.

.

May 29, 2014

රොකට් රෝහිණි, රොකට් සහ තිලාපියා - Rocket Rohini, Rokets & Thilapiya


මේ කතාව ලියන්න හිතාගෙන උන්නේ, අර අම්මට සිරි ලංකාවෙන්, රොකට් එකක් යවපු කාළේ. ඒ උනාට, ඒක එහෙම්මම අමතක වෙලා ගියා. ඒ රොකට් කතාව, දැන් හැමෝටම අමතකත් එක්ක. සද්දේ දාලා රොකට් එක ඇරියට මොකද, පාර්ලීමේන්තුවේදි මේ ළඟදි අහුවම කියලා තියෙන්නේ, එහෙම රොකට් එකක් ඇරියෙ නැතෙයි කියලා. එහෙමනම්, බලාගෙන ගියාම රොකට් එකක් නෙමෙයි ඇරලා තියෙන්නේ, තඩි නයෙක්. එක්කෝ සභානායක කෙප්ප කෙලිනවා. එක්කෝ නයි ටී ඇන් එක කෙප්ප කෙලිනවා.

අළුතෙන්ම ලියන, වීර කාන්තා. අපේ හැලපයා වගේම, අපේ රවී ගොයියත්, ගම් වල ගෑණු ගැන, බොහෝම වර්ණනා මුඛයෙන් කතා කරපු නිසා, ඉස්සර ලියන්න හිතාගෙන උන්න, පට්ට චරිත දෙකක් ගැන ලියලා දාන්න ඕන කියලා හිතුනා. මාත් මේ එළ බුවාලා තලනවා වගේ පඳුරු තලන්න ගිහින්, නාගත්ත අවස්ථා නම්, අනන්තයි අප්පරමානයි. සමහර ඒවා නවත්තපු තැන් මතකත් නෑ. සමහර ඒවා ඉවර කරලත් නෑ. මේක නම් එක පෝස්ට් එකෙන් ඇරලා දාන්නම් කොහොම හරි.

ඔය ගමක හැදුන වැඩුන, නගරේ හැදුනත්, වල බැහැපු ඕන එකෙක් දන්නවනේ, රොකට් කියන්නේ මක්කැයි කියාලා. රොකට් කියපු ගමන් මතකෙට එන පොර තමයි බොග් මාලේ.. වේස කොල්ලෝ බොග් මලේ කිව්වට, පොරගෙ නම, බොබ් මාලේ. ඉස්සර පංචිකාවත්ත පැත්තේ පුට්බෝල් ටීම් එකක් හිටියා, බොග් මාලේ ඇන්ඩ් ද වෝන්ඩර්ලයිට් කියලා.

ඒ කියන්නේ, උන්ගේ ගඳ වොන්ඩර්ලයිට් දාලා හේදුවත් යන්නේ නෑ කියන එක. ඉස්සර වොන්ඩර්ලයිට් කෑල්ල, සන්ලයිට් කෑල්ලට් වඩා ලොකුයි. අපේ උන් ලොකු දේවල් වලට මාර ආසාවක් නේ තියෙන්නේ. ඒ කියලා ඉතින් වැදගත්ම දේ, පොඩියට තියෙනවනම් තමයි කැමති. හැබයි ඉතින් ඉස්තිරි පක්සෙට නම් ඕකේ අනික් පැත්ත.

රෝහිණී අක්කා තලෙලුයි. ඉස්කින් එක, නිකන් වර්ජින් ඔලිව් ඔයිල් ට්රීිට්මන්ට් එක, දැන් දාලා ගත්තා වගෙයි. කොන්ඩෙ කඩලා දැම්මම, පුකෙනුත් පල්ලෙහා. (පුක යනු කුණුහබ්බයක් නොවේ - කතන්දර ශූරීන්) ඇන්දේ රෙද්දයි හැට්ටෙයි, එකෙක්වත් අතක් තියලා තියා, මදුරුවෙක් වත් වහලා නැති හංසයෝ දෙන්නා, බැසියර් එකේ තදවෙලා ඉන්න බැරුව, කොයි වෙලාවෙත් හැට්ටෙ අස්සෙන් පනින්න බලාගෙන ඉන්නේ.

