.

.

Jan 9, 2014

"දිනමිණ" පත්තරෙත් විනාසයි - End of the "Dinamina" News Paper


ටපලා ටපලා, සෝමවාහිණියේ "මුල් පිටුව" කියවපු සභාපති තුමා, පත්තර මහගෙදරට ගොඩ උනේ, මල පැනලාය. පැනිල්ල කොච්චරද කියනවා නම්, ලේක් හවුස් එකෙන්, මල් පත්තර දහයක් විතර ගහගන්න පුළුවන් සයිස් එකටම, මල, හොඳ එකෙන්ම පැනලා තිබුනේය.

වෙනදාට, කාටුන් වලින් කස්ටියටම කින්ඩියක් දමා, මල් කුමාරයා වාගේ කන්තෝරුවට ගොඩ වෙන සභාපති තුමා, මල පැනලා ඉන්නවා දැකපු ඔක්කෝම උන්, "ගුඩ් මෝනින් සෑර්...." ගෑම පැත්තක තබා, හෙමිහිට මාරුවෙලා ගියේ, ජනාධිපති තුමා මල පැන්න වෙලාවට, ඇමතිලා තම තමන්ගේ ආසනේටම ගිහිල්ලා නවතිනවා වාගේය.

පුටුවට දැනෙන්නම, පුටුවේ දඩාස් ගා ඉඳගත් සභාපති තුමා, සැකට්‍රි නෝනාට කිව්වේ, "අන්න අර ගාමිණි ජයලත්ට එන්න කියනවා...." කියාය. "සෑර්.... ගාමිණි ජයලත්..... කිව්වේ.....???", කියා අහපු සැකට්‍රි නෝනාට, සභාපති තුමා කිව්වේ අර "දිනමිණේ" මහ එකාට එන්න කියනවා කියාය.

මෙළෝ හසරක් නොදන්න දිනමිණ කත්තුරු තුමා කාමරේට ගොඩ උන ගමන්ම, ඈඳී ගන්නවත් නොකියා, සභාපති තුමා ඇහුවේ, "තමුසේ හදන්නේ "රටේ ජාතික පුවත් පත" වහලා දාන්නද ඕයි යන්නේ....???", කියාය.

"ඇයි සෑර්...? අන්තරේ ඒවුන් වත් සෑර්ට තර්ජනයක් දැම්මාද...? මම, ඕන නම් සමාව ඉල්ලලා හෙට හෙඩිම දාන්නම්...." කිව්වේ, "මහපොළ මුදල් අන්තරේ කොල්ල කාලා" කියා, සංසාරේදි වෙන්න බැරි, අතේ රෝලක් හැඩිමට දාපු එක මතක් වෙලාය.

"ඕකුන් 88-89 ත්, ලේඛවුස් එකට ඔහොම තර්ජන බර්ජන කොරලා, කොල කෑලී අරවා මේවා එව්වාට, අපි ගාඩුත් දාගෙන, ඕකුන්ට පොරි හැලෙන්න දුන්නා සෑර්......" කියා කිව්වේ, මල පැනලා තියෙන්නේ එහෙම තුන්ඩු කෑල්ලක් නිසා ලොක්කා බය වෙලා වෙන්න ඇති කියා හිතා ගෙනය.

"ඒ මළදානයක් නෙමෙයි ඕයි...., කවුද පත්තරෙට මේ "හින්ගල බ්ලොග් පිටුවක්" එල්ලනෙයි කිව්ව හරකා...? තමුසෙ දන්නවද අඩු ගානේ බ්ලොග් කියන්නේ මොනවද කියලා....?"

"මම දන්න බොගක් නම් නෑ සෑර්...... මගේ බොග නම් උදේ දලා ආවේ..... මටත් ඕක හරියට කොර ගන්න බැරි උනාම මල නම් පනිනවා තමයි..."

"ඒ බොගග් නෙමෙයි ඕයි... මේ කතා කරන්නේ බ්ලොග් පිටුව ගැන.... තමුසෙ දන්නෙ නැද්ද මොකාද මේක කොරන එකා කියලා...? තමුසෙත් හරියට අපේ අගමැති තුමා වගේනේ.. එයා දන්නෙ නැතුව, සැකට්‍රිලා ලියුම් දෙනවය කියන්නේ..."

"අනේ සෑර්.... ඒක නම් මගේ වැඩක් නෙමෙයි.... අර නලියගේ වැඩක් නේ....."

"කවුද ගාමිණී.... නලියා කියන්නේ.....?"

"අපේ ප්‍රවෘත්ති කත්තුරු තුමා  සෑර්....".

"කවුද නලියා....... මට මතක නෑ ඕයි.. කී දෙනෙක් නම් කියලා මේකේ ඉන්නවද.......?"

"සෑර්...... අර... තට්ටෙට කන්නාඩියක් දාලා........ අත් දිග කලිසන් ෂර්ට් ඇඳලා..... මහින්ද මහත්තයගෙ ලැප් එක කරේ දාගෙන යන පොර......"

"ආ... හරි හරි.. යාන්තම් මතකයි.. මම හිතුවේ සිවුර ඇරපු පොරක් කියලා.. එහෙනම් තමුසෙ ගිහින් ඒ යකාට එන්න කියනවා...."

"තාම ඇවිල්ලද දන්නේ නෑ..... කොච්ච්යේ එන පොරනේ සෑර්.... හැමදාම ලේට් වෙලා ඇවිත්, කොච්චි ඩයිවර්ලගෙ අම්මලට බනිනවා...... ඇත්තද බොරුද කියන්නේ දන්නෙ නම් නෑ..... ඇවිල්ලා උන්නොත් එන්න කියන්නම්...."

ටික වෙලාවකින් සභාපති තුමාගේ සැකට්‍රී නෝනා කිව්වේ, "සෑර්..... නලීන් දිල්රුක්ස කියලා කෙනෙක් ඇවිත් ඉන්නවා, එන්න කියන්නද.....? කියාය..

"ආ එන්න කියන්න..... මමත් මේ ඕකා එනකන් තමා ඉන්නේ...."

"සෑර් මට එන්න කිව්වද..?"

"ඔව් එන්න කිව්වා තමා..... තමුසෙට මොළයක් තියෙනවද ඕයි....?"

"තියෙනවා සෑර්..... හැබයි ඒක අල්මාරියේ දාලා තියෙන්නේ...... ගෙදරදි තමයි පවිච්චි කරන්නේ....., මම හිතන්නේ සෑර් උනත්, මෙහේට එනකොට ඒක අල්මාරියේ දාලා එනවා ඇත්තේ...... පරෙස්සමට...."

"හා...... හා.... ඒවලින් වැඩක් නෑ.... මොකක්ද අයිසේ මේ කොරලා තියෙන්නේ......?"

"ඇයි සෑර්......?"

"මොකක්ද මේ "සින්හල බ්ලොග්" ද මොකක්ද මළදානයක් පටන් අරගෙන තියෙන්නේ..... කවුද ඒක පටන් ගන්න කියලා තමුසෙට කිව්වේ.....? අනික මේ මක්කද මේ බ්ලොග් කියන්නේ....බල්ලෙක්වත් බලන එකක්ද ඕයි..?"

"ආ.... සෑර්.... ඒක නම් මම තමයි පටන් ගත්තේ....., ප්‍රබුද්ධි රණසිංහ තමයි සංස්කරණය.... මේ සෑර්.... අන්තර්ජාලේ තියෙන බ්ලොග් කියන ඒවා ගැන තමයි, ඒකේ දාන්න ඉන්නේ...."

