.

.

Jun 19, 2015

අපේ තාත්තා, මනෝරම හා බුකි කාරයෝ - My Dad, Manorama & Facebook



- මනෝරම වීරසිංහ -

අපේ තාත්තා අපූරු චරිතයකි.. නොදන්නා ඉලව්වක් නැත. ලෝකයේ මිනිහෙකුට ඇති සියලු උපාධි සමග දැනීම අත්දැකීම් ඇත...!!

ඒ නිසා, ලෙඩක් වූ විට ගතයුතු බෙහෙත පවා තීරණය කරන්නේ ඔහු විසිනි.!

මනෝරම
ගේ හදන විට බාස්ලාට නොව, ගෘහ නිර්මාණ ශිල්පීන්ටත් උපදෙස් දෙයි. ටෙලිනාට්‍යයක් නරඹන විට අම්මා ඔහුව එළවා දමන්නේ, නාට්‍යයේ අඩුපාඩු අම්මාට පවසා, කතාව බලන්නට කිසිදු ඉඩක් ලබා නොදෙන නිසාය. ඒ පුරුද්ද අවාසනාවට මට ද බෝවී ඇත. අවසානයේ මල පනින අම්මා " අනුන්ට කියන්නෙ තමුසෙ එකක් හදනවකො සර්ව සම්පූර්ණ විදියට..." කියා කෑ ගසයි.

පියා සමග වැඩ කිරීමේදී, සිය දහස්වරක් සිතිය යුතුව ඇත. මහ පාන්දර නැගිටින ඔහු, අහිංසක සත්තුන්ගේ නම් කියමින් අපිට ඇහැරවයි... ඒ නිසා කිසිදාක, අපි උදෑසන හත පහුවන තුරු නිදාගෙන නැත.. දේශපාලන හෝ ශාස්ත්‍රීය පොතක, සාකච්ඡාවක් තිබුණහොත්, එහි සම්පත්දායකයෙකුගෙන් ඔහු දන්නා දෙයක් වැරදියට කියවුණහොත් ඊට අදාල සියලුම පොත් සාලයට ගෙනවිත්, තනියම පැහැදිලි කරයි.. කිසිවෙකු ඊට ඇහුම්කන් දෙන්නේ නැත.!

ඉතින් අපේ තාත්තාට මොනවා දැනගත්තත්, තනිවම තේ එකක් හදාගන්නට තබා ලේන්සුවක් සෝදා වේලා ඉස්තිරික්ක කරගන්නටවත් බැරිය. ඒ සියල්ල කළ යුත්තේ අම්මාය. වැරදිලා හෝ කුස්සියට පැමිණයහොත් සිදුවන්නේ මල ජංජාලයකි. තියෙන විවිධ දෑ... කොළ වර්ග කඩාගෙන විත් හොද්දට දමයි.. එක්කෝ තුනපහ ආදිය වැඩියෙන් දමා මහ විනාසයක් කොට, භාජන දෙකුතුනකුත් බිම අතඇරියාට පසු කුස්සියෙන් යයි. ඔහුට අවශ්‍ය තමා උයන්න දන්නාබව පෙන්වීමට මුත් සම්බෝලයක්වත් කොටා ගන්නට නොදන්නා බව මම ඉන්තේරුවෙන්ම දනිමි..

අද වාහනයේ දුම්පරීක්ෂාවට යද්දී අම්මා කීවේ ඉදලක් රැගෙන එන ලෙසය. ඊට අවැසි රුපියල් සියය අම්මා දුන් අතර, ඔහු පැය දෙකකින් පමණ එන විට ඒරියලයක් මෙන් කොහුමිටක් වෑන් රථයේ ජනේලයෙන් ඉහළට ඔසවාගෙන එනු දුටු නිසා..,., මා,  " අර මොන මගුලක්ද අර උස්සං එන්නෙ.." ඇහුවේ, තාත්තා ගේන බඩුවල හැටි මා දන්නා නිසාය..

" ආ.. ඉදල වෙන්නැති..පුදුමයි මතක් වෙලා.." කියා අම්මා කියූවත්, ඉදල දුටුවිට ගෙදර සිටි සියල්ලෝම බඩ අල්ලාගෙන සිනාසෙන්නට වූහ. කොළඹ නගරයේ ඇති මහල් නිවාස බැල්කනියක්, ගල් ඇල්ලු හෝ කොන්ක්‍රිට් කළ මිදුල් අතුගා හැකි ප්ලාස්ටික් ඉදලක් ඔහු ගෙනැවිත් ඇත.!

