.

.

Mar 4, 2021

අධි වේගයට ගේ බුල්ඩෝසර් කරගත්, අධිවේගී බූරුවා


 

යහපාලනයේ අධිවේගය හදන්න දුන්න ඕන ගොනා ඒක හදන්නේ නැතිව අවුරුදු පහක් උගේ දෝනිට කොම්පැනියක් හදලා දීලා පරම්පරාව ගොඩ දැම්මා මිසක හයි වේ එක ගොඩ දැම්මේ නෑ.

දැන් හෝ ගාලා වැඩේ යනවා. වැඩේ බාරදීලා තියෙන්නේ වැඩ්ඩෙක්ට. පොර එක්ක සෙල්ලම් නෑ. පොර ක්‍රන්ට්‍රැක්ටර්ස්ලට ටාගට් දීලා තියෙන්නේ. වැඩ කරන්න බැරි උන් බ්ලැක් ලිස්ට් කලා එලෙව්වා.

මේ අධි වේගේ අධි වේගෙන් යන වැඩේ පෙන්නන්න බැරි පිරිසක් ඉන්නවා. ඒ තමා යහපාලනේ උන්න මී හරක් පාලකයොයි උන්ට කඩේ ගිය උනුයි. ඒකට සප් එක්ක දෙන්න ඉන්නවා සක්කිලි මහාරාජාගේ මාජ්ජවේදීන් කියන මී හරක් රැල.

එක පාරක් දේවානි කියලා ගෑණියෙකුයි පණු කරඳ ගහකුයි අල්ලගෙන කරපු විගඩම අපි හෙලිකලා. අවුරුදු පහක් තිස්සේ පණු කරඳේ ගැන කිසිම පියවරක් නොගත්ත ගෑණිට සිරිස ආපු ගමන් ඒක ලෝකේ තියෙන එකම ගහ උනා. ඊට පස්සේ ඒ පිස්සු හෝන්තුවයි පරිසරවේදීනුයි කට පුක වග හත්තේ පණු කරඳ ගස් ලංකාවේ ඕන තරම් තියෙනවා කියලා හොයා ගත්තාම.

දැන් තව වීරයෙක් හොයාගෙන. ඌ නොම්මර එකේ මී හරකෙක්. ඌ ගැන නියම විස්තරයක් මනෝරම වීරසිංහ දාපු පෝට් එකක කොමෙන්ට් එකක් විදියට ස්මීර ජයවර්ධන කියලා මහත්මයෙක් ලස්සනට ලියලා තියෙනවා.

පහළ තියෙන්නේ අකුරක්වත් වෙනස් නොකර ඒ මහත්මයා දාපු කොමෙන්ට් එක.

//ඔහුට ලද මූලික වන්දිය එක්කෝටි අනූනම ලක්ෂ පනස්දාහයි. එය රජයේ තක්සේරු මුදල.

ඊට අමතරව ලාක් හා සුපර් ලාක් කමිටු වලින් හිමි වූ වන්දිය හා 7% පොලී මුදල් සමඟ කෝටි තුනහමාර ඉක්ම වූ මුදලක් ඔහුට හිමි වී තිබුණා.

ඔහු එය භාර නොගත් නිසා එම මුදල අධිකරණයේ තැම්පත් කිරීමට සිදු වුණා.

ඒ හේතුවෙන් අධිකරණය අය කරගන්නා දඩ මුදල ලක්ෂ 35ක් පමණ.

ඔහුට නිවස ඉවත් කර ගැනීම සඳහා අවුරුද්දකට ආසන්න කාලයක් ලබා දීල තිබුණ.

නිවසේ ගඩොල් කැටයේ සිට ඉවත් කරගෙන රු.ලක්ෂ 50ක් පමණ ඔහුට හොයාගන්න තිබුණ.

එහෙම තියෙද්දි ඔහු රජයේ සියලු තීරණ ප්‍රතික්ෂේප කරමින් උද්දච්ච හා හිතුවක්කාර ලෙස ආවේගශීලී හැසිරීමක් පෙන්නුම් කරා.

ඒ නිසා අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම්තුමාට අධිකරණ නියෝගයක් ගන්න සිදු වුණා.

