.

.

Apr 29, 2015

19 වෙනි සංශෝධනය සෙප්පඩ විජ්ජාවකි - Same wine in a Same bottle


19 ගැන කීමට ඇත්තේ එය සෙප්පඩ විජ්ජවක් බවය. ඒ ගැන ඇත්ත කිව්වේ, අපේ විමලේ පමණය. එයැයි කිව්වේ, නයෙක් ගෙනෙන්න හැදුවත්, අන්තිමේ ගෙනාවේ ගැරඬියෙක් කියලාය. සහතික කරණා ලද, පට්ට පල් අමූලීක ඇත්තය. විමල් අගය කිරීම සම හරෙකුට අබ්ලික් යාමට කාරනයක් උනත්, සිහි බුද්ධියෙන් සහ සිහි කල්පනාවෙන් මාතලන් කියවන උන්ට එය අරුමයක්ද නොවන්නේය.

Apr 28, 2015

මහින්දගේ ප්‍රකාශය හා සරත් වීරසේකර නම් භූමීපුත්‍රයා - Message from MR & The Only Son of Mother Lanka


ඊයේ මහ රෑ 19 සම්මත කොර ගත්තායින් පස්සේ, බොහෝම අමාරුවෙන්, මහින්ද මහත්තයා සම්බන්ධ කොර ගත්තේය..

සෑර් මාර සීන් එක නේ උනේ..!

ඇයි මොකක්ද මාතේ සීන් එක...? මෙහෙටත් භූමී කම්පාවක්ද..?

භූමීය කම්පා නොවෙයිද සෑර්...?

ඇයි මක්කෙයි වෙලා තියෙන්නේ.. ?

වෙලා තියෙන්නේ...?, ඔබ තුමා කොහෙද ඉන්නේ...? 


Apr 27, 2015

19 දිනන්නේ කව්ද...? - Who will be the Man of the Match..?

 
යහපාළනේ ඇක්ස්පයර්ය. ඒ කියන්නේ වන් හන්ඩ්‍රඩ් ඩේස් (දින 100) ඉවරය. රවි ලොක්කාගේ බජට් එකෙන් දුන්න සහන ටික ඇර, ලැබුනු ලබ්බක් නැතිය. කලටි පොල් පැත්තෙන්, හියුමන් රයිට්ස් පැත්තෙන්, ෆ්‍රීඩම් ඔප් මීඩියා පැත්තෙන් හා ඉන්ටනැසොනල් පැත්තෙන් ලද ජයග්‍රහණ තිබුනද, එවා බත් එක්ක කන්න බැරිය. පත්තරවල කියෙව්වද බඩ පිරෙන්නේත් නැතිය.

Apr 26, 2015

දන්නේ නෑ ඕයි. මතක නෑ ඕයි, දැක්කේ නෑ ඕයි... (23+) -


මේ ආන්ඩුව, කෙලින තරමක් කෙලින්නේ පිස්සුමය. දියවැඩියාවට බෙහෙත් ගන්න ඡන්දේ ඉවර වෙනකන් හිටපු බැසිල් ලොක්කා, බෙහෙත් අරගෙන ආපු ගමන්, වැලිකඩ යවනවාය. එතන ඉන්නා යහ පාලන පාළකයන්ට පින් සිද්ධ වෙන්න, ලෙඩා ගෙනත් ගෙවන වාට්ටුවට දැම්ම හින්දා හොඳය. හදිසියේ හරි බැසිල් ලොක්කට වැලිකඩ වාට්ටුවේදී මක්කා හරි උනා නම් හෙම, සිරිසේන ලොක්කාට නවතින්න වෙන්නේ ජිනීවා මානව හිමිකම් කමිටුවේය.

Apr 23, 2015

ජනාධිපති තුමා ජාතිය ඇමතීම.. - President address to the nation

 
ඊයේ වැදගත් කතා දෙකක් අහන්නට පුළුවන් විය. එකක්, ජනාධිපති තුමා ජාතිය අමතා කළ හරවත් කතාවය. අනෙක ගෝඨාභය මහත්තයා, මෙගා පෝන් එකකින් දීපු ටෝකය. ගෝඨාභය ලොක්කාගේ කතාව ගැන කතා කිරීම පස්සට තබා, ජනාධිපති ළොක්කාගේ කතාව ගැන කතා කොරන එක හොඳයි කියා හිතුනේය.

Apr 22, 2015

බැසිල් අත් අඩංගුවට - Basil Arrested


හනිකට ගෙදර ඇප ඉල්ලන් එන් නැතුව,
ගෙවමුද දඬුවමෙන් සියයට දහයක් වත්..? (10%)
යහ පාළනේ නැව් කඹයක් ගිල්ලාද...?
වීරයා වෙන්න ගොස් ඇදගෙන නෑවාද..?

