.

.

Mar 30, 2022

විපක්ෂය බුද්ධිමත් නම්, මේ මොහොතේ කළ යුත්තේ කුමක්ද?

 


රට ගොඩගත නොහැකි තරමටම වැටී අවසානය. දැන් වලේ වැටුන රාජපක්ෂලා වල කටින්ම ගොඩ ආ යුතුය. ඒ ගැන පසුව ලියමි.

විපක්ෂය මේ මොහොතේ රට පුරා ගෙනයන ප්‍රජාතන්ත්‍රවාදි උද්ඝෝෂණ අනිවාර්‍යයෙන්ම ඉදිරියටත් ගෙන යා යුතුය. 

මන්ද රාජපක්ෂලා විපක්ෂයේ උන්නේ නම්, රටේ ඇතිවන විරෝධතා ගැන, දේශපාලනය ගැන අබ මල් රේණුවක මොළයක් තිබෙනා එකෙකුට ඉතා පැහැදිලිය.

මහින්දලා සිඳුකළ පාද යාත්‍රා, උද්ඝෝෂණ, බයිසිකල් පැදීම් එක්ක ගත්තාම මේ විරෝධතා නිකං මොන්ටිසෝරී ෆැන්සි ඩ්‍රෙස් පැරේඩ් වාගේය.

නමුත් එම විරෝධතා සාමාන්‍ය ජනතාවට හිරිහැරයක් නොවන පරිදි, එදිනෙදා ජන ජීවීතයට හානියක් නොවන පරිදි, බිලි පූජාවලින් පිරි, දේපල විනාශ කරනා ප්‍රචන්ඩත්වයෙන් තොරව පවත්වාගෙන යාම සියළුම පක්ෂවල වගකීමය.

මන්ද, රටේ තිබෙනා ප්‍රශ්ණ මදිවාට, සාමාන්‍ය ජනතාවට තවත් පරිප්පුවක් කන්නට බැරි නිසාය. 

අප එසේ කියන්නේ වත්මන් විපක්ෂයේ කිසිවකු හෝ ළඟ මේ අර්බුධයෙන් ගොඩ ඒමේ ක්‍රියාදාමයක්, දර්ශනයක් හෝ වැඩපිලිවලක් තියා අඩුම තරමේ යෝජනාවක් හෝ පැමිණ නැති නිසාය.

විපක්ෂයේ නොව මේ රටේ ආර්ථික විජ්ජග්නයන් ළඟද, මහ බැංකුවේ උන් ළඟද කිසිඳු පිලියමක් නැත.

ඒ තබා ජනාධිපතිතුමා පත්කළ ව්‍යවසාකයින්ගේ කමිටුවද ගෙන ආවේ මාර ලොල් සගගත යල් පැන ගිය ජනප්‍රිය යෝජනාය.

එකෙක් කිව්වේ....., මේ රටේ අර ස්පාඤ්ඤයේ වාගේ, ෆොරිනර්ස්ලාට රෙසිඩන්ස් වීසා දී බිලියනයක් ගේනවා කියලාය. 

දවසකට පැය 10 ක් ලයිට් කපන, පැස්ටෝල් ගහන්න පෝලීමේ කට්ට කන, ගෑස් නැතිව දර ලිපේ උයාගෙන කන මේ බඩකඩුත්තුවේ, රෙසිඩන්ස් වීසා ඉල්ලන එකා, එක්කෝ අර්ෂශ් රෝගියෙක් විය යුතුය. එහෙම නැත්නම් යෝජනාව ගෙනා එකා වගේම පිස්සෙක් විය යුතුය. පෙර පිනකට සල්ලි කාරයෙක් උනාට ඔක්කොම දන්නවා කියා රඹ ටෝක් ඉෂු කිරීමත් රෝගයක්මය.

මාතලන් කලිනුත් කීවා වාගේ මේ මොහොතේ කළ යුත්තේ, විදෙස් රාජ්‍යයන්, ආයතන හා විශේෂඥයින්ගේ සහාය ලබා ගැනීමයි. එසේ නොමැතිව මේ වලෙන් ගොඩ ඒමට නොහැකි බව, ආන්ඩුව මෙන්ම විපක්ෂයද අවබෝධ කොටගෙන සිටීම රටේත් ජනතාවගේත් වාසනාවය.

මොරි මාඩ කහකඩයෝ හා විමල්, උදය, ගෙවිඳු වැනි අමු ජාතිවාදී, ජාතිකවාදී, ආගම්වාදි මළ මූසලයින් හැර, අන් සියල්ලෝම ඉන්දියාවේ විදේශ ඇමතිගේ දේශීය සංචාරය ගැන වචනයකින් හෝ විරුද්ධ නොවීම ඊට හොඳම උදාහරණයකි.

එහෙත් මේ සොලියුසොන් එකටත් විරෝධතා ඒම කිසිසේත් වැලැක්විය නොහැකිය. මන්ද මෙරට ඉන්නේ පිටරට ගියත් ළිං මැඩි මානසිකත්වයෙන් පිරි, මේ ලක සියල්ලෙන් සපිරි ලෝකෙන් උතුම් රට යැයි සිතා සිටිනා ගව ගාලක්ම වන හෙයිනි.

උන් දන්නා බැඳුම්කරකරයක්වත්, ස්වෛරී බැදුම්කරයක්වත්, ජාතික ආදායමක්කත්, දල දේශීය නිශ්පානයක්කත් මෙලෝ ආර්ථිකයක්කත් නැත. උන් දන්නේ කෙප්ප කෙලින දේශපාලුවෝ දෙන ළණු අඹරා ගිලින්නටම පමණි.

මෙයින් ගොඩ ඒම ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවේ. එමනිසා මේ මොහොතේ රාජපක්ෂලා එලවා ආතල් එකක් ලබා ගත හැකි වුවත්, එය මොහොතක සුවදෙන ආතල්ලෙකක්ම පමණි.

ඊ ළඟට අම්මමෝ නැතිව කුණු බැණුම් අහන්න වෙන්නේ, ගත්ත උන්ට හා උන්ගේ අම්මාවරුන්ටය. මොකෝ බයියෝ ගේම ඉල්ලන්නේ මීට හපන් විදියටය.

ඒ නිසා විපක්ෂයට මොළයක් බුද්ධියක් කියා දෙයක් ඇත්නම්, මේ මොහොතේ කළ යුත්තේ පකිස්තානයේ වාගේ විශ්වාස භංග ගෙන ඒමවත්, ආන්ඩු පෙරලීමවත් නොව, මේ පරිප්පුව තොපිම කාපිය කියා කින්ඩි දම දමා ඉන්න එකය. 

ඒ විපක්ෂයටය.

මේ ආන්ඩුවටය.

වලක වැටීම මොළයට ලාභයකි කියා චීනයේ මා ඕ සේතන් මාමා කියලා තියෙනවාය. ඒ නිසා වැටුන වලෙන් ගොඩ ඒම රාජපක්ෂලාට ඇති චැලේන්ජ් එකය.

මහින්ද හරියටම යුද්ධය කරන්න පටන් ගත්තේ ලොක්කා බිත්තියටම හිර කරායින් පස්සේය. හැබයි වැඩේ නැවැත්තුවේ ප්‍රභාත් ඉවත් කරලාය.

ඝෝඨාද විපක්ෂයේ උන් හා සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රයේම උන් ලෙඩේ අදිද්දීත් හමුදාවේද සප් එක ඇතිව කොරෝනා උවදුරෙන් රට මුදා ගත්තේය. එය ලොව පුරා ඇගයීමටද ලක්වී අවසානය.

