.

.

Dec 28, 2021

සජිත්, මත්තල , රනිල් හා දේශපාලනයේ තුච්ඡ කුල බේදය...

 


ජාති බේද ආගම් බේද නැතයි කියා පඩ ෂෝ දමනා උන් පවා තවමත් කුල බේදය හිස් මුදුනින්ම පිලිගන්නා උන් බවට හොඳම උදාහරණය මංගල සමරවීරය ..

එය කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි....

කුල බේදය සෑම පක්ෂයක් තුලම පවතිනවාක් මෙන්ම සංඝ සමාජය තුල විශේෂයෙන්ද, ඇකඩමික් හා ආර්ථික වශයෙන් ශක්තිමත් පිරිස අතර සංවිධාන ලෙසද, පාසල් පන්ති ඉයර් ගෲප් මෙන්ම ප්‍රසිද්ධියේ නොව රහසේ ක්‍රියාත්මක වන්නේය.

ප්‍රභූ පන්තියට සීමා වී තිබු දේශපාලනයේ ඉහළ තනතුරු සුපිරි පන්තියට හා ඉහළ කුලයට දැනෙන සේ කුඩුකර දමන්නේ රණසිංහ ප්‍රේමදාසය.

දැන් ඔහුගේ පුත්‍රයා හෙවත් පුතානෝ හෙවත් සජිත් ප්‍රේමදාස මතු කරන්නේද මේ ගැටළුවේම එක් සිඳුවීමක්‍මය.

සජිත් කියන්නේ, රනිල් මත්තල එයාර්පෝට් එකේ වී ගබඩා කළේ සජිත්ට කෙලින්නටෙයි කියලාය. මෙය සජිත් මතු කරනා තෙක් කිසිඳු දේශපාලන විචාරකයකුගේ සෙන්ස් එකට අහු නොවූ කාරනයක්‍ය.

කතාව ඇත්තය. සජිත් උන්නේ හම්බන්තොටය. රනිල් හම්බන්තොට සංවර්ධන ක්‍රියාවලිය මුලුමනින්ම නවතා දැමුවා පමණක් නොව, හම්බන්තොට වරාය චීනයට විකුණා දමා ඒ ආශ්‍රිතව බිහිවීමට තිබූ දැවැන්ත ආර්ථික සංවර්ධන ක්‍රියාවලියටද තිත තැබුවේය.

එය යහපාලන යුගයේ සාර්ථකව නිමා වූවානම් හයිලයිට් වෙන්නේ, සිරිසේනවත්, රනිල්වත් නොව සජිත් ප්‍රේමදාසය.

මේවා බොහෝ විට රනිල්ගේ හොඳම යාලුවා වූ මහින්දගේ ආශිර්වාදය මෙන්ම අනු දැණුම මත සිඳු වූ දෑ වීමටද බොහෝ ඉඩ තිබෙනවාය.

එපමණක් නොව පක්ෂයේ ඉහළම පුද්ගලයින් කොතෙක් ඉල්ලා සිටියද සජිත්ට එජාපයේ නායකත්වයද ලබා දුන්නේ නැතිය. අවසානයේ  සිඳුවූයේ රනිල්ට මෙන්ම එජාපයටද ඇපත් නැති වීමය.

රනිල්ලා ගේම එතනින් නවතා නැත. දැන් අංචිය අදින්නේ සජිත් රටේ නායකයා ලෙස පත්වීම කෙසේ හෝ නවතා දැමීමටය.

කිසියම් දිනෙක සජිත් බලයට පත් වුවහොත් ඒ බලයට එන්නේ රණසිංහ ප්‍රේමදාසටත් එහා ගිය ඒකාධිපති පාලකයෙක් බව දැනටමත් ඔහුගේ දේශපාලන භූමිකාව තුල පෙන්වා අවසානය.

ඉහළ කුලවල උන්ට ඉන්න වෙන්නේ පිලේ බංකුවේය. මෙය අවබෝධ කරගෙන ඇති රනිල්ලා චන්ද්‍රිකාලා පාඨලීලා සජිත්ගේ චන්ද කැඩීමට සිරිසේන වැනි අපතයන් සමඟ පමණක් නොව, ජෙප්පන් හා එක්වීමට වුවද සූදානම් බව දැන් පැහැදිලිවම පෙනේ..

සජිත්ගේ ශ්‍රී මුඛයෙන් පිටවූයේ ඒ අවබෝධයේ වේදනාවය..


ඒ වගත් මෙසේය...

Dec 25, 2021

2022 ආන්ඩුව ප්ලෑන් B වෙත යා යුතුය..

 


2022 ආන්ඩුව ප්ලෑන් B වෙත යා යුතුය..

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖


අපේ රටේ දේශපාලන පක්ෂ කිසිවකට බලය ලබා ගැනිමේ රුදාවක් මිස රට හැදීමේ ගායක් නැත.


ප්ලෑන් B තබා ප්ලෑන් A එකක්වත් උන්ට නැත.


රට හඳන වැඩ පිලිවෙලවල් කියා මුද්‍රණය කර බෙදන්නේ සුරංගනා කතාම පමණි.


පවතින ගැටලු වලට ඒ එකකවත් විසඳුම් නැත.


කාළකන්නි රාජ්‍ය සේවය, පාඩු ලබන රජයේ ආයතන, අනවශ්‍ය සුබසාධන වලින් ගොඩ ඒම් කිසිවක්ම ඒවායේ නැත...


තියෙන්නේ පෑඩ් එකත් නොමිළේ දෙන හිඟන යෝජනාමය...


එසේ කර බලයට එන්නේ හොරා කෑමටම පමණි.


ඝෝඨාගේ පාලනය තුලද මහා පරිමාණ වංචා අදටත් සිඳු වෙමින් පවති..


සීනී වංචාව, සහල් වංචාව, සුදුළූණූ වචාව, ගූ නැවේ වංචාව, ගෑස් වංචාව එයින් කීපයකි..


නමුත් ලෝකයම වෙලාගත් කොවිඩ් වසංගතය සාර්ථකව මැඩපවත්වාගෙන ගිය හා යන ඉදිරිපෙලේ රටක් ලෙස අපේ රට පත් වූයේ ඝෝඨාගේ තියරි අනුව බව පිලිනොගන්නේ නම් ඌ අමු කුහකයෙක් මිස වෙන කිසිවකු නොවේ...


විපක්ෂය මහ රෑ පන්දම්පාලි නටන්නේ, වින්දනයක් සහිත රැස්වීම් පවත්වන්නේ ඊට පින් සිඳු වන්නටය...


ආන්ඩුව විනාශ කරනා කොඩිවින සිටින්නේ විපක්ෂයේ නොව ආන්ඩුවේමය.


පී බී ජයසුන්දර එයින් හොඳම එකය..

දෙක විමල් වීරවංශ හා පිරිසය..

තුන බෝම්බ සිරා, රිලාසිරි ඇතුලු පිරිසය...


මුන් කොතරම් පච වී ඇතිද යත්, විපක්ෂ බලවේගත් දැනටමත් මුන් ප්‍රතික්ෂේප කර හමාරය...


මේ මුන් සියල්ල එලවා දමා.. විපක්ෂයෙන් එන පිරිස සමඟ.. තමන්ගේ වැඩ බැරි කයිවාරු ඇමතිවරු පවා එලවා දමා...,


තරුණ පිරිස සමඟ ආර්ථික යුද්ධය ජයගැන්මට ඇති හොඳම අවස්ථාවයි...


කොඩිවින සමඟ මැදමුලනම වැනසෙනවාද..


කොඩිවින කපා මැදමුලන මෙන්ම රටම ගොඩගන්නවාද යන තීරණය ඇත්තේ සර්වබලධාරි ඝෝඨාගේ අතේය...


තව ඇත්තේ වසර තුනකි...


ඉදිරි වසර තීරණාත්මකය...


සුභ 2022 වසරක් වේවා...!!!


.

Dec 19, 2021

මුරුත්තේටුවේ පණ බේරාගෙන ගිය එක ළොකු දෙයකි..


 ජේ ආර් මරමු...!!!!


(බම්බුවේ උපාධිය ගැන

අන්තිම පෝස්ට් එක)

➖➖➖➖➖➖➖


ඇත්තටම මට ඒ උසස් අජ්ජාපන ආයතනේ ළදරුවන් තුන් දෙනා ගැන කිසි අහිතක් නෑ.

ඔය වයසෙදි අපි හැසිරුනෙත් එහෙමයි..

එයාලට පාර පනින්නවත් දන්නෙ නැති නිසා රෝඩ් හම්ප් පවා දාලා තිබුනා කාළයක්.. හැබයි මොන්ටිසෝරි ගාව එහෙම නෑ..

ආන්ඩුවට විරුද්ධව ඩෙඟා නටලා උපාධිය අවුරුද ගනන් පස්සට දාගත්තා.

බුද්ධියක් නෑ.

කාගේ හෝ පදේකට නටන රූකඩ.

සිස්ටම් එක කඩාගෙන යන්නේ ඉතා සුළු පිරිසක්.

එහෙම උන් තේරුනත් ඕකට යන්නෙත් නෑ...

හැබයි ඩිග්‍රිය ගන්නවා.

එහෙම ගන්න ක්‍රම ඕන තරම් තියෙනවා..

දේශපාලනය මජරයි කියලා කියන ඔතන ඉන්න අය..

රෙද්ද ඉස්සුවාමත් ඩිග්‍රිය දෙනවා..


මට අවුල තියෙන්නේ, මේක මාර කේස් එකක් කරගෙන, එයින් පිටවුනත් තාමත් කැම්පස් යන පොඩි ළමයි එක්ක..


උන් රට හදන්න යන්නේ මේ වගේ බොලඳ ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන්ද?


හෙට මෙයාලා කැම්පස් එක ගිනි තිබ්බොත් ඒකටත් හුරේ දානවද?


88/89 වගේ උපකුලපති ස්ටැන්ලි විජේසුන්දර  මරලා දැම්මා වගේ මුරුත්තේටුවේට ගේම දුන්නොත් ඒකටත් හුරේ දානවද?


සමහරක් අය මේ ආන්ඩුවෙන් නොයෙක් තනතුරු බලාපොරොත්තුව ඉඳලා ඒවා නොලැබුන නිසා ආන්ඩුව මොකක් කලත් වැරදියි.. 

සමහරුන්ට නානාප්‍රකාර හේතු තියෙනවා.. අපිටත් අවුල් තැන් තියෙනවා... 

සමහරුන්ට රාජපක්ෂලා දිරවන්නෙම නෑ.. 


හැබයි උන් නොදන්න දේ තමා ඔක්කොම ආස රාජපක්ෂලා වෙන්න කියන එක. අවුරුදු පහක් අපි ඒක හොඳට දැක්කා..


දැන් මේ ක්‍රියාව නිසා මුරුත්තේටුවේ අස් වෙලත් නෑ.. අනාගතේ දේශපාලන පත්වීම් දෙන එක නවතින්නෙත් නෑ.. කැම්පස් වල ප්‍රමිතිය හොඳ වෙන්නෙත් නෑ... කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ.. සියල්ල සති දෙකෙන් අමතකයි...


මේ පාලනය පිස්සු කෙලිනවා නම්, ඒක චේන්ජ් කරන්න ගෝත්‍රික නොවන ශිෂ්ඨ ක්‍රමයක් මේ රටේ තියෙනවා ඒ තමා සර්ව ජන චන්ද බලය.

සිවිලයිසේසොන් කියන්නේ ඒකට...


මේ වගේ සුළු සුළු ආකාරයෙන් පටන් ගෙන 70 දි, 83 දි, 88/89 දි මේ රටේ ලේ ගංඟා ගැලුවා හොඳටෝම ඇති.


ඒ කාළෙත් මේ වගේ සොෆ්ට් ටාගට් වලට ගැහුවා මිසක්, බිග් ෂොට් වලට ගේම් දෙන්න බැරිව අන්තීමේ ගොල්ෆ් ග්‍රවුන්ඩ් එකේ අල්ලපු වත්තේ පණ පිටින් බාබෙකිව් උනා..

තනියෙන් නෙමේ... මේ වගේ සහලවලා උණ තිබුණ තරුණ ජීවිත 60,000 ක් එක්ක..


ජේ ආර් මරමු කිව්වට, මැරුවේ ගමේ අහිංසක ග්‍රාමසේවක, ඉස්කෝල මහත්තයා, හාමුදුරුවෝ.. 


මුන්නාන්සෙත් ඒවා කරපු නිසාද මන්දා අද ඒවා මේ ආත්මෙම ලබන්නේ.. 😂😂😂😂

මෙයා ආන්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ තියලා දෙන්නෙක් මැරුවා..

එකෙක් කැම්පස් කොල්ලෙක්..

උගෙ ජීවිතේ ආයේ ගන්න බෑ..

හැමදාම නේස් වර්ජන කරලා මරලා දාපු ගාන හොයන්න ක්‍රම නෑ..


එතකොට ඒවා විවේචනය කරන කෙනෙක් කොහොමද ...

මේවා උඩ දාගෙන ස්වයං වින්දනයේ යෙදෙන්නේ...


මේකට හොඳම උත්තරේ දුන්නේ නිර්මාල් රංජිත් දේවසිරි...


මේක විරෝධතාවයක් නෙමෙයිය.. 

මේක තනිකරම මධ්‍යම පාන්තික හීනමානය ප්‍රදර්ශණය කිරීමය කියලා..


හොඳින් නිරීක්ෂණය කරාම බුකියේ මේක වර්ණනා කරපු හැම එකාම ඒ පන්තියේ කියලා  පැහැදිලිවම පේනවා...


එයාලා කොච්චර උඩ ගියත්,

තාම ඉන්නේ පහළ...


දැන් මා එක්ක තව පිරිසක් තරහා වෙයි..

ඒකේ කිසි අවුලක් නෑ...


ඇත්ත ලියලා පැත්ත ගියත්..

මට නම් කිසිම අවුලක් නෑ..


ඩිග්‍රිය ගත්තට පැඩිග්‍රිය දෙන්න බෑ...


මේවට උසස් අධ්‍යාපන ආයතන කිව්වට...


ඒවයෙන් පිටවෙලා සෑහෙන කල් ගියත් 

මනසින් උසස් වෙලා නම් නෑ....

තාමත් ගෝත්‍රිකයි...


එන්න අපි 


ජේ ආර් මරමු....!!!


මෙත් මල් පිබිදේවා 

සිත් තුල මෙත්මල් පිබිදේවා

කරුණා ගුණ දේවා

සිත් තුල කරුණා ගුණ දේවා...


උසස් අධ්‍යාපන ආයතන තුලින්

උසස් මිනිසුන් බිහි වේවා...!!!!


(මේවගේ ඒවට ලැයික් කොමෙන්ට්ස් හහා අඩුයි....

මොකෝ නිර්වස්තරෙන් ගොඩ වෙලා ගියා කියලා මාට්ටු නේ..)

Dec 18, 2021

ගමෙන් පටන් ගෙන "මොනෙක්" වෙත යාම - Lets Build a Monarch with JVP

 


ඉස්සෙල්ලම බලමු Monarch හෝ Monarchy කියනෙකේ තේරුම.. සරළව කාටත් තේරෙන බසින් කියනවා නම් ඒකාධිපතියෙක් විසින් පාලනය කරන අධිරාජ්‍යය යන සරළ තේරුමය.. උදාහරණයක් ලෙස මොන්ටිකාලෝ රාජ්‍ය සඳහන් කළ හැකිය...

ඇත්තටම ජාතික ජන බලවේගයේ රැස්වීම තියන තලවතුගොඩ මොනෙක් අධිරාජ්‍යය විවෘත කලෙත් එහෙම අධිරාජ්‍යයෙක්ය. ඒ බැසිල් රාජපක්ෂ උන්නැහේය..

ගමෙන් පටන් ගමු කියපු ජවිපේ, ඒක පැත්තකට තියලා ජාතික ජන බලවේගය එක්ක මොනෙක් එකේ සෙට් වෙන්නේ ඇයි?

ආන්ඩුවේ පිස්සු කෙලීම් එක්ක බහුතර ජනතාව ඉන්නේ ආන්ඩුව එක්ක කළකිරීමෙන්ය, කොරෝනා මැද්දෙත් ආන්ඩුව බොහෝ දේ කළත්, ඊට ප්‍රචාරණයක් ලබා දෙන්න ආන්ඩුවේ මාධ්‍යකාරයෝ සියල්ලම අසමත්ය.

ඒ වගේම කැබිනට් ඇමතිවරුන්ගෙනුත්  අති බහුතරේ අසමත්ය, වී මාෆියාවට කෙලින්න දාපු බන්ධුල හොරා කාලා අතේ මාට්ටුය. අලගියවන්න කියන්නේ පට්ට හොරෙක්ය. පච වෙන්නේ ෆේල් වෙන්නේ ඝෝඨාය

කාබනික වගාව බාරදීපූ දෙන්නා ඒකා හෑවා මදිවාට චීන ගූ නැවකින් හොරා කාලා එකවුන්ට්ස් දෙක පුරව ගත්තේය. පච වෙන්නේ  ෆේල් වෙන්නේ ඝෝඨාය.

හරියට ගියේ වැක්සින් වැඩේ විතරයිය.. ඒකෙන් හොරා කන්න ගිය පවිත්‍රට කෙලවෙලාම ගියා වගේම කෙහෙලියටත් ගරු රඟපෑම් දාන්න බැරි ව්දියට වියත්මගේ බඩු දෙක එතනදි පාස්ය.

මාධ්‍ය ඇමතිකම දීලා තියෙන්නේ තවත් සිරිසේන කෙනෙකුටය. පොරද  කන පතේම අඩු නැතිව රෙන්නේය. ඝෝඨගෙ දකුණු අත වගේ උන්න දිලිත් දැන් ඉන්නේ මල පැනලාය. දුමින්ද එලියට දැම්මත් රෙණෝගේ හිරුත් නිකං මළහිරු වගේය.

