තොවිල් නටන්න ආපු සෙට් එකේ එකෙක්ම, වත්තේ කොඩිවිනේ වලලනවා අපේ අතටම අහු උන නිසා. යකදුරාට, අපේ මාමා, බතින් බුලතින් නොව, අතින් පයින් සංග්‍රහ කොරන්නට යෙදුනු නිසා, යකදුරාට කරාපිටියේ දවස් දෙකක් තුනක් ඇඳක් උඩට වී මතුර මතුර ඉන්නට සිඳුවුනාය. අන්තීමේදි, නැන්දා සනීප කොළේ හරිස්චන්ද්‍ර මහත්තයාය. අද හරිස්චන්ද්‍ර මහත්තයාත්, නැන්දාත්, අපිට නෑ කමකුත් තිබු ගුරාත්, මේ ළෝකෙන් චුත වෙලාය. එයාලා ගියපු දිහාවකත්, පට්ට ආතල් ගන්නවාදෝයි නැතිදැයි මට නම් හරියටම කියන්නට දන්නේ නැතිය.
ඩෙස්මන් හේන්ස් |
කර්ට්ලි ඇම්බ්‍රොස් |
එහෙම උන්න කොදෙව්වන්ට දැන්නම් සුපිරිම කලක් ලබලා තියෙනවාය. ටී 20 ළෝක ශූරතාවත් අපෙන් උදුරාගෙන ගියේ මාර්ලන් සැමුවෙල්ස්ට ආච්චි වැහුන නිසාය. ඒ 1979 ශූරතාවයක් දිනා ගත්තායින් පසු කොදෙව්වෝ දිනපු මුල්ම සම්මානයය. දැන් නම් අයි පී ඇල් එකෙත් සුපිරි වීරයන් වෙලා ඉන්නේ කොදෙව්වෝය. ගේල්ට විතරක් නොවේය. උන්ගේ ඔක්කෝටම වගේ ආච්චිලා වැහිලාය. ඇත්තම කිව්වොත් මේ ආච්චි වැහිලි කතා බොරුය. මේ මුන්ගේ ටැලන්ට් එකය. අපේ නමවත් බේරගෙන ඉන්නේ පරණ සෙට් එක නිසා නොව. තිසර, මාලිංග හා සචිත්‍රයා නිසාය. පරණ අය බංකුවේවත් පේන්න නැත. මහේල ගොයියා ගහන ගහන එක පරදිනවාය.
ජෙෆ්‍රි ඩූජෝන් |
කෙනෙක් කියා තිබුනේ ගේල් ගහන්නේ පොල් අඩි කියාය. අද තියා, එදා උනත් පොතේ ක්‍රිකට් ගහන උන් කොහොමත් අතේ ඇඟිල ගනනට වඩා අඩුය. ලංකාවේත් උන්නේ රෝයි ඩයස්, මාවන්, මහේල හා සංගා පමණය. අනික් උන් ගහන්නේ උන්ගේ ෂොට්ය. ඩිලා නම් තමන්ගේ නමින්ම ෂොට් එකක් එස්ටැබ්ලිෂ් කොරලා හමාරය. කවදත් වගේ ටී 20 ත් හඳුන්වලා දුන්නේ ඔස්ට්‍රේලියාවය. (මෙය එංගලන්තය ලෙස වෙනස් විය යුතුය. ස්තූතියි! අසරණයා..)ඒත් ටී 20 නැගලා යන්නේ ඉන්දියාවේය. අද ඉන්දියාවේ ච්‍රිත්‍රපටි කර්මාණ්තයත් පරදා මුදල් උපයන තත්වයට ක්‍රිකට් පත්වෙලා හමාරය. ඒය අපි ආදරය කරන ක්‍රිකට් වලට හොඳය.
අළුත් දෙයක් කරනා කෙනා හැමදාම ළොව ජයගන්නේය. පොතේ තිබුන විදියට ක්‍රිකට් ගැහුවානම්, මුරලිගේ දුස්‍රා, මාලිංගගේ ස්ලිංගා, මෙන්ඩියාගේ කැරම් බෝල් වගේම ඩිලාගේ ඩිල්ස්කූප් එන්නේත් නැත. ඉස්සර බෝලර් කෙනෙක් දාපු බෝල හයම් එක විදියය. ඒත් බැට්ස්මන්ලාට ගහගන්න බැරුව ඇඹරුනේය. අද බෝල හය දාන්නේ හය විදියකටය. ඒත් ඒවාට ලනුව උඩින් යන්න නෙලන්න පුළුවන් උන් අපේ රටේ ඉන්නේ තිසරයා පමණක් උනාට අයි පී ඇල් එකේ නම් වැහි වැහැලා ඉන්නවාය. මම නම් මේ වෙනසට කැමතිය.