ඒක දැකපු ඕන එකෙක්, අනේපොයි කියලා දෙසරයක් බලනවා, අරුන් දෙන්න විඳින දුක දැක්කාම. හැබයි දැන් ඉන්න ඔය කොම්පැණිවල වැඩ කරන වනචර නෝනලා වගේ, බුරිය එලියේ දාලා නම් ඇන්දේ නෑ කවදාවත්. ඒ උනාට චීත්තෙට හිරවෙච්ච පුට් බෝල් දෙකත්, කොයි වෙලාවෙද පිට්ටනියකට බහින්නේ කියලා බලාගෙන උන්නේ. ඔය ඔක්කෝම දේවල් තිබුනත්. කට ඇරිය ගමන් එකෙක්වත් නෙමෙයි පැත්ත පලාතක ඉන්නේ.

ගඳට නෙමෙයි බොලල්ලා. අයේ මක්කටෙයි බොරු කියන්නේ. සුපිරි විකී ඇඩ් එකට ගන්න පුළුවන්, මේකප් එකක් නොදා උනත්. ඒක නෙමෙයි හේතුව. භාෂාව... තනිකර කතා කරේ පාලි හා සඟිස්කෘත. ඔය රෝහිණි අක්කා අපේ ගමේ නෙමෙයි. ගමට කැන්දගෙන ආවේ පියා. පියා කිව්වට අපි ඌට කිව්වේ තිලාපියා කියලා. මොකෝ පොරගේ ජීවීකාව ඇවිත් මාළු වෙළඳාම. ඒ කියන්නේ පෙට්ටියේ බැඳන්, ගෙවල් ගානේ ගිහින් මාළු විකුණන එක.

හැබයි ඉතින් ඇස්වහක් කටවහක් නෑ, පියත් බුදු හැන්ඩියා. පරම්පරාවෙන් උරුම වෙච්ච පර්චර් 20 විතර ඉඩමේ, ලස්සන පොඩි ගේකුත් හදාගෙන උන්නේ. රෝහිණි පියාගේ දෙවන කසාදේ. පළවෙනි එකී ටිකිරි. ඒක පියා දාපූ නමක්. ගමේ උන් නම් කිව්වේ, කාපිරි කියලා. කට්ට කළුයි. හැබයි හොඳ කඳ. කාපිරි පැටව් දෙන්නෙකුත් හිටියා. කොච්චර කළුද කියනවනම්, කළුවරේ නම් පේන්නෙම නෑ. ඒ උනාට ලාවට හඳ එළිය තියෙන දවසක නම්, දත් සෙට් එක පේනවා, ටිකිටි පෙනුනේ නැතත්.

ඒක දැක්කනම් ඕන එකෙක් බය වෙනවා. පියා රෝහිණි ගෙනාවේ, ටිකිරි පොඩි උන් දෙන්නත් එක්කම කොල්ලෙක් එක්ක පැනලා ගිය නිසා. එහෙම ගියේ පියා ටිකිරිට වඩා වැටේ මුරුංගා වලට ආදරේ කරපු නිසා. පියා බොකු දිරාස් ගහලා, සාලේ පත් බෑවීලා ජීවීතේ සුවය සොයා යනකොට, ටිකිරි කරේ, වත්තේ වැටකෙයා පඳුරු අස්සෙ ඉඳගෙන, අනංගයා හීයක් විඳිනකන් එහාට මෙහාට ඇවිදින එක.

ඕකි නයිටියක් ඇඳගෙන, ඔහොම ඇවිදින දවසක, මමත් අම්බානක බය උනා, මෝහිණීද යකෝ මේ කියලා. ආ.... අපේ සුදු මහත්තයනේ මේ..... කියලා කිව්වම් තමයි මේ මෝහිණි නෙමෙයි, ටිකිරි කියලා දැන ගත්තේ. ඒත් මම කින්ඩියට,  මොකෝ ටිකිරි මේ මහ රෑ මිදුලේ කරන්නේ ඇහුවාම, ඒකී කිව්වේ හුජ්ජා අතක් ගහන්න ආවා කියලයි. ඔහොම හුජ්ජා අතවල් ගහන්න ආපු දවස් කීපෙකදිම, මට ටිකිරිව හම්බ වෙලා තියෙනවා.