මේ සියල්ලට ඝෝඨා වගකියන්න ඕනාය. එයා 2025 ආයේ ඉල්ලන්න ඉන්නවා නම් දැන්වත් එයා පොලිටීෂියන් කෙනෙක් වෙන්න ඕනෑමය.

ආන්ඩුවට විරුද්ධව උසාවි ගිය කැබිනට් ඇමතිවරු එලවලා දාලා තමන් ඝෝඨා බව ජනතාවට පෙන්විය යුතුය..

මෙන්න මේ හේතුත් නිසාත්, සජිත්, පාඨලි, රනිල් කියන පට්ට ෆේල් ජෝකර්ලාගෙන් වැඩක් නෑ කියලා දන්න හේතුව නිසාත්, දැන් මිනිස්සු විකල්ප නායකයෙක් හොයනවාය...  විකල්ප බලවේගයක් හොයනවාය..

අනුර කුමාර කෙරේ මෙන්ම ජෙප්පන් කෙරෙහි මිනිස්සු ආකර්ෂණය වෙන්නේ, වෙනත් විකල්ප නැති නිසාය.. (ඇත්තම නායකයා අනුර කුමාර නොව ටිල්වින් උන්නැහේය)

ජෙප්පන්ටත් මෙය අවබෝධ වූවද, ඔවුන් ඉන්නේ මෝහෙන් මුලාවෙලාය. සිහිණය බලය ලබා ගැන්ම පමණය. එයාලා කියනා ක්‍රමවලින් රටවල් හදන්නට බැරිය.. පුත්තලම් ගඩොලින් හා මනම්පිටියේ වැලිවලින් මූලස්ථාන ගොඩ නැගුවාට, ඔය බයිලා වලින් රට හදන්නට බැරිය..  

අමතර එවනා ඩොලර් 500 කින් ඩොලර් සංචිතය මේන්ටේන් කළ නොහැකිය.

පොල්මුඩේ ඉල්මනයිට් වලින් කැළණියේ මැටි වලින් රට ගොඩ දාන්න බැරිය. වී වගා කරනා පන් ගොයියෝ එක්ක රට ගොඩ නගන්නට බැරිය. කොටින්ම විදෙස් ආයෝජකයෝ නොමැතිව මේ රට ගොඩගැනීම විහිළුවාක්ම පමණය.

ඒ නිසා මුලින්ම ඔවුන් රට ගොඩ දමනා කෙටි කාළීන හා දිගු කාළීන වැඩපිලිවලක් ජනතාවට ඉදිරිපත් කළ යුතුය. මන්ද විවේචනය පහසු වූවාට, වැඩේට බැස්සාම එයාලත් නාගත්තා මිස වෙන වැඩක් නොකල නිසාය.

2015 දී යහපාලනයට කෙලවෙලාම ගියේත්, මේ ආන්ඩුව දැන් හත්පොලේ ගාගෙන නාන්නේත් ඒ හේතුවෙන්මය. 

ඇත්තටම "මොනෙක්" මානසිකත්වය ඉතා හොඳය. ජවිපේ ඉදිරියට යා යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ  ලෙස මිස වෙනත් පෙරමුණු හෝ බලවේග ලෙස නොවේය.

එනිසා ජාතික ජන බලවේගයේ සිටිනා සියල්ලන්ටම ජවිපේ සාමාජිකත්වය ගෙන ඔවුන් හා එක්වන ලෙස ඉල්ලා සිටිය යුතුය. 

එසේ එක් නොවනා උන් අමු බොරුකාරයෝය. මන්ද කෙල වූ පසු අනේ අපි නම් ජවිපේ නෙමේ කියා දිරාමාරු වන්නේ ඒ පිරිසය.

1994 සිට හවුලේ කැඳත් සමඟ කැඳහැලිවල බැහැලා ආතල් ගත්තා හොඳටෝම ඇතිය.

ජනතාව දැන් බැහැලා නාන්නේද එවන් කැඳ හැලියකය. 

කැඳ හැලියක් සමඟ හිට්ලර් තියා මහා ඇලැක්සැන්ඩර් බලයට ආවාට මෙලෝ රහක් නැතැයි කියා, 2/3 ක් සමඟ 20 ත් සම්මත කරගෙන ඇදගෙනම නානා ඝෝඨාභය රාජපක්ෂ ඔප්පු කරලා අවසන්‍ ය.

ඒ නිසා "මොනෙක්" වලින් ආරම්බ වන වැඩපිලිවල ජවිපේ අධිරාජ්‍යයකින් නිමාකර ගැන්මට සෑම ජෙප්පෙක්ම සිහි තබා ගත යුතුය..

හවුලේ කැඳ තියා ජෙප්පෝත් එපාමය..


ඒ වගත් මෙසේය...

Dec 14, 2021

හර්ෂලාගේ ගුලි නොකා ලොකු අයියා ළඟ දනින් වැටිය යුතුය..


පී බී ගේ ගුලි කා හත් පොලේ ගාගෙන ඉන්නා ආන්ඩුවට, හර්ෂ ද සිල්වා හා විපක්ෂය එක්වී දෙන්න යන්නේ සුපිරිම ගුලියක්‍ය. මේක මුලින්ම දුන්නේ ඇපත් නැතිව පක්ෂයත් කා ගෙදර ගිය රනිල් වික්‍රමසිංහය. ඒ වැටි ඇති වලෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF ලෝන් එකකට යන්නෙයි කියලාය. මේ ගුලිය කාපු ගමන් වෙන්නේ, ණය ගන්න නම්, IMF එක අපට දමනා කොන්දේසි ඉටුකරන්නටය. 

ඒවා ඉටුකරන්න ගිය ගමන් ආයෙත් ගහන්නේ හර්ෂ ද සිල්වලා හා රනිල් වික්‍රමසිංහලාමය. එයාලාගේ ප්‍රධානම යෝජනාවක් වන්නේ රාජ්‍ය සේවය කප්පාදු කිරීමය. එහෙව් එකකට විරුද්ධ වෙන්න අලුතෙන් විපක්ෂයක් ඕනා නොවන්නේ, ආන්ඩුවට විරුද්ධව උසාවි යන පසුගාමී වාමාංශික ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයේම ඉන්නා නිසාවෙන්‍ය. උන් දැනටත් IMF ගෙනෙනා තවත් යෝජනාවක් වන රාජ්‍ය ආයතන පෞද්ගලිකරණයට එරෙහිව උසාවි ගොස් සිටිනා කාළකන්නීන්‍ය. ඒ යුගදනවි ගිවිසුමට එරෙහිවය. නැගෙනහිර ජැටිය යුනියන් එකකට දීලා බකං නිලාගෙන ඉන්නේත් උන්මය.

චීනා විපක්ෂයට ෆුල් සපෝට් එක දෙන මෙ වෙලාවේ, IMF යනවාට වඩා ඉන්දියාවේ ටෝටල් පැකේජ් එක ළඟ දන ගැසීම හැම අතින්ම වාසියක් වන්නේ, IMF යනු ණය දෙන ආයතනයක්ම පමණක් වීමත්, ඉන්දියාව යනු ඊට වඩා බලවත් රාජ්‍යයක් වීමත්‍ය. කවුරු මොන බයිලා කෙසේ කීවත් අපේ අසල්වැසියා වන ඉන්දියාව තරහා කරගෙන අපට ඉදිරි ගමනක් ඇත්තේ නැතිය. 
මේ අමන වැඩේ ජේ ආර් මෙන්ම මහින්දද කළේය. 

යුද්ධය ආරම්බ කිරීම, අවුලා පවත්වාගෙන යාම මෙන්ම, යුද්ධය අවසාන කිරීමටත් කෙලින්ම සම්බන්ධ වූයේ ඉන්දියාව බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහස් වී අවසානය. ජේ ආර් ඉන්දියාව ඉදිරියේ බව්වා මාක් වී 13 ව්‍යවස්ථා සංසංශෝධනය ගෙනාවා වාගේ, මෙවරත් ආර්ථික අගාදයෙන් ගොඩ ඒමට ඉන්දියාව විසින් ටෝටල් පැකේජ් එකක් දීලා තියෙනවාය. 

දැන් ආන්ඩුවට හා රාජපක්ෂලාට ඒ පැකේජ් එක ඉදිරියේ දන නමනවා විනා වෙන සොලියුසොන් එකක් ඇත්තේ නැතිය.  එය ඇත්තටම ටෝටල් පැකේජ් එකක් වනාතර, ආහාර සෞඛ්‍ය හා ආරක්ෂක පැකේජ් එකකින් ආරම්බ වේ. ඇත්තටම අපේ රටට වඩා ඉන්දියාවේ ආහාර මිළ බොහෝ අඩුය. අපේ කාළකන්නි හිඟන පන් ගොයියන්ට කෙලවෙලාම යන්නේ මින් පසුවය. ඩඩ්ලිලාට හැමිනිලාම යන්නේ මින් අනතුරුවය. ඖශධ මාෆියා කාරයන්ට බොන්න බෙහෙත් නැති වෙන්නේ මින් අනතුරුවය. අයිසිස් කාරයන්ට නන්නපෝල් වෙන්නේ මෙයින් පසුය.

ඇත්තටම ලංකාව කියන්නේ ඉන්දියාවට අනුව රටක් නොවේය. උන්ට මෙය තවත් ප්‍රාන්තයක් පමණි. මුම්බායි වල ජනගහනයම මිලියන 20 කි. දිල්ලියේ මිලියන 30 කි. මිලියන 23 පමණ ඇති ලංකාව දෙස උන් බලන්නේ රටක මානසිකත්වයෙන් නොව ප්‍රාන්තයක මානසිකත්වයකිනි. ඇත්තටම මේ රට පාලනය කරන්න මහ ඇමතියෙක් උන්නාම හොඳටෝම ඇතිය. යටත් විජිත කාළයේ මේ රට පාලනය කරේ එක ආන්ඩුකාරවරයෙක් විසින්‍ය. දැන් ආන්ඩුකාරවරුම 9 ක් ඉඳලාත් සත පහක වැඩක් ඇත්තේ නැතිය.

ඉන් අනතුරුව එන්නේ බලශක්ති සුරක්ෂිතතාවය හා බංගලාදේශය සමඟ ගිවිසුම් ගත වූවාක් මෙන් SWAP Currency මූල්‍ය ගණුදෙණුවකි. එමෙන්ම ඉන්දීය ආයෝජකයින් ලංකාවට ගෙන ඒමේ වගකීමද ඉන්දීය රජය විසින් දරනු ඇත. පට්ට ෆේල් BOI එක වහලා දාන්නම පුලුවන්‍ය. මන්ගොන්පිලගේ බලශක්ති බයිලා වලට කෙලවිලා යන්නේත්, විදුලි මාෆියාවට වොට් 33000 වදින්නේත් මින් පසුවය. මහ කැළයේ දිර දිරා යමින් තියෙනා ත්‍රිකුණාමල තෙල් ටැංකි මෙන්ම පැස්ටෝල් ෂෙඩ් ටිකත් දැනටත් ලාබ ලබන IOC සමාගම අත්පත් කරගන්නේය.

ඇත්තටම අප මේ රජයෙන් බලාපොරොත්තු වූ සියල්ල මේ පැකේජය  හරහා ක්‍රියාත්මක විමට නියමිතය. 225 එපා, මේ රට වෙන කාට හරි දියෝ කියපු උන්, 88/89 වාගේ ඉන්දියාව එපෝ කියා රට ගිනි තියන්නට ගියොත්, ඒකත් ශවේන්ද්‍රට නොකියා. ඉන්දියන් හමුදාව මෙහේට බස්සා උන්ගේ පුචට වෙඩි තබනවා මිස, ජනාධිපති හා සාකච්ඡා දෙන්නෙට ගොස්, ඉන්දියන් කාරයෝ පැකේජ් එකත් උස්සාගෙන දුවන්නට වැඩ කටයුතු නොකල යුතුය.

අපට තියෙන්නේ තව කැසිනෝ දෙක තුනක් දමා, සීතා කෝවිල වාගේ රාමා කෝවිලකුත් සාදා ඒවා වඳින්නට එන ඉන්දියන් උන්ගෙන් ගානක් කඩා ගන්නා එකය.

Dec 7, 2021

අල්බොරාදා, නෙරුදා හා අපි - Neruda, Alborada and SL

 


කෙලවී ගිය ලාංකිය සිනමාවට කෙලවෙලාම ගියේ ජාතක කතා හා ජාතික කතා නිසාය. ඒවා ආර්ථික අතින් සාර්ථක වූවද, එහි සිනමාවක් තිබුනේ නැත. ඩොකියුමෙන්ට්‍රි හෙවත් වාර්ථා චිත්‍රපට කියන්නේ එකක්‍ය. සිනමාව කියන්නේ තව එකක්‍ය. ඒ ජාතියේ වාර්ථා චිත්‍රපට ටෙලිවිෂන් නොතිබූ හත් වසක සාපය පැවති, සිනමාවේ වසන්ත සමයේ, චිත්‍රපටය පෙන්වීමට පෙර ප්‍රදර්ශනය කළ අතර, ඒවා මෑත කාලයේ ආ ජාතක කතා හා ජාතික කතා වලට වඩා බොහෝ උසස් තත්වයක තිබුනේය.

මාතලන්, චිත්‍රපටයක් බලන්න යන්නේ, සිනමා පටයක් නැරඹීමට මිස, ටෙලි නාට්ටියක් බැලීමට නොවේය. විශාල තිරයක ප්‍රදර්ශනය කලද, ටෙලි නළුවන් හා නිලියන් පිරි සිනමා පට තවත් ටෙලියක් බැලුවා වාගේය. ප්‍රංශ සිනමාවට බොහෝ සේ ආදරය කරන්නෙකු ලෙස හඳයාගේ නවතම නිර්මාණය වන අල්බොරාදා කලෙකින් මා අමන්දානන්දයට පත්කල චිත්‍රපටයක්ම වූයේය.

එක් ප්‍රංශ චිත්‍රපටයක රඟන බොහෝ නළු නිලියන් බොහෝ විට තවත් චිත්‍රපටයක දැකීමට සිඳුවන්නේ බොහෝ කලාතුරකින්‍ය. එවිට සිනමාවේ නැවුම් බව රැඳෙනා බව මගේ විශ්වාසයයි. ඒ අතින් රිතිකා කොඩිතුවක්කු (Rithika Kodituwakku) හා මැල්කම් මචාඩෝ (Malcolm Machado) ටෙලි නළු නිලියන් නොවීම, සිනමාවේ, හඳයාගේ, මෙන්ම අපගේද වාසනාවක්‍ය.

බොහෝ අය මැල්කම් මචාඩෝගේ රංගනය පමණක් අගය කර තිබුනද සෑම චරිතයක්ම තම චරිතයට උපරිම සාධාරාණය ඉටු කර තිබුනේය. එමෙන්ම අනෙක් සෑම අංශයකම සුළු සුළු අඩුපාඩු තිබුනද ඒවා නොපෙනෙන නොදැනන තරමට, රංඟනය ප්‍රභලව ඉස්මතුව තිබූ බව කිව යුතුය.

චිත්‍රපටයක් නාට්‍යයක් හෝ චිත්‍රයක් නැරඹිමෙන් අනතුරව එය මනසේ හොල්මන් කරයි නම් එය සාර්ථක නිර්මාණයක්‍ය යන්න මගේ විශ්වාසයය. චිත්‍රපටයේ නම අල්බොරාදාය. එය ස්පැනිෂ් නමකි. ඉංග්‍රිසියෙන් වචනය "Dawn" යන්නයි. එහි සිංහළ තේරුම අරුනෝදය හෝ පාන්දර ලෙස ගත හැකිය. එය චිත්‍රපටයට විශාල අරුතක් ගෙන එනවා මෙන්ම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් රඟන ලයනල් වෙන්ට්ඩ් නම් ශ්‍රේෂ්ඨ කලාකරුවාගේ නිවසේ නමයි. අද ලයනල් වෙන්ට්ඩ් රඟහල පිහිටා තිබෙන්නේ ඒ නිවස තිබූ භූමියේය. නිවසට නම තබා ඇත්තේ ලයනල්ගේ ළඟම මිතුරකු වූ පැබ්ලෝ නෙරුදාය. 



පැබ්ලෝ ඒ නම දැම්මේ චිත්‍රපටයේ මූලික තේමාව වන සෑම හිමිදිරියකම, නෙරුදාට පමණක් වෙන් වූ වැසිකිලිය පිරිසිඳු කිරීමට පැමිනෙන සෙක්සි සක්කිලි කෙල්ලට පෙම් කරනා (ඇයගේ පහස විඳීමට උත්සාහ කරනා) කාළයේද , එසේ නැත්නම් ඇය හා සංවාසයේ යෙදීමෙන් අනතුරුවදයි අප දන්නේ නැතිය. කෙසේ හෝ මෙම සිඳුවීම නෙරුදාගේ ජීවිතයේ අමතක නොවනා සිඳුවීමක් බව එයින් මනාව පැහැදිලි වනවාය.

මා කියවා ඇති ආකාරයට පැබ්ලෝ නෙරුදා ඇය හා එක්වීමේදි කිසිඳූ විරෝධයක් මෙන්ම කිසිඳු ප්‍රතිචාරයක් ඇයගෙන් නොලද බව කියා ඇතත්, හඳයා එම සිඳුවීම අමුවෙන්ම ඉදිරිපත් කර ඇත. මා ඉන්නේද ඒ මතයේමය. නෙරුදා තම චරිතයට සිඳුවන හානිය හේතුවෙන් එය ලියා නොතැබුවද, තම කැමැත්ත කිහිප ආකාරයකින් ප්‍රකාශ කලද, ඒවා පයිසයකට මායිම් නොකළ සක්කිලි යුවතියට අත්වන්නට ඇත්තේ මේ ඉරණමය. 

