.

.

May 14, 2011

රාවයට 25 යි. අයිවන් පහළ බාලාංශයට ගොස් මැක්කා ගැනම ලියයි - 25 years of experience with RAVAYA


වසර 25 තිස්සේ විවිධ බාධක කම් කටොලු මැද පුවත්පතකක් පවත්වාගෙන යාම ලෙහෙසි පහසු කාරනයක් නොවේ. රාවය සති අග ජාතික පුවත් පතක් නොවේ. එයට ආණ්ඩු වෙනස් වීම් වලදි රජයේ දැන්වීම් ලැබුනද, ඒවා ඉතා සීමිත කාළ රාමුවකට කොටුවිය. අදටත් රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ දැන්වීම් ලැබෙනුයේ ඉතා මද වශයෙනි.පුවත්පතට අනුවද එය පවත්වාගෙන යනු ලබන්නේ, අදටත් රාවයට ආදරය කරණ පාඨක පිරිස හේතුවෙනි. රාවය උපත ලැබුවේ සඟරාවක් වශයෙනි. පළමු සඟරාවේ පටන් අද දක්වා (විදේශ ගතව සිටියද.) එයට ඇබ්බැහිවූවකු ලෙස අදත් මම එය මිලදීගනිමි. භීෂණ සමයන්හි රාවයට මෙන්ම වික්ටර් අයිවන්ටද, විකල්ප පුවත් පත්වල පාඨකයන් වූ අපටද නොයෙක් කරදරවලට මෙන්ම ජීවිත තර්ජන වලටද, මැරකම්වලටද මුහුණ දීමට සිඳුවූවද. රාවය මරා දැමීමට ඒ කිසිවකුටත් නොහැකි විය.  

රාවයටම වෙන්වූ වෙනම පාඨක සමජයක් වෙයි. මගේ අදහස අනුව ඔවුන් බොහෝ විට මධ්‍යස්ත මතධාරින් වෙයි. අධ්‍යාපන තත්වය, ආර්ථික තත්වය, සමාජ තත්වය කුමක් වූවද ඔවුන් වෙනම සමාජ කුලයක් ලෙස හැඳින්වීමෙයි වරදක් නැත. කෙටියෙන් සඳහන් කළහොත් ඔවුන් සාධාරණ සමාජයක්, නීතීගරුක සමාජයක්, සාමකාමී සමාජයක් ප්‍රාර්ථනා කරන ශ්‍රි ලාංකිකයෝ වෙති.

රාවය විකල්ප පුවත් පතකි, අතීතයේ සිට පෙනී සිටියෙ ගැලරිය සතුටට පත්කරමින් ජනප්‍රිය දේ ඉදිරිපත් කිරීමට නොව එයට සම්පූර්ණයෙන්ම විරුද්ධවූ තිත්ත සත්‍ය ගවේශනාත්මකව, මධ්‍යස්තව ඉදිරිපත් කිරීමටයි. විශේෂයෙන් උතුරේ පැවති ත්‍රස්දවාදය (මේ මගේ දැක්මයි.) පිළිබඳව ද්‍රවිඩ ජන සමාජයේ අදහස් පළකිරීමක් පලවූ එකම පුවත් පත රාවයයි. අදටත් ද්‍රවිඩ ජනතාව විඳින්නාවූ පීඩනය සිංහල පාඨකයාට ලබා දෙන්නේ රාවය පමනි. එය ඉතා අගය කළ යුතු කරුනකි. යුධ ජයග්‍රහණය, ඉන් පසු ඇතිවූ තත්වය, බෑන් කී මූන් ප්‍රශ්නය, ක්‍රීඩාව, ආර්ථිකය, විදේශ විත්ති විචාර, කළාව යන යන කුමන කරුණක් ගැන වුවද සමබර තොරතුරු අදටත් විචාරාත්මකව ඉදිරිපත් කරනේ ඔවුන් පමණි. උසස් රස වින්දනයක් සහිත යහපත් පුරවැසිකයකු ලෙස ජීවත් වීමට රාවය සෑහෙන දුරට ඉවහල් වූ බව සඳහන් කළ යුතුමය. විශේෂයෙන් ළොව උසස් කළා කෘති පිළිබඳව අදටත් අප දැනුවත් කරනුයේ ඔවුන්මය.