"තමුසෙ දන්නවද.....? ඕවා මුලින් පටන් ගත්ත උන්, අද ලියන්නෙත් නෑ.... සත පහක වැඩක් ඇති දෙයක් නෙමෙයි කියලා....., අනික සමහර ඒවට "හුලා" ගේම දුන්නා......"

"ආ.... එක නිසා වෙන්න ඇති, "හුලාට" කෙල උනේ......?"

"මොකක්ද කිව්වේ.....?"

"නෑ..... මුතු කිව්වේ නෑ සෑර්..... මේ මගේ කට ඇතුලේ මොකක්ද උනා....."

"අනික නිකන් මේ වැදගම්මක් ඇති එකෙක් ඔතන ඉන්නවද.....? මක්කුන්ද මේ නමක් ගමක් නෑ....? ඉවාන් පවූලෂලයි, සොසීලයි, චැප්ද වැප්ද මොකක්ද එකෙකුයි.. අස්වැන්නයි...මක්කුන්ද මේ.....?"

"එයාලා සෑර්..... බ්ලොග් වල කප් ගහපු උන්......, මාත් එහෙම තමයි....., ඒත් ඉතින් මගේ ඒවා එකේ දාන්න බෑ නේ.....?"

"එතකොට මොකක්ද මේ පැම්පස් සින්ඩියක්ද මොකක්ද එක..

"ඒක සෑර් අළුත් වැඩක්....., ඒ කියන්නේ, කැම්පස් එකේ උන්ට, කැම්පස් බිත්තියේ ලියන ඒවා, බ්ලොගක් හදාගෙන ඒකේ ලියන්න පුළුවන්......"

"ඒවා මම දන්නේ නෑ....., තමුසෙගෙ ඔළුව නරක් වෙලාද කොහෙද........, ජාතික පත්තරේකින් මේ ඉන්ටර්නැට් එකේ මල් කඩන උන්ට, දෙකයි පනහේ උන්ට, පිටුවක් වෙන් කොරන්න......." 

"නෑ සෑර්..."

"නෑ සෑර්..... ඔව් සෑර්..... නෙමෙයි ඔයි.... මේවා මේ රට්ටු හිනස්සන වැඩ..... තමුසෙ දරු පවුල් කාරයා හින්දා ගෙදර යවලත් බෑ....., ඒත් ඉතින් මේ වගේ පිස්සෙක් මේකේ තියා ගන්නත් බෑ.....,"

"ඒ උනාට සෑර්.... රටේ උන් කියන්නේ, මේකේ ඉන්නේ ඔක්කෝම පිස්සෝ කියලනේ......?"

"රටේ උන් මක්කා කිව්වත්......, අපේ උන් එහෙම කියන්නේ නෑ නේ......? තමුසෙ වගේ ජෝක් කාරයන්ට හරියන්න, ඉස්සට "හිනා" පත්තරේ ගහපු උන්, ආයෙත් ඒක පටන් ගන්න යනවලු........, මම කියන්නම් කත්තුරු වැඩේටම හරියන පිස්සු ඩයල් එකක් ඉන්නවා......, එවන්නම් කියලා..,. ලබන මාසෙ ඉඳලා ඒකේ වැඩට යනවා....., අදම රැසිග්නේසොන් ලැටර් එක, මගේ සැකට්‍රිට දෙනවා....."

"තෑන්කිව් සෑර්.....,  සමහර උන් නම් කියන්නේ, මේකත් නිකන් "හිනා " පත්තරේ වගේම තමා කියලා..... ඒ නිසා අවුලක් නෑ...."

නිමිත්ත:-

සුළු කාලයක් තුල, බ්ලොග් ළොව ජයගත්, "සමකය වටේ" ලියන අපේ නලියා, දිනමිණ පත්තරේ බ්ලොග් කාරයන්ට පිටුවක් වෙන් කරලා. දැන් ඉතින් සල්ලි දීලා සිකුරාදට ගත්ත "රාවය" පත්තරේට අමතරව, "දිනමිණ"කුත් ගන්නම වෙනවා. පත්තරේ ගත්තේ නැතත්, ජාලෙන්ම බලන්න පුළුවන් මෙතනින් ගියාම.

අළුත් දේවලට බය. ඉතිහාසේ ඔළුව උඩ තියාගෙන, හිස්ටීරියා රෝගයෙන් පෙලෙන ජනතාවක් ජීවත් වෙන රටක., අළුත් දේකට මේ වගේ තැනක් ලබා දෙන එක, ඉතිහාස ගත වෙන වැඩක්. මීට කලිනුත් බ්ලොග් වල ගිය ඒවා පත්තර වල ගියාට, වෙනම් පිටුවක්ම වෙන් කරලා තිබුනේ නෑ. මේක විශාල ඉදිරි පිම්මක්..

උඹට ස්තූතියි මිත්‍රයා...

සුබ අනාගතයක්.....!!!

http://www.dinamina.lk/epaper/?id=16&tday=2014/01/10

149 comments:

  1. Replies
    1. කතාව වදින්න ඕන තැන් වලට වදින්න ,දැනෙන්න ඕන තැන් වලට දැනෙන්න එකෙන්ම දිලා තියෙන්නෙ ..
      නලින් මහතා මේ කල වැඩෙ නිසා වටිනා ලිපි බ්ලොග් වලට එකතු වෙයැයි මගේ පෞද්ගලික මතයයි ....
      නලින් මහතාට අප සැම ගේ උපහාරය හිමි විය යුතුය...

      Delete
    2. ඕනම දෙයකට මුලදි උඩු බුරුලන උන් ඉන්න තත්වයක් උඩ නලින් මහතා මෙ ගත් උත්සහය නිසා බ්ලොග් ලිපි අන්තර්ජාලය පරිහරණය නොකරන සමාන්‍ය මිනිසුන්ට වෙත අනිවාර්යයෙන්ම සිදු වෙවි ..මොකද මේ දැන් පත්තර වල ලිපි ව්ලට වඩා බ්ලොග් ලිපි වලින් ගන්න දෙයක් තියෙනවා ..
      අනාගතේ දී බ්ලොග් ලිපි පමණක් ඇති පත්තරයක් කියවන්නට වසනාවේවා!!!!!!!1

      Delete
    3. මල්ලි ඔය එක කියන එක නවත්තහන් ,,මාත් බැනුම් අහලා දැන් මේ මොකාද වගේ ඉන්නේ :(

      Delete
    4. හරි හරි අයේ නෑ ...මොකටද නිකන් හිත නරක් කර ගන්නෙ ,,,ඔන්න මට අයේ උක්ත ලෙඩෙ නෑ..නිට්ටාවටම හොදයි ..ඒ නිසා බලි තොවිල් අනවශ්‍යයි ..හැක් හැක් ..ඉදගෙනම හොද වුණා හැක් හැක් .... :) :) :)

      Delete
    5. එක බුක් කරලා කොමෙන්ට් එක බඩු බහින්න කලින් දාපු නිසා අවුලක් නෑ.. නැත්නම් ඉතින් මේ... මම එක.. ජක බක ගාන උන්ට මගේ කිසි කැමත්තක් නෑ..

      Delete
  2. උඹට ස්තුතියි මාතලං.. මම ලියන්න ගත්ත එක නවත්තනවා දැම්ම..

    මම මේක කිව්වා..