වන්දිය මදි නම් ඔහුට අභියාචනා අධිකරණයට යන්න කාලය ඕනෑ තරම් තිබුණ.

කඩා දැමීමේ නියෝගයට එරෙහිව ඉහළ අධිකරණයට යන්න තිබුණ.

ඒ පුද්ගලයා ඒ කිසිවක් නොකර…

“අයින් වෙන්නෙ නෑ අපියි බඩු ටිකයි එක්ක ම ගේ ඩෝසර් කරන්න..” කියමින් උද්දච්ච ලෙස හැසිරුණා.

වන්දිය මදි කියන මනුස්සය වන්දිය වැඩි කරගන්න කරන්න තියෙන නීතිමය පියවර ගන්න කිසිදු උවමනාවක් නැතුව වන්දිය අධිකරණයේ තැන්පත් කරල රුපියල් ලක්ෂ 35ක් අහිමි වීමට ඉඩ දී බලා සිටීම හා ගෙදර ගලවා ඉවත් කර විකුණාගන්නට හැකිව තිබූ දෑ ඩෝසර් වීමට ඉඩ දීම අතිශය අස්වාභාවික යි.

ඔහු කිසියම් මානසික ව්‍යාකූල බවකින් හා කිසියම් පිරිසකගේ මෝඩ උසිගැන්වීමකට හසු වී සිටින බව පෙනුණ.

ඔහුගේ හැසිරීම අතිශය අසාධාරණ නිසාත් රටේ නීතිය අනුව ලබා දිය හැකි උපරිම වන්දි ලබා දී ඇති නිසාත් අධිකරණ තීරණයට අනුව බඩු භාණ්ඩ එළියට දමා නිවස කඩා ඉවත් කිරීමට සිදු වුණා.


ඒ වගත් මෙසේය….

28 comments:

  1. අයියෝ මාතා, වර්තමාන දූෂිත රාජපක්ෂ ආණ්ඩුවේ ඈත දුෂ්කර පළාත්වල භූමදාන කටයුතු කරන්න කියන නියෝගයට විරුද්ධ විය යුතු අතර ඒ ගැනත් ලියන්න. මොකද කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් තම ගමේම සුසානභූමි වලම භූමදාන කරන්නට ඉල්ලා සිටිමින් කල්මුණේ මහ නගර සභාවේ නගරාධිපති ඒ.එම්. රාෆික් මහතා ඇතුළු විශාල පිරිසක් මේ වන විට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර මේ සඳහා රජයට දැඩි ලෙස බලපෑම් කරමින් මියයන ජනයා ගේ අයිතිය වෙනුවෙන් සටන් කළ යුතු අවස්ථාවලදී රජයට බලකරමින් අවශ්‍ය පරිදි දැඩි ලෙස සටන් කළ යුතුයි.

    ReplyDelete
  2. Two words 'Fu#$%^g idiot', did not see this news (Wijebahu)

    ReplyDelete
    Replies
    1. "two word 'Fu#$%^g idiot'" kiyanne Wijebahuge aluth nama da? (meeta Wijebahu)

      Delete
  3. බූරුවො නේන්නං වැඩි හරියක් ඉන්නේ
    ඒ මදිවාට මී හරකුත් බෝවෙන්නේ
    සේරම පාට කන්නාඩිත් දාගන්නේ
    කොහොමද යමක් හරිහැටියට දැක ගන්නේ?

    ReplyDelete
    Replies
    1. සැර වැඩී නේද?

      වෛරය වැඩි වැඩියෙන් ක්‍රියාත්මක වෙන කාලෙක ඔය වගේ වචන වලින් තව තවත් මිනිස්සු ගේ හිත් වල තරහම විතරයි ඇති වෙන්නෙ..

      අන්තිම වාක්‍යට වඩා මුල් වාක්‍ය හතර තමයි හිතට වදින්නෙ...

      පුළුවන් තරම් ධනාත්මකව හිතන්න සුභවාදීව හිතන්න මිනිස්සු පුරුදු කරමු...

