.

.

Jun 6, 2010

ඇමරිකන් අයිඩල් හා අපේ ගොන් ඩිගෝලා - Comparison of an American Idol

.
ඇමරිකන් අයිඩල් සහ සිරස සුපර්ස් ස්ටාර් ගැන සංසන්දනාත්මක පොස්ට් එකක් දාලා තිබුනා  නදීගේ සිතුවිලි වල. ඒකෙදී සඳහන් නොවුනු කාරණා ටිකක් දාන්නයි මේ පොස්ට් එක ලියන්නෙ.

ඇමරිකන් අයිඩල් මුල ඉඳලම බලන මියුසික් පිස්සෙක් මම. ඒ වගේම තමයි සිරස සුපර්ස් ස්ටාර් සහ දෙරණ ඩ්‍රීම් ස්ටාර්. ලංකාවේ නොම්බර එකේ (ගොන්ම ගොන්) මෙගා ස්ටාර් නම් බලන්නෙ නෑ. අප්පිරියාවේ බෑ.

මේ සැරේ තරඟය දිනුවේ ලී ඩී වයිස් කියන කොල්ල. නියම කට හඬක් තියෙන්නෙ. මම හිතුවේ කෙල්ල ඒ කියනෙ ක්‍රිස්ටල් බවර්සොක්ස් දිනයි කියල. හාමිනේනම් හරියටම කිව්ව ලී දිනන බව.

ලී ඩි වයිස් කියන්නේ පොඩි කඩේක වැඩ කරපු කොල්ලෙක්. මේ තරඟය දිනපු බොහෝ දෙනෙක් ඒ වගේම පොඩි තැන් වල ඉඳල ආපු අය.

මෙවර අවසාන තරඟයේ විශේෂත්වයක් උනේ මෙතෙක් කල් විනිසුරු මඩුල්ලෙ හිටපු ජනප්‍රියම විනිසුරු සයිමන් කවෙල් මේ වැඩසටහනින් ඉවත්වීම. ඔහු නියම විනිසුරුවරයෙක් කියන්න තියෙන් දේ කෙලින්ම කියනව. හෙලාදකින්න ඕන තැන බය නැතුව ඒක කරනවා. මගේ ජීවිතයෙ ප්‍රියකරණම චරිතයක්.

ලංකාවෙත් එහෙම හිටපු එකම විනිසුරුවරයා වන අමල් පෙරේරට මොනව උනාද දන්නෙ නෑ. ලංකාවේ එවුන් කොහොමත් තනිකර බොරුවෙන් ජීවත් වෙන එවුන්නේ. හාමුදුරුවොත් බොරු කියන රටේ ඕක මොකක්ද...?

මට මෙතන විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය දේ තමයි සෑම අවසාන තරඟයකම ළෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨම හා ජෙශ්ඨම ගායක ගායිකාවන් මේ ආධුනික කළාකරුවන් සමඟ එකට ගීත් ගායනා කරන එක. ඒ විතරක් නෙමෙයි කිසිම පැකිලීමක් නැතිව ආධුනකයින් ධෛර්යමත් කිරීම.

ලංකාවේ ජීවීතේට මෙහෙම වෙයිද. ඇන්ජලීන්, සුජාතා තව ටිකෙන් පපුව පැළිල මැරෙනව. අලුත් එකෙකුට අත දෙන්න කැමතී නෑ කවදාකවත්. පුවත් පත්වලට අනික් ඒවුන් කියන්නෙත් ඒ කතාවමයි. උන්ගෙ ගුරුකුළය ආරක්ෂා කර ගන්න මාර ගේමක් දෙන්නේ.