දැන් ඇත්තේ ආර්ථික යුද්ධය ජය ගැන්මය. ඒ සඳහා යා යුතු මඟ දැන් හරි පැහැදිලිය. රට ගොඩ ගත හැක්කේ ස්වදේශීය ආර්ථිකයකින් නොව, විදෙස් රාජ්‍යයන්, ආයතන හා ආයෝජකයින්ගෙන්ම පමණි. අන් සියල්ලන්ටම කඩා බැසිල් රාජපක්ෂ එය මනාව අවබෝධ කොටගෙන ඇති බව පැහැදිලිව පෙනෙන්නේය.

මෑත ඉතිහාසයේ දියුණු වූ රටවල් ලෙස ගත හැකි කොරියාව ඩුබායි සිංගප්පූරුව මැලේසියාව තබා ලෝක බලවතෙකු වූ අසල්වැසි ඉන්දියාවත් දියුණු වූයේ විදෙස් විශේෂඥයින්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේය.

ඕනෑම නම් අම්මාගේ ආසාවට, කාබනික මේනියාව හා ස්වදේශීය ආර්ථිකයකත් විනෝදාංශයක් ලෙසින් කලාට මාතලන්ගේ අහිතක් ඇත්තේ නැතිය.


ඒ වගත් මෙසේය..

Mar 25, 2022

උද්ධමනය 55%, තත්වය අසාධ්‍යයි, එහෙත් බෙහෙත් ඇත.

වීඩියෝව මෙතනින්

 https://fb.watch/b_gbb3Cv1g/

මාතලන්... හර්ෂලා, එරාන්ලා, බන්ධුලලා වගේ ප්‍රොෆෙෂනල් ඉකොනොමිස්ට් කෙනෙක්වත් ආචාරියෙක්වත් උස්තාද් කෙනෙක්වත් නෙමෙයි.

හැබයි මීට දවස් හයකට කලින් මම කිව්වාම ඇත්ත උද්ධමනය මහ බැංකුවේ උන්වත් ආන්ඩුවේ කෙප්ප කෙලින උන්වත් කියන 16.5% නෙමෙයිය, ඇත්ත උද්ධමනය 50% යි කියලා ගොඩක් උන් මට හිනා උනා.

ඒත් ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විස්ස විජ්ජාලේ, ස්ටීව් හෑන්ක් කියන කියන මේ ආර්ථික දොස්තර මහත්තයා කියන්නේ ඒක 55% ක්‍ය කියලා.

එයාලා ලංකාව ගැන කියන බොහෝ දේ සැබෑ වෙලා තියෙනවා වගේම, ලංකාව ගැන විශේෂ අධ්‍යයනයක නිරත වෙන ආයතනයක්.

අම්මට සිරි ලංකාවට මේ දේ වෙන්න හේතූ රාශියක් තියෙනවා.

▪️ පළවෙනි එක තමයි පී බී ගේ යෝජනාවක් වන ඩොලරය මත රුපියලේ අගය පාලනය කිරීම.

මේක අමු ගොබ්බ වැඩක්ය, ඩොලරයට නිදහසේ පාවිය දිය යුතුය, එහෙම නැත්නම් වෙන්නේ දිය යට ඔබාගෙන ඉන්න රබර් බෝලේ අත ඇරිය ගමන් උඩ එන එකය කියලා දහස් වාරයක් ලියලා ඇති.

දැන් වතුරෙන් උඩටත් විසිවෙලා බෝලේ අල්ල ගන්න බැරිව කස්ටිය හත් පොලේ ගාගෙන නානවා.

▪️ දෙක පී බී ගේ ගුලි කාලා වැට් එක අඩු කරපු එක.

මේකෙන් ව්‍යාපාරිකයෝ තව තව පොහොසත් වෙලා, උන් ඒ සල්ලි පිටරටවල් වල ගිහින් ඉන්වෙස්ට් කලා හෝ ඉතිරිකලා මිස ආන්ඩුව බලාපොරොත්තු වෙච්චි දේ ඉටු වුනේ නේ.

මේ ගොබ්බ තීරණයෙන් ආන්ඩුවට කාර්තුවකට ලැබෙන රාජ්‍ය ආදායමෙන් විශාල කොටසක් අහිමි උනා ඉතරක් නෙමෙයි. රටේ සල්ලි ටිකත් පිට රටට ගියා.

▪️ පී බී ගේ ගුලි කාලා ආනයන තහනම් කිරීම.

උඋදාහරණයකට වාහන ආනයනය ගන්න, ඒක දීපව්‍යාප්ත බිස්නස් එකක්, නුගේගොඩ, පිලියන්දල, කුරුණෑගල, කටුගස්තොට, මේ ව්‍යාපාරය අරක්ගත් නඟර බවට පත් වුනා. හැම නඟරයෙම එක හෝ කාර් සේල් එකක් තිබුනා.

එක වාහනයක් ආනයනය කලාම ආන්ඩුවට 200% ක 300% ක බදු ආදායමක් ලැබුනා. ආන්ඩුව මේ බදු ආදායම නැති කර ගත්තා. බිස්නස් කෑවා. මිනිස්සු වෙන රටවලට ගියා. 

රට තුල ආදායමක් උපයලා රජයේ බදු ආදායමට සම්පූර්ණයෙන්ම දායක වන ව්‍යාපාරිකයින්ගේ ඔලුවටම ගැහුවා.

දැන් රටේ තියෙන්නේ ඕනම දේකට ලෝක වෙළඳ පොලේ තියෙන මිළ නෙමේ. බොරුවට පුම්බලා අයිසින් දාපූ ෆේක් ආර්ථිකයක්.

 ▪️ වෛද්‍ය විශේෂඥයින්ගේ ගුලි කා රට වසා දැමීම.

මේ ගොබ්බ වැඩේ කලේ තනිකරම විරුද්ධවාදීන්ට බයේ. රටට කෙලවෙන බව දැන දැනම කළ ව්‍යසනයක්.

මේක අමු ගොබ්බ වැඩක්‍ය, ඔරොත්තු දෙන එකා ඉතිරි වෙයි මැරෙණ එකා මැරෙයි කියලා අපි එදා ඉඳලම කිව්වා. රට වැහුවොත් ආර්ථිකේ කුඩු වෙනවා කියලා අපි ලිව්වා.

ඒවා ඇත්ත කරමින් සජිත්ගේ ටොසී ගහපු මහරාජලා මංගලලාත් මලා, ආන්ඩුව නිකං ජනවාර්ගික ප්‍රශ්ණත් දාගෙන හත් පොලේ ගාගෙන නාලා සල්ලි අච්චු ගැහුවා. දැන් ඒවයේ පරිප්පු කනවා. මිනී ගෙදර ගෙනියන්නත් දෙනවා

▪️ පී බී ගේ කාබනික මේනියාව

මේකත් ඉතා හොඳ වැඩක්‍ය ඒත් අවුරුද්දෙන් දෙකෙන් කිරීම විකාරයක් විතරය කියලා අපි ලිව්වා. 

ඒත් රට පුරා පැවති උද්ඝෝෂණ විරෝධතා අතරේ උනත් අස්වැන්නේ අඩු වීම 25% - 35% අතරය කියලා විරෝධතා කරපු උනුත් දැන් කියන්නේ.

ආන්ඩුව හිතනවා නම් ඒක මේ කාබනික මේනියාව නිසාය කියලා, එයාලා මාර පව් කියලා තමයි අපිට කියන්න වෙන්නෙ. ගොයියෝ ළඟ තිබුන රසායනික පෝරයි, ඉන්දියාවෙන් හොරෙන් ගෙනා පෝරයි ගිනි ගනන් වලට අරගෙන තමයි මේ අස්වැන්න උන් ගත්තේ.

අද හාල් ගිනි ගනන් ඒ නිසයි.

ඉතින් පේනවනේ රටේම හදන ඒවත් පිටරට ඒවටත් වඩා වැඩි මුදකකට කන්න උනේ අර ගොබ්බ තීරණය නිසාය කියලා.

