.

.

Feb 10, 2022

සල්ගාදු, අනවශ්‍ය කළබලයකි...



කාබනික රසායනික යුද්ධය මැද්දේ වැපිරූ මහ කන්නයේ අස්වැන්න නෙලමින් පවතින්නේය. කියනා තරම් අහේනියක් අස්වැන්නේ ඇත්තේත් නැතිය. 50% අස්වැන්නේ අඩුවක් තිබුනේ යැයි උපකල්පනය කලද, වී කිලෝවකට ගෙවනා මුදල 100% පමණම වැඩි වී තිබෙන්නේය. ඒ නිසා කාබනික පිස්සුවෙන් ආන්ඩුවට ආ අපවාදයන්ගෙන්ද ඔවුන් නිදහස්‍ය.

විපක්ෂයේ දැත්තෝ ආන්ඩුවේ උන්ට පුලුවන්නම් ගමට වරෙන් කියා අභියෝග කලාට, ආන්ඩුවේ උන්ට දැන් කිසි අවුලක් නැතිව ගමටත් යන්නට පුලුවන්‍ය. අනෙක් අපනයන බෝගවලද අස්වැන්න අඩු වී ඇතත්, ලැබෙන ආදායම ඉහළ යාම නිසා අවුලක් ඇත්තේ නැතිය. 

සමහර විට මේ නිසා අපේ ශිෂ්ඨාචාරයේ ආරම්බය ලෙස ඉතිහාසයේ සඳහන් වන වැව් බැඳි රටට ගොස් අපි රැල්ලට බයේ වැල්ලට එන්නේ නැති බයගුල්ලෝ නෙමේ ඩෝ කියා විපක්ෂයේ උන්ට පෙන්නුවා වෙන්න පුලුවන්‍ය.

පන් ගොයියන් හා වහලුන් එසේ ඇන්දිය හැකි වුවද, සමාන්‍ය ජනතාව එසේ ඇන්දිය නොහැකිය. 

කොළඹ සමාන්‍ය ජනතාවට දැන් නැවතත් පාරේ යන්නට බැරිය. මේල් නේස්ගේ, කක්කා චෙකර්ගේ හා කුණු ඉනිස්පැට්ටර්ගේ සේනා කොළඹ පාරවල් පුරා රෙනවාය. ඉස්පිරිතාලවල බෙහෙත් නැතිය. නේස්ලා නැතිය. ඉස්පිරිතාල සියල්ල හදිසි අනතුරු වාට්ටුවේය. 

ඊට පහුවදා රටේ ඩෙංගු මරණ වැඩි උනත්, ඩෙංගු මදුරුවාගෙන් බඩ රස්සාව කර ගන්නා උන් වගයක් ඩාර්ලි පාර වසා ගත්තේය. සමාන්‍ය ජනතාව පැය ගනන් වාහන ඇතුලේ මහ පාරේය.

ඉතිරි අවුරුදු තුනේ එරියස් එක්කම රට හදනවාය කිව්වාට, එහෙම ඇඟට දැනෙන කිසිම දෙයක් වෙලා ඇත්තේත් නැතිය. උද්ධමනය අහස උසට ගොස් ඇති බව කියන්නේත් මහ බැංකුවේ බක පන්ඩිතයෝමය. ඒක අඩු කරගන්නා ක්‍රමයක් උන් දන්නේත් නැතිය.

ආයෝජකයෝ එන්නේත් නැතිය. දේශීය ආයෝජකයෝ කිසිම බිසිනස් එකක් අළුතෙන් පටන් ගන්නේත් නැතිය. ආයෝජකයෝ ආයෝජනය කරන්නට බයය. පිටරට ඉන්නා උන් සල්ලි එවන්නේත් නැතිය.

ආන්ඩුවේ අසමත්භාවයට හේතුව කොරෝනා වසංගතය නොව ආන්ඩුවේ කළමණාකරනයේ දුර්වලතාවය බව කියන්නේ ආන්ඩුවේම පැස්ටෝල් ඇමතිය. සුසිල් ප්‍රේමජයන්ත එලෙව්වාට මුන් එලවන්නට ආන්ඩුව බයය. උන් දෙන්නා තුන් දෙනා ආන්ඩුවට රෙවෙන්නම ගහනවාය.

ඒ අස්සේ පාස්කු ප්‍රහාරයේ නඩුව හතර අතේ වනනවාය. ආන්ඩුව අධිකරණයට ඇඟිලි ගහන්නේ නැති එක හොඳය. හැබයි ගැහුවත් නොගැහුවත් අපේ උන් හිතන්නේ ගහනවාමයි කියලාය. උසාවියෙන් නිදොස් කොට නිදහස් කරනා කිරිල්ලට මිනිස්සු එහෙම හිතනෙකත් සාධාරණය.

හැබයි වෙන්න ඕනා පොලොන්නරුවේ උකුස්සා බැඳුම්කර කේස් එකට විශේෂ උසාවියකින් කඩිමුඩියේ දිනපතා නඩු අසා හොරා කෑ උන්ගේ මුදල්ද රාජසන්තක කලා වාගේ, මේ වෙනුවෙන් විශේෂ අධිකරණයක් පත්කොට ඉක්මනින් නඩුව බලවනා එකය.