    බ්ලොග් ලොවට අපූරුම ජයග්‍රහණයක් හා ඉහලම ගෞරවය මේතාක් ලබා දුන්නේ නලින් විසිනුයි. අප ඔහුට කෘතවේදිව ස්තුති කරන්නම ඕන..

    හැබැයි එකක් නලියට බ්ලොග් පිටුවක් නෙමෙයි අර සිව්දෙස වගේ බ්ලොග් පත්තරයක්ම ගහන්න වෙනවා ඒක සිකුරුයි..

    මෙහෙම අයිඩියා එකක් තියෙනවා. අපි දිනමින කතෘ මන්ඩලයට අධ්‍යකෂ මන්ඩලයට හා සභාපතිට මේ ගැන ප්‍රසාදය පළ කරලා ඊමේල් කැම්පේන් එකක් කරමුද??

    ReplyDelete
    Replies
    1. අපි දිනමින කතෘ මන්ඩලයට අධ්‍යකෂ මන්ඩලයට හා සභාපතිට මේ ගැන ප්‍රසාදය පළ කරලා ඊමේල් කැම්පේන් එකක් කරමුද??.///////////
      ගොඩක් වටින වැඩක් එක කරමු ....

      Delete
    2. එල පොදු ආකෘතියක් හැදුවා නම් හරි. ඊට පස්සේ ඒක යවන්න පුලුවන්

      Delete
    3. හොඳ යෝජනාවක්.. මගේ එකනම් දැනටම ගිහින් ඇත්තේ...

      Delete
  3. අම්මෝ දැන් ලංකාවේ හැම තැනකම ප්‍රසිද්ධ වෙන්ට පුලුවන්වෙයිනේ. කට්ටියට අලුතෙන් පෑන් ටිකක් ගන්ට වෙයි සමරු පොත් අත්සන් කරන්ට. :D

    හොඳ වැඩක් නලීන්. සුබ පතනවා හදවතින්ම!!!

    ReplyDelete
    Replies
    1. මට තියෙන බය, ඉතුරු කෙස් ටිකත් කෙල්ලෝ ඇවිත් ගලව ගනීද කියලා..

      Delete
  4. නලින් වැඩේ නම් වටිනවා. පත්තර වලින් බ්ලොග් වලට තල්ලුවක් දිය යුතුයි. මොකද මේක තමයි අනාගත මාධ්‍ය. අපි ආඩම්බර වෙන්න ඕනෙ මේ සිංහල බ්ලොග් පිළිබඳව. බ්ලොග් කලාව වෙනුවෙන් මාතලන් නලින් බොහොම ලොකු මෙහෙයක් කරනවා. ඒ වගේම මේකෙ අකුරු කොටන ඕනෙම කෙනෙක්ට මගේ විශාල ගෞරවයක් තිබෙනවා. ඔබ සියල්ලන් මේ කරන්නේ අනාගතයේ දියුණු වෙන වැඩකට අඩිතාලම් දැමීම. ජය!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වෙද මහත්තයා.. මමත් මෙකේ මක්කා හෝ ලියන එකෙකුට හරිම ආදරෙයි.. ඒකනේ සංසාරෙදි එකඟ නොවෙන උන් එක්කත් කොමෙන්ට් එකක් දාලා මරාගන්නේ.. එහෙම කරන්නේ උන් දිගටම තියාගන්න..

      Delete
  5. බ්ලොග් නොබලන, නොදන්න බොහෝ දෙනෙක් මේ කාර්යය නිසා බ්ලොග් ලෝකෙට එකතුවෙයි කියලයි මට හිතෙන්නෙ. මොකද මාත් පත්තරේකින් දැනගෙන මෙතනට ආපු කෙනෙක් නිසා.

    නලින් අයිය කරපු මේ වැඩේට සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. නලියා මීට අමතරවත් විශාල සේවයක් කරන කෙනෙක්..

      Delete
  6. නලින් අයියා ආයෙමත් සුබ පතනවා.මේක නම් හරිම අපුරු වැඩක් බව නිසැකයි.කොහොම වුණත් මමත් බයේ හිටියේ දිනමිණ ගන්න වේවිද කියලා.යන්තම් ඕනේ නැහැ ජාලෙන්ම දැන් එකත් බලන්න බැරිය.

    ReplyDelete
    Replies
    1. සල්ලි දීලා පත්තරයක් ගනින්.. සල්ලි වගේද ළිපියක් හෙම තිබුනොත්..

      Delete
  7. "සෑර්...... අර... තට්ටෙට කන්නාඩියක් දාලා........///

    ඒ පවු හලෝ නලීන් අයියා.. හි හි...

    නලීන් අයියා බ්ලොග් එක ලියන්න පටං ගත්ත කාලෙම මේ වැඩේ ගැනත් කතා කළා මට මතකයි... ඇත්තටම නියමයි.. හි හි....

    ReplyDelete
    Replies
    1. මනාව බූ ගෑ තට්ටය + කණ්නාඩි කුට්ටම = හැන්ඩිත්වයේ ප්‍රතිමූර්තිය

      Delete
    2. හෙහ් හෙහ් .... හැන්ඩිත්වයේ ප්‍රතිමූර්ති තවත් සිටීද?

      Delete
    3. හැන්ඩි නම් මන්දා ..මාත් තට්ටේ ගෑවා....ලේසියි පහසුයි ...

      Delete
    4. මතකද දවසක් අපි රෑ නිදිමරාගෙන මාරයාගේ බ්ලොග් එකේ වළියක් ගියා ලින්ක් එක දැමීම සම්බන්ධව ...? අන්න එදාත් ඔය ගැන කතා කරා අපි .... ලින්ක් එක දාන්න කකා ..pls ...

      Delete
    5. ඇයි කාකා තුමාගේ සෙස්සි තට්ටේ :D

      Delete
    6. සෙක්සි තට්ට ගෙඩියක් සාදා ගන්නා අන්දම - Bald and Beutiful
      http://kathandara.blogspot.com/2013/04/how-to-cut-your-hair-sexy-to-attract.html

      Delete
    7. මේ තරම් සුළු කාළයකින් කළ සේවය බොහොම විශාලයි..

      Delete
    8. තට්ටෙත් හැම එකාටම ලස්සන නෑ.. හැබයි අපේ තට්ටයෝ දෙන්නට නම් නියමෙට ගැලපෙනවා..

      මටත් බාන්න දෙයක් නෑ.. ළඟදීම ඉතුරු ටිකත් යයි වගේ..

      Delete
    9. කාකා තුමා ටිකක් මහත නිසා තට්ටේ ලස්සනයි , ඒත් නලින් මහත්මයට නම් කැතයි..වයසත් පේනවා..

      Delete
    10. හෑ...තට්ටෙ ලස්සනයි කියන්නෙ තට්ටෙ හින්දා කකා ලස්සනයි කියන එකනෙ...දැන් ඉතින් හැන්ඩි කකා අයියා කීයටවත් ආයෙ කොන්ඩෙ වවන්නෙ නෑ..... කොලර් එක උස්සගෙනම ඇති......ආයෙ Sure... අම්මපා...දෙයියම්ම්පා...

      Delete
  8. "දිනමිණ" පත්තරෙත් විනාසයි - End of the "Dinamina" News Paper"

    බොහොම පරණ news එකක්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් මං හිතන්නේ හැටේ දශකයේදී. ඒ කාලේ දී තමයි ලේහවුසිය ආණ්ඩුවට ගත්තේ. එදා ඉඳලා දිනමිණ තමයි රජයේ ගැසට්ටුව.

