.

.

Aug 22, 2015

එක ගෙයි කෑම හා ඇදගෙන නෑම - "National Govt", Will it work..?



හිතවත් චානුක වත්තේගමයන් බොහෝ කළෙකට පසූ අපූරූ සටහන් ටිකක් බුකියේ කොටලා තිබුනාය. එකකින් අසා තිබුනේ, //සිහි මඳ ගතියකින් පෙළෙමින් අර්ථ ශූන්‍ය දේවල් කියවමින් සිටි මෙම පුද්ගලයා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ දින සිට ගිය තැනක් සොයා ගන්ට නොහැකි වී තිබේ. අවසාන වරට දකින විට බොර පාට ජාතික ඇඳුමක් හැඳ වර්ගපූර්ණිකාවේ ෆොටෝ කොපියක් කිහිල්ලේ ගසා ගෙන සිටියේය. ඔහු ගැන ආරංචියක් ලැබෙතොත් විදුසර කර්තෘ මණ්ඩලයට හෝ ළඟම ඇති නාථ දේවාලයට දැනුම් දෙන්න.// කියලාය. ඒ පිස්සු නාථ හෙවත්, අනාථ නාථ හෙවත්, මහා ආචාරිය නලීන් ද සිල්වා උන්නැහේ ගැනය. 

අනික් කතන්දරේ තිබුනේ අළුතෙන් හදන්න යන කැඳ හැළිය ගැනය. ඒ සටහන මාතලන්ගේ බොක්කටම වැදුනේය. කතන්දරය මෙසේය."

// "කේක් සහ සයිලන්සර් විකිණීමට තිබේ"

මේ කථාව කිව්වේ රංජිත් ධර්මකීර්තිය. ධර්මකීර්ති ඇතුළත් වූ නාට්‍ය කණ්ඩායමක් ඈත පළාතකට බසයකින් යද්දී මේ අපූරු දැන්වීම ඇති කඩයක් දැක තිබේ. නාට්‍ය කණ්ඩායමේ සිටි හෙන්රි ජයසේන වහාම බසය නවත්වන සේ ඉල්ලා මේ හරුපය මොකද්ද දැන ගන්ට ගොස් ඇත.

කතාව මේකය. පිය පුතු දෙදෙනෙකි. පියා දන්නා රැකියාව කේක් හැදීමය. පුතා කාලයක් ගෙදරින් පැණගොස් ඉගෙන ගත් රැකියාව සයිලන්සර් වැඩය. දෙදෙනාම තමන්ගේ රැකියා අත අරින්ටත් කැමැත්තක් නැත. තියෙන්නේ එක කඩ කෑල්ලකි. ඉතින් එහි පැත්තක සයිලන්සර් වැඩ කරන අතර අනෙක් පස කේක් විකුණයි.
"ජාතික ආණ්ඩුව" ගැන ඇසූ විට මේ කේක් හා සයිලන්සර් කතාව මතක් විය. කියලාය //

රනිල් විකුම්සිහ මැතිතුමා හතර වැනි වතාවටත් අගමැති වෙලාය කියලා මහා හා හෝවක්ය. කලින් තුන් වතාවේම කොරලා තියෙන්නේ බොහෝම කෙටි කාලයක්ය. උන්නැහේට සංසාරේදි ජනපති වෙන්න නම් බෑ කියලා මාතලන් කිව්වේ, බොහෝ කාළයකට පෙරය. හේතුව ජේ ආර් මුත්තාට තිබුන ජනතාව මුලා කිරිමේ ටැලන්ට් එක, මුන්නැහේට නැති එකය. 

සහතික ඇත්තය. රනිල් ලොක්කා අවංකය. පොඩ්ඩක් නොව අමූලික අවංකය. ඒ හන්දා රටේ වෙද්දු සහ ගල් ආඳන්ගේ ගේම් වලට ලොක්කා ඉබේම මාට්ටු වෙනවාය. ඔච්චර අවංක වෙලා මේ රටේ පාලකයා වෙන්න බැරිය. අනික බලය රදා ගන්නත් බැරිය. 

මේ සැරේවත් ඉකොනොමි එක හර්ෂට සහ එරාන්ට දුන්නේ නැත්නම්, මාස හයක් යන්න කලින් ඔක්කෝම අලි ටික ආයෙත් පින්නවල යන්න ලෑස්ති වෙලා ඉන්නා එක බොහෝම හොඳය. රවීට කොරන්න පුළුවන් ලබ්බක් නැතිය. එයා දන්නේ හොරා කන්න හා ජිල්මාට් ගේම් දාන්න ඉතරය. එයාට බෑ කියලා මේ සැරේ කොළබ ජනතාවත් අපූරුවට පෙන්නලා තියෙනවාය. ඉන්න තුරුම්පු ගහලා අහවර වෙලා කුඩු උනත් අවුලක් නැතිය.

කලින් කරපු තුන් වතාවේම ඇනගත්තේ ඒ නිසාය. පළවෙනි සැරේ අනා ගත්තේ ගාමිණී දිසානායකගේ ජිල්මාට් ගේම් එක කිරියාවේ යෙදුවේ නැති නිසාය. අස්‍රොෆ් ඇවිල්ලා අලින්ට ආයේ නැගිටින්න බැරි වෙන්නම ඇරලා ගියේය. ඊළඟ වතාවේ කෑවේ, පිරබාහරන් එක්ක මඟුලක් කොරන්න ගිහිල්ලාය. ඒ ගහපු ගේම කොටින් සුන් කිරීමේ ආරම්බක පියවර උනාට, ඊට එරෙහිව හඬ නගාපු ගොන් බයියන්ට උත්තර බඳින්න එක අලියෙකුටවත් බැරි උන නිසා, ජාතිවාදින්ගේ ජය ඝෝසා මැද දෙවනි සැරේ අකුලාගෙන යන්නට උනේය.

තුන් වෙනි සැරේ ජනප්ති වෙන්න තිබ්බ චෑන්ස් එක කා ගත්තේ, පොලිටික්ස් දන්නවා උනාට පොලිට්‍රික්ස් දන්නේ නෑති නිසාය. පොද්දෙක් හොය හොයා යන උන් එක්ක සෙට් වෙලා එයත් පොද්දා හොයන ගේමට සෙට් උනා මිස, මාව පොද්දා කරනවා ඕයි කියා කීමට තරම් ගටක් වත්, සැට් එකක්වත් අවුරුදු 20 ක් ගිහිල්ලත් උන්නැහේට හදා ගන්න බැරි උනේය. 

ඒකේ පින පෑදුනේ කොහේවත් උන්න පුලතිසි පුර සිරිසේන උන්නැහේටය. පොල් පිත්තක් උනත් ගේමට දාලා දිනා ගන්න තිබ්බ වෙලේ, රට කරවන වරම රනිල්ගේ අතට ගන්න බැරිවීම රනිල් ලොක්කාගේ පමණක් නොව අලි පාටියේ හැම එකාගේම ෆේලියර් එකක්ය. අද එයැයිලට රට කොරවන්න වෙලා තියෙන්නේ අලින්ට ඕනා විදියට නෙමේය. කොටින්ම අලි විතරක් ඉන්නා කැබිනට් එකක් වත් හදා ගන්නට බැරිය. යහපාලනේ කොරන්න වෙලා තියෙන්නේ කම්බා හොරුත් එක්කමය. ඉදින් රට හැදිල්ල කෙසේ වෙතත් හොරා කන එක නම් නියෙමටම කොරාවිය කියා අනාවැකියක් නම් කියන්නට පුළුවන්ය.

