.

.

Jan 3, 2016

රණතුංග පරාජය හා ක්‍රිකට් දේශපාලනය - Cricket Politics in Sri Lanka



2000 දී ගූ යන්න වර්ල්ඩ් කප් කාපු එක අර්ජුනට මතක නැත. 1996 කොටින්ට පින් සිද්ද වෙන්න දිනපු කප් එක ක්‍රිකට් වලට විශාල සෙවයක් කලද, ක්‍රිකට් යනු රණතුංග පවුලේ බූදලයක් උනේ ඉන් පසුවය. අර්ජුන පාළක මණ්ඩලයෙන් විසි උනද, එන හැම පාළකයා සමගම ෂේප් න්‍යායයක් ගෙන ගිය නිශාන්ත, තම ආදිපත්‍ය ක්‍රිකට් පාළක මණ්ඩලය තුල නොකඩවාම ගෙන ගියේය.

ඔවුන් දේශපාලන පවුලක් වුවද, ඒ පසුපස තිබෙන්නේ ජනතා සේවය නොව, ක්‍රිකට් වල කීර්තියයි. රාජපක්ෂ රෙජිමය ගැන මහා ටෝක් දුන් රණතුංග, කිසිම ලැජ්ජාවක් නැතිව කැනඩාවේ උන් තම අයියා ගෙනැවිත් වරායේ සභාපතිදූරයට දැම්මේය. නිදහසට කාරණය විශ්වාසවන්තභාවයයි.

එයින් නොනැවෙතන ඔවුන් උපරිම උත්සාහ කරන්නේ, තව දුරටහ් ක්‍රිකට් පාළක මණ්ඩලයේ බලය තම පවුල සතු කර ගැනීමටයි. එහෙත් ක්‍රීඩා ඇමතිගෙන් ඒ සඳහා කිසිඳු පිටුවහලක් ලැබෙන්නේ නැත. මෙතන හුවමාරු වූ ගණුදෙණු පිළිබඳ අපට ප්‍රශ්ණයක් නැති අතර, තවත් රෙජිමයකට ඉඩකඩ තැබීම වැලැක්වීම පිළිබඳව, ඡන්දය දුන් සියල්ලන්ටම ස්තූතී කරමු.

එමෙන්ම මේ තුල පැහැදිලි දේශපාලන කතාවක්ද ඇත. එනම් මෛත්‍රී පාලනය තුල සැටලයිට්ලාට ඩෙඟා නැටීමට ඉඩ කඩක් නොමැති බවය. එමෙන්ම ප්‍රසන්න රණතුංග හරහා පොර ටෝක් දුන් මහින්ද රාජපක්ෂටද ආත්මයක් නැති බවය. සිරිසේන මහතා අඩු තක්සේරු කරනා අයට ලද තදබල කනේ පහරකි.

ඇම් ඇස් ප්‍රනාන්දු ගේ සයිමන් අයියයි මාටින් අයියයි ගීතයේ තාලයට ගයා සැනසෙන්න...


නිශාන්ත මල්ලියි අර්ජුන අයියයි එකම පවුලෙ උන් දෙන්නා
ක්‍රිකට් කියන්නේ උන්ගෙ බූදලේ කියලා හිතන්නේ දෙන්නා
ලැජ්ජාවක් නෑ අයියයි මල්ලියි දෙන්නම ගේමට එන්න
මාර වැඩේ මුන් දෙන්නා අනාතයි ඉල්ලා ගෙන වල ඳන්නා

තිලංග ගේමෙන් දින්නා ධර්මයා ඩිපියුටි වෙන්නා
අනෙ තිලංග ගේමෙන් දින්නා අර ධර්මයා ඩිපියුටි වෙන්නා

මෙව රත් පවුලෙ හැම සෙට් වී... තව කන්න තමයි එන්නේ
ඇම තිත් ගනන් අර ගන් නෑ... පොර ටෝක් තමයි දෙන්නේ
මටදෝ මගේ මල් ලිටදෝ, නෑ කිසි අවුලක් වෙන්නේ
අර්ජුන අයි යා සිතු වාසේ අනික් එකත් සිතුවේ

දැනුනා දෙන්නටම විශාල සැකයක් හිත ඇතුලේ වැඩුනා
ධර්මේ සමගින් තිලංගයා කුඩු කරමුයි සිතුනා

අර් ජුන අයියා දැන් යන්නේ සරමත් ගලව ගෙනයි
නිශාන්තටත් ගානක් නෑ එයත් යන්නෙ එහෙමයි

නිශාන්ත මල්ලියි අර්ජුන අයියයි එකම පවුලෙ උන් දෙන්නා........

තරඟේ දුන්නේ මුන් සෙට් වී ඉතුරු ටිකත් කන්නයි
ඇඳුමෙන් පැලඳුමෙන් ටෝකෙන් හරි ජෙන්ටල් පාටයි
පවුලේ සියල්ලන් සෙට් වී දෙන්නේ රජ ගේම් තමයි
ඇමති කෙලින් හිටි හන්දා ඉල්ලන් කාපු වගයි

දෙන්නාම දැන් යන්නේ, ආයෙත් එන්න තමයි
ගහපු ගැහිලි ටික හෙව්වොත්, ඇමතිත් පොරක් තමයි

100 comments:

  1. දැන් ඉතින් අර්ජුන බඩා හොටු හූරමින්, අඳොනා නගමින් නවතින්නේ හොරගොල්ලේ චන්ද්‍රිකා ආන්ටි ලඟය...

    ReplyDelete
    Replies
    1. සැටලයිට් නා ගත්තේ සිරසේ ඉනටවීව් එකෙන්ය....

      Delete
  2. දැන් මේ අලුත් සෙට් එක හින්දා ඉස්සරහට ගහන මැච් දිනයිද පැරදුනාට කමක් නැ මාර පරාජ ෂෝ නැතිව

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් නිශාන්තටත් වරායේ පිහිටමය.....

      Delete
  3. 1999 වර්ල්ඩ් කුප් එක කාපු එක ඇත්ත. ඒ උනාට 1996 දිනුවෙ කොටින්ට පින් සිද්ද වෙන්න නෙමේ. ඒ සීරීස් එකේ නියම තරගෙ තිබ්බෙ QF ආවට පස්සෙ. ඒව ටික හරියට ගහපු හින්දයි කප් එක දිනුවෙ.

    ReplyDelete
    Replies
    1. කොලිෆයි වලට ආවේ කොහොමද කියා අපේ උන්ට මතක නැතිය....

