.

.

Aug 29, 2015

ප්‍රගීත් එක්නැළිගොඩ නැවත ඝාතනය නොකරනු - Don't Kill Prageeth Twice



"සූරියකන්ද" කියන්නේ මොන ජාතියේ කන්දක්ද කියා, අද ඉන්නා උන් නොදන්නවා වෙන්න ඇතිය. "ඇඹිලිපිටිය සමූහ ඝාතනය" කියන්නේ මොකක්ද කියා අද ඉන්නා උන් දන්නේ නැතිය. එවා, හෝල් සේල් එකේ විකුණා බලයට ඇවිත් චුත වෙලා ගිය කාළකන්නීන්ටද, ඒවා මතක නැතිව ඇතිය. සූරියකන්දේදී නිරපරාදේ ඝාතනය කොට මරා දැමූ අහිංසකයින් වෙනුවෙන් යුක්තිය ඉටුවීමටද බොහෝ කළෙක් ගත වීය.

උන් වෙනුවෙන් දියවන්නාවේ පාර්ලිමේන්තුව අසල ඉඳිවුනු "ආරාමයද" අද නැත. අරාමයද, සහාසික ඝාතනයකට ලක්වූ අතර, අද එයි ඇත්තේ අද එහි ඇත්තේ ආතල් ගැනීමට තනා ඇති, "දියත උයනයි". එය වෙනත් ස්ථානයක ඉඳිකරනවා කියා වූ පොරොන්දුව අමතකව ගියේ, එවන් සොහොන් රාශියක් මුළු රට පුරාම ඉඳිකරන්න වෙන නිසා වෙන්නත් පුළුවන්ය.

77 ආන්ඩු පිහිටුවපු උන් බලයට ආවේ, හත් අවුරුදු සාපය, සාගින්න, මෙන්ම අඩු නැතුව, "ප්‍රේමවති මනම්පේරිද" විකුණලාය. 77 බලයට පත් වෙච්චි උන් 94 එලවා දැම්මේ, සූරියකන්දේ ඇටකටු ටික විකුණලාය. ඒ කාළකන්නින් මේ ඊයේ පෙරේද බලයෙන් පහ කරන තෙක්, සූරීයකන්දේ ගේම දුන් එකා එක්ක පට්ට ආතල් එකක් ගත්තේය.

ඒ ඉතරක් නොව, ඒ මිනීමරු කල්ලියේ නායකයා, උන්ගේම එකෙකුටත් ගේම දුන්නේය. ඒ නාලන්ද එල්ලාවලටය. නාලන්ද එල්ලාවල කියලා එකෙක් උන්නාද් කියලා වත් වගේ වගක් නැති, ඒ යකාගේ අතිජාත මිත්තරයා වෙච්චි ඩිලාන් පෙරේරාටත්, කිසිම විලි ලැජ්ජාවක් නැතුව මිනීමරුවන් එක්ක අවුරුදු 20 ක් විතර පුල් මාවලස් එකේම ඉන්න පුළුවන් උනේය.

දැන් මුන් ඔක්කෝම එකය. එක වල්ලේ පොල්ය, එක මල්ලේ ඇට දෙක වාගේය. යහපාලනය කියා කර ගෙන යන්නේද, කලින් ගිය සිස්ටොන් එකමය. පක්ෂ විපක්ෂ හැම එකාම, උන් උන්නේ දරු මුණුබුරෝ කසාඳ බැඳගෙන,  මැති ඇමතිවරු මන්තිරිවරු නඩේම නෑදෑයෝය. තාත්තා හරි අම්මා හරි විසිවෙන කොට, දුව හෝ පුතා එනවාය. එහෙම නැත්නම් බෑනා එනවාය. අලුතෙන් එකෙකුට එන්න ඉඩක් නැතිය. කොටින්ම හඳුන්නෙත්තිලාගෙ සහෝදර සමාගමෙත් එහෙමමය. මැරෙනකන්ම හඳුන්නෙත්ති විල මැද බංගලාවේ ඉන්නම ඕනාය. වෙන එකෙක් ඇවිත් හරි යන්නේ නැතිය.

සූරිය කන්ද විකුණලා, දරුවන් නැති වෙච්චි අම්මලා විකුණලා බලේට ආපු උනුත් ඒවා නැවැත්තුවේ නැතිය. සටන පත්තරේ මහ එකා වන, "රෝහණ කුමාර" නිවන් යන්නේ ඒ කාළයේමය. රෝහණ ඉල්ලාගෙන් කෑවේ එයැයිම, විහාර මහා දේවී කියා පුම්බපු නෝනාගෙන්මය. රූකාන්ත එළෝ යන්නේ නැතිව නූලෙන් බේරෙන්නේත්, චන්ද්‍රලේඛා හෙයාර් කට් එකකින් බේරෙන්නේත් උන්ගේ පෙර පිනක් තිබිලා මිස සැටලියිට් නෝනාගේ යහගුණයක් නිසා නොවේමය..

ඔය මක්කා මතක නැති උනත් අද දවසේ ඉන්නා උන්නතරේ, සුදු වෑන් කියන්නේ මක්කාද, ප්‍රගීත් එක්නැළිගොඩ කියන්නේ කව්ද, ලසන්ත වික්‍රමතුංග කියන්නේ කව්ද කියා නොදන්නා එකෙක් ඉන්නට බැරිය. ලසන්ත වික්‍රමතුංගටත් වඩා, ප්‍රගීත් ගැන කතාකරන්නේ, ප්‍රගීත්ගේ හාමිනා නිසාය.

