.

.

Aug 24, 2015

පිච්චු නම් කෙලින්න එපා සංඝා - Sanga, Don't be Crazy



ඒ කලේම මම දැනගත්තා ජැන්ටල්මන් කිව්වට පුල් පිස්සු බුවෙක් කියලා.
උඹ ක්‍රිකට් ගහන්න ආපු කාලේ උඹට කිව්වේ, ජරාව දීලා, කළුවව කපලා, ගහන පොරක් කියලා.
හැබයි ඉතින් මොකක්දෝ චෑන්ස් එකකට පට්ට ක්‍රිකටර් කෙන්ක් උනා.
ඒ මදිවට ළෝකෙම පිලිගන්න මහත්තයෙක් උනා.
උඹ ඉස්සෙල්ලම ආවේ කඩුළු රකින්න. 
උඹ කඩුල්ල ඉතරක් නෙමෙයි බං
රටේ නමත් රැක්කා.
ඒත් ඉතින් මම දන්නවා බුවා අප්සට් පොර කියලා.
එහෙම නැහ්නන් අර සුද්දගේ රට ගිහින් කියාවිය.
මම හින්ගලය මම දෙමලය, මම මුස්ලිම්ය, මම බර්ගර්ය, මම බුඩිස්ය, මම ක්‍රිස්මස්ය, මම හින්දුය, මම අල්ලය ...,අයි ඇම් ඒ සිරි ලන්කන්යැ කියලා...
අම්මට සිරි ලංකාවේ එකෙක් නොකියන ගොන් කතාවක් නේ එදා කොලේ..
අනේ මහත්තයෝ කොහේ ගියත් මින් පස්සේ කියනවා...
මම හොඳ උඩරට හින්ගල බොදු ගොවි පොරක්ය කියලා..
පිස්සු යක්කු නම් අර වගේ මඤ්ඤං කතා කියනවා..
ඒවා කියලා කොහොමෙයි මෙහේ හරක්ගේ ආදරේ දිනා ගන්නේ...

අයියෝ සංඝා ඔයාගේ මොළේ කචල්ද,
දැන් ටැස්ට් ගහන එක නැවැත්තුවේ.
පිස්සුනේ කෙලින්නේ... ඕක නවත්තන්න එපා.
සිරිසේන ලොක්කාගෙ පුතා දහම් එක්ක සෙට් වෙන්න ඕන,
කොහොමද එතකොට මහේල සංඝා වගේද...?
"ධම්ම සංඝ"...
ආයේ නෑ පිස්සු පීකුදු..
බොදු බලු සේනා කෑලේ..
එතකොට දේසප්පෙරේමි, විමලෙලා, මහින්දලාට, ඇඩ්ඩසුත්  නැතිවෙනවා.
නියම දේසප්පෙරේමී සුසංයෝගය.
උපාසකම්මලා පුක උඩ දාගෙන වඳීවී.
ගුනදාස අමරසේකරලා නියත විවරන දේවී..
නලීන්ද සිල්වා නාථ දේවාලේ ඩෙඟා ඩාන්ස් එක දාවී...
එහෙම සෙට් වෙලා..., දහම් දානවා කොහොම හරි ටීම් එකට.
ඊට පස්සේ ඌව කැප්ටන් කරනවා.
හරි හරි මාතලන්ට මඤ්ඤං නෑ..
එහෙනම් නාමල්ලා යෝසිතලා රගර් ටීම් එකේ කැප්ටන් උනේ හිටං..
එයිට පස්සේ ඔහේ එනවා ක්‍රිකට් බෝඩ් එකේ සභාපති වෙලා..
හරි හරි මම දන්නවා ඡන්දයක් තියෙනවා කියලා..
ඒකට අවුලක් නෑ..., අතුරු කමිටුවේ සභාපති වෙනවා..
අම්මට හුඩු එතනනේ ගැහිල්ල තියෙන්නේ..
බොරුනම් නිශන්තගෙන් අහපන්කෝ..
එහෙම නැත්නම් අර දන්දෙනිය කියන එකාගෙනුයි, ඩී ඇස් ද සිල්වා කියන එකාගෙනුයි අහපන්කෝ..
උඹට හිතෙයි උඹ මොන ලබ්බද හම්බ කලේ කියලා..
යකෝ හයේ හතරේ ඒවා ගහනවා වගේ නෙමෙයි ඒ ගැහිල්ල..
කෙලින්ම කෝටි ගනන් වලින් ගහන්නේ..
හොර නෑ බොරු නෑ වඤ්ඤා නෑ.. රියැල් ජැන්ට්ල්මන් ගේම් එක..
ඔව් ඔව් ටයි කෝට් දාලා ගහන්නේ..
හමීඩියාස් එකෙන් ඒකත් නිකන්ම දෙයි..
කිසි අවුලක් නෑ..
හත්මුතු පරම්පරාවම ගොඩ..
ක්‍රිකට් ගහන උන්ගේ සල්ලි කිව්වා..
පිස්සුද බං උඹත් ගැහුවේ පඩි නැතිව..
ඒ කියලා අරුන් ගහන එක නැවැත්තුවය..
අඩු ගානේ ලන්ච් එකටවත් ටී එකටවත් නවත්තන්නේ නෑ...
නන් ඉස්ටොප් ගහනවා..

