.

.

Nov 22, 2024

කොළඹ සන්නිය නිදන් හෑරීම හා ලෝකේ ළොකුම මැණික් ගල

 


කොළඹ සන්නිය නිදන් හෑරීම හා ලෝකේ ළොකුම මැණික් ගල

➖➖➖➖➖➖➖➖➖➖ 💎💎


කොළඹ සන්නිය කියන්නෙ මගේ ප්‍රියතම සෝ එකක්‍ය....


ඒකේ කතාව වන්නේ හද්දා ගොඩේ ගං කබරෙක් වන ජෝ අබේවික්‍රම එලිබහින්න කැලේට ගිය විට කක්කා ගිඩෙන් මතු වූ ඉතා වටිනා මැණිකක් නිසා කොළඹ 7 පදිංචියට එන එකය.


පුතා ලෙස රඟනා ෆ්‍රෙඩී මැණික් ගල ගැන සුද්දන්ට කියන්නේ.... "අප්පච්චීස් කක්කා ස්ටෝන්" කියලාය.... දුව කියන්නේ... "කමින් සුවිට් කොළඹ සන්නිය කියලාය....


දැන් වෙලා තියෙන්නේත් ඊට හපන් කෙලියක්‍ය... හද්දා පිටිසර ගම්මාන වල උන්නු... ගෝත්‍රික ගං කබර හැත්ත බුරුත්තටම පාලන බලය ලැබිලාය... උන් අතරේ උපධිකාර විසේසග්නයෝත්  ඉන්නවාය....


දැන් මේ හැත්ත බුරුත්ත හා රාජ්‍ය නිළධාරින් ඔක්කෝම එකතු වී වේයන්ගොඩ අධිවේගී මාර්ගයේ නිධානයක් ගොඩ දානවාය...


ඔතන නිධානයක් තියෙනවාද කියා සජිත්ගෙන් හෝ නාමල් බේබිගෙන් ඇහුවා නම් කියනවාය... දෙන්නාම ඒ පිළිබඳ එක්ස්පර්ට්ලා කියා අපට කියා දුන්නේත් මේ ගං කබරයෝමය...


මේ කුමාරවරු දෙදෙනාම පිය රජවරුන් රාජ්‍ය කරනා සමයන්හි නිධන් වදුලෙන් උගත් පාඩම් ගැන රටවෙෂියෝ බෝ සේ කතා වන්නෝය...  එකෙක් නිධන් හෑරුවේ විශේෂ කෙලුකොප්පර් ඩිටෙක්ටරයකින් රටම ඉස්කෑන් කොරමින්‍ය...


දැන් අනුර කුමාරයාත් කාගේ හෝ දිරච්ච ළණුවක් කා නිධන් හාරනවාය...   උන්නැහේට මෙසේ නිධන් හොයන්නට සිඳුවී ඇත්තේ... හඳුනාට එවනවා කියූ ඩොලර් මිලියනටත්, චතුරංග හිච්චි සඕදරයාට එවනවා කියූ ඩොලර් බිලියනයත්, විදෙස් රටවල ඉන්නා ගං කබරුන් එවනවා කියූ මන්ත්ලී ඇක්ස්ට්‍රා ඩොලර් 500 ත් එන්නේ නැති නිසාය... දයිවේ සරමක් වෙමින් උන් දෙන්නාම දැන් එකම අමාත්‍යාංශයට දමා ඇත්තේ... ගේනවා කියපු ඒවා http ලා දෙන්නා දැන් ගෙනත් පෙන්නපිය කියාය.


අපට නම් අනුර කුමාරයා හෙවත් ණයවන චේතිය රජතුමාට කීමට ඇත්තේ... ඔය එක එකා දෙන දිරච්ච ළණු කන්නේ නැතිව... පුලුවන්නම් රත්නපුරේ රජයේ ඉඩම් වල නිධන් හාරන වැඩේ පටන් ගන්නෙයි කියලාය. මේ පිළිබඳ විසේසග්නයෙක් වන නාමල් කුමාරයාගෙන් ඒ පිළිබඳ උපදෙස් ගත හැකිය.


ගොබ්බ ගෝටා රජ කරන සමයේත් පතල් කාර්යන්සේ හා මැණික් සංස්ථාවේ උන් ගෝටා අනාට ගොන්දවා ලෝකේ ලොකුම මැණික් ගල සොයාගත්තා යැයි ප්‍රීතී ප්‍රමෝදයට පත් වී රජයේ වියදමින් ලෝකේ පුරා යමින් බඩු ගසා කා බී ප්‍රීතී වී බඩුත් ගසා ආ බව මුන්ට අමතක වීම ගැන ඇත්තටම අපිට දුක හිතෙනවාය..


මෙවන් ඉල්ලම් ගල් රත්නපුරේ ඕනෑ තරම් තියෙනවාය.....


රාජ්‍ය නිළධාරින් කියෙන්නේ ඒ තරම් ශුක්‍ර සුනඛයෝ බව හො ම ත ග යු.


ඒ වගත් මෙසේය.....


.