ඒකි යකඩ ගෑණියක්ය. ඒකි, මහසෝනා, රීරීයකා තියා, ඝෝඨාටවත්, මහින්දටවත් බය උනේ නැතිය. අදටත් ඉන්නේ ගේමේය. ඒ නිසා යහපාලන කාළකන්නින්ටද ගලේ පැහැරූ බළලුන් මෙන්, කිච වෙන්නට සිඳු වෙලාය. ඇත්තටම ප්‍රගීත් කියන්නේ, මාද්දියවේදියෙක් කියා, සාමාන්නිය ජනයා දැන ගන්නේ ප්‍රගීත් ඝාතනය කිරීමෙන් පසුය. පොරක් නොවන එකා පොරක් කලේ, මහින්දගේ ගොන් ආන්ඩුවටය. ප්‍රගීත් මරපු උන් අල්ලනවාට වඩා වටින්නේ, ප්‍රගීත් වැනිෂ් කරන්න ඕන වෙලා තිබුනේ කාටදැයි කියනා එක හොයන එකය.

සම හරක් විට, අම්මගේ රෙද්දේ යහපාලනය තුල, එහෙම එකෙක් හොයා ගන්නට බැරි වෙන්න බොහෝ ඉඩ තියෙනවාය. ප්‍රදීප් මරා අවසානය. එහෙත් දැන් උන් මරන්නේ සන්ධ්‍යා එක්නැළිගොඩ නම් අභීත කාන්තාවය.

එක වරක් අගවිනිසොරා ජිනීවා ගොස් කීවේ, ප්‍රගීත් යහතින් ඉන්නා බවය. තව වරක් අමු ගොබ්බ පුත්තලම් බූරුවෙක් කිව්වේ, ඌ ප්‍රංශ රටේ පැරිස් නුවරදී, එක්නැළිගොඩ දැක්ක බවය. මහින්දගේ කක්කා කන්න උනත් ලෑස්ති වී උන් මේ පඩත්තලයින්, ප්‍රගීත් එක්නැළිගොඩ කියා වෙන එකෙක් පෙන්නුවේ නැති එක විතරක් නම් පුදුම සහගතය. ඕන නම් උන්ට ඒකත් කොරන්නට තිබුනේය.

අංගවිකල යහපාලනය යටතේ, නැවත් වරක් ප්‍රගීත් මෙන්ම සන්ධ්‍යාද, අහිංසක දරු දෙදෙනාද ඝාතනය කරමින් සිටි. ඔක්කෝම රහස් එලියට දමා වමාරණ, බුද්ධි අංශ, මොන මළහත්තිල්ලව්ව කීවද. ඒවා නැවත වැමැරිය යුත්තේ ජනමාද්දිය වේදීන්ය. ප්‍රගීත් කොටියෙක් කියා ලියනා කියනා එකෙක් වේද ඌ මාද්දියවේදියෙක් නොව අම්මෙක් අප්පෙක් නැති පජාතම ජඩ මාද්දිය වේදියෙක්මය. එක්කෝ ඌ ගැන මක්කත් නොලියා ඉන්නා එක එයිට වඩා වටිනවාය.

ප්‍රගීත් වැනිෂ් කළ උන් මාට්ටුවී අවසානය. දැන් ඇත්තේ ඕඩර් එක දීපු එකා අල්ලන එකය. බුද්ධි අංශවලට ප්‍රගීත් කොටියෙක් වෙලා තියෙන්නේ දැන්ය. බස්නායක නම් කාළකන්නි ලේඛම්වරයා බේරා ගන්න තැත් කරන්නේ මොකාද කියා, වෙනම ඉන්වැස්ටිගේසොන් එකක් තියනා එක බොහෝම හොඳය.

මෙතුවක් කල් කොටි එක්ක නැටුවේ ගොබ්බවංශයා හා මහින්ද ප්‍රමුඛ ගොන් බයියෝය. යහපාලන කාළකන්නීන් මෙන්ම, මුදලට ඕන එකක් ලියනා පඩත්තල ජඩමාද්දියවේදින්ටද, දැන් කොටි පුල්ලි මතුවීමේ රෝගයක වැළඳි ඇත. බුද්ධි අංශ තුල වෙනම කොටි සංවිධානයක් කියන එක, බුද්ධි අංශ උන්ට රහසක් උනාට, ළෝකයට  නම් රහසක් නෙමේය. 88-89 කාළය තුල , ජෙප්පන් සුනු විසුනු කලේද එසේමය. කරුමය කියන්නේ, මහින්දගේ කාළයේ කොටියකු නොවුන ප්‍රගීත්, මෛත්‍රී පාලනයක් යටතේ කොටියකු වීමය.

යහපාලනය තුලද ප්‍රගීත්ට යුක්තිය ඉටුවීමට බොහෝ දුරට ඉඩ නැත්තේය. සිඳු වෙමින් පවතින සිද්දි දාමයන් තුල ඒ බව බොහෝ පැහැදිලිය. ගෝඨාගේ පාස්පොට් එක නැවත් ලැබෙන්නේ ඒ අනුවය. ඒ අනුව එතුමා පූස් පාට් එකේ, කොහේ හෝ පැනගෙන, යහපාලන ටොයියන්ය පුක පෙන්නුවොත් පුදුම වෙන්නට දෙයක් නැතිය. යහපාලනයේ මාරපනයාට මෙන්ම රාජපක්ෂයාටද ඇවන් ගාඩ්ලාගෙන් ජරාව ගත්තා කියා චෝදනා එල්ල උනේය. මේවායින් පෙනෙන්නේ ඒ කතාවල ඇත්තක් නැත්තේම නෑ කියාය.