එසේ නැත්නම් වෙන්නේ මේ චෝදනාව දිගටම ආන්ඩුවට එල්ලවෙන එකය. සිරිල් ගාමිනි නැවතත් ආන්ඩුවටම එය බැරකරලා අවසානය.

ඊට අමතරව සජිත්, අකුදි හා පාඨලීලා ආන්ඩුවට ගහමින් රට වටේ යනවාය.

මේ සියල්ලටම පිලිතුරු ලෙස අපි ඕවට බය නෑ ඩෝ 69 ලස්සේ තාමත් ඉන්නේ අපි එක්කයි කිය ගිරිය පුප්පා කෑ ගැසුවාට ඇති වැඩක් නැතිය. ප්‍රශ්ණ සියල්ල එතනමය. 

මේවා තමන් විසින් තමන්ම රවටා ගන්නා ස්වයං වින්දන වැඩ මිස, රටේ ඇති ගැටළු වලට පිලිතුරු නොවේය. 

රටේ ඉන්නේ පන් ගොයියෝ විතරක් නෙමේය. පන් ගොයියන්ගේ ආදායම 100% වැඩි කරාම, පාරිභෝගිකයාගේ වියදමද 100% වැඩි වෙන බව ගාමිනි සෙනරත් හෝ ජනාධිපති තුමාට කියා දෙනවා නම් හොඳය.

ආන්ඩුවක් ඉන්නේ පන් ගොයියෝ විතරක් රකින්නවත්, 69 ලක්ෂයක් රකින්නවත් නොව, සමස්ත රටවැසියා රකින්නටය.

සියල්ලෝ සතුටු කළ නොහැකි බව ඇත්තය. එහෙත් සුළු පිරිසක් සතුටු කරලාත් වැඩක් නැතිය. කල යුත්තේ බහුතරය සතුටු කිරීමය. විශේෂයෙන් මැදිහත් නිවහල් බුද්ධිමත් පාවෙන චන්ද සතුටු කිරීමය.

මෑතකදී චන්දයක් තබන්නට අදහසක් තිබේ නම් මෙහෙම ආතල් එකක් ගත්තාට අවුලක් ඇත්තේ නැතිය. මොකෝ වහල්ලු ටිකත් නැති උනොත් මේ සැරේ එල්ලෙන්න වෙන්නේ ජනෙල් වල නොව මැදමුලනේ ගස්වලය. 

එසේ නොමැති නම් මේ කරන්නේ 2015 වාගේම තමන් විසින්ම තමන් රවටා ගැනීමේ නාඩගමක්මය.


ඒ වගත් මෙසේය .....

24 comments:

  1. සල්ගාදු= ගල්සාදු =සමරිසියතිවර

    ReplyDelete
  2. පිස්සො කලබල උනාට දොස්තර කලබල වෙන්නේ නැත කියල ලොව 4වන විවාහක රූ රැජින පුෂ්පිකා මැතිනිය පවසා තිබෙනවා.
    https://www.gossiplankanews.com/2022/02/blog-post_09.html

    ReplyDelete
  3. පින්තූරේ බැසිල් රුයිතෙට ඉන්න විදිය දැක්කම හිතෙනවා අනාගත නායකයාත් හිටගන්නවත් බැරි එකෙක් කියලා.

    ReplyDelete
  4. අපට කරන්නට හිතාන
    කොහොමෙන් හරි බලයට එන
    එකම පැතුම හිස දරාන
    ඉන්නා දන බලව් සුදන!

    ReplyDelete
    Replies
    1. හෙළ ඉතිහාසයට, මහා දැනුම් පද්ධතියට ගරහනා, ආක්‍රමික රඡපකෂ වඩිගයන් මාත්‍රෘෘභූමියේ බුද්ධ ඉතිහාස පස්යටකර වලදමනලදී.

      දූශිත පොහොට්ටු මිත්‍යාදුශ්ඨික නිඝන්ටයන්, මහායානික බමුණන් ගෝටාබය, මරා ඇතැතුළු වංචනික වහල් වංචනිකයන් ඉතිහාසය තුළ වැලලීයාම හැර වෙන කිසිවක් අනාගතයට ඉතුරැ වී නොමැති බව ඵ්කාන්තවශයෙන් ඉස්ථීර සාරලෙස සටහන් තබන්නෙමු!

      Delete
    2. @ Ano 9.09 PM

      පිස්සාගේ සිරිත අන් අයට පිස්සා කිවීම.

      Delete
    3. නිමල් දිසානායක ​කියන්නේ මේ ලෝකය තුළ ඇති සියලු විද්‍යාවන් පිළිබඳ පරතෙර දක්වා හදාරා ඇති කෘතහස්ත විද්වතෙක්. සමාජ විද්‍යා, මානව ශාස්ත්‍ර, නවීන සියලු විද්‍යාවන් පිළිබඳ දැනුමින් කෙළ පැමිණි විශිෂ්ඨ බහුශ්‍රැතයෙක්. එතුමා නොදන්නා විද්‍යාවක් මේ විශ්වය තුළ ඇතැයි මම නොසිතමි. ඔහු කියනා දෙයක් විතණ්ඩනය කිරීමේ හැකියාව මහාචාර්ය මාතලන්ට තබා අයින්ස්ටයින් මතු නොව මතු බුදු වන ගෞතම බුදුන්ට වත් නැත.

