.

.

Jul 25, 2015

මහින්ද මහත්තයාගේ බෝලේ සහ තවත් බෝල කතාවක්... - Mahinda's Balls and No ball Story



බොග දාන හිතවතුන් කියන්නේ කුජීත දේසපාලනේ ගැන ලියන්න එපා කියලාය. ඒත් මාතලන් කියවන වැඩි පිරිස කියන්නේ, කලටිපොල්ම කඩන්නය කියලාය. උදේ හවා කලටිපොල් ඕසෙට කඩපු මාතලන්ටත් ඒවා නොලියා ඉන්න කොට ඇටේ කසනවා වගේ දැනනවාය. ඒ නිසා මේ පෝස්ට් එකේ දෙගොල්ලොම සැනසෙන ඒවා තියෙනවාය.

ඇටේ ගැන මතක් කොලාම මාතලන්ගේ සිහියට ආවේ, මහින්ද මහත්තයාට මෑතකදි උන අකරතැබ්බේ ගැනය. කව්දෝ පඩත්තලයෙක් අස්සෙන් අත දමා, මහින්ද මහත්තයාගේ බෝලේ අල්ලලාය. සම හරක් එක එක කතන්දර කීවාට ඇත්තටම වෙලා තියෙන්නේ ඒකය.

ඔය පඩත්තල වැඩේට මහින්ද මහත්තයාටත් වඩා මල හොඳම එකෙන් පනින්නේ, මාතලන්ගේ හාමිනා වගේ මහින්ද මහත්තයාට බොක්කෙන්ම ලව් කොරනා බවලත් උදවියගේය. මොකෝ ජාතියේ පියාගේ ඇටේට මක්කා හරි ඩැමේජ් එකක් උනා නම් හෙම, ඒ හින්ගල ජාතියේ අවසානය වන්නට පුළුවන්ය. එක අතකට එහෙම බය වෙන්නත් ඕනා නැතිය. කේන්දර සුමනයා කිව්වේ, මහින්ද මහත්තයාට බෝල 16 ක්ද කොහෙදෝ තියෙනවා කියලාය. බවලත් උදවිය මහින්ද මහත්තයාට ලව් කොරන්නේ, ඒ හේතුව නිසාමත් වෙන්න පුළුවන්ය. මාතලන්ටත් බොහෝ දුක හිතිලා තියෙන්නේ, කරුමෙට හෝ මහින්ද මහත්තයා සසර ගමන කෙටි කර ගැනීම සඳහා වලකජ්ජ ගැහුවොත් හෙම, හින්ගල ජාතියටම කෙල වෙලාම යන නිසාය.

අනික ඉතින් ජහ මනයාගෙන් එකෙක් මහින්ද මහත්තයාගේ බෝලේ මිරිකන්න ට්‍රයි කොලාට, ඔච්චර මල පනින්නත් ඕනා නැතිය. මොකෝ..., සියළු රජ සැප හැරදා, මැදමුලනේ ගෙදරට ගොස් ජනේලේ එල්ලුන මනුස්සයාට, ගෙදරට වෙලා නිවාඩු පාඩුවේ ඉන්න නොදි, පඩත්තල දේසපාලනේට වඩම්මාගෙන ආවේ කස්ටියම එකතුවෙලා එතුමාගේ බෝලේ මිරිකලාය.

උන්නාන්සේ, දැහැමින්, සෙමෙන්, පෙමින්, රාජ්ජය කොරන කාලේත්, හැම ජාතියේ උන්ම උන්නාන්සෙගේ බෝලේ මිරිකුවේය. සම හරක් නම් කියන්නේ, එතුමාට මල පැනපු වෙලාවට, එච්චර ආදරෙන් බෝලේ මිරිකපු සම හරක් උන්ව අරලිය දන්සලේ කාමේරකට අරගෙන ගිහිල්ලා, උන්ගේ බෝලේ මිරිකලා රිටර්න් එක දුන්නා කියලාය. ඒකේ ඇත්ත නැත්ත දැන ගන්න වෙන්නේ, මර්වියාගේ, බස් ගැමුණුගේ, බාලසූරියගේ, බෝලේ චැක් කොරලාය. මොකෝ එතුමා ගාව උන්න ගොඩක් උන්ගේ කර අඹලා තිබුන නිසාය.

