.

.

Mar 19, 2016

එන්න යන්න නෙළුම් විලේ නෙළුම් නෙලන්න - Nelum Yaya Blog Awards 2016

 
 
දිනය, වරුෂ 2015 මාර්තු 26 වනදාය. සම්මාන උළෙල අවසාන භාහයේ පටන් ගත් මහා වරුෂාව නිසා පාරේ ටැපික් එක හෝ ගාලාය. සම්මාන උළෙල නොව ඕනම මලදානයක් අවසානයේ අනුමත් වීම එකම සිරිතක් කරගත් පිරිසක්, කොට අජියාගේ ඉස්පොට් එක සොය වාහන කට්ටක ගමන් කරමින් සිටි. ඉන් එකෙක් මාතලන්ය. ඌගේ ෆෝන් එකට එන ඇමතුමකි. "අඩෝ අන්න උඹ ටෙලිවිසොන් එකේ පෙන්නුවා...." ඒ මාතලන්ගේ බොක්කකි.. "අඩෝ... මොනාටද බං උඹ වගේ එකෙකුට සම්මාන දෙන්නේ. කරූට පිස්සුද..? ඇත්තටම මොකක්ද බං සීන් එක...?
 
තව ටික මොහොතකින්, තවත් ඇමතුමකි. "ඒයි... අන්න උඹව නයි ටී ඇන් නිව්ස් වල පෙන්නුවා.. මක්කෙයි බං බොග් කියන්නේ? දැන් බොග දානවටත් සම්මාන දෙනවැයි...?" ඒ හඬ ඇහෙන්නේ මාලිගාවත්ත ලී මෝලෙන් නොවේ.. ඊටත් වඩා බොහෝ සද්ද, මාතර නෑ වෙන අක්කා කෙනෙක්ගෙන්ය. පට්ට කෙලියකි. වේලෙන්නත් කලින් පත්තරේ දාලාය. අපි තාම සැලබෙරේට් කොරන්න පටන් අරගෙනත් නැතිය. දැන් මුන්ට මේවා එක්ස්ප්ලේන් කොරන්නත් විදියක් නැතිය. උන්ට කිව්වේ, පස්සෙ කියන්නම් කියලාය.
 
මාතලන් බොග දාන බව මාතලන්ගේ බොක්කේ පොරවල් වත්, අම්මා තාත්තාවත්, නංගි මල්ලිවත්, නෑයෙක්වත්, එතෙක් දැන උන්නේ නැතිය. දැනගෙන උන්නේ හාමිනා ,නැන්දම්මා හා පුතා පමණකි. ඊට පස්සේ, වැඩේ තවත් වන උනේ, ඊළඟ සතියේ, සිව්මංසල කොළු ගැටයා හෙවත් නාලක ගුණවර්ධන ලොක්කා, මේ ගැන පොටෝ එකකුත් එක්ක පත්තරේ විස්තරේ දාලා තිබුන නිසාය. අපේ පවුලේ ගොඩක් උන් "රාවය" කියා පත්තරයක් තියෙනවා කියා දැන ගත්තේත් එදාය. නියම සීන් එක කියන්නේ පත්තරෙ සීන් එක දැකලා තිබුනේත් අපේ පවුලේ රොයිටර් සේවයේ කෙනෙක් නිසා, ගේම නැගලාම ගියේය. අන්තීමට මාතලන්ට උනේ හම්බ වෙච්ච ගානට අතිනුත් දාලා, නෑයන්ටයි යාළුවන්ටයි පාටි දාන්නය.
 
ඔය සම්මාන උළෙලට යන්න එපා කියා මගේ බොග් යාළුවෝ බොහෝ දෙනෙක් කිව්වේය. කොටින්ම උත්සවේ වෙලාවෙත්, ඉඳ හිට බොගක් දාන "වෙනියා" කිව්වේ මාතේ උඹ ඕක ගන්නෙ නැත්නම් හොඳයි කියාය. ඒකට හැමෝම හේතුව ලෙස කිව්වේ එක්ස්පෝස් වෙයි කියලාය. හැංගි හැංගි වෙස් බැන්දාට නටන්න වෙන්නේ එලියේය. ඇනෝ ලෙස ආවත් ඕනා එකෙක් ඉන්න ඉසව්ව ඕන එකෙකුට හොයා ගන්න පුළුවන් මේ කාලයේ ඕකට නොගිහින් ඉන්නා එක මොඩ කමකි. අනික ඊ මේල් මගින් අජියා කරන ගේම දැක්කාම කිසි දිනෙක දැක නොතිබූ නමුත්, ලන්ඩනයේ ඉඳන් ඇවිත් මූ මේ කන කට්ටට අගය කිරීමක ලබා දිය යුතුව ඇත්තේය. මෙතරම් ඇවටිලි කරද්දිත් මාතලන් මේක මග හරින්නේ නම්, එය මාතලන් කරන අමු කුහක වැඩකි. සම්මානයක් ලැබී ඇත. එය ලබා ගත යුතුය. ඒ අවසාන තීරණයයි. 


(Pic by Sudam Gunasinge - Silumina)
මාතලන් කතන්දර ගුරු ජී ගෙන් අසාගෙන බොග දාන්න පටන් ගත්තේ කවි වලට ඇති ආසාව නිසාමය. එහෙත් පැරා කියනවාක් මෙන් කවියට එතරම් ගෝ එකක් සමාජයේ නැත. ඉන් පස්සේ ලිව්වේ අනං මනං වල් පල්ය. ඒ කාලේ උන් "ටැබූ" හා "බියෝන්ඩ් ෆ්‍රේම්" කරපු සමාජ මෙහෙවර, ඔවුන් බ්ලොග් ලොවෙන් සමුගත් හෙතුවෙන්, විශාල රික්තයක් ඇති විය. මාතලන් වැඩියෙන්ම ආසා කරන දේශපාලනය ලියන්න ගත්තේ ඉන් පසුවය. මෙය නැගලාම ගියේය. නෙළුම් යාය සම්මානයටත් වඩා, අදටත් මට වටින්නේ සමාජයේ ඉහළම තලයේ සිට, අපි වගේම සාමාන්‍ය උන්ගෙන් ලැබෙනා ජනතා සම්මානයය. මාතලන් හිතන්නේ ඕනෑම ක්ෂෙශ්ත්‍රයක එකෙක්ට ලබන්න පුළුවන් උපරිම සම්මානයත් එයයි කියාය.
 