      Delete
    4. මුරුංගා ගහක ඉහළම අත්තේ තැබීම පිළිබඳව ගොඩාරියක් ස්තුතියි!

      Delete
    5. @ Ni.Di

      ඉස්සර ජේ.බී. ඔබේසෙකර කියලා දේශපාලඥයෙක් ඉඳලා තියෙනවා. බණ්ඩාරනායකලාගෙ කාලේ.
      එයා එක ප්‍රදේශයක රැස්වීමකට යනකොට ආධාරකාරයන්ගෙන් අහලා තියෙනවා මේ රැස්වීමට එන්නේ මොනවගේ මිනිස්සුද කියලා.
      සර් මෙහෙ ඉන්නේ පදු මිනිස්සු කියලා එයාලා ඔබේසේකරව දැනුවත් කරලා.

      ඔබේ සේකර රැස්වීම පටන් අරන් තියෙන්නේ
      පදු නෝනාවරැණි, පදු මහත්වරුණි කියලා.

      Delete
  5. ආණ්ඩුවට විරුද්ධව පාරට බැස වර්ජන කරන අය ආණ්ඩුව දෙස නොව ජනතාව දෙස බැලිය යුතුය. රාජ්‍ය සේවකයන් රටත් ජනතාවත් වෙනුවෙන් සේවයට කැපවිය යුතු වේ. පිබිදෙමින් පවතින ආර්ථිකය ආරක්ෂා කරගැනීමට රට නොවසා දිගටම රට විවෘතව කර්මාන්ත හා සේවා කටයුතු කරගෙන යා යුතුයි. සංචාරක කර්මාන්තය නැවත පෙර තත්වයටම ආසන්න මට්ටමකට ඇති කළ යුතුයි. එය කළ හැකියි තව ටික දවසකින්.

    ReplyDelete
  6. ටොයියොයි ජෙප්පොයි පිස්සු වැටිලා... උංගෙ social media වර්චුවල් ලෝකෙදි උන් දිනල කියල හිතං හිටියට එලියට බැස්සම වැඩේ කෙලවෙනව කියල තේරිලා තියෙන්නෙ දැන් ...

    ReplyDelete
  7. " චෙක් එපා කෑෂ් දෙන්න "

    - වසන්ත සමරසිංහ-

    ඕස්ට්‍රේලියාවේ ඉදන් පොඩි නිවාඩුවකට ලංකාවට ආපු Dulip D ට පොඩි ආතල් එකක් ගන්න හිතෙනවා. මේ දවස්වල ලංකාවෙ ලොකුම බයිට් එක තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහට කතා කරනවා.

    " සහෝදරයා මම රට ඉඳලා ආවේ. මම කැමතියි ජවිපෙට උදව් කරන්න.. "

    මේ දෙබස විනාඩි කිහිපයක් ඇදි ඇදි යනවා. එක තැනකදී දුලිප් ඩී තමන්ට අවශ්‍යය තැනට වසන්ත සමරසිංහව ගේනවා.

    "මම කැමතියි ජවිපෙට ලක්ෂ 20 ක් දෙන්න . හැබැයි චෙක් එහෙකින් තමයි දෙන්න වෙන්නේ..."

    ඔන්න බලලා මල්ලෙන් එළියට පනිනවා..

    " සහෝදරයා හෙට හවස පැලවත්ත කාර්යාලයට එන්න. හැබැයි චෙක් නෙවේ කෑෂ් අරගෙන එන්න.."

    මට මෙතනදි ප්‍රශ්ණ කිහිපයක් පැන නගිනවා..

    ��වසන්ත සමරසිංහ කෑෂ්ම ඉල්ලන්නෙ ඇයි..?

    �� ජනතා විමුක්ති පෙරමුණට ඔවුන්ට සල්ලි දෙන කෙනාගෙ පැටිකිරිය අවශ්‍යය නැද්ද..?

    �� ඕනෑම හොර ව්‍යාපාරිකයෙකුගෙන්, තක්කඩියෙකුගෙන්, ත්‍රස්තවාදී සංවිධානයකින් ජවිපෙ ට සල්ලි ගන්න පුලුවන් ද..?

    ��එම සල්ලි උපයා ගත් ආකාරය ජවිපෙට වැදගත් නැද්ද..?

    ��ජනතා විමුක්ති පෙරමුණට එම මුදල් කළු සල්ලි වුවත් ප්‍රශ්නයක් නැද්ද..?

    ��දිලිත් ජයවීර සහ නිශ්ශංක සේනාධිපති විසින් වරින් වර ප්‍රකාශ කළ ජවිපෙ රුපියල් බිලියන 08 සල්ලි ලැබුණේ මෙවැනි අනියම් මාර්ග වලින්ද..?

    ��ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් තම ඇඳිවත පවා පක්ෂ නායකයින්ට පූජා කරද්දි.. මේ ලැබෙන සල්ලි යන්නෙ කාගේ සාක්කුවටද..?

    ��ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් සහ එම පවුල් අති සුඛෝපභෝගී ජීවිත ගත කරන්නෙ කළු සල්ලි වලින්ද..?

    ��යමෙකුගෙ මෙවැනි ලඳ බොළඳ දුරකතන ඇමතුමකට ඇන්දෙන මට්ටමට ජවිපෙ ඉහළ නායකත්වය මෙතරම්ම ගොන් ද..?

    ජනතා විමුක්ති පෙරමුණ මෙම ප්‍රශ්ණවලට ජනතා අධිකරණයක් ඉදිරියේ පිලිතුරු ලබා දිය යුතුය.

    ජනතා විමුක්ති පෙරමුණේ මේ දෙබිඩි, තක්කඩි ක්‍රියාපිළිවෙලට කියන්නෙ..

    " හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් " කියාය..

    නැතහොත්..

    " ලොරියේ බෝඩ් එක බුදුසරණයි වූවාට ලොරිය ඇතුලේ හොර හරක්

    දැන් ඔය ඕක බයිට් එකට කෝල් කරලා ලීක් වෙච්ච හින්දනේ කට්ටිය දන්නේ...
    ඔය විදිහට ඇත්තටම සල්ලි දෙන මිනිස්සුත් ඕනතරම් ඇතිනේ. ඒ වගේ මිනිස්සු කීයක් සල්ලි දෙනවද, ඒවට කරන්නේ මොනවද කියලා සමිල දන්නවද... සමිලට ඒක දැනගන්න ඕන උනොත් දැන් ජවිපෙට සහය දෙන කෙනෙක් විදිහට ඔයාට ඒක දැනගන්න පුලුවන් විදිහක් ජවිපේ ඇතුලේ තියනවද?
    පක්ෂ අරමුදල් ගැන එහෙම විනිවිදභාවයක් තියන හින්දද ඔයා මේකෙනුත් ජවිපේ හොරු නෙමෙයි කියලා ඔප්පු උනා කියන්නේ? නැත්තන් මිනිස්සුන්ට වංචාකරන්න පුලුවන් තනියෙන් විතරයි කියලද මේ කියන්නේ?
    නැතත් ඉතින් පක්ෂේ එකවුන්ට් එකට දාන්න කියන්න හරි චෙක් එකක් දෙන්න කියන්න බැරි ඇයි?

    මොනවා උනත් නාගානන්ද අඩුගානේ ඒකවත් කලා සල්ලි දුන්න එවුන් වෙනුවෙන්.

    ReplyDelete
  8. ලංකාවේ මාධ්‍ය හරහා ජනපතිගේ කාබනික පොහොර යොදා වගා කිරීමේ වැඩසටහන තව දුරටත් සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට මීළඟ පියවර වශයෙන් 2022 වසරේ ලබන ඉදිරි යල කන්නයේදී (2022 මාර්තු- සැප්තැම්බර්) ගොවීන්ට උපරිම ලෙස සහයවීම සඳහා රට පුරා සෑම කුඹුරකට සහ වගාබිමකටම හමුදා සාමාජිකයින්ගේ දායකත්වය ඒ පිළිබඳ පූර්ණ දැනුම සහිත හමුදා නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ යොමු කරන බව ජනපති උපදෙස් මත යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය හරහා පැවැසූ එක ගැන මාතලන් මොකද හිතන්නේ? කෘෂි විද්‍යා ආචාර්ය මහාචාර්යවරුන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පින් පඩි හරක් රැලගේ රෙදි ගැලවීමට ඉඩ තියෙනවා නේද? මොකද ආමි කාරයෝ ඔය ඕගනික් මගුල් හොඳටම කරල තිබුණා පසුගිය කාලයේ ඒකයි.

    ලංකාවේ කෘෂිකර්මාන්තය industry එකක් විදිහට වාණිජ සාර්ථකත්වයක් ලබා ගෙන ඉහළම තැනකට එසවීම සඳහා ජනපතිගේ විශේෂ උපදෙස් මත තමා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පැවසූ යුද හමුදාපතිවරයා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සියලු සැලසුම් සකසා අවසන් කර ඇතැයිද සඳහන් කළා.

    කෙසේ වෙතත් කෘෂිකර්මයට සම්බන්ධ ආයතන සහ නිලධාරින් සමඟත් හැකි පරිදි සම්බන්ධවී (සම්බන්ධීකරණය) ගොවීන්ට පොහොර සැපයීමේ සිට අස්වැන්න ලබාගැනීම දක්වාවූ සියලු කටයුතු සඳහා විවිධාකාරයට සියලුම ආකාර වලින් උපකාර කිරීම මෙම හමුදා නිලධාරීන්ට පැවරෙන වගකීම බවද ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ. එමෙන්ම කොවිඩ් එන්නත්කරණයේදී උපරිම ලෙස දායකත්වය දැක්වූ ආකාරයටම රටේ කෘෂිකර්මාන්තය ඉහළ නැංවීම සඳහාද ඉහළම දායකත්වය දැක්වීමට යුද හමුදාව සූදානම් බවත් ජනාධිපතිවරයා ඒ සඳහා තමාට අවශ්‍ය උපදෙස් සියල්ල ලබාදී ඇති බවත් යුදහමුදාපතිවරයා ප්‍රකාශ කළා

