බූරුවාගේ කතු වැකිය 2
අලුත් කඩේ නැෂනල් සිකුරුටි
අලුත් කඩේ ඊයේ සිද්ද වුනේ මොකක්ද කියලා පාතාලය ගැන දන්න එවුන් හොඳට දන්නවාය.
සාමාන්‍යයෙන් පාතාලයේ නායකයන්ට ගේම දෙන්නේ තවත් පාතාල නායකයෙක්ය. නැතිනම් ආණ්ඩුවෙන්ය.
පාතාලෙන් දුන්නා නම්... ගේම හොයාගන්න සෑහෙන කාලයක් යනවාය. ආණ්ඩුවෙන් කරාම එහෙම වෙලාවක් යන්නේ නැතිය.
මොකෝ... කලේ කවුද කොහොමද කෙසේද කියා.... මේ වෙල් ප්ලෑන් එක මාස්ටර් මයින්ඩ් එක කරපු එවුන් දන්නවාය.
පාතාල එවුන්ට ආණ්ඩුවෙන් ගේම දුන්නේ මේ ආණ්ඩුව විතරක් නෙමේය. මේක ආණ්ඩුවෙන් කළාද නැද්ද කියන්න අපි විශේෂඥයෝ නෙමේය.
හැබැයි අර වෙඩි තිබ්බා කියන එකාගේ ඉස්සරහින් කහ පාට ෂර්ට් එකක් ඇඳගෙන යන එකා ගැන නම්.... මට ලොකු අවිශ්වාසයක් හා සැකයක් තිබෙනවාය.
දෙන්නා එන්නේ එකටය. මම හිතන්නේ ඌ කරන්නේ revolver එක ගේන ගෑනිට කෝල් එකක් දෙන එකය. ආන්න ඌ කවුද කියා හොයාගත්තා නම්.... වැඩේ අල්ලගන්න බොහෝම පහසු වෙනවාය. මේ මගේ සැකයක් පමණය... මොකෝ අපි මේවායේ විශේෂඥයෝ නෙමේය.
රහස් පරීක්ෂක කතන්දරේ පැත්තක තියෙද්දි.... අපි ගන්නේ මේකේ දේශපාලන ආතල් එකය. මේ ආණ්ඩුව පට්ටම ජෝක් එකක් වෙලා තියෙන නිසා... මේ මාස්ටර් මයින්ඩඩ් ගේම් එකත්... පට්ටම ජෝක් එකක් උනේය.
facebook එකේ ඉන්න එවුන් පට්ටම ආතල් එකක් ගත්තේය. ඉස්සෙල්ලා අහුවේ වෙඩි තිබ්බේ වඳුරෙක්ද රිලවෙක්ද කියලාය.
අන්තිමට... මේ වැඩේටත් බූරුවො දෙන්නෙක් සම්බන්ධ බව හෙළි වුනේය. ආරක්ෂාව පිළිබඳව පොලීසියටත් ලැක්චර් දෙන වටගල කියන බූරුවා ඇවිල්ලා තිබුණේ තවත් බූරුවෙක් එක්කය.
national security ටියුෂන් දෙන්න බංකුවක් අරගෙන එන්න කියපු එකා නං අද වෙනකන් දැක්කේේ නැතිය. ඌ තාම ඔහුගේ ටියුෂන් පන්තියට බංකු හදනවා වෙන්නැතිය....
ආතල් එකටත් එක්ක උගේ ටෝක් එකත් පොඩ්ඩක් බලලා ඉමුය.... 😁😁😁😁
ඔය සිකුරුටි ඉස්පැසොලිට් කාර්යාගේ කලිසම නොව අමුඩයත්.... ඊයේ විමල් වීර වංශ විසින් ගලවලා දැම්මේය....
මූ උගේ චුචං ඇඟිල්ල තුවාල වූ පසු යුධ බිම පැත්ත පළාතේ ගියපු එකෙක් නෙමේය.... කොළඹ ඉඳන් යුද්ධ කරපු එකෙක්ය.
