බැසිලොමික්ස් ගැන දුන්
චරිත සහතිකය හා
FUTA හී රෙදි ගැලවීම
➖➖➖➖➖➖➖🔴
දීප්ති කුමාර ගුණරත්න හා Lakshika Rathnayake ITN නාලිකාවේ කරන පත්තරෙන් එහා දේශපාලනයට ආදරය කරන ඕන එකෙක් බලන්න ඕනෙයි කියලා මම හිතනවා.
අද විශේෂ ආරාධිතයා විදියට ආවේ චරිත හේරත්, එහිදි දීප්ති උත්සාහ කරනවා බැසිල් වැඩ්ඩෙක් හෝ දැක්මක් දර්ශනයක් ඇති කෙනෙක් නොවන බව චරිතගෙන් එලියට ගන්න. නමුත් වෙන්නේ වෙන දෙයක්.
චරිත මෙතනදි පැහැදිලි කරනවා උගත් හැම එකාටම විසඳගන්න බැරි වුන සොලියුෂන් එකක් නොතිබුන විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ වැටුප් ප්‍රශ්ණය විසඳුවේ බැසිල් බව. මේකට බැසිල් චරිතගෙ හා ධම්ම දිසානයකගේ අදහස් හා සහාය ගත් බවත් එතනදි කියනවා.
එතනදි තමයි අද ටැක්ස් කැපනවා කියලා පාරට බහින විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ හෙළුව එලියට එන්නේ. සමහර විට සමහරක් ආචාර්‍ය මහාචාර්‍යවරුත් මේක නොදන්නවා ඇති.
මේ වැටුප් වැඩි කිරිල්ලෙදි බේසික් එක වැඩි කරොත් අනෙක් වෘත්තීන්වල වැටුප් තලයන් එක්ක ගැටළුවක් මතු වන නිසා මොවුන්ට අති විශාල වැටුප් වැඩිවීමක් ලැබෙන්නේ පරීක්ෂණ දීමනාවක් ලෙස. එතනදි බැසිල් කියනවා පරීක්ෂණ සමීක්ෂණ වෙනවද කියලා හොයලා බලන එක මගේ වැඩක් නෙමේ, ඒක කැම්පස් වල වැඩක් කියලා.
ඒත් මුන් ඒ කිසිවක් නොකර හැම මාසෙම ලක්ෂ ගානක් පිනටම ගන්නවා..
එතන තවත් කතාවක් එලියට එනවා. එනම් කැම්පස් සඳහා වෙන් කරන මුදල වසර මුලදිම ලබාදීමට කරන යෝජනාව. මේක ඔක්කෝම කැම්පස් ප්‍රතික්ෂේප කරනවා.
ඒ කියන්නේ මුන් පිලිගන්නවා මේවයෙත් ඉන්නේ දූෂිත කම්බා හොරු කියන එක හා ඒ මුදල කළමනාකරණය කර ගැනීමට ඔවුන්‍ට නොහැකි බව.
මෙහෙව් කම්බා හොරු හා වංචනිකයෝ තමයි තමුන් උගත් බුද්ධිමත් පිරිසක්‍ය බදු ගැහුවොත් රට යනවය කියන්නේ... තොපි වගේ උන් මේ රටෙන් චුත වෙන එකම තමා මේ රටට කරන්න පුලුවන් ලොකුම සේවය.
අනික් කාරනේ නම් බැසිල්ගේ පලු අරින උක්තේ සංවිධානේ විමල් හා වාසුගේ රෙදි ගැලවීම ඒ පිලේම ඉන්න චරිත විසින් සිඳු කිරීම..😁
මේ රට ගොඩගන්න පුලුවන් එකම ආර්ථික විසඳුම බැසිලොමික්ස්ම විතරමයි යන්න මාතලන්ගේ මතයයි.
⭕ කැම්පස් යන උන් මේ වැඩ සටහන අනිවාර්‍යයෙන් බලන්න. ඔයාලට මාර ලැජ්ජා හිතෙයි.
.