ඇය වෙනුවෙන් මඟ තබන රෝස මල කක්කා බාල්දියට දැමීම මෙන්ම, සාරිය ප්‍රතික්ෂේප කිරීම තුලින් ඇය ඔහු එන්නේ මොකාටද යන්න තේරුම් ගත් බව ප්‍රකාෂ විමද, එම ප්‍රතික්ෂේප කිරීම් වලින් ඇතිවන ඉච්ඡාභංගත්වය, නෙරුදා විසින් එය රැගෙන වේගයෙන් දිවීමෙන් මෙන්ම සාරිය ඉරා දෙවගනගේ පිලිමය සැරසීමෙන්ද අපූරුවට පෙන්වයි.


චිත්‍රපටය හඳුන්වා දීමේදී, "The poem Neruda never wrote" කියා හඳයා කියන්නේ, මේ කවිය විය හැකි වුවද, චිත්‍රපටය පුරා නෙරුදා නොලියු කවි බොහෝමයක් තිබෙන්නේය. ඇත්තටම "ජොසී" (මියන්මාරයේ යක්ෂණිය) ලංකාවට එන්නේ නැතිය. ඒ හඳයාගේ අපූරූ කවියකි. නිවසේ සේවකයා වන මැල්කම් මචාඩෝ හරහා කියනා කවි බොහෝමයකි. ලයනල් වෙන්ට්ඩ්ගේ අපූරූ ලිංගික ආශාවන් ගැන වක්‍රාකාරයෙන් කියනා කවි බොහෝ අපූරුය, එය අවබෝධ වුවහොත් මල මූසල රැඟුම් පාලක මන්ඩලයෙන් අක්ෂරය මෙන්ම ඇපීල් කරන්නට විය හැකි චිත්‍රපටයක් වීමටත් බොහෝ ඉඩකඩද තිබෙන්නේය.

නිවසේ සේවකයා සක්කිලි යුවතිය දූෂණයට ලක්වන මොහොතේ එය වැලකීමට උත්සාහ කරනුයේ කුල බේදය පසෙක තබා ඔහුගේ මිනිස්කම හා කුලයෙන් පහත් වුවත් තමාගේ  එකෙකුට විනාශය නිසා බව තවත් අපූරූ කවියකි. අසල්වැසි කාන්තාව නෙරුදා කෙරෙහි ඇති ආශාව වක්‍රාකාරයෙන් පෙන්වීම තවත් අපූරූ කවියකි. සක්කිලි පඩි ගත්තා වාගේ යන කවිය ඉදිරිපත් කිරීමද අපූරුය. 

"You are a Basterd" නැතකොත් "තෝ මහා අමනයෙක් ..." කියා, හඳයා නෙරුදාට කියන්නේ  නැතිය. නොබෙල් සාහිත්‍ය සම්මාණයෙන්ද පුදලද මහා කවියකු අමනයෙක් බව කියන්නේ ලයනල් වෙන්ට්ඩ් ලවාය. ඇත්තටම මෙවන් අමන සල්ලාල කළාකාරයෝ ලංකාවෙන්ද ලෝකයෙන්ද කොතෙකුත් වාර්ථා වුවද ඔවුන් තවමත් මහා කලාකාරයෝ වනාතර වින්දිතයෝ වෙට්ට පාසියෝය. මෙය කළාකරුවන්ට පමණක් බැහැර කර අපට අත සෝදා ගත හැකිද?

හඳයා තවත් අපූරූ කවියක් කියයි. මම මේ චිත්‍රපටයේ කැමතිම චරිතය, නිමායා හැරිස් (Nimaya Harris) පන පොවනා  පැට්සිගේ  (Patsy) ගේ චරිතයයි. යටත් විජිත  ව්ක්ටෝරියානු යුගයේත්, මානුෂික හැගීම් වලින් යුත් නිදහස් නිවහල් ලිබරල්, "ලයනල් වෙන්ට්ඩ්" වැනි පිරිමින් මෙන්ම, පැට්සි වැනි කාන්තාවන්ද වූ බව ඇය අපූරුවට ඉදිරිපත් කරයි. ඇය පෙම් කරන්නේ නෙරුදාට නොව ඔහුගේ කවියටය, මියන්මාරයේ ත්‍රස්ත්වාදිනියට මෙන් නෙරුදා තමන්ගේම කර ගැනිමේ ගායක් ඇයට ඇත්තේ නැතිය. ඇය ඒ වෙනුවෙන් විඳවන්නේ නැතිව නෙරුදාගේ කවිය, නෙරුදා මෙන්ම ඇයගේ ජීවිතයත් විඳගන්නීය.

ඇය හිස දරාගෙන සිටින්නෙ ඉන්ගිරිස් හිස් වැස්මකි. මියන්මාරයේ යක්ෂනිය එන්නේ හිස මත හාල් මල්ලක් රැගෙනය. ඇය සිතන්නේ හාල් තියෙන්නේ මියන්මාරයේ පමණකැයි කියාය. මිරිමින්ට ඉන්නේ තම පතිවත බිලිගත් නෙරුදා පමණක් යැයි සිතාය. සක්කිලි යුවතිය හිස දරාගෙන යන්නේ තම රැකියාවයි. එහි ඇත්තේ අශූචිය. අවසානයේ ඒ බාල්දිය රැගෙන යන්නේ නෙරුදාය.

අප සියල්ලන්ම අශූචී බාල්දියක් හිසින් ගෙන ඉලපතක් අත රැගෙන යන්නෝ නොවෙමුද?

ඉලපතින් හතුරාට බැට දීමට මෙන්ම තම පරිසරය පිරිසිඳුව තබා ගැන්මටද පුලුවන.

වික්ටෝරියානූ යුගයේ අනුන්ගේ පව් සේදීමට මුහුදේ කිමිදෙන සක්කිලි යුවතිය "අද" මතුවන්නේ....  තාමත් පව් කාරයන් සිටිනා නිසාද, වික්ටෝරියානු යුගය තවමත් පවතින නිසාද?

Nov 30, 2021

වසංගතය කොරෝනා නොව පුංචි බන්ඩාය


 ජනාධිපතිවරණය වෙලේ පුංචි බන්ඩා උන්නැහේ ඝෝඨා එක්ක එහෙ මෙහෙ යනවා අපි නම් දැක්කේ නැතිය. හැබයි දිලිත් ජයවීර නම් අර සුපිරි ඩිස්කවරියේ එහෙ මෙහෙ යනවා අප කිප වරක්ම දැක්කේය. පුංචි බන්ඩා මහතා උසාවියෙන් බ්ලැක් ලිස්ට් කල පොරක් ය. ඝෝඨා එවන් කෙනෙක් තබාගෙන ඉන්නේ සමාර විට එයා අසාදුගත පුද්ගලයින්ගේ ලැයිස්තුවෙන් ඉවත් කරලා තියෙන නිසෑදැයි කියන්නට අප දන්නේ නැතිය.

එහෙත් දිලිත් ජයවීර යනු එවන් පුද්ගලයකු නොවේය.  ඔහු ස්වෝත්සාහයෙන් ස්වශක්තියෙන් ලංකාවේ ඉහළම තලයේ වැජබෙන ව්‍යාපාරිකයෙක්‍ය. අනික ඔහු උපාධිදාරියකුය. රාජ්‍ය සේවයට සම්බන්ධයක් ඇත්තේ නැතිය. ඔහුට එක එක චෝදනා කරනා හැම එකාම පෞද්ගලික අංශය ගැන අබමල් රේණුවක දෙයක් නොදන්නා මීමින්නන්‍ය. පෞද්ගලික අංශය යනු ලාබයම පරමාර්ථය කර ගත් අංශයක් පමණි. ඔවුන්ගේ සේවක පිරිසගේ පමණක් නොව, පින් පඩි ගන්නා ආන්ඩුවේ උන්ගේ පඩිය ගෙවන්නේද ඔවුන්ගේ මුදල්වලින්‍ය.

කිරීමට කිසිවක් නැති ආයතන කිහිපයක නාමමාත්‍රික තනතුරු කීපයක්ම ලබා දුන්නද, අද ඔහු තමන්ගේ ෆේස්බුක් ගිණුමේ "නිදි වගේ ඉන්න ඕනෑ..." කියන්නේත්, පී බී ට එලව එලවා පහර දෙන්නේත්, රටේ ප්‍රශ්ණ සියල්ලටම හෙතුව පුංචි බන්ඩාගේ මරි මෝඩ තීන්දූ තීරණ හා අධිකාරිවාදී පාලනය නිසාමය.

ඝෝඨාට මරි මෝඩ උපදෙස් දෙන මේ හාදයා දැන් කියන්නේ, රටේ ආර්ථිකය රට අති භයානය ආර්ථික අඩියකට වැටී ඇති බවත්, ලබන වසරේ තත්වය මීටත් වඩා දරුණු විය හැකි බවත්‍ය. අනෙක මේ මෝඩ වාහේ ඒවා කියන්නේ ජර්මන් සන්නාම පිළිබඳ පැවති සම්මන්ත්‍රණයකදි ඉන්ගිරිසියෙන්‍ය. මේවායෙන් වෙන්නෙ ඉන්න ආයෝජකයෝ ටිකත් එපාර්ට්මන්ට් එකත් විකුණා දමා මේ ගල් වැද්දන්ගේ රටෙන් චුත වෙලා යන එකය.

මෙයාලා කෙලෙවෙන හැම එකටම උත්තරේ ලෙස පෙන්නන්නේ වසංගතයය. ඇත්තටම ලංකාවට කෙලවුනේ කොරෝනා වසංගතයෙන් නොව, පුංචි බන්ඩා වසංගතයෙන්‍ය.

අපනයන ආනයන සීමා දමාගෙන සිරිමාගේ යුගයකට රට ගෙනියන්න ගියේ වෙන කවුරුන්වත් නොව පුංචි බන්ඩාය. රටම ගිනි තැබූ කාබනික වගාව තම අධිකාරිමය බලයෙන් පටන් ගත් ගමන් 100% කරන්නට ගියේ කාබනික ගොවිපලක් තිබෙනා පුංචි බන්ඩාය. ඩොලරයේ මිළ ස්ථාවරව පවත්වාගෙන යා යුතුයැයි නීතී දාන්නේ පුංචි බන්ඩාය. සියළුම අමාත්‍යංශ ලේකම්වරුන් පාලනය කරන්නේ පුංචි බන්ඩාය. මැති ඇමතිවරුන්ට ජනපති හමුවීමට ඇපොයිමන්ට් දෙන්නේ පුංචි බන්ඩාය. කොටින්ම රාජපක්ෂ පවුලේ අවුල් නිර්මාණය කර ඇත්තේත් පුංචි බන්ඩාමය. රටේ ජනාධිපති, ඝෝඨාභය රාජපක්ෂ නොව පුංචි බන්ඩාය. 

එකෙකුටවත් මේක කෙලින්ම ජනාධිතුමාට කියන්න කොන්දක් නැති උනාට. එතුමාට තවත් වසර තුනක් ඉදිරියට ඇති නිසා. එතුමාගෙන් විශාල වෙනසක් බලාපොරොත්තු වූ කෙනෙකු වශයෙන් කට කැපුවත් මේවා කියන්නම වෙනවාය. දිලිත්ලාත් වටින් ගොඩින් කියන්නේ එයය.

වසංගත මැදත් බංගලාදේශය ඉන්දියාව ඉතරක් නොව ටුවරිසම් වලින්ම දුවනා මාල දිවයිනත් කිසි අවුලක් නැතිව දුවනවාය. කොරෝනා කියා ඒ රටවල් වසා දමන්නේ නැතිය. සංචරණ සීමා දාලා නැතිය. මිනිසුන්ගේ නිදහස නැති කරලා නැතිය.

ඒ රටවල් එසේ දුවන්නේ බෙල්ල කපා දමනවා වාගේ මරි මෝඩ ආර්ථික තීන්දූ ගෙන ඕපන් ඉකොනොමිය සංවෘත ආර්ථිකයකට පරිවර්තනය නොකල නිසාය. පවතින ආර්ථික ක්‍රමය ඔහේ තිබෙන්නට ඉඩ නොහැර, ඊට ආනයන සිමා පැනවීමෙන් ආර්ථිකයට කෙලවෙලාම යන බව අප කියද්දී, එදා අපට .... තෝ දන්නා ඉකොනමි කියා කින්ඩිය දැමූ උන්, අද කියන්නේ මාතලන් කියපුවා ඇත්තෙයි කියලාය. 

පොඩි කඩයක්කත් කරලා නැති ආර්ථික උස්තාද්ලා වාහන ආනයනය සීමා කිරීමෙන් කී දෙනෙකුට කෙලවුනාද කියා අදටත් දන්නේ නැතිය. එයින් සිද්ද උනේ කෘතිම මිළක් ඇති වීමය. ඒ ගණුදෙනු වලින් ආන්ඩුවට ලැබුන ලබ්බක් නැති අතර, කාර් සේල් කාරයෝ පමණක් ගොඩ ගියේය. එහෙත් කෘතිම මිළ සැමදා රඳා පවතින දෙයක් නොවේය. එයට සීමාවක් ඇත. එළවළු මාෆියාවට කෙලවෙලා ගියේ ඒ අනුවය.

අති දරුණු යුද්ධයක් සමඟ පට්ටම ෆේල් පාලනයක් ගෙන ගිය චන්ද්‍රිකාගේ කාළයේවත්, කිසිම වසංගතයක් නොමැතිව සිවිල් ත්‍රස්තවාදින් හා සමඟ පාස්කු බෝම්බද සමගින් රටේ ණයබර දෙගුණයකින් වැඩි කල, අද, රජය මිළ පාලනය කරන්න ඕනා කියනා, ඕපන් ඉකොනමි  උස්තාද්ලා සමගින් පිස්සන් දෙදෙනෙක් රට පාලනය කළ යහපාලන කාලයේවත් රටේ ආර්ථිකය මෙවන් තත්වයකට පත් නොවූයේ, එයාලා පැවති ආර්ථික ක්‍රමයත් සමඟ පිස්සු කෙලින්න ගියේ නැති නිසාය.  

සතොස සභාපති එලවීමට, මහ බැංකු අධිපති එලවීමට ගත් තීරණය මේ මොහොතේ හෝ නොගතහොත්, ඝෝඨාභය රාජපක්ෂද අයත් වනුයේ එතුමා විසින්ම මෑතකදී නැවත පත්කර එවන්නට එපා යැයි කියූ පිලටමය. පත් කර ගත යුත්තේ රාජ්‍ය සේවයේ කිසි දිනෙක සේවය කර නොමැති පුද්ගලයකු පමණි.. රාජ්‍ය සේවයේ පිරිස හා මේ රට ගොඩ දැමිය හැකියයි කිසිවකු සිතන්නේ නම්, ඔහු කළ යුත්තේ මළක් ගසා ආතල් එකේ සිටීම මිස දේශපාලනයේ නොවේමය.


ඒ වගත් මෙසේය.....


Nov 25, 2021

වම්බටු ගහලා පලා ගන්න...


 වීඩියෝව මෙතනින්...


අඩන්න බලාගෙන ඉන්න එකාට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වෙලාවක ඌ මේ කතාව කියන්නේ...

විපක්ෂෙට මාරෙට ඌයියා වෙලා.. කතානායකත් ඒක හෙලා දැකලා,, ඌයියා උන කට්ටිය සභාව මැද්දේ ඒකට ගේම ඉල්ලලා... තිස්සකුට්ටියා එයින් එකෙක්ගෙ කන පලන්න ගිහිල්ලා.... උගේ වාසනාවට සජිත් මැද්දට පැනලා ඌව බේරගෙන වැඩේ එතනින් ඉවර උනාට.... වැඩේ තාම ඉවර නෑ...

දැන් අර කවිරත්න නෝනගෙ කාන්තා අයිතිවාසිකම් ගෞරවේ ගැන කතා කරපු උන් කුට්ටියගෙ හාමිනේගෙයි අම්ම්ගෙයි බටු ගහල පලා දානවා... ඒ තමා අපේ හැදියාව ශිෂ්ණත්වය සදාචාරය...

ඌයියා උන සමහර සිවිල් පොරවල් මේක මාර කැතයි කියලා විශ්ලේෂණ ළිපි ලියනවා එයාලට ඔය විපක්ෂයේ මාර ශිෂ්ඨ පොරවල්.... ඩයනා ගමගේගේ කෝකිලාගේ රෙදි ගලවපු වෙලාවේ ඇහිලා පෙනිලා නෑ... පොලිස් ඇමති හරහා හංසමාලිගේ ජංගිය ගැන කෑ ගහන කොට ඇහිලා නෑ...

පෙනිලා නෑ නෙමේ උන් ඒ වෙලාවට පට්ට ආතල් එකක් ගන්නවා... පෝස්ට් දානවා... දැන් උන්ට ඒවා මතක නෑ... මාර මහත්තුරු වෙලා... උන්ගේ දේශපාලන වහල්භාවය නියමෙට පේනවා... දැන් චීත්ත නෙමේ... ජංගි ඇඳගෙන ටෝක් දෙන්නේ....

අපි නම් ඔය හැමදේම කැතයි කියනවා.. ඒ වගේම සද්දෙ වහගෙන උන්න උන්ගෙත් රෙදි ගලවනවා... ගෑණුද පිරිමිද අදාලම නෑ...

මේක මාර ශිෂ්ණසම්පන්න රට නේ..
උත්තරීතර සභාවේ ගෞවරවය රකින්නලු

මරු උත්තරීතර සභාව ඕකේ ඉන්න උන් ගැන ලෝකෙම දන්නවා

ඕකේ එකෙක්ගේ ගෙදර වැඩ කරපු දරුවා ගිනිතියලා මරලා දැම්මා ඌ තාමත් පාර්ලිමේන්තු එනවා

මිනීමරලා ඇප පිට ඉන්න උනුත් තාම එනවා

තා එකෙක්ගේ ගේ ඉස්සරහා අනියම් බිරිද වහ බීලා මලා ඌත් තාම එනවා

වෙල්ගම කියන එකා හැමදාම බඩු ගැහිල්ල මාර වැඩක් කියනවා...  ඌයි.... ඌට චියර් කරන උනුයි අදාල නිලියගේ ගෞරවටයි කෙලින්නේ කියලා ඕකේ ඉන්න ගෑණුන්ට තේරෙන්නෙත් නෑ....