27 comments:

  1. ඔවු මේ කතාව නම් ඇත්ත. අලුත් ජනපති අනුර සහ ආණ්ඩුව අත්දැකීම් නැති නිසා ආණ්ඩුව තනිකරම රජයේ නිලධාරීන්ගේ සහ එක්සත් ජනපදය භාරතය වගේ විදේශීය රටවල ඍජු පාලනය යටතේ පවතින මපට් රජයක් බවට පත්වෙච්ච එක ගැන කණගාටුයි. තව ටික දවසකින් ආණ්ඩුව තනිකරම විහිළුවක් බවට පත්වෙන බව පැහැදිලිවම පේනවා, නමුත් එකම ප්‍රශ්නය මොවුන් එලවා නැවත පත්කර ගැනීමට සුදුසු හරිහමන් විපක්ෂයක් නැති එක..., එහෙම නේද?

    ReplyDelete
  2. @ Maathalan

    What do you think about this news? Can you please elaborate it?


    //ශ්‍රී ලංකාවේ නව ඊලම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් යෝජනා කර තිබේ.

    කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෝන් චෙන් කැනඩා පාර්ලිමේන්තුව වෙත යෝජනාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව දෙමළ සංහාරය සම්බන්ධයෙන් චෝදනා විභාග කල යුතු යයි පෙත්සමක් අත්සන් කිරීමටත් ජනමත විචාරණයක් පැවැත්වීමටත්ය.

    ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන්ගේ ස්වයංපාලන අයිතිය ශ්‍රී ලංකා රජය දරුණු ආකාරයෙන් උල්ලංඝනය කර ඇතැයි ද එම පෙත්සමෙන් කියා සිටී.

    2009 වසරේ මැයි මාසයේදී ලංකාවේ එවකට පැවති ආණ්ඩුවේ අභිලාෂය පරිදි රජයේ හමුදා විසින් සිදු කළ ජන සංහාරක යුද්ධය හරහා දෙමළ ඊලම සම්පූර්ණයෙන්ම දමිළ වැසියන් අතිවිශාල පිරිසක් සමූල ඝාතනය කිරීමකින් අවසන් කළ බවත් එම පෙත්සමෙන් චෝදනා කරයි.

    ශ්‍රී ලංකාවට එරෙහිව ලෝකයේ සියළුම රාජ්‍යයන් එක්වී ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ දෙමළ සංහාරයට එරෙහිව චෝදනා ගොනු කළ යුතු බවද ඔහු තවදුරටත් එමඟින් යෝජනා කර ඇත.//

    Will this be implemented in Sri Lanka in the next few months?

    ReplyDelete
    Replies
    1. @ Annonymous

      ඔය එන්නෙ. ඔය එන්නෙ. ඕක තමයි ගිහින් ප්‍රොමිස් වෙලා ආවෙ. මෙහේ අය දුන්නෙ ඔක්කොම පිටින්. කොහොමත් ලෝක දේශපාලනය ඉස්සර වගේ නෙමේ. අද වෙනස් වෙන ලෙසටම හැමෝටම දැන ගන්න ලැබෙනවා. ඒකත් එක්ක කාටවත් මොකුත් කියන්න බැහැ. ඉස්සෙල්ල පළාත් සභා තියාවි. ඉන්දියාවට ඕනෙ ඒක. ඊට පස්සෙ 13+. ස්වයං පාලන අයිතිය දේවි. ඔය මැප් එකට ඕනෙ දේ සිද්ධ වෙනවා. මෑතකාලීන රනිල් සහ ඉස්සර ඉඳලම මහින්ද නම් මොනව උණත් වෙනත් රටවල රූකඩ වෙන්න ගියේ නෑ. මේ අය කරන දේ ඉක්මණටම දැනගන්න ලැබේවි. ඒත් ප්‍රමාද වැඩි වේවි එතකොට. 😪

      Delete
  3. අපි උගන්ඩාවට යැවූ සල්ලි වලින් රට කිරීමට බලා සිටියෙමු නමුත් ඒවා උගන්ඩාවේ සල්ලි බව උගන්ඩා කුමාරි අපට පසුව පහදා දුන්නාය..
    අප ඡන්දය දැමීමට ප්ලෙන් අරන් පැමිණි විදෙස්ගත වහලුන්ගේ අමතර ඩොලර් 500න් රට කිරීමට බලාසිටියෙමු නමුත් ඒ වාහෙලා එවන ලබ්බක් නැතිය.
    එසේනම් රට කිරීමට අප නිධන් නොහාර වෙන කුමක් කරම්ද?

    ReplyDelete
    Replies
    1. හහ් හා නියම කතාව 😅🫡👌👏

      ඇත්තටම සෙන්නා පහුගිය කාලේ පුරාම තැරිදාර පුන්නක්කු මාලිමා ජෙපි වහල් මීහරක් හැතිකරේ හැමදාම කිව්වේ නිධානයක් උඩ ඉඳගෙන හිඟා කනවා කියලනේ 😂🤩🤣
      ඒකයි ඔය හාරනවා ඇත්තේ😃😊😂 කමක් නෑ හාරලාම බලපුදෙන්, අර ඉස්සර ගොන්ජා මැදමුලනේ ඉඩම් හාරලා හොරාකාපු සල්ලි හොයලා දුපු ගොන්ආතල් ආයේ අලුතින්ම අහන්න දකින්න ලැබෙන එකත් කොච්චර දෙයක්ද 😅😂🤣

      මේ තියෙන්නේ නිව්ස් වල ගියපු කතාව:
      https://www.youtube.com/watch?v=LMhEbP6q5PU