එයින් අපේ අසමමිතික, අසමාන ගල්, මුල්, තණකොළ ගහන මිදුල කිසිසේත් අතුගෑවිය නොහැක.. පස් ගැලවී උඩ මතුවෙයි.. එය රේක්කයකට හොඳය! ඒකටත් පණ මදිය..

දැන් අම්මා බැණ බැණ මිදුල අතුගාන්නේ පරණ ඉදලෙනි.. වැඩිහොඳට කියා රුපියල් 350/- ක්ම දී උස්සං ආ ඉදල නිසා පියා දැන් කරබාගෙන පොතක් කියවාගෙන ඔහුගේ පුස්තකාලයට වී සිටියි!

විශේෂ -
මනෝරම වීරසිංහ යනු මාතලන්ගේ ප්‍රියත්ම බුකි කරයෙකි. මාතලන් බුකිය පැත්තේ වැඩියේ නොයන්නේ, අපේ තාත්තා බුකියට රිංගීම, එයාගේ ආදරණීය නැන්දම්මා වූද, මාගේ ආදරණීය ආච්චි අම්මාට දිරවන්නේ නැති දෙයක් වූ බැවිනි. ආච්චි කිව්වේ, බුකියට යන එකා නැති භංගස්ථාන වන බවකි. ඒ බව සනාථ කරමින්, අගේට බොග දමා දමා උන් විශාල පිරිසක් බුකියට ඇබ්බැහිවීම නිසා නැති භංගස්ථාන වී ගියේය. 

එමෙන්ම එකතරා රටෙක රජෙකුට, තවත් වසර දෙකක් ආතල් එකේ හොරා කන්නට තිබු චෑන්ස් එකත් නැති කරගෙන ඉල්ලාගෙන කන්නට සිඳු වූයේද මේ කාළකන්නි බුකිකාරයෝ නිසාය.

මෙය පල කලේ මනෝරමගේ කැමත්ත අකමැත්ත විමසීමකින් තොරවය. ඌ මාතලන්ට නඩු දමා හිරේ දැම්මද. මෙවන් ආතල් ලිපියකට පබ්ලිසිටි එකක් දී හිර බත් කන එක, මෙය නොදා සිටිනවාට වඩා දහස් වර ප්‍රීතිය ගෙන දෙන්නකි.


ස්තූතියි මනෝරම...!!!

මේ බුකි පෝස්ට් එකට මාතලන් දාපු කොමෙන්ට් එක -

ඒ මනුස්සයට දොස් නොකියා මොඩන් ඉට්ටැයිල් එකට මිදුල ලෙවල් එකට හදා ගනිං බං....


95 comments:

  1. මමත් ඕක බුකියෙන් කියෙව්වා. සේනාරත්න අංකල් ගැන ඔහොම කිව්වට මනෝරම ඉස්කොලේ යන කාලෙ හිටියෙත් ඔළුවට පොල්ගෙඩිය වැටිලා වගෙ. වතාවක් මරදානෙදි කියපු කතාවකට අපේ ඉළ ඇදුනා.

    ReplyDelete
    Replies
    1. "එකතරා රටෙක රජෙකුට, තවත් වසර දෙකක් ආතල් එකේ හොරා කන්නට තිබු චෑන්ස් එකත් නැති කරගෙන ඉල්ලාගෙන කන්නට සිඳු වූයේද මේ කාළකන්නි බුකිකාරයෝ නිසාය."


      ඒ විතරක් යැ මාතලන් වගෙ බුකී කාරයන්ට 1600/- ගානෙ හොයාගන්න හම්බ උනේ

      Delete
    2. මාතලං හරි කට්ටය නේද?..... අනුන්ගෙ බොලොග් කෑල්ලක් හරි දාල අගට මහින්දට පොඩි මඩ වාක්‍යයක් එල්ල 2000 ගන්නවා

      Delete
    3. අනෙද කියන්නෙ රනිල් අරලියගහ මන්දිරෙ තිබ්බ සන්නිවෙදන බලකායෙ රැස්වීමටත් ගිහින් තිබුනෙ.

      Delete
    4. දැන් මාතලන් 1,600 ක් ගත්තත් 2,000 ක් ගත්තත් තොපිට පාන්ද? තොපේ අමමයෙ එකවුන්ට් එකෙන්ද මාතලන්ට ගෙවන්නෙ ඈං?