ඒකෙම දැණුත් ඉන්න කාන්තාවන් දෙදෙනෙකුට ඔය ඌයියා උන උන් ගනිකාවෝ කිව්වා.. එතකොට කවිරත්නලා මුල් පුටුවෙ ඉඳගෙන හිනා උනා...

ඔස්ට්‍රේලියාවේ කාමර මාරු වෙන්න ගිහින් ඇදගෙන් වැටිච්චි එකත් ඇතුලේ...

තා එකෙක්ගේ ගෙදර කොල්ලෙක් ව්‍යාඝ්‍රා බීලා මලා...

තා එකෙක් ඇමති කාමරේම බඩු ගහලා ගෑණිගෙන් ගුටි කෑවා

රන්ජන් කියන එකයි හිරුණිකයි බැක් සයිඩ් ඕකේ කිව්වා

රන්ජන් ගහන ගහන බඩු ගැන ලොකු විශ්ලේශනයක් ඉදිරිපත් කලා

පකයා කියපු එකත් තාම ඉන්නවා

තා එකෙක් මිරිස් කුඩු ගැහුවා ඌත් ඉන්නවා

පාර්ලිමේන්තුවටම බෝම්බ ගහපු උන්ගේ නෑයෝ ඇතුලේ

පාස්කු බෝම්බ තියපු උන් ඇතුලේ

දැන දැන මාරු වෙලා ගිය උන් ඇතුලේ

රට බෙදන්න කියන උන් ඇතුලේ

සිවිල් ත්‍රස්තවාදීන් ඇතුලේ

88/89 භීෂණ පතුරපු උන් රට ගිනිතියපු උන් මිනීමරපු උන් වදකාගාර පවත්වාගෙන ගියපු උන්, නීතී විරෝධි හමුදා රන් කරපු උන් තාමත් ඇතුලේ...

තා සෙට්ටෙකක් කන පැලෙන්න බීලා නයිටක් ගැහුවා..

කුඩු කාරයෝ ඉන්නවා කියලා උන්මයි කියන්නේ..

කොකේන් ගහන උන් ඉන්නවා කියලා උන්මයි කියන්නේ..

කසිප්පු ගෙදර හදපු එකෙක් අතේ මාට්ටු

බාර් එකක් නැති එකෙක් නෑ

කරෝකේ කාරයෝ ඇතුලේ

බහුතරේ ජීනා මැඩම්ගේ මෙම්බර්ස්ලා..

හොරා නොකාපු එකෙක් හොයාගන්න හෙන කට්ටක් කන්න ඕන...

හැමදාම

පොඩි උන් ගැලරියේ කියලා වෝනින් දෙනවා ඉස්පීකර්...

මොන්ටිසෝරි හොඳයි ඊට වඩා
මාළු කඩේ මීට ඩීසන්ට්....

ගොඩක් වෙලාවට සභාව මැද්දේ සරොන් ගලවගෙන රෙණවා..

අනේ තොපේ ගෞරවනීය සභාව...

ඒ වගේ නල්ලමලේ උන් එක්ක ඉන්න බැරි නම්
බබාලා වගේ මල් වගේ හැදිච්ච අය නම්
ගෞරවේ තියාගෙන ගෙදර ඉන්න ඕන....

අනේ සුදූලා... ඔයාලා...

ඌරූ කොටුවක කස්තුරි හොයන්න එපා...
පණ...

Nov 23, 2021

කින්නියා පාළම හා වඳුරු කුනුහබ්බ


 

2009 ඔක්තෝබර් 20 වනදා එවකට ලංකාවේ දිගම පාළම ලෙස මීටර් 400 දිග කින්නියා පාළම විවෘත කරන්නේ මහින්ද රාජපක්ෂ. ඒ 30 අවුරුදු යුද්ධයෙන් දරුණුම ලෙස බැට කෑ උතුරු නැගෙනහිර මුල්ම සංවර්ධන ව්‍යාපෘතිය  ලෙස. ඊට ආධාර කළේ සව්දි අරාබි රජය.


දැන් ඔය පාළම් පාරුව පෙරලුන තැන තවත් පාළමක් හදන්න පටන් ගන්නේ 2015 යහපාලන කැඳ හැලියෙන්. උන් හදපු පාළම් ගැන දන්නවා නේ ඉතින්. 


ඒත් වත්මන් රජය යටතේ නිමල් ලංසා ඔය පාළම හදන්න ගිය වෙලේ, ඒකට විරුද්ධ උනේ අද ඔය තමන්ගෙම උන්ට කියලා ගේ කුඩු කර  ගත්ත එකා. ඌට සප් එක දුන්නේ අද ඌටම ගහන උන්.  ඔය ප්‍රමිතියක් නැති පාළම් පාරුව දාලා අර සුප්‍රසිද්ද කින්නියා පාළමෙන් යන උන් පාළම් පාරුවකින් සුර ලෝකේ ඇරියෙත් ඌ.


දැන් මේ ජෙප්පොයි හීන ටොයියොයි ට්‍රිගර් වෙලා තියෙන්නේ... දැන් ඌ ආන්ඩුවට චන්දේ දෙන නිසා. මොකා උනත් ජනතාව ඌට දෙන්න ඕන ටොපිය දීලා තියෙනවා.


කතාව මේකයි...


ජීවිතේ ගමන් මග සුවපහසුව සැහැල්ලුවෙන් යන්න පුලුවන් කම තියෙද්දී, ෂෝට් කට් හොයන්න ගියාම... ලයිෆ් එකත් ෂෝට් වෙනවා. 


ඒකයි කැළණි ගඟේ ෆේරි වල ගිහින් ඉල්ලගෙන කන්නේ නැතිව.., 

පිලපිටියෙ, පට්ටිය හන්දියෙ, මල්වානේ, බොල්ලෑගල ඉන්න උන්, කිලෝ මීටර් ගානක් ගෙවාගෙන හදලා තියෙන පාළම් උඩින් එන්නේ.


දැන්වත් ඔය මෝඩයන්ට කියන්න තියෙන්නේ...., 

අහිංසක දරුවෝ නොමරා...,

අර හදලා තියෙන පාළමෙන් වරෙන්. 

නැත්නම් අළුත් පාළමක් හදන්න දියව්


තොපි පාළම් පාරුවේ ගිහින් ඉල්ලගෙන කෑවට...

තොපේ මෝඩකම් වලට රට කරවන උන් පලි නෑ.


පාරුවේ පුවක්....


.


Nov 22, 2021

කාබනික වගාව නැවැත්විය යුතු නැත.


 සියල්ලන්ගේ රෙදි ගැලෙව්ව
ජනපතිගේ කාබනික රැස්සීම.
කාබනික වගාව නැවැත්විය යුතු නැත.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
.
.
අප ඉල්ලූ ඝෝඨා අපට ඊයේ දැක ගැන්මට ලැබුනේය. කාබනික වගාව 100% තබා 10% කරගන්න බැරි වූ ඇමතියගේ සිට විජ්ජාගනයින් හා නිළධාරින්ගේ රෙදි ගලවා දැම්මේය. 

දත්ත වාර්තා නැතිව ජනපති ලේකම් කාර්‍යාලයේ පැටිස් රෝල්ස් කා කෝපී බී යාමට පැමිනි ප්‍රයිවට් කොම්පැනිවල චෙයාර්මන්ලා දෙන්නෙක් රැස්වීමෙන් එලවා දැම්මේය.

ඒ එලෙව්වේ උන් දෙන්නා විතරයි කියා අනෙක් උන් හිතන්නේ නම් උන්ටත් වෙරි සොරිය. 

ඇත්තටම ඔතනට ආපු ඇමතියාගේ සිට ලේකම් හා නිළධාරීන් දක්වා කිසිම එකෙක් ළඟ දත්ත හා තොරතුරු කිසිවක්ම නැති බව 100% විස්වාශය.

කනගාටුවට කරුණ නම් එතුමා තාමත් මේ වැඩේ කරන්න හදන්නේ උන් සමඟ වීමය.

එපමනක් නොව සජියා හා ජෙප්පන් පස්සේ ගිය පන් ගොයියන්ගේ අමුඩයත් ගලවා දැම්මේය. මින් පසු රසායනික ගොවිතැනට සහනාධාර දෙන්නේ නැතිය. 

සුද්දා කියන ඕනම බයිලාවක් ගෙඩි පිටින් ගිලිනා කෘෂි රසායන කොම්පැනිවලින් ජරාව කා බයිලා කෙලින උන් මක්කා කිව්වත්, කාබනික විප්ලවය ඉතා හොඳ වැඩක්මය.

100% එක වසරකින් දෙකකින් කළ නොහැකි වුවත් මුලු ලෝකයේම සිඳුවිය යුත්තේ එයය.

ධම්මික පැණියාට හා පැණි බිව් උන්ට කින්ඩි දැමු උන්, මොඩර්නා ඇස්ට්‍රා සෙනිකා ෆයිසර් හොයාගත්ත උන්ටවත්, ඒවා වැඳලා පිලිගත් උන්ටවත් කින්ඩි දමන්නේ නැතිය. ඒ ඒවා පට්ට ෆේල් උනත් සුද්දා සොයා ගත් දේ නිසාය.

ඒවා ගසාගත් උන් දැන් පස් වෙනි රැල්ලකට සැරසෙති. ලංකාවේ මියගිය ප්‍රභූවරුන් බොහෝමයක් මියගොස් තිබෙන්නේ, පැකනිල් ඩොන්කිගේ, ටොසී එක විද්දායින් පස්සේය. ඒකෙන්  ලෙඩේ නිට්ටාවටම සුව වෙනවා කිව්වේ ආයේ කිසිම ලෙඩක් නොහැදි දිවිය ලෝකයේම යන නිසා වෙන්නැතිය.

ඊයේ ජනාධිපති තුමා කිව්වේ රසායනික පෝර ගෙන්වීම් ප්‍රයිවට් කොම්පැනිවලට දෙන්න කියලාය. 

අපි කියන්නේ ඔය කාබනික වැඩෙත් ප්‍රයිවට් සෙක්ටර් එකට දෙන්නෙයි කියලාය. දෙන සහනාධාරයක් ඔවුන් හා එක්වන ගොවීන්ට දෙන්නෙයි කියලාය.

මේ වැඩේ සම්පූර්ණයෙන්ම කෘෂි කරුමක්කාර දෙපාර්තමේන්තුවේ කාළකන්නින්ගෙන් ඉවත් කල යුතුය. ජනපති කිව්වා වාගේ උන්ගේ වාහන බයික් සියල්ල ලබා දී තිබේන්නේ කෘෂි රසායන සමාගම්‍ ය. 

උන්ට පසේ පෝෂක ගුනයවත් පන් ගොයියන්වවත් පාරොභෝගියාත් අදාල වන්නේ නැතිය. උන් අපටත් වස කවා උන්ගේ දරුවන්ටත් කවන්නේ, උන්ට ලබෙනා ගත්මනාව ලොකු නිසාය.

දැනටත් කුසි කරුම දෙපාර්තමේන්තුව සතු බොහෝ ගොවිපොලවල් පෞද්ගලික අශයට දී අවසානය. පුරන් වී පාලු වී තිබු ඒගොවිපලවල් අද ධන උල්පත් වී අවසානය.

ඉතුරු ඒවාත් විකුණා දැමිය යුතුය. කොටින්ම කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කළ යුතුය. එවිට ඔය කරුමක්කාරයෝ කෙලින්ම ඒ කොම්පැනිවල සේවයට යනු ඇත්තේය.

දැන් සිඳුවන්නේ පෞද්ගලික අංශයට සේවය සපයනා මාෆියාවක්, රජය විසින්ද පඩි නඩි හා පැන්ෂන්ද සමඟ නඩත්තු කරනා එකය.

කාබනික වගාව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට මෙන්ම අපනයනය ඉලක්ක කරගෙන කළයුතු අතර, කාබනික පොහොරද මහා පරිමානයෙන් නිශ්පාදනය කොට එක්ස්පෝර්ට් කිරීමෙන් රටට ඩොලර්ද ගෙන ආ හැකිය.

කාබනික වගාව තවදුරටත් ආන්ඩුව හා කුසි කරුම දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යාම ඇදගෙන නෑමක්ම පමණමය.

දන් හෝ ඇදගෙන නෑම් නවතා දමා... ආයෝජකයෝ ගෙන ඒමේ ප්‍රමුඛතා වැඩපිලිවලකට හැරිය යුතුය. 

එය කාබනික ගොවිතැන් සඳහා ආයෝජකයන්ගෙන්ම ආරම්බ කළ හැක්කේ. ඉදිරියේදි පැමිනෙතැයි අපේක්ෂා කරන ආහාර හිඟයටද ගොවිතැන තුල පිළිතුරු ඇති නිසාමය.

ඒ වගත් මෙසේය....

.



කාබනික නැවැත්විය යුතු නැත

 



මෙතනින් කියවන්න

Nov 21, 2021

මලානික කාබනික


ආන්ඩුව මේ වැඩේ පටන් ගත්තේ සද්චේතනාවෙන් උනත්, ඒකට කිසිම වැඩපිලිවලක් තිබ්බේ නෑ..

ටික දවසක් යද්දිම තේරුනා මේක කිසිම හැදෑරීමක් සැලැස්මක් නැතුව පී බී ජයසුන්දර කියන කේවට්ටයා ලොක්කට දුන්න ලණුවක් කියලා...

මේ වගේ දේවල් මිනිස්සුන්ට බලෙන් දෙන්න බෑ. මිනිස්සු ඒකට කැමතිත් නෑ. ඒක මිනිස් ස්වභාවය.

මේ වගේ ගුලි කොච්චර ගුණ උනත් දෙන්න ඕන මී පැණි එක්ක. නැත්නම් තිත්තයි. ආන්ඩුවට උනේ ඒක. 

මේක කීයටවත් නවත්තන්න ඕන නෑ. ඉදිරියට කලයුතු විදිය. අද හෝ හෙට Youtube එකේ දානවා කැමති කෙනෙක්ට බලාගන්න පුලුවන් එතනින්.

ඔය වැඩේ යද්දි, දවසක් ශෂේන්ද්‍ර රාජපකෂයා කෘෂිකරුමේ ලොක්කෙකුට, කාබනික පෝර වැඩේ හරියන්නේ නෑ කිව්වම, ටී වී වලට පේන්නම ඌ කිච කරලා දැම්මා. අපරාදේ කියන්න මහින්දානන්ද එච්චර මෝඩයෙක් උනේ නෑ.

2015 පැරදුනාට පස්සෙ රාජපක්ෂලාට මිනිස්සු බය නෑ. කොටින්ම මහින්දට ඝෝඨටවත් බය නෑ. යහපාලනේ හරියට පාලනය කරා නම්, රාජපක්ෂලා එතනින්ම ඉවරයි. ඒ නිසා ශෂේන්ද්‍ර වගේ උන් පයිසෙකට මායිම් කරන්නේ නෑ. උන් කරන්නේ රාජපක්ෂලා හොරු කියන එක සනාත කරනෙක.

ඔය බැන්න දවසෙම මම දැනගත්තා කුසි කරුමේ උන් ඕකට හම්මනවා කියලා. 

ඇත්තටම ගොවියෝ ෆෝම් කරෙත් වැඩේ කඩාකප්පල් කලෙත් පොලිටික්කෝ නෙමේ. පස්සෙ උන් ඒකේ ක්‍රෙඩිට් එක උන්ට දාගත්තට, වැඩේ පටන් ගත්තේ, කුසි කරුමේ වගා මහත්තයගෙ ඉඳලා සෙට්ටෙක. උන්ගේ ජරාවට කෙලවුන හේතුවෙන්. බැංකොක් ගිහින් බඩුවක් ගහන්න බැරි හේතුවෙන්.

අන්තීමට කාබනිකම ඉල්ලලා පුච පොලොවෙ ගහගත්තු රතනයත් හෙමීට මාරු උනා. දැන් කාබනික උන් ඒ තරම් අකාරුණික වෙලා. ඒ වෙනුවෙන් කටක් අරින්න බයයි හැම එකාම.

කාබනික කෙසේ වෙතත් ඇමතිවරු දෙන්නා ගජමිතුරෝ එක්ක එකතුවෙලා ගූ නැවකුයි දියර පෝර වගේකුයි ගෙනත් ගොඩ ගියා...

වැඩ බැරි කාළකන්නි හොරුන්ට මේ වගේ විප්ලව කරන්න බෑ. උන් දන්නේ කුකුල් ගූ වලින් හරි හොරා කන්න විතරයි.

අනික වී වලටයි එලවළුවලටයි ගහන ඒවා ගේන්න දෙන්නේ නෑ වගේ බයිලා ගහන්න එපා.. ඔක්කොම ගෙනල්ලා දෙන්න.. තව දුරටත් පිස්සු කෙලලා නා ගන්න එපා..

ඕවා දෙන්න ඕන අර ප්‍රසන්න රණවීර, ඩී වී චානක, කාංචන වගේ වැඩක් කරන්න ඇම්මක් තියෙන උන්ට.

කොහොම හරි දිනේෂ් එක්ක සෙට්වෙලා වෙල්ගමයා ස' ට පිස්සෙක් කියද්දි, වෙනදා බව්වෙක් වගේ බුරන බොරළුගොඩ සුනඛයත් කට පුක වහගෙන උන්නේ ඇත්තටම මිනිස්සු එහෙම කියන නිසා.

හැබයි ඉතින් ඕක මිනිස්සු කිව්වට, මේ වගේ පිස්සන්ට කියන්න කිසිම අයිතියක් නෑ. මොකෝ උන් ඊට වඩා පිස්සෝ.

තවදුරටත් ගැසට් ගහන වැඩේ නවත්තන්න, දැන් ඒක විහිළුවකුක් නෙමේ, විකාරයක්, පිස්සුවක්. කොටින්ම පී බී කියන කේවට්ටයා දැන්වත් ඉවත් කරන්න. මේ රටේ තියෙන නීතී රීතී ඇති හොඳටම රට හදන්න.