      Delete
    2. පිනා හම්බ වෙච්ච මැච් දෙක පැරදුනත් අපි කොලිෆයි වලට එනව. මේ පාරත් ඔය දෙකක් පැරදිලා ආවෙ කොලිෆයි වලට. ඒත් පළවෙනි එකෙන්ම කෑව. ඒ පාර කොලිෆයි වලදි ඉන්දියාවයි ඕස්ට්‍රේලියාවයි හම්බ උනේ. උන්ට ගහපු හුන්දයි දිනුවෙ. ලංකාවෙත් නෙමේ ගැහුවෙ. පිනා හම්බ වෙච්ච ඒව ගනන් ගන්නත් බෑ ඒව එක්ක බලනකොට. අර 90000 සෙනග මැද්දෙ ඉන්දියාවට ගහපු එක.

      Delete
    3. කොටින්ට අහක යන නම්බු දෙන්නෙ මූට පිස්සු. 96 මැච් දින්නෙ තනිකර දක්ෂතාවයට. ෆයිනල් එකේ ගහපු ගේම, ඊඩ්න් ගාර්ඩ්න් ගේම එහෙම නියම ගේම්. කොටිය නෙමේ මොකා ආවත් ඒ පාර ගහන සයි එකේ තමා අපි මුල ඉඳලම උන්නෙ.

      Delete
    4. තමන්ගෙ මතේ තහවුරු කරන්න ඕනෙම මගුලක් කියන එක මේ බ්ලොග් කලාව තුළ වුනත් සදාචාරවත් නෑ මාතේ..... 1996 දින්නෙ නම් කොටින්ට පින්සිද්ද වෙන්න නෙවෙයි. ඒ කොලිෆයිං මැච් දෙක පැරදුනත් එදා කප් එක දිනන මානසිකත්වයක් එකමුතුකමක් සහ හැකියාවක් වගේම වාසනාවක් තිබිබා.
      දැං රණතුංගලා පිස්සු කෙළින එක වෙනම කතාවක්.......

      Delete
    5. 96 දිනන්න මූලිකම හේතුව ක්‍රීඩකයන් නොව ටීම් එකක් විදියට තරග කිරීම. අනිත් එක නැතිවෙන්න දෙයක් නොතිබීම. එදා ඔසියන්ට ගැහුව කියන්නෙ ආයෙත් ඒ ගැන කතා‍කරන්න දෙයක් ඉතිරිවෙලා නෑ. අනෙක් කාරණා සියල්ල තියෙන්නෙ ඊට පහලින්.......
      මම හිතන හැටියට.

      Delete
    6. උඹලා උඹලගෙ මතවල ඉඳහන් මම මගේ මතයේ ඉන්නවා.

      මගේ තර්කය මුල් මැච් පැරදුනා නම් කියන මතය... මොකෝ මොන ටැලන්ට් තිබ්බත් ක්‍රිකට් බයි චෑන්ස් කියලා එකක් තියෙනවා.. ඒ වෙලාවේ චෑන්ස් එක තිබ්බේ අපිට.. කොටින්ටත් ඒකේ ගෞවරයක් යායුතුයි.. මොකෝ මැච් දෙකක් දින්නේ පෙභාකරන්..

      Delete
    7. ඒකේ ගෞරවයක් දෙනවනම් ඒක ඔසී ක්‍රිකට් මෙහෙයවපු මහ මොල වලට දෙන එක වඩා සුදුසුයි. මොකද ඒක උං කිරලා මැනලා ගහපු මාස්ටර් ගේම් එකක්..... ඔන්න ඒ කාලේ ග්‍රවුන්ඩ් එකකට බෝම්බයක්වත් සෙට් කළා නම් ප්‍රභාටත් යමක් අයිති වෙන්න තිබුනා....

      /උඹලා උඹලගෙ මතවල ඉඳහන් මම මගේ මතයේ ඉන්නවා./

      උඹේ මතේ උඹ ඉඳහන්..... ඒ උනාට ඒක වැරදියි....

      Delete
    8. එතකොට මට කවුරුන් හෝ කියා දෙනවද, බොහෝ දුරට එම ටීම් එකම සහ එම නායකත්වයම් ඊළඟ එක පොරි හැලෙන්න කන්නෙ කොහොමද කියලා...

      Delete
    9. කොටින්ට දැන් දෙන දේවල් මදිවට උඹ 96 ක්‍රිකට් වර්ල්ඩ් කප් එකේ ගෞරවෙත් දෙනව. 99 පරදින්න England වල condition බලපෑව. අපේ කලාපෙ තිබ්බ එක අපිට වාසියක්. කවුරු මොනා කිව්වත් අපිට ඒ වාසිය තිබ්බ. හරියට මෙදාපාර NZ Aus හොදට ගහල final ආව වගේ.

      Delete
    10. ඔය අගේට පිලිගන්නේ ක්‍රිකට් විතරක් නෙමෙයි අනික්වත් බලපෑවා කියලා.... කොටියා නිසා කියන්න ලැජ්ජයි... මහින්ද 2005 බලේට එන්නෙත් කොටියට පින් සිද්ද වෙන්න...

      Delete
    11. ඇනෝගේ හේතුව එකක්.
      99 ගියේ අවුරුදු තුනක් නාකි වෙච්ච 96 ටීම් එකමයි... ක්‍රීඩකයෝ එකෙක් වත් පීක් එතේ තියා ෆෝම් එකේවත් කැහැ..... රණතුංගකරණය වෙච්ච වීම් එකේ හැකියාවට වඩා ගොට්ට අල්ලන්න හැකියාව තිබිච්ච උං තමයි ඉතිරි වුනේ.... ටැක්ටික් ඔක්කොම පරණ ඒවමයි.... ඒවා ටැකල් කරන විදිහ එතකොට අනික් එවුන් හොයාගෙන...... ඊළඟට ඉන්දියාවෙදි ලංකාවෙදි වැඩ කළාට ඒවා එංගලන්ත තත්ත්ව වලදි අතේ පත්තු වෙනවා.... ඒ ටීම් එකම ගිහිල්ලා 99 දී ඇන ගත්තේ ඒකයි.....

      Delete
    12. 2005 දී මහින්ද එන්නෙ කොටියා නිසා තමයි.... රණතුංගලා දැන් හානවා කියන එක වගේම ඒකත් ඇත්ත....