කෙසේ හෝ වෙච්චි දේ උනා... ගිය දේ ගියා.. දැන් ආන්ඩුව ඒ වැරදි හදාගෙන ඉදිරියට යන බවක් පේනවා.

හැබයි ඔය සුද්දා කියන "කරන්සි බෝඩ්" තියා මොන බොඩ් එකක්වත් මේ මහ බැංකුව එක්ක මේ නිළධාරින් එක්ක කිරීම නම් එකම විකාරයක්.

මොකද මේ රට අවුරුදු 74 කින් මේ තත්වෙට පත් කළේ දේශපාලුවෝ විතරක් නෙමේ. ඊට හරි හරියට වග කියන්න ඕන රාජ්‍ය නිළධාරී පැලැන්තිය.

රට කෑවා විතරක් නෙමෙයි, හොරා කෑවෙත් මුන් දෙගොල්ලම එකතු වෙලා. උන් රස්සාව බේර ගන්න දේශපාලුවන්ගෙ තකතීරූ තීරණ වලට එහෙයි කියලා කට පුච වහගෙන හිටපු උගත්තු.

ආන්ඩුවට ඒ බුද්ධිමතුන් උගතුන් ඉඳලා කෙල වෙන්නත්, ඩිග්‍රි උපාධි කිසිත් නැති ව්‍යවසායකයෝ සාර්ථක ව්‍යාපාරිකයෝ වෙන්නත් හේතුව තමා, උන් පොඩි තැන ඉඳලා, කට්ට කාලා, එක්ස්පීරියන්ස් වලින් ඒ තැන්වලට ආපු, ප්‍රැක්ටිකල් පොරවල් වීම. උන් දන්නවා හොරා කන්නේ මොකාද හොරා කන්නේ කොහොමද කියන එකත්.

එ නිසා ලාබයෙන් කිසියම් ප්‍රතිශතයක් ඒ සඳහා වෙන් කරලා තිබ්බත්, බඩු මාට්ටු උන ගමන් කෙලින්ම දොට්ට. නිකන් නෙමේ පත්තරේ ටයි කෝට් දාපු පොටෝ එකත් එක්කම. අනික ඒවයේ ඉන්න පොඩි එකාගේ අයිඩියාස් වලටත් ඉඩක් තියෙනවා, චෙයාර්මන්‍ට නොමැති අයිඩියා එකක් පොඩි එකෙක් ගාව තියෙන්න පුලුවන්. ඉතින් ඌට ඉඩක් ලැබුනම ඌ ඉහළටම යනවා. 

ඒකයි ඇත්ත.

ඒ නිසා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමට ආන්ඩුව ගත් තීරණ ඉක්මනින් ක්‍රියාවට නගන්න ඕන.

හැබයි ආර්ථිකය හැසිරවීමට හා කළමණායට හා පසුවිමරම අනිවාර්‍යයෙන් විදෙස් ආයතනයකට හෝ විදෙස් විශේෂඥයින් පිරිසකට පවරන්න ඕන.

ඒ සඳහා ලෝක බැංකුව, IMF, ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම ඉන්දියාව ඇමරිකාව හා චීනය යන රටවල් සියල්ලටම එකඟ විය හැකි පිරිසක් හෝ ආයතනයක් වහාම ස්ථාපිත කළ යුතුයි.

මේ සඳහා එන විරෝධය මාරාන්තික විරෝධයක් වූවත් එය පයිසයකට මායිම් නොකළ යුත්තේ, 

විරුද්ධවාදීන් සියල්ලන්ටම මීට විකල්ප නැති බවත්, මෙයින් ගොඩ ඒමට නම් විශාලා කැප කිරීම් කළ යුතු බවත් උන්ගේ ශ්‍රී මුඛ වලින්ම පවසා තිබෙනා නිසාය.


ඒ වගත් මෙසේය..





Mar 19, 2022

රොනීගේ සිට බැසිල් දක්වා නොකරපු දේ...



බැසිල්ට කින්ඩිය දැම්මට,

එදා ඉඳන් හැම මුදල් ඇමතියම කරේ ඕක තමා.

රොනී ද මෙල් ගේ ඉඳන් රවී කරුණානායක, මංගල සමරවීර සිට බැසිල් දක්වා කරන්නේ ඕක...

ඕකට විරුද්ධ උන් කින්ඩිය දැම්මේ, පාත්තරේ අරගන හිඟමනේ යනවා කියලා...

නැත්නම් රට විකුණගෙන කනවා කියලා...

බැසිල්ගෙන් ආපු ගමන් ගොබ්බ මාජ්ජවේදියොත් අහන්නේ පනවපු කොන්දේසී මොනවද කියලා...

මම දැක්කා ගොඩක් ගොබ්බයෝ ලියලා තියෙනවා.. පොර රට විකුණලා ඇවිත් තවුසන් ටෝක්ස් දෙනවා කියලා..

එහෙම කියන්නේ කලින් ක්‍රෝටන් කොල කාලා මෑතක ස්වදේශීය ආර්ථිකයක් හඳන්න ගිහින්, ගෑස් පෝලිමේ, පෙට්‍රල් පෝලිමේ, ඩීසල් පෝලිමේ කිරිපිටි පෝලිමේ, සිමෙන්ති පෝලිමේ ඉන්න උන්.. මුන් තාම පාන් පෝලිම දැක්කේ නෑ...

එහෙම අහන කියන උන්ටත්, පාත්තරේ උස්සගෙන ගිහින් ණයටම කන උන්ටත්, මේකේ ඉන්න පට්ට ගෝත්‍රික අම්බරු ජනතාවටත්,  තේරුම් ගන්න බැරි උනා... මේ රටේ ඇති ලබ්බක් නෑ කියනෙක.

මේ රට හදන්න පුලුවන් ස්වදේශීය නිශ්පාදන ආර්ථිකයකින් නෙමෙයි, අපනයනය ඉලක්ක කර ගත් නිශ්පාදන ආර්ථිකයකින් හා

සිංගප්පූරුව, ඩුබායි, පැනමා වැනි අන්තර්ජාතික "සේවා ආර්ථිකයකින්..."

මේක ඩුබායි හා සිංගප්පූරුව අතර සර්විස් හබ් එකක් කරන එක මහ දෙයක් නෙමේ...

ඉන්දියන් කොම්පැනි වලටම දුන්නත් ගොඩ එන්න පුලුවන්...

ඒකට සම්පත රට වටේම තියෙනවා.. කොළඹ වරායම උනත් හොඳටෝම ඇති.. දැන් හම්බන්තොටත් වරායක් තියෙනවා... විශාල ගුවන් තොටුපලක් තියෙනවා... එක්ස්ප්‍රස් වේ තියෙනවා.. 

ප්‍රති අපනයන් සඳහා බහාලුම් හෙවත් කන්ටේනර් අංගන වලට ඕන තරම් ඉඩම් තියෙනවා....

මේක ඔය විදේශ රැකියා, සංචාරක ව්‍යාපාරය වගේ නෙමේ කෝටී ගනන් ඩොලර් ලැබෙන ව්‍යාපාරයක්....

ඒකට මේ රටේ ඉන්න බක පන්ඩිත කළු සල්ලි ව්‍යවසායකයෝ හරි යන්නේ නෑ.. ජාත්‍යන්තර ආයෝජකයෝ ඕන... ඔය කයිය ගහන එකෙක් ගාවවත් නැවක් හෝ කාගෝ ජෙට් එකක් තියෙනවද? මේ ගැන ටිකක් හෝ දන්නේ ජෝන් කීල්ස් ආයතනයට සම්බන්ධ උන් විතරයි.

ඒත් මේ ආන්ඩුවත් මොකද කරේ...

යුනියන් කාරයන්ටයි විමල් වීරවංශටයි බය වෙලා... නැගෙනහිර ජැටියෙන් හා යුගදනවි එකෙන් ආපු පළමු ආයෝජකයොම නැති කර ගත්තා...