ඔය ජාතික ආන්ඩු කේස් එකෙන් වෙන්නේ එක ගෙයි කෑමේ මෙතඩ් එකය. දැන් තියෙන්නේ මුන් දෙගොල්ලත් එක්කම එකතු වෙලා, ලක් මෑණියන්ට ගේම දෙන එකය. රනිල් ලොක්කා මේ සැරෙත් නාන්නේ මහත්මා දේශපාලනේ කොරන්න ගිහිල්ලාය. රටේ ඉන්න ළොකුම හොරා දිවුරුම් දීමේ උත්සවේට වඩම්මාගෙන ඒමම ඉල්ලන් කෑමෙ පළමු පියවරය. 

මේ සැරේ ඡන්දේ පැරදුනයින් පස්සෙත්, රට ගිල ගන්න ඉන්න කොටියි කියාපු ටී ඇන් ඒ එකේ උන් එක්ක ආන්ඩුවක් පිහිටුවා ගන්න ගේම ගහපු එකා එක්ක හැමිනෙන යහපාලනේ මක්කද කියනා එක නම් ,මාතලන්ට තේරේන්නේ නැතිය. 

තොවිලය නටා අවසානය. ඉදින් එලිවෙන තෙක් නටනා තොයිලේ අවසානයේ යකා එලවා දමනවාය. එතකොට යන යකා කිරි ගහක අත්තකුත් කඩාගෙන, කොරහත් බිඳගෙන යනවාය. එහෙම පට්ට ගේමක් දීලා යකා එලවා දමන්නේ යක්කුත් එක්ක හැමිනෙන්න බැරි හන්දාය. ඒත් මේ යහපාලන පිස්සු හුටංලා කොරන්නේ තොයිලෙන් පස්සේ, පිදේනිත් පුදා එලවපු යකා තොයිලෙන් පස්සේ දෙන ටී පාටියටත් කැන්දාගෙන එන එකය. 

බලාගෙන ගියාම අපි එලිවෙනකන් නටාපු තොයිලෙන් සත පහක වැඩක් ඇත්තේ නැතිය. අන්තීමට වෙලා තියෙන්නේ, නටපු තොයිලෙකුත් නැතිව, බෙරේ පලුවක් නොව පලු දෙකම නැතිව, බෙරේ ඇතුලට බැහැලා පුක බේරාගෙන ඉන්න එකය. මොකෝ වැඩිකල් යන්න කලින් කම්බා හොර බයි සෙට් එක, එකගෙයි කෑම හරියන්නේ නැති නිසා රනිල් ලොක්කාට ගේම දෙන නිසාමය. 

අති විශේෂ (ගල් නොවේ)

ජනතාව ගෙදර එලවපු කාළකන්නි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොගත්තාට අලි පාටියට අපේ බොක්කෙන්ම දෙන මෙව්වා එක මේ වෙලාවේ පුද කර සිටිනවාය. එක එක වේසිගෙ පුතාලාට ඕන උන් දාගෙන රට කොරන්න යනවා නම්, කෝටි ගානක් අපේ සල්ලි වලින් ඉලැක්සොන් තියන්න යන්නේ නැතිව තොපිට ඕනා එකෙක් දමාගෙන මේ රට උලා කෑවාට අපේ හිතේ අබ මල් රේණුවක අහිතක් නැතිය. 

ඒ කෙසේ වෙතත්, කාළකන්නි ජී ඇල්, පිස්සු විතාරණ හා ඩීව් ගුණසෙකර කියනා අවස්ථාවාදී හාල්පාරුවන්ගේ දේසපාලන ගමන මෙයින් නතර කිරීම ගැන නම් කියන්නට වදන් නැත.

99 comments:

  1. කලින් හැමදාම වුනේ, එක්කෝ අරුං රට කාගෙන කාගෙන කාගෙන හිහිල්ලා නවත්පු තැන ඉඳන් මුං රට කාගෙන කාගෙන කාගෙන එක හරි එහෙම නැතිනම් මුං රට කාගෙන කාගෙන කාගෙන හිහිල්ලා නවත්පු තැන ඉඳන් අරුං රට කාගෙන කාගෙන කාගෙන එකයි.

    මේ පාර වෙන්න යන්නේ අරුං රට කාගෙන කාගෙන කාගෙන හිහිල්ලා නවත්පු තැන ඉඳන් අරුනුයි මුනුයි එකතුවෙලා රට කාගෙන කාගෙන කාගෙන යන අලුත්ම සෙල්ලමයි!

    ReplyDelete
    Replies
    1. ඔය සැන්තෑසිය කොහොමත් වෙන බව දන්නා නිසා මාතලන්ලා උත්සාහ කොළේ ජෙප්පෝ 10-12 ක් වත් ඔතෙනට බස්සන්නය. ඒ උනාට අන්තීමට බැලුවාම ජෙප්පන්ට දෙන්න ගොඩක් උන්ට තාමත් හිත හදාගන්න බැරිවා වාගේය. ඉන්න උන් හය දෙනාවත් ගේම ඇද්දේ නැත්නම්, මේ රටට සම්මා සම්බුදු හා දළදාවේ සරණ කෙසේ වෙතත්, අබ සරණ නම් ඉර හඳ වාගේ සුවර්ය.

      Delete
    2. රසිකොලොජිස්ට් ගේ වයස දැනගන්න ආසයි . හිතෙන්නේ නම් බාලයෙක් කියලයි.

      සියලු සබ්බ සකලමනාවම ඍනාත්මක ලෙස දැකීම මහා කාලකන්ණි කමක්. එහෙම ජීවිතයකට අනාගතයක් නෑ .
      රටක් ගැන උනත් එහෙමයි. අපි ධනාත්මකව සිතමු. මට නම් සිතෙන්නේ අපි මහා ඝන අන්ධකාරයකින් පසු එළිය
      දකින්නට සැරසෙන බවයි. ඒ වගේ වකවානුවක සියලු අහුමුලු එක සැණෙකින් ආලෝකයෙන් පුරවාලිය හැකි වොට්
      දසදහසක විදුලි බුබුළු සිය ගානක් එකවර දැල්වෙතියි සිතීමම මුලාවක්. අපි බලා සිටිමු . අපේ රටට වාසනාවන්ත හෙට දවසක්
      උදා වේවි !

      ජෙප්පෝ ගැන මගේ අදහස ඔවුන් අවංක මෝඩයන් බවයි. ඔවුන් පාඨලී ගෙන් ටියුෂන් ගත්තා නම් හොඳයි . ඒත් ජෙප්පෝ
      අවංක මෝඩයන් තරමටම අසීමිත ආඩම්බර කාරයන් . ඒ නිසා එවන් නිහතමානි බවක් ඔවුන්ගෙන් බලාපොරොත්තු විය නොහැකියි.

      Delete
    3. වයස කෙසේ වෙතත් -
      මාතලංලා, අපි ඔය අඳුරෙන් එළියට සීන් කෝන් ඕනෑ පදං දැකලා තියෙනවා.

      පස්සේ link දෙක තුනක් දාන්නං. එක්කෝ ඕනැත් නෑ නේද. නම ඉඳුවර නම් "ඇහැක්" විදියට බලා ගනී නේ!

      Delete
    4. @ senaka induwara,

      රසිකොලොජිස්ට්ගේ වයස අවුරුදු 53 යි.

      Delete
    5. මගේ අම්මාත් බ්ලොග් කියවන බව අදයි දැන ගත්තේ!

      Delete
    6. හි හි හි

      Delete
    7. අවුරුදු පනස් තුනයි වයස... බැලු බැල්මට කියන්න බෑ...

      Delete
    8. "ඔමාගේ හීන- ApurviAugust 23, 2015 at 6:25 AM
      හි හි හි"

      තාමත් පූසෝ එක්ක හුරතල් වෙන ඔයාගෙන් වෙන මොනා බලාපොරොත්තු වෙන්නද?

      Delete
    9. ඇනෝ, ඇයි උඹ පූසෝ එක්ක හුරතල් වෙන්නෙ නැද්ද? :-)

      Delete
    10. මාත් තවම පූසෝ හුරතල් කරනවා...

