.

.
Showing posts with label Athinatha. Show all posts
Showing posts with label Athinatha. Show all posts

May 10, 2012

පුදුමයි ඒත් ඇත්තයි.... - Beleave it or not



බොගක් දාන මානසිකත්වයක් නැතිව උවද, මෙය ලියා පල කල යුතු නිසාම ලියන්නේය. සමහර සිඳුවීම් පිලිගැනීමට පවා අමාරූ සහගත බව නොකියාම බැරිය. දැන් දේශපාලනේ උනත් එසේමය. මේ කියන්න යන්නේ ඒවා ගැන නෙමේය. අළුතින්ම පටන් ගත් වැඩේ ගැනය. එනම් "අතිනත සිහින සේවය ගැනය".

ඒ වැඩේ පටන් ගත්තේ, අපේ පවුලේ දුප්පත් කෙල්ලෙක් වෙනුවෙන් බව මා කලින්ම කීවේය. එයාට මගුලක් අප සෑම තැනම සෙව්වේය. පුදුමයක් කියන්නේ මේ බ්ලොග් එක පටන් අරන් මාසයක යන්නත් කලියෙන් මගේ ගෙස්ට් කෙනෙක්, ඇයව කරකාර ගන්න කැමති උනේය. මේ ටිකේ ලියන්න බැරි උනේ ඒ නිසාය. කෙසේ හෝ අනුන්ට මගුල් කරන්න පටන් ගත් යහපත් සිතිවිල්ලම, ඇයට පලදුන්නා විය හැකිය. ඇය විවාහ දිවියට එළඹි අතර, තව සති දෙකකින් පමණ ඩෙන්මාර්කය බලා පිටව යනු ඇත.

මෙය පෞද්ගලික දෙයක් වූවද ලියන්නට සිත් වූයේ. ඒ සඳහා බොහෝ දැන්වීම ලද නිසාත්, පළකළ දැන්වීම් සඳහා විමසීම්ද බොහෝ ලද නිසාය. එම දැන්වීම කිසිම මුදලක් අය නොකර ඔවුනට ලැබීමට සලස්වන ලද අතර. මින් පසු ලැබෙන ඒවාද එවීමට පොරොන්දු වෙමි. නමුත් මින් පසු දැන්වීම් පල නොකරන අතර එය වසා දැමීමට තීරණය කළේය. ඒ පිළිබඳව සමාවන ලෙසද ඉල්ලා සිටිමි.

ඒ හුටපටයත්, රැකියාවේ කාර්ය බහුලත්වයත්, මහන්සියේ තරමට ලැබෙන මුදලින් ජීවත් විය නොහැකි නිසාත්, ලිවීමේ මානසිකත්වයක් නැත. මේ දිනවල විදේශ රැකියාවක් සොයා ගැනීමට වෙහෙසෙන අතර,. එසේ සොයාගෙන මානසික තත්වය හොඳ වූ කලෙක නැවත ඔබ හමුවන තෙක් ඔබෙන් සමු ගන්නා මා.

ඔබේ හිතවත් මාතලන්....

Apr 16, 2012

බ්ලොග් ළොව මුල්ම "අනංගයා" - First Sinala "Blog Valentine"


මේ වැඩේ පටන් ගන්න උන්නේ වැලන්ටයින් දවසේ. ඒ උනාට මම බිසි නිසාත්, සහයට කෙනෙක් හොයාගන්න නැති නිසාත් වැඩේ කල් දැම්මා. මම පටන් ගන්න යන එකට වඩා, පහසුකම් සියල්ල පිරි, කපු සර්විස් තිබුනත්. මේ සේවයේ එම පහසුකම් ඇත්තෙම නෑ. චැට් රූම්, වල් පල් දෙඩවීම්, දුරකථන අංක ප්‍රචාරය කිරීම් ඇත්තෙම නෑ. ඒ නිසා මේ සේවය, තම දරුවනට මනාල, මනාලියන් සොයන දෙමව්පියන්ට වඩාත් සුදුසුයි, ඒ කියන්නේ රහස්‍ය බව වැඩියි. අනෙක් කපු සර්විස් වල, හොර බොරු කාරයොත් වැහි වැහල. කෙල්ලො කොල්ලෝ යාළුවෙලා විවාහවෙනවා වගේම. එසේ නොවන පිරිස තවමත් වැඩියි. අපේ රටේ විතරක් නෙමෙයි මේ මැච් මේකර් එහෙම නැත්නම් කපු සර්විස් එක ළොකයේ දියුණු රටවල පවා තියෙන දෙයක්.