.

.

Jan 14, 2016

බික්ඛු සංඝස්ස දේම... සහ ඉල්ලා ගෙන කෑම - New Kathikawa in Buddhism

  
 
මේ සිරිපා සමයය.. සිරිපාදේ යන්නේ නැතිය. කරුණා කොරනවාය. එහෙම කරුණා කොරනාතරේ තුන් සරණේ කියනවාය. ඒ කියන්නේ සිරිපාදේ ඉහළට කරුණා කොරන හෝ පහළට කරුණා කොරන උන්ට බ්ලැසින් කොරනවාය. එහෙම කොරන්නේ කවියෙන්ය. වැඳලා බහින උන් කියන්නේ, වඳින්න යන මේ නඩේට තෙරුවන් සරනේ සරණයි... වගේ ඒවාය. වඳින්න නගින් උන් කියන්නේ, වැඳලා බහින මේ නඩේට බුද්ධං සරණේ සරණයි කියලාය. ආපු දා පටන් නානා ආන්ඩුවට අපිට කියන්න තියෙන්නේ, ඉල්ලන් කන මේ නඩේට සංඝං සරණේ සරණයි කියලාය.
 
මේ ආන්ඩුව මොන ජාතියේ මළහත්තිලව්වක්ද කියා දේශපාළනය ගැන නොබෙල් සම්මානේ දිණපු එකෙකුටවත් තේරුම් ගන්නට බැරිය. ආපු දවසේ පටන් ඇදගෙනම නානවාය. දින 100 යේ කේස් එක හත් පොලේ ගාගත්තේය. එකසිය ගානට නාන්න පටන් ගත්තේ අගෝස්තු මැතිවරණයෙන් පස්සේය. බජට් එකක් ගෙනල්ලා හිඟන්නාගේ පාත්තරේටත් කෙලියේය. ඇන් ටී බී එකට (ජාතිය නගා සිටවීමේ බද්ද..(මේක ගන්නේ ජනතාවට ව්‍යාඝ්‍රා දෙන්නද කියා නම් දන්නේ නැතිය.)) හා වැට් එකටත් කෙලියේය.
 
ඒවා වැඩිකලා කියා භාන්ඩ මිල වැඩි වෙන්නේ නෑ කියා අලි පාටියේ ආර්ථික උස්තාද්ලා පපුවේ අත ගසා දිව්රුවේය. උන්ගේ අම්මලාට හැමිනෙන්න කියා, බේකරි කාරයෝ පාන් ගෙඩියට සුපියලකින් කෙලියේය. ඔක්කෝම බජට් ප්‍රොපෝසල් අකුලා ගත් ආන්ඩුවට ඇට දෙක වාගේ ඉතිරි වෙලා තිබුන මේ බදු දෙකත් අහෝසි කොරලා දැම්මේය. දැන් බේකරි කාරයෝ පාන් ගෙඩිය සුපියලකින් අඩු කරනවාද කියා අහන්න වෙන්නේ සිරිසේනගෙන්ද, රාජිතගෙනද, චම්පිකගෙන්ද, රනිල්ගෙන්ද එහෙමත් නැත්නම් රවීගෙන්ද කියා එකෙක්වත් දන්නේ නැතිය.
 
හිඟන්නාගේ පාත්තරේට කෙලලා නතර නොවුන ආන්ඩු ක්‍රම උස්තාද්ලා, වියවස්තාව අස්සේම පන්සලේ පින් කැටේටත් කෙලින්න ගිහින් දැන් ඉන්නේ නරා වලේය. ඔය පඬු පාන්කඩ කාරයෝ එක්ක මොකක් හෝ පටල ගැනීමක් අලි පාටියේ ඉතිහාසයේ ඉඳලාම තියෙනවාය. එක්කෝ ගැටඹේ පන්සලේ කම්බි වැටවල් ගහන්න ගිහිල්ලාය. එක්කෝ මිරිදිය මත්ස්‍ය කර්මාන්තේ පටන් ගන්න ගිහිල්ලාය. මේ සැරේ ඉල්ලාගෙන වළඳන්නේ කතිකාවතක් ඇති කොරන්න ගිහිල්ලාය.
 
මට නම් පේන්නේ සිරසේ මාද්දිය කාරයෝ වාගේම පිස්සු උපදේශකයෝ දාගෙන සිරිසේන මහත්තයා වාගේම, රනිල්ලාත් ඉල්ලාගෙනම කනවා කියලාය. නීතියක් නැති රටේ, හාන්දුරුවන්ට නීති ගේන්න යන්නේ කතාවක් කරන්න කටක් ඇරියොත් හාන්දුරුවනේ කියලා දෙසා බානා නිසාද කියන්න හරියට දන්නේ නම් නැතිය. හාන්දුරුවෝ කියන්නේ එක්තරා ආගමක පනිවිඩකාරයෝය. එයාලාට නීතී රීති දාන්නේ ඒ ආගමේ උන්ය. ඒ ඇරෙන්න මොකා උනත් රටේ නීතියට යටත් වෙන්න ඕනා කියන එක වෙනම කතාවක්ය. මේ පිස්සු යක්කු කරන්නේ, කරන්න දෙයක් නැතිවා වාගේ ආගම් හදන්න යන එකය.
 
