.

.

May 15, 2014

බුදුන් සිව් වන වර ලක්දිවට වැඩම කිරීම - The Vesak Post



චන්න හිටියේ, ප්‍රොපෙසර් ආරියරත්න ඇතුගලගේ "මළසමයම" නාට්ටිය රීහසල් කරන ගමන්, මේවා ඉතින් රාජ සභාවේ පෙන්නන නාට්ටි නිසා, බොහෝම කැපවීමෙන් කරන්න ඕන දේවල්. කොටින්ම කියනවනම් රාජකාරි නොවෑ. මීට කලින් හදාපු "මහාසමයම" අතිසාර්ථකව දර්ශණ වාර දාහකට වඩා, මුළු රටේම පෙන්නුවා.

මහාසමයමේ වගේම, මළසමයමෙත් මේන් කැරක්ටර් එක ජැකා. හරියට ඒ කාලේ ගාමිණි පොන්සෙකා වගේ. මේකේ ජැකා කරන්නේ, මළයකාගේ කැරක්ටර් එක. ඒක කොහොමත් ජැකාට කඩු ගිලිනවා වගේ ලේසියි. මොකෝ සාමාන්‍ය ජීවීතයෙත් ජැකා මේ කැරක්ටරේ සාර්ථකව කරන නිසා.

රීහසල් බලන්න විශේෂ අමුත්තෙක් ඇවිත් ඉන්නවා කිව්වාම තමයි, චන්න පොඩ්ඩක් ඒ ගැන හොයලා බැලුවේ. බැලුවාම ඒ ඇවිත් ඉන්නේ "ගගන් මලීක්". අර "සිරි ගෞතම සිද්ධාර්ථ" එකේ ප්‍රධාන නළුවා. චන්න හිතුවේ එහම. ඒ උනාට මේ අමුත්තගෙ, ඊට වඩා බොහෝම ශාන්ත දාන්ත ගතියක්, බැලූ බැල්මට පේනවා.

ඉතින් කොහොමද ගගන්, ඔයාට සිංහල පුළුවන් නම්, මේකේ පොඩි කැරක්ටර් එකකට ගන්න තිබුනා. මොකෝ ප්‍රධාන චරිතේ ජැකා හිටියොත් විතරයි, රැඟුම් පාළක මණ්ඩලයෙන් අනුමත් වෙන්නෙයි, මහජන බැංකුවේ ලෝන් එක පාස් වෙන්නෙයි.

ගගන්, ඒකට බොහෝම උපේක්ෂා සහගතව හිනා උනා.

චන්න මම ගගන් නෙමෙයි. මම තමයි ගෞතම සිද්ධාර්ථ. ඇයි ඔබට මතක නැතිද?

අනේ විහිළු නම් කරන්න එපා. ඒවට ඉතින් වෙනම සෙට් එකක් ඉන්නවනේ. ඔය බන්දුලා ටෙනීලා වගේ අය. ජයලත් මනෝරත්නත් කරනවා. ඒත් ඒවා තේරෙන්නේ සුළු පිරිසකට. අපි නම් දැන් කරන්නේ මේ වගේ දැවන්ත නිර්මාණ විතරයි. කොටින්ම රාජකීය නිර්මාණයන්ම පමණයි.

විහිළුවක් නෙවෙයි චන්න. මම ගෞතම සිද්ධාර්ථ.

ඒ කොහොමද එහෙම වෙන්නේ ඔබ වහන්සේ නිවන් පුරේ වැඩියනේ.

ඇත්ත චන්න ඇත්ත.

ඒත් අර මාතලන් උපාසකගෙන් බේරෙන්න විදියක් නෑ. හැමදාම ඇවිත්, නිවන් පුරේ රුවන් දොරටුවට තට්ටු කරන්වා. එයාව ඇතුලට ගන්න බෑනේ.

ඒ මොකටද ඒ යකා එහේ යන්නේ?

අපොයි එයා මට හරියට දොස් කියනවා. මේ තරම් ප්‍රශ්ණ තියෙද්දි ඔබ වහන්සේ මොනවද නිවන් පුරේට වෙලා කරන්නේ කියලා. හැමදාම කියන්නේ බුද්ධාගම බේරලා දෙන්න කියලා. ඇත්තටම ඡන්න එහෙම විනාශයක් වෙලාද තියෙන්නේ?

මොන පිස්සුද බුදු හාමුදුරුවනේ, එහෙම වෙන්නේ කොහොමෙයි? දැන් අපේ රට දැය සමය ආරක්ෂා කරගෙන, රජකම් කරන්නේ, ඔබ වහන්සෙගේ ඥාතියෙක්ම නොවැ.

එහෙම කිව්වේ ජැකා.

මේ කව්ද ඡන්න මේ?

ආ මේ තමයි ජැකා.

මොකා?

මොකා නෙමෙයි හිමියනේ, එයාගේ නම ජැකා.

බුදු හාමුදුරුවෝ ආයෙත් සැරයක් කට කොනකින් හිනා උනා.

ඡන්න මම ඔබ සොයාගෙන ආවේ, මට මේ රට පුරා පොඩ්ඩක් සැරි සරලා බලන්න ඕන මේ පැමිණිලි ගැන.

ඉතින් පින්වත්නි, ඡන්න අශ්ව කරත්තයක් ලෑස්ති කරන්න හැදුවත්, ඒක වෙඩින් කපල් එකකට හනිමූන් යන්න ගෙනිහින් තිබුන නිසා. දෙන්නත් එක්ක පයින්ම යන්න තීරණය කරා. බුදු හාමුදුරුවන්ට බොහෝම සන්තෝසයි හැම හන්දියකම බුදු හාමුදුරුවෝ.

ඔන්න් එක පාරටම, දෙදරන ලව්ස්කීපරේකින් බොහිදින් බෙග් උපාසක, බුද්ධං සරණං ගඡ්ඡාමී...ගඡ්චා.........මී කියලා මර හූ තිබ්බා. බුදු හාමුදුරුවෝ ඇත්තටම බය උනා. අංගුලිමාලයා කඩුවකුත් උස්සගෙන බුද්ධ නවතින්න නවතින්න එනවා කියනවා වගෙයි උන්නාන්සෙට හිතුනේ.

උන් වහන්සෙට ලොකු කලකිරීමක් ඇති උනා. එතනින් පොඩ්ඩක් එහාට ගියාම, උන් වහන්සේ දෙසු සද්ධර්මය, කන් අඩි පුපුරන්න දාලා පිටකොටුවේ බෝධියේ.

මනුස්සයෙකුට නිවි සැනසිල්ලේ ඉන්න බෑ නේ ඡන්න මේ ශබ්දයට. පුදුම කන් කරච්චලයක් නේ.

දැන් ඉස්ටයිල් එක එහෙම තමයි භාග්යවතුන් වහන්ස. නැත්නම් ඇඟට දැනෙන්නේ නෑ. අනික අපේ උන් සින්දුවක් ඇහුවත් තනියෙන් අහන්න තරම් ආත්මාර්ථකාමී නෑ. ඒක ගමටම ඇහෙන්න සලස්වනවා.

ඒ උනාට ඡන්න ලෙඩෙකුට, පොඩි දරුවකුට නිදාගන්න විදියක් නෑ නේ. ශිල්ප සතර හදාරන දරුවෙක් කොහොමද සිත් එක් තැන් කරගෙන පාඩමක් කර ගන්නේ.

බුදු හාමුදුරුවෝ තවත් කළකිරුනා. ඊට පස්සේ ගෝල්ෆේස් එක පැත්තේ යනකොට බුදු හාමුදුරුවෝ ඡන්නගෙන් ඇහුවා.

ඡන්න මේ ශ්‍රී ලංකා භූමියම නේද? කියලා.

එසේය ස්වාමිනි. මේ ඒ උතුම් වූ ශ්‍රී ලංකාවමයි.

නෑ මට පොඩි සැකයක් ඇති උනා. මේ සව්දි අරාබියවද්ද කියලා ඒකයි මම එහෙම ඇහුවේ.