      Delete
  4. හැම එකාම කළේ ක්‍රිකට් අනුභව කරන එක. ක්‍රිකට් මේ තත්ත්වෙට ගේන්න මහන්සි වුන මිනිස්සු පැත්තක. පස්සෙ ආව වුන් 2006 පසු, මේක එකම වෙළඳ පොළක් කරගෙන ඉහගෙන කෑවා. රණතුංග, සේනාරත්න, රනවක කියන තුන් කට්ටුව බොහොම භ්‍යානකයි මාතලන්.

    ReplyDelete
    Replies
    1. එයාලා ඉතරක් නෙමෙයි. එයාලා එක්ක ඉන්න ඔක්කෝම කස්ටියත් අති හයානක අය..

      Delete
  5. දැන් ඔය නිශාන්තගේ හා තිලංගගේ වෙනසක් තිබේද නම් දෙක ඇරෙන්න

    ReplyDelete
    Replies
    1. මෝඩ රාල, තමුසෙගෙ බ්ලොක් එක දැන් නැද්ද අයිසේ? දනවකෝ මොකක් හරි පචයක් එකේ අපිටාත් බලාන්න

      Delete
    2. බ්ලොක් එක කියන්නේ කුමක්ද සුත්තාණෙනි?

      Delete
    3. නියම උත්තරේ...... විශිෂ්ඨයි.... උත්කෘෂ්ඨයි.....ඉස්මුරුත්තාවයි.....

      Delete
    4. කරුමෙකට අම්මට සිරි ලංකාවේ තෝරගන්න තියෙන්නේ වැදගත් හොරා කද කියලා...

      Delete
  6. Respect for Dayasiri.. Thilanga is not the best choice but compared with another Ranathunga he is way better.

    ReplyDelete
  7. රණතුංග පවුලෙ කම්බ හොරු එක්ක බලද්දි තිලංග කියන්නෙ සීනි බෝල හොරෙක්.
    තිලංග වගේ කෙනෙක් ආපු එක හොදයි.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. එකෙක්ට නැවු හත අට.. මුං වරාය ක්‍රිකට් ඔක්කොටොම කෙලිනවා.. ලොක්කගෙ පුතා ශෝ වලින් ටිකට් කප්පම් ගන්නවා.. එකෙක් ඡන්දෙට හිලව් වෙන්න ගස් කපනවා.. ලොකු ලොක්කා බ්‍රා අඳිනවා.. කට්ටියටම දවසට 20 000ක් හම්බෙනවා.. රට රත්වේගන එනකොට ඩොකාල ස්ට්‍රයික් එකක් කරලා ලොක්කව බේරනවා..
    හොරකම් කරගන්න චෑන්ස් එක නැතිවට ආණ්ඩු පෙරලල වගේ.. බඩ දඟලානව.. චැක්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සසර වසන තුරු...

      පින්කෙත හේල රන් දෙරණේ යලි උපදින්නට...
      හේතු වාසනා වේවා... හේතු වාසනා...

      Delete
  10. ක්‍රිකට් කියන්නෙ බිස්නස් එකක්!! ග්‍රවුන්ඩ් එකේ දාන එක නෙවෙයි නියම සෙල්ලම එළියේ තියෙන්නේ
    අර්ජුන වෙළඳ දැන්වීමක් වුණේ නෑ..
    ඒත් තමන්ගේ ක්‍රමයකට ක්‍රිකට් සෙල්ලම මරුවට ප්ලේ කළා..
    මට හිතෙන්නේ සංගත් කවද හරි හොඳට සෙල්ලම් කරයි

    ReplyDelete
    Replies
    1. සංගයි මහින්දයි සෙල්ලමක් කරලා නෝන්ඩිත් උනා නේද...?

      මුන්ට වඩා හොඳයි අර ඉන්ටවීව් කරපු බඩුවට කෙලින් කතා කරපු ක්‍රිස් ගේල්....

      Delete
  11. අපේ එවුන් ගිහින් දින්නත් පැරදුනත් අරන් එන සල්ලි ටික කන්න තියෙන පෙරේතකම නේ ඔය තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මට තේරෙන්නේ නැත්තේ මුන්ගේ පෙරේත කමේ නිමක් නැති එක ගැන...

      Delete
  12. මහත්තයා ටුවරිස්‌ ගයිඩ් කෙනෙක් නේද? සුද්දියෝ කීයකට ඇරලා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. සුද්දියො මන්ද සුද්දොනම් මුට ඇරල තියනව.

      Delete
    2. මක්කා අහනවද මන්දා...

      මෙහෙමයි මම අරින්නේ නෑ.. එයාලම ටුවර් එක ඉවර උනාම යනවා.. එහෙම ගියේ නැතිව වීසා නැතුව උන්නොත් ඉමිගෙරේසොන් එකෙන් අරිනවා...

      Delete
  13. අන්න ආතල් ඉවරයි වගේ. කිරෙන් බැරිවෙච්චි කොබෙය්ය තෙලෙන් බැදගන්න වගේ කට්ටිය හදන්නෙ

    http://www.lankacricketnews.com/2016/01/over-five-member-committee-to-slc.html

    ReplyDelete
    Replies
    1. ආ ඕයි උපසේන, අර හොරා මේ අවුරුද්දේ වත් තමුසෙගෙ සල්ලි ටික දෙයිද?

      Delete
    2. මක්කු දැම්මත් දැන් තිලංගගේ සහ දයාසිරිගේ වාරේ...

      Delete
  14. ඒ උනාට තිලංගත්..... අනේ මන්දා...

    ReplyDelete
    Replies
    1. රෙජීම් හදනවට වඩා මාෆියා හොඳයි...

      Delete
  15. මාතලන් අසභ්‍ය චිත්‍රපට නරඹනවාද?

    ReplyDelete
    Replies
    1. චීයා..... මගෙ බල්ලවත් බලන්නේ නෑ...

      Delete
  16. මාතා කොහෙන්ද මේ චිත්තර පටි ගීතේ හොයා ගත්තේ. සින්දුව අහල තිබ්බට චිත්‍රපටියක කියල දන්නේ නැහැ. ඒ මදිවට විජයත් ඉන්නවා රැවුලක් එක්ක.

    ReplyDelete
    Replies
    1. යූ ටියුබ් එකේ පැරණි චිත්‍රපට ගීත සෑහෙන තියෙනවා....

      Delete
  17. මම නම් ප්‍රසන්නට මනාපෙ දුන්නා

    ReplyDelete
    Replies
    1. ඇත්ත කිව්වට ඉස්කෝතියි...