ගේම නැගලාම යන්නේය. මුන්ට එරෙහිව සිවුරු උස්සාගෙන උන් රාජපක්ෂ නිකායේ බොදු බලු සේනා, රාවණා බලකා, බෙංගමුවේ ආලවකලාට අමතරව  ඔක්කෝම සිවුරු කරට අරගෙනය. ගේම සාධාරණය. නිවන් දකින් හැටි අපිට කියලා දෙන උන්ට, නිවන් දකින්න නම් කරන්න ඕන මේවයි ඩෝ කියන්න අපිට අයිතියක් නැත්තේය.
 
හාන්දුරුවරු පයිසෙකට මායිම් නොකර පන්සලක් පැත්ත පලාතේ යන්නේ නැතුව ආන්ඩු කළේ ජේ ආර් පප්පා සහ සැටලයිට් නෝනා ඉතරය. එහෙම කලා කියා ආන්ඩු ගෙනියන්න අවුලක් තිබුනේත් නැතිය. සාසනේට මක්කත් උනෙත් නැතිය. පස් වෙනි මිහිඳු රජ උනායින් පස්සේ නම් සාසනේට අබ සරණම උදා උනේය. දැන් ඒක පට්ට බිසිනොස් එකක්ය. සල්ලි වලට සෝවාන් සැටිපකට් දෙනවාය. තව මක්කා හෝ දුන්නොත් නිවන් සැටිපිකට් එකත් හම්බ වෙනවාය. එක් එකාට මාලිගා වගේ ආරාමය. බුදු හාන්දුරුවෝ උන්නා නම් අනේ පිඬු සිටු තුමාටත් අම්බානක බනිනවාය.
 
පඩයක් ගියත් මහනුවර ඉන්න දෙන්නා බැහ දකින්න දුවනවාය. උන්ගේ පස්සේ, ටී වී කාරයෝ, කැමරායි, මයිකුයි, උස්සාගෙන දුවනවාය. එකෙක් පාර වසාගෙන නුවර පරිසරේම වනසනවාය. පාර අරින්න එකෙකුටවත් කොන්දක් නැතිය. අපරාදේ කියන්නේ මිහිඳු සජ්ජුරුවෝ අපේ හාන්දුරුවනේ කිව්වට, ඔය එකෙකුටවත් බය වෙලා උන්නේ නැතිය. එයාලා මහින්ද ඇමතුවෙත් එහෙමයි අපේ හාන්දුරුවනේ කියලාය.
 
දැන් මේ කොරන්න යන්නේ මොනවාද..? හන්දුරුවන්ට ඩ්‍රයිවින් වේරමනී සික්ඛා පදං සමාධියාමි කියනවාය. බිසිනොස් වේරමනී සික්ඛා පදං සමාධියාමි, එයිටාමතරව හීලින්ග් වේරමනී සික්ඛා පදං සමාධියාමි කියාත් කියනවාය. ඒ කියන්නේ ගුප්ත විජ්ජා කටයුතු කොරන්න බෑ කියලාය. එහෙම කියන ආන්ඩුවේ මහ ඇමතියා, හක්ගෙඩි නමෝ නාරයන් උගේ අමාත්තන්සේ ලේඛම් කෙනෙක් කොරනවාය. එහෙම බැලුවාම බෙංගමුවේ ආලවක දෙසනා දෙසිල්ලත් ඇත්තය. වයිජ්ජ විජ්ජාව වගේම ඒකත් විජ්ජාවක් නිසා, ඒක කොරනා එකෙකුට කොර ගන්න නිදහස තියෙන්න ඕනාය.
 
මේ නීතී ගෙනන උන් ඉන්නේ, මැණික් කටුවේ ඉඳන් වැලමිටට යනකන් පිරිත් නූල්, කතරගම නූල්, ඝණ දෙයි නූල්, විෂ්ණූ නූල්, කාලී මැණී නූල්, එක්ක තිස් තුන් කෝටියක් දෙවියන්ගේ කැඩිච්ච නූල් ඉතරක් නොව ඉන්දියාවේ ඒවාත් බැඳගෙනය. මෙහේ තියෙන ඒවා වැඳලා මදි වෙලා, ඉන්දියාවේ තියෙන ඒවාටත් වැඳලා සුදු හඳුන් ටොන් ගනන් පූජාත් කොරනවාය. ඇඟිලි වලට, අපලවලට ඇල්ලු මැනික් මුදුය. හැම එකාගේම ඇඟිල්ලක නවරත්න මුද්දය. කරේ පත සුරය. ඉනේ කළු නූල්ය. ගෙදර හක් ගෙඩිය. අරකය මේකය.
 