      Delete
  4. මචන්ලා

    මේක තමයි පේන විදියට ලංකාවේ එතෙක් මෙතෙක් පහළ වූ ගොන්ම ආණ්ඩුව, අපි ලංකාවේ හිටපු කාලේ 2015 අපිත් ඡන්දය දීලා පත්කරගත්ත යහපාලන ආණ්ඩුවත් අපටම ගොන් ආතල් දුන්නා තමයි, ඒත් මුන් දැන් ඒ රෙකෝඩ් එක කඩලා ඊටත් වැඩිය හද්ද ගොන්ම ගොන් ආතල් තමයි දෙන්නේ, ගොන් අනුරයට නම් පුපේ ඉඳන්ම පිස්සුද කොහෙද

    මේක බලපන්

    https://www.youtube.com/watch?v=LMhEbP6q5PU

    🤣😂😅

    ReplyDelete
  5. බලන්න අපේ ජනපති අනුර කුමාර දිසානායක සහෝදරතුමා නිදන් හාරන්න එන අහිංසක මිනිසුන් පොලීසියට අහුවෙලා හිරේ යන නිසා ඒක නවත්තන්න ඔය තීරනය අරගෙන හාරලා බලලා රජයෙන් නිධානය අරගන්න ඕන කියන තීරණය අරන් තියෙන්නෙ. අතිගරු අනුර සහෝදරතුමනි, ඔබ නම් දරුවන් රකින පියෙකි.🙏🪷 දීර්ඝයු අපේ ජනපති තුමනී.ඔබ නම් මිහිපිට අපේ වාසනාවට පහලවූ පිය දෙවියෙක් .🙏
    සියවස් ගණනාවක් අප දුටු සිහිනය වෙනස් කරන්නට ආ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ඔබයි, ඒකයි කාදිනල් උන්නාන්සෙත් ඔබට ඔය තරම්මටම උපරිම සහයෝගය ලබා දී ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා කිව්වේ, අතිගරු අනුර කුමාර දිසානායක සහෝදරතුමනි, ඇත්තටම රට යන අතනම් දැන් හරිම සතුටුයි මාලිමාවට ජයෙන් ජයම ජයවේවා ❤❤❤

    #මොනවාවුණත්අපිමාලිමාවට
    #සෝදමු_අපි_සෝදමූ
    #NPPWashingMachines

    ReplyDelete
    Replies
    1. @ මාලිමා වහල්ලු

      අනුරයත් හොඳටම කරල තියෙනවානේ බන් ! බොලා හෙන වාසනාවන්තයි, මෙන්න අපෙනුත් තවත් අදහස් කීපයක්,

      ඕක මහා නිධානයක්‍ .... රටටම මහා මිරිස් ගල් කෝටියක්ම හදන්නට පුලුවන්​. තව පුංචි කෑලි රවුම් කරලා පිට අතුල්ලන ගල් කෑලි 68 ලක්ශයක් හදා ගන්නත් පුලුවන්‍ බොලාට ඡන්දේ දීපු හිටපු ඇටනව ලස්සේ වහල් වේස බයි හැතිකරයටම​.🥴

      මේ ටැග් එකත් ගහපන්

      #මාලිමාව තමයි හොඳටම කරල තියෙන්නේ😵‍💫

      Delete
  6. A#K#D next speech-

    "... ඒ නිසා අපි ඒ අදාල අංශ වලට නියෝග කළා දිගටම හාරගෙන හාරගෙන යන්න. හැතැක්ම 10 ක් විතර පොලව යටටම හෑරුවම සමහර විට රත්තරන් හෝ තෙල් නිධියක් හම්බවෙන්න පුලුවන්. ඊළඟට තවත් හැතැප්ම 100 ක් පමණ හෑරුවම අපට භූගත ඌෂ්ණයෙන් දුවවන, අති දැවැන්ත විදුලිය ජනනයක් කරන්න පුලුවන්. ඒ විදුලිය රටවල් ගනනාවකට සපයලා අපේ මුලු විෙද්ශ ණය බරින් නිදහස් වෙලා, සෑම නිවසකටම අධිවේගී මාර්ගයක් සහ නෙලුම් කුළුනක් හදා දෙන්නත් පුලුවන්...."


    Resources-
    - Sulphuric Kumar
    BSc (Physical Science) University of Kelaniya

    ReplyDelete
  7. අඩේ, අපේ අල්ලපු ගෙදරත් නිධානයක් තියනවාලු... ජනාධිපති අනුර බ්රෝගේ ආණ්ඩුවට කියන්නකෝ එන්න කියලා බැකෝ එහෙම අරන්... හැබැයි අපි ඒ කස්ටිය එක්ක තරහයි 😂