ආ... බුදු  හිමියනේ, ඒ අපේ බුස්ලිම් සහෝදර ජනතාව. එයාලට දැන් තමයි නියම ලෙස ධර්මය අවබොධ වෙලා තියෙන්නේ. ඒ නිසා එයාලා ලෝගූවල බැහැලා, හිජාබ්වල බැහැලා. ඔක්කෝම වහගෙන ඉන්නේ.

ඒක මිසක්... මම හිතුවා මේ ඉස්ලාම් රටක් කියලා. ඇෆගනිස්ථානේ පකිස්ථානේ වගේ කියලා. ඒවත් කලින් බෞද්ධ රටවල්නේ ඡන්න.

ඊට පස්සේ බුදු හාමුදුරුවෝ වැඩියේ සිරස වෙසක් කලාපේ පැත්තට.

මොකෝ ඡන්න මේ... මේ තරම් සෙනගක්.?

ආ.... ඒ ඔබ වහන්සෙකේ කේෂ ධාතු ප්‍රදර්ශණය කරනවනේ.

මුඩු මහණෙකුට කොහෙන්ද ඡන්න කේෂ ධාතු?

ඒ බවක් නම් මම දන්නේ නෑ ස්වාමිනි. හාමුදුරුවරු කියන්නේ මේ දෙව්රම් වෙහෙර කියල. අග්‍රස්‍රාවක හිමිවරුන්ගෙයි, තවත් අරහත් හිමිවරු සත් නමකගෙයි, ධාතුත් තියෙනවය කියන්නේ.

කොහේ තීලද ඡන්න, ඒවා මෙයාලට හම්බ වෙලා තියෙන්නේ. ඉතිහාස පොතකවත් එහෙම නෑ නේද?

ඒ ගැන නම් කියන්න දන්නේ නෑ ස්වාමිනි. හැබයි හොඳ ගානක් නම් හම්බ කර ගන්නවා කට්ටියම.

එතකොට ඒ මුදලට මොකක්ද කරන්නේ ඡන්න දුප්පත් අසරණ අයට බෙදා දෙනවද?

ඒ ඉස්සර ස්වාමිනී. දැන් දුප්පත් අසරණ අයගෙන් අරගෙන පොහොසත් අය හොඳට කනවා. මොකෝ පොහොසත් අය පින් කරලා නේ පොහොසත් වෙලා තියෙන්නේ. ඉතින් අර පව්කාර දුප්පත් අයත්, තියෙන තඹ සතෙත් මේ පොහොසත් අය වෙනුවෙන් දන් දීලා. ලබන ආත්මේ පොහොසත් වෙන්න කියලා, දෝත් මුදුන් දීලා වඳිනවා.

එතකොට මේ මාතලන් උපාසක උන්නෑහේ කියන්නේ, සාසනේ නමින් එක එක සංවිධාන හදාගෙන, බුද්ධාගම වළඳනවය කියලා.

අපෝ ඒ යකා කට ඇරියොත් කියන්නේ බොරු නේ ස්වාමිනි. සාසනේ රකින්න නම් රට රැකෙන්න එපාය. ඒ නිසා, අපේ ඔය එක එක සංවිධාන වලින් කරන පෙලහර පෑම් වලට රාජ්ය අනුමැතිය පවා තියෙනවා. ඒවා සමාගම් පනත යටතේ රජයේ ලියා පදිංචීවූ සංගම්. ඒ විතරක්ය ස්වාමිනි, මහා නායක හිමි වරුත් ඒ දේවල් අනුමත කරලා තියෙන්නේ.

එතකොට මේ සමන්ත්භද්‍රද කව්ද නිවන් දැකලලු. රහත් වෙන්න සැටිෆිකට් කෝස් තියෙනවලු.

සමන්තභද්‍ර හිමි නිවන් දැකලද කියන්න හරියටම බෑ මොකෝ තාම ප්‍රාතිහාර්යය පෑවේ නැති නිසා. ඒත් වටරැක හාමුදුරුවෝ නම් බලෙන් නිවන් දක්කන්න ගිහිල්ලා ප්‍රාදේශීය සභාව වටේ ප්‍රාතිහාර්ය පාලා නම් පෙන්නුවා. එදා ඉඳලා උන් වහන්සේ රහත් වෙලා කියලා තමයි හැමෝම කියන්නේ නම්. අද බුදු හාමුදුරුවනේ සැටිපිකට් එකක් නැත්නම් කිසිම දෙයක් පිලිගන්නේ නෑ, ඉන්ටවිව් එකක උනත්. ළඟදීම තැපෑලෙන් නිවන් පාඨමාලාවක් හඳුන්වා දුන්නත් ඔබ වහන්සේ කලබල වෙන්න එපා.

මේ කොහෙද ඡන්න මේ උදවිය අපිව ඇදගෙන යන්නේ?

ඒ.... මේ දන්සැල් කන්න එක්ක යනවා. කන්නේ නැත්නම් බලෙන් හරි කවනවා. ඒ තරම් අපේ අය කුසලට ලැදියි ස්වාමිනි.

මේවා පිරිසිඳුද ඡන්න? මොනවා කතා කරනවද ස්වාමිනි. පී එච් අයිල් ලගෙ සැටිපිකේට් එක නැත්නම් දන්සැලක් දෙනවා බොරු. අනික උලමගෙන් හලාල් සහතිකෙත් අරගෙන තියෙන්නේ.

අනේ පින්වත්නි ඉතින් අපේ බුදු රජානන් වහන්සෙයි, ඡන්නයි මේ බලෙන් දෙන දැන්සැලකින් වළඳනවා. වැඩි දුරක් යන්න වෙන්නේ නෑ. දෙන්නගෙම බඩ ගොර ගොර ගානවා. චන්න බුදු හාමුදුරුවොත් එක්කම නවලෝකේට ගොඩවෙනවා.

මම මේ රටට තුන් වරක් වැඩියත්, මේ රටේ අයට දහම් දෙසුවේ නැත්තෙ, මේ දේ මෙහේ වෙන බව මම දැකපු නිසා. ඒත් අශෝක රජ්ජුරුවෝ මිහිඳු හිමියන් අතේ බුද්ධාගම එව්වට, ඒක වැළඳගෙන ඉන්නේ මම අර මහියංගනයෙන් එලවපු යක්කු. යක්කුන්ට පුළුවන්ද ඡන්න බුද්ධාගම අදහන්න. වෙනත් රටවල බුද්ධාගම නැති කලේ වෙනත් ආගමිකයින්. මේ රටේ නම් ඒක කරන්නේ ගරුතර සංඝරත්නයමයි.

මෙහෙම දෙසපු බුදු රජානන් වහන්සේ, ආයෙත් නිවන් පුරටම වැඩියා. ඡන්න තවමත් නවළෝකේ. බඩ යනවා නවතින්නේ නැතිව.

132 comments:

  1. // වටරැක හාමුදුරුවෝ නම් බලෙන් නිවන් දක්කන්න ගිහිල්ලා ප්‍රාදේශීය සභාව වටේ ප්‍රාතිහාර්ය පාලා නම් පෙන්නුවා. එදා ඉඳලා උන් වහන්සේ රහත් වෙලා කියලා තමයි හැමෝම කියන්නේ//

    අැත්තටම රහත් උලමෙක් වෙලාද??


    ඔ්ල්කට් මහත්තයා එන්න කලින් තිබ්බේ වෙසක් පෝය, තෙමගුල සිහිකිරීම, දැං තියන්නේ වෙසක් සැනකෙලිය, වෙසක් සැණකෙලියකින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ....

    ප්‍රීති වෙසක්!!!!

    ReplyDelete
    Replies
    1. දැන් මචෝ එක එක චැනල් වලින් මේක මළ විකාරයක් කරලා තියෙන්නේ. කුඩු ගේන උන් ධාතු ඔලුව උඩ තියාගෙන යන කොට මට පුකෙන් හිනා යනවා.

      Delete
    2. තට්ටයො ඔක්කොටම පිස්සු.හරියට පිස්සන් කොටුවෙ එක එකා මරාගන්නව වගෙ.උන් භාවනා කරල පිස්සු හදාගෙන

      Delete
  2. ජැකා මේක දැක්කනං බෙල්ලේ වැල් දාගන්නවා මචෝ...