      Delete
    11. අඳුරෙන් එලියට සීන් කෝන් නම් අපිත් බලන් හිටියා 94,2005 එහෙම.මේ පාරත් බලන් ඉමුකො.
      ප.ලි
      පුසන්ට නම් අපිත් ආසයි.

      Delete
    12. anduren eliyata giya hati apith atyh dakala thiyenawa ona tharam. ba;agena indapalla kata aragena

      Delete
    13. ලංකාවේ මෝඩ ගෑනු යි පිරිමි යි නොදන්න කාරණයක් තම යි ලෝකයේ බොහෝ රටවල වයස පනස් ගණන්වල ඉන්න පිරිමින්ට ඒ රටවල ගෑනුන්ගෙන් වැඩිම ඉල්ලුමක් තියෙන වග.

      Delete
  2. ඩීල් දාලා ද නැද්ද කියලා අපට බලා ගන්න හැකි මූලික නිර්නායක කිහිපයක් මෙන්න.

    1. තාජුඩීන්
    2. හෙල්පිං හම්බන්තොට සහ සරත් නන්ද සිල්වා ගේ කතාව
    3. සිරිලිය
    4. බැසිල් ගේ නඩු
    5. ගෝටාබය ගේ කේස්

    ReplyDelete
    Replies
    1. ඇයි, මහ බැංකු ගණුදෙණුව...

      Delete
    2. ඒකේ insider teading වලට වැඩි දෙයක් නෑ මාතලං.

      ඒවාට ඩීල් එන්නේ 2020 දී.

      Delete
    3. මටත් බැරිද දන්නෙ නෑ... ලංකා බැංකුවෙන් ලෝන් එකක් අරගෙන ට්‍රැසොරි බොන්ඩ් ටිකක් අරගන්න... එහෙම තනියෙන් බැරිනම් ඔහේ ඔට්ටේලියාවේ පොඩි බ්‍රෝකර් කොම්පැනියක් පටන් ගන්න. මම මෙහේ ඒජනත වෙන්නම්... නහින දෙහින කාළේ කෝටි ගානක් හම්බ උනොත් හෙම, හියුජ් හැෆ්නර් වගේ හරි පෝල් සයිමන් වගේ හරි ජීවත් වෙන්න පුළුවන්නේ..

      Delete
    4. ඔය ලැයිස්තුව කෙරවලක ගෝටාබය ඉන්නවනම් ඒ එකක් වත් ඉදිරියට යන්නේ නැතිය. කරන්න හදපු පරීක්ෂණ හමුදා චරපුරුෂ (බුද්ධි) අංශය විසින් විරෝධතා දැක්වීම නිසා නවත්තලා ටික දවසක් සද්දේ තියෙයි.

      Delete
  3. ඒත් මේ යහපාලන පිස්සු හුටංලා කොරන්නේ තොයිලෙන් පස්සේ, පිදේනිත් පුදා එලවපු යකා තොයිලෙන් පස්සේ දෙන ටී පාටියටත් කැන්දාගෙන එන එකය.\\

    කතාව ඇත්තය. එහෙත් ජාතික ලැයිස්තුවට පරාජිතයන් නොගැනීමේ ප්‍රතිපත්තිය පක්ෂ විපක්ෂ සියල්ලන්ගේම ඇගයීමට ලක්ව ඇත. රනිල් ප්‍රතිපත්තියක් ඇති වැදගත් මහත්මයෙක් බව හැමෝම කියති. මේ සැරේනම් නාන්නෙ නැති පාටය. යහපාලනය වැදගත්කම කාටත් එක නීතිය වගෙ ප්‍රවේශයන්ගෙන් වැඩ පටන් ගත්තොත් නම් කම්බ හොරුන්ටත් කරන්න දෙයක් නැත.

    ReplyDelete
    Replies
    1. දැන්වත් ඉතින් හොරුන් හා දූෂකයින් මහ උළු ගෙදර දැක්කිය යුතුමය.

      Delete
  4. මනාප 3ක් චන්ද එකයි කියලා හිතුවොත් විමල් වීරවංශ සන්ධානෙට චන්ද ලක්ෂ 1.2ක් පමණ ලබාදුන් කෙනෙක් එහෙනම් එයාට ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරකට උරුමයක් තිබිය යුතුයි.
    මේතද යහ පාලකය කියන්නේ?

    ReplyDelete
    Replies
    1. යහපාලනේ නෙමෙයි... මේක ඇවිත්, යහපාචනේ....

      Delete
    2. ජාතික ලැයිස්තුවෙන් හිමි වන මන්ත්‍රී ආසන සංඛ්‍යාව ගණනය කරන්නේ යහපාලන ප්‍රතිපත්තිය අනුව නොව ජේ ආර් ගේ ව්‍යවස්ථාව අනුවයි. ඒක වෙනස් වුනොත් වෙනස් වෙන්නෙ 20 ආවට පස්සෙනෙ.

      Delete
    3. ආසන ගාන් පිළිබඳ ප්‍රශ්ණයක් නෙමෙයි මෙතන තියෙන්නේ. දේශපාලන සදාචාරය පිළිබඳ පුරස්නයක්....

      Delete
  5. මොනවා උනත් මුදල් ඇමතිකම රවීට දෙන්නෙ නැතිව හර්ෂට දීපු එක ගැන සතුටුයි.ඌ ගැන මහලොකු දෙයක් දන්නෙ නැති උනත් ආර්ථික විජ්ජාව ගැන ඉගෙනගෙන තියෙන මිනිහෙක් නිසා විශ්වාසයක් තියාගන්න පුලුවන් වෙයි!

    ReplyDelete
    Replies
    1. තාම දීලා නෑ බං

      Delete
    2. ඒක ඇත්ත..මං අදහස් කලේ ගොසිප් වල තියෙන දේ.ඒක ඒ විදියටම නිල පත්වීම දුන්නොත් හොදයි.

      Delete
  6. මාතලන්ගේ මේ ලියවිල්ලේ හැටියට හා මිට කලින් ලියපු වැල්වටාරම් වල හැටියට මුන්ද ජෙප්පන්ට කතිරේ ගැහුවය කියල විශ්වාස කරන බබාලා අත උස්සන බලන්න.?

    ReplyDelete
  7. මාතලන් දන්නා එකම අවනඩුව මහා බැංකු ගණුදෙණුව පමණය.

    කරුණාකර මාතලන්ට වැටහෙන විදියට මහා බැංකුවේ වෙලා තියෙන වංචාව මොකක්ද , බැඳුම්කර නිකුතුවක සාමාන්‍ය පිළිවෙල , මෙම ගනුදෙණුවේදී සිදුව ඇති වරද , ඒ හරහා සිදුව ඇති සැබෑ පාඩුව , වරදක් හෝ වංචාවක් සිදුව ඇත්නම් එයට සෘජුව වගකිව යුත්තේ කවුරුන් විය හැකියැයි ඔබ අනුමාන කරන්නේද ?

    මේ කිසිවකට ඔබට පැහැදිලි පිළිතුරක් නැතිනම් ඔබ මහා බැංකු ගණුදෙණුව කියමින් දෙන්නේ ගිරා ටෝක් එකක්ද?

    "රනිල්, දේශපාලනික අයිකන් එකක් ලෙස ගත්කල අපි ඔහුට එරෙහිව නැගී සිටිය යුත්තේ මහ බැංකු බැඳුම්කර වංචාව ගැන මිසක "

    මේ බස්සි නම් බ්ලොග්කාරියගේ කොමෙන්ටුවක කොටසකි.

    ඇයටද මේ සමගම ඉහත ප්‍රශ්නය යොමු කරමි. ඒ සමගම ඇය කැමතිනම් එම කොමෙන්ටුවේ අවසාන වාක්‍යය ගැන ද සරළ විග්‍රහයක් කරනා ලෙස ඉල්ලමි.