      Delete
  4. ඔන්න දවසක් අපේ රටට පිටසක්වල යානයක් පහත් වෙලා මුළු අහසම වහගෙන හිටියලු. බයෙන් බිරාන්ත වුණු ලක්වැසියන් ගෙවල් ඇතුළට වෙලා මීයෝ වගේ හැංගිලා හිටයාලු. යානයෙන් මෙහෙම පණිවිඩයක් ආවලු “විශ්වයේ සැරිසරමින් හොඳ සහ නරක අතර තරග පවත්වන්නන් වෙමු අප. දැන් තිබෙන්නේ ඔබලාගේ වාරයයි. මේ තරගය සඳහා ඔබලා අතරින් හොඳම මිනිසාත් ඔබලා අතරින් නරකම මිනිසාත් තෝරා ගන්නවා හෙට දිනයේ අප විසින්.” ඒ කවුරු කවුරු වෙන්න පුළුවන්ද කිය කියා හිත හිත මිනිස්සු නිදා ගත්තලු. පහුවදා උදේ යානයෙන් නැවත පණිවිඩයක් ආවලු “ඔබලා සියලු දෙනාම අප විසින් පරීක්ෂා කළා. ඒ අනුව ඔබලා අතරින් නරකම මිනිසා ලෙස අප තෝරා ගත්තේ දම්මික පෙර්රා.” මිනිස්සු ඔක්කොම අත්පුඩි ගැහුවලු. “ඔබලා අතරින් හොඳම මිනිසා ලෙස අප තෝරා ගත්තේ ගෝටාභය” මිනිස්සු ඔක්කොම අත්පුඩි ගැහුවලු. “ඔබේ රටේ විවිධ තැන්වල අප විසින් සඟවා තිබෙනවා රත්තරං බිත්තර පහක්. ඒවා තිබෙන තැන් ඔබට එකින් එක අප දැනුම් දෙනවා. ඔබ දෙදෙනා එම රත්තරං බිත්තර සොයා ගත යුතුයි. එම රත්තරං බිත්තරයකට පළමුව අත තබන කෙනාට එය හිමිවෙනවා. තරගාවසානයේ වැඩිම රත්තරං බිත්තර හිමි මිනිසා ජයග්‍රහණය කරනවා. මේ තරගයේ තිබෙන්නේ එකම එක නීතියයි. එනම් හොඳම මිනිසා වෙනත් කිසිවෙකුගේ සහායක් නොමැතිව තනිවම තරග කළ යුතුයි.” මිනිස්සු ඔක්කොම අත්පුඩි ගැහුවලු.

    දම්මික පෙර්රා වහාම සිය සහචරයන් කැඳවා ඔවුන්ට කිව්වලු “අපි මේ තරගය කොහොම හරි ජයගන්න ඕනා. අපිට කිසිම නීතියක් නැති නිසා අපිට ඕන දෙයක් කරන්න පුළුවන්… හා හා හා!” සහචරයනුත් ඒ විදිහටම “හා හා හා!” ගාලා හිනා වුණාලු. “ගෝටාභය තනියම කොහොමද මේ තරගයට මුහුණ දෙන්නෙ?” මිනිස්සු කතා වුණාලු. ගෝටාභය මුනිවත රැක්කලු.

    “පළමු රත්තරං බිත්තරය තිබෙන්නේ හඬලන කිකිළියක් තුළ!” පිටසක්වල යානයෙන් දැනුම් දුන්නලු. දම්මික පෙර්රා තමන්ගේ සහචරයන්ට කිව්වලු “ලංකාවේ ඉන්න සියලුම කිකිළියන්ව වහාම මිලට අරගන්න” කියලා. සහචරයනුත් එහෙම කළාලු. ලංකාවේ මිනිස්සුත් වැඩි වැඩි ගණන්වලට තමන්ගේ කිකිළියො විකුණලා සල්ලි හම්බ කරාලු. ගෝටාභයගේ වත්ත පහළ කිකිළය විතරක් ඉතුරු වුණාලු. “දැන් ඔය කිකිළියෝ ඔක්කොම මරලා බිත්තරේ හොයපල්ලා!” දම්මික පෙර්රා අණ දුන්නලු. “අහිංසක සතුන්ව මරන්න එපා” කියා ගෝටාභය කිව්වලු. එය කණකට නොගත් දම්මිකගේ සහචරයන් අර කිකිළියන් සේරම මැරුවලු. නමුත් ඔවුන්ට රත්තරං බිත්තරයක් නම් හොයා ගන්න බැරි වුණාලු. ගෝටාභයගේ වත්තෙ කිකිළිය එදා රෑ හඬලා රත්තරං බිත්තරයක් දැම්මලු. ගෝටාභය රත්තරං බිත්තරේ අතට ගත්තලු. මැරුවට පස්සේ කිකිළියකට හඬලිය නොහැකි බව දම්මික පෙර්රට තේරෙනකොට පරක්කු වැඩියිලු.