කෙසේ වෙතත් අජිත්, චන්දිම විසින් සිඳු කල ඒ අගනා මෙහෙය මාතලන් නම් දකින්නේ එතෙක් මෙතෙක් බොග දාන උන් වෙනුවෙන් කල ඉහළම සේවයයි කියාය. මාතලන් බ්ලොග් වලට මෙන්ම බොග දාන සෑම සියළු දෙනාටම ආදරේය (දෙදෙනෙකු හැර. එකෙක්, පෞද්ගලිකවම මාගේ මැනියන්ට හා හාමිනාට සිඳුකල අපහාස නිසා උගෙත් එක්ක ආයේ පයුරු පාසා නම් ඇත්තේ නැත. අනෙකා ඇගේ අඩවියට පැමිනීමෙන් වලකින ලෙසත්, කොමෙන්ට් කිරීමෙන් වලකින ලෙසත්, බුකියෙන් හා සියළුම සමාජ මාධ්‍ය ජාල තුල ඇති සම්බන්ධ කම් වලින් ඉවත් කරන ලෙසට ආදරයෙන් කරනා ලද ඉල්ලීමට ගරු කිරීමක් වශයෙන් සදහටම ඉවත් කර දමන ලදි.)
 
එසේ ආදරය කලද, බොග දාන උන්ට විශේෂ යමක් කල නොහැකි නිසා කරන්නේ, බොග් අඩවියෙන්ම සම්මානයක් දීම පමණි. එසේ තිබියදි අජිත් හා චන්දිම පටන් ගත් මේ සද් ක්‍රියාවට මින් පසු දිය හැකි උපරිම සහාය ලබා දෙන බවට සිතා ගත්තෙමි. එදා අනුමත වන වෙලේ සියල්ලන් එකතුව ලබා දුන් බොග් සංසදයේ සභාපති කම පසුව මා නිහතමානීව ප්‍රතික්ෂේප කලේ එසේ කිරීමෙන් මගේ ස්වාධිනත්වය නැති වන නිසාමය. එහෙත් කමියා ඒ වගකීම ඉතා ඉහළින් කරමින් සිටීම අප සැමගේම වාසනාවකි. උන් සමාජය වෙනුවෙන් කරනා සද් කාර්යයන් බොහෝය. මාතලන්ට ඒවා කිරීමට කාලයක් ඇත්තේ නැතිය.


අජියා, චන්දිම, කමියා, හා විශාල පිරිසක් මේ සඳහා මෙවරත් පේවී සිටිති. එමෙන්ම හියවර මෙන්ම නම ගම සඳහන් කිරීමට අකමැති ඒ අනේපිඬු සිටානෝ මෙවරද සියළු බරපැන දරමින් සිටිනාතර, අජියා පැවසුවේ බොග දාන දෙන්නෙක් තුන් දෙනෙක්ද මුදල් ආධාර කර ඇති බවකි. මෙවර බොග් සම්මාන උළෙල පළවන එකට වඩා බොහෝ ඉදිරියට ගොසිනි. සංවිධාන කටයුතු වලට සහාය ලබා දෙන පිරිස හැරුණු විට, අනෙක් සියළුම දේ කරනුයේ බොග දානා උන්මය. එය ඉදිරියට තැබූ මහා පියවරකි.
 
නෙළුම් යාය තේම ගීය හා සියළුම සංගිත කටයුතු මනා ප්‍රමුඛ බොග දාන උන්ගෙන්ය. නිවේදන කටයුතු ප්‍රසිද්ධ නිවේදක (ඔව් දැන් එයා මාර ප්‍රසිද්ධයී) ඉවාන් පවුලූෂා හා දිලිනි නිමන්තිකාගෙනි... ඒ ඇර, අම්මට සිරි ලංකාවේ ප්‍රථම වෘත්තියවෙදී බොග දාන්නා වන, අජිත් පැරකුම් ජයසිංහ හා ළෝකය පුරා ප්‍රසිද්ධ බ්ලොග් කරුවකු හා ජනප්‍රිය මාද්දියවේදියකු වන නාලක ගුණවර්ධනයන් සමඟ කෙරෙන බ්ලොග් කතා බහකි. අතරින් පතරින් නටන්නට එන කැතරින්ලාද බොග දානා උන්මය. කාටද ආඩම්බර...

Nelum Ajith
මෙයිටාමතරව අජියාට ලැබෙන රොයිටර් ආරංචි මගින් වාර්ථා වෙන්නේ, දැනටමත් දිවයිනේ හතර දෙසින්ම මෙයිට සහභාගි වන පිරිස බොහෝ නිසා, තේ කෝප්ප හා කේක් ප්‍රමාණයද වැඩි කරන්නට සිඳු වූ බවකි. එමෙන්ම මේ වෙනුවෙන්ම අතින් කයිට් කරගෙන, පිටරට සිට, අජියා මෙන්ම එන කීප දෙනෙක්ද වන බව එහෙන් මෙහෙන් ආරංචි විය. මාතලන්ට ලැබෙන දූෂමාන ආරංචි වලින් නම් පෙනී යන්නේ, බොග දානා විශාල පිරිසකට මෙවර තෑගී මෙන්ම සම්මාන ලැබෙනා බවක්ය. (ඔක්කෝටම දීලා, ලබන අවුරුද්දේ දෙන්න එකෙක් නැති වෙයිද මන්දා..?)