    ReplyDelete
    Replies
    1. හපොයි. එහෙමනම් පෙන්නන්න එපා මචෝ... මක්කා කොලත් මම ඌට පට්ට ආදරෙයි..

      Delete
    2. මේ වෙන දේවල් ජැකාල කරන්නෙ නොදැනුවත්ව නෙමෙයි නලියො.ඒ නිසා මේ සැප අතෑරලා වැල බෙල්ලට ආවත් උං දා ගන්නෙ නැහැ

      Delete
    3. ඒ බෙල්ලේ වැල දාගන්නේ ඉස්සර ජැකා , දැන් ජැකා නම් කරන්නේ මාතලන් උපාසක තෙමේ සුදු වෑන් එකකින් නිවන් වඩ්ඩවන එක මහා රජාට කියලා

      Delete
    4. අපෝ අපෝ මරා එල්ලුනත් ජැකා බෙල්ලේ වැල දාගන්න වැඩේ නම් වෙන්නේ නැහැ.

      Delete
  3. ඇයි නවලෝකේ ගියේ අපි නං යන්නේ ලංකා හොස්පිටල්!

    බුදු සාදු විකාල බෝජනා කළාද මන්දා? සමහර විට එදා චුන්ද සූකර දානෙන් පාඩමක් ඉගෙන ගෙන තියෙන හින්දා චන්නට කන්න ඇරලා නිකං ඉන්න ඇති.

    ReplyDelete
    Replies
    1. @ කාකා ජී,

      //අපි නං යන්නේ ලංකා හොස්පිටල්!//

      ඒකේ බ්‍රාන්ච් එකක් ඔසී වලත් තියෙනවාද අප්පා......???????

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. ඕ යේස් ..

      කකා .. පියතුමා ගැන මතකය අලුත් වෙලා හිත රිදුනනම් සමා වෙන්ඩ..

      දාන්ඩ කකා ලින්ක් එක අර මොකද්ද ඉස්පිරිතාලෙ ඉද්දි " ඔයා පාං කන්නෙ මස් හොදිද පරිප්පුද කියල තීරණය කරපු මුදලාලිගෙ"
      ලින්ක් එක මරස් ගාල..!!!

      Delete
    3. නවළෝකේ නේ ළඟම තියෙන්නේ. ඇපලෝ එකට යන කොට ලෙඩා මැරිලා ඉවරයි. ට්‍රැෆික් ලයිට් එකසිය පනහක් විතර පහු කර ගෙන යන්න එපාය.

      මම හිතන්නෙත් බුදු හාමුදුරුවන්ගේ බඩ ගොර ගොර ගාන්න ඇත්තෙ, බඩ ගින්නට වෙන්න ඇති. ඇයි ඉතින් සූකර දානේ වළඳලා නේ නිවන් දකින්න උනේ.

      Delete
    4. ලිපිය නම් හොදයි .. එත් මේ කමෙන්ට් එකට නම් මම කැමැති නෑ ..
      "මම හිතන්නෙත් බුදු හාමුදුරුවන්ගේ බඩ ගොර ගොර ගාන්න ඇත්තෙ, බඩ ගින්නට වෙන්න ඇති. ඇයි ඉතින් සූකර දානේ වළඳලා නේ නිවන් දකින්න උනේ."

      Delete
  4. ඇත්තෙන්ම කියවා රස වින්දා..

    ReplyDelete
  5. චන්නට කොත්තමල්ලි වතුර ටිකක් දීලා බලන්න.

    ReplyDelete
    Replies
    1. KOTHTHA MALLI WATHURATA PUKA BURUL WELA, JEE, PADA YANNA GANNAWA CHOOTH YAI

      Delete
    2. සාමාන්‍යයෙන් ප්‍රමාණය ගැන සඳහනක් කලොත්. අර හැලප උන්නැහේ වගේ..

      Delete
  6. හි හි ෂෝයි අනේ

    ReplyDelete
    Replies
    1. @ අපූර්වි දීදී,

      ඡන්නට වෙච්චි සන්තෑසිය වෙන්ටැ!!!!!!!!

      හික්z!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. මොකක්ද අනේ... බඩ යන එකද....?

      Delete
  7. අල්ලාහු අක්බර්..
    චන්න කිව්වේ විජේවර්ධන නෙවී මයෙ හිතේ...
    දීලා තියෙන්නේ ඇට්ටි හැලෙන්නම....

    ReplyDelete
    Replies
    1. එයා තමයි වෙන කොහෙන්ද චන්නලා...

      Delete
  8. ඔය ගෞතම සිද්ධාර්ථ තුමාව වැඩිය එහෙ මෙහෙ ගෙනියන්න එපා. බලසේනාවට හරි බලකායට හරි අහුවුනොත් දෙවෙනි පාරටත් නිවන් දකින්න ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්... මොකෝ ඉන්දියාවේ කෙනෙක් නේ...

      Delete
  9. ගල් කාලක් අමුවෙන්ම ගහපං මචෝ,බඩයන එක ගලගැහුව වගේ නවතිනවා.අත්දුටුවයි සත්තයි.ඕ යේස්.

    ReplyDelete
    Replies
    1. @ හැලප සහබ්,

      රු.20ක කෂියා අරන් වතුර ලීටර් එකහමාරක් මික්ස් කරලා දුන්නා නම්, ඔය ප්‍රශ්නේ සදහටම නවතීවි මයෙ හිතේ......!!!!

      හික්z!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. මාතෙ ගල් කාල අපි වගේ අහිංසකයෙකුට දීල කොන්ඩ කැවුමක් අනිත් අතට හරෝල ගිලපං ..
      වෙඩි වගේ වැඩ !!!

      Delete
    3. ආයේ අහලා... ප්‍රත්‍යක්ෂ ඖෂදේ... අනික් වෙද්දුන්ගේ බෙහෙතුත් නරකම නෑ.. මම හිතුවේ මහ වෙදනා විතරයි කියලා, වෙදෙකුට ඉන්නේ..

      Delete
  10. මම හිතන්නේ පව් සිද්ද වෙන්නේ නෑ මෙහෙම ලිව්වට.

    මාතලන් කියන්නේ ත්‍රී වීල් කාරයෙක්ද කොහෙද. මම දැක්කා ත්‍රී වීල් එක්ක ගහලා තියෙනවා

    "විරසක් වූ ලක් දෙරණට යලි වදින්න බුදු හිමියනි"

    ReplyDelete
    Replies
    1. මෙන්න සුදීක බොස් මගෙන් පහක් !!

      මේ පාර ආපු වෙලේ ටවුන් එකේ ඉද්දි වීල් එකක් තියනවා

      " බත බාලා - හොද්ද ලිපේ "

      කියල ගහලා.. මට මංඥං උනා ..බලද්දි දන්න එකෙක්..මොකද්ද යකෝ මේ ගහලා තියෙන්නෙ කියල ඇහුවම ඌ කියනවා ..

      " අපි හදිස්සියෙන් හදිස්සියෙන් වාහන අස්සෙන් රිංගල යන උන් නේ මචං ලු.ඒකලු ගැහුවේ " !!! :D

      හැබැයි මට ඒකෙ පොඩි ක්‍රියේටිව් ගතියක් දැනුනා..උගේ තියරිය හරි.. ඕක දැක්කම මිනිහෙකුට බනින්න හිතෙන් නෑනෙ රිංගන්න ආවට . හැක් .

      Delete
    2. BBS දැක්කා නම් හෙම, ගිනි තියනවා වීල් එක. ආයේ දෙකක් නෑ ඕන්...

      Delete
  11. හැමට වාසනාවන්ත සිරි සුභ වෙසක් මංගල්ලයක් වේවා.මගේ බ්ලොග් එක පැත්තේත් ගොඩවැදිල යන්න එන්න

    ReplyDelete
    Replies
    1. ආවා... ඒකේ මුකුත් නෑ නේ...

      Delete
  12. ඇත්තටම බුදු හාමුදුරුවෝ දැන් වැඩියානම් ඔය වගේ දෙයක් වෙයි.
    දැන් ඔතන ඡන්න කියන්නේ කවුද ? :)

    ReplyDelete
    Replies
    1. චන්න කියන්නෙ සිද්ධාර්තගෙ සමරිසි පාට්නර්නෙ අනේ. කකානම් දන්නව ඔන්න.

