.

.

Apr 8, 2026

අපේ උන්ගේ ඉරාන ප්‍රේමයේ ඇත්ත කතාව......

 



අපේ උන්ගේ ඉරාන ප්‍රේමයේ 

ඇත්ත කතාව......

➖➖➖➖➖➖➖❤️➖➖


🔸අපේ බයියන්ගෙන් වැඩි පිරිස ඉරානෙ එක්ක යුද්ධය පටන් ගත්ත දවසේ ඉඳලා... අම්මාමෝ නැතුව ඉරානය වෙනුවෙන් හඬා වැලපෙන්න පටන් ගත්තානේ.....  


🔸ඒක මේ වෙනකම් පොරි හැලෙන්න ගහන ලෙබනනයේ උන් වෙනුවෙන් හෝ ගාසාවේ උන් වෙනුවෙන් හෝ ආපු නැති තරමේ.... අමුතුම ආකාරයේ ප්‍රේමයක්....


🔸ඒකට හේතුවකුත් තියෙනවා.... අපේ උන් හිතනවා..... අපි පැවතෙන්නේ ඉරානයේ උන්ගේ ඔරිජින් එක වෙන.... ආර්‍ය සම්බවයකින් කියන දරුණු ඝනයේ මිත්‍යාව.... 


🔸ඉතින් මගේ ආතල් එක මම ගන්න අතරෙම.... මේ පරාජිත අසරණයන් වෙනුවෙන් මේ ගැන පොඩි අධ්‍යයනයක් කලා....


🔸මෑත යුගයේ කරපු DNA පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තියෙන දෙයක් තමා.... සිංහලයන්ගේ ජාන වඩාත් සමීප වෙන්නේ දකුණු ඉන්දීය ජනතාවගේ ජානවලටය කියනෙක.


🔸ඒක ඇත්තටම වෙන්න පුලුවන් දෙයක් නේ.... මොකෝ විජේ කුමාරයා එන්න කලින් මෙහේ කුවේණිලා උන්නා නේ.... (රාමායණය කියන්නේ ෆැන්ටසි නවල් එකක් බව මෙහේ පුරා විජ්ජා විසේසග්නයෝත් දන්නේ නෑතිව ඒකේ තියෙන ඒවා අදහාගෙන ස්වයං රමණයේ යෙදීම වෙනම කතාවක්) අනික විජේ එන්නේ ඉන්දියාවේ බෙංගාලී දේශයෙන්....


🔸එතකොට බෙංගාලිවල ආර්‍යවරුන්ගේ සම්බවයක් තියෙනවා කියලා බ්‍රිතාන්‍ය ආක්‍රමණයෙන් පස්සෙ පතුරපු ප්‍රොපගැන්ඩා වල හෝ සඳහනක් ඇත්තේ නෑ නේ.... 


🔸අනෙක් ප්‍රධාන දේ තමා සමෙහි වර්ණය හෙවත් චවි වර්ණය.... ආර්‍ය සම්බවයක් සහිත පිරිසකට අවපැහැ ගැන්වුන සමක් කොහෙත්තම තියෙන්න බෑ.... මොකෝ මොන සෙල්ලම් දාලා සුදු වුනත්.... අපේ උන්ගේ පස්ස පැත්ත කළුම කළුයි....


🔸හැබයි මෙහේ උන්න චොක්සි මහත්තයා වගේ.... ඉරාන සම්බවයක් සහිත ඉතා කුඩා ජන සමූහයක් ඉන්නා බවත් ඇත්ත... ඒ අය වෙළඳාමේ ආපු අය... 


🔸එයාලා එක්ක සෙට් වෙච්චි.... ආත්තාලා, ආච්චිලා කිරි අම්මලාගෙන් පැවත එන මාතලන් වගේ හම සුදු අය සහිත ඉන් ඉන්න ඉඩ තිබුනත් 😁.... නිසි ජානමය පරීක්ෂාවකින් තොරව ඒ පිරිසත් ආර්‍යන්ද කියන්න බෑ....


🔸හැඩ රුව අතින් ගත්තත්, ඉතිහාස සුරඟන කතා ගත්තත්, ජානමය සාක්ෂි මත ගත්තත්, ඉරාන සම්බවයක් සහිත ඉන්දු ආර්‍යයන් ඉන්නේ.... පකිස්තානය, ඇෆගනිස්තානය හා උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක විතරයි....


🔸ඒත් උතුරු ඉන්දියාවේ ඔය කියන ශිෂ්ඨාචාරයන් තුලත්... ආක්‍රමණයක් සිඳු වූ බවට පුරා විද්‍යා සාක්ෂි ඇත්තේ නැහැ.....


🔸ඇත්තටම "ආර්ය ආක්‍රමණ න්‍යාය" (AIT) කියන්නේ පුරාණ ඉන්දියානු ශිෂ්ටාචාරය වර්ධනය වූ ආකාරය පිළිබඳ මිථ්‍යාවක්  සේ සලකනු ලබන ඓතිහාසික කල්පිතයක් නොහොත් මනක්කල්පිත සිහිණයක්ම විතරයි..... කොටින්ම රාමායණය වගේම...


🔸මේ ප්‍රොපගැන්ඩාව 19 වන සියවසේ මුල් අවදියේදී ලෝකය පුරා පතුරන්නේ "මැක්ස් මුලර්" වගේ යුරෝපීය විද්වතුන්.... 


🔸ඉන්දියානු ශිෂ්ටාචාරය සැමවිටම පිටස්තරයින් විසින් පෝෂණය කොට ශිෂ්ට සම්පන්න සමාජයක් බවට සාධාරනීකරණය කරන්න.... සුද්දෝ විසින් කරපු වැඩක් බව දැන් ඉන්න ඉන්දියානු පුරා විජ්ජා උස්තාද්ල පවා කියන දෙයක්.


🔸මේවා ඔප්පු කරන්න අපේ රාවණා ප්‍රොපගැන්ඩාවේ වගේම....ක්.ක් පුරාවිද්‍යාත්මක සාක්ෂි කිසිවක්ම මේ වෙනකන් සොයාගෙන නෑ...


🔸ප්‍රොපගැන්ඩා කතාවල සඳහන් රාඛිගර් වැනි ප්‍රදේශවල කළ කැණීම්වලින් මහා පරිමාණ යුද්ධ, සමූලඝාතන හෝ ආක්‍රමණයක් සමඟ පෙළ ගැසෙන කිසිදු පුරා විද්‍යාත්මක සාක්ෂියක් සොයාගන්න අද වෙනකන් බැරි වෙලා තියෙනවා.


🔸ඒ වගේම ජානමය පර්‍යේෂණ වෙනුවෙන් පුරාණ ඇටසැකිලි යොදාගෙන මෑත කාලීන DNA අධ්‍යයනයන්ගෙන් සොයාගත්තේ... ඔය කියනාකාරයේ ආර්‍ය සංක්‍රමනයක් සිඳු නොවූ බවත්... වසර දහස් ගනනාවක් පුරා සිඳුවූ ජනගහනයේ සංකීර්ණ මිශ්‍රණයක් සිඳුවන්නට ඇති බවත් විතරමයි.


🔸පුරාණ වේද ග්‍රන්ථයන් වන සෘග්වේදයේ පවා ගැටුම් හා ආක්‍රමණයන් ගැන සඳහන් වෙලා තිබුනත්, දැන් ඉන්න විද්වතුන් තර්ක කරන්නේ මේවා ඉන්දියාවෙන් පිට ඉඳලා ආපූ ආක්‍රමණයක් නොව අභ්‍යන්තර ගෝත්‍රික යුද්ධ හෝ සංකේතාත්මක අධ්‍යාත්මික සටන් ගැන කතන්දර කියලා.


🔸කෙසේ හෝ වේවා... මේ ආර්ය සංක්‍රමණ න්‍යාය (AMT) ආක්‍රමණයක්ය කියලා කියනවා වෙනුවට.... ඉන්දු-ආර්ය භාෂාව කතා කරන එඬේරුන්ගේ කුඩා කණ්ඩායම් මධ්‍යම ආසියාවේ සිට ඉන්දියානු උප මහද්වීපයට සියවස් ගණනාවක් පුරා සංක්‍රමණය වී ඇතෙයි කියලා හිතන්න පුලුවන් වෙන්නේ.... ඉන්දියාව කියන්නේ ලෝකයේ වැඩිම ජන වර්ග හා භාෂාවන් මෙන්ම ජනගහනයද වැඩි රට වන නිසාමයි. 


 🔸එමෙන්ම ඉරාන ආර්‍යයින් පරිහානියට පත්වෙමින් තිබූ මොහන්දාරෝ හරප්පා (ඉන්දු නිම්න) ශිෂ්ටාචාරය සමඟ සහජීවනයෙන් හා අන්තර් විවාහයන් සමඟින් ජීවත් වන්නට ඇති බවටත්, එය භාෂා සහ සම්ප්‍රදායන් සංස්ලේෂණය කිරීමට හේතු වෙන්නට ඇති බවත් වත්මන් ඉතිහාසඥයින් සැක පල කරනවා.


 🔸19 වන සියවසේ නිර්මාණය වූ මේ ප්‍රොපගැන්ඩා අනුවාදය නිෂ්ප්‍රභ කරන කැපී පෙනෙන පොත් අතරින් වඩාත්ම ජනප්‍රිය ඩේවිඩ් ෆ්‍රෝලි විසින් රචිත The Myth of the Aryan Invasion of India නම් පුස්තකයයි..


🔸ඉතින් එහෙම බැලුවාම මේ ආර්‍ය මිත්‍යාවේ වෙලිලා ප්‍රේනයෙන් මුසපත් වූ පෙම්වතුන්ට මට කියන්න තියෙන්නේ....


😁 සිතින් විතරක් පෙම් කරන්නම්

      දුරින් හිද ඔබ දෙස බලන්නම්

      ලංව ඉන්නට බෑ ‍ඔබේ

      අපට අප හිමි නෑ ලොවේ

      ඔබට මා හිමි නෑ 

      මටද ඔබ හිමි නෑ....


කියලා තමයි......


#මාතලන්

54 comments:

  1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය ලියවෙන්නේ එක්සත් ජනපද ගෝලීය බල ව්‍යාපෘති වල අතකොලු වී ඔවුන්ට වාල් කම් කරමින් අහිංසක මිනිස්සු රැවටීමට ව්‍යාජ ප්‍රචාර සිදුකර ලැබෙන මුදලින් ඇමරිකන් බර්ගර් හපන අලසයන් අතින් නොව, තිරිහන් සතකු වී පවා ඈත ක්ෂිතිජයේ අජට සිසාරා තාරකා අතරට රතු කොඩිය රැගෙන ගිය අභිමානවත් ලයිකා බැල්ල වැනි අභීත ලෝක දියණියන්ගේ සහ එවන් පුතුන්ගේ අදීන රුධිරයෙන් සහ අසමසම දහඩියෙනි !

      - අර්වීන්ද් කෙජ්රිවාල්

      Delete
    2. ළමා සොල්දාදුවන් පිලිබඳව මා සහ යාපනය විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය දයා සෝමසුන්දරම් විසින් අධ්‍යනයක් කලෙමු. අපගේ අධ්‍යනයට මූලික ව ලක් වූයේ ප්‍රභාකරන් විසින් ඇති කරන ලද ළමා සොල්දාදුවන් ය.

      මෙමෙ අධ්‍යනයෙන් පසු අපගේ පරියේෂණ පත්‍රිකාව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ජර්නලයක පළ විය.

      මෙම අධ්‍යනයන් කරන සමයේදී මා හට පෙනී ගිය කරුණක් නම් ලංකාවේ මුලින්ම ළමා සොල්දාදුවන් ඇති කලේ ප්‍රභාකරන් නොව විජේවීර බවයි.

      මෙම කටුක සත්‍ය ඇතැමුන් ගේ කෝපයට ලක් විය හැකි වූවද අප සමාජයට සත්‍ය මිස අසත්‍ය ජන ගත නොකල යුතු බව මා සිතමි. 1971 සහ 88/88 හිටපු රතු ගැටව් තවමත් අප සමාජයේ සිටිති.

      ප්‍රභාකරන් ගේ ළමා සොල්දාදුවන්ට යම් ආකාරයක පුනරුත්ථාපනයක් ලැබුනු නමුදු රතු ගැටව් හට නිසි පුනරුත්ථාපනයක් ලැබුනේ නැත. 1971 දී මෙම ළමුන් බොහෝ දෙනෙකු බන්ධනාගාර ජේලර් ලාගේ සහ සිවිල් අපරාධකරැවන් ගේ ලිංගික අතවර වලටද 88/89 කාලයේ වධකාගාර වල බොම්බඩියර්ලාගේ සාමූහික ලිංගික අතවර වලට ලක් වූව ( රෝහිත මුණසිංහ ගේ එළියකන් ද වධ කඳවුර පොතේ මේ පිලිබඳ සටහනක් ඇත).

      වර්තමානයේ මොවුන් වැඩිහිටියෝය. සමහරු විජේවීරවාදයෙන් ඉවත් වී සිටිති. අතීතය සඟවති. සමහරු තවමත් විජේවීරවාදය කෙරෙහි උමතු ආකර්ශනයක් මෙන්ම විජේවීරවාදයට විරුද්ධ වන්නන්ට පහර දීමට හෝ ඝාතනය කිරීමටද හැකියාවෙන් යුක්තය...........................

      ලංකාවේ ළමා සොල්දාදුවන් මුලින්ම ඇති කලේ රෝහණ විජේවීර විසිනි. 1971 දී ළමා සොල්දාදුවන් හඳුන්වන ලද්දේ රතු ගැටවු ලෙසටය.

      ප්‍රභාකරන්ටත් පෙර ඔහු රතු ගැටවු නමින් ළමා සොල්දාදුවන් තම ව්‍යාපාරය තුල ඇති කලේය.1971 කැරැල්ලේදී සමහර රතු ගැටවු නොහොත් ළමා සොල්දාදුවන් මිනිස් ඝාතන පවා කරන ලදි.

      මෙවැනි රතු ගැටයෙකු වූ තෝලංගමුව ම.ම විද්‍යාලයේ 16 හැවිරිදි පාසල් සිසු කෑගල්ලේ ජයතිලක 1971 කැරැල්ල සමයේදී උදැල්ලකින් පහර දී පබිලිස් නම් පොලිස් ඔත්තුකාරයෙකු මරා දමන ලදි . එසේම එවැනිම රතු ගැටයෙකු වූ ජයතිස්ස කුමාර 71 දී කඩුගන්නාව පොලිසියට පහර දී නිලධාරියෙකු මරා දැමුයේය.

      1988 / 1989 ජවිපෙ දෙවන කැරැල්ලේදීද ළමා සොල්දාදුවන් මගින් මිනී මැරවීම, බස් , රජයේ ගොඩනැගිලි ගිනි තැබ්බවීම කරවන ලදි. 88/89 භීෂණ සමයේදී ලංකා ගුරු සංගමයේ ජොර්ජ් රත්නායකට පිහියෙන් ඇන මරා දමන ලද්දේ පාසල් සිසුවෙකු වූ (ළමා සොල්දාදුවෙකු) සමන් කුමාර මේරුසිංහ ය.

      Read more LINK; https://transyl2014.blogspot.com/2026/02/the-emergence-of-child-soldiers-in-sri.html

      Delete
    3. අපි අද කතා කරමු බෞද්ධ තර්ක ශාස්ත්‍රයේ එන මේ 'චතුෂ්කෝටිකය' (Catuskoti) ගැන.

      සරලවම කිව්වොත්, බටහිර තර්ක ශාස්ත්‍රයේ තියෙන්නේ "ඔව්" හෝ "නැත" (True or False) කියන ද්වි-කෝටිකය විතරයි. හැකිනම් වෙන්න පුළුවන්, නැත්නම් නොවෙන්න පුළුවන්. හැබැයි අපේ පෙරදිග දර්ශනය, විශේෂයෙන්ම නාගර්ජුන පාදයන් වැනි විද්වතුන් පෙන්වා දෙන්නේ යථාර්ථය මීට වඩා සංකීර්ණ බවයි.
      චතුෂ්කෝටිකය කියන්නේ යම් කාරණයක් විග්‍රහ කරන්න පුළුවන් ආකාර හතරකටයි

      එක. අත්ථි (ඇත/තිබේ): යමක් පවතින බව (Affirmation).

      දෙක. නත්ථි (නැත/නොතිබේ): යමක් නොපවතින බව (Negation).

      තුන.උභය (ඇත සහ නැත යන දෙකම): පවතින අතරම නොපවතින බව (Both).

      හතර, නෝභය (ඇතත් නොවෙයි, නැතත් නොවෙයි): පවතින්නෙත් නැති, නොපවතින්නෙත් නැති බව (Neither).

      අපි උදාහරණයකින් බලමු...
      හිතන්න , අපි "රැල්ල" (Wave) ගැන කතා කරනවා කියලා.

      ඇත (Is): අපි මුහුද දිහා බලද්දී රැල්ලක් පේන්න තියෙනවා. ඒක ඇත්ත.

      නැත (Is not): රැල්ල කියන්නේ වතුරට වඩා ස්වාධීන දෙයක් නෙමෙයි. වතුර නැත්නම් රැල්ලක් නැහැ. ඒ අර්ථයෙන් ගත්තම රැල්ල කියලා වෙන් කරගත් දෙයක් නැහැ.

      දෙකම (Both): රැල්ලක් පේන්න තියෙන නිසා "ඇත" කියන්නත් පුළුවන්, ඒ වගේම ඒක වතුරේම හැඩයක් විතරක් නිසා "නැත" කියන්නත් පුළුවන්.

      දෙකම නොවෙයි (Neither): ඇත්තටම රැල්ල කියන්නේ "ඇත" කියන අන්තයටවත්, "නැත" කියන අන්තයටවත් කොටු කරන්න බැරි අනිත්‍ය ක්‍රියාවලියක්.

