.

.

May 2, 2010

පරාක්‍රම රජතුමා - King Prakrama

රජකම ලබාගැනීම සදහා මෙහෙයවන ලද අසාර්ථක කැරලි කිහිපයකින් පසුව, චෞර නම් රැජිනගේ ප්‍රධාන ඇමති සහ මුල් පෙලේ ඇමතිවරුන් පිරිසක් රන්මසු සහ පුර අඟනන් ප්‍රදානය කොට තම සේනාවට එකතු කර ගනු ලදුව, රැජින සිරගත කොට පරාක්‍රම කුමරු අගමැති කම දරමින් රාජ්‍ය පාලනය ගෙන ගියේය.

කුමරු ඉතා දැහැමි, ප්‍රඤ්ඤාවන්ත, බොහෝ ශිල්පයන් ප්‍රගුණ කල, එවැනිම වූ සෙනෙවියන් දරා සිටියද, පාලනයට පැමිනි පසු රට වැසියාට මෙන්ම තම සේනාවටද අයහපත් කාලයක් උදාවිය. එසේ වූවද, මායා රට සිට තුන් සිංහලයම යටත් කර ගැන්මට කැරලි මෙහෙයවූ පිරබාහරන් නම් කැරළි නායකයා සමග සටන් නවත්වා, ගිවිසුමක් මඟින් මායා රට පාලනය කැරළි නායකයාට පවරා දෙන ලදි. මෙමගින් සතුරු ප්‍රහාර නැතිවී ගියද, ප්‍රමුඛ පෙලේ  චරපුරුෂයන් අභිරහස් ලෙස මිය යන්නට විය.

රට වැසියන්ගේ ප්‍රසාදය පරාක්‍රම කුමරු වෙත නොමැති බව දැනගත් චෞර් නම් රැජින, පෙර කල රුහුණේ සිට දරුණු ගනයේ කැරළි දෙකක් මෙහෙයවූ කැරළිකරුවන් සමග, චරපුරුෂයන් මගින් සාකච්ඡා පවත්වා, කුමන්ත්‍රන කොට, පරාක්‍රම කුමරු බලයෙන් පහ කරන ලද්දාය

පරාක්‍රම කුමරු තම ජීවිතය බේරාගෙන පසු බැස ගියේය. එසේ වූවද, තමා පාලනය කල කාලයේ රජ්‍ය සම්පත්, භාන්ඩාගාරය, ඉඩ කඩම් මංකොල්ල කෑ සෙනෙවිවරුන්ගෙන් තම නායකත්වයට එල්ල වූ අභ්‍යන්තර කැරළි, තම සහජ හැකියාවෙන් සහ අත්දැකීම් උපයෝගී කරගෙන සාර්ථකව මැඩ පවත්වන ලදි.

 මේ අතර තුර කාලයේ, චෞර නම් රැජින සසර කළකිරී,  මිහිඳු නම් ඇමැතියෙකුට රාජ්‍ය පවරා තපස් රැකීමට යන බව අඞබෙර කරුවන් මගින් ප්‍රසිද්ධ කරණ ලදි....

මේ බව සැලවූ පරාක්‍රම කුමරු තම සේනා සමග මිහිඳු සෙනෙවි හා දරුණු ගනයේ සටනකට පිවිසුනද, මායා රට පිරබාහරන් යුව රජුගෙ සහායද ඇතුව සටන් කල මිහිඳු සෙනෙවි කරට කර සටනකින් පසු, 8 වන මිහිඳු නමින් රජ කමට පත්විය.

ඉතාමත් ගෞරවයෙන් තම පරාජය පිළිගත් පරාක්‍රම කුමරු තෙමේ තම සේනාවද සමග වන ගත විය. නැවතත් තම ප්‍රධාන සෙනෙවිවරුන්ගෙන් එල්ල වූ අභ්‍යන්තර කැරළි පෙර මෙන්ම සාර්ථකව මැඩ පැවැත්වූවද, බොහෝ ප්‍රධාන පෙලේ සෙනෙවිවරුන්, කුමරු අතහැර මිහිඳු රජතුමාගේ රාජ සභාවට ඇමති වරප්‍රසාද ද සහිතව එකතුවිය.