      Delete
    2. @ ඇනෝ ජී,

      හෙලා දකිමි!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. ඇනෝ මචං
      අබ කාපු මිනිහගෙ මොලේ දනවා !!!! ඔ යේස් .

      Delete
    4. ඡන්න කියන්නේ බුදු හාමුදුරුවන්ගේ මාතලී..

      Delete
    5. ඒක ලොකු පාපයක් ,මහ ජරාවැඩක්.ඒ වගෙ එකෙකුටද උබල පෙරලි පෙරලි වදින්නෙ

      Delete
  13. අනේ මන්දා කෝම කමෙන්ට් එකක් දාන්න ද කියලා.. අර ජැකාටයි සෝමේ මාමාටයි ආන්නද අංකල්ටයි කිපූ ටික නම් පංකාදු 60හුටාමාරයි.. අර අග්‍රදායිකා විසාකා උපාසිකාව ගේ ලංකා ජන්මය බලන්න තමයි වඩින්න අමතක වෙලා තියෙන්නෙ ඕං

    ReplyDelete
    Replies
    1. දාපු කොමෙන්ට් එක ඉහටත් උඩින් ඇති..

      Delete
  14. මේක නම් සුපිරියි. :D

    ReplyDelete
    Replies
    1. ඔහේගේ කවියත් ඉස්තරම් ඕං ඈ...

      Delete
  15. //මුඩු මහණෙකුට කොහෙන්ද ඡන්න කේෂ ධාතු?//

    බ. අ. සි

    උඹ කියන්න වගේ මේකනං වල්ල පට්ට!!

    ReplyDelete
    Replies
    1. තව ටික දවසකින් මුන් වඳින්නේ මොකටද කියලා හිතා ගන්න බෑ බං...

      Delete
    2. අනේ පලයං ඉන්දික.. දැං උඹේ කේශ ධාතුව තියෙන්නේ ඔලුවේ විතරද? :)

      Delete
    3. //දැං උඹේ කේශ ධාතුව තියෙන්නේ ඔලුවේ විතරද?//

      මමත් මේ මාතලන්ගෙන් අහන්න හදපු එක ඉන්දික අහලා තියෙන්නේ.එහෙනම් එකට තිසරගේ උත්තරේ තමයි හරි යන්නේ..:D

      Delete
    4. ඒවට කියන්නේ මයිල් කියලා නේද...?

      Delete
    5. හංසයා,

      හිනා ගියෙ ඒ හින්ද නෙමේ බං, හැම බුදු පිළිමෙකම කොන්ඩෙ තීනවනෙ ඉන්න බුද්ධගෙ. අනික තපස්සු භල්ලුකට බුදුන්ම කොන්ඩෙ ගලෝල දුන්න කියනවනෙ. ඒ කියන්නෙ මේකට fake බුද්ධෙක් හම්බුවෙලා තීන්නෙ. අන්න ඒක්යි. ඔය ටික මුලිම්ම කිව්වනං හැම එකටම වැරදි හොයනව කියල බලන උන් සහ මූ මා එක්ක මරා ගන්න එන්න තීබ. ආයි මොකෑ මෙච්චර ලස්සන ලියවිල්ලට උදලු දාන්නෙ කියල උන්න ඉතින්.

      Delete
  16. අනේ මන්ද මේ උතුම් වෙසක් පෝය දිනේ මාතලන් වගේම මටත් පහළ වෙන්නේ මේ වගේම සිතුවිලිමයි. අපේ බී බී ඇස් එකට ඇහෙයි කියලා මම මේ පරාණ බයේ ඉන්නේ. ඇයි ඒ අයනෙ දැන් බුදු දහමේ එන මාර................ නැහැ.... නැහැ. වැරදුනා සොරි ඈ...
    ඕවා වැඩක් නැහැ මාතලන් හැම දේම අනිත්‍ය නම් බුදු දහම විතරක් ඒකෙන් මිදෙන්න කාරියක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. නියම බුදුන් වැඩ ඉන්නේ ඔහේලා වගේ අයගේ හදවතේ වෙද මහත්තයෝ...

      Delete
  17. ශ්‍රද්ධාව උතුරනවා ඔයි.......

    ReplyDelete
    Replies
    1. උතුරුනවා නෙමෙයි බං... බේරෙනවා... බේරෙනවා..

      Delete
  18. මාත දීලා තියෙනවා අයේ ඉතින් ගොර ගොර ගාන්නෙ නැතුවම යන්ට

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් එහෙම දෙයක් නෙවෙයි ඇලපාතයෝ.. බුදුන් දෙසු සත්‍යය ප්‍රකෂ කිරීමක් විතරයි..

      Delete
  19. නියමෙට ලියල තියනව.. හැබැයි ඉතිං බෝම ශ්‍රද්ධාවන්ත උපාසක ඇත්තොන්ට මාතලන්ගෙ මව් තුමිය සිහි නොවුනොත් නම් ඒකත් ප්‍රාතිහාර්යයක්ම තමා... එහෙම සිහිවුනත් කමක් නෑ දෙයියනේ, මේක කියෝල හාට් ඇටෑක් එහෙම හැදුනොත් මොන දෙයියන්ට කියන්නද.. ඒ නිසා මේ වගේ සංවේදී සිදුවීම් අඩංගු කතාවක් පළ කරනකොට අර හොලිවුඩ් පිලුං පෙන්නන්න කලින් දාන්නැහෙ, කරුණාකර හය හතර වැඩිපුර දත් නොදරුවන් කියවීමෙන් වළකින්න කියලවත් අවවාදයක් දානවනං සෑහෙන්න හදවත් රෝගීන් ප්‍රමාණයක් අඩු කරගන්ට ඇහැක් වෙයි !

    ReplyDelete
    Replies
    1. අම්මපා... එහෙම දෙයක් දැම්මා නම් හොඳයි කියලා මටත් තේරුනේ පස්සෙං පහු තමයි ඉතින්...

      Delete
  20. ඇත්තට මේ නටන නැටිලි දැක්කනං බුදු හාමුදුරුවෝ සාරියකිං එල්ලිලා නිවන් යන්නේ..

    ReplyDelete
    Replies
    1. සාරිය නෙමෙයි බං ඒකට කියන්නේ... චීවරේ.... චීවරේ...

      Delete
  21. @ මාතලන් සහබ්,

    මම ජී හෙට උදේම අපේ ඥානසාර හාමුදුරුවොන්ගේ ටීම් එකත් එක්ක ව්ඩිනවා ඔය දිහාවේ!!!!!!
    ඊට පස්සේ මාතලන් සහබ්ගේ කී පෑඩ් එක බො.බ.සේ භාරයට ගන්නවා!!!!!!!!!!

    ඊට පස්සේ, ප්‍රචාරය යවනවා මාතලන් සහබ් "තව්හිද් ජමාද්" එකෙන් සල්ලි ගත්තා කියලා!!!!!!

    පුලුවන් නම්, "අන්වර් xන්න තුංගව"
    හසුරුවන බළල් අතත් මාතලන් සහබ්ම තමයි කියනවා!!!!!!

    දාපල්ලකෝ නඩු!!!!!!!!!!

    හික්z!!!
    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හපොයි ජී... එහෙම පින්කමක් දැන්ම ඕන නෑ.. මොකෝ නිවන් යන්න හදිස්සියක් නෑ මට...

      Delete
  22. Y.fm එකෙන් තැග්ගක් එවන්න කියන්නම් පොඩි බාබාට.....මේ රචනාවට

    ReplyDelete
    Replies
    1. මුදල්මය තෑග්ගක් නම්, වටිනාකම මැන ගන්න ලේසියි....

      Delete
  23. දැන් අපේම අපේම රහතන් වහන්සේලා ඉන්නවා .අපේම අපේම බුද්දාගමකුත් තියෙනවා ඒක නිසා පිටරටින් එන මේ වගේ......(එක්කෝ ඕනි නෑ )

    ReplyDelete
    Replies
    1. දැන් බුද්ධාගමත් මෙහෙන් ළෝකෙට ගිය දෙයක් නේ...

