.

.
Showing posts with label Air Lanka. Show all posts
Showing posts with label Air Lanka. Show all posts

Jan 3, 2023

සුදු අලින්ට බොනස් ගෙවනා පිස්සු පාලකයෝ..

 


සුදු අලින්ට බොනස් ගෙවනා

පිස්සු පාලකයෝ

➖➖➖➖➖➖


මේ රට බංකොලොත් බව ප්‍රකාෂ කළේ මහ බැංකුවේ මහ එකාය. ඒ ඉන්දියාවෙන් බිලියන 4 ක ක්‍රෙඩිට් ලයින් එකක් ලැබී තීබියදී හා ඉන්දියානූ ආයෝජකයෝ ලංකාව ගොඩ දැමීමට ඉදිරිපත් වී තිබියදීය.


රට බංකොලොත් වීමට ප්‍රධානම හේතුව පාඩු ලබන රජයේ ආයතන තුල ඉන්නා මෙලෝ රහක් නැති සේවක පිරිසගේ පඩි නඩි හා දීමනා ගෙවමින් ඒවා නඩත්තු කිරීම බවත් ඔප්පු වී අවසානය.


IMF එක පවා ඊට පිලියමක් යොදන්නැයි කියා උපදෙස් දී තිබියදි, ඊට කිසිම පිලියමක් නොයොදා, තව දුරටත් මේ මූසලයින්ට ආතල් දීමට මහන්සියෙන් හරි හම්බකරගෙන කන ජනතාවට කන පැලෙන්බ බදු ගසා අවසානය.


මේ රටේ ජනතාවට ප්‍රීතී වීමට ඇති එකම දෙය වන මත්පැන් වලටත් කන පැලෙන්න බදු ගසා අවසානය.


විදුලි බල මණ්ඩලයේ උන් හොරා කෑ නිසා පසුගිය වර්ෂවල වූ පාඩුව ගෙවන්නට වෙලා තියෙන්නේත් ජනතාවටය. ජනතාවගේ ආදරය දිනාගෙන උන් ඇමතිවරයාද, විදුලි මාෆියාව විසින් තමන්ගේ ගොඳුරක් කරගෙන ඇති බව ඉතා පැහැදිලිය.


තත්වය එසේ තිබියදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හා තෙල් සංස්ථාවට බෝනස් ගෙවන්නටත් මුදල් දී ඇත්තේ මහා භාන්ඩාගාරයෙනි. 


මහා භාන්ඩාගාරය අයත් වන්නේ මුදල් අමාත්‍යාංශයටය. අප දන්නා පරිදි මුදල් ඇමතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාය.


තෙල් සංස්ථාවේ උන්ට මාස දෙකක බෝනස් ගෙවා ඇත. දැන් ඒවායේ සභාපතිවරුන්ගෙන් ඊට නිදහසට කරුණු විමසා ඇතැයි වාර්ථා වේ.


ඒ අනුව අපට පෙනෙන්නේ ආයතන දෙකේම සභාපතිවරුන් මේ මුදල් ඉල්ලාගෙන ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරයාට හා ඇමතිවරයාට අමු බේගලයක් ඇද බාලා බවය. 


මොකෝ එහෙම දැණුවත්ව මේ දේ වුනා නම්, මෙහෙම නිදහසට කරුණු විමසන්න විදියක් ඇත්තේ නැතිය...


එමෙන්ම පෙනෙනා අනික් කාරනය නම්, මේ අමාත්‍යශ තුනේම ලේකම්වරුන් හා ඇමතිවරුන් තමන්ගේ ආයතන තුල සිඳුවන්නේ කුමක්දැයි කියා නොදන්නා බවත්, දෙන මුදල් වලට සිඳු වන්නේ කුමක්දැයි කියා පසු විපරමක් නොකරනා බවත් පනණමය.


මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමතිවරු දෙදෙනෙකි. ඒ ශෙහාන් සේමසිංහ හා රංජිත් සියඹලාපිටියයි. මොවුන්ද මේවාට වගකිව යුතුය.


ජනතාවගේ බෙල්ල මිරිකමින් සුදු අලි නඩත්තු කරනා මෙවන් නිළධාරීන් හා පාලකයින් සිටිනා රටක් මෙහෙම තියෙනා එකත් ආසියාවේ ආශ්චර්‍යයක් නොව විශ්වයේම ආශ්චර්‍යයක් බව නොලියා සිටිය නොහැකිය.


ඒ වගත් මෙසේය.....

.

May 17, 2016

එයාර් ලංකා පමණක් නොව, සියළු සුදු අලි, ප්‍රතිව්‍යූහගත කළ යුතුය. - Restructuring of Air Lanka


අපි කරපු පාඩුව..., මේන් මෙච්චරයි...
මේ ගොබ්බ ආන්ඩුව කොයි තරම් පීචන්ද කියනවා නම්, ටැලිවොසොන් එකේ යන කුකුළන් කෙටවීමේ වැඩ සටහන් වලදි හොරු අල්ලන්නේ නැත්තේ ඇයි කියලා අහන්නේද, රට විනාශ කල කම්බා හොරුය. උන් එසේ අසන්නේ නිකමට නොවේ. ඒ මගින් කියනා අනෙක් පනිවිඩය නම්, උඹලා අල්ලයි අපේ නැට්ට කියනා පණිවිඩයය. ඒ සියළුම නිළධාරින් මුන් සල්ලි වලට බාලා අහවරය. එජාපයේ හිටපු නීතීපතිවරු හා මහා ප්‍රාඥ්ඥයෝ බාපු උන්ට, නිළධාරි බානා එක නිකං කජු කනවා වගේ ගේම්ය. රට කාපු මහ එකා උන්ගේ මගුල් කන්නත් එනවාය. අන්තීමට උන් ඔක්කෝම එක කුලයේය.