අපේ උන් ක්‍රිකට් එපා කරලා තිබුනත්, ටුවෙන්ටි ටුවෙන්ටි නිසා ආයෙත් ක්‍රිකට් බලන්නම හිතෙනවාය. ඒ ක්‍රිස් ගේල්ලා වගේ අය නිසාය.ක්‍රිස් ගේල් විතරක් නොව, ඩ්වේන් බ්‍රාවෝ, ඩැරන් සමී, කිරන් පොලාඩ්, ඩ්වේන් ස්මිත් බෝලේ පැලෙන්නම දෙනවාය. සුනිල් නාරායන් අපේ සචිත්‍රත් එක්ක පොරි හැලෙන්නම බෝල් කරනවාය. මේ ඔක්කෝම ට්‍රැඩිෂනල් ගහන අය නෙමේය. කස්ටියම පිත්ත අල්ලන්නේ මිටේ උඩ කෙලවරින්ය. ක්‍රීස් එකේම ඉන්නේ නැත. එහෙට මෙහෙට පනිනවාය. ඉස්සරහට එනවාය. ලනුව උඩින් අරිනවාය, ලනුව යටින් අරිනවාය. ක්‍රිස් ගේල්ගේ 175 වගේම, ඊයේ මාලිංගයා ගේල්ට යවපු ඕවරයත් මට අර තරම්ම වටිනවාය. මේ මොනවා තිබුනත්, ප්‍රේක්ෂකයෝ නැති තැනක ගැහුවානම්, මෙළෝ රහක් නැතිය. පිස්සු හැදෙන කෑලි එක්ක ක්‍රිකට් දන්න ප්‍රේක්ෂකයෝත් සිටිනවාය. ඒ මදිවාට චියර් ලීඩර්ලා ටික දැක්කාම ක්‍රිකටුත් අමතක අමතක වෙලා මල්ලි පිස්සු කෙලිනවාය. මේ ඔක්කෝම මැද්දේ අපේ උන්ටත් ආච්චි වැහේවා කියා, ඉත සිතින් පතනවාය. ආසියාවේ ආශ්චර්යයේ කොල්ලෝ, බල්ලෝ වගේ බංකුවේ ඉන්න ඕනා නැතිය. හාස්කමක් හෝ සිද්දවී, ජාමත් බේරාගෙන, ලක් මාතවගේ රෙද්ද ගලවගන්නේ නැතුව ආවොත්, ජයලලිතාට කින්ඩියක් දමා "කෝ ඔහේ අපිට කොලාද...? නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න...." කියා අහන්න ඇහැක් වෙනවාය.
පවිත්‍රාදේවි ටත් ආච්චි වැහිල තමයි දිගට හරහට කෙලියෙ මං හිතන්නේ.
ReplyDeleteදැන් ඉතිං කට්ටිය ආච්චිට හාල් ගරයි.
පවිත්‍රාදේවී කියන්නේ ගිගාවොට්ස් මෙගාවොට්ස්වත් දන්නෙ නැති එළදෙනක්. ඒ වගේ උන් ඇමතිවරු කලාම ඔහොම තමා. ලියලා දෙන දේ ඇවිත් කියවනවා. කියවන්නේ මොකක්ද කියලවත් දන්නෙ නෑ. මාළු මාකට් එකේ ඉන්න ඕන ගෑණු පාර්ලිමේන්තු එවන උන්ට පින් දෙන්න ඕන.
Deleteආ පස්සේ මතක් උනේ. ජේආර්ලොක්ක ගේ කාලේ අපි කොදෙව්වෝ පරද්දල ඒකට සංතොසේට දවසක් නිවාඩු දුන්නලු රටට ම නේද?