      Delete
  18. ක්‍රිකට් පාලක මන්ඩලයේ සභාපතිවරයාට කීයක් හම්බ වෙනවා ඇද්ද...

    ReplyDelete
    Replies
    1. ඒක නම් දන්නේ නෑ... පොඩි පඩියක් ඇත්තේ... මේ අය එන්නේ පඩිය බලාගෙන නෙමෙයි.. ක්‍රීඩාවට සේවයක් කරන්න.. ජනතා නියෝජිතයෝ වගේම..

      Delete
  19. "1996 කොටින්ට පින් සිද්ද වෙන්න දිනපු කප් එක " මේ කතාව වැරදියි. නිවැරදි කරන්න . අපි දෙපාරක් ඉන්දියාවේදී ඉන්දියාව පරදා Final එකට ආවෙත් කොටි නිසාද ? අර්ජුන ගැන මටත් විවේචන ඇත. එත් "Give the devil his due" මාතලන් !

    ReplyDelete
    Replies
    1. එතකොට ඒ කැප්ටන්ම ඒ ටීම් එක එක්කම ඊළඟ එක පරදින්නේ කොහොමද...?

      Delete
  20. ඔය දෙකාම එකයි මට නං. පොදුවේ ගත්තම.
    නමුත් තිලංගට වැඩිය අර්ජුනගෙ "ඇඟිලි ගැහීම" වැඩියි. ටීම් එකට පවා.... ඒ නිසා වඩා නරක පරාජය වීම ගැන සතුටුයි

    ReplyDelete
    Replies
    1. අර්ජුන තමයි ටීම් එකට පොලිටික්ස් ගෙනාවේ.. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇර ලංකාවේ වෙන කිසිම වේග පන්දු යවන්නෙක් නැති වෙන්නේ ඒකයි.. රොෂාන් ක්‍රිකට් ගැන කළකිරෙන්නේ ඒකයි.. ගුරා රටත් දාලා යන්නේ ඒකයි.. රට දාලා ගිය පිරිස තවත් විශාලයි, ටීම් එකේ කිසිම චෑන්ස් එකක් නැතිව..

      Delete
  21. 96 කප් එක දිනුවේ team work එක නිසා මිසක් කොටි නිසා නෙමෙයි. ඒ ගැන කතා දෙකක් නෑ. අර්ජුන නැතුව තිලංග ආපු එක ටිකක් හොඳයි. අම්මා තාත්තා විකිණෙන අම්මට සිරි ලංකාවේ ක්‍රිකට් විකිණෙන එක ගැන කවර කතාද.

    ReplyDelete
    Replies
    1. එතකොට ඒ කැප්ටන්ම ඒ ටීම් එක එක්කම ඊළඟ එක පරදින්නේ කොහොමද...?

      Delete
    2. Ethakota 92 dinna pakistane 96 1st round ekenma eliyata yanne kohomada?

      Delete
  22. රණතුංගල පැරදිච්ච එක හොඳයි...

    ක්‍රිකට් තිලංගගෙ බූදලයක් නේද ප්‍රේමදාසගෙ කාලෙ ඉඳම්ම? එතකොට...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට තිලංගගේ යටතේ ක්‍රීඩකයන්ට නිදහස වැඩියි.. ර්ණතුංග වරක් කිව්වා එයා පාළක මණ්ඩලේ උන්නා නම්.. ලසිත් මාලිංග කවදාවත් ටීම් එකට ගන්නේ නෑ කියලා.. රණතුංග කියන්නේ ඒ තරම් හරකෙක්.. ළෝක පූජිත මහේල, සංඝා විවේචනය කරනවා.. මේ කප් එකක් ගෙනාවා කියලා.. දේශපාලන හයිය අරගෙන.. අන්න තිලංග දෙනවා දැන් පොරි හැලෙන්න.. සරම ගැලවෙන්නම...

      Delete
  23. අර්ජුන ලැජ්ජා නැතුව පවුලම අරං අාපු ඒක ගැන නම් හොදට ම කණගාටුය.... ඒත් ඒ අැතුළෙන් ජයගත්තු තිලංගලා, ක්‍රීඩා අැමතිලා සහ අනික් කට්ටිය ගැනත් අපි කතා කරනවානං හොදයි..... ඒ අතරේ බඩ ගෝස්තරය රැක ගත්තු ක්‍රීඩා භූතයෝ ගැනත් අපි හිතන්න අව්‍යශයි නේද????????? මොනවා වුණත් ගීතය නං පට්ට

    ReplyDelete
    Replies
    1. ගීතය අගය කිරීම ගැන ඉස්කෝතුයි... සෑහෙන අමාරු උනා ඒක ලියන්න...

      Delete
  24. අර්ජුන ආවනං අපිට අයිසීසී, ඉන්ඩියන් ක්‍රිකට් බෝඩ් එක්ක බරපතල ප්‍රශ්න ඇති වෙනවා.. ඒ ප්‍රශ්න වලින් අර්ජුන දිනන්නෑ නමුත් ලංකාවේ ක්‍රිකට් ඉවර වේවි..

    කොටි නිසා දිනුවා.. මක්ක කියනවද බං.. එහෙනං අපි පැරදෙන්නේ එක මැච් එකයි. ඒකෙන් ලොකු බලපැමක් නැහැ..

    ReplyDelete
    Replies
    1. As a player, Arjuna brought some respect and dignity to Sri Lankan cricket.before that era, we had our tails between legs , hd made the submissive to dominanace , never backed down.
      Unfortunately , he became self obsessed and did a lot of harm to SL cricket.

      Thilanga iz no good, but the cricket board chairmanship has to deal with the scummiest elements in the society, hence a street smart crook like Thilanga appears to be the better choice out ofthe two.

      Delete
    2. එතකොට ඒ කැප්ටන්ම ඒ ටීම් එක එක්කම ඊළඟ එක පරදින්නේ කොහොමද...?

      Delete
    3. Ai 99th anith ratawal walin gahuwe 96 teammada

      Delete
  25. kauruth dannawda arjuna and brothrs ashoka vidyalata gahapu inima gana

    ReplyDelete
    Replies
    1. ඒක නම් දන්නේ නෑ.. ක්‍රිකට් වලින් ගහපු ගැහිලි නම් කලින් කලට වාර්තා උනා...