දැන් දෙපැත්තේ තියෙන නඩු එක එකා ඉල්ලා අස් කොර ගන්නවාය. ඇෆ් සී අයි ඩී යද (FCID) හෙට අනිද්දා වසා දමා, ඒ තුල, මෙගා පොලිස් එකක් හෝ සපත්තු පොලිෂ් ඔපීස් එකක් දැම්මත් කවුරුවත් කළබල වෙන්න ඕනා නැතිය. අපට ආන්ඩුවට කියන්න තියෙන්නේ අඩුම තරමේ ඝාතනය කොට නිදා ගත්ත උන්ට නිවී සැනසිල්ලේ නිදා ගන්නට දීපල්ලා කියලාය. එහෙම නැතිව උන්ව නැවත නැවත ඝාතනය නොකරනා ලෙසය. අඩුම තරමේ උන්ගේ පාඩුවේ උන්ට දෙනවා මෙන්ම. රෙද්දේ යහපාලනය තුල තව ජෝර්නලිස්ට්ලා සෙට් එකක් අතුරුදහන් කොට, ඊළඟට එන උන්ට ටොපික්ස් දෙන්නේ නැත්නම්, ප්‍රගීත් මරපු උන් සොයා නොගත්තත් අවුලක් නැතිය.


එක්නැළිගොඩ
වරෙන් ගොඩ
එල්ලා දැමුමට
පාලකයින් ජඩ
-x-

56 comments:

  1. ඇත්ත මාතලන් සන්ද්‍යා කියන්නේ යකඩ ගැහැනියක්. මට මේවා අද වැදගත් නැති වුණාට දින සියේදි මා දුටුවා සිදුවෙමින් පවතින "වෙනස" කියන්නේ 77 දී හා 94 දී මිනිසුන් බලාපොරොත්තු වූ වෙනස වුවත්, එයින් එහාට මොකවත් වෙන්නේ නැති වග. ඒ වග පිලි නොගෙන කඩේ ගියත් පිරිස මා දුටුවා.

    ReplyDelete
    Replies
    1. අපි ඒක දැනගෙනම තමයි ජෙප්පන්ට දුන්නේ... දැන් ටොයියෙක් හොයා ගන්නත් නෑ.. බයියෙක් හොයා ගන්නත් නෑ...

      Delete
    2. ඔව් මාතලන්, මේක ඉතිහාසය ඉතා කරුමක්කාර ලෙස රිපීට් වීමක්. මට සිතා ගන්න බැහැ තනි මිනිහෙකුට මොකක්ද කරන්න හැකි කියල.

      Delete
    3. දිගටම විරෝධය පෑම..
      එක එකා එකතු උනාම, ඒ එකතුවීමම මහා බලයක් වෙනවා..
      එකාධිපතියෙක් බල්ලා මාක් කලේ එහෙමයි...

      Delete
  2. //ඒකි යකඩ ගෑණියක්ය. ඒකි, මහසෝනා, රීරීයකා තියා, ඝෝඨාටවත්, මහින්දටවත් බය උනේ නැතිය. අදටත් ඉන්නේ ගේමේය. ඒ නිසා යහපාලන කාළකන්නින්ටද ගලේ පැහැරූ බළලුන් මෙන්, කිච වෙන්නට සිඳු වෙලාය. // මේ විදිහට ඒ අභීත කාන්තාව දකින්නට හැකිවුනේ උඹට විතරයි.. උඹ පිදිය යුතුය. හරියන එවුවන්ට තොප්පිය දාගන්නට හැකිය.

    ReplyDelete
    Replies
    1. පිදිය යුත්තන් පිදිය යුතුමය...

      ඌ කොහේ හරි ඉඳගෙන ආඩම්බර වෙනවා ඇති තමන්ගේ හාමිනා ගැන.. අඬාගෙන, හොටු පෙරාගෙන, මරළතෝනී දෙන වැලහින්නියන් මැද, මේ වගේ යකඩ ගෑණියෙක් ගැන..

      Delete
  3. ටොයියො සහ බයියො යන විභේදනය ඇති කලේ මහින්ද රාජපක්ෂය. එය මෙතරම් කාලයක් පවත්වාගෙන ගියේ බොහොදුරට මහින්ද වාදීන් විසිනි. ප්‍රතිඵල සමඟ ඔවුන් බොහො සෙයින් නිහඬ වී ඇති නිසා තවදුරටත් මෙම වර්ගීකරණය උග්‍ර ලෙස භාවිතා වනු දැකිය නොහැක. ප්‍රගීත් ගේ ඝාතන පරීක්ෂන මෙතරමට ඉඩිරියට ගොස ඇත්තෙ සිදුවූ ආණ්ඩු වෙනස නිසාය.
    යහපලනයක් මගින් අපෙක්ෂා කලේ ප්‍රගීත් හෝ වෙනත් ඝාතන විමර්ශනය පමනක් නොවේ. ඔබ කියනා පරිදි නම් අලුත් පාලන ක්‍රමය සැබවින්ම නරක නැත. මතක හැටියට නම ඔබට නිශ්චිත වශයෙන්ම මහින්ද රජපක්ශ පරජය වන බව තෙරුම් ගැනීමටත් නොහැකිවිය. එසේම මෙවරද ඔබ සහය දුන් දර්ශනය එතරම් ප්‍රචලිත බවක ලබාගත්තේ නැත. ප්‍රගීත් ගෙ පරීක්ශනය වෙනදාට වඩා පුලුල් ආකරයකින් සිදුවෙමින් තිබෙන බව පෙන්නෙනට තිබේ. සැබවින්ම ඒය වෙනත් බොහො කරනු පවා විමර්ශනය කරමින් තිබීම පොලිස් පරීක්ශන වලට දේශපාලන ඇඟිලි ගැසීම්වල අඩුවක් බව කිව යුතුය.

    ReplyDelete
    Replies
    1. ඇඟිලි ගැසීම් අඩුවීම කෙසේ වෙතත්, යහපාලනය තුලද පොලිස්පතිගේ අම්මා මතක කර දුරකථන ඇමතුම් ගැනීමට තරම් ඝෝඨා තවමත් බලවත්ය.. රෙද්දේ යහපාලනය...

