.

.

Jul 28, 2015

හැලපයාගේ ගෙදර තිබූ අටමාගේ පාටිය, පෝටෙලෝ හා ආනා පුංචිහේවා - Atamaa's Party at Helapaya's Place, Portello & Ana Punchihewa



අටමා කියන්නේ මාතලන් වාගේම බොග දානා එකෙක්ය. ඌ, මාගේ ආත්ම ගානක් පස්සෙන් එන ජන්මාන්තර වෛරක්කාරයෙක්ය. ඒත් ඉතින් මක්කදෝ කරුමයට සේරිවානිජයයි කච්චපුටයයි එක පාරේ සේල්ස් යනවා වාගේ, අපි දෙන්නත් මේ බොග් මාවතේ, වලි, කසිලි බිසිලි මැද අපේ ගමන යනවාය.

අටමා සහ නලියා කලින් සෙට් වෙලා තිබුනද, බොග සංගමයේ සෙට් එකක්ම මුලින් සෙට් වූයේ අටමාගේ නිවසේය. ඒ පාටිය නැගලාම ගියේය. සමහරක් උන් ලේට් වෙලා ඇවිත් එරියස් එක්ක ගසා, අටමාගේ කෙහෙල් පඳුරු වලට පෝරත් දමා ගියා කියා ඒ කාළේ පත්තර වල තිබුනේය.

මාතලන්ට මතක විදියට ඊළඟට කස්ටිය සෙට් වූයේ, හැලපයාගේ ආදරණීය මෑණියන්ගේ මළ ගේ දවසේය. එදා හැලපයාගේ නෑ ගෙදරක සෙට් උන කස්ටිය, අවමගුල, මගුල් ගෙයක් කරගෙන, මහා බොග සම්මන්ත්‍රණයක් පවත්වා, (සුද්දාගේ හින්ගලද සමඟ) සංවේගාප්ප්‍රාප්ත ජනතාව අමන්දානන්දයට පත් කලේය. ඒ සම්මන්ත්‍රොනේ දැකපු එකෙක්, ආයේ බොග කියවන්න නම්, සංසාරෙදේ තියා අම්පාරේදිවත් ලැප් එකක් දිග අරින්නේ නැතිය.

ඉන් පස්සේ චෙෆාකිගේ දියවන්නාවේ සුරම්‍ය නිවසේදීද, දමියාගේ නිවසේද, වෙනත් ඉස්තානවලද සෙට් උනාට, පාටි දීමේ දොල දුක අටමාගෙන් ඉවත් වූයේ නැත. ඒ පරම වූත්, පවිත්‍ර වූත්, උතුම් චේතනාව හේතුවෙන්ම, නැවතත් පාටියක් දාන්න යනවා කියා පොකුරු ඊමේලයක් ගූ ගල් හරහා ආවේය. දිනය පසුගිය 18 ය. පාටියකටම ගැලපෙන දිනයකය. හෙනහුරාදාවකය.

දිනමිනෙන් එලෙව්ව නිසා රාජකාරියක් නැතිව, බුකියේ ඉස්ටේටොස් දම දමා ඉන්නා නලියා කවදත් වගේ උදේ පාන්දරම සැපත් වෙලා සිටියේය. අටමාගෙන අසා ගත් පරිදි අතුරු පාරවල් 108 ක ගමන් කිරිමේන් අනතුරුව, හැලපයාගේ බවනට ඉතා ආදරයෙන් පිලිගත් අටමා, නැවත වරක් හැලපයාට අපව හඳුන්වා දීමෙන් අනතුරුව, හැලපයා ඇහුවේ, දැන් බොන්නේ මොනවාද කියලාය. ගත් කටටම් මාතලන් කිව්වේ අරක්කු කියාය.

ඒත් අරක්කු වලට කලින් ආවේ ෆැන්ටා පෝටෙලෝ පත සයිස් බෝතලයක් සහ විදුරු පුරවා ගත් ට්‍රේ එකක් දෝතින්ම ගත්, හැලපයාගේ ආදරණීය හාමිනා හෙවත්, අප කාගෙත් හිතවත් හැලපි නෝනාය. පෝටෙලෝ කියපු ගමන් සැට් එකටම නොස්ටැල්ජියා ලෙඩේ හොඳම කෙන් හැදුනේය.

මාතලන් කොට කලසමත් ගහගෙන සජ්ජුරුවන්ගේ ඉස්කෝලේ යන කාළේ, හැමදාම පෝටෙලෝ එකක් බොන්න නම් අමතක නොකළේය. කැන්ටිමෙන් "අල පාන්" එකක් අනුබව කිරීමෙන් අනතුරුව, ඉන්ටිබල් එක ඉවර වෙන්න කලින් කඩාගෙන දිව්වේ, ඒ කාලේ නවරඟහල වම් පැත්තට වෙන්න තිබූ මිලික් බාර් හෙවත් කිරි හලටය. අපේ අප්පච්චි (මහින්ද මහත්තයා නොවේ) වත්තල බාර් එකට යන අතරේ, පොඩි මාතලන් ගියේ මිලික් බාර් එකටය. 

අප්පා කල දේ නොකරන ඒකා නොට්ටිගෙ පුතා වෙන නිසා. නෝටන් හෙවත් නෝටයාගේ පුතා යාන්තන් අවුරුදු ද හතරක් වෙන කොටම, වනවාසල හරහා බෙරේක් නැති සයිකල් වල වත්තල ගියේ, ගල් බොතලය්ක් වඩම්මාගෙන එන්නය. ඒ කතාව වෙන වෙලාවක කියන්නේ, පෝටෙලෝ කතාව අමතක වෙන්න පුළුවන් නිසාය.

ඒ කාළේ පෝටෙලෝ එක ආවේ, අද ලයන් ක්ල්බ් සෝඩා පොඩි බෝතලේ සයිස් බෝතලේකය. මාතලන් හිතාගෙන උන්නේ බඩු හදලා එවන්නේ දිවිය ළෝකයෙන් කියලාය. ඒ උනාට මතක විදියට බඩු ආවේ පියො බේවරේජර්ස් කොම්පැනියෙන්ය. අද හැම එකාම ආන්ඩුවේ ජොබ් එකක් හොයනවා වාගේ, ඒ කාළේ හැම එකාම හීන දැක්කේ, එක්කෝ පියෝ බේවරේජර්ස් එකේ ජොබකට සැට් වෙන්නය. එහෙම නැතිනම් ටුබෑකෝ එකේය. ක්‍රිකටර්ස්ලාට ජොබ් සැට් උනේ ඔය කොම්පැනි දෙකේය.