අනික මේ සිරිසේන ගොයියා දෙන ලණු කන්න එපා.
දෙන තරමක් දෙන්නේ අම්බ ලණූ...
බලහන් මහින්දයට දීලා ඒ යකා පච කලා නේ...
උඹටත් දෙන්න යන්නේ ඇම්බැසිඩර්..
එංගලන්තේ ඇම්බැසිඩර්..
අම්මගෙ රෙද්ද..
තියා ගන්න කියහං බං රෝල් කරලා..
අර රෝසා නෝනත් එපා කියපු රෙද්ද..
ඔය හදන්නේ අර ක්‍රිස් නෝනිසාට කෙලියා වගේ, කාව හරි දම්මලා උඹට නෙලන්න..
එයිට පස්සේ කින්ඩිය දාලා කපලා දානවා..
කැරියර් එක රැස්පෙට් එක ඔක්කොම කුඩු..
ආයේ නඩු දාන්න කියලය..
ඕකට ගියා කියලා උඹ කරන මෙළෝ මළහත්තිලව්වක් අපි දන්නවය..
අනික ඔතන බටහිර කුමන්ත්‍රනේකුත් තියෙනවා මයේ හිතේ..
ඒක තමයි උඹ කලින්ම් ගෙන්නලා..., විම්බල්ඩන් වල ටෙනිස් ගහන කෙල්ලන්ගේ බනිස් පෙන්නලා.. සුද්දෝ උඹට පුල් චියර් එකක් දුන්නේ..
ඕවට අහු වෙන්න්න හෙම එපා රජෝ..

ඒ වගේද ක්‍රිකට් ගැහිල්ල..
සභාපති වෙලත් ගැහැව්වැකි නේ..
එතකොට වර්ල්ඩ් රැකෝඩ් එකක් තියන්න පුළුවන්..,
ළෝකයේ ක්‍රිකට් ගහන පළමු සභාපති කියලා...
ලැජ්ජ නැද්ද..
ලැජ්ජ වෙන්නේ අහවල් දේකටද බං..
සම හරක් රිටයර් වෙලත් ආයේ ඇවිත් ගැහුවේ..
උඹට තනියෙන් ගහන්න අවුල්ම නම් මහේලයත් ගනින්..
කස්ටිය සෙට් වෙලා ගහන කොට මාර කික් එකක් තියෙන්නේ..
එයිට පස්සෙ එනවා පොලිටික්ස් වලට..
ජාතික ලැයිස්තුවෙන්..?
ලැජ්ජ නැද්ද බං ඒකෙන් එන්න..
ඒක තියෙන්නේ මේ පුකට පයින් ගහලා දාපු උන්ට එන්න නේ..
එහෙම නෙමෙයි...,
උඹ හෙමීට ඇන්ටර් වෙනවා අලි පාටියට..
මොකෝ ඒක මහත්තුරුන්ගේ එක නේ..
අරකේ ඉන්නේ අමු බයියෝ..
ඒකේ කිසි පැවැත්මක් නෑ ජැන්ස්ටමන්ලටවත්.. ජැන්ස්ටල්මන්ලගේ ගේම ගහන උන්ටවත්..
ඒකනේ සනයි අර්ජුනයි දෙන්නම ඒක දාලා ගියේ..
ඒකේ ඉන්නේ එල්ලේ ගහන උනුයි.. චග්ගුඩු පනින උනුයි බං..
එයිට පස්සේ උඹට ඇමති කම ෂුවර්..
එකම දේ අර ඉස්කෝළේ ක්‍රිකට් ගහපු කාළේ වගේ...,
බෝල් ගාඩ් එක පුක පැත්තට දාගෙන ඉන්න ඕන..
මොකෝ ඕකේ ඉන්න තරමක් ඉන්නේ සමලිංගික අලි..
හැබයි ඉතින් හොද්ද බොරයි..
උඹ බලහන් ක්‍රීඩා ඇමතිකම ගත්තත් මදිද..
එහෙන් කොමිස් ගහනවා..
එයිට පස්සෙ සැකට්‍රිට ගහනවා..
හොඳ ක්‍රීඩිකාවක් උන්නොත්, ඇස් බී වගේ, ඒකටත් ගහනවා..
රජ සැප නේ බං..
මුළු ලංකාවෙම ක්‍රිකට් ග්‍රවුන්ඩ් හදනවා..
ඒ වැඩේ මහේලට දෙනවා..
මහේල තමයි කොන්ට්‍රැක්ටර්..
උඹට ගාන එනවා..
එතකොට දර්ශන් එක්ක කකුළු අමාත්තන්සේ (Ministry of Crabs) කුණු කකුළුවෝන්ගෙන් හම්බ කොරන්න ඕන නෑ..
ඕනම නම්.., මෙහෙමත් කොරන්න පුළුවන්
අර්ජුන් මහෙන්දෙන්ට කියලා ලෝන් එකක් ලංකා බැංකුවෙන් අරගෙන, ට්‍රැසර් බෝන්ඩ් ගන්නේ නැතිව, මුළු ළෝකෙම දානවා කකුළු සාප්පු..
දාල... ඕනම නම් උඹට පුළුවන් නේ කකුළුවෝ වගේ ඇදේට යන්නේ නැතිව, කස්ටමස්ලට කෙලින් යන්න කියලා දෙන්න..
එහෙම කියලා දුන්නට කමක් නෑ..
උඹ එහෙම කෙලින් යනවා නෙමෙයි..
කෙලින් යන එකාට කිසි තැනක් නෑ බං..
යන්නම ඕන ඇදේට..