    ReplyDelete
    Replies
    1. මහ බැංකු කේස් එක ගැන වෙන මළදානයක් අවශ්‍ය නැත.

      බැංකුවේ අධිපතිගේ බෑනාට රාජ්‍ය බැංකු වලින් ණය සහන සලසා දී එම මුදල් වලින් සාධාරණ ලෙස හෝ බැඳුම්කර මිළදී ගැනීමම වෙනත් රටක් නම් හිරේ යන්නටත් ප්‍රමාණවත්ය.

      එය සාධාරණ යැයි කියන්නේ නම්. රාජපක්ෂ පවුලේ බේබිලා රූපවාහිනි නාලිකා ගත්තේ කෙසේදැයි ප්‍රශ්ණ කිරීමද අයුක්ති සහගතය.

      කොටින්ම සජින් වාස් කූරූ ගැනිය යුතුද නැත. අවන්ගාඩ්ලා එෆ් සී අයි ඩී ගෙන ආ යුතුද නැත.

      Delete
    2. මහබැංකුවේ සිදුවු වංචාව මහින්දගේ කාලයේ මහබැංකුවේ සිදුවූ වංචාවට වඩා බොහොම සුළුයි, මාතා කියනවා වගේ රාජ්‍ය බැංකුවක් පුද්ගලයකු වෙනුවෙන් මෙපමණ ණය මුදලක් අඩු පොලියට ලබාදීමම වංචාවක් !!

      වංචාව කවුරු කලත් වන්චවම තමයි.

      Delete
    3. මම කිව්වේ , මාතලන් විතරක් නෙමේ ඔය ගැන කතා කරන එකෙක්වත් මහා බැංකු බැඳුම්කර පිළිබඳව
      මෙලෝ හසරක් දන්නේ නෑ . හරි ඒ කතාවෙන් රෙදි ගැලඋනා කියමුකෝ.

      දැන් මේ කියන කතාව ගැන කතා කරමුකෝ.

      " බැංකුවේ අධිපතිගේ බෑනාට රාජ්‍ය බැංකු වලින් ණය සහන සලසා දී එම මුදල් වලින් සාධාරණ ලෙස
      හෝ බැඳුම්කර මිළදී ගැනීමම "

      මාතලන් කියන මේ කතාවට අදාලව පහත ප්‍රශ්ණ කීපයට පිළිතුරු දෙනවාද කරුණාකරලා ?

      1. මේ බෑණා තනි පුද්ගලයෙක්ද , ආයතනයක්ද ?

      2 . ඔහු මහා බැංකු බැඳුම්කර මිලදී ගත් පළමු අවස්ථාව මෙයද ?

      3 . මීට පෙර ඔහු එවන් මිලදී ගැනීම් සිදුකර ඇත්නම් එම අවස්තාවලදී රාජ්‍ය බැංකුවලින් ණය ලබාගෙන තිබේද ?

      4. රාජ්‍ය බැංකු ණය ලබාදීමේදී එම රාජ්‍ය බැංකු වෙත අගමැති තුමා හෝ මහා බැංකු අධිපති තුමා සෘජු හෝ වක්‍ර
      බලපෑම් කර ඇති බවට සාක්ෂි තිබේද ?

      5 . බැඳුම්කර මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු ණය ලබාදී ඇති ප්‍රථම අවස්ථාව මෙයද ?

      6 . ඔබගේ අදහසේ හැටියට මෙම " මහබැංකු බැඳුම්කර සිදුවීම " ලබැඳියාවන් අතර ගැටීමකට තුඩුදෙන්නා වූ සිදුවීමක්ද ,
      නොඑසේනම් අගමැති හා මහබැංකු අධිපති එක්ව සිදුකල දැවැන්ත වංචාවක්ද ?

      7 . එය වංචාවක් නම් එහි අගය කොපමණක් විය හැකිද ?

      Delete
    4. මහ බැංකුව බැඳුම්කරය නිකුත් කලේ වසර තිහකටය. ලංකා බැංකුවෙන් ලබා දුන් ණය මුදල ලබා දුන්නේ කොතරම් කාලයකටද යන්න සඳහන් වී නැත. කෙටි කාලීන ණය සහ දිගු කාලීන ණය අතර පොලී අනුපාතය වෙනස් ය. ලංකා බැංකුවේ අතිරික්ත මුදල් එම වෙලාවේ තිබුණ බව පෙනීයන මුත් එම මුදල් අතිරික්තය වසර තිහකට හිර කිරීමට හැකියාවක් තිබීමට කිසිසේත්ම නොහැකිය. එයට හේතුව එම බැංකුවේ ප්‍රධාන කර්තව්‍ය බැඳුම්කරවල අයෝජනය කිරීම නොව සුළු, මධ්‍යම, සහ දීර්ඝ කලීන ණය සුළු , මධ්‍යම සහ විශාල ව්‍යාපාර සහ පුද්ගලයින්ට ණය පහසුකම් සැපයීමය. විනිවිද භාවය පතමින් වෙන්දේසියකට නොගොසින් කබ් රාල් සහ ගැන්සිය කල ආකාරයේ පෞද්ගලික ණය ලබා ගැනීමකට ගියේ නම් ණයක් ගත් බවවත් කිසිකෙනෙක් නොදැනීමට ඉඩ තිබිනි. මෙය රට හිතකර සාම ගිවිසුම අහිතකර යැයි කියා විවේචනයට ලක්වීමේ වැනි එහෙත් ඊට වඩා කුඩා දෙයකි.

      Delete
    5. තවත් කරුණක් වන්නේ පර්පිචුවල් ට්‍රෙශරීස් සමාගම තැරැව් කාර සමාගමකි. ඉඩමක් විකිනීමට ඇතිවිට බ්‍රෝකර් වරු කරන්නේ ඒ සඳහා ගැණුම්කරුවකු සොයාදී එයින් කොමිසන් ප්‍රමාණයක් ලබා ගැනීමයි. එම අවස්ථාවේ ගැණුම්කරුවකු නැත්නම් ඔහු ණයක් ලබා ගෙන ඉඩම මිලදීගෙන ගැණුම්කරුවෙකු ලැබුණු පසු විකිණීම ඉඩම් වලදී සාමන්‍යයෙන් නොවන දෙයකි. එහෙත් බැඳුම්කර නිකුතුවේ සිදුවූයේ එවන් දෙයකි. බැඳුම්කර වෙන්දේසිවලදී පසුව විකිණීමට තැරැව්කරුවන් තාවකාලිකව බැඳුම්කර ඔවුන්ගේ නමින් මිලදී ගැනීම සාමාන්‍ය දෙයකි. එයට හේතුව තැරැව්කරුවාට විකිනීමට භාණ්ඩය ඇතිවන්නේ ඔවුන්ගේ ලංසුව මහ බැංකුව පිලිගත්තොත් පමණක් වන නිසාය. බිලියන එකක බැඳුම්කර නිකුතුවේදී ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේදී බිලියන දහයක් ගැනීමට මහ බැංකුව තීරණය කිරීමේදී අදාල සමාගම එය ලබාගෙන ගැණුම්කරුවෙකු සොයා ගන්නා තෙක් එම මුදල පියවීමට ලංකා බැංකුවෙන් මුදල් ණයට ගැනීමක් පමණක් මෙහිදී සිදුවී ඇත. මෙහි ඇති එකම දෙය නම් බිලියන එකකට නියමිතව තිබූ වෙන්දේසියේ බිලියන දහෙවිට අනික් තැව්කාර සමාගම් සූදානම්ව සිටියේද යන්නයි. මෙහි පාඩුවක් ඇත්නම් එය සිදුවී ඇත්තේ තවත් තැරැව්කාර සමාගමකට මිස මහ බැන්කුවට නොවේ. අන් කිසිම තැරැව් කාර සමාගමක් මේ පිලිබඳව පැමිණිලි කර නැත.

