.

.

Jun 30, 2013

තේ යාරයක් දාන්න.... - Tea with condensed milk



ටින් කිරි පෝස්ට් එකක් දාන්න ගිහින්, මාත් මාර ටින්කිරි පාරක් නේ ගාගත්තේ, අන්තිමේදි, උණවටුනේ ගිහින් නැවතුනේ. මේ ටින් කිරි තේ හදනවා, ඉස් ඉසෙල්ලම දැක්කේ, මම කියපු අර පාසිහේනේ කන්ද උඩ කඩේ. මේ ළඟදි තම්බියෙක්ගෙන් (අපහාසයට නොවේ) අම්බානක කන්න ගිහින් බේරුන, ඔය සැමා කියනවා වගේ, අද "විස්කම් නිවස" කියන්නේ, එදා මැටි කර්මාණ්ත ශාලාව.

ඕකට අපි ඒ කාළේ කිව්වේ "මැටි මෝල" කියලා. ඒකේ වැඩ කරන උන්ට කිව්වේ "මැට්ටෝ" කියලා. ඔතන තියෙන පාරෙන් තමයි ආයිබෝවන්ඩ, "වීජමූගේ සර්ප විෂ වෙද රෝහලට" යන්නේ. ඒක අද තියෙනවද, නැද්ද කියන්න නම් දන්නෙ නෑ. ටින් කිරි තේ එක නමෝ විත්තියෙන් දැකපු කඩේට අපි කියන්නේ කියන්නේ "කළු කඩේ" කියලා.

Jun 28, 2013

ටින් කිරි.... තේ.... - Malayalam Tea



අද කැළණිය ප්‍රසිද්ධ මොනවටද කියලා ඇහුවොත්, ඕන එකෙක් කියන්නේ, පාතාල කේස් වලට කියලාය. මේ ආසනේ නියෝජනය කරන, අපේ ගරු ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමා අනික් උන් වගේ නෙමේය. ගේම නම්, ගේමය. අනුන් ලවා කොස් ඇට බාවන්න යන්නේ නැතිය.

මේ පින්කඳ සුද්ද කරනවා කියා, බොහෝ දෙනෙක් මට ආඩපාලි කියනවාය. මට, ඒ අයට කියන්නේ, අපේ එක්කෙනාගෙයි, අනික් උන්ගෙයි කිසිම වෙනසක් නැතෙයි කියාය. පොරගේ ගේම් නිසා, අද කැළණිය පරසිද්ද, කප්පම්, බොතල් හවුස්, මර්ඩර් කේස් වගේ ඒවාටය.

Jun 26, 2013

සිරි පැරකුම් කතා වස්තුව - Legends of Sinhala Cinema


 
පිඳුම - හිතවත්, වී පොකුරෙ වීයාට....

අඩෝව්...
මම රාජ කුමාරයෙක් නෙමෙයි....!!!
මම ගමේ කොල්ලෙක්..!!!
ඒත්, අද මගේ ළඟ..
ලෙස්ටර්ද බල්ලෙක්.

වැලැඳ කුස සිඹිමිනා,
වැඳ වැටී පා නමඳිනා,
මහ රජානෝ අපේ...
ගමේ කොල්ලෙක්.
ගමේ කොල්ලෙක්.

Jun 24, 2013

විනය තකා, වාටි ලිහීම.. - School Uniform for Barbarians



අම්මට සිරි ලංකාවේ ප්‍රවීණ හා ජේෂ්ඨ ජනමාධ්‍යවේදීන්ගේ පත්තර හා රූපවාහිනි නාලිකා කියවූ විට හා නැරඹූ විට, සිංහල තේරෙන වෙන ජාතියක එකෙකුට සිතෙනු ඇත්තේ, මේක සිවිලයිස් සමාජයකට වඩා බාබේරියන් සමාජයක් බවය. පිට රට උන් ඕනා නැත. අපේ රටේ වුවද, මොළයක් තීබෙන එකෙකුට නම්, මේ රට පෙනෙන්නේ එලෙසය. එය හෙලා දැකීම කෙසේ වෙතත්, අගය කරනා පිරිස වැඩි බව, මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් පවත්වන කප්පරක් මැතිවරණ වලින් ඔප්පු කොට හමාරය.