දෙරණෙ අඩු උනත් සිරසෙනම් වැඳල ඉවරයක් නෑ මොන මළ විකාරයක්ද ඒ. අපි තොපිව මේ තත්වෙට ගෙනාවට දන ගහල වැඳපිය කියනව වගේ හැම එකාම වඳිනකන් බලාගෙන ඉන්නව. මම මාතලේ මගුල් ගෙදරක දැක්ක මනාල යුවල ඉස්සරහ පැදුරක් දාලා නෑයොන්ටයි ගමේ එවුන්ටයි ඔක්කෝටම දනගහලම වඳිනවා. ඒ වගේ ස්ටෙජ් එක උඩ පැදුරක් දාලා වැඳුම් ගන්න ඕන අය පෝලිමේ ආවනම් ඔයිට වඩා ලේසියි..

තත්පර පහලොවක් යන්න ඉස්සෙල්ල ඇමරිකන් අයිඩල් කවුද කියල රයන් සීක්‍රට්ස් එළිකලා. මෙහේ පැය භාහයක් විතර වන වන ඉඳල විරාමයකට ගිහිල්ල නාලා කාරිය ඇවිල්ල, ආයෙත් විනාඩි ගානක් කාලා තමයි ජයග්‍රාහකයා කියන්නෙ.

මෙහේ ස්ටෙජ් එක ඉඩ මදි ආරධිත අමුත්තොයි, කොල්ලොයි බල්ලොයි ඔක්කොම පිරිල තෑගී දෙන්න. අනික දෙන කුසලානය කන්ටේනර් එකක ගෙනියන්නත් බෑ. ක්‍රේන් එකක් ඕන උස්සන්න. මල් කළඹ, තඩි චෙක්, වාහෙනටත් වඩා විශාල කී එකක්. මොනවද මේ මළ විකාර කවදද අපි මේවලින් ඈත් වන්නේ.

ඇමරිකාවේ කිසිම කුසළාණයක් නෑ. මයික් එක අතට දුන්න.. සිංදුවක් කිව්ව වැඩේ ඉවරයි. අඩුම ගානේ ළොකයේ වැඩිම දෙනෙක් නරඹන ලෝක පාපන්දු කුසළානයත් මීට වඩා පොඩියි.

සිරසෙ වෙන අසාධාරනකම් කප්පරක් තිබුනත්. මෙහෙම හරි අළුත් ටැලන්ට් එළිදක්වන එක ලොකු දෙයක්. මේ වැරදි අවම කර ගන්න. එතකොට තවත් ලස්සන වෙයි.

මේ වීඩීයෝ එකේ තියෙන ගීතය ගායනා කරපු ගමන් මම දැන ගත්ත ලී දිනන බව. බලන්න කෙනෙක් නිරහංකාරව අගය කරණ ලස්සන....

9 comments:

  1. ඔය ඇමරිකන් අයිඩල් වල තියෙනවද කැපිච්ච සෙට් එක ආයේ දාලා "අපි කැමති එකාව" ගන්නවා වාගේ ජිල්මාට්?

    අර ස්වර්ණවාහිනිය නම් ඇත්තටම "ජරාවාහිනිය" ලෙවල් එකට වැටිලා.

    ReplyDelete
  2. @ තිසර

    ඔව් තියෙනව අවසාන 5 ත් දොළහත් අතරදී එකම එක වරක්. නමුත් ඒක ඒ SMS වලට දාලා වෙනෙම වැඩසටහනක් කරළ කරන දෙයක් නෙමෙයි. තරඟය අවසානයේ විනිශ්චය කරුවන් ගන්නා තීරණයක්. මේ වරත් බිග් මයික් නමින් ජනප්‍රිය වූ ගායකය ඒ විදියට බේරගත්ත. එයා 4 වෙනිය තෙක් ආවා.

    ReplyDelete
  3. ඇත්තටම අඩු පාඩු රැසක් තිබ්බත් ලංකාවේ සැඟවුණු දක්ෂතා තියෙන ගායක ගායිකාවෝ ටිකක් සමාජය ඉදිරියට ගේන්න සිරස සුපර්ස්ටාර් හේතුවුණා. ඊට පස්සේ තිබුණු ඩ්‍රීම් ස්ටාර් එකෙනුත් ඒක සිද්ධ වුනා.

