පසු පැවති මාධ්‍ය සාකාච්ඡාවට පැමිණි උන් මියගිය උන්ට හිනා උනේ රනිල්ද එම මතයේම උන් නිසාය. එය හෙලා දැකීමක් නොකල අගමැතිවරයා උන්නේද ඒ මතයේමය. එපමණක් නොව ජෙප්පන් පවා තමාගේ සාක්කුවේ දමාගෙන ඊනියා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් දමා, ත්‍රස්තවාදීන් සියල්ල නිදොස් කොට නිදහස් කොට, උන් ආරක්ෂා කළේය. මේවායේ ඉඳගත් සරත් ෆොන්සේකාලාත් මේවා ගැන ලැජ්ජා විය යුතුය.

තම මාමාගේ ව්‍යවස්ථාවේ පිහිටෙන් යලිත් පාර්ලිමේන්තුවට ආ දිනයේම මේ කාළකන්නියා හමුදාව විවේචනය කළේය. එය රටට හමුදාවට වින කරනා NGO ඩොලර් කාක්ක්කන්ගේ මෙන්ම ජාතිවාදී ත්‍රස්තවාදීන්ගේ අමන්දානන්දයට හේතුවූ අතර, ඌට පිළිතුරු දීමට ආන්ඩුවේද එක හාල්පාරුවෙක් උන්නේ නැතිය. 

 ඉන් උද්දාමයට පත් මේ කාළකන්නියා දැන් කියන්නේ, හමුදාව එන්නත්කරණයෙන් එලවා දැමිය යුතුය කියාය. පට්ටම ආතල් එක කියනේ, එසේ කියනා මෙ මූසලයා වැක්සීන් එක ලබාගෙන තියෙන්නේ නාරාහේන්පිට හමුදා රෝහලෙන් වීමය.

 හමුදාවේ ක්‍රියාදාමය රටේ ජනතාවගේ ඉමහත් ආදරයට හා ප්‍රසංසාවට පත් වී ඇති අතර මේ වන විට ලෝකයේ එන්නත්කරණය  වේගයෙන්ම සිඳු කරනා රට බවට පත් වී තිබෙන්නේ හමුදාවට පින් අත් වන්නටය. ශවේන්ද්‍රම කියනා පරිදි මේ එන්නත්කරණය සඳහා යොදවා තිබෙන්නේ කාළතුවක්කු බල ඇණියවත්, ඉංජිනේරු බලකායවත් නොව, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ වෛද්‍ය බලකායය.

මෙහිදි සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ එන්නත්කරණයේ යෙදෙනා පොලිසීය විසින් පොලිස් බෑන්ඩ් එක මගින් සංගීතයද සපයා දීම, විශේෂයෙන් අගය කළ යුතුය. එමෙන්ම හමුදාව විසින් එන්නත්කරණය සිඳු කරනා සෑම ස්ථානයකම මනුෂ්‍යත්වය දෝර ගලමින් පවතිනා බව එහි ගිය සෑම එකෙක්ම දන්නවාය. එය විශේෂයක් වී ඇත්තේ රජයේ සෞඛ්‍ය අංශය රෝගීන්ට සලකන්නේ පාරේ බල්ලන්ටත් එහා නිසාය. 

ශවේන්ද්‍ර කීවාක් මෙන් මූ ගැන මිනිස්සු බලන්න ඕනා නැතිය, මේ වන විටත් මිනිස්සු මේ කාළකන්නියාට සලකා අවසානය. පුකට පයින් ගැසිය යුත්තේ මෙවන් කාළකන්නියකුට තම මාධ්‍යන් තුල තත්පරයක වේළාවක් හෝ ලබාදෙන තුප්පහි මාධ්‍යවේදීන්ටය. 


ඒ වගත් මෙසේය....

Jul 6, 2021

සුවවිරුවෝ, අම්බරුවෝ හා රණවිරුවෝ

 


සැප්තැම්බර් මාසය අවසානය වන විට වැක්සීන්කරණය අවසන් කොට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීම තම බලාපොරොත්තුව බව ජනාධිපතිවරයා ඊයේ කිව්වේය. හැබයි ඒක කරන්න යන්නේ මේ ඉන්නා සුව විරුවන් එක්ක නම් උන්නැහේට වෙන්නේ ඒ සිහිණයත් තවත් සිහිණයක්ම බවට පත්කර ගැනීමටය. 

රට හදන්නට කොන්දක් ඇති තද පාලකයෙක් බලාපොරොත්තු වූ අපට අද බලා ඉන්නට සිඳුවී තිබෙන්නේ වෘත්තිය සමිති වල පදයට නටනා පාලකයෙක් දෙසය. යහපාලනයට රටට මක්කත් කරන්න අවංක උවමනාවක් තිබුනේ නම්, ඊට ප්‍රධාන බාධකයක් වූයේත් දිනපතා පැවති වෘත්තීය සමිති විරෝධතා හා පෙරට්ටන්ගේ අම්බරු විරෝධතාවයන්‍ය.

ඒ පාලන කාළයේ කොටුවේ වැඩට ආ හැම එකාම ගෙදර ගියේ වරු ගනන් මහ පාරේ රස්තියාදු වී, පොලිසියේ කඳුළු ගෑස් පාරකුත් කාගෙනය. විශේෂයෙන් විදෙස් ණය මත යැපෙන්නේ නැතිව, ඍජු  විදෙස් ආයෝජන (FDI)  මත ආර්ථිකය ගොඩ දැමීමට සිතාගෙන සිටිනා පාලකයන් නොදන්නා දෙය නම්, මෙවන් වෘත්තීය සටන් පවත්නා රටවලට ආයෝජකයෝ කිසි දිනෙක එන්නේ නැති බවය.