අර චරිත හේරත් වගේ, ෂබ්‍රි වගේ මීට කලින් ජෙනරේෂන් එකේ එකෙක් හරි ළඟට ගන්න. එහෙම නැතුව මේ ගල් යුගේ බන්ඩෙක් එක්ක,  ස'ට දකින්න වෙන්නේ සව් භාගේ නෙමේ, රනිල් දැක්කා වගේ ඇපත් නැති හද්දින්නත් තරු....


ඒ වගත් එසේය.....

කංසා ඩයනා පොදු අපේක්ෂක කරමු

 


අනුරගේ සුරංගනා කතා 

වෙල්ගමගේ වල් ටෝක්

ගංජා ජොස්තරලා සමඟ..

මේ අකුරු උඩ ඩබල් ක්ලික් කරන්න





Nov 19, 2021

ලංකාවේ දාගැබ් හා එහි හැඩයන්

 



අර සුද්දන්ට ගනිකාවන් සප්ලයි කරපු රියැදුරු රැකියාවක් කරපු කාළේ...

ලංකාවේ දාගැබ් හෙවත් ස්ථූප ගැන සුද්දන්ට බයිලා ගහන්න අපිව පුරුදු කරන කොට...

ලංකාවේ දාගැබ් ගැනත් විශාල හැඳින්වීමක් කරනවා... මම ඉතින් ඕවට ආරළු බූරලූ තුන පහ එහෙම වැඩියෙනුත් දාලා දෙන්නේ...

ඒ ජොබ් එකේ රසමුසු තැන් අලලා කවදා හෝ පොතක්ම ලියන්න හිතේ තියෙනවා..

ඒ රැකියාව ඒ තරම් රසවත්....


දාගබ්වල ඉතිහාසය එහි එක එක කොටස් වලින් සංකේතවත් වන දේ දාගබ අවට පරිසරය හා වෙනත් දේ ලියන්න ගියොත් මේක ලොකු වෙන නිසා දාගැබ් වල හැඩය ගැන විතරයි මේ..

ලංකාවේ තියෙන දාගැබ් වර්ග කීපයක් තියෙනවා...

ඕවට දාගැබ් කියනවට වඩා වෙහෙර කියන වචනෙ අපට හුරු වචනය..

මෙයින් සමහර හැඩයන් වල වෙහෙර ලංකාවේ නැති උනත්, ධාතු කරඬු නම් හැම වර්ගයෙන්ම හමුවෙලා තියෙනවා... මොකෝ ඒවත් හදන්නේ වෙහෙරෙ හැඩේට...

අපි මුලින්ම ගමු ඊයේ පෙරේදා සසුනට පූජා කළ සඳ හිරු සෑය... ඒක 


බුබුලාකාර - Bubble Shaped

--------------------------------------------

ඒ කියන්නේ දිය බුබුලක හැඩය එහෙම නැත්නම් වෘත්තයකින් හරි අඩක හැඩය...

උදා -  රුවන්වැලිසෑය, පොලොන්නරුව කිරි වෙහෙර, තිස්සමහාරාම වෙහෙර..


ඝංඨාකාර - Bell Shaped

-------------------------------------

ඒ කියන්නේ සීණුවක හැඩයට... සයිකල් සීණූ නෙමේ යකෝ.. ඔය ඉස්කෝලේ කෝවිලේ ටාං ටාං කියලා ගහන්නේ... ආන් ඒ හැඩේ.. 

ලංකාවේ පළමුවන චෛත්‍ය වෙන අනුරාධපුරයේ ථූපාරාමය හා ලංකාවේ ජනප්‍රියම හැඩය ඒක..

උදා - මයියංගන වෙහෙර


ඝඨාකාර - Pot Shaped 

-----------------------------------

කළයක හැඩය.. මේ හැඩේ ඒවයි බබල් ෂේප් එකෙයි තියෙන්නේ පොඩි වෙනසක් බුබුලාකාර එකේ උඩ කොටසේ රවුම් හැඩය අඩුයි...

උදා - සිතුල්පව්ව වෙහෙර, සෝමාවතී වෙහෙර,  මඟුල් මහා වෙහෙර


ධාන්‍යාකාර - Paddy Heap Shaped -

---------- ----------------

ඕකේ හරි තේරුම ඉන්ගිරිස් වලින් ගත්තම ලේසියි... ඒ කියන්නේ ගොයම් කපලා ගොඩ ගහන හැඩය..

උදා - කැළණිය වෙහෙර, අභයගිරි වෙහෙර, ඡේතවනාරාම වෙහෙර


පද්මාකාර - Lotus Shaped

 ----------------------------------- ----

මේක මට  උගන්වද්දි මෙන්ම උදාහරණ පෙන්වද්දිත් මට නම් ගැටළු තිබුනා.. මේකට උදාහරණයකට උගන්වන වෙහෙර දැන් දකින්න නෑ. හැබයි පින්තුරෙට උගන්වන එකත් මට නම් පිලිගන්න බෑ.. නමුත් නෙළුම් මලේ හැඩේට හදපු වෙහෙර ලෝකයේ වගේම ලංකාවෙත් එක තැනක තියෙනවා... 

ඔය මහින්ද මහත්තයට ඇඹුල් තියාල් ගේන්න හදපු පාරේ මහින්ද මහත්තයගෙ ගෙවල් පැත්තට යනකොට කළුතර එක්සිට් එක ළඟම  වම් පැත්තේ වෙලේ තියෙනවා..


උදා ලෙස උගන්වන්නේ - පොලොන්නරුවේ දෙමළ මහා සෑය... ඒක ගඩොල් ගොඩක් විතරයි... තිවංක පිලිම ගෙට යන පාරේ තියෙන්නේ...


ආම්ලාකාර - Nelli Fruit Shaped

-------------------------------------------------

මේවත් ලංකාවේ දකින්න නෑ... තිබ්බා කියලා උගන්වනවා...


අළුතෙන්ම ඔය පොෂ් පංසල්වල හදන එක තමා...


චතුරශ්‍රාකාර - Box Shaped ---

-------------------------------- ------

දඹදිව පිහිටි ස්තූපයේ හැඩය...

ඒක ගොඩාක් පොෂ්


මේ දහම් කරුණු ඔබ වෙත ගෙන ආවේ

පින්වත් මාතලන් උපාසක මහතාගේ පින්බර අනුග්‍රහයෙනි..


.

Nov 15, 2021

දවස් තුනක් එක දිගට... පිස්සුද ඕයි.....

 


සතියක් තිස්සේ පාරේ තොටේ ඔෆීසියේ කෑලී දැක සිකුරාදා හවස මිතුරන් හා අඩියක් ගසා පැමිණි ස්වාමියා කසාද බිරිදගෙන් නිදියහනේදී...

සුදූ අද කරමු නේද..?

බිව්වම තමුසෙට මදන විසේ.. ගන්දස්සාරේ බෑ... මට බෑ.... මළ වදේ...

සෙනසුරාදා  බිරිදට කිසිවක්ම කිරීමට නොදී ගෙදර වැඩ පල සියල්ල සතුටින් ඉටුකොට දෙදෙනා සමඟ රෑ කෑමට රෙස්ටුරන්ට්ද ගොස් නිදියහනට පැමිණි ස්වාමියා... 

සුදූ .... අද .....?

බෑ අනේ.. අද මට හරි මහන්සියි....

ඉරිදාද සුපුරුදු පරිදි ගෙවල් දොරවල් අස්පස් කොට පිරිසිඳු කොට රාත්‍රියේ නින්දට පැමිණි ස්වාමියා...බිරිඳගේ හිස ආදරයෙන් පිරිමදිමින්...

සුදූ අද වැස්සත් එක්ක.. වැඩේට නියමම දවස...

තමුසෙට පිස්සුද ඕයී...

දවස් තුනක් එක දිගට...

ගිහින් ඩොකෙක් හම්බ වෙනවා... 

සෙක්ස් මේනියැක් එකෙක්ද කොහෙද...


* සුද්දන්ගේ එකක් මගේ එකක් වගේ

හුදී ජන පහන් සංවේගය උදෙසා

අනුවර්තනය කොට ලියා පලකලේ

මහාචාර්‍ය මාතලන් වන මා විසිනි....


.

Nov 10, 2021

ජනාධිපතිතුමාගේ කළකිරීම හා අවංකත්වය


ඊයෙ ජනාධිපති තුමා කළ කතාවේ පිරිලා තියෙන්නේ කළකිරීම, ඉච්ඡාභංගත්වය..


ස' කියනවා අපි හොඳ නැත්නම්, ඔක්කෝම පැත්තකට කරලා අලුත් විකල්පයක් බලවේගයක් හොයාගෙන මේ පිරිසම ප්‍රතික්ෂේප කරන්න කියලා..


(ඒත් ඒ දේ මේ කාළකන්නි මනාප චන්ද ක්‍රමය යටතෙ වෙන්නේ නෑ)


මේ කතාව ස'ට කෙලින්ම කියන්න පුලුවන්, එයා දේශපාලකයෙක් නොවන නිසා සහ අනෙක් වැදගත්ම කාරනය ඔහුගේ අවංකභාවය නිසා.


නැත්නම් එයාට තිබුනා... මහින්දගෙ කම්බා හොරු සෙට්ටෙකත් එක්ක එකතුවෙලා හොරා කාලා හෙමීට මාරුවෙන්න..


හැබයි ඒවා කරන්න ඔහුගෙන් ඉඩක් නෑ...


වියත් මග කියලා හදාගෙන ආපු උන්ගෙනුත් මෙලෝ වැඩක් නැ. සතොසට දාපු එකා හොරා කෑවා. හැබයි ඌ එතනින් එලෙව්වා. තා එක්කෙනෙක් ටෝච් එකයි කුඩෙයි අරගෙන පැත්තකට උනා. ගොඩහේවා, චන්න ජයසුමන හා ෂබ්‍රී දෙයක් කරන බව පේනවා.


විප්ලවයක් කරන්න ආවයි කිව්වට ඇමතිවරුන් පත්කරේ සාම්ප්‍රදායික ගෝත්‍රික ක්‍රමයටමයි. 


චිරාත් කාළයක් ඇමතිකම් කරලා,, මෙලෝ මළහත්තිලව්වක් නොකරපු සුළු පක්ෂවල කාළකන්නින්ටයි, සීනියෝ රොටි කන නාකින්ටයි ඇමතිකම් දුන්නා.


උන්ගෙන් වැඩ ගන්න එක ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්. ඒකට විජ්ජාත්මක පත්කිරීම් ලෙස නම් කිරීම ඊට එහා විහිළුවක්. 


මිනිස්සු හහා දාන්නේ ඕවා නිසා..


ඒ වෙනුවට තරුණ පිරිසට ටාගට් එකක් එක්ක රාජ්‍ය ඇමතිකම් නෙමේ ඇමතිකම්ම දෙන්න තිබ්බා. උන්ව අධීක්ෂණය කිරීමක් කරන්න තිබ්බා.


මේ රටේ වැඩක් කරන එකාට තැනක් නෑ. කෝ අර ප්‍රසන්න රණවීර, ඌව මාධ්‍යයන්ගෙන් කපලා දැම්මා. දේශපාලනිකවත් කැපිලා වගේ. ඒ රණසිංහ ප්‍රේමදස වගේ මිනිස්සු..


 අයියයි, අයියගෙ යාලුවෝ 20 - 30 ක් එන්ටර්ටේන් කරනවද? එහෙම නැත්නම් විප්ලවීය තීරණ අරගෙන 22,000,000 ක ජනතාව එන්ටර්ටේන් කරනවද කියන එක මුලින්ම තීරණය කරන්න තිබුනා.


වියත් මගේ උන්න තරුණ වෘත්තියවේදින්ගෙන් උපදෙස් ගන්න තිබ්බා. ඒ වෙනුවට ඒවට ගත්තෙත් පී බී වගේ කම්බා කේවට්ටයෙකුයි, වීරතුංග වගේ ඩේට් එජ්ස්පයර්ඩ් භාන්ඩයකුයි...


රට ගොඩදැමීමේ අවංක චේතනාවක් ඔහුට තියෙනවා. ඒත් ඒ දේවල් කරන්න කිසිවෙක් ඔහුට නෑ. 


ආන්ඩුවේ ඇතුලේ ගැටුම් තියෙනවා කියලා මුල ඉඳන්ම පෙනුනා. හමුදාව එක්ක ගමනක් යන්න ගියාට සාර්ථකව කළේ කොරන්ටීන් වැඩෙයි එන්නත්කරණය විතරයි.


ඒකට හේතුවක් උනේ අර ගෝත්‍රික මැති ඇමතිවරු ඒ නිළධාරින්ට කිසිම සහායක් නොදීම විතරක් නෙමෙයි.. කරන දේවල්වකටත් කොක්ක ඇදීම...


හොඳම උදාහරණය සහල් මාෆියාව එක්ක කරපු යුද්ධය. බන්ධුල විතරක් නෙමේ මහින්දානන්දත් ඉන්නේ ඩඩ්ලි සිරිසේන එක්ක. දැන් ඊළඟ කන්නෙන් පස්සෙ මිනිස්සුන්ට බත් කන්න වෙන්නේ නාඩු හාල් 300 ට අරගෙන. 


ඩඩ්ලි සිරිසේන තව ෆයිව් ඉස්ටාර් හෝටල් 10 කට විතර එක කන්නෙන් හොයා ගන්නවා.


මොකෝ ස' ගෙදර යන්න හිතාගෙන උන්නට, අරුන් ආයේ එහාට මෙහාට පැනලා ආයෙත් ඇමතිවරු වෙනවා. ඒ නිසා උන්ට වටින්නේ ඝෝඨාවත්, ගොවියොවත්, පාරිභෝගිකයාවත් නෙමෙයි, එයාලත් එක්ක එකට කන බොන කල්‍යාණ මිත්‍රයෝ වෙන නිපුනයි, ඩඩ්ලියි.


කාබනික වැඩේටත් නිළධාරින්ට බැනලා වැඩක් නෑ, ඇමතියෙක් දාන්නේ උන් එක්ක හැමිනෙන්න නෙමේ නේ.


නිළධාරියි, යුනියන් කාරයොයි නම් රට පාලනය කරන්නේ, දේශපාලුවෝ ඕන නෑ නේ, මැතිවරණ කොමිසම් ඕනත් නෑ. චන්ද ඕනත් නෑ.


ඉතින් මේ දේවල් කරන්න තව අවුරුදු 3 ක්ම තියෙනවා. 


එහෙම නැත්නම් වෙන්නේ අලුත් බලවේග එන එක නෙමේ, මුන් ඔක්කොම ස' ට ඇරලා, සිරා එක්ක හරි සජිත් එක්ක හරි, විමල් එක්ක හරි ආයෙත් රට කන එක.


ඒ නිසා ස'ට කරන්න තියෙන්නේ, බෙල්ල ගාවටම ගිලිලා ඉන්න වෙලේ, ඉහටත් උඩින් ගලලා ගිලිලා මැරෙණකන් ඉන්නේ නැතිව, ඇමරිකන් කාරයෝ ටිකක් හරි ගෙනත් දමාගෙන, කරන්න හිතාගෙන ආපු වැඩ ටික කරලා ගෙදර යන එක.


එතකොට ගෙදර ගියත් මිනිස්සු ස' ගේ හොඳ කියයි. නැත්නම් ෆේල් නායකයෙක් ලෙස ඉතිහාසයෙ නම ලියවෙයි.


පමාදෝ මච්ඡුනෝ පදං...


ස්වස්ථි සිද්ධම්  ....!!!!


.

Nov 4, 2021

මෙල්බර්න් වලින් පටන් ගමු

 



මාතලන්ගෙ පල් හෑලී 4 - වීඩියෝව මෙතනින්

ඒකේ තියෙනේවා මේකේ නෑ

මේකේ තියෙනේවා ඒකේ නෑ


----------------------------

ගමෙන් පටන් ගමු...

ජෙප්පන්ගේ අලුත්ම වැඩේ

බොහොම හොඳ වැඩක්...

පටන්ත් ගත්තෙත් ගමකින්... කොහෙන්ද මහරගමින්.....

හුටා... පුදන කොටම කාපී යකා කියැන්නැහේ ගේමට ඉන්න උන් අහන්නේ...

මහරගම ගමක්ද බං.. කියලා

එක පැත්තකින් හරි .... ගුගල් දෙයියගෙන් ඇහුවත් කියන්නේ ඒක ගමක් නෙමේ සිටි එකක්‍යෙයි කියලා...

හැබයි ඉස්සර  අපේ ගමෙත් තිබ්බා නිව් සිටි බේකරිය කියලා එකක් නම නිව් සිටි හැබයි හද්ද ඩොටේ....

එතකොට මොකක්ද ගම කියලා අපි කියන්නේ....

අපි සාහිත්තෙන් ගමු බලන්න...

වැවයි දාගැබයි ගමයි පන්සලයි.... 

ඉස්සර ඩෙස්මන් අයියගෙ ගම මොක් තිබ්බා වැවයි දාගැබයි ගමයි පන්සලයි සිංහල පොලොව මගෙ මේ... ලස්සන සිරි ලංකාවේ මේ රන් දිවයිනේ... හැබයි පොර ඉන්නෙත් ඔස්ට්‍රේලියාවෙද කොහෙද මං හිතන්නේ......

ඊට පස්සෙ සාගර පලන්සූරිය මහත්තයගෙ  එහෙම නැත්නම් කේයස් කයි පන්තියක තියෙනවා..

ගොඩ මඩ දෙකම සරුසාරය පල බරය.... කටු රොද ගම්මාන තරමක පිටිසරය... එගම මැදින් ගලනා ගඟ මනහරය... කඩ මන්ඩිය පිහිටියේ ගම කෙල්වරය.....

ඒ කවියෙන් වගේම අර ඩෙස්මන් ද සිල්වා අයියගෙ කවියෙනුත් කියන විදියට....