      Delete
    5. හිරිකොතෙන් සල්ලි ගත්තට කිසී ප්‍රශ්නයක් නෑ. හැබැයි මිනිස්සු දැන ගන්න ඔනෙ එකසත් ජාතික පක්ශ සන්නිවෙදන බලකාය කියන්නෙ මොකක්ද කියලා. නැත්නම් වෙන්නෙ ප්‍රජාත්‍රන්තවාදයෙ විකුර්තියක්.

      Delete
    6. දැන් දන්නවනෙ. ඒ හන්ද කට වහන් හිටපන්.

      Delete
    7. http://slparliment.blogspot.com/

      Delete
    8. මනෝරමයා අපූරූ ලියන මහතෙකි...

      Delete
  2. මරු ලිවිලි ටිකක් තියෙනවා ඔය හාදයාගේ.. නිකමට හරි බ්ලොග් කට්ටක අප්ලෝඩ් පාරක් ලාවට වගේ දාලා තිබ්බ නං මදෑ නේද? අපි පත්තරයා මලයා ප්‍රා (බයෙත් බෑ රාජිත) මෙන්ඩා වගේ කස්ටිය දම්මල ගේම ගහමු... තැන්කුයි මාතා.. අද මහ කම්මැලි දවසක්...

    ReplyDelete
    Replies
    1. //දම්මල ගේම// ????
      ඒකෙ රූල්ස් ගැන දේශනයක් දෙන්නකො ඉස්සෙල්ල

      Delete
    2. ඌ බොග දැමීම කෙසේ වෙතත්, බොග දාන උනුත් බුකි ගිහින් විනාශ වෙන කාලයක් මචෝ මේක.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අපේ කොල්ලත් බුකියෙන් ඈත් කරල තියන්ඩ ඕනෙ, නැත්තම් මනෝරම වගේ මා ගැන ඌත් ලියයි.
    මනෝරම බුකිගත වෙලා ඉන්න එක අපරාදයක් තමයි. බ්ලොග් පෝස්ට් ලිවුවනම් ගොඩක් හොදයි.

    ReplyDelete
    Replies
    1. වෑසක ඩෑල් වලට දෙපාර දැම්මත් මදි වගේ නේද??

      Delete
    2. වෑසක ඩෑල් වලට දෙපාර දැම්මත් මදි වගේ නේද??
      +++++++++++++++++++++++
      කම්මල හැම තැනම ඩබල් වෙලා .....

      Delete
    3. ඔව් යකෝ මගෙ Tab වයසට ගිහින් පිස්සු කෙලිනව.

      Delete
    4. ඔව් යකෝ මගෙ Tab වයසට ගිහින් පිස්සු කෙලිනව.

      Delete
    5. ඒකටත් ටැබ්ලට් තියනව

      Delete
    6. ඒකටත් ටැබ්ලට් තියනව

      Delete
    7. මට පේන්නෙ ප්‍රා ටත් ඒ ටැබ්ලට් එක ගන්න වෙලා වගෙයි.

      Delete
    8. මට දුකයි.. කම්මලයා ගැන

      Delete
    9. මට දුකයි.. කම්මලයා ගැන

      Delete
    10. ^ වෑසක ඩෑල් වලට දෙපාර දැම්මත් මදි වගේ නේද?? x2

      Delete
    11. ^ වෑසක ඩෑල් වලට දෙපාර දැම්මත් මදි වගේ නේද?? x3

      Delete
    12. උඹ ගැන නෙමෙයි බං, අපේ එකත් මං ගැන ලිව්වොත් ලියන්නේ ඔය ටිකම තමයි.

      Delete
  5. බුකියට බිලිවුණු හොඳම අපේ (බ්ලොග්) එකා තමයි චාර්මි සෑම්.

    තව මනෝරම වගේම එළ බුකිකාරයෙක් හිටියා දමිත් කේතක කියලා. දැන් අතුරුදන්.

    ReplyDelete
    Replies
    1. තමුසෙලා තමුසෙලාගේම සයිට් එකේ ගහන ඇනෝ කමෙන්ට් එක්ක අපි වගේ හිත හයිය එකෙකුට මිසක් අවංක අසරණ එකෙකුට ඉන්න බැහැ. උඹලා හිට්ස් බලාගෙන ලියන එවුන්නේ. ආගමක්, ජාතියක් නැති අපතයෝ.

      Delete
    2. ඒ දන්න ටික තමයි, අනේ මෙවැනි අමනයින්!

      Delete
    3. හැක් හැක්.. ඔය කකාගේ යාලුවෙක් වෙන්ටෑ..