      ඇයි මේක වැදගත් වෙන්නේ?

      බුදු දහමේ එන "නිවන" වගේ ගැඹුරු සංකල්ප විග්‍රහ කරන්න මේ ක්‍රමය පාවිච්චි කරනවා. උදාහරණයකට, "රහතන් වහන්සේ නමකගේ මරණින් පසු පැවැත්ම" ගැන ඇහුවොත්:
      ඉන්නවා කියන්නත් බැහැ (ශාස්වත දෘෂ්ටිය).
      නැති වෙනවා කියන්නත් බැහැ (උච්ඡේද දෘෂ්ටිය).
      දෙකම හෝ දෙකම නොවෙයි කියන තර්කත් යථාර්ථය විග්‍රහ කරන්න ප්‍රමාණවත් නැහැ.

      මේකෙන් කියවෙන්නේ අපේ භාෂාවට හෝ සාමාන්‍ය තර්කයට අසු නොවන ගැඹුරු සත්‍යයක් ලෝකයේ තියෙනවා කියන එකයි. ඒක හරියට නිකම් ගොළු පණ්ඩිතයෙක් අත් විඳින රසයක් වගේ දන්නවා, ඒත් වචන වලට පෙරළන්න අමාරුයි.

      Delete
    4. America is just an oil company with its own army.

      -George Carlin

      Delete
    5. The secret of genius is to carry the spirit of the child into old age, which means never losing your enthusiasm.

      - Aldous Huxley

      Delete
  2. අපේ ජේ ආර් මහත්තයත් ඉරානනේ.
    එයාගේ නහයත් වේසා පල්ලවිගේ වගේ

    ReplyDelete
  3. අජිත් ධර්ම තක්කඩියා

    ReplyDelete
  4. වෛද්‍ය කුමා කලු ආරච්චියානෙනි.
    කෙලී ස්ටාර් මෙනවියට කරන ලද ප්ලාස්ටික් සැත්කම් සාර්ථකද? නැද්ද?

    ReplyDelete
  5. පැතිරී තියේ හැම අහකම බොරු විත්ති
    බයස් ඇත්තො එව්වා තව පතුරවති
    ඒකත් නැඟල යන බිස්නස් ගොඩේ වෙති
    ඒකයි පැටලිල්ල උත්තරයකුත් නැති!

    ReplyDelete
    Replies
    1. පච වලින්ම බලයට ආ කෙබර කොටා
      මී හරකෙක් බව පේනව මුලු රටටා

      Delete
    2. පැවසුව දේ සැබෑවකි, අද අප රටට
      කෙබරුන් රජවෙලා රුව දැන් පෙනේ මට
      මී හරකෙකු ලෙසින් හැසිරෙන විලාසෙට
      රැවටී සිටිනු ඇයි තවමත් ඕකාට?

      බලයට කෑදරව බොරු වැල් ගොතන ලද
      ඇත්තක් නොදැක මුළාවු මහ සෙනඟ මැද
      නැණවත් දෑසකින් ලොව දෙස බලන සඳ
      පෑදෙයි මුන්ගෙ නාඩගමේ නියම කඳ

      මැතිවරණ වේදිකාවේ බොරු පූච්චානම් දොඩවති
      රට හදන හැටි කියා සුරපුර මවා පෙන්වති
      බලයට පත් වූ විගස හැමදේ අමතක කරති
      රැවටුණු ජනයා තවමත් පෝලිම්වල ලතවෙති

      බදු බර කරට දී දිළින්දා තව පෙළති
      අනුන්ගේ වැරදි සොයමින් කාලය ගෙවති
      දූෂිත බල කඳවුර රහසින් රැකගනිති
      සැබෑ විපර්යාසය මිරිඟුවක් ලෙස පවති

      පච කියා රජවෙච්ච මේ අමන සක්කිලි කොටාට
      මී හරක් රැලක් සේ රැවටෙන්නෙ ඇයි හැබෑට?
      බුද්ධිමත් දෑසකින් බලනු මැන රට තුලට
      සැබෑ නිදහසක් නැත බොරු වැපිරූ පිං බිමට

      - නිදිගෙ පංච තන්තරේ

      Delete
    3. මාලිමාව පෙන්වා මග කියූ හැටි

      සැබෑ නොවන හීන පොදි බැඳ තිබූ හැටි

      බලයට පැමිණි පසු බදු බර කරට වැටි

      දුප්පත් දනා ඇත කබලෙන් ලිපට වැටි

      +++++++++++++++++

      අස්වැසුමත් කපා බදු වැල් තව වැඩි කරති

      අත්‍යවශ්‍ය බඩු මිල අහස උසටම යති

      අල්ලස් දූෂණ නැති කරනවා කියති

      තවමත් පරණ හොරු රහසින් රැකගනිති

      ++++++++++++++++++

      බංකොලොත් රටේ බර මහජනයා කරට

      සුරපුර මවයි දොඩවයි බොරු හැකර කට

      පච කියා බලය ගත් අමන මී හරකුන්ට

      රැවටුණු ජාතියම වැටි දුක් ගින්නකට

      +++++++++++++++++

      කෙබර කොටා බලයට ගෙන ආ ලීලෙ තද

      නාඩගම් රඟයි තවමත් එක රිද්මෙ නද

      නුවණැති දෑසකින් රට දෙස බලන සඳ

      තේරේ මේ හැමදේ ටොම්පච බොරුවෙ ඇද

      Delete
    4. පොත්පත් මිලත් අහස උසටම ගොසින් ඇතී

      නිදහස් අධ්‍යාපන මග තව අවුල් වෙතී

      සෞඛ්‍ය සේවයත් අඩපණ වෙලා යතී

      දුප්පත් ලෙඩා මරු හමුවේ පණ අදිතී

      ====///========///====

      රැකියා දෙනව යැයි වේදිකාවල කීවා

      තරුණ හදවතේ බලාපොරොත්තු ඇති කෙරුවා

      බලය ලැබුණු පසු හැමදේ අමතක කෙරුවා

      කෙළවුන තරුණ පරපුර මංමුළා වූවා

      Delete
  6. අඩෝ මාතලන් අර අයි එම් එෆ් ලොක්කා ලංකාවේ විදුලිබල මණ්ඩලය සිදු කරපු දැවැන්ත ගල් අඟුරු වංචාව ගැන හෙලිදරව් කරපු නිසාත් ගල් අඟුරු වංචාව නිසා ලංකාවේ විදුලි මිල ගාස්තු වැඩි කිරීමට සිදුවීම ගැනත් විස්තර කතාකරන කොට මට කිව්වා

    ඊය ඔය පෑපජියෝ රනිල් වික්‍රමසිංහ හොරාගේ හොඳම යාලුවෙක්
    පෑපජියෝ ඔය ගල් අඟුරු කාලා බලලද කියුවේ... ?
    ඔය පැපජියෝ සජිත් එක්ක,එකතුවෙලා ජනතාකවාදී ආන්ඩුව පෙරලන්න කරන වැඩ මෙව්ව....?
    ඔය පැපජියෝ ඉස්සරත් ඔය වගෙ ලංකාව ගැන හෙව්වා නම් ලංකාව අද සිංගපුරුවක් හිගන විපක්ශයට උදව් කරන පැපජියෝ එලවමු...
    මටත් මෙහෙම කියුව්වේ ජේවිපී මාලිමාවේ ඩෝබි කෙනෙක්. මේක ගැනත් සොයලා බලලා පෝස්ට් එකක් දාන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඔය IMF ලොක්කා ඕක ගැන කිව්වේ කෙබර කොටා ගල් අඟුරු වංචාව නිසා සිදුවුණ දැවැන්ත පාඩුව අයකර ගැනීමට විදුලි බිල වැඩිකිරීමට හේතුව IMF එකේ කොන්දේසි පිට දාලා තවත් තඩි කෙබර වැලක් අතෑරලා මිනිස්සුන්ව රවට්ටන එක ගැන හිතලා


      මිනිසුන්ට විපක්ෂයේ න්‍යායාත්මක කතා වලට වඩා වැඩක් වෙන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති තමන්ගේ ජීවිත වලට බලපාන විදියයි. ඒ නිසාම ආණ්ඩුව කරන "වැඩ" සහ "නෑම" අතර වෙනස ජනතාවට දැන් වෙනදාට වඩා ඉක්මනින් අවබෝධ වෙනවා.

      කෝප් (COPE) කමිටුව වැනි ව්‍යුහයන් තුළින් එළියට ආ කරුණුත් එක්ක, අවසානයේ දේශපාලන පක්ෂයක "පිරිසිදුකම" කියන ලේබලය ගැලවී යාම දේශපාලන වශයෙන් ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් වෙන්න පුළුවන්

      Delete
  7. ඕක තමයි කියන්නේ කිසිම දවසක හිඟන්නන්ට රටක බලය දෙන්න එපා කියලා උන් උන්ගේ පැවැත්ම සඳහා ඕනෑම තුප්පහි පහත් නින්දිත පාවාදීම් කරනවා.
    ලංකාවේ මෙතෙක් බිහිවූ දේශපාලන පක්ෂ අතරින් හොරු බිහිවුණේ බලය ලැබුණු පසු,එහෙත් ජනතා විමුක්ති පෙරමුණ සහ උන්ට එකතු වූ මාලිමා සන්ධානය ලංකාවේ රජයක් පිහිටුවීමට කලින්ම මිනීමරුවෝ,වෙනත් අපරාධ වලට සම්බන්ධ සහ නමගිය පට්ට හොරු.

    ReplyDelete
    Replies
    1. @ Anonymous 2.28

      අවුරුදු සමය එළඹිලා

      ගෙවල් වල මකුළු දැල් කැඩෙනවා...
      කොහා එලියට එනවා ...
      කොටා හැංගෙනවා...
      ඩෝබිල පුද්ගලිකත්වය ගැන හෑලි ලියනවා...

      Delete
  8. මාතා විස්වාස බංගේ සහ කෝප් කමිටුවේ නිර්දේශ වීඩියෝ එක එහෙම බැලුවා ද?

    බලපන් මාතා, ඔඩිටර් ජෙනරාල් වාර්තාවෙන් ගල් අඟුරු වංචාව සිදුකර ඇති අයුරු ගැන කරුණු සහිතව හරිම විද්‍යාත්මකව එළියට ඇවිත් තියෙනවා. ඒත් අපේ රටේ දේශපාලන සංස්කෘතිය ඇතුළේ 'සත්‍යය' කියන දේට වඩා 'කෙබරය' රජ කරන නිසා මාලිමාව වගේ බොරුකාර ජඩ පක්ෂයකට බලය ලැබී තිබෙනබව තේරෙනවා. අන්තිමට මේ හැම දේම IMF එකේ කොන්දේසියක් කියලා ඇඟ බේරගන්න හදන එක, හරියට තමන්ගේ අසමත්කම වහගන්න වෙනත් කෙනෙක්ව බිල්ලට දෙනවා වගේ වැඩක්.

    ඇත්තටම මේ විශ්වාසභංගයේදී මම දැක්ක ලොකුම දේ තමයි මචං, 'දේශපාලන සදාචාරය' (Political Morality) කියන දේ සම්පූර්ණයෙන්ම වළපල්ලට ගියපු හැටි. විපක්ෂය Fail කියලා අපිට හිතෙන්න පුළුවන්, ඒත් උන්ගේ අරමුණ වුණේ මේ පද්ධතිය ඇතුළේ තියෙන 'කණ්ඩායම්වාදය' නිරාවරණය කරන එක නම්, ඒක සාර්ථකයි. බලපන්, අර 153 දෙනාම එකට එකතු වෙලා තමන්ගේ එකා මොන වැරැද්ද කළත් රකිනවා කියන පණිවිඩය දෙනකොට, මිනිස්සුන්ගේ හිතේ තිබ්බ 'වෙනසක් වෙයි' කියන බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම සුනුවිසුනු වෙනවා.

    විශේෂයෙන්ම මේ 'මාලිමාව' වගේ විකල්ප ගැන කතා කරපු අය පවා මේ සාම්ප්‍රදායික දූෂිත මඩගොහොරුවටම වැටෙනවා දකිනකොට, සාමාන්‍ය මිනිස්සුන්ට හිතෙන්නේ 'මුන් ඔක්කොම එකම කුට්ටමේ කාසි' කියලයි. ඒක තමයි මෙතන තියෙන භයානකම දේ.

    අනෙක COPE කමිටුවේදී වුණත් අපි දැක්කේ ඒ නිරුවතම තමයි.
    අන්තිමට ඉතිරි වෙන්නේ ආණ්ඩුවේ 'වැඩ පෙන්වීම' නෙවෙයි, ආණ්ඩුව 'නාගත්ත' තැන් ටික විතරයි. මේ වගේ වටපිටාවක මිනිස්සුන්ට ප්‍රතිපත්තිවලට වඩා වැදගත් වෙන්නේ තමන්ගේ ජීවිතේ සුරක්ෂිතභාවය. ඒත් මේ වගේ 'තුප්පහි' දේශපාලන ක්‍රමයක් ඇතුළේ ඒක හීනයක් විතරක් වෙයිද කියලා මට බයක් තියෙනවා මචං.

    තව දෙයක් මේ වගේ බරපතල දේශපාලන නිරුවත් වීමක් සමග ඉස්සරහට එන මැතිවරණයකදී ජනමතයට කොයි වගේ බලපෑමක් කරයිද කියලා උඹ මොකද හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. @ Ano 8.22

      ඕකනේ කියන්නේ මුං ටික චූටි මොළ ගෙඩි කියලා. බාල ගල් අඟුරු ටෙන්ඩරෙන් සල්ලි කෝටි ගණනක් මාලිමාවේ පල් හොරට රැල හොරාකන්න Solar Energy promote කරන එක නැවැත්තුවා. දැං තෙල් ගණං ගියාම පේන විදියට ගල් අඟුරු spot tender එකෙනුත් අන්තිමට වෙන්නේ ඩෝලර් අනූවට විතර ලේසියෙන්ම ගෙන්නන්න තිබුන ගල් අඟුරු නැව් පහක් වෙනුවට දැං ඩොලර් එකසිය හතලිස් ගාණකට ගල් අඟුරු නැව් පහක් ගෙන්නන්න වෙන සීන් එකක් තියෙන්නේ. ඒකත් ලැබේද ෂුවර් නෑ. ජනාධිපතිම පාර්ලිමේන්තු ඇවිල්ලා බොරු කෙලිනවා විදුලි වාහන චාර්ජ් කරන නිසා පරිබෝජනය වැඩිවෙලා කියලා. උගේ ගණං හිලව් වල හරි වැරැද්ද ගැන අමතක කලත් යකෝ එහෙම එකේ තව ඉලෙක්ට්‍රික් බස් සීයක් ගෙනැල්ලා චාර්ජ් කලොත් කොහොමට තියේවිද? එක්කෝ බොරු කියන කොට කතාවෙලා කියපල්ලා. එතකොට අඩුම ගානේ පොඩ්ඩක් ශේප් වෙයි ඔය වගේ නාගන්නේ නැතිව. ඕන බොරුවක් සතියයි සතියෙන් උඹලම උඹලගෙ කතා බොරු කරනවා. 😄😄😄😄

      Delete
  9. Rashini duwata puke arinna asayi

    ReplyDelete
  10. මාතා, අර සිරකරු ජනාධිපති සමාව නාටකයත් ඉවරයි...

    ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ හිටපු පල් හොරෙක් නිදහස් කරලා ආණ්ඩුව තමන්ගෙ වැරැද්ද වහගන්න අසාධාරණ සහ යුක්තිසහගත ලෙස නිවැරදි නිළධාරීයෙක්ගෙ වැඩ තහනම් කරා..

    දැන් හරිනෙ..

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාගේ මූලික අයිතිවාසිකම් අදාල අමාත්‍යංශ ලේකම්වරයා සහ රහස් පොලිසිය මුළුමනින්ම කඩ කර ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ12 සහ13 වගන්ති මගින් සහතික කර මූලික අයිතිවාසිකම් කඩ කිරීම මෙසේ සිදු කර ඇති බව කොමිෂන් සභාව තීරණය කර ඇත.

    එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා අත්තනෝමතික ලෙස නීතියට පරිබාහිරව කටයුතු කර ඇති බව ප්‍රකාශ කර ඇත.

    එසේම රහස් පොලිසියද නීතියේ නියමයන් පිළිපද නැති බවත් මෙවැනි අත්අඩංගුවට ගැනීම් තවදුරටත් සිදු නොවිය යුතු බවත් පොලිස්පතිවරයා විසින් ඒ පිළිබඳ සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කර චක්‍රලේඛයක් නිකුත් කළ යුතු බවත් අදාළ කොමිෂන් සභා තීරණයේ සඳහන් වේ...

    ReplyDelete
  11. Rashini Dissanayakta double anal karanna oni. Wesi ta. Keri tika kate danna oni.

    ReplyDelete
  12. මාතා උඹගෙ පච කොටා සහෝදරයා පාර්ලිමේන්තුවට ඇවිල්ල පොර ටෝක් දුන්නා නේද දිත්වා හානිය නීසා කැඩිච්ච දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම 100% මාර්තු 31 වෙනකොට හදලා ඉවර කරනවා අවුරුද්දට කලින් කෝච්චිය යවනවා කියලා? අප්‍රේල් 13ත් ආවා කෝච්චිය එන පාටක් වත් නෑනේ අනේ? පෝට්සිටියට යන ගුවන් පාලම 2024 අගෝස්තු මාසයේදී අවසන් කර විවෘත කරන්න යනකොට මැතිවරණය නිසා විවෘත කරන්න එපා කියලා වැලපුනා. ඒ කරලා ඒක විවෘත කලේ 2026 මාර්තු වල. අවුරුදු 1 කට වැඩි කාලයක් හදලා ඉවර කල ගුවන් පාලම විවෘත කරන්න බැරි වුණ එකා නුවර පාර දවස් තුනකට කලොත් ඉතිං ආශ්චර්යක් ම තමයි. මහින්ද හරි රනිල් හරි හිටිය නම් සති දෙකක් ඇතුළත වැඩේ අවසන්. දැනට මාස කීයක් නුවර බදුල්ල අනුරාධපුර යාපනේ කෝච්චි දුවන්නේ නැතිව රටට වෙච්ච පාඩුව ගණනය කරන්න කෝ. බිලියන ගණනක්.