මේ ගෙවන්නේ ඒ සාපය....

දැන් ජාත්‍යන්තරයේ එක රටකටවත්, ආයෝජකයෙකුටවත්, ආයතනයකටවත් මේ ආන්ඩුව විශ්වාස නෑ...

එහෙව් එකේ ඉන්දියාව මේ කළ උදව්ව, නැවුම් බලාපොරොත්තුවක්...

එක එකාගේ ගුලි කාලා බයවෙලා ඒකත් නැති කර ගත්තොත්, ජනතාවට නෙමේ,


ආන්ඩුවටත් යන්න වෙන්නේ හොම්බෙන්...


.

Mar 15, 2022

මහ බැංකුවේ ගොබ්බයෝ දන්නේ රෑට ලයිට් දාගෙන වැඩ කරන්න විතරද?



By -  Jana Charmin  

Gyorgy Faludy ට මරැ වැඩක් වුනා. ඔහුගේ කවි ඔබ බො‌හෝ‌දෙනෙකු කියවා ඇ‌ති. Faludy ගේ පො‌ත් මට මතක විදිහට Kaputas Republic හි British Council පුස්තකාලයේ තිබුනා. Faludy ගේ My happy days in hell කවි පො‌ත මට කියවන්න හම්බවුනේ ගමේ නිවසක බටපදුරක් අසල තබාතිබු කබානා ඇ‌දක් උඩ ඉදගෙන. ආ‌ර්ථික සත්වයෙකු වු මිනිස් සත්වයාගේ අත්දැකිම් ගැන කවි. 

Faludy ට වුන වැඩේ බලමු. Faludy සුප්‍රසිද්ධ හංගේරියානු කවියෙක්. එයාගේ කෘති වලට ඉහල මිලක් ලැබුනා. එයා ලියපු පො‌තක් මුද්‍රණය සදහා ප්‍රකාශකයන්ට බාරදුන්නා. 1940 වගේ වර්ෂවල ඉතා ලො‌කු මුදලක් හම්බවෙනවා පො‌තක් මුදුණය කරපුවහම. Faludy පො‌ත් ප්‍රකාශන ආ‌යතනයෙන් ලැබුන සල්ලිත් අරගෙන දුවගෙන දුවගෙන ආ‌වා මාර්කට් එකට. ඔහු ඒ‌ මුලු මුදලම අරගෙන දුවගෙනයි ආ‌වේ. අනේ ඔහු පරක්කු වැඩියි. පො‌ත ප්‍රකාශනයට බාරදිල හම්බවුනු මුලු මුදලම වියදම්කරල ඔහුට ගන්න පුලුවන්වුනේ කුකුලෙකුත්, එලවලු තෙල් බෝ‌තල් දෙකකුත්, කැරට් අල දෙකකුත් ගෝ‌වා පලුවකුත් පමණයි. Faludy  දැනගෙන හිටියා උදේට සිගරට් පැකට් එකක් ගන්න සල්ලි වලින් හැන්දැවට වැඩඇ‌රිල ගෙදර එද්දි ගන්න පුලුවන්වන් වෙන්නෙ එක සිගරට් එකක් පමණයි කියල. 

මේකට අප කියනවා උද්ධමනය.කියල. 

මඩො‌ල් දුව කියව්වා වගේ අප බො‌හෝ‌දෙනෙකු ඉතිහාසයමය රසයක් විදින්න හංගේරියාවේ මුල්‍යය උද්ධමනය ගැන  කියවලා තියෙනවා. මාස් පඩි ගෙවල  තේරැමක් නැ මො‌කද මාසෙ මුල තිබ්බ සිමෙන්ති කො‌ට්ටයක මිල වගේ දෙගුණයක් මාසෙ අගදි සිමින්ති කො‌ට්ටයක මිල. පාන් වල මිල සතිපතා ගනන් ගියා. ඒ‌ නිසා මිනිසුන්ට සතියට පඩි ගෙවන්න පටන්ගත්තා. ඒ‌කත් තේරැමක් නැතුව ගියා මො‌කද අල රාත්තලක මිල සතියක් තුල දෙතුන් ගුණයකින් වැඩි වෙනවා. ඒ‌ පාර දවස් පඩි ගෙව්වා. ඒ‌කත් තේරැමක් නැතුව ගියා. උදේට රැකියාවට යද්දි තිබු බිත්තරයක මිල නෙවේ සවසට වැඩ නිමවි ගෙදර එද්දි තියෙන්නෙ. අන්තිමට ආ‌පනශාලා වල මිල ප්‍රදර්ශනය කිරිම නවත්වල දැම්ම මො‌කද වරැවෙන් වරැවට සුප් එකක පාන් රාත්තලක මිල වැඩිවෙන්න ගත්ත නිසා. බෝ‌ඩ් එක මකලදාල හුණු කැල්ලෙන් අලුත් මිලක් සටහන් කරන්නවිම වේටර්ලාට කරදරයක් වුනා. මිල පුවරැ ප්‍රදර්ශනය කිරිම තේරැමක් නැති විහිලුවක් වුනා.

මේ තත්වයෙන් හංගේරියාව ගැලවුන හැටිත් අප දන්නවා. ආ‌ණ්ඩුවේ මෝ‌ඩ නාකි පකිස් බුරවන්ගෙන් මහබැංකුව ඇ‌ත්කරල එය නැවතත් financial institution එකක් බවට පත්කරිමයි ඔවුන් කලේ. ( මේ කතාවේත් පැති 2 ක් තියෙනවා )  . 

කාර් එකක් පාරේ එලවගෙන යද්දි අප කව්රැත් එකගවන standards තියෙනවා. ඒ‌ standards වලින් පිට ගියාම කාර් එක එලවන කාලකන්නියා හැප්පිලා බකබැවෙනවට අමතරව පාරේ ගමන් කරන අහිංකයන්ගේ ජිවිතත් ඌ‌ විනාශකරල දානවා.  Finance පිට පැන්නාම සමස්ත ජනතාවක් විනාශවෙලා යනවා. එනිසා හංගේරියාව  චන්දෙන් පත්වෙලා එන පකිස් බුරැවන්ව ආ‌ර්ථික අමාත්‍යංශය වගේ තැන් පාලනය කිරිමට නො‌දා ඉන්නත් විෂය පලපුරැද්ද ඇ‌ති මිනිසුන්ව ඉට යෙදවිමටත් තිරණයකලා. 

අද ඔබ ගෙවන ජිවිතය කාලක්නි වුයේත් හෙට උදාවන දවස මිට වඩා කාලකන්නි වෙන්නෙත් ඔබ ජිවත්වන ආ‌ර්ථිකය පො‌ල් ගො‌බ්බ නාකින් විසින් පාලනය කරන්න ගිහින් standard track එකෙන් පිටපැනල කෙහෙල් කො‌ටු මැද්දෙන් කාර් එක එලවගෙන ගියා වගේ ගො‌ං මෝ‌ඩ අමන  වැඩ එකදිගටම කරපු නිසයි. ඔබ බො‌හෝ‌දෙනෙකු ඒ‌ වැඩ වලට අත්පුඩි ගැසුවාද වියහැකයි. කිරිබත් කැවා විය හැකිය්. Kaputas Republic හි උද්ධමනය 11.4 ට තියෙද්දි බියගම ෆැක්ටරියක් ඇ‌තුලෙ කො‌ල අච්චුගහල රැපියල් නෝ‌ට්ටු ලෙස නම් කරල එලියට දාගෙන දාගෙන යද්දි ඔබට මො‌කද හිතුනෙ? Monetary policy වල සදහන්  standard පො‌ලි අනුපාතය 6.5 ට තියාගෙන දහයියා උඩදානවා වගේ සල්ලි අච්චුගහද්දි ඔබට මො‌කද හිතුනෙ ?