ReplyDeleteJ R නිවාඩු දීලා තියෙන්නෙ කොදෙව්වො පරාද කලාට නොවෙයි, කපිල්දේව්ගෙ නායකත්වයෙන් අාපු ඉන්දියන් ටීම් ඒක පරාද කරලා පලමු ටෙස්ට් ජයග්‍රහනය ලබා ගත් නිසා. ඒදා කපිල්දේව් කිව්වලු උඹලා ලංකාවෙදි දින්නට පිට රටකදී ලවදාවත් දිනන්න බැහැ කියල. නමුත් අවුරුද්දක් යන්නත් කලින් නිව්සීලන්ඩ් වලදී අපේ ඒවුන් විදෙස් ජයග්‍රහනයත් ලබාගත්තලු.
Deleteඋත්තරේ කීර්ති දීලා තියෙනවා නේද?
Deleteමට මතක හැටියට නිවාඩුව දුන්නේ 1986 දි පාකිස්තානය අවසාන තරඟෙදි පරාද කරලා අපි ආසියානු කුසලානය දිනපු එකට.
Deleteකපිල් දේව් ඕක කිව්වෙ 1985දි අපි පළමු වෙනි ටෙස්ට් ජයග්‍රහණය ලැබුවට පස්සෙ.
පළවෙනි විදෙස් ජයග්‍රහණය 1995 නවසීලන්තය පරාජය කිරීම සිද්ධවුනේ ඊට අවුරුදු 10 පස්සෙ.
ජේආර්. සතියක් නිවාඩු දුන්නෙ ඡන්දෙ දින්නට පස්සෙ උසාවි වලටයි බොලවු!
Deleteඅද ගේල් 20 වල ඔහොම ගහලා මෙහෙම පිස්සු වැටුන නම් එදා අපේ සනතා බෝල 40 ගානකින් 1997 ද කොහෙද ගහද්දි කොහොම තියෙන්ඩ ඇත්ද?
ReplyDelete1997ක් ? බෝල 40ටම 6 ඒවා ගැහුවත් 1997 ගන්න බෑ හලෝ ... සාමාන්‍ය දැනුම අන්තිමයිනේ
Deleteහ්ම්, මම හිතන්නේ එලිෂා කියන්නේ වර්ශ 1997 දී සනත් පන්දු 40කින් ශතකයක් රුස්කිරීම ගැන වෙන්න ඔනි(ලකුණු 1997ක් නෙවෙයි).(ඔය සිද්ධිය මටත් මතක නෑ හරියට).හැබැයි මට මතක හැටියට සනත් පන්දු 17කින් අර්ධශතකයක් රැස්කළා, ඒක අදටත් නොබිඳුන ලෝක වාර්තාවක්.
Deleteසනත් කියන්නෙත් ක්‍රිකට් උඩු යටිකුරු කරපු ක්‍රිඩකයෙක්. එපමණයි. එයා ගැන දැන් කතා කරන්නත් ලැජ්ජයි.
Delete//කවදත් වගේ ටී 20 ත් හඳුන්වලා දුන්නේ ඔස්ට්‍රේලියාවය.// මේක වැරදි. ක්‍රිකර්ට් හඳුන්වලා දුන්නේ එංගලන්තය.ටි 20 හඳුන්වල දුන්නෙත් එංගලන්තය.
ReplyDeleteවැරද්ද නිවැරදි කලා. බොහෝම ස්තූතියි. ඒත් ඕන දෙයක් මාකට් කරන්නේ නම් ඔස්ට්‍රේලියන් කාරයෝ තමයි.
Deleteදැන් අයි.පී. ඇල් බලන්නෑ...ලයිට් බිල වැඩි හින්දා...
ReplyDeleteඅනේ......ගේ ආච්චිට ...%$&@*^... නෑ එක්කෝ ඕන නෑ.....
කොහොම නොබලා ඉන්නද පනේ....
Deleteක්‍රිකට් එපා වෙච්ච මට අයෙත් පොඩි ආතල් එකක් අවා තමා බං........
ReplyDeleteමැරෙණකන් ක්‍රිකට් නම් එපා වෙන එකක් නෑ.
Deleteමං නං ඉස්සර ආසම වැඩක් තමා එංගලන්තෙයි ඕස්ට්‍රේලියාවයි අතරෙ තියෙන අළු බඳුන තරඟ මාලාව බලන එක... ටෙස් මැච් උනාට ඔහේ බලං හිටියැකි. අරුංගේ පොතේ පාරවල් බලන්න තමා මං වැඩියම කැමති... ටෙස් මැච් එහෙක ඉඳ හිට වදින හයේ හතරේ පාරවල් මාර ගති... හැබැයි ලංකාවයි තවත් කවුරු හරියි ඉන්න ටෙස් මැච්නං ඒ තරංම වැඩක් නැහැ... අපේ උන් ඒවත් වන් ඩේ වගේ නෙලනවනේ...
