.

.

Jan 27, 2016

නව ව්‍යවස්ථාව, කේන්ද්‍රය හා පරිධිය - New Constitution & Power Sharing

 
 
තුවායකුත් කරේ දාගෙන සබන් පෙට්ටියත් අතේ අරගෙන නාන කාමරේ පැත්තට යන ජනාධිපති තුමාගෙන් නෝනා ඇහුවේ, ඔය කොහේද අනේ මහත්තයා යන්නේ කියාය. ඇයි අනේ සබනුත් අරගෙන තුවායත් කරේ දාගෙන නාන කාමරේට යන්නේ වියවස්තා හදන්නය, නාන්න නේ හිටං කියපු ජනාධිපති තුමාට නෝනා කිව්වේ, ඔහොම නාන්න ගියොත් හෙම අන්තීමට මහත්තයා නිව්මෝනියා හදාගෙන තමා නවතින්නේ කියාය.
 
වෙබ් කාරයෝ කියනා කුණුහබ්බ වාගේ කතාවක්ද යකෝ කිව්වේ කියා හිතපු ජනාධිපති තුමා නෝනාගෙන් ඇහුවේ, මොකක්ද හාමිනේ ඒ කියපු කට කැඩිච්ච කතාව හිටං කියලාය. හාමිනේ කිව්වේ ඇයි ඔහේ උදෙත් නාලා නේද එලියට ගියේ, මේ ටික වේලාවකින් ආයෙත් ඇවිත් නාන්නේ කියලාය. එතකොට ලොක්කා කිව්වේ, නාන්නෙ නැතිව කොහොමද අනේ ඉන්නේ හිටං, අර දයාසිරියගෙ සරීර සුවතාවෙට ගිහිල්ලා දාඩිය නාගෙන ඉන්නේ හිටං කියලය.
 
හා එහෙනං මහත්තයා නාගෙනම එන්නකෝ හිටං කියපු නෝනා ෆේස්බුක් එක බලන්න පටන් ගත්තේ, ආන්ඩුව පෙරලන්න මුන් මොනවද අද කොරලා තියෙන්නේ කියලා බලන්නටය. පුත්‍ර රත්නය තව එකෙක් එක්ක හෙලිකොප්පරේක යන පොටෝ එක දැකලා හොඳටම බය උන නෝනා බලාගෙන උන්නේ, ලොක්කා නාලා එලියට එනකන්ය.
 
බාත් රූම් එකෙන් එලියට ආපු ජනාධිපති තුමා හාමිනේ ලැප් එකකට එබීගෙන ඉන්නවා දැකලා ඇහුවේ, ඒ පාර ඔහෙත් ඔය කුණුහබ්බ බලන්න පටන් ගත්තද හිටං කියලාය. කුණුහබ්බ නෙමෙයි අනේ, මේ බලන්නකෝ පුත්‍ර රත්නයා කොරන වැඩ කියා කියපු නෝනාට ජනාධිපති තුමා කිව්වේ. ඕවා මේ ළමයි නැති උන් කොරන වැඩ නේ නෝනේ, ඔය ගැන ප්‍රකාෂයක් කොරන්නෙයි කියලා මං මාද්ද ඒකකෙට කියන්නං හිටං කියපු ජනාධිපති තුමා එතනින් හෙමීට ලෙස්සලා ගියේය.
 
ඊට පස්සේ මහවැලි කේන්ද්‍රයට ගියපු ජනාධිපති තුමා එතනෙ ඉන්න උන්ට කිව්වේ, මාත් එක්ක ඉල්ලන්න බැරි උන් උන්නවා නම් වෙන ඕන එකකින් ඉල්ලගත්තාට මට අවුලක් නැතෙයි හිටං කියලාය. එහෙම නෙමෙයි ජනාධිපති තුමා, මහින්ද මහත්තයා ප්‍රාදේශීය සභා ඡන්දෙට නායකත්වය දුන්නොත් අපිට දිනන්න පුළුවන් කියපු උන්ට ජනාධිපති තුමා කිව්වේ, දැන් දෙසරයක්ම එයා දිනපු නිසා, මේ සැරේ යූ ඇන් පී එකේ උන්ටත් දිනා ගන්න චෑන්ස් එකක් දෙමු කියලාය. එහෙම කරන්නේ කොහොමද් සෑර් කියාපු එකෙකුට ජනාධිපති තුමා කිව්වේ, සහජීවනයෙන් කනවා කියන්නේ ඒකට තමයි ඕයි කියලාය.
 
එලියට බැහැපු ජනාධිපති තුමා ජයම්පති වික්‍රමරත්නට කෝල් එකක් ගත්තාම ආන්සර් කලේ වෙන එකෙක්ය. ආන්සර් කරප්පු එකා කිව්වේ, සෑර් එයා මේ උදේ ඉඳන් කවකටු පෙට්ටිය හොයනවා කියලාය. වියවස්තාව හදන්න කවකටු පෙට්ටියක් මොකටෙයි හිටං කියලා අහපු ජනාධිපති තුමාට, ආන්සර් කරපු එකා කිව්වේ, ඒක නම් කියන්න දන්නේ නෑ සෑර්, උදේ ඉඳන් අපිවත් මරාගෙන කන්න යන්නේ, ඒක නැති වෙල කියලාය.
 
