.

.

Jun 7, 2010

බෙදා හදා ගෙන ජීවත්වීම - Sharing

.
ආපන ශාලාවේ තම බිරිඳ සිටි මේසය වෙත පැමිණි මහළු සීයා මේසයේ ඉඳගත්තේය. තමා ගෙන ආ බර්ගරයේ ඔතා තිබූ කඩදාසිය සෙමෙන් ඉවත් කල ඔහු එය තම වෙව්ලන දැතින් හරි මැදින් දෙකට බෙදා බිරීඳට එක කොටසක් දුනී.

බැදපු අල කූරූද එලෙසම නියමාකාරයෙන් දෙකට බෙදා කොටසක් බිරිඳට දෙන ලදි. පෙප්සි කොප්පයෙන් උගුරක් බී බිරිඳට එය දුන්නේය. ඇයත් උගුරක් බිව් පසු පෙප්සී කෝප්පය හරි මැදින් තබන ලදී. සීයා ඉතා සෙමෙන් තම බර්ගරය කෑමට පටන් ගත්තේය....

මේ සංවේදී දර්ශනය අවට මේසවල උන් අයගේ නෙතට කඳුලක් ගෙන ආවේය. මෙසේ කරන්නේ මුදල් නැති කමෙන්යයි සිතූ තරුණයෙක් එම මේසය වෙත ලංවිය.

"සමාවෙන්න සීයේ, වරදවා හිතන්න එපා... මම තව එකක් ඕඩර් කරන්නම් මගේ ගානේ"

"බොහෝම ස්තූතියි පුතා. මෙහෙම හොඳයි. අපි හැම දෙයක්ම බෙදා හදාගෙන ජීවත්වෙන්නෙ....."

අවට සිටින පිරිස මේ දෙස බලා වුන් අතර ආච්චිද වරින් වර පෙප්සි පානය කලද එක කටක්වත් නොකා සීයා කන දෙස බලා සිටියේය.

මේ දර්ශනය බලා සිටීමට නොහැකිවූ අර තරුණයා නැවතත් එම මේසය වෙත පැම්ණියා.

"සමාවෙන්න.. මට කිසිම ප්‍රශ්නයක් නෑ මම තව එකක් ගෙනැත් දෙන්නම්.." මෙවර උත්තර දුන්නෙ ආච්චී......

"නෑ.. නෑ.. පුතා බොහෝම ස්තූතියි.. අපි හැම දෙයක්ම බෙදා හදාගෙන ජීවත් වෙන්නේ...."

මේ අතර තම කොටස නිමා කල සීයා අත පිස්නයෙන් තම අතත් මුහුණත් පිරිසිඳූ කිරීමට පටන් ගත්තේය.. එකම එක කටක්වත් නොගෙන බලා සිටී ආච්චී ගැන දුක සිතී, තව දුරටත් ඉවසා සිටීමට නොහැකීවූ තරුණයා ආච්චිගෙන්.........

"මොකක්ද ඔහේ තවත් බලන් ඉන්නේ... කන්නේ නැතුව..."

"පොඩ්ඩක් ඉන්න පුතා කළබල නොකර..  තාම දත් සෙට් එක සීයා ගාවනේ"

අවවාදය :-

අනුකම්පාව භූමීකම්පාවක් විය හැක....

10 comments:

  1. හිහ් හිහ් හී....උදේ පාන්දරම නියම එකක් දැක්කේ....හිනාවෙලා වැඩ පටන් ගන්න පුළුවන්....

    ReplyDelete
  2. මරැ මරැ...

    බෙදා හදා ගත්තාට තෑන්ක්ස්..

    අනික් කාරණේ හැම සිදුවීමක් දිහාම බතා ඉවසිල්ලෙන් බලා සිටිය යුතුය. නැතිනම් අවසානය වෙනස් වීමට ඉඩ ඇත.

    ReplyDelete
  3. සිනා කෝටියයි. කොල්ලාට කරන්න තිබ්බේ තව දත් කුට්ටමක් ගන්න උදව් කරන එක :)

    ReplyDelete
  4. හහ්..හා!!!මරු කතාව!!!

    ReplyDelete
  5. නියමයි, අන්තිම ටික කියවන තුරු හිතාගන්න බැරි විදියට ලියා තියෙනවා.

    ReplyDelete
  6. @ වමිදේවා, තිසර, හසිත, ජංජාල චාමර, ගල්මල්

    අදහස් වලට පින්......

    ReplyDelete
  7. @ වැම්පයර්

    මොකෝ...?

    ReplyDelete
  8. කාලෙකට පස්සේ අදයිනේ අසනීප හොඳවෙලා අහක් වෙලා මේ බ්ලොග් කියවන්න ගත්තේ . .

    මේක නියමයි බන් . .

    මේ උඹ නේද අර උදව් කරන්න ගිහින් නාගත්තු කොල්ලා??? හික් හික්

    ReplyDelete
  9. @ දුකා

    තෑන්ක්ස් දුකෝ.. මම දැක්ක උඹ අසනීපයි කියල කොමෙන්ටුවක දාලා තියෙනව...

    මං දැන් ඒ ගොනා විකුනලා ගොඩක් කල්.. ඉස්සර නම් ඒ වගේ ගොන් වැඩ සෑහෙන කොරල තියෙනවා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න