    ReplyDelete
    Replies
    1. විශ්‍රාමික මහාචාර්ය කල්පගේ මහතා ප්‍රකාශ කරන මේ කතාව ඇත්ත ද?

      //ලාල්කාන්තගේ මේ අලුත්ම වත්කම් ප්‍රකාශය දිහා බැලුවම මට හිතෙන්නේ අපි දේශපාලනිකව "පාරිශුද්ධත්වය" මනින මිම්ම ආයෙත් සැරයක් පරීක්ෂා කරලා බලන්න කාලය හරි කියලයි. අවුරුදු ගණනාවක් පන්ති සටනේ ඉඳලා, කම්කරු ජනතාව වෙනුවෙන් පෙනී ඉඳපු නායකයෙක් විදියට ඔහු නියෝජනය කළේ "පොදු මිනිසාගේ" ප්‍රතිරූපය. ඒත් මේ හෙළිදරව් වෙලා තියෙන රුපියල් කෝටි 67ක වත්කම්, විශේෂයෙන්ම රුපියල් කෝටි 38කට අධික සුරැකුම්පත් (Securities) සහ පෞද්ගලික සමාගම් 10ක ආයෝජන ගැන අහද්දී ඕනෑම බුද්ධිමතෙකුට ප්‍රශ්නයක් මතු වෙනවා.

      උදාහරණයක් විදියට, විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් විදියට මම අවුරුදු 30ක් සේවය කරලා ලබන වැටුපයි, ඔහු දක්වලා තියෙන රුපියල් හත් ලක්ෂ ගාණක වාර්ෂික වැටුපයි ඔහුගේ පළාත් සභා විශ්‍රාම වැටුපයි සසඳලා බැලුවම, මේ වගේ මහා පරිමාණ ආයෝජන තොගයක් ගොඩගැහෙන්න පුළුවන් "ආර්ථික විද්‍යාව" මොකක්ද කියන එක ගැටලුවක්.
      මෙතන තියෙන විවේචනාත්මකම පැත්ත තමයි, මේ වත්කම් උපයාගත් ආකාරය. ඔහු කියන විදියට මේවා සාධාරණ ව්‍යාපාරික ආයෝජන නම්, පහුගිය දශක කිහිපය පුරාම "ධනවාදය" දැඩි ලෙස විවේචනය කරපු සමාජවාදී දේශපාලන ප්‍රවාහයක ඉඳගෙන, ධනවාදී වෙළඳපොළ ක්‍රමයේ උපරිම ප්‍රතිලාභ (ඔවුන්ම ජනතාවට සූදුවක් ජාවාරමක් කියලා මෑතක් වනතුරුම නිතරම කියපු කොටස් වෙළඳපොළ හෝ සමාගම් ලාභාංශ) ලබාගැනීම සදාචාරාත්මකව පරස්පරයි. හරියට නිර්මාංශවාදය ගැන දේශනා කරන ගමන් හොරෙන් මස් කඩයක් පවත්වාගෙන යනවා වගේ වැඩක්. සාමාන්‍ය මිනිහෙක් තමන්ගේ දහඩිය මහන්සියෙන් රුපියල් ලක්ෂයක් ඉතිරි කරගන්න දඟලන රටක, දේශපාලන බලය හෝ සම්බන්ධතා භාවිතා කරලා මෙවැනි සැකසහිත අධික වත්කම් ප්‍රමාණයක් කෙටි කලකින් ගොඩගැසීම හරහා පෙනෙන්නේ ලංකාවේ දේශපාලන ප්‍රභූ පැළැන්තිය පක්ෂ භේදයකින් තොරව එකම "පද්ධතියක" (System) කොටස්කරුවන් වී ඇති බවයි. අවසානයේ වෙන්නේ, රතු ටයි පටිය දැම්මත්, සුදු රෙද්ද ඇන්දත්, තිරය පිටුපස තියෙන්නේ එකම නාටකය තමයි.

      මෙහි බරපතළකම තේරෙන්නේ. ලාල්කාන්තගේ පරම්පරාව දිහා බලද්දී ඔහුගේ පියා කේ.ඩී. ඇල්බට්, බාප්පලා වුණු විල්බට් සහ රොබට් කියන්නේ සැබෑ දුප්පත් කම්කරු පන්තිය නියෝජනය කරපු දිළිඳු ඉතාමත්ම සාමාන්‍ය මිනිස්සු. ඒත් ඒ නිර්ධන පරම්පරාවෙන් ආපු ලාල්කාන්ත දේශපාලනයට ඇවිත් බලයට පත්වෙලා වසරකට පසුව අද ඉන්න තැන දැක්කම ඕනෑම කෙනෙකුට පුදුම හිතෙනවා. බිලියන මිලියන කියනවට වඩා අනුර කුමාර විපක්ෂයේ සිටියදී කිව්වා වගේම මේක ලක්ෂවලින් කියද්දී තමයි සාමාන්‍ය මිනිහෙකුට මේකේ තරම දැනෙන්නේ.

      උදාහරණයක් විදියට මෑතකදී, ඔහු අලුතින් අරන් පදිංචිවී තියෙන ගෙයි ඉඩම විතරක් ලක්ෂ හයසීයකට (600) වැඩියි. ඉඩමට අමතරව ඔහු දැනට පදිංචි වෙලා ඉන්න නිවසේ ඉදිකිරීම්ව ටිනාකම විතරක් ලක්ෂ දාහකට (1,000) අධිකයි කියලා තමයි වාර්තා වෙන්නේ. එතකොට මිල අධික ගෘහ භාණ්ඩ සහ අනෙක් උපකරණ අවම වශයෙන් තවත් ලක්ෂ සීයකට වැඩියි. මේ අලුත් නිවස ඔහුගේ ගිය වසරේ ලබාදීපු වත්කම් ප්‍රකාශයේ නෑ කියලයි වාර්තා වෙලා තියෙන්නේ.

      ඒ විතරක් නෙවෙයි, සමාගම් 10ක තියෙන ආයෝජනයි අනිත් දේපලයි ඔක්කොම එකතු කළාම මුළු වත්කම ලක්ෂ හයදහස් හත්සීයක් (6,700) වගේ අතිවිශාල අගයක් ගන්නවා. මහාචාර්යවරයෙක් විදියට මම දකින්නේ මේක හුදෙක් මුදල් ඉපයීමක් නෙවෙයි; මේක "කම්කරු පන්ති දේශපාලනය" කියන ලේබලය ඇතුලේ සිද්ධ වුණු මහා පරිමාණ වංචා සහගත ධනෝපායනයක්.
      තමන්ගේ පියවරුන් මිටියයි ලේනුවයි අරන් වැඩ කරද්දී, පුතා දේශපාලන බලය පාවිච්චි කරලා මෙච්චර කෙටි කාලයකින් ලක්ෂ 6,700ක වත්කම් ගොඩගැහුවේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්. ලක්ෂ දාහක ගෙවල් හදන්න, ලක්ෂ හයසීයක ඉඩම් ගන්න සාමාන්‍ය රජයේ සේවකයෙක් අවුරුදු දහස් ගණනක් වැඩ කරන්න ඕනේ.//

      මේ කතාව ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?

      Delete
    2. මේ මාධ්‍ය වාර්තාව ගැනත් මේක උපුටා දක්වමින් විශ්‍රාමික මහාචාර්ය රුක්ෂාන් කල්පගේ පවසන දේ ගැන ඔබේ අදහස මොකක්ද?

      මාධ්‍ය වාර්තාව

      //

      ඇමති ලාල්ගේ වත්කම් ප‍්‍රකාශනයේ කෝටි හතක දේපල.. යාළුවෙක් දුන්න කාර් එකක්.. සමාගම්වල කොටස්.. වත්කම් ප්‍රකාශවලට අලුත්ම සුපිරි නිවස නෑ..


      තමන් ඉතා අසීරු ආර්ථික ජීවිතයක් ගත කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ 2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශය යැයි කියනු ලබන ලේඛනයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්වෙමින් පවතී.

      ප්‍රවීණ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇති මෙම ලේඛනයට අනුව, මින් පෙර ඇමතිවරයා විසින් සිදුකළ ප්‍රකාශ සහ ඔහුගේ වත්කම් අතර පරස්පරතාවයක් පවතින බවට චෝදනා එල්ල වේ.

      කුරගමගේ දොන් ලාල් කාන්ත යන නමින් පෙනී සිටින මෙම ප්‍රකාශය 2025 දෙසැම්බර් 26 වන දින සහතික කර ඇති අතර, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ඒ සඳහා අත්සන් තබා ඇත. එම ලේඛනයට අනුව අමාත්‍යවරයා සතු දේපළ කිහිපයක් මෙසේය.

      1)රුපියල් මිලියන 670ක පමණ වටිනාකමකින් යුත් ගොඩනැඟිලි සහ නිශ්චල දේපළ.

      2)රුපියල් ලක්ෂ 46ක් පමණ වටිනා රන් පවුම් සහ ආභරණ.

      3)මිතුරෙකු ලබාදුන් මුදලින් මිලදී ගත් බව කියන වර්තමාන වටිනාකම රුපියල් ලක්ෂ 45ක් වන 2019 නිෂ්පාදිත ටොයෝටා ප්‍රිමියෝ වර්ගයේ මෝටර් රථයක්. සහ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි සමාගම් 10ක සිදුකර ඇති ආයෝජන.

      4)බැංකු ගිණුම්වල ඇති රුපියල් ලක්ෂ 90ක මුදලක්.

      උවිඳු කුරුකුලසූරිය මහතා පෙන්වා දෙන්නේ පසුගිය කාලසීමාවේ දැඩි ආන්දෝලනයට තුඩු දුන් කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ පිහිටි අමාත්‍යවරයාගේ සුපිරි තෙමහල් නිවස මෙම වත්කම් ප්‍රකාශයට ඇතුළත් කර නොමැති බවයි. එය ඔහුගේ දියණියගේ නමින් මිලදීගෙන ඇති බවද ඇතැමුන් පවසති.

      5)තමන්ට පෙන්වීමට තරම් වත්කමක් නොමැති බවට අමාත්‍යවරයා මීට පෙර මාධ්‍ය හමුවේ පවසා තිබුණද, මෙම ලේඛනය මඟින් හෙළිවන කරුණු ඊට පටහැනි බව ඔහු පවසයි.

      "බිරිඳගේ වැටුපෙන් ජීවත් වන, දුවගේ ටියුෂන් ගාස්තු ගෙවා ගැනීමට නොහැකිව පක්ෂ සහෝදරයන් ලබාදෙන සහල් සහ පොල්වලින් ජීවිතය ගැටගසා ගන්නා" බව ප්‍රසිද්ධ මාධ්‍ය වලට පවසන දේශපාලනඥයෙකු සතුව මෙවැනි වත්කම් පැවතීම පිළිබඳව විවේචන එල්ල වෙමින් පවතී.

      මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ අවධානයක් යොමු විය යුතු බවද අදාළ සටහන මඟින් ඔහු අවධාරණය කර ඇත.//

      Delete
    3. මේ කතාව ඇත්ත ද?

      //ඔවු අපිට මතකයි උඹ කියපු ඒ අනුරාධපුරේ අතීතය. ලාල්කාන්තගේ පියා අපේ හිතවතා කේ.ඩී. ඇල්බට් මහත්තයා, නැත්නම් ආදරණීය ඇල්බට් අංකල් වගේම ඔහුගේ විල්බට්, රොබට් වගේ සහෝදරයෝ කොච්චර සාමාන්‍ය මිනිස්සුද? ඒකාලෙ එදාවේල පිරිමහගන්න මහන්සි වුණු ඒ මිනිසුන්ගේ වටපිටාවෙන් ආපු ලාල්කාන්ත, පස්සේ කාලෙක මාදිවෙල මන්ත්‍රී නිවාසවල පක්ෂේ වියදමින් මාසෙකට රුපියල් දාහක කුලියට ඉන්නකොටත් තමන්ගේ බරපතල ආර්ථික අපහසුතා ගැන කතා කරපු හැටි උඹට හොඳට මතක ඇතිනේ. ඔහුගේ දුව CSCT පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබද්දී සාමාන්‍ය රජයේ ගුරුවරියක වූ ලාල්ගේ බිරිඳ දිල්රුක්ෂි CSCT ගාස්තුව ගෙවන කාලෙත් ඒ පීඩනය පෙනෙන්න තිබුණා.
      හැබැයි මචං, අද මේ සිද්ධ වෙන දේ ආර්ථික විද්‍යාත්මකව හිතාගන්නවත් බැහැ. 2024 වගේ මෑත කාලයක් වෙනකම්ම සාමාන්‍ය මට්ටමේ හිටපු මනුස්සයෙක්, එකපාරටම රුපියල් මිලියන 670 ක් (ලක්ෂ 6,700 ක) වත්කම් පහළ වුණේ කොහොමද? මේක නිකන් හරිම "මායාකාරී" වර්ධනයක්.

      මේ තත්ත්වය මම මෙහෙම විශ්ලේෂණය කරන්නම්

      සම්භවය සහ පරිවර්තනය

      ඈත පිටිසර අනුරාධපුරේ දුප්පත්ම මට්ටමේ ඉඳලා, වසර කිහිපයක් ඇතුළත රුපියල් මිලියන 460 කට අධික දේපළ සහ රුපියල් මිලියන 383 ක කොටස් (Shares) හිමිකර ගැනීම කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාරිකයෙකුටවත් ලේසියෙන් කරන්න බැරි වැඩක්.

      සමාජීය ප්‍රතිවිරෝධය: මේ අය වේදිකාවල කතා කරන්නේ "පීඩිත පන්තිය" ගැන. හැබැයි තමන්ගේ පෞද්ගලික වත්කම් ප්‍රකාශවල තියෙන්නේ සුපිරි ධනපති පන්තියේ ඉලක්කම්. මේක මිනිස්සුන්ගේ විශ්වාසය සූරාකෑමක්.

      ආයෝජන රටාව: සාමාන්‍ය මිනිහෙක්ට එදා වේල කන්න සල්ලි නැති කාලේ, පෞද්ගලික සමාගම් 10 ක රුපියල් කෝටි 38 කට අධික ආයෝජන කිරීම කොහොමද සාධාරණීකරණය කරන්නේ? මේ මුදල් ලැබුණු මූලාශ්‍ර ගැන විධිමත් Forensic Audit එකක් අනිවාර්යයි.

      මචං, අපි කලින් කතා කරපු BRICS මගහැරීම වගේම, මේ වගේ "හදිසි ධනවත් වීම්" රටක රාජ්‍ය ගැන තියෙන ප්‍රතිරූපය විනාශ කරනවා. 2024 අගභාගය වෙනකම්ම ආර්ථික අපහසුතා ගැන කතා කරපු දුප්පත් ලාල්කාන්ත, 2025 අන්තිම වෙනකොට කෝටි 46 ක වත්කම් ලේඛනගත කරන්නේ අතිශය සැකකටයුතු විදිහටයි.
      අපේ රටේ අර්බුදය තියෙන්නේ සම්පත් නැතිකම නෙවෙයි, තමන්ගේ "දුප්පත්කම" විකුණගෙන කන පාලකයින්ගේ මේ වගේ අසීමිත තණ්හාව ඇතුළෙයි. උඹ දන්න ඒ අතීතයයි, අද තියෙන මේ දත්තයි එකට තිබ්බම පේන්නේ ලංකාවේ දේශපාලනය කියන්නේ ජනතාව මුලා කරන මහා රංගනයක් විතරයි//

      Delete
    4. //මම මේක දකින්නේ "පරස්පරතාවන්ගේ උපරිමය" විදියටයි. බලපන්, වේදිකාවලදී කියන්නේ බිරිඳගේ වැටුපෙන් ජීවත් වෙනවා, දුවගේ ටියුෂන් පන්ති යවන්න පවා සල්ලි නැති නිසා සහෝදරයෝ දෙන සහල්, පොල්වලින් ජීවිතය ගැටගහ ගන්නවා කියලා. ඒත් ඇත්ත තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් බව මේ ලේඛනවලින් පේනවා.

      මේක ලක්ෂවලින් බලපන්; ලක්ෂ 670ක දේපළ, ලක්ෂ 46ක රන් ආභරණ, ඒ මදිවට සමාගම් 10ක ආයෝජන! මෙතන තියෙන ලොකුම "ජෝක්" එක තමයි ලක්ෂ 45ක කාර් එක යාළුවෙක් දුන්න සල්ලිවලින් ගත්තා කියන එක., මහාචාර්යවරයෙක් විදියට මටවත් එවැනි "ත්‍යාගශීලී" යාළුවෝ නැති එක ගැන මට දුකයි. දේශපාලන බලය පාවිච්චි කරලා "ත්‍යාග" විදියට වත්කම් ලබාගැනීමත් එක්තරා ආකාරයක දූෂණයක් තමයි.
      අනික අර කඩුවෙල වැලිවිට තියෙනවා කියන ලක්ෂ දාහකට (1,000) වඩා වටිනා සුපිරි තෙමහල් නිවස මේ ප්‍රකාශයට ඇතුළත් කරලා නැති එක ගැන උවිඳු කුරුකුලසූරිය මතු කරන ප්‍රශ්නය ඉතාම සාධාරණයි. මේක තමයි මම අර කලින් කිව්ව "සැඟවුණු වත්කම්" වල ස්වභාවය. වත්කම් ප්‍රකාශයේ තියෙන්නේ ලක්ෂ 670ක් වුණාට, ඇත්ත වත්කම ලක්ෂ 6,700ක් තරම් විශාල බවට සැක කරන්නේ ඔන්න ඔය නිවස වැනි දේපළ හංගලා තියෙන නිසයි.