වසරේ බ්ලොග් කරුවා තේරීමට ගොස් කට්ටියම නාගෙන සිටින බවක්ද ඒ සමඟ නිව්ස් වලින් ආවේය. ඒ කියන්නේ පට්ට ලෙස බොග දාන උන් බොහෝමයක් සිටින බවය. ඉතින් බොග දානා උන් හැටියට තවත් ආඩම්බර වෙන්න වෙන දෙයක් ඕනද? මෙතරම් නිදහස් මාධ්‍යක් තවත් කොහි වෙත්ද? මාධ්‍යවේදියෝ කියන්නේ නිදහසක් නැති පිරිසක්ය. ඒහෙත් බ්ලොග් කරුවෝ කියන්නේ ස්වාධීන පුදගලයෝය.

එන්න.. බොග දාන.. කොමෙන්ට් දාන.. මරා ගන්න.. තද උනාම වහලා දාන.. ඒත් කුඩු ගැහුවා වගේ ආයෙත් ලියන... සියළු දෙනාම එන්න. මාර්තු 26 වෙනිදා සවස 2:00 ට ජනමාද්ද  හා ප්‍රවෘත්ති අමාත්තියන්සෙට එන්න... අපි අපේ නිදහස උපරිමයෙන් විඳිමු.... අවසානයේ තේ එකක් බීලා, සැඳෑ අඳුර ළොව ගලෙන වෙලාවට, දෙකක් දාමාගෙන සොමියේ ඉන්නට.... ගල්කිස්සෙ... ගල් අස්සේ... ගල් බෝතලයක් සමඟ බැදපු හුරුල්ලෙක් කාලා.... ආතල් එකක් ගන්න.... නොවරදවාම එන්න... බීච් එකේ නිදාගෙන... උදේට යන්න පුළුවන්....
 
එන්න යන්න නෙළුම් විලේ නෙළුම් නෙලන්න...
නෙළුම් ඔබේ අත මට දෙන්න..
හා.... හා.... හා.... 26 වෙනිදා සවසට ඇවිල්ලා යන්න
අපේ ළොවේ අපි රජ වෙන්න...

සම්මාන සඳහා නිර්දේශිත බොග දානා උන්ගේ නම ගම ආගම ඉපදුන දාතම මෙතනින් බලා ගන්න....
 

120 comments:

  1. ගල්කිස්සේ කේස් මුකුත් මේ හාදයෝ ක්විවේ නෑ නේ.. හැක්..

    කියවන්න ආස හිතෙන ආත්ම කතනයක්.. මාත් හිතුවේ එහෙමයි උඹ එක්ස්පෝස් වෙන්න ඕන නෑ කියලයි. ඒත් අජියා දාන ගේම දැක්කම ඇඩෙනවා බං. දැන්නං අර 3B මලයා තමා මෙහෙට වෙලා ලොකු බරක් අදින්නේ.. පළමු වරට වඩා දෙවැනි වර පියවර කිහිපයක් ඉදිරියට යන්න හැකි වීම ලොකු ජයක් මාතේ... අර කොට දැරිවි හිටිවන කවි කියන එක බොට මතක නැති උනයි..

    ජය වේවා හැමෝටම..

    ReplyDelete
    Replies
    1. කවුරු නාවත් දේශකයා අනිවාරයයෙන් ඕනම දේකට එන නිසා කියන්නෙ නැතිව ඇති... මට කිව්වෙත් නෑ... ඒත් බං බොන්න.. එන්න කියන්න ඕනය....

      Delete
    2. ගෝතලං නිකන් ඌරෙක් වගෙනෙ

      Delete
    3. මම හිතුවේ මෙයා විජය කුමාරතුංග වගේ කෙනෙක් කියලා. බලපුවාම තිස්ස විජේසුරේන්ද්‍රවගේ.

      Delete
    4. මටනම් පෙනුනේ ජයන්ත චන්ද්‍රසිරි වගේ....

      Delete
  2. එල. කට්ටියටම ජයවේවා. අජිය කන කට්ට ගැන මතක් වෙද්දි එන්න ඕනවුනත් එන්න බැරිවීම ගැන සිරාවටම කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේකට කොහොම හරි සහභාගි වෙයන් කියලා තමයි උබගෙන් ඉල්ලන්න තියෙන්නේ.. ඒක අපේ යුතු කමක්...

      Delete
  3. Great!!! I thought you have some clues on whose gonna get what.. No any indications from Ajith so far? :/

    ReplyDelete
    Replies
    1. ඇහුවට කියන්නෙම නෑ නේ බං..... උඹට කිව්වේ නැතෙයි... නම් දහයක් විතර කියනවා... ඉතින් කව්ද දන්නේ මොකාද කියලා....

      Delete
  4. සත් පියුමින් සැදි පොකුණක් බලන්න අපි යනවා
    කවුරුද එන්නේ ..........

    යුගයෙන් යුගයට පියමං කරමින්
    සිහිලැල් රළවැල් සොයමින් කරදියරේ යනවෝ
    තරු ලකුණක් සොයමින් යනවෝ

    කවුරුද එන්නේ..........

    ගායනය – ප්‍රදීපා ධර්මදාස සහ පිරිස
    පද රචනය - කපිල කුමාර කාලිංග
    සංගීතය - සේන වීරසේකර

    ("නෙළුම් පොකුණ" වේදිකා නාට්‍යයෙන්)

    ReplyDelete
    Replies
    1. ඔහෙත් ඔකෙස්ට්‍රා එකේ ඉන්නවැයි කියලා ආරංචියි...