      Delete
    2. ඒ උනාට ඉතින් අනිත් පත්තර වලට වඩා විනයක් ඇතුව තවමත් පවත්වා ගෙන යනවා.. ඒක ළොකු දෙයක්..

      මේක රජයේ ගැසට් එක වෙච්චි.. ඒක එක්ක ගැසට් එකත් බෙදන එක තමයි නියම ජෝක් එක..

      Delete
  9. //අළුත් දේකට මේ වගේ තනක් ලබා දෙන එක ඉතිහාස ගත වෙන වැඩක්//

    බ්ලොග් ලෝකෙට කිරි ඉතිරේවා!!! :) :D

    නලීන් අයියා අපිට ඉන්න ලොකුම ශක්තියක් :)

    ReplyDelete
    Replies
    1. උඹේ බ්ලොග් එකේ දාපු ලිපියේ පුරුද්ද මෙතනට ඇවිත් වගේ. වචන පරිස්සමින්

      Delete
    2. මම අතින් දැම්ම එකක්යැ දැං වෙනස් කරල තිබ්බට :D

      Delete
    3. ශක්තිය ගැන නම් එතරම් විස්වාශයක් නෑ.. එදා වැල්ලවත්ත බීච් එකේ හුළං පාරකටත් විසි වෙලා ගියා...

      Delete
  10. //"තියෙනවා සෑර්..... හැබයි ඒක අල්මාරියේ දාලා තියෙන්නේ...... ගෙදරදි තමයි පවිච්චි කරන්නේ....., මම හිතන්නේ සෑර් උනත්, මෙහේට එනකොට ඒක අල්මාරියේ දාලා එනවා ඇත්තේ...... පරෙස්සමට...."/// මේක නම් ඇත්ත කියලා එයාම මට කිවා ...

    හි හි අපේ තට්ට පත්තර කාරයගේ වැඩේට මගෙනුත් මල් මිටක් ... මේ පෝස්ට් එක තවත් ශක්තියක් වේවි....මාතලන් තුමාගේ පෝස්ට් එකක් රජුට කියවන්න ලැබුනොත් දිනමිණ පිටුව නෙමේ බ්ලොගේත් ඉවලයි ඉදගෙන :)

    ReplyDelete
    Replies
    1. නලින් මොලේ ගෙදර තියලා එන්නේ කෝච්චියේ දී බ්ලොග් කියවන්න තියෙන නිසයි.

      Delete
    2. යකෝ ඒ යකා අපිත් එක්ක කියන එවා මෙහෙම පොරසිද්දියේ කියන්න එපා... ඉඳගෙන..

      Delete
  11. හොද වැඩක් නලින් අයියා ..මේ පොස්ට් එක දකිනකන් මේ ගැන හාන්කවිසියක් දැනගෙන උන්නේ නැහැ ..ස්තුතියි මාතලන් ...

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් සෙල්ලම් බෑ.. වේලෙන්න කලිත් පත්තරේ වැටෙනවා..

      Delete
  12. මාතලන් අයියගේ ලිපිය නම් පට්ට..! :D
    //සෑර්...... අර... තට්ටෙට කන්නාඩියක් දාලා........// :D :D

    ඒ වගේම නලීන් අයියගේ මේ වැඩෙන් බ්ලොග් ලෝකෙට ලැබුණෙ ලොකු තල්ලුවක්... දැන් බ්ලොග් කියවන්නෝ වගේම ලියන්නොත් වැඩි වෙයි.. බොහොම වටිනා දෙයක්... :)

    ReplyDelete
    Replies
    1. මටත් ඕන කියවන උන්ට වඩා ලියන උන් වැඩිවෙන එකයි..

      Delete
  13. ඇත්තටම අගය කල යුතු වැඩක්. බ්ලොග් ගැන උනන්දුවක් නැති අයත් උනන්දුවෙයි කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. පත්තරේ නම වැටෙනවට කව්ද අකමැති.. ඒ වගේම බ්ලොග් එකක කොමෙන්ට් එනවට කව්ද අකමැති..

      Delete
  14. හොද වැඩක් නලින් අයියා ..මේ පොස්ට් එක දකිනකන් මේ ගැන හාන්කවිසියක් දැනගෙන උන්නේ නැහැ ..ස්තුතියි මාතලන් ...

    ReplyDelete
  15. KO APE CHOO, PADA, JEE JOKKU GENA LIYANA KAKKA THUMA THAMA NATHTHE

    ReplyDelete
    Replies
    1. පිස්සොත් දැක ඇත,
      මෙවැනි එකෙක් දැක නැත...!

      Delete
  16. මේක නම් ලෙසටම දීලා. ලගදීම මල් කුමාරයා ඕක නවත්තනවා.

    //අපි දිනමින කතෘ මන්ඩලයට අධ්‍යකෂ මන්ඩලයට හා සභාපතිට මේ ගැන ප්‍රසාදය පළ කරලා ඊමේල් කැම්පේන් එකක් කරමුද??//

    ඔන්න මේ වැඩේට උඩින්ම අත ඉස්සුවා එහෙනම්

    ReplyDelete
    Replies
    1. යවපල්ලා ඉතින් තවත් පරක්කු නොවී...

      Delete
  17. නලින් අයියේ ජයවේවා

    ReplyDelete
    Replies
    1. තාම ඡන්දේ ඉල්ලුවෙ නෑ...

      Delete
  18. ඔය වැඩේ හොදයි...
    කොතෙක් කලක් කෙරෙයිද සැකයි...
    නලියට මැලේ වල එතනෝල් කොම්පැනියක ..
    රැකියාවක් දැනටමත් සුදානම්...

    ReplyDelete
    Replies
    1. හපොයි එහෙනම් වැඩි කලක් ඉන්න එකක් නෑ..මූ එතනෝල් පෙරේතයා.. මම වගේමයි..

      Delete
  19. අවංකවම මාතලන් ගේ ලිපිය සුපිරිය.

    නලින්ට ස්තුති කිරීමට මා ද එක් වෙමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කතා.. සක්විතිගෙ කොමෙන්ට් එකක් ගොඩක් වටිනවා..

      Delete
  20. සයිබරේ එකෙක් හොද වැඩක් කොරාම මඩ ගහල හරියන්නේ නැහැ බොලව්..තව මඩ ගහන්න ඕනෙ..හි හි..මොනව වුනත් නලින් අයියට ජය වේවා..

    ReplyDelete
    Replies
    1. මඩත් එක්ක මල් පොඩ්ඩකුත් බාල්දියට දැම්මා.. බොක්කක්නේ..

      Delete
  21. මුලින්ම බ්ලොග් ලිපි පලවුනේ ඉරිදා ලක්බිමේ චානුක වත්තේගම ගේ මෙහෙයවීමෙන්. ඒ සති පහක පමණ කාලයේදී බ්ලොග් ගැන හුඟ දෙනෙක් දැන ගත්තා.

    ඉන් සමහරු (ඉන්දික උපශාන්ත වැනි) බ්ලොග් ලිවීමටත් පෙළඹුනා.

    මෙවරත් එසේම වේවා..!

    ReplyDelete
    Replies
    1. මාත් ඒක බලල තමයි බ්ලොග් ගැන දැනගත්තෙ.

      Delete
    2. ඒ දේවල් දිගටම නොවෙන එකයි වරද.. අනික ඔය කොච්චර බයිලා ගැහුවත්.. ඉන්ගිරිසි බ්ලොග් ගැන කතා කලත්, බ්ලොග් කලාව හඳුනන එකෙක්වත් නෑ..