    ReplyDelete
  8. ආර්ථික අර්බුදයෙන් රට බේරගත්තේ රනිල් නොවේ..එය කලේ ගෝඨාභයයි..ලංකාවේ ආර්ථික අර්බුදය උච්චතම ස්ථානයට ආවෙ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් සහ පැය 13 ක විදුලිය කප්පාදු කරන්න සිදුවු 2022 මාර්තු මාසෙ 30 වෙනිදා..එදා තමයි ගෝටාභයගෙ මිරිහානෙ ගෙදරට මිනිස්සු රැස්වෙලා කලබල කරේ....ඒ එක්කම කබ්‍රාල් සහ බැසිල් මුදල් ඇමතිකමෙන් සහ මහබැංකු අධිපති කමෙන් ඉවත් වෙනව. කොහොම උනත් 2022 මාර්තු මාසෙ 13 වෙනිද බැසිල් ඉංදියාව සමඟ කතාකරල ඩොලර් බිලියන 1 ක credit line එකක් විවෘත කරගන්නවා අත්‍යාවශ්‍ය භාන්ඩ ලබාගන්න..
    🌿🌿තනිවුන ගෝටාභය ඕස්ට්‍රේලියාවෙ ගොල්ෆ් ගගහ හිටපු අචාර්‍ය් නන්දලාල් මහතාට කතාකරල මහබැංකු අධිපති දූරය බාරගන්න කියනවා..
    අප්‍රේල් මාසෙ 8 වෙනිදා මහබැංකු අධිපති ධුරය බාරගන්නවා ගෝටාභය ජනාධිපතිවරයා අතින්.
    🌿ඒ වෙනකොටත් ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අලි සබ්‍රිව මුදල් ඇමති ලෙස පත්කරනවා..ඒ බැසිල් රාජපක්ෂ වෙනුවට..
    🌿🌿🩸ගෝටාභය ජනාධිපති ඊළඟට ආර්ථික කළමණාකරණය පිළිබඳව ජ්‍යෙෂ්ඨයෙක් වන මහින්ද සිරිවර්ධන මහතාව පත්කරනව මුදල් අමාත්‍යාංශයෙ ලේකම් ලෙස..
    🌿🌿🩸අදටත් මුදල් අමාත්‍යාංශයෙ ලේකම් සහ මහබැංකු අධිපතිවරයා තෝරා පත්කරපු ජනාධිපතිවරයා අන් කවරෙකු නොව ගෝටාභය හිටපු ජනාධිපති වරයායි.. අනුර ආවත් ඔවුන් දෙදෙනා තාමත් එහෙමයි
    🌿මේ සියලුම දේ සිදුවන්නෙ 2022 අප්‍රේල් මාසෙ මුල් සති දෙකේ...ඒ එක්කම 2022 අප්‍රේල් මාසෙ12 වෙනිද මහබැංකු අධිපති නන්දලාල් මහතා ඒක පාර්ශ්වීය ලෙස ණය ගෙවිය නොහැකි රටක් ලෙස ප්‍රකාශයට පත්කරනව ...මේ වනවිටත් ගෝටාභය ආන්ඩුව, IMF සමඟ මූලික සාකච්ඡා ආරම්භ කරලා තිබුනෙ...ඊට පස්සෙ අප්‍රේල් 18-22 කාලෙ IMF spring meetings පැවැත්වෙනවා ඇමරිකාවේ නිව්යෝක් වල..ඒ සඳහා ලංකාවෙන් ගියෙ අලි සබ්‍ර්, නන්දලාල් වීරසිංහ, මහින්ද සිරිවර්ධන සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් ..
    ඔවුන් ඇමරිකාවට ගිහින් IMF එකෙ විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා මහත්මිය හමුවෙලා ලංකාවට extented fund facility කියන IMF එකෙ තියෙන මූල්‍ය පහසුකම හරහා මුදල් ලබාදියහැකි දැයි විමසනවා ...එහිදි ඇය ඒ සඳහා ගතයුතු මූලික ක්‍රියාමාර්ග සඳහා අදාළ නිලධාරීන් පත්කරනවා..
    🌿ඔය අතර වාරයෙදි ලංකාවේ නියෝජිත පිරිස එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්, ආසියානු සංවර්ධනය බැංකු නියෝජිතයන්, ලෝක බැංකු නියෝජිතයන්, ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල නියෝජිතයන් හමුවෙලා මූලික වටයේ සාකච්ඡා පවත්වනවා.
    🌿ඔය අතරතුර ඉංදියාවෙ මුදල් ඇමතිනිය ලංකාවේ නියෝජිතයන් හමුවෙලා සාකච්ඡා කිරිමේ ප්‍රතිඵලයක් ලෙස මාර්තු මාසෙ ලබාදුන් credit line එකට තව ඩොලර් බිලියන 3.2 දක්වා ඉංදියාවෙ බැංකු හරහා නිකුත් කිරිමට පොරොන්දු වෙනවා...
    🩸මේ සියලුම දේ සිදුවෙන්නෙ ගෝටාභය ජනාධිපතිවරයා යටතෙ අප්‍රේල් මාසෙ...🩸
    කොහොම උනත් ඒ වෙනකොට IMF නියෝජිතයන් ලංකාවට එවන්න සැලසුම් කරල ඉවරයි.
    🌿ඒ එක්කම lazard and chance කියන මූල්‍ය බේරැම්කරන සහ ණය ප්‍රතිව්‍යුහගකරන අත්දැකීම් සහිත ජාත්‍යන්තර උපදේශන ආයතනය ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගකරණය සඳහා තෝරා ගන්නවා..කොහොම උනත් ඔය වැඩේ කරන්න අවශ්‍ය පරිපාලන වැඩ ටික ගෝටාභය ජනාධිපතිවරයාගෙ කාලෙදිම ආරම්භ වෙනවා.
    ඒ වෙද්දී ඔය රනිල් වික්‍රමසිංහ පැත්ත පළාතක හිටියේ නෑ..
    මේ සියලුම දේවල් සිදුවෙනෙ අතරතුර තමයි ලොන්ත රනිල් පැත්තකින් බලල් අත්ලවා ගෝල්ෆේස් කූඩාරං අටවලා බොරදියේ මාලු බාලා අගමැති කම ගන්නෙ..එතනදි ඔය කියන විදියට බාර ගන්ඩ කවුරුවත් හිටියෙ නෑ කියන එක හොඳයි රනිල්ගෙ පස්සෙ යන මරිමෝලුන්ට..ඇත්තටම ඊනියා ජාත්‍යන්තරය දියාරු ගෝඨාව යටකරගෙන ඔවුන්ට ඕන කෙනාව නම් කලා..පොඩි ඩ්‍රාමා එකක් අස්සෙ වෙන කවුරුත් බාරගන්න නෑ කියලා රනිල්ව බාරගන්න තැනට අරන් ආවා..
    මැයි මාසෙ 9 වෙනිද ගෝටාගෝගමට පහරදීල කරපු ගොබ්බ වැඩේ නිසා රනිල්ගෙ මඩිය තවත් තර උනා..අන්තිමේදි පොහොට්ටු මන්ත්‍රිලට ඇමතිලාට රනිල් ආරක්ෂකයා වෙන ගානට සැලසුම පියවරෙන් පියවර මුදුන් පත්කලා.. ..ඊට පස්සෙ වෙච්චි දේවල් හැමෝම දන්නවනෙ...රනිල් ජනාධිපති උනා..