ඔබට කුමක් හෝ‌ හිතෙන්න ඔනනෙ ඔබත් Kaputas Republic රටේ ජිවත්වන ආ‌ර්ථික ජිවියෙක්නෙ.

අනේ මන්දා මචං ඒ‌වා ගැන නම් දන්නෙ නැ.

ඔක තමයි මට ලැබුනු උත්තරය. එතකො‌ට මම මෙහෙම අහනවා.

මෙයසු ගැන Zoom සංවාද කලානේ. මෙයසුගේ කිරිජ්ජපල්ලෙ මයිල් ගස් කියක් තියෙනවද?

Finance කියන්නෙ හැමදේකටම වගේම technique එකක් (  ශිල්පඥාණයක් ) අවශ්‍යය මානව විශයක්. මුල්‍යය පාලකයෙකු සතුවිය යුතු ගතිලක්ෂණ ගැන කෟටිල්‍යය  අර්ථශ්‍රස්ත්‍රය තුල යම් ඉගිකර තිබෙනවා. මනුසංහිතාවේ කියවෙනවා කරන වෘත්තියට අනුකුලව  ගතයුතු ආ‌හාර වර්ග ගැනත්. රාජ්‍යය නායකයෙකු සතුව දාර්ශනික මනසක් සහ මුල්‍යය ශිලුපඥාණයක්  තිබියයුතු බවට බො‌හෝ‌ ඉතිහාසමය කතා සාක්ෂිදරනවා

වසර 4000 කට පෙර තිබුනු බැබිලෝ‌නියාවේ ජිවත්වු මිනිසුන් ලක්ෂ 2 ක් පමණ පාලනය කල පාලනය කල Finance මුලධර්ම ලියල කො‌ටල තියෙනවා. ග්‍රීසියේ සිට ඉන්දියාව දක්වා විශාල වු ග්‍රීක රාජ්‍යයහි මුල්‍යය පාලනයට බලපැ යම් යම් මුලධර්ම Plato ගෙ Republic කෘතිය තුල අප දකිනවා.  Kaputas Republic රටේ දෙඩුම්ශිල්පි රිලව් ගැහැණුන්ව යාලුකරගන්න ගැහැණූන්ට අහෙන්නට  දො‌ඩවන  Psychoanalysis බලරටා දේශපාලනය තුල වු මුලික ගාමක බලය ලෙස මා කිසිදාක පිලිගත්තේ නැහැ ( මා වැරදි වියහැකියි ) . 

මගෙ පුද්ගලික අදහස Neolithic පරිවර්තනය යනු මුල්‍යමය ප්‍රපංචයක් බවයි. ( මෙතනත් මා වැරදිවිය හැකියි ). මුල්‍යය දේශපාලනයේ ගාමක බලය බය මගේ පිලිගැනිමයි.

මේක ලියන මට කො‌ණ්ඩේ  කපන්න බැ ඒ‌කට බාබර් කෙනෙකු ඔනා.  Boeing 747 ගුවන්යානයක Block Point 4.0 වගේ softwear එකක් coding කරන්න මට බැ ඒ‌කට software engineer කෙනෙකු ඔනා. මට බුලත් කො‌ල නියමිත කමයට අනුව වට්ටියකට  අඩුක්කරන්න බැ. ඒ‌කට බුලත් වෙලෙන්දෙකු ඔනා. මට කාර් එකක  engine trouble එකක් හදන්න බැ ඒ‌කට mechanic කෙනෙකු ඔනා. Finance කියන්නෙත් ඒ‌ වගේම ශිල්පඥාණයක් අවශ්‍යය මානව විෂයක්. නමුත් මෙහෙම දෙයක් තියෙනවා අපි කාර් එන්ජින් එක ගැන නො‌දන්නවා වුනත් බාසා එන්නෙ උදැල්ක් අරගෙනනම් මේකා  එන්නෙ කාර් එක හදන්න නෙවෙයි ගම කන්න කියල අප කාටත් තේරෙනවා. ඒ‌කට ශිල්පඥාණයක් අවශ්‍යය නැහැ. ඒ‌ අවබෝ‌ධය එන්නෙ අපගේ ඉතිහාසමය අත්දැකිම් නිසා. අනුභුතිය .

ඒ‌ අනුභුතියට අනුව -

ජනාධිපති Eisenhower සල්ලි අචුචුගහල ඇ‌මෙරිකාවේ highway system එක හදන්න පටන්ගත්තා. ( Eisenhower කරපු කතාවන් වලට ඔබට අන්තර්ජාලයෙන් සවන්දිය හැකියි ). ඇ‌මරිකාව highway හදන්න ගිහින් ණය වුනාද ? නැහැ. අහස්කුරක් උඩට යනවා වගේ වේගයෙන් එරටේ GDP එක වැඩිවුනා. මිනිස්සු පාරවල් හදන්න වැඩට ගියා. සල්ලි අච්චුගහල ඒ‌ අයට හො‌ද පඩි ගෙව්වා. හො‌ද පඩි ගන්න මිනිස්සු හො‌දට කාලාබිලා අයිස්ක්‍රිම් කැවා. ඔය කාලයේ තමයි අපි billboard music සගරා තුල ඔබ දුටු අයිස්ක්‍රිම් billboard දැන්විම් එරටේ පාර දෙපස ඇ‌තිවන්නේ. හො‌දට කනබො‌න මිනිසුන්ට කන්න දෙන්න වැඩිපුර වවන්න සිදුවුනා. ඒ‌ක කෘෂිකාර්මික නැගිමක්. ඒ‌ සදහා කාර් ට්‍රැක්ටර් සහ ට්‍රක් රථ නිපදවන්න සිදුවුනා. රැකියා පහලවුනා. සමස්ථ ආ‌ර්ථිකයම ඉහල ගියා. රෝ‌ලස් පැටිස් වඩේ කකා picnic යන්න highway පෙන්වලා මිනිසුන්ව අන්දවලා චන්ද ගන්න highway හදන්න ගිහින් ලංකාව කෙලෝ‌ගත්තා. නමුත් කෙලෝ‌ගත්ත හේතුව? ඇ‌මරිකාව දෙවන ලෝ‌ක යුද්ධයෙන් පසු ගෙදර ආ‌පු සො‌ල්දාදුවන්ව සහ සෙසු තරැණයන්ව දම්මවලා highway හදල ශිඝ්‍ර ශස්‍රිකත්වක් කරාගො‌ස් අනවශ්‍යය ආ‌ර්ථික අවුල් වල්න් ගො‌ඩ ඇ‌විත් මිනිසුන්ට නරඹන්න Hollywood චිත්‍රපටි හදන්න ගත්තා. Kaputas Republic හි අශෝ‌ක හදගමගේ චිත්‍රපටයක් හදල ඒ‌ක ගිහින් බලන්න කිය කිය දෙඩුම්ශිල්පි රිලව් මේක ඇ‌තුලෙ අඩල වැලලෙනවා. ඇ‌මරිකාවේ highway නිස එහෙම වෙන්නත් Kaputas Republic හි මෙහෙම වෙන්නත් හේතුව මො‌කක්ද? හරි අපි ගො‌බ්බ දේශපාලකයා කියන සාධකය අතඇ‌රල දාමුකෝ‌. 

ඒ‌ත් technically කුමක් නිසාද කෙලවුනේ ?