ReplyDeleteT20 අනං මනං හින්දා ටෙස් නැති කරලාම දායි කියලයි මට දුක...
උඔ දැන් බොන්නෑනේද? :D
Deleteඋබ බය නැතුව ඉඳහං එහෙම වෙන්නේ නෑ :පී
Deleteටෙස්ට් නැති වෙනවා පුතා , දැනටත් අර ටෙස්ට් ගහන්න ඕනිම නිසා ගහනවා මිසක් මිනිස්සු බලනවද . එංගලන්තේ ඔස්ට්‍රේලියාවේ ඇරුණාම පැල් බැදෙගෙන ටෙස්ට් බලන අය අඩුයි . උඹට උනත් දවස් 5ම බලන්න බැනේ . ඉතින් දැන්වීමුත් අඩුයි . තව අවුරුදු 10ක්-15 තමයි උපරිම ආයු කාලය ඔය දැන් තියන විදිහට ටෙස්ට් ගහන්න (ජාත්‍යන්තර වශයෙන් )
Deleteඅපේ රට වගේ රටකට ටෙස්ට් ක්‍රිකට් ගැලපෙන්නේ නෑ. කොහොමත් ටෙස්ට් තරඟ අභාවයට යාවි ළඟදීම. විශේෂයෙන් දකුණු ආසියාවේ.
Deleteඅපිට ආච්චිලා ඩබල් වැහිලා,ඔළුවෙ මල් පිපිල තියෙන වෙලේ කිරිකැට් රෙද්දක් කියවනවා.
ReplyDeleteඅර ඉටිකිරිස් චියලිඩර්ස් කෑලි දැකල මෙයාට පොර මාන්දම හැදිල.
එවා දැක්කම පිස්සු නොහැදි තියෙනවද බන්. මම කියන්නේ පූනේ වොරියර්ස්ලගේ සාරි ඇඳන් නටන කෑලි නෙමෙයි. අර සුද්දියෝ....
Deleteපුනේ වොරියර්ස් ල පරදින්නෙත් ඔය සාරි චියර් ලිඩර්ස්ල නිසාමද කොහෙද :p
Deleteඅබුදස්ස කාලේ නේ මාතලන්.සල්ලි වලට මිනිසුන් මොනවද නොකරන්නේ.ඕවා හදන්න පුළුවන් ඒවා නෙමෙයි.එවා හදනවා කියන්නේ ගල් යුගයකට යාමක්.එක නිසා වෙන දෙයක් බලන් ඉන්නවා ඇරෙන්න මොනවා කරන්නද?හැබැයි තවම ස්වභාවධර්මය විතරක් ඉන්නවා කියන එක අමතක නොකරමු.
ReplyDeleteසොබාදහමත් වෙනස් වෙලා නේද මෙයා. මතක ඇති කාළෙක මෙහෙම් රස්නයක් තිබුනේ නෑ නොවෑ....
Deleteක්‍රිකට් ගැන නම් මෙලෝ ආසවක් නෑ... අයි පී එල් එක මැච් එකක්වත් බැලුවෙත් නෑ... ඒත් මේ ගේල් කස්ටියට ග්‍රවුන්ඩ් එක මැද්දෙම බලහත්කාරකමක් කලා කියන එක ජංජාලෙන්වත් හොයාගෙන බලන්න ඕන වෙලාවක... ;)
ReplyDeleteපලවෙනි මැච් එක ගහපු එකෙකුත් හිටියා. ගහනවා කියලා මෙහෙමත් ගහනවද බන්. හරියට මහින්ද මහත්තයා අපිට ගහනවා වගේ නේ බං.....
Deletecricket ගැන ලියපු ගොඩක් දේවල් වලට වඩා, සිල්ව මහත්තය ගැන ලිව්ව පොඩි දේ මගෙ හිතේ ලොකු ඉඩක් වෙන් කරගත්තෙ ඇයි
ReplyDeleteබලාගෙන මුළු මෙමරියම රාජසන්තක වෙන්න පුළුවන් ..!