      තමන්ට පෙන්වන්න තරම් දෙයක් නැතැයි කියමින් ජනතාවගේ අනුකම්පාව දිනාගන්නා ගමන්, තිරය පිටුපස මෙවැනි මූල්‍ය ජාලයක් පවත්වාගෙන යාමෙන් පෙනෙන්නේ ලාල්කාන්ත කියන්නේත් සාමාන්‍ය දේශපාලකයෙකුට එහා ගිය සූක්ෂ්ම ව්‍යාපාරිකයෙක් බවයි.

      අර සමාජ මාධ්‍ය වල හැමතැනම කියැවෙන එංගලන්තේ "තට්ට කොට" නියෝජිතයා හරහා එංගලන්තය වැනි රටවලටත් මේ ජාලය විහිදෙනවා නම්, ඇත්තටම මේක හුදෙක් සදාචාරාත්මක ප්‍රශ්නයක් විතරක් නෙවෙයි, අල්ලස් කොමිසම හරහා විමර්ශනය විය යුතු මහා මූල්‍ය අපරාධයක්//

      Delete
    5. //දැනට වාර්තා වෙච්ච තොරතුරු අනුව පෙනෙන්නේ මේක ඉතාම සූක්ෂ්ම ලෙස සැලසුම් කළ මුදල් විශුද්ධිකරණ (Money Laundering) ජාලයක් විදියටයි.

      සමාජ මාධ්‍යවල දැන් හැමතැනම සංසරණය වන තොරතුරු අනුව, එංගලන්තයේ පදිංචිව සිටින "තට්ට කොට" පෙනුමක් ඇති පුද්ගලයෙක් තමයි ලාල්කාන්තගේ මේ මහා පරිමාණ කළු සල්ලි සුදු කරන ප්‍රධානම "නියෝජිතයා" (Agent) විදියට කටයුතු කරන්නේ. උදාහරණයක් විදියට, ලංකාවේදී දේශපාලන බලය පාවිච්චි කරලා උපයාගන්නා අර ලක්ෂ 6,700ක වත්කම්වලින් කොටසක්, මේ කියන පුද්ගලයා හරහා විදේශීය ව්‍යාපාරික ජාලයන්ට මුසු කරන බවටයි චෝදනා එල්ල වෙන්නේ. අර මම කලින් කිව්ව ලක්ෂ 1,000ක ගෙවල් සහ ලක්ෂ 600ක ඉඩම්වලට වැයවුණු මුදල්වල නියම මූලාශ්‍රය වසන් කරන්න මෙවැනි විදේශීය සම්බන්ධතා භාවිතා කිරීම අද කාලේ "දේශපාලන මාෆියාවේ" සාමාන්‍ය ක්‍රමයක්.

      මේ පුද්ගලයා එංගලන්තයේ සිට මෙහෙයවන ගනුදෙනු හරහා, ලාල්කාන්තගේ කම්කරු පන්ති ප්‍රතිරූපයට හානියක් නොවී, අතිවිශාල ධනයක් විදේශ රටවල සුරක්ෂිතව තැන්පත් කෙරෙන බවටයි සමාජ මාධ්‍ය සටහන්වලින් කියවෙන්නේ. මහාචාර්යවරයෙක් විදියට මම මේක විවේචනය කරන්නේ මෙන්න මේ පරස්පරය නිසයි: වේදිකාවේදී බටහිර අධිරාජ්‍යවාදයට බනිමින්, තමන්ගේ රහස් ගනුදෙනු සහ මුදල් විශුද්ධිකරණය සඳහා එංගලන්තය වැනි රටවල් තෝරා ගැනීම කෙතරම් සදාචාර විරෝධීද? මේ "තට්ට කොට" පුද්ගලයා සහ ලාල්කාන්ත අතර තියෙන මේ අද්භූත සම්බන්ධය හරියට විමර්ශනය කළොත්, අර දුප්පත් ඇල්බට්ලාගේ, විල්බට්ලාගේ රොබට්ලගේ පරම්පරාවෙන් ආපු ලාල්කාන්ත කොහොමද මේ තරම් කෙටි කලකින් "බිලියනපතියෙක්" වුණේ කියන රහස ලෝකයටම හෙළි වේවි. ඇත්තටම මේක හුදෙක් දේශපාලන කතාවක් නෙවෙයි, මේක මහා පරිමාණ මූල්‍ය වංචාවක නූතන පිටපතක්//

      Delete
  13. ඉරානය ගැන මාතලන් කියන කරුණු එක පැත්තක එක කෝණයකින් බලනකොට පේන පැත්තක් විතරයි නියෝජනය කරන්නේ ඒ සියෝන්වාදී ඊශ්‍රායලයේ මතය.

    මාතලන්ට මතකද අර අපි පුංචි කාලෙ රේඩියෝවෙ ඇහෙන මේ සිංදුව ඒ කාලෙ ගොඩක් ජනප්‍රිය වෙලා තිබුන

    ආරිය සිරි අංග පහෙන් එකක් තමයි නුඹේ කොන්ඩේ
    දඬුවම් ලැබු වාලිය වෙයි කැපුවෝතින් උඹේ කොණ්ඩේ

    මේ කියන්නෙ හෙළ 'ආරිය' සිරිතට දීග දෙනව... සිංහල ආරිය සිරිතට අවුරුදු සමරනව වගේ අමුතු කතා තවමත් අපිට ඇහෙනව.

    මේ කියන්නෙ ලාංකිකයන් හෙවත් සිංහලයන් පැවතෙන්නෙ ඉන්දු ආර්‍යයන්ගෙන් බවද.?
    ඉන්දු ආර්‍ය්‍යයන් කියන්නෙ කවුද.?

    යුරෝපයෙත් .. ආසියාවෙත්... මැදපෙරදිගත් බොහොමයක් සංස්කෘතීන් හා ජාතීන් තමන් ආර්‍යයන්ගෙ පැවතෙන බවට සඳහන් කරන්න ලොකු කැමැත්තක් තියනව.

    මහා විශාල ජන සංහාරයක් කරපු බවට චෝදනා නැගෙන ඇඩොල්ෆ් හිට්ලර් විශ්වාස කරාලු තමන් වගේම පිරිසිඳු ජර්මන් ජාතිකයන් ආර්‍යයන්ගෙ පැවතෙන බව

    ඔය ආර්‍යයන් කියන්නෙ සුදු හමක් සහිත... උස් හා හොඳින් වැඩුනු ශරීරයක් ඇති ... නිල් ඇස් හා රන්වන් හිසකෙස් ඇති පිරිසක් බව විවිධ සංස්කෘතීන් තුල පිලි ගැනෙනව.
    මේ ලක්ෂණ නැති කිසිවෙක් නාසි ජර්මනිය තුල ඉහල තනතුරු නොදැරිය යුතුයි යන අදහස මුලින්ම ඉදිරිපත් කරන්නෙ ඇල්ෆ්‍රඩ් රෝසන්බර්ග්. ( Alfred Rosenberg).
    හිට්ලර්ගෙ සමීපතම සගයෙක් වෙන රෝසන්බර්ග් දැඩි නාසි වාදියෙක්.

    සුදු හම ඇති ආර්‍යයන් ලෝකය පාලනය කල යුතුයි කියන අදහස මධ්‍යම යුරෝපයෙන් පටන් අරගෙන නැගෙනහිරටත් බටහිර යුරෝපයටත් එක විදිහටම ගමන් කරනව.

    රිචර්ඩ් වැග්නර් කියන්නෙ ජර්මනියෙන් බිහිවූ විශිෂ්ඨ සංගීතඥයෙක්. ( Richard Wagner 1813- 1883). වැග්නර් තදින්ම විශ්වාස කරනව තමන් පැවතෙන්නෙ ආර්‍යයන්ගෙ කියල.

    සුදු හම හා නිල් ඇස් ඇති ආර්‍යයන් පිලිබඳ අදහස මේ කාලයේ බොහෝ සුදු ජාතික නායකයන් තුල දකින්න පුළුවන්.

    පසු කාලීනව වැග්නර් බලකාය රුසියාවේදී බිහිවීමේදීත් ... රුසියානු ට්සාර් වරුන් මෙන්ම වර්ථමාන නායකයන් ගැන වාද විවාද වලදීත් තමන් ආර්‍යයන්ගෙන් පැවතෙන බවටත් රුසියානු ඉහල සමාජය විශ්වාස කරනව.

    කොහොමද මේ ආර්‍ය කතංදරය ලෝකය පුරාම පැතිරෙන්නෙ.?

    පොදු පිලිගැනීම අනුව ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය ලොව පැරනිම ශිෂ්ඨාචාර වලින් එකක්.
    ක්‍රිස්තු පූර්ව 3000 දී පමන නිර්මාණය වෙන මොහෙන්ජො දාරෝ Mohenjo-daro සංස්කෘතියත් එක්ක හින්දු ඇදහීම් නිර්මාණය වෙනව. හින්දු ඇදහීම් හා සංස්කෘතිය නිර්මාණය වෙන වේද ග්‍රන්ථ ලියවෙන්නෙ ක්‍රිස්තු පූර්ව 1500- 1200 වගේ කාලයක කියල අපිට දල වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ( මේ දින වකවානු ඉතාම විවාදාත්මකයි).
    මේ වේද ග්‍රන්ථ තුල රිග් වේදයේ සඳහන් වෙනව ආර්‍ය ජන කොටසක් හෝ කුලයක් ගැන.

    ආර්‍යයවර්ත විදිහට හැඳින්වෙන මේ ජන කොටස කුල පංති අතර ඉහලින්ම සැලකෙන ජන කොටසක් බවට සඳහන් වෙද්දි මේ සම්භන්ධයෙන් විවිධාකාර මති මතාන්තර තියනව.

    එක් මතයක් තමයි මොහෙන්ජො දාරෝ- හරප්පා සංස්කෘතීන් ගොඩ නගන්නෙ ඩ්‍රාවිඩියන් වරුන් විසින් බවත් ඉන්පසු උතුරු දෙසින් පැමිනෙන ආර්‍යයන් නම් ජන කොටසක් මගින් මොහෙන්ජොදාරෝ සංස්කෘතියේ පාලනය ලබාගත් බවත් ඔවුන්ගේ දැනුමෙන් හා හැකියාවෙන් ඉන්දු නිම්න සංස්කෘතිය වැඩි දියුණු වූ බවත්.

    ඩ්‍රාවිඩියන් වරු කුඩා ශරීරයක් හා දුඹුරු හමක් සහිත කඩිසර මිනිසුන් කොට්ඨාශයක්.

    ඩ්‍රාවිඩියන් වරුන්ගෙන් ද්‍රවිඩයන් පැවතෙන බවට විශ්වාස කරනව.
    ඉන්දියානු කුල ක්‍රමය තුල සුදු හමක් සහිත භ්‍රාහ්මන වංශිකයන්ට ඉහල පිලිගැනීමක් අදත් තියන බව සමහර සිදුවීම් හරහා අපිට වටහා ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම පතන්ජලී ( Patanjali) කියන්නෙ ක්‍රිස්තු පූර්ව දෙවන හා හතරවන සියවස පමන අතර ජීවත් වූ හින්දු ශාස්තෲවරයෙක්.. ගුරුවරයෙක්.

      බොහෝ පිරිස් විසින් පතාංජලී යෝග ශාස්ත්‍රයේ පියා විදිහටත් සලකනව.

      පතාංජලීගෙ ඉගැන්වීම් හා සටහන් බොහොමයක් ප්‍රංශ භාශාවට පරිවර්තනය කරනව ඒ විශය පිලිබඳ විශිෂ්ඨයෙකු වූ ලුවි රොනෝ විසින් ( Louis Renou- 1896- 1966 ).
      රෙනෝගේ පරිවර්තන වලට අනුව පතාංජලී සඳහන් කරනව "උතුරින් පැමිනෙන නිල් ඇස් හා රන්වන් කෙස් ඇති ආර්‍ර්‍යයන් විසින් මග පෙන්වන ලදි" ආකාරයට.

      ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය... සංස්ක්‍රිත් භාශාව... පතාංජලී හා ඔහුගේ ඉගැන්වීම් ගැන බොහොම පුළුල් පර්‍යේශණ කරපු පුද්ගලයෙක් තමයි ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය මොනියෙර් විලියම්ස්. ( Monier Monier-Williams ).
      ආචාර්‍ය විලියම්ස් සඳහන් කරනව වේද ග්‍රන්ථ හා පතාංජලීට අනුව ඉන්දු නිම්න සංස්කෘතියේ උසස්ම සැලකීමක් නිල් ඇස් හා රන්වන් හිසකෙස් ඇති ආර්‍යයන්ට ලැබෙන බවට.
      උසස් ගති ගුණ ඇති.. දැනුමෙන් ඉතාම පොහොසත්... ශිෂ්ඨ... උසස් පිරිස ලෙස ආර්‍යයන් අර්ථ දක්වනව.
      කුල ක්‍රමය අනුව ආර්‍යයන්ට හිමිවෙන්නෙ ඉහලම ස්ථානයක්.

      අන්ද්‍රොනොවෝ සංස්කෘතිය ( Andronovo culture) බිහිවෙන්නෙ මධ්‍යම සයිබීරියානු .. පර්සියානු කලාපයේ ස්ටෙප්ස් තණබිම් ආශ්‍රිත ප්‍රදේශයන්හි ක්‍රිස්තු පූර්ව 2200- 1150 වගේ කාලයක් තුල.

      මේ පිරිස යෙන්සෙයි ගඟ ආශ්‍රිතව දියුණු ජීවන රටාවක් ගොඩනගනව. ( අංගාරා ගඟ යෙන්සෙයි ගඟේ අතු ගංගාවක්).

      අන්ද්‍රොනෝවෝ සංස්කෘතියේ ජන කොටස් මධ්‍යම ආසියාව හරහා ඉන්දියාව දක්වා ගමන් කරනව.
      ඒ එක්කම වර්ථමාන ඉරානය (පර්සියානු බිම්) මේ සංස්කෘතියට අයිති වෙන බිම් ප්‍රදේශයේයි පවතින්නෙ.

      ඒ අනුව ආර්‍ර්‍යයන් පැවතෙන්නෙ ඉරානයෙන් බවත් ඉන්දු ඉරානියන් භාශාව කතා කරන ජන කොටස ආර්‍යන් වූ බවටත් පිලිගැනෙන මතයක් තියනව.

      ( The term Aryan has long been used to denote the Indo-Iranians, because Arya is indeed the self-designation of the ancient speakers of the Indo-Iranian languages, specifically the Iranian and the Indo-Aryan peoples, collectively known as the Indo-Iranians.)

      සොරොස්ත්‍රියානු ඇදහීම් (zoroastrians) පැරනි පර්සියාවේ දකින්න තිබෙන ඉතාම පැරනි ආගමක්.
      සොරොස්ත්‍රියානු විශ්වාස වලට අනුව පර්සියානුවන් යනු ආර්‍යයන්.

      මේ සියළුම සාක්ශි සලකල බලද්දි ආර්‍යන් ඉන්දියාවට පැමිනෙන්නෙ උතුරින් හා වයඹ දිග ප්‍රදේශ වලින්.
      මේ අය උස්.. සුදු හම ඇති.. රන්වන් කෙස් ඇති පිරිසක්.

      ආර්‍යයන් යනු උසස් ජන කොටසක්.. පිදිය යුතු ජන කොටසක් හෝ කුලයක් විදිහට හින්දු සමාජය තුල පිලි ගැනුනත් මේ ජන කොටසේ විශේෂත්වය තමන්ගෙ වාසියට භාවිතා කරන්නෙ ඉන්දියාව ආක්‍රමණය කරන බ්‍රිතාන්‍යයන් විසින්.
      බ්‍රිතාන්‍යයන් උත්සාහ කරනව අතීතයේ ඉඳලම ඉන්දියාව පාලනය කරන ලද්දෙත්... උසස් ශිෂ්ඨාචාරයක් හඳුන්වා දෙන්නෙත් ආර්‍යයන් විසින් බවත් ... තමන් හෙවත් බ්‍රිතාන්‍යයන් යනු ආර්‍ය්‍යන් බවත් ඉන්දියානුවන්ට ඒත්තු ගන්වන්න.

      අනිත් අතින් ස්කැන්ඩිනේවියානු ජනතාව අතරත් මතයක් තියනව වයිකින්ග්වරු පැවතෙන්නෙත් ආර්‍යයන්ගෙන් බවට.

      එක්තරා කතාවකදී ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ව හඳුන්වනෙත් ආර්‍ය්‍යන්ගෙ පැවතෙන්නෙක් විදිහට.

      මේ ආර්‍යයන්ගේ අදහස හෙවත් තමන් උසස් යන අදහස මුළු දකුණු ආසියාව පුරාමත් දකින්න පුළුවන්.

      මේ ආකාරය සලකද්දි කළු ජාතිකයන් ඇරෙන්න මුළු ලෝකයම එකම ආර්‍ය පිරිසකටයි අයිති.

      යුධ ගැටුම්... රන්ඩු සරුවල් මොන හේතුවකට ඇති වෙනවද කියල හිතෙනව මේ ආර්‍යන්ගෙ කතංදරය විශ්වාස කලොත්.

