.

.

Jan 24, 2016

හෝ ගානා පොකුණේ ගිලුනෙමි - (මාතලන්ගේ සිනමා විකාරය) - Film Critics by Maathalan

 
මාතලන් ඉස්සර හෝල් වල සෝ එලව එලව බලන පිස්සෙක්. ඒත් Beta Max, VCD, DVD, Blue Ray, අරවා මේව එක්ක ගෙදර ඉඳගෙනම සෝ බලන්න පුරුදු උනයින් පස්සේ, සෝ බැලිල්ලට හරි වෙන මළදානෙකට හරි ඕවට රිංගන එක අඩු උනා. මොකෝ ඕවයේ යන සෝ, තා ටික කලක් ගියාම ටැලිවිසොන් එකේ ගෙඩිය පිටින් පෙන්නනවා. ඒ වගේම තව හේතුත් තියෙනවා එකක් තමයි වියදම. අනික එක තැනක ගොඩක් වෙල ඉන්න තියෙන අමාරුව. ඔය ඔක්කෝටම වඩා මෙළෝ රහක් නැති සෝ සල්ලි දීලා බලන්න එපා වීම.
 
මාතලන් සෝ බලන්න කැමති තනියම. හේතුව ඒක භාවනාවක් වගේ එකක් වීම. තා කවුරු හරි එක්ක ගියාම සෝ එක බලන්න වෙන්නේ නෑ. යාළුවෙක් එක්ක ගියොත් නිලියගේ වං හුං. හාමිනා එක්ක ගියොත් එයාට සෝ එක කියා දෙන්න වීම, පොඩි එකා එක්ක ගියාම කෑම බීම සැපයිම. පවුල පිටින් ගියාම නැන්දම්මාගේ සිනමා ඉතිහාස කතා අහගෙන ඉන්න සිඳුවීම.
 
ඔය හේතු සමහරවිට අපේ තාත්තටත් තියෙන්න ඇති. ඒ නිසා එයත් ගොඩක් වෙලාවට ෆිල්ම් බලන්න තනියම ගියා. එහෙම නැත්නම් ජෝඩුව විතරක් ගියා. අම්මා එක්ක ගියාට අවුලක් තියෙන්න නැතුව ඇති. මොකෝ අපේ අම්මා ප්‍රශ්ණ අහනවා, කතා බහ කරනවා බොහෝම අඩුයි. දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න සාම්ප්‍රදායික බිරිඳක්,
 
හෝ ගානා පොකුන ගැන බොග දාන කීප දෙනෙක්ම සිනමා විකාරද, විචාරද මක්කද කියන ඒවා ලියලා තිබුනා. සොසී කියලා තිබුනා සෝ එකේ ඉන්නේ එයා කියලා. මාත් හිතනවා, සොසිත් ඒ වගේ "චීච" කෙනෙක් වෙන්නැති කියලා. පැරා එයාගේ දේශපාලන දැක්මෙන් ටිකක් බරසාර එකක් ලියලා තිබ්බා. ඒ ඇරෙන්න රාවයේ උඩුවා, සිනමාත්මක පැත්ත වගේම, ශිල්පීන් පැත්තෙනුත් අගය කිරීමක් සම්ඟ පෝස්ට් එකක් දාලා තිබ්බා.
 
ඔය මොකා මක්කා කිව්වත් මම සෝ එකක් හෝල් එකේ බලන්නේ, මගේ ටේස්ට් එක දන්න මගේ හොඳම බොක්කෙක් ඉන්නවා, ඌ කිව්වොත් ඉතරයි. ඌ කියලා තමයි අන්තීමට "ගින්දරිත්" බැලුවේ. ඒකෙත් වරදක් නෑ. හොඳයි කියන්න දේකුත් නෑ. ඒත් අරූට බැණුම අහන්න හේතුවක් තිබ්බේ නෑ. 
 

Teacher
ඒත් අපේ නෝනයි පොඩි එකයි දෙන්නම බලන්න ඕන කියලා කීව නිසා (ඒ දෙන්නා මම නැතුව සෝ බලන්න යනවා) නිකන් ඉන්න එකේ යන්න ඕන කියලා හිතලා අරූට කෝල් කලා. බැලින්නම් ඌට මාව අමතක වෙලා. (හොඳම බොක්කවල් උනත් එහෙම වෙනවා. මාස හයයි උන් එක්ක සෙට් වෙන්න අතපසු උනේ.) අනේ මචෝ අදම බලපන්, මම අපේ උන් එක්ක දැනට හය වතාවක් බැලුවා කියලා කියපි. ඉතින් තවත් මක්කටෙයි එක එකාගේ විකාර. ගියා ලිබර්ටී එකට.
 
මම හෝ ගාන පොකුන සෝ එක බලන්න කලින් එළියෙදිම හෝ ගාන පොකුණ බැලුවා. ඒක සෝ එකට දායක වෙච්චි හැම එකාගෙම දස්ස කම. අද ඉරිදා බදුරලිය පැත්තේ ඉස්කෝලෙක කොල්ලෝ කෙල්ලෝ රෑනක්, ලේලන්ඩ් බස් තඩියක ඇවිත්. ඔක්කෝම සෝ එකේ ඉන්න උන්ගෙම වයසේ. මොකක්ද කේස් එක.
 