      Delete
    6. තවත් වැදගත්ම කරුණක් වන්නේ මහ බැංකු අධිපතිවරයා එම තනතුරට පත්වී සුමාන ගණනකින් පැවැත්වූ පළමුවෙනි ණය ගැනීමේ අවස්ථාව මෙය වීමය. පර්පිචුවල් ට්‍රෙශරීස් සමාගමට තැරැව්කාර බලපත්‍රය ලබාදී ඇත්තේ ගිය වසරේදී නිවාඩ් කබ් රාල් මහතාගේ කාළයේදීය. එම සමාගමේ ඒ අධ්‍යක්ශක වරියක වන්නේ ශිරෝමී වික්‍රමසිංහ මහත්මියයි. ඇය විවාහයට පෙර ශිරෝමී කබ් රාල් විය. ඇය නිවාඩ් කබ් රාල් මහතාගේ එක කුස උපන් සහෝදරියයි. මෙම ගණුදෙණුව සිදුවන අවස්ථාවේදීත් ඇය එම අධ්‍යක්ශක මණ්ඩල සාමජිකාවකි. පර්පිචුවල් ට්‍රෙශරීස් කොටස් කරුවකු වන්නේ අර්ජුන් ඇලෝශියස් ප්‍රසිද්ධ නැසීගිය ඇලෝශියස් මුදලාලිගේ මුනුබුරුවන් කලින් රජය සමයේ ධනවත්වූ තරුණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් සහ රාජ කුමාරයෙක් සමඟ බොහෝ කිට්ටුවෙන් ඇසුරුකල සහ ව්‍යාපාරික කටයුතු කළ අයෙකි. මහබැංකුව පොලී අනුපාත ඉහල හෝ පහල හෙලීම් වලදී යමකු සතු බැඳුම්කර ප්‍රමාණය අනුව බොහෝ ලාභ හෝ පාඩු ලැබිය හැක. කලින් පාලන සමයේ මහ බැංකුවේ ඉහල පුද්ගලයන් එම තොරතුරු කලින් රහසේ පිටකර සමහර අයට අතිවිශාල ධනස්කන්ධ උපයා දුන් බවට රාවයන් තිබිණි. එය සනාත කල හැකි එක සාක්ශියක් වන්නේ එක්තරා අය වැයකදී පී බී ජයසුන්දර මහතා පොලී අනුපාත පහළ හෙලීමක් අයවැයක් හරහා කිරීමයි. එසේ කලේ මුදල් මණ්ඩලය හරහා පොලී අනුපාතය පහළ හෙලීමකදී මහ බැංකුවේ සමහර ඉහල නිලධාරීන් එම විස්තර කලින් පිටකරනා බව මහා භාන්ඩාගරයේ ඉහල නිලධාරීන් දැනසිටීම නිසයි. මහ බැන්කුව බිලියන එකක් වෙනුවට බිලියන් දහයක් ගැනීමට ඉඩ ඇති බවට කලින් කිසිවකු දැන සිටියා නම් එවන් තොරතුරක් පිටවිය හැකි ආකාරය තීරණය කිරීමට ඔබට භාරයි.

      Delete
    7. නැවේ මොකාද කියලා ඊළඟ කොමෙන්ට් එකෙන් පේනවා..

      ඔයාට ඕන නම්, ඔය හොටකම ගැන නෙමෙයි, කබර රාළලා කොරපු ඒවයේ ඉන්දලා ලියන්නම්.. ඒත් මෙළෝ එකෙකුට නොතේරෙන ඉකොනොමික්ස් මේකේ ලියාලා මේක ගූ ගොඩක් කොර ගන්න ඕන නෑ..

      කිතුලට නැග්ග එකාටත් උත්තරය්ක් තිබ්බලු...

      හොරා කෑවම ඌගේ පාට පක්ෂේ බලන්න එපා... හොරෙක් නම් ඌ හොරෙක් එච්චරයි..


      https://www.colombotelegraph.com/index.php/bond-scam-full-text-of-interim-report-of-cope-inquiry/

      Delete
    8. මාතලන් දැන් චන්දෙ ඉවරයිනෙ. ඊට කලින් මම මේක ලිව්වනම් සුදු හුණු ගාන්නේ නොමග අරින්න කියල කියන්න පුළුවන්. කෝප් රිපෝට් කියලා ඔබ පල කරලා තියෙන්නේ චන්දයට පාවිච්චි කිරීම පිනිස ඩිව් ගුණසේකරලා පරීක්ශණය ඉවර නොකර එලියට දාපු එකක් කියලා අගමැතිතුමත් ප්‍රසිද්ධියේ පහැදිලිව කියා තිබුනා නේද?

      මම ලිව්වේ මගේ දැනීම අනුව. බැඳුම්කර ගැන දන්නා තවත් අය ඉන්නවා. මම වැරදියි නම් එසේ වැරදි මොන කරුණ ගැනද කියලා ඔබ හෝ වෙන කෙනෙක් හරි කියනවානම් මටත් ඉගෙන ගන්න පුලුවන්. එහෙම නැතිව මේවා ගැන දැනීමක් නැති ඩිව් ගුණසේකරලා " අර පුද්ගලයා මේ වෙලාවට කාමරේට ආවා" වගේ තර්ක වලින් ගේන එකක් මම නම් ගනන් ගන්නේ නැහැ.

      Delete
    9. මේ පිළිබඳ මාගේ පළමු කොමෙන්ටුව කියවන්න.

      Delete
    10. Ian අවශ්‍ය දේ ලියා ඇත . මාතලන් ගිරවෙක් බව පැහැදිලියි .

      Delete
    11. අපේ තාත්තා නම් කියන්නේ මාතලන් කුකුළෙක් කියලාය...

      Delete
    12. කොටනවා බලන් ඉන්න ආසා කුකුලෙක් බව නොනමින් ඇවිදින් එකෙකු
      කොමෙන්ටුවක් කොටා ගොස් තිබුනේය . හැරෙන තැපෑලෙන් ඇඩ්මින්ද
      මොකෙක්දෝ ඒ කොමෙන්ටුව මකා දමා ද තිබුනේය. පැල්කොටේ විත්ති
      මට නම් සීරියස් නැත . මාතලන්ට ආසා විදියට ආතල් ගන්න එක එයාගේ
      වැඩක්ය . ඒත් නහුතයක් දේවල් ගැන සිංහ ටෝක් දෙන පොර ඒ කොමෙන්ටුවට
      ඒ තරම් බය වූයේ ඇයිදැයි මට නම් නොතේරේ .

      Delete
    13. සේනක කියන මේ කාරණයනම් සත්‍යයක් , //"මාතලන් විතරක් නෙමේ ඔය ගැන කතා කරන එකෙක්වත් මහා බැංකු බැඳුම්කර පිළිබඳව
      මෙලෝ හසරක් දන්නේ නෑ "//
      ඇත්තෙන්ම මමත් මහබැංකු බැඳුම්කර ගැන කිසිම අදහසක් ප්‍රකාශ කරන්නේ නැත්තේ ඒ පිළිබඳව මේ වනතාක් හරියාකාරව වටහා ගැනීමට නොහැකි වීම නිසයි ,

      මහින්ද - කබ්රාල් යුගයේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය ගැන දැනුවත් කමත් මේ ආකාරමයි .

      සේනකට පුළුවන් නම් මේ සිද්ධි දෙක ගැන පූර්ණ විස්තරයක් ලබා දෙන්න අගෙයි . පෞද්ගලිකව වුවත් කම් නැත . prageeth99236@gmail.com

      Delete
    14. සරළව මෙහෙමයි ඉවාන්...