අනේ ඔය උඹව බදාගෙන ඉඹලා තොලක් දාපූ නෝනා එක්ක උන්න මදෑ බං..
එකම හෝටලෙන් කන කොට කිසි ගතියක් නෑ..
අඩුම ගානේ ළෝකල් කෑල්ලක් එක්ක හරි ආයේ සැට් වෙන්න ඕන..
එතකොට තමයි අර්ජුනලා, සනාලා, ඩිල් ඉස්කූප්ලා වගේ පොරක් වෙන්නේ..
උඹ දැක්ක දවසේ ඉඳලා එන්නෙම ඔය කෑල්ල එක්ක..
යහපත් පවුල් ජීවිත කන්නද බං...
පුල් අවුල් නම් තමයි පොරක් වෙන්නේ..
අනික උඹේ,  ඒ මංගල්ලෙට නාපු, රනිල් ලොක්කයි සිරිසේන ලොක්කයි ගේන්න පුළුවන් අස්සන් කොරන්න..
මහින්ද මහත්තයා ඕවට මාර ලැයික් නිසා, අස්ටක කියවන්න හරි පොරටත් ඉන්වයිට් කොරහන්..
හැබයි ඉතින් ෆොරින් කෑල්ලක් නම් තමා වටින්නේ..
එහෙම නැත්නම් හොලිවුඩ් එකක් උනත් කමක් නෑ..
අඩුම ගානෙ අපේ ජැකලින් නංගාවත්..
හොලිවුඩ් කෑලී වලට සැට් වෙලා, උඹ ඒ කෑලිත් එක්ක පුල් කිට් ගහලා ඩාන්ස් දාන කොට අපිට කොහොමද ආඩම්බර..
රැස්පොට් කන්නද බං..
බඩු කාරයෙක් උනාම මාර සැලකිලි..
ගහන්න පුළුවන් කාළේ අහුවෙන හැම එකටම ගහන්න ඕන..
එතකොට ත්මයි පුල් මාකට්..
මාසෙ ගානේ ඩිවෝස් කේස් යනකොට, ලෝයර්ලටත් හොඳයි පත්තර කාරයන්ටත් හොඳයි..
උනුත් ජීවත් වෙන්න එපාය මචෝ..












ඒක හින්දා ආයේ දෙසරයක් හිතහන්..
දැන් ඉතින් ක්‍රිකට් ගැහිල්ල එපාම වෙලා නම්..
මාතලන් කියපු අනෙක් ගැහිලිවත් ගහන්න බලහන්..
මහත්තුරුකන්, රැස්පොට්කන් කන්නද බං..
පොරක් වෙන්න ට්‍රයි කොරහන්..

මීට,

උඹට බොක්කෙන්ම ආදර,

මාතලන්.

ලංකාවේ බිහිවූ "ශ්‍රේශ්ඨතම ශ්‍රී ලාංකිකයා "වෙනුවෙන් තබනා ලද මාතලන් වර්ගයේ උපහාර සටහනකි..

93 comments:

  1. ha ha ela. හිනා යන්න වුනත් නියමට ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත දකින කොට නිකන්ම හිනා යනවා අජියෝ...

      Delete
  2. "........මහ කොමසාරිස් කම ගන්න කියල හිටං." අහපු හැටියේ මම හිතුවා උඹ මේක කොරයි කියලා...පව් බං සනා.....අර පැත්තෙනේ.....

    ReplyDelete
    Replies
    1. ඕකට සංඝා ඕනය.. ඔය ඩඩ්ලි හරි මොකෙක් හරි දාන්න බැරිය හිටං

      Delete
  3. Copy --> paste---> සංගා... හරි මේල් එඩ්රස් එක හරි නම්,,,,, සංගා මේල් දවසට සැරයක් හරි බලනවනම් එයා කියෝලා පොරක් වෙයි ..ඔව්

    ReplyDelete
    Replies
    1. මාත් දැම්මා... බලමු හැදෙයිද කියාලා....

      Delete
  4. අපොයි දෙයියනේ...ඌ වහ කාලා මැරෙයි!
    මොනවා උනත් ඇත්ත කතාව..

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරි කියන්නේ බොහොම අඩුවෙන්...

      Delete
  5. මෝඩ මොංගල් බූරුවා. තෝ දන්නේ බොන්නයි බඩු ගහන්නයි විතරයි. තෝ ඉන්න විදිහට හිටු සංගා එයාගේ වැඩක් බලාගනියි.

    ReplyDelete
  6. හොඳ මිනිහෙකුට ඔළුව උස්සන් ඉන්න දෙන්නෙ නැති ලංකාවෙ මිනිස්සු අස්සෙන් සංඝා උඩුගං බලාගෙන පීනනවා, කොයි වෙලේ හරි සංඝත් මේ රැල්ලට අහු වෙලා ගහගෙන යයිද මාතේ...?

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන බය ඒකම තමයි...

      Delete
  7. //මාසෙ ගානේ ඩිවෝස් කේස් යනකොට, ලෝයර්ලටත් හොඳයි පත්තර කාරයන්ටත් හොඳයි..//

    කෝ මේ නලියයි ප්‍රා යි :D

    ReplyDelete
    Replies
    1. මේ කියෝගන යනවා බං තාම.

      Delete
    2. "කෝ මේ නලියයි ප්‍රා යි :D"

      ඇයි උන් දෙන්න ඩිවෝස් වෙන්නද යන්නේ ?

      Delete
    3. උයන්න ඉගනගන්න ඕනෙ කියලත් ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදි සංඝ කිව්ව.
      හලාවත පැත්තෙ ආවනම් ඉගනගන්න තිබුන උයන්න, ශොපින්න් බෑග් උස්සන් යන්න, කුඩේ ඉහලන්න, ගුටි කන්න, බැනුම් අහන්න ෆුල් රේන්ජ් එක.
      ඩිවෝස් වුනොත් මැරුම් කන්න වුනත්

      Delete
    4. ඔය් ඉන්නේ දෙන්නම... උයන්න නම් ඉතින් චෙෆාකිගෙන් ඉගෙන ගන්න බැරිය..

