.

.

Apr 27, 2011

සඳට බය අම්බරුවෝ - Moon Phobia

දරුස්මාන් රූස්සනේම නොමැති වාර්ථාවක් එලිදක්වන බව බොහෝ කල් සිටම අපගේ දේශපාලන හෙන්චයියන් විසින් හෙලිදරව් කළේය.දැන් එම රූස්සන්නේම් නැති වාර්ථාව දරුස්මාන් විසින් මූන්ට ඉදිරිපත් කොට ඔහු විසින් රජය වෙත යොමු කොට ඇත.

දැන් අප කුමක් කළ යුතුද? එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට බලි තොවිල් නටා එ.ජා.සංවිධානය නැති බංගස්ථාන වන්නට එම වත්තේ බලෙන්ම කොඩිවිනයක් වළලා, මූන් සහ කමිටුවේ ඔළුගෙඩි හත්කඩ කට පැලී යන්නට වස් කවි කීමද? එසේ නැතිනම් හන්දියක් හන්දියක් ගානේ මූන්ගේ පබයන් ගිනි තබා අපේ මිලේඡ්චත්වය ප්‍රදර්ශනය කිරීමද?

නැත. මේ අවස්ථාවේදී කළ යුත්තෙ සියළු දෙනාම එකතුව, එයට බුදිධිමත් ලෙස මුහුණ දීමයි. වාසනාවකට සුළු සුළු මත බේද තිබුනද සියළුම පක්ෂ මේ අවස්ථාවේදී එකම ස්ථවරක සිටීම යහපත් දෙයකි. චැනල් 4 සිද්ධියට මුහුන දුන් ආකාරය මෙහිදී සිහිපත් කිරීම වටී. ආන්ඩුවේ ඕනෑ තරම් බුද්ධිමතුන් සිටියත් ඔවුන් කොන්වි රජයන්නේ හාල්පාරූ කට වාචාල ගොන් රැළකි. ඔවුන් ඡන්ද කාලයකදී අම්බරුවන් පීනවීමට වේදිකාවට අත්‍යාවශ්‍යම පුද්ගලයන් වූවත් මේ ඔවුනගේ වේදිකාව නොවේ.

මේ ඌරාගේ මාළු උරාගේම ඇඟේ තබා කපා ගත හැකි මසුරන් කාළයකි. ත්‍රස්තවාදය තුරන් කරන අවස්ථාවේදී ඉන්දියවේ විරුද්ධවීම මුම්බායි ප්‍රහාරයත් සමඟ යට ගියා සේ, ළොව සාමයට ලැදි සියළුම ජනතාව එ.ජා. ක්‍රියාකාරීත්වය හා එහි දැක්ම ප්‍රශ්න කරන මේ අවස්ථාවේ, ඔවුනගේ තර්ක සඳහා තර්කානූකූලව පිළිතුරු සැපයිම කළ යුතුය. එමගින් යහපත් ජාත්‍යන්තර මතයක් පහසුවෙන් ලබා ගත හැක.

සාමයට ලැදි ජනතාව ත්‍රස්තවාදය කිසිසේත්ම අනුමත කරන්නේ නැත. ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරන්නේ  පොත් පත් වල තිබෙන අකාරයට හෝ ළොව පිලිගත් යුධ ආචාර ධර්ම වලට අනූකූලව නොවේ. එසේම එයට ප්‍රති ප්‍රහාර එල්ළ කළ යුත්තේද ඒ ආකාරයටම නොවේ. හමුදාව අවසාන කාළයේ එල්ල කළ ප්‍රහාරව්ලින් ත්‍රස්තයන් මවිත වූයේ එහෙයිනි. එවැනි ප්‍රහාරයන් හමුවේ පළිහක් ලෙස යොදාගන්නා සිවිල් වැසියන් සියළු දෙනාම ආරක්ශා කිරීම කළ හැකි කාර්යයක් නොවේ. ඒ බවට සාක්ෂි ඇෆගනිස්ථානයෙන් අදටත් සොයා ගත හැක.