පසුගිය දශක දෙක තුල මම Kaputas Republic දෙස පිටින් ඉදන් බලාහිදිමි. ඒ‌ කාලයේ මා ගිය දහම්පාසැලේ සමිතියේ භාන්ඩාගාරික සිතාරා අක්කා අයවැය වාර්තාව ඉදිරිපත් කලා Kaputas Republic හි පාර්ලිමෙන්තුවේ අයවැය ඉදිරිපත් කරනවාට වඩා හො‌දට. ඒ‌ කියන්නේ future forecast එකක් ඇ‌තුව. දහම්පාසැලේ පෙබරවාරි මාසයේ අයවැය ඉදිරිපත් කරද්දි මැයි මාසයේ ගහන කැරකෙන කුඩුව ගැන prospect  ඉදිරිපත් කලා ඇ‌ය. මම දහම්පාසැල් සමිතියේ සභාපති. අක්කා කියන දේ මම අහගෙන ඉන්නවා ඉට පස්සේ ඒ‌කට අනුව මුදල් හො‌යන්න මිනිස්සු හො‌යන්න මම යහලුවන් සමග වැඩකරනවා. දවසක් මෙන්න බො‌ලේ යෝ‌ජනාවක් දානවා සමිතියට දහම්පාසැලේ සියලුම ලමුන්ට සහ ගුරැවරැන්ට නිල ඇ‌දුම් කට්ටලයක් සහ නිල ලාංචනයක් නො‌මිලේ ලබාදෙන්න. ඒ‌  කාලේ හැටියට මේක පාසැල් ලමුන් ඉන්න දහම්පාසැල් සමිතියකට කරන්න බැරි වැඩක්. මා දන්නා තරමින් අප ප්‍රදේශයේ කිසිම දහම්පාසැල්  එහෙම වැඩක් කරල තිබ්බේ නැහැ. විශාල මුදලක් ඒ‌ක. නමුත් අපි ඒ‌කත් හිතුවටත් වඩා quality ඇ‌දුම් වලින්ම කලා. future forecast එක අයවැයෙන් කියනවා. ඒ‌ක ඒ‌ විදිහට සිදුවෙනවා. දැන් මම ඔබෙන් අහන්නෙ Kaputas Republic හි අයවැයේ කිව්වද බෙහෙත් වල මිල වැඩිවෙලා බෙහෙත් ජාති ගන්න බැරැව ඔබට මැරෙන්න වෙයි කියල


පසුගිය දශක දෙක තුල මම Kaputas Republic දෙස පිටින් ඉදන් බලාහිදිමි. ඒ‌ කාලයේ මා ගිය දහම්පාසැලේ සමිතියේ භාන්ඩාගාරික සිතාරා අක්කා අයවැය වාර්තාව ඉදිරිපත් කලා Kaputas Republic හි පාර්ලිමෙන්තුවේ අයවැය ඉදිරිපත් කරනවාට වඩා හො‌දට. ඒ‌ කියන්නේ future forecast එකක් ඇ‌තුව. දහම්පාසැලේ පෙබරවාරි මාසයේ අයවැය ඉදිරිපත් කරද්දි මැයි මාසයේ ගහන කැරකෙන කුඩුව ගැන prospect  ඉදිරිපත් කලා ඇ‌ය. මම දහම්පාසැල් සමිතියේ සභාපති. අක්කා කියන දේ මම අහගෙන ඉන්නවා ඉට පස්සේ ඒ‌කට අනුව මුදල් හො‌යන්න මිනිස්සු හො‌යන්න මම යහලුවන් සමග වැඩකරනවා. දවසක් මෙන්න බො‌ලේ යෝ‌ජනාවක් දානවා සමිතියට දහම්පාසැලේ සියලුම ලමුන්ට සහ ගුරැවරැන්ට නිල ඇ‌දුම් කට්ටලයක් සහ නිල ලාංචනයක් නො‌මිලේ ලබාදෙන්න. ඒ‌  කාලේ හැටියට මේක පාසැල් ලමුන් ඉන්න දහම්පාසැල් සමිතියකට කරන්න බැරි වැඩක්. මා දන්නා තරමින් අප ප්‍රදේශයේ කිසිම දහම්පාසැල්  එහෙම වැඩක් කරල තිබ්බේ නැහැ. විශාල මුදලක් ඒ‌ක. නමුත් අපි ඒ‌කත් හිතුවටත් වඩා quality ඇ‌දුම් වලින්ම කලා. future forecast එක අයවැයෙන් කියනවා. ඒ‌ක ඒ‌ විදිහට සිදුවෙනවා. දැන් මම ඔබෙන් අහන්නෙ Kaputas Republic හි අයවැයේ කිව්වද බෙහෙත් වල මිල වැඩිවෙලා බෙහෙත් ජාති ගන්න බැරැව ඔබට මැරෙන්න වෙයි කියල? 

හරි අපි පාර්ලිමෙන්තු ගො‌බ්බයො‌ කියල අතඇ‌රල දාමුකො‌. 

ඒ‌ත් මහබැංකුව ?

මහබැංකුවක්  තියෙන්නෙ රැ තිස්සෙ ලයිට් දාගෙන වැඩකරන්නද? මො‌න ගො‌ං සංදර්ශනද මේවා? උදේට කන්න කඩෙඅප්පන් හැදුවද මහරැජාමේ ලයිට් දාගෙන? ඉන්දියාව මහබැංකුව බලන්නකො‌  Monetary politicy එකට අනුව future forecast කරන විදිහ. හො‌ර පාරෙන් ඩො‌ලර් එවන්න, ඩො‌ලරයේ අගයට කඤ්ඤ ගහල තියාගන්න, රැපියල පා නො‌කර සරමෙ අස්සෙ ගසාගන්න....ඔයවගේ ගො‌ං කතා නො‌කිය ඉන්දියාවේ  මහබැංකු අධිපති Shri Shaktikanta Das කිව්වා policy rate එක 6.5 තියාගෙන යනවා ඉලග කාර්තුව වෙනකම් කියල. එතකො‌ට මිනිස්සු දන්නවා ඒ‌කට අනුව adjust වෙන්න. කො‌ටින්ම මහබැංකුවකට තියෙන්නෙ Monetary policy එකේ තියෙන coefficient factor එක දිහා ඇ‌හගහන් ඉදල ඉට අනුව පො‌ලි අනුපාත තිරණය කරන එකනෙ. මහරැ ලයිට් දාගෙන වෙන මගුලක් කො‌රන්නද ඔක ඇ‌තුලෙ?

පසුගිය දශක 2 තුල එය සිදුවුනාද?  

සිතන්න ඔබ. ඔබ මේ සිතිම දැන් කල යුතුමයි.

ලෝ‌කයේ මහබැංකු අධිපති වරැන් අමතා 2007 දි Irma Rosenberg කල කතාවේදි ඇ‌ය පැහැදිලිවම පවසනවා මහබැංකුවක් monetary policy පො‌ලි අනුපාත ප්‍රසිද්ධ කරන්නේ රට සශ්‍රිකත්වයේ ඉලක්ක කරා ධාවනය කරිහමට බව. ඇ‌ය steer යන වචනය ( steering wheel / සුක්කානම ) භාවිතා කරනවා. පාරෙන් පැනල කෙහෙල් කො‌ටුවලින් එලවගෙන යන්න නෙමෙයි මහබංකු පො‌ලි අනුපාත ප්‍රසිද්ධ කරන්නෙ.

future forcast එකක් ලෙසයි පො‌ලි අනුපාත ප්‍රකාශ කරන්නේ. ලබාගතයතු දේවල් ලබාගන්න. දහම්පාසැලේ ලමුන්ට නිළ ඇ‌දුම් ලබාදුන්නා වගේ.



මම අද call කලා ගමේ කිපදෙනෙකුට. එදා ලමුන් ලෙස එකට එක්ව නිළ ඇ‌දුම් ඇ‌දපු අයගේ රෙදි අද ගැලවිලා ගිහින්. පව් ! 


දේශපාලන පල් ගො‌බ්බයින් මේ අහිංසක ජිවිත ගැන වගකිව යුතුමයි.

Mar 10, 2022

ආන්ඩුවේ සිටිනා කුඩු කෑ ආර්ථික උස්තාද්ලාට සියල්ලෝ සැමදා රැවටිය නොහැක..

