.

.
Showing posts with label Temples on mountain. Show all posts
Showing posts with label Temples on mountain. Show all posts

Jun 28, 2023

හෝටල් වෙනුවට පන්සල් ඉල්ලන හතරවරම් අමනයෝ


 හෝටල් වෙනුවට 

පන්සල් ඉල්ලන හතරවරම් අමනයෝ

➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖


කඳු මුදුන් වල පන්සල් පල්ලි ඉල්ලන ඕන එකෙක්  පාට පක්ෂ බේදයකින් තොරව අමන බයියෙක්.  (බයියා සඳහා ඇති අර්ථකථනය කියවා ගන්න).


උන් ගේන තර්කයක් තමා, එහෙනම් සංවේදී පරිසර පද්ධතීන් තුල හෝටල් හා සංනිවේදන කුළුණුත් ඉඳිකිරීමද නවත්තන්න ඕනය කියනෙක. උන්ට අමතක වෙච්චි තව එකක් තමා හයි වෝල්ටේජ් කුළුණු.


මේ හෝටල් හදන වැඩේට විරුද්ධ වෙන උන්ට පෙන්වන්න තියෙන හොඳම උදාහරණය තමයි ජෙෆ්‍රි බාවාගේ විශිෂ්ඨ නිර්මාණයක් වන කණ්ඩලම හෝටලය. 


හෝටලයක් ඉඳිකරන්නේ අනුමත ප්‍රමිතීන් අනුව එකම එක වරයි.. ඉන් එහාට කිසිම අනුමැතියක් ලැබෙන්නේ නෑ. කණ්ඩලම හෝටලය ඉඳිකිරීමට පෙර තිබූ කුඩා අතුරු මාර්ගයක සිට හෝටලයට යන තෙක් මාර්ගයට අද වන තෙක් තාර හෝ කොන්ක්‍රීට් දමා නැහැ. එතකොට අවට මිනිසුන්ට ලැබෙන වක්‍ර හා සෘජු රැකියා ප්‍රමාණය. රජයේ විවිධ ආයතනවලට වාර්ෂිකව හා මාසිකව ලැබෙන විවිධ බදු හා ආදායම්.


අනෙක් ප්‍රධානම කරුණ වන්නේ පරිසර පද්ධතිය නිසි කළමනාකරණයක් තුල අධීක්ෂණය හා නඩත්තු කිරීම. ඒ වගේම හික්මීමක් හා ක්ලාස් එකක් ඇති අයට පමණක් මේවා විවර වීම. මේ පොඩි දරුවෙක්වත් ගහක කොලයකටවත් හානියක් කරන්නේ නෑ. ඒ මිනිස්සු මේ පරිසර පද්දට්ජීන් වලට හදවතින්ම ආදරය කරලා විඳලා යන මිනිස්සු. මේ දේවල් මේවට නොගිය හාල්පරුවන්ට කවදාවත් තේරෙන්නේ නෑ.


එහෙම උන් තමයි වැව ඉවරයි, වැව් තාවුල්ල ඉවරයි, කන්ද ඉවරයි ලන්ද ඉවරයි, ගම විනාශයි, සඟිස්කුරුතිය අවසානයි ගගා නහින්න යන්නේ.


නමුත් පන්සලක් හෝ පූජා භූමියක් ඉඳි කලාම ඔය කිසිවක් සිඳු වන්නේ නෑ. ඕන එකෙක් දන්නවා පන්සල් කියන ඒවා බුද්ධ සාසනේ තියෙන තුරා හදලා ඉවර වෙන්නේ නෑ කියලා...


කිසිවකුට රැකියාවක් ලැබෙන්නේ නෑ. ගමේ හිඟන්නොන්ට තමා ඒකත් රකින්න වෙන්නේ. ඕනම නම් උපාසිකාවෝ කීප දෙනෙක් ගොඩ යයි.


අපි පොඩි කාළේ දුෂ්කර ගමක සුන්දර පන්සල් වගේ තිබුන, රුවන්වැලිසෑය,  කැලණි රජ මහා විහාරය, කොළඹ ගංගාරාමය, බෙල්ලන්විල රජමහා විහාරය, තව දුරටත් සිත නිවන පූජා භූමී නෙමෙයි. ඒ ඔක්කොම සියළු අච්චාරූ පිරි බහුරු කෝළම් මඩු.


ඉස්සර අති සුන්දර පරිසරයක් වෙච්චි දඹුළුගලේ පහළ ප්‍රදේශය ගොඩනැගිලි, පිළිම චෛත්‍ය හදලා විනාශම කරලා දැම්මා...


ඒත් ඒවයේ ඉඳිකිරීම් තව ඉවර නෑ.. තන්හාවේ තෘෂ්නාවේ කෙලවරක් නෑ. ඊට පස්සේ හෙමීට හෙමීට භූමිය ළොකු වෙනවා බෝ ගහ හැර සියළු ගස් නිවන් යනවා. 


පන්සල් කියන්නේ පිරිසිඳුකම රකින්නෙම නැති තැන්. පන්සලක වැසිකිලියකට යනවට වඩා හොඳයි නරකාදියට යන එක. ඒත් ඒකට මැරෙණකන් ඉන්න ඕන නිසා, උපාසක උපාසිකාවෝ රෙන්නේ කැළේ.


ඊට පස්සේ ඕවට වන්දනාවේ එන්නේ මේ හෝටල් හදනවට විරුද්ධ, දම් රැජිණ හයර් එකට අරන් බොංගෝ ගගහා ඇවිත් කහ කුරුල්ලගෙන් ආපු උන්ගෙන් ගේම ඉල්ලන හතරවරම් බයියෝ.


උන්ට කිසි චාරයක් නෑ. හැදියාවක් නෑ.කිසි කෙනෙක් කියන දෙයක් අහන්නේ නෑ. අවවාදයක් දෙන එකාටත් වටවෙලා කෙලින්නේ. අන්තීමට බොංගෝ පැලුනාම, ගෙදර යනකන් ගහන්න කුණු ටික විසිකරලා පන්සලේ ඩස්ට්බින් එක උස්සගෙන යනවා. ඕකුන් තමා පරිසර ත්‍රස්තවාදීන්.


ඒ පාර ඔය කුණු හතර වටේ වපුරන්නේ මේ උපාසක උපාසිකාවොම නිවන් යවන්න පෙට්ටි වල දාගෙන ගෙනත් පන්සලට පූජා කරපු පූසොයි බල්ලොයි. උන් එක්ක සෙට් වෙනවා බොංගෝ බුවාලගේ නෑයෝ වෙච්චි රිලව් ටික.


එහෙම රිලව් සෙට්ටෙකක් තමා ඔය හෝටල් වලට විරුද්ධව බුකියෙත් නටන්නේ.. ඉතින් එහෙව් උන්ට පොල් බයියෝ කියලා කියනවා හැර වෙන කියන්න නමක් කියහන් මයෙ පුතා...


කන්දෙ විහාරේ සීල සුඝන්දේ

පාවී එන්නේ ඝංඨා නාදේ

දෝත පුරෝලා නෙළුම් නෙලාලා

පන්සල් යමුකෝ චූටී නංගියේ...


.