      උඹලයි තාත්තා රටේ නායකයා වෙනවා. බාප්පා මහ බැංකුවේ අධිපති වෙනවා. උඹ සිංගප්පූරුවේ රස්සාවක් කර කර ඉන්නවා.. ඒ අස්සේ පොඩි බ්‍රෝකර් කොම්පැණියකුත් තියෙනවා රෙජ්ස්ටර් කරලා. ඔන්න මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවක් යනවා. උඹලයි බාප්පා උඹට කියනවා, පුතේ ඔන්න කීයක් හරි හොයා ගන්න පට්ට පදිරි චෑන්ස් එක, ඉක්මනට මේ ටික ගනින් කියලා. උඹේ අතේ සත පහ නෑ. උඹ තාත්තට කියනවා. තාත්තා ලංකා බැංකුවේ ලොක්කට කියනවා උඹට අඩුම පොළියට ණයක් දියන් කියලා. උඹ යනවා ඒකත් අරගෙන බැඳුම්කර ගන්න. බාප්පා කියනවා පොඩ්ඩක් හිටහන් මම උඹට තවත් ටිකක් දෙන්නම් කියලා. ඇපෲ කරපු ප්‍රමාණෙටත් වඩා බැඳුම්කර අඩුම ලංසුව දීපූ උඹට දෙනවා. ටික කාළෙකින් අර ලංකා බැංකුවේ ගත්ත ණය බොල් ණය යටතේ කපා හැරෙනවා. දැන්වත් තේරුනයි...

      දැන් අහන්න එපා බැඳුම්කර කියන්නේ, බැදලා කන්න පුළුවන් ඒවා ජාතියක්ද කියලා..

      ඕවා තමයි මචෝ මොහොතෙන් ප්‍රකෝටිපතියෝ වෙන අළුත්ම මැතඩ්...

      Delete
    15. //දැන් අහන්න එපා බැඳුම්කර කියන්නේ, බැදලා කන්න පුළුවන් ඒවා ජාතියක්ද කියලා.. //
      බැඳුම් 'කර' උනාම මටනම් කන්ඩච තියා බලන්නවත් හිතෙන් නෑ.. පට්ට අප්පිරියයි. ගානට බැදලා ගන්න ඕනි රස තියෙන්න.. හැක හැක ..

      Delete
    16. මහ බැංකු සිද්ධිය ගැන මෙලෝ හසරක් නොදැන උන් නිසා අසා දැනගතිමි.
      වංචාවක් සිදුවී ඇතැයි කිව නොහැක. ගැටලුව අර්ජුන් මහේන්ද්‍රන් ම මෙයට සම්බන්ද වීම සහ රනිල් අනවශ්‍ය ලෙස ගැටලුව මැදට පැනීමයි
      ඕනෑම ආයෝජක උපදේශක වරයෙකු මෙය මනාව පැහැදිලි කරනු ඇත.

      Delete
    17. @ ඉවාන් පවුලූශා
      මෙන්න ඉන්සයිඩර් ටේ‍ර්ඩින් සැකයට අමතරව මා අවශ්‍ය පරිදි මා වටහා ගත් දේ-

      1. ඔබ බැංකුවකින් 9%ට මිලියන් සීයක ණයක් රැගෙන තියෙනවා අවුරුදු තිහකින් ගෙවන්න.

      2. තවත් මිලියනයක ණයක් ගන්න යනවා. පස්සේ මිලියන් දහයක් ඉල්ලනවා. බැංකුව කියනවා, දෙන්නම්, හැබැයි පොලිය 12% යි කියලා. ඔබ කැමති වී ණය ගන්නවා.

      3. දැන් අනිත් අය කියනවා, ඒ වැඩෙන් පොලිය 9% සිට 12% දක්වා වැඩි වුණා, දැන් ඉතිං අර කලින් ගත්තු ණයටත් 12% ගානේ ගෙවන්න වෙනවා, එනිසා ඉදිරි කාලයේ දී මාර පාඩුවක් වෙන්නේ කියලා.

      Delete
  8. මේ පාර මෛත්‍රී නොදා රනිල්ම පොද්ද උනානම් බලාගන්න තිබුනා.ජනාධිපතිවරණෙ චන්ද පරතරයෙන්වත් ඒක පේන්නැත්ද. එහෙම උනානම් මහින්ද් තව අවුරුදු අටකට හෙල්ලෙන්නෑ.රනිල් කියන්නෙ දිනන්න පුලුවන් නායකයෙක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. රනිල් එන කතාවක් නෙමෙයි කිව්වේ... රනිල් නායකත්වය දෙන සන්ධානයක් ගැනයි කිව්වේ. විරුද්ධ පක්ෂ සියල්ල ඔහු යටතට ගන්න බැරි කම ගැනයි මම කිව්වේ. එහෙම් බැලුවාම සැටලයිට් නෝනලා, බයිය රජාලා රියල් පොලිට්‍රික්ස් කාරයෝ..

      Delete
  9. මාතා,

    මෙවර මුදල් ඇමතිකම ආචාර්ය හර්ෂ සිල්වා මහතාට ලබා දෙනවනම් අපට හොද අනාගතයක් තියනවා.
    මෙවර රවී කරුණානායක මහතාට ලැබුනොත් මාස 6 ගතවනවිට මුලින්ම එක්සත්ජාතික පක්ෂයටත් දෙවනුව රටටත්
    අබසරණ වනු ඇති.

    මිට අමතරව උපුල් ශාන්ත සන්නස්ගල වැනි බාල ගනයේ සෙල්ලම් බඩු වලට අපව රැවටීමට නොහැකි බව ඉතා හොදින් පෙන්වා දුන්න.

    ReplyDelete
    Replies
    1. සන්නා හොඳා ජැකා වගේ ආතල් දෙන්න... රටේ වාසනාවට ඌ චුත වෙලා ගියේ.. අර මැයි පළවෙනිදා කැබල් එකේ දීපූ ඉස්පීච් එකෙන්ම තේරුණා පොරට උසස් පෙළ හින්ගල පුළුවන් උනාට, සම්පේ දේසපාලනේවත් බැරියෙයි කියලා..

      Delete
  10. රවී අලුත් ස්ලෝගන් එක "දණ ගැස් වූ ආර්ථිකය - හරි ගැස්වූ මිනිසා" මේකට අහු උනොත් ආර්ථිකය ගස්සලම දායි

    ReplyDelete
    Replies
    1. තිබුන ටිකත් කාලා දැම්මා පොත් වල තියෙන ඒවා කොරන්න ගිහිල්ලා...

      Delete
  11. 2005 ජනාධිපති තනතුරට සහ 2015 දී අගමැති තනතුරට තරඟ කලේ දකුණු ආසියාවේ සිටින දක්ශතම, අවංකම, විහිළුවකටත් බොරු නොකියන නායකයෙකු සමග කලින් දැරූ කිසිම ඇමති තනතුරක කිසිවක් නොකල දූශිතම බොරුකාරයෙකි. මෙතරම් පරතරයක් ඇති දෙදෙනෙක් ගෙන් හරි එකා තෝරාගැනීමට රටෙන් භාගයකට නොහැකිවීම චන්දදායකයනේ මෝඩකම සහ අනෙක් භාගයේ නොලැබීමයි. මොන තරම් කිව්වත් රනිල්ව වෙනස් කල නොහැක. රටකට ලැබෙන්නේ එම රටේ මිනිසුන් ලැබිය යුතු නායකයා යැයි කියමනක් අසා තිබේ. නව තරුණ පරම්පරාවට මේ වෙනස හොඳින්ම වැටහෙන බව පසුගිය චන්ද දෙකේදී ෆේස්බුක් සහ බ්ලොග් අවකාශයේ සහ චන්ද ප්‍රතිඵල වලින් දුටු දෙයින් මමනම් රටේ අනාගතය ගැන මහත් බලාපොරොත්තු ඇතිකරගෙන සිටිමි.