Deleteඅපි සියළු දෙනාම දේශපාළණ සත්වයෝ නිසා....
Deleteහාස්කම් ගැන කිසිවක් නොකියමි.මේ හාස්කම සිදුවන බව කලින් දැන සිටි නිසාවෙනි.එහෙම නොවුනා නම් පුදුමය.....ක්‍රිකට් පට්ටම ආතල් එකකි.කොදෙව්වන් ගේ අතීතය ලෙසටම ලියා තිබේ.ගේල් ගේ ඉනිම සජීවීව නැරඹුවෙමි.මට නම් එය තවමත් සිහිනයකි....
ReplyDeleteහාස්කම සිඳුවන බව නම් මමත් දැන උන්නෙමි....
Deleteඅල්ලපු ගුරා නියමය...
කීර්ති වර්ණකුලසූරිය යනු නම්බර් වන් ගුරෙකි..
හිරුනිකාට අල්ලන්න තිබුනේ ඔහුවය..
එහෙනම් වෙන කතාවක් කියනවාය....
ReplyDeleteගැහුව ගැහිල්ලනම් ලොවෙත් නැත...සුපිරිය!!
කෝම වුනත් මේ දවස්වල හාස්කම් ගැන හැමතැනම කතාව.... :D
ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත....
Deleteඊරිශියාවේ බැහැ! මම ක්‍රිකට් වලට ගොඩක් කැමතියි ඒ අතරින් ලංකාවේ උන් ටික කැපී පේනවා නම් ගොඩක්ම කැමතියි ඒත් මේ යන විදියට පට්ට ඊරිශියාවක් හිතෙන්නේ ගහන උන් ගැන.
ReplyDeleteඅනේ අපේ උන් කවදා ගහයිද ඔය වගේ ගැහිලි?
යථා කාලයේදී -ලඟදීම බං
Deleteඅපේ ක්‍රිඩකයෝ ගහන්නෙ නැති උනාට ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න උන් ගහන ගැහිලි, ගෙල්ට තියා, ගේල්ගේ ආච්චිටවත් ගහන්නට බැරිය...
Deleteමාතලන්, පෝස්ට් එක තරම්ම වටින රිප්ලයි එකක් ඇ
Deleteමාතලන්ට මතකද ඒ කාලේ කොදෙව්වෝ හෙල්මට් දාන්නෙ ම නෑ. හැට් එක දාගෙනත් රිචි රිචඩ්සන් බැට් කරනවා මම දැකලා තියෙනවා....
ReplyDeleteමමත් හිතාගෙන හිටියේ ටී20 පටන් ගත්තෙ ඔස්ටේලියාව කියලා. කොහොම වුනත් ටුවෙන්ටි මැච් කරලියට එන්න කලින් ඔසී වල ටුවෙන්ටි මැච් තිබ්බා. මට මතක හැටියට එක නිතියක් තිබ්බා 50 ගැහුවම පොර අයින් වෙන්න ඕනේ.... කස්ටිය අවුට් වුනොත් විතරක් ආයිම ආවැකි...
ලංකාවේ උන් නැත්තම් හිතේ කහටක් නැතුව චියර් කරන්න පුලුවන් ටීම් වලින් මටත් ඉන්නෙ ඔය කල්ලෝ සෙට් එක තමා.
හාස්කම් ගැන නං කතා කරන්න දෙයක් නෑනේ.... අපිට තියෙන්නෙ හාස්කම් දිහා හාස් හාස් ගගා බලා ඉන්න විතරයි.
හෙල්මට් ආවයින් පස්සේ සමහර උන් හෙල්මට් දැම්මා. ඒත් මම දන්න විදියට සර් විවියන් රිචර්ඩ්ස් නම් කවදාවත් හෙල්මට් දැම්මේ නෑ කියලයි කියන්නේ. මම දැකලත් නෑ.
Deleteගේල් ගහනව නම් ලංකාවෙ උන්ට පට්ටම ආතල්. මොකද අපෙ උන් දන්නව මනුස්සකම තියෙන්නෙ කොදෙව්වන්ගෙ කියල. සමහර විටක අපෙ උන්ගෙත් නැති මනුස්සකමක් උන්ගෙ ටීම් එකෙ උන්ගෙ තියෙනවා..
ReplyDeleteසිරා පෝස්ටුව ඇහ් !