ඒ කාළේ ඕකේ ළොකු සර් වෙලා උන්නේ, ආනා පුංචිහේවා උන්නැහේය. උන්නැහේ පියෝ බෙවරේජස් කොම්පැනියට වාගේම ක්‍රිකටස්ලාටත්, සිරි ලංකාවේ කිරිකැට් ඔලටත් කරන්නට පුළුවන් උපරිම සේවය බොක්කෙන්ම කොලේය. කොච්චරක් හොඳට වැඩේ කොලාද කියනවා නම්, 1996 ළෝක කුසලානේ ගෙනාවේ උන්නැහේ ක්‍රිකට් බෝඩ් එකේ ලොකු සර් වෙලා උන්න කාළයේය. 

ඉන් පස්සේ ඒකට ආපු උන් ක්‍රිකට් වගේම, ක්‍රිකඩ් බෝඩ් එකත් කාලා. හප කරලා, සුද්ද කොරලා, ක්‍රිකටර්ස්ලාටවත් පඩි ගෙවාගන්න බැරි, බුන්වත් ආයතනයක් බවට් නම් පත් කොලේය.



සෙස්ස පස්සට....

134 comments:

  1. මොකක්ද බං උඹට තියෙන හදිස්සිය..... උඹ දැන් පැය විසිහතරම කරන ජොබක්වත් කරනවාද????? යකෝ මෙච්චර මැතිවරණ උණුසුම වැඩිවෙලා තියෙත්දිත් උඹට මොනවද බං තියෙන වැඩ.....

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා මචන්. මේක මාතෙ අයියගෙ ආතල් එකනේ...

      ඔය පාටියේ තව ෆන් සිද්දි නැද්ද මාතේ....? අරක්කු බොන්න කියලා ගිහින් බොන්න වෙච්ච දේනම් පට්ට........

      Delete
    2. // උඹ දැන් පැය විසිහතරම කරන ජොබක්වත් කරනවාද? //

      ලංකාවේ සතියේ දවස් 7 ම දවසට පැය 12 කට ආසන්න කාලයක් ව්‍යාපාර කටයුතු කරන ආයතන වලට වඩා සතියට දවස් 5ක් හෝ ඊට ආසන්න කාලයක් දවසට උපරිම පැය 7ක් පමණ පොඩි රෙදි කඩයක් කරන මුස්ලිම් මිනිහගේ අදායම වැඩියි. අනිත් එක ඉස්සර මුස්ලිම් මිනිස්සු විවිධ ආයතන වල ජොබ් කර. දැන් එන්න එන්නම ජොබ් කරන මුස්ලිම් මිනිස්සු අඩුයි. ඒ උනාට හැම එකාටම හොදට සල්ලි තියෙනවා. කිසිම වැඩක් කරන්නේ නැ. ඒ මිනිස්සුන්ට එහෙම ජීවත් වෙන්න සල්ලි කොහෙන්ද? අරාබියෙන් සල්ලි දෙනවද? එහෙනම් ඒ සල්ලි වලට මෙයාල අරාබියට දෙන්නේ මොනවද? මේවා හොයල බලන එක ජාතිවාදයවත් ආගම්වාදයවත් නෙවයි.

      Delete
    3. මම කාලෙකට ඉස්සෙල්ලා ලංකාවට සහල් , පරිප්පු ගෙන්වන සිංහල ව්‍යාපාරයක
      වැඩ කරා. අපි සමහර වෙලාවට ඉතා විශාල වශයෙන් පාඩු ලබනවා හදිස්සියෙන්ම සමහර මුස්ලිම් ව්‍යාපාරිකයන් ඉතා අඩු මිල ගණන් වලට වෙළදපොලට නිකුත් කරන පරිප්පු සහ සහල් තොග නිසා. හොයලා බැලුවහම උන් ගේන්නෙත් අපි ගේන තැන්වලින්මයි .

      පිටකොටුවේ බොහොමයක් ව්‍යාපාරිකයෝ විශ්වාස කරනවා මේ කන්ටනේර් ඇතුලේ සහල් සහ පරිප්පු සමග මත්ද්‍රව්‍ය සගවා ගේන බව. ඒ හින්දා උන්ට ඒ සහල් සහ පරිප්පු නිකං දුන්නත් කමක් නැහැ .

      දවසට තුන් පාරක් පල්ලි ගියාට අවලම් වැඩ ඔක්කොම කරන්නේ මුන් තමයි

      Delete
    4. දැන් නම් පැය 24ත් මදි මචෝ

      Delete
  2. (මාතලන් ඉල්ලුමට සැපයුම නෙහ්?)

    පෝටෙලෝ වලට නං එහෙමකට කැමැත්තක් නෑ.
    හැලපෙගෙ ගෙදර සෙට් වෙච්ච පින්තූරු නං දැක්ක.

    ReplyDelete
    Replies
    1. මම මචෝ මගේ පින්තූරයක්වත් දානවට අකමැති මනුස්සයා නේ... නැත්නම් කැමරාමන්ලා වෙනම ගෙන්නලා උන්නා.. අර හොම්බ දිග කැමරාත් එක්කම..

      Delete
  3. මදෑ පාටියේ විස්තර බලන්න ආවා. යකෝ පෝටෙලෝ බෝතලයක් බීලා ඔච්චර ඩෝප් වුනාද? අටමෝ, හැලපේ, අනේ උඹලාවත් ලියපල්ලකෝ ඇත්තටම එදා 'මොකෑ වෙච්චේ' කියලා.

    ReplyDelete
    Replies
    1. වෙන මොනවද ඉතින් වෙනද වගේම මුන්ගේ පක්කලි වැඩ වලට මං කඩේ ගිය එක තමා , හම්මේ නලියගේ බයිසිමොටෝව තමා බයිසිමොටෝව

      Delete
    2. සිගරට් ගේන්න දෙපාරයි, ස්ප්‍රයිට් ගේන්න සැරයයි..... ආපු නැති උන්ට මොකෑ උනේ කියලා කියන්න එපා අටමෝ...