කෙසේ හෝ රටේ ආරක්ෂාව සීයට සීයක් තහවුරු කරලා තියෙනවාය.... ඒ නිසා මහින්දට සිරන්තීත් එක්ක පොඩි ගෙදරක ඉන්න කියා කියපු... එයාගේ ගාඩ් එකා සම්පූර්ණයෙන් අයින් කරලා දාපු... මරිසි කොටාට.... අරුගේ ටියුෂන් පන්තිය කරගෙන යන්නට... ඌට අවශ්‍ය බංකු ප්‍රමාණය සපයා දෙන්නට තාම බැරිවෙලා තිබෙනවාය. එහෙම වුණා නම් මෙහෙම කෙළියක් වෙන්නේ නැතිය.
පොලිසිය භාර දීලා තියෙන්නේ.... පොලිසියේ හිටපු හොඳම හාල්පාරුවෝ දෙන්නෙකුටය.... ජාතික ආරක්ෂාව භාරදීලා තියෙන්නේ බූරුවො දෙන්නෙකුටය. බජට් එකෙන් ආරක්ෂක වියදම අඩු කළේය.
යුද්ධ නැති රටවලත් වැඩිම මුදලක් වෙන් කරන්නේ... සිංගප්පූරුව හොඳම උදාහරණය... උන්ගේ බජට් එකේ වැඩිම මුදල වෙන් කරන්නේ ජාතික ආරක්ෂාවටය. මේ වගේ සාක්කි කූඩුවේ මිනිස්සු මරා දමන රටකට.... ආයෝජකයෝ එන්නේ නැතිය.
කුඩු ඇල්ලිල්ලත් නතර වුණේය. දැන් කුඩු නැතුව සික් එක හැදිලා පාරේ ගියපු උන් හොයාගන්නත් නැතිය.... උන්ට දැන් බඩු සප්ලයි එක සුපිරියටම ආයිත් එනවාය....
ඉස්සර මිනිස්සු කුඩුකාරයෝ ගැන ඔත්තු දුන්නාට දැන් දෙන්නේ නැතිය. මොකෝ පොලිසියේ මාෆියාවට සම්බන්ධව උන්.... ගේම දෙන්නේ කුඩුකාරයන්ට නොව... ඔත්තුව දෙන එකාටය.
දේශබන්දු තෙන්නකෝන් කියන්නේ මොකෙක්ද.... මොනවද ඌ මේ කරන්නේ කියා.... බංකු අරගෙන එන්න කියපු එකාගේ කාලයේ මිනී මරන්නේ ලෝයර්ස්ලාගේ බෙන්ච් එකේ ඉඳන් නැගිටලා ගිහිල්ලා සාක්කි කූඩුවේ ඉන්න එකාගේ පපුවටම ගේම දීලාය. ඒ දීලා වූ ආතල් එකේ මාරු වෙලා යනවාය.
මම කල්පනා කළේ මේ විදියට ඇවිල්ලා ජජ්ට ගේම දීල ගියත් වැඩේ එච්චරයි නේද කියලයි.
අර කිසිම ප්‍රශ්නයක් දනිහෙන් උඩට ගන්නැති එකා ඊයේ ඇට දෙක වෙව්ල වෙව්ලා.... පාර්ලිමේන්තුවේ කිව්වේ මේක නම් සීරියස් ගන්නවා කියලාය... මට පේන්නේ මූ මේ ගැන හාන් කවිසියක් දන්නේ නැති බවය.... ඒක උගේ බොඩි ලැන්ග්වේජ් එකෙන් පෙනුනේය.
ඒ උනාට අර වටගල කියන බූරුවා නම්.... උසාවිය ළඟ රෙව්න අමුඩේ හෝදා.... ගෙදර ගොස් අලුත් අමුඩයක් ඇඳගෙන... බූරුවාගේ පිටේ පාර්ලිමේන්තුවට ඇවිත් පාතාලයේ ගෝඩ් ෆාදර් උනේය. එය මුද්දනියේ ගේම දුන්නේ රාජපක්ෂලා කියලාය.
අපිට නම් තෝ වගේ බූරුවෙක්ට කියන්න තියෙන්නේ... මේ facebook එකේ ඉන්න එවුන්ට පාට් දාන වෙලාවේ... රාජපක්ෂලා තොපේ ආණ්ඩුව ඇවිල්ලත් තාමත් මේ වගේ ගේම් දෙනවා නම්.... ඔය පවුලම අල්ලලා හිරේ දාපිය කියලාය. මොකෝ තොපිට ඡන්දෙ දුන්න මී හරක් පෝලිමේ ගොස් චන්දය දුන්නේ ඔය පවුලට කෙලින්නටය.