    ලංකාවේ කෘෂි කර්මාන්තය ඉහළ නැංවීම සඳහා නිර්මාණශීලීව විවිධ පාර්ශ්ව ඉදිරිපත් කර ඇති අනගි යෝජනාද මෙහිදී සැලකිල්ලට ගන්නා බව පැවසූවේ උතුරු නැගෙනහිර ඇතුළු තෝරාගත් බිම් ප්‍රදේශවල යුදහමුදා සාමාජිකයන් යොදවා විවිධ ආකාරයේ කාබනික වගා ව්‍යාපෘති හෙක්ටයාර් දොළොස් දහසකටත් වඩා දැනටමත් සාර්ථක ලෙස කරගෙන යන ගමන් තවත් හෙක්ටයාර පහළොස් දාහක් ඉක්මවා අලුත් වගා හමුදා නිලධාරීන් යටතේ දැනටමත් අරඹා ඇති පසුබිමකයි. ඒත් මේක සාර්ථක ලෙස කරගන්න පුළුවන් වේවි ද?

    ReplyDelete
  9. මාතා,

    මෙතනදි අපි ආණ්ඩුවේ පැත්තෙන් කතා කළොත් බලයේ ඉන්න ආණ්ඩු පක්ෂයේ පැත්තෙන් වාසිදායක වෙන්නේ විපක්ෂයේ අසමගියයි. මේ නිසා ඇත්තටම ඔවුන් තම සැබෑ බලය ප්‍රදර්ශනය කරන්නට යාම ඔවුන්ට අවාසිදායක වෙන්න පුළුවන්, හේතුව මේ වන විට ආණ්ඩුව නිකම්ම කඩාවැටී තමන් මේ වන විටත් මසාගෙන සිටින ජනාධිපති සූට් තමන්ටම අඳින්නට වාසනාව උදාවනු ඇතැයි මනෝ ලෝකවල මනෝපාර ගහගෙන පිස්සු කෙළිමින් ජනතාවට ගොන් ආතල් දෙන සජිත්, අනුර, චම්පික වැනි ආණ්ඩුවටත් වඩා කුජීත ගොබ්බ දේසපලුවන්ට වැඩේ ඒ තරම් ලේසි නැති බව පෙන්වීම මේකෙන් සිඩුවෙන නිසා තනි ගමන් යමින් සිටින සජිත්, අනුර, චම්පික වැනි විපක්ෂ කල්ලියේ ගෝතයන් එම ගොන් පාට් නවත්වා ආපසු හැරී බලන්නට පොළඹවන්නට ඉඩ තිබේ. මහ පොළවේ සැබෑ තත්වය වන තනිව පොහොට්ටුව පරාජය කිරීමට නොහැකිය යන අවබෝධය ඔවුන් තුළ ඇතිවී උන්ට ටිකක් හරි මොළේ පෑදුනොත් එමගින් ඔවුන් අතර සම්මුතියක් නිර්මාණය වුවහොත් එය පොහොට්ටු කල්ලියට අවාසිදායකයි.

    හැබැයි අනිත් පැත්තෙන් මේ වන විට ආණ්ඩුව කරමින් සිටින දේ ගැන අපගේ අවධානය යොමුවිය යුතුයි, මෙතනදි වත්මන් ආණ්ඩුවේ කට්ටිය සුපුරුදු පරිදි යම් යම් දූෂණයන්වල යෙදෙන බව ඇත්තක් ඒත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් පවා පහළට විහිදෙන මහා පරිමාණ දූෂණයක් සිදුකළ නොහැකි තරමට ආර්ථිකය දුර්වල වීමත් සමග මේ ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව කරන දේ ඉතා වැදගත්, දීර්ඝ කාලයක් තිස්සේ ආණ්ඩු විසින් නොකර තිබුණු ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ඔවුන්ට කිරීමට සිදුවීමත් ඉතා වේදනාකාරී වන මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා ආණ්ඩුවට යම් ජනප්‍රියත්වයක් අවශ්‍ය වෙන නිසාත්, ඒ වගේ දේවල් වලට අවශ්‍ය ශක්තිය ගොනු කර ගැනීමට අනුරාධපුර රැළිය වැනි ජවනිකා වැදගත්, ඒ වගේම පළාත් පාලන හෝ පළාත් සභා මැතිවරණයකින් ජයගැනීම වුණත් නරකම නැහැ, අනෙක් පැත්තෙන් මේ ද්වස් වල ළඟ පිකප් වී මෙලෝ සිහියක් නැතුව ස්වයං වින්දනයේ යෙදෙමින් රට ගඳ ගස්සන විපක්ෂයේ පක්ෂවලට තිබෙන ශක්තියේ තරම පෙන්වාදීමත් වැදගත් දෙයක්, මොකද මේ පොහොට්ටු රැළිය දැක සමාජ ජාල වල දිනපතා රෙන මන්ද මානසික JVP / SJB විපක්ෂ ක්‍රියාකාරිකයන් බියපත් වී මෑතක සිට ‘ආදරණීය ජනතාව’ ලෙස හඳුන්වන පිරිස් මෙම රැළියට සහභාගී වූ විගසම අම්බරුවන් ලෙස ලේබල් ගසමින් සුපුරුදු රිළා පාට් දැමීම සමාජ මාධ්‍යවල දැකිය හැකි වීමත් සමග එයින් මැදහත් ජනතාව නැවත්තත් ආණ්ඩුවේ පැත්තට හැරෙන්න පුළුවන්. මේ අතරේ නන්දසේන/ මරා/ බැරා ඇතුළු පොහොට්ටු කල්ලියේ නායකයන් කලකට පසු සෙනග රැස්වූ රැළියක් දැක ඕනෑවට වඩා චූන්වී ඇති බවත් පේනවා, ඒක ආණ්ඩුවේ පැත්තෙන් අවාසිදායකයි කියලා කියන්න පුළුවන්.