      Delete
    3. අට්ටමයි සෝඩයි අතර තියෙන්නෙ සංසාරගත බැඳීමක් :D

      Delete
    4. මෙහෙමයි විචාරක, අද ගමක් ගත්තත් නගරයක වුවත් අපට හමුවන කල්ලි ගැහැලා ඉන්න තරුණයෝ ගත්තාම හරි අධ්‍යාපනයක් නැහැ, ඉතින් මෙයාලා සමාජයේ කැපී පේන්න නොයෙක් අකටයුතුකම් කරනවා; අධ්‍යාපනයක් නෑ වගේම මෙයාලා විනය අතිනුත් අන්තිමයි, මෙයාලා නොයෙක් දාමරික වැඩ කරනවා, සමහරවිට මුදල් හොයාගන්ඩ හොරකම් කරනවා, නමුත් මෙයාලා හිතන්නේ එයාලා තමයි හැම දෙයක්ම දන්නේ කියලා, උගත් බුද්ධිමත් තරණයන් වගේ මෙයාලට ලැජ්ජා බය නැහැ, සංවාදයෙන් සාකච්චාවෙන් විසදුම් හොයන්නේ නැහැ, ඒ සඳහා වූ බුද්ධියක් නැහැ, ජනතාව එකතුවන තැන් වලදී කැපී පෙනෙන්න උත්සාහ කරන මෙයාලා මැතිවරණ කාළයට කවුරු හෝ බලය ඇති අය සමඟ එකතු වී වැඩකරනවා. ඉතින් ගමක හෝ නගරයක ඉන්න උගත් බුද්ධිමත් කොටස් මෙයාලට ඉහළින් කටයුතු කරන්නේ නැහැ, බලන්න අද සමාජයේ ස්ත්‍රී දූෂකයෙක්ට කට්ටිය කියන්නේ කොහොමද ? මරු ඩයල් එක කියලා , මිනීමරලා බේරිලා ඉන්න එකාට මොකද කියන්නේ ? සුපිරි බඩුවක් ඈ,..හොරකන් කරලා බේරෙන එකාට මොකද කියන්නේ ? මරු මීටරේ ඈ,..???

      Delete
    5. පෝටලේ බෝතලේ තමයි මචෝ ලිකර් වලට ඇපටයිසර් එක...

      ඊට පස්සේ ගණු දෙණු කරපුවා ලිව්වොත් හෙම උඹට ඉරිසියා හිතෙනවා...

      Delete
  4. පෝටෙලෝ නිකන් ආව වෙන්න බෑ... මස්කට්,පැණි බූන්දි වගේම මාස් චොක්ලට්,පෝටෙලෝ එහෙමත් තිබිලා වගේ..

    ReplyDelete
    Replies
    1. ඊටත් වඩා දේවල් තිබුනා පනේ...

      Delete
  5. පෝටෙලෝ වලට වඩා නෙක්ටො රසය. පෝටෙලෝ බෙහෙත් රසය. කොහොමත් රසම බීම එලිපන්ට් හවුස් ය. ඒකෙනුත් ඔරෙන්ජ් බාර්ලි සහ ලෙමනේඩ් සුපිරිය. කැත නැතුව ඔරෙන්ජ් බාර්ලි ලීටරේ එක හුස්මට ගහතහැකිය.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම. මගේ ටේස්ට් එකමයි උඹටත් තියෙන්නෙ.

      Delete
    2. මටනම් ජින්ජර් බියරුයි, ලේමෙනෙඩ් තමයි සුපිරි!

      Delete
    3. මගෙනම් කැමැත්ත ඔරෙන්ජන් බාර්ලි සහ නෙක්ටෝ ය...
      දැන් ඒවා ඉස්සර ඒවා තරම් රහ නැති බවක් දැනෙන්නේ මක්කාදැයි දන්නේ නැත... :(

      Delete
    4. අප්පේ ඔරේංජං බාර්ලි සුවද එද්දිත් මම ලෙඩවෙලා කියල හිතෙන්නෙ. නැට්ටො ඉස්සර වගේ සුවද නෑ.

      Delete
    5. ඇයි යකෝ ක්‍රීම් සෝඩ ටිකක් බිව්වම හෙන ගහනවද ඔය දහජරාව බොන් නැතුව :D

      Delete
    6. සුවඳ රස නං ඉස්සර විදිහමයි ... වෙලා තියෙන්නෙ බීල බීල අපේ ස්නායු මැරිල .......
      ඉතිං පුංචි කාලෙ ආපු සුවඳවල් රසවල් ඒ විදිහටම දැං දැනෙන්නෙ නෑ .......

      Delete
    7. ඇයි යකෝ ක්‍රීම් සෝඩ ටිකක් බිව්වම හෙන ගහනවද ඔය දහජරාව බොන් නැතුව :D

      ක්‍රීම් සෝඩා තමයි මගෙත් ප්‍රියතම....
      ගැරඬියෝ ඉන්න හින්දා ඕවා නොබීවට අපෙත් ආසම බීම ඒවා තමයි...

      Delete
    8. මේක දැකලා මාතේ කිව්වා වගේ නොස්ටැල්ජියක් ඇවිස්සුනා. පරණ කට්ටියට අමතක ඇති ලංකා ලයිම් කියලා තනි කොළ පාට බීමක් තිබ්බා. අදත් මට ඒ රසය මතකයට එනවා. ඉස්සර මිනිස්සු කිව්වේ බෙරේ වැවේ වතුර බෝතල් කරලා දෙනවා කියලා. මේ ළඟදීත් ඒක, හදන්න පටන් ගත්තා. වැඩිය නැගලා ගියේ නැති නිසා මම හිතන්නේ අත්හිටෙව්වා.

      Delete
    9. මේ ඔක්කොම පොඩි බබාලනේ. මම නං මතක ඇති කාලෙක ඉදන් බොන්නෙ ප්ලේන් සෝඩා විතරයි. ඒකේ පල් රහ යන්න නම් අරක්කු ටිකක් දානව තමයි ඉතින්.