    “දෙවන රත්තරං බිත්තරය තිබෙන්නේ සිංහරාජ වනාන්තරයේ!” යානයෙන් දැනුම් දුන්නලු. “මේ පාර නම් මම කොහොම හරි බිත්තරේ හොයා ගන්නවා... මුළු වනාන්තරයම කපලා හරි බිත්තරේ හොයපල්ලා!” කියලා දම්මික පෙර්රා සහචරයන්ට අණ දුන්නලු. “අපේ රටේ ස්වභාවික සම්පත් විනාස කරන්න එපා” ගෝටාභය කිව්වලු. එය කණකට නොගත් සහචරයන් සිංහරාජ වනාන්තරේ ගස්වැල් බාගයක් විතර කපනකොට කෘඩියා සෙලනිකා ගහක් උඩ තිබුණ රත්තරං බිත්තරේ බිමට වැටුනලු. එය අතට ගත් දම්මික පෙර්රා “හුරේ!” කියමින් කැරකි කැරකි නැටුවලු.

    “තුන්වැනි රත්තරං බිත්තරය තිබෙන්නේ සීගිරිය යට!” යානයෙන් දැනුම් දුන්නලු. “මේකත් මම කොහොම හරි ගන්නවා. හාරපල්ලා සීගිරිය යටින්!” දම්මික පෙර්රා අණ දුන්නලු. “අපේ රටේ වටිනා උරුම විනාස කරන්න එපා” කියා ගෝටාභය කිව්වලු. එය කණකට නොගත් සහචරයන් සීගිරිය යටින් හාරලා හාරලා රත්තරං බිත්තරේ හොයා ගත්තලු. එය අතට ගත් දම්මික පෙර්රා “හුරේ!” කියමින් උඩ පැන පැන නැටුවලු. හාරපු හෑරිල්ලට සීගිරිය බාගයක් පොළොව යටට ගිලුනලු. දැන් දම්මිකට බිත්තර දෙකයි. ගෝටාභයට එකයි. හොයන්න ඉතුරු වෙලා තියෙන්නෙ තව බිත්තර දෙකයි. මිනිස්සු නියපොතු කකා තරගය බලාගෙන හිටියලු.

    ReplyDelete
    Replies
    1. “ඊළඟ රත්තරං බිත්තරය තිබෙන්නේ සමුද්‍රයේ!” යානයෙන් දැනුම් දුන්නලු. “හා හා හා… මහමුහුදේ තිබෙන බිත්තරයක් ගෝටාභයට කොහොමත්ම තනියම හොයාගන්න බැහැ. මේකත් අයිති වෙන්නේ මටයි. මම තමයි දිනන්නේ! ලංකාව වටේට තියෙන මුහුදෙ වැලි ගොඩදාපල්ලා!” දම්මික අණ දුන්නලු. සහචරයන් ලංකාව වටේට මුහුදෙ වැලි පොම්ප කර කර බිත්තරේ හොයන්න ගත්තලු.

      ගෝටාභයට කල්පනා වුණාලු ලංකාවේ තවත් සමුද්‍රයක් තිබෙන බව. ඔහු තනිවම පරාක්‍රම සමුද්‍රයේ කිමිදී ගොස් රත්තරං බිත්තරය හොයාගෙන ගොඩ ආවලු. දැන් ගෝටාභයටත් බිත්තර දෙකයි. ධම්මිකටත් බිත්තර දෙකයි. ඉතුරු වෙලා තිබෙන්නේ අන්තිම රත්තරං බිත්තරය. බලාගෙන ඉන්න මිනිස්සුන්ට කලන්තෙ වගේලු.