      Delete
    4. ඕනම දෙයක් සුළු කාළයයි කියනවනේ. සයිබරේ නම් ඒ කාළය බොහොම කෙටියි.

      Delete
  6. "මේ ඉර හඳ යට පුහුදුන් වූ අප කාටත් වරදිනවා"

    ගුණ ගී වරුසා පැසසුම් ඝෝෂා
    රැව් දෙන්නේ මරණින් පස්සේ
    කී දොස් නැවතී එතුවක් පැවතී
    හොඳ මතුවේ මරණින් පස්සේ...

    නොතකා සිටි ඒ වටිනා ජීවිත
    පොළොවේ සැඟවෙන දා
    කළ මහ සේවා සත්ගුණවත් කම්
    ගුවනේ රැව් දෙනවා...

    මේ ඉර හඳ යට පුහුදුන් වූ අප
    කාටත් වරදිනවා
    යම් යම් තැන්වල සමහර සිතුවිලි
    කාටත් පැටලෙනවා...


    ගේය පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන
    තනුව සහ සංගීතය : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු
    ගායනය : මයිකල් පීරිස්

    මාත් මේදවස් වල බුකි ගතවුනා බොලොග් නැති නිසා ....හැක්

    ReplyDelete
    Replies
    1. මම යහන්ගත වුනා මේ ටිකේ .. හැක්

      Delete
    2. මැරෙණකන් ඉගෙන ගන්නවය කියලා කතාවකුත් තියෙනවනේ..

      Delete
  7. මනෝ කියන දේකට රිප්ලයි කරද්දි හෙන පරවේසමෙං. හිහි

    ReplyDelete
  8. රටක් වටින ලියවිල්ලක්. ලිව්වට මනෝට තුති. දැම්මට මාතලන්ට තුති.

    ReplyDelete
    Replies
    1. බැලුවට ඔහේටත් තුති..

      Delete
  9. මාත් ඕක බුකියෙ දැක්ක. මොන ලබ්බකට ඔයවගේ ඉදල් හදනවද මන්ද. ඔතන තනිකර වැරැද්ද ප්‍රමිතියෙන් පිට ඔය වගේ ඉදල් හදන උං මට්ටු කරන්නෙ නැති එක. :D

    ReplyDelete
  10. //රුපියල් 350/- ක්ම දී උස්සං ආ ඉදල නිසා පියා දැන් කරබාගෙන පොතක් කියවාගෙන ඔහුගේ පුස්තකාලයට වී සිටියි// තුන්සිය පනහකින් ඔය ටික කර ගත්ත මදැයි..

    ඔය බුකියට යන එකට මට මතකයි ඉස්සර අපේ අම්මත් උන්දැගේ මස්සිනා පොඩ්ඩට බනිනවා.. අපේ තාත්ත කාරයානම් කවදාවත් ගියැයි කියල මං අහල නෑ.. සමහරවිට අම්ම බනින නිසා හොරෙන් යන්න ඇති මං දැන් අපේ උන්දැට බයේ හොරෙන් හොරෙන් බුකියට යනව වගේ..

    අදටත් ඉතින් බුකියෙදිනම් ඉඳල හිටල හොඳ හොඳ අස්පයෝ වැඩ කරනවා.. හැක්.

    ReplyDelete
    Replies
    1. මාත් කාළයක් ගියා... හැමදේම වගේ ඒකත් දැන් මට මතක නෑ...

      Delete
  11. මාතලන්...... උබ වගෙ ජාතියක් ජම්මයක් නැති අපතයෙකුට එක තාත්ත කෙනෙක් වෙන්න නං කොහොමත් බැ. තාත්තල මික්ස්චර් එකක් ඇති. අම්මගෙන් අහල බලාපන් මරදාන පැත්තෙ කරක් ගහනකොට කීයක් ගණන් තියාගත්තද කියල.

    ReplyDelete
  12. මම හිතුවෙ මනෝරමගෙ බ්ලොගක් ඇති.. මට හොයාගන්න බැරිව කියලා... ලිව්වොත් වටී...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එයා බොග දාන්නේ නෑ අනේ...

      Delete
  13. මාතලන්ගෙ ප්‍රියතම බුකියා වෙන්න ගැලපෙන්නෙම මනොරාම තමයි. දෙන්නා පරම්පරාවල් දෙකක උනාට දෙන්නම එක්සත් ජාතික පක්ශයට ජාතක වෙලා ඉපදිච්ච දෙන්නෙක්. අයිඩියාස් එහෙමත් ඇරක් නැතුව එකිනෙකට ගැලපෙනවා.