මේ අතරතුර කාලයේදි මායා රට පිරබාහරන් යුව රජුගෙන් රාජ්‍යයට එරෙහිව නැවතත් කැරළි එල්ල වන්නට විය. තම සොයුරු ඝෝඨාභය කුමරු සේනාධිනායක ලෙස පත්කල මිහිඳු රජු, මුහුණට මුහුණ කරන ලද අති බිහිසුණු සටනිකින්, කෘර පිරබාහරන් ඇතුළු පිරිස සමූලඝාතනය කොට ඉතිහාසයෙහි ප්‍රථම වරට තුන් සිංහලයම එක් සේසත් කරන ලද්දාහුය.

එහෙත් සුළු කලක් ඇවෑමෙන්, චෞර රැජිනගේ කැලැ හමුදාව, රට එක් සේසත් කල සටනේදී, රට වැසියන් විසින් කලවැද්දා යන සුරතල් නමින් හඳුන්වන ලද ප්‍රධාන යෝධයා රජ කරවීමට, කැරැල්ලක් මෙහෙයවන බව දැනගත් පරාක්‍රම කුමරු, අගමැති කමෙන් හෝ සැනසෙමියි සිතා තම සේනාවද සමග කැරැල්ලට එක්විය. 

රට වැසියන්ගේද සියලු ප්‍රාර්ථනා සුන් කරමින් අති දරුණු පරාජයකට ලක්වූ සතුරු සේනා වනගතවූ අතර කැලැ හමුදාව මං මුලා විය. යෝධයා (කලවැද්දා.) සිර අඩස්සියට පත්විය. මොහුත් සමග මොන ඇමතිකම්දැයි සිතු පරාක්‍රම කුමරුගේ තරුණ සෙනෙවිවරුන්, කාලයක් රජකම් කල රණසිං පෙම්දස් රජුගේ පුත් සජිත් පෙම්දස් කුමරුන් නායකත්වයට ගෙන ඒමට තැත් කලද.. මැරිලා හෝ රජවෙමියි සිතූ පරාක්‍රම කුමරු තෙමේ, සජිත් කුමරුට නියෝජ්‍ය නායකත්වය පිරිනමමින් එම අභ්‍යන්තර කැරැල්ලද සාර්ථකව මැඩ පැවැත්වීය..

අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලද මිහිඳු රජ තෙමේ වසර 18 ක්ද, බැරිසිල් රජතුමා වසර 12 ක්ද, නාමල් කුමරුන් වසර 18 ක්ද දැහැමින් සෙමෙන් රට පාලනය කල බවත්. මෙම කාලයෙදි ලෝකයේ බලවත්ම රාජ්‍යයක් වූ බවත් මහාවංසයේ සඳහන් වේ..

පරාක්‍රම රජතුමා ලෙස වීරවංස කතාවල සඳහන් වුවද, පරාක්‍රම කුමරුන් රජකමට පත්වූ බවට සාක්ෂී සොයා ගැනීමට අපහසු විය...

සොමවංස ගෙන් ලද මහවංසයෙන් උපුටා ගන්නා ලදුව.. සඳේ පස් පරීක්ෂා කොට එහි දියුණු බෞද්ධ ශිෂ්ඨාචාරයක් වූ බවට සනාත කල බයිලා චක්‍රවර්තීන්ද, හාවඩ් විශ්ව විද්‍යාලයේ ලෝක ඉතිහාසය පිළිබඳ ජනමූල මහාචාර්ය පනාපුත්‍ර කුහුඹු පැනියාද, ත්‍රිපිඨකාචාර්ය බක පන්ඩිත සූරියප්පෙරුමයන්ද පරික්ෂාවට ලක් කොට නිවැරදි බව තහවුරු කරන ලදුව...

මහජනතාවගේ හිත සුව පිණිස, ප්‍රකාශයට පත් කරන ලදි ................

8 comments:

  1. නියමයි මචන් මරු
    හැබැයි මචන් අපි ඹය අතිතෙ වෙනස් කරල පරාක්‍රම කුමරු රජ කරවනව..

    ReplyDelete
  2. හික් .. හික්.. මට හිනා එනව ඕයි ......

    ඇත්තටම එහෙම් වෙයිද මචං

    ReplyDelete
  3. @eranga-උබ හරි බන් පරාක්‍රම කුමරු රජ කරවමු අපි

    ReplyDelete
  4. කරයි කරයි..
    හැබැයි මෙ කපේ නම් නෙවෙයි...

    ReplyDelete
  5. හෙ හෙ කරල පෙන්නුවොත්..මෙ කපේ දිම....

    ReplyDelete
  6. raja karai kiyala thamai matath baya

    ReplyDelete
  7. කියෙව්ව
    very creative and very true

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න