      Delete
    10. හි හි මෙයාලට තියෙන මතකේ අලියා බීම ගැන. ගෑණු ළමයි වගේ පැණි බීම ගැන කතා කරලා...

      හරි ඔය ඔක්කොම ඔරේන්ජ් බාර්ලි... ඔරේන්ජ් ක්‍රෂ් (මගේ ආසම එක) පොර්ටෙලෝ ,ලංකා ලයිම්.... ලීටර් දෙකේ දෙකේ බෝතල් තියලා කාලේ අර ගල් මෙවුවා බෝතලයක් පැත්තෙන් තිබ්බොත් මුලින්ම ගන්නේ මොකක්ද ?

      Delete
    11. අඩෝ පත්තරයා...

      පෙන්නන්න බෑ මට ක්‍රීම් සෝඩා. මහ ජරා උණ රහක් එන්නෙ.

      Delete
    12. පෝටෙලෝ වලට වඩා නැක්ටෝ රසයි කියන්නේ.. අතීතයේ තිබූ පෝටෙලෝ උඹලා දැකලාවත් නැති නිසාය...

      Delete
  6. c'mon mathalan!!
    this really short & I'm really disappointed.

    Rohan

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචෝ සෙස්ස පස්සට කියලා කෑල්ලක් තියෙන්නේ...

      Delete
  7. ආනා සද්ද වානා කියල නිස්සද්දව වැඩ කරා. තූ විතරක් අද උන් පඩ සද්දෙ විතරයි

    ReplyDelete
    Replies
    1. නමක් තියාගෙන් තිබුන තේ විස්සේ ගේමෙනුත් කනවා නේ...

      Delete
  8. මේ මොකෝ බං..අර අරූගෙ අඩවියේ වගේ පෝස්ට් එකේ ඉතිරිය ලියන්නෙ කමෙන්ට්ස්වලද හැබෑටම...ඈ...
    .ලියහං පුල් ස්ටෝරියම හාෆ් ඩේ එකක්වත් දාලා...

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙහෙම එක එක්කෙනා ලිව්ව නම් පෝස්ට් එකේ අටමගෙ පාටිය ගැන විස්තර ලියවෙයි;
      1. කටුබැද්දට පායන හඳ - ලොකු පුතා
      2. හේවිසි බෑන්ඩ් සහ නෙල්ලි කැලේ බුරියාගෙ සර්පිනාව- නලියා
      3. ජනේල හැට්ටෙ වදින ඔලුවට දැනෙන සුවය- කටුස්සා
      4. සමරිසි ජීවිත - විචා සහ කැමරාවෙන් එහා ශ්‍රීනාත්
      5. පිරිමින් කොට කලිසම් ඇඳීමට හේතු- සජ්ජා
      6. හැලප විලා වෙත ගමන්මග සලකුනු- දමියා
      7. වයිරස් උණ සහ බයිට් බීමේ ආදීනව - ඉවාන් පවුලූෂා
      8. ඒ දන්ඩෙන් එගොඩවෙන ජීප් - කම්මල
      9. කැළණි පාලම උඩ BMW- බ්‍රා මෙන්ඩා
      10. Colour and political blindness- Pra Jay
      11. ඇයි අපි බොන්නේ- සුදීක
      12.ඇයි මම නිවාඩු ආවේ- හැලපයා
      13. නෑට්ට කොට වලා උයන ක්‍රම පහක්- අටමා
      14. නිට්ටෑවාගෙ වගතුග පින්තූර සමග - ඇනෝපිලිස්

      Delete
    2. කෝ මේකේ 15 .
      ඔසී හෙල්ගා ආන්ටිගේ හෙල්ගා පාන් අපිට කවපු - කතන්දර රසික ලොජි

      Delete
    3. චෙෆෝ..... අර පෙට්ටිය උඩ නැගගෙන තලපු ෆොටෝ එක දානවා... :D

      Delete
    4. ක'මෝන් chef-architect....
      ++++++++++++++++++++++++++++++++++

      Delete
    5. එතකොට අපි සියඹලා ගෙනාවෙම නැද්ද? :-(

      Delete
    6. අරින්ඩෙපා …… +++++++++++++++++++++++++++++++

      Delete
    7. හෙක් ...හෙක් පට්ට කමෙන්ට් එක.
      කෝටි දෙක තුනක් වටින හින්ද මම හිතුව ඒදන්ඩෙන් යන්න පුළුවන් කියල කොහෙද පන්ඩිතයො රැලක් අතුලෙනෙ ඉතිං කොහෙ යන්නද ඒදන්ඩෙන්.
      චන්ඩිය වගේ මිරිස්වත්තෙන් බැහල මම ගෙදර ගිය විදිහ ගස් බෙනේකටවත් කියන්නෙ නෑ. වෙරි හිදුන.

      Delete
    8. //එතකොට අපි සියඹලා ගෙනාවෙම නැද්ද? :-(//

      උඹ ලිවුවොත් පරක්කු වෙන පුරුද්දට අරක්කු ඉවරවීම . කියල තමයි.

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. පිංතූර පල කරනවානං මුහුනට කොටු කොටු දමා පල කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .......
      යකෝ රෙද්දක් ඇදං පාරෙ බැහැල යන්ඩ ඕනෙ ..........

      Delete
    11. කම්මලයා ගෙදර ගිය විදිහ ගස් බෙන වලට කියන්න ඕනෙ නෑ මත් එක්ක කිවුවනේ... ඉඳපංකො......

      මූණට කොටු දැම්මට වැඩක් නෑ පුතෝ... වලහෙක් වගේ එකෙක් ඉන්නවා දැක්කාම අඳුනා ගනී....

      Delete
    12. @ කළණ... බීපු නැති අයගෙ කමෙන්ට්ස් වල ගතියක් නෑකියල හිතා හැලුවෙමි..අඩුම ගනනේ බයිට්වත් බොන්ට ඕනා නේ මතක හිටින්න....

      Delete
    13. 15. කැෂියර්වත - චෙෆ්- ආර්කිටෙක්ට්

      Delete
    14. !6. විළුඹ යොදාගෙන හදිසි අනතුරු කළමනාකරණය - අටම්පහුරතුමා

      Delete
    15. @ ප්‍රා...
      අටමා කියපි වැඩේ කරන එකනෙ අමාරු හදිස්සියෙවත් පාරක තොටක ඉද්දි.