      Delete
    2. (ඔකෙස්ට්‍රා එකේ මම නැතෝ ...)
      "එන්න යන්න නෙළුම් විලේ නෙළුම් නෙලන්න"

      https://www.youtube.com/watch?v=c4-r7HM75js

      Delete
  5. මාතලන් එදා සිළුමිණට සම්මුඛ සාකච්ඡාවක් දීලා තිබුණා නේද? ඒක දැකලා මටත් පණිවිඩ දෙක තුනක් ම ආවා!

    http://www.silumina.lk/2015/04/05/_art.asp?fn=ps1504054

    මෙවර ද උත්සවය ද ඊටත් වඩා ආෆ්ටර් පාටිය ද නැගලා යනු ඇතැයි සිතමි.

    ජයවේවා.

    ReplyDelete
    Replies
    1. සිළුමිණ කුණුහබ්බ වගයක් දාලා තිබුනේ...

      ශුභාරංචි පනිවිඩකරුවෙකුත් එන බව ආරංචි උනා....

      Delete
    2. ඔව් එයාටත් එකක් තියනවා එකයි එන්නේ පොඩි එකාගේ ආසාවනේ ඔස්කාර් දෙන්නෙත් එහෙමනේ
      අනේ වාසනාවන් !

      Delete
  6. එළය...
    ගිය පාර සෙට් වෙන්න බැරි වෙච්ච එකේ මේ පාරවත් සෙට් වෙමු...
    ඒ වගේම මේ වෙනුවෙන් කටු කන හැම එකාටම මගේ ප්‍රණාමය, ඉල්ලගෙන කාලා වැඩ ටිකක් වැඩිවෙලා කෙළවෙලා ඉන්න නිසා එහෙන් මෙහෙන් වචනයක් දෙකක් කියනවා ඇරෙන්න දෙයක් කරන්න බැරි වීම ගැන කමාව ඉල්ලා සිටිනවා...

    ඒ වගේම එදාට වහින්න එපා කියල කන්නලව්වකුත් කරමුද, එක්කෝ ඕනේ නැහැ...
    වැස්සොත් තියෙන චාන්ස් එක තමයි පොලෝසිය අඩුවෙන එක...

    ReplyDelete
    Replies
    1. ගිය සැරෙත් වැස්සා... ඒත් දැන් නම් රාළහාමිලාගෙන් ගැලවුමක් නෑ... යහපාලනේ නේ....

      Delete
    2. සාළහාමිලාගෙන් බේරුනත් සුවර්ණවාහිනියෙන් බේරෙනු බොරු ය..

      Delete
    3. සුවර්නවාහිනියේ අබීත මාද්දියවේදින්ට පැරා දීලා තිබුනා ඉස්ම යන්න....

      Delete
  7. කලින් හරක් මරපු අය පොල්හේන්ගොඩ කැම්ප් එකෙන් ගාඩ් එක ඉල්ලලා. තනියෙන් එන්න කිචි ලු පොට්ටු අම්මගේ සෙට් එක යි තව කහගොල්ලේ කැප්පටිපොළ ගේ සෙට් එකත් එනවලු බුද්ධි බලකාය ටත් කිව්වලුනේ

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා පොරවලුත් එනවාලූ....

      Delete
    2. නෑ..... ඒගොල්ලොත් එනවද එහෙනම් හම්බවෙයි සම්බෝලේ ......

      Delete
  8. ජය ජය...26 වෙනකන් නොයිවසිල්ලෙන්..

    ReplyDelete
    Replies
    1. කලබල වෙන්න නරකයි... කොරොස් කටෙත් අත දාගන්න බැරි වෙනවලු නේ...

      Delete
  9. නෙලුම් යායට මහින්ද ලොක්කා ගෙන්නුවා නම් වාකරේ මල්ලිත් එයි කොළඹ යන්න පිනා චාන්ස් එකක් හම්බුනා කියලා වාසලේ රිලවා වුනත් කමක් නැ කට්ටිය පිරෙන්න බස් දාලා අදියි

    ReplyDelete
    Replies
    1. අම්මපා හරක් ගෙන්නන්න කියාපු වැඩේ... රිලවට කිව්වා නම් කසිප්පුයි පිළුන් බත් පැකට් ටිකකුයි සෙට් කර ගත්තා... පෝලිමේ හරක් ටික දැක්කුවා...

      Delete
  10. නියමයි මේක මාතෙ.

    ReplyDelete
    Replies
    1. මතක ඇතිව කර්තකොලොම්පන් ගෙඩියක් දෙකක් දාගෙන එන්න....

      Delete
  11. ස රාස ඔය දත් ගලෝන අඬු දෙක තුනක් අරන් වරෙන් එදාට අඬු දිග ඒවා යි ඕනේ ...

    ReplyDelete
    Replies
    1. සා රස ලා මක්කටෙයි පොලෝසියෙන් එනවා.... හැබයි ගලවගන්න ඕන දත පෙන්නහන්...

      Delete
    2. අහවලා පොල්හේන්ගොඩ ලයිසන් චන්ඩි ට ඕඩර් ප්ලීස් කරලා මතු ආරක්සාවට

      Delete
  12. // ස රාස ඔය දත් ගලෝන අඬු දෙක තුනක් අරන් වරෙන් එදාට අඬු දිග ඒවා යි ඕනේ .. //

    හා මචන්!
    ඉන්ජැස්සොන් අරන් එන්න එපාද?

    ReplyDelete
    Replies
    1. හිරිවට්ටන ඒවද....? පිස්සු බල්ලන්ට ගහන ඒවද...? අර දෙවනියට කියපු ඒවා නම් මෙතනට වැඩක් නෑ.. ඊළඟ එකාබද්ධ විපස්සේ රැස්සීමට ගෙනියහන්....