 


අළුත්කඩේ උසාවිය අසල ඇති M D ගුණසේණ අවුට්ලට් එකේ තාප්පේ අපූරූ සිතුවමක් තිබෙන්නේය. එහි ඇත්තේ ඕෂෝ වාගේ පොරක්, පෙරලූ පොතක් මැද්දෙන් එන දුමාරයක් ආග්‍රනය කරනා ආකාරයය.

 ඉන් පිළිබිඹු කරන්නේ පොත් වලින් ලැබෙනා දැණීම, කුඩු, අයිස්, ෂීෂා හෝ ගංජා දුම ගත්තායින් පස්සෙ දැනෙනා ෆැන්ටසිමය ලෝකයකට ඔබව ඇබ්බැහි කොට කැඳවාගෙන යන බවය.

පිටරටවල උගතුන් කෙසේ වෙතත් අපේ රටේ උගත්තු නම් 100% ක්ම ඒ වාගෙමය. උන්ට ප්‍රායෝගික දැණීමක් නොමැති අතර උගත් දෙයට එහා දෙයක් දැකීමට බුද්ධියක් ඇත්තේද නැතිය.

මේ පන්ඩිතයන්ගේ තියරි තීරණ අමු පච කරමින් මාතලන් ලියූ සියල්ල සැබෑවන් වෙමින් පැවතීම සතුටට කරුනක්‍ය. මේ ආන්ඩුව පැමිණි දා සිටම ආර්ථිකය මත ගත් මරි මෝඩ තීන්දූ තීරණවල ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතී.

විපක්ෂයේ උන්ද වැල් බයිලා ගසමින් රට බංකොලොත් කියා කෑ ගැසුවාට, මීට ප්‍රථිකාර උන් ළඟ නැති බව ඉතා පැහැදිලිය. උන් කියන්නේ පොලී මුදලාලිගෙන් ණය ගන්නේ නැතිව නීත්‍යානූකූල පොලී මුදලාලි කෙනෙකු වෙන IMF වෙත යන්නෙයි කියලාය.

උන්ට ආන්ඩුව පෙරලන්න බැරි නිසා, ආන්ඩුව ගෙදර යවන්නට පාරට බහින්නෙයි කියලා ජනතාවට කියනවාය. එහෙත් අවුරුදු පහක් මුන් රට කාපු හැටි මතක එකෙක්වත් පාරට බහින්නේ නැති බව බුදු  ෂුවර්‍ය.

එහෙම එලවලා ගත්තත් ඒ පාර මුන් කරන්නේ ඔහේලා කළබල වෙලා අපි ගෙනාවාට පවතින ගෝලීය ආර්ථික අර්බුදයත් එක්ක යන්න වෙන්නේ මෙහෙම්මම තමයි ඕයි කියලා කියනෙකය.

චන්දයට වියදම් කරන්න මහ බැංකුව කොල්ලකාපූ උන්ම රට හදන්න උපදෙස් දෙන්න මහ බැංකුවට යන කොට අපට හිකෙන් පුනා යනවාය.

හඳුන්නෙත්ත්ති සහෝදරයා අනාගත වැකියක්  කියමින් ඊයේ  ලියා තිබුනේ, එයාලා බලයට ආවත් පෝලිම තිබෙනා බවත්, එහෙත් ඒ පෝලීමේ සිටින ජනයා පෝලිමේ සිටින්නේ කියුබාවේ ජනතාව මෙන් ප්‍රීතියෙන් යැයි කියලාය.

මොළ හතක් තියා 14 ක් තිබුනද බැසිල්ගේ ආර්ථික තීන්දුද අකුලාගෙන දැන් කරන්නට වෙලා තියෙන්නේ මාතලන්ලා කියපු ලියපු දේවල්‍මය.

දුම්‍රිය දෙපාර්තමේන්තුවේ උන් ජනාධිපතිවරයා ඉදිරියේ දුම්‍රිය ගාස්තු වැඩි කරනා ලෙස ඉල්ලූ විට බැසිල් දුම්‍රිය ලොක්කාට කිව්වේ ඔහේ හදන්නෙ ටිකට්ටෙකේ ගාන වැඩි කරලා අපිවත් කෝච්චියේ යවන්නද කියලයා.

හැබයි ඇත්තටම දහනායක මහත්තයා වගේ කෝච්චියේ ආවා ගියා නම්, ඔය සිටිනා ෆැන්ටසියේ නොව මහ පොලොවේ යතාර්තය දැන ගැනීමටත්, අර අහිංසක දන්දිනා හාමිනේ නිස්සාරනේ අහනා බැණුම් කන්දරාවත් අඩුගානේ නවතින්නට තිබුනේය.

ඩොලරය මෙන්ම පැට්‍රෝල් හා ඩීසල්වල සැබෑ වටිනාකම ජනතාවගෙන් වසන් කොට, බොරුවෙන් රට පාලනය කිරීම එකම විකාරයක් බව අප ලිව්වේ...,

රබර් බෝලයක් බලෙන් දිය යට ඔබාගෙන හිටියත් අවසානයේ අත් හැරිය විට සිඳුවන්නේ කුමක්ද, ආන් ඒ සිඳුවීමම ආන්ඩුවටත් රටටත් ආර්ථිකයටත් සිඳුවනා බවය.

මේවා දැන ගැන්මට මහා ආර්ථික විජ්ජා කාරයන් විය යුතු නැත්තේය. නවලෝක මුදලාලි, ධම්මික මුදලාලි, අශෝක පතිරගේ මුදලාලි, මෙන්ම මිය පරලොව යැවූ දඩුවම් මුදලාලිද ආර්ථික විජ්ජා උපාධි කාරයෝවත් ඩොක්ටර් රේට් ගහපු අයවත් නොවේ. එහෙත් ඔවුන් සුපිරි ව්‍යවසාකයෝ වූයේ මහ පොලොවේ පය ගසා ජීවත් වූ මිනිසුන් නිසාය.

ඩොලරය පාවීමට ඉඩ හැරිය විගසම දැන් එය උන්ඩියල් වටිනාකම අසලටම පැමිණ ඇත. ඇත්ත මිළ එයය. 

ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන වල නියම වටිනාකම ඊයේ මධ්‍යම රාත්තිරියේ ප්‍රකාශයට පත් කළේය. දැන් ආන්ඩුවට තවත් බොරු කළ නොහැකිය.

සියල්ල වැඩි වන ඇත. එහෙත් ඩොලරය පා කිරීම හේතුවෙන් කිසියම් පිරිසකගේ ආදායමද වැඩි වනු ඇත. ආන්ඩුව මුලින් බැණුම් ඇසීම මාෂල් ලෝ දමාවත් නැවැත්විය නොහැකි අතර, මාස තුන හතරක්‍ යන විට මෙය සාමාන්‍යකරණය වන්නේය.

ආන්ඩුව ඊට කිසිසේත් බිය විය යුතු නැත. කළ යුත්තේ රටේ පවතින සත්‍ය තත්වය පිළිබඳව ජනතාව දැණුම්වත් කිරීමය.

එවිට විපක්ෂයටද සිඳුවන්නේ කට පුච වගාගෙන සිටින්නටය.

සමහරක් බොරුවෙන් වංචාවෙන් සුළු කාළයකට අන්දාගෙන පාලනය කල හැකි වූවද, සියල්ලෝ සැමදා එසේ අන්දාගෙන රවටමින් පාලනය කළ නොහැක.

සත්‍යය කවදා හෝ ජය ගන්නේය.


ඒ වගත් මෙසේය....


.

Mar 8, 2022

ඩොලරයටත් සහනාධාර දී ඉල්ලාගෙන කෑම


මාතලන් ඝෝඨාට කඩේ ගියේ, ජේ ආර් ටත් වඩා ලිබරල් ඉකොනොමියක් ගෙන ගිය මහින්ද, කබ්‍රාල්, බැසිල් ත්‍රිත්වයේ ආර්ථික මොඩලය ඉදිරියට ගෙන යාවි යැයි යන විශ්වාසයෙන්‍ය.