මේක නම් බලන්නම ඕන සෙල්ලමක්නේ යකෝ, මේ යකා ජාමිතිය දාල රට බෙදුවොත් හෙම විසුමක් වෙන්නේ නෑ, යන්න ඕන ඕකා මොකක්ද කරන්න බලන්න හිටං කියපු ජනාධිපති තුමා, මාතලිට කිව්වේ ජයම්පතියාගේ ගෙදර යමං කියලාය.
 
දනි පනි ගා ජයම්පතියාගේ ගෙදරට ගියපු ජනාධිපති තුමා දැක්කේ, කවකට්ටක පැන්සලක් ගහගෙන ජාමිතිය කොරන ජයම්පති තුමාය. මේ මොකක්ද අයිසේ මේ කොරන්නේ, තමුසෙ හදන්නේ රට බෙදලා මාව නැති කරන්නද හලෝ කියලා අහපු ජනාධිපති තුමාට ජයම්පති කිව්වේ, අනේ නෑ සෑර් මම මේ කෙන්ද්‍රයේ ඉඳන් පරිධියට එක සමාන දුරක් තියෙනවාද බලනවා කියලාය.
 
ඒ මොකටද අයිසේ එහෙම කොරන්නේ කියලා අහපු ජනාධිපති තුමාට ජයම්පති කිව්වේ, අරය එක් සමාන නූනොත් ජිනීවා වලින් කේස් එන්න පුළුවන් කියලාය. මම කරන්නේ අරයා මෙයාට ඕන ඒවා නෙමෙයි අයිසේ තාමත් මම මේ රටේ විධායක ජනාධිපති, තමුසෙලා හදන්නේ ඕවා ගෙනත් මටත් කෙලින්න නේ හිටං කියා මල පැනපු ජනාධිපති තුමා ජයම්පතියාට කිව්වේ, කෙන්ද්‍රය අරවා මේවා මම දන්නේ නෑ තමුසෙ ගිහින් කේන්දරේ පොඩ්ඩක් බලා ගත්තොත් හොඳ වෙයි කියලාය.
 
ඒක නම් ඇත්ත තමා කියපු ජයම්පතියාගෙන් මලෙන් ඉන්න ජනාධිපති තුමා ඇහුවේ, ඒ කොහොමද අයිසේ ඒක ඇත්ත වෙන්නේ කියලාය. නෑ සෑර් අර රවියා ගෙනාපු බජට් එකෙත් ඔබ තුමා කපලා කපලා අන්තීමට ඉතුරු උනේ ගරු කතානායක තුමනි කියලා තිබුන කෑලි ටික ඉතරයිනේ. ඒ නිසා මේකට වෙන්නෙත් ඒකමද කියලා කලින්ම බලා ගන්න එක කෝකටත් හොඳයි කියලාය.
 
ජනාධිපති තුමා ගියයින් පස්සේ, තොටවත්තයාගේ ගෙදර යන ගමන් ලාල් විජේනායකට කෝල් එකක් ගත්ත ජයම්පතියා ලාල්ට කිව්වේ. ඔය එක එකා ඇවිත් කියන එවා අහගෙන උන්නට කමක් නෑ, ලියාගෙන රෙකොඩ්ස් තියා ගන්න එච්චර කලබල වෙන්න ඕන නෑ, ගාන කොහොමත් හම්බ වෙනවා මචං කියලාය.

75 comments:

  1. මේ නාන නෑම නෑවොත් හැදෙන්නේ ජලභීතිකාව බං............... දැන් ලොක්කාටත් නාලා අැති කියලත් හිතෙනවා අැති..... ඒත් අර අයිස් පනිට්ටු සෙල්ලම වගේ මුන් බලෙන් ම නාවනවානේ..... අනේ පව්......

    ඊයේ පෙරේදා ටිකේ අර ශාරීරික සුවතා කියලා නාඩගමක් දාගෙන අර මනුස්සයා පඹයෙක්ට වගේ අන්දලා කිසිම හැඩයක් තාලයක් නැතුව මාධ්‍ය වල නටවපු විදිහ දැක්කාද??????? අනේ හත්තිලව්වේ කියලා හිතුණා බං....

    ReplyDelete
    Replies
    1. දැන් ලංකාවට තියෙන ළොකුම ප්‍රශ්ණය ඇඟ හදා ගන්න එක මචෝ... සරීර සුවතාව... අම්මගේ රෙද්ද... වනලා තිබ්බා වැලේ මචෝ...

      Delete
    2. ලංකාවේ කට්ටිය නම් පොඩ්ඩක් ඇඟ හදා ගත්තට කමක් නෑ (both men and women). බඩවල් කලගෙඩි වගේ නේ. දැක්කහම අප්‍රසන්නයි.

      Delete
    3. කවුරු කවුරුත් තමන්ගේ ශරීර සෞඛ්‍යය රැක ගන්න බෙහෙත් වලටම භාර දෙන්නෙ නැතිව ව්‍යායාම කරන ඒක නම් හොඳ දෙයක්. මමත් 2016 ජනවාරි 4දා ඉඳලා උදේට කිලෝ මීටර 10ක දුරක් බයිසිකල් පදිනවා. අවුරුදු 46කින් පස්සෙ තමයි පාගන බයිසිකලයකට නැග්ගෙ. උදේම කරන මේ වැඩ නම් හොඳයි. ඒත් වැලි ලොරි මගේ ඔලුව උඩින් යයිද කියල බයක් නම් තියෙනවා.
      සමරසේකර

      Delete
  2. මේ යන විදියට ගියොත් නම් ජනාධිපතිතුමාට කොහොමත් කේන්දරේ බලාගන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. පක්සේ හදන්න ඉස්සෙල්ලා අස්සේ දාගත්තොත් හරි..

