.

.

Jun 26, 2020

MCC,එම්බසි, UNP හා JVP




MCC ගිවිසුම හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරෙසොන් නම් පුණ්‍යාතනය මගින් අපේ රටට කෙලින්නට ගියේ ඇමරිකාවෙ ඉදන් නම් නොවේය. වැඩේ ගියේ අරලිය ගහ මන්දිරයේ සිටය. ආන්ඩුවෙන් සම්බන්ධ වෙලා උන්නේ මුදල් පිළිබඳ රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න උන්නැහේය. එයා බෝන් අගේන් පොරක් කියා බොහෝ අය කියනවාය. ඒවා මක්කා උනත් ජේප්පෝ මේ ගිවිසුම ගැන ඇත්තට හෝ බොරුවට ගේම අඳින කොට අම්බානක මල පැන පාර්ලිමේන්තුවේ මේ වෙනුවෙන් තප්පුලෑවේ නම් උන්නැහේ කියලා කාටත් මතක ඇතිය


මීට අමතරව තවත් පොරක් තප්පුලෑවේය. ඒ කබීර් හෂීම් අප්පුහාමිය. උන්නැහේගේ පවුලේ අය මහා පරිමාණ බිස්නස් කාරයෝ කියා අප දැනගන්නේත් පසුගිය යහපාලන කාළයේය. මුන්නැහේලා තප්පුලෑවේ මොකෝ කියා තේරුනේ ඊයේ MCC පිළිබඳව අජ්ජයනය කොරලා දෙන්නෙයි කියපු වාර්ථාව මහාචාර්ය ගුණරුවන් විසින් ජනාධිපති ඝෝඨාභයට දුන්න වෙලේය.

වැඩේ පත්තු උනේ එහිදීය. එනම් ඩොලර් මිලියන 10 ක් ගමන් දෙකකදී මේ අප්පුහාමිලාට දීලා තියෙනවා කියාය. ඇම්බසිය ඇමරිකන් බයිලා ගැසුවාට දැන් වැඩේ වහන්න බැරිය.

එම්බසිය කියන්නේ දෙන්න ගිය ආධාරයෙන් සත පහක්කත් දුන්නේ නෑ කියලාය. ඒ කතාව ඇත්තය. එහෙම එකක් ප්‍රොෆෙසර් ගුණරුවන් කිව්වේද නැතිය. උන්නැහේ කිව්වේ දෙගමනකදි ඩොලර් මිලියන 10 ක් දීලා ඩොකියුමන්න්ට්ද සයින් කරාට ඒවාට උනේ මක්කාද කියලා හොයා ගන්න බැරියෙයි කියලාය.

ඒ උනාට MCC එකේ ලස්සන සුදු නෝනලා දෙන්නෙක් 2017 හා 2018 මෙහේ ඇවිල්ලා අපේ අයට පොඩි සම්තින් එකක් දීලා යන ඒවා ඇම්බසියේ වෙබ් සයිට් එකෙත් තියෙනවාය. මේ ළිපියේ පහළ එල්ලා තියෙන්නේ ඒ ලින්ක් දෙකය. කැමති එකෙකුට ඒවා බලා ප්‍රොෆෙසර් කිව්වේ බොරුද ඇත්තද කියලා බලා ගන්නට පුළුවන්ය.

ලස්සනම වැඩේ කියන්නේ ඇමබසියේ අය නාන එක නෙමේය. අපේ අලි පාටියේ, පරණ ටැලිපෝන් පාටියේ හා ජෙප්පෝ නාන නෑමය. ඊයේ අලි පාටියේ උන් හා ටැලිපෝන් සැට්ටෙක නම්, ගලේ පහරපු බළලුන් වාගේ සද්දේ වහලා උන්නත්. ජෙප්පො කිව්වේ “අපෝ ඔයාල අදද අනේ දන්නේ අපි නම් ඕවා දන්නේ ඒ කාළේ නේ අනේ ..” කියලාය. ඒ කියන්නේ මෙහෙම ගණුදෙණුවක් වෙලා තියෙනවා කියා ඒ සහෝදර සහෝදරියෝද පිලිගත්තේය.