අප කොතරම් දැඩි ලෙස ව්ශ්වාශ තබා සිටියත් රුසියාව හෝ චීනය බරපතලම අවස්ථාවක අප සමග සිටීද යන්න නැවත නැවතත් සිතා බැලිය යුතු කාරනයකි. මන්ද ඉරාන ප්‍රශ්නයේදී එම රටවල් ක්‍රියා කළ ආකාරය ගැන නැවත සිතා බැලීම වටී. ගඩාෆිගේ කල්‍යාන මිත්‍රයෙක් වන බුලොස්තෝනී අද තම මිතුරාට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කරයි. රාජතාන්ත්‍රිකව ක්‍රියා නොකිරීමෙන් අප දැනටමත් GSP පහසුකම් අහිමි කරගෙන හමාරය. එය නැවත ලබා ගැනීමට කොතරම් වෙහෙසුනද එකම රටක්වත් අප ගැන අනුකම්පා කළේ නැත.

රූස්සන්නෙ  නැති වාර්ථාව මගින් සියළුම පාර්ශවයන් විවේච්නයට ලක්කොට ඇත. රජය, කොටි, රජය පත් කළ කමිටුව පමනක් නොව දෙමල ඩයස්පෝරාවද එයට ඇතුලත්ය. රජය වෙත එල්ල කොට ඇති චෝදනා වලට පිළිතුරු සැපයිම රජයේම කාර්යයක් පමනක්ම විය යුතු නැත. ඒ සඳහා අප සියළු දෙනාම පෙල ගැසිය යුතුය. රජය පිළිබඳ කොතෙකුත් විවේචන තිබුනද මේ අවස්ථාවේ අප එකා මෙන් සිටිය යුතුය. (උතුරේ සිවිල් ජනතාවට සලකන ආකාරය ගැන කිසිසේත්ම සතුටු විය නොහැක.) ත්‍රස්ත්වාදි සමයේ ජනතාව විඳී වේදනා මරණ බිය අද සැමට අමතකව ගොසිනි. (දරුවන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ ජීවිත පිලිබඳව කොතරම් බියකින් පසුවූවෙමුද?) එහෙයින් අප ඒ භිෂනයෙන් මුදවාගත් සියළු දෙනා ආරක්ෂා කර ගත යුතුය.

(යුද්ධයේ 75% කාර්ය භාරයක් ඉටුකළ බවට රජයෙ ජනමාධ්‍ය මගින් ප්‍රකාෂ කළ, සමරු උත්සවයේදී ජනාධිපති ආරාධනයෙන් කේක් කැපු ජනරාල්ට රජය මගින් විෂේශ ආරක්ෂාවක් සපයා ඇති බව මේ අවස්ථාවේ මතක් කර ගත යුතුය.)

Apr 25, 2011

මේ ඒ සොඳුරු යුවතියද...? - One of my kid is yours

සුපර් මාර්කට්ටුවට ගොඩවූ මහත්මයා කළින් එක් වරක් හෝ දැක පුරුදු සුරූපී කාන්තාවක් දක්නට ලැබින.

ඇය සුන්දර සිනහවකින් සංග්‍රහ කළ බැවින් අපේ මහත්තයා හොල්මන් විය. ඇය තමන් වෙත පැමිණෙනු දුටු ඔහු තක්බීර් විය.. බියට පත්වූ ඔහු..

"ඔයා මාව දන්නවද...?"

"ඇයි අනේ නැත්තේ.... ඔයා මගේ එක දරුවෙකුගේ තාත්තානේ..." ඇය මිහිරි ලෙස කිසිඳු පැකිලීමකින් තොරව උත්තර උත්තර දුන්නාය...

කලාන්ත ගතියක් මෙන් දැණුනු ඔහුගේ සිත අතීතයට දිව ගියේය. ජීවීතයේ එකම එක වරක් තම බිරිඳට ද්‍රෝහී වීම, මේ වැනි දෙයක් වේ යැයි සිහිනෙන් වත් ඔහු නොසිතුවේය..

"දෙවියනේ...***!!!, එතකොට ඔයාද ඒ මගේ බැචුලර්ස් පාටි එක දවසේ ......."

"මොන බැචුලර් පාටියක්ද...? මං තමුසෙගේ පුතාගේ ක්ලාස් ටීචර්..."

උපදේශය :-

ලස්සන කාන්තාවක් දුටු විට, සිතින් ඇයත් සමග යහන් ගත වන්නට යන්න එපා.