      Delete
    2. මහින්ද පරාජය වීම නිශ්චිත බව ඕනෑම හාල්පාරුවෙක් තේරුම් ගෙන සිටියේය. එයට මාතලන් දායක වූ ප්‍රමාණය දන්නෝ දනිති...

      Delete

  4. කියෙව්වා
    මා දන්නා එක් මාධ්‍ය වේදිනියකව ඇගේ රැකියා සගයෙක් ලවා ලසන්ත ගිය පාර දිගේ එක්කන් ගිහින් , මරපු තැන පෙන්නලා මරණය විස්තර කර දීලා තිබුණා.
    ලොකුම අවාසනාව සිරි ලංකාවේ පුරවැසියකු වීම හා ශ්‍රී ලාංකිකයන් බිහිකිරීම.
    මට නම් ඉන්එහා තවදුරටත් කිසිම දෙයක් හිතෙන්නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔළුව තදින් නරක් වෙච්චි, මිනිසුන් පිරිසක් පිරිච්චි..
      අරුම පුදුම රටක් තියෙනවා....
      මහ මුහුදින් වට කෙරිච්ච්, අඹ ගෙඩියක හැඩේ වෙච්චි..
      ඒකට නම් හැටක් තියෙනවා....

      ඒ රටේ මිනිස්සු...
      තනිකර කෙලින්නේ පිච්චූ...//

      Delete
  5. ප්‍රගීත් ගේ ඝාතනය ගැන සැක සංකා පහලවෙන අවස්ථා බොහොමයි. ඇත්තෙන්ම ප්‍රගීත් මරන්නට රාජපක්ෂ රෙජීමයට දේශපාලන හේතුවක් තිබුනාය යන්න පවා අපැහැදිලියි. මන්ද ප්‍රගීත් එක්නැලිගොඩ රාජපක්සහ රෙජීමයට ඍජු තර්ජනයක් එල්ල කරන මාධ්‍යකරණයක නියැලුණු අයෙක් නොවේ. නමුත් ඝාතනය සිදුවුනේ රාජපක්ෂ රෙජීමයේ වෙනත් අවශ්‍යතාවක් සපිරීමට වන්නට පුළුවන්.

    ඇත්තෙන්ම ප්‍රගීත්ට වඩා අභියෝගාත්මක මාධ්‍ය කරණයක ඒ දිනවල ලංකාදීප පුවත්පතේ "තිසරණි ගුණසේකර' නියැලිනි , පැරකුම් ජයසිංහ සයිබරයේ නියැලිනි, දේශපාලනික හේතු මත ඝාතනය කරනවානම් ඊට කලින් මාතලන් මරා දමන්නටත් ඕනෑවට වඩා හේතු තිබිණ .

    සිද්ධිය පැහැදිලිය , අප පසුකරගෙන ඇවිත් තිබුනේ ආශ්චර්යමත් ඝාතන යුගයකි. එහිදී ප්‍රගීත්ට වඩා බෙහෙවින් අඩු ලන්සුවක් ඇති මාධ්‍ය වේදීන්ට පවා නිවන්ගත වෙන්නට අවස්තාව තිබුණි.

    වසීම් තාජුදීන් ඝාතනය වන්නේත් දස්කොන් ප්‍රමිලා පන්නයේ ප්‍රේමයක් වෙනුවෙනි.

    මහින්ද සමග ජිනීවා යනවිට දේශප්‍රේමී වූත් , මහින්ද යුගයේ ජිනීවා යන්නට උත්සාහ කල නිසා සුනිලා අබේසේකර මියගියාට පසුව ඝාතනය වන්නේත් ඒ නිසාය. ලේ දකින්නට ඇවසි වූ කල කොල්ලාද බල්ලාද යන්න වැදගත් නොවේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටා ඕකන ඈඳුනේ වෙන එකෙක්ගේ නමක් නේද... සමනළ සංධ්වනියේ අපූරු පෝස්ටුවක් ගියා ඔය ගැන..

      Delete
    2. //ජයසිංහ සයිබරයේ නියැලිනි, දේශපාලනික හේතු මත ඝාතනය කරනවානම් ඊට කලින් මාතලන් මරා දමන්නටත් ඕනෑවට වඩා හේතු තිබිණ .//

      යකෝ මේක බෙල්ල ගහල යන වැඩක් නෙවැ.. හෙට ඉඳං ඇනෝ එනවා :D මං දරුපවුල් කාරයා. ඕ යේස්

      Delete
  6. https://www.youtube.com/watch?v=EyqZc54Ot3k

    this is the way

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ ෆේවරිට්ම කාටුන් එකක් කව් ද බෝයි...

      Delete
  7. 77 ආන්ඩු පිහිටුවපු උන් බලයට ආවේ, හත් අවුරුදු සාපය, සාගින්න, මෙන්ම අඩු නැතුව, "ප්‍රේමවති මනම්පේරිද" විකුණලාය. 77 බලයට පත් වෙච්චි උන් 94 එලවා දැම්මේ, සූරියකන්දේ ඇටකටු ටික විකුණලාය. ඒ කාළකන්නින් මේ ඊයේ පෙරේද බලයෙන් පහ කරන තෙක්, සූරීයකන්දේ ගේම දුන් එකා එක්ක පට්ට ආතල් එකක් ගත්තේය.//


    මනම්පේරි විකුනා බලයට ආ උන් එලෙව්වේ සූරියකන්ද විකුනලාය. මේක තමයි ඛේදවාචකය. අපට පේන දෙයක් තමා ආණ්ඩු දෙකේම අය ඩීල් දමාගෙන ඉන්න එක.ඒක නිසා ඡන්ද කාලෙට මොනව කිව්වත් ගමේ හොරපොල් කඩපු එකා ට දඩුවම් ලබෙන විදියට ඔය කාටවත් දඩුවම් ලැබෙන්නෙ නැහැ.
    රුපියල් 20 ක් අල්ලස් ගත්ත රාළාමි කෙනෙකුත් හිරේ ගියා.පිං කැටයක් කඩල අහුවුනොත් විනාසයි.