      මොනව වුනත් දැනට අවුරුදු 4000 කට විතර කලින් ඉරාන බිම් වල ඉඳල සංචරණය වුනු ජන කොට්ඨාශයක් ගැන මේ තරම් කරදර වෙන්නෙ මොන උවමනාවකටද කියල විස්තරකරල පෝස්ට්එකක් දාන්න බලන්න

      Delete
  14. ඔබ සැමට සුභ නව වසරක් වේවා..♥️🇱🇰
    ඉතිහාසයෙන් අපට හිමිකර දී ඇති,
    ඒ සංස්කෘතිකාංග වලට ගරු කරන,
    ඒවාට හදවතින්ම ආදරය කරන,
    අපේ කම ඇඟේ තිබෙන,
    මිනිස්සුන්ට එකට එක්වී,
    සතුටින් සැමරිය හැකි සිංහල හින්දු අලුත් අවුරුද්දක් හැමදාම මේ බිමට හිමි වේවා..♥️♥️🙏🙏

    ReplyDelete
  15. පුරාවිද්‍යාත්මක සහ භාෂාමය පර්යේෂණවලට අනුව, සිංහල බෞද්ධ ජනතාවගේ මූලාරම්භය හුදෙක් ඉන්දියාවට පමණක් සීමා නොවී පුරාණ ඉරාන (පර්සියානු) ආර්ය ශිෂ්ටාචාරය සමඟ ද ඉතා ගැඹුරු සහ සහජීවන සබඳතාවක් පවත්වන බව මහාචාර්යවරයෙකු වූ මගේ මිතුරෙකු මට සාධක සහිතව උදාහරණ සහිතව ඔප්පු කරලා පෙන්නුවා

    ඇත්තටම ලංකාවේ සිංහල ජාතියේ මුල් සොයාගෙන යනකොට පේන දෙයක් තමයි, විජය කුමාරයා ඇතුළු පිරිස පැමිණි බව කියන 'ලාට' හෝ 'ලාල' දේශය ඇත්ත වශයෙන්ම පුරාණ පර්සියාවේ (ඉරානයේ) 'ලාලා' ප්‍රදේශය වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව, මොකද සිංහල භාෂාවේ මූලික වචන මාලාව සහ පුරාණ ඉරාන ඇවෙස්තාන් (Avestan) භාෂාව අතර පවතින පුදුම සහගත සමානකම මෙන්ම අනුරාධපුරයේ මුල්ම යුගයට අයත් කැණීම්වලින් හමුවන පර්සියානු කාසි, මැටි බඳුන් සහ පර්සියානු අක්ෂර සහිත සාධක මගින් සනාථ වන්නේ බුදුදහම ලංකාවට පැමිණීමටත් පෙර සිටම ඉරාන ආර්යයන් සහ ලාංකිකයන් අතර සෘජු වෙළඳ හා සංස්කෘතික ගනුදෙනු තිබූ බවයි; එමෙන්ම අපේ අතිවිශිෂ්ට වැව් ශිෂ්ටාචාරයේ මුල් පදනම ලෙස සැලකෙන වාරි තාක්ෂණය සහ සිංහල ජාතියේ අනන්‍යතාවය සංකේතවත් කරන 'සිංහ' ලාංඡනය පවා ඉරාන ආර්ය ගෝත්‍රික සංස්කෘතියේ බලපෑමක් ලෙස සැලකිය හැකි බැවින්, සිංහල බෞද්ධ සංස්කෘතිය යනු ඉන්දියානු ආභාසයත් සමඟ ඉරාන ආර්යයන්ගේ තාක්ෂණික හා ජානමය උරුමයන් ද මුසු වූ අද්විතීය ශිෂ්ටාචාරයක ප්‍රතිඵලයක් බව අප පිළිගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. ජාන විද්‍යාත්මක පර්යේෂණ (Genetic Studies) මගින් ද සිංහල ජනතාව සහ ඉරාන ආර්යයන් අතර පවතින සබඳතාව තහවුරු කෙරෙන කරුණු කිහිපයක් මෙසේය:
      සිංහල ජනතාවගේ DNA සාම්පල පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ ඔවුන්ගේ ජානමය සංයුතියෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ඉන්දු-ඉරාන (Indo-Iranian) හෝ මධ්‍යම ආසියානු සම්භවයක් සහිත ආර්ය ජානවලට සමාන බවයි. විශේෂයෙන්ම පිය පරම්පරාවෙන් උරුම වන Y-Chromosome විශ්ලේෂණයන්හිදී, උතුරු ඉන්දියාවේ ආර්යයන්ට මෙන්ම වර්තමාන ඉරාන වැසියන්ට පොදු වූ ජානමය සලකුණු (Genetic markers) සිංහල ජනතාව අතර බහුලව දක්නට ලැබේ. මින් පැහැදිලි වන්නේ මීට වසර දෙදහස් පන්සියයකට පෙර සිදුවූ ආර්ය සංක්‍රමණ හුදෙක් ඉන්දියාවෙන් පමණක් නොව, ඉරාන සම්භවයක් සහිත ගෝත්‍රික කණ්ඩායම් හරහා ද සිදුව ඇති බවයි

      Delete
    2. ජාන විද්‍යාත්මක පර්යේෂණ ඇසුරෙන් ලබාගත් ප්‍රධාන නිගමන කිහිපයක්:

      Haplogroup R1a1 සබඳතාව: සිංහල ජනතාවගේ පිය පාර්ශවීය ජාන පරීක්ෂාවලදී (Y-DNA), R1a1 නම් ජාන කාණ්ඩය ඉහළ ප්‍රතිශතයකින් දක්නට ලැබෙනවා. මෙම ජාන කාණ්ඩය ඉරාන ආර්යයන් (Persians) සහ උතුරු ඉන්දියානු ආර්යයන් අතර බහුලව දක්නට ලැබෙන පොදු ලක්ෂණයක්. මෙයින් තහවුරු වන්නේ මධ්‍යම ආසියාවේ සිට ඉරානය හරහා පැමිණි ආර්ය ගෝත්‍රිකයන්ගේ ජානමය උරුමය සිංහල ජනතාව තුළ තවමත් පවතින බවයි.

      මධ්‍යම ආසියානු ජානමය බලපෑම: ලෝක ප්‍රකට ජාන විද්‍යාඥයෙකු වන ආචාර්ය රේ විජේවර්ධන සහ තවත් පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි, සිංහලයන්ගේ DNA ව්‍යුහය දකුණු ඉන්දියානු ද්‍රවිඩ ජනතාවට වඩා උතුරු ඉන්දියානු සහ ඉරාන/ඇෆ්ගනිස්ථාන කලාපයේ වෙසෙන ආර්ය ජනතාවට සමීප බව හෙළි වී තිබෙනවා.

      ජන සංක්‍රමණ රටාව: ජාන විද්‍යාත්මක සාධක අනුව, වසර 2500කට පෙර ලංකාවට පැමිණි ආර්ය කණ්ඩායම් හුදෙක් ඉන්දියාවේ 'වංග' හෝ 'කාලිංග' දේශයෙන් පමණක් නොව, ඉරාන සම්භවයක් සහිත 'සින්ධු' නිම්න ශිෂ්ටාචාරයට සම්බන්ධ ගෝත්‍රවලින් ද පැමිණි බව පෙනී යනවා.

      මෙම ජානමය දත්ත අනුව පෙනී යන්නේ, සිංහල ජාතිය යනු ඉරාන ආර්ය සම්භවය, උතුරු ඉන්දියානු ආර්ය ආභාසය සහ මෙරට ආදිවාසී ජානමය උරුමයන් එකිනෙක මුසු වූ සුවිශේෂී මිශ්‍රණයක ප්‍රතිඵලයක් බවයි.

      Delete
    3. ඉරාන ආර්යයන් සහ සිංහල ජනතාව අතර ඇති ජානමය සහ ඓතිහාසික සබඳතාව විද්‍යාත්මකව තහවුරු කළ ප්‍රධාන පර්යේෂණ


      ආචාර්ය ක්ෂණිකා හිරිබුරේගම සහ කණ්ඩායම (University of Colombo):

      මොවුන් විසින් සිදුකරන ලද ජාන විද්‍යාත්මක පර්යේෂණවලදී හෙළි වූයේ සිංහල ජනතාවගේ DNA ව්‍යුහය උතුරු ඉන්දියානු සහ මධ්‍යම ආසියානු (ඉරාන සම්භවයක් සහිත) ආර්ය ජනතාවට ඉහළ ප්‍රතිශතයකින් සමාන වන බවයි.

      ආචාර්ය ගෞතම් කුමාර් ක්ෂත්‍රිය (Dr. Gautam Kumar Kshatriya):

      1995 දී ඔහු කළ පර්යේෂණයකට අනුව සිංහල ජනතාවගේ ජානමය දායකත්වයෙන් 25%කට වඩා වැඩි ප්‍රමාණයක් වයඹදිග ඉන්දියාවේ සහ ඉරාන දේශසීමා ආසන්නයේ වෙසෙන ආර්ය ගෝත්‍රවලට (Indo-Iranians) සමාන බව පෙන්වා දුන්නා.

      මහාචාර්ය පරණවිතානගේ "ලාට" දේශය පිළිබඳ මතය:

      ප්‍රවීණ පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතානයන් පෙන්වා දුන්නේ විජය කුමාරයා පැමිණි 'ලාට' දේශය යනු වර්තමාන ඉරානයේ (Persia) පිහිටි 'ලාලා' (Lala) ප්‍රදේශය විය හැකි බවයි. මෙය ජාන විද්‍යාත්මක දත්ත සමඟ සැසඳීමේදී ඉරාන ආර්ය සබඳතාව තවදුරටත් තහවුරු වෙනවා.
      පර්යේෂණ පත්‍රිකාව: "Genetic variation in Ceylon" සහ මෑතකදී පළ වූ "The Genetic Heritage of the Sinhalese" වැනි පර්යේෂණ පත්‍රිකාවල Haplogroup R1a1 ජානමය සලකුණ හරහා ඉරාන-ආර්ය සම්බන්ධය විද්‍යාත්මකව විග්‍රහ කර තිබෙනවා.

      මෙම පර්යේෂණවලට අනුව පෙනී යන්නේ සිංහල ජාතියේ ජානමය මුල් 'ඉන්දු-ඉරාන' (Indo-Iranian) මූලයකට විහිදී යන බවයි.

      Delete
    4. මේ ඉරාන-ආර්ය සහ සිංහල ජනතාව අතර පවතින සබඳතාව පිළිබඳ දත්ත :

      Reference List :

      1.Deraniyagala, S.U. (1992). The Prehistory of Sri Lanka: An Ecological Perspective. Colombo: Archaeological Survey Department of Sri Lanka.

      2.Kshatriya, G.K. (1995). 'Genetic affinities of Sri Lankan populations', Human Biology, 67(6), pp. 843-866.

      3. Kirk, R.L. (1976). 'The Genetics of the Sinhalese', in The Heritage of Sri Lanka. Colombo: Anthropological Studies Series.

      4. Paranavitana, S. (1971). The Greeks and the Mauryas. Colombo: Lake House Investments. (මෙම කෘතියේ පර්සියානු සහ ලාට දේශය පිළිබඳ විග්‍රහයන් ඇතුළත් වේ).

      5. Ranaweera, L., et al. (2014). 'Mitochondrial DNA history of Sri Lankan ethnic groups: their relation to the Indian subcontinent', Gene, 545(1), pp. 106-118.

      6. Underhill, P.A., et al. (2010). 'Separating the post-Glacial co-ancestry of European and Asian Y chromosomes within haplogroup R1a', European Journal of Human Genetics, 18(4), pp. 479–484

      Delete
  16. ලංකාවේ සිංහල ජාතියේ ආරම්භය කියන්නේ හරියට ගංගා තුනක් එකට එකතු වෙලා නිර්මාණය වුණු මහා සාගරයක් වගේ වැඩක්. ඒ ගංගා තුන තමයි ඉරාන ආර්ය සම්භවය, උතුරු ඉන්දියානු ආභාසය සහ මේ පොළොවේම උරුමය රැකගත් ආදිවාසී ජානමය උරුමය.
    මේක නිකම්ම උපකල්පනයක් නෙවෙයි, පුරාවිද්‍යාත්මක සාධකයි ජාන විද්‍යාවයි එකට තියලා බැලුවම පේන සත්‍යයක්. අපේ වංශකතාවල 'ලාට දේශය' කියලා හඳුන්වන්නේ වර්තමාන ඉරානයේ දකුණු දිග ප්‍රදේශය (Lala) බවට දැන් පුරාවිද්‍යාත්මක සාධක මතු වෙමින් පවතිනවා. අනුරාධපුර ඇතුළු නුවර කැණීම්වලදී හමුවන පර්සියානු මැටි බඳුන් සහ කාසිවලින් පේන්නේ, බුදුදහම ලැබෙන්නටත් පෙර පටන්ම ඉරාන ආර්යයන් සහ අපේ මුතුන් මිත්තන් අතර ලේ නෑකමක් තිබුණු බවයි. විශේෂයෙන්ම, අපේ වැව් ශිෂ්ටාචාරයේ තිඹිරිගෙය ලෙස සැලකෙන වාරි තාක්ෂණය තුළ පර්සියානු කානත් (Qanat) තාක්ෂණයේ සේයාවන් දැකගත හැකියි. ඒ කියන්නේ අපේ වැව් බැම්මක හැම පස් පිඩකම ඉරාන ආර්යයන්ගේ තාක්ෂණික බුද්ධියත් සැඟවිලා තියෙනවා.

    අනෙක් අතට, ජාන විද්‍යාව පැත්තෙන් බැලුවම මේක තවත් පුදුම සහගතයි. සිංහලයන්ගේ DNA පරීක්ෂා කිරීමේදී හමුවන R1a1 නම් ජානමය සලකුණ හරියට අපේ ශරීරය ඇතුළේ තියෙන ජීව විද්‍යාත්මක සෙල්ලිපියක් වගේ. මේ ජාන සලකුණ වැඩියෙන්ම තියෙන්නේ මධ්‍යම ආසියාවේ සහ ඉරාන ආර්යයන් අතරයි. ඒ වගේම තමයි, අපේ පිය පාර්ශවීය ජාන (Y-Chromosome) පර්යේෂණවලින් පේනවා අපි උතුරු ඉන්දියානු ආර්යයන් සමඟ ඇති සමීප නෑකම. මේ ඔක්කොමත් එක්කම, අපේ මව් පාර්ශවීය ජානවලින් (Mitochondrial DNA) වැඩිපුරම නිරූපණය වෙන්නේ මේ හෙළ දෙරණේම ආදිවාසී උරුමයයි.

    මේ නිසාම ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව කියන්නේ ඉරාන ආර්යයන්ගේ තේජසත්, උතුරු ඉන්දියානු ආර්යයන්ගේ භාෂාමය ශික්ෂණයත්, උත්තර භාරතීය බෞද්ධ දර්ශනය සහ සංස්කෘතියත් යන සියල්ලම නිසි අනුපාතයට මුසු වී මේ හෙළ පොළොවටම ආවේණික වූ දිරියත් ඒකටම එකට මුසු වෙලා පදම් වුණු අමුතුම ජාතියක්. අපේ ඇඟේ දුවන ලේ බිංදුවක පවා මේ ලෝක ශිෂ්ටාචාර තුනකම දායකත්වය ලස්සනට ලියවිලා තියෙනවා. ඒ නිසාම මාතලන්ගේ මේ අදහස මටනම් පිළිගන්න අමාරුයි.

    ReplyDelete
  17. Gayani medamta puke arinna oni

    ReplyDelete
  18. මේ වන විට රට පාලනය කරන්නේ මාලිමාව නොව ධම්මික පෙරේරා ඇතුළු ධනපති චෞර වළල්ලක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

    “මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වන හඬපටය අසන විට ධම්මික පෙරේරාට හදිසි ගල් අඟුරු ටෙන්ඩරය ලබාදීම සඳහා ක්‍රමවේද උල්ලංඝනය කර, නීතිය නමා ඇති බව පැහැදිලිය. පළමු ගල් අඟුරු ටෙන්ඩරය ගැන අප දිගින් දිගටම පැවසුවේ එයයි. දිගුකාලීන ටෙන්ඩරය ගැන මෙතරම් චෝදනා එල්ලවී තිබියදීත් හදිසි ටෙන්ඩරයේදීත් මේ ආකාරයට හැසිරීම ආණ්ඩුවේ ආධාරකරුවන් පැහැදිලි කරන්නේ කෙසේද?

    මෙය ව්‍යාජ හඬපටයක් නොවන බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා ලිපියකින් පිළිගෙන ඇති නිසා රට කරන්නේ මාලිමාවේ මහජන නියෝජිතයන් නොව ධම්මික පෙරේරා ඇතුළු ජාවාරම්කාර ධනපති චෞර වළල්ලක් විසින් බව පැහැදිලිය.

    ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා මේ ලිපිය නිකුත් කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සීල් තබා ඇති ආයතනයක ලිපි ශීර්ෂය සහ නිළ මුද්‍රාව භාවිත කිරීම විශාල වරදක් බව නොදන්නා නිසා විය නොහැක. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එය ප්‍රචාරය කිරීම තුළ පෙනී යන්නේ ධනපති චෞර වළල්ලට රාජ්‍ය ව්‍යුහයන් හැසිරවීමට ඇති ශක්‍තිය නොවේනම් වෙන කුමක්ද?

    මේ පවතින්නේ ධනේශ්වර රජයක් බවත් කවුරු මොන පුටුවල වාඩිවී සිටියත් මේවා ධනපති ආණ්ඩු බවත් මාක්ස්වාදීන් හැමදාමත් පවසන්නේ ඒ නිසාය. මේ ගල් අඟුරු මගඩියෙන් ජාවාරම්කාරයන්ගේ මඩි තරවන අතර එහි වන්දිය වැඩකරන ජනතාවට ගෙවීමට සිදුවනු ඇත. ඩොලර්වලින් ඉන්ධන ආනයනයට විශාල සමාගම්වලට ආණ්ඩුව ඉඩදී තිබෙන නිසා එම පන්තිය සිය සුපුරුදු කටයුතු කරගෙන යන අතර, විදුලි කප්පාදුව නිසා වැඩකරන පන්තියේ දෛනික ජන ජීවිතය අඩාල වනු ඇත.