      Delete
  24. \\ඒක වැළඳගෙන ඉන්නේ මම අර මහියංගනයෙන් එලවපු යක්කු//

    බුදු හාමුදෘවො උනත් වැරදි වැඩක්නෙ කරල තියෙන්නෙ.

    ඒකනෙවෙයි මාතලන්ට තිබුනෙ බුදුහාමුදුරුවො "හිරි ශාක්‍යසිංහ මංගල්ලෙයි, උත්තම ධාතු වන්දනායි බලන්න මේ පැත්තටත් එක්කන් එන්න.

    ReplyDelete
    Replies
    1. අනේ ඒ ගමං අපේ පංසලේ පහන් අසූහාරදාහෙ පිංකමත් පෙන්නගෙන පලයං මනෝ ඈ..

      Delete
    2. බුදු හාමුදුරුවෝ තුන් කල් පේන නිසා ඒ වැරද්ද කොලේ නෑ. අශෝක තමයි පිස්සුව කෙලියේ..

      Delete
  25. 'චන්න' කිව්වම හං හිතුවේ අර නැටුම් චන්න කියලා..පස්සේ 'ඡන්න' කියලා ලියලා තියෙනවා දැකමයි වැඩේ තේරුණේ!

    දන්සැල් ගැන නං කතාකරල වැඩක් නෑ. නුවරට නැගෙනහිර පැත්තෙන් තියෙන ගමක (හූවෙ දුර ඈ) එක කිලෝ මීටරයක් ඇතුලෙ දන්සැල් 12ක් තියෙනවාලු. පටන් ගන්නෙ ෆ්‍රයිඩ් රයිස් වලින්...ඊළඟට අයිස් ක්‍රීම්, බීම, ආයෙත් බත්, ඊලඟට මඤ්ඤොක්කා, ඒ ඉස්සරාම මාලු බනිස්, එතනීන් මීටර 50ක් ගියාම බීම, ආයෙත් බත්..නූඩ්ල්ස්, බීම, කඩල, ආයම් බත්. හැම එකටම පෝලිම ලු. ගමේ ගෙවල්වල් මේ දවස් දෙකේ උයන්නෙම නෑලු. අනේ සාදු!

    ReplyDelete
    Replies
    1. අන්තීමට පේරාදෙනියේ සික්සන රෝහලට යනවා ඇති පෝලීමේ... ඔය පැත්තේ කුඩු සියා පොඩි කචල් එකකුත් දාගත්තා නේද?

      Delete
  26. අටමො මෙහෙ වරො.මෙන්න මෙ යොදයා...............................

    ReplyDelete
    Replies
    1. අටමා සිල් ගන්න ගිහින් හත් දවසක්...

      Delete
  27. වෙසක් දවස්වල මෙහෙම හිනස්සන්න එපා යකෝ. අමාරුවෙන් රැස්කරගත් සිල් බිඳෙනවා.

    මාතලන් උඹට BBS එකෙන් බේරෙන්න ඕනෙනම් කියපන් දෙන්නම් ඔටෝමැටික් එකක් 9mm

    ReplyDelete
    Replies
    1. සෑර් ඕකත් අරං ආවනං අපේ පැත්තෙ වල් ඌරෙක් එලාගන්ඩ තිබුනා..

      අඩුගානෙ මස් ටික හරි කන්ඩ පුලුහං ..

      Delete
    2. ඇයි උඹ හදන්නේ මේ අස්සේ කයි බෝයි සෝ එකක් බලන්නද?

      Delete
    3. //BBS එකෙන් බේරෙන්න ඕනෙනම් කියපන් දෙන්නම් ඔටෝමැටික් එකක්// 9mm
      //සෑර් ඕකත් අරං ආවනං අපේ පැත්තෙ වල් ඌරෙක් එලාගන්ඩ තිබුනා.//

      BBS එකේ සාර සාදු ඕනෑවෙලාවක ඉන්නෙ වෙඩි කාපු ඒජාතියෙ එකෙක් වගේ තමයි
      .

      Delete
  28. මාතලන් .. ඉතාලි කියමනක් තියනවා මෙහෙම

    " බූරුවො පියාඹනවද ?
    කියල ඇහුවොත් " ඔව් " කියන්න කියලා.. "

    මොකෝ එහෙම උන්ට තේරුං කරල වැඩක් නෑ.. !!!!!!!

    ඕ යේස් .!!!!

    ReplyDelete
    Replies
    1. පිල්ලොන්ගේ එකක් තියෙනවා නේද. ගල් ගෙඩි පියාඹනවා කියලා...

      Delete
  29. මේ දේවල් තේරෙන්නේ නැත්තේ බුදු හාමුදුරුවෝ අබෞද්ධද මන්දා.
    මගේ අදහස බුදු දහම පිරිහෙන්න පටන් ගත්තේ අද ඊයේ නොව,බුදු දහම හිතෙන් පොතටත්, පොතෙන් පන්සලටත් බාර වුනු දා කියලයි.බුදු දහම පන්සලට කොටුවෙලා,බණ භාවනාව පාට් ටයිම් රස්සාවක් වුනා.
    දැන් නම් ඒක ...
    අපි තවමත් පුරුද්දට රෙද්දට වඳිමු

    ReplyDelete
    Replies
    1. බුදු දහම නෙමෙයි, සියළුම ආගම් කරන්නේ. මෝඩ ජනයා මරාගෙන් කෑමක්. ඒ උත්තමයෝ ශ්‍රේෂ්ඨ දාරශනිකයෝ වෙන්න පුළුවන්. ඒත් ගෝලයෝ කරන්නේ බඩේ බත් දාගන්න ව්‍යාපාරයක්.

      Delete
  30. යක්කුන්ට පුළුවන්ද ඡන්න බුද්ධාගම අදහන්න. වෙනත් රටවල බුද්ධාගම නැති කලේ වෙනත් ආගමිකයින්. මේ රටේ නම් ඒක කරන්නේ ගරුතර සංඝරත්නයමයි.

    ReplyDelete
    Replies
    1. නිකන් නෙමෙයි. හයි වේ හදලා නිසාද මන්දා.. ඉතාමත් සීඝ්‍රයෙන්..

      Delete
    2. යක්කු නෙමෙයි නම් කවුද අදහන්නෙ ඕක.

      Delete
    3. ඕක නැතිවෙනවනම් කොච්චර දෙයක්ද.ඕක තමයි මේ රටේ කොඩිවිනේ.

      Delete
  31. //ඉතින් අර පව්කාර දුප්පත් අයත්, තියෙන තඹ සතෙත් මේ පොහොසත් අය වෙනුවෙන් දන් දීලා. ලබන ආත්මේ පොහොසත් වෙන්න කියලා, දෝත් මුදුන් දීලා වඳිනවා.//

    පව් යකෝ උපාසක උපාසිකාවෝ ටික...

    ReplyDelete
    Replies
    1. මේ අන්ධ භක්තිකයන්ට වෙන මොකක් කියන්නද අප්පා...

      Delete
  32. උඹට ආතල් ගන්න දෙයක් කියන්නම් ඉන්දියාවේ හින්දු ආගමේ අය දීපාවලී සමරන්න වෙසක් කූඩු හදනවා
    ඒ කියන්නේ වෙසක් කූඩුව හින්දු ආගමේ දෙයක්
    හින්දු ආගම කියටන්නේ දෙමලාගේ බූදලයක් (විශ්ණු දෙයියො තෑගිා ඔප්පුවකින් ඒක චෙල්වනායගම්ට ලියලා දීලා)
    ඒ' කියන්නේ වෙසක් කූඩුව අයිති දෙමලාට
    (ලංදකාවේ දෙමළු දීපාවලී වල‍ට වෙසක් කූඩු හදන්නෙ නැත්ක්‍නත් මොකද කියන එකට මතයක් හදාගන්න බැරි වුනා උඹට පුලුවන්නම් එ'්කටත් හේතුවක් හදාගෙන අතේ ගහපන්)

    ReplyDelete
    Replies
    1. හුහ්... මම අහු වෙයි ඕවට. අතේ ගහලා ධාතු පිට උනාම. උඹලා එයි පෝලිමේ ඒකටත් වඳින්න.. අනේ පලයන් බන් යන්න..