      Delete
    16. @ ෂෙෆාකි.. අන්න වැඩේ.. // බීපු නැති අයගෙ// මේ පෝස්ටෙක බය නැතුව ගෙදර ඉඳන් ආයි බලන්න පුළුවන්. ටැන්කූ ඈ!

      Delete
    17. මළහත්තිලව්වයි.... දැන් ලියන්න බැරිය අවුරුද්දක්ම පාටිය ගැන...

      Delete
  9. මොකක්ද අනේ ඔයා කතාව ලියලා නෑනේ... පෝටෙලෝ වලින් පස්සේ කෙහෙල් මලක් ලියලා,,
    අර මැක්කා ගැන ලියන කෙනා වගේ , මොක ලීවත් දේශපාලනේ,,

    :(

    ReplyDelete
    Replies
    1. පෝටෙලෝ මං හරි ආසයි ඉස්සර,, ගොඩාක් කූල් වුණාම තමයි රස, ඒත් ෆැන්ටා ෆොටෙලෝ වල ඒ රස නැහැ වගේ ..

      Delete
    2. ඊළඟ එකේ වත් කලිටි පොල් ටිකක් කඩා ගන්න ඕනේ...

      Delete
  10. කියවන්න පටන් ගන්නකොටම ඉවරයිනේ බොල, ඇත්තටම ගොඩක් බිසීද? ;)

    ReplyDelete
    Replies
    1. ඇයි තමුන්නැහේ බිසී නැතෙයි...

      Delete
    2. අවසාන තත්පරයේ හරි පාටි එකක් අරින්නෙ නෑ බිසී අය

      Delete
    3. එච්චරම නෑ මචෝ....

      Delete
  11. මං නං මාලු බනිසක් කා හැමදාම බිව්වේ වතුර පමණයි!

    පෝටෙලෝ, ෂැරෝනා, පැෂෝනා යනු සිහින පමණකි.

    ඔරේන්ජ් බාර්ලි හෝ ක්‍රීම් සෝඩා නම් දුර ගමන් යන විට බසය නැවතූ තැන්වල දී ලැබුණි. බසය ගමනාන්තයට යන්නට පෙර ඒ බිව් දේ බසයේ ජනේලයක් හරහා ගොස් පොළොවට එකතු වීම සාමාන්‍යයෙන් සිදුවිය.

    ReplyDelete
    Replies
    1. එහෙනම් එරියස් කවර් කරන්නත් එක්ක දැන්වත් ගහන්නයි තියෙන්නේ...

      Delete
  12. පෝටෙලෝ, මිරින්ඩා, නෙක්ටෝ තමා ෆේවරිට්. ජාන වලටත් කා වැදිලද කොහෙද...

    ReplyDelete
    Replies
    1. ගල් වලට අමතරව ඇඟේ දුවන්නේ එව්වා තමා මචෝ...

      Delete
  13. මාතා මිල්ක් බාර් එකෙන් කල් කිරි එකක් බීලා අමාරුවෙන් හිර කරගෙන ගෙදර ගිය හැටිත් එදා කිවුවා... ඒකත් ලියයිද බලමු.

    ReplyDelete
    Replies
    1. එයිට ආතල් වැඩක් උනා නුවරදි ඉස්මැක් එකක් බීලා කොළඹ බලා එන බස් එකක නැගලා...

      Delete
  14. එදා දවසෙ පිංතූර ටිකක් නං බුකියෙන් දැක්ක ඒත් කවුරුවත් වෙච්ච සංගදි එකක් වත්දාල තිබ්බෙ නෑ නෙව...
    බලමු මාතෙ වත් දායිද කියල හිහි

    ReplyDelete
    Replies
    1. වෙච්ච සංගදි ටික කියන්න ඔකුන්ට මතක නෑ.. එකෙක් මේ ලගදි කියනවා ගෙදර ගිය හැටිත් මතක නෑලු. ඉතින් තව මොන කතාද.

      Delete
    2. අනේ බං පිංතූර ටික දකින කන් ඇඟේ ලේ වතුර වෙලා ඉන්නෙ .....
      තොපි මොන පොටෝ ඇල්ලුවද කව්ද දන්නෙ ........

      Delete
    3. මදුරුවට දෙන්නම් වැඩේ... උඹලගෙ වෙලාවට එදා පොටෝ ඇල්ලුවෙ හැලපෙ අයියගෙ කැමරාවෙන්.... ඒ ටික ඉල්ලාගත්ත නම් හරි...

      Delete
    4. මඩ ගන්න ගත්තොත් අපිත් පොලිටික්කෝ වෙනවනේ බන්...

      Delete
  15. කථා කරලා බැලුවම පෝටේලෝ වලට ආස අය වැඩියි. නමුත්, වෙළදපලේ හොායාගන්න අමාරුයි.ෆැන්ටා පෝටෙලෝ රස නැහැ සීනි වලට කලරින් දාලා විතරයි.

    කැප්ටන්කූල්ගෙයි මාතලන් ගෙයි එක්තරා ක්‍රියාවක සමානකමක් තියෙනවා. හිහි.

    අප්ඩේට් නොවෙනවා කියලා සින්ඩියේ ලැයිස්තුවෙන් බ්ලොග් අයින්කරන්න එපා. සිංහලෙන් මොන යම්ම හෝ දැනුමක් හා තොරතුරු!

    ReplyDelete
    Replies
    1. හොයන්න පෝටෙලෝ තියෙන්න එපාය...

      අනේ සත්තරනේ ඕන් එල්ලුවා ආයේ පාරක්...

      Delete
  16. හප්පේ කාලෙකින් ඇවිත් මෙන්න.
    මොන ජොබක්ද මන්දා මෙච්චර චන්ද උණුසුම තියන කාලෙ බ්ලොග පැත්ත පලාතෙ නො එන්න තරමට බිසී වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ බස්සියෝ... ඒ උනාට බොගටත් වඩා ඉන්ටරෙස්ටින් අළුත් ජොබ් එක...