    ReplyDelete
    Replies
    1. කොහොමත් අලි රජ උන කාළෙට රටට හොඳයි... බන්ඩගෙ සැට් එක ආපු ගමන් හදපු ටිකා කාලා විනාශ කොරලා දානවා... ඕක තමයි අතීතේ ඉඳන් අද වෙන තෙක් මේ රටේ සිද්ද උනේ...

      Delete
  12. //. රවීට කොරන්න පුළුවන් ලබ්බක් නැතිය// මේක අපේ අම්මත් චන්දෙට පෙර කොළඹ ඉන්න එයාගේ හොඳම යෙහෙළියෙක්ට කියා ඇගේ චන්දය රවීගෙන් අයින්කරලා තිබුණා.. මේ වෙද්දී රනිල් මහත්මයා ඇත්තටම උගතෙක්නම් පොලිට්‍රික්ස් ගැන යම් දැනුමක් ලබාගෙන ඉන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. රනිල්ගේ පැවැත්ම රඳා පවතින්නේ සිරිසේන ළොකු උන්නැහේ මත.. එතකොට සිරිසේන උන්නැහේ සුන්දර එකාධිපතියෙක් වෙලා රනිල් එක්ක ගියොත් රටට සෙතක් වෙයි... එහෙම නැත්නම් ඉතින් 22 වන සියවසට යන්න වෙන්නෙත් බන්ඩගේ සඟ වෙද ගුරු ගොයි කන්කරු ගෝත්‍රික රැළ එක්ක තමයි...

      Delete
  13. මාතා මෙතැන තියෙන්නේ සමාජය විසින් ගොඩනැගිය යුතු තර්කයක්... සංවාදයක්.... යමෙක් ඡන්දයෙන් පරදිනවාය කියන්නේ ජනතාවගේ මතයයි... කැමැත්තයි.... ඊට විරුද්ධව ඔහු හෝ අැය නැවත පාර්ලිමේන්තුවට ගෙන ඒමට ලැයිස්තුව යොදා ගැනීමට සහමුළින් ම වැරදියි..ඒය ලැයිස්තුවේ අවශ්‍යතාවය පාගා දැමීමකි..... ව්‍යවස්ථානුකූලව ඒය කළ හැකිය.. නමුත් ඒය වෙනස් විය යුතු යැයි අප විශ්වාස කරමු... නැතිනම් ඒය ප්‍රජාතන්ත්‍රීය මූලධර්මයන් පවා නොතකන තත්වයකි.. මේ අවස්ථාවේ දී ඒය මනාවට දැකගත හැකිය....

    මහින්දව අමාරුවේ දැමීමට සහ රනිල්ට ජාතික අාණ්ඩුවකට සහය ලබා ගැනීමට මේ ගැන්සිය අවශ්‍ය බව හැබෑවකි.. මෙෙත්‍රී මේ සෙට් ඒක ගේන්නේ ඒ නිසාය... නමුත් ඒය පිළිකුල් සහගත ක්‍රියාවකි... රනිල් කළද මෙෙත්‍රී කළද කවුරු කළද ඒය වැරදියි... ජවිපෙ කරපු දෙයත් වැරදියි... ඒය කීමට අප කිසි විට මැලිවිය යුතු නොවේ... මේ දේ මහින්ද කළා නම් බ්ලොග් සහෘදයන් උඩ පැන පැන කෑ ගසනවා නිසැකයි... නමුත් දැන් බහුතරය ජවිපෙ ගැන කතා නොකරයි.... මේවා ප්‍රතිපත්තිගරුක තත්වයන් නොවේ.....

    කෙසේ වුව ද පැරදුන උන් නැවත ලිස්ට් ඒකෙන් ගැනීම වෙනස් විය යුතුය... ඒ වෙනුවෙන් ජනතාව තුළ සංවාදයක් අැති කළ යුතුය.... ඒය 20 වැනි සංශෝධනයට හෝ අැතුළත් කොට වෙනස් කරගත යුතුය..... මැතිවරණ ක්‍රමය වෙනස්වීමේ දී මේකට ලොකු බරක් තැබිය යුතුය... අපි ඒ වෙනුවෙන් හඩක් නගමු......

    ReplyDelete
    Replies
    1. ඕක ඉතරක් නෙමෙයි බං... බලේ හම්බ උනයින් පස්සේ පක්ෂ මාරු කරන එකත් මහා සක්කිලි වැඩක්.. කව්ද ඒවට කතා කරන්නේ.. එතකොට පැන්ෂන් එක... බැකප් වෙහිකල්... මේක තනිකර නොම්මර එකේ කාළකන්නි ගේමක්... අඩු ගානේ තෙල් තියෙන රටක් වත් කමක් නෑ...

      ඔක්කොම පිස්සු කෙලින්නේ "වහල් සේවයේ" සල්ලි වලිනුයි.. සීනී ඇටේට, පරිප්පු ඇටේට ගහන බදුවලුනියි... ඔය හැම එකාම විඳවලා මැරෙන්නේ ඒකයි...

      Delete
    2. එතකොට ජෙප්පොන්ට චන්දෙ දෙන්න අපිට කියලා ජෙප්පෝ නැත්තට පැරදුනාම මම යූ එන පී කියන උබ වගේ පිම්පී විතරද හොද ?

      Delete
  14. මේ ලිපිය කියැවීමෙන් පසු මතක් වූ ගීතයක කොටසක්:

    "මෝහෙන් මුළා වෙලා
    මානෙන් උදම් වෙලා......

    ... මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙකි......"

    ReplyDelete
    Replies
    1. මේ අර උගතා වෙන්න ඇති...

      Delete
    2. සියල්ල ම සිදුවන්නේ මාතලන් වහන්සේගේ කැමැත්ත පරිදි ය. ආමේන්!

      Delete
  15. උර උඩම පින්තූරෙ තියෙන DP සීන් එක මොකක්ද මචෝ?

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ බං... ලස්සන පොටෝගරාප් එකක් නිසා උඩින්ම දැම්මා...

      Delete
    2. රෙෂ්පට් පොටෝ එක :D ඕ යේස්

      Delete
  16. මහින්ද සමරසිංහ වැන්නවුන් ඡන්දයට දැමීමම සිරිසේන ගේ වරදකි.මක් නිසාද ඔවුන් විදේශගතව රට වෙනුවෙන් පෙනී සිටින්නන් වන අතර ගමේ ඡන්ද පදනම ශක්තිමත් කිරීමට කාලයක් නොමැති බැවින්.එස්.බී වැනි රටක් දන්නා නරුම චරිත පරාජය වීමෙන් ජනතාව ඔහුව පිලිකිව් කිරනා තරම හෙලිවන අතර ඔවුන් අසූචි පිටින් සරම පල්ලේ ගසාගෙන 'කවුද මගෙ අමුඩෙ රිව්වේ' කියා අසා ජාතිය ඇමතීමක් අත ලඟ ය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එස් බී ලැයිස්තුවෙන් දාන එකෙන් කරන්නේ, හෙමීට සැටලයිට් නෝනගෙ කන අතගාන එක.

      Delete
  17. Ane manda Mr.Maathalan.. Janarhaawa kochchara wathura dunnath munta hariyata puka hoodaganta behene thawama. Hema paarama podi guu kellak ithiru karagannawa. Passe ekata udin kalisama edagaththahama guu ganda gahanawa.. Ithi aye janarhaawa wathura didi kiyanawa guu gandai yakoo hoodaganin kiyala. Renna puluwan unata hoodaganta munta experience ne hitan..

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ලංකවේ පොලිට්‍රික්ස් කියන්නේ ගූ කන්දක්...

      Delete
  18. මේ ජාතික ආණ්ඩුව ගැන ඇහුවම මටත් හිතුනෙම මේක " තක්කාලියි බෝල්ට් ඇණයි වගේ කියලා

    ReplyDelete
    Replies
    1. ෆෘට් සැලඩ් විත් තුනපහ...