      Delete
  22. තවත් කරුණු දෙකක්.
    1. සන්ඩේ ටයිම්ස් එකේත් එක ලිපියක් ගියා බ්ලොග් ගැන. සිංහල බ්ලොග් සහ කාලිංග ගැන එහි තිබුනා.

    2. ගිය වසරේ අග සිට බ්ලොග් ගැන ලියන බව තරුණයා නම් සඟරාමය පත්තරෙන් කියා තිබුනා. ඒවා දැක්ක කෙනෙක් ඉන්නවාද?

    ReplyDelete
    Replies
    1. පහුගිය අවුරුද්දෙ ඉඳන් නෙමෙයි අයිසෙ. 2012 අවුරුද්දෙ ඉඳන් බ්ලොග්, තරුණයා එකේ ගියා. හැබැයි ඒ කාළෙ ඉඳන් ලියපු වැදගම්මක් ඇති එව්ව විතරයි.

      ඒ වගේම චානුකත් හොඳ බ්ලොග් ටිකක් ලක්බිමට දැම්ම. මව්බිමත් මේ වැඩේට අර අදින සෙයක් හැඟේ..

      Delete
    2. අතීතය වැඩක් නෑ කකා.. අනාගතයයි වැදගත්..

      Delete
    3. මාතලන්, අපේ ගොනා අපිට හොඳා...නැද්ද මචෝ?

      Delete
  23. මේ වැඩෙන් සිංහලෙන් හොඳ ලිපි අන්තර්ජාලයේ පලවීම වැඩි වේවි. නලින් අය්යාගේ මෙහෙවරට සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. හොඳ කියන්නේ සාපේක්ෂ දෙයක්..

      Delete
  24. //"තමුසේ හදන්නේ "රටේ ජාතික පුවත් පත" වහලා දාන්නද ඕයි යන්නේ..."// නෑ පොලොස් කොට්ටෝරුවෝ දැන් තමයි පත්තරේ මිනිස්සු කියන එවුන් බලන්නේ ...

    නලියා ගැන කියන්න වචන නැත...මමත් ජීවිතේ පලවෙනි වතාවට දිනමිණ පත්තරයක් සල්ලි දීලාම ගත්තෙමිය. මොන ආන්ඩුව තිබ්බත් දිනමිණ හෝ සිළුමිණ කවදාවත් නොගත්තෙමිය... එත් දැන් හැම සිකුරාදාම ගමිය. ඒ මේ බ්ලොග් පිටුව කියවන්නටය.

    රාජ්‍ය ආයතන නගා සිටුවන්වානම් නලියලා වගේ අලුතෙන් හිතන අලුත් මිනිස්සුනට වැඩ කරන්නට ඉඩ දිය යුතුය. එවිට මේ වගේ පෙරලි සිද්ධ වෙනවා ඇත.

    නලින්ට ජය වේවා...නලින් වෙනුවෙන් අගනා පොස්ටුවක් පලකල මාතලන්ට ද ජයම වේවා.

    ReplyDelete
    Replies
    1. //මමත් ජීවිතේ පලවෙනි වතාවට දිනමිණ පත්තරයක් සල්ලි දීලාම ගත්තෙමිය//

      මමත් නලීන් අයියගෙ බ්ලොගේදි කිව්වෙත් දිනමිණක් දැකපු කාලයක් මතක නෑ කියල ඉවාන්. මටත් ඔය පිටුව බලන්න හිතුනා වැඩේ යන්නෙ කොහොමද කියල බලන්න. නිකම් මොනිටරේට මූන දික්කරන් ඉන්නවට වැඩිය පත්තරයක් අතටම අරන් බලන්න ඕන කියල තමා මගෙත් අදහස.

      Delete
    2. ඇත්තටම පත්තරේ බැලුවාම තමයි නියම ගතිය තියෙන්නේ DDT

      Delete
    3. මටත් තියෙනා දුක ඒකමය.. ලේක් හවුස් එකෙන් මෙහෙම එකෙක් හම්බ වෙච්ච එක ඉබ්බාගෙන තටු ගන්නවාටත් වඩා පුදුම සහගත එකක්ය.. අළුතෙන් හිතනා උන්ට තැනක් නොමැතිවීම මේ රටේ ඇති කනගාටුදායම තත්වයය..

      Delete
  25. ඇත්තටම වැඩේ හොඳයි. අපි කවුරුත් නලීන් අයියට ස්තූති කරන්න ඕන ඒ වගේ තැනක මෙහෙම වැඩක් කරන්න මුල් වුනු එකට.

    ඒ වගේම මාතලන් මේ ලිවිල්ලත් සුපිරි, නිකම්ම නිවුස් එක දෙනවට වඩා.

    ReplyDelete
    Replies
    1. කෙලින්ම ගහනවට වඩා වටෙන් ගහන එකේ ආතල එකක් තියෙනවාය..

      Delete
  26. දිනමිණ නම් ගන්නෙම නෑ.. ඒත් මේ නලින් අයියගෙ වැඩේ නිසා සතියකට එක සැරයක් වත් බලන්න වෙනවා... හොද වැඩක්.. සුබපැතුම් මගෙනුත්..

    මාතලන් අයියගෙ ඒ ගැන ලියල තියෙන විදියත් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. මහ ළොකු ගානකුත් නෙමෙයිනේ.. ඕන් ඔහේ සිකුරාදට එකක් ගමු..

      Delete
  27. naleen අයියා ඉතිහාස ගත වෙනවා සිකුරුයි.. fb එකේ කිව්වා වගේ මට මේ යැකා මේ වගේ දෙයක් කළා කිව්වම ළඟ උන්නා නම් පෙරලාගෙන කොස් කිරනවා..
    :D

    naleen අයියා සදා වැජබේවා.. !

    දැන් අපිට කොටලා එපා වෙයි බ්ලොගේ නෙහ්

    ReplyDelete
    Replies
    1. නලීන් අයියා සමලිංගිකයකු නොවන බව මා හා පවසා සිටින ලදි..

      Delete
  28. මේ මිනිස්සුන්ට පිං දීලා හිටියනං තමා හොඳ...........

    1909 දෙසැම්බර් 17 වැනිදා (සිකුරාදා) සුබ නැකතින් එළිදැක්වුණු ‘දිනමිණ’ පුවත්පත ප්‍රකට බුද්ධිමතකු වූ එච්. එස්. පෙරේරා මහතාගේ කර්තෘත්වයෙන් ආරම්භ කැරිණි.

    එහි හිමිකරුද ඔහුම වූ අතර කොළඹ පිටකොටුවේ පළමුවැනි හරස් වීදියේ ලංකාභිනව විශ්‍රැත යන්ත්‍රාලයේ එය මුද්‍රණය කරන ලදී. එම යන්ත්‍රාලය රොබට් බටුවන්තුඩාව මහතාට අයත් එකකි. ප්‍රථම පත්‍රයේ මිල ශත 3කි. මේ රට නිදහස් අරගලයේදී සිංහල භාෂාව පරිහරණය කරන ජනතාවට සිය අදහස් ප්‍රකාශ කිරීම සඳහා වූ එකම දිනපතා පුවත්පත ලෙස දිනමිණ ආරම්භ කළ අතර එය එදා සිට අද දක්වා කලින්කළට ඇතිවූ සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික විපර්යාසවලට අභීතව මුහුණදෙමින් ජනතාවගේ දැනුම පෝෂණය කිරීමට උරදුන්නේය.