සීන් එක කියන්නේ පත් කල කමිටුවටත් මේ සල්ලි වලට උනේ මක්කද කියලා හොයා ගන්න බැරි වෙච්චි එකය. එයාලාට හොයා ගන්න බැරි සල්ලි ගිල්ල බූතයෝ කව්ද කියා අබ මල් රෙණුවක මොළයක් තියෙනා එකෙකුට නම් අගේට තේරෙනවාය. ඩොලර් ටික වැනිෂ් බව දැනගත් ඇම්බසිය කලේ අර කලින් කිව් ට්විටර් පනිවිඩේ නිකුත් කරලා ජරාව කාපු උන් ටික බේරා ගන්නා එකය.

අලි පාටියේ උන් හා ටැලිපෝන් සෙට්ටෙක මේකේ එල්ලිලා දැන් කියන්නේ ඒක දීලා තියෙන්නේ සක්‍යතා අජ්ජයනයකට හේවත් ෆියසිබිලිටි ඉස්ටඩී එකකටෙයි කියලාය. වැඩේ තියෙන්නේ එහෙම එකක් කමිටුවට අහු වුනේ නැති එකය. සමහර විට ඒවා එයාලාගේ ගෙවල් වල තීලා එලියට එන්න පුළුවන්ය.

මේකේ ආත්ල්ම සීන් එක එන්නේ එතනත් නෙමේය. ඊයේ මේක ඇත්තයි කියපු රතු අලි පැටව් ට්විටර් පණිවිඩේ එල්ලුන එකය. දැන් එයාලා කියන්නේ “පව් අනේ ඇමරිකන් කාරයෝ සතයක්කත් දීලා නැතෙයි…” කියාය.

එයාලා එහෙම කියන්නේ පසුගිය පාලන සමයේ එයාලාගේ සම හරක් යහපාලන සමයේ පාර්ලිමේන්තුව ඇතුලේ මිරිස් කුඩුත් කාගෙන ඒ ආන්ඩුව බේරා ගත් නිසාත්. ඒ පාලන කාළය තුලම, එහෙම අයට, නාරාහේන්පිට බිල්ඩින්, ඹ්MW වාහන මෙන්ම ඉඩම් හිමි වැවිලි කරුවන් වූයේ කෙසේදෝ කියා සාධාරණ වූ සැකයක් නම් අප සිත් වලට එනවාමය.

මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙමේය

.


8 comments:

  1. ++++++

    වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )

    ReplyDelete
  2. අම්මපා? උනුත් එකයි, මුනුත් එකයි, අපිත් එකයිද එතකොට....

    ReplyDelete
  3. කට ඉස්සර කරගෙන ඡන්දෙන් පස්සේ ඒක සංශෝධන සහිතව අත්සන් කලා කියලා පස්ස පැත්ත කහනව එහෙම නෙවේ මාතලන් ගොයියෝ!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  4. චන්දයක් ඇවිල්ලා
    මුළු රටම සැරසිලා
    නිල්එළිය කොළඑළිය
    දෙපැත්තෙම දල්වමින්
    ජහමනය බෙදිලා

    දෙපැත්තට ගැලපෙන්න
    පොදු සටන්පාඨයක්
    කරලියට ඇවිල්ලා
    "මගෙ හොරා මට හොඳා"

    ReplyDelete
  5. මාතලනුත් නාන බව නම් පැහැදිලිය.

    ReplyDelete
  6. නොදන්න ලබ්බවල් කියන්න එපා මනුස්සයො.

    ReplyDelete
  7. US Govt like RW and C-bank robbers more than MR and GR, remember GR's Citizenship issue? Swiss embassy drama? US embassy quick to issue clarification on USD 10mil, but they were always open for interpretation on GR's Citizenship issue (to support UNP's version)

    US 10Mil is nothing (Wehera gilla ekata aggalawak kajjakak da) wait till you see Gawapalana loans.

    Yes, NiDi we are the same this time Blue next time Green (Wijebahu)

    ReplyDelete
  8. I like wijebahu inglis

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න