    ReplyDelete
  10. රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිට 2022 නිදහස් දිනයේ ජනාධිපති සමාව යටතේ නිදහස් නොවීම ගැන බරපතළ කනස්සල්ලකින් සිටින බව වාර්තා වෙයි. මෙවර 2022 නිදහස් දිනයේ දීද ඔහුට නිදහස හිමි නොවීම සම්බන්ධයෙන් ඔහු යම් තරමකට කේන්තියකින් සිටිනා බව ද ආරංචියි.

    රංජන් රාමනායක තමන්ගේ කට ගැන ලැජ්ජා වන බවත් සිදුකළ ප්‍රකාශ ප්‍රසිද්ධියේ කනගාටුව ප්‍රකාශ කර සමාව ගැනීමටවත් සූදානම් බවත් ආසන්න දිනවල ඔහුගේ සුදු බැලීමට යන අය සමග පවසන බවද රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිදහස් ලද පසු නැවත දේශපාලනයෙන් නොකරන්නට තීරණය කර ඇති බවද ඔහු ඕස්ට්‍රේලියාවේ දීර්ඝ කාලයක් පදිංචිය සඳහා යාමට සූදානම් වී සිටින් බවද සදහන්. මේ මන්ද බුද්දික අමු මැටි රිලවා ලොකු වෙච්ච එවුන්ට මූගේ ලොකුව කියන්න තියෙන එකම හේතුව උනේ "එයාල ඔක්කොම යාළුවො මල්ලී” කියපු එක විතරයි …ඔන්න උංගෙ දැනුම… නැතිව මූ දේශපාලනේ ඉදන් කරපු එක වැඩක් නෑ රටට… මිනිස්සුන්ට වැඩකට ඇති, සමාජ සේවා ඇමති විදිහට ඉඳලා කොරපු ලබ්බක් නෑ, හඩපට ඇහුවම තේරෙනව ඔළුවෙ තියෙන්නෙ මොනාද කියල, මෙහෙම කාලකණ්ණි පාර්ලිමේන්තු ගිය රටක් නේ මේක

    ReplyDelete
    Replies
    1. @ Ano 1.18

      වැලේ වැල් නැති හරින් දැන් නාමල්ගෙ නැට්ටේ එල්ලිලා කියල ආරංචි , හරින් රන්ජන් නිදහස් කරගැනීමට ඉන්වෝල් උනේ නැත්නම් අද ගොන්ජ එලියේ .යූ ටියුබ් අපතයොයි හරින් වගේ උන් නිසා තාම ගොන්ජ තාම ඇතුලේ . කොකේන් ගහල ගහල මොළේ කචල් වෙච්ච හරින් නාමල්ගෙන් දැනගත්තා දැනටමත් කොහොමත් කිච වෙලා තියෙන ආණ්ඩුව ආයේ ඉල්ලන් ටිංකිරි පුකේ ගා ගන්න රන්ජට සමාව දෙන්නෙ නෑ කියලා. ඊට පස්සෙ මූ මාධ්‍යට කිව්ව රන්ජට සමාව දුන්නොත් රන්ජට පාර්ලිමේන්තු එන්න මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙනව කියලා. රන්ජට සමාව ලැබෙන්නෙත් නෑ. මූ ඉල්ලා අස්වෙන්නෙත් නෑ. කොහොමද හරීන්ගෙ කපටි මොළේ?

      Delete
  11. සෞම්‍යාට දිව දානවාමයි.

    ReplyDelete
  12. කෘතිම බුද්ධිය ගැන ජැක් මා සහ මස්ක් අතර තිබුන සාකච්ඡාවක් බැලුවා ළගදි. දැනට මිනිස්සුත් බහුතරයක් රොබෝලා වගේ නිසා ඕවා අවුලක් වෙන එකක් නෑ.

    ReplyDelete
  13. මම අහලා තියෙන හැටියට American ඔරුමත්තුනාඩුව ගොඩනගද්දී ආදර්ශයට අරන් තියෙන්නේ රෝම අධිරාජ්‍යය.
    බයිබලයේ පාවුල් තුමාගේ කතාවෙන් රෝම ක්‍රමය ගැන හිතාගන්න පුළුවන්.
    රෝම රටවැසියට නිදහස තියෙනවා. රෝම නොවන්නන්ට සලකන්නේ වහල්ලුන්ට වගේ.