සෝ එක බලපු මහත්තයෙක්ට හිතිලා, මේ වගේ පොකුණ දැකලා නැති පොඩි උන් ටිකකට පොකුණ පෙන්නන්න. උන් සෝ එක බලන්න ආවට, තාම පොකුණ දැකලා තිබුනේ නෑ. (ඇත්තටම උන්, සෝ එකේ උන්ටත් වඩා වාසනාවන්තයි.) පොකුණ බලන්න යන්නේ ඊට පස්සෙයි කිව්වා. පොඩි උන්ගේ, උදේ, දවල්, රෑ, මීල්ස් ඔක්කෝම මහත්තයා ගානේ. හොඳ රෙස්ටොරොන්ට් වල. නම කියන්නවත් කැමති උනේ නෑ. අනේ මෙහම වෙස්සන්තරවරු රටටම් වාසනාවන් කියලා ඇප්‍රිසේට් කොලා.
 
මාතලන් වගේම මාතලන් ජූනියර් යන්නෙත්, රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට. එකේ ඉන්න උන් තමයි පොරට සෝ එක රෙකමන්ඩ් කරලා තියෙන්නේ. ඒ කියන්නේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ උන්ටත් මේක දැනෙනවා. උන්ගේ හීරෝ "උක්කුං". (මාතලන්ගේ පොඩි කාළේ චරිතය.)බැල්කනියට ගියාම කේස් එක සහතික ඇත්ත. ඇවිල්ලා ඉන්න අයට සෝ එක තේරෙයිද දන්නෙත් නෑ. සෝ එක පටන් ගත්තයින් පස්සෙත් මට ඒක හිතුනා. හාමිනාටත් ඉන්ටෙර්වල් එකේ කීවා. මොකෝ අති බහුතරය ඉන්ගිරිසියෙන් කතා කොරන අපේ අය. ඉතින් උන්ව මේ වගේ කබ්බෝ රැලක්ගේ කතාවක් බලන්න ගේන එකම ටැලන්ට් එකක් නෙමෙයිද. උන් ඔක්කෝම මාර හැපි. ඒ අස්සේ සුද්දෝ පවුලකුත් ඇවිත්.

ඒ පවුලෙත් උක්කුං කෙනෙක් ඉන්නවා. ඌගෙන් ප්‍රශ්ණ ගොඩයි ඌ අහනවා, මනෝ අර ෆෝටෝ එකට ඉන්න හැටි පෙන්නන කොට ඔක්කෝම හිනා වෙන්නේ ඇයි කියලා. ඒ එලාවේ ජයලත් මනෝරත්නව ඉස්ටූඩියෝ එකකට ගෙනියනවා කියලා පෙන්නුවා නම් ඌ මේක අහන එකක් නෑ. ඉන්ගිරිස් සබ් ටයිටල්ස් නැති උනත් උනුත් සෝ එක උපරිමෙන් වින්දා. ඒ ඉතින් ඔක්කෝම උන්ගේ ඇක්ටින් හොඳ නිසා. (අපිත් හින්දි සෝ ටැමිල් සෝ විඳින්නේ සබ් ටයිටල්ස් නැතිව.)
 
සෝ එකක් කියන්නේ ඒක හැමදාම ඇස් පියා ගත්තමත් පේන්න ඕන එකක්. අදටත් ගෙදර හිටිය රෝස කැකුළ රෝසා අහනකොට, පියදාස විජේකෝන්, ඩී ආර් එක්ක, ඩොමීගේ ඩාන්ස් එක මැවිලා පේනවා. ඒ වගේ මගේ බොක්කටම වැදිච්ච අන්තිම සෝ එක තමයි "මචං". මම හිතන්නේ සෝ එකක් කියන්නේ ඒක නැවත නැවත බලන්න හිතෙන එකට. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති එකට.

ඒක තාත්විකද, සම්බහියද, ඇත්ත කතාවක්ද, වෙන්න පුළුවන් දෙයක්ද, බැරි දෙයක්ද, කාටුන් එකක්ද, ත්‍රී ඩීද, අක්සොන්ද, හොරර්ද ඉතරක් නෙමෙයි, බ්ලූ ෆිල්ම් එකක් උනත්, සෝ එකක් වෙන්නේ එහෙම උනාම. නිකං පෙන්නුවත් බලන්න හිතෙන්නේ නැති සෝ අතරේ, එයාගේ පළවෙනි සෝ එකම මෙහෙම හදනවයි කියන්නේ පට්ට ග්‍රේට් වැඩක්.
 
සින්දු නම් එකක්වත් මතක නෑ. හැබයි රූප රාමු එකෙන් එක වගේම මතකයි. මට නම් හැම එකාගෙම ඇක්ටින් මරු. කැමරාකරණයත් නියමයි. ගම්වල උන්ට බලන්න තව කොළඹ ටික්ක පෙන්නන්න තිබුනා. අන්තීම හරිය පොඩ්ඩක් අවුට්. ඒත් මහ ළොකු ඩැමේජ් එකක් නෑ. මොකෝ මිනිස්සුන්ට නැගිටලා යන්න හිතෙන්නේ නෑ.
 