      Delete
  17. මේ කෙහෙම්මල් රස්සාවක හිරවෙලා පුදුම දුකක් විදින්නෙ කටට රහට අරක්කු ටිකක් බීගන්න නැතුව. ඒ අස්සේ මේ පරයි සෙට් වෙලා මදිවට පෝස්ටුත් දානවා. . . ලිවර් වනවෙන්න ඕනේ තොපේ

    ReplyDelete
    Replies
    1. දැනටත් තියෙන්වද දන්නේ නෑ... ලිවර්...

      Delete
  18. පිට්ටනිය ගාව ගේ තියෙන්නෙ කියල අටම නැවිගේෂන් දුන්නම වෙච්ච ආතල්ම වැඩේ කියන්නෙ හැලප තුමාගෙන්ම පිට්ටනිය කොහෙද තියෙන්නෙ කියල ඇහුව සීන් එක...
    සජ්ජුලුවන්ගේ ඉස්කෝලෙ යන කාලෙ දවසගානෙ පෝටෙලෝ බොන්න මට නං සල්ලි තිබ්බෙ නෑ.. ගෙදරින් දෙන බත් ගෙඩි දෙක කාල සල්ලි තිබුන දවසක් තිබ්බොත් උදේ බත් එක අපේ බඩගිනි හමුදාවට පරිත්‍යාග කරල පරාට තුනක් රුපියල් දහයට කෑවා මතකයි පරිප්පුයි මාළු හොදියි එක්ක...එක කාලයක් තිබ්බ අයිස්ක්‍රීම් සෝඩා කියල බීම ජාතියක් ලාබෙට තිබ්බ. එව්ව නං බිව්ව සෑහෙන්න...එකයි පනහේ ප්ලේන්ටිය තමා ඒ කාලෙ ප්‍රියතම ඩ්‍රින්ක්එක වෙලා තිබ්බෙ...

    ReplyDelete
    Replies
    1. + අටමා පිට්ටනිය ගාවට ආවා ... ඊට පස්සෙ ..???
      + පිට්ටනිය ගාවින් උඩට වරෙන් බං .........
      + යකෝ අපි ආවෙ ත්‍රී වීල් එකක ... රොකට් එකක නෙමේ ........

      Delete
    2. දමියාගේ උපදෙස් මත ( සහ පණට ආදරේ නිසා ) මැෂින් නැවිගේෂන් ගැන කතා කිරීමෙන් වැලකී සිටිමි

      Delete
    3. මැෂිමකින් මෙන් සනුස්කුරුතික වචන ගලා යයි..

      Delete
    4. ප්ලේන්ටිය මචෝ මට එච්චර දිරවන බීමක් නෙමෙයි... ඒත් කෝපි එකක් නම් ඕන වෙලාවක...

      Delete
  19. මාතලන් බොග දානවට වඩා හොදයි පැත්තකට ගිහින් බොක දාගත්තනම්.

    ReplyDelete
    Replies
    1. හා මචං.... උඹ වරෙන් පුක හෝදන්න...

      Delete
    2. යකොඩෝ ලොකු අයියගෙන් රිප්ලයි එන්න බනින්නම ඕනෑද මන්ද.. හැක හැක...

      Delete
    3. මචං උඹ උත්තර දෙන්නේ අැනෝ අැවිත් බණින උන්ට විතරද??? උඹට මොකෝ වෙලා තියෙන්නේ... කියහංකෝ අපිටත් දැනගන්න........ කවුරුත් උඹව උස්සන්වත් ගියාද?????? අපිටත් බැරියෑ පිකට් කීපයක් කරලා... ඊළග ඡන්දෙට පක්ෂයක්වත් හදාගන්න.....

      Delete
    4. රිප්ලයි එකක් තියා ෆිෂ් පයි එකක් කන්නවත් වෙලාව හොයාගන්නේ බොහෝම අමාරුවෙන්...

      Delete
    5. ඔව් ඔව්. බල්ලට ඇති වැඩක් නැති වුනාට හෙමින් ගමනක් නැනේ!

      Delete
  20. පෝටෙලෝ ‍එකෙන්ම ඩෝප් වෙලා වගෙයි.
    ඉස්සර ආපු පොඩි බෝතලේ එක තරං ෆැන්ට පෝටෙලෝ රස නෑ.

    ReplyDelete
    Replies
    1. පෝටෙලෝ එකෙන් නෙමෙයි බන්... සට බීම බෝතල් දුසිමක් ඉවර කරලත් කිසි අවුලක් නැතිව ගෙදර ගියා...

      Delete
  21. උඹලට නරක් වෙයි අපිටත් එන්ඩ කියල පෝටෙලෝ ඩිංගක් බොන්න දුන්නනම්.. නොදෝමකින් තොපි.. (අපි එන්න කලින් පෝටෙලෝ බීලා ඉවර කරලා..)

    ReplyDelete
    Replies
    1. උඹලට නරක් වෙයි අපිටත් එන්ඩ කියල පෝටෙලෝ ඩිංගක් බොන්න දුන්නනම්..
      ++++++++++++++++
      හැක් හැක් .....

      Delete
    2. අපායට ගියත් වෙලාවට යන්න පුරුදු වෙයල්ලා...

      Delete
  22. කාලෙකට පස්සෙ එදා තමයි පෝටෙලෝ බිවුවෙ , ඉස්සර වගේ රස නෑ කියද්දි මාත බීල බලහං කිවුව හින්ද බිවුවෙ. ඉස්සර ටේස්ට් එක තියනව ෂුගර් අමතක කරල ඊට පස්සෙත් දවසක බිවුව.
    මගෙ ඉස්සර ආසම බීම උනේ ෂැරෝන සහ පැෂෝනා , පස්සෙ මේ ...ඒ ආසාව ගල් අරක්කු වලට මාරු උනා.
    දැන් ආසම ගල් අරක්කු.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට එකෙක්වත් ගල් ගහන්නේ නෑ වගේ....

      Delete
  23. පෝටෙලෝ, නෙක්ටෝ කියන්නේ මගෙත් තවම කැමතිම පානය ...
    කෝ බන් පාටිය ...