 මේ ගම හරිම සුන්දරයි ....සශ්‍රීකයි .... කෘෂිකර්මාන්තය තමයි ජීවනෝපාය...  සෙයිලමේ.. ඒ කියන්නේ කොළඹ ..... ආන්ඩුවේ කන්තෝරුවේ වැඩ කරන එකෙක් දෙන්නෙක්..... කොළඹ බිස්නස් කරන එකෙක් දෙන්නෙකුත් හිටියා...   කඩ මන්ඩිය කියන තැන තිබ්බා කඩයක් දෙකක්  එතන තමයි ෆෙස්බුක් එක තිබුනේ... අපි වගේ මෙලෝ වැඩක් නැති උන් කයිවාරුබ්ගහන්න සෙට්ටුනේ එතෙන්ට...

ඔය කයිය කොච්ච්‍ර නැගලා ගිහින් කෙල්වුනාද කියනවා නම් ..... ඔය මාර පට්ට යුගයක් කියන  මේ වගේම හතේ හත වැදිලා පොලිම් තිබ්බ බණ්ඩාරනායක මැතිනිගෙ හත් අවුරුදු සාපේ කාලේ      අපේ... මේ... සනත් නන්දසිරි මහත්තයා කිව්වා...

ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ දං අදින්නේ...ගැටව් කතා බහට කඩ එලිපත්තේ රංචු ගැහෙන්නේ... ගමේ රටේ අහේනියයි ලමයිනේ ඔය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ.. 

අත පය හත්තිය තියෙද්දි කම්මැලි කම් මොකද බොලව් මගෙ පපුවත් පත්තු වෙන්වා අර ඉපනැලි යාය බලව්... වයස ගියත් මගෙ අතපය බලාපල්ලා යකඩ වගේ... අපි වවලයි අපි කෑවේ උත්තම රජ කොල්ලෝ වගේ... කියලා... 

ඔය සින්දුව නැගලම ගියා ......  මොකෝ ඕකේ වචනයක් වචනයක් ගානේ සැටිපිකේට් ඇත්ත... මිනිස්සු කන්න නැතිව කුණු බක්කිත් අවුස්සගෙන කෑවා... මේ අපේ චමල් මහත්තයා නම් මුං ඇට කන්න කියලා තියෙන්වා... එයා දන්නෙ නැතිව ඇති කන්න පුලුවන් නම් එයාගේ ඇටේ කන සයිස්සෙකට මල පැනලා ඉන්නේ ...... පෝට්ටුවට චන්දෙ දීපූ උන්ගේ හිටන්.... මෙයාලට බලේ හම්බුනාම මොලේ ටොයිලට්ටෙකේ දාලා ෆ්ලෂ් කරලද කොහෙද සාටකෙත් දාන් එලිබහින්නේ...... ඔයිට හොදයි වරිගෙ නහගන්නේ නැතිව කට පුක වහන් ඉන්නෙක.... මිනිස්සු ඒ තරම් මලෙන් ඉන්නේ......

මල පැන්න පාර ටොපික් එකෙනුත් එහාට ගියා... 

දැන් ඇත්තට ඔහොම ගම් තියෙනවද ... ඇත්තෙම නැති තරම් කියලා මම නම් හිතන්නේ..... ඉස්සර වෙලේ ඇලෙන් දොලෙන් ළිං වලින් නාපු උන් දැන් නාන්නේ ඇටෑච්ඩ් බතෲම් එකේ ..... මලෙන් නාන්නේ.... ඉනි වැට තියා කම්බි වැටත් නෑ.... බ්ලොග් ගල් තාප්පයි යකඩ දැලුයි තියෙන්නේ... කඩුල්ලෙ සරම පටෝලෙගන කාඩ් කුඩු කර ගන්නෝන නෑ.... රෝලර් ඩෝ තියෙන්නේ... කඩ මන්ඩි නෑ ටවුන් තියෙන්නේ.... ඉස්සර ඉඳලා හිටලා තැනක තමා රා බොමු කියලා රා පොට් තිබුනේ.... දැන් සමහර ටවුන් වල බාර් දෙක තුන තියෙනවා.... රෙස්ටුරන්ට් තියෙන්වා.... පාමසි තියෙන්වා... ලෙඩ්ඩූ වැහි වැහලා... චැනලින් සෙන්ටරුත් තියෙනවා..... 

බැලුවාම ඔක්කොම නගරද කියලා හිතෙන සයිස්සෙකට පෙරලිලා තියෙන්නේ...  ගම මොකක්ද නගරේ මොකක්ද කියලා හිතාගන්න බෑ... ගම්පෙරලියෙන් කියන්නෙත් මේ කතන්දරේමනේ....

ඒත් ඇත්තටම මේ නඟර කියන ඒවා නඟරද.. මොන පිස්සුද.... ගම නගරෙට ඇවිල්ලා එච්චරයි.... අවුට්ලුක් එකේ චේන්ජ් එකක් තිබ්බට ඔළුගෙඩිය  චින්තනය අමු ඩොටේ... ඔය මහරගම කියන්නේ අමු ගං කබරු ඉන්න ගමක්... පමුණුවේ රෙදි ගන්න ඉන්න සෙට්ටෙක බලන්න... අමු ගං කබර... අර ගමේ පොල ගෙනැල්ලා දෙල්කඳට... එතන ගං කබරු වැහි වැහ්ලා....    එතකොට ඔය මහරගම තියෙන කීල්ස් සුපර් මාර්කට්... ටිකක් පොෂ් ෂොපින් සෙන්ටර් වල ඉන්නෙත් ගං කබරුද .... ආයෙ අහලා.... එහේ නෙමේ වන් ගෝල්පේස් එකෙත් ඉන්නේ ගමේ බුවාලා..... ඔය පොෂ් කියන අයගෙ ගං කබර බව හොඳට පෙනුන වෙලාවක් තමා අර විවාහක රූප රැජිණිගේ ක්‍රවුන් එක ගලවපු වෙලාව.. එයාගේ ක්‍රවුන් එක ගලවපු වෙලේ ගොඩාක් අය තමන්ගේ රෙදි ගලෝගෙන හෙලිවැල්ලෙන් ඩාන්ස් කලා.. ඒ සෙට්ටෙකම ආයෙත් කැබරෙ එකක් දැම්මා අර ලොහාන් ප්‍රිස්න් එක පෙන්නන්න ගිය වෙලාවෙත්..

මේක හොඳටම ඔප්පු වෙන වෙලාව තමා සිංහළ දෙමල අලුත් අවුරුද්ද... කොළඹ ගම හා ඒ අවට ගම් සියල්ල පාලුවට යනවා.... ඔක්කොම යනවා ඔරිජිනල් ගමේ.... ඒ ගියා කියලා වෙනසක් නෑ... මෙහේ ජීවිතේම තමා... හැබයි ඉතින්  ඔරිජිනල් ගමේ උන්ට ෂෝඑක පෙන්නන්න හොඳ වෙලාව... දරොවෝ ඉන්නේ ලන්ඩන් නිව් යෝක් මෙල්බර්න් කියලා මාර ටෝක්ස් ටිකක් දෙනවා...

එතකොට එහේ ගියාම නාගරික ජීවීන් වෙනවද.... මොන පිස්සුද.... ඉගෙනගෙන ඉවරවෙන කොටම කේන්දර දෑවැදි එක්ක කසාදයක් හොයනවා... නැකත්  බලලා බඳිනවා... පිරිත් කියනවා... බණ අහනවා... සිල් ගන්නවා... දයම් පාසල් යනවා... බෝධී පූජාත් තියනවා... වෙද මහත්තුරුත් ඉන්නවා... මාතර බත් කඩේ තියෙන්වා... කිරි හොදි ඇඹුල් තියාක් කරෝල නැතිව බත් ටික ගිලෙන්නේ නෑ....

ඒ නිසා මම නම් කියන්නේ ඕක මහරගම නෙමේ... මෙල්බන් හන්දියේ තිබ්බත් කිසිම අවුලක් නෑ.... මොකෝ මෙල්බන් හංදියේ උන්නත් ඉන්නේ අර මෙහේ හිටපු අමු ගං කබරු සෙට්ටෙකම තමා... උන් ගතින් එහේ... සිතින් මෙහේ....

ජෙප්පන්ට නම් කියන්න තියෙන්නෙ... මිනිස්සු කලකිරිලා ඉන්න වෙලාවේ ඔය කලකිරිලා ඉන සෙට්ටෙක අල්ලන්න ඔහොම නම් බෑ ගොයියෝ කියලා තමයි... ඔන්න සජියා බැහැලා ඉන්නේ ගේමට... ඒ වගේ ක්‍රම නැතුව මේ තුන්ඩු බෙදලා කඩ වැහුවට තුන්ඩු බෙදලා චන්ද ගන්න නම් හම්බෙන්නේ නෑ.....

ඒ ගැන ඉස්සරහට කතා කරමු...

ඔක්කෝටම කලින් ෆේස්බුක් බලකාය හදාගෙන ඉන්න ඕන... උන්ගේ කක්කා කන කතා... අශූචී කන කතා... ටොයිලට් වල කඩාගෙන කාපන් කතා වලින් පෙන්නන්නෙ උන්ගේ අශිෂ්ඨත්වය... කොටින්ම සක්කිලි ගම් කබර ගතිය... මේ කාඩර් එක හදා නොගත්තොත් නම් අලුතෙන් චන්ද ලැබෙන්නේ නෑ....





Nov 2, 2021

එක රටක් එක නීතියක් හා තුන් බියක්

 


වීඩියෝවට මේ අකුරු උඩ ඩබල් ක්ලික් කරන්න


මාතලනුත් හීනියට පොඩි යූ ටියුබ් චැනල් එකක් පටන් ගත්තා නේ.

අපිත් ඉතින් හමන සුළඟේ ගහගෙන නොගියොත් නිකංම නිකං මයිනෝ වෙනවා.

දැනට තුනක් කළා, මේ හතරවෙනි එක.

ඔය මගේ රෙදි ගලවන උන්ට එතනත් රෙදි ගලවන්න පුලුවන්.


Oct 30, 2021

කොඩිවින සමඟ වැලලෙනවාද? කොඩිවින කපා ආ වැඩේ කරනවාද?



.

රාජපක්ෂ පවුල තරම් බලවත් පවුලක් මේ රටේ කිසිඳු දේශපාලන  පවුලකින් මතුවූයේ නැත. රාජපක්ෂ පවුල බලයට පත්වන්නේ 2005 දීය.


2010 දී දෙවන වරට බලය ලබාගන්නේ යුධ ජයත් සමඟ රාජාභිෂේක කරනා ලද රජෙකි.


එවන් රාජපක්ෂලාට මැදමුලන ජනේලේ එල්ලෙන්න සිඳූ වූයේ ඇයි?


බොහෝ අය කියන්නේ කුමාරවරුන් හා බිසවගේ පිස්සු කෙලීම් හේතුවෙන්‍ය කියලාය. එහෙත් 2015 න් පසු, හේතුව එය නොවනා බව සියල්ලෝ තේරුම් ගන්නේ, හැම දේසපාලුවාගේම පරම පැතුම රාජපක්ෂලා වීම බව අවබෝධ වීම තුලින්‍ය.


රාජපක්ෂලා රජයේ දේපල තම හත්මුතු පරම්පරාවේ භුක්තියට සවිකර ගත්තේ නැති වුවද, පැරදුන පසු පොලොන්නරුවේ යනවා යැයි කියූ පොලොවෙන් මතු වූ සරළ පොර ගියේ පැජට් පාරේ එක ගෙයක් නොව ගෙවල් දෙකක්ම ලියාගෙනය.


එයාගේ දූලා පුතාලා මෙන්ම රනිල්ගේ ගෝලයන්ගේ දූ දරුවෝද අගබිසෝවරුද රඟපෑවේ රාජපක්ෂ පවුලේ භූමිකාවන්මය. රමණයට නොව ටොයිලට් යන්නත් හෙලිකොප්ටරක් නැතුව බැරිවිය. 


මා නම් එදා සිටම කිව්වේ, රාජපක්ෂලාට කෙලියේ වෙන කවුරුවත්ම නොව විමල් නම් වූ රජගෙදර රිලවාමය කියලාය. ඒ මැදමුලන වලව්වේ එයාලාම වලලාගත් කොඩිවිනයය.


2010 - 2015 ආන්ඩුව ඇතුලේ සිට විමල් ඇද්ද ගේමට බැක් එක දුන්නේ පාඨලී හා රතනය. පාඨලී හා රතන රාජපක්ෂලා අතහැර ගියද විමල් ගියේ නැතිය.


එයට හේතුවක් තියෙන්නේය. එය විමල්ගේ චින්තනයේ තිබෙන්නේ විමල් ජවිපේ තුල සිටිනා කාළයේ සිටමය. චන්ද්‍රිකාගේ කාළයේ ජෙප්පෝ 40 ක් පාර්ලිමේන්තු එන්නේ මේ මෙතඩ් එක අනුවය. 


විමල්ගේ ප්ලෑන් එක වන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ බලය ඩැහැගැන්මයි. එජාපයේ චන්දවල චින්තනය විමල්ට ගැලපෙන්නේ නැති බව ඔහු දන්නේය, ටොයියන් හෙවත් ලිබරල් ක්‍රමයට යම් කැමැත්තක් ඇති පිරිස සිටින්නේ එතනය. ඒ හේතුවෙන් උන්ට විමල් යනු වමේ තවත් එක් ජෝක් එකක් පමණය. 


දේශපාලකයෝ සිතුවේ මෙය ජවිපේ ප්ලෑන් එකක් කියලාය. එහෙත් එදා මේවාට විරුද්ධ වූ මහින්දත් 2005 දී මේ ගුලියට මාට්ටු වූවා පමණක් නොව, අවසානයේ වැඩේ කෙලවර වන්නේ මේ මාස්ටර් මයින්ඩඩ් පොර තමන්ගේ දකුණු අත කරගෙනය.


විමල්ගේ මේ සෙල්ලම්, කුඩා පක්ෂයක් වන ජවිපේ තුලවත් දැමීමට නොහැකි වූයේ එතන ඉන්නා උන් විමල් එන්නේ මොකාටද කියා හොඳින් දැනගෙන උන් නිසාමය.


එහෙත් අමු බයියන් ගහන ශ්‍රිලනිපයේ උන්ට විමල් වීරයෙක් වූවා පමණක් නොව, මහ බයියා වන මහින්දගේත් අග්‍රපුරෝහිත වන්නේය. එය විමල්ගේ ටැලන්ට් එකය. ඒ අනුව දේශපාලන අන්ඩයා මහින්ද නොව විමල්‍මය.


එදා ශ්‍රිලනිපයේ උන් බයියෝ දැන් ඉන්නේ පොහොට්ටුවේය. මහ බයියා සිතනවා ඇත්තේ නාමල් කුමාරයා අනාගතයේ රජවන විට විමල් ඔහුගේ අග්‍රපුරෝහිත වී ෆුල් බැක් එක දෙයි කියාය.


අපිට නම් මහින්ද මහත්තයාට කියන්න තියෙන්නේ, ඔයා හරි පව් මෙයා කියලාය. පෝට්ටු බයියෝ අද ඉන්නේ රාජපක්ෂලා සමඟ නොව විමල්ලා එක්කය.


විමල් එලවීමට මහින්ද එදා නොව අදත් බයය. එදා 2012 දී මේ කොඩිවිනය කපා දැම්මා නම්, අද මේ නටන තොවිල් නටන්න වෙන්නේ නැතිය. 


එසේ නම් විමල් වාසු මෙන් දේශපාලනයේ සුළු චරිතයක් වන්නේය. මහින්දලා 2015 දී කොහොමත් පරදින්නේය.

මොකෝ කොඩිවින වැලලූ ගෙවල් වලට වගතුවක් නැති නිසාය.


මහින්ද මේ කොඩිවිනය දැන් ඝෝඨාගේ කරේ එල්ලා අවසානය. මේ විකාරවලින් සිඳුවන්නේ 2025 දී රාජපක්ෂලාගේ පවුල් දේශපාලනයේ අවසානය සටහන් වී. බයියන්ගේ නායකයා විමල් වීරවංශ බවට පත්වීමය. එය මේ වන විටත් සිඳු වී අවසානය.


ඒ කියන්නේ විමල් කොඩිවිනය තබා ගතහොත් අනිවාර්‍යෙන් රාජපක්ෂලා පරදිනවාමය. විමල් ජයග්‍රහණය කරනවාය.


එසේ නම් දැන් තිබෙනා හොඳම ක්‍රමය කොඩිවිනය ඉවත් කොට ගේමක් දෙන්න ට්‍රයි කරනා එකය. 


ඝෝඨාගේ හා බැසිල්ගේ ලිබරල් ආර්ථිකය, ටැබ් දුන්නොත් දරුවන් වඳ වෙනවා යැයි කියූ ගල් වැද්දන් හා කීයටවත් ඉදිරියට ගෙන යා නොහැකිය. 


මෙවැනි ගොබ්බයෙක් ඇමතිකමේ තබාගෙන බලශක්ති ක්ෂේත්‍රයේ විප්ලව කරන්නට යාම සිහිණයාක්ම පමණය.


රටේ සංවර්ධනට විපක්ෂය නොව ආන්ඩුවේම උන් විරුද්ධ නම්, ආපූ ගෞතම් අදානිලත්, මුන් මොන පිස්සෝ රැලක්ද කියා ආයේ මේ පැත්ත පලාතේ එන්නේ නැතිය.


විපක්ෂය ඉන්නේ ආන්ඩුව ඇතුලේ කියා උන්ම කියනවාය. එහෙව් උන් ඇමතිකම් වල තියාගෙන ආන්ඩු කරන්නේ කෙසේදැයි කියා මා නම් දන්නේ නැතිය.


🎈රට හදන මෙතඩ් විමල්ලා ළඟ ඇත්තේ නැතිය. 


🎈උන් දන්නේ රට වනසන මෙතඩ්‍ ය, 


🎈ගල් කටස් අරන් ගෙවල් වලට පැන අයිඩෙන්ටිය මංකොල්ල කන මෙතඩ්‍ ය. 