    1914 දෙසැම්බර් 11 වැනිදා දිනමිණ ආරම්භක කර්තෘ සහ හිමිකරු වූ එච්. එස්. පෙරේරා මහතාගේ අභාවය සිදුවූ අතර ඒ වනවිට මෙරට නිදහස් අරගලයේ සුවිශේෂි මෙහෙවරක් සිදුකරමින් සිටි ඩී. ආර්. විජයවර්ධන මහතා දිනමිණ මිලට ගෙන එය පෝෂණය කරමින් පත්‍රයට නව මුහුණුවරක් ගෙනදුන්නේය.

    පසුව ඩී. ආර්. විජයවර්ධන මහතා විසින් ලේක් හවුස් මන්දිරය ඉදිකරවා “දිනමිණ” ප්‍රධාන කොට අනෙකුත් ඉංගී‍්‍රසි සහ සිංහල පුවත්පත්ද මුද්‍රණය කිරීම ආරම්භ කෙළේය. දිනමිණ නිසාම මෙරට ජනතාව ලේක් හවුස් ආයතනයට “දිනමිණ” කන්තෝරුව යන නමින් හැඳින්වීමට පුරුදු වූහ.

    “දිනමිණ” යන මිණිකැටයක්වන් අනර්ඝ නොමියෙන නාමය තබන ලද්දේ එවකට රටේ සිටි උගත් පඬිරුවනක් වූ විද්‍යාලංකාර පරිවෙනාධිපති රත්මලානේ ධර්මාරාම හිමියෝය. දිනමිණ පුවත්පත පවත්වාගෙන යාමට එදා 1909 වර්ෂයේ සිටම මෙරට උගත් ජාතික වීරවරයකු වූ සර් ඩී. බී. ජයතිලක මහතා, ආරම්භක හිමිකරු සහ කර්තෘ එච්. එස්. පෙරේරා මහතාටත් පසුව ඩී. ආර්. විජයවර්ධන මහතාටත් නොමද සහායක් දෙනලදී.

    මෙරට නිදහස් අරගලයේ දැවැන්ත අවියක් සේ ප්‍රතාපවත් ලෙසින් වැජඹෙමින් පාඨක ජනතාව දැනුම්වත් කළ දිනමිණ විවිධ අවධි පසුකරමින් පෙරගමනේම ගමන් කළේය.

    ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වූ මානුෂීය මෙහෙයුම සමයේ දී හමුදාව ජයග්‍රාහී මාවතේ ගමන් කරවමින් දිනමිණ ඉදිරියෙන්ම ගමන් කෙළේය.

    මෙරට සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික වශයෙන් වූ හැම පෙරළියකටම දිනමිණ දායකත්වය දැක්වූ අතර ජනතාවට ජයග්‍රහණය ලබාදීම දිනමිණේ අරමුණ විය.

    ReplyDelete
    Replies
    1. මෙය දෑමූ හිතවතිය කවුදැයි මම දනිමි. එහෙත් අනන්‍යතාව හෙළි නොකරමි. කෙසේ වෙතත් මේ මතක් කීරීමට ස්තුතියි. එය යුතුකමකි.

      Delete
    2. ඔව් නලින් ඇය ........ මටත් එනවා අදහසක්. ඔබට ස්තුතියි. ඒ වටිනා විස්තරයට.

      Delete
    3. මට දන්න තරමින් ඉතිහාසෙත් ලියන්න හිතුනා එහෙනම් මේක තව දිග වෙනවා.. එහෙම වෙලාවක මේ වගේ කොමෙන්ට් එකක්.. මල් මසුරන්.. කවුරු දැම්මත්.. මම හිතුවේ නලියම දැම්මා කියලා..

      Delete
  29. සුපිරි ලිපිය මාතලන්.

    නලීන්ට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ.. උඹටත් ජයම වේවා...!!!

      Delete
  30. ජය වේවා!!!

    ReplyDelete
  31. හොද වැඩක්.... තව එකෙක් දෙන්නෙක් හරි සෙට් වෙනවා කියන්නේ තව ගොන් ආතල් ටිකක් ගන්න පුළුවන් කියන එක ජයවේවා!!!!! :D

    ReplyDelete
    Replies
    1. තෝ කිව්වොත් කියන්නේ මේ වගේ බලු කතාවක්.... යකෝ මිනිහෙක් මොකක් හරි කරද්දී පුළුවන් සහයෝගයක් දීපන් උදැල්ල නොදා...

      Delete
    2. ඔය ඉතින් මම කිව්ව කතාව ඔයා එළිපිටම ඔප්පු කරල නේ සෑර්.....:D

      Delete
    3. මක්කා හරි කතා වෙනවනම්, ඒක තමා වටින්නේ..

      Delete
  32. මන් හිතුවෙ මඩක් කියල, බලද්දි මඩේ පිපුන නෙළුම් මලක්නෙ දීල තියෙන්නෙ :D

    ReplyDelete
    Replies
    1. අපි එහෙම මඩම විතරක් ගහන මිනිස්සු නෙමෙයි.. මඩ වලට සැන්ට් එහෙම දාලා ගහන්නේ..

      Delete
  33. අපේ නලින් අයියාගේ කටේ හැම වෙලාවෙම තියෙන්නේ. මේක තමයි හෙට දවසේ අනාගතය. නිදහස් සිතුවිලි එන තැන. මම හිතන්නේ ඒ ගමනේ වැදගත් පියවරක් මේක

    ReplyDelete
    Replies
    1. ඌට හොඳ ඉවක් තියෙන කෙනෙක්.. අනික් ප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියෝ ලැජ්ජා වෙන්න ඕන පැරා කියනවා වගේ..

      Delete
  34. හිහ් හී.......................නලියෝ, පරණ පිස්තෝලයක් දෙන්නද මාතලන්ට මග රැකලා ඉඳලා ඇම්බුෂ් එකක් දෙන්න?

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ.. බුලටුත් අර ජනාධිපති උත්තමාචාරෙට ගහන පුස් වෙඩි වගේ ඒවා නම්...

      Delete
  35. හොඳ වැඩක්... දැන් ඉතින් ලියන දෙයක් අක්සර වින්යාසේ බලල වියාකරණ වලට අනුව ලියන්න වෙයි.... :D

    ReplyDelete
    Replies
    1. මගේ ඒවනම් පත්තරේ දැම්මා නොදැම්මා.. මට ඕන විදියට තමයි මම නම් ලියන්නේ..

      Delete
  36. මාතලන් අයියගේ ලිපියත් මල් හතයි. නලින් අයියා කරපු වැඩෙත් මල් හතයි. ජයවේවා.


    ගල්පාත

    ReplyDelete
    Replies
    1. මල් හතයි කිව්වේ මොන මල්ද දන්නෙ නෑ...

      Delete
  37. සමකය වටේ ...ට මමත් කිව්ව මේක සංධිස්ථානයක් වේවි කියල.

    මං හිතුවෙ අටම ...සැමාව අරෙහේ අම්බ්‍රෙල්ලා ඩස්ට් කරල වගේ...මාතලං ...නලියටත් කියල.....හැක...හැක..!

    ReplyDelete
    Replies
    1. දිගටම ගෙනියන එක තමයි ඊළඟ අභියෝගය..