විදෙස් ආයෝජකයින් ආයෝජනයක් සිඳු කිරීමට පෙර සලකා බලනා ප්‍රධානම කරුණක් වන්නේ ආයෝජනයට බලාපොරොත්තුවන රටේ ස්ථිර බලවත් ආන්ඩුවක් හා පාලකයින් සිටිනවාද යන්නය. එහෙත් ආන්ඩුව කල්පනා කළ යුත්තේ මේ ආන්ඩුවට 2/3 ක බලයක් තිබුනත් රටේ නිසි පාලනයක් තිබේද යන්නය. දැන් දිනපතා මුලු රටේම ආන්ඩුවට එරෙහි විරෝධතාවන්‍ය. වැඩ වර්ජනය. මෙවන් වාතාවරණයක් තුල සිඳුවෙන්නේ ඉන්න එකාත් දමලා ගහලා යන එකය.

රටක ප්‍රධාන පාලකයා ඒකාධිපතියකු වූවත්, ඔහුට රටක් පාලනය කිරීම තනියෙන් කළ නොහැක. ඇමතිවරුන් හා නිළධාරින් සිටින්නේ ඒකටය. ඇපත් නැතිව පාර්ලිමේන්තුවට ආ රනිල් වික්‍රමසිංහ ආන්ඩුවට මතක් කර දුන්නේ එම කාරනාවය. ඔහු කිවේ කොරෝනා පාලනය හමුදාවෙන් ඉවත් කොට කැබිනට් මණ්ඩලය වෙත පවරා ගන්නා ලෙසය. රනිල්ලාට හමුදාව දිරවන්නේ නැති එක වෙනම කතාවකි.

එහෙත් ඔහුට අමතක වූ කරුණ නම්, පරිපාලන කටයුතු වලට සහාය විමක් හැර තීන්දූ තීරණ සියල්ලම ගන්නේ සෞඛ්‍ය  ක්ෂෙශ්ත්‍රයේ විශේෂඥයෝ බවය. ඔවුන්ට ඉහලින් ඔවුන්ගේ පරිපාලනය සඳහා කැබිනට් බලතල ඇති ඇමතිවරියක් සිටී. 

ඇත්තටම මේ ඇමතිවරියට තම අමාත්‍යංශය පාලනය කිරීමේ ගැටළුවක් ඇත්දැයි අපට සැක සිතෙන්නේ, අමාත්‍යංශයේ කිසිම තනතුරක් නොදරන සිය ස්වාමියාද හැම තැනම රිංගනා නිසාය. අමාත්‍යංශය ඇතුලෙන් ලැබෙනා තොරතුරු අනුව අපට දැනගැනීමට ලැබෙන්නේ, පළමු වටයේ කොරෝනා මර්ධනය සාර්ථකව මැඩ පැවැත්වූ අනිල් ජාසිංහ හා පබා පළිහවඩණ වැනි විශේෂඥ කාර්‍යශූර නිළධාරින් එලියට විසිවන්නේ කාළකන්නි දේශපාලන මැදිහත් වීම් මත බවය.

කිසිසේත් දේශපාලන වහලුන් නොවූ එවන් නිළධාරින් එලවා දමා අද පත් කරගෙන තියෙන්නේ කිසිම පර්සනැලිටියක් නැති, හරි හැටි කතා කරගන්නවත් බැරි හාල්පාරුවන්‍ය. ඉහළ තනතුරු සියල්ලේම ඉන්නෙ රාජිත සේනාරත්නගේ බිස්නස් පාට්නර්ස්ලාය. කෙසේ වෙතත් ඖෂධ අංශය බාරව ඉන්නා වියත්මගේ දොස්තර මහතාත්, රාජ්‍ය ඇමතිවරයාත් ප්‍රශංසා කටයුතු මෙහෙවරක් කරනා බවද අනිවාර්‍යයෙන් සඳහන් කළ යුතුය. 

එහෙත් කරුමය වන්නේ වැක්සීන්කරණය බාරව ඉන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනත් පිරිසක් වීමයි. මාතලන්ගේ අදහස නම්, සිනීයෝ රොටි කම් පසෙක තබා, සිරිසේන හා යහපාලන ඩෙඟා නටන්න ගිය පට්ට ෆේල් කෙනෙකුට වඩා, එදා සිට අද දක්වා රාජලක්ෂලා හා ඉන්නා කෙනෙකු වන චන්න ජයසුමනලා වැනි තරුණයන්ට අවස්ථාව ලබා දිය යුතු බවයි.

ආන්ඩුව ජොස්තරලාගේ පඩි වැඩි කරමින් කරේ ඉල්ලාගෙන කෑමකි. කොරෝනා මර්ධනයේදි අඩුවෙන්ම රොගින් හා ගැවසෙන හා කාළය මිඩංගු කරනා පිරිසට පමණක් වැටුප් වැඩි කර, අනෙක් උන්ට මක්කත් නොදීම ජනවහරේ හැටියටම කියනවා නම් හෙන ගහනා වැඩය. මෙය තේරුම් ගැනීමටවත් නොහැකි ඇමතිවරියක් හා කැබිනෙට්ටුවක් ඇත්තටම එකම විහිළුවක් පමණකි.

ශවේන්ද්‍ර සිල්වා ඉන්නේ ජනාධිපතිතුමාගේ පෙර පිනකටය. ජනාධිපතිතුමාටත් වෙලා තියෙන්නේ ශවේන්ද්‍ර මේක පොඩ්ඩක් බලලා මොනවා හරි කරන්නෙයි කියන එකය. වාසනාවකට උන්නැහෙත් දෙන වැඩේ බලාපොරොත්තු වෙනවාටත් ඉහළින් ඉටුකරනා එකය. එය ඊයෙ මුලු ලෝකයටම දැන ගන්නට ලැබිනි.