    මේ සියලු ප්‍රශ්න සමග පන්ති ප්‍රශ්නයක් සම්බන්ධව ඇත. මේවා ධනපති ආණ්ඩු වන අතර වරින් වර එහි මතුපිට සායමේ පැහැය පමණක් අලුත් මූණු හරහා වෙනස්වේ. වත්මන් අත්දැකීමෙන් ලංකාවේ ජනතාවට එම දේශපාලන අවබෝධයවත් ලැබේ නම් ප්‍රමාණවත් වන බව දැනට ලියා තබමු.

    ReplyDelete
    Replies
    1. @ Annonymous 6.22

      ගණන් හිලව් බැලුවම ඔයා කියන කතාවේ ලොකු තර්කයක් තියෙනවා. විගණකාධිපති වාර්තාවක සාමාන්‍යයෙන් ඇතුළත් වෙන්නේ පෙනෙන්නට තිබෙන සෘජු මූල්‍ය අලාභය (Direct Loss) විතරයි.

      හැබැයි මේ වගේ සිදුවීමක "Total Impact" එක නැත්නම් සැබෑ පිරිවැය ඊට වඩා ගොඩක් වැඩියි.

      ඔයා කියපු කරුණු ටික තවදුරටත් පැහැදිලි කළොත්:

      යන්ත්‍ර සූත්‍ර නඩත්තුව: බාල තෙල් නිසා එන්ජින් වලට වන හානිය සහ ඒවා අලුත්වැඩියා කරන්න යන විදේශ විනිමය ලොකු බරක්.
      පරිසර හානිය: අපිරිසිදු වායු විමෝචනය නිසා සෞඛ්‍යයට සහ පරිසරයට වන හානිය මුදලින් ගණනය කිරීම අපහසු වුණත් එය රටට දිගුකාලීන පාඩුවක්.
      අතිරේක ඩීසල් පිරිවැය: බාල ප්‍රමිතිය නිසා දහන කාර්යක්ෂමතාව අඩුවීමෙන් වැඩි ඩීසල් ප්‍රමාණයක් වැය වෙන්න පුළුවන්.

      සැපයුම් දාමයේ ගැටලු: ඩීසල් සීමා කිරීම (Quota) නිසා ප්‍රවාහන හා නිෂ්පාදන ක්ෂේත්‍ර අඩාල වීමෙන් දළ දේශීය නිෂ්පාදිතයට (GDP) ලැබෙන දායකත්වය අඩු වෙනවා.

      ඔය සේරම එකතු කළාම එන "Opportunity Cost" එක සහ "Indirect Cost" එක බැලුවොත් ඔය බිලියන 2.2 කියන එක ඉතාම කුඩා අගයක් බව පැහැදිලියි.

      මේ ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඉදිරියේදී සම්පූර්ණ පිරිවැය විශ්ලේෂණයක් (Comprehensive Cost Analysis) කරපු වාර්තාවක් ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්

      Delete
  19. ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව මොංගල් අනුරය BRICS සමුලුව මගඇරපු එක....තේරෙයි කල් යයි...මැදපෙරදිග අවුලක් උනොත් කරන්න ඕනෙ මොකක්ද කියල 2023 කමිටුවක් දාල දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය කරලා ඉතාමත්ම පැහැදිලිව වැදගත්ම නිර්දේශ රජයට භාරදීලා තියෙනව රටේ නැවත අර්බුද ඇති නොවීමට... ඒවායේ ප්‍රධාන එක BRICS වලට join වෙන එක....අනුරය කර ඇරියෙ ඒකෙන්...දිත්වා අවධානම නොසලකා හැරීම එක මේක දෙක...ජනාධිපතිට දැක්මක් නැති හැකිලුණ පෞරුෂයක් තිබ්බාම රට වැසියාට ඉදිරිගමනක් බලාපොරොත්තු වෙන්නන්බෑ...මුන්ගෙ බොරු වලට චූන් වෙවී ඉන්න තියෙන්නෙ උපරිම අවුරුදු 5 මේ ගැන මාතලන්ටත් ලියන්න පුළුවන් නේද?

    ReplyDelete
  20. සිගරට් කොටවලින් අල් කමෙයිනිගේ පින්තූර පුච්චන ලස්සන ඉරාන තරුණියන්ගේ ඡායාරූප පහුගිය කාලේ සමාජ මාධ්‍යවල සෑහෙන සංසරණය වුණා.

    සිගරට් බීම සහ නිරුවතින් සිටීම මානව ශිෂ්ටාචාරයේ ඉහළම ජයග්‍රහණ විදිහට සලකන ලංකාවේ දීන රැඩිකල් ප්‍රජාව ඉතාම උනන්දුවෙන් මේවාට ප්‍රතිචාර දක්වමින් හිටියා.

    ඊට පස්සේ මේ විරෝධතාවලට ආපු අහිංසක මිනිස්සු තිස් හතලිස් දාහක් පාලක රෙජීමයෙන් මරා දාපු බවට ව්‍යාජ පුවත් හැමතැනම පැතිරුණා.

    හැබැයි උද්ඝෝෂකයන්ගේ සැබෑ ක්‍රියාකාරකම් හා ඔවුන්ට අනුබල දුන් අය ගැන කවුරුත් කතා කළේ නැහැ.

    කෙසේ වුවත් ඉරානයට අමෙරිකානු ප්‍රහාර එල්ල වීමත් එක්ක මේ තත්ත්වය සම්පූර්ණයෙන් උඩු යටිකුරු වුණා.

    ඒකත් එක්ක පුම්බා පෙන්වූ ආණ්ඩු විරෝධී ජන රැල්ල නිකම්ම හේදිලා ගියා. හේදිලා ගිහින් ඉරාන පාලනයට පක්ෂ මිනිස්සු ලක්ෂ ගණනින් පාරට බහින්න පටන් ගත්තා.

    ඇත්තටම එතකොට තමයි ඇත්තම ජනතා අරගලය පටන් ගත්තේ... මොකද මේ පාරට බැසීම කියන්නේ රෙජීම් චේන්ජ් කරන්න පාරට බහින එක වගේ දෙයක් නෙමෙයි.

    රෙජීම් චේන්ජ් කරන අරගලවලට බලවත් රටවලින් හම්බවෙන තල්ලුව ගැන සහ ඉරානය වගේ රටකට ඒ තල්ලුව කොයි තරම් ප්‍රබල විය හැකිද කියන එක ගැන මෙතෙන්දි අමුතුවෙන් මතක් කළ යුතු නැහැ.

    හැබැයි ඉරාන පාලනය රැකගැනීම වෙනුවෙන් මිනිස්සු පාරට බැස්සේ ඔවුන්ට එල්ල වූ බාහිර බලපෑම් නිසා නෙමෙයි.

    ඒ වගේම ඒ පාරට බැස්සේ කොයි මොහොතේ හෝ ගුවනින් එල්ල වෙන මිසයිල ප්‍රහාර හරහා තමන් අළු දූවිලි බවට පත්වෙයිද කියන දරුණු ජීවිත අවදානමත් අතට අරගෙන.

    ඒක රෙජීම් චේන්ජ් විරෝධතාවකට පොලීසියෙන් එල්ල වෙන ප්‍රහාරයකට වඩා සිය ගුණයක් දරුණු ජීවිත අවදානමක්.

    ඉරාන නායකයන් ඝාතනය කළ අවස්ථාවල වගේම ඉරානයේ බාලිකා පාසලට ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේත් හිතාගන්න බැරි තරම් විශාල ජනතාවක් පාරට බැස්සා.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම පසුගිය දිනවල ඉරානයේ පාලම්, විදුලි බලාගාර ඇතුළු යටිතල පහසුකම් ඉලක්ක කොට අමෙරිකානු ප්‍රහාර එල්ල වන විට මිනිස්සු දහස් ගණනින් ඒ ස්ථානවලට රැස්වෙලා ජාතික කොඩි ඔසවමින් විරෝධය පළ කරන්න ගත්තා.

      රට වෙනුවෙන් හමුදාවට බැඳෙන්න කළ යෝජනාවට හිතූ ප්‍රමාණයටත් වඩා මිලියන ගාණක ජනතාවක් ප්‍රතිචාර දක්වා තිබුණා.

      මේ මිනිස්සු නම් මැරෙන්න බය නැති යක්කු වගේ පුදුමාකාර ජාතියක්... මේවා දැකපු හැමෝම ඒ වගේ කතා කියන්න පටන් ගත්තා.

      අද ලංකාවේ අතිබහුතරයක් මිනිස්සු ඊනියා මුස්ලිම් විරෝධය නොතකා ඉරානයට සහය දීමේ පිළිවෙතක් අනුගමනය කරන එක සතුටට කරුණක්.

      ඇස් පනාපිට පේන අසාධාරණය නිසා ඒ ආකාරයෙන් ඔවුන් ඉරානයට පක්ෂ වෙනවා ඇති. හැබැයි ඒ මොනවා වුණත් තවමත් අපේ රටේ බොහෝ දෙනාට ඉරානය වැනි රටවල සමාජ පසුබිම හෝ ඒ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය කියවා ගැනීමට හැකියාවක් නැහැ.

      අඩුම තරමේ ඉරානය යනු තවමත් පර්සියානු සංස්කෘතියේ දායාද සජීවීව පවතින රටක් මිස හුදු අරාබි රටක් නොවන බවවත් අපේ රටේ බොහෝ දෙනා දන්නේ නැහැ.

      අපි බොහෝ දෙනා ඉරානය ගැන දන්නේ බටහිර මාධ්‍ය ඇතුළු ගෝලීය මතවාදී බලවතුන් විසින් ඉරානය ගැන ලෝකයට කියන පට්ටපල් බොරු පමණයි.

      අන්තවාදය අන්තවාදය යන්න ඔහේ මතුරනවා හැර ඉරානයේ සැබෑ සමාජ පසුබිම, නිෂ්පාදන ආර්ථිකයේ දියුණුව, විද්‍යාවේ තාක්ෂණයේ දියුණුව, අධ්‍යාපනයේ දියුණුව, ඉහළ ජීවන තත්ත්වය, කාන්තා නිදහස ඇතුළු ඔවුන් පසුගිය දශක පහක කාලය තුළ ලබාගත් විශිෂ්ට ජයග්‍රහණ ගැන අපේ රටේ බොහෝ දෙනාට කිසිදු අවබෝධයක් නැහැ.

      ඒ නිසාම තමයි ෂා රජුගේ පාලන කාලය තුළ කාන්තාවන් අඩ නිරුවතින් සිගරට් බොන ඡායාරූප තවමත් මහා මැජික් විදිහට අපේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන්නේ. මේක ලංකාව තුළ විතරක් නෙමෙයි ලෝකය පුරාම පතුරුවා ඇති ගජබින්නයක්.

      හැබැයි බටහිර ගැති ෂා රජු දශක ගණනාවක් රට පාලනය කළ පසුවත්, කාන්තාවන් කොටට ඇඳපු බව කියන කාලයේ ඉරානය සමාජ ආර්ථික වශයෙන් කොයි තරම් නරක තැනක හිටපු රටක්ද කියන එක ගැන අපි බොහෝ දෙනාට කිසිදු අදහසක් නැහැ.

      ඒ වගේම ලංකාව කියන්නේ මෑත ඉතිහාසය තුළ සාමූහික අරගලවලින් සීරියස් ජයග්‍රහණ ලබාගත්ත රටක් නෙමෙයි.

      එදා සිටම ක්‍රියාත්මක වූ සුබසාධන ප්‍රතිපත්ති වගේ දේවල් නිසා ලංකාවේ යහපත් ජීවන තත්ත්වයක් තිබුණත් අපි ආර්ථික ක්ෂේත්‍රයේ කිසිදු විප්ලවීය පරිවර්තනයකට ගොස් නැහැ. ආර්ථිකයේ පවතින මේ ගැටලුව විද්‍යාව, තාක්ෂණය, අධ්‍යාපනය, ක්‍රීඩාව ඇතුළු හැමදේටම බලපාන එකක්.

      කලින් කලට මතු වන ජනප්‍රිය රැලි හරහා ආණ්ඩු මාරු කිරීම හැර සාමූහික සමාජ අරගලවල තිබෙන බැරූරුම්කම ගැන අපට කිසිදු හැඟීමක් අවබෝධයක් නැහැ. අවබෝධයක් නැති වීමෙන් නොනැවතී එවැනි දේවල් විහිළුවට ලක් කිරීමටත් අප ඉතා දක්ෂයි.

      ලංකාව 2009 දී ලැබූ යුද ජයග්‍රහණය තමයි අපි මෑතකදී ලබාගත් පැහැදිලි සමාජ ජයග්‍රහණයක් විදිහට ඉතුරු වී තිබෙන්නේ. හැබැයි අපේ රටේ මිනිස්සුන්ට ඒකවත් ඒ තරම් සීරියස් නැහැ.

      රණවිරුවන් 27,000ක් ජීවිත පුදා අත්කරගත් ඒ ජයග්‍රහණය සමච්චලයට ලක් කිරීම සඳහා රණවිරුගාය, අටපාස් ආමිකාරයා වැනි නරුම අපහාසාත්මක යෙදුම් අපේ රටේ සුලබව භාවිත වන්නේ ඒ නිසා.

      Delete
    2. ලංකාවේ සිංහල බෞද්ධ බොහෝ දෙනා තුළ තිබෙන්නේ පොඩ්ඩ බැරි වෙද්දි තමන්ගේ ආගම, සංස්කෘතිය ඇතුළු හැම දෙයක්ම ජෝක් එකට ගන්න, ගරු කළ යුතු සියල්ල කෙලසන, ඒ අතරේම බාල සිල්ලර දේවල් ඉස්සරහා නොසෑහෙන්න හැගීම්බර වෙන, පහසුවෙන් රැවටෙන, බොල් පිළිම වන්දනා කරන විෂම මානසිකත්වයක්.

      මෙහෙම තත්ත්වයක් තුළ සුද්දා අපිව දාලා නොගියා නම් ලංකාව මාර දියුණු රටක් යැයි සිතන මන්දමානසික උගතුන් සිටින ලංකාව වැනි රටකට ඉරාන ජනයාගේ මනස කියවා ගැනීමට බැරි වීම පුදුමයක් නොවෙයි.

      මොකද මිනිස්සුන්ගේ මානසිකත්වය සකස් වෙන්න ඔවුන් ජීවත් වෙන පරිසරය, ආර්ථික නිෂ්පාදන බලවේග, සාමූහික සමාජ අරගල, නායකත්ව ආදර්ශ වගේ හුඟක් දේවල් බලපානවා.

      එතකොට ඉරානයේ මිනිස්සු කියන්නේ දශක පහක වගේ කාලයක් තුළ සිතා ගත නොහැකි තරමේ මහා පරිවර්තනයකට තමන්ගේ රට ඔසවා තැබූ ශ්‍රේෂ්ඨ ජනතාවක්.

      ඔවුන් ඒක කළේ නිකම් නොවෙයි. බටහිර රටවලින් අඛණ්ඩව එල්ල වූ ආර්ථික සම්බාධක, යුද ප්‍රහාර, මතවාදී ප්‍රහාර ඇතුළු බරපතළ බාධා කිරීම් කන්දරාවක් මැද ඒ සියල්ලට එරෙහිව සටන් වදිමින් තමයි ඔවුන් මේ තත්ත්වයට තමන්ගේ රට අරගෙන එන්නේ.

      පසුගියදා තම අතදරුවා සමඟ විරෝධතාවල නිරත වෙමින් සිටි එක තරුණ මවකගෙන් මාධ්‍යවේදියෙක් අහපු ප්‍රශ්නයකට ඇය පිළිතුරු දෙනවා.

      ඇය කියන්නේ මෙය මගේ දරුවා වෙනුවෙන් නොවෙයි, ලෝකයේම දරුවන් වෙනුවෙන්, මානව ශිෂ්ටාචාරය වෙනුවෙන් කරන සටනක් බවයි. ඒ කතාව ඇත්තක්.

      ලංකාවේ අපට මේවා හුදු නාටක ලෙස පෙනී යාමට හැකි වුවත් එවැනි මවුවරු දහස් ගණනක් අද අතිශය නවීන යුද අවිවලට එරෙහිව හිස් අතින් මහමඟට බැස සිටිනවා.

      ඔවුන්ගේ ඒ අසාමාන්‍ය චිත්ත ධෛර්යය, අසීමිත දේශප්‍රේමය උපදින්නේ දශක පහක කාලයක් තිස්සේ කරපු ඒ සාමූහික අරගලයේ පන්නරයත් එක්ක මිස හුදකලාව හිතේ හයියට නොවෙයි.

      හැබැයි එවැනි අත්දැකීම් නැති ලංකාවේ අපට ඒ මානසිකත්වය තේරුම් ගැනීම පවා අපහසුයි. ඒක ඇත්තටම ලාංකේය මානසිකත්වයේ ඇති සීමා මායිම් ගැන ප්‍රශ්නයක්.

      මේ ලිපියේ දැක්වූ ඉරානයේ සමාජ දේශපාලන ජයග්‍රහණ, ඉරානය ගැන බටහිර රටවල් විසින් පතුරුවා ඇති ව්‍යාජ මතවාද ආදි කාරණා ගැන මීට පෙරත් විවිධ අවස්ථාවල කතා කර තිබෙනවා වගේම ඉදිරියේදීත් කතා කරන්න පුළුවන්.