    ReplyDelete
    Replies
    1. අපේ ලේ කොල පාටයි මෙයා...

      Delete
  14. ෆොටො එක දැක්කමනම් රනිල්ට ගැලපෙනවා කියලත් හිතෙනවා.

    ReplyDelete
  15. අර රතු පාටින් ලියලා තියෙන ටිකට මාත් ඇතුලත් වගේ බුකි ගත වුනා කියන්නෙ බොගට දෙවි පිහිටයි ............

    ReplyDelete
  16. මෙයාත් උඹලා වගේම බුකියට ගැලපෙන්නෙ නෑ මචෝ කොහොමත්. ඒකට හොඳ වාක්‍ය දෙකයි කාටූන්/ෆොටෝ එකයි දාන ‘දාස‘ වගේ පොරවල්.

    ReplyDelete
    Replies
    1. පොටෝ කිව්වේ සෙල්පිද මක්කද දාන උන් වෙන්ඩෑ

      Delete
  17. තාත්තා කියන චරිතය හෑල්ලුවට ගනිමින් මෝඩයකුටත් පිස්සකුටත් සමාන චිත්‍රයක් මවමින් ඒ මනෝරම නමැති අපතයා කරන දේ අගය කරන ඔහේලා ඔක්කොමත් අපතයෝය. මොනවා කලත් තාත්තා තාත්තාමය. හැමෝටම අඩුපාඩු ඇත. මගේ තාත්තා ගොවියෙකි. පාසල් ගොස් නැත. නොයෙකුත් විහිලු සහගත දේ කරයි කියයි. විවේචනය කරයි. අන්තර්ජංජාලය පේස්බුක් ආදිය ඔහුට තේරුම් කරන්නට බැරිය. එහෙත් අපේ අම්මා ඔහුට තමුසේ කියා අඬගසන්නේවත් රූපවාහිනිය බලන විට එලවා දමන්නේවත් නැත. අපි කිසිකෙනෙක් ඒ දුප්පත් නූගත් තාත්තාට ගරහන්නේ ද නැත. ඔහු කරන කියන දෙයින් ආතල් ගන්නේ ද නැත. අනික් අපතයන්ට චූං ගන්ට, බොලොග්කටුවට හිට්ස් ගන්ට, බුකියේ කැපී පේන්ට හෝ ලයික් ගන්ට ඔහු පිලිබඳ පෝස්ටු දමන්නේ ද නැත.

    මේක කියවා අවසානයේ "උඹත් එහෙනං ගමේ මෝඩ බයියෙක් වෙන්ට ඇතැ" යි මට කියන්නට අදහස් කරන ඇත්තන්ට කල් ඇතිවම කියමි. අපේ තාත්තාගේ දරුවෝ තිදෙනාම කාටවත් අතනොපා ජීවත් වන්නට උවමනා අධ්‍යාපනයක් ඇත්තෝය. මම ද ඉන් එකෙක්මි.

    ReplyDelete
    Replies
    1. අනාවැකියක් කියන්නද? උඹයි තාත්තයි දෙන්නම ඡන්දෙ දෙන්නෙ මහින්දට නේද?

      Delete
    2. රට ජාතිය ගැන හැගීමක් නැති උන් තාත්තා ගැන මෙහෙම හීනමානයෙන් හිතන එකත් පුදුමයක් නෑ. අම්මලා තාත්තලා කරලා දීපු ඒවගෙන් පොඩි රස්සා කෑල්ලක් කරන ගමන් ඒ මිනිස්සුන්ට ගරහන එක මුන්ට හරි පොශ්. කොටියට කඩෙ යන එකත් හරි පොශ් කියලා කාලයක් හිතපු එවුන්නෙ ඔය.

      Delete
    3. TO: Anonymous June 19, 2015 at 6:38 PM

      ඇනෝ උඹේ තර්කය අනුව එහෙනං ටොයියො ඔක්කොම මනෝරම වගේ, අම්මා තාත්තාට ගරහන අර ලැම්බෝගිනි ඉල්ලපු එකා වගේ අපතයො ! ඒ ටොයි කමෙන් මොකටද බං?

      Delete
    4. දැන් කොතැනද මෙතැන මනෝරම තාත්තට ගරහන්නෙ? ඇත්ත ඇති සැටියෙන් දැකීම ගැරහීම කියල හිතනව නම් උඹත් අමුම අමු බයියෙක් තමයි. තෝ වගේ එවුන් හන්ද තමයි මේ රට තාම එක තැන.