    පදමට පොල්තෙල් ගහපල්ලා
    කරදර අමතක කරපල්ලා
    ගහපල්ලා නටපල්ලා
    කරදර යකාට ගිය දෙල්ලා
    ලොකුකම් පොඩිකම් තැබෑරුමේ නැහැ
    අපි හැම මෙහි සම සමාජයයි
    ජුණ්ඩල බණ්ඩල ඇම් පී හාමුලා
    ගහන්නේ මෙතනදි පොල් තෙල්මයි
    සැප අද විතරයි ඇත්තේ බං
    හෙට මැරිලා යන්නත් පුළුවන්
    අඩි ගහපන් ජොලි කරපන්
    කරදර යකාට ඔහෙ ගිය දෙන්
    ලෝකය කැරකෙයි අපිත් කැරකෙමු
    අද හෙට යුද්ධේ ඇති වෙයිලු
    ජලකර බෝම්බ වැටෙන්න මත්තෙන්
    පොල්තෙල් ගහලා ජොලි කරමු
    යු.ඇන්.පී කොමිනිස්ට් පාටී
    දන්නව අපි ඒවයේ හැටී
    ඒ ගොල්ලන් අපටා බන්
    දෙනව්ද මේ වගේ සම්පත්තී
    මොකටද නිකමට වැනි වැනි ඉන්නේ
    කරන්න රස්සාවක් නැත්නම්
    පිහිටට එක මිතුරයි අද ඉන්නේ
    මේ සුමිහිරි පොල් තෙල්මයි බං
    පදමට පොල්තෙල් ගහපල්ලා
    ගායනය-පියදාස ගුණසේකර හාපිරිස

    ගී පද-ආනන්ද සමරකෝන්
    සංගීතය-එස්.දක්ෂිණමූර්ති
    චිත්‍රපටිය-සැඩසුලං
    (ගීතය මුහුණු පොතේ "lakindu piris ගේ වෝල් එකෙන් ගතිමි ....)

    ReplyDelete
    Replies
    1. මේ පොල් අරක්කු ගැනද බං කියන්නේ? පොල් තෙල් නම් වෙන්න බෑනේ. පොල් තෙල් ඔය වගේ ගැහුවොත් ආයෙ සතියක්වත් ඔරොත්තු දෙන එකක් නෑ.

      Delete
    2. අරක්කු අරක්කු ......වෙන මොනවද ?

      ස්තුතියි බ්‍රෑන්ඩ් එක
      ගල් ...හික්ස්

      Delete
    3. පාටිය ගැන නම් අවුරුද්දක් විතර ලියන්න පුළුවන්... පට්ට පාටිය මචෝ...

      Delete
  24. ඇයි මාතා මේ පෝස්ට් එකට උඩිං 18+ කියල දැම්මෙ නැත්තෙ..? ;-)

    ReplyDelete
    Replies
    1. එහෙම නොදැම්මා කියලා අවුලක් නෑ නේ...

      Delete
  25. අරක්කු බිව්වට නම් කමක් නෑ. ඒත් මෙහෙම ඔරේන්ජ් බාර්ලි බොන එකට නම් පොඩ්ඩක් කහනවා වගේ අපිටත්....

    මම අහන්නේ අරක්කු විතරක් බොන්න තිබ්බේ නැද්ද?
    අපි වගේ අහින්සක ළමයින්ගේ මතක පාරේ බීමත් බොන්නේ...!

    ReplyDelete
    Replies
    1. අරක්කු නෙමෙයි අනේ අර උඩම පින්තූරේ තියෙන්නේ බීපූ ජතිය...

      Delete
  26. අම්මේ ඇග දාලා..ගියා...මම හිතුවේ ආය පාර බැහැලා යන්න බැරිවෙයි කියලා..
    අෆ්ටර් පාටි මඩ කතාවක් මධු ලියලා හෙට අනිද්දට දායි..

    ReplyDelete
    Replies
    1. බලමුකො ඌ මක්කැයි ලියන්නේ කියලා...

      Delete
  27. මමත් හිතුවේ කොලේ ඉරලා දාලා ඇති කියලා. ආනා පුංචිහේවා තමයි ක්‍රිකට් අද තියෙන තත්වයට වග කියන්න ඕනේ. එතුමාගේ 2000 දී හොඳම ටෙස්ට් කණ්ඩායම කියන ටාගට් එක පස්සේ ගිය අපේ කොලු පැටව් 96දී වර්ල්ඩ් කප් එක දින්නා. ඊට පස්සේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ වගේම බලධාරීත් ඉවක් බවක් නැතිව එකතු වුණා. අද තනිකරම එතැන තියෙන්නේ බෙදාගෙන කෑමක්. අහන්න ලැබෙන දේවල් ඇහුවම පුදුම දුකක් ඇති වෙනවා. ආනා වගේ මහත්වරු ආයේ ඒ දිහාවත් බලන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. වේත්තමුනි කියන්නෙත් වැදගත් මහත්මයෙක්... ඔතනට නියම සුදුස්සා තමයි සංගක්කාර... බ්ලමු යහපාලනෙන් වත් මක්කත් වෙයිද කියලා...

      Delete
  28. Atama ara. Mokakdo ehekin illa as wenava Kiyala liyala evala nisa comment katana vidhihak natha. Namath atama halapayage gedara patty a drama Matha Samaga kala kumanthranaya gana ilanga lipiya liyami.

    ReplyDelete
    Replies
    1. මොන කුමන්ත්‍රණද බං ප්‍රසිද්ධ විවේච්නයකන් යෙදුනා... ඒ බව කටුස්සා අගේට පෝස්ට් එකකින්ම තහවුරු කොලා...

      Delete
  29. අන්න හොදයි දෙන්නම දෙකක් දාමු

    ReplyDelete
  30. මගේ අලුත් බිලොග් එකටත් ටිකක් ගොඩ වෙලාම යමුද http://manomandira.blogspot.com/

    ReplyDelete
  31. 1 1/2 bottles later...

    අම්මට හුඩු Smirnoff නේද?

    යකෝ Smirnoff කියන්නේ රුසියාවෙ ජනාධිපති නේද බං?

    බම්බුව තමයි. යකෝ රුසියාවෙ ජනාධිපති පුටින්.

    උඹ දන්න #$%! පුටින් කියන්නෙ යකෝ වොඩ්කා ජාතියක්.

    ReplyDelete
    Replies
    1. ඔහොමම උනා මචෝ එදා...හෙක් හෙක්...