මම නම් හිතන්නේ පොර සංකේතාත්මකවත් මාර කතා ගොඩාක් කියනවා. ටීචර් පට්ට සංකේතයක් වගේම වමට තද කනේ පාරක් දෙනවා. ඇත්තටම මේක ළමා චිත්තර පටියක් නම් නෙමෙයි. මේක, පොඩි උන්, මහ උන්ට පාඩම් ගොඩක් කියලා දෙන සෝ එකක්. පියානෝ එක, දාම් බෝඩ් එක ඉතරක් නෙමෙයි, ඇස් පේන්නේ නැති පොඩි කෙල්ලෙක් දාලා එයා අපිට කතන්දර ගොඩාක් කියනවා.
 

Indika Ferdinando - Director
මම දැක්කා කව්ද කියලා තිබුනා බස් ඩැයිවර්ට ලයිසම හම්බ වෙච්චි වෙලාවේ හැසිරීම අබව්‍යයි කියලා. එයා අද හැන්දෑවට මාත එක්ක බද්දෙගම යන්න ආවොත් ඔය චරිතෙම මම පෙන්නන්නම්. එහෙම කතා කරන්නේ ගම ගැන හරියට දන්නේ නැති උන්.

ඇත්තටම මෙහෙම ඉස්කෝල තියෙනවද..? අර සෝ එක බලන්න ආපු සුදු උක්කුවා අහපු ප්‍රශ්ණේ... ඔව් පොඩි එකෝ, එහෙම ඒවා ඕන තරම් තියෙනවා. ඒක නිසා, මේක, අපේ ලේ වලට පයිත්තියන් වෙනවා. අර ළමයින්ටම චිත්තර පටි හදනවයි කියන පච ජෝඩුවගේ වැල් වටාරම් වලට වඩා.
 
අර සුහඳ කොකා ජනපතිටයි අගමැතිටයි පෙන්නුවා වගේ, මාතලන් පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි, අපේ වමේ පක්ෂවල ඉන්න සහෝදර සහෝදරියන්ට. අනේ ඔහේලා ඔය අගමැතිලට ජනපතිලට ඉස්කෝල ළමයින්ට සෝ පෙන්නනවා වගේ, ජවිපෙ, පෙරටුගාමි, අන්තර් බල මන්ඩල අරවයේ මේවයේ ඉන්න නායකයෝ ටිකත් එක්ක ගෙනගිහින් මේ සෝ එක පෙන්නන්න.
 
එයාලට වෙලාවක් නැත්නම් "හෝ ගාන පොකුණ්" කියලා තිරේ වැටෙනකන් ඉතරක් වත් බලන්න කියන්න. මොකෝ සෝ එකේ පනිවිඩේ ඒක තිරේ වැටෙන්න ඉස්සෙල්ලා චීචර් අපිට කියලා දෙනවා. (ප්‍රායෝගිකව අරගලය කරනාකාරය.)
 
බලපු නැති එකෙකුට කියන්නේ, පවුල් පිටින් ගිහින් අදම බලන්න. මොකෝ සෝ එකේ කියනවා වාගෙම, මේක බොහෝම අමාරුවෙන් සැබෑ කර ගත්ත හීනයක් නිසාම..

100 comments:

  1. හ්ම්ම්ම්...එහෙම පට්ටද.......බ්‍රෝ..........?

    ReplyDelete
    Replies
    1. ජීවීතේ බලපු හොඳම සෝ එකක් මචෝ... ලංකාවේ සෝ කියද මතක තියෙන්නේ..

      Delete
    2. මෙවත් සෝ ද ඩෝ බලපං "සිංග මචං චාලි" අන්න සෝ

      Delete
  2. කෙල්ලත් කිවුවා හෝ ගාන පොකුණ බලන්ට යං කියලා එහෙනන් අපි හෙට හෝ අනිද්දා දිහාට ගියාවේ (තිත්දෙකයි කැපිටල් ඩී)

    ReplyDelete
    Replies
    1. කෙල්ල දොස් කියයිද දන්නේ ඔහේ සෝ එක බැලුවා මිසක් හෝල එකට ගිය වැඩේ ඉටු උනේ නෑ කියලා...

      Delete
  3. මෙයත් බලල..........

    ReplyDelete
    Replies
    1. ඒක නොබලන දෑස මක්කටෙයි....

      Delete
  4. බොහෝ වෙලාවට මම නම් සිංහල චිත්‍ර පටියක් බලන්නේ නෑ.
    නමුත් මේකට නම් හොද කියනවා ගොඩක් අය.

    ReplyDelete
    Replies
    1. මේකෙන් බලන්න පටන් ගන්න.. එතකොට සෝ එපා වෙන්නේ නෑ...