    මට හිතෙන්නෙ පක්ශවලට මිනිස්සු ඇබ්බැහි වීම තමයි මේකට හේතුව. ඇමරිකාවෙ වගෙ ඍජු ප්‍රජාතන්තරවාදී ලක්ෂන වර්ධනය කර ගන්නත් ඕන. පක්ෂ දෙකක් මාරුවෙන් මාරුවට බලය ගන්න කොට නොදැනුවත්වම ඒ දෙගොල්ල නෑයො වෙලා.නිතර මුන ගැහෙනව. එකට කනව බොනව . බොරුවට කැමරා ඉස්සරහ රණ්ඩු වෙනව.
    වෙන මොන රටට ගැලපුනත් මේ පක්ෂ ක්‍රමය නම් අපේ රටට ගැලපෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මකක්ද මචෝ ගැලපෙන ක්‍රමය...

      Delete
  8. thnx ...උයාට ....මාතා.....මම මකන්න එද්දී ...උයා මකල....

    ReplyDelete
    Replies
    1. උඹට වඩා හොඳට මම උඹ ගැන දන්නවා මචෝ....

      Delete
  9. // ප්‍රගීත් එක්නැළිගොඩ කියා වෙන එකෙක් පෙන්නුවේ නැති එක විතරක් නම් පුදුම සහගතය//
    The Dictator film එන බැලුවද? කොමඩි වුණත් යථාර්තය බං.
    ජවිපෙ කියන්නෙත් මළමිනී විකුණන පක්ෂයක්. මාත් උන්ට දුන්නෙ අනික් හත්තිලව් දෙක එපා වෙලා මිසක් මහා ලොකු පැහැදීමකින් නෙමෙයි.
    උඹ දන්නවා ඇති කොටකෙතන ඉස්කෝලෙ යන කෙල්ලයි අම්මයි මරපු වෙලාවෙ ඒ කෙල්ල දූෂණයට ලක්වෙලා නොතිබුණාට මාධ්‍යයි කටකතාකාරයොයි ඒකිව මැරුණට පස්සෙත් දූෂණය කරපු හැටි. මේවාත් ඒ වගේ.

    ReplyDelete
    Replies
    1. ඇයි බං අර දීප්තියා කියන්නේ අපේ උන්ගේ හැටි.. ගොරස්තිතික නියුමෝනියාවද මක්කද රෝගයක් තියේය කියාලා හිටං

      Delete
  10. ඔය දැන් පොලීසියෙන් අල්ලාගෙන ඉන්න ලුතිතන් කර්නල් ලා ඔය වැඩේ සිද්දවෙන කාලයේ පොඩි ලුතිතන් ලා ය. ලොක්කෝ කියන කියන දේ බොහොම හොදට කොරපු උන්නැහේලා ය. දැන් උන්නැහේලාට කොරන්න තියන්නේ එදා මෙව්වා කොරන්න අණ දුන්නේ කවුද කියා නීතිය ඉදිරියේ හෙළි කිරීමය.

    ReplyDelete
    Replies
    1. උන් කරන්නේ රස්සාවක්නේ බං... තියපං කිව්වම තියෙනවා.. මරපං කිව්වම මරණවා..

      ඉස්සරහට ගියොත් ජොනී.. පස්සට ගියොත් ෆොනී...

      Delete
    2. දැන් වී තුමාට සනීපද 89 කලෙත් ඔය දේම නේද ඔබතුමා කො එවට කැට

      Delete
    3. නැහැ මාතලන් ඔබ ඉන්නේ සම්පූර්ණ මිත්‍යාවක. යුධයෙදී දෙන වැරදි නියෝග වලට බැහැ කියන/කියපු නිලධාරීන් ඕනෑතරම් ඉන්නවා. විවිධ තාවකාලික වරදාන/පහසුකම්/සැප/ වෙනුවෙන් පක්කලිකම් කරපු අය වෙනම හිටියා/ඉන්නවා. අද හමුදාව සෑහෙන්න මානව හිමිකම් නීතිය ඉගෙනගෙන තිබෙනවා. ඒ නිසා වැරදි කරනවා අඩුයි. රතුපස්වල සිද්ධියේ අභ්‍යන්තර කතාව අදටත් එලියට ඇවිත් නැහැ.

      Delete
    4. මොන පිස්සුද බං... බැහැ කියලා කියන උන් නම් හමුදාවේ නෑ.... නමුත් ඕ කේ සෑර් කියලා... කියපු දේ නොකල උන් නම් ඉන්නවා මගේ මිතුරන් අතරෙත්... ඒ වගේම ඕඩර් එකටත් එහා ගියපු දේවල් කරපු උනුත් ඉන්නවා ඕන තරම්...

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
  11. //බුද්ධි අංශ තුල වෙනම කොටි සංවිධානයක් කියන එක, බුද්ධි අංශ උන්ට රහසක් උනාට, ළෝකයට නම් රහසක් නෙමේය// නිර්නාමිකව පැහැදිලි කරලා දෙන්න තරම් වටිනව මේ ටික..

    ReplyDelete
    Replies
    1. ඕක මචෝ ඕනම හමුදාවක ටැක් ටික් එකක් නේ.. ඔය බයිලා හොඳයි බයියන්ට කියන්න...