      “අවසාන රත්තරං බිත්තරය තිබෙන්නේ… සමනොළ කන්ද මුදුනේ!” යානයෙන් දැනුම් දුන්නලු. ගෝටාභය කන්ද නගින්න පටන් ගත්තලු. “උඹලට වැඩේ බාර දුන්නොත් මේකත් අවුල් වෙනවා. මේක ගත්තේ නැත්නම් මම පරදිනවා. ඒ නිසා මමම මේ සැරේ යනවා.” කියා දම්මිකත් තරගෙට කන්ද නගින්න පටන් ගත්තලු. වරෙක දම්මික ඉස්සර වෙනවා. වරෙක ගෝටාභය ඉස්සර වෙනවා. දෙන්නත් එක්ක තරගෙට කන්ද නැගලා නැගලා අන්තිමට මහගිරිදඹේ නගිනකොට දම්මිකගේ කකුල ලිස්සලා ප්‍රපාතයට වැටෙන්න ගියාලු. ගෝටාභය වහාම දම්මිකගේ අතින් අල්ල ගත්තලු. ගෝටාභයගේ අතේ එල්ලිලා ඉන්න දම්මික ඇහුවලු “ඔබේ ප්‍රතිවාදියා වෙලත් මාව ඇයි ඔබ බේරා ගත්තේ?” කියා. ගෝටාභය කිසිවක් නොකියා දම්මිකව උස්සලා ගත්තලු. දම්මික පෙර්රා හති අරින අතරේ ගෝටාභය කන්ද මුදුනට නැගලා අවසාන රත්තරං බිත්තරය අතට ගත්තලු.

      “හොඳ සහ නරක අතර පැවති තරගයෙන් නැවත වතාවක් හොඳම ජයග්‍රහණය කරනවා!” යානයෙන් දැනුම් දුන්නලු. මිනිස්සු ඔක්කොම අත්පුඩි ගැහුවලු. පහුවදා බලන කොට පිටසක්වල යානය යන්න ගිහිල්ලලු.

      එරන්ද රංගනාථ
      (He-Man and the Masters of the Universe ළමා කාටූනයේ එන කතාවක් ඇසුරෙනි)

      Delete
  5. මාතා දන්නවා ඇතිනේද ඇඹිලිපිටිය මූලික රෝහලේ වෛද්‍යවරියකගේ නොසැලකිල්ල හේතුවෙන් තරුණයෙකු මියගිය පුවතක් සමාජජාලාවන්හි කතාබහට ලක්වෙමින් තියෙනවා කියලා මේ දවස් වල?

    එහි සංක්ෂිප්තය වන්නේ අදාල තරුණයා කොණ්ඩය වවා, කරාඹුවක් පැළැඳ සිටීම හේතුවෙන් ඔහු කුඩුකාරයෙකු යැයි පවසා අදාල වෛද්‍යවරිය ඔහුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීමයි.

    "ඔය කුඩු සික් එක, ටිකකින් ඇරියා යයි" පවසා ඇය ඔහුට ප්‍රතිකාර කිරීම මගහැර තිබෙන අතර අවසානයේ ඔහු මිය ගොස් තිබේ.

    මෙය අතිශය බරපතල චෝදනාවකි.

    මෙම සිදුවීම පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර, වැරදිකරුවන්ට දඬුවම් දීම හෝ සත්‍ය අනාවරණය කිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමකි.

    අධිකාරිවාදය මුලට ගෙන සිය වෛද්‍යවරිය ආරක්ෂා කිරීමට තරම් GMOA නින්දිත නොවනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

    පසුවදන: මාතා මැඩිකල් ප්‍රොෆෙසර් කොල්වින් ගුණරත්න හමුවෙච්ච වෙලාවක් ලංකාවේ medical negligence ගැන කතා කරලා අහන්න, දෙයි පොතක් පිරෙන්න කරුණු සාක්ෂි එක්ක

    (සැබැවින්ම ලංකාවේ medical negligence වලින් මැරුණු ලෙඩ්ඩුන්ට කිසිම සදාරණයක් නැත, එය යට යන විදිහටම Medical Council නොහොත් වෛද්‍ය සභාවෙන්ම system එක සාදා දී ඇත, SAITM එකෙන් ලෙඩ්ඩු මරනවා කියා මැරෙන්න හදපු එකෙක් වත් මේවා ගැන කතා කරන්නේ නැත ,TV එකේ මරලතෝනි දෙන රජයේ ගොම සංගමේට මේවා අදාල නැත්තේ ඇයි?