Apr 21, 2015

මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේ රීලා... - Who is the President of Siri Lanka..?



ඇමරිකාවේ ජනාධිපති, විශ්‍රාම ගියාමත් ජනපතිය. එයාලාට කියන්නේ "මිස්ටර් ප්‍රසිඩන්ට්" කියලාය. බිල් කිලින්ටොන් මහත්තයා බලයේ නැති උනත්, එයාට කියන්නෙත්, මිස්ටර් ප්‍රොසිඩන්ට් කියලාය. එයාලා ගෙදර ගියයින් පස්සේ, ආයෙත් පුක කාගෙන ප්‍රොසිඩන්ට් කම් කොරන්න එන්නේ නැතිය. විවස්තා වෙනස් කොරන්න යන්නේත් නැතිය. එක්කෝ යුනයිඩඩ් නේසොන් එකේ ගරු කටයුතු සමාජ සේවාවක් කොරනවාය. එහෙම නැත්නම් විශ්‍රාම ජීවීතේ ආතල් එකේ ගත කොරනවාය. එක්කෝ හිලරි කිලින්ටොන් නෝනා ගේන්න සප් එකක් දෙනවාය. එහෙම මිසක්, ඔබාමාට අරින්න හෝ රට විනාස කොරන්නවත්, කොන්ග්‍රස් එකේ බිලී බාන්නවත් යන්නේ නැතිය.

Apr 20, 2015

මාස්ටර් සර්, පුළුවන්නම් ආයෙත් එන්න. - Master Sir, (R)eturn (I)f (P)ossible


මාස්ටර් සර් යන්නම ගියේය. සම්ප්‍රදාය කඩාගෙන ගිය තවත් ශ්‍රී ලංකීය පුත්‍රයෙක්, අම්මට සිරි ලංකාවට අහිමිවිය. රාජ්‍ය ගෞරව නැතිය. ඇගයීම් නැතිය, නළාකාරයෝද නැතිය, කළාකාරයෝද නැතිය. පත්තරකාරයෝද නැතිය. පිටු පුරවා ගුන ගායනා නැතිය. රනිල්  වික්‍රමසිංහ නම් මක්කදෝ ලියා තිබෙනු දැක්කේය. එයටද හේතුවක් ඇතිය. ඔහු නිර්මානකරුවකු පමණය. පොලිට්‍රික්ස් කොරන්න ගියේ නැතිය. රටට යමක් කරනවා විනා, රටෙන් කෑවේ නැතිය. එහෙව් වූ රත්තරන් මිනිසුන්, නිවී සැනසිල්ලේ අවසන් ගමන යෑමත් එක අතකින් වාසනාවක්ය.

Apr 17, 2015

ඉල්ලං කෑමට නියමිතයි... - Live or let Die


අම්මට සිරි ලන්කාවේ ජනතාව ගොනාට අන්දන කාළකන්නි දේසපාලුවන්ගේ ජනප්‍රිය කෙප්පයක් වන්නේ, "මේ රටේ ජනතාව බුද්ධිමත්..." යැයි කියනා සොලෝගන් එකය. මේ රටේ ජනතාව බුද්ධිමත් බව කෙසේ වෙතත්, රටේ ජනතාවගෙන් බහුතරය, රටවල් රාශියකින් පිරි මහද්වීපයක් අසල දූපතක සිරවී සිටිනා, අම්බ මැටි මෝල්, තකතීරූ, ගෝත්‍රිකයන් පිරිසක් බව නම්, මේ රටේ මොළේ කඳුලක් තියෙන එකාට හා දවස් දහයක් මේ රටේ සැරිසරන විදේශිකයකුට උනත් තේරුම් යන කාරනාවක්ය.

Apr 13, 2015

සැනකෙළියේ පුක එලියේ හරිම කතාවයි... - New Year & Cyber Festival


තව අවුරුද්දක් ලබනවාය. ගිය අවුරුද්ද නම්, වාසනාවන්ත පට්ට අවුරුද්දකි. අවාසනාවන්ත එකක් උනා නම් වෙන්නේ. බන්ඩාරණායකයා මේ රට විනාශ කරපු එකේ ඉදිරි දැක්ම හෙවත්, වැඩවසම් යුගයට මේ රට නැවතත් යන එකය. සජ්ජුරුවෝ, බිසවුන්වහන්සේ හා කුමාරවරු ගත්ත ආතල්, එලි වෙන්නේ දැන් දැන්ය. 

එසේ වූවා නම්, බොග දාන්න වෙන්නේත් නැතිය. සොභිත හාන්දුරුවන්ට පහසුවෙන් නිවන් යන්න හැකි වෙනවාය. පොරෝ පාර කන්නේ වැලි රාජු නොව එයැයිගේ අයියාය. නිර්මාල්ලාට, ජයම්පතිලාට, වයිට් වෑන් එකකින් රවුමක් ගහන්න පුළුවන් වෙනවාය. තව සෙට් එකකට වැලිකඩ පැත්තේ යන්න පුළුවන් වෙනවාය.