      Delete
    2. නියම උත්තරේ.ඔය ධාතු වදින්ඩ හැතැප්ම ගනන් ගෑනු පෝලිමේ ඉන්නව කියල මං ටී වී එකේ දැක්ක.උන්ට යස්සය වැහිල.ඔලු විකාර වෙලා.

      Delete
  33. පට්ට.

    වෙලාවට බුදු හාමුදුරුවො නිවන් වැඩියෙ.
    //ආ.... ඒ ඔබ වහන්සෙකේ කේෂ ධාතු ප්‍රදර්ශණය කරනවනේ.

    මුඩු මහණෙකුට කොහෙන්ද ඡන්න කේෂ ධාතු?// හි… :)

    ReplyDelete
    Replies
    1. බුදුන්ගේ දහම තියෙන්නේ මේ වගේ පට්ට මෝඩ හරක්ට නෙමෙයි බුද්ධිමතුන්ට.

      Delete
  34. අනේ බුද්ධාගමකට ගියා කල ..... මේ ටිකක් විතරයි ලියල තියෙන්නේ.....ජැකා...... එක්ක මොකද්ද තියෙන ප්‍රශ්නය.......

    ReplyDelete
    Replies
    1. කිසි ප්‍රශ්ණයක් නෑ.. ඒ යකාට උන දේට මාර දුකයි... ඒකයි...

      Delete
    2. බැලුව, අනේ......බුද්ධාගම ගැන දුකයි......
      රිදෙනවද දන්නෙ නෑ .වේදනාවයි අනේ
      පවු නේද ..... බුද්ධාගම ගැනත් හිතන්නකෝ

      Delete
  35. /මුඩු මහණෙකුට කොහෙන්ද ඡන්න කේෂ ධාතු?/ අපෝ අපේ කට්ටිය මවන දේවල් වල හැටියට ඕක මොකක්ද.
    දැන් ඡන්නගෙ නවලෝකෙ බිල ගෙවන්නෙ පොලීසියෙන්ද?

    ReplyDelete
    Replies
    1. සවුක්ක අමාත්තියන්සෙන්..

      Delete
  36. මා තයිය මලක් පූජා කෙරුවෙ නැතෙයි. අනේ...මංද මේ මේ දේවල් ....ඇහෙනකොට...

    ReplyDelete
    Replies
    1. මලක් නම් පූජා කලේ නෑ. ඒත් ගිලන්පස ටිකක් නම් කට ගා ගත්තා. අවුලක් නෑ නේ මචෝ..

      Delete
  37. මාතලන් උබ ගියේ නැද්ද ධාතු වඳින්න වෙසක් කලාපේ පැත්තේ.

    ඊයේ රැ itn එකේ වෙනස බැලුවා නම් අන්ධ භක්තිය දකින්න ඇති.

    ReplyDelete
    Replies
    1. දැක්කේ නෑ. පියෝ ටී වී එකෙනුත් බලා ගන්න විදියක් නෑ. කොළඹින් පිට ඉන්නේ. කොහොමත් ඉතින්, නයි ටී ඇන් කියන්නේ නිකමට නෙමෙයිනේ.

      Delete
  38. චන්න කියලා කථාව මුල හරියෙදි මම හිතුවෙ අර පියරු බබා නලුවා...ඊට පස්සෙ මම හිතුවෙ නැටුම් අධ්‍යක්ෂක චන්න කියලා...කථාවෙ මැද හරියට ආවම නොවැ දැනගත්තෙ මේ චන්න අර කන්ථක අශ්වයා පන්නපු චන්න කියලා.....

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම ඡන්නලා එක වගේ නේද බලාගෙන ගියාම.

      Delete
    2. හලාවත ටවුමෙත් ඉන්නව කොට කලිසමක් ගහගෙන චන්න කෙනෙක්.ඉස්කෝලෙ කොල්ලන්ට බේරිල්ලක් නෑ. උඹල ඌව දැක්කනම් දනගහල වදිනව

      Delete
  39. ඒ ඉස්සර ස්වාමිනී. දැන් දුප්පත් අසරණ අයගෙන් අරගෙන පොහොසත් අය හොඳට කනවා. මොකෝ පොහොසත් අය පින් කරලා නේ පොහොසත් වෙලා තියෙන්නේ. ඉතින් අර පව්කාර දුප්පත් අයත්, තියෙන තඹ සතෙත් මේ පොහොසත් අය වෙනුවෙන් දන් දීලා. ලබන ආත්මේ පොහොසත් වෙන්න කියලා, දෝත් මුදුන් දීලා වඳිනවා.

    මේක තමයි අද ඇත්ත.බුදු පුත්තුත් එහෙමයි.තුන් වේල කන්න නැති එව්වන්ට බණ කියන්න එන ලක්සරි කාර් එකටත් හයර් එක ඉල්ලනවා.අනේ පිං ඇති උතුමෝ කියල කණ -කර ආභරණ විකුණල හොදම සාදු කෙනෙක්ගෙන් බණ අහන්න ඕනි කියලා උන්වහන්සෙලම ගෙන්න ගන්නවා.ඇවිත් ඒ සමාජ පද්ධති‍ය ඇතුළත අපරාධකාරයින් බෝවෙන දේශපාලන සංස්කෘතිය ගැන කියන්නෙ නැතිව ඒ අපරාධවලට බනිනවා.සංස්කෘතිය බෝකරන එව්වො ළගට ගිහිං පිරිත් නූල් බදිනවා.
    මේ ළගදි අර කොළොන්නාවෙ හාමුදුරු කෙනෙක් ටීවී එකේ දුන්න නේද දුමින්ද සිල්වට කරටි කැඩෙන්න.උන් වහන්සෙ ඔය දුප්පත් ගෙවල් වල දානෙට වඩින්නෙ කොහොමද?ඒ ගෙවල් වලින් වළදන්න පව්.අපිට දන් දෙන්න තියා ඒ මිනිස්සුන්ටත් කන්න නෑ හරියට.දානෙට එකතු කරන්න ණය වෙන්නෙ නැතිව ඒ මුදල් යොදල තුන් වේල කෑවොත් මැරිච්ච මනුස්සය ගැන හිතල ඒක වඩාත් පිං.ඒ ගෙවල් වල හැටියට දානයක් දෙන්න පුළුවන් කමක් නැහැ.මම කියන්නෙ හිත හැදෙන්න පන්සලට මොනව හරි පොඩි දෙයක් ගෙනත් දෙන්න කියලා.කරන්න ඕනි ආගමික කටයුතු කරනවා.
    මටනම් මේ හාමුදුරුවො මාරයි.හැබැයි හුගක් අය තරහයි.මාතලන් චන්නට කියල තියපං ආයෙ සැරයක් ආපු වෙලාවක මේ උන්නාන්සෙ ගැනත් කියන්න කියලා

    ReplyDelete
    Replies
    1. හොඳ සිල්වත් ගුණවත් සමාජයට විශාල සේවයක් කරන හාමුදුරුවරු තවමත් ඉන්නවා. ඒත් ඒ අයට කිසි පිලි ගැනීමක් නෑ. කම්බ හොරුන්ටයි, චන්ඩින්ටයි තමයි අද තැන තියෙන්නේ.

      Delete
    2. තට්ටයො ගැන කියන්න ගියොත් අපිත් විකාර වෙනව.ලඟදිම මිනිස්සු ඔවුන්ගෙ තට්ටෙ පලනව.එතකන් තමයි ඔය නැටිල්ල.
      හැම එකාම කෙළින පිස්සු විකාර උඹලට පේන්නෙ නැත්තෙ උඹලටත් පිස්සු හින්දද
      සමහරු රහත්ලු බුදුවෙලාලු.සමහරු පාරෙ යකා නටනව.බණ කියනව කියල උන්මත්තක විලාසෙන් දොඩවනව.