    උන්ට ඕනේ උන්ගේ අයතිවාසිකම් පමණද? අනික් උන්ට හෙන හත ගැහැවුවත් කමක් නැත්ද? හැබැයි කට ඇරියොත් නිදහස් අධ්‍යාපනය කියලා මරලතෝනි දෙනවා.

    වෛද්‍ය උපාධිය අරන් ඔය නිදහස් අධ්‍යාපනය සෞඛ්‍ය සේවය වෙනුවෙන් මැරෙන්න හදන එවුන් ටික කලකින් එකා දෙන්නා සද්දේ නැතුවම පිට රටකට යනවා හොඳ ඔෆර් එකක් ආගමන් එතකම් මෙහෙ ඉන්න ටික ලෙඩ්ඩු හූරගෙන කනවා ඔච්චරයි වෙන්නේ.)

    ReplyDelete
    Replies
    1. එය තවත් ලාංකික රැකියාවක් පමණයි

      Delete
  6. අනේ බන් මාතේ ඔය වගේ දෙකයි පණහේ පීචං මීහරක් ගැන කතා කරල වැඩක් නැහැ. ඔය කාලකන්නි සක්කිලි කටින්ම නේ බන් කිව්වේ ලයිට් රේල් එක කි.මි 15ට ඩොලර් බිලියන 2.2වඩා කමක් නැ කියලා... නිකමට හිතුනේ නැද්ද කියක් වගේ යයිද කියලා එකෙක්ට... මොන ජිවිතද බන්... වහල් කම..! මරාගේ වහල් බයියො තව හොඳයි බන් ඔය මලසක්කිලි එක්ක බලද්දි.

    ReplyDelete
  7. අයිසේ ළමාතැන්, උඹත් ඔය හයි වේ එක අහුවෙන හරියේ කුඹුරක හරි කමක් නෑ ලෑලි වලින් පැලක් අටවන් පදිංචි වෙයන්.

    පදිංචි නිවහනක ගාන ගෙව්වේ කොලඹ ගාල්ල දක්ෂිණ අධිවේගී මාර්ගය හදද්දී..

    මැදමුලන නීල කාස කම්බ හොර මහින්දයා හොරා කෑව කීවට අපේ දූෂණ විරෝධී ජනතාව එහෙමයි හයි වේ එකෙන් අම්බානක ගසා කෑවෙ.. ඇත්තටම වටිනාකම කෝටියක් නම් මිනිස්සු බලන්නේ කෝටි තුනක් හතරක් ගන්න, ඔය කේස් එක මුලින් ම නඩු ගියා නම් ඔහොම වෙන්නේ නැහැ කියලා කියන්න පුලුවන්.

    ReplyDelete
  8. ඕයි මාතෝ, ලංකාවෙ ප්‍රධාන බන්ධනාගාරයක උසස්ම නිලධාරියකුගේ පෙම්වතියට ජනාකීර්ණ නගරයක මධ්‍යයේදී එකී නිලධාරියාගේ බිරිඳ පහරදී ඇති බව එක්තරා පොලිස් ස්ථානයක පොතේ සටහන් වුණ කතාව ඇහුවේ නැද්ද?

    දැනට අධි ආරක්ෂිත බන්ධනාගාරයක සේවය කරන පහර කෑ තැනැත්තිය සිය පෙම්වතාගේ බිරිය තමාට දරුණු ලෙස පහර දුන් බව පොලිසියට පැමිණිලි කර තිබේ.

    මෙකී තැනැත්තිය බන්ධනාගාර මූලස්ථානයේ විශේෂිත අංශයක උසස්ම නිලධාරියකුගේද අනියම් පෙම්වතිය බව දැනගන්න ලැබේ.