බීලා ඇවිත් අම්බානක නෙලන වාහේලාට වචනයක් කියන්නේ නැති ගෑණු වාගේ, ආයෙත් මහින්ද මහත්තයා වඩම්මාගෙන එන්න යන්නේ, මහින්ද මහත්තයා බෝලේ මිරිකන කොට ආතල් එකක් තියෙන නිසා වෙන්නටත් පුළුවන්ය. ඒ කෙසේ වෙතත්, අවුරුදු දහයක් තිස්සේ අපේ බෝල මිරිකපු එකාගේ බෝලේ මිරිකන්න මොකෙක් හෝ හාල්පාරුවෙක් සිටීම ගැන, ජාතියක් විදියට පාට පස්ස බේදෙකින් තොරව අපි හැමෝටම පොඩි ආතල් එකක් ගන්නට පුළුවන්ය.

ඔය වැදගත් විදියට බෝලේ කිව්වට, ඕහට සුද්දගෙ හින්ගලෙන් කියන්නේ ඇට දෙක කියලාය. ඇට දෙක ගැන අම්බානක කතන්දර තිබුනත්, මේ වෙලාවේ මතක් වෙන කතන්දර එකක් දෙකක් නෙලලා අරින්න හිතුනේය. සමහර විට මේ කතන්දර වෙන උන් ලියලා තියෙන්නත් පුළුවන්ය. ඒත් මේ ලියන්නේ මාතලන්ගේ ඉට්ටැයිල් එකටය.

ජොබ් ඉන්ටවීව් එක...

රණවිරුවන්ට බස් එකේ පාරේ තොටේ කොහොම සැලකුවත්, කතාවට නම් කියන්නේ, ජාතිය බේරා ගත් දේසයේ විරුවන් කියලාය. ඒ නිසා එයාලට ඕන තැනක ප්‍රයෝරොටි හම්බවෙන එක දැන් ට්‍රැන්ඩ් එකක් වෙලා තියෙනවාය. සම හරක් උන් ළමයි ඉස්කෝලේ දාගන්නම හමුදාවට බැඳුන වෙලාවලුත් අනන්ත අප්පරමාන තියෙනවාය.

ඕන් ඔයින් රණවිරුවෙක්, ජොබ් ඉන්ටවීව් එකකට ගියේය. දැන් එතන ලොක්කෝ ටික අර පොරව සම්මුක පරීක්සොනේට ලක් කොරනවාය.

ගුඩ් මෝනින් සෑර්....

ගුඩ් මෝනින්... ගුඩ් මෝනින්...

දැන් මේ මහත්තයගෙ නම මොකක්ද....?

මාතුපාල සෑර් ...

අප්පට බොල, අපි ඔහේව ගන්නේ විධායක ශ්‍රේණියට නෙමෙයි, ක්ලැරිකල්.... ක්ලැරිකල්...

ඔව් සෑර්..

එහෙනම්, නම ඇහුවම මාතුපාල සෑර් කිව්වේ...?

ඒ මාතුපාලට නෙමෙයි සෑර්... සෑර්ලට..

හා..., ඒකට කමක් නෑ..., තමුසෙ හමුදාවේ ඉඳලා තියෙනවද...?

අපොයි ඔව් සර්....., මම අවුරුදු විසි දෙකක්ම හමුදාවේ...

එතකොට තමුසේ යුද්දෙටත් ගිහින් තියෙනවද..?

නැතුව සෑර්..., නැතුව නැතුව..

ඒ උනාට තමුසෙ ආබාධිත නෑ නේ...? අපි ආබාධිත අයට විශේෂයෙන් සලකනවා...

මොනවා කතා කරනවද සෑර්.. මම හොඳම එකෙන් අබාධිත.. ක්ලෙමෝ එකකට ඇට දෙකම ගියා...

අප්පට සිරි... එහෙනම් තමුසෙ තමයි මේ ජොබ් එකට නියමෙටම ගැලපෙන මෑන්... අපේ සේවා කාලය උදේ 8.00 ඉඳන් හවස 4.00 වෙනකන්.. එහෙනම් තමුසෙ හෙට ඉඳලා 11.30 ට විතර වැඩට එනවා..

මොනවා ඇයි සෑර් ඒ..?

ඇයි මොකෝ අප්ෂෙට්ද..?

අප්ෂෙට් නැතුව සෑර්...., උදේ 8.00 පටන් ගන්නවා නම්, මම 11.30 ට ඇවිත් හරියන්නේ නෑ නේ...?

නෑ.... නෑ... එකේ අවුලක් නෑ... මොකෝ මෙතන ඉන්න හැම එකාම උදේ 8.00 ඉඳන් 11.30 වෙනකන් කොරන්නේ ඇටේ කහ කහා ඉන්න එක...