      Delete
  19. මාතලන් තමුන්ගේ බ්ලොගේට දාන්නෙම කුණුහරුප පින්තූර. ලැජ්ජ නැද්ද ඕයි?

    ReplyDelete
    Replies
    1. ඒ නහරේ පොඩි කාළෙම අයින් කලා මෙයා...

      Delete
    2. නැතිනම් ඉතින් ගැනි වෙන එවුන්ට දීල බලන් අතේ ගහනවද ?

      Delete
  20. වැඩක් නෑ. මක්ක කරත් හිරවෙනවා..

    ReplyDelete
    Replies
    1. මහින්දලයි නෑයෝද් මන්දා... පදිංචියත් ඒ පැත්තේ වෙච්චි...

      Delete
  21. මං හැමදාම කියනවා වගේ ලංකා දේසපාලනේ පොඩි පොඩි දේවලින් හොඳ වීම ගැන සතුටුවෙනවා හැර ලොකු දේවල් බලාපොරොත්තුවෙන්න බෑ.

    ඉස්සරහ තියාගෙන මහ රජාණනි කියල සිංදු කියන එක , රටේ හදන හැම දේකටම වගේ එක නමක් යෙදීම වගේ සිල්ලර පිලිකුල් සහගත දේ අඩු ගණනෙ අවුරුදු 5කට නොවීම වගේ ලද දෙයින් සතුටුවෙනවා

    ReplyDelete
    Replies
    1. මාත් නොම්මර එකේ ඔප්ටිමිස්ට් කෙනෙක් තමයි... ඒත් සේෆ්ට් ප්‍රිකෝෂන්ස් ගැනත් විශේෂ අවධානයක් යොමු කරනවා...

      Delete
  22. ඡන්දෙන් පන්නපු එවුන් ජාතික ලැයිස්තුවෙන් එන එක නම් මහ කොඩි විණයක්

    ReplyDelete
    Replies
    1. අහවල් රෙද්දකට දන්නේ නෑ ඡන්දෙට දාන්නේ..

      Delete
  23. //ජනතාව ගෙදර එලවපු කාළකන්නි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොගත්තාට අලි පාටියට අපේ බොක්කෙන්ම දෙන මෙව්වා එක මේ වෙලාවේ පුද කර සිටිනවාය.// එකගය....ජනතාව එපා කියු උන් ටික ගෙනා එවුවන් ගැනඅපගේ පිළිකුල.

    ReplyDelete
    Replies
    1. අහවල් රෙද්දටද බං මනාප පොරේට දැම්මේ... ඔච්චරම ඕනා කොරන සැට් එකක් නම්, අර මහින්ද මහත්තයා වගේ ජනපති උපසේනලා කොරලා කීයක් හරි පිනට දුන්නා නම් අහකයිනේ.. අපි එපා කියනවද, උන් එපා කියනවද...?

      Delete
  24. රනිල් පැරදුන අයට අවස්තාවක් නොදීමට ගත්ත තීරණේ නම් ගොඩක් හොඳයි. ඒත් මිනිස්සු ප්‍රතික්ෂේප කරපු අංකල්ල ටිකක් දාගෙන හෙන පිස්සුවක් නටන සෙට් එක ගැන කිසිම පැහැදීමක් නෑ.
    ජාතික ආණ්ඩුව ගැන නම් වැඩි විශ්වාසයක් නෑ. කොහොම හරි හොරු කියල ලේබල් වැදිච්ච උන්ට වඩා දැනට ඉන්න සෙට් එකේ බුද්ධිමත් අයට අවස්ථාව හම්බුනොත් හොඳයි වැදගත් විදිහට ඇමතිධූර දරන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම බුද්ධිමත් අය මේ සැරේ ඇවිත් ඉන්නවැයි මනා... මම නම් අද වෙනක්න් එකෙක් දැකලා නෑ...

      Delete
  25. පවතින මැතිවරණ ක්‍රමය අනුව ජනතාව විසින් ප්‍රතික්ෂෙප කරන පක්ෂ හෝ නියොජිතයින් නැත. සිටිනුයේ සාපෙක්ෂව අඩු චන්ද සංඛ්‍යාවක් ලබාගත් දේශපාලන පක්ෂ හා සාපෙක්ෂව අඩු මනාප සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයින්ය.
    ජාතික ලැයිස්තුවෙන් පත්කර ඇති පාරාජිතයින් සියලු දෙනාම මනාප 25000ට වැඩියෙන් ලබාගෙන ඇති අතර මනාප 25000ට අඩුවෙන් මනාප ලබා පාර්ලිමේන්තුවට පැමිණි නියෝජිතයින්ද මේ පාර්ලිමේන්තුව තුල ඇත.
    225ක් ජනතාව විසින් පත් කලද, 40ක 50ක කැබිනට් 1ක් පත් කලද ජාතික ලැයිස්තුවෙන් සහ අපි මනාපය පලකර මොකා පත් කලද වැදගත් සහ ප්‍රතිපත්තිමය තිරණ සියල්ල ගනු ලබන්නේ රනිල් ඇතුලු අප පත් නොකල පිරිසක්ද ඇතුලු සුලු කණ්ඩායමකිනි (මහින්ද තිරණ ගත් පරිදිමය)

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැත්තෙමත් නෑ...

      Delete
  26. මං අර උඩම තියෙන පිංතුරෙට ආස නෑ. ඒකෙං එක කොල්ලෙක් අයිං කරන්න.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං මමත් මේ කියන්ඩ හිටියෙ තේරුං ගන්ඩ පුලුවං කියල හිතෙන්නෙ රූපෙ විතරයි හික්.

      Delete
  27. ආර්ථික විද්‍යාව දන්නෙත් නෑ දේශපාලන විද්‍යාව දන්නෙත් නෑ.. එක නිසා මේ ප්‍රශ්නේ මග ඇරලා ඊළඟ එකට යනවා.. :p

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඊළඟ එකේ හම්බ වෙමු...

      Delete
  28. මතලන්ට ජෙප්පෝ 12 යවාගන්ඩ බැරිඋන එක ගැන පුදුම කැක්කුමක් තියෙන්නේ .උන් අවුරුදු 50 කටින් බතල හිටෝලා කොල්ලෝ 80000 විතර අඩි 6ක් යටට ඇරියා ,උන්ට දානයක්වත් දෙන්නේ නැහැ .උබවත් දානයක් දීලා ,පවු සමාකර ගනින් මචෝ .....

    ReplyDelete
  29. මතලන්ට ජෙප්පෝ 12 යවාගන්ඩ බැරිඋන එක ගැන පුදුම කැක්කුමක් තියෙන්නේ .උන් අවුරුදු 50 කටින් බතල හිටෝලා කොල්ලෝ 80000 විතර අඩි 6ක් යටට ඇරියා ,උන්ට දානයක්වත් දෙන්නේ නැහැ .උබවත් දානයක් දීලා ,පවු සමාකර ගනින් මචෝ .....

    ReplyDelete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. මාතාලන්තයේ ජනතා නියොජිත අචාර දර්ම පද්දතිය
    1 බල්ටි ගැසීම සපුරා තහනම් ( කිසිම දිනක බහුතර ආන්ඩු නැත. හැමදාම චන්දෙ)

    2 මුදල් අමැත්තගේ අංශෙ ඉන්න එවුන්ට වියාපාර තහනම් ( උන් උපාදිධාරීන් නම් ඇට ගනන් කරන රජයේ රස්සාවක් කලයුතුයි. නැත්නම් හිගා කෑ යුතුය)

    3 සුපිරිසිදු නියොජිතයින්ට පමනක් පාර්ලිමේන්තුවෙ දොර ඇරේ ( නියොජිතයින් ස්විට්සර්ලන්තයෙන් ආනයනය කිරීමට සිදුවේ)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න