ඒ අස්සේ අධිකරණ ඇමති ගරු කිනිතුල්ලා මහතාද ඇවිල්ලා හෙන ෂෝ එකක් පෙන්වූයේය..... එයත් මේක සීරියස් කේස් එකක් විදියට ගන්නවා කියා කීවේය... උගේ ආචාර්ය උපාධිය තරම් සීරියාස් ගත්තොත් ලොකු දෙයක්ය.... සමහරවිට කඩිනම් පරීක්ෂණයක් කරන්න කියලා... උන්නැහේ අද සීයයි ඩී එකට යන්නත් ඉඩ තිබෙනවාය ....
ඌ උසාවියට යන්න ඉස්සෙල්ලා ඌව චෙක් කරන්න කියා පොලිස්කාරයොන්ට කීවේය. මේවා නං අර දෙවනි ඉනිම ලියන එකාටත් ලියන්න බැරි තරමේ අගනා තිරනාටකය.
කෙසේ හෝ මේක ලේසියෙන් අත්හැරලා දාන්න පුලුවන්ගේමක් නෙමේය. මේ රටේ නඩුකාරයොත් මරලා දමලා තියෙනවාය. එයද පාතාලයෙන්ය. ඒ ගේම දීපු එකා තාම ඇතුලේ යහතින් ඉන්නවාය. මම හිතන විදිහට ඌ ඉන්නේ බූස්සේය. ඌ ඇතුලෙ ඉඳන් උගේ බිස්නස් එක සුපිරියටම කරගෙන යනවාය.
මේ ආණ්ඩුව පත් වුණායින් පස්සේ.... පාතාලය සහ ආණ්ඩුව ගැන සැක හිතන කේසස් දෙකක් වුණේය. එක පොඩි ලැසී නිදහස් වී රටින් පලායාමය. අනිත් එක ගනේ මුල්ලේ සංජීව සාක්කි කූඩුවේදීම මිය යාමය. ඌ පණ අදිද්දී ඉස්පිරිතාලයට ගෙනියන්නේ නැතිව එතන හිටපු උන් බයිලා ගැහුවේය. මේවා මේ නිකං වෙන ඒවා නෙමේය. රුපියල් කෝටි ගණන් වලට වෙන ඩීල්ය.
කෙසේ හෝ තවුසන් ටෝක් දෙන මහ ඉස්පිටිතාලේ බෙල්ලන මහත්තයාගේත් කට වහලා තිබුණු බවක් පෙනී ගියේය. පොර කිව්වේ ඇත්ත නෙමේ කියලා ඕන ගොනෙකුට තේරෙනවාය.
මේ මනුස්සයා මොකටද අද මෙහි ගෙනාවේ ගියා නඩුකාර නෝනා අහලා තියෙනවා කියා කතාවකුත් යන්නේය.
බූස්සේ ඉන්න එවුන්ගෙන් කට උත්තර අරගෙන තියෙන්නේ ස්කයිප් තාක්ෂණය ඔස්සේය.
එතකොට මේකා මෙතනට ගෙනල්ලා තිබෙන්නේ ගේම දෙන්නමය. එහෙම වැඩක් සිදුවෙන්නට යන බව සමහර එවුන් දැනගෙන උන් බවත්.... සමහර උන් නොදැන උන් බවත්.... උන්ගෙ වොයිස් කට් වලින් සහ හැසිරීමෙන් පෙනී ගියේය.
මුන් ජාතිකාරක්ෂාව සීයට සීයක් සහතික කරලා කියන්නේ.... මේ ලෙවල් එකේ සිකුරුටි එකකට නම් මේ රටට සම්මා සම්බුදු සරණය.
මොකෝ අර වෙඩි තිබ්බාය කියපු වෙඩික්කරුවා STF එකේ උන් එක්ක හුරතල් වෙන හැටි දැක්කහම අපේ ගෙදර බව්වාටත් පුකෙන් හිනා ගිය නිසාය.
අදත් පිටපත ලියා ඔබ වෙත ගෙන ආවේ
මෝල් ආමන්ත බූරුවාගේ විසිනි.
https://youtu.be/4CSh9oZSNgI?si=pTK6_lJwx-wT7lRG