අති විශේෂ (ගල් නොවේ)

මේ කතාවේ ජෝක් එකකට වඩා, අම්මට සිරි ලංකාවට ගැලපෙන අමූලික ඇත්තක් තිබේ.. ඇත්තටම අපේ උන් කරන්නේ, වැඩට ඇවිත් ඇටේ කස කස ඉන්නා එකය. එහෙම ආතල් එකේ ඇට කසා කසා ඉන්න අතරේ, මොකෙක් හෝ රාජකාරියකට ආවෝත්, අරුන්ගේ ආතල් එක නැතිවෙන නිසා, මලේ හොඳම එකෙන් පනිනවාය. තමාගේ ඇටේ කහගෙන පාඩුවේ ඉන්නවා නම්, ඒත් අවුලක් නැතිය. කරුමය කියන්නේ ඒ මදිවාට අනුන්ගේ ඇටෙත් කහන්නට යන එකය..

51 comments:

  1. මාතා...........................

    අර අවුරුදු 20 කියන ඒක 22ක් කරහං... ඒතකොට නියමෙට ම යනවා...... ඒක තමයි කාලය....

    කතාවනං පට්ටය..... ඒත් පොලිටික්ස් මදිය...... කොහොම හරි අායෙම දවස් ගණං කට වහගෙන ඉන්නැත්තං හොදය....

    ReplyDelete
    Replies
    1. එළැඹෙන මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුවද ඔහුට අගමැති වීමේ හැකියාවක් නැතැයි ප්‍රවීණ ජෝතිර්වේදී නාත්තන්ඩියේ පී ඩී පෙරේරා මහතා කියයි.

      පසුගිය ජනපතිවරණයේ දී හිටපු ජනපති පරාජය වන බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරන බවත් කී ජෝතිර්වේදීන් අතර ඔහු ද කෙනකි.

      2010 ජනපතිවරණයෙන් සරත් ෆොන්සේකා මහතා පරාජය වන බව කී පී ඩී පෙරේරා මහතා ඉන් අනතුරුව නඩු විභාගය පැවති සමයේ ඔහුට හිරේ විලංගුවේ වැටීමට සිදු වන බවත්, ඉන් පසු ඔහුව නිදහස් කිරීමට සති කිහිපයකට පෙර ඔහු සිරකළ අය විසින්ම නිදහස් කරන බවත් කීවේය.

      පසුගිය පෙබරවාරියේදී ෆොන්සේකා මහතාට නැතිවූ සියලු වරප්‍රසාද 2015 අප්‍රේල් වන විට ලැබෙන බව ද පීඩී පෙරේරා මහතා කීවේය. පසුගිය මාර්තු මාසයේ අග ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් ධුරයට උසස් කැරුණු අතර ඔහුට හිමිවූ විශ්‍රාව වැටුප ඇතුළු සියලු වරප්‍රසාද හිමි විය.

      මෙවර මහ මැතිවරණය ගැන පුවත්පතක සාකච්ඡාවකට එක් වූ පෙරේරා මහතා කීවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ මහ මැතිවරණයේ දී නියත වශයෙන්ම පරාජය වන බවයි.

      එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමඟ ආණ්ඩු කරන බවත්, මහින්ද රාජපක්ෂ මහතාට අගමැති වීමේ කිසිදු හැකියාවක් නැති බවත් ඔහු කීවේය.

      මහ මැතිවරණයේ සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රභලයකු ඇතුළු ප්‍රභලයන් කිහිප දෙනකු පරාජය වන බවත් ඔහු කීවේය.

      ඉදිරි මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ බලය තරමක් වැඩි වනු ඇති බව ද පෙරේරා මහතා අනාවැකි පළ කරයි. මීට අමතරව උතුරු පළාත නියත වශයෙන්ම ද්‍රවිඩ සංධානය ජය ලබන බවත් නැගෙනහිර මුස්ලිම් පක්ශවල බලය ඉහල යන බවද ඒ මහතා ජ්‍යෝතිශ ශාස්ත්‍රානුකූලව පෙන්වා දුන්නේය.

      Delete
  2. වේලිච්ච වේලි තිබ්බ හැටියට මේ ලිවිල්ල හොඳටම මදි. දැම්ම කියන්න පෝස්ට් එකක් දැම්ම වගේ..

    ඒක නෙවෙයි බුකියට වෙලා මඩ කරියොත් එක්ක මඩ නාගෙන මොකද කරන්නේ??