    ඒ වගේම ඇයට එරෙහි වන නිලධාරීන්ට පැය විසිහතරක් තුළ ස්ථාන මාරුවක් ලබාදීමට තරම් ඇය ප්‍රබල චරිතයක් වී සිටින්නේ මූලස්ථානයේ පෙම්වතා උසස් නිලධාරියකු වන නිසා යැයි නිලධාරීන් පිරිසක් මාධ්‍ය හරහා ප්‍රකාශ ප්‍රසිද්ධ කර තියෙනවා.

    මෙම තැනැත්තිය ඔහුට ‘අයියා’’ නමින් ආමන්ත්‍රණය කිරීම හේතුවෙන් ඇයට එතරම් බලයක් ලැබී ඇතැයි ඉහත නිලධාරීහු කියනවා.

    ඉහත සඳහන් කළ පහරකෑමට ලක් වූ කාන්තාව සේවය කරන අලුත් අති නවීන බන්ධනාගාරයේ උසස්ම නිලධාරියා මැයගේ නොමනා ක්‍රියාකලාපය ලිඛිතව බන්ධනාගාර මූලස්ථානයට දැනුම් දුන්නද එම ලිපිවලට කිසිසේත්ම පිළිතුරු ලැබී නැති හෙයින් එම උසස් නිලධාරියාද මේ වන විට දැඩි ලෙස අපහසුතාවට පත්වී සිටින බව දැනගන්නට ලැබේ.

    ලංකාව වගේ රටක බන්ධනාගාරවල උසස් නිලධාරීන් මෙලෙස වගකීමෙන් තොරව කටයුතු කිරීම නිසා බන්ධනාගාර පද්ධතිය කඩා වැටෙනූ නිසැක බව ඔවුන්ගේ අදහසයි.

    මේ ඉහත සඳහන් පහර දුන් උසස් නිලධාරියාගේ බිරිඳව අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් පහරකෑමට ලක්වූ බන්ධනාගාර නිලධාරිනිය රෝහල් ගතවී ඇති බවද ඊයේ (මාර්තු 04 වැනිදා) අනාවරණය විය. මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. එයාලා ඔක්කොම බන්ධනාගාරගත කරානම් හරි

      Delete
  9. ඇත්තටම මාතාට කියන්න පුළුවන් නේද මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී අර කියන දුර්ලභ ගහ (කෘඩියා සිලනිකා ශාකය) ඉවත් නොකරන්නේ නම් ඊට විශාල මුදලක් අමතර මුදලක් ලෙස වැය කිරීමට සිදුවන බව මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන එක ඇත්ත කතාවක් ද?

    ඇමති කියන විදිහට එම මුදල රුපියල් බිලියන අටයි දසම හයක්.

    ඒ වගේම ගහ වෙන තැනකට ගෙනියන්න බිලියන 8. 6 ක මුදලක් යයි පැවසූ ඇමතිවරයා අධිවේගී මාර්ගයේ කිලෝමීටර 81ක් වන එම කොටස (Section) ඉදිකිරීමට යන්නෙම බිලියන 6.7 ක් විතරයි කියලා කියන්නේ. නැත්නම් දසලක්ෂ 6,700ක් බව.

    කෙසේ වෙතත් රජයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැති බවද ඇමතිවරයා ජනමාධ්‍ය වලට කියන්නේ. මේක ගැන හිතන්නේ මොකද? කතාව ඇත්ත ද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන පැහැදිලි විස්තරයක් පත්තරවල තිබුනා

      Delete
  10. ළමාතං විසින්ම කලින් පෝස්ට් එකේ පෙන්වා දී ඇති කුරුවිට තරුණියක් ඝාතනය කර හිස නැති මළ සිරුර කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ දමා නිවසට පැමිණ සියදිවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය මාර්තු මාසේ 06 වෙනිදා රාත්‍රි 10ට පමණ අපේ මොණරාගල බඩල්කුඹුර 5 කණුව පොදු සුසාන භුමියේදි මිහිදන් කෙරුණා.