      Delete
  12. ඔය " ප්‍රගීත්" කියලා නම තියෙන ,තමන් මහා විප්ලව වාදියෙකුය කියලා හිතාගෙන ඉන්න බ්ලොග් කාරයෙකුත් ඉන්නවා නේද ? චේගේ මූණ පැත්තකින් එල්ලගත්ත පොරක්, ලමාතන් ගේ ෆෙවරිට් . ඔය වගේ අපතයෝ බ්ලොග් ලියන්න අරගෙන බොරු ට්‍රැෆික් හදාගත්තාම , ගැලරියට අතල් දුන්නයින් බ්ලොග් ලෝකේ හිටපු ඇසු පිරු තැන් ඇති මහත්වරු දැන් ලියන්නේ තියා කියවන්නෙත් නෑ. මාතලන්ට දැන් සනීපද? උඹලට ඕන නවකයෝන්ට අත දෙනවා කියා කියා බ්ලොග් නැති කරන්න . අත දෙවෙයි පුක දීපං.

    ReplyDelete
    Replies
    1. ඌ පොරක් නෙමෙයි නම්.. උඹට තියෙන පුකේ අමාරුව මොකක්ද බං.. තොපිට් ලියන්න බොග එන්නේ නැත්නම්.. බෝර් කරගන්න ඒ කාළේ බොග දාපු පන්ඩිතයෙකුටම කියාලා තෝ ඇරගන් පුකේ බැරිනම්.. ඕන අහක...

      Delete
  13. mathoo Ranil lokka and gang eka dunne game ekak neda ?
    Kohoma unath pati datha kara ganna wenwa dan ithin okkotama.

    ReplyDelete
    Replies
    1. ඒක නම් වෙන එකක් නෑ... සාමාන්නියෙන් අලි ආන්ඩු කරන කොට මිනිස්සුන්ට ජීවන බර එච්චර දැනෙන්නේ නෑ... උන් මක්කා හරි කොරනවා...

      Delete
  14. මේක පෝස්ට් එකට අදාළ නැති ප්‍රශ්නයක්.කවුරුවත් මේ ප්‍රශ්නය මතු නොකළ නිසා මම අහන්නෙ.අර හැම බ්ලොග් එකකම බොහොම උනන්දුවෙන් කමෙන්ට් කරමින් හිටපු සරස හෝ සාරස කියන ළමයා දැන් ටික දවසක ඉඳල ආගිය අතක් නෑ නේද?පොඩ්ඩක් හොයල බැලුවොත් නරකද.

    ReplyDelete
    Replies
    1. ඒකා වෙදෙක්. මරාට කෙලවුනාට පස්සේ සාරසයගේ පුකේ අමාරුව හොඳ වුනා.

      Delete
    2. සාරස ඩෙන්ටෙකු බවයි පෙනුනේ.
      ඔහු ලියන බ්ලොගයක් ද තියෙනවා නේද?
      වෙනත් අයෙකු සාරස ගේ වැඩ එළිදරව් කරනවාය කීවාට පස්සේ මෑන් නිහඬ වුණා!

      Delete
    3. සාරස කිව්වනේ මහින්ද පැරදුනොත් ආයේ ලියන්නේ නැතෙයි කියාලා..

      ඒත් මහින්ද පැරදුන නිසා, ගිනි තියාගත්ත එකෙක්වත්, වහ බීපූ එකෙක්වත් තාම වාර්ථා උනේ නෑ නේද...?

      Delete
  15. මේ ඊයේ පෙරේදා මම ෆේස්බුක් ද කොහෙද දැක්කා එක්නැළිගොඩ ට ඔහොම වුනා මදි කියපු ගැණු ළමයෙක්. එවෙලේ මට හිතාගන්න බැරි වුනා අනෙකාට මේ තරමට වෛර කරන, හෝ මානුශික කමක් නැති මිනිසුන් කොහෙන් එනවද කියලා.
    ඒත් මොනවා කරන්නද?
    එක්නැළිගොඩට විතරක් නෙමෙයි මේ වගේ අයුතු දේශපාලක වුවමනා වලින් මියගිය හැමෝටම සාධාරණයක් වේවයි හිතනවා.

    ReplyDelete
    Replies
    1. //"එවෙලේ මට හිතාගන්න බැරි වුනා අනෙකාට මේ තරමට වෛර කරන, හෝ මානුශික කමක් නැති මිනිසුන් කොහෙන් එනවද කියලා.'// එහෙම නැති මිනිස්සු ඉන්නවා කියලා හිතනවානම් රංගිට ලොකු වැරදීමක වෙලා. හිතන්නේ එපා හැම මනුස්සයම මනුස්සකම තියන මිනිස්සු කියලා . වැඩිපුර ඉන්නේ ඔය ජාතියේ මිනිස්සු තමයි, තමන්ගේ මත නොඉවසනවානම්, තමන්ගේ මතයට විරුද්ධ මතයක් ප්‍රකාශ කරනවානම් ඉතිං ඕක තමයි ප්‍රතිචාරේ , " මරල හරි ගත්තේ නැත්තේ ඇයි සර්" කියලා අහපු ප්‍රතිභාපූර්ණ, ප්‍රවීණ කළාකාරිනියන් ඉන්න රටක්නේ මේ .

      Delete
    2. ඒ ගැන පුදුම වෙන්න දෙයක් නෑ රංගී.. උඹ උනත් මම උනත් එහෙමම තමයි. ඒක මනුස්ස ස්වාභාවය.

      අනික ප්‍රගීත් කරන්නේ ඉල්ලගෙන කෑමක්. ප්‍රගීත් කරන්නේ ජනමාද්දියවේදියකුගේ දෙයක් නෙමෙයි ජඩමාද්දියවේදියෙකුගේ දෙයක්. ඌ කරන්නේ පැපරාසි මාද්දියකරණයක්. මම හිතන්නේ මොකාගේ උනත් පෞද්ගලික ප්‍රශ්ණ ප්‍රසිද්දියේ කතා කරන එක හරි නෑ. ඌ කළේ ඒ දේ. ඒක අපේ රටේ නෙමෙයි ඕනම රටක රිස්ක් එකක්.