සැන්ටිබෝට් මහත්තුරු ඉස්ටැයික් කරලා නිසා එන්නත්කරණය පොඩ්ඩක් බලන්න කියලා ශවේන්ද්‍රට බාර දුන්නේය. වෙනදාට වැක්සීන් පෝලිම් වල දක්නට ලැබෙන ගහ මරා ගැනීම් කිසිවක් නැතිව සුපිරියටම වැඩේ කෙරුනේය. ආපු හැම එකාම හමුදාවලට පින් දී සතුටෙන් ගියේය.

මාතලන් නම් කියන්නේ AR, FR පැත්තකට දමා JR උන්නැහේ කලාක් මෙන් ඉස්ටැයික් කරනා උන්ට ගෙදරම ඉන්න කියා, වැඩට එන උන් ටික ශවේන්ද්‍රටම බාර දුන්නා නම් මීට වඩා දෙයක් වෙයි කියලාය. හැබයි ශවේන්ද්‍රටත් දෙන දෙයක් දෙන්න ඕනා තනතුරේ ඉඳිද්දික්ම මිස පෙන්ෂන් ගියායින් පස්සේ නම් නොව්ය.

මොකෝ, පැන්ෂන් ගිය ආමි කාරයෝත් පැන්ෂන් ගිය පොලිස් කාරයෝ වගේම හාල්පාරුවෝ බව මේ වන විටත් ඔප්පු කරලා තියෙනා නිසාය. 

ඒ වගත් මෙසේය....

Jun 23, 2021

රනිලාගමනය හා මහින්දාගමනය

 

ජනතාවට විමුක්තිය ලබා දෙනවා යැයි කියනා පෙරමුණටත් එහා, ඇපත් නැති වෙන කෑමක් කෑ එකසත් ජාතික පක්ෂයේ සදාකාලික නායක රනිල් ව්ක්‍රමසිංහයානෝ පාර්ලිමේන්තුවට පැමිනීම හෙවත් රනිලාගමනය යෙදී තිබුනේ ඊයේය. අද මහින්දාගමනය සිඳුවූ පොසොන් පෝ දිනයය. මහින්දාගමනයත් සමඟ ඇරඹුන සිංහළ බෞද්ධ ශිෂ්ඨාචාරයට මුලිකත්වය ලබා දෙන ආන්ඩුවක් බලයේ සිටියදි, ලිබරල් ධනවාදියෙක් යැයි කියූ රනිල්ගේ පාර්ලිමේන්තු පැමිනීම, උන්නැහේටත් ආන්ඩුවේ සමහරුන්ටත් ඉතා සතුටුදායක කරුණක් වී ඇති අතර, සමහරුන්ට බිය උපදවන සිඳුවීමක් බවටත්, මාතලන් වැනි අයගේ හාස්‍යයටත් හේතූ වී ඇත.

ඒ කාළේ පන්තියට අලුතෙන් එකෙක් ආවම, පන්තියේ ඉන්න චන්ඩ් හෙවත් අයියලා එයාලාගේ අයියා පාට් අර අලුත් එකාට පෙන්නලා ඌ බය කරගන්නා සිරිතක් තිබුනේය. ගෝත්‍රික කැම්පස් තුල නවක වදය ලෙසින් අදටත් ක්‍රියාත්මක වන්නේ මේ ක්‍රියාන්විතයය. ඊයෙ කුර සහිත ජීවීන්ගෙන් බහුල සජිත් ප්‍රේමදාස හා ඔහුගේ මරි මෝඩ රැල පාර්ලිමේන්තුවේ නැටුවේ එහෙම නාඩගමක්‍ය. උන් රනිල්ට පෙන්නූ නාඩගම බලා, රනිල් මෙන්ම අපිත් පට්ට ආතල් එකක් ගත්තේය. දැන් උන්ට කැඳත් නෑ කියා උන්ම කියනවා තරම් සතුටක් අපිට නම් ඇත්තේ නැතිය.

සජිත්ට කෙලවීම

සජිත් ප්‍රේමදාස යනු රාජපක්ෂලාට එදීරිව ගෙන හා හැකි නායකත්වයක් නොව එකම පිස්සු විකාරයක් බව විපක්ෂ ක්‍රියාකාරිකයින්ගේ හා මාධ්‍යවේදීන්ගේ මතය වී තිබුනේ බොහෝ කළකට පෙර සිටය. එහෙත් එය ලෝකයට ඔප්පු කොට පෙන්වුයේ පෙරේදා දිනයේ කසිප්පු කාරයකුගේ ඇජෙන්ඩා එකකට නැටූ මොන්ටිසෝරී ප්‍රසංගයෙන්‍ය. එය එකම විකාරයක් බව කිවේ අප නොවේය. සජිත් ජලනි බලවේගයේ කිඹුලා ඇල රාජිත හා 43 බලකායෙ පාඨලීලාමය.

මෙතෙක් උන් කිසිම විපක්ෂ නායකයකු මාධ්‍යවේදීන්ගේ සම්ච්ඡලයට කිසිදා ලක්වූයේ නැතත්, පෙරේදා මුලු රටටම එයත් දැනගැනීමට ලැබුනේය. ආන්ඩු පක්ෂයේ අසමගිය ගැන කතා කරන ඔය සජබ ඇතුලේ හැමදාම වලි බව දන්නා උන් දන්නවාය. ඔය පක්ෂයේ ඉහළ තැන්වල ඉන්නා කීප දෙනාම අලි ඔළු මාන්නක්කාරයෝය. ඔය හාල්පාරුවෝ එජාපයේ සිටියදී රනිල් එපා කීවේ, රනිල් කිසිවකුටත් කන් දෙන්නේ නැති කිසිවකුත් ගනන් ගන්නේ නැති නායකයකු යැයි කියලාය. 