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. Mona film eka awath "Machan" thamai mechchara kaalekata balapu hodama film eka

    ReplyDelete
    Replies
    1. මචං තමයි මටත් හොඳම එක මචං

      Delete
  7. ටීවී එකේ සෝ එක බලන්න මගෙනම් මනාපයක් නැත.මගුල ඇඩ් යනවනේ...ඊට වඩා හොදයි සීඩී එකක් ගෙනල්ලා බලන එක.

    ReplyDelete
    Replies
    1. පියෝ ටී වී ගන්න..

      පියෝ ටී වී නැත්නම් ඕනම ටී වී එකක් පරණ ටී වී එකක්

      කොමෙන්ටුවේ අනුග්‍රහය - පියෝ ටී වී

      Delete
  8. ඉන්දික ෆර්ඩිනැන්ඩු පාසැල් කාලයේ සිටම විශාල ප්‍රතිභාවක් 'ඇඟේම තිබුණු', එය සංයමයෙන් දියුණු කරගත් හා වරින්වර විවිධ අංශවලින් පෙන්වූ කලාකරුවෙක්. වේදිකාවෙන් පටන්ගෙන සිනමාවට හෝ ටෙලිනාට්‍ය කලාවට පිවිසෙන බොහෝ දෙනෙකු ආරම්භයේ සිටම අනෙක් අයට වඩා ඉදිරියෙනුයි ඉන්නේ. ෆර්ඩිගේ පළමු සිනමා නිර්මාණය නැරඹීමට මට දැනට අවස්ථාවක් නොතිබීම කණගාටුවට කරුණක්. ඒ වගේම, ඔහු මුලින්ම නිපදවීමට බලාපොරොත්තු වූ සිනමා නිර්මාණයට නිෂ්පාදකයෙකු සොයාගත නොහැකිවීමත් කණගාටුවට කරුණක්. එය තවමත් සිදුවී නැත්නම් මේ චිත්‍රපටයේ සාර්ථකත්වය විසින් එයටද ඉඩ සලසනු ඇති බව මගේ විශ්වාසයයි.

    ReplyDelete
    Replies
    1. දැන් පොරට මාකට් එකක් හැදෙයි.. හැබයි අවුරුද්දකට එකක් කලත් ඇති... සුනිල් පෙරේරලා තාමත් ෆීල්ඩ් එකේ ඉන්නේ ඒ නිසයි...

      Delete
  9. මාත, මටත් ඕක බලන්න වෙන්නෙ නැති එක ගැන හරි දුකයි.හෝ ගානා පොකුණ වගේ චිත්‍රපටි හෝ ගාලා නො-ඒවා ඉදිරියට කියන එකයි මගේ එකම පැතුම. මොකද රැළ්ළට අහු උනාම කෝච්චිත් පෙරළෙන නිසා.

    ReplyDelete
    Replies
    1. රැලි ආවට වැඩැක් නෑ සද්දේ නැත්නම්...

      ගවුමෙත් රැලි තියෙන්නේ.. සාරියෙත් තියෙනවා.. වෙසක් කූඩූ වලත් තියෙනවා...

      Delete
  10. ලංකාවෙ මිනිස්සුන්ට හොද මේ වගේ ෆැන්ටසි තමා. Flying Fish, තනි තටුවෙන් පියාඹන්න වගේ හොද සම්භාව්‍ය චිත්‍රපටි ඔක්කොම තහනම් කරා. මෙහෙමත් මෝඩයො ඉන්න රටක්.

    ReplyDelete
    Replies
    1. සල්ලි දීලා අනුන්ගේ ලෙඩ අපි ඇඟේ දාගන්නේ මක්කටෙයි... තියෙන ලෙඩ මදිවටද...

      සල්ලි දීලා දුක් විඳින්න ඕනද...?

      Delete
  11. යනවා අද හෙටම. ඇවිත් කියඤඤං

    ReplyDelete
    Replies
    1. විකාරයක් ලියහන් මචෝ.. ලස්සනට තියෙයි...

      Delete
  12. බලන්නම වෙනවා... සී.ඩී එක වරෝ... හෝල් එකේ කික් එක නැති උනත් මොකද්ද කියලවත් බලන්න ඇහැකි නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගිහින් බලපන් නසරානියා හෝල් එකේ.

      Delete
    2. හෝල් එකකදි දැනෙන එෆෙක්ට් කීපයකුත් තියෙනවා...

      Delete
  13. පෞද්ගලික වැඩකට කඩවතට ගියවෙලේ වෙලාව තිබුන නිසා අල්ලපු වැටේ ඉන්න ඇනෝපීලිසාත් එක්ක බැළුවා.කොච්චර හිතට ඇල්ලුවද කියනවනම් සිකුරාදා හවස ආපහු අක්කගේ පොඩි එකී එක්ක මාලඹෙනුත් බැළුවා.සිරාවටම පට්ට."මචං" ලෙවල් එකටම ,එහෙම නැත්තන් "චක් දේ ඉංදියා" ලෙවල් එකටම තියනවා..
    චිත්‍රපටි නාමවලිය බලද්දී දුක හිතෙන දේකුත් දැක්කා.මෙච්චර හොඳ ෆිල්ම් එකක් වෙලත් ප්‍රොඩියුසර්ස්ලා 6 දෙනෙක් ඉන්නවා.අධ්‍යක්ෂකවරයා කොච්චර කට්ටක් කන්න ඇතිද මේ වැඩේට....