    ReplyDelete
    Replies
    1. ඒ නිසා ඇත්තටම IMF එකත් සමඟ සාකච්ඡා ආරම්භ කරලා,ආර්ථික අර්බුදයේ පල්ලමට බ්රේක් නැතිව පහලට ඇදිලා ගිය බස් එකට බ්රේක් කරලා නතර කලේ රනිල්ගෙ හපංකමකින් නෙවේ..ගෝඨාභය අවසන් මොහොතේ හෝ ගනිපු තීරණ නිසා..තුවාලය සුවවීමට ⁣බෙහෙත් දුන්නේ ගෝඨා ජනාධිපති වී සිටි අවසන් කාලයේයී..විශේෂයෙන්ම මහබැංකු අධිපති පත්කිරීම,මුදල් අමාත්‍යාංශයේ ලේකම් පත්කිරීම වගේ තීරණ..අපිට මොන විවෙිචන තිබුනත් බැසිල් රාජපක්ෂ මැදිහත් වෙලා ඉංදියාවෙන් ගත්ත ඩොලර් බිලියන 4.0 කට කිට්ටු වෙන credit line එක නිසා මැයි මාසෙන් පස්සෙ රට ක්‍රමයෙන් යථා තත්වයට ආවා.. තෙල් පෝලිම් ගෑස්පෝලිම් නතර නතර උනා..තුවාලය සුව වෙද්දී රනිල් ජනාධිපති වී හිටියා..එපමණයි..
      පජාත වික්‍රමසිංහ ජනාධිපති වෙච්ච ගමන් කරන්න හැදුවේ ඒ වෙද්දි ආර්ථික අර්බුදයට එවෙලෙ තිබුන ක්‍රමවත් උත්තර අරන් අමාරුවෙන් රට යම්කිසි තැනකට ගේන්න ඒ වන විටත් කටයුතු කල මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහව ඉවත් කරලා තමන්ගේ ගජමිතුරු ජෝන් අමරතුංගගෙ බෑනා වෙච්ච දිනේෂ් වීරක්කොඩිව පත් කරන්න...
      මේ සටහනෙන් කිසිසේත්ම දියාරු නිවට අසමත් ගෝඨාභයගේ හෝ පොහොට්ටු ආණ්ඩුව ⁣සුද්ද කිරීමට අවශ්‍ය නෑ..ගෝඨාභය සහ ආණ්ඩුව 2019 බලය ගත්තාට පසුව ලංකරගත් පීබී,⁣මිලින්ද මොරගොඩ ඇතුලු ගිජුලිහිනි තක්කඩි කල්ලිය විසින් රසායනික පොහොර එක රැයින් නතර කීරීම,ව්‍යවස්ථාව පවා වෙනස් කරලා නිර්ලජ්ජී විදියට බැසිල් රාජපක්ෂව මුදල් ඇමති කිරීම,බදු අඩු කරලා රාජ්‍ය ආදායම අඩු කරගැනීම වගේ තීරණ වලින් උනේ 2015-2019 කාලයේ රනිල් වික්‍රමසිංහ ගිනිපොලියට ජාත්‍යන්තර සෛවරී බැඳුම්කර ඩො.බිලියන 12.5 ක් අරන් රට අගාධයකට තල්ලු කරලා රට හිරකල අර්බුදය තවත් තීව්ර කිරීමයි..ඒ විවෙිචන එලෙසින්ම අදටත් අපිට තිබෙනවා..
      නමුත් ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගත්තේ රනිල් වික්‍රමසිංහ යැයි කියමින් මේ නටන නාඩගම අමු විකෘතියක්..ජනතාව මුලා කිරීමක්..රනිල් වික්‍රමසිංහට අර්බුදය ඇති කල වරදකරුවායි..එයින් ඔහුට ගැලවීමක් නෑ..සටකපට අන්දමින් ඔහු දැන් වීරයා වන්නට දඟලනවා..නමුත් ඒ රට ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීමේ ක්‍රෙඩිට් එකේ දශමයක්වත් වික්‍රමසිංහට අයිති නෑ.රනිල් කරන්නේ අනුන්ගේ දරුවෙක්ට තමන්ගේ වාසගම දාන එක..රට ඇද වැටුණු ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් ගොඩ ආවේ ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුව විසින් අවසන් මොහොතේ ගත් තීරණ නිසයි..