      Delete
    2. // පිස්සු බල්ලන්ට ගහන ඒවද...? අර දෙවනියට කියපු ඒවා නම් මෙතනට වැඩක් නෑ.. ඊළඟ එකාබද්ධ විපස්සේ රැස්සීමට ගෙනියහන්.... //

      පිස්සු බල්ලන්ට කවුද ඉන්ජැස්සොන් ගහන්නේ?

      රේබීස් හැදුනු පිස්සු බල්ලො ඉන්ජැස්සොන් ගහලා බේරගන්න බැහැ....

      ඉන්ජස්සොන් ගහන්නේ ගෙදර හදන බල්ලව පිස්සු හැදිච්චි බල්ලෙක් කෑවොත් රේබීස් හැදෙන එක වලක්වන්න නේ...



      ඒකාබද්ද විපක්සේ කස්ටියට ඉන්ජස්සොන් ගහනවානම් ගහන්න වෙන්නේ රේබීස් හැදුනු යූ එන් පී කාරයො හැපුවොතින් පිස්සු නොහැදී බේරෙන්නනේ....

      Delete
    3. පිස්සු බල්ලන්ට ගැහුවම මොකෑ වෙන්නේ බං... උඹලා ඇවිල්ලා වම් කකුල වෙනුවට දකුණු කකුල කපන උන් වෙච්චි....

      Delete
  13. සිහිල් සුළං රැලි පිටිය සිසාරා හමා යද්දී කෙමෙන් කෙමෙන් උණුසුම උද්යෝගය වර්ධනය වන ආකාරය අපට පෙනී යනවා.. ඇත්තවශයෙන්ම ලහි ලහියේ සූදානම් කටයුතු සිදුවන අතර ප්‍රේක්ශකාගාරය උනන්දුවෙන් දෑස් දල්වාගත් රසිකයන්ගෙන් පිරී යමින් පවතිනවා...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සුළං රැල්ල ලෙස හමා එමී
      ඛොහෙන් නමුදු ඔබ සොය ගමී

      Delete
  14. Replies
    1. මදාවියත් ඇදගෙන කොහොම් හරි වර....

      Delete
  15. Replies
    1. එදාට එන්න මෙහේ ඉන්නවා නම්....

      Delete
  16. Enna bari wenawa.....maathayye jayen jayama pathana siyaluma boga daana uththama uththamaawiyanata.....

    ReplyDelete
    Replies
    1. අපරාදේ.... ඩාන්ස් එක මිස් වෙනවා....

      Delete
  17. සිංහල බ්ලොග්කරුවන්ගේ එකතුවට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. අජියලා වෙනුවෙන් ඉස්තූතියි...

      Delete
  18. ළමාතන් මොකැයි බන් මේ පුක ඉරාගෙන නෙලුම් යායට සම හරක් කට්ටියට අරාධනා කරන්නේ මහින්ද ලොක්කා වගේ. බැරිවෙලාවත් සෙනග අඩුවුනොත් ඕකට බැකප් කරන ඇන්.ජි.ඔ. කාරයෝ අප්සෙට් ගහයි කියලද?
    ඔය කොළ කෑල්ලක ලියලා පොටෝ කොපි කරලා එදාට එවෙලෙට ඔතන Clint Eastwood , john Wayne ඇක්ට් කරන පරණ කව්බෝයි සෝ එකක් නිකම් පෙනවන්වා කියලා ඔය කොළඹ ආටා පාක්වල එවුන්ට බෙදලා දහන් උන් පවුල් පිටින් එයි. ඔය ගු/පුරේ ගැස්පහ හන්දියේ ඉන්න නාටාමි සෙට් එකම ඇතිනේ බන් ඕක පුරවන්න.

    ReplyDelete
    Replies
    1. අපි බැසිල් රාජපක්ෂට දීලා තියෙන්නේ ඉවෙන්ට් මැනේජ්මන්ට් එක... ඒක නේ මම කිව්වේ සංවිධාන කටයුතු වෙන අයට දීලා තියෙන්නේ කියලා.. උඹත් වරෙන් කොහොම හරි... ඉරිසියා නොකර...

      Delete
    2. එනවා එනවා එදාට අර පංචිකාවත්තේ අලහකෝන් කැල්ලේ කට්ටියත් එක්කම අනිවා එනවා

      Delete
    3. කවුද අප්පා ඒ බැක් අප් කරන අං ජී ඕ . අපටත් කියන්න.

      Delete
    4. මොකද..........අජිත් මහත්තයා,,,,,බයවෙලාවගේ

      Delete
  19. මම එන්නේ මහියංගනේ ඉදලා ඒක නිසා ටිකක් පරක්කු වෙලා හරි එනවා

    ReplyDelete
    Replies
    1. දවස් දෙක තුනකට කලින් මං ගච්චන්න ගත්තා නම් යාන්තම් නෙළුම් යායට මන්දෝ කොරඤ්ඤ ඇහැක් වෙයි... මතක ඇතිව වේලිච්ච දඩමසුයි මී පැනියි අරන් වරෙන්...

      Delete
    2. පොරෝ කෙටිය තියල වරෙං

      Delete
  20. මේ පාර සරුසාර බ්ලොග් සම්මාන උළෙලක ලකුණු තියෙනවා. වෙහෙස මහන්සි වුණු සියලු දෙනාට ස්තුතියි. ජය වේවා !

    ReplyDelete
    Replies
    1. තිලකෙත් ඇහැක් නම් ඇවිත් යන්න මෙහේ ඉන්නවා නම්.

      Delete
    2. එදාට ලංකාවේ නෑ මාතේ. එන්න ලැබෙනවානම් සතුටුයි

      Delete
  21. මොකක්ද මේ හැමෝම පෝස්ට් දදා කියන බොග් සම්මානේ? අපිටත් ඕක බලන්න එන්න පුලුවන් ද?