එහෙත් සජිත් යනූ පට්ට කුහක උද්දච්ඡ් මාන්නක්කාරයෙක් බව මේ වන විට රනිල්ට ගේම් ඇද්ද සියල්ලන්ටම වැටහී අවසානය. උන් පරිප්පු කන්නේ සජිත්ගෙන් විතරක් නොවේ. පක්ෂය හා සජිත් මෙන්ම හේමාත් පාලනය කරනා ජලනි ප්‍රේමදාස ආර්‍යාවගේ පුරුෂ හිංසනයටත් ලක්වන වින්දිතයෝ වී අවසානය. සියල්ලන්ම කියන්නේ මෙවන් එකෙක් නායකයා උනොත් හෙම අප හැමට සම්මා සම්බුදු සරණයි කියලාය. 

මාධ්‍යවේදීන් හා සහජීවනයක් පවත්වා ගැනීමට නොහැකි කිසිම දේශපාලුවකට ජනප්‍රිය දේශපාලකයකු විය නොහැකිය. සජිත් හා ජලනි පමණක් නොව සජිත්ගේ නැගනිය වන දුලාංජලිද ජනාධිපතිවරණ සමයේ නැටූ නාඩගම් බොහෝ අයට අමතක වූවාට, රණසිංහ ප්‍රේමදාස යුගයේ හේමා ප්‍රේමදාස මැඩම්ගේ විසූක දස්සන නාඩගම් බැලූ අපට නම් කිසිදා අමතක වන්නේ නැතිය. 

විකල්ප නායකත්වයක් නොමැති විපක්ෂය

කරුමයකට සජබේ නායකත්වයට අභියෝග ලෙස ඉන්නේද එවැනිම මාන්නක්කාරයන් පිරිසක් වීම රාජපක්ෂලාගේ වාසනාවය. පාඨලී, ෆොන්සේකා හා රාජිත කියන්නෙත් ඒ ජාතියේම බඩුය. ඔය එකෙක්ටවත් එක තැනක ඉන්නට බැරිය. කොටින්ම තම පක්ෂයේ උන් එක්කවත් ඉන්නට බැරිය. ඒ ඔවුන්ගේ අධි මාන්නය නිසාමය. මේ හේතුවෙන්ම මේ කිසිවකුත් නොවෙනා නායකත්වයක් සෙවීමේ කටයුතු ඇමරිකන් එම්බසිය, ජිනීවා මානව හිමිකම් කමිටුව, යුරෝපා සංගමය, දෙමළ ඩයස්පෝරාව, ශ්‍රී ලංකා අයිසිස් බලකාය, සමස්ත ලංකා බෝනගේන් පෙරමුණ ප්‍රමුඛ කොළඹ සිවිල් සමාජය කටයුතු ආරම්බ කර ඇත.

කවුරුන් මක්කා හිතුවත් රනිල් පාර්ලිමේන්තුවට එන්නේ මේ වැඩේටය. ඒ නිසා ඔය ආතල් ගන්නා අයගේ ආතල් ටික දිනකින්ම කුඩු වී යනු ඇත්තේය. රනිල්ගේ ආතල් එක ඒකය. රනිල්ගේ මූලික පර්මාර්තය වන්නේ සජිත්ට කෙලීමය. එය මේ වන විටත් ආරම්බ වී අවසානය. ඒ පිළිබඳව වෙනම ලියන්නට ඕනෑ මාතෘකාවකි. 

මාතලන්ට අනුව නම් රනිල් යනු අපේ කාළයේ ජීවත්වන පට්ටම ෆේල් දේශපාලුවාය. ඔය රනිල්ගේ නම ඉදිරියේ වැටෙන කිසිවක්ම රනිල්ගේ වැඩ නොව ජේ ආර්ගේ වැඩ බව දේශපාලනය දන්නා උන් දන්නවාය. ඔහු පක්ෂ නායකත්වයට පත් වීමෙන් පසු කළ කිසිවක්ම ඇත්තේ නැතිය. ලංකාවේ දැවැන්තම පක්ෂය වූ එජාපයේ එකෙක්ටවත් ඇපත් නැතිවෙන්නම කෙලියේ රනිල් වික්‍රමසිංහය. රනිල්ගේ මාමන්ඩිය මේ කරුමය දැනගෙනම ජාතික ලැයිස්තුව ඉන්ට්‍රඩියුස් කලා වෙන්නත් ඇහැකිය. 

නමුත් රනිල් සතුව එක් දක්ෂතාවයක් ඇත්තේය. ඒ මා කලින් සඳහන් කළ එයාගේ එකම විනෝදය වන දේශපාලන කෛරාටිකත්වයයි. මේ කිසිවක් සාර්ථක ඒවා නොවූවත්, රටේ කරුමයට ඒවා කීප වරක් ජයග්‍රහණය කරලාත් තියෙනවාය. ඒ වෙනුවෙන් රනිල්ගේ සහායට මා කළින් සඳහන් කළ පිරිසට අමතරව, ලාංකිය ඉහළ සමාජයේ, සිංහළ, දෙමළ, මුස්ලිම්, සිවිල් බලධාරීන් පිරිසක්ද චන්ද්‍රිකා කුමාරණතුංගද ඔහු හා එක පෙලට සිටී.

රනිල් පැමිණිමෙන් ගීනිකන වැටුන ආන්ඩුවේ මෝඩයෝ

ආන්ඩුව අවබෝධ කර ගත යුත්තේ මෙයයි. ඔවුන් විසින් මේ වන විට අභයරාමයේ නාහිමි ලොක්කා හා ඇල්ලේ වට හිමි ඩැහැගෙන අවසානය. හැමදාම ගංඟාරාමයට ගිය රනිල්, පාර්ලිමේන්තුව සිට කෙලින්ම අභයාරාමයට යන්නේ බුදුන් වඳින්නට නොවේ. ඒ තමන්ගේ වැඩ ඇමරිකාවට, ජිනීවාවලට හා යුරෝපයට පෙන්වන්නටය. රනිල්ගේ ටීම් එකට ඩොලර් ගලාගෙන එන්නේ මේ ආතල් පෙන්නුවාමය.  