      Delete
  8. හෙට උදෙන්ම අහස් යාත්‍රාවක නැගලා නිව්ගිනියාවට හරි පලයන් සංගා!
    මේ ජරා දේශපාලනේට නම් අහු වෙන්ඩ එපා!
    මේ රටේවත් ඉන්ඩ එපා!

    ReplyDelete
    Replies
    1. සංඝට ජාත්‍යන්තරේ නොම්මර එකේ ප්ලේස් එකක් තියෙනවා. ඒ මනුස්සයා ඒක දන්නවා මයෙ හිතේ...

      Delete
  9. මාතාගේ මං දැක්ක හොඳම පෝස්ට් එකක්. ලංකාවක්ම ගරු කරන චරිතයක් වැනසෙන්න යන තැනකින් ගොඩ දාන්න හැකි වියමනක්. ඇත්තටම මාතා උඹ ඉතාමත්ම නිවැරදිව සටහන සමබරව වදින තැන් හැම තැනකටම වදින්න උපහාස රසය අඩුවක් නැතිව ලියලා තියනවා. මේක සංගා කියෙව්වනං තමා ඉතාමත්ම වටින්නේ. ලින්ක් එක සංගට ට්විට් කරනවා මාත් මේ දැන්.

    ReplyDelete
  10. අගය කල යුතු ලියැවීමක් .... සුබ පැතුම්!!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ටැන්කූ වෙන්නෝන...

      Delete
  11. වදින්න ඕන හැම තැනකටම වැදිලා.. කියෙව්වත් සංගා ට උනත් හරියටම තේරුම් ගන්න පුළුවන්. විදිහට තියනවනේ... මොනවා උනත් කොල්ලා මොනවා කරගනිද බන් අය්යේ.....

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නෑ සංඝා ගොන් වැඩක් කොරාවිය කියලා...

      Delete
  12. අනේද කියන්නේ හිටන්

    ReplyDelete
    Replies
    1. කාටෙයි කියන්නේ හිටං

      Delete
  13. මටත් ඕකම හිතුනා.. සංගා ඔය කිසි දේකට සම්බන්ඳ නොවී ඉන්න තරමට හොදයි.. අපි එහෙම හිතමු.. ඉන්දියාවේ හෙඩ් කෝච් උනත් කමක් නෑ, දේශපාලනේ නොකර.. අනිත් හැමොටම වැඩිය උගත්කම හරි තියෙන මනුස්සයා හන්දා මොළේ කල්පනා කරලා තීරණයක් ගණිවි..

    ReplyDelete
    Replies
    1. තානාපතිකම කියන්නෙ දේශපාලන පෝස්ට් එකක් නෙවෙයි නේද... එංගලන්තෙ, කැනඩාවෙ දැං තියෙන තත්වෙ හැටියට සංගා වගේ සිංහල දෙමල කියල වෙනසක් නැතුව හැමෝම ආදරේ කරන කෙනෙක් ඉන්නව නං හොඳයි කියල මට නං හිතුනෙ... අනිත් එක සංගට ඔය ඕනෙ එකක් මැනේජ් කරන්න පුළුවන් මොළයක් තියෙන හින්ද... අනිත් එක ජනාධිපති නිකං කතා කරල අහන්නෙ නෑ නේ මෙහෙම එකකට එනවද කියල... කලින් කතාබහ කරල තීරණ අරන් පස්සෙනෙ එළිපිට ආරාධනා කරන්නෙ....

      Delete
    2. Kaushi Ariyabandu,

      // තානාපතිකම කියන්නෙ දේශපාලන පෝස්ට් එකක් නෙවෙයි නේද//
      එහෙම නෙමෙයි නමයි නමුත් අපේ රටේ කාලකන්නි දෙසපලන්යයන් පත්කරල තියෙන්නේ දේශපාලන පෝස්ට් එකක් තමයි.
      නමුත් අපි තේරුම් ගතයුත්තේ වැදගත් පුද්ගලයන් මේ තැන් වලට පත් කිරීමෙන් පමණයි මෙය වෙනස් කල හැක්කේ, එහෙම නැතුව
      දේසපාලන කාලකන්නි පත් කිරීමෙන් නෙමෙයි.

      මාත,

      උබ පැය 24 ම දුෂිත දෙසලපන්යයනට බනිනවා මේවගේ වැදගත් මිනිස්සු තමයි මෙවැනි ස්ථාන වල සිටිය යුත්තේ, බ්‍රිතාන්‍ය අද ලෝකයේ
      බලවත් රටක් නොවෙමින් ගියත් ලෝකය තවමත් ඔවුන් දෙස බලා සිටිනවා,
      අප රටේ ඇති ප්‍රශ්නය නම් අපි පිළිබද ලෝකයේ ඇති මතය, අපි නීතියට ගරු නොකරන ඉතා පසුගාමී රටක් ලෙසයි, මෙය තේරුම් ගැනීමට
      ලාංකික විදෙස ගමන් බලපත්‍රයට ලෝකයේ ඇති තැන දන්නා අය උබට කියල දෙයි.

      තානාපති සේවය මෙහෙම අවුල් කලේ මහින්ද ලොක්ක නෙමෙයි, ජේ ආර් ලොක්කගේ කාලයේ, හමීඩ් මහතාගේ වැඩ ගැන ඔබ දන්නවා ඇති.
      දැන් අප කලයුත්තේ කෙසේ හෝ අප රට පිළිබද සුබවාදී පණිවිඩයක් ලොවට ගෙනයාමයි, මෙය කිරීමට කාලකන්නි රැලක් විදෙස් සේවයට යැවීම
      නොකර මෙවැනි මහත්වරුන් යැවීමයි.