Jun 22, 2013

සිංහල සිනමාවේ කඩාවැටීම හා ඩයනගෙ මගුල - History of TV's in SL


මේක මේ කලින් ලියපු පල්හෑල්ලක, තවත් දිග හැරුමක්. පරණ පල්හෑල්ල බලන්න ඕන නම් මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න...
ඩයනගෙ මඟුල, සිංහල සිනමාව හා අපේ ටැලිවිසොන් එක... - History of Television

ඕන් ඉතින් "ටොෂීබා" ටැලිවිසොන් එක, කැබිනට් එක උඩ තියලා, කස්ටියම කට ඇරගෙන බලා ගෙන ඉන්නවා.. අර වහින එක නැවතිලා, අළු පාට ඉඳන් කළු පාට වෙනකන් දික් අතට ඉරි ටිකත් එක්ක "කීන්" ගාන්න පටන් ගත්තා.. ඊට පස්සේ ජාතික ගීය. ඒ කාලේ ෆිල්ම් හෝල් වලත්, සෝ එක පටන් ගන්න ඉස්සෙල්ලා ජාතික ගීය යනවා. අපරාදේ කියන්නේ ඔක්කෝම නැගිටලා ආචාර කොරනවා. ඊළඟට යන්නේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවෙන් පෙන්නන රටේ සංවර්ධන වැඩ සටහන්. ඊට පස්සෙ කමින් කෑලී. අපරාදේ කියන්නේ, ඒවට තමයි මැක්සා චියර් එක එන්නේ. ඇයි ඉතින් පෙන්නන්නේ සෝ එකේ තියෙන හොඳම කෑලි නේ.

Jun 19, 2013

ගව පෙරහැර නවතනු..!!! - Stop...Mad Cow Decease..!!!

 
අති ගරු මහානායක හිමිවරුනි,
ජනාධිපතිතුමනි,
ආරක්ෂක ලේඛම් තුමනි,
"බුද්ධිමත්" බෞද්ධ පින්වතුනි,

තිස් වසරක යුද්ධය ..
වසර තිහක කාළයක් අප විඳි දුක් කන්දරාව නිවා දමා ගතවූයේ වසර 4 ක් පමණි. එසේ වසර 30 ක් මේ රට සිඳුවූ විනාශය හා සසඳා බලද්දි, ත්‍රස්තවාදී ක්‍රියාවක් හේතුවෙන් උතුරේදී මිය ගිය ජීවිත 13ක් වෙනුවෙන්, දකුණේ අහිංසක දෙමළ පුරවැසියන් වෙත එල්ල කල, මාරන්තික ප්‍රහාරය වලක්වා ගත හැකි වූයේ නම්, මේ ප්‍රශ්ණය හෙතුවෙන් රටේ කීර්තීනාමයට සිඳුවූ හානිය, වටිනා ජීවීත, මිළ කළ නොහැකි දේපල හානි හා රටේ සංවර්ධනය ඇන සිටීම මෙන්ම, අදටත් අප විඳවන 13 ව්‍යවස්ථා වැනි කිසිවක් ඇති වන්නේ නැත.

Jun 17, 2013

පුටින්ගේ හොර ආලේ....(18+) - From Russia With Love (18+)


ස්සර නම් ළෝකේ උන්නේ බලවන්තයෝ දෙන්නයි. ඒ ඇමරිකාවයි, රුසියාවයි, හැබයි ඇමරිකාව සීතල යුද්දෙකින් රුසියාවට ගෙම දුන්නා. රුසියාව කෑලි කෑලි වලට කැඩිලා ගියා. ඒ කරලත් රුසියාවේ බලය පොඩ්ඩක් වත් අඩු  වෙලා නෑ. යුධ බලය වගේම, ක්‍රීඩාවෙන් උනත් රුසියාව තවමත් ඇමරිකාව එක්ක කරට කර ඉන්නවා. එහෙම ඉන්න එක හේතුවක් තමයි, බොහොම නිර්භීත නායකත්වයක් රුසියාවට තියෙන එක. ඒ තමයි ව්ලැඩිමීර් පුටින්, මට නම් වත්මන් ළෝකේ ජීවත් වන නායකයන්ගෙන් බලවත්ම නායකයා තමයි ඔහු. ඔහුට බලය නොමැති කාලෙත්, තමන්ගෙ බොක්කක් වන දිමිත්‍රි මෙද්වදේව් ජනාධිපති කරලා හෙමීට පාළනේ තම අතේ තියාගෙන නූල් සූත්තරයක් දාලා, ආයෙත් ජනාධිපති වෙච්චි හාදයනේ.