Apr 11, 2015

බුදු සාධූ, බුද්ධරක්ඛිත සාධුට කී කව.... - Poem Of Great Buddha to Buddarakkitha



බුද්ධ රක්ඛිත,
නිවනට
පාර වසා ඇත,...
කරුණාකර,
වැව රවුමෙන්,
එන්න..

-o-

මහින්ද මහත්තයා අගමැති උනාම,
නාමල් මහත්තයා,
කැන්ඩි "නයිට් රේස්" නම වෙනක් කරලා... 
නම දානවලු.. 
"බුද්ධරක්ඛිත චැලේන්ජ් කප්"
කියලා..

විශේෂ -

මෙය "මාතලන්ගේ සින්ඩියේ" මුලින් පල කලාට සමා වුව මැන...

Apr 9, 2015

තුං මුල්ලේ ගීතය.. - Thun Mulla Song


මාසෙකට විතර කලින් මාතලන් පොඩි කවියක් වගේ එකක් ලිව්වා, << "කොළඹ වාසිටියේ පෙම්බරී..." >> කියලා.. මේක, කොමෙන්ට්ස් දාපූ උන්ගෙත්, මේල් එවපු උන්ගෙත් හිත දිනා ගත්තා. මට ආයෙත් මේක මතක් උනේ, "නෙළුම් උයන සම්මාන උළෙල.." දවසෙදි. එදා, මනායි, දිලායි, ඉස්ටේජ් එකට නැගලා නෙළුම් යාය සෝන්ග් එක ගායනා කරපු වෙලාවේ.

දිලාගේ කවි වගේම, දිලාත් බොහෝම සුන්දර දැරියක්. (දැරිවි නොකියා වෙන දෙයක් කිව්වොත්, මේකේ ඉන්න වලත්තයෝ වෙන ඒවා නේ හිතන්නේ.) ඒ වගේම මනාගේ ගායනයත් මගේ බොක්කටම වැදුනා. බොහොම ගැඹුරු කට හඬක් ඌට තියෙන්නේ.

Apr 8, 2015

ජහ පාළණේට කෙල වෙයිද...? - End of the Road


පරාක්‍රමබාහූ කොළඹ ඇවිත් - පළවන කොටස <<<<<මෙතනින්>>>>>

දැන් එතකොට මාතා කියන්නේ..., නිලියොත් බ්ලැක් මනී කරයෝ කියලද...?

නිලියෝ නෙමෙයි..., ෆිල්ම් ප්‍රඩියුසර්ලත් නොම්මර එකේ බ්ලැක් මනී කාරයෝ.. වෙලේ සුදාව ලීඩ් කරපු එකා මෙහේ නෙමෙයි, ළොවෙත් නෑ..

බලාගෙන ගියාම පාතාල සිනමාවක් නේ...?


Apr 7, 2015

පරාක්‍රමභාහූ කොළඹ ඇවිත්. - King Para in Colombo


හලෝ.... හලෝ... මාතලන්ද...?

ඔව් ඔව් එයා තමයි..

මචං මාතේ මම පරා...

ඉතින් කොහොමද පැරා.. ? එදා කතා කරන්නත් බැරි උනා..


Apr 5, 2015

KG + AC = KUKUL (g)UNA + Atam & Chefaki


පිඳුම - චෙෆාකී සහ අටම්

ඇදලා ගත්තා...
දමලා ඇද්දා...
මලක් පිපුනා...
තරු විසි උනා...

Apr 1, 2015

සිලවතීගේ මාළු බානා කෙම් ක්‍රමය (23+) - Seelawathi's Fishing Method (13+)

 
අම්මට සිරි ලංකාවේ මාළු බාන්නේ තවමත් සම්ප්‍රධායික ක්‍රමයටමය. සාගර විස්ස විජ්ජාල තිබුනද, උපාධි කාරයෝ උන්නද, වෙනම ඇමතියෙක් උන්නද, එකෙක්ගෙන් වත් පයිසෙක වැඩක් නැතිය. රට වටේම සප්ත මහා සාගරයක් තිබුනත්, මේ හිච්චික් විතර දූපත් කෑල්ලේ සමහර පැති වල උන්ට, මූදු මාළු කෑල්ලක් කන්න පින නැතිය. උන්ගේ මාළු අවස්සතාව තේරුම් ගත්ත ජේ ආර් පප්පා මිරිදිය මත්ස්‍ය කර්මානතේ ආරම්බ කරන්න ගිය ගමන්, අපේ ඝන තට්ටයෝ සැට් එක සිවුරු කරට ගත්තේය.