      පෝයට බණ අහන්න නානෙත් ඇතුලේ ඉන්නවනේ...

      Delete
    2. // පක්සේ හදන්න ඉස්සෙල්ලා අස්සේ දාගත්තොත් හරි..//

      අර නරියා එලුවගේ අහවල් එක වැටෙනකම් හිටියා වගේ....

      කීපදෙනෙක් අස්සට දැම්මාම අලුත් පක්සේ මොමෙන්ටම් එක නැගලාම යන බව යුද්ද කරන්න බැරි ඕනේ ගොනෙකුට තේරේ

      Delete
  3. මාතලන්, අපෙ අම්මලගෙ ගමේ බෝතලේ.. ආ එක්කොත් ඕන්නෑ..

    ReplyDelete
    Replies
    1. අපරාදේ අද මුකුත් නෑ...

      Delete
    2. ඌ මුකුත් කියයියෑ, උඹ ඌට (බෝතල් ඇනෝට) එපා වාහෙට හොදි බෙදන්න වගේනේ සමහර වෙලාවට කතා කරන්නේ...

      Delete
    3. මචං බෝතලේ...මතලන්ගේ පෝස්ට් එකට පස්සේ හැමදාම කියවන්නේ උඹේ comment එක. මෙහෙම ලිස්සලා යන එක හරි නෑනේ බං.

      Delete
    4. මලයට ඕන්නැති උනාට මට ඕනේ ..
      බෝතලේ අපේ පුන්චම්මගේ ගමේ හිටියා කැලැ ජෝන් කියල යෝදයෙක් හිටං. ඒ යෝදය තමයි අපේ මාතේ අයියගේ කතාවේ නාන සිරාගේ අප්පුච්චට ඉඩන් කඩං හිටං දුන්නේ. නාන සිරා ඒ යෝදයගෙන් ගත්තේ හිටං කෑල්ල ඉතරයි ඕන්..
      නාන සිරාව ගෝල් පීස් එකේ අස්සයෝ පද්දන්න කාලේ හරි වගේ හිටං ...
      බෝතලේ අපේ පුන්චම්මගේ අක්කගේ ලොකු කොලු හිටං ...

      Delete
    5. පිස්සුද ළොකු පුතේ ඌ මගේ ෆේවරිට්ම කොමෙන්ටර්

      Delete
  4. විමලනාත් වීරරත්න වගේ ලියන්න හැදුවට හද්ද චොර මාතේ පොස්ට් එක නං.

    ටොකකට ටොක්ක, බොක්කට බොක්ක. තද තද. අහසේ දෙවියෝ නෑ, පොළොවේ ඉන්න කැරියෝ අපි. රිදුනානං ඔලුව අතගාගන්ඩ. අපි ගියා.

    ReplyDelete
  5. මාත,
    මෙහෙම නාන ලොක්කද ඉන්දියාව සමග ගනුදෙනු කරන්නේ ?
    මෙන්න මාතා http://sanjiva.weerawarana.org/2016/01/understanding-sri-lankan-it-industry.html
    බලන්න මේකේ වාසි අවාසි දක්වල තියනවා.

    ReplyDelete
  6. බුකිය බලල ජනමතය තීටණේ කරන්න එපා බන්.බුකියෙ දැන් අනුන්ගෙ photos දාගත්ත fake accounts වැහි වැහැලා.fake accounts හදපු උන්නම් හොදට හදල තියෙනව fake කියල හොයන්න බැරි වෙන්න.ඒත් ඒවවලින් comments දාන උන් පට්ට මෝඩයෝ.ගෑණු accounts වලින් අමු තිත්ත කුණුහරුපෙන් comments දානකොට ඕනෙම එකෙක්ට තේරෙනවා ඒව fake accounts කියල.හැබැයි ආණ්ඩුවට විරුද්ධව අන්තිම ගොන්ම comments එක දාන account එක පැරඩියක්.
    මාතලනුත් fb එක බලල ඒකෙ යන රැල්ලට මැච් වෙන විදිහය ආර්ටිකල් ලියන බවක් පෙන්නුම් කරනව.

    නව ව්‍යවස්ථාවෙන් රට බෙදනවනම් කරන්න ඕනෙ හොදම දේ මේකයි, -
    1) හාමුදුරුවරුන්ට වෙනම රාජ්‍යක් දීම (ඕන්නම් ඒකත් නිකාය අනුව ඒකත් බෙදීම)
    2)රාජපක්ෂවාදී බයියන්ට හම්බන්තොට පැත්තෙන් වෙනම රාජ්‍යක් දීම.
    3)මුස්ලිම් අන්තවාදීන්ට වෙනම රාජ්‍යක් දීම.
    4)දෙමළ අන්තවාදීන්ට වෙනම රාජ්‍යක් දීම.