මහින්ද මහතා බලයට පත්වන තුරුම රාවය කතුවර වික්ටර් අයිවන් මහතාගේ මත පිළිබඳව සුලු සුලු මත බේදාත්මක කරුණු තිබුනද සෑහෙන දුරකට එකඟ විය හැකි තත්වයක් තිබිනි. මන්ද රාවය මැද පිටුවෙන්, ලංකාවේ ඉහළම පුරවැසියාගේ පටන් මැති ඇමතිවරු, රාජ්‍ය නිළධාරීන්, අග විනිසුරු ඇතුලු විනිසුරුවන්, තානාපතීවරුන්ගේ සිට වංචාකාරී ව්‍යාපරකයින්, ක්‍රීඩකයින්, පැවිද්දන්, ආයතන යන එකි මෙකී සියල්ලන්ම කළ වැරදි. අකටයුතුකම් ගවේශ්නාත්මකව හෙලිදරව් කළ බැවිනි

සැබවින්ම වංචාකාරී පුද්ගලයින් සහ ආයතන රාවයට දැඩ් බියක් දැක්වීය. එමහින් ලබාගත් සිවිල් බලය හේතුවෙන් ආන්ඩු පෙරලීමට පවා අත්‍යාවශ්‍ය පුද්ගලයකුගේ තත්වයක් හා සිවිල් සමාජයේ ගෞරවය දිනාගත් පුද්ගලයකු වන්නට ඔහුට හැකි විය. සත්‍ය වශයෙන්ම ඔහු අපගේ වීරයෙක් විය. එහෙත් මහින්ද මහතා බලයට පත්වීමෙන් පසු ඔහුගේ මෙම අනගි මෙහෙවර නිමාවට පත්වී ඇත. දැන් ඔහුගේ කතුවැකිය හා මැද පිටුව කියවීමට අවශ්‍ය වන්නෙ නැත. මන්ද යුද්ධය දිනා ගත් දවසේ පටන් ඔහු ලියන්නේ එකම දෙයක් බැවිනි. 

එනම් මැක්කාගේ කතාවයි. මහින්ද මහතා ශක්තිමත්ම් ජනාධිපති බවත් ඔහු ඔප දමා ගත යුතු බවත් ජාත්‍යන්තරය බුද්ධිමත්ව හසුරුවා ගත යුතු බවත් සුභ අනාගතය උදාවන බවත් එතෙක් ජනතාව ඉවසා සිටිය යුතු බවත් පමනි. 18 වන ව්‍යවස්ථාව සම්මත කර ගත් විටත් එහි වරද ජූනියස් රිචඩ්ටම පවරා නැවතත් මැක්කාගේ කතාව ලිවීම පටන්ගනී. සරත් නන්ද සිල්වාට එලව එලවා ප්‍රහාර එල්ලකල වික්ටර් නිහාල් සිල්වාගේ කිසිම වරදක් නොදකී. (මෙය වික්ටර් අයිවන් මහතාට පමණක් වැළදුනු රෝගයක් නොවේ. තවත් පත්තර කාරයන්ටත්, ජනතාවාදීයයි කියු කළාකරුවන්ටත්. වමේ පචෝරිස් නායකයන්ටත් ඇතුලුව බොහෝ දෙනෙකුට වැළඳි ඇති රෝගයකි. මේ පිළිබඳව වෙනම ලිපියක් ලියන්නට බලාපොරොත්තු වෙමි.)