      සංග මෙය බාර ගනීද නැද්ද යන්න නොදන්නා නමුත් රටට ආදරේ ඇති මිනිසුන් මෙය බාරගැනීම අගය කරනු ඇති.

      Delete
    3. @ තුන් දෙනාටම

      තානාපතිකම කියන්නේ අම්මට සිරි ලංකාවෙදි දේශපාලන පත්වීමක්. වෙනත් රටවල් වල නම් ඒකට පත් කරන්නේ විදේශ සේවයේ යෙදෙන අය. ඒක බාරගන්නවා කියන්නේ සංඝා දේශපාලනයට අත් පොත් තියනවා කියන එක. නමුත් ක්‍රිකට් වලින් එයාට ඊට වඩා දිගු ගමනක් තියෙනවා. මෙහේ නෙමෙයි ජාත්‍යන්තරයේ.

      Delete
  14. මේ තනතුර "දේශපාලන" තනතුරක් නොවෙයි.
    පස්සෙ දේශපාලකයින්, විශේශයෙන්ම රාජපක්ශල මේක දේශපාලනීකරණය කලාට.
    ඒ තනතුරට, සංගා වගේ "තාමත්" දේශපාලනීයකරනය නොවූ බුද්ධිමත් චරිත එනවානම් හොදයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්......මමත් සිතුව එසේ.....

      Delete
    2. අම්මට හුඩු ඇල්බයියා. කොහෙද වහං වෙලා ඉන්නේ . එදා රිලැක්ස් එකේදී හම්බවුනාට පස්සේ දැක්කෙත් නෑ. :P

      Delete
    3. ආවට කරන්න වෙන්නේ කාලකන්නි දේශපාලුවන්ට ඕන විදියට නේ...

      Delete
  15. මේක කියවලා නිදා ගන්න ගියා. ටික වෙලාවකින් සංගා ක්‍රිකට් බෝඩ් සභාපති උනා නිතරඟයෙන්. ඌ ආපු ගමන් යාළුවට උදව්වක් කරන්න කියලා මහේලව දාපි ටීම් එකේ මැනේජර් කරලා. ඔස්ට්‍රේලියාවෙ කට්ටියයි එංගලන්තෙ බාමි ආමි එකයි ලිප්ටන් වටරවුමේ විරුද්ධතාවක් පටන් ගත්තා. මට මතක් උනේ මෙඩිකල් කොලේජ් යන උන් අනික් මෙඩිකල් කොලේජ් වහන්න කියලා දුප්පත් කට්ටිය වෙනුවෙන් කියලා වතුර පාර බැටන් පොලු පාර කාගෙන පෙළපාලි යන එක වගේ නේද කියලා. කොහොමහරි ලංකාවේ ක්‍රිකට් අර එයා බස් 380 වගේ ඉහලටම ගිහිල්ලා බ්‍රහස්පති ග්‍රහයගේ ටීම් එකත් එක්ක ෆයිනල් ආවා. එතකොට තමයි මට තේරුණේ මොකක් හරි අප්සෙට් කියලා. පුටුවෙන් නැගිටලා බලන්න හිතනකොට මම ඇඳෙන් බිම.

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ මටත් පේන්නේ ඔය වගේම හීන මචෝ...

      Delete
  16. සංගා .....
    ඉරිසියා හිතෙනවා ඇති
    ජනතාව වෙනුවෙන්ම ඉන්න
    දේශපාලුවන්ට

    ReplyDelete
    Replies
    1. දේසපාලුවෝ සංඝා ළඟ බල්ලො මාක්...

      Delete
  17. ඔක්කොටම වැඩිය හොඳයි අවුරුද්දක් දෙකක් නිවී සැනසිල්ලේ තමන්ගේ පවුලේ අයත් එක්ක ජීවත්වීම. මම හිතන්නේ සංගා කිව්වෙත් ඒ ටික තමා. ඊට පස්සේ හෙමිහිට හිතලා බලලා සුදුසු පියවරක් ගනේමයි හොඳ.

    ReplyDelete
  18. ඇත්තමයි සංගට හැමෝම ආදරෙයි මාතා අයියේ

    ReplyDelete
  19. උඹ එදා ඉඳං මේ වගේ ජනතා වීරයින්ට කියපු දේවල්වල යටි අර්ථය තේරුම්ගත්තානම් උන් තාම වීරයෝ.

    ReplyDelete
    Replies
    1. කිව්වා නාහන එක නේ මචෝ කරුමේ...

      Delete
  20. කාලෙකට පස්සෙ නියම මාතලන් ස්ටයිල් එක.

    ReplyDelete
    Replies
    1. කාලේකට පස්සේ ආයෙත් ඩබල් කොමෙන්ට් එකක්...

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. වචන වලට එපිටින් හිතුවම සංගා ගැන ලියපු හොදම එකක්..

    ReplyDelete
    Replies
    1. http://newscurry.co/hugh-grant-selected-to-replace-sangas-accent-in-the-national-team/

      Delete
    2. තැන්ක්ස් ප්‍රා.. ඔය කරිය ලියන්නෙත් මේ මාතලන් කරියද දන්නෑනේ.. හැක්. එළ..

      Delete
    3. ඒක ලියන්නෙ අපේ නෑ කෙන්ක්ද කොහෙද මචෝ...