      අපට මොන විවේචන තිබුණත් ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අවසන් මොහොතේදී හෝ ගත්ත තීරණ නිවැරදි බවට මාලිමාණ්ඩුවත් තහවුරු කර තිබෙනවා.

      Delete
  9. මාතා, මේ පෝස්ට් එකේ කියල තියෙන දේවල් එක්ක බොහෝ දුරට එකඟ වෙන්න පුළුවන්, හැබැයි මාලිමාව නෙවෙයි, පසුගිය මැතිවරණ සමයේ වඩාත්ම නිර්ලජ්ජිතම දේශපාලන හැසිරීම පෙන්නුවෙ සමගි ජාතික බලවේගය . සමගි නොව "අසමගි ජාතික බලවේගය" කිව්ව නම් වඩා ගැලපෙනවා.

    ඒ වගේම ඔවුන්ගේ ඒ වැඩේ එක්තරා අන්දමකින් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයටත් වාසි සහගතව බලපෑවා.

    සජබ පක්ෂය තුළ විශාල බෙලි කැපිලි ප්‍රමාණයක් වුනා. ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වූ තලතා අතුකෝරාළ පක්ෂයෙන් ඉවත් වුනා. අරගලය අරඹා ගෝටාභය රාජපක්ෂව ඉවත් කිරීමට අතිවිශාල වැඩ කෝටසක් සිදුකරපු හිරුනිකා ප්‍රේමචන්ද්‍රත් පක්ෂයෙන් ඉවත් වන්නට උත්සාහ කළා, ඡන්දයෙන් කැතට පරාදයි.

    දේශපාලනය තුල හිටපු ඉතාම සබුද්ධික ලෝකය ගැන හොඳට දන්න ලෝක භූදේශපාලන තත්වය ගැන අප්ඩේට්ඩ් චම්පික රණවක වගේ අයත් කපලා දැම්මා.

    ඒ වගේම අරගලයේ නායකත්වය දරපු දමිතා අබේරත්නට සිදු වූයේ ද බලවත් අසාධාරණයක්. පක්ෂය දමිතා අබේරත්නව ජනාධිපතිවරණ වේදිකාවේ හොඳට අව භාවිතා කළා. මාලිමාවට ඇය ලවා සෑහෙන විවේචනය අවලාද මඩ ගස්සවා ඊට පස්සෙ ඇමක් විදියට රත්නපුර දිස්ත්‍රික් ලැයිස්තුවටත් දැම්මා.. දමිතා අබේරත්න ගේ දේශපාලනයට මම එකඟ නෑ කියලා මෙතන ආයෙ අමුතුවෙන් විචාර ලියන්න ඕන නෑ. ඊනියා අරගල සමයේ ඇය කළේ තක්කඩි දේශපාලනයක්. නමුත් දේශපාලන ව්‍යාපාර වල මූලධර්ම අනුව ඇයට කරපු වැඩේ පක්ෂයක් විදියට අන්තිම සදාචාර විරෝධි වැඩක්.

    ඒ වගේම සමගි ජාතික බලවේගය දැන් ප්‍රධාන විපක්ෂය. මම දැක්කා සජිත් ප්‍රේමදාස මෝඩයෙක් නෙවෙයි බුද්ධිමතෙක් කියන්නත් පසු ගිය දවස්වල කොළ පාට ජාතිකවාදියො කීප දෙනෙක් උත්සාහ කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස කියන්නෙ අමු මෝඩයෙක්. ඒකෙ වචන දෙකක් නෑ. රණසිංහ ප්‍රේමදාසගෙ පුතා වීම හැරරෙන්න ඔහුට පක්ෂයක නායකයා තියා ප්‍රාදේශිය සභාවකවත් නායකයෙක් වෙන්න සුදුසුකමක් නෑ.

    සජිත් ප්‍රේමදාස කවදා හෝ ජනාධිපති වුනොත් දැනට ජාතික මට්ටමෙන් විහිළු සපයන සජිත් ප්‍රේමදාසට ඊට පස්සෙ ජාත්‍යන්තර මට්ටමෙන් විහිළු සපයන්න පුළුවන් වෙයි.

    එහෙම වුනොත් ඇත්තටම රට පාලනය කරන්නෙ ඔහු නෙවෙයි ඔහුගේ ආර්යාව ඇතුළු වෙනත් කීප දෙනෙක්. පසුගිය දවස්වල සිදු වුන කැපිලි පස්සෙ ඉන්නෙ ඇය කියලත් මට හිතෙනවා. කැපිලි ගොඩක් එල්ල වුනේ කාන්තාවන්ට වීම මෙතනදී විශේෂයි. එහෙම නේද?

    ReplyDelete
  10. නිදන් කෙසේ වෙතත් කළුගල් වගයක්නම් උඩ අරන් තියනවා, පෝර්ට් සිටියටද මංදා..🤣

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 4.26 AM

      කෙබර කුමාර හෙවත් ටොම්පච අනුර සහ කලුගල් අතර තිබෙන්නේ සදාකාලික සහ සදාතනික සම්බන්ධයක්, ඒකත් එක්ක ගල් පැලෙන ටොම් පච ප්‍රචාරත් සම්බන්ධයි 🤣😂😅😄

      Delete
  11. මාතා

    මේ කතාව අහල තියෙනව නේද? බොහෝ දුරට ඇත්තටම සිදුවීමට පවා ඉඩ තිබෙන කතාවක් ලෙස හිතන්න පුළුවන්.