සමාවන්න ඔබව විවේචනයට භාජනය කිරිමට මා මොකෙක්දැයි ඔබට සිතෙනු ඇත. නමුත් ජනතාව ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මැක්කාගේ කතාව නොවේ. පෙර මෙන් හොරුන්, වංචා කරුවන්, දූෂිත දෙශපාලුවන්, නිළධාරීන්, ව්‍යාපාරකයින්, දේවගැතියන්, පූජයකින් සමාජයට හෙලි කරන, ඔවුන්හේ සිල්වත් සළුපිළි ගලව නිරුවත් කරන, ගවෙශනාත්මක, නිර්භීත, සත්‍යවාදී පත්තර කරුවායි.(මන්ද ජනාධිපති තුමා කොතරම් ජනප්‍රිය වූවත් ඔහුගේ අඩුපාඩු ඔහුට් පෙන්වා දෙන පිරිසක් ඔහුගේම යහපත සඳහා අවශ්‍ය වන්නේය.)

එතුමා වෙනස් වූවද, ගාමිනි වියන්ගොඩ, ජනරංජන, විමලනාත් වීරරත්න, තිසරනී ගුනසේකර, කුසල් පෙරේරා, නුවන් උදය වික්‍රමසිංහ, ප්‍රභාෂ්වර, මිණිසර, ටිරන් කුමාර බංගගමආරච්චි,රොහාන් සමරජීව, තිවංක, එලික් ඉලයප්ආරච්චි වැනි පිරිස අදටත් එම යුගමෙහෙවරෙයි යෙදෙනා බව ඔවුන්ට උපහාරයක් පිණිස ලියා දැන්විය යුතුමය. එමෙන්ම මකරන්ද කවි පිටුව හා අලුතෙන් එක්කල රැඩිකල් 18 පිටුවද අගය කළ යුතුමය. 

එබැවින් 25 වසරක් තිස්සේ අලුතෙන් යමක් සිතන්නට පඨකයින් පෙළබවූ ඔබ මැක්කාගේ කතාව ලිවීම නවතා. සාමාන්‍ය ජනතාව බලාපොරොතුවන පුවත් ඉදිරිපත් කිරීමට සිත යොමු කරනු ඇත යන්න අපගේ බලාපොරොත්තුවයි. ඔබට සහ රාවයට ජය...!!!

23 comments:

  1. වික්ටර් අයිවන් මහතා මැක්කා ගැන ලිව්වත් අන් අයට රාවය පුවත්පතෙහි ලබාදෙන ඉඩ කඩ අගය කල යුතුමය. වික්ටර් අයිවන් මහතාගෙ ක්‍රියා කලාපයන් සම්පූර්නයෙන් හෙලා දකින ලිපි පවා රාවයෙ පලවී තිබෙනවා මා දැක ඇත . මෙය අන් කිසිදු තැනකදී මා දැක නැති දෙයකි

    ReplyDelete
  2. මෙයා 94දි චන්ද්‍රිකාගෙත් දැක්කේ අද මහින්ද මහත්තයා දකින විදියටම තමයි.... අන්තිමට චන්ද්‍රිකා මෙයාට පු.. ඇරලයි නැවතුනේ....

    ReplyDelete
  3. @ buwa

    ඔහුගේ ඒ ප්‍රතිපත්තියට අපගේ ගෞරවය නිතැතින් හිමිවේ....

    ReplyDelete
  4. @ Anonymous

    නමුත්, එයත් චෞර රැජින ලියල, චන්ද්‍රිකාගෙ .... ත් ඇරිය නේද...?

    ReplyDelete
  5. 71න් ජීවිතේ බේරගෙන අදටත් සමාජ දේශපාලන රාමුව ඇතුලේ ඉන්න අතලොස්සක් මිනිසුන් කිහිපදෙනා අතර තවමත් යම් තරමක හරි දෙයක් කරන මනුස්සයෙක් හැටියට මම අයිවන් උන්නැහේව දකිනවා...