    ReplyDelete
    Replies
    1. අපිට කියන්න එපා නිකන්වත්..

      Delete
    2. බොහෝම අමාරුවෙන් සැබෑ කොර ගත්තු හීනයක් මචෝ...

      Delete
  14. වමේ පිරිස් මේ චිත්‍රපටය අනිවාර්යයෙන් නැරඹිය යුතුයි,කියන එකට නම් මාත් එකගයි,හැබැයි උන්ට ඔවා තේරෙයිද මන්දා,

    ReplyDelete
    Replies
    1. අපොයි තේරේවී.. උන්ට තේරෙන අපිට නොතේරෙන භාෂාවෙන්ම නේ කියන්නේ...

      Delete
  15. ජ වි පෙ බිමල් රත්නායක නම් පවුල පිටින්ම ගිහින් බැලුවා මේක. ඉගනගත්තද දන්නේ නම් නැ විප්ලවේ ගැන.

    ReplyDelete
    Replies
    1. ඌ එගෙන ගන්න ඇති.. ඒත් පක්ෂයේ ඕවා ක්‍රියාත්මක කරන්න ගියොත්.. විමලෙලා වගේ ඌටත් අඬන්න වේවී...

      Delete
  16. බලන්න ආසාවක් තිබුනට බලන්න වෙන්නේ නැති එක ගැනයි දුක.

    ReplyDelete
    Replies
    1. අපිට නම් බලන්න ලැබේයැයි හිතෙනවා. යසෝදරා සහ කුසුම්සිරි ඉන්නේ මෙල්බර්න්වල නිසා මෙහෙටත් ගෙනේවි!

      Delete
    2. මම හිතන්නේ ඩී වී ඩී එකක් එනවා..

      Delete
  17. මේ චිත්‍රපටිය ගැන කියෙව්වා තරු රසිගේ බ්ලොගේද කොහෙදත්. මම මේ කියන එක අදාලද දන්නේ නැහැ. අවුරුදු පහ හයකට කලින් ලංකාවට ගිය වෙලේ , ළමා නිවසෙක ළමයි 30-40ක් මගේ වියදමින් සත්තු වත්ත බලන්න එක්කන් ගියා. දවල්ට කෑමත් අරන් දුන්න. බස් එකට ගෙදර යන්න කියපු වෙලාවේ ළමයි ඉල්ලීමක් කලා . අපට මුහුද බලන්න යන්න ඕනේ දැකල නැහැ කියල. අපිට පුදුම හිතුන. ලංකාවේ වටේටම මුහුද තියනවනේ , කොහොමද මුහුද දැකලා නැත්තේ කියා බිරිඳත් විමතියෙන් කිව්වා. නමුත් පස්සේ අර ළමා නිවාසේ පාලිකාව කිව්වා කවුද මේ ළමයින්ව එක්කන් යන්න ඉන්නේ ඉතින් කියල. අපි රියදුරු මහතාට ගෙවන ගානක් වැඩි කරලා අරන් යන්න කිව්වා. ළමයින් ගේ ඇස් දිලිසුනා සතුටෙන්. .

    ReplyDelete
    Replies
    1. අර උඹලා කියනවා වගේ මේවා ප්‍රසිද්ධ කොරන එක, එක අතකින් හොඳයි.. නැත්නම් සම හරක් වැරදි විදියට උඹලා ගැන හිතාගෙන ඉන්නේ...

      Delete
    2. oyaa hari daanapathiyek anee...

      Delete
  18. "ජනාධීපති තාත්තා" වගේ පට්ට ඩ්‍රාමා එකක් කළ ඉන්දිකගෙ සෝ එකත් එහෙමම ඇති කියල හිත හිත උන්නෙ. මාතලනුත් දැක්ක හොඳම සෝ එකක් කියන නිසා "හෝ ගාන පොකුණ" බලන්නම ඕනේ.
    තව සති දෙකක් ගැලවෙන්නෙ නැතිව තිබුණොත් ඇති.

    ReplyDelete
    Replies
    1. ඉන්දික ෆර්ඩිනැන්ඩු මේ ෆොටෝ එකේ නිකං ජැක්සන් ඇන්තනි ගේ මල්ලී වගෙයි කියලා මට පෙනුනේ ඒකද මන්දා?

      Delete
    2. අපි බලපු දවසෙ නම් සෙනඟ උන්නා... ගැලවෙන්න කලින් බලහන්...