      Delete
  26. මට නම් ක්‍රිකට් ගැන මෙලෝ මල ඉලව්වක් තේරෙන්නේ නෑ. ඒක දවස් ගණන් ගහන ගේම් එකක් හින්දා මම ආසත් නෑ.
    ඒ වුනාට රටක් විදියට ක්‍රිකට් හින්දා ලංකාව ප්‍රසිද්ධ වුනා. ඕනෙම රටක ගියාම උඹ කොහෙන්ද ඇහුවම මම ශ්‍රී ලංකාවෙන් කීවම ආ අර කලින් සිලෝන් නේද? උඹලාගෙ අරටේ ඉස්සර හොඳ තේ හෙම තිබුනනේ කියලා අර ක්‍රිකට් ගහන සංගා හා එකී නොකී නම් සෙට් එකක් කියලා ඇහුවම හීනියට මගේ මොකක්ද මන්දා එකක් අලංකාර වෙන හින්දා මම ක්‍රිකට් වලට කැමතියි. ;)
    ඒත් ඉතින් අර්ජුනලාගෙන් විතරක් නෙමෙයි හැමොගෙන්ම ක්‍රිකට් බේරගන්න ඕනේ කාලෙ නම් හරි වෙන්නැති.
    අපි ඉතින් පොලිටික්ස් නොදන්න අහිංසක ළමයි නෙව ;)

    ReplyDelete
    Replies
    1. එහෙනම් ක්‍රිකට් බැලුවම ඇති මචං... පොලිටික්ස් හොයන්නේ නැතිව...

      Delete
  27. අර්ජුන මහින්ද එක්ක ඔරොප්පු වෙන්නත් එක හේතුවක් වුනේ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ සභාපති විදියට ඉන්න කොට එවකට ක්‍රීඩා ඇමති වූ ගාමිණී ලොකුගේ විසින් අර්ජුනව සභාපතිකමෙන් ඉවත් කිරීම ගැන මහින්ද කිසිදු පියවරක් නොගැනීම.තිලංග සුදු චරිතයක් නොවුනත් රණතුංගලාට වඩා බෝඩ් එකට හොඳයි කියලායි මගේත් හැගීම.

    ReplyDelete
    Replies
    1. ර්ණතුංග තව ටික කලක් උන්නා නම්.. මහේල, සංඝා, මාලිංග වගේ උන් විසි වෙලා ආයේ එයාගේ වන්දිභඨ්ඨ සෙට් එක දාලා ආයේම ටීම් එකක් හදනවා...

      Delete
  28. තිලංගට වුනත් පරණ සෙල්ලම් දිගටම බැරිවෙනවා. මම හිතන්නේ, ඇදගෙන, තල්ලු කරගෙන, වලින්වර පොඩි මඩුවලිග පාරක් දීල හිටං, ශ්‍රී ලංකා ක්‍රිකට්, යහමගේ යවන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකටත් යහපාලනයම උදා වෙයිද දන්නෙත් නෑ...

      Delete
  29. අර්ජුනට විශ්වාස වන්ත කෙනෙක් දාගන්න දුන්නෙ නැති එක පව්!
    තිලංග ගියේ ක්‍රිකට් දියුණුකරන්න, නැත්නම් අහවල් මංගල්ලෙකටයෑ?

    ReplyDelete
    Replies
    1. එයා චන්දෙන් එන්නේ කොහොමද අහනවා.. මිනිස්සු දැණුවත් උනොත් ඡන්දෙන් එන්නෙත් නෑ... වර්ල්ඩ් ක්‍රිකට් වල නෝන්ඩිම චරිතයක්...

      Delete
  30. මන් නම් කියන්නෙ ලංකාව ඇමෙරිකාවට විකුණල දාල ලංකාව ඇමෙරිකාවේ ප්‍රාන්තයක් කරගන්න දුන්නනම් කිසි අවුලක් නෑ.හරියට ආදි කාලෙ ඇලෙස්කාව එක්සත් ජනපදයට විකිණුව වගේ.ඒක තමයි ලංකාවට යහපාලනේ ගේන්න පුලුවන් ලේසිම ක්‍රමය.ලංකාව එක්සත් ජනපධයට වික්කොත් උන් ප්‍රජාත්‍රන්තවාදය ගැන ලෝකෙට ලෙක්චර්ස් දෙන හින්දා ලංකාවෙ මිනිස්සුන්ව එක්සත් ජනපදයේ පුරවැසියො කරගෙන ලංකාවේ ප්‍රාන්ත ආණ්ඩුවක් හදයි.ඇමෙරිකාවේ පුරවැසියන්ට හිමි වරප්‍රසාදත් ටිකක් දගලලා ලබාගන්න පුලුවන් වෙයි.භාෂා ප්‍රශ්නෙටයි,කල්චර් ප්‍රශ්නෙටයි මොනවහරි කරගන්න බැරියැ,5 වසරටවත් ඉස්කෝලෙ ගිහින් නැති ගෑණු අරාබි භාෂාව ඉගෙනගන්න එකේ අපේ උන්ට කඩ්ඩ ඉගෙනගන්න එක අමාරු වෙන එකක් නෑ.කොහොමහරි ඒක උනොත් අපිට ඇමෙරිකන් කාරයෝ වෙලා සුපිරියට හිටියැහැකි.ඉතාලියට,ඕස්‍ට්‍රේලියාවට බෝට්ටුවලින් යන්න ඕනෙත් නෑ,අරාබියට ගිහින් ඔටුවන්ගෙ පුක හෝදන්න ඕනෙත් නෑ.ප්ලේන් එකෙන්ම ඇමේරිකාවට ගියැහැකි.ඒ යන්න ඕනෙත් නෑ,ලංකාව ෆුල් මාවලස් විදිහට සංවර්ධනය වෙයි.ඇමෙරිකාවේ ජනගහනය මිලියන 320ක් විතර හින්දා අපේ මිලියන 20 දැනෙන එකක් නෑ.අනික එහෙ කොහොමත් විවිධ ජාතීන්වල මිනිස්සුත් ඉන්නවනේ.ඇමෙරිකාවටත් තමන්ගේ ආධිපත්‍ය,බලය පවත්වගෙන යන්න ඒකෙන් පුලුවන් වෙයි.කොටින්ම කිව්වොත් ඉන්දියන් සාගරේ ලොකු බලකොටුවක් හැදුව වගේ.ලංකාව කියන්නේ නිකන්ම නිකන් කුණු ගොඩක් නොවන නිසා ලංකාව ගන්න එක කොහොමත් පාඩුවක් නොවී හොද ඉන්වෙස්ට්මන්ට් එකක් වෙයි.අපේ පාලකයින්ට කරන්න බැරි උන සංවර්ධනේ ලංකාවත් සිංගප්පූරුවට එහා අධායමක් ලබන,රැකියා ලබන පොට් එකක් කරයි.ඕකෙන් වැඩිම වාසි තියෙන්නේ අපිට.

