.

.
Showing posts with label Ronnie de Mel. Show all posts
Showing posts with label Ronnie de Mel. Show all posts

Mar 1, 2024

හිල් මැකූ අයවැයෙන්.. විවෘත ආර්ථිකයෙන්.. රට ගොඩ දැමූ... රොනී ද මැල්

 


හිල් මැකූ අයවැයෙන්..

විවෘත ආර්ථිකයෙන්.. රට ගොඩ දැමූ...

රොනී ද මැල්

➖➖➖➖⭕


රොනී ද මැල් ගැන දැන් ඉන්නා වුන් නොදන්නවා වුවාට... රොනී ද මැල් කියන්නේ... මේ රටේ සියළුම ක්ෂේශ්ත්‍රයන් උඩුයටිකුරු කළ විප්ලවීය දේශපාලකයෙකි... ඒ බව ඊයේ රනිල් වික්‍රමසිංහගේ කතාවෙන් ඉස්මතු විය. ඇත්තටම ඔහු වත්මන් ලාංකිය ආර්ථික ක්‍රමයේ පියා ලෙස නම් කිරීමේ කිසිඳු වරදක් ඇත්තේ නැත.


විධායක ජනාධිපති ක්‍රමය හා විවෘත ආර්ථිකය අහෝසී කරනවා යැයි කියා පාරම් බා බලයට එන හැම එකාම කරන්නේ... එය ආරක්ෂා කරමින් පවත්වාගෙන යාම මිස.. අහෝසී කිරීම නම් නොවේ.. ඒ දෙකෙහිම අගය වටහා නොගත් අමු ගොබ්බ ගෝටාට සිඳු වුයේ... නූලෙන් පණ බේරාගෙන රටිනුත් පලා යාමටය. ඒ දෙකෙහිම අගය කොතරම්ද යන්න රනිල් වික්‍රමසිංහ විසින් දැන් පෙන්වමින් තිබේ.


රට ලෝකයට විවෘත වී... ධනවාදී රටවල පුරවැසිභාවය ලබාගෙන...  ස්තිර පදිංචී වී සැපවත් ජීවිත ගත කරන ගං කබරුන් පවා... අද රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්ති වලට විරුද්ධ වන්නේ නම්... 1977 වැනි සමාජවාදයෙන් රට විනාශ කළ යුගයක... විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් රොනී ද මැල් ගෙනා බජට්... එවන් හාල්පාරුවන්ට... "හිල් මැකූ" බජට් වීම අරුමයක් නොවන්නේමය.


විවෘත ආර්ථිකයෙන් ලද සියළු වරප්‍රසාදයන් භුක්ති විඳිමින්... දේශීය සංවෘත ආර්ථිකයක් ගැන හා සම්පාකාර ගැන ලියන කියන සියල්ලෝම... පට්ට ගෝත්‍රික අම්බරු කුහකයන්ම පමණි. හොඳම උදාහරණයන් වන්නේ ජෙප්පෝය. 


ස්වදේශීය කර්මාන්ත... ස්වදේශීය නිශ්පාදනයන් ගැන පාරම්බානා එහි නායකයෝ අඳින්නේ පලදින්නේ... ලෝ පතල බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැලඳුම්‍ය. ඒවා උන්ට ලබා දෙන්නේ විවෘත ආර්ථිකයේ පිහිටෙන් ගොඩ ආ ව්‍යාපාරිකයෝය. ඉන් සම-හරක් ව්‍යාපාරයන් කරන්නේ විදේශයන්හීය. උන්ගේ පක්ෂ අරමුදල තර කරන්නේ පට්ට ධනවාදී රටවල වෙසෙන කලු සුද්දෝය. ආන්ඩු කරන්න ඉන්නේත් උන් එවනා ඩොලර් 500 න්‍ය. කියන්නේ එකකි... කරන්නේ වෙනකකි.


අපේ දේශීය කර්මාන්ත වලට කෙලවූයේ... ආර්ථිකය විවෘත වීමත් සමඟ... ඉහළ ප්‍රමිතියකින් හා අඩු මිළ ගනන් වලට පැමිණි බඩු භාණ්ඩ අහලකටවත් ඒමට... අපේ බාල බඩු වලට නොහැකි වීමත්, අකාර්‍යක්ෂම හා අධිකාරිවාදී රාජ්‍ය ව්‍යවසායකය යටතේ පැවති එම ආයතනවල ඉහළ නිලධාරීන්ට... විවෘත ආර්ථිකයක් යටතේ වුවත් ඒවා දියුණු කිරීමට කිසිඳු දැණීමක් නොතිබූ නිසාවෙන් මිස... වෙන කිසිඳු හේතුවක් නිසා නොවේ. 