      මට තියෙන ප්‍රශ්ණේ ඒක නෙමෙයි. ඌ මැරුවා. ගේම ඉවරයි. ඒත් මේ කොටි ලේබල් ගහලා ඌව මරපු උන් බේරන්න හදන එක සහ ඕඩර් එක දීපූ එකා කවර් කරන්න කරන ගේම. ඕකත් අර රිචඩ් ඩි සොයිසලා, ප්‍රේමකිර්තිලගේ කේස් වගේ වෙන්න බොහෝම ඉඩ තියෙනවා.

      Delete
  16. තැන්කු මාතා අයියේ.. මී හරක් දේශපාලුවන්ගේ වැරදි හොයල වැඩක් නෑ මාත් බලාගෙන හිටියේ සන්ධ්‍යා එක්නැලිගොඩ කන කට්ට. කාට නැතත් මේ ලිපිය ඒ ගැහැණියට හයියක් වෙනවා.....


    මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ)

    ReplyDelete
    Replies
    1. අපිට කරන්න පුළුවන් එකම දේ මේක විතරයි.. අපි ඒ දේ නොපිරිහෙලා ඉටු කරනවා...

      Delete
  17. ඒ වගේම මම දැක්කා පහුගිය ඡන්ද කාලෙ මරා කියල තිබුනා තමන්ගෙ ආණ්ඩුවක් පිහිටුවා ගත්තම ප්‍රගීත් ඝාතනයේ සුලමුල හොයන්න පරීක්ෂණ පටන් ගන්නවා කියල. ඒකට ප්‍රගීත්ගෙ ලොකුපුතා මරාට රෙදි ගැලවෙන පිලිතුරක් ලියල තිබුනා. පොඩි එකා උනාට අම්මා වගේම යකාටවත් බය නැති කොල්ලෙක්. මම ඒ පිලිතුර හොයාගන්න පුලුවන් උනොත් ඊ මේල්ලුවක් එවන්නම්කො මාතේ.

    ReplyDelete
    Replies
    1. මම ඒ ළියුම දැක්කා... ඒක ලිව්වේ ඌම නම්.. ඌ ග්‍රේට් පොරක්.. සන්ධ්‍යා කවදාවත් මතක නොකල යුතුම ගැහැණියක්...

      ඒ වගේම ශිරාණි බන්ඩාරනායකගේ පුතත් නාමල්ට පට්ට ළිපියක් ලියලා තිබුනා..

      Delete
  18. මාතා....................

    ඒක්නැලිගොඩ ගැන හොයනවා කිව්වා ම කදිරගාමර්ගේ කට්ටියත් ෆෝම් වෙලා... යකෝ කොච්චර හෙව්වත් මැරිච්ච උන්ට පණ දෙන්න බෑනේ.. අනික අපි මේවා හැමදාම හොයන්නෙත් නෑනේ.. සතියක් හරි මාසයක් හරි කට්ටිය හිරේ දාලා හිටියාම අපිට අැති..ඊට පස්සේ රට යන්න දීලා නඩු අයින් කරගන්න ඒකනේ..... පව් කදිරගාමර් දන්නවානම් අාය වෙඩි තියාගන්නවා...

    ReplyDelete
    Replies
    1. මේ කුණු ගොඩවල් අවුස්සන එක නෙමෙයි කරන්න ඕන.. එහෙම කියන්නේ ඕවා තනිකර ජහමනයා ගොනාට ඇන්දීම් නිසා මිසක, ඉන්වෙස්ටීගේසොන් වලින් වැඩක් නැතෙයි කියනවා නෙමෙයි.. අඩුම ගානේ ඊළඟ චන්දෙටවත් සේල් එකේ දාන්න, මිනීමැරුම්, අතුරුදහන් කිරීම් වගේ පඩත්තල වැඩ සිද්ද නොවෙනවා නම්, ඒකම ඇති.

      Delete
  19. ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවියේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනවල දී ශ‍්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය ව්‍යාජ එල්ටීටීඊ සංවිධානයක් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.
    එල්ටීටීඊ ඔත්තු සේවය වන ‘ටොසී’ හි සේවය කර පසුව යුද හමුදාවට භාර වූ පිරිසක් හා යුද හමුදාවේ බුද්ධි අංශයේ සිටින, දෙමළ භාෂාව චතුර ලෙස හසුරුවන පිරිසක් විසින් එම ව්‍යාජ එල්ටීටීඊ සංවිධානය පවත්වා ගෙන ගොස් ඇත්තේ, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මතය.

    එම ව්‍යාජ එල්ටීටීඊ සංවිධානය විසින් ගිරිතලේ කැලෑවක් තුළ කඳවුරක් පවත්වා ගෙන ගොස් ඇති අතර එම ස්ථානයට ‘ප‍්‍රගීත්’ මහතා කිහිප අවස්ථාවකම ආ ගිය බව මේ වන විට අත්අඩංගුවේ පසුවන හමුදා බුද්ධි අංශයට අනුයුක්තව කටයුතු කළ ‘තවේන්ද්‍රන් (සුමතිපාල සුරේෂ් කුමාර්) පවසා තිබෙන බව වාර්තා වේ.