    ඒත් ඉතිං ඇයි අපේ සමහරු ඔහොම එකක සලකුණක්වත් පේන්න නැතුව උනත් ඕකට ඔච්චරටම භය.

    ReplyDelete
    Replies
    1. ඇමරිකන් කාරයා සරොන් ගලවයි කියලා... මුන්ට කලසන් අඳින්න බෑ.. සිප් එක දාන්න දන්නෙ නෑ.. ජුන්ඩා අහු නොවෙන්න..

      Delete
    2. ado matath okama hithenawa bn..

      Delete
  31. කොටි නිසා 96දී අපි දිනුවා කියලා හිතන එකම පුද්ගලයා මාතලන් විය යුතුය.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්.. ඒත් මාතලන් ඒකම කියනවා.. අපේ ආච්චිත් කිව්වා මගේ ඔළුව හොඳ නෑ කියලා...

      Delete
  32. අම්පයර්ට ඇගිල්ල දික්කරපු අර්ජුනට මාතලන් මොකෙද්ද?

    ReplyDelete
    Replies
    1. අර්ජුන උඹට ළොකු ඇති.. අපිට නම් ඔය එකෙක්වත් ළොකු නෑ..

      Delete
  33. මාතලන් අපේ අම්මගෙ ගම කුඹල් ඔලුව. එහෙ කොල්ලො දයා සඳගිරි එක්ක බෝල ගහනවා.

    ReplyDelete
    Replies
    1. අපේ අම්මට නම් ඔය කුඹළ්ගේ ගේ පෙන්න බෑ.. කොස්සෙන් පොඩි කරලම දානවා...

      Delete
  34. //කොටි නිසා 96දී අපි දිනුවා//

    ඒ නිසා කප් එක දිනුවා කියන එකට වඩා ටුවනමන්ට් එක අපරාජිතව අවසන් කල ටීම් එක වුනා කිව්වනම් වඩා නිවැරදි හා කන්ට්‍රවර්ෂල් අඩුවෙයි ( ඒත් මාතලන්ට කන්ට්‍රවර්ෂල් වීම ප්‍රශ්නයක් නෑ. මං මාතලන් බ්ලොග් එක කියවන්නෙත් වැඩිපුරම ඒ නිසා )

    ෆයිනල් දිනන්නනම් ලොකුම හේතුව වුනේ පින්න ..Dew factor.

    දේශපාලනය දූෂණය අරක මේක පැත්තකට දැම්මොත්.. දෙදෙනාගෙන් වඩා කාර්යක්ෂම පරිපාලකයා නිලවරණය දිනල තියනවා. ලංකාවෙ වඩා හොඳ හා අඩු නරක හැර වෙනත් විකල්ප නැත.


    ඒක නෙමෙයි. මට හිතෙන්නෙ ජනාදිපතිවරණය වගේ ක්‍රිකට් ප්‍රෙසිඩෙන්සි එකටත් සර්වජන චන්දයක් තියන්න ඕනෙ. ඔය පලාත් සබා වලට වඩා ජනප්‍රිය චන්දයක්නෙ ඒක

    ReplyDelete
    Replies
    1. අම්මපා සහතික ඇත්ත.. නානසාර හාන්දුරුවන්ටත් ඉල්ලන්න පුළුවන් "නයා" ළකුණින්...

      Delete
  35. මේකට කමෙන්ට් එකක් ලියන්න ගියොත් පොස්ට් එකක් වෙන නිසා, කම්මැලි කමට නිකං ඉන්නවා. ජනවාරි අට ජයග්‍රහණයටත් බොහෝ පියවරු ඉන්නවා. ඒ වගේම 96ටත් අවශ්‍ය නම් විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. ඒ වෙලාවේ අපිට කවුරුවත් ලොකු නෑ. ආවත් එකයි නාවත් එකයි. අනික් ටීම් වලට තිබුණ ප්‍රශ්නේ ටොස් එක දිනලා මොනවා කරන්නද කියන එක. 99 දී බැරි වෙන්න හේතු. 97 දී විතර එක්ස්පයර් වෙන්න හිටි බොහොමයක් ක්‍රීඩා කිරීම. එංගලන්තයේ විකට්ටු සහ දේශගුණය. අපි ගැන 96න් පස්සේ අනෙක් කණ්ඩායම් කල අධ්‍යනය. තමන්ගේ රටේ තියෙනකොට තිබුණ වාසිය(හැම පැත්තෙන්ම). 99 කුසලානයේදීම එක්ස්පෙරිමන්ට් කරන්න යාම(අරවින්ද ආරම්බහක පිතිකරු ලෙස යොදවා ගැනීම).

    අර්ජුනගේ කාලෙත් බොහෝ අත්හදා බැලීම් කලේ අරවින්ද(සනත්+කළු). අර්ජුනට තිබුණා වාසනාව. ඒ කාලේ අර්ජුන් රීප්ලේස් කරන්න ඕනෑතරම් එළියේ හිටියත්, ඒ වෙනකොට සුබසාධන/ලෝයර් වැඩ වලින් උපයාගෙන තිබුණ තත්වේ නිසා කවුරුත් ඇඟිලි ගහන්න ආවේ නැතිකම. පස්සට ගිහින් හිටපු රොෂාන්/හෂාන් දෙන්නට අවශ්‍ය මොහොතක 100ක් ගහන්න පුළුවන් අත්දැකීම් තිබීම. අපේ ඒ ටීම් එක එකදිගට කාලයක් සෙල්ලම් කරලා එකිනෙකා ගැන දැනීම, සහ විශ්වාසය ගොඩ නැගිලා තිබීම. කාගෙන්වත් යැපෙන්න නොයෑම. ඒ කාලේ සීයේ ඒවාට වැඩිය හැට ගණන්, හතලිස් ගණන් ගැහීම නිසා පිතිකරුවෝ කිහිප දෙනෙකුගේ දායකත්වයෙන් ඉනිම ගොඩ නැගීම. මුරලිගේ දහයට ගැසීම සිහිනයක් වීම. සනත්, කළු, වාස්, මුරලි ගේ හොඳම කාලය වීම. අරවින්දගේ කාලය පසු කරමින් සිටියත්, තරඟයට අවශ්‍ය පරිදි ක්‍රීඩා කිරීම. ඒ අය නැතිතැන ගුරා, හෂාන්, රොෂාන්, උනන්දුවා ගොඩ දැමීම. අවශ්‍යම ලකුණු ටිකක් අර්ජුන සහ වාස් ගැසීම.