      Delete
  19. සුහද කොකා බලද්දි හෝල් එකේ ඕක ගැන දාපු පොඩි විස්තරේ දැක්කට පස්සෙ බලන්නම් කියලා හිතන් හිටියට තාම වෙලාවක් හොයා ගන්න බැරි උනා. අද හෙටම බලන්න ඕනෙ. මහ ලොකු බරසාර කතාවකට වඩා ඒ වෙලාවෙ කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් කතාවකට කවුරුත් ආසා වෙනවා. ප්‍රස්න වලින් හිර වෙලා ඉන්න මිනිහෙක් කැමති නෑ ෆිල්ම් එකක් බලලා තව ප්‍රස්න ඔළුවට දා ගන්න. ඒ අතින් මේ වගේ ෆිල්ම් එකක් ඉස්සරහින් තියෙනවා කියන එක නම් පිළිගන්න පුළුවන්.
    අනික සුහද කොකා එකත් ෆිල්ම් එක ඉවර වෙනකම් කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. ඒකෙ ගන්න දෙයක් නැතුව ඇති. ඒ වගේම එහෙම දේවල් හැබෑවට වෙන්නෙ නැතුවත් ඇති. ඒත් මෝඩ ජෝක් අඩුවෙන් තියෙන හිතේ බර අඩු වෙලා මතක් කරලා හිනා වෙන්න පුළුවන් ෆිල්ම් එකක්.

    ReplyDelete
    Replies
    1. උඹේ අදහසේ මාත් ඉන්නවා.. සල්ලිත් දීලා ඉල්ලගෙන කන්න ඕන නෑ නේ...

      Delete
  20. උඔ කියන්නැහේ ඕක වල්ලපට්ට .

    ReplyDelete
  21. උඔ කියන්නැහේ ඕක වල්ලපට්ට .

    ReplyDelete
  22. පික්චර් එක මරු එත් ලොකු ප්‍රශ්නයක් පැරා සහ නඩේට ??????????

    රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ කැච්මන්ට් එකඇතුලේ පදිංචිය කියලද නැතිනම් 25% OBA කොටා එකෙන්ද එහෙමත් නැතිනම් රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට මුදලින් ලක්ස ගණන් ආධාර කරලද [කාට දුන්නත් ඒවා ජරාව නොවෙයිනේ ] 5 මකර විභාගේන් සමත් වෙලාද කියලා ඔන්න කියලම දීපන්කො උන්ට දෑනේන්නම

    ReplyDelete
    Replies
    1. කො මෙකේ ඔනම කරන කැල්ල

      මාතලන් ජූනියර් යන්නෙත්, රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට. මෙන්න තියනවා

      Delete
    2. මෙයිටාමතරව තවත් ක්‍රම තියෙනවා මෙයා...

      Delete
  23. උඹෙන් හොදක් අහන පිලුම් එකක් නං ඉතිං දෙකක් නෑ.. මාත් මේ දහඅතේ කල්පනා කරනවා බං බලන්න යන්න.. ඒත් තාම බැරි උනා. අර සොසි හාමිනේ ගේ පෝස්ට් එක තමා මටත් ඒ ගැන හිතන්න ඉඩ දුන්නේ..

    ඒක නෙමෙයි බං අර බොක්කගේ මේල් ඇඩ්ඩරස් එක එවහං. ඌට කියවල උඹට දෙයක් කියන්න තියෙනවා. හැක්.. ජය වේවා මාතේ.

    ReplyDelete
    Replies
    1. ඒක එවන්න බෑ එයා ඇත්තටම බොක්කියක්...

      Delete
  24. මොන කරුමයක්ද මන්ද මට පිචර් බලන්න හිතෙන්නෙත් නැහැ. ටීවී බලන්න හිතෙන්නෙත් නැහැ.
    මම ඔය විෂයට පිටස්තරයෙක්.

    ReplyDelete
    Replies
    1. me too. karume thamai Jeevana

      Delete
    2. මේකෙන් පටන් ගන්න... ආශාවක් ඇති වෙයි...

      Delete
  25. Hugs dawasakin awe...ewagema maathayyage ekak kiyewwe....thawa maasa thunakin withara hamuwemu..

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ සාම සාධක හමුදාවකටවත් ගියාද...?

      Delete
  26. යකෝ ලිබර්ටි එකේ අල්ලපු වැටේ ඉන්න මටත් කියුවනම් එනවනේ සෝ එක බලන්න නැත්නම් අඩියක් වත් ගහන්න.. ඊයේ හවස්වරුවේ කම්මැලිකමේ නිදා ගත්තා.. ගෙදර ගිය වෙලාවක දරු පවුලත් එක්ක ගිහින් පෙන්නන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. අපේ හාමිනා ඔහේගේ වැඩ පල ගාවින් යද්දි ඇහුවා. අර ගවේසනශීලී මාද්දවේදියා ඉන්නේ මෙතනෙ නේද කියලා...

      Delete
  27. අරුමෝසම් වැහි එකට වෙච්ච දේ මේකට නොවිච්ච එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඇයි ඒකට මොකෑ උනේ..

      Delete
    2. ඒක සතියක්වත් හෝල් වල දිවුවෙ නැද්ද කොහෙද. අන්තිමට ඉල්ලලම ගලෝගත්ත. පස්සෙ ඒකෙ සීඩී එකක් ආව.

      Delete
    3. මළ ජරාවක් වෙන්න ඇති...