      Delete
  38. කතා කරලා වැඩක් නෑ නලින් අයියාගේ උත්සාහය නම් නියමයි. ඒක මේ විදියට කියපු එකත් ඒ වගේම නියමයි

    ReplyDelete
    Replies
    1. මෙහෙම නොකියා, වෙන කොහොම කියන්නෙයි...

      Delete
  39. නලීන්........දිග හැරගෙන කියවන පත්තර කලාවේ මා දුටු විශිෂ්ට අත්හදා බැලීමක්. මට මතක ඉතිහාසය තුළ දිනමිණ සහ සිළුමිණ කල මෙහෙවර අමතක කල නොහැක (මම මෑත ඉතිහාසය ගැන කතා නොකරමි ). මේ අත් හදා බැලීම සැබෑවක් ලෙසින්ම සදාකල් රැඳේවා කියා පතමි. ඒ සඳහා නලීන්ටත්, ප්‍රබුද්ධිටත් ධෛර්ය්‍ය සහ ශක්තිය ලැබේවා!! මෙය පවත්වාගෙනයාමට මුල් පුටුවල ඉන්න උදවියගෙන් ආශිර්වාදය මිස උදැල්ල නොවැටේවා කියාද පතමි.

    @ මාතා........මම හිතුවා ගාමිණි ජයලත් ගම කාලා..අපිටත් වාඩිවෙලා කන්න ආරාධනා කරන සයිස් එකේ වැඩක් තමයි උඹ අද ලියන්න පටන් ගත්තේ කියලා. නියම ලියවිල්ල මාතලන්..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නෑ අරූ එහෙම වෙයි කියලා.. ඕකේ දෙශපාළණේ ලියන්න ගියොත් නේ වන වෙන්නේ..

      Delete
  40. නියමයි...
    දිගටම කරගෙන යමු මේ වැඩේ...
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මොන වැඩේද..? මඩ ගහන එකද..? :)

      Delete
  41. දවසේ රසවත්ම විග්‍රහය... මාතලන් ගෙන්.

    ඇත්තටම මේ අවකාශයේ ලියන කියන අයට ඔවුන්ගේ හැකියාවන් ඉදිරියට ගන්න නලීන් කරපු මහඟු කර්ත්‍යයක්. ඔහු මාධ්‍යවේදියෙක් හැටියට අලුත් පරපුරක් වෙනුවෙන් තිබුණ අදහස ඔහු සේවය කරන පුවත්පතේ සම්පූර්ණ පිටුවකට වෙන් කිරිමට තරම් කළ කැප කිරිම අගය කළ යුත්තක්.

    වැඩේ කියන්නේ පටන් ගන්නකොටම මාවත් අහුවෙලා. ඒ කොහොම වුණත් බ්ලොග් අවකාශයේ සිංලෙන් ලියන සහෘදයන් සියලුම දෙනාට එයින් ප්‍රයෝජනයක් ගන්න වරම් ලැබේවා.....

    ස්තූතියි නලීන්ටත් ඔහු දිරිගැනු වූ මාතලන්ටත්

    ReplyDelete
    Replies
    1. නලීන් කියන්නේ සුළු කාළයක් තුල විශාල සේවයක් කරපු අවංක නිහතමානී මනුස්සයෙක්..

      Delete
  42. මාතා රෙදි ගලෝලනේ !! චැහ්

    ලියවිල්ල නං රසවින්දා බොස් .. සැපයි !!!

    අන්තිමට දිනමින නවත්තලා මේ පිටුව විතරක් ගහයිද බොල ????????

    නලින් බොස් .. හොඳ වැඩක් !! ඩබල් එකේ යං !!

    ReplyDelete
    Replies
    1. පිටුව පත්තරක් වෙන එක තමයි මගේ නම් හීනය...

      Delete
  43. නලියාට කෙල නො‍වේවා

    ReplyDelete
    Replies
    1. මේක සුභ පැතුමක්ද...? අනතුරු ඇඟවීමක්ද....?

      ඇයි බන් උඹලා ඔච්චර බය..

      Delete
  44. අන්න වැඩ! උඹට මතකද දන්නේ නෑ නලියා මම ඉස්සර කීපවතාවක් මේ ඉල්ලීම උඹෙන් කලා.

    ReplyDelete
    Replies
    1. පළමු යෝජනාව ඔබේ.. ඒක ඉටු කරන්න කල් යල් බලන්න උණා මට. ස්තුතියි මචෝ

      Delete
    2. මමත් මේ ආවේ ඒක කියන්න ඩූඩේ.. උඹ තමා මේ අදහස මුලින්ම ගෙනාවෙ, මගේ මතකය නිවැරදිනම්..

      Delete
    3. මොකක් නමුත් හොඳ යෝජනාවක්..

      Delete
  45. සුබ පැතුම් සහ ජය වේවා

    ReplyDelete
  46. නලීන් අයියගේ වැඩේ අපිත් මුලු හදවතින්ම අගය කරනවා... මේ ලිපිය නලීන් අයියට තවත් ලොකු ශක්තියක් වෙයි...

    ReplyDelete
    Replies
    1. මේකෙන් හරි ශක්තිමත් වෙනවා නම් ලොකු දෙයක්.. හුළං පාරකටත් විසි වෙන සයිස්..

      Delete
  47. මාතලන් අයියා ..කියන්න ඕන ටික සුපිරියටම කියල තියෙනවා...නලින් අයියාට ජයෙන් ජයම වේවා...

    ReplyDelete
    Replies
    1. අපි ලිව්වොත් ඉතින් ලිව්වාමය..

      Delete
  48. ඈ මචන් අර නලියාවත් ගෙදර යවන්නද උඹ මේ හදන්නේ. අනිවා ප්‍රේමකුමාරයා මේක දැක්කොත් දෙකක් නෑ මූව ගෙදර යවනවා.
    අගයකලයුතුම දෙයක්. තෑන්ක්ස් උඹටත් මේක ලියලා නලියට සපෝට් කල එකට.

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචෝ.. වැඩේ බැලන්ස් කරගෙන ගමන යන්න, නලියා හොඳ දස්සයා..

      Delete
  49. මෙච්චර හොද දෙයක් කරන්න හදන මනුස්සයටනේ ඉතින් මේ මාතලන්ලා තලන්න හදන්නෙම.. නලීන් අයියට ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඌව දැක්කම තලන්න තියා හයියෙන් හුස්ම ගන්නවත් බයයි..

      Delete
  50. නලියා උඹ කලේ ඉතිහාසගත වෙන වැඩක් ... !!

    ජය වේවා.. !!

    ReplyDelete
    Replies
    1. හින්ගල් ඉතිහාස් පොතේ රන් අකුරින් ලිය උනා..

      Delete
  51. මාතලන්තුමා නලින් අයියගෙ රෙදි ගැලෙව්වට අන්තිමට තිබුනටත් වඩා රෙදි අන්දවලා.හොද වැඩක් නලින් අයියේ...දිගටම කරන් යන්න..ජයවේවා...සුභ වේවා....!!!

    ReplyDelete
    Replies
    1. අපි එහෙම කැත වැඩ කරන්නේ නෑ.. ඒ යකා කොහෙමෙයි හෙළුවෙන් පාරේ යන්නේ..