    ReplyDelete
  14. "ආන්ඩුව අධිකරණයට ඇඟිලි ගහන්නේ නැති එක හොඳය. හැබයි ගැහුවත් නොගැහුවත් අපේ උන් හිතන්නේ ගහනවාමයි කියලාය. උසාවියෙන් නිදොස් කොට නිදහස් කරනා කිරිල්ලට මිනිස්සු එහෙම හිතනෙකත් සාධාරණය".

    පුකෙන් හිනා

    ReplyDelete
  15. මාතලන් ඉන්නෙත් දැන් රෙන්න පුකේ ගූත් නැතුවය.. ඉස්සර මුහුණු පොතේ නන්දසේන සමග හැමනෙන්න ගොස් නන්දෙ දැන් හොදටම බෝර් කරලාය. ගූ පොදක් පුකේ හිටින්නේ නැත. අදෝ සංසාරේ .......

    ReplyDelete
    Replies
    1. ඒ වගේම අපි වගේ පහුගිය යහපාලන ආණ්ඩුවට පුක හම යනකන් පුක උඩ දාගෙන පුක දුන් හැලි වලන් පොන්න රැලට ද එම සන්තෑසිය පහු ගිය කාලේ සිරා සමග පොනිල් උදාකර දුන් නිසා දැන් අපට පුකේ හිලත් නැත, රෙන්න ගූත් නැත, අනිත් පැත්තට නන්දසේන ගොන් පඩයා කොච්චර කුජීත විදියට කිච වෙලා ගියත් ලංකාවේ ලබ්බේ මැතිවරණ ක්‍රමය අනුව අපේම කියලා එජාප සජබ වැනි අපේ මොංගල් පක්ෂ වල නායකත්වය දැරූ අපේ වහල් හිමියන් වන නායක ස්වාමීන් වහන්සේලාට පේන කාලෙක ආපහු බලය ලැබෙන පාටක් පේන්නටවත් නැත. මේ නිසා අපිටත් දැන් පිස්සුව හොඳටම තදවී මාතලන් වගේ බයියෝ හොය හොයා උන්ට අමු තිත්ත කුණුහරුප කියමින් බැන බැන ගොන් ආතල් දෙමින් තරහෙන් පිපිරි පිපිරී ඔහේ පිස්සු කියවමින් වැලපෙන්න සිදුවී තිබේ.

      - (හු)Kavee

      Delete
  16. මාතා මේ සාකච්ඡාව අනිවාර්යයෙන් බලන්න;

    https://youtu.be/uENpUx6hX7c

    ලංකාවේ දේශපාලනය තුළ ආණ්ඩුව මෙන්ම තවත් විහිළුවක් බවට පත්වී ඇති සමගි ජන බලවේගය නමැති අසාර්ථක පක්ෂය නිර්මාණය කිරිම සඳහා ද තමන් ද මූලික වූ බව කණගාටුවෙන් වුවත් පිළිගන්නා චම්පික රණවක කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් පසු නැවත දේශපාලනයට පැමිණි අවස්ථාවේ නව දේශපාලන බලවේගයක් නිර්මාණය කොට එහි නායකත්වය සඳහා ඔහු යෝජනා කිරීම සඳහා පුරෝගාමී වූයේ තමන් බව ද අවධාරණය කළා.

    නමුත් පසු කාලීනව පැහැදිලි වැඩපිළිවෙලක් නැතුව ඉබාගාතේ යමින් හිතෙන හිතෙන පැත්තට මනස්ගාත කියවමින් යන ආතක් පාතක් නැති සමගි ජන බලවේගය පක්ෂය සමඟ පැහැදිලි වැඩපිළිවෙලක් සහ පුළුල් දූර දර්ෂී අරමුණු රැසක් පෙරටු කොට ක්‍රියා කරන තම කණ්ඩායමේ අරමුණු නොගැලපෙන බැවින් 43 වන සේනාංකය සමඟ වෙනම දේශපාලන මගකට අවතීරණය වීමට තමන් ඇතුළු කණ්ඩායම තීරණය කළ බවද ඔහු පවසනවා.