    ReplyDelete
    Replies
    1. මොකෑ බං බැරි.... නොමිලේ පෙන්නන සෝ එකක් වෙච්චි...

      Delete
  22. අපි එනවා....... මොනවා නැතත් අර හවස් වරුවේ දෙකක් නමාගෙන උඹත් එක්ක කයියක් ගහන්න...... ඔන්න බෑ කියන්න බෑ හරිය......

    ReplyDelete
    Replies
    1. මක්කට බැහැයි කිව්වත්... ඒවට බැහැයි කියනවය මාතලන්....

      Delete
  23. ආපෝ ගල් ද......... ඈක්........

    ReplyDelete
    Replies
    1. ඇයි බ්‍රෑන්ඩ් එක අවුල්ද....?

      Delete
    2. කවුද යකෝ බ්‍රෑන්ඩ් එකට ඈක්.... කියන එකා ?
      ගල් බලකාය තවම ඉන්නවා ...

      Delete
  24. අඩෝ මිස්ටර් මාතලන් ඇන්ඩ් ද වෙලර්ස්..!! ලබන අවුරුද්දෙ ඩෙෆා සෙට් වෙමු. \\.. දුක යනු ඔතනට බෝතලයක් වත් එවීමට නොහැකි කමයි. (කප්රුක ප්‍රතික්ෂේප කලාය)..//

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඩෙෆා එක්ක නැක්ස්ට් ඉයර් සෙට් වෙමු...

      Delete
  25. මං එන්න හිතං හිටියේ චූටි මැණිකේවත් එක්කං එන්න. මේ හැංදෑවට මල්පැණි එක්කහු කරන එකට ඉන්න වෙන එකයි, කොළඹ මෙයිටත් වඩා රස්නෙ හිංදයි. වැඩියෙන්ම කම්මැලිකම හිංදයි එයාට එන්න බැයිලු. මං නං උදේ පාංදරම එනවා. පාර ගූගල් පොලොවෙං අහගන්නං නේද?

    ReplyDelete
    Replies
    1. මට මේල් එකක් දාපන්.... මට උඹව පිටකොටුවෙන් ගන්න පුළුවන් වෙයි සමහර විට... හැබයි උඹ එන්නේ හයි ලෙවල් එකේ නම් ඊට කලින් බහින්නත් පුළුවන්... මේල් එකක් දාපන්කෝ කෝකටත්....

      Delete
  26. මාතලන් අර කාගේද පින්තුර වගයක් අපි ගත්තා කිව්වේ. කවුරුත් මට නම් කිව්වේ නැහැ. ඉන්වොයිස් එකක් ගිය අවුරුද්දේ සිට අද වෙනතුරු එවල නැහැ පින්තූර ගත්ත නම් . දන්නෙත් නැහැ. එහෙම ගත්ත නම් කියන්න එපැයි. මං ගත්ත පින්තූර එව්වා.

    ReplyDelete
    Replies
    1. අයියෝ අජියෝ ඒ වගේ කක්කා පැකට් නම් නිකංවත් ගේන්න එපා... උඹට පොඩි එවුන් ඕන නම් කියපන්... අපේ ගෙවල් ගාව තියෙනවා කින්දගාර්ඩන් එකක්...

      Delete
  27. නෙළුම් විලේ, නෙළුම් නෙලන්නන්ට සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. සංවිධාකයින් වෙනුවෙන් ඉස්තූතියි....

      Delete
  28. ඈක්........ඊයේ රැ තිබ්බ පොටෝ කෑලි කොමන්ට් ඔක්කොම මිසින්... ඇයි ගෝථා /හුළුගල්ලේ එන්ටර් වුනාද සින් කොන් එකට දැන්නම් නිකන් කෞයී කෞයී...........වගේ

    ReplyDelete
    Replies
    1. අයියෝ... ඒ පොටෝ දැම්මට වඩා හොඳයි ගූ බෙටි දෙකක් දැම්මා නම්... ඒ බෙටි දෙක අයින් කලා...

      Delete
  29. සම්මාන උළෙලට ඇදකුදයක් නැතුවම සුබපැතුම් ! sugv.wordpress.com වෙතින් මහා දුරක ඉන්න හන්දා එ් ගන්නවත් නියම ලිපිනයෙන් කොමෙන්ටුවක්වත් දාගන්න බැරුවා. ඒවාට සමාව දීපියෝ

    ReplyDelete
    Replies
    1. අපි මචෝ සමාව දෙන්නම උපන් ජාතියක් නේ...

      Delete
    2. ගුණසිංහ මහතාට සහභාගී වීමට නොහැකි නමුත් ඒ වෙනුවට එතුමාගේ ළගම ඥාතියෙකු වන කුගෑගීප සාමාජිකයෙකු සහභාගී වන බව දැනුම් දුන්නා. ඒත් මේ වන විට අලුත්ම තොරතුරු අනුව මෙතුමාගේ පුතණුවන් සහභාගී වන බව දන්වා තියෙනවා. ඒ නිසා ඒ පැමිණීමත් ස්ථිරයි.... ජයවේවා....

      Delete
  30. සිංහල බ්ලොග්කරුවන්ගේ මේ එකමුතුවට සුභ පැතුම් ! එන්ට නොවෙන එක ගැනනම් කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. ඊළඟ එකේවත් බලමු නේ.....

      Delete
  31. හම්මේ එහෙනං මාත් එන්න ඕන ,

    ReplyDelete
  32. හප්පේ ඉතින්. විසිහය හමුවෙමුකො.

    ReplyDelete
    Replies
    1. අනිවා.... ඩෙෆා......