      Delete
  23. කිරි ලාබයි ....කිරි ලාබයි ....ඇඟට ගුණයි............ට්‍රයිෂෝ ලාබයි...ට්‍රයිෂෝ ලාබයි...,,මොබයිල් ෆෝන් ලාබයි.....මොබයිල් ෆෝන් ලාබයි.....කොන්ඩ කටු , හැට්ට කටු සැරී කටු ලාබයි... ජංගි තියෙනවා ... උක්කුන්ට තොප්පි තියෙනවා .....

    ReplyDelete
  24. මචං මාතා...................

    //එකම දේ අර ඉස්කෝළේ ක්‍රිකට් ගහපු කාළේ වගේ...,
    බෝල් ගාඩ් එක පුක පැත්තට දාගෙන ඉන්න ඕන..
    මොකෝ ඕකේ ඉන්න තරමක් ඉන්නේ සමලිංගික අලි..//

    මචං පට්ටම පට්ට.......... මෙන්න බොක්කෙන් හිතේ අැති දේ ලියන පෝස්ට්..... අපේ සුභ පැතුම් උඹටයි සංඝාටයි දෙන්නට ම ......

    ReplyDelete
    Replies
    1. මක්ක කොලත් කොල්ලෙක්ගේ පතිවත නැති උනොත් වැඩක් තියේය බං

      Delete
  25. සංඝක්කාරගෙ අපි අගයකලේ ක්‍රීඩාව , බුද්ධිය , කතා කිරීමේ හැකියාව හා පෞරුෂත්වය.

    දැන් ක්‍රීඩාවෙන් සමුගෙන නිසා ව්‍යාපාර, දේශපාලනය, රාජ්‍යතාන්ත්‍රික වැඩ, රඟපෑම, සින්දු කීම, තබ්ලා ගැහීම, ජාඩි දැමීම, කකුලුවො ඇල්ලීම, බ්ලොග් ලිවීම හෝ කැමති ඕනෙ මලදානයක් කලහම මොකද.
    අපි ක්‍රීඩකයෙක් විදිහට අගය කලා, ඉන් පසුව කරන දේත් හොඳට කලොත් අගය කරනව එහෙම නැත්නම් හෙලා දකිනව. එයින් ඔහු ක්‍රීඩාකල විදිහ අගය කිරීම අඩුවෙන්නෙ නෑනෙ.

    මට තේරෙන්නෙ නෑ අපි ක්‍රීඩකයො නළුවො ආදීන් වීරයො වීරයො කිය කියා ඉඳල ඔවුන් පස්සෙ ඔවුන් කැමති අපි අකමැති දේවල් කලහම ඔවුන් විනාශවෙනවයි කියන එක. ඔවුන්ගේ ක්‍රීඩා හෝ කලා හැකියාව විනාශ නොවේ නම් වෙන මොනවත් අපිට මොකද?

    සංඝක්කාර සම්පූර්ණ ක්‍රිකටර් කෙනෙක් .පිති කරණය, කඩුලු රැකීම, ස්ලෙජින් වලින් ප්‍රතිවාදීන් අප්සෙට් කිරීම, මාධ්‍ය හමුවේ කතා කිරීම ආදී සියලු අංගයන්ගෙන්. අපිව එන්ටර්ටේන් කලා, අපි ඔහුව අගය කලා. දැන් ඔහු ජාතික මට්ටමේ ක්‍රිකටර් කෙනෙක් නෙමෙයි. ඔහු දැන් තමන්ට කැමති දෙයක් අපි කැමති විදිහට හෝ අකමැති විදිහට කරයි. ඔහු දක්ෂයෙක් නිසා මොනව හරි ලොකු දෙයක් (දේශපාලනයෙන් හෝ රාජතාන්ත්‍රිකයෙක් ලෙස හෝ ක්‍රිකට් පරිපාලනය/ විස්තර විචාරය හෝ වෙනත් දෙයකින්) කරනවනම් හොඳයි.

    ජයසූරිය 96 දි ගහපු ගැහිල්ල ගැන මගේ අගය කිරීම ඔහුගේ දේශපාලනය හෝ අන් දේවල් නිසා කිසිම අඩුවක් වී නැත. ඒ මං කැමති, අගය කරන ක්‍රීඩකයින්, නලුවන් හා වෙනත් වෘත්තිකයින් ඇතත්(බ්ලොග් ලියන්නන්ද ඇත ) මට වීරයන් නැති නිසා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. හුටා .... මම හිතාගෙන හිටියේ මනි බදු පෙට්ටිය ඔලුවේ තියාගෙන පාරවල් ගානේ ඇවිද්ද තොරොම්බල් කාරයෙක් කියලයි

      Delete
    2. මෙහෙමයි මචෝ... මටත් වීරයෝ නෑ.. මොකෝ වීරයා කියන්නෙත් සාපේක්ෂ දෙයක් නේ.. මගේ වීරයා තව එකෙකුට හාල්පාරුවෙක් වෙන්න පුළුවන්.. සංඝා කැමති දේ ඌ කරයි.. විය යුත්තෙත් ඒකමයි..

      ඒත් මම ආසයි සංගට දිගටම ලව් කරන්න.. හේට් කරන පොරක් නොවී...

      Delete
  26. මාතලන්...දක්ෂයා!

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්කෝතුයි... බලගෙන මචෝ මාතලන් පිපිරෙයි...

      Delete
    2. ආ... පෝස්ට් එකක් වෙන්කළ එක අහක ගිහින් නෑ.. මනෝරම ගෙ බ්ලොග් එකක් ගැන තාම දන්නෙ නෑ.. තියෙනවාද? මොකක්ද?
      ජයවේවා..!!