    ReplyDelete
    Replies
    1. වෙන මාතලන් කෙනෙක් වෙන්න ඇති බන්ස්... මම ඕක පැත්තෙ නොයන්නෙ බොගට තියෙන ආදරේටමයි

      Delete
  3. මරා දැන් මරීටවත් ඇට දෙක අල්ලන්න දෙන්නේ නැහ්ලු මචෝ. සුප් හදයි කියලා බයට.

    ReplyDelete
    Replies
    1. මට බය තියෙන්නේ ලොක්කා ආයෙත් ඇවිත් ඔක්කොගෙම ඇට දාලා සුප් එකක් හදාදෝ කියලා....

      Delete
  4. අනේ සංසාරේ මේකා ආයෙත් වංගියක් අපේ ජනාදිපති තුමාටයි , රණවිරුවන්ටයි අපහාස කොරල නේද , ඇට දෙක බොට්ල් ඔපනර් එකකින් ගලවන්ටයි තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මන්ත්‍රී ධූරාපේක්ෂක වහලෝ... මොන ජනාධිපතිද ? එව්ව ඉවර උනේ 8 වෙනිදා..

      Delete
    2. එව්වා එහෙම ඉවරවෙන්නැ සුදු....ඒ අපේ රජතුමා

      Delete
    3. පිස්සුද බන්.....

      මම අයියෝ සිරිසේන මහත්තයට මක්කත් කිව්වේ නෑ නේ...

      Delete
  5. අනේ බං අපිය කියලා වෙනසක් නෑ... ඇට කහ කහ ඉන්න (11.00 නෙමේ හවස 5.00 වෙනකං) තමා වෙලා තියෙන්නෙ. ඒ වුනාට ඒවාට අනික් පැත්තැට කතා කරන්න විදිහක් නෑ. (අපෙන් යැපෙන්නන්ට පැවැත්මක් ඕනි නිසා. මොන මගුල වුණත් මොකෝ පැංසෝං එක තියෙනවනේ උංට ජීවත් වෙන්ට) ඒක හින්දයි මේ අවකාශෙට පිවිසුනේ. එතකොට අඩුගානෙ අර මූලික ක්‍රියාවට යන වෙලාවවත් අඩු වෙනවා.

    ReplyDelete
    Replies
    1. "11.00 නෙමේ හවස 5.00 වෙනකං" හැක හැක හක ...... මමත් දැක්ක දවසක් ඒ ඔෆිස් එකට ගිය වෙලාවේ , හැක හැක හක්ක

      Delete
    2. මට නම් මචෝ මදුරුවෙක් ඇටේ කෑවත් කහ ගන්න වෙලාවක් නෑ...

      Delete
  6. හිංගල ජාතියේ උන්ගේ බාගෙට බාගයක් ඇටේ තිබ්බට වැඩක් නෑ. එක්කෝ රැහැන ලිහල නැතිනම් කපල

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ඇට කහන්නයි මිරිකන්නයි පට්ට දස්සයෝ...

      Delete
  7. ඇට පුපුරු ගහයි කිව්වලු මාතලමෝ

    ReplyDelete
    Replies
    1. පුපුරු කෙසේ වෙතත්.. ආයෙත් ආවොත් හෙම සෑහෙන පිරිසකගේ පතුරු ගහයි..

      Delete
  8. මරා ගේ පුක දිවෙන් ලෙවකාපු ජෙනරාල්ලා සෙට් එකක් මේ සැරෙත් මරාට බැහැලා වැඩ. විජයබාහු බලඇණියේ ජෙනරාල් ආර්.වී. සමරතුන්ගයි සිග්නල් බලඇණියේ ජෙනරාල් කුමාර් හේරතුයි කුරුණෑගල කෑම්ප් එකක හැංගිලා ඉඳගෙන වැඩකරනවා. ඊයේ හිරියාල ආසනයේ ගෙවල් වලට ගියා මරාට චන්දෙ ඉල්ලන්න. පාන්ගොල්ලේ හමුදා නිවාස වල ඇවිද්දා මරාට චන්ද ඉල්ලලා බලකරමින්

    ReplyDelete
    Replies
    1. උන්නාන්සෙට වඳින පුදන පිරිසක් තාමත් ඉන්නවා ලොක්කෝ...