    ඇත්තටම සමාජය තුල ඔවුනට හිමි තැනක් ඔය මට්ටමින්වත් නිර්මාණය කර ගන්නට හැකි වීමත් වටිනවා..අනිත් කාරණාව වික්ටර් අයිවන් කියන්නේ "පොඩි අතුල" එතකොට "ලොකු අතුල" වෙච්ච නිමලසිරි ජයසිංහ කියන ගොබිලා වගේ තමුන්ගේ ඇX දෙකත් විකුණගෙන කන තත්වෙටනං මෙයා වැටුනේ නැහැ...ඒ වගේ 71න් බේරිලා ඉන්න කට්ටියගෙන් අද අනගාරික සළු පොරවන් ඉන්න අය කරන පොරවාදී ව්‍යාපාරත් බැළුවහමනං මුන්දෑ මෙහෙම ඉන්න එක සෑහෙන්න වටිනවා.

    රාවය කියන්නේ අදටත් මම කියවන්න කැමති..ඒත් කාලෙකින් හම්බ උනේ නැති පත්තරයක්..කොහේද ඉතිං දැන් පත්තර ලෑල්ලක් ළග නවතින්න අපේ හිත කියන්නේ නැහැනේ...මේ නෙට් එකට හුරුවෙලා..හැම දේම ලාබෙටයි පහසුවටයි ගන්න පුරුදු වෙලා..

    එහෙම බැළුවහම අපිත් එහෙමනං උන්දල ඔහොම කරන එකට වරදක් කියන්නත් බැහැ වගේ...

    හැම එකාම ජීවත් වෙන්න කරන හැම දේම හිතට එකඟව කරනවත් නෙවේ...

    ReplyDelete
  6. @ මාරය

    ඔබගේ සියලූම අදහස් හා එකඟවෙමි... නමුත් ඔහු ප්‍රාර්ථනා කල ලෝකය උදාවී තිබේද?....

    එවිට ඔහුගෙන් යමක් බලාපොරොත්තු වූ අනුගාමිකයින්ට සිඳුවන්නේ කුමක්ද?

    මට ඇති ප්‍රශ්නය එයයි...

    ReplyDelete
  7. වැරැද්ද අපෙ..ඇයි එහෙම දෙයක් ඔහුගෙන් බලාපොරොත්තු උනේ...

    ඔහුගෙන් නෙවෙයි අපිට කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ...

    බුදු හාමුදුරුවොත් කලේ පාර පෙන්වීම විතරයි..ඒත් ඒකේ යන නොඑන එක අපේ වැඩක්..මොකද ඒකේ ඵලය විඳින්නෙත් අපිම නිසා...

    එහෙවු එකේ වික්ටර් අයිවන්ගෙන් අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ..?
    ඇයි එහෙම අපි බලාපොරොත්තු වෙන්නේ..?

    කාගේවත් අනුගාමිකයෝ නොවී..අපි අපිටම පූර්වාදර්ශය වෙන්න පස්ස ගහන ගමන් වෙනත් කෙනෙක්ගෙන් මොනවද අපි හොයන්න වෙහෙසෙන්නේ..?ඔතනයි අවුල තියෙන්නේ..

    වාදයක් පිණිස නොවේ...

    ReplyDelete
  8. සමහර විට ඒ නිසා වෙන්නැති හොඳ වැඩකාරයො ඔහුව හැරදා ගියේ...

    ඔබේ අදහස් හා මා එකඟ වෙමි..

    නමුත් විප්ලවකරුවන් වන්දිබට්ටයින් වීම මට ඇති දුකයි....

    ReplyDelete
  9. ඔන්න ඉතිං ආයෙමත් උඹ මාව මෙතනට ගෙන්නුවා...

    අනේ බං නියම විප්ලව කාරයෙක්නං ඒකා විප්ලවය අතර තුරදී මැරෙන්න ඕන.
    නැත්තං වෙන්නේ විප්ලවය අවසානයේ විප්ලව කරුවා මිය යන එකයි..ඒ ශාරීරිකව නෙවෙයි...