      Delete
  27. ක්‍රිකට් ගහපු සංගක්කාර හොඳයි.. එතනින් එහාට ගියාම සංගක්කාර මොන වගේ වෙයිද කියන්න මටනම් කල් වැඩියි. දාන්න විදියට මොලයක් තියෙන එකෙක්නෙ.. හොඳ විදියක් තොර ගනියි. සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ නෑ කක්කා ගොඩට පනියි කියලා...

      Delete
  28. /එතකොට තමයි අර්ජුනලා, සනාලා, ඩිල් ඉස්කූප්ලා වගේ පොරක් වෙන්නේ../
    එතකොට අරජුනට සමදරා හැර තවත් ඒවා තිබේද???

    සංගා තානාපති උනත් වැඩේ ගානට මැනේජ් කර ගනී, මස් පුම්බපු මැටි මෝල්ලු අත නොදානකං...

    ඔරජිනල් මාතලං ස්ටයිල්..


    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි ප්‍රශ්ණේ... ගත්තට කමක් නෑ... ඌට ඕන විදියට කරන්න පුළුවන් නම්.. ඒත් නොවෙන්නෙත් ඒක...

      Delete
  29. පූජාසනයේ ඔබ හිඳුවා - ඔබට පුදන ‍මේ ලෝකයමයි හෙට...
    ඔබට එරෙහි වී නැගිටින්නේ - පූජාසනයේ ඔබ හිඳුවා...

    ඉසුරින් කිත් යසසින් බබළන දා - ඔබගේ බැණූමත් ගීයක් වේ...
    ඉසුරින් කිත් යසසින් පිරිහුනදා - සිනාසුනත් එය වරදක් වේ...

    කිරියෙන් පැණියෙන් උතුරා යන කල - ලොව ඔබ පාමුල හඬා වැටේ...
    අතමිට හිඟවී බෙලෙසුන් වන කල - ලොව ඔබ හිස මත කඩා වැටේ...

    ගායනය - නන්දා මාලනී
    සංගීතය - එච් එම් ජයවර්ධන.
    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.

    ReplyDelete
    Replies
    1. මේ සැරෙත් සුපුරුදු පරිදි ගැලපෙන්ම සින්දුවා දාලා.. එළ මචෝ...

      Delete
  30. ඔය මහ කොරමානිස් වැඩේ කොරන්න සුදුස්සෙක් මේ සිරිලකේ ඇත්තෙම නැත්තම් ඔන්න ඕක බාර ගනිං මචෝ !

    ReplyDelete
    Replies
    1. අපෝ ඔය පුක බිම ඇනගත්තු උන් ඉන්නේ ඕන තරම්..

      Delete
  31. පෝස්ටුව මරුය...

    තව කාලයක් ගිහින් තීරණයක් ගන්න හිටියොත් සන්ගටත් හුප්පේ තමයි. ඌ අවුරුදු දෙකක් ගෙදර උන් එක්ක ඉඳල එද්දී පෙරහැරවල් ඔක්කොම ගිහින් තියෙයි. ඒ කාලේ වෙද්දී "සංගා කියන්නේ කවුද" කියල අහන උනුත් ඉඳීවි.
    මට හිතෙන්නේ මේ ආපහු ඔෆර් එක ගන්න එකේ වරදක් නැහැ කියලා. ඇත්තටම ගත්තොත් තානාපති පට්ටම කියන්නේ දේශපාලන පත් වීමක් නෙමෙයිනේ.
    දේශපාලන ඇඟිලි ගැසීම් එනවනම් දමල ගහල එන එකනේ තියෙන්නේ.

    එකම අවුලකට කියල තියෙන්නේ රෝසි වගේ කෙනෙක් දමල ගහපු පට්ටම සංගා බාර ගන්න එක අපේ මිනිස්සු මොන විදිහට දකියිද කියන එකයි...

    ReplyDelete
    Replies
    1. සරත් ෆොන්සේකට නම් ගටක් තිබුනා, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේඛම් කර ප්‍රතික්ෂේප කරන්න.. මම නම් හිතන්නේ මේක සංඝට කරපු නිග්‍රහයක්...

      Delete
  32. අන්න නානසාර ලොක්කා සංගට බැනල ප්‍රසිද්ධියේ බිරිඳත් එක්ක අනාචාරයේ හැසිරුනා කියලා. අම්මෝ බය හිතෙනවා....
    මේක හැබැයි fake එකවුන් එක්කද දන්නේ නැහැ.

    https://www.facebook.com/BJPSL?fref=ts
    http://www.gossipclanka.com/post.php?ps=8313

    ReplyDelete
    Replies
    1. එයාට අවුල තියෙන්නේ පොරසිද්දියේ මේක කරපු එක... ආවස ගෙවල් වල අම්මට හැමිනුනත් එයාලට අවුලක් නෑ... දත් නැති නයි...

      Delete
  33. ඉටිකිරිස් මාතලං ඉට්ටයිල්.....පික්ශු බම්ප් වෙනව ඕයි...!!!!!!

    ඔය මහකොමසාරිස් ලබ්බ එක එකාට පංගනාත්තු නොකර අර අසාදාරෙනේට ලක් උන නෝනිසාටම දීල දැම්මනං හෙන ගහයිද. අඩු ගානෙ ඌට සාදාරනයක් ඉශ්ට වෙනව..ඌව දැන් ඔක්කොමට අමතකයි... අපේ ස්‍රේස්ට ජාතික ලක්සොනේ... අතමක වීම.

    ReplyDelete
    Replies
    1. මම නම් කියන්නේ ඕක ඔච්චර වටිනා එකක් නම් මහින්දට දුන්නා නම් හොඳා කියලයි...

      Delete
  34. සැබෑ ක්‍රීඩකයෙක් සෑබෑම මහත්මයෙක්...