ඔය ටිකිරිට වහ වැටිච්චි එකෙක් තමයි දර මඩුවේ බෙනා. බෙනා කාගේ කව්ද කියන්න මම දන්නේ නෑ. ඒත් ඒ යකා හිටියේ දර මඩුවේ. දර මඩුවට ගෙවල් දෙකක් මෙහා තමයි, පියාලගෙ මන්දිරේ. ඔහේලට කියන්න ආයිබෝවන්ඩ, ඔය බෙනා ටිකිරිට කොච්චර වහ වැටිලා හිටියද කියනවනම්, ඒකි අර කොල්ලත් එක්ක පැනලා හිය දවසේ, බෙනා වහ බීලම දැම්මා.

ඒ පාර යාන්තන්, තොරන හංදියේ නන්දන හෝටලෙන් ගෙනාපු පොල් කිරි ටිකක් පොවලා, මහ ඉස්පිරිතාලේ ගෙනිහින් තමයි, ඒ බෘංගරාජයාව ගොඩ ගත්තේ. ඔය බෙනා උපතින්ම මුක්කං. ටික දවසකට පස්සේ බෙනා දැක්කාම. කැත වැඩේ නේ බං බෙනා, ටිකිරි කලේ... කියලා ඇහුවාම. බෙනා කිව්වේ.. ඤිකිරි.. ඤිකිරි ඤෙමෙයි ඒඤී හැඤිරි. පඤ්ඤ වේඤිට හොඤක් වෙඤ්ඤේ නෑ..... මච ජුඤ්ඤ ගිඤ්ඤට කියලා..

ලියන්න ගියේ, රෝහිණියි පියයි ගැන. ලිය උනේ, ටිකිරියි බෙනයි ගැන.. අමතක නොකර කතාවේ ඉතිරි ටිකත් කියන්නම්.. තරහ අවසර..

86 comments:

  1. He he , Tikiri gana ochchara kiwa kiyanne
    Rohini gana hodata liayi..

    ReplyDelete
    Replies
    1. රෝහිණී කියන්නේ පට්ට චරිතයක්. වරද්දන්නෙ නැතිව කියවන්නකෝ... ඉඳගෙන..

      Delete
  2. හැක් ...රොහිණිව මැවි පෙනේ ,මං හිතුවේ රොකට් ගැන තව ලියයි කියලා ...

    ReplyDelete
    Replies
    1. ඒවා සහෝ කවුරුත් දන්න දේවල්නේ...

      Delete
  3. හරි.. මේකත් තව මෙගා එකක්ද?

    ReplyDelete
    Replies
    1. බොහෝ විට... එහෙම වෙන්න පුළුවන් නාඩියෝ..

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. හරි හරි මචෝ කිසි හදිස්සියක් නෑ හිමීට ලියමු,රහයි කියන්නෙ බං කටිං කෙළ බේරෙනවා.

    ReplyDelete
    Replies
    1. කෑමක් ගැන ලිව්වේ නෑ නේ බං...

      Delete
    2. එහෙමද,සැක් අම්මපා මං හිතාගෙන හිටියෙ කෑම කියල නොවැ,වස වැරැද්දයි.

      Delete
  6. හා හා, හෙමීට රහට ලියමුකෝ එහෙනම් ඉතුරු ටිකත්..

    ReplyDelete
    Replies
    1. කළබලේට කරන්න පුළුවන් වැඩ නෙමෙයි බන් මේවා...

      Delete
  7. රොකට්.. !!! මං අක්කර බාගෙයක් අරං දාල තියෙන්නෙ හඳෙන්.. ගියාම ඉන්ඩ.හැක්.
    අර මොන වැනුමද ඉතිං :D පංකාදු පහයි .. ඉතුරු ටික දාහං ඈ .. අපි මතක් කරන්නං අමතක උනොත්..

    ReplyDelete
    Replies
    1. කවුදෝ කිව්වා හඳෙත් තියෙනවලු බං... මාතර බත් කඩයක්.. හඳට යෑම කෙසේ වෙතත්.. මට නම් වැදුන ගමන් යන්නෙම පස්සට...

      Delete
  8. ඔව්.,ඔව්.,මෙව්වා හදිස්සියට ලියන්ඩ ඕනෑ වේලාව අරන් හිමින් සැරේ ලියහන්.

    ReplyDelete
    Replies
    1. අතුරු කතා නැත්තන් රහක් නෑ මචෝ...