      Delete
    5. @ Anonymous June 20, 2015 at 7:32 AM

      "ඇත්ත ඇති සැටියෙන් දැකීම... ????"
      මනොරමයා තමන්ගෙ පියාට ගරහන හැටි, අනික් ටොයියන්ට බයියන්ට චූං ගන්න ආකාරයට ඉදිරිපත් කරලා හැටි නොපනෙන ගොන් අපතයෝ. තොට පේන්නැද්ද මේකෙන් ලමයි දෙමාපියන් දිහා බලන හැටි වෙනස් වේගෙන එන බව? මේ විදිහට හිතන උං බෝ වුනොත් ද රට ඉස්සරහට යන්නේ. දෙමාපියන්ට ගරු සරුවක් නැති උං රූකඩ විදිහට ගන්න අපි තමා සරුවඥලා කියන හිතන හැත්තක් බෝ වෙන එකද හොඳ? ඒකද තෝ කියන ටොයියන්ගෙ හරි බයියන්ගෙ හරි දියුනුව? තොට උත්තර දෙන්ට ගිය කාලෙත් අපරාදෙ අවජාතකයා

      Delete
    6. අනේ බයියෝ තොගෙ මොළේ තියෙන්නෙ පුකේද? තොපිට ඕනෑ කිසිම විචාර බුද්ධ්යක් නැතුව ඔහේ වැඩිහිටියෝ කියන ඕනෑම මඟුලක් ප්‍රශ්න නොනඟා අහන් ඉන්න තරුණ පරම්පරාවක්ද? තොපි නම් ඒකට කැමැති ඇති මොකද මිනිස්සු ප්‍රශ්න මතු කරන්න ගියාම තොපේ සිඟිති ආතල් කැඩෙන නිසා. හැබැයි බයියෝ මතක තියා ගන් බුද්ධාගම කියලා එකක බිහිවුණෙත් සිදුහත් කුමාරයාට තමන්ගෙ තාත්තාට විරුද්ධ වෙන්න පුළුවන් වෙන්න තරම් ගටක් තිබුණු නිසා බව. අද තරුණ පරම්පරාව බුද්ධිමත් තොපිටයි තොපේ මැදමුලන හොරාටයි ඕනැ ඕනැ විදිහට උන්ව නටවන්න බැහැ. උන් එක ස්ර්‍අයයක් මැදමුලන පරයගෙ පුකට පයින් ගහලා එලෙව්වා. තව සැරයක් ඕකට ඒම කරනවා ළඟදිම. අවජාතක බල්ලා. තොපි වගේ එවුන් හදපු එකා අහු වුණානම් ඒකට කරන දේ දනී.

      Delete
    7. හූ හූ දේසපාලනේ ගාවගෙන ඉතින් ප්‍රශ්නෙන් පැනලා යනවා. අනේ සුකේ. බොගෙ විචාර බුද්ධිය නිසා ඕං දැං දෙමාපියොත් බලුනොවටින ගානට වැටිලා. බුද්ධාගමත් ඈඳගෙන. යන්නෙ කොහෙද මල්ලෙ පොල්

      Delete
    8. AnonymousJune 21, 2015 at 1:09 AM

      අනේ උඹ වගේ මෝඩ මූසලයෙක් බං. උඹේ නූගත් තාත්තා කොන්ඩෝම් කියන්නෙ මොනවද හාංකවිසියක් දැනගෙන නොහිටි එකට දැන් පව් ගෙවන්න වෙලා තියෙන්නෙ අපට.

      Delete
    9. උඹලැයි තාත්තට තිබුනේ සරමෙ පිහලා දාන්න..

      Delete
  18. ගොඩක් ළමයින්ගේ ඉරණම ගැන කියවෙන කතාවක්...ඒ වගේම තවත් දෙයක් ගැන මගේ අදහස දක්වන්න කැමති.මේක දාන්නේ ගොඩක්ම ඔය "වැඩිහිටියන් විවේචනය කරන්න ළමයට තහනම්" කියන උදවියට!.