    ලංකාවෙන් බිහි වෙච්ච හොඳම කණ්ඩායම ක්‍රීඩා කරලා තියෙන්නේ 2003 සහ 2007 කාලෙදී. සමහරවිට 2004/2005 වගේ කාලෙක වර්ල්ඩ් කප් එකක් තිබුනානම් අපි දිනනවා. නමුත් වාසනාව ගොඩක් වටිනවා. ගියපාර හොඳම ටීම් එක නවසීලන්තේ ඒ වුණාට වාසනාව නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... මතය සනාත කලාට... සනත්ව හැම තැනටම දාලා එපා වෙල එලියට යවන්න හිටියේ.. අරා තමයි සනත් කළු ඕපනින් එව්වේ.. හොඳ වෙලාවට සනාටයි කළුුටයි දෙන්නටම ආච්චි වැහුනා.. ක්‍රිකට් කියන්නේ ආච්චි මත රඳා පවතින ක්‍රීඩවක්.. ආච්චි උනත් නිතරම වැහෙන්නේ නෑ.. ක්‍රිස් ගේල් පිටිපස්සෙ ඉන්නෙත් එයාලගෙ ආච්චී.. ආන් ක්‍රිස් ගේල් වෙන මොනවද ගන්න ගිහින් හත් පොලේ ගාගෙන..

      Delete
  36. මාතලන්,

    කුප්‍රකට ඇවන්ට් ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිට නාවික හමුදාපති රවින්ද්‍ර සී විජේගුණරත්න මහතා මෙහෙයවන කණ්ඩායමකගෙන් ජීවිත තර්ජන එල්ල වී ඇතැයි සේනාධිපති විසින් අද සවස මිරිහාන පොලිසියට පැමිණිලි කර තිබේ. අද උදෑසන සිට නාඳුනන දෙදෙනෙකුගෙන් සමන්විත සැකකටයුතු යතුරු පැදියක් නිශ්ශංක සේනාධිපතිගේ කාර්යාලයට වටා කැරකැවෙමින් ඔත්තු බලමින් සිට තිබේ. ෆුල් ෆේස් හෙල්මට් පැළැඳ සිට ඇති දෙදෙනා ඉන්පසුව එම යතුරු පැදියෙන්ම ඔහුගේ නිවස වටාද සැක කටයුතු අන්දමින් සැරි සරා තිබේ. මේ පිලිබඳ සොයා බලද්දී ඇවන්ට් ගාඩ් මැරිටයිම් සමාගමේ නිලධාරීන් කිහිප දෙනෙකුගේද නිවෙස් වටා මෙවැනිම යතුරු පැදි සැරිසරා ඇත. සේනාධිපතිගේ නිවස සහ කාර්යාලය වටා කැරකැවුනු යතුරු පැදිය සේවකයන් විසින් වීඩියෝ ගත කරන ලද අතර එහි අංකය BAG 6093 ලෙස වීඩියෝවේ සටහන් වී ඇත.

    මේ සම්බන්ධයෙන් සේනාධිපති අද සවස මිරිහාන පොලිසියට පැමිණිලි කර ඇති අතර ඔහු විසින් සපයන ලද වීඩියෝවේ සඳහන් අංක BAG 6093 යතුරු පැදිය කාට අයත් එකක් දැයි පොලිසිය විසින් කරන ලද සොයා බැලීමේ දී මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් පවසා ඇත්තේ එය නාවික හමුදාපතිවරයාගේ නමට ලියාපදිංචි කර ඇති එකක් බවයි. වැඩි දුරටත් කරන ලද පරීක්ෂන වලදී එය නාවික හමුදාපති යටතේ ඇති බුද්ධි අංශයන්ට අයත් යතුරු පැදියක් බවද සොයා ගෙන තිබේ.

    නිශ්ශංක සේනාධිපතිට අයත් ඇවන්ට් ගාඩ් මැරිටයිම් සමාගම නාවික හමුදාවට පවරා ගන්නා ලද්දේ එම කටයුතු නාවුක හමුදාවට කළ හැකි බවට වත්මන් නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපතිවරයාට රෙකමදාරු කරන ලද තත්ත්වයක් යටතේ ය. නමුත් පසුගිය කාලයේදී එය අසාර්ථක වී තිබුනේ ඇවන්ට් ගාඩ් සමාගම ලැබූ ආදායම නාවික හමුදාවට ලබා ගැනීමට නොහැකි වීමත් ඇවන්ට් ගාඩ් සමාගම රැකියා සපයා තිබූ 6700 ක පිරිසට රැකියා ලබා දීමට නාවික හමුදාව අපොහොසත් වීමත් නිසාය. පසුව නාවික හමුදාව පවසා සිටියේ එම කටයුතු ඉන්දීය, සිංගප්පූරු සහ මැලේසියානු සමාගම් වෙත පවරා දීමට යන බවයි. මෙම ප්‍රකාශයෙන් පසුව ඇවන්ට් ගාඩ් සමාගම නාවික හමුදාවට පවරා ගැනීම දේශප්‍රේමී කටයුත්තක් ලෙස රටට ජනතාවට කරන ලද ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව පැහැදිලි විය.

    පසුගිය අන්ත දූශිත රාජපක්ෂ රෙජීම සමයේදී ද නාවික හමුදාව නීති විරෝධී මනුෂ්‍ය ඝාතන පැහැරගැනීම් රාශියක් සිදුකර ඇති බව මේ වන විටත් පරීක්ෂණ වලින් හෙලි වී ඇති අතර නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුම අත් අඩංගුවේ පසුවෙති. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩරයකින් තරුණයෙකු පැහැර ගැනීමක් සම්බන්ධයෙන් මේ වන විට හිරුණිකා මහත්මියගේ ආරක්ෂකයන් 6 දෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

    මා සිතන පරිදි මෙම සිදුවීම් සියල්ලම අන්ත දූශිත රාජපක්ශ මිනීමරු කල්ලිය විසින් කරන ලද කුමන්ත්‍රණයක් වියහැකි බවය. අප කෙසේ හෝ දිවිහිමියෙන් මෙම දිනු දෙයත් යහපාලනයත් ආරක්ශා කරගත යුතුය.