      Delete
  9. දේශපාලනේ ගැන අහලම එපා වෙලා හිටියෙ මචෝ......
    මේවා තමා රසම කතා.....ඇයි යකූ......තව ටිකක් දිගට ඇද්ද නම් මක්කැයි වෙන්නෙ බොට......

    ReplyDelete
    Replies
    1. කොහොමෙයි බං දිගට අදින්නේ.. මාගල් ලියන්න එපා කියාලා අනෙක් උන්ට උපදෙස් දෙද්දී...

      Delete
  10. ටිකිරි හුජ්ජ අත ගහන ඉසව්වේ මාතේ උඹ මක් කොලාද ,

    මට පේන්නේ උඹ බාරවාහන ලයිසම ගන්ඩ ඇත්තේ ටිකිරිගේ ලැනර්ස් එකෙන්ද කොහොද

    ReplyDelete
    Replies
    1. මම කියන්න ගිය එක මේකා කියලා. ඇත්තටම උබ ඒ පැත්තේ කරක් ගැහුවේ ඔය ටිකිරි හුජ්ජ අත ගහන වෙලාවටමද?

      Delete
    2. අපෝ නෑ අටමෝ... මම ඉතින් මන්තිරිතුමා වගේ මනුස්සයනේ.. මේ අපේ ගෙවල් වලට ජූන්ජක් විතර එහා.. අපේ ගෙවල් පැත්තේ යටිතල පහසුකම් ඕන තරම් තිබුනා.. ඒ විතරක් නෙමෙයි.. ගෙදරත් යටිතල පහසුකම් ඕන තරම් තිබුනා..

      Delete
  11. හැලපේ අංක දෙක වෙලා මාතා මල්ලි.. රසයි බං ලියමු ලියමු.. අර සුදු මහත්තයා ඒකාලෙ සිල් අරං ඉන්න ඇත්තෙ..

    ReplyDelete
    Replies
    1. අම්මපා සරත් අයියේ.. මම සිල් අරගෙන තියෙන්නේ දෙසරයයි. එක පාරක් කඹුරුගමුවේ වජිර සාධූ දවල් 11 ට විතර මාව බලෙන්ම සිල් පාවාරනය කරලා, අපේ අම්මටත් පින් දීලා ගෙදර එව්වා..

      Delete
  12. හම්මේ අර වීර කාන්තාගෙ එක තරං නැගල යන්නැද්ද මංද... බලමුකො ඉස්සරහට

    ReplyDelete
    Replies
    1. ඒක තමයි දැන් තියෙන පට්ටම එක... ඒකේ තියෙන්නේ අමු තිත්ත.. ඒකයි මම ඒකට ආස...

      Delete
  13. මාතා කීප වතාවක් හම්බුනාලු නේ?? උබත් වැට ලඟද හුජ්ජ කලේ ??

    උබේ ලිවිල්ල හරි බං.. බලපං ගොඩක් උන් මාතෘකාවට අදාලව නෙවේ නේ කතා කරන්නෙ. කුඩු ගැන ඇහුවම ආන්ඩුවේ උන් කතා කරන්නෙ ජූලි කලබලේ ගැන :ඩී

    ReplyDelete
    Replies
    1. කුඩු ගෙන්නුවේ ජේ ආරි නේ බං.. මෙයාලා මේ තාම ඒවා එක්ක සෙල්ලම් කරනවා.. කැසිනෝ ගෙනත් තියෙන්නේ ප්‍රේමදාස.. ඒත් තාම ගහනවා.. ඇයි බං විධායකේ.. එතකොට බහුබූත වියවස්තාව.. අම්මගෙ රෙද්ද...

      Delete
  14. සුදු මහත්තය ටිකිරිගේ කටනම් දත් සැට් එකෙන් අඳුන ගත්තා කියමුකෝ ..එතකොට ......ම්ම්ම්ම්ම්ම් .... අඳුන ගත්තේ කොහොමද?

    එක්කෝ ඕනේ නෑ. දැන් රෝහිණී ගැන ලියන්න ගිහින් ටිකිරි ගැන පොස්ටුවම ලියවුනේ මොකෑ ....?

    එක්කෝ එකත් ඕනේ නෑ... හැබැයි මාතේ දවසක් කිව්වා මතකයි "කළු වුනාට දොදොල් රහයි බං" කියලා :D

    ReplyDelete
    Replies
    1. ඒ හැලප ක්‍රමය නිසායි.