    //

    දිනක් අනුර දිසානායකට සජිත් ප්‍රේමදාස හමුවුණා. එවිට ඔහු සජිත් ප්‍රේමදාසගෙන් මෙසේ විමසා සිටියා.

    :අනුර,:සජිත් ඔයා කොහොමද ඔච්චර සාර්ථක වුනේ. |🤔|

    සජිත් : සරලයි. තමන්ගෙ වටේ ඉන්න අය බුද්ධිමත් අය කරගන්න ඕන. |🙂|

    අනුර : ඔයා කොහොමද දන්නෙ ඔයාගෙ වටේ ඉන්න අය බුද්ධිමත් කියලා? |🤔|

    සජිත් දුරකථනය ගෙන හර්ෂ අමතා ප්‍රශ්නයක් විමුසවා. |📱|

    "හර්ෂ, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඒ ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?"

    හර්ෂ හිනාසෙමින් "ඒ මම" කියා පවසා සිටියා. එවිට සජිත් අනුර දෙසට හැරී සිනාසුනා. |🙃|

    මෙයින් කුතුහලයට පත් අනුර පසුදින වසන්ත සමරසිංහ දැක "වසන්ත සහෝදරයා , කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" යැයි විමසා සිටියා.

    වසන්ත දස අතේ කල්පනා කල අතර ඔහුට පිලිතුරක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් එම ප්‍රශ්නයට පසුදින පිලිතුරු දෙන්නම් යැයි අනුර දිසානායකට ප්‍රකාශ කරා. |🏃|

    එදින සවස් වරුවේ රනිල් වික්‍රමසිංහ ඇමතු වසන්ත සමරසිංහ රනිල්ගෙන් විමසා සිටියේ "සර්, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" රනිල් "ඒ මමනේ" යැයි පිලිතුරු දුන්නා. |🐘|
    පසුදින උදෑසනම අනුර දිසානායක හමුවීමට ගිය වසන්ත තමන් ඊයේ ඇසූ පැනයට පිලිතුර සොයාගත් බව පැවසුවා.

    සහෝදරයා ඒ රනිල් වික්‍රමසිංහ නේ.

    මෙයින් කෝපයට පත් අනුර දිසානායක "පිස්සුද http, ඒ හර්ෂ " යැයි ප්‍රකාශ කර සිටියා.

    Editz Lanka
    //

    ReplyDelete
  12. මාදලං ඓයා..., යේක කල් එක අරහා තාලා ගල කැප්පුවා නම් නිධානය මත්තු වෙනවා... යේක ෂුවර්…

    ReplyDelete
  13. ළමායි මේ දවස්වල පවත්වන අලුත්ම ජේවීපී පන්තියට නොවරදවා සහභාගිවෙන්න ඕනා හොඳේ. ඒකෙදි එයාලා ඔයාලට කියලා දෙනවා කව්රු ජනාධිපතිවුනත් රටේ මිනිස්සු හැදුන්නැත්නම් මේ රට හදන්න බෑ කියලා.. හොමතගයු, "ඔයාලා දැන් මාස දෙකකට උඩදි කිව්වෙ ඔහොම නෙමේනේ, ජනාධිපති හොඳනම් ඔය ඕන එකෙක්ව හදලා ගන්න පුළුවන්නෙ කියලානෙ" වගේ කිසිම සංගෙකට නැති ප්‍රශ්න ඇසීම සපුරා තහනම්. Enjoy your class ! 🤣

    ReplyDelete
  14. අශෝක හඳගමගේ අලුත්ම චිත්‍රපටිය වෙන රාණි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය youtube වෙත මුදාහැරලා තියෙනවා. චිත්‍රපටයට පාදක වෙන්නෙ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය හා අනතුරුව ඔහුගෙ මව වූ වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු තම එකම පුත්‍රයාගෙ ඝාතනයට සාධාරණය ඉටු කරගන්නට දරන වෑයම යි. ඊට අමතරව තව තව ගොඩක් දේවල් තියෙන බව මේ ට්‍රේලරය බැලුවහම පේනවා

    https://youtu.be/A5pTGe2Z9mI?si=PtGoZGFTRCoJW_3o trailer

    මහින්ද රාජපක්ෂ චරිතය නිරූපණය කරන බිමල් ඒක හරියට කරනවා ද කියන කාරණය ගැන මාතලන්ගේ අදහස මොකක්ද?

    ReplyDelete
  15. ඇත්තටම මාතේ කොහොම ගියත් කරදරයක් වෙච්ච වෙලාවට ලංකාවේ මිනිස්සු උදව් කරනවා.ඒකෙ ඔය ඇති නැති කතාවක් නෑ.අපෙ රටේ මිනිසුන් ගෙ මම දකින විශිෂ්ටතම ගුණය එයයි.කිසිම පංගු පේරු ව ක් බලන්නෙම නෑ.ජාතිය,ආගම, සල්ලි කාරයා,, නැති මිනිහා,,,, ඔය කිසිම දෙයක් බලන්නෙම නෑ,,,රෑ දවල්,,, වෙනසක් නෑ,,,,, ආදරෙයි අපෙ උන් ට,,,,, ❤️❤️