      Delete
    2. මාතලන්ට කියලා ගලක් කපා ගන්නද නංගි ? මූ පොන්නයා බව දන්නෙ නැද්ද ?

      Delete
    3. ඔය ඉතින් හැම වෙලාවේම උබ්බෑ කියන්න එපා බන් හරකා කියලා අපි දන්නවා

      Delete
  33. ඔලුවට කන්නාඩි දාගෙන සම්මාන ගන්න යන තෝ පොන්නයා කියලා අපි දන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉදලමයි...එකට ලගින උන්ට විතරක් සම්මාන දෙන මේක මොන හුත්තක්ද පකෝ...තොපිලා ට්‍රයි කරන්නෙ ගැට කෑල්ලක් ටෝක් කරගෙන කොහෙ හරි කාමරයකට රිංගගන්න...අපි නොදන්න සම්මාන....

    ReplyDelete
    Replies
    1. කොලම්බු එක්සිබිසොන් සෙන්ටර් එකේ ඉන්න ලිංගික බෙලහීනතාවයෙන් පෙලෙන මානසික ලෙඩෙකුට එහෙම හිතෙන එකේ වරදක් නෑ...

      Delete
    2. මේ අර පොටෝ කැචර් මිඩියා පොරද

      Delete
    3. අන්තිමේදී කොළඹ ගමයාට පුක දී මාතලන් ගිය වසරේ බ්ලොග් කරු වූවේය. කොළඹ ගමයා තමාට පුක දෙන උන්ට සම්මාන දී උගෙ ලිංගික බෙලහීනතාවය වසාගන්නේය. මුන් කාගෙත් උවමනාව ගැට කෑලි ටෝක් කර උන්ට අහ වල් එක කිරීමය. නෙළුම් අජිතා හිතා ඉන්නේ ඌ හරි කෙරුමෙකු කියාය. ලංකා ඊ නිව්ස් සල්ලි වලින් උත්සවය කෙරෙන බව පොන්න මාතලන් දන්නෙ නැත. සම්මාන ගන්නට ඉන්නා නිර්දේශිත උන්ගේ ලිවිලි මෙලෝ රහක් නැති වුවත් කොළඹ ගමයාට පුක දෙන නිසා සම්මාන ලැබේ. අහෝ සිංහල බ්ලොග් කලාව වල පල්ලේ....

      Delete
    4. //ලංකා ඊ නිව්ස් සල්ලි වලින් උත්සවය කෙරෙන බව //.......මොනවා????? මෙ කවුද ? මොනවද මේ කියන්නේ ?.........වක්‍රව යහ පාලන ගේමක් ...

      Delete
    5. සිංහල බ්ලොග් කලාව ගොඩ ගන්න මිට වඩා හොද ක්‍රමයක් තියනවනම් අපි ක්‍රියාත්මක කරමුකෝ

      Delete
    6. ඇත්තද පකෝ... බලාගෙන ගියාම මේක ග්ලෝබල් ප්‍රොජෙක්ට් එකක් නේ... අජියලා මාර පොරවල් නේ... අනික මම පුක දුන්නම උඹේ පුකට ප්‍රශ්ණයක් නෑ නේ..

      සම හරක්ට අනුව මේක යහපාලන ප්‍රොජෙක්ට් එකක්
      සම හරක්ට අනුව මේක ඇන් ජී ඕ ප්‍රොජෙක්ට් එකක්
      සම හරක්ට අනුව මේක ලංකා ඊ නිව්ස් එකේ ප්‍රොජෙක්ට් එකක්
      සම හරක්ට අනුව මේක සිරිකොතේ ප්‍රොජෙක්ට් එකක්
      සම හරක්ට අනුව මේක ලන්ඩන් ප්‍රොජෙක්ට් එකක්
      සම හරක්ට අනුව මේක බටහිර ක්‍රමන්ත්‍රණකාරින්ගේ වැඩක්..

      බලාගෙන ගියාම සිංහල බොග දාන උන් මාර පොරවල් සෙට් එකක් නේ...

      මෙළෝ රහක් නැත්නම් මේක අස්සේ රිංගන්නේ නැතිව උඹලට රහ ගූ බෙට්ටක් හොයාගෙන කාපන්කෝ... පව් නොදී

      Delete
    7. මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක් මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක් මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක් මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක්මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක් මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක්මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක් මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක්මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක් මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක්මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක් මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක්මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක් මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක්මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක් මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක්මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක් මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක්මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක් මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක්මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක් මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක්මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක් මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක්මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක් මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක්මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක් මාතලන් කියන්නෙ පොන්නයෙක්..නාකි සුද්දන්ගෙ සල්ලි වලට කටට ගත්ත පොන්නයෙක් මගෙ බෙට්ට කාලා..මගෙ කටට අරගෙන පලයංකො මාතා...මම උඹට සැරට ගෙවන්නං.

      Delete
    8. ලංකා ඊ නිව්ස් එක කරන සඳරුවන් මහතා සමග මගේ කිසිම සම්බන්ධයක් නැත.

      Delete
  34. සොමි කැලුම්.... හොඳම එකෙන් දීලා ...කො මේ අජියා ....බලාගෙන ඉන්නේ ....මේ සුජියටත් [ෆෝන් නැතිව ] මොකක් හරි එකක් දියන් අඬ ගහල....

    ReplyDelete
  35. එන්න නෙළුම් යාය දිගේ ගොස් ,මන්නාරම බස් එකේ අනුරාධපුරේ යන්න.

    ReplyDelete
    Replies
    1. ඒ කොහේ යන්නද....?