      Delete
  9. තාප්පෙක පෝස්ටරයක් නෑ ...ලයිට් කණුවක කටවුට් එකක් නෑ ...මීටිං වල ලවුස් පීකර් නෑ ..ෆයිට් නෑ ..මර්ඩර් නෑ ...අවුරුදු විසි තිස් ගානක් මේ සෙල්ලං ටික අවුරුද්දකට තුන් හතර පාරක් දැකපු ඒව සාමාන්‍ය දෙයක් වෙච්චි රටකට මෙහෙම අවුල් තමයි.පෝස්ටරයක් ගහන්න නෑ ,පොලීසිය ඉලෙක්ෂන් කැම්පේන් කරන් නෑ කියල ප්‍රසිද්දියේ අඬන මුතුහෙට්ටියට විතරක් නෙමෙයි යටි හිතින් පට්ට බයියන් වන අපි බොහොම දෙනෙකුට මෙහෙම සංස්කෘතියක් අවුල්.ඒකෙ අඩුව යන්න තමයි අප්පොච්චි ඉස්ටේජ්වල ආතල් දෙන්නෙ.බය වෙන්න එපා බයි පැටවුනේ මං ආයි ඇවිත් ඉලෙක්ෂන් ආතල් දෙන්නං කියල කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයත් උන්නේ නැත්නම්, මෙළෝ රහක් නෑ...

      Delete
  10. අපොයි ඔව් සර්....., මම අවුරුදු විසි දෙකක්ම හමුදාවේ...

    අඩෝ මාතලන් කාටද දෝ මේ කින්ඩිය දාන්නේ අපේ සර්ටනේද අපිට කටක් ඇරලා සර් කියන්න පුළුවන් එකෙක් මේකේ ඉන්නේ [එහෙම කිව්වෙ නැත නම් අලිමන්කඩින් අපහු පාමංකඩ යන්න වෙන නිසා ] සර් කියලා කියෝගන්න කැමති එකම කෙනාට නේද කහන ඇටේ කියලා කියන්නේ

    වැඩක් නැති නිසා ඇටේ කහ කහ පට් එක දැම්මට උඹට අවුල්ද ?අපිට නම් අමු දිවුල් හරිද

    එතකොට තමුසේ යුද්දෙටත් ගිහින් තියෙනවද..ඒ උනාට තමුසෙ ආබාධිත නෑ නේ...?
    මොන ආමි එකේ ද හැම එකාම යුද්දෙට යන්නේ. නියම වැඩකාරයෝ යුද්දෙට ගියාට හැම පුස්සෝ යනවයි කියලා හිතුවද ඩො

    පල පල ඩො !!!! යන්ඩ නිකම් කින්ඩි ටෝක් නොදා අපේ සර්ට, මොනා උනත් උ ගොනා උනාට ඒ අපේ සර්ට කටක් ඇරලා සර් කියලා කියන්න වෙන කවුද ඩො බෝගේ ඉන්නේ

    ReplyDelete
    Replies
    1. කව්ද ඩෝ මෙතන රණවිරුවන්ට පාට් දාන එකා...

      Delete
    2. අම්මට හුඩු ඒ පාර උඹටත් සුකර, සුකර් උණ ද අපි මේ පැරා ඔලිම්පික් ටීම් එකට වීල් චෙයාර් ෆ්‍රී විල් රයිඩ් යන්න ට්‍රයි කරන උන් . අපි දන්නවා උඹත් අපිව නිල්පාටින් ට්‍රැක් කරනවා කියලා . උඹලා අපිට කෙලිනවා කියලත් දන්නවා යුද්දෙට ගිය නියම රණවිරුවෝ එක විකුණන් කන්නේ නෑ නේ බන් ජගාලා, චගිලා, කමල්ලා මහේෂ්ලා ,නුගේරලා දකින්නවත් ඉන්නවද ? අන්න බඩු නියම ආට්ලරි බුලට්.

      Delete
  11. චියා ඔයාලා හරිම වල් මෙයා ඈට.... ඈට.... ඈට...... බලන්නකෝ අපේ ඇට එවගේ මොකුත් නැනේ මෙයා කොච්ච්ර සෝක් ද ඒක කහන්නවත් අතට අහුවෙන්න ඇට නැනෙ මෙයා ඔයාලත් අයින් කරගන්නකො අනේ එතකොට ඒ හරිය මාර හැන්ඩි මෙයා

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ උනාම වල් නැතිව උල් වෙන්නය බන්...

      Delete
  12. මාතේ, ඕව වැඩක් නැහැ. මේ පාර දිනන්නේ කව්ද කියපන්.