    ReplyDelete
  16. ලපයාට පුකේ අරින්න ඕනී කැරි වේසිගේ පුතා

    ReplyDelete
  17. “මම
    කෙලපු බේ'ගල්' එක්ක
    ගොඩදාපු මේ'ගල්' මොනාද
    නැත්ද හාහ්"
    - මීට #බේගල්_කයියා
    😂😂😂

    ReplyDelete
  18. රටේ මිනිස්සුන්ව හොඳටම ගොනාට ඇන්ඳුවේ මාලිමා සෙට් එකයී

    ReplyDelete
  19. නිදන් හාරන බහිරව ආතල් දෙන්නේ ජනතාවගේ මතය වෙන අතකට හරවන්න, නන්දසේනලත් පැණි මුට්ටි නාටක නැටුවානේ ඒ දවස්වල, මේක මාලිමාවේ අය නටන නාඩගමක්, සමහරවිට උතුරේ දමිළ සටන්කාමීන් සමරන ඩයස්පෝරා සෙට් එක ගහන ගේම ගැන දකුණේ සිංහල සමාජය අවධානය යොමුවීම වලක්වන්න ගහන ගේමක් වෙන්න පුළුවන් බොහෝ දුරට, කොටින්ම International system (fb partnership) එකකින් dollar වලින් හම්බ කරාම ලංකාවෙ පඩි ගන්න SE කෙනෙක්ට පඩියට වඩා වැඩි වෙන එක අහන්න දෙයක් නෑ ඉතින්. 😌 අව්ල කියන්නෙ අඩුම තරමේ පිටරටක medium rate watch hours තියෙන streamer කෙනෙක් එක්ක වත් compare කරන්න බැරි කෙනෙක් SE කෙනෙක්ට වඩා හම්බ කරන එක අපි ජීවත් වෙන රටේ econamy එකේ ප්‍රශ්නයක් ඉතින් 😂 IT knowledge එකක් තියෙනව නං, ලංකාවෙ ඉන්නව නං ඉතින් dollar pegged company එකක වැඩට යන එකයි කරන්නෝන 😌

    ReplyDelete
  20. අරගලයට පස්සෙ Season one එකෙ සීයෙක් කජු කකා පොඩි යකා ගස් නොබැඳ වැඩ ගත්තා. මහා යකාගේ යටි පල්ල අත ගෑවා පඩි වැඩිවීම් පොර ටෝක් දිදි .. Season ටූ හෙන ඇක්ෂන් පැක් එකක් .. තාම ඒකෙ කොටස් දෙකයි ගියේ .. නිවාඩු කාලෙ රෙස්ට් එකක් අරං වරෙං අයියා ඊළඟ කොටස් තවත් රසවත්

    ReplyDelete
  21. ABBA සේදීම.

    කයිතන් අප්පුහාමිලාගේ හේනේමාමලා ABBA කොන්සට් එක සේදීමට විරංජන කුඩු තුනක් භාවිත කරයි.

    1. මාලිමා නායකයින් පෞද්ගලික මුදලින් ප්‍රසංගයක් නැරඹීම සාධාරණය

    2. මාලිමා නායකයින්ට ලද ආරාධනාවක් නිසා ප්‍රසංගය නැරඹීම සාධාරණය

    3. මෙවන් විශේෂ අවස්ථාවක් සඳහා බදු මුදල් වියදම් කර සහභාගි වුව ද සාධාරණය

    ඇයි මාලිමා නායකයින් මෙව්වට ගියාම මොකද? මාලිමා නායකයින් හිඟන්නන්ද, ගල්කිස්ස හෝටලේ ධනපතියන්ට විතරයිද වැනි කොමඩි කෑලි ද අතරින් පතර ඇසේ.

    මේකට හොඳම කතාව කියා තිබුනේ කැකිරාවේ සුදස්සන හිමියන් ය. උන්වහන්සේ කියන්නේ

    "දීර්ඝ කාලයක් වැද්දන් ලෙස හංවඩු ගසා සමාජගත කිරීමෙන් පසු රෙදි ඇඳීම ද ප්‍රවෘත්තියක් වන බවයි."

    උන්ගේ විරංජන කුඩු තුනට නම් වතුර පාරක් ගැසිය යුතුමය.

    1. මෙම සාදයට පෞද්ගලික මුදලින් සම්මාදම් වුවද රටේ මිනිස්සු බඩට නොකා අසීරුවෙන් ජීවත් වන මොහොතක එක වේලකට රුපියල් පනස් දහසක් වියදම් කිරීම කොතරම් සාධාරණය ද? පවුල් කීයක මිනිස්සු සීයකට කන්න තිබ්බ සල්ලි නේද? (මේවා ඔවුන්ගේම තර්ක වේ)

    2. ආරාධනාවක් මත සහභාගි වුයේ නම් මෙය අල්ලසකි. මෙපමණ මුදලක් අය කරන ප්‍රසංගයක ෆ්‍රී ටිකට් දෙන්න මෙය චැරිටි වැඩසටහනක් නොවේ.

    3. මහජන බදු මුදල් වී නන් එයද මේ මොහොතේ අනවශ්‍ය වියදමකි. ඊට පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතුය

    තවත් හෝදන්න එන වාහෙලා ඉන්නවා නම් මුලින් පශ්චාත්භාග තිබේදැයි පරීක්ෂා කර බලාගෙන පැමිණිය යුතුය. මන්ද මොළය සහිත කොටස නැත්නම් කතා කර වැඩක් නැත

    ReplyDelete
  22. Rashinige gedi mirika mirika diwa danna aassayi

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න