ජේ ආර් ගේ බෑනා වන රනිල් කලේ ඒ සියල්ල නවතා දමා, ශ්‍රීලනිපය හා වමේ 1/4 කන්නි ප්‍රතිපත්තියක් වන සහනාධාර හා සුභසාධන ආර්ථික ක්‍රමයක් පවත්වාගෙන යාමය.

එහි ප්‍රතිඵලය වූයේ ආර්ථික වර්ධන වේගය කෙමෙන් කෙමෙන් අඩුවී රුපියලට කෙලවීම හෙවත් බාල්දු වීමයි. 

මහින්ද මැදමුලනේ ජනේලේ එල්ලෙන විට රුපියල් 135 ට තිබූ ඩොලරය, අවුරුදු පහක් රට කෑ, හර්ෂ, එරාන්, රවී, මංගල යන අර්ථ සාස්තරේ කෙල පැමිනි ඉකොනොමික් ෆිලෝසිපර්ලා ආර්ථිකයටත් හමන්නවා ගෙදර ගියේ, ඩොලර් එක රුපියල් 200 ක් කොට, රනිල්ගේ ඇපේටත් කෙලලාය.

එය එතෙක් මෙතෙක් පාලන කාළයක් තුල ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වූ ඉහළම ප්‍රතිශතයයි.

එයාලා මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සියල්ල නවතා දැම්මේය. රාජ්‍ය සේවකයන්ගේ පින් පඩිය රුපියල් 10,000/= කින් වැඩි කලේය. මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට ටැක්ස් කන්සෙසොන් දුන්නේය. කිසිම මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්බ කළේ නැතිය. විදුලි බල පද්දතියට එක මෙගාවොට් එකක් අලුතින් එකතු කළේ නැතිය.

කොටින්ම 2015 ට පෙර සුරපුරයක් ලෙස දිස්වූ පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති පිට්ටනිය හා ඒ අවට ප්‍රදේශයේ තණකොල ටිකවත් කැපුවේ නැතිය.

මේ පිස්සන් රැල එලවා ගෙනා ඝෝඨාභය  මෙතුවක් ගියේ වැරදි පාරකය. එයා විරුද්ධ පාක්ෂිකයින්ට ඇමරිකන් ඩිමොක්‍රසි දෙන අතරේ ජනතාවට හා රටට දුන්නේ 1970 යුගයේ හත් අවුරුදු සාපය නම් පට්ට ෆේල් තියරියක් වූ සංවෘත ආර්ථික ක්‍රමයය. ඊට හේතුව වූයේ පී බී නම් මහදැන මුත්තාය.

එහෙත් අළුත් ලේකම් ගාමිනි සෙනරත්ගේ  පැමිණීමත් සමඟ ජනාධිපති තුමා නිවැරදි මාවතට පැමිණ ඇත. මේ බව වටහා ගත් ආගම රට ජාතිය දේශප්‍රේමය විකුණාගෙන කන ආන්ඩුව ඇතුලේ උන් වැඩ බැරි කාළකන්නි මළහෝන්තු කළබල විය.

උන් බැලුවේ මහින්ද මහත්තයා අල්ලේ නැටව්වා වගේ ඝෝඨාද බය කරගෙන අල්ලේ නටවන්නය. ඝෝඨා මහින්ද වගේ එසේ ඇන්දවිය හැකි මෝඩයකු නොව, (විමල්ට අනුව මහින්ද මෝඩයෙකි) ගල් ආඳකු බව ඔප්පු වූයේ, මීට පෙරද උන්ට පොරි හැලෙන්නට දුන් බව උන්ම කියනා විටය.

සුභසාධන හා සහනාධාර රාජ්‍ය ප්‍රතිපත්ති සමඟ රටක් දියුණු කිරීම සිහිණයක්ම පමණි.

ආර්ථික වශයෙන් දියුණු රටවල පවතිනා අර්ථ ක්‍රම ගෙඩි පිටින් හිඟන රටකට ඇප්ලයි කරන්න යාම පට්ට විහිළුවකි.

එවා රටට කර ඇති විනාශය දැන් ඇස් පනාපිට ඕනෑම දැත්තෙකුට දැක බලාගත හැකිය.

 ආන්ඩුවක් කළ යුත්තේ සහනාධාර සුබසාධන ලබා දී යැපීම් මානසිකත්වයෙන් යුත් හිඟන සමාජයක් බිහි කිරීම නොව. දේශපාලුවන් මෙන් ආර්ථික අතින් ශක්තිමත් ජනතාවක් බිහි කිරීමය.

සෑම දේශපාලුවාම කළ යුත්තේ මිනිසුන් බොරුවෙන් රවටා දැත්තන්ට අන්දවා දැන් වාගේ ඉල්ලාගෙන කන්නේ නැතිව, ජනතාවට සත්‍යය පැවසීමය.

සියල්ලට බදු සහණ දෙනවා කියා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට කප්පරක් බදු ගසා කෙලවීම පට්ට විහිළුවකි.

දුප්පත් මිනිහෙකුට පාන් ගෙඩියක් පරිප්පු එක්ක කා ප්ලේන්ටියක් බී හෝ ජීවත් විය නොහැක්කේ මේ අමන ප්‍රතිපත්ති නිසාය.

උන් කප්පරක් පාඩු ලබන ශ්‍රී ලංකන් එයාර් එකේ උන්ගේ පාඩුවද පියවිය යුතුය. රේල්ලුවේ පාඩුවද පියවිය යුතුය. මෙලෝ රහක් නැති මහා සේනාවක් නඩත්තු කරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උන්ගේ පඩිනඩිද ගෙවිය යුතුය. මේවා සහගහනා අපරාධය.

ඩොලරයටද කළේ ඒ බොරුවය. මහ බැංකුවේ උන්ට හා මේ බොරුව පවත්වාගෙන ගිය උන්ට මෙරට උන් අන්දාගෙන සිටිය හැකි වූවද, ලෝකයා අන්දාගෙන සිටිය නොහැකි බව දැන් ඔප්පු වී හමාරය.

දැන් ඩොලරයට දුන් සහනාධාරයද යම් පමණකට ඉවත් කර ඇත. ඒ ඉන්දියාවේ බලපෑම උඩය. එසේ නොකලේ නම් ඉන්දියාවෙන් ඉල්ලු ණය හම්බ වෙන්නේ නැතිය.

එහෙත් ඊයේද ඩොලර් හුවමාරු වූයේ මහ බැංකුවේ අනුපාතයට ඉහලිනි. 

උන්ඩියල් ක්‍රමය තවම පවති.

රටට ඩොලර් අවශ්‍ය නම්, ආයෝජකයෝ අවශ්‍ය නම්, විදෙස් ශ්‍රමිකයින්ගේ සම්ප්‍රේෂණ අවශ්‍ය නම් කළ යුත්තේ,

ඩොලරය පා කර, ඕනෑම කඩයකින් මාරු කර ගත හැකි පරිදි නිදහසේ ඩොලරයට සංසරණය වීමට ඉඩ හැරීමයි.

එසේ කිරීමෙන් හෙංචයියන් පමණක් ගානක් හොයාගන්න බිස්නස් එකත් ජනතාකරණය වී අලුත් බිස්නස් එකකුත් රටට එකතු වීමය.

සංචාරකයින් බහුල ප්‍රදේශවල මේ ක්‍රමය දැනටත් ක්‍රියාත්මක වන බව ආන්ඩුවේ බක පණ්ඩිතයින්ගේ දැනගැනීම පිණිස ලියා තබා මේ පල් හෑල්ලත් මෙතකින් නවතා දමනවාය.


ඒ වගත් මෙසේය..


.