      Delete
    2. හැබැයි මාතේ ඒ ක්‍රමේට ලියන්න ගියාම හැලප සහ අරූ දෙකම මිශ්‍ර වෙනවා

      Delete
    3. එතකොට ටිකිරි අඳුරගත්තෙ කොහොමද අහන්නෙ ??? යකෝ සුදු මහත්තයට බැරිනං ඒකිගෙ මිනිහටද පුලුවන් ? හැක්

      Delete
    4. දොදොල් කන කොට මල්ලියෝ... එක තැනකදි දම් පාට මිදි වගේ හරියක් හම්බ වෙනවා.. ආයේ නෑ වයින් වගේ.. පුසුඹ නම් ටිකක් අවුල්.. ඒත් ඉතින් රස නම් එකමයි... කාලම බලහන්කෝ...

      Delete
  15. සිනා සාගරයයි. ලොකුම ලොකු ප්‍රශ්නෙක හිටිය මට කල්පනා ලෝකෙන් මිදෙන්න උදව් වුනු පිනට මාතලන්ට රොකට් එකක් යවන්න ලැබේවා!

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් කරන්න පුළුවන් කියන්නෙත් පින් කමක් නොවෑ වෙද මහත්තයෝ... දැන් නම් පට්ටම බිසි ඇති නේ...

      Delete
  16. චීත්තෙට හිර උනු පුට් බෝ්ල් දෙකක් මාත් මේ ළගදි දැක්කා අනේ..

    ReplyDelete
    Replies
    1. උඹ ළඟදි මැච් එකක් ගහල වගේ . :D හැක්

      Delete
    2. ප්‍රැක්ටිස් මැච්, අරවා මේවා දැං නෑ. කෙලින්ම ඉන්ටර්නැෂනල්

      Delete
    3. දේශෝ.... උඹ සෙයිලම සෝ එක බලලා තියෙයි...

      Delete
    4. ඕයේ අනෝජා අක්කි රවින්දර මාමාත් එක්ක ඉන්නේ... ඒකනේද??

      Delete
  17. අපේ අයියගේ යාළුවෙකුත් හිටියා ඔය විදිහට කතා කරන.පොරට කිව්වේ "ඤංඤුං" කියලා.ඌ කුණුහබ්බ කියද්දි තමා පට්ට ආතල්

    ReplyDelete
    Replies
    1. හුඤේ හඤ්ඤචෙ හුඤ්ඤච හන්ඤෑ ලිඤේ හැඤූඤේ

      Delete
  18. රෝහිණීගෙ නම දාලා මෝහිණී ආ නෑ ටිකි‍රා ගැන ලිව්වට මොකද පට්ට රහයි ලියවිල්ල නම්.

    කොහොමත් මේ වගේ පෝස්ට් නම් හදීසි නොවී හිමින් සීරුවෙ ලියන එකමයි හොද. කොච්චර දිග උනත් කමක් නෑ එකම එක පුට් බෝලයක් වත් මිස් නොකර ලිව්වුත් ඇති. :)

    ReplyDelete
    Replies
    1. මතක් වෙන ඒවා ඔක්කෝම ලියන්නම්කෝ.. හැලපයට තමයි ඉතින් පින් අත් වෙන්නේ...

      Delete
  19. උඹ රොකට් එකක් ඔතාගෙන ඇදලා නේද මේක ලිව්වේ මාතේ....නැත්තම් චීන්නු ඇරිය එකකට අපි ඇරියාය කියැයියෑ? චීනාගේ රොකට් එකේ අපේ චන්ද්‍රිකා නැගලා ගියා කියලා තමයි ආරංචියනම් තිබ්බේ. කොහොමෙන් කොහොම හරි ඒ චන්ද්‍රිකාව ගැන කවුන්සිලෙත් දැන් කථා නෑ නොව. හැබැයි ඉතින් අනුන්ගේ ඒවාට ඇරිය හැටි ලියන්න හිතාගත්ත නිසා මෙහෙම ලිව්වද දන්නේනෑ මොකෝ උඹේ තරම දන්න නිසා.
    වැටේ මුරුංගා කොහොමත් රහයි...ඒකනේ වැට අයිනටම යන්නේ චූ කොරන්න නේද මචෝ...වෙලාවට කැළනියේ කූඩැල්ලෝ නැත්තේ...
    අනේ ඉක්මනට ඉතිරි ටික ලියපන්........