    "වැඩිහිටන් විවේචනය හොඳ නෑ..එයාල කියන හැමදේම අහන්න ඕනේ...අපි වැරදි නැති උනත් එයාල මොකක් හරි දේකට බැන්නොත් ඒවා අහන් ඉන්න ඕනේ...නිදහසට කරුණු කියන්න හොඳ නෑ..ඒක එකට එක කීමක් වෙනවා!" ..මෙන්න මේ බහුබූත සමාජ නීතිය හින්දා වැඩිහිටි අය මොන වැරැදි දේ කලත් ඒ ගැන කිසිම අදහසක් දක්වන්න ගොඩක් ළමයින්ට බැරි වෙනවා..සමහර වෙලාවට ළමයෙක් එහෙම කිව්වොත් වැඩිහිටියෝ ප්‍රතිචාර දක්වන්නේ "එයා හරි පන්ඩිතයි දැන්.ඉන්නවකො දෙන්න හොඳ සබ්බුවක්.උඹේ කට වැඩියි දැන්.මම කාලෙක ඉඳන් බලාගෙන හිටියේ." වගේ දේවල් කියලා. ඇත්තටම මං නම් හිතන්නේ ඕනෙම කෙනෙක් ට විවේචනය කරන්න නිදහස තියෙන්න ඕනේ.ළමයෙක් තමන්ගේ දෙමව්පියන්ගේ වැරැද්දක් උනත් දැක්කොත් ඒ ගැන කතා කරලා විසඳගන්න අවස්ථාව දෙන්න ඕනේ.ඒත් අද වෙන්නේ ඒක නෙමෙයි නේ.ඔය දේ හින්ද ළමයගේ අදහස් වලට සීමා පැනවිලා පසුගාමි වෙනවා කියන එකයි මගේ අදහස..

    ReplyDelete
    Replies
    1. මනෝරම වීරසිංහ ළමයෙක් නොවේ. විවේචනය කල යුත්ත නොකල යුත්ත මෙන්ම විවේචනය කල යුත්ත තවකෙකෙුගේ සිත, විශේෂයෙන්ම දෙමව්පියන්ගේ සිත, නොරිදෙන ආකාරයට, එයින් කොහෙවත් නැති බුකිකාරයන්ට ආතල් ගන්නට ඉඩ නොලැබෙන ආකාරයට විවේචනය කරන හැටි ගැන තේරෙන වැඩිහිටියෙකි. සමාජශික්ෂණය යනු එයයි.

      Delete
    2. සහතික කරන ළද අමූලික ඇත්ත.

      Delete
  19. ස්තුතියි බෙදා ගත්තට ... මේ අපේ අප්පච්චිද , මම ද කියලත් හිතුනා වෙලාවකට

    ReplyDelete
    Replies
    1. මේක දැනෙන්නේ එහෙම උන්ට තමයි....

      Delete
  20. මනෝගෙ ස්ටයිල්ම තමා හිටං

    ඌත් පත කිරි කලේකට ගොම දාන එක පුරුද්දකට අරන්නෙ දැන්.

    ReplyDelete
    Replies
    1. ගොම නොදා කොහොමෙයි... චක්කෝ පිරිලා ඉන්න රටක.

      Delete
  21. කැඩපත් පවුර

    මොනවා හරි කුරුටු ගාලා යන්න ..---------> කැඩපත් ද ? කැටපත්ද ? :o

    ReplyDelete
  22. ජීවිතය ඔහොමය, අපි හැම කෙනෙක් ම කාලයට ගැලපෙන්නේ නැතිවුනාම හෝ පවතින රටාවට පිටින් යනවිට අනුන්ගේ අනවශ්‍ය අවධානයට ලක්වෙයි. ඊට පසු එය රසවත් කතාවකි. එතනින් කතාරසය පමණක් අරගෙන රසවිඳින්නට නොහැකි වූ විට අම්මට තාත්තට ආච්චිට අපහාස කොලාය. තොපි මහා කාලකන්නිය, අපතයන්ය කියා දොස් පරොස් අහන්නට වෙයි. අනේ අපොයි . කතාව මටනම් රසය. නමුත් අර අයිතිකරුවන්ට අනුව මෙය මහා පාප කාරී පොස්ටුවකි .

    ReplyDelete
    Replies
    1. අන්න හරි ඉවාන් ලොක්කා. උඹට විතරයි තේරුනේ. කතාව රහයි නං ආයෙ මොනවද නේද? ලෙඩා මලත් බඩ සුද්දයි. ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා නෙහ්? අම්මා අප්පා නෙවෙයි බුදුහාමුදුරුවො ගැන උනත් කමක්නෑ කතාරසය එන විදිහට ලියලා දෙනවනං ඕන බලුකුනක් රහයි බං නෙහ්?

      Delete
    2. පිස්සු හුටංලා කොහෙද නැත්තේ හිටං ආයිබෝවන්ඩ.