    ලංකාවේ වෙන ජාතිවල හැටියට ඒ විදිහට හරි මදෑ. උන්නු හැටියට මලා මදැයි :) :) :)

    ReplyDelete
  4. කාලෙකට පසු constructive විචාරයක්/ විවේචනයක් දුටුවෙමී. කොපි කලත් සිරසේ නිර්මානශීලී බව අගයමී. හුගක් දෙනෙක් සිරසට ගහන්නේ පොරසිටි වීමේ mania එකෙන් විනා (ආචාර්යා වගේ) එහි වැඩසටහන් නිවරැදි දිශානතියකට යොමුකර ගැනිමේ චේතනාවෙන් නොවේ.

    ReplyDelete
  5. වැඳීල්ලයි, බොරු වික්ටොරියානු සදාචාරෙයි ( දැන් එංගලන්තෙත් මහ රැජින ගාව විතරක් තීන ) අර කැමරාවෙ ට්‍රොලිය තල්ලුකරපු එකා ඉඳල ස්ටේජ් එකට නැගල කාලෙ කන එකයි සුපර් ස්ටාර් වලින් අයින්කලොත් ඕක බල්ලෙක්වත් බලන්නෙත් නෑ, මර්වින්ල වගේ දේශප්‍රේමින්ගෙන් වදින ගල් වලින් ඉවරයකුත් නෑ වෙනව. ඒක තමයි සිංහලයගෙ හැටි. අනික සිරස SMS වලින් හම්බු නොකර ඇමරිකාවෙ හරි ඉන්දියාවෙ හරි කරනව වගේ CD එකක් විකුනල විතරක් සල්ලි හොයන්න අමාරුයි ලංකාව වගේ බොහොම පොඩි වෙලඳපොලක් තීන රටක. මොකද අපි කී දෙනෙක් රුපියල් 500ක් දීල CD ගනීද? බහුතරයක් ගන්නෙ තුට්ටු දෙකට විකුනන copy නෙ!

    ReplyDelete
  6. හ්ම්, හොඳ විචාරයක් කිව්වැකි. ඇමරිකන් අයිඩල් වලින් සයිමන් ඉවත් වීම නම් අපරාදයක් කියලා හිතෙනවා. මම සුපර් ස්ටාර් සීසන් 1, ඉවර වෙනකම්ම බැලුවා. 2 එකේ ෆයිනල්ස් බැලුවා විතරයි. 3 එක බැලුවෙම නැහැ.
    :D

    ReplyDelete
  7. මේක නියම සින්දුවක් තමයි. මුලින්ම ඇහුවෙ නම් shrek එකේ. නියමෙටම කියනවා...

    ReplyDelete
  8. මේක දෙවියන්ට යාඥා කරන සිංදුවක් නේද ?

    ඊට කලින් මේ සිංදුව මම Lord of War කියන film එකේදී අහලා තියෙනවා

    ReplyDelete
  9. @ Hasitha
    ඔයාගේ අදහසට මාත් එකඟයි, ප්‍රශ්නෙට උත්තරේ ඔව්.

    @ Anonymous
    ස්තූතියි..

    @ ඉන්දික උපශාන්ත..
    ම්..ම්.. සියළුම අදහස් වලට එකඟ විය නොහැක..

    @ Ansh Lucky
    සමහර වැඩසටහන් වලදි ටැලන්ට් ගලනව..
    මම සමහර අවස්ථාවල් විකට වැඩ සටහන් ලෙසත් දකිනවා.

    @ h
    හොඳ ටේස්ට් එකක් තියෙනව වගේ.. ශ්‍රෙක් එකටත් කලින් ජනප්‍රිය හසිත කිව්ව වගේ ආගමික පසුබිමක් තියෙන හදවතේ රැඳුනු ගීයක්...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න