    ReplyDelete
    Replies
    1. මොකා දින්නත් රටට මෙළෝ වැඩක් නෑ නේ මචෝ

      Delete
  13. හොදන් වෙලාවට මිනිස්සුන්ට ඇට දෙකක් තිබ්බේ, යකෝ පයතුනක් ඒක කහන්නම..

    ReplyDelete
    Replies
    1. සම හරක්ට පැය තුන් නෙමෙයි මචෝ, පැය අටත් මදි

      Delete
  14. වන්දි නඩුවට රන්ජගෙ මංගලගෙ නං එක්ක මාතගෙ නම දාන්න අමතකවෙලා !

    ReplyDelete
    Replies
    1. ඒකනේ දාන එකෙකුට දාගන්න කියලා.. පස්සෙ දැම්මේ...

      Delete
  15. නෑ.... නෑ... එකේ අවුලක් නෑ... මොකෝ මෙතන ඉන්න හැම එකාම උදේ 8.00 ඉඳන් 11.30 වෙනකන් කොරන්නේ ඇටේ කහ කහා ඉන්න එක...////
    මේක කියෝල හිනාවත් ඉස්පොල්ලෙ යනව තව ඩිංගෙන්
    හම්මේ ඉතිම් නේ

    ReplyDelete
    Replies
    1. හිනාව ඉස්මොල්ලේ ගියාට නම් අවුලක් නෑ.. ඒත් අර දෙක ගියා නම් හෙම කාට කියන්නෙයි..

      Delete
  16. අපේ බොසා දැන් හොයන්නේ බොග දාන්න බැරි එව්වොලු.. මගෙන් මට්ටු වෙලා.. උදේ හතේ ඉඳන් රෑ හත වෙනකන් කරන්නේ කොම්පීටරේ ලඟට වෙලා බොග දාන එකයි බොග බලන එකයි කියලා..

    ReplyDelete
    Replies
    1. බොග දාලා ඉතරක් නිකන් ඉන්නවා නම් බැරිය.. උන්ව ඇඩ්මිනුත් කරනවා නේද...?

      Delete
  17. මරාගෙ මිටිගුලි කතාවේ අලුත්ම වර්ෂන් එක. ඕකෙ වර්ෂන් කීයක් ආවද කියලවත් මතකයක් නෑ දැන්.

    ReplyDelete
    Replies
    1. මුදු ගොඩයි. රත්තරන් නකල් ඩස්ටර් එකකින් වදින රට (හා නහය ) ගලවා ගැනීමේ "යලි නැගිටිමු, හොම්බට දෙමු" මෙහෙයුමක්.

      Delete
    2. මරා නැත්නම් මේ පාර කිසි ආතල් එකකුත් නෑ... මොකෝ සිරා මරා වගේ ආතල් දෙන්නේ නෑ නේ, අපි වගේ පිච්චු කෙලින එකමයි කොරන්නේ...

      Delete
  18. හැබැයි....හැම තැනම ඉන්නේ ඇට තියෙනව නං කහන අය තමයි. ඉළ ඇට ඇදෙන කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඉල ඇට ඇදුනට නම් අවුලක් නෑ.. අර දෙක හෙම ඇද ගන්නවා නෙමෙයි ඕන්...

      Delete
  19. හැබැයි....හැම තැනම ඉන්නේ ඇට තියෙනව නං කහන අය තමයි. ඉළ ඇට ඇදෙන කතාවක්.

    ReplyDelete
  20. ඔය යකාගේ ඇටදෙක අයින් කොලා නේද කාලෙකට කලින් හුස්ටන් ඉස්පිරිතාලේ ගිහිං.. වශී බෝල දෙකක් එක්කන් වෙන්ටැති දැන් ඉන්නෙ...

    ReplyDelete
    Replies
    1. එක තමයි සම හරක් වශී වෙලා වහ වැටිලා ඉන්නේ...

      Delete
  21. //ආයෙත් මහින්ද මහත්තයා වඩම්මාගෙන එන්න යන්නේ, මහින්ද මහත්තයා බෝලේ මිරිකන කොට ආතල් එකක් තියෙන නිසා වෙන්නටත් පුළුවන්ය//
    -------වෙන්න පුළුවන් ය නෙවයි මාතො, ඒක තමයි එකම එකම හේතුව.
    අර දේශප්‍රේමය, ජාතිමාමමක වගේ බඩකදෙත්තු නෙවයි...

    ReplyDelete
  22. lokka thamange witharak neme wate kahina halparuwangeth ata kudukaralai meda kujitha wenne.onnnnnn

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න