      Delete
  23. කතාව කතාවක්ම විතරය.හැම කතාවක්ම පණ්ඩිත කතාවක් වන්නේ නැතිය.හිනාවට ඉඩදුන් කතාවට තුති

    ReplyDelete
    Replies
    1. අන්න හරි වත්සලා. ඔයාට විතරයි තේරුනේ. කතාව රහයි නං ආයෙ මොනවද නේද? ලෙඩා මලත් බඩ සුද්දයි. ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා නෙහ්? අම්මා අප්පා නෙවෙයි බුදුහාමුදුරුවො ගැන උනත් කමක්නෑ කතාරසය එන විදිහට හිනා යන විදිහට ලියලා දෙනවනං ඕන බලුකුනක් රහයි නෙහ්?

      Delete
    2. ඇයි බුදුහාමුදුරුවො කියන්නෙ පොරක්ද?

      Delete
    3. ඒක හුදෙක් සරදමක් විතරයි.ඊට යටින් තිබුනු අර්ථය ඔයාට දැනුනේ නැද්ද?තාත්තට අපහාස කැපු එක විතරමද තේරුනේ.අනේ මන්දා මේ ඇනොත් පොලිටික්කෙක්ද කියලා...ගන්න තේරුම් ඕන තරම් තියෙද්දී අහක තියන එක කෑල්ලක් අල්ලගෙන උඩ පනින්නේ ඒ වගේ අය නොවැ

      Delete
    4. වත්සලා ගමනක් යද්දී පාර දිගේ බුරන බල්ලන්ට ගල් ගහන්න නවතින්න එපා. එතකොට පරක්කු වෙන්නේ අපේ ගමන. උන් ඔහේ බුරපුවාවේ . පව්නේ

      Delete
    5. සැමදෙයම සිනාවෙන් විසඳාගන්න ඇත්නම්..

      Delete
  24. වන්නි වන පෙතේ ගම් දනවු පුරා නිවහන වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
    අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්

    ReplyDelete
    Replies
    1. එහෙම තාත්තලත් ඉන්නවා... මෙහෙම තාත්තලත් ඉන්නවා..

      Delete
  25. සා රස තුමා දැන් ඇනෝ එන නිසා හරි බිසී වගේ.

    ReplyDelete
  26. යස කතාවකි. උයන ටික හැරෙන්නට ඉතිරිය අපේ ගෙදරටද සමානය. අපේ පියාට නම් කෙසේ වෙතත් යස අගේට උයන්න නම් හැකිය.

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තාටද එසේමය..

      Delete
  27. ඇලෙක්ස් ඩිලාජ්June 23, 2015 at 3:32 AM

    සේනාරත්න වීරසිංහ ගැන මා දැනගත්තේ විශිෂ්ඨ පරිවර්තකයෙක් ලෙසයි - ඔහු විසින් පරිවර්තනය කළ ඉන්දියානු නවකතා කිහිපයක් මා කියවා ඇති අතර ර‍ොබට් බ්ලොෂ් ගේ සයිකෝ , රොබින් හුඩ් ඔ‍ෆ් ෂර්වුඩ් ආදි පරිවර්තන අපේ නිවසේ ඇත - විශිෂ්ට දක්ෂතා ඇති පුද්ගලයන්ගේ ඔවැනි සුළු අමුතු සේ පෙනෙන ගතිගුණ තිබීම සාමාන්‍යයකි -

    ReplyDelete
  28. මනේමගෙ මේ කතාව මාත් ආසාවෙන් කියෙව්වා. එතැනට මම දැම්මා මට වෙච්ච දේ. ඉස්සර බ්ලොග් කතාවක දාපු එකක්. ඒ කමෙන්ට් එකටත් ලයික් තිබ්බා බොහෝම. කස්ටිය මගෙ කතාව කියෙව්වද දන්නැ.

    මේක තමා ඒක..

    http://www.samindikasrimantha.blogspot.com/2011/11/blog-post_28.html

    ReplyDelete
  29. මනෝරම, සේනාරත්න වීරසිංහගේ පුතාය කියලා දන්නේ දැනුයි. මනෝරමගේ සමහර විවේචනයන් එක්ක නම් මගේ එකඟතාවක් නෑ... හැබැ‍යි සමාන්‍යයෙන් මනෝරම ලියන දේවල් වල විශේෂත්වයක් තියනවා...

    ReplyDelete
  30. මාතලා...න්, පර්ලිමේන්තුව විසිරෙව්වා.......හ්! ගන් රෙද්ද කරට දුවපිය සිරිකොතට.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න