ඒ නිසා රනිල්ගේ ආගමනයෙන් ගිනිකන වැටී ආතල් ගන්නා ආන්ඩුවේ උන්ට කියන්නට ඇත්තේ, ගිය සැරේ වගේම මේ සැරෙත් ඔය පිලේම එකෙක් උස්සනකම් ඔහේලාගේ ආතල් එක ඔහේලා ගන්නෙයි කියලාය. මේ වන විටත් පොද්දා ලෙස විමල් වීරවංශ ගෙන ඒමේ කටයුතු අවසන් කර ඇති බවත්, ජනාධිපතිවරණයට ආසන්න මොහොතේ ඔහු ඉදිරියට ගෙන ඒන බවටත් තොරතුරු එන්නේ ඒ අතරේය. 

වට් ඒ ග්‍රේට් ඉස්පීච්

ඊයේ රනිල් ලොක්කා මාර කතාවක් කලා යැයි කියා බොහෝ දෙනෙක් කතා උනේය. කොහොමත් තොප්පිගල කැළෑවක්ය, කිලිනොච්චි කියා මැදවච්චි යනවාය කියූ, පිරිභාහරන් හා සාම ගිවිසුම් ගසා බුද්දි අංශයේ සුපිරිම බඩු මරා දැමූ, මිලේනියම් සිටිය පාවා දුන්, GSP ගන්න හමුදාවේ උන් පාවා දුන්, අදටත් පොලීසිය හමුදාව පාවා දෙන එකෙකුට ශවේන්ද්‍ර සිල්වා දිරවන්නේ නැති වීම මහා දෙයක් නොවේ. 

මෙයාලා ආන්ඩු කරා නම් කොවිඩ් වලින් නාගන්නා හැටි, ඊයේ කදිමට ඔප්පු කලේය. ඒ කියන්නේ එයාලා බලයේ උන්නා නම් හමුදාව කොරෝනා මැඩීමේ කටයුත්තට කිසි සේත් සහභාගී නොකර ගන්නා බවට ඔහුගේ කතාවෙන් කදිමට ඔප්පු විය. එයා කියන්නේ අමාත්‍යංශ ලේකම් වරුන්ට නියෝග දීමේ අයිතියක් දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් වෙන ශවේන්ද්‍රට නැතැයි කියාය. 

සෞඛ්‍ය අංශයේ උන් වැක්සීන්කරණය හත්පොලේ ගාගත් හැටි මුලු ලෝකයම දැක්කේය. ගොම සංගමේ උන්ගේ බල්ලන්ටත් වැක්සීන් ටික ගහගත්තේය. මරණ ටික අද වෙනකන් හරියට කියා ගන්න බැරි උන් හැමදාම මිනී කන්දක් ගැන නම් කියන්නේය. මේ වසංගතයක් මැද්දේ වැඩ වර්ජනය කරපු සවුක්ක සේවකයන් උන් ලෝකයේ එකම රටත් මේ රටම වූයේය. 

ශවේන්ද්‍ර ලේඛම්වරුන්ට අණ දෙන්න ගියා කියා මේ වන තෙක් කිසිම කෙනෙක් චෝදනා නොකලාතර කොරෝනා මර්ධන ක්‍රියාන්විතයේ යෙදී සිටිනා සියළුම නිළධාරීන්ගේ ගෞරවාදරාට පත් වූ චරිතයක් බවට ශවේන්ද්‍ර මේ වන විට පත් වී අවසානය. රනිල්ලාට ඇත්තේ මේ ඉරිසියාවයි. 

රනිල් නොදන්නා දේ නම්, ශවේන්ද්‍ර සිල්වා ප්‍රධානියා වන්නේ කොරෝනා මර්ධන "ක්‍රියාකාරී" කමිටුවේ මිස, කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ නොවනා බවයි. එහි ප්‍රධානියා 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් තවත් බලතල ලබාගත් ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂයි.. 

ඒ අනුව ඊයේත් රනිල් වික්‍රමසිංහ පිට පොට පටලවාගෙන උන් බව කවුරු කවුරුත් අවබෝධ කර ගැනීම ඉතා හොඳය තවත් විශේෂිත කරුණක් පමණක් ලියා තබමින් මේ පල් හෑල්ල නවතා දැමිය යුතුය. 

මහරාජාගේ පෝස්ටරේ

ඒ ගැනත් වචනයක් නොලිව්වොත් පොටෝ එක එල්ලපු එකෙන් වැඩක් ඇත්තේ නැති වෙනවාය. මෙයින් කරුණු දෙකක් මහරාජා බලාපොරොත්තු වේ..

1. සජිත් හා රනිල් සමඟි කොට, සජිත්ට රනිල් අභියෝගයක් වීම වැලැක්වීම.
2. බිලියන 400 ක් වන වෂ විස පිරි තෙල් බෙහෙත් වෙනුවෙන් කෑ ගසනා මිනීමරුවන්ගේ ගොඩට රනිල් එක් කර ගැනීම.


ඒ වගත් මෙසේය.......

May 22, 2021

කොරෝනා විශේෂඥ බයිලා චැම්පියන්ලා


රට ඉන්න මහාචාර්‍යලා, මෙහේ ඉන්න මහාචාර්‍යලා, ඉස්පැසොලිස්ට්ලා ඔක්කෝම රට වහපියෝ කියා නහින්නට යනවාය. උන් කියන්නේ දවස් 14 ක් රට වැහුවාම වෛරසය ඉවරයි කියලාය. කොරෝනා මඩින්න රතන සුත්තරේ කියනා උන්ගේත්, මුට්ටි ගඟේ දාන උන්ගේත්, දිව්‍ය පූජා තියන උන්ගේත්, මුන්ගේත්, කිසිඳු වෙනසක් මා නම් දකින්නේ නැතිය. උන් හදන්නේ උන්ගේ වගකීමෙන් බේරී, කෙලවෙලාම ගියොත් ඒක ආන්ඩුවේ ඇඟේ ගසා පොරවල් වෙන්නටය. උන් රෝගියකුගේ අතක් පයක් කැපුවත්, මරා දැම්මත්, එදා ඉඳන් අද වන තෙක් කළෙත් ඔය සෙල්ලමමය.