    ReplyDelete
  35. පණිවුඩය ඒ ලෙසටම ලැබී ඇත.
    සංගා තනතුර කාරුණිකව ප්‍රතික්ශේප කර ඇත.

    ReplyDelete
    Replies
    1. විය යුත්තේ එයමැයි....

      Delete
  36. කොරන වැඩේ හරියට කොරපං...
    ('සංගා' කියන වචනේ තේරුම ගස්ලබ්බට පෙනෙන විදිහ.)
    ඒ නිසා නිසි අධ්‍යනයකින් තොරව පච වෙන්න යන්නෙ නෑ බුවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඌ ඒක එපා කියලා...

      Delete
  37. මාත, මේ උඹේ මම අර "තිස්ස තිස්ස පෝයට මොකෑ කරන්නෙ" කියන පෝස්ට් එකෙන් පස්සෙ කැමතිම පෝස්ට් එක. මේ ගැන මීට වඩා මම මුකුත් කියන්න ඕන වෙන්නෙ නෑ. ඉතුරු ටික උඹ දන්නව. චියර්ස්..!

    ReplyDelete
    Replies
    1. Ayi thota dan werida sinhayo....
      Narakada poddak muth ekka tapalunoth... 😁

      Delete
    2. කාළෙකින් හරි එහෙම දෙයක් ලියවිච්ච එකත් ළොකු දෙයක් නේ මචෝ...

      ඉස්කෝතුයි කිව්වා

      Delete
  38. තානාපති කෙනෙක් කියන්නේ රටක් නියෝජනය කරන පුද්ගලයෙක්.එවැනි තනතුරක් දරන්න සංගා අනිවාර්ය සුදුස්සෙක්.එකේ තර්කයක් නැහැ.හැබැයි කවුරු කොහොම කිව්වත් මෛත්‍රි සංගාට මේ දෙන්නේ "දේශපාලන තනතුරක්" මරාටත් තිබ්බ එක චොදනාවක් තානාපතිවරු විදියට විදේශ සේවයෙන් පිට අය පත් කෙරුවා කියන එක.දැන් සංගාව මේ තනතුරට යෝජනා කිරීමත් "යහපාලනයට"ගැලපෙන්නක් නොවේ. සංගාට ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් කරන්න තව ගොඩක් දේවල් තියෙනවා.අපි එව්වා ගැන සංගාගෙන් බලාපොරොත්තු වෙමු.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ සංඝට ඔය වගේ පීචං ජොබ් එකක් කිරීමේ අවශ්‍යතාවයක් නෑ..

      Delete
  39. This comment has been removed by the author.

    ReplyDelete
  40. එංගලන්තය කියන්නේ ඔච්චර චාටර් රටක්ද , රෝසිත් බෑ කිව්වා ...

    මම අද මෙන්න මේ ලිපිය කියෙව්වා .

    http://indianexpress.com/article/sports/cricket/did-kumar-sangakkara-achieve-his-true-potential-i-dont-believe-so-kshema-sangakkara/#sthash.iq1lTnvm.gbpl&st_refDomain=www.facebook.com&st_refQuery=/

    සංගා ගැන මට වෙන විදියකට හිතුනා ... අවුරුදු ගානකට කලින් බැට් එකක් කර තියන් ප්‍රැක්ටිස් ගිය නුවර පැත්තේ කොල්ලෙක් ගැන හීන් දුකක් ඇති උනා

    ReplyDelete
    Replies
    1. මම නම් තාත්තගෙ කතාව පිළිගන්නේ නෑ.. සමහර විට හීන් ඉරිසියාවකුත් ඇති.. සමහර තාත්තලා එහෙමයි..

      මට නම් සංඝා කියන්නේ ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම ශ්‍රී ලාංකිකයා...

      Delete
  41. මාතලන් ඉට්ටැයිල් එකේම පෝස්ට් එකකි.

    සංගාට ජයවේවා.. මහත්වරුන්ගේ ක්‍රීඩාවට ගෞරවනීට අරුතක් දුන් එකම ශ්‍රී ලාංකිකයා....

    ReplyDelete
  42. මොන ගගුලක්ද මේක... එක නිකම්ම ක්‍රීඩකයෙක් විතරයි. ස්ටීව් වෝ වගේ සමාජ සුබ සාධන වැඩක් පොරක්ද. නිකම් මනි බඩු කාරයෙක් විතරයි ප්‍රොමෝට් කරන්නේ මොකද ?

    ReplyDelete
  43. දැනට අවුරුදු 5 ට විතර කලින්, හච් සමාගම එක්ක තිබුන ගිවිසුම කඩලා මොබිටෙල් වෙළද දැන්වීමකට වැඩි ගානකට පැන්නම, කාටූන් කාරයෝ සාරිය ඇන්දුවෙත් ඔය මහත්මා සංගට ම තමයි. ඒ කාලේ එහෙම චාටර් වැඩ කරපු සංග පහුවෙනකොට නම් බොහොම මහත්මා ගති පෙන්නමින් වැඩ කළා. පරිනත වීමත් එක්ක එයා දේවල් තේරුම් ගන්න ඇති. ඒ නිසයි ඔහු විශ්‍රාම ගියේ වීරයෙක් වගේ. කොහොම වුනත් මට නම් ඕනෙවට වැඩි විශ්වාසයක් නැහැ සංග ගැන වුනත්.

    ReplyDelete
  44. Hayyo sanga.. Hayyo salli.. Menna meheta ewith mole idimunu SL embassy eke ewunta yokar ekak dala wedakata ethi embassy ekak karanta wasanaawa lebeewa kiyala prarthana karanawa hitan.. Ela Mr.Maathala. As usual style:)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න