    මෙම ව්‍යාජ සංවිධානය අතිශය සූක්ෂ්ම ලෙස, සැක නොසිතෙන ආකාරයෙන් පවත්වාගෙන ගොස් ඇති අතර එය සැබෑ එල්ටීටීඊ සංවිධානයේ නායකයන් කිහිප දෙනකු සමඟ ද සම්බන්ධතා පවත්වා තිබේ. ඒ අනුව එල්ටීටීඊ සංවිධානය හා විශ්වසනීයව සම්බන්ධතා පවත්වා ගැනීම වෙනුවෙන් එම සංවිධානය ලබා දුන් නියෝග අනුව දකුණේ ත‍්‍රස්ත මෙහෙයුම් කිහිපයක්ම මෙම කණ්ඩායම විසින් සිදු කොට ඇති බවටත් තොරතුරු හෙළිව තිබේ.

    එමෙන්ම මේ වන වන විටත් එම ව්‍යාජ සංවිධානය සැබෑ එල්ටීටීඊ සංවිධානයේ නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් ඩයස්පෝරාවේ සාමාජිකයන් හා එල්ටීටීඊ සංවිධානය සමඟ සම්බන්ධව කටයුතු කළ පුද්ගලයන් හා ගනුදෙනුවක නිරතව සිටින බවත් ආරක්ෂක අංශ තොරතුරු මාර්ග හෙළි කරයි.

    කෙසේ නමුත් මෙම ව්‍යාජ එල්ටීටීඊ සංවිධානය යුද්ධයෙන් අනතුරුව දේශපාලන ඝාතන වෙනුවෙන් යොදාගෙන ඇති බව මේ වන විට තහවුරු වෙමින් පවතී. මෙම ඒකකය බුද්ධි අංශ සාමාජිකයන් 650ක් පමණ පිරිසකගෙන් සමන්විත විසිරුණු විශාල ජාලයක් ලෙස ක‍්‍රියාත්මකව තිබේ.

    ReplyDelete
    Replies
    1. ‘තවේන්ද්‍රන්’ වමාරයි

      එල්ටීටීඊ ඔත්තු සේවය වන ටොසී හි ප‍්‍රධානියකු වන ඥානවේල් යටතේ සේවය කර ඇති ‘තවේන්ද්‍රන්’, හමුදා අත්අඩංගුවට පත්වීමෙන් පසු යුද හමුදා බුද්ධි අංශය සමඟ එක්ව මෙහෙයුම් රැසක් සිදු කර ඇත.

      ඔහු මේ වන විට එල්ටීටීඊ සංවිධානය සමඟ මෙන්ම, යුද හමුදා බුද්ධි අංශය සමඟ එක්ව සිදු කළ මෙහෙයුම් රැසක් හෙළිකර ඇති අතර, ඔහු සමඟ සම්බන්ධතා පැවැත්වූ දකුණේ සංවිධාන, පුද්ගලයන් කිහිප දෙනකු හා ප‍්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් පිළිබඳව ද තොරතුරු අනාවරණය කර ඇත.

      ‘තවේන්ද්‍රන්’ විසින් හෙළිකර ඇති තොරතුරු මත පදනම්ව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන් ද ළඟදීම ප‍්‍රශ්න කිරීමට නියමිතය.

      එසේම ඉදිරි දින කිහිපය තුළ දී හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය, යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධව සිටි සන්නද්ධ බුද්ධි බළකා ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ, බි‍්‍රගේඩියර් වන්නිආරච්චි, මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, මේජර් ජෙනරාල් ජන්මික ලියනගේ යන අයගෙන් ද කටඋත්තර ලබා ගැනීමට නියමිත බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.

      Delete
    2. හමුදාව දෙදරයි!

      ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පසුගිය 24 දා අත්අඩංගුවට ගනු ලැබූ යුද හමුදා බුද්ධි අංශයේ ලූතිනන් කර්නල් කුමාර රත්නායක, ලූතිනන් කර්නල් සිරිවර්ධන, මාණ්ඩලික සැරයන් රාජපක්ෂ සහ කෝප‍්‍රල් ජයලත් යන සිව් දෙනාගෙන් තවදුරටත් රඳවාගෙන ප‍්‍රශ්න කිරීම සඳහා බ‍්‍රහස්පතින්දා (27) ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය හිමි විය.

      මීට ඉහත දී මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යුද හමුදාවේ සාජන් මේජර්වරයකු සහ ‘තවේන්ද්‍රන්’ ඇතුළු දෙමළ ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

      එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කළ හමුදා බුද්ධි අංශ නිලධාරීන් මෙසේ පාවා නොදෙන්නැයි හමුදා ප‍්‍රධානීන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ. එසේ නොවුණහොත් උතුරේ යුද මෙහෙයුම් සම්බන්ධයෙන් අතිශය වැදගත් රහස් රාශියක් අනාවරණය වීමට ඉඩ ඇති බවට ඔවුන් රජයට අනතුරු හඟවා ඇත.

      මේ සම්බන්ධයෙන් ‘සත්හඬ’ කළ විමසීමක දී පොලිස් මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකු කියා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන පරීක්ෂණවලට රජයෙන් බලපෑමක් නොවුණහොත්, යුද සමයේ සිදු වූ අපරාධරැසක් අනාවරණය කර ගැනීමත්, ඊට නායකත්වය දුන් පුද්ගලයන් හෙළිදරව් කර ගැනීමටත් හැකිවනු ඇති බවයි.

      Delete
  20. ප්‍රගීත් කියන්නේ ජනමතය හසුරුවන ජනමාද්‍යවේදියෙක්ට වඩා ජනතාව ඉල්ලන දේ දුන්න කෙනෙක්.
    එනම් ඔහුගේ ජනමාධ්‍ය භාවිතාව පැසිව් එකක්.එනම් ඔහු total bottom ජනමාධ්‍යවේදියෙක්.

    ReplyDelete
  21. මම මේ ලියුමට කැමති අයියන්ඩි
    අපි වෙනුවෙන් ඔයා යුතුකමක් ඉශ්ට කරා වගේ හැගිමක් දැනුනා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න