      Delete
  28. අවංකෙන්ම බොක්කෙත් අඩියටම වදින පිලුමක්..... මාතලන් මේක ගැන ලියලා තියෙනවා දැක්කම මම මේක කියෙව්වේ මාතලන් මේකටක් කොක්කක් ඇදලනම් බලාගමු කියලා හිතලා...... ඒත් සතුටුයි පෝස්ට් එක කියෙව්වම... ඇත්තටම ඇස් වලට කඳුලු එක තරං සංවේදී උනා මං සමහර තැන්වලදී.... කවුරු හරි කලින් දාලා තිබුනු පෝස්ට් එකක් න්සා තමයි මටත් මේක බලන්න හිතුනේ....( ඒ ටීචර් මං කියලා තිබුනේ.... සමාවෙන්න නම මතක නෑ)
    පිලුම බලලා එලියට එන කොට මට කෑ ගහලා කියන්න හිතුනා හැම එකාම මේක බලපියව් යකුනේ කියලා... ඒ ක බැරි නිසා තමයි මෙහෙම කොමෙන්ට් එකක් හරි දාලා උන සනීම කරගන්න හිතුවේ...
    සතුටුයි.... මාතලනුත් එකඟ වුනාට....

    ReplyDelete
    Replies
    1. ඉස්සර බෲස්ලිගේ, ජැකී චෑන්ගේ සෝ බලලා එලියට ආවම ඔක්කෝටම නෙලන්න හිතෙන්නේ.. ආන් ඒ වගේ ලෙඩක් තමයි උඹටත් හැදිලා තියෙන්නේ..

      Delete
  29. Replies
    1. ගියොත් ගියා... බඩුම තමයි...

      Delete
  30. අපිට කවද බලන්න ලබයිද දන්නේ නෑ. මේ පැත්තට එනකන් ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ කොහේද ඉන්නේ.. රට පුරාම හෝල් වල පෙන්නනවා නේද...?

      Delete
  31. සිරාවටම. ගෙයින් එළියට බහින්න චෑන්ස් එක වැදුන ගමන් මුලින්ම ගියෙ ඔය ෆිලුම බලන්න. මක්කාවත් නොලිව්වෙ ඒ වෙනකොට හැමෝම බලලා ලියන්න ඕනෙ දේවල් ඉහටත් උඩින් ලියා තිබුන නිසා. පොඩිහිටියන්ට වගේම වැඩිහිටියන්ටත් එකෙන්ම වටින ෆිලුමක්.

    ReplyDelete
    Replies
    1. ඇයි ඔහේ ආයෙත් ගේට උනාද....?

      Delete
  32. සෝ එක ගැන ගොඩාක් සාධනීය දේවල් පෙන්නන්න ගත්ත දා ඉඳන් අද වෙනතුරු කියෙව්වා.දැන් උඹත් බලල හොඳයි කියනවා.මට මේකත් මිස්.ඊරිසියයි බං.

    ReplyDelete
    Replies
    1. ඩී වී ඩී එකක් එන සයිස් එකක් තියෙන්නේ.. ආවොත් අරගෙන තියා ගන්නම්...

      Delete
  33. සෝ එකේ අන්තිම ගැන කියපු දේට එකගයි..
    මම තව අවුලක් දැක්ක.. අර ඇස් නොපෙනෙන හිච්චි එකී කතාව කරද්දි කියන දෙබස හෙවත් ඒ කතාව නැත්තං පොඩි උංට හෝගාණ පොකුණ බලන්න ඉන්ස්පයර් කරන කතාව පොඩි දැරිවියකට- විසේසයෙන් ඒ තරමෙ කෙලිත්තියෙකුට නොගැලපෙන තරම් ගැඹුරුයි කියල හිතුණ. ඒ දෙබස් ටික සරල වුනා නං මං හිතන්නෙ තවත් අවුල දැනෙන එක අඩුවෙනව..

    ටීචර් නං පිලුම පටං ගන්න කලිං දෙන ටෝක්ස් පාරයි අන්තිමය හෝ ගාණ පොකුණ බලන්න ආව වෙලේ එතෙන්ට එන ජගත් චමිල කියන කතාවයි ඇත්තටම ලංකාවෙ වමට නොතේරෙනම ඇත්තම ඇත්ත යතාර්ථය

    ReplyDelete
    Replies
    1. අර හිරේ ඉන්න එකාගේ පොඩි එකාත් අවුට්

      Delete
    2. මට උෟ හැලිල.. හෙහ්

      Delete
  34. After reading,
    awasthawak ladha sanin baliya yuthui, kiyaa sithunaa.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මේක හොඳ විකාරයක්...