    ReplyDelete
    Replies
    1. කැලණියේ මොකෑ බං කූඩැල්ලෝ නැත්තේ මේන් මේ කතාව කියවහන්කෝ, පරණ ඒවා මිස් වෙලා ඇති නොවෑ...

      http://maathalan.blogspot.com/2012/11/leach-worm.html

      Delete
    2. Sorry, the page you were looking for in this blog does not exist.
      මෙන්න මෙහෙම් එකක්නේ එතන තියෙන්නේ මචො.... කැළනියෙ හිටිය කූඩැල්ලන්ට වෙච්ච දේම වෙලාද පෝස්ට් එකට?
      අනික මට කියලා දියන් කොහොමද කමෙන්ට් එහෙක ලින්කුවක් අමුනන්නේ පෝස්ට් එකක කරන්වා වගේ කියලා..

      Delete
    3. මම කොටස් දෙකම කියවලා තියෙන්නේ මාතේ....ආපහු ගිහින් හොයාගත්තා අමාරුවෙන්, එතකොට තමයි මතක් උනේ..වෑසැයිනේ සෑර්...ඒ මදිවට මේ ලොකේ නැති පෙති ගහනවනේ ෆුල් ඔෆ්ෂන් නිසා..ඉතින් මතකෙට කෙලවෙලා මේ දවස්වල....

      Delete
  20. හරි පරක්කු කරන්න එපා ඉක්මනට ලියමු ඉුතුරැ ටික. අර හුඡ්ඡා අත.. එක්කො ඔිනේ නෑ

    ReplyDelete
    Replies
    1. මොකෝ නොදා ඉන්නේ.. අනිවා... දානවා.. හුජ්ජා අත් කොහොමෙයි බං.. තද කොරාන ඉන්නේ...

      Delete
  21. කතාවත් රොකට් වගේ පත්තු වෙන එකක්. නියමයි.

    ReplyDelete
    Replies
    1. මේවා ඉතින් ගම් වල සාමාන්නිය කතා.. ඒව හැබයි පට්ට රහයි...

      Delete
  22. අදනං මාතත් රොකට් පහසක් ලබලම තමා මේක ලියලා තියෙන්නේ. ලියල තියන විදියෙන්ම එක් පැහැදිලිව පේනවා. ඒ කොහොම වුණත් කළු ටිකිරා ගැන හිතේ කොනක ආල හැගුම් තිබ්බ බවක් නං පේනවා.

    ReplyDelete
    Replies
    1. මටත් රොකට් එහෙක ඉඳං ලියල තියෙන්නේ කියල නං හිතුනා නලින් අයියා :D

      Delete
    2. අද සෙට් උනේ මචෝ.. ඒදා අර 20-20 ෆයිනල් බලපු සෙට් එකත් එක්ක.. ඇත්තටම එකෙක් මරු ඇට ටිකක් ගෙනත් තිබුනා.. කෙලින්ම හඳේ...

      Delete
  23. උඹට පටන් ගත්තා වගේම මේකෙ ඉතුරු ටික ලියන්න මතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ගැම්මෙන්ම.

    ReplyDelete
    Replies
    1. මම මේ උඹ ලියපු විදියට එකක් ලියන්නේ කොහෙමෙයි කියලා ට්‍රයි කරනවා ගොඩක් කල් ඉඳන්..

      Delete
  24. මේනවද ඔට්ටු උඹ ඊලඟට ලියන්නෙ වෙන කතාවක්....
    ටිකිරි දවසක් කිව්වලු "හුජ්ජ අතක් ගහන්න ලන්දට ගියා.... සුදු මහත්තෙයා මාව පෙරලගත්තනේ..." කියල

    ReplyDelete
    Replies
    1. මොකද කළු දොදොල් රහ නැද්ද රාජ්? සුදු මහත්තයා රොකට් එකෙන් ගියදාට හොයන්නෙම කළු දොදොල් ........නැ මේ,,මේ පැනිරහට වෙන මොකකටවත් නොවෙයි.......නැතිව .........
      මැරී කෑන්ස් නම් හිතෙන්නේ ඒවගේ කියලා

      Delete
    2. උඹ හරි රාජ්... ආන්ඩුවේ ළොකු නිලයක් දරණ නෝනා කෙනෙක් ඉන්නවා මගේ ෆෑන් කෙනෙක්.. එයා මට අම්බානක බැනලා එවලා.. අනංගයෝ කොහෙද ඊතල විඳින්නේ වනචර වැඩ වලට කියලා.. දැන් ඉතින් එයාට දෙන උත්තරේ දාන්න වෙනවා ඉස්සෙල්ලම..