      Delete
  40. මේ විසූක දස්සන දැකල බඩ පපුවත් පිච්චිල යනවා මාතලන්.............
    අද ඉන්නේ සැබෑ බෞද්ධයෝ නෙමෙයි. ලේබල් බෞද්ධයෝ. ඇහුවම නම් කියන්නේ අපි “පියෝ බුඩ්ස්ට්“ කියල. අනේ මංදා මේ මිනිස්සු දන්නවද කියල බෞද්ධ දර්ශනය කියන්නෙ මොකක්ද කියලවත්.
    දැන් බලාගෙන යද්දි හාමුදුරුවන්ට වඩා ඇත්තටම අපි සිල්වත්නේ පින්වතුනි.............
    මං ඉන්න රටෙත් (බහරේන්වල) වෙසක් සතියට හාමුදුරුවරු දෙනමක් වැඩියා. එක නමක් තාමත් වැඩ ඉන්නවා.
    සමහරු හාමුදුරුවරු ගෙන්වන්නේ තමන්ගෙ බඩ ගෝස්තරේ තර කර ගන්න කියල මාට්ටු වුනානේ බොලේ. වස ලැජ්ජාවේ බැහැ.
    අනේ මේ කාලකන්නි මිනිස්සු හාමුදුරුවන්ට පිරිකර වලට ලැබෙන කාසි පනං ගසා කනවලුනේ.
    දවස් කිහිපයක් තැන් තැන් වල බන කිව්වම සාමාන්‍යෙයන් ලක්ෂ තුන හතරක් ලැබෙනවා ලංකාවේ මුදලින්.
    ඉතිං මෙහෙට වඩින හාමුදුරුවරුන්ටත් ගජ වාසියි. හැබැයි මුළු මුදලම ලැබුනොත් විතරක්.
    මෙහේ පන්සල් වගේ පන්සල් කියල අටව ගත්ත ආයතන තුනයි.
    අනේ මංදා ඕව ලියන්න ගියොත් නම් මගෙ ලේ ටිකත් පිච්චිලාම යනවා. දෙයියනේ කියල මේ දේවල් නෑසුණු කන් ගානට හිටියොත් නම් හිතේ සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි.
    ජනතාවට සේවයක් කරන්න තියෙන තානාපති කාර්යාලය කරන්නේ ජනතාවගෙන් සේවය කර ගන්න එකයි. හාමුදුරුනමක් වැඩම කරවද්දි එක එක රෙගුලාසි.
    මේ පහුගිය සතියේ හාමුදුරුනමක් වැඩියා කෙනෙකුගේ පෞද්ගලික ධනය අනුග්‍රහයෙන්. තානාපතිට ඌරු ජුවල් නැගල ධර්ම දේශනා තියෙන තැන් කීපයක්ම තහනම් කොරානේ දෙයියනේ. බැලින්නම් ඊළග සතියේ තානාපති කාර්යාලයෙන් ගෙන්වන හාමුදුරුවන්ට ලැබෙන පිරිකර අඩු වෙයි කියල. ඒ ගැන ලැජ්ජ නැතිව කිව්වලුනෙ.
    අනේ ඉතිං මේ මිනිස්සුන්ගෙ වෙසක් මෙහෙමයි. මේ මිනිස්සු මරණෙන් පස්සේ කොහේ යයිද කියල මාරයාවත් දන්නෙ නැතිව ඇති.

    මාතලන් සහෝ........
    මේ වගේ කතිකාවක් විවිර කළාට ස්තූතියි..........!

    ReplyDelete
    Replies
    1. බුද්ධාගම නැති කරන්නෙ මේ බුද්ධාගම ගැන මෙළෝ හසරක් නොදන්න මෝඩ බෞද්ධයෝ මිසක් වෙන කවුරුත් නෙමෙයි. මේක තනිකර බිස්නස් එකක් කරගෙන තියෙන්නේ. ඔය අට පිරිකර විකුණන කඩේකට ගියාම බලාගන්න පුළුවන් හාමුදුරුවන්ගේ බිස්නස් වල තරම. බණක් කියන්න සල්ලි ඉල්ලන හාමුදුරුවරු ඉන්න ආගමක් වෙන කොහේවත් නැතුව ඇති.

      Delete
    2. රුක්ෂිලා ළමයෝ.....කටේ මසුරං දාන්න වටින කතා නොවැ කියා තියෙන්නෙ,

      //ජනතාවට සේවයක් කරන්න තියෙන තානාපති කාර්යාලය කරන්නේ ජනතාවගෙන් සේවය කර ගන්න එකයි. හාමුදුරුනමක් වැඩම කරවද්දි එක එක රෙගුලාසි.
      මේ පහුගිය සතියේ හාමුදුරුනමක් වැඩියා කෙනෙකුගේ පෞද්ගලික ධනය අනුග්‍රහයෙන්. තානාපතිට ඌරු ජුවල් නැගල ධර්ම දේශනා තියෙන තැන් කීපයක්ම තහනම් කොරානේ දෙයියනේ. බැලින්නම් ඊළග සතියේ තානාපති කාර්යාලයෙන් ගෙන්වන හාමුදුරුවන්ට ලැබෙන පිරිකර අඩු වෙයි කියල. ඒ ගැන ලැජ්ජ නැතිව කිව්වලුනෙ...

      අනේ අම්මපා....හැබෑවටම...මුංට අමු කැවිලද...නෑ මේ මං කියන්නෙ අපේ බදු කාසිවලින් පඩිගන්න නිළමෙලාට ලැජ්ජ නහර කපලද ඕං...?

      Delete
  41. mathalanta thiyenne budu dahamata apahasa kirimen sathutak lebeeme manasika rogayak ohuta pas pawen welakila jewathwenna be sathun maran kanna sura panayata kaamaye waradawa hesireemata ohu ebbehi we etha a apayagamee duscharithayanhi yedeemen thaman maha porak wana bawa mathalan sithai ema kriya apagatha weemata hethu bawa budu dahame pehedili kirima nisa ohu budu dahamata apahasa karai ohuta eththe biyaki apagatha weemata niyama weema nisa ethi una biyaki budu dahamata apahasa kireemen ohu ema biyen midimata theth karai eya hariyata pesbara oluwa welle hangagannawa weni kriyawaki namuth budu dahama awiswasa kireemen eyata apahasa kireemen karmayen apayen gelawiya noheki bawa mathalan nodanee eththenma ohuta anukampa karamu ohu anukampakalayuthu apayata niyam unu anuwanayeki

    ReplyDelete
    Replies
    1. අපාය තියෙන්නේ ඔයාලගෙ ගෙදරද මෙයා.

      මේ පහල තියෙන ලින්ක් එකෙන් සිංහල ටයිප් කරන්න ඉගෙන ගන්න.

      බුදු සරණයි....!!!

      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete
    2. මේ ලියලා තියෙන ටික අපහාසයක් නම් , දැන්ඔය අනිත් එවුන් කරන ඒවා මොනවද පින්ද ,කුසල්ද? අනේ මන්දා ඕයි

      Delete
  42. නවලොකෙට වැඩියේ එහේ හාස්කම් වෙන නිසා වෙන්න ඇති මයේ හිතේ.
    අනේ සාදු,මේක කියවලා වෙසක් සතියේ හිත පහන් වුණා.පින්සිද්ද වෙනවා මාතලන් උපසක මහත්තයෝ.

    ReplyDelete
    Replies
    1. ඒකේ කළාකාරයන්ට ඩිස්කවුන්ට් තියෙනවනේ. විශේෂයෙන් නිලියන්ට..

      Delete
  43. මම නම් බෞද්ධ නෙමෙයි. මම යමක් කියන එක හරිද මන්ද.මට හිතෙන්නෙ බුදුහාමුදුරුවො දැන් ඉන්න හාමුදුරුවරුන්ට වඩා වෙනස් කෙනෙක් කියල. අනුන්ගෙ අදහස්වලට ගරුකරපු හැමෝටම මෛත්‍රී කරපු කෙනෙක් ලෙස.
    උන් වහන්සෙ අද ආවොත් තමන්ගෙ දහමට වෙලා තියෙන දේවල් දැකල පුදුම වෙයි.
    තමන්ගෙ වැඩක් බලාගෙන පන්සලට වෙලා ඉන්න ලෙසට කට්ටියට අවවාද කරනවා සිකුරුයි.

    ReplyDelete
    Replies
    1. අවවාද කරාට කට්ටිය අහයිද

      මට අමවිලා පේනවා අවවාද කලාම නානසාර ලොකු හාමුදුරුවෝ කියන දේවල්

      " ඒයි පොඩි නම මගේ අයි පෑඩ් එක ගෙනාවා .