🎈ට්‍රාන්ස්ෆෝමර් බ්ලාස්ට් කර රට අඳුරේ තබනා මෙතඩ් ය


🎈බස් ගිනි තියනා මෙතඩ් ය


🎈කර්මාන්ත ගිනිතබා සුන්නද්දූලී කර දමනා මෙතඩ්‍ ය.


🎈තුන්ඩු කෑල්ලෙන් බිස්නස් වසනා මෙතඩ්‍ ය


🎈ඔලුවට පිස්තෝල තබා කප්පන් ගන්නා මෙතඩ් ය


🎈මිනී මරා දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ බෝඩ් එක කරේ එල්ලා දේශයේ ප්‍රේමය මිනී සමඟ රටට ප්‍රදර්ශනය කරනා මෙතඩ් ය.


🎈මිනිසුන් පාරට ඇද දමා බෝඩ් අතට දී සියල්ලට විරුද්ධ වන් මෙතඩ් ය


🎈කොටින්ම රට අකර්මන්‍ය කොට කාබාසීනීයා කර දමනා මෙතඩ් ය


🎈විකල්ප පත්තර වල වමේ බයිලා ලියූ උන්ට ඇමතිකම් දෙන උන්ට පිස්සුය.


🎈මුන්ට දෙන්න ඕනා කර්මාන්ත ගිනි තියනා ඇමතිකම්‍ ය.


🎈තෙල් ගබඩා ගිනි තියනා ඇමතිකම්‍ ය.


🎈පානිය ජලයට වස එකතු කරනා ඇමතිකම්‍ ය.


ඒ නිසා කොඩිවිනය තබාගෙනම මිය යනවාද, කොඩිවිනය ඉවත් කර තවදුරටත් ජීවත් වීමට උත්සාහ කරනවාද යන්න රාජපක්ෂලාට බාරය.


වලක වැටුන පසු වලෙන් ගොඩ ඒමට උත්සාහ කරනවා වෙනුවට, වලේ ඉන්න ළිං මැඩි හා බයිලා තරඟ පවත්වන්නේ පිස්සෝය.


ඒ වගත් මෙසේය.....


.

Oct 27, 2021

ජවිපේ ගමෙන් පටන් ගැන්ම..


කළක් ජවිපෙට චන්දය දීපූ...

උන් වෙනුවෙන් ලියපු එකෙක් විදියට... 

මේක ඉතා හොඳ වැඩක්.


ජනාධිපතිවරණය හැර... 

අනෙක් සෑම චන්දයකදීම ලිව්වේ කරේ 

චන්දේ දුන්නේ 

ජෙප්පන්ට.


ඒක එපා කරේ බුකියේ ඉන්න ජෙප්පෝ..

උන්ගේ, අශූචි හා සම්බන්ද කොමෙන්ට්ස්... කුණුහර්ප, ප්‍රස්තුතතයට අදාල නොවන පෞද්ගලික මඩ ගැසීම්, කුණුහබ්බ, ඉන්බොක්ස් මරණ තර්ජන, රිපෝට් කිරීම්, බ්ලොක් කිරීම් නිසා....


ජේවීපියට චන්දය දුන්න මැදිහත් මිනිස්සු විශාල ප්‍රමාණයක් උන් නැති කර ගත්තා..


ඇත්තටම මිනිස්සු තුල බියක් තියෙනවා මෙයාලා බලයට පැමිනියොත් ආයෙත් විරුද්ධ අදහස් තියෙන මිනිස්සු මරලා දායිද කියලා...


ජෙප්පොත් මේ රටේ දේශපාලනයේ ඉන්න ඕන.. අනිවාර්‍යයෙන්.. නැත්නම් විපක්ෂයක් ඇත්තේ නැති තරම්...


මේ තීරණය හොඳ තීරණයක්...


ඔය ප්‍රෙස් බ්‍රීෆින් දේශපාලනයෙන්වත්, 

වොයිස් කට් දේශපාලනයෙන්වත් 

කවදාවත් චන්ද ලැබෙන්නේ නෑ.  


අනික උපාධි හා බුද්ධිමත් මාන්නය. 

ඕක සාමාන්‍ය මිනිස්සුන්ට දිරවන්නෙම නැති දෙයක්...


හදුන්නෙත්ති මාතරෙයි කියලා අපි දන්නේ එහෙන් චන්දේ ඉල්ලන කොට.


ඔය ටිල්වින්වත්, අන්‍රයියා තියා, ගමේම ඉන්න ජේවීපි චරිත වෙන, සමන්ත විද්‍යාරත්න, නලීන් හේවගේ, නාමල් කරුණාරත්න වගේ අයත් මම හිතන්නේ ආසන සංවිධා යකෙක්ගේ නමක් ගමක් ඉන්න තැනක් දන්නේ නෑ. 


ශේප් වෙන්නේ සහෝදරයා සහෝදරී කල්ට් එකෙන්.. ඒකට ඇන්දෙන එකා ඇන්දෙනවා..


අනික ඔය බලමණ්ඩලේ සෙට් එක විතරක් හිටගෙන බත් පැකට් කන බොරු ෂෝ නැතුව ගමේ එකා එක්ක එකට කන්න බොන්න වෙනවා. උන්ට ජනාධිපති රෝල් එක පෙන්නලා වැඩක් නෑ...


බල මණ්ඩලේ උන් හොරෙන් බීලා නෝන්ඩි වෙනවට වඩා... 

ගමේ උන් එක්ක ගල් බෝතලේට සෙට් වෙලා.. සුනිල් අයියගෙ සින්දුවක් කියලා.. 

අරුන්ට කිස් එකක් දීලා ආවා නම් 

චන්ද එන්නේ බුරුතු පිටින්..

ලංකාවේ දේශපාලන කල්ට් එක... ඒක..


මහින්ද මහත්තයා නෙමේ, චන්ද්‍රිකා උනත් පාර හදාගත්තේ එහෙමයි.. බීම අපේ කල්ට් එකක්.. ඒවට විරුද්ධ වීම විකාරයක් ..


එයාලගෙ ගෝල්ෆේස් තොයිලෙදි, ස්ටේජ් එකේ වැඩෙත් එකම විකාරයක්.. එතනට ගේන්න තිබ්බේ ගමේ සඟ වෙද ගුරු ගොවි කම්කරු පිරිස.. කොටින්ම බල මණ්ඩලේ උන් ටිකත් බිම..


ඒ කියන්නේ එයාලා ටාගට් කරන්න ඕන නිර්ධන පන්තියයි, පහළ මධ්‍යම පන්තියයි..


ඇත්තටම මේක හොඳ වැඩක්..


විජිත හේරත්ගේ පෝස්ට් එක ලාල් කාන්තට දෙන්න ඕන.. සමන්ත විද්‍යාරත්නට තැනක් දෙන්න ඕන.. මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න පොර දන්නවා..


ඒ වගේම ගෝල්ෆේස් ඉස්ටේජ් නෝනා මහත්තුරු ටිකත් ගමට ගෙනියන්න ඕන...


ජෙප්පන්ගේ මේ වෙනසට..


හදවතින්ම සුභ පතනවා..


ඔය ඔක්කොම කරත් වැඩක් නෑ..

බුකි බලකාය ශිෂ්ඨ සම්පන්න පිරිසක් නොකරන තාක්...


උන්ට මම කියනවා ලාල් කාන්ත ආදර්ෂයට ගන්න කියලා...


අලුත් ගමනට අපේ සුභ පැතුම්...!!!


.

(පුලුවන්නම් මේකත් රිපෝට් කරලා, කුණුහබ්බ කියලා, අශූචී කොමෙන්ට් දාලා බ්ලොක් කරපල්ලා)

.

Oct 26, 2021

හම්බන්තොටට ෆෝමියුලා වන් ධාවන පථයක්....

 



By - ඉවාන් පවුලූශා 

.

(ඉවාන් කියන්නේ පට්ට රාජපක්ෂ විරෝධියෙක්

හැබයි කිරි ටොයියෙක්...

ඌයී මායි කිසි දිනෙක ගැටෙන්නේ නැත්තේ ඒකයි...

මම ලියන්න ඕන එකක් ඌ ලියලා..)


🔺 කෘෂිකාර්මික මිත්‍යාව


ලංකාව ගැන ඉස්සර ඉඳන්ම කියන්නේ කෘෂිකාර්මික රටක් කියලනේ, ඒත් ඔරකල් කාබනික ගොවිතැන කන්සෙප්ට් එකත් එක්ක තිබ්බ ගොවිතන්ටත් කෙලවෙලා ඇමිණිලා ඉන්න වෙලාවක් මේ. අපේ රටේ ගොවීන්ට අඩුවෙන්ම ලැබෙන්නේ කෘෂිකාර්මික තාක්ෂනය ඒ  වගේම තාක්ෂණික කෘෂිකර්මයකට යන්න ගොවියත්, රජයත් දෙකම අසමත්, අකැමතියි.  


ඊශ්‍රායලය වගේ රටවල් වලින් ඒ තාක්ෂණය ගෙන්වන්න තරම් උවමනාවක් තියෙන බවක් පේන්නත් නෑ. විද්වතුන් කියන දේ  පිළිගන්න,නව පර්යේෂකයන්ට ඉඩ දෙන්න රජය විතරක්ම නෙවී ඔය කෘෂිකාර්මික පර්යේෂණ වගේම රටේ වගකිවයුතු තැන්වල ඉන්න නිලධාරින් පවා ඉඩක් දෙන්නේ නෑ.


🔺 සංචාරක ව්‍යාපාරය.


ලංකාවට ගොඩයන්න තියෙන පුළුල්තම මාර්ගය හැටියට හඳුන්වගන්නපුළුවන් වෙන්නේ සංචාරක කර්මාන්තය හා ඒ ආශ්‍රිත රැකියාවන් බිහිකිරීම තමා. දැන් කියන්න එපා කොරෝනා වගේ ලෙඩක් හැදුනම සංචාරයෙන් විතරක් ඉන්න හිටියනං අපිට කෙලවෙලා නේද , හෝටල් ක්ෂේත්‍රයේ  රැකියා අහිමි වුන පිරිස වගේ තව පිරිසක් බිහිකරන්නද හදන්නේ වගේ ටෝක්. 


සංචාරක කර්මාන්තය හරියට කරපු සිංගප්පුරුව, ඩුබායි, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවල් වලට මොනවත් නොකර තව අවුරුදු 2ක් වුනත් වහගෙන ඉන්න අතේ සල්ලි තිබ්බා. අවශ්‍ය දේවල් පිටින් ගෙන්නලා හරි කන්න දෙන්න අතේ ඩොලර් තිබ්බා.


ෆෝමියුලා වන ධාවන පථය හම්බන්තොටට

ඒක කරන්න පුළුවන් නම් හොඳයයි. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේක හම්බන්තොටට යන එක. හම්බන්තොටට විතරක් නෙවේ අපි කියන්නේ රටේ කලාප තුනටම ඊ කියන්නේ උතුරු, නැගෙනහිර සහ දකුණ කියන ප්‍රදේශ ඉලක්ක කරලා මහා පරිමාන සංචාරක මධ්‍යස්ථාන පිහිටුවන්න  පුලුවන් නම් ඒක ලොකු දෙයක්. 


කොහොමත් එන්ටර්ටෙන්ට්මන්ට් කොටස බස්නාහිරින් ඉවතට ගෙනියලා ඈතට යවන තරමට හොඳයි. බස්නාහිර දියුණු වෙන්න ඕන වාණිජ නගරයක් හැටියට.


හම්බන්තොට කියන්නේ ජනාධිපතිවරු අගමැතිවරු ඇමතිවරු එලෝ කෝටියක් බිහි කරපු තැනක් වුනාට හැමෝම දන්නවා ඒ පළාතේ ජන ජීවිතය තියෙන්නේ අන්තිම පහල අඩියක කියලා. ඉතින් ඒ මිනිස්සුන්ට ෆෝමියුලා ධහවන් අපත කන්නද ? 

ඊළඟ කාලලත් කියවන්න


🔺 සංචාරක කලාප.


අපේ රටේ කන්න නැතිවුනාම සමෘදිය දුන්නට , රටට කන්න නැතිවුනාම සමෘදිය දෙන්නේ නෑ. ලෝක බැංකුවෙන් වත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේන්වත්, එලෝන් මස්ක්වත්, මුකේෂ් අම්බානිවත් , එයාලට ඒ තරම් පශ්චාත් භාග අමාරුවක් නෑ. අපි අයෝජකයෝ හොයන්න ඕන ඒ වගේ සංචාරක කලාප 3ක්වත් රටේ ඇතිකරන්න පුළුවන් මට්ටමේ. 


අනේ එයාලා මෙහෙ ඇවිල්ල ඒවා කරන්න එයාලට පිස්සු නෑ වගේ අමන කතා නොකියා ඒ සඳහා උනන්දුවක් ඇති යෝජනා ප්‍රවර්ධන ඇමතිකෙනෙක්, විදේශ ඇමතිකෙනෙක් සහ නිලධාරින් ඉන්න ඕන. ඒවා තෝරාගන්න තරම් මොළයක්වත් ජනාධිපති පුටුවේ වාඩිවෙන ඕන පඹයෙකුට තියෙන්න ඕන,


🔺 ප්‍රවාහනය .


සංචාරක කලාප කොළඹින් බැහැරව ඉදි කලාම කොහොමද ට්‍රාන්ස්පෝර්ට් එක කරන්නේ , මෙහෙ ට්‍රැෆික් එකේ ඉන්න ගියොත් එන එවුන් ආපහු යයි. ඔන්න වැඩක් නොකරන එවුන්ගේ අනික් ප්‍රශ්නේ.  මේකට යෝදාගන්න් පුළුවන් අපේ ඩොමේස්ටික් එයාර් ලයින්ස්, ප්‍රවාහන වාර ගැන වැඩිවෙනකොට එක දරාගන්න පුළුවන් මිලකට කරන්න හැකියාවක් එනවා, නැත්තම් , උතුරු නැගෙනහිර සහ දකුණ කියල පළාත් තුනටම වැඩි ආපහසුවක් නැතිව මුහුදෙන් ප්‍රවාහනය කරන්න පුළුවන්. මේ සඳහා යටිතල පහසුකම් ඉදිකරන්න ණයදෙන්න ආයතන ඉන්නවා අපේ මාස්ටර් ප්ලෑන් එක හරියට ක්රියෙට් කරගන්න පුළුවන් නම්.


🔺 ලංකාව  සහ ලෝකය


ලංකාවේ මේ වගේ කලාප ඉදික්රන්න පුළුවන් නම් , හරියට සිංගප්පුරුවේ සෙන්තෝසා අයිලන්ඩ්, මැලේසියාවේ සන්වේ ලැගූන්,  හොංකොං ඩිස්නි ලෑන්ඩ් වගේ. ලංකාව ඒ රටවල් එක්ක තරඟකාරී රටක් කරන්න පුළුවන්. සංචාරකයෝ බලන්නේ තමන්ට උපරිම වින්දනයක් අඩුම මුදලකට ලබන්න පුළුවන් ගමනාන්ත. 


හැමදාම නටබුන් බලන්නයි, 2500 ශ්‍රී විභූතිය බලන්නයි විතරක් සංචාරකයෝ එන්නේ නෑ.  මේවා එක්ක ගණිකා ව්‍යාපාරය මත්පැන් පටලවාගන්න එපා, සංකෘතිය ගැන බෙරිහන් දෙන්නත් එපා. ඒවා වෙනම කතා කරමු.  

ලෝකේ එක්ක බැලුවම ලංකාව කියන්නේ ඉතාම හොඳින් අඩුමිලට වැඩි සංචාරක ආකර්ෂණයක් දෙන්න පුළුවන් ගමනාන්තයක්.


🔺 ඉතිං ෆෝමියුලා වන්  ට්‍රැක් මේ වෙලාවේ 

      ඕනෙද?


මේ වෙලාවේ තමා ඕනේ. 


මේකෙදි බලන්න ඕන, විමසන්න ඕන  ප්‍රශ්නය වෙන්නේ මේ ඉදිකිරීම කරන්නේ රටේ සල්ලි වලින්ද ආයෝජයක් හැටියටද කියලා, ආයෝජනයක් හැටියටනම් මේක තමා හොඳම අවස්තාව මේක කරන්න. තව මේවගේ ලොකු ඍජු ආයෝජන කීපයක් ගේන්න ගන්න පුළුවන් නම් මේ වෙලාවේ රට ඇතුලට ඩොලර් ගෙන්නගන්න හොඳම විදිහක්. 


අපි රටවැසියන්ට බඩගින්නේ ඉන්න්නකොට මාළු දුන්නට වෙනරටවල් වල දෙන්නේ බිලීපිත්තක්. අපිත් යැපුම් මානසිකත්වයෙන් මිදෙන්න ඕන දැන්වත්. නිකං ඉඳලා කන්න නෙවී, මහන්සිවෙලා වඩා හොඳ ජීවන තත්වයක් උදා කරගැනීම තමා රටවැසියන්ට පුරුදු කරනන ඕන.


🔺 කවුද කොහොමද කරන්නේ.


මේක කරන්න නම් මේ සඳහා උණක් තියෙන විදේශ ඇමතියෙක්, සංචාරක ප්‍රවර්ධන සහ ආයෝජන ප්‍රවර්ධන ඇමතිකෙනෙක්, හරිහමන් නිලධාරින් පිරිසක් ඕන. ඒ සඳහා පිරිස තෝරාගන්න ජනාධිපතිවරයාට ඉව තියෙන්න ඕන.  ඇමතිලාට ඉව තියෙන්න ඕන.


🎈කියන  තරම් කිසිදෙයක් සුන්දර නෑ.  

🎈අපි වරෙන් කිව්වට ආයෝජකයෝ එන්නේ 

     නෑ. 

🎈හතරවරන් පච කෙලලා වැඩක් නෑ.

🎈ආයෝජකයන් එන විදිහට පරණ නීති       

     සංශෝදනය වෙන්න ඕන. 