    ඒ බඩල්කුඹුර බුත්තල පාරේ 5 කණුව ප්‍රදේශයේ පදිංචි බුත්තල පොලිසියට අනුයුත්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක ඒ.එම් ප්‍රේමසිරි 52 නැමති පුද්ගලයාගේ මරණය පැවැත් වීමට සිදු වූ දේ බැලූ විට කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි එල්.කේ. දිලිනි යශෝදා වයස අවුරුදු 30ක අවිවාහක තරුණියක සමග යම් අනියම් සබදතාවයක් පවත්වාගෙන යන අතරතුර ඝාතනය සිදුව තිබෙනවා යැයි ලංකාවේ ත්‍රාඩ ජඩ මාධ්‍ය මගින් ඔවුන් දෙදෙනාගේම චරිත ඉතාමත් බරපතල විදිහට ඝාතනය කරල තියෙන පසුබිමක් යටතේ.

    ඒ වගේම එම යුවතිය ඝාතනය කිරීමෙන් පසු පසුගිය 02 දින රාත්‍රි නිවසට පැමිණි උප පොලිස් පරීක්ෂකවරයා රාත්‍රියේම නිවස අසළ තිබෙන රබර් වත්තකට ගොස් සියදිවි නසාගෙන සිටියදි තමයි පොලිසීය හොයා ගත්තෙ.

    ඒ මිය කෙනා සම්බන්දයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය එහිදි පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට මොණරාගල සිරිගල රෝහලට ඉදිරිපත් කළ මළ සිරුර පරීක්ෂණ කටයුතු නිමවීමෙන් පසු මාර්තු මාසේ 06 දින රාත්‍රි ඥතීන්ට බාරදී තිබෙන බවත් තමයි පළාතේ අසල්වාසීන් අපට කීවේ.

    ඒ වගේම පවුලේ ඥතීන් කිහිප දෙනෙකු පමණක් ඒ උප පොලිස් පරීක්ෂකවරයාගේ සිරුර බඩල්කුඹූර 5 කණුව ප්‍රදේශයේ නිවසට රාත්‍රි 9.30ට පමණ ගෙනවිත් නිවස තුලට නොගෙන ආලින්දයේ පැය භාගයකට අඩු කාලයක් විතරක් තබා කිසිදු ගෞරවයක් නොකර ආගමික වතාවත් සිදුකිරීමෙන්අනතුරුව පොදු සුසාන භුමියට ගෙන ගොස් මිහිදන් කෙරුණා.

    මෙම අවස්ථාවට කිසිම තරාතිරමක කිසිදු පොලිස් නිළධාරියෙකු වත් සහභාගි නොවුන අතර මිය ගිය කෙනාගේ බිරිඳ හා දරුවන් තිදෙනා පවා ජනමාධ්‍යයට මුහුණ නොදී බියෙන් සලිත වී ගිය කතා නොකර නිවසට වී සැඟවී සිටියා.

    පසුව ඒ පවුලේ ළගම ඥතීන් කිහිපදෙනෙකු පමණක් සිරුර සුසාන භුමියට ගෙන ගොස් මිහිදන් කරලා ෂේප් එකේ මාරු වෙලා ගිහින් කියලා අපට ආරංචි උනා.

    ReplyDelete
  11. මාත් කාලෙකට කලින් හිතාගෙන හිටියේ ගෝටා කියන්නේ පට්ටම නායකයෙක් කියල,,,,දැන් බලනකොට සිරාටත් අන්තයි....

    ReplyDelete
    Replies
    1. ඕක දන්න හින්ද තමයි අපි රාජපක්ෂ හොර රැල ලංකාවේ බලයට එන්න කලින්ම 2019 දී ලංකාවම MCC එක හරහා ඇමෙරිකාවට සින්නක්කර ඔප්පු ලියා බාර දෙන්න හැදුවේ.

      කොහෙද ඉතින්, කම්බ හොර රාජපක්ෂ හොරරැලට වඩා ඇමෙරිකාව හොදයි කියලා කොච්චර කිවුවත් තැරිදාර පුන්නක්කු බයිසන් මීගව ගොන් බයින්ට තේරෙන එකක් යැ.

      - එක්සත් බැක්සයිඩ් පෙරමුණ

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න