ඔය එකෙක්වත් ලෝකයේ කිසිවෙක් ගනන් ගන්නා උන් නෙමේය. මුන් බයිලා ගහන්නේ රජය ගත යුතු නියම පියවර අරගත්තායින් පස්සේය. මුන් හැම එකාටම තියෙන්නේ උන්ගේ මමත්වය හා ඩිග්නිටිය ගැන ප්‍රශ්ණයකි. ඔය එකෙක්වත් කොරෝනාවට බෙහෙතක් තබා ප්‍රතිකාරයක්වත් නොදන්නා උන්‍ ය. කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල දුන්නේ විටමින් සී හා කොත්තමල්ලිය. ඇත්ත කතාව ඒකය. මැරෙන්නම යනවා නම් ඔක්සිජන් එක නහයේ ගැසුවේය. නාවුක පොකුර කෑම්ප් එක තුලම සනීප දේශීය ක්‍රමයටය. ඒවාට කවුරුත් ක්‍රෙඩිට් ඉල්ලුවේත් නැතිය. ප්‍රශස්ති ලියවුනේත් නැතිය. එය සෞඛ්‍ය අංශවල දස්කමක් නොව රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණ ශක්තිය හා වාසනාවය. මධ්‍යස්ථානවල හිටපු උන් රෝහල්වල හිටපු උන් මේවා දන්නවාය. මධ්‍යස්ථාන වල හිටී උන් බලාගත්තේ සෞඛ්‍ය අංශ නොව හමුදාවය. 

මේ බයිලා කාරයෝ කරන්නේ රනිල් වික්‍රමසිංහ වගේ කොහේ හෝ වෙන කෙනෙක් හොයා ගත් දෙයක් කියනා පෙත්තප්පුලාය. ඉතින් අපේ උන්ට රනිල් වික්‍රමසිංහ ලෝකේ හොඳම මොළේ වනාතර, අරුන්, සියල්ල දත් ප්‍රාඥ්ඥයෝය.

ඇත්තටම ඔය එකෙක්වත් කොරෝනා ගැන දන්නා මළහත්තිලව්වක් නැත. අන්ධයෝ සෙට් එක ඇතා ගැන විශ්ලේෂණය කලා සේ මුන් එක එකා උන්ට හිතෙන හිතෙන බයිලා ජනමාධ්‍ය ඔස්සෙ හලමින් සිටී. මුන් ලොක්ඩවුන් හා කර්ෆියු කියන්නේ මොනවාද කියාවත් දන්නේත් නැත.  ලෝකයේ කිසිම රටක කර්ෆියු දැම්මේ නැති අතර, ලොක්ඩවුන් නම් හැම රටේම දැම්මේය. මුන් සිල්ලර කඩ වහන්න කිව්වාට, සුප්ර් මාර්කට් හා ඩිලිවරි සර්විස් වහන්න කියා කියන්නේ නැතිය. ආන්ඩුව හිතන්නේ උන් ගැන නොව ෂැෂේ පැකට් විකුණන සිල්ලර කඩෙන් ජීවත් වන උන් ගැනය. උන්ට ඕනෑ උන් තරම් දන්නා උන් ලොවෙත් නෑ කියා පෙන්වන්නටය.

ඇත්තම කතාව කොවිඩ් වැක්සීන් එක ගහපු උන්ටත් බඩු බනිස් වෙච්චි එකය. කවදත් සල්ලි හම්බ කරනා කොම්පැනි හා රටවල් දැන් සල්ලි හොයන්නේ වැක්සීනයෙනි. ඕවා ඩොලර් බිලියන් ගනන්වල බිස්නස් වී අවසානය. ලෝක ඖෂධ මාෆියාව එය ඒකාධිකාරියක් කර ගැනීමට මාෆියාවෙ හෙඩ් ක්වාටර්ස් වන ලෝක සවුක්ක සංවිධානය හා ගේමක් ගැසූවද , මැද පෙරදිග රටවල් අනුමැතිය නොමැතිවත් චීන වැක්සීනය හා රුසියානූ වැක්සීනය භාවිතයට ගැන්මත්, එය සාර්ථක වීමත් නිසා නැට්ට පුචේ ගහගත්තේය.

අපේ බයිලා කාරයෝ ඔක්කොම කුලප්පු වූයේ ඉන්දියාවට කෙල වූ පසුය. ලෝකයේම මරි මෝඩ ජනතාවට කොරෝනා ගැන තේරුනේත් ඉන් පඩුවය. ඊට හේතුව උනේ ඉන්දියාවේ කිසිඳු මාධ්‍ය සදාචාරයක් නොමැති වීම, මෝඩ ආගමික මතවාද හා ගෝත්‍රිකත්වයයි. ඒ මාධ්‍ය වර්ථා එලෙසම අපේ රටේත් පෙන්නු නිසා අපේ බයිලා චැම්පියන්ලාගේද ඉහ මොළ රත් වුනේය. අපේ රටෙත් මාධ්‍ය සධාචාරයක් නොමැති වීම එක අතකින් වාසනාවක් විය. බයිලා චැම්ප්ලා මෙන්ම මරි මෝඩ ජනතාවද දැන් බය බිරාන්ත වී සිටී. ඒ අස්සේ කැරම් ගහන්න යන් චක්කන්ද නැතුවා නොවේ.