    මේ රාජ්‍ය සේරම වෙරළ තීර අයිනෙන් දෙන්න ඕනෙ.කොළඹ අවට මුහුදු වෙරල විතරක් අපිට තිබ්බම ඇති.කොහොමත් ගෝලීය උණුසුම වැඩිවීමත් එක්ක ද්‍රැවාසන්න අයිස් කදු දියවෙලා නිවර්තණ කලාපයේ සාගර ජල මට්ටම ඉහල යද්දි ඒව සේරම යට වෙලා යනවා.අපිට තියෙන්නෙ උන්ව යට වෙලා,ගිලිල යනකන් දේශසීමා ශක්තිමත් කරගෙන ඉන්න විතරයි.

    ReplyDelete
    Replies
    1. උපහාස රසය කියන දේ දන්නෙ නෑ වගේ...

      උඹේ උත්ප්‍රාසය නම් උපරිමව වින්දා...

      Delete
  7. /බජට් එකෙත් ඔබ තුමා කපලා කපලා අන්තීමට ඉතුරු උනේ ගරු කතානායක තුමනි කියලා තිබුන කෑලි ටික ඉතරයිනේ. ඒ නිසා මේකට වෙන්නෙත් ඒකමද කියලා කලින්ම බලා ගන්න එක කෝකටත් හොඳයි කියලාය.

    මේ සැරෙත් ඉතිරි වෙන්නේ එකීය බාවෙයි, බුද්ධාගමයි විතරක් වගේ.

    ReplyDelete
    Replies
    1. දැනටම බයි පාටියෙන් දීලා තියෙන යෝජනා අතර

      * ඒකියා රජ්‍යයක් වීම
      * විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීම
      * බුද්ධාගම ආරක්ෂා කරමින් රැකගැනිම

      කියන ඔක්කෝම බහුබූත ටික එහෙමම තියෙනවා. ඒක දැකලද කොහෙද කිරි ඇල්ල කියලා තියෙනවා බොහෝ විට තියෙන එකට සංසෝදනයක් ඒවිය කියලා..

      මුන් අපේ සල්ලි කක ගොන් ආතල් ගන්නවා.. සුදු නෙළුම වගේ..

      Delete
  8. මං කිව්වේ හිටං තුමා තනිකමෙන් වියරු වැටිලා කියලා..

    ReplyDelete
    Replies
    1. ඒකට කියන්නේ තනිකං දෝසේ කියලා..

      ඕක නැති වෙන්න දහ අට සන්නියම නටන්න ඕන.. ඔය දැන් නටන්නේ ඒවා තමයි...

      Delete
  9. අපට කෙලින්න එක්වී රොක් වී සැට් වී ආ අනුන් ගේ රෙද්ද අස්සේ ලගිනා බුජ්ජිමතුන්, ෆ්‍රයිඩේ ෆෝරම් කාරයෝ, නලා පිඹින කලා කාරයෝ, බෝතල් පත්තර කාරයෝ, කුරුට්ටෝ ආදී මෙකී නොකී සියලු සක්කිලි එක එකා මරාගෙන "කොන්ස්ට්‍රක්ටිව් ක්‍රිසිසොන්" කියන්නේ මේවයි ඩෝ...... උඹලගෙ කාලෙ මේවා ලිව්වා නම් වයිට් වෑන් තමා කියමින් සමාජ රෝග ජාලා වල සුවයන් වින්දනේ යෙදීම පිලිකුලෙන් හෙලාදකිමු!

    සොලි සොලි... සන්තෝසයෙන් බලාසිටිමු!

    ReplyDelete
    Replies
    1. වැඩිය තන්තෝස වෙන්න එපා ළඟදිම අඬන්න වෙයි වගේ...

      Delete
  10. මේ රටේ ඉන්නෙ ඉන්ටනෙට් වීරයො ටිකක්නෙ. උන් කරන්නෙ fb post දාන එකයි නපුංසක blog ලියන එකයි. ඒවලින් රටේ තරමක් හරි වැඩක් කරන මිනිහට මඩ ගහනව. උන් ඉන්ටනෙට් එකේ රගන්නෙ ලෝකෙම අතේ තියාගෙන වගේ. උන්ගෙ ඇත්ත ජීවිතේ නිකං ලංකාවට එන සුද්දන්ට පුක දීල සල්ලි හොයන එක. කමක් නෑ ඒකත් රස්සාවක්නෙ කියල කියන්න පුළුවන්. ඒත් සුද්දො ලංකාවෙ ගයිඩ්ල ගැන ඉන්ටනෙට් එකේ දාල තියන දේවල් දැක්කම මුන්ගෙ හැටි හොදට හිතාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔයා එකම කොමෙන්ට් එක හැමතැනම දාන්න එපා.. පොඩ්ඩ්ක් ක්‍රියේටිව් වෙන්න...

      Delete
    2. ලන්කාවට එන බාල, ත්‍රි වීල් එකෙ බස් වල යන බ්ත්තර රොටි කන විදෙශිකයන් එන එක සීමා කල යුතුයි. දෑන් එන ගොඩක් සුද්දන්ගෙන් ලන්කාවට ආදායමකුත් නෑ. ලන්කාවෙ ගෙවල්, හොටෙල් තියෙන සුද්දන්ට ඒ රටෙදීම උන්ට සල්ලි ගෙවල එන්නෙ.