      ටච් කරමින්

      මේ බලන්න බුදු හාමුදුරුවනේ ...මේ ෆෝල්ඩර් එකෙක් තියෙන්නේ තම්බි අපිට කෙලින හැටි .
      මේ ෆෝල්ඩර් එකේ තියෙන්නේ කතෝලිකයෝ අපිට කෙලින් හැටි ...

      මගේ ළඟ හන්ද්‍රඩ් ටුවෙන්ටි ජී. බී. එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් එකක් පිරෙන්නම තියෙන්වා මේ වගේ ඒවා .ඉතින් ඔබ වහන්සේ කියන්නේ අපිට කට වහගෙන ඉන්න කිය්ලාද .

      නැත්තම් වටරක්යා වගේ තම්බින්ගේ වටලප්පමට රැවටෙන්න කියලද ?

      අනික ඔබ වහන්සේ මොකද මේ ගැන මේ තරම් උනනඩු වාරකයා වටලප්ප්මක් වත් දුන්නද

      කරුණාකරලා එලියට වඩින්න අපේ හාමුදුරුවනේ අපේ ප්‍රශ්න අපි බලාගන්නම් ..

      කෝ මේ පොඩි උන්නාන්සේලා .....හා හා වැන්දා නම් බුදු හාමුදුරුවන්ට ...

      හරි එහෙනම් අවසරයි බුදු හාමුදුරුවනේ ..ඔය නරේන්ද්‍ර මොඩිලගේ පණිවිඩ අරන් නම් ආයේ මේ පැත්තේ වඩින්න හිතන්නවත් එපා , එහෙනම් බුදුසරණයි

      Delete
    2. මට නම් බුදුරජානන්වහන්සේ ගැනත් සංඝයා වහන්සේලා ගැනත් ගෞරවයක් තියෙන්නෙ.හැම ආගමකින්ම කියන්නෙ හොඳ වැඩ කරන්න කියලනෙ.

      Delete
    3. හි හි ඉවාන් +++++++++++++++++++++++++++++++

      Delete
  44. මට නම් බුදුරජානන්වහන්සේ ගැනත් සංඝයා වහන්සේලා ගැනත් ගෞරවයක් තියෙන්නෙ.හැම ආගමකින්ම කියන්නෙ හොඳ වැඩ කරන්න කියලනෙ.

    ReplyDelete
  45. මේකනම් නියමයි. ආයෙ කියල වැඩක් නෑ................

    ReplyDelete
  46. සහතික ඇත්තනේ මේ ලියලා තියෙන්නේ. මෙහෙම කෙලින් ලියන්නේ ඉතින් උඹ විතරයි. ලංකාවේ විතරක් නෙමේ බං අපේ අය පන්සල් දාගේන ඉන්න හැම තැනකම වෙන්නේ අමුම අමු ගොන් පාට්. අනේ සාදු කියන්න තමයි තියෙන්නේ. අප්පිරියයි.

    ReplyDelete
    Replies
    1. ඔයාට කක්කා බරක් ආවොත් ලෝකෙ හොඳම වැසිකිලිය හොයනවද
      කසාද බඳින්න ඕන වුනාම හඳම ගෑනිම හොයනවද
      ඒ වගේම තමයි මේකත් මමනම් හාමුදුරු කෙනෙක් මටවඩා සිල්වත්විය යුතුයි කියලා බලාපොරොත්තු වෙන්නෙ නෑ මට හිතෙන්නේ ඔය පන්සලේ වැරැද්දක් නෙමේ ඔයාගේ හිතේ වැරැද්දක්

      Delete
    2. ////කසාද බඳින්න ඕන වුනාම හඳම ගෑනිම හොයනවද/////
      නැහැ....ජීනාගේ පොට් එකට ගිහිල්ලා එක් කෙනෙක්ව කසාද බැඳ ගන්නවා.

      ජගත්.....අපි දන්න දේවල් කියන්නේ. හිතළු නෙමේ. මෙහේ එකෙක් හිරේ ළමා අපචාර වලට. අනිත් එව්වා කියන්න ලැජ්ජයි. විහිළු නෙමේ මිස්ටර්. .හාමුදුරුවරු ටික ඕන දෙයක් කරගත්තදෙන්. හැබැයි ඇත්තයි, බොරුවයි වෙන්කරලා හඳුනාගන්න.

      Delete
    3. ////කසාද බඳින්න ඕන වුනාම හඳම ගෑනිම හොයනවද/////
      නැහැ....බඩු ස්පොට් එකකට ගිහිල්ලා...ගානක් දීලා එකක් අරන් ගිහින් කසාද බඳිනවා. මොනවාද මේ අහන්නේ?

      ජගත්,,,මේ දකින දේවල් ලියන්නේ. හිතළු නෙමේ. මෙහෙ එක් නායක සාධු කෙනෙක් හිරේ ළමා අපචාරවලට.අනිත් ඒවා ගැන ලියලා වැඩක් නැහැ. විහිළු නෙමේ මිස්ටර්. හාමුදුරුවරු ටික ඕන දෙයක් කරගත්තදෙන්. හැබැයි ඇත්තයි, බොරුවයි වෙන්කරලා හඳුනාගන්න.අන්න ඒකයි වැදගත්.

      Delete
  47. මචං වටරැක විජිත කියන්නේ හාමුදුරු කෙනෙක්ද චීවරධාරියෙක්ද?

    ReplyDelete
  48. “මම මේ රටට තුන් වරක් වැඩියත්, මේ රටේ අයට දහම් දෙසුවේ නැත්තෙ, මේ දේ මෙහේ වෙන බව මම දැකපු නිසා. ඒත් අශෝක රජ්ජුරුවෝ මිහිඳු හිමියන් අතේ බුද්ධාගම එව්වට, ඒක වැළඳගෙන ඉන්නේ මම අර මහියංගනයෙන් එලවපු යක්කු. යක්කුන්ට පුළුවන්ද ඡන්න බුද්ධාගම අදහන්න.“

    අනේ කාලේ වනේ වාසේ... මේ තමයි ඇත්ත කතාව. තරඟෙට කලාපවලට බෙදාගත් වෙසක් මාධ්‍ය කලාව..තව දෙදහස් පන්සියයක් කල් බුද්ධාගම තිබුනොත් ඒක ලොකු දෙයක්

    ReplyDelete
  49. ඔච්චර වටිනා දහමක් තියෙන බුදු දහම ‍රැක ගන්න හාමුදුරුවරුන්ට උවමනාවක් නැත්තෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. න්‍යායාත්මකව බෞද්ධ සමාජයක කොටස් 4ක් තියෙනවා භික්ෂ භික්ෂුණී උපාසක උපාසිකා කියලා මේ හතර දෙනා එකිනෙකට වෙනස් ජීවන ක්‍රම හතරක් අනුගමනය කරන පිරිසක් නැතුව එක පිරිසක් අනෙක් පිරිසගේ නිලධාරියෝ නෙමේ
      බුදුදහම (ආගම) රැකීමේ වගකීම මේ හතර පිරිසටම තියෙනවා වැඩිපුර ඉන්නේ ගිහියෝ නිසා මේ වගකීම වැඩිපුර තියෙන්නේ ගිහියන්ට උදාහරනයක් හැටියට බෞද්ධ දේශපාලනඥයට දේශපාලනය තුල බුද්ධාගමේ නියෝජිතයෙක් වන්න වෙනවා බෞද්ධ සොල්දාදුවට යුද්ධය තුල බෞද්ධ බලය නියෝජනය කරන්න වෙනවා බෞද්ධ ව්‍යාපාරිකයට ආර්ථිකය තුල බෞද්ධ ආධිපත්‍යය නියෝජනය කරන්න වෙනවා
      මගේ මතය සෞදි අරාබියේ වගේ ලංකාවෙත් බෞද්ධ ආගමික පොලිසියක් තිබිය යුතුයි කියන එක

      Delete
    2. බෞද්ධ ජනගහනයෙන් බහුතරය ගිහියෝ ඒ අයයි බුද්ධාගම රැකගත යුත්කත්

      Delete
  50. අනිච්ඡාවත සංඛාරා!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න