Jun 16, 2013

බල්ලෝ - Dogs


බල්ලෝ ගැන ලියන්න ගියොත්, බලු එන්සයික්ලෝපීඩියා එකක්, එහෙම නැත්නම් විස්සකෝසයක්ම ලියන්න වෙනවාය. මේ ලියන්න යන්නේ දේශපාලනේ ඉන්න බල්ලන් ගැනය. දැනටත් එංගලන්තේ රජ පවුල් වල උදවියගේ එක එක ආතල් තියෙනවාය. ඒවා මේ හැම එකාටම කොරන්න බැරිය. රජ පවුලේ උන්ට විතරය. මේ ආතල් එක අපේ රජවරුත් කරලා තියෙනවාය. නමුත් අපේ උන්ගෙයි එංගලන්තේ උන්ගෙයි වෙන්සක් තියෙනවාය.

Jun 12, 2013

සුදු අලි පාටිය (පලා බබා බොරුව) - White Elephent Party


පලා බබා සුදු අලියෙක් කියන්නේ මම නෙමේය. දේශපාළණය කරන හැම එකාම ඒක දන්නේය. බබාලා කියන්නේ වටිනා සම්පතක් උනත්, වැඩි උනාමත් බොහොම කරදරය. සමහර උන් එහෙම බබාලා හම්බ උනාම, ඉස්පිරිතාලෙම දාලා යනවාය. සමහර උන් කුණු ගොඩට විසි කරලා දානවාය, සමහර උන් ඉපදෙන්නත් ඉස්සර වැඩේ දෙනවාය. සමහර උන් වෙන කාටහරි දීලා දානවාය. මේ එහෙම දීලා දාපු බබෙක්ය. නිකන් දීපූ බබෙක් නොවේය. පරිප්පු දාලා බයකරලා, ඇඟේ ගහපු බබෙක්ය. කොහොම හරි එහෙම දුන්න නිසාද මන්දා, බබා නිසා, එයාගේ දැන් තාත්තා නම් මාර පරිප්පුවක් කනවාය.

Jun 10, 2013

කාළගුණේ, හුළං බොකනවද? - Met... Are you wet?



කොටින්ගෙන් නැගෙනහිර මුදාගත්ත කාළයේ, යාලුවෝ සෙට් එකක් එක්ක ආරුගම්බේ ගියේ, එහේ ඇස් ටී ඇෆ් එකේ උන්න මහ එකා, ගජයෙක් උන නිසාය. අපි ගියපු කාලයේ සුද්දෝ ජෝඩු තුනකුත් උන්නේය. ඒ පැත්ත පලාතම පාලු සොහොනක් වාගෙය. ඒ උනාට අපි නැවතුන හෝටලේ නම "සුනාමි" ය. සෙනෙවිරත්න නම් අපේ මහදැන මුත්තා ඇහුවේ "සුනාමි" කියන් එකේ තේරුම මොකක්ද කියාය. මම කිව්වේ සුද්දියෙක්ගේ නමක් වෙන්න ඇති කියලාය. ඒක එහෙම නොවන බවත්, සුනාමිය කියන්නේ මුහුදේ හටගන්නා බූමීකම්පාවක් හේතුවෙන් ඇතිවන දැවන්ත රළ පහරකට බවත්, පුච්චපු මාළුන් හා රහමෙර, අප ගත සිත පිනවා යද්දි, අපට කියාදුන්නේ අද දිවිය ලෝකයේ ඉන්නා අපේ ඒ සුන්දර බක පන්ඩිතයාය.

Jun 8, 2013

Sirasa Super Star Season 5 - අති විශිෂ්ඨා.............යි.....!!!!



ටෙලිවිෂන් ඉතිහාසයේ කවදත් අළුත් අළුත් දෑ ලංකාවට හඳුන්වාදෙන, "සිරස" නාලිකාවේ, සිරස සුපර්ස්ටා වැඩ සටහනේ, අවසන් වැඩ සටහන ඊයේ රෑ ඉවර උනේය. එහිදි අවුරුදු 17 ක් විතර වන උස හැන්ඩි කොල්ලෙක් උන, දසුන් මධුසංඛ රුපියල් කෝටියේ ප්‍රථම ත්‍යාගයට අයිති, ලොකු කාඩිබෝඩ් එකකුත්, උස්සන්න බැරි සම්මානයකුත් අරගෙන ගෙදර ගියේය. මේ වැඩසටහන විනිශ්චය කරන්න දාලා ඉන්නා අය අතරින්, සංගිතය පිළිබඳ ඉහළම දැණීමක් ඇති, එහෙත් හැසිරීමෙන් පොඩි එකෙකුටත් අන්ත, හේෂාන් බුවා නිතරම කියනා පරිදිම, මවර තරඟය නම් මුල පටන්ම අති විශිෂ්ඨමය.