      Delete
    3. එකම කොමෙන්ට් එක උනාට දාල තියෙන්නෙ දෙන්නෙක් යකෝ.

      Delete
  11. මචන් මාතලන් උඹ සුද්දෙක්ට පුක දෙන්න කීයක් ගන්නවද බන්?

    ReplyDelete
    Replies
    1. කීයක් ගන්නද මචං... උඹ කීයක් ගන්නවද...? ඊට වඩා ගන්න වෙනවා...

      Delete
  12. මේක මෙතනට අදාල නැහැ. නමුත් මාතලන් ගේ බ්ලොගයට එන කෙනෙක් මගේ පුද්ගලික් මේලයට මේක එවා තිබුණා. අනේ කවුරු හරි මේ අසරණ මනුස්සයට කියල දෙන්නේ ගූගල් එකෙන් බ්ලොග් අඩවියේ නම ඉන්න රට අනුව වෙනස් කරනවා කියල.
    එවූ එක:
    //
    සම්මාන ගත්තු හැම බ්ෙලාග් ඒකක්ම ඒකම කල්ලයක ඒ්වා බව පහත ෙද්වල්වලින් පැහැදිලියි. ඔක්ෙකා්ම බ්ෙලාග්
    blogspot.co.uk ඒවා. අෙන් කාෙල් වෙන් වාෙස් කිව්වලු.

    2014 වසරේ හොඳම බ්ලොග් කරු - මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ
    බ්ලොගය: http://maathalan.blogspot.co.uk/

    2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - ප්‍රථම ස්ථානය - බට්ටි
    දමිත් ගුණවර්ධන - http://damgune.blogspot.co.uk/2014/10/blog-post.html -

    2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - දෙවන ස්ථානය -මොඩෙලින් කිරිල්ලි

    බස්සි (යසෝධා සම්මානි ප්‍රේමරත්න )-
    http://bassigenawathana.blogspot.co.uk/2013/10/blog-post_15.html

    2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - තුන්වන ස්ථානය - ගිං ගඟත් අසරණයි - දිලාගේ ලෝකය

    දිලිනි නිමන්තිකා - http://dilagelokaya.blogspot.co.uk/2014/09/blog-post_21.html

    2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය - ප්‍රථම ස්ථානය -

    ආඩම්බරකාර අපේ තාත්තා- දසයා - http://iamdasaya.blogspot.co.uk/2014/12/blog-post_5.html

    2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -දෙවන ස්ථානය - නිල් කට්රොල් මල් - රවී වීරසිංහ
    http://ranrandil.blogspot.co.uk/2014/12/294.html

    2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -තුන්වන ස්ථානය - කරුමේ ඩබල් පින සිංගල් ඉවාන් පව්ලුශා - ප්‍රගීත් අනුරාධhttp://iwanpaulooshaa.blogspot.co.uk/2014/10/blog-post.html
    //

    ReplyDelete
    Replies
    1. අනේ ඒ අසරණයාට අනුකම්පා කරන්න...

      Delete
    2. අැත්ත නේන්නං එතුමා කියල තියෙන්නේ. මටත් දැං පේනවා ඒක.. මේක එකම කල්ලියක වැඩක්.. ඔව් ඉදගෙනම..

      Delete
  13. ප්‍රස්න අප්පා ප්‍රස්න..
    අරාජික වෙනවා කියන්නෙ මක්කෙයි?
    මිනිස්සු නීතිය අතට ගන්නෙ එතකොට නේද?
    දැං වෙන්නෙ ඒකද?
    හොඳ හෝ නරක තද තීරණ අවශ්‍යයි කියන එක හරිද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එහෙම ඕන නෑ නීතිය කාටත් පොදුවේ ක්‍රියාත්මක උනාම හරි..

      Delete
  14. // 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතාම හොදින් සකස්කල පමණින් සමාජය යහපත් වන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොයි ආකාරයට තිබුනද සාමාන්‍ය ජනතාව ක්‍රියාකරන ආකාරය අනුව ඒවා බලාත්මක වන්නේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රටේ සෑබෑ වෙනසක් සිදුවන බව පවසමින් හෝ එයින් හානියක් වන බව පවසමින් තමන්ගේ බලය පවත්වා ගෙන යෑමට අවශ්‍යතාව ඇත්තේ රටේ ජනතාව තමන්ගේ කැමැත්තෙන් තොරාගනු ලබන මහජන නියෝජිතයින්ට සහ දේශපාලන පක්ෂ වලටය.


    2. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම තරමේ වන දේවල් නොවේය. මම සිතන පරිදි සාමාන්‍ය ජනතාවට වඩාත් ඵලදායි වන්නේ තමන්ගේ සහ තම සහෘදයන්ගේ සුරක්ෂිතභාවය පිලිබදව සමාජය විසින් ගනු ලබන තිරණයන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් එවැනි යම් සුරක්ෂිත භාවයක් ලැබේයැයි කෙනෙකුට තර්ක කල හැකිය. එහෙත් එහි මුලික අර්ථයම වනුයේ පවතින පාලන ක්‍රමය ශක්තිමත්ව පවත්වාගෙන යාමය. මෙය සාමාන්‍ය ජනතාවගේ අදහස් ගැනීම සදහා අවස්ථාවක් ලබා දුන්නද එය බොහෝවිට මුලා කිරීමක් පමණය. අවසානයේ ජනතාවට වැඩකට නැති, දේශපාලකයන්ගේ බලය ආරක්ෂාවන ව්‍යවස්ථාවක් ඉදිරිපත්වනු ඇත. දැනට තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැඩකට ඇති එකක් බව මෙයින් නොකියමි.