    ReplyDelete
    Replies
    1. ඉතා අසීරුවෙන් දිනාගත් යහපාලනය ජනතාව අතර අප්‍රසාදයට පත් කරවන මෙම කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව ජනතාව පෙළගැස්විය යුතු අතරම පාදඩ රාජපක්ශ කල්ලිය විනාශ කර දැමීම කළයුතුමය.

      Delete
    2. මොකාට උනත් නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැත්නම්, මොන ආන්ඩුවෙන්වත් වැඩක් නෑ...

      එක්කෝ පරීක්ෂණ ඉක්මන් කරන්න ඕන. නැත්නම් ඒ මිනිස්සුන්ට ආරක්ෂාව සපයන්න ඕන. ඔය මිනිස්සුන්ට මොනවා හරි උනොත් අනිවාර්යයෙන් ආන්ඩුව වග කියන්න ඕන.

      Delete
  37. Sudeeka samaga 100% ekagai. oyatika thamai man liyanna hithuweth.
    1996 wenakota experiment ewara karala hadhà gaththu set team ekak apita thibune....
    1st over 15ta ridenna gahala lakunu labàganna style eka success welà èake wadi wàsiyath thibune experiment eka karapu apita.
    èlangata hitiya hondhama AUS saha Indian team deka, dekatama adenna gahalane cup eka essuwe.

    man hithanne thawa match dekak newei dahayak gahuwath dinanna hakiyàwa, wàsanàwa, daksakama 1996 world cup wenakota wadipurath ekka apita thibuna kiyalai.
    world cup eka thaniyama wikunan kana ekatanam matath mala, (arjuna loku kotasak kalaa thamai) èkath hariyata ape hitapu kimbaanat yudde sinnakkara liyaa gaththa wage,

    Thilanga president wechcha ekatanam man ekenma.
    othana mulin hitapu kenek hariyata (ratama balan enna nisaath) cricket wala diunuwak wewi kiyalanam hithanna puluwan,
    eath ethin watinne ara speaker job eka
    wena ehekuta deela aawanam thamaa.

    maathege mathe hidimin adhas dakweema maathege athi hakiyawa, methana wenas matha darala thiyanne maathege wenath post waladi ekenma like karana aya.

    ReplyDelete
    Replies
    1. මගේ මතයෙම ඉන්න කියලවත්... මාතලන් නිවැරදිය කියලවත්, මාතලන් කවදාවත් කියලා නෑ.. ඒත් මෙතනෙ තියෙන්නේ මගේ මතය. ඒක විවේචනයට තමයි අකුරු පෙට්ටිය පහළ තියෙන්නේ. කිසි අවුලක් නෑ මචෝ.

      Delete
  38. අර්ජුන = මහින්ද

    යුද්ධයේ ජය තනියෙන් හිමිකර ගැනීම = 96 ජය අදටත් අර්ජුන සතු කර ගැනීම.


    ඩේව් වට්මෝර් කියන සාධකය මේ ජයග්‍රහණයට අතිශයින් බලපෑවා.ඒ වගේම වට්මෝර් එක්ක පැමිණි ඇලෙක්ස් කුන්ටෝරි.මේ දෙදෙනාගේ දායකත්වය ඇතිව කණ්ඩායමේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමකින් පවත්වා ගනිමින් සුවතාවය මෙන්ම තරගයකට අවශ්‍යය කරන යෝග්‍යතාවයද යහමින් පවත්වා ගත්තා.

    මේ සියල්ල අර්ජුනට හිමිකර ගැනීමට අවශ්‍යය වූ බැවින් ඇති වූ අරගල නිසා වට්මෝර් වැන්නන් මෙන්ම ආනා පුංචිහේවා වැනි හොද පරිපාලකයන්ද ක්‍රිකට්වලට අහිමි වෙනවා.මෙහිදී වැදගත්ම කාරණය මේ සියල්ල එකට කළේ අර්ජුන සහ තිලංග වීම මෙහිදී අමතක නොකළ යුතුයි.තිලංග පාලනය යටතේ තමයි අනන්නත චෝදනාවලට ලක් වූ ධම්මික රණතුංග විධායක පුටුවෙ වාඩිවෙන්නේ.

    ඒත් උවමනාව සේවය නොව බලය වූ විට ඇතිවන හැලහැප්පීම් නිර්මාණය කරන සතුරන් ලෙස තිලංග සහ අර්ජුන දෙපසට වීසි වෙනවා.ඒත් එකෙක්වත් තාපසාරාමේකට වැටෙන්නෙ නැහැ.ඒ නිසා ගිරවු දෙන්නම වැටෙන්නෙ පාතාලෙට.

    එකට සිට බෙදී ගිය පාතාල කල්ලි දෙකක ගහමරා ගැනිල්ලක් පමණයි මටනම්......

    ReplyDelete
    Replies
    1. උඹ හොඳයි මේ පරම සත්‍ය මෙතනෙ ලියපු එක.. මේ ඉන්න ඔක්කෝටම වඩා උඹට මේ ගැන ලියන්න අයිතියක් තියෙනවා.. ඕක කවදා හරි නවතින්නේ, මිනීමරාගැන්මකින්. ව්‍යාපාරික මාෆියාවක් ගැන කතා කරන අර්ජුණ මොකෙක්ද කියන එක ලංකවේ හාල්පාරුවෝ දන්නේ නෑ.. මම සාමාන්‍යයෙන් කරුණු ගෙන හැර දැක්වීමෙදිවත් එක්ස්ට්‍රීන් යන්නේ නෑ. මොකෝ ඩිෆෙන්ඩර් ගෙදරට එන්න පුළුවන් නිසා.

      Delete
  39. වැඩිය කාරණා දන්නෑ බං අභ්‍යන්තරේ. ඒ වුණාට අර්ජුන 96 දිණුම පිටින් දාලා පරම්පරාවම ගොඩදාගන්න බලන බවනං පේනවා. (ආයි ටිකක් ලෙඩවුණා බං. මේක මග ඇරුණා. නිදි මැරුවොත් පොලෝසියෙං බනිනවා. අපේ කියලා ඉතිං පැවැත්මත් හොඳයැ ඉතිං)

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් කිව්වම මතක් වුණේ. මෙන්න මේක උඹ දැකලත් ඇති සමහර විට.

      Delete
    2. බලාගෙන මචෝ පොඩ්ඩක් පරෙස්සම් වෙයන්...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න