Jun 6, 2013

නඩුකාරයෝ හා බඩුකාරයෝ (18+) - Mental disorder judges (18+)



කලින් පෝස්ට් එක ලිව්වේත්, නීතිය හා ඩෙංගු ගැනය. අද ලියන්න වෙලා තියෙන්නේ, නීතිය හා කලවා මිරීකීම ගැනය. අපේ රටේ නීතියක් නැත. නීතීය හා සාමය රකින්න ඉන්න උන් කුලියට මිනි මරණ රටේ. නීතියේ දෙව්දුව වැඩවසන අධීකරණයේ, නඩුකාරයාගේ චේම්බර් එක ඇතුලේ, විත්තිකාරයාගේ බිරිඳ දූෂණයට ලක් කලේ අද ඊයේ නොවේ. ඒ නොම්මර එකේ බඩු කාරයෙකුට, අධිකරනය බාරදුන්න කාළයේය. ඒවා ගැන එදා කතා කලේ වික්ටර් අයිවන් විතරය. අද එතුමාට ඒවා කතා කරන්න වෙලාවක් නැතිය. මිලියන 200 ක් නැතුව පිස්සු වැටිලා ඇමරිකන් බයිලා ගහනවාය.

Jun 5, 2013

ඩෙංගු හා ගොන්නු - Dengue and Inefficient Officials


අපේ රටේ නීතී ක්ෂේශ්ත්‍රයට ලබලා තියෙන්නේ කරුම දසාවක්ය. "චීෆ් ජස්ටිස්' නෝනා, "චීප්" වෙලාම ගෙදර ගියේය. ඊට පස්සේ හීනෙන්වත් නඩු අහලා නැති මහත්තයෙක්, "චීප් ජස්ටිස්" වෙලා ආවේය. ඊයේ පෙරේදා, විත්තිකාරයාගේ ගෙදර, මේසන් බාස් කෙනෙක් හොයන්න ගියපු නඩුකාර හාමුදුරු කෙනෙක්, මහ උළුගෙදර ගියේය. එහේදිවත් උන්නැහේට බාසෙක් හොයාගන්න පුළුවන් උනොත්, එලියට ඇවිත් හරි ගේ හදාගන්න පුළුවන්ය. නීතී විජ්ජාලේ අවසන් වසරේ ගෑල්ලමයෙක්ගේ අත කපලා දැම්මේත් මෑතකය. හැම එකාම අත දෙන්න ගියත්, කෙල්ල තවම අතක් නැතුව ඉන්න බවත් පත්තර පිටු පුරවලාම තිබුනේය.

Jun 4, 2013

කොලිටි බාල අටපිරිකර - Low Quality


මේකත් කලබලේට ලියලා "පින්තූරූ" බ්ලොග් එකේ දාපු එකක්. දෙන්නෙක් තුන්දෙනෙක් කිවා "මාතලන්" එකෙත් දාන්න කියලා, ඒත් මේකේ වර්ෂන් එක ඊට වඩා ගොඩක් දිගයි......

හතර අතට ණය වීලා,
හතර වරිගෙ නිවන් යන්න..
හතර ගාතේ වැඳ වැටිලා,
අෂ්ඨපරික්කා පූජා..
-
ගෝල්ඩ් කලර් සුපර් කොලිටි......

ඊළඟ දවසේ උදේම,
පෙට්ටගමෙන් රහත් වෙලා,
අටපිරිකර සාප්පුවේ,
අල්මාරියටම වැඩලා....
වැඩ ඉන්නව සාධු සාධු...!!!
-
කොලිටිය නැති වැඩ ඔව්වා....

Jun 2, 2013

ඩයනගෙ මඟුල, සිංහල සිනමාව හා අපේ ටැලිවිසොන් එක... - History of Television



නෙළුම් විලේ බැහලා ඉන්න බින්දි මේ මෑතකදි එයාලගේ ගෙදරට නමෝ විත්තියෙන් රූප පෙට්ටියක් ගෙනාපු විසතරේ ලියල තියෙනවා දැක්කම මටත් හිතේ ආසවක් ආවා අපේ ටැවිසොන් පෙට්ටිය ගැනත් මක්ක හරි ලියන්නම ඕනේමයි කියලා. ඒවා අපේ ජීවිතේ සංදිස්තාන, ටැලිවොසොන් එක ඉතරක් නෙව්යි, වොෂින් මැසින්, ස්ටීමර් අයන්, ග්‍රයින්ඩර්, අවන් අරක මේක ගැජ මැටික් ඔක්කෝම අපිට ඒ කාළේ මැජික්ම තමයි.