කොවිඩ් වෛරසය විවිධ වෙස් ගනිමින් සිටි. එය මාරාන්තික බවද සත්‍යයකි. එහෙත් දැන් ලංකාවේ තත්වය කැපී පෙනෙන්නේ , එය පළමු වටයේත් , දෙවන වටයේත් සාර්ථකත්ව මැඩ පැවැත්වූ නිසාවෙනි. අවුරුද්දට පිස්සෝ වගේ ෂොපින් යන්න එපා, අඩු ගානේ නෑගම් හෝ යන්න එපා කීවේ ශවේන්ද්‍ර සිල්වා පමණි. එ මොහොතේ රට  වහන්න කියා ඔය විශේෂඥ බයිලා චැම්පියන්ලා එකෙක්වත් කිව්වේ නැතිය. උනුත් නුවරඑළියේ ගොස් පට්ට ෆන් එකක් ගත්තේය. රට යන්න චාන්ස් තිබුනා නම් ඒවායෙත් යන්නේය.

අපේ රටේ දැන් සිඳුවෙමින් තිබෙන්නෙ මුල් කාලයේ ඉතාලියේ ස්පාඤ්ඤයේ ජර්මනියේ ප්‍රශයේ ඇමරිකාවේ සිඳුවූ තත්වය. ජනතාව නොදන්නවා උනාට ඒවා මැඩ පැවැත්වුනේ හර්ඩ් ඉමියුනිටි නිසාවෙන් බව බෝවන රෝග විශේෂඥයින්ගේ මතයයි. ඔය ඉන්දියාවේ වාගේම පේරූ හා බ්‍රසීලයේද මිනිසුන් බුරුතු පිටින් මියගියා කියා අපේ විශේෂඥයෝ දන්නේ නැතිය. ඒවා පාලනය වූයේත් හර්ඩ් ඉමියුනිටි තත්වයෙන් මිස වැක්සීනයෙන් නොවේ

මේ කාළකන්නින් නොව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියල්ලෝම මේ කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි මානසික පීඩනයක සිටිනා බව ඇත්තය. ඒ මෙය මැඩලීමේ වගකීම ඔවුන් සතු නිසාය. ඔවුන් පමණක් නොව පාසල් දරුවන්ගේ සිට සෑම පුද්ගලායම සිටින්නේ දැඩි මානසික පීඩනයකය. දැන් මරණ බයද ඊට එක් වී ඇත. එහෙත් මාෆියාවක් වන සෞඛ්‍ය ක්ෂේත්‍රයට නායකත්වය නොදී එය හමුදාවට බාර දුන් නිසා රට මේ තත්වයෙන් හෝ තිබෙනවාය. සෞඛ්‍ය ක්ෂෙශ්ත්‍රයේම එකිනෙකාට දොස් පවරා ගන්නා එම මාෆියාවට මෙහි නායකත්වය දුන්නා නම්, මේ වන විට මුලු රටම වැලලිලා අහවරය.

දැන් හෝ හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා. එක එක බයිලා කාරයන්ගේ කොරෝනා මාධ්‍ය සංදර්ශන නවතා දමා. රජයේ මාධ්‍ය ප්‍රකාෂක ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරයා පත්  කල යුතුය. යුද්ධය කාලෙත් හමුදවේ උන්ට තබා හමුදාපතිවරුන්ටවත් මාධ්‍ය සංදර්ශන තැබීමට ඉඩ නොදී මාධ්‍ය  ප්‍රකාෂකට එම කාර්‍යය භාර දීම කෙතරම් හොදද කියා සිතෙන්නේ සරත් පොන්සේකා අද කරනා ප්‍රකාෂ දැක්කාමය..

කොරෝනා ලංකාවට ගෙනාවේ ඝෝඨාභයවත්, ශවේන්ද්‍ර සිල්වාවත්, ආන්ඩුවවත් නොවේ.

එදා නැවෙන් බාගත් එකාට විරුද්ධ වූ කාලකන්නින්

පසුව රට ඉන්නා උන් ගේන්නේ නැත්තේ ඇයි කියා පොලොවේ පස් කෑවේය.

ආන්ඩුව නිවැරදි දේ කරමින් සිටි..

මෙය ලෝක වසංගතයකි..


තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න


මාස්ක් එක දැමීමට අත් හේදීමට

ඝෝඨා හෝ ශවේන්ද්‍ර ඔබේ නිවසට පැමිණීමේ තීරණය තවම ගෙන නැත..



ඉස්ධූතී ....... නන්ඩ්‍රෙයි ...... ටෑන්ක්ස් හොඳේ.....!!!!

Mar 8, 2021

කොවිඩ් විකාර මෙන්ම ආනයන විකාරද ඉවත් කළ යුතුය.


 

පළමු කොවිඩ් රැල්ල වෙලේ මාස දෙකක් නිස්කාරනේ රට වසා ඇදගෙනම ස්නානය කළ බව අද ආන්ඩුවේ හැම එකාම පිලිගනිමින් තිබෙන්නේය. අඩු ගානේ තමන් කළ වැරදි ගැන පසුතැවීම හා ඒවා පිලිගැනීම අප අගය කළ යුතුය.

රට දවස් දෙකක්ට වහපු වෙලේම මාතලන් කියා සිටියේ ගොම සංගමයේ ගුලි කාලා මේ කරන්න යන්නේ අමු ගොබ්බ වැඩක් කියලාය. අපේ රටේ තිබෙන ආර්ථික අවපාතයෙන් ගොඩ එන්නට නම් සෙනසුරාදා ඉරිදා ඉතරක් නොව, වැඩ මුරය පැය දොළහක් කලත් අවුලක් නැතිය. පෞද්ගලික අංශය අතිකාළ දීමනා පවා ගෙවමින් පැය 24 ම වැඩ කරන්නේ ඒ නිසාය.