    3. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදි පාර්ලිමේන්තුවේ සිටින බොහෝ දේශපාලකයින් මෙන්ම ඉන් පිටත සිටින දේශපාලන ක්‍රියාදරයන් බොහෝමයක් තමන්ගේ අනුමැතිය සහ කරුණු ඉදිරිපත් කරනුයේ ජනතාවගෙන් වැඩි කොටසක් තමන්ගේ කණ්ඩායමට අත්කර ගැනීමේ අරමුණින්ය. ඔවුන්ට ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් හෝ සාමකාමි සමාජයක් වෙනුවෙන් වන අවශ්‍යතාවයට වැඩියෙන් ඇත්තේ තමන්ගේ ගොඩ හා පැවැත්ම ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවයය. සිවිල් බුද්ධිමතුන්ට හා පුජකයින්ටද ඇත්තේ එවැනිම අපේක්ෂාවක් පමණි. ඉහත පැන නැගෙන ගැටලුත් සමග මාධ්‍ය විසින් තමන්ගේ ලාභය සදහා මෙවායේ පාර්ශවිය කරුණු ඉදිරියේදි සමාජ කතිකාවකට ගෙන එනු ඇත.එය හුදෙක් ජනතාවගේ යහපත උදෙසා නොව තමන්ගේ ලාභය, ජනප්‍රියත්වය හා පැවැත්ම මතම පමණක් රදා පවතිනු ඇත.//

    ReplyDelete
    Replies
    1. 100% එකඟයි කියනවා හැර වෙන කුමක් කියන්නද...?

      Delete
  15. //හිටං කියපු ජනාධිපති තුමා, මාතලිට කිව්වේ ජයම්පතියාගේ ගෙදර යමං කියලාය.// මම එකපාරටම දැක්කෙ හිටං ලොක්ක මාතලීට (මාතලන්ගෙ හාමිනාට) ටෝක් කරලවත්ද කියල. බැලින්නම් වෙන කේස් එකක්නෙ.

    ආතල් පෝස්ට් එක. ජය වේවා!!!!!

    ReplyDelete
  16. මාතලන් ලොක්කට මල පැනලා "මාත ලේ" කියලා ඉස්ටිකර් අලවගෙන අපිට ගේම දෙන්න සෙට් වෙයි ද කියලා බයයි!

    ReplyDelete
    Replies
    1. ඕන්න ඉතින් පටන් ගත්තා බයිලා සෙල්ලම..

      Delete
  17. maathege post ekakin goda dawasakata passe athi tharam hinaa wenna puluwan unaa.

    ReplyDelete
    Replies
    1. නිව්ස් බැලුවා නම් ඊට වඩා හිනා වෙන්න පුළුවන්...

      Delete
  18. The Best News I heard after January 08

    "කාන්තන්කුඩි, දර්ගා නගරය, මහනුවර, අකුරණ,කාන්තන්කුඩි, මඩවල රතිඤ්ඤා දල්වා සතුට සමරයි"

    බොදු බල සේනා මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි දින 14ක් රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමත් සමගම මඩවල, කාන්තන්කුඩි, දර්ගා නගරය, මහනුවර, අකුරණ,කාන්තන්කුඩි යන ප්‍රදේශවල යම් පිරිස් විසින් රතිඤ්ඤා දල්වා සතුට සමරුබව අප වෙත වාර්තාවෙනවා.

    http://www.colombotoday.com/11879-2/

    I wish all the very best for everything you do my dear Government. I don't care what tax you impose but the happiness of citizens is worth more than that. Tears coming out of my eyes. Well Done once again. God bless Sri Lanka. It seems God's grace with us. Praise and thanks to the mighty God for your extreme kindness.

    ReplyDelete
    Replies
    1. මේ වැඩෙන් පෙන්නන්නේ හාමුදුරුවරු කොච්චර ගොන්නුද කියන එක... උන් ධර්මය දන්නෙත් නෑ.. නීතිය දන්නෙත් නෑ..

      Delete
    2. මාතලන්ට පෙනෙන්නෙ එහෙමද? මට නම පෙනෙන්නෙ බුරුමයේ 969 සංවිධානයේ නායක වීරතු හාමුදුරුවන්ගේ උපදෙස් අපේ රටෙත් අනුගමනය කරන්න යනවා වගෙයි.
      සමරසේකර

      Delete
  19. දැන් නං මාධ්‍ය නිදහස වල් බූරු වේගන එන්නෙ.. මිනිස්සු බය නැතුව බනිනව.. හැබයි බනින එකාට තේරෙන්නෙ නෑ ඌ භුක්තිවිඳින්නෙ නිදහස කියල..

    ReplyDelete
    Replies
    1. //දැන් නං මාධ්‍ය නිදහස වල් බූරු වේගන එන්නෙ// "වල් බූරු නිදහස" යන යෙදුම මර්දනකාරීන් විසින් යොදා ගනු ලබන්නකි.