    හොඳම උදාරණය "චේ"
    වැරදිලා හරි "චේ" තවදුරටත් හිටියනං අද වෙනකොට ඔහුත් ඔය වගේම වෙලා තියෙයි.
    මොකද මට අහන්න දකින්න හම්බ වෙලා තියෙන හැම විප්ලවකරුවෙක්ම විප්ලවය දිනුවට පස්සේ නැවතත් ප්‍රතිවිප්ලවයකින් ඔව්නුව පරද්දන්න වෙන තරමටම සමාජයට අහිතකර වෙන දේ ගෙන එනවා...
    එහෙම නැත්තං විප්ලවය පැරදුනාට පස්සේ සද්ද නැතිව දිනපු පිලේ කටු ලෙවකනවා...ඒ අතරෙ ඉඳහිට බුරන්නේ නැතිවාමත් නෙවෙයි හැබැයි ඒක නිකං උඩු බුරලනවා වගේ වැඩක්..ඒත් වැරදිලාවත් හපා කන්නේනං නැහැ...

    ඔය මං කිව්ව දේට විරුද්ධව ඕනනං උදාහරණ කිහිපයක් හොයාගන්න ඇහැකි වෙයි..ඒත් බලහංකෝ වැඩි හරියක් ඔය මං කිව්ව ‍රාමු අස්සට නෙවෙයිද ගන්න වෙන්නේ කියලා..

    (යකෝ දැන් බලා‍ගෙන යනකොට මාත් පඬි ටෝක් දෙන්න දන්නවනේ.."සැබෑ විප්ලවකරුවෙකු නම් විප්ලවයේදී මිය යායුතුය" හිකි හිකිස්ය...)

    ReplyDelete
  10. අම්මප ඇත්ත බොල... උඹත් හරියට දාර්ශනිකයෙක් වගේ නොවැ... එහෙනම් විප්ලවයෙදි (ධර්ම රාජ්ජෙට යන විලවයෙදී) උන්දැ මළයි කියල හිතාගමු.....

    ලොහ් ලොහ්.....

    ReplyDelete
  11. thisaranee gunasekarawa weerayek kara gatta obage deshapana danuma gana hitha ganna puluwani. R Premadasa Jandipathiwarage kunu heduwa Thisaranee Gunasekara obage weera wariyaknam soor .com thama yahalu

    ReplyDelete
  12. රාවය කියන්නෙ හොද අච්චාරුවක්. රසවත් අච්චාරුවක්. අයිවන් මහත්තය ඒකට සීනි විතරක් දාල පැණිරහ කරල නෑ. ඇඹුල්රස තිත්තරස හැම දෙයක්ම ඒකෙ තියනව. ඒ ගැන ඔහුට හිස නමා ආචාර කරනවා.
    දැං ටොකු ඇනිල්ල,
    18 වෙනි සංශෝධනයෙන් එ‍හාට තිබුනු විරෝධයෙන් පස්සෙ අයිවන් මහත්තය මහින්දට කඩේ යනව කියනඑක පැහැදිලියි. අඩුම ගානෙ "මහා ප්‍රජාතන්ත්‍රවාදියෙක්" වෙච්ච අයිවන් 18 සම්බන්ධයෙන් උගුරට හොරා බේත් ගිලීමේ න්‍යායක් අනුගමනය කලේ. මට නං හිතාගන්න බෑ ඒ ඇයි කියල. වයසට යනකොට අපිත් ඔහොම වෙයිද කියල කාටද කියන්න පුළුවන්.

    ReplyDelete
  13. අයිවන්ටත් පොඩි ටොපියක් මලින්ද මාමා දී ඇති බවක් හැගේ..

    රනිල් මාමා කාපු ටොපියේ හැටියට පත්තර ලියන මාමා කෙනෙක් ටොපියක් කෑම නොගිනිය හැකි තරම් කුඩාය..

    ReplyDelete
  14. I juѕt liκe the valuable info you pгovidе to youг
    articleѕ. I'll bookmark your blog and test once more right here regularly. I am moderately certain I'll be tolԁ
    a lot of new stuff proper right here! Best of luсk for the folloωing!