උන්ට අවශ්‍ය නම් මේවා විදෙස් ආයෝජකයින් හා එකතුව ජාත්‍යන්තරයන්ටම ගෙනයාමේ මහඟු අවස්ථාවක් තිබුනත්, අපට පසු විවෘත ආර්ථිකය වැළඳගත් ඉන්දියාව හා වියට්නාමය අද අංක එකේ ලෝක බලවතුන් වෙමින් වී අවසානය. රුසියානූ සාහිත්‍ය පොත් කිය වූ... කාල් මාක්ස්ගේ ගෝලයෝ වූ ඒ නිලධාරීන් ඇමරිකාව ගැන දැනගෙන උන්නේ නැතිය.


අදත් රාජ්‍ය ආයතන විකිනීමට, ප්‍රතිව්‍යූහගතකිරීමට විරුද්ධ වන්නේ..  එවන් හාල්පාරුවෝමය. සම-හරක් ගෙනෙනා තර්කයන් වන්නේ... ලාබ ලබන ආයතන විකුණන්නේ ඇයිද යන්නයි. ඊට හොඳම උදාහරණයක් නම් අපේ ගුවන් සේවයයි.


එමිරේට්ස් ගුවන් සේවයේ පරිපාලනයට පවරා... ලොව අංක එකේ ගුවන් සේවයක් වෙමින් තිබූ එයාර් ලංකා සමාගම... නැවත ආන්ඩුවට පවරා ගන්නේ රාජපක්ෂවරුන්‍ය. ඒ සමාජවාදි ප්‍රතිපත්ති අනුව යමිනි. ඉන්පසු එය රාජ්‍ය ආයතනයකට වඩා... රාජපක්ෂ පවුලේ බූදලයක් වූ අතර, දේශපාලන හෙන්චයියන්ගේ රජදහනක් වූයේය. අදත් එහි සභාපති රාජපක්ෂ හෙන්චයියෙකි. 


ඔවුන් ඊට කළ විනාශය කොතෙක්ද යන්න දැන් ගෝනෑම ඔනෙකුට තේරෙනවාය. නිකන් දුන්නත් ගන්න එකෙක් එන්නේ නැතිය. දැන් ඒවායේ මගීන් වෙනුවට යන්නේ මීයෝය.


රොනී ද මැල් දේශපාලනයෙන් සමුගත්තේ ජේ ආර්ගෙන් පසු පක්ෂය තුල නායකත්වයට ඇති වූ ගැටුම් හේතුවෙනි. ඔහු රටට දෙයක් දායද කළ ධානපතියකු මිස... අද ඉන්නා දේශපාලුවන් මෙන් කම්බා හොරෙක් නොවේ. ඔහු මුලින්ම හොඳ සිරි ලංකා කාරයෙකි. දේශීය ආර්ථිකය මෙරටට කළ විනාශය අත්දැකීමෙන් දැක... ජේ ආර් හා එක් වූ යුග පුරුෂයෙකි. 


ගල්කිස්ස සාන්ත තෝමස් ඉස්කෝලෙට ගියපු එකෙක්වත්... දැන් රාජ්‍ය සේවයේ ඇතැයි මාතලන් නම් සිතන්නේ නැතිය. එහෙත් ඔහු දේශපාලනයට එන්නේ... රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනිමෙන් අනතුරුවය. බොහෝ විට ජේ ආර් වරක් කියූ... මට AR, FR වැඩක් නෑ ඕයි... මම JR යැයි කීවේ... රොනී විසින් රාජ්‍ය සේවය හා එහි පරිපාලනය ගැන... ජේ ආර් උන්නැහේ දැණුම්වත් කළ හේතුවෙන් නිසා විය හැකිය.


උන්නැහේ ගෙන ආ ආර්ථික ප්‍රතිපත්තිය.. ඔහුගෙන් පසු පැමිණි වුන්ට නිවැරදි ලෙස පාලණය කළ ගැන්මට නොහැකි වීම... උන්නැහේගේ වරදක් හෝ ක්‍රමයේ වරදක් නොව... ඒවා පරිපාලනය කරනා උන්ගේ වැරදිය.


මුළු ලෝකයම ආර්ටිෆිෂල් ඉන්ටෙලින්ජන්සි සමඟ මහා විප්ලවීය... ආර්ථික, සමාජීය හා සංස්කෘතික විප්ලවයකට පෙල ගැසෙන මේ මෙහොතේ.... 


මියගිය රොනී ද මැල් මහතාට හා විවෘත ආර්ථිකයට බැන වදිමින්... දේශීය ආර්ථිකයකින් රට ගොඩ ගන්නට බලය ඉල්ලනා වුන් යැවිය යුත්තේ.... ජනාධිපති මන්දිරයට නොව මුල්ලේරියාවේ පිස්සන් කොටුවටය.

.