      ඊට අදාළ වැදගත්ම වීඩියෝවක ලින්ක් එකක් මම පස්සේ දාන්නම්

      Delete
  21. මාතා, ඉරාන යුද්ධය තාවකාලිකව නතර වී තිබෙන මොහොතක ලංකාවේ යුද්ධය ඉවර වෙච්ච දවස්වල එවකට රාජ්‍ය නායක මහින්ද රාජපක්ෂට ඕනෙ කලේ ලංකාවෙ මිනිසුන්ට ලෝකෙ පෙන්වන්න.

    පොර 2010-2015 අතර කාලෙත් රටේ පරිඝනක සාක්ෂරතාව ඉහළට ගේන්න කටයුතු කළේ ඒ නිසා.

    ඒ වගේම වරාය, ගුවන් තොට හදල අපේ භාණඩවලට පිට රට වල ඉල්ලුමක් හදා දෙන්න ඌ වැඩ කලා.

    අධි වේග මාර්ග ඉදිකරමින් ප්‍රවාහනය සඳහා ගත වන කාලය අඩු කරන්න කටයුතු කළා.

    වරාය නගරය වැනි දේ ඉදි කරමින් ලෝකයාට ගනු දෙනු කරන්න වෙළඳ පලක් නිර්මාණය කළා.

    විදුලි බලය අලුතෙන් එකතු කරමින්, ජලාශ ඉදි කරමින්, කෘෂි කර්මාන්තයට ඉහළ අගයක් දෙමින් ඌ උත්සහ කළේ ජන ජීවිතය නඟා සිටුවන්න.

    ඒත්, ලංකාවෙ සම"හරක්" ට හුණ්ඩු ගෙයක්, කක්කුස්සක්, පේන්ට් පාරක්, වැලි කොට්ටයක් සංවර්ධනය කියල පෙන්නුවාම හොඳටම ඇති කියල වත්මන් පාලකයො වටහ ගෙන ඉවරයි.කොටුව බස් ස්ටෑන්ඩ් එකේ තීන්ත ටිකක් ගාලා, මල් පෝච්චි ටිකක් තියලා, කක්කුස්සි ටිකක් ගහලා, බෝඩ් ටිකක් අටවපු එක හොඳයි.

    ලංකාවේ ඉන්න අමු මෝ.ඩ හරක් හැත්තට ඊට වැඩිය ලොකු දේවල් හදන්න යන්න ඕන නැහැ. අනුර දන්නවා ඔය ප්‍රාථමික ගොඩේ ගො.බ්බයන්ට දෙන්න ඕනා නියම තරම.

    මහින්ද රාජපක්ෂට ඕන වුණා ලංකවේ උන්ට ලෝකේ බලන්න යන්න අලුතින් එයාර් පෝර්ට් හදන්න. මහා විශාල නැව්වලට ලංකාවේ නිෂ්පාදන පටවලා පිටරට යවන්න කොළඹ වරායෙන් වඩා විශාල ගැඹුරු අලුත් වරාය හදන්න.

    තව ඕන වුණා රටේ හතර කොන් යා කරලා වේගයෙන් යන්න එන්න අධිවේගී මාර්ග හදන්න. කොල්ලන්ට කෙල්ලන්ට අධිවේගී සන්නිවේදන පහසුකම් දෙන්න උස ටෙලිකොම් කුළුණු හදන්න.

    ඒත් ඒ වගේ ලොකුවැඩ අපරාදේ කළේ ඔය එකක්වත් ලංකාවේ දෙපා මීහරකුන්ට වටින්නේ නැහැ.

    ලංකාවේ මහා පරිමාණ නිර්මාණ කළේ අනුරාධපුර පොළොන්නරු යුගවල. විශාල නගර, දැවැන්ත චෛත්‍ය, යෝධ වැව් අමුණු හැදුවේ ඒ කාලයේ. ඊට පස්සේ ඒවා හැදුණේ නැහැ.

    ඒකට හේතුව තමයි ලංකාවේ වැසියා ක්‍රමයෙන් බුද්ධි හීන වීම. කයින් මනසින් කුඩා වීම.

    ඊට පස්සේ ලංකාවේ ලොකු දේවල් අලුතෙන් හැදුවේ සුද්දෝ. උන් හැදුවේ උන්ට මිසක් අපට නොවෙයි.

    ලංකාවේ දැන් ඉන්න උන්ට ලොකු දේවල් වැඩක් නැහැ. උන්ගේ කුඩා ජීවිතවලට ලොකු නිර්මාණ දරාගන්න බැහැ.

    මරා හිතුවේ අර අතීතයේ වගේ මහා ලොකු වැඩ කරන්න. එතන තමයි ඔවුන්ට වැරදුනේ. එහෙම ලොකු දේවල් හදලා දෙන්න නම් එහෙම ලොකුවට හිතන පතන ජනතාවක් ඉන්න ඕනා. දැන් ලංකාවේ ඉන්න බහුතර අශිෂ්ට අමන නර පණුවන්ට මොන ලොකු වැඩ ද!

    ඔය බස් ස්ටෑන්ඩ් එක ඒ දවස්වල AI වලින් හදලා පෙන්නුවා වගේ අලුත් ම විදිහට ලොකුවට ලස්සනට හැදුවා නම් මිනිස්සු ඕකට බනිනවා. හොරා කන්න හැදුවා කියනවා. මොකද උන්ට ඒ සංකල්පය තේරුම් ගන්න තරම් කපාල ධාරිතාවයක් නැහැ. පව්.කාර මෝ.ඩ හැත්ත.

    දැන් උන් ඔතන බත් කාලා වපුරනවා, කෙළ ගහලා, මළ මුත්‍රා කරලා, ටැප් සින්ක් කඩලා, බෝඩ්වල අකුරු ගලවලා ඕක චාටර් කරනවා සතියකින්. ඕකේ කහපාට තීන්ත ගාන්න කියපු එකා නොම්මර එකේ පොල් බූ.රුවෙක්. ඕක මාසයක් යනකොට අසුචි ගොඩක් වෙනවා.

    අනුර කරපු වැඩේ හරි. නූතන ලංකාවේ ඉන්න නූ.ගත් විකෘති කා.ම ව.නචාරී මෝඩ ගොඩේ ගො.බ්බයන්ට ඔය නිකම් බොරුවට මොකක් හරි පොඩියට අටවලා දුන්නම ඇති.

    අනික ලක්ෂ 12 ට අලුත්ම විට්ස් කාර් ගන්න බලාගෙන මාලිමාවට ඡන්දය දුන්නු මෝ.ඩ හි..ඟන හැත්තට “තොපිට මොන කාර්ද… ඔන්න ඔහේ බස් එකේ ම පල!” කියලා තමයි බස් ස්ටෑන්ඩ් එකේ තීන්ත ගෑවේ. ඒක උන්ට දෙන ම.රු කණේ පාරක්.

    රාජපක්ෂ වගේ පරිකල්පනීය සංස්කෘතික අවකාශ පරිවර්තන කරන්න ගිහිල්ලා ඔය වන.චාරීන්ගෙන් නිකම් මැ..රුම් කන්න ඕන නැහැ කියලා අනුර හොඳටම දන්නවා. 😅

    ReplyDelete
  22. අජිත් ධර්ම තක්කඩියා හිරේ

    ReplyDelete
  23. මේ දවස්වල ලංකාවේ සමාජ මාධ්‍ය ජාල වල හැමතැනම

    #AnuraCannot #අනුරටබෑ

    වගේ හෑෂ්ටැග් එකක් එන තත්වෙට යනවාය කියන්නෙ කිසියම් සන්ධිස්ථානයක්. ඒකත් හරියට ගෝටාගෝහෝම් නිර්මාණය වුණා වගේ තත්වයක්.

    මෙතනදි තමයි, අපි හරියට මැදිහත් වෙන්නට ඕනැ. අනුරට පුළුවන්. බැරි පැලවත්තට හෙවත් ජවිපෙට. ඒක දෘෂ්ටිවාදීමය කාරණයක්.

    කතාව මේකයි. මේක ධනේශ්වර විප්ලවීය මොහොතක්. කළ යුතුව තියෙන්නෙ ධනේශ්වර ක්‍රමය තිරසර කිරීම සඳහා අවශ්‍ය විප්ලවීය පියවර ගනිමින් කල් ලබාගැනීම. එහෙම යනකොට විකල්ප හොයන්නට පුළුවන් තත්වයන් නිර්මාණය වෙයි. එහෙම නැතත්, ධනේශ්වර ක්‍රමය තිරසර කර ගත්තොත්, පරණ තිබුණු සුබසාධනවාදය හරි තිරසර විදියට තරමක් ශක්තිමත් කරන්නට පුළුවන්.

    මේ මොහොත සඳහා අවශ්‍ය වෙන්නෙ පෞද්ගලික අංශය මූලික කරගත්, විදේශීය ආයෝජන වැඩිපුර දිරිගන්වන ධනේශ්වර ප්‍රතිසංස්කරණ. වාමාංශිකයන්ට, සමාජවාදීන්ට, වෘත්තීය සමිතිවලට එහෙම වේදනාකාරී ප්‍රතිසංස්කරණ තමයි කරන්නට සිදු වෙන්නෙ. උදාහරණයක් විදියට සේවය අවසන් කිරීමේ පනත වැනි ආයෝජක හිතවාදී නොවන නීති සංශෝධනය කරන්නට සිදු වෙනවා, අනිවාර්යයෙන්ම. තවත් ආයෝජක හිතවාදී ශ්‍රම නීති හා පරිපාලන ප්‍රතිසංස්කරණ ආදිය අවශ්‍ය වෙනවා. ලෝකෙ සංවර්ධනය වෙමින් තිබෙන රටවල්, මේ හිරවීම පසු කරගෙන ඉදිරියට ගියේ ඒවා කරලායි.

    වාමාංශික අදහස් කරපින්නාගෙන ඒවා කරන්නට බැහැ. ඇත්තම කියනවා නම්, වාමාංශිකයන් මේවා කරනවා කියන්නෙ සියදිවි නසාගන්නවා වගේ වැඩක්.

    උදාහරණයක් විදියට, ජනාධිපතිවරයාගෙ අගසව්වෙකු වන නජිත් ඉන්දික මන්ත්‍රීවරයාත්, හෙණ ගහන විට එළියට වීසි කරන යකඩ කෑල්ලක් සේ ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා පාවිච්චි කරන මන්ත්‍රිනි ලක්මාලි හේමචන්ද්‍රත්, පසුගිය මාලිමා මැයි දින සමරුවේ ප්‍රධාන කථිකයා වූ න්‍යායාචාර්ය රමිඳු ලක්ඛිකත් නියෝජනය කළ ප්‍රතිවාද කණ්ඩායම මේ කම්කරු නීති සංශෝධනවලට එරෙහිව දැඩිව පෙනී සිටි කණ්ඩායමකි.

    ජවිපෙ හා මාලිමා බැතිමතුන් කලින් ඔවුන් ඇදහූ ඊනියා සමාජවාදී අදහස් වෙතින් ප්‍රායෝගිකවාදය දෙසට කෙතරම් පුනරුත්ථාපනය වී තිබේ ද යන්න මෙහිදී වැදගත්ය. බලය හමුවේ බොහෝ ජවිපෙ/මාලිමා හිතවතුන් වෙතින් පළ වූයේ ඔවුන් මෙතෙක් කතා කළ සියලු දෘෂ්ටිවාදයන්ට වඩා ඔවුන්ට වැදගත් වන්නේ බලය බවයි.

    බලය පවත්වාගෙන යමින් කල් අල්ලා සිටින්නට නම්, රනිල් වික්‍රමසිංහ මට්ටමට ධනේශ්වර රූපාන්තරණයක් අවශ්‍යය. අනුරට එය බැරිම නැත. ඔහු සහ ජවිපෙෙ මූලික කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ පාලනය සමග යම් අවබෝධයක කටයුතු කළ බව අපි දනිමු. ඔවුන් එවකට රනිල්ට එරෙහිව පැමිණි ආණ්ඩු විරෝධය කළමනාකරණය කළහ. එකල පළාත් පාලන මැතිවරණයක් ඉල්ලා පැනනැගුණු උද්ඝෝෂණය ලස්සණට දිය කර දැමූහ. පාලනය කළ නොහැකි මොබ් එකක් බවට ගොඩනැගී සිටි ජනතාව නම් අභියෝගය හමුවේ ඔවුහු ඇත්තටම ක්‍රමය ආරක්ෂා කළහ.

    දැන් එම අන්රූලි මොබ් එක දැන් නැවත අවදි වෙමින් තිබේ. කලක් ජවිපෙ එය හුරතල් කළහ. එහෙත්, දැන් එය පාලනයට ගත යුතුව තිබේ. අනුර තවමත් මේ අමන ප්‍රචන්ඩ මොබ් වල නායකයන් වියහැකි අය සමග හිතවත් බැවිනුත් සජිත් පිල සහ රාජපක්ෂලා ආණ්ඩුවට එරෙහිව මේ මොහොතේ මාරාන්තික පහරක් එල්ල කිරීමට උත්සාහ නොකරන බැවිනුත් අනුරට මෙය පාලනය කරන්නට පුළුවන් යයි අපි සිතමු. බලය ගත්තා නම්, ලංකාවේ සමාජ-දේශපාලන ක්‍රමය තිරසර කරන අභියෝගාත්මක පියවර නොගෙන සිටීමට අනුරට අයිතියක් නැත.

    වඩාත් යෝග්‍ය වන්නේ මහ මැතිවරණයක් කැඳවා රැල්ලට ගසාගෙන ආ මාලිමා පාපිසි වෙනුවට වෘත්තික දේශපාලකයන් පාර්ලිමේන්තුවට පත් කරගෙන, සියලු දේශපාලන පක්‍ෂ නියෝජනය කරන ශක්තිමත් ඇමති මණ්ඩලයක් සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවීමයි. මා එසේ කියන්නේ, එසේ නොකළහොත්, ක්‍රමයෙන් බැහැර කර ඇති විපක්ෂ දේශපාලකයන් ඇතැම්විට ඉහත සඳහන් කළ අන්රූලි මොබ් එක පාවිච්චි කරන්නට ඉඩ තිබෙන නිසාය. එය ඉතා විනාශකාරීය. ජවිපෙට හොඳම විකල්පය වන්නේ තියෙන දෙය රැකගෙන දැන්ම ඔතනින් ඉවත් වී සමාජවාදී ස්ථාවරයන් ආරක්ෂා කර ගනිමින් අනුරගේ ආණ්ඩුවකට පිටතින් සිට සහාය දැක්වීමයි. මේ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ගෙවිය යුතු මිලක් ඇත. රනිල් දැනටමත් එය ගෙවමින් සිටී. අනුරට ද ගෙවීමට සිදු වනු ඇත. නායකත්වයේ මිල එයයි. එහෙත්, කළ යුතු දේ කළ යුතුය. මේ ඒ සඳහා වෙලාවයි.

    ReplyDelete
  24. මාලිමාවේ ආණ්ඩුව අන්තිමට කුමාර සහෝදරයට කළේ බලු වැඩේ. අවුරුදු තිහකට වඩා කාලයක් අනුරගේ හැම උවමනාවක් ම නොපිරිහෙළා ඉටු කරපු කුමාර සහෝදරයාව අන්තිමට බිල්ලට දුන්නා.

    අනුර කළේ අන්තිම පහත් ගුණමකුකමක්.

    අනුර විතරක් නෙවෙයි, මාලිමාව බලයට ගේන්න වැඩ කරපු උඹලා ඔක්කොම කුමාර ජයකොඩි සහෝදරයට කළේ ලොකු වැරැද්දක්. කුමාර සහෝදරයා නොහිටින්න අනුර කියන මෝඩ හාල්පාරුවා ජනාධිපති කෙනෙක් වෙන්නේ නැහැ.

    උඹලා හිතන්නේ දේශපාලනය කරන එක ලේසි වැඩක් කියල ද? ඒක ඉතා ම අමාරු වැඩක්. ඉතා ම වියදම්කාරී වැඩක්.

    ගමකට ගිහිල්ලා රැස්වීමක් කරන්නත් යකෝ සල්ලි ඕනා. වාහන ඕනා. තෙල් ගහන්න ඕනා. හෝල් එකට ගෙවන්න ඕනා. පෝස්ටර් ගහන්න ඕනා. කොඩිවැල් අදින්න ඕනා. සවුන්ඩ් සිස්ටම් ගන්න ඕනා. සංවිධායකට සල්ලි දෙන්න ඕනා. රැස්වීමට එන පාක්ෂික මී හරකුන්ට කන්න බොන්න දෙන්න ඕනා.

    උඹලට බොරු කියලා කියලා ගෙදර ගිහිල්ලා ඇඟේ මහන්සියට බොන්න ඕනා. ස්ට්‍රෙස් එක ඇරගන්න ගෑණු ගන්න ඕනා. ලෝකෙට පේන්න අඳින්න ඇඳුම් ඕනා. අනුරගේ සරල ඇඳුම වෙනුවෙන් දවසකට වියදම් කරන්න ඕනා උඹලා මාසෙකට හම්බ කරන පඩියට වඩා ලොකු මුදලක්.

    දේශපාලනය කරනවා කියන්නේ අවදානමක්. ඒ අවදානම ගැනීම වෙනුවෙන් මිලක් තියෙනවා. ලාල් කාන්ත ගත්ත අවදානම වෙනුවෙන් තමයි ඌ ඔය කෝටි හැත්තෑ ගාණක් ගත්තේ. ලොකු බංගලා හැදුවේ. ඒක තමයි ප්‍රතිලාභය. උගේ වචනයෙන් කීවොත් “සමාජ ප්‍රාග්ධනය”. ඒ ප්‍රාග්ධනය කාගෙන් හරි එන්න ඕනා. නැත්තන් ඌ උඹලට දෙන දේශපාලන ආතල් එක දෙන්න බැහැ.