    ලංකාවේ දේශපාලනයේ දශක ගණනාවකට කලින් මළ කුප්‍රකට පියවරුන් හෝ මේ දිනවල විශ්‍රාම සුවයෙන් සිටිය යුතු වයස අසූවට කිට්ටු වයස්ගත දේශපාලකයන්ගේ පුත්‍රත්වය/ ඥාතීත්වය මත ගොඩනැගෙන පරම්පරා උරුමයෙන් බිහිවන ගෝත්‍රික රාජත්ව සම්ප්‍රදායේ පුද්ගල වන්දනා වෙනුවෙන් ගොඩනැගෙන කඳවුරු වලට කිසිසේත්ම අනාගතයක් නොමැති බව පවසන පාඨලී චම්පික රණවක තමන් ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින්නෙකු මිසක එබඳු පවුල්වාදී නායකයන් පසුපස ගමන් කරන්නෙක් නොවන බව ද දැඩිව අවධාරණය කරයි. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කිරීම සඳහා රටේ බෞද්ධ ජනතාව මුලා කරමින් ඇතැම් භික්ෂූන් විසින් ගෙන ගිය අශෝභන වැඩපිළිවෙළ හමුවේ බුදුදහම විනාශ වී ඇති බව පවසන පාඨලී චම්පික රණවක පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා අද වන විට බෞද්ධයකු ලෙස නොව කාලි මෑණියන්ගේ නූල දරන පුද්ගලයකු වී ඇති බවයි. එමෙන්ම දැනටමත් විභාග කොට අවසන් කර ඇති නඩු විභාගයක් නැවත ඉදිරියට ගෙන බිය වැද්දීම් සහ විවිධ අඩත්තේට්ටම් සිදු කරමින් තම දේශපාලන ගමන නතර කළ නොහැකි බව ද පාඨලී චම්පික රණවක එම සම්මුඛ සාකච්ඡාවේ දී සඳහන් කරන අතර ලංකාවේ බහුතර රටේ ජනතාව දැඩි ආර්ථික අපහසුතාවලින් පීඩා විඳින මොහොතක මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් වැඩ ලක්ෂයක් නමින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම හරහා උත්සාහ කරන්නේ තම දේශපාලන හිතමිතුරන්ට කප්පම් ලබා දී හොරු ලක්ෂයක් බිහිකිරීම බවද පාඨලී චම්පික රණවක මෙහිදී හෙළිදරව් කළා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

    ReplyDelete
  17. මිනීමැරුම් ඇතුළු අපරාධරැසකට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන‘‘ඉලිබේ නීලක" අඟුරුවාතොට වල්පිට බිඩිකොල හංදිය ප්‍රදේශයේ දෙමහල් නිවසක් තුළ දී පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී මියගිය බව අඟුරුවාතොට පොලිසිය කියයි.

    මෙලෙස මියගොස් තිබුණේ ඊශ්වරගේ දොන් නීලක සඳරුවන් නම් 24 හැවිරිදි එක් දරු පියෙකි.

    මියගිය නීලක නැමැත්තා රිමාන්ඩ් බාරයේ සිටියදී ඔහුගේ බිරිඳ වෙනත් පුද්ගලයකු සමඟ සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ බව කියමින් මීට සතියකට පමණ ඉහත දී සිය බිරිඳගේ අත් පා තියුණු ආයුධවලින් කපා හිසට ද බරපතළ තුවාල සිදු කළ බව කියන් සිද්ධිය පසුගිය දින වාර්තා විය.

    ඊට අමතරව ඔහුගේ අනියම් බිරිඳක් සමග සම්බන්ධතාවයක් පැවැත්වූ බව කියන ත්‍රීරෝද රථ රියදුරකු ද බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද මෙම සැකකරු පොලිසිය අවශ්‍ය සිටි පුද්ගලයකු බව ද පොලිසිය කියයි.

    මියගිය නීලක නැමැත්තාගේ හත් හැවිරිදි එකම දරුවා නීලක ගේ මවට බාර දී තිබූ බව පොලිසිය කියයි. පසුව ඇය එම දරුවා ඇගේ ඥාති සහෝදරියකගේ නිවසේ නතර කර ඇති අතර එම දරුවා හෙට දින පරිවාර බාරයට යොමු කිරීමට නියමිතව තිබී ඇත. එසේ තිබියදී මියගිය සැකකරු, දරුවා රඳවා සිටියදී නැන්දාගේ නිවෙසට ටී - 56 ගිනි අවියක් රැගෙන අද පෙරවරුවේ ගොස් අහසට වෙඩි තබා නිවැසියන් බිය ගන්වා නිවස තුළ සිටි එම දරුවා පැහැරගෙන ත්‍රීරෝද රථයෙන් පලාගොස් තිබූ බව පොලිසිය කියයි

    එම සිද්ධියත් සමග සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර පොලිස් කොට්ඨාසයට අයත් පොලිසි කීපයකින් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අවට ප්‍රදේශ සිසාරා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමේදී පලාගිය එම සැකකරු අඟුරුවාතොට පොලිස් වසමේ වල්පිට බීඩි කොළ හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී උඩුමහලේ සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව එම නිවස වැටලූ බව ඇතැයි පොලිසිය කියයි

    එහිදී සැකකාර නීලක නැමැත්තා පොලිස් නිලධාරීන්ට වෙඩි පිට වෙඩි එල්ල කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් නිලධාරීන් ද ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේ දී සැකකරු මියගොස් තිබූ බව පොලිසිය කියයි. ඔහු පැහැරගත් බව කියන දරුවා මේ වන විට හොරණ පොලිසිය බාරයේ සිටින බව ද පොලිසිය කියයි.

    පොලිසිය එම ස්ථානයේ වට කිරීමත් සමඟම නිවසේ සිටි පුද්ගලයා එම නිවසින් පිටතට පැන තිබූ බවයි පොලිසිය පවසන්නේ මේකේ ඇත්ත කතාව මොකක්ද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න