      Delete
    2. Anonymous January 29, 2016 at 2:08 AM

      මේ හාල්පාරුවො ඔහොම්මයි. උන්ට ඕන වෙලාවට ඕන එකෙක්ට ඕන මඩක් කුණුහරුපයක් කියල පාච්චල් කරන්න හොඳයි. හැබැයි තමන්ගෙ පැත්තට එනකොට "වල් බූරු" ලු. අපිට කියන්න තියෙන්නෙ අනේ මෙහෙමත් පොල් බූරුවො කියල තමයි.

      සැබෑ මාධ්‍ය නිදහසක් නම්;

      01. සෑම කෙනෙක්ටම තම මතය, අදහස් ප්‍රකාෂ කිරීමේ භාශණයේ නිදහස තිබිය යුතුය.

      02. යමෙක් කිසිවෙකුට චෝදනා කරයි නම් ඒ පිළිබඳ සියලු වගකීම භාරගතයුතු අතරම චෝදනා ඔප්පු කල නොහැකිනම් ඒ සම්බන්ධව වගවිය යුතුය.

      03. අසත්‍ය/ අභූත චෝදනා කරන ඕනෑම අයෙකුට එරෙහිව ක්‍රියා කිරීමටත් අවශ්‍ය නම් වන්දි ලබාගැනීමටත් හැකි සාධාරණ නීති පද්ධතියක් තිබිය යුතු අතරම එමගින් කිසිසේත්ම ඉහත 01 හා 02 කරුණු අනුව විරුද්ධවාදීන් මර්දනය කිරීමේ ඉඩකඩ මුළුමනින්ම අහුරාලිය යුතුය.

      Delete
    3. පට්ට මාද්දියවේදියෝ... උන් අදටත් රාජපක්ෂවරු ප්‍රශ්ණ කරන්නේ නෑ.. අනික් උන් මරාගෙන කන්න හදනවා...

      Delete
  20. හිටං තුමා දවසට දෙතුන් පාරක්ම නානවයි කියලයි මම නම් හිතන් හිටියේ.
    ඔය වියවස්තාව හදන්න ගිහින් එක දිගට සෑහෙන්න වෙලාවක් නා ගනීවී මගේ හිතේ.

    ReplyDelete
    Replies
    1. ඒවා ඇවිල්ලා බොනිකර තරු... දැන් කී දෙනෙක් ඕක වෙනස් කොලාද... රට හදන්න වියවස්තාවක්ම ඕනද...

      Delete
  21. මේක තනිකරම නායකත්ව ලක්ෂණ සහ කොන්ද පන නැතිකම පිළිබද ප්‍රශ්නයක්. රජ්ජුරුවොන්ට, සැටලයිට් නෝනට මොන ප්‍රශ්න තිබුනත් තමන්ගේ වටේ ඉන්න උන් ආන් බාන් කරගන්න, උන්ට කියල වැඩ කර ගන්න පුළුවන් හැකියාවක් තිබුණා. හිටං මහත්තයට ඇක්සයිස් කොරල විතරක් මදි අර කැම්පස් උන්ට දෙන නායකත්ව පුහුණුවටත් යවන්න වෙයි වගේ.

    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. සැටලයිට් ඉතා පැහැදිලිව සිරස ඉන්ටවීව් එකක මේ දේ කියනවා...

      Delete
  22. ///බජට් එකෙත් ඔබ තුමා කපලා කපලා අන්තීමට ඉතුරු උනේ ගරු කතානායක තුමනි කියලා තිබුන කෑලි ටික ඉතරයිනේ// හික් හැක් හුක්... පට්ට ඕයි..

    මේ ඉට්ටයිල් එකේ පොස්ට් එකක් කියෙව්වේ කාලෙකට පස්සේ.. :)

    ReplyDelete
    Replies
    1. ලිව්වෙම නැති නිසා ලියන්න හිතුනා

      Delete
  23. කේන්ද්‍රය හා පරිධිය දිගයි පළල අරය ඔක්කොම මැන,මැන , මැන ඉම්මු අපිට මොකෝ කියලා මාතලන්

    ReplyDelete
    Replies
    1. එයාල මැනගනියි... අපි අපේ වැඩක් බලාගෙන ඉමු මෙයා...

      Delete
  24. නෑමෙන් හොඳම නෑම සිරිසේනගේ නෑම.මුන්නහේ නාන විදියට උන්නැහෙට ජන්දේ දීපු අපිටත් එක්ක හෙම්බිරිස්සාව හැදෙන්නයි යන්නේ.

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා රනිල් ලොක්කා ඉන්නවනේ.. එයත් නාන්න පටන් ගත්තොත් තමා ලෙඩේ...

      Delete
  25. See this superb speech by Hon. Prime Minister;

    https://vimeo.com/153463804

    He's truly a gentleman and knows how to use words properly. Hon. President needs to learn a lot from Hon. PM. Don't know why these two do not discuss about this kind of issues with each other.

    ReplyDelete
    Replies
    1. දෙන්නා අතර පරතරය අහසට පොළොව වගේ නේ...

      Delete
  26. මේවනම් අර පඩත්තල වේස කොල්ලො කියන බොරු වෙන්න ඇති මාතෙ.......

    https://www.facebook.com/satekajokes12/photos/a.520319618035293.1073741827.514522281948360/1005262089541041/?type=3&theater

    ReplyDelete
    Replies
    1. ඔය අර දෙරණේ චතුර වගේ පොඩි බබාලගෙ වැඩ නේ...