      Delete
    2. ඔව් බං...
      මම මෙන්ඩගේ ගෙදර ගිහින් පොඩි සර්පයෙක්ව අතින් ඇල්ලුවා කියලා එතන මර ලතෝනියක් දුන්නා කාන්තා පාර්ශවය.
      සර්පයාව පෙන්නන්න මට එන්න කියද්දී මෙන්ඩලගේ අම්ම හරි වෙන කවුරුහරි උගේ ඔළුව බාගෙට තලලා ඉවරයි...
      ඌව විකෘති වෙලා තිබ්බ නිසාද මට වැඩි නිසාද මන්ද ඌව අඳුන ගන්නවත් බැරි උනා...

      Delete
    3. පොඩි මෙන්ඩට උඔ හෙන විරයෙක්..
      ඒ මාමා සත්තු අදුරනවද?
      ඒ මාමා ඒ ගැන ඉගෙන ගෙන තියනවද?
      එයා සර්පයන්ට බය නැද්ද?
      අපි එයාට කියමු අපිට සර්පයෝ ගැන කියලා දෙන්න කියලා..
      එයා කැලේ යන්න බය නැද්ද?

      අපේ ගෑනි
      අනේ එයා දන්න සර්පයෝ...
      කෑවනම් එහම...
      ඊයා..අතිනුත් ඇල්ලුවා..
      සිංහරාඡේ ගිහින් මෙනවා බලන්නද?

      Delete
    4. නොදකින් මෙහෙමත් ගෑනු...... :D

      Delete
    5. රුසියන් ඔත්තු කාරයෙක් ඇමරිකන් බඩුවක් එක්ක සෙට් වෙලා.., ප්‍රේමාලිංගනයේ යෙදෙන අතරේ බඩුවට ආතල් වැඩිවෙලා.... පුටින් පුටින් කිව්වලු... අරු බය වෙච්ච පාර නැවතුනේ රුසියාවෙලු...

      Delete
  32. අද ලිපිය බොහොම හොදයි. ව්‍යාකරණ භාවිතය අදහස් ගලායාම අපූරුයි. නොදන්නා දේශපාලනේ ගැන බොරු පල් හෑලි ලියල දැන උගත් බුද්දිමත් තරුණයන්ගෙන් නිකම් බැනුම් අහල ඒ උදවියට පව් සිද්ද කරන්නෙත් නැතුව ඔය වගේ තමන්ට පුළුවන් හැටියට දෙයක් ලියන එක ගොඩක් වටිනවා. හැමදාම මිනිස්සු මෝඩයෝ වෙන්නේ නැහැ. පස්සේ හරි තේරුම් ගන්නවා තමුන් ගේ නොදන්නා කම. එත් අඩුමතරමේ දැන් තමුන් නොදන්නා බවවත් දන්නවනේ. කලින් එකවත් දැනගෙන හිටියේ නැනේ. මේවගේ පොඩි කතා පුළුවන් හැටියෙන් ලියන්න. අපි කියවනවා.

    ReplyDelete
    Replies
    1. මචන් කීවට ඉතින් අපි හකුරොන්ගෙන් ගැණු ගන්නෙත් නෑ, හකුරන්ට ගැණු දෙන්නෙත් නෑ.

      Delete
    2. හා මචං කියන්න උබ කවුද හකුරෝ ? එහෙමයි අප්පුහාමි හරි එහෙමයි රාළහාමි කියල කියපිය බය්යෝ ගොයිගම මහත්තුරුන්ට !!!!!

      Delete
  33. හා හා කස්ටිය සෙට් වෙලා එහෙනම්

    ReplyDelete
    Replies
    1. ආය සෙට් වෙන දවසක කියන්නම්
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    2. අපොයි... ගොඩක් කල්...

      Delete
  34. මොකවත්ම නොකියමි.බීමට ආරාධනා නොකිරීම ගැන විරෝධය ප්‍රකාශ කරමි.අටමාටත් බනිමි.හම්බ වූ වේලාවක විරෝධය පෑමක් ලෙස බියර් එකක්වත් නොබොන්නේනම් කතා නොකර සිටිමි.......

    අපිත් ලෙහෙසියෙන් අරින් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඕන් අපි නම් ඔව්වට නෑ කිව්වා....

      Delete
  35. Ela sepak aran wage. Mageth brand eka gal. Eth awurudu 5kin gahanta beri una maathalan boss. Mehe ganna thenak dannawada? Online order karanna lankawe site ekak thiyenawanan kiyahanko machanlaaa.. Jaya wewa.. Post ekatath hariyanta comment. Elama kiri..

    ReplyDelete
    Replies
    1. Sapak Aran? Mokakda bola eh harupe? Meke thiyenne mun biwwa kiyala witharayi. Badu gahapu scene kiyala naha. Thota andakayippu kawilada?

      Delete
    2. ඇනෝ මචන්,

      ඔය ටික්ක කියන ගස් හාල්පාරුවා දාන්නෙම අමුම අමු මොන්ගල් කමෙන්ට්. ඔව්ව ගනන් ගන්න එපා බන්.

      Delete
    3. හැලපයාගේ නිවසේ තුබුනේ කෑම බීම සහ ආතල්ය.... සැප ගත්තේ කොළොම්තොටින්ය...

      Delete
  36. Oh yeah MR.Maathalan. Sepak gannawa kiyanne athal gannawa kiyana ekata. To Ano. - ey Ano. Methanata wela puka denne nethuwa pala. Anna ubalage ammata ballo hukanawa. Paw ban. Gihilla amma beraganin. Uba ipaduneth ammata ballek hukala kiyana eka mathaka thiyaganin. Cyber eke key board chandi wenna epa huttige putho. Minihek wela ipadunaanam minihek wela meriyan. Paw ube amma. Anna buuruwekuth hukanawa den.

    ReplyDelete
  37. කෝ යකෝ පාර්ටියේ විස්තරේ . . පෝටෙලෝ ගැන නේ මූ ලියලා තියෙන්නේ

    ReplyDelete
  38. මාගේ ප්‍රියතම බීම ෆැන්ටා ක්‍රීම් සෝඩා.ඊට වඩා සැර බීම ජාති ගැන අහිංසක ජේකබ් කොලුවා දන්නේම නැත.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න