      Delete
    2. මතක ඇතුව බෑග් එකක් අරන් එන්න කියපන්....නැත්තන් ආතල් එකක් නෑ

      Delete
  36. වැඩේට හදවතින්ම සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. නෙළුම් යාය වෙනුවෙන් ස්තූතියි මලේ...

      Delete
  37. All my best wishes goes out to all the bloggers and specially to Mr. Maathalan too.

    Thanks for giving us something important to read on blogs.
    Thanks again

    ==Adrian Channa from Toronto===

    ReplyDelete
    Replies
    1. Thanks Adrian....

      Thanks for the encouragement...

      Delete
  38. All my best wishes goes out to all the bloggers and specially to Mr. Maathalan too.

    Thanks for giving us something important to read on blogs.
    Thanks again

    ==Adrian Channa from Toronto===

    ReplyDelete
    Replies
    1. මෙන්න අලුත්ම සුභ පැතුම් මොරොන්තුඩුව පලාතෙන්

      Delete
  39. නෙළුම් යායට එන්නට සිත් වූවා නම්,
    යම් තාක් දුරට ඒ මේ ලිපියෙන්මය..

    ඒත් එනවාම නෙවේ, එන්නට ට්‍රයි හොදේ !!

    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. වරෙන් මචෝ කලකින් හමු උනෙත් නෑ නේ...

      Delete
  40. බොලා කට්ටිය එක්ක සෙට් වෙලා හැන්දෑවක් ගතකරන්න එන්න වෙන්නේ නැති එක ගැන හරිම දුකයි .. මක් කරන්නද මාතෙ මම ඉන්නේ බොහොම දුර නෙව.. එන්න යන්නම දවස් තුනක් විතර යන, සහ යන්නයි එන්නයි පැය හතළිහකට ආසන්න ගුවන් ගමනක් , නිවාඩු ගැනීමේ ප්‍රස්නයකුත් තියෙන නිසා එන්න වෙන්නේ නෑ.. විදේශගතවීමේ දුක දැනෙන්නෙ මේ වගේ වෙලාවේදී තමා.. ඒත් මේ බ්ලොග් කෙරුවාවත් ඒ විදේශගතවීමේ සහ සෙට් වෙන්නට හිත හොඳ මිතුරෙකු නොමැතිව ගතවුණු කාලයේ ප්‍රතිපල තමයි.

    ReplyDelete
    Replies
    1. මේවට කියන්නේ ප...... ඩ ටෝක් කියලා

      Delete
    2. ඇනෝ සහෝ
      උබ මේවා කියන්නේ අපිව අවුස්සලා තරහා ගස්සල විහිළුවක් කරන්නද නැත්නම් සිරවටද?
      ඇයි මචෝ අම්බලන්ගොඩයා ලියන ඒ වගේ සංවේදී කොමෙන්ට් එකකට එහම හිනාවෙන්න හිත හදාගන්න පුලුවන්ද? අපි අතර මොන තරහා මරහා තිබුනත් උ ලංකාවේ එකකේ අම්මා තාත්තා කාත් කවරුත් නතිව ඉන්න එක්කෙකුට උබගේ මේ කොම්මෙන්ට් ඒක ලොකුවට දැන්නෙනවා...කරුණාකරලා එහම කරන්න එපා

      Delete
    3. ඒකට අවුලක් නෑ මචෝ.... ආපු වෙලාවක සෙට් වෙමු.... එළ සෙට් එකක් මෙතන ඉන්නේ....

      Delete
  41. මාත් එනවෝ...! හැබැයි මාතා පාර හොයාගෙන තමයි එන්න වෙන්නෙ.... අර ප්‍රසන්න හාදයාත් එනවද දන්නෑ.... එහෙම උනොත් පොර පාර දන්නව ඇතිනෙ... කෝ ඉතිං ඒක අහන්නවත් මේ මනුස්සය කතා කොරන එකක් යෑ... කොහෙමෙන් කොහෙමෙන් හරි එදාට වැඩේ ටිප් ටොප් එකට වෙන්න කියල බොක්කෙන්ම විෂ් කරනවා.... එළ...

    ReplyDelete
    Replies
    1. වරෙල්ලා වරෙල්ලා සම්මාණ උළෙලට නැතත් බීච් එකට වරෙල්ලා...

      Delete
  42. කම්පියුටරේ නැතිව මේ ටිකේ බිලොග් බලන්නවත් කොමන්ටුවක් කොටාගන්නවත් විදියක් නැතිව ඉන්නේ.ඒ හින්දා සම්මානලාභි බ්ලොග් සහෘදයන්ට සුභපතන්න විදියකුත් නැති වුනා.
    සම්මාන උළෙලට අපිත් එන්නම්.

    මනෝමන්දිර

    ReplyDelete
  43. Congrats man..You deserve it.Regardless of the opinion , I've always enjoyed the humor.

    ReplyDelete
  44. මම එදා එහෙම කිව්ව හේතුව මාතා මට මුලින්ම හමු උන දවසෙ ඒ කියන්නෙ ගාල්ලෙ ගෙට්ටුවෙ ඉඳලම මූ කිව්වෙ මචෝ ෆොටෝ ගැහුවට දමන්න එපා කියාය..ඒ නිසා මූ හිටපු ෆොටෝ නොදමා දමන්ඩම වෙච්ච ෆොටෝ බ්ලර්ඩ් කොරන්ඩ අපි කාපු කට්ටෙ මතක් වෙලාය...නෙදකින් ඒ දවස් වල එහෙම නොකිව්වා නම් දාන්ඩ තිබ්බ කුප්ප කුජීත ෆොටෝ දැන් නම් එxස්ටර්නල් හාඩ් ඩිස්ක් වලත් නැත...

    ReplyDelete
  45. Congratulations maathalan.. Happy to see sinhala blogs evolving. Keep writing. :)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න