සිරාවට මචෝ කොදෙව්ව්න්ගේ හිත හොඳයි
Deleteමනුස්සකම අතින් නම්, කොදෙව්වන්ටත් එහා නවසීලන්තෙ උන් ඉදිරියෙන් ඉන්නවා. ගොඩක් ටීම් වලත් හොඳ උන් වගේම නස්කූනියොත් ඉන්නවා...
Deleteඔන්න ඔහොම ගහනව නම් මැච් බලන්න හරි හිතෙනවා.
ReplyDeleteදැන් ඕවර් 20 ට ලකුණු 170-180 ක් නැත්නම් බලන්න හිතෙන්නේ නෑ. විස්සයි විස්සෙ පරමාර්ථයත් ඒකයි.
Deleteවිඳින්න පුලුවන් ක්‍රීඩාවක්. රෑවෙනකම් IPL බලලා ඊලඟමාසෙදි විඳවන්නත් පුලුවන් වෙයි වගේ
ReplyDeleteහෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා....
Deleteමොනා උනත් ගේල් ලස්සනට සෙල්ලම් කල බව නම් ඇත්ත.:)
ReplyDeleteඅනිවා කෙල්ලේ.. ඔක්කෝම වගේ ක්‍රිකට් ෂොට් ගැහුවේ. හැබයි පාර සැරයි...
Deleteලිපිය නිකන් මගේ හිතේ තියන ඒවා ලිව්වා වගේ තමා ++++
ReplyDeleteකොදෙව්වො සෙට් එකට අමතරවා , මයික් හසී , ඩිවිලියර්ස් දෝනි වගේ අයගේ නෙලිල්ලත් බලන් ඉන්න ආසයි . ස්ටෙන් උන්නැහෙගේ බෝලත් එහෙමම තමා .
මාලිංගයත් විකට් නැති උනාට, රන්ස් දෙන්නෙත් නෑ....
Deleteඅනිවා. මාලිංග නැති මුම්බායි ඉන්ඩියන්ස් පරිප්පු නැති හෝටලේ වගේ . මාලිංගයි ජොන්සනුයි හිර කරපු නිසා තමයි හරිබජාන්ට ගෙල්කේ විකට් එක ආවෙත්
Deleteහාස්කම් නම් බොහොමයි මේ රටේ. ගේල් මොන ගැහිල්ලක්ද ගැහැව්වේ? අපේ පවිත්‍රා නොනෙ නෙ ගැහැව්වේ. ඔන්න ගැහිලි. දැන් ඒකත් අමතක යි මේ හාස්කම් කෙස් එක නිසා. එහෙනම් තවත් හාස්කමක් වෙන්න කලින් කැපුනා ඈ ...........ගෙදර ලයිට් එකක් නිමන්න අමතක වෙලා ඒක නිමන්න යනවා.
ReplyDeleteඅපි නම්, දවල්ට තියා රෑටවත් ලයිට් දාන්නේ නෑ.. ආසියවේ ආශ්චර්යය විඳිනවා.
Deleteමේ මැච් එක ගැන මම පට්ට විචාරයක් ලියන්න සෙට් වෙන කොට මට මතක් වුනා මම ඕක බැලුවේ නැති බව. ඒත්...
ReplyDeleteඇයි ඔයා ඒත් කිව්වේ?
ඒත් මම කල්පනා කලේ, පොත බලපු නැති වුන් පොතේ පිටකවරේ බලලා අනිත් උන්ගේ විචාර කියවලා පොරි හැලෙන පොත් විචාර පොත් විචාර ලියනවානම්, ෆිල්ම් එක නොබලා , අනිත් උන්ගේ විචාර කියවලා ඇට්ටි හැලෙන්න විචාර ලියනවා නම්, ඇයි මට බැරි කියලා.
ගැහුවා ඕයි මාර ගැහිල්ලක්...
හෙක් හෙක්
Delete:D
Deleteඒ ඉස්සර නේ. දැන් පියෝ ටී වී තියෙනවා ලංකාවෙත්. ඒ නැතත් වේලෙන්නත් කලියෙන් යූ ටියුබ් එකේ බඩු බනිස්...
Delete"ඒත් ඉතින් ඒකට කීර්ති වර්ණකුලසූරිය වගේ ගුරාලාත්, අළුත්කඩේ වගේ දේවාලත් තියෙන්නම ඔනෑය"
ReplyDeleteඅලුත් කඩේ පැත්තේ ඉන්නේ කීර්ති වර්ණකුලසුරිය නෙවි නේද හේමන්ත වර්නකුලසුර්ය නේද. කීර්ති ඉන්නේ දිවයින පත්තරෙනේ.