      Delete
  25. ලිවිල්ල එලස්ය.....................

    ReplyDelete
    Replies
    1. එසේ නම්.. එසේය.. වචනය පවා දිරියක් ගෙන දේ...

      Delete
  26. මේ ලංකාවේ කතාවක්ද? :D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... මට කියන්න අමතක උනා... මොන්ටිකාළෝ වල කතාවක්... අර 90210 වගේ...

      Delete
  27. යකඩෝ මුලින්ම කියලා අද ඉවර කරනවමයි කියලා අන්තිමට මතු සම්බානයයි කියලා දාලා .... නොදෝමකින් විතරක්

    ReplyDelete
    Replies
    1. උඹ ආයේ අවුරුද්දකින් විතර ඇවිත් කියවපන් ඉතුරු ටික .... කෝ යකෝ හනගපු ප්ලේන් එක , දැන් එක කට්ටියට අමතක් නිසා මෙයා හෙමීට එලියට එනවා

      Delete
    2. උඹ බනින එක සාධරණයි බං...

      Delete
  28. මෙන්න කකා සොරි කතා

    ReplyDelete
  29. රොකට් රෝහිත බඳින්න හිටිය ළමයාගේ කේන්දර හුටප්පරයක් නිසා වැඩේ චකබ්ලාස් ලු.

    දැන් මේ කතාව අරුගේ අඩවිය, හැලපයා, සහ මාතලන් කියන තුනේම සංකලනයක්ද? හැබැයි අවශ්‍ය ප්‍රමාණයට තුනපහ මිශ්‍රණය තියන නිසා බොහොම රසයි.

    ReplyDelete
    Replies
    1. දකුණේ උදවිය නේ ආයිබෝවන්ඩ.. ඔහේ මේ දවස්වල ලියන්නේ මම අප්පිරියම කරණ දේ.. ඒ නිසයි කොමෙන්ට්ස් නොකලේ.. මම හිතන්නේ ඔහේ ඒ බව දන්නවා.. අවුලක් හිතන්න එපා සත්තරනේ..

      Delete
  30. පරස්පර කතා දෙකක්නේ..... ඒ රොකට් ඇරිය එකට කේස් එකක් උනා මතක නැද්ද...? එකට සල්ලි පාස් උනේ කොහෙන්ද කියල. ඉතින් එකට උතරයක් හොයා ගන්න බැරි උනා., ඒ සල්ලි ආධාර මත ලැබිච්ච එකක්ලු. තව, වෙන රටක පර්යේෂණයක් කිව්වා. චිනේද කොහෙද...? ඇරපු කෙනත් දැන් වගකීමෙන් නිදහස් වෙලා., ඒ රොකට් එක ආපහු අවෙත් නැ.... කාටත් මතක නැ ඔයාට මතක් උනාට.

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් යැව්වේ නෑමයි කියලා.. හෙළුපාල කියන්නේ...

      Delete
  31. ඕපදූප වුණත් .... රසවත් කියලා හිතෙන්නෙ මේවා කියවනකොට... ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ගෑණූ පිරිමි බෙදයක්, පන්ති බේදයක් නෑ.. ඕපාදූප වලට...

      Delete
  32. සැක් සැලලිහිනිය පාරදයි නොවැ වැනිල්ලට.මරු බොලෙ

    ReplyDelete
  33. Goda kaleka idan awata adamai comment ekak watune,echcharata kora wela giyapu kathawa.Dewani kotasa haleida?

    ReplyDelete
  34. රොකට් එකට වගේ මේකෙ ඉතුරු ටිකටත් වෙච්ච දෙයක් නැතිවෙයිද දන්නෑ.

    ReplyDelete
  35. ආතල් ස්ටෝරි එකක්නේ .මට මිස්වෙලා තිබිනේ. දැන් යනවා ඉතිරිය බලන්න.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න