    සල්ලි නැතුව දේශපාලනය කරන්න බැහැ. ජූලි චන් ඩොලර් දුන්නේ නැත්තන් උඹලට බුරියානි කකා අරගල කරන්න බැහැ වගේ තමයි.

    කුමාර සහෝදරයා හොරකම් කළේ ඌ වෙනුවෙන් නොවෙයි. ඌ හොරකම් කළේ අනුර වෙනුවෙන්. අනුර විතරක් නොවෙයි ජවිපෙ දේශපාලන මණ්ඩලයේ ප්‍රධානීන් බොහෝ දෙනෙකු වෙනුවෙන්.

    උන්ගේ තියෙන අතෘප්තිකර ආශාවන් සහ අධිපරිභෝජන වල් උවමනා ඉටු කරන්න නම් හොරකම් නොකර නැහැ. අල්ලස් නොගෙන බැහැ. වංචා නොකර බැහැ.

    ඒක තමයි උන් ටික මාධ්‍ය සාකච්ඡාවක් තියලා කුමාර වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළුවේ. උන්ගේ හිත දන්නවා කුමාර සහෝදරයා හොරකම් කරපු සල්ලිවලින් උන් සහ උන්ගේ අඹු දරුවන් ගත්ත සැප.

    එහෙම කරපු කුමාර සහෝදරයාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙනල්ලා, හොඳට ම ගහන්න පුළුවන් බලශක්ති ඇමතිකම දුන්නු එක හරි. එච්චර කාලයක් අනුර වෙනුවෙන් කුමාර කරපු විශාල කැප කිරීම්වලට ඒක තමයි දෙන්න පුළුවන් අඩුම ත්‍යාගය.

    නමුත් එයිනුත් අනුරලා බලාපොරොත්තු වුණේ කුමාර ලවා තමන්ගේ කාමසුඛල්ලික විහරණය. ගල් අඟුරු වංචාව කළේ කුමාරට තනියම සැප ගන්න නොවෙයි. එහෙම කළේ තමන්ගේ අතිජාත ගජ මිතුරා අනුරගේ උවමනා ඉටු කරන්න.

    මොකද ඔය මාලිමාවේ කුණු හෝදන ඩෝබිලා එකෙක්වත් අනුරලාගේ උවමනා වෙනුවෙන් කෝටි ගණන් සල්ලි දෙන්නේ නැහැනේ. එහෙම දෙන උන් ඉන්න ඕනා. නැත්තන් කොහොමද අනුර උඹලට පුනරුදය හදන්නේ?

    කුමාර සහෝදරයා හිතන්න ඇති තමන්ගේ අතින් අල්ලගෙන හිටිය අනුරයා කවදාවත් තමන්ව පාවලා දෙන එකක් නැහැ කියලා.

    නමුත් කුමාරට වැරදුනා. බලය වෙනුවෙන් තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති පාවා දෙන්න පුළුවන් හිපාටුවන්ට තමන්ගේ උවමනා ඉටු කරපු එකෙක්ව බිල්ලට දෙන එක කජ්ජක් නෙවෙයි. දිස් ඉස් පොලිටික්ස්!

    ReplyDelete
  25. මාතා

    සූබ අලුත් අවුරුද්දක් වේවා කොහෙද කලබලේ නේ...

    මේ කතාව ඇත්ත ද බන්?

    //

    ආණ්ඩුවේ කෙසෙල් කැන හොරාට කලින් වැට පැනීම | HSBC හි CEO ගේ ප්‍රකාශයට CPC දුන් උත්තරයෙන් අතේ මාට්ටු වූ දේ (The Mathematical Catch-22)
    ————————————————————————
    HSBC ප්‍රධාන විධායක ජෝර්ජ් එල්හෙඩරි ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව ගැන පහත කතාව කීවේය (පිංතූර බලන්න).
    "The highest I've seen is $286 for a barrel of oil that reached Sri Lanka."

    එනම් බොරතෙල් මිල ලෝක වෙළඳපොලේ බැරලයක් ඩොලර් 110-115 ක් වන අවස්ථාවේ, එයට රක්ෂණ මුදල් සහ අනෙකුත් සාධක ඇතුලත්ව ඩොලර් 130-140 වාගේ අගයකට අනෙකුත් ආසියානු රටවල් තෙල් මිලදී ගනිද්දී ලංකාවේ කවුරුන් හෝ (එනම් එක්කෝ ලංකා ඛනිජ තෙල් සංස්ථාව එනම් CEYPETCO හෝ සිනොපෙක් හෝ IOC හෝ RM Parks) බැරලයකට ඩොලර් 286 ක් ගෙවා ඇති බවයි.

    මෙය ජාත්‍යන්තර මාධ්‍ය (Bloomberg, Reuters වැනි) සහ ලංකාවේ මාධ්‍ය වාර්තා කල විගසම මේක බොරුවක් යැයි පෙන්වන්නට කලබල වූ ඛනිජ තෙල් සංස්ථාව (CPC) මාධ්‍ය නිවේදනයක් දමා කියා සිටියේ ඔවුන් යුද්ධයෙන් පසු තෙල් නැව් වලට ගෙවීමට පොරොන්දු වී ඇත්තේ ඩොලර් 71 - 113.29 ත් අතර මිලක් බවයි (පිංතූර බලන්න).

    මෙය කලබලේ වැඩිකමට කරගත් නැවත හැරවිය නොහැකි “ලොකු” නස්පැත්තියකි. මේ නිවේදනයත් සමග ඔවුන් නොදැනුවත්වම තමන්ගේම මර උගුලක පැටලී අවසන්ය. ඒ ඇයි කියා කියවා බලන්න 👇.
    දැන් මේ පහත දක්වා ඇති අවස්ථාවන් දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම ඇත්ත විය යුතුය. මේ CPC ලිපිය විසින් එය ස්ථීර කර ඇත.

    (01)
    මාර්තු 21 රටේ තෙල් මිල ඉහළ දැමූ අවස්ථාවේ, ලෝක වෙළඳපොලේ බොර තෙල් මිලෙහි සාමාන්‍ය අගය ඩොලර් 95 මට්ටමේ තිබුනි.

    එහිදී ඩීසල් ලීටරයකට රු. 100 ක් සහ ප්‍රෙට්‍රල් ලීටරයකට රුපියල් 20 ක් පාඩු පිට විකුණන බවට ආණ්ඩුව කියා සිටියේය. අප මිල සූත්‍රය අනුව ගණනය කර පෙන්වූයේ එසේ නම් ආණ්ඩුව බොරතෙල් බැරලයක් $95 ට නොව ආසන්න වශයෙන් $250 කට මිලට ගත යුතු බවයි. (අපගේ ඒ ගණනය කල කොටසේ පින්තූරයක් මෙහි ඇත. සම්පූර්ණ ලිපියට ලින්ක් එක කමෙන්ට් එකක ඇත.)
    එනම් එක්කෝ බැරලයක් $250 කට වඩා ගෙවා මිලට ගෙන ඇත. නැත්නම් අඩු මිලට මිලදී ගෙන, යුද්ධය මුවාවෙන් මිල වැඩි කර අති දැවැන්ත ලාභයක් ආණ්ඩුව ලබමින් සිටින බවයි.

    දැන් එහි කුමන අවස්ථාව හරියාවි දැයි බලමු 👇.
    (ආණ්ඩුවට වාසිදායක වන ලෙස, අපි ඩොලරයේ අගය රු. 315 ලෙස උපකල්පනය කරමු).
    ඔවුන් කියන උපරිම මිල වන ඩොලර් 113.29 කට බැරලයක් ගෙනාවා නම් මිල සූත්‍රයට ආදේශ කල විට ආණ්ඩුව ලබන ලාභය විය යුත්තේ:
    • Auto Diesel: ලීටරයකින් රු. 113 ක ලාභයක්!
    • Super Diesel: ලීටරයකින් රු. 169 ක ලාභයක්!
    • Octane 92: ලීටරයකින් රු. 134 ක ලාභයක්!
    • Octane 95: ලීටරයකින් රු. 186 ක ලාභයක්!
    උපරිම ගාණ වන ඩොලර් 113 ට ගෙනාවත් තත්ත්වය මේක නම්, ඔවුන් කියන විදිහට ඩොලර් 71 ක් නම් ගෙවන්නේ මේ ලාභය තවත් වැඩි වෙන එක අහන්න දෙයක් නෑනේ!

    ReplyDelete
    Replies
    1. //එවිට දැන් තියෙන ප්‍රශ්නය මේකයි:

      අවස්ථාව 01

      ඔවුන් ඇත්තටම තෙල් ගෙනාවේ ඩොලර් 113 ට (හෝ 71 ට) නම්, මාර්තු 21 ඉන්ධන මිල ඉහළ දමමින් "අපි ඩීසල් ලීටරයකින් රු. 100 ක් පාඩු ලබනවා" යැයි ජනතාවට කීවේ අමුම අමු බොරුවකි. පාඩු ලබනවා වෙනුවට ඔවුන් සුපර් ඩීසල් ලීටරයකින් රු. 169 ක දැවැන්ත ලාභයක් ලබමින් සිටී! එසේනම් පාඩුවක් පියවීමට යැයි කියමින් මිල වැඩිකර, මේ සාමාන්‍ය ජනතාව මහ දවල් කොල්ලකන්නේ ඇයි? මිල වැඩි කිරීම රටේ සමස්ථ ආර්ථිකයට කොපමණ හානිදායකද යන්න අමුතුවෙන් කියන්න උවමනා නැත.

      අවස්ථාව 02

      "රු. 100 ක පාඩුවක් පියවා ගැනීමට ජනතාවට මිල වැඩිකළා" යන්න සත්‍යයක් නම්, ඒ සඳහා, අප පෙන්වා දුන් පරිදි තෙල් බැරලයක් අනිවාර්යයෙන්ම ඩොලර් 250 කට වඩා වැඩි මුදලකට ගෙන තිබිය යුතුය!
      එය හරියටම HSBC බැංකුවේ CEO කියූ ඩොලර් 286 ක ගනුදෙනුව සමග සියයට සියයක් පෑහේ. ලෝකයේ වැඩිම මිල වන ඩොලර් 286 කට බොරතෙල් බැරලයක් ගෙන අනුරගේ ආණ්ඩුව ලෝක වාර්තාවක් තිබ්බාද?

      එය එසේනම් උපරිමයෙන් 150 කට ගත හැකිව තිබූ බැරලයකට ඩොලර් 286 ක් ගෙව්වෙ ඇයි? එය සත්‍යයක් නම් මෙම backdoor deals හරහා තෙල් ගෙන, ඔවුන් ඩොලර් මිලියන ගණනින් මහජන මුදල් කොල්ලකා හෝ නාස්ති කර ඇත්ද?

      මේ කුමන අවස්ථාව ගත්තද, ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ජනතාව ඉදිරියේ සම්පූර්ණයෙන්ම නිරුවත් වී හමාරය. එක්කෝ මොවුන් ලාභ තබාගෙන ජනතාවට බොරු පාඩුවක් පෙන්වා පොම්පයේදී සාක්කුවට විද ඇත.

      නැත්නම් ඩොලර් 286 කට තෙල් මිලට ගෙන අප රටේ තියා ලෝකේ වෙනත් කිසිම රටක නොවූ ලෝක වාර්තාවක් තබා ඇත. දිසානායක ජනාධිපති ලෝක මට්ටමේ නායකයෙක් කියා කොහෙදෝ, කවුදෝ කියා තිබෙනු දුටිමු. ඒ සමහරවිට මේ ලෝක වාර්තාව නිසා විය හැක?

      මෙහි විශාල අවුලක් ඇති බව දැන් ගණිතමය වශයෙන් ඔප්පු වී අවසන්ය. The math doesn't lie, even if the government does! යනුවෙන් ප්‍රසිද්ධ ඉංග්‍රීසි කතාවක්ද ඇති බව මතක් කල යුතුය.

      ✍️Sarathi Ratnayake
      #PeoplesAudit #තෙල්මගඩිය
      (මේ ලිපියට අදාලව තෙල් ගැන ඒ කාලයේ කළ ගණනය කිරීම වෙනම දක්වා තිබුන. ඒ පිංතූරය නැවත අමුනනවා. ඒ ගණනය කිරීමෙන් කියන්නෙත් වැඩිම මිලකට තෙල් බැරලයක් මිළට ගැනීමම තමයි)//

      Delete
  26. පරාජිතයාගේ වේදනාව ලියවුණු පොත් විකිණීමට ජයග්‍රාහකයා විරුද්ධ විය යුතු නැත.

    ජයග්‍රාහකයා ලබන උපරිම සතුට වන්නේ පරාජිතයා සෑම කලෙක ම විලාප දෙනු ඇසීම ය.

    රාජපක්ෂවාදය යනු එය නොවේ. මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කිරීමෙන් පසුව කීවේ “දැන් ඔක්කොම එක අම්මගේ දරුවන් වගේ ජීවත් විය යුතු ය” කියා ය. මහින්ද අහිංසකයෙකි.

    එකිනෙකට ඉඳුරා වෙනස් ඓතිහාසික ජාතිකයන්ට එක මවකගෙ දරුවන් සේ ඉන්නට ය කීම අතාර්කික ය. එය කිසිදා සැබෑ නොවන බොළඳ සිහිනයකි. රාජපක්ෂවාදය යනු එයයි. රාජපක්ෂලාට වැරදුණේ එතන ය.

    දුටුගැමුණු කුමාරයා සිය හෙල්ලයෙන් ඇන ආක්‍රමණික එළාරව මරා ජයග්‍රහණය කළ ස්ථානයේ ස්මාරකයක් හැදීම බොහෝ දෙනා කියන පරිදි සතුරාටත් ගරු කිරීම වැනි සුචරිත මඟුලක් නොවේ. එය අතිශය බිහිසුණු දේශපාලන සිහි කැඳවීමකි.

    “රට බෙදන්න ආව එකාව මරලා පිච්චුවේ මෙතන ය” කියා හැම එකාට ම මතක් වෙන්න තමයි එහෙම කළේ. එය දරුණු මානසික බලපෑමකි. සමාජය තුළ එම මතකය පවතින තාක් මොළේ තියෙන එකෙකු නැවත රටෙන් කෑලි අල්ලන්නට සිතන්නේ නැත.

    යුද්ධයකින් පසුව පරාජිතයාගේ ස්මාරක හදන්නට දීම ජයග්‍රාහකයාගේ දේශපාලන උපායකි. උන් ම ඒවා හදා උන් ම ඒවා සමාජ මතකයේ පවත්වා ගනී. උන් හැමදාම හිතෙන් පරදී. ජයග්‍රාහකයා නැවත නැවත හිතෙන් ජය පැන් බොයි.

    *ජයග්‍රහණය පවතින්නේ පරාජය පවතින තාක් කල් පමණී.*

    ඉල් මහ විරු සමරුව කරන්නට එජාපය ඉඩ දුන්නේ ඒ නිසා ය. මළ විප්ලවයේ පරාජය සෑම වසරක ම සැමරීම යනු රණසිංහ ප්‍රේමදාසගේ ජයග්‍රහණය සැමරීම යි.

    පරාජිතයාට අනුකම්පා කිරීමෙන් ජයග්‍රාහකයා නැවතත් ජය ගනී. ඊනියා සංහිඳියා වැඩසටහන් යනු ජයග්‍රාහකයා විසින් පරාජිතයාට කරන එවැනි සාහසික විහිළුවකි.

    ඔය අඳෝනා පොත් වෙනුවෙන් සටන් කරන ඊනියා නිදහස්කාමින් යනු සාහසික ම නරුමයන් ය. පරාජිතයාගේ විලාප කියවීමෙන් හෝ ඇසීමෙන් හෝ නැරඹීමෙන් හෝ ඔවුන්ට කාම වේගයක් නැඟේ.

    ජයග්‍රාහක පිළෙහි සෙබළුන් විසින් දූෂණය කරන පරාජිත පිලෙහි කාන්තාවන් ගැන චිත්‍රපටි හදන උන් සැබැවින් ම කරන්නේ පරාජිතයා වෙනුවෙන් පෙනී සිටීම නොවේ.

    ඔවුන් කරන්නේ හුදෙක් යුධ ජයග්‍රහණයෙන් ඔවුන්ට නොලැබුන කාම වේගයක් නැවත ප්‍රතිනිර්මාණය කිරීම යි. ඒවා නරඹා සම්මාන දෙන උන් කරන්නේ ජයග්‍රාහකයාගේ මොහොත පරිකල්පිත කාමයෝගයකින් විඳීම යි.

    නමුත් එය ජයග්‍රාහී පිළෙහි නියෝජිතයන් අතින් ම කරගන්නවාට වඩා පරාජිතයන් විසින් ම කර ගැනීම වඩාත් තීව්‍ර කාම උද්දීපනය දනවන්නකි.

    පොතක් මාර්කටින් කරන්න මේ තරම් රාජ්‍ය අනුග්‍රහයක් දුන් අවස්ථාවක් නැති තරම් ය. පරාජිතයාගෙන් ආතල් ගැනීමට එය අවශ්‍ය වේ. දේශපාලනය යනු මෙයයි. දිස් ඉස් පොලිටික්ස්.

    ReplyDelete
  27. නිලන්තිට විල්බැරක්ක ශොට් එක ගහන්න තිබ්බා නං සැප කොහොමද

    ReplyDelete
  28. කොහොම කොහොම හරි අන්තිමට ඉරානය අච්චර බලගතු ඇමරිකන් මිලිටේරිය එක්ක හැප්පිලා උන්ට අමතක නොවන යුදමය පාඩමක් වගේම හොඳට මතක හිටින්න ආර්ථික පාඩමකුත් ඉගැන්නුවා නේද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න