🎈කොටින්ම රටක් හැටියට මාස්ටර් ප්ලෑන් 

     එකට අනුගත වෙන විදිහට සෙකන්ඩරි 

     ප්ලෑන්ස් ක්‍රියාත්මක වෙන්න ඕන.  


එහෙම නැත්තං නිකම්ම කටට වැටෙනකන් බලන් ඉන්නවනම් ජොනි සීන්ස් ව ගෙන්නලා ඉස්සරහ දණගහගන්න.


.

Oct 24, 2021

හාල් පරිප්පු කතාව හා යුතුකමේ මනාපය

 


ස' ට දැන් හෝ ඕක තේරිච්ච එක ළොකු දෙයක්‍ය. 


ඇත්තටම ස" අපි ගෙනාවේ බඩු මිළ පාලනය කිරීමට නොවේ, වෙළඳ ඇමති කෙනෙක් ඉන්නේ ඒකටය.


නිදහස් වෙළඳ පොල ආර්ථිකයක් තිබුන රටක ඒක ඔහේ ගලාගෙන යන්න දෙනවා විනා, වෙළඳ ඇමතියාවත්, ජනාධිපති ලේඛම්වත් ඒවා පාලනය කරන්න යෑම බව්වාගේ වැඩේ ඩොන්කියා කරන්න යෑමක් ය.


අපි ඝෝඨා ගෙනාවේ ඕවා කරන්නට නොව ආයෝජකයෝ ගෙනත් මේ රට දියුණු කරන්නටය.


ඒ... මේ රට ගොඩ දැමීමට වෙන මගක් ඇත්තේ නැති නිසාමය.


ආයෝජකයෝ එන්න නම්...

කෙලින් තීරණ ගත හැකි නිර්භීත නායකයෙක් ඕනාය  


පොලිටිකලි ස්ටේබල් නැති රටකට ආයෝජකයෝ එන්නේ නැතිය.


දැනට විපක්ෂය දිණුම්‍ ය. සජිත් හා ජෙප්පෝ  රට පුරා උද්ඝෝෂණ කරනවාය. රට පාලනය කරන්නේ උන් ය.


හැමතැනම වැඩ වර්ජනය.


යහපාලනයටත් උනේ මේකමය.


එදා ඒවා සංධානය කළේ ඔබලාය.


මේවට විසඳුම් දීම හෝ නවතා දමන තෙක්, මෙවන් වාතාවරණයන් යටතේ ආයෝජකයෝ එතැයි සිතන්නේ නම් එය දවල් සිහිණයක් පමනක්මය.


මුලින්ම ආන්ඩුව ඇතුලේ ඉන්නා කොඩිවින කැපීමෙන් තොවිලේ පටන් ගත යුතුය.


නැත්නම් වෙන්නේ යහපාලනයට උනා වාගේ ගහපු බෙරේකුත් නැති, බෙරේ පලුවකුත් නැති, ලබ්බේ තොවිලයක් පමණමය.


අර.....

 ඕන නම් රඟන්න පුලුවන් කියූ පරණ ඝෝඨාභය චරිතය නැවත කටලියට ගෙන ඒමට මේ හොඳම කාළයය.


කඩේ යන අප පමණක් නොව පක්ෂ විපක්ෂ හැම එකාම ඉල්ලන්නේ මේ ඝෝඨා නොව ඒ ඝෝඨාය.


ඉදින්, පක්ෂ විපක්ෂ හැම එකාගේම බලාපොරොත්තුව ඉටුකිරීම ඔබ සතු පරම යුතුකමය.


අප අපේ යුතුකම ඉටුකලෙමු...


ඔබ ඔබේ යුතුකම ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු වෙමු...


පමා වී පසුතැවිලි නොවන්න...

පමාදෝ මච්ඡුනෝ පදං....


ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ ...!!!


.


Oct 21, 2021

මාතලන්ගේ යූ බටේ

 


ටෙක්නොලජි කියන දේ මෙළෝ මළදානයක් නොදන්න මාතලන් You Tube එකේ පොඩි මොන්ටිසෝරි වැඩක් පටන් ගත්තා...


එතන කියවන පල්හෑලී බ්ලොග් එකේවත් පේස්බුක් එකේවත්  දාන්නේ නෑ...


ඒවා වෙනම ලියනවා...


එහෙනම් කස්ටිය එක්ක එතනට ගිහින් සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා සප් එකක් දෙන්න...

මේ අකුරු උඩ කෙටුවම එතනට යන්න පුලුවන්.null

ඉස්ධූතී... නන්ඩ්‍රෙයි... ටෑන්ක්ස්... හොඳේ !!!!!




Oct 19, 2021

මාර පරාජය හා කර්මය (කරුමය) (පෝදා සිතුවිලි)


 

🎈වාහන නෑ

🎈වාහන අමතර කොටස් නෑ

🎈ටයර් නෑ

🎈කහ නෑ

🎈හාල් නෑ

🎈සීනී නෑ

🎈කිරිපිටි නෑ

🎈ගෑස් නෑ

🎈පැස්ටෝල් නෑ

🎈ඩීසල් නෑ

🎈බොරතෙල් නෑ

🎈තේ නෑ

🎈පොල් නෑ

🎈රසායනික පෝර නෑ

🎈කෘමිනාශක නෑ

🎈කාබනිකත් නෑ

🎈සැල්පෝන් නෑ

🎈ටැබ් නෑ

🎈ටැලිවිසොන් නෑ

🎈කැමරා නෑ

🎈හයි පයි සැට් නෑ

🎈සබ්බූසර් නෑ

🎈ඉයර්පෝන් නෑ

🎈වොසින් මැසින් නෑ

🎈ප්‍රිජ් නෑ

🎈ඉතිරි කරපු ඩොලරෙකුත් නෑ

🎈විදෙස් සංචිතත් නෑ

🎈විදෙස් ආයෝජකයොත් නෑ

🎈මහින්දානන්දත් නෑ

🎈බන් ගොන්ධුලත් නෑ

🎈අලගිය මුලගිය තැනුත් නෑ

🎈කන පලන උනුත් නෑ

🎈කඩා පැන්න උනුත් නෑ

🎈මොළ හතත් නෑ

🎈ස' ත් නෑ

🎈මහින්දත් නෑ

😜 හෙට අනිද්දා සිට Gower මසුත් නෑ

🎈වියත් මගත් නෑ

🎈සව් භාගෙත් නෑ

🎈විස්සයෙන් එහා ලෝකෙත් නෑ


(ආන්ඩුව තිස්සකුට්ටිආරච්චි මහත්තයට දුන්නා නම් හරි..)


🔺 සමාර විට ආන්ඩුව මේ සියල්ලම කරේ ඩොලර් නැතිවූ පසු සියල්ලම නැති වන බව පසක් කර දීමට විය හැක.


🙏අප සිහළ බෞද්ධයින් ලේස ඩොලර් යනු තන් හා ආසා ලෙස සැලකිය යුතුය.


🙏 තන් හා ආසා නැති වු කල උතුම් වූ නිර්වානය අවබෝධ වූයේ වෙයි.


🙏අප චතුරාර්‍ය සත්‍යය අවබෝධ කර ගත්තේ වේ.


🙏 බුදුන් වහන්සේ සත්‍යය අවබෝධ කොට ගෙන නිවන් දැකීමට සාරාසන්ක කල්ප ලස්සයක් පෙරුම් පුරා දිවිය ලෝකයේ ඉපද අවසන මිනිස් ආත්මයක් ලබා ඒ ආත්මයේද පට්ට කට්ටක් කා බුදු වූ පසුද තන් හා රති රඟා නම් මර දූවරුන්ද පරදා නොයෙක් නින්දා අපාස විඳිමින් ඒ උතුම් වූ නිවනේ සැනසුනේ වූවද....


🙏 අප  පෙර කළ කුසළ  කර්මයන් හේතුවෙන් අම්මට සිරි ලංකාව නම් දිවිය ලෝකවලටත් එහා ලෝකයේ ඉපද, යහපාලනය නම් කාළයේ පුලතිසි නම් පුරවරයෙන් පොලොව පලාගෙන පැමිනි ගුරුන් හා දෙව් බඹුන් මිනිස් ලෝකයන්හි විසාලම මොළ සහිත වූ රනිල් විකුම්සිහ නම් ගුරුන් යටතේ පස් වසරකින්ද.....


🙏 වියතුන් පිරිවරා පැමිණි සව් බාගේ නම් යුගයේ සැන්ට්‍රල් රූට්ස් හෙවත් මැද්මුලන නම් පුරවරයෙන් පැමිනි ස' නම් ගුරුන් හා රාජපස්ස නම් ගුරු පරපුරම යටතේ වසර දෙකක් වූ සුළු කළකින්ද...


🙏 චතුරාර්‍ය සත්‍යය අවබෝධ කොට ගෙන සියළු තන් හා ආසා රති රඟා දුරු කොට ගෙන නිවනේ සැනසීමට වාසනාවන්තයෝ වූහ..


🙏 හයියෙන් සාධූ කියන්න පින්වත්නි..


👍 සියළු දෙනාට දෙව් පිහිටයි...!!!!

Oct 17, 2021

ප්‍රේමේ මෙන් ජනතාවාදී වනවාද? සිරිසේන මෙන් කවටයකු වනවාද?

 


ඝෝඨා බලයට පැමිණීමත් සමඟ මේ රටේ තරුණ ජනතාව පක්ෂ බේදයෙන් තොරව මහත් බලාපොරොත්තු තබා ස්වේච්ඡාවෙන්ම රට පිරිසිඳු කළේ, චිත්‍ර ඇන්දේ, කුඹුරු අස්වැද්දුවේ විශාල වෙනසක් සංවර්ධනයක් වෙතැයි කියාය.


එය කිසිවකුත් බලාපොරොත්තු නොවූ විශ්මය ගෙන දෙන දෙයක් වූ අතර සියල්ලෝම කට උත්තර නැතිව තුශ්නිම්භූතව බලා සිටියා මිස, කිසිවකුත් විරුද්ධව වචනයක් හෝ කීවේ නැතිය.


එහෙත් කොරෝනාවත් සමඟ හැම එකාගේම පදයට නටන්න ගිය ඝෝඨා අද පොහොට්ටිවේ උන්ගේ පවා අප්‍රසාදයට පත් වී ඇතැයි කීම බොරුවක් නොවේය.


ඔහු ඉල්ලු සියළු බලය ඔහුට ලබා දුනි. එහෙත් එවන් බලයක් සහිත ජනාධිපතිවරයා අද සිටින්නේ  ජනතාවගේ පැත්තේ නොව, යූනියන් කාරයන්ගේ පැත්තේය. 


එහෙත් රණසිංහ ප්‍රේමදාස යනු එක එකාට ආන්ඩු කරන්නට දුන් ජනාධිපතිවරයෙක් නොවේය. ඔහු බලයට පැමිනි පසු සිටියේත් ජනතාව සමඟය.


උතුරේ හා දකුණේ ත්‍රස්තවාදීන් හා යුද්ධ දෙකක් තිබුනද එකක් මර්ධනය කොට අනෙකුන් හා සමාදානයකට පිවිසියේය.


එසේ තිබියදීත් බඩු මිළ මෙතරම් ජනතාවට ඉසිලිය නොහැකි මට්ටමේ නොවීය.


දරුවන්ට පාසල් නිළ ඇඳුම් හා කිරි ලබා දුන්නේය.


ඇඟළුම් ව්‍යාපාරය දෙස් හා විදෙස් ආයෝජකයන්ගේ මැදිහත්වීමෙන් දීපව්‍යාප්ත කළ අතර, ඉතා කෙටි කලකින් එය රටේ ප්‍රධාන ආදායම කළේය.


ග්‍රාමිය කාන්තාවන් පවා රැකියාවක් කිරීමට බිය නොවන්නේ ඒ නිසාය.


ගම් උදා නිවාස ව්‍යාපෘතිය හා නාගරික මහල් නිවාස ව්‍යාපෘති දිගටම ක්‍රියාත්මක විය.


අද සමෘධි නමින් ඇති ව්‍යාපාරය ජනසවිය නමින් ආරම්බ කලා පමණක් නොව ඒ මගින් ග්‍රාමිය ජනතාව ස්වයං රැකියා සඳහාද යොමු කළේය.


එපමනක් නොව ග්‍රාමිය දිලිඳු දරුවන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ දානපතියන් හරහා කැපකරු මාපිය නමින් ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කළේය.


යූනියන් කාරයෝ හොර සංඝයෝ පේන්නවත් උන්නේ නැතිය. 


ඒ හේතුවෙන් දෝෂාභියෝගය අවස්ථාවේත් ජනතාව උන්නේ ප්‍රෙමෙගේ පැත්තේය.


උද්ඝෝෂණ වර්ජන දිනපතා තිබෙනා රටකට ආයෝජකයෝ එන්නේ නැතිය.


යුනියන් කාරයෝ පාලනය කරනා රටකට ආයෝජකයෝ පැත්ත පලාතේ එන්නේ නැතිය.


සිරිසේන නම් පඹයාට කෙලවුනේ දිනපතා පැවති උද්ඝෝෂණ හා වැඩ වර්ජන නිසාමය.


එහෙත්, එවන් සේවයක් කළ මිනිසාත් මැරුණු පසු රතිඤ්ඤා දමා කිරිබත් කෑ කාළකන්නි විරුද්ධ පාක්ෂිකයෝ මේ රටේ සිටියහ.


ඒ ඔහු ජනතාවාදී නායකයකු වූ නිසා නොව දරුණු පාලකයකු වූ නිසාය. සාමාන්‍ය ජනතාව හඬා වැටුනේය.


අදටත් සජිත් වට සියල්ලන් රොක් වන්නේ ඒ කීර්තිනාමයට මිස සජිත් කළ ලබ්බක් නිසා නොවේ.


අනික රණසිංහ ප්‍රේමදාස යනු විකටයෙක් නොව තෙම්පරාදු වු කෘතහස්ත, ලෝකයේ ගෞරවාදරයට පවා ලක් වූ දේශපාලඥයෙකි.


මේ රට වසර 30 ක කුරිරු යුද්ධයෙන් මුදවා ගත් මහින්ද රාජපක්ෂටද මයිනා කියනා සිංහල අමනයන්ම සිටිනා රටේ,


(එසේ කියන්නේ 2010 න් පසු මහින්ද හා පවුල ජනතාදී නොවී පිස්සුම කෙලිය නිසාය)


විරුද්ධවාදින්ගේ අම්මට හැමනියව් කියා ජනතාවාදි නායකයකු ලෙස කටයුතු කිරීමෙන් ඉතිහාසයේ වීරයකු වනවාද?


නැතිනම්, රනිල්, ඩී බී, චන්ද්‍රිකා හා සිරිසේන වැනි කවටයින්ගේ ගොඩට එකතු වනවාද යන්න, 


ජනාධිපතිවරයා ඉක්මනින් තීන්දු කළ යුතුය.


ගුරු සටනේ අවසානය සනිටුහන් වනාකාරය අනුව ඔහු කොයි පිලේද යන්න ජනතාවට තේරුම් යනු ඇත.


මේ ඉතිහාස කතා වැඩිපුර ලියන්නේ බුකියේ ඉන්නා හුජ්ජා කොල්ලෝ පමණක් නොව , අමන දේශපාලුවන්ද මේවා නොදන්නා නිසාමය....

Oct 15, 2021

අපේ බයිලා චැම්ප්ලා හා පකිස්තාන් උස්තාද්ලා

 


🎈අපේ උන්... රට වහගෙන ආර්ථිකේ වැටුනා කියලා බයිලා ගහනවා...


🎈අපේ උන්.... ආන්ඩුව ඇතුලේ පිල් බෙදිලා මරාගන්නවා...


🎈අපේ උන්.... කරන්න බැරි කාබනික රෙද්දක් උස්සගෙන හත්පොලේ ගාගෙන නානවා


🎈අපේ උන්.... එන ආයෝජකයෝ ටිකත් ජරාව ඉල්ලලා නැති කර ගන්නවා


🎈අපේ උන්... වැඩ වර්ජන කර කර උද්ඝෝෂණ කර කර ඒවට සර්වපාක්ෂික සමුළු තියනවා


🎈අපේ උන්... පොල් මිළ තීරණේ කරන්න පොල් වලල්ලක් හදනවා


🎈අපේ උන්... තිබ්බ නිදහස් වෙළඳපොල ආර්ථිකේටත් තහංචි දාලා කඩාපැනීමේ හමුදා දාලා පෝලිම් ක්‍රමය ආයේ ගේනවා


🎈අපේ උන්ගේ ආර්ථික සංවර්ධනේ බාලගිරි දෝසේ වගේ... අද නොවේ හෙට.. ලබන මාසේ ගේනවා... ඊළඟ අවුරුද්දේ ගේනවා...


🎈අපේ උන්... 13 ක්‍රියාත්මක කරලා ඡන්දේ තියන්න කියනවා.. ඒවා තමයි ජාතික ප්‍රශ්ණ


🎈අපේ උන්... සියල්ලට විසඳුම් ලෙස ඒ පාර අලුත් ව්‍යවස්ථාවකුයි චන්ද ක්‍රමේකුයි ගේනවා


🎈එතකොට සව්භාගේ උතුරන්න ලැබෙනවා


🎈මේ පකිස්ථානේ සිස්ටම් චේන්ජ් එකකට ආපු පොර... ඒ රටේ උන්ටත් හිතාගන්න බැරි ඒවා කරනවා..


🎈අපේ උන්... කටින් බතල හිටවනවා...


🎈මේවා බලලාවත් ලැජ්ජා වෙලා හැදියල්ලා


😭 විලි ලැජ්ජාවේ තන්තෝසේ බෑ...


😭 2025 වෙන්නෙත් පෝට් සිටිය කියන කාන්තාරෙට වෙලා කහත් ගනන් නිසා පුච කහ කහ ඉන්න තමා..


😭 දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි

      අඳුර ළඟයි... ආලෝකේ දුරයි..

      අඳුර ළඟයි... ආලෝකේ දුරයි..


.