      Delete
  52. බ්ලොග් යනු අනාගත ජනමාධ්‍ය භාවිතාව බව සැක නැත.නමුත් තවමත් සිංහල බ්ලොග් අවකාශය යනු නොගැනිය හැකි තරමේ සුළුතරයකි.එයිනුත් බහුතරය ලංකාවෙන් පිට ජීවත් වන අනේවාසිකයන්ය.ඒ නිසාම ලංකාව තුල බ්ලොග්කරණය ජනප්‍රිය කිරීමෙහිලා මෙවැනි මෙහෙවරක් ඉතාම වටිනා බව නොකිවමනාය.නමුත් ආරම්භය හා සසඳා බැලීමේදී අද බ්ලොග්කරණයේ ප්‍රමාණාත්මක වර්ධනයක් මිස ගුණාත්මක වර්ධනයක් නම් දැකිය නොහැක.බ්ලොග්කරණය සහ ෆේස් බුක් භාවිතය අතර වෙනස හඳුනා ගත නොහැකි වූ තරුණ බ්ලොග් කරුවන් පිරිසක් ,සාමාන්‍ය සමාජය තුල තමුන්ට අහිමි ඉටිකිරිස් ලපටි කෑල්ලක් සෙට් කර ගැනීම සඳහා බ්ලොගක් අටවා ගෙන කුණුහරුප ලියන නාකි හුචක්කු ටිකක් සහ වෙනත් විවිධ පරමාර්ථයන් බ්ලොග් තුලින් ඉටුකර ගැනීමට බලන බහුතරයක් අතර සිය රසවින්දනය සඳහා බ්ලොග් ලියන කියවන්නෙකුට පිරියෙන් කියවිය හැකි බ්ලොග් අතලොස්සකි.උදාහරණ ලෙස ටැබූ සබ්ජෙක්ට්ස් තරම් පළල් විෂය දැනුමක් සහිතව විවිධ විෂයන් ගැන බ්ලොග්කරණයෙහි යෙදුනු බ්ලොග්කරුවෙකු අදවේද ?රසවත් වින්දනාත්මක අත්දැකීම් අපුරුවට අකුරු කල හිස් අහස ,කෙහෙල් කොරටුව වැනි බ්ලොග් සටහන් වලට අලගු තබන්නටවත් හැකි බ්ලොග් අඩවියක් පසුගිය කාලය තුල බිහිවීද ?බ්ලොග් අවකාශය වැනි අසංවිදිත ව්‍යුහයක් තුල බ්ලොග් කරුවෝ එති යති, ස්වභාවය එයයි.එහෙත් කට කහන දුමියා බ්ලොග් ලිවිල්ල නවතද්දී අලුතෙන් ලියන එකා සිංහල වාක්‍යයක් ගලපා ගන්නට බැරි බඩුවක් සෙට් කර ගැනීමට බ්ලොගක් ලියන්නෙකි.
    .
    එනිසාම මේ දිනමිණ ප්‍රයත්නය තුලින් බ්ලොක් අවකාශයට දස දහසක් දෙනා නාවාට කම් නැත.බ්ලොග් සියයක් අලුතෙන් බිහි නොවුනාටද කම් නැත.එක ටැබූ කෙනෙකු ,එක සඳරු කෙනෙකු,එක සමනල විප්ලවය වැනි නවකතාවක් බිහිකරන්නට මේ පියවර ඉවහල් වේ නම් ඒ හොඳටම ප්‍රමාණවත්ය!

    ReplyDelete
    Replies
    1. මේ ඕනෑම ක්ෂේස්ත්‍රයක් තුල පවත්නා පරම්පරාවෙන් පරම්පරාවට පැවත් එන සම්ප්‍රදායික තර්කයකි. බ්ලොග් ක්ෂේස්ත්‍රයේ පමණක් නොව, සිනමාව, සංගීතය, පුවත් පත් කළාව, නවකතාව, කවිය හා එකී නොකී සියළුම ස්ථානවල පවතින පුහු තර්කයකි. මිනිසා සෑමදා එකම දෙයකට හුරුව උන්නානම්, දෙපයින් සිටගන්නේද නැත. තවමත් අත්තෙන් අත්තට පැන යන වඳුරෙක්, රිලවෙක් හෝ මොකෙක් හෝ වානර මිනිසෙක් විය හැක. දුරකථනයක් වාහනයක් තියාගෙන ආඩම්බරෙන් උන්න මිනිසුන්ට අද ගමේ තත්වයක් නැත. පොල් කඩන් එකාටත්, අද මොටෝ බයිසිකලයක් හා සැෆෝන් එකක් ඇත. දියුණුව කියන්නේ එයයි.

      බ්ලොග් අවකාශය කිසි කෙනෙකුට අයිති නැත. බ්ලොග් යනු කුමක්දැයි තේරුම් නොගැනීම මේ සියල්ලටම හේතුවයි. සඳන් කළ සියළුම බ්ලොග් කරුවරුවන්ට වඩා ගුණාත්මක බ්ලොග් ඕනෑ තරම් ඇත. ඒවා නම් කිරීම මගේ යුතුකම නොවේ. මා ජීවත් වන්නේ අතීතයේ නොවේ. වර්ථමානයේය. එසේ ජීවත් වූවා නම් මට ජීවත් වන්නට සිඳු වන්නේ ගල් ගුහාවකය. කරුණාසේන ජයලත්ගේ පොත් වලට එදා කියුවේත් ඔය කතාවමය. අද පාසල් විශය ධාරාවටත් ඒවා පැමින ඇත. මේ මෑතකදි ප්‍රසිද්ධ පුද්ගලයෙක් කියා තිබුනේ අන්තර්ජාලයේ කවි ලියන අය දැක්කාම එයාට දුක සිතෙනවා කියාය. මට දුක හිතෙන්නේ ඒ යකාට අන්තර්ජාලයේ මක්කා හෝ ලියා ගන්න බැරි එකටය.

      Delete
  53. නලීන්ගේ වැඩත් මාතලන් ගේ ලිපියත් දෙකම ඉස්තරම්....ස්තූතියි..

    ReplyDelete
  54. නලීන් ලොක්කා බ්ලොග් කෙරුවාවට ආපු කෙටිකාලය තුල බ්ලොග් කෙරුවාවට කරපු සේවය ගැන රසවත් ලිපියකින් ඉදිරිපත් කල මාතලන් ලොක්කට මෙන්න පහක්.

    ReplyDelete
    Replies
    1. පහක් මොකක්ද......? මේන් මගෙන් දහයක්ම....

      Delete
  55. හොඳ වැඩක් වගේම අලුත් වැඩක්. නලින් අයියා කල සේවය වෙනුවෙන් මේ පෝස්ටුව පළ කල මාතලන්ටත් තුති.

    ReplyDelete
  56. මේ කරපු වැඩේ ඇත්තටම හොදයි අපි වගේ පොඩි මිනිස්සුන්ටත් අදහස් දක්වන්න තැනක් තියෙන්න ඕනි මේ බ්ලොග් ගැන මිනිස්සු දැනගෙන බ්ලොග් තව තවත් ජනප්‍රිය වුනොත් පත්තර ටික විකුණගන්න බැරිවෙනවා එක නීසා තමයි මේ හැමදේම වැරදියට පෙන්නේ..

    ReplyDelete
  57. නලීන් මාමට ජය වේවා...!
    බ්ලොග් අවකාශෙට මල් වේවා...!

    ReplyDelete
  58. වැඩේ නං එළය. නැගලා යයි කියා හිතෙන්නේය.
    ඒත් ලොකු මාමත් බල්න්ට පුරුදු වී ආසාවෙං කියෝන ඒ වටත් කෙලවෙයි ද කියා බයය

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න