    Feеl free to visit my web page - dreambox 800 cccam server|server cardsharing|skybox f3 cardsharing|cccam|cardsharing anbieter|cccam pay server|cccam server premium|dreambox|server dreambox|buy cardsharing|cardsharing|cardsharing server|dreambox 800|free card sharing server|satellite cardsharing kings|test line cccam|card sharing|card sharing servers|cardsharing canalsat|cccam line|cccam test line|free cccam server|sat keys|satellite cardsharing| cccam server|server cardsharing|skybox f3 cardsharing|cccam|cardsharing anbieter|cccam pay server|cccam server premium|dreambox|server dreambox|buy cardsharing|cardsharing|cardsharing server|dreambox 800|free card sharing server|satellite cardsharing kings|test line cccam|card sharing|card sharing servers|cardsharing canalsat|cccam line|cccam test line|free cccam server|sat keys|satellite cardsharing| cccam server|server cardsharing|skybox f3 cardsharing|cccam|cardsharing anbieter|cccam pay server|cccam server premium|dreambox|server dreambox|buy cardsharing|cardsharing|cardsharing server|dreambox 800|free card sharing server|satellite cardsharing kings|test line cccam|card sharing|card sharing servers|cardsharing canalsat|cccam line|cccam test line|free cccam server|sat keys|satellite cardsharing|

    ReplyDelete
  15. Greetingѕ Ӏ am sο еxcitеd I found youг blоg page, Ι rеаlly fоund уou bу accident,
    ωhile I was sеаrсhing on Bing fог somethіng else, Anyhow ӏ am
    herе now and would juѕt like to say thanks
    foг a гemaгkablе рost аnd а all round thгilling blοg (I also loѵe the theme/design), I don't have time to read it all at the moment but I have saved it and also added in your RSS feeds, so when I have time I will be back to read much more, Please do keep up the superb work.

    Here is my web-site - dreambox 7025

    ReplyDelete
  16. Hello, its good рost аbout meԁіа print, ωe аll knοw medіa is
    a ωοndеrful sourсе of faсtѕ.


    Rеνіew mу ѕitе - http://kurse.kahlweiss.ch/groups/the-advantages-of-developing-a-sky-digital-box-and-sky-digital-tv/

    ReplyDelete
  17. Αw, this ωaѕ an incrediblу nice post.
    Spеnding some time and actual effort to create a top notch article… but
    what сan I say… I pгocraѕtinate
    а ωhole lot and never manage to get anythіng done.


    Here is my site - 7025

    ReplyDelete
  18. Thanks for sharing уοur thoughtѕ on lіghtroom tutorials.
    Regаrds

    Alsο visit my websіte: Satellite Cardsharing

    ReplyDelete
  19. It is гeally а greаt and helρful ρіeсe of
    іnfo. I'm glad that you shared this useful info with us. Please stay us informed like this. Thank you for sharing.

    my webpage - http://www.abortionreview.org/index.php/member/67626/

    ReplyDelete
  20. If you wіsh for to get much from this paragraph then you havе to apply these
    strategies to уouг won blog.

    Also ѵiѕit my ωеbsitе
    :: [url=http://www.ghkfal.Org]http://www.Ghkfal.org

    ReplyDelete
  21. //මම නුඹ කඩා බිද දමා නැවත සදමිය් ඔහු සමාජයට කීවේය.
    සමාජයට එබසට හිනා ගියේය............// මතකය නිවැරදිනම් මේ කවිය මහගමසේකරයන්ගෙ
    ඔහුත් මනුෂ්‍යෙයක් ඔහුටත් ඒක ඒ විදිහමයි. මාරයා කිව්වෙත් සේකරයන් කිව්ව දේ වෙන විදිහකින් කියලය මට හිතෙන්නෙ.

    ReplyDelete
  22. රාවය අවාරයට හැදෙන රස පළතුරක් // අපි ඉන්නේ හැමදාම ඉන්නේ අවාරෙක// අපිට වාරයක් නැති නිසා රාවය අපිට පොඩි පවනක් ගහනවා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න