      Delete
  27. සිංහල ජාතිවාදයටයි පුරුෂාධිපත්‍යටයි අනාගතේ ඉඩක් නෑ. සියළු ජන කණ්ඩායම් වලට වගේම කාන්තාවන් ඇතුළු සියළු ලිංගික අනන්‍යතා වලය සම අයිතීන් සම අවස්ථා ඉදිරියේදී යහ පාලනයෙන් ලැබෙනු ඇති.ඊට කාන්තාවන්ගේ සහය අනිවාර්යෙන්ම ලැබෙන්න ඕනේ. සම්ප්‍රදායික සිංහල බෞද්ධ අන්තවාදය පලවා හරින්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. “ප්‍ර‍තිවාදියා“ “පකිස් පෙට්ටිය“කට දමා “සොඳුරු ලිය“ට “සැබෑ ලිංගික නිදහස“ ලබා දියව්

      Delete
    2. ලංකාවෙ ඉන්න කැරපොත්තන්ටයි ගෙම්බන්ටයි බය ගෑනු එක්ක කවදාවත් ඕක කරන්න වෙන්නෙ නෑ. මාත් වෙන රටවල හුගක් ගිහින් තියනව. ඒ රටවල ගෑනු ඉන්න විදිහයි ලංකාවෙ ඉන්න විදිහයි හරි වෙනස්. මන් හිතනෙ නෑ අපේ ගෑනුන්ට කවදාවත් ඔය තත්වෙට එන්න පුළුවන් කියල. ඒ රටවල ගෑනු හුගක් ස්ට්‍රෝන්ග්. ලංකාවෙ වගේ නැලවෙන ගෑනු නෙමේ ඉන්නෙ. උඹෙ ඔය අරමුණු හීනයක් විතරයි ලංකාවට.

      Delete
    3. 100% ඇත්ත. ජපන් කෙල්ලොත් එක්ක වැඩ කරපු එකෙක් විදිහට කියන්නෙ. ලංකාවෙ කෙල්ලො හරිම අකාර්යක්ශමයි. ජපානෙ ගෑනුන්ට වැඩ නිකන් ටග් ගාල කරන්න පුළුවන්. ඒ වගේම මාර ෆිට්නස් තියෙන්නෙ. හරිම ආකර්ෂනීයයි. ඒව දැකල ආපුවහම ලංකාවෙ ගෑනු ගැන ලැජ්ජයි. සල්ලි තියන එකෙක්ගෙ කරේ එල්ලිලා ගොඩ යන්න බලාගෙන ඉන්නෙ. ඔය වනිතා හඩ කියල කිව්වත් තත්වෙ ඕකයි. ගෑනුන්ට අඩුවෙන් ලැබෙන දෙයක් නෑ ලංකාවෙ. වැඩියෙනුත් එක්ක හම්බ වෙනව. ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ ගෑනු වැඩේ ලේසියෙන් කරල ගොඩයන්න බලාගෙන ඉන්නෙ. ජපානෙ කෙල්ලෙක් කරන වැඩ දැක්කොත් මුන්ට සිහි නැති වෙනව. හැබැයි ලංකාවෙ ගෑනුන්ව ඒ තත්වෙට ගන්න පුළුවන් කියල හිතන්න එපා. ලංකාවෙ ගෑනුන්ට පිරිමින්ගෙ වරදින් අසාධාරණ වෙනව කියන එක බොරුවක්.

      Delete
  28. අපිට ඕනෙ සිංහල බෞද්ධ සංස්කෘතිය අගයන නායකයෙන්. පිටරටවලින් එන ජහජරා මකබෑවල් මෙහෙට ගන්නෙ නැති නායකයෙක්. සිංහල කම තියන මිනිහෙක්. බ්‍රෙෂියර් විසි කරනකොට ඒකට විරුද්ධව කතා කරන නායකයෙක්. ඔය මලා ජරා බටහිරින් ආපු බ්‍රෙෂියර් එක අපේ ගෑනු ඇදපු හින්දනෙ ඔය ඔක්කොම ප්‍රශ්නෙ. අපේ හෙළ සංස්කෘතියට අනුව ගෑනුන්ට ඉනෙන් උඩට නූල් පොටක්වත් නැතුව ඉන්න පුළුවන්. සුද්ද කෑව අපිව.

    ReplyDelete
    Replies
    1. මාතලන් නම් කියන්නේ පෑන්ටිත් ගලවලා උසික්ක කොරන්න ඕනා....

      Delete
  29. මාතෝ , මචෝ උඹ නිදිද .... අන්න පෙරහැර පටන් ගත්තා.... අප්පුච්චා හොටු පෙරාගෙන අඬනවා ...
    අනිත් එවුන් අඬද්දී මුන් අපහාසෙට හිනා උනා ... දැන් මුන්ට දරු දුක දැනිලා ... අඬලා වැඩක් නෑ ..
    වපුරපු දේවල් වල අස්වැන්න නෙලාගන්නම වෙනවා ...

    ReplyDelete
    Replies
    1. අඩෝ සිංහයගේ නැට්ට පාගලා බේරෙන්න හිතුවද තොපි...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න