සමාවෙන්න ඕන.. ඔය නම් දෙක මට එකසිය ගානට ටැපලෙනවා....
Deleteගේල්ට වගේම අපේ උන්ටත් හාස්කමකින් ආචිචි නැත්තං සීයා හෝ වැහේවා...
ReplyDeleteක්‍රිකටර්ස්ලට නැති උනාට පාලක මණ්ඩලේ උන්ට නම් එකසිය ගානට වැහිලා ඉන්නේ. උන් ගහන ගැහිලි.. ළොවෙත් නැති ගැහිලි...
Deleteහාස්කම් තියෙන්නේ ලංකාවේ. ජැමෙයිකානුවා මතකද ටී 20 වර්ල්ඩ් කප් සෙමි ෆයිනල් එක ඉවර වෙලා ලංකාවේ ඕඩියන්ස් එකට සද්දේ දාපු හැටි.. “සමාවෙන්න මේ පාර අපි තමයි කප් එක ගන්නේ කියලා“.
ReplyDeleteවෙස්ට් ඉන්ඩියන්ස වැටිල හිටිය කාලේ ඉවරයි මං හිතන්නේ හැබැයි ටෙස්ට් වන්ඩේ ගැන තාම කියන්න අමාරුයි ටී20 ට. ගේල්, නාරින්, ස්මිත්, බ්‍රාවෝ, සැමුවෙල්ස්,සැමී, සෙට් එක හැදිල ඉන්න විදිය දැක්කම ආයේ ලොවෙත් නැති 20-20 ටීම් එකක් තමා උන්ට ඉන්නේ.. ගේල් බැට් කරනවනං අපි පරාද උනත් ඒ මැච් එක අනිවා බලන්න හිතෙනවා..
මැච් දිනන පරදින එක මොනවා උනත්. ක්‍රිකට් කියන දේ එන්ජෝයි කරන්න පුළුවන් සෙට් එකක් නම් ඉන්නවා..
Deleteවන්ඩේ කෙසේ වෙතත් ටෙස්ට් මැච් වලට නම් තව වැඩිකල් පවතින්න බැරිවේවි. හැබැයි ටෙස්ට් මැච් අද කාලෙට එච්චර ගැලපෙන්නෙත් නෑ. සමහර විට එංගලන්තෙයි, ඕස්ට්‍රේලියාවයි ටෙස්ට් අත අරින එකක් නෑ ඈෂස් හින්දා. ගේල් ගේ ඉනිම නියමයි... හැබැයි මම ඊට වඩා බලන්න ආස පරාද වෙන්න යන තරඟ ගොඩ ගන්න ඉනිමවල්.
ReplyDeleteදැන් තියෙන ගොඩක් මැච් නේල් බයිටින් ෆිනිෂ් තියෙන ඒවා. ක්‍රිකට් කියන්නේ ඒකයි. අනික 180 ක් වත් ගහන්න ඕන. නැත්නම් ඉතින් ටෙස්ට් වලයි මේකෙයි වෙනසකුත් නෑ..
Deleteමොන එහෙකටද හැමදාම ටෙස් කොර කොර ඉන්නේ. ඕක ඉවර නොවෙන ටෙස්ටින් එකක් නෙව... කාලේ ගෙවෙනවා.. එතකොට වෙනස් වෙනවා.. ඕක බුදු බන නෙව...
Deleteහාස්කමකින් විදුලි සැර අඩු වේවා....!!
ReplyDeleteබොහෝ විට එහෙම වෙන්නත් ඉඩ තියෙනවා.
Deleteසුරාජ් හා ඩි සිල්වාගේ ඉනිම, ගේල්ගේ ඉනිමට වඩා වේගවත් කියා ඔබට හිතෙන්නේ නැත්ද මාතලන්!
ReplyDeleteමම උඩ රිප්ලයි වලත් දැම්මා. එහෙම ගැහිල්ලක් නම් ළොවෙත් නෑ. ඔන්න සුරාජ් කාරයා බැඩ්මින්ටන් එකට රිංගලා. ඒකටත් සම්මා සම්බුදු සරණයි...!!!
Delete