      Delete
  35. අන්තිමට ෆිල්ම් හෝල් එකක ෆිල්ම් එකක් බැලුවෙ ආච්චි අම්මා එක්ක ඒ 1990 "ලව් ඉන් බැන්කොක්" හෝ "සළඹක් හඩයි" ෆිල්ම් හෝල් වලට ගිහින් නෑ ඊට පස්සෙ. ඇත්ත්ටම අලුත් සිoහල ෆිල්ම් බලන්න මන් ආස නෑ.පරණ ඒවා නම් කැමතියි.ඉන්ග්‍රීසී ඇක්ශන් මූවී /sci fi බලලා,මෙලෝ දෙයක් තේරෙන්නේ නැති ෆ්‍රoශ මූවීබලලා රසවින්ඳනය වෙනස් වෙලාද කොහෙද. මේක ඔන්ලයින් ආපු දාක බලන්න ඕනේ. ටැන්කු

    ReplyDelete
    Replies
    1. ප්‍රංශ ෆිල්ම් බැලුවොත් නම් ලෙඩක් හැදෙනවාම තමයි...

      ඒ වගේම තමයි ඉරාන ෆිල්ම්... පුළුවන්නම් හොයාගෙන බලන්න ඉඳගෙන...

      Delete
    2. මාතෙ
      ස්ටෝනින් ඔන් ස්ටෝයා එම්

      අහුවුනොත් බලන්ට මං කියනවට ඕන නෑටෙලරේ බලල ඉන්ට

      Delete
  36. ඉන්දික ෆර්ඩිනැන්ඩු මේ ෆොටෝ එකේ නිකං ජැක්සන් ඇන්තනි ගේ මල්ලී වගෙයිනේ!

    ReplyDelete
    Replies
    1. ඇත්ත. හැබැයි පොර තට්ටෙ ගාල රැවුල් බාල ෆේශල් කරල චුට්ටක් සුදු වෙන්න මේකප් කරල ගත්තනම් තනිකර එස්. රසික හරිශ්චන්ද්‍ර වගේ

      Delete
    2. ජැකා වගේ කලාකාරයෝ නම් ආයේ ජීවිතේටවත් එපා...

      Delete
  37. ගින්දරී නම් බැලුවා - ඩීවීඩී එක!

    ReplyDelete
    Replies
    1. මේකත් එන කතාවක් තියෙනවා...

      Delete
  38. අන්තර්ජාලයට පිටපතක් ආවොත් නම් බලන්න පුළුවන් වෙයි.. එතකන් ඉතින් මේ දේවල් බලන්න කියවන එක විතර තමා කරන්න වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. පරක්කු උනාට අවුලක් නෑ.. ඒක සර්වකාලීන සෝ එකක්...

      Delete
  39. සෝ එක බලන්න හිතුන

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ විකාරය සාර්තකයි... බැලුවට පාඩු නෑ

      Delete
  40. ෆිල්ම් එක බලද්දී මටත් පලවෙනි පාරට කොළඹ ආපු දවස මතක් වුනා..ගමක ඉපදිලා කවදාවත් ගමෙන් පිට යන්න වාසනාවන්ත නොවුනු මාවත් මුලින්ම කොළඹ එක්කන් ආවෙ අපේ ආදරණිය ලොකු ටීචර්.එදා තමය් මමත් පලවෙනි පාරට මුහුද දැක්කෙ.බලද්දී ඇහට කදුලු උනපු ෆිල්ම් එකක්....

    ReplyDelete
    Replies
    1. තනි ඇහැට ඇඬෙනවා මචෝ...

      Delete
  41. පිටකොටුවේ උපන්පදිංචි අපිව කැලණි ගඟෙන් එහා පැත්ත ඇති කුඹුරු/පන්සල් එහෙම පෙන් වන්න එක්ක ගියේ අපේ පොඩි කොට ටීචර් මම විතරක් නොවයි තව අපිත් එක්ක මොහොමඩ්. අබුසාලි , සලේ, සෙල්වා ගනේෂ්,රෝලන්ඩ් පැතුම් ගයන්ත කවුරුත් ගිහිල්ල තිබ්බේ නෑ අපි ඔක්කොම ගියේ ලංගම බස් එකේ

    ReplyDelete
    Replies
    1. මේ සෝ එකෙනුත් ඒක අති සාර්ථකව කෙරෙනවා මචෝ...

      Delete
  42. වමට මේ සෝ එකෙන් විතරක් නෙවෙයි. තව බොහෝ දේවල් වලින් ඉගෙනගන්න බොහෝ දේවල් තියෙනව. ඒකට සමහර වම්මු (අපි විතරයි වමේ කියාගන්න) අය එකඟ නැති වුණත් සමහර වම්මු එකඟයි.ඒ නිසා ඔක්කොම එක ගොඩට දාන්න එපා. ඒ වගේ ම දකින දකින හැම එකෙන්ම වමට ගහන්න හදන එකත් පොඩි ලෙඩක්. ඒ නිසා වම ගැනත් හදාරන්න.

    ReplyDelete
    Replies
    1. හදාරන්න දෙයක් නෑ... ඔයා චීනෙන් ඉගෙන ගන්න..

      Delete
  43. ඔය ‍ෆිල්ම් එක/සුහද කොකා Netflix එකට දාන්න කියන්න බෑරිද? තාම සිංහල ‍ෆිල්ම්ස් ඒකෙ නෑ.... English Subtitiles ඇතිව දැම්මොත් තමයි හොද...

    ReplyDelete
  44. මචං මමත් බලපු එලම සිංහල එක මචං තමයි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න