චීනය, සිංගප්පූරුව, දකුණු කොරියාව දියුණු වූයේ නිකන් නොවේ, වෙලාවක් කලාවක් නොබල වැඩ කළ නිළධාරින් හා සේවකයින් උන් නිසාය. එහෙත් බංකොලොත් රටක් මාස දෙකක්ම වහලා දාලා තිබ්බාම වෙන දේ අපට තේරුන නිසා අප වෙන්නට යන දේ, ඒ කාළයෙම කියා සිටියේය.

එසේ රට වහන්න කිව්වේ ආන්ඩුවෙන් පින් පඩි කන කාළකන්නින්ය. මන්ද රට වැසුවා කියා උන්ගේ පඩි හා දීමනා නොලැබී යන්නේ නැතිය. එසේ රට වසන්නට කියපු කාළකන්නින් වසා තිබූ කාළයේ ඉන්ධන දීමනාද ලබාගෙන තිබිනි.

මාස දෙකක් රට සම්පූර්ණයෙන් වසා දැමූ කාළකන්නින් ඉන් නැවතුනේ නැත. උන් දෙවනි රැල්ල ආපු වෙලාවේ ආයෙත් රට වසන්නට කීවේය.

විශේෂයෙන් ගොම සංගමයේ උන් හා PHI මහ එකා දිනපතා ඇස් ලොකු කරමින්, ටී වී වොයිස් කට් දෙමින් ජනතාව බය කළේ, රට මිනී කඳු වලින් පිරෙනවා කියලාය. දැන් ගොම සංගමයේ පිස්සෝ ටික පේන්න නැති උනත්, PHI මහ එකා තාමත් භූතාවේසයෙන් විත් ජනතාව බය කරමින් සිටි. මුල සිටම පොර උන්නේ ආන්ඩුවේ වැඩපිලිවලට එරෙහිවය. අද කියාද වෙනසක් ඇත්තේ නැතිය.

අනෙක් ගොන්කම, මුස්ලිම් මරණ ආදාහනය කිරීමය. අද ඒ තීන්දු ගත් උන්ම සෑම දිස්ත්‍රික්කයකම භූමදාන සඳහා භූමී සොයනවා දැකීම මාර ලොල් සහගතය.

එහෙත් ඇත්ත කතාව නම් කොරෝනා වලට වඩා රිය අනතුරු හා ඩෙංගුවලින් මිය යන පිරිස වැඩි බවය. ඒ නිසා මේ කෝරෝනා මරණ හා රෝගීන් නිව්ස් වලින් ඉවත් කිරීමේ කාළය පැමිණ ඇත. එන්නත්කරණය ගැන නිව්ස් දුන්නාම හොඳටෝම ඇතිය.

දැන් කියන්නට යන්නේ ආනයන තහනම ගැනය. මේ විකාර තීරණය නිසා රැකියා අහිමි වූ පිරිස ඉතා විශාලය. වැසී ගිය ව්‍යාපාර බොහෝය. වාහන අමතර කොටස් වල මිළ 100% ඉහළ ගොස් ඇත. කියනවා නම් තව බොහෝ දේ ලිවිය හැක.

ඒ නිසා අප කියන්නේ වාහන ආනයන සීමාව පවා ඉවත් කළ යුතු බවය.

මේවා මොකා ගත්තත් අමු ගොන් තීරණය. එවත් තීන්දු තීරණ ගන්නේ නම්, ඒවා කළ යුත්තේ පියවරෙන් පියවරය. හරියට ආන්ඩු හාල් පිටි පාන් කවන්න ගියා වගේය. අපේ උන් පාන් කියන්නේ තිරිඟු පිටිවලින් හදන කේක් වලටය. හාල් වලින් හදන කේක් කවදාවත් පාන් වෙන්නේ නැතිය. බත් කන උන්ට එක පාරට බත් කන්න එපා කිව්වොත් වැඩේ හබක්ය.

දැන් ආන්ඩුව ඉන්නේ පුක මහලා බඩ යන්න බේත් බීපූ උන් වගේය. දැන් මැහුම් කැපීමේ කාළය පැමිණ ඇත.

මේ ගොබ්බ තීරණය නිසා ආර්ථිකයට වැදුන මරු පහරෙන් ගොඩ ඒමට දැන් නෝට්ටු අච්චු ගසමින් සිටී. ආන්ඩුව දිගටම දුවන්න ඉන්නෙ නෝට්ටු අච්චු ගසමින් නම්,

අපට කියන්න තියෙන්නේ ආන්ඩුවට සම්මා සම්බුදු සරණයි කියා පමණය..


ඒ වගත් මේසේය…


Jul 12, 2020

කොරෝනා දෙවනි රැල්ළේ පීනන්නෝ...



වගකිව යුත්තෝ ප්‍රසිද්ධියේ කියන්න ලැජ්ජා උනාට කොරෝනා දෙවනි රැල්ළ ඇවිල්ලා ඉවරය. තත්වය පළවන රැල්ලට වඩා ඔඩු දුවා ඇති බවත් රහසක් නොවේය. එයාලා ජනතාවට දොස් පවරා ඇඟ බේරා ගන්නට හදනවාය. ඊයේ අනිල් ජාසිංහ උන්නැහේ කිව්වේ රාජාංගනයේ මළ ගෙදර හා දානේ ගෙදර ඔවුන් කියූ ආකාරයට සිඳු වෙලා නැතෙයි කියලාය. එතකොට තොන්ඩාගේ මළ ගෙදර තිබුනේ එයාලාගේ නිර්දේශ අනුවදැයි අපට අහන්නට හිතෙනවාමය. එයිටාමතරව රාජාංගනයේ යාය දෙක PHI ලාගෙන් තොර කලාපයක්දැයි අසන්නම වෙනවාය. මොකෝ මළගෙවල් හරියට වෙනවාදැයි බලන එක එයාලාගේ ඩියුටිය නිසාමය.