ගුප්ත විජ්ජා කොරන්න එපා කියනා උන් අවුරුද්දට හිස තෙල් ගාන්න පන්සලේ පෝලිමත් පැනලා ඉස්සරහටම වඩිනවාය. අමාත්තන්සේ දුවුරුම් දෙන්නේ හාන්දුරුවරුයි පූසාරිලයි උලමලයි නක්සස්ත්‍රකාරයොයි ෆෙන් ෂුයිලයි ඉන්න තරම් ඔක්කෝම උන් දාගෙනය. ඡන්ද තියන්නෙත් එහෙමය. කොටින්ම ගෙදර යන්නෙත් නක්සස්තරේ බලලාය. තියෙන ගුප්ත විජ්ජා ඔක්කෝම වන්දනා කරනා උන්, හාන්දුරුවන්ට ඒවා කොරන්න එපා කියනා කොට අපිට පුකෙන්ම හිනා යනවාය.
 
මුන් මේ කතිකා ගෙනත් බලනවා ඇත්තේ හාන්දුරුවරු ෂේප් කොර ගන්නය. ඒත් ඉතින් වැඩේ හබක්ය. කතිකාවේ තියෙන්න තිබුනේ ඕවා නෙමේය. මේන මේ වගේ ඒවාය.  
  • සෑම පන්සලකටම අලියෙක්
  • සෑම බෝධියකටම රන් වැටක්.
  • දහම් පාසල් අනිවාර්ය කිරීම (දරුවන්ට පමණක් නොව වැඩියන්ටද)
  • සෑම හාන්දුරු කෙනෙක්ටම වාහන බලපත්‍රයක්.
  • හාන්දුරුවන්ට වෙනම උසාවියක්.
  • ගුප්ත් විජ්ජා විස්ස විජ්ජාලයක්
  • සහන මිලට රට බීම හා සිකැරට්.
  • වසරකට චීවර 9 ක්. (වස් කාළයට ඕනා නැත.)
  • සෑම පන්සලකටම අධි බලැති ශබ්ද විකාසන යන්ත්‍රයක්.
  • සෑම විහාරයක් අසලම මාර්ග වසා දැමීම.
  • බලපත්‍ර නොමැතිව රිය පැදවීමේ නිදහස.
  • කසාද බැඳීමේ නිදහස.
  • හාන්දුරුවරුන්ගේ දරුවන්ට පාසල් ලබා දීමේදී ප්‍රමුඛත්වය.
වාගේ දෙවල්ය.
 
(මේවා දැකලා, ආන්ඩුවේ උපදේසක කම් දානයක් ලෙස දුන්නාට, අපි නම් ඒවා බාර ගන්නේත් නැතිය.)
 
අළුත් වියවස්තා ගේනවා කියා ගේන්න ඕනා මේ වගේ නර නාටක නෙමේය. බුද්ධාගමට මුල් තැන දෙනවා කියන ඒවා වියවස්තාවෙන් කටුගා දැමීමය. අනෙක් ආගම් වලටත් එසේමය. ආන්ඩුව ලෞකික විය යුතුය. ආගම් අදහන උන්ට ඕනා එකක් අදහාගන්නෙයි කියා, රටේ සංවර්ධනයට වැඩ කරනා එකය. ආගම් රැක ගන්න එක, ඒක අයිති උන් කර ගන්නවා ඇතිය. හාන්දුරුවන්ට නීතී දාන්න ගෙනා කතිකාවත් හෙට අනිද්දාට අකුලා ගත්තොත් ඔහේලා පුදුම වෙන්නත් එපාය.
 
හාන්දුරුවරුන්ටත් මේවා හොඳ පාඩම්ය. සාසනේ රකින එක ආන්ඩුවට දීලා, ඒක වියවස්ථාවේ උඩින්ම දැම්මාම මෙහෙම ඉල්ලගෙන වළඳන්නත් ලෑස්ති වෙලා ඉන්න එක හොඳය. දැන් මේක ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනියනවාද කියලා ගොම්මන්පිල වගේ සාසනපෙරේමී උපාසකයෙක්ගෙන් අහලා දැන ගන්නා එක හොඳය. මොකෝ සාසනේ රකින්න, ආන්ඩුව කරනා උන්, වියවස්තාවෙන්ම බැඳිලා ඉන්න නිසා, ඔහේලාගේ පඩික්කම් මේ වෙලාවෙ පෙරලන එකත් වැරදිය.
 
සබ්බේ සත්තා භවඃන්ථු සුඛි සඨ්ථා....

 

92 comments:

  1. පට්ටය - වෙන කිව යුත්තක් නැත

    ReplyDelete
    Replies
    1. මහා ලේඛක මාතලංට මුස්ලිම් ජාතියේ උපහාරය...!

      Delete
    2. අල්ලා දෙවියන් ශ්‍රේෂ්ඨයි.....!

      Delete
    3. පට්ටය - වෙන කිව යුත්තක් නැත 2

      Delete
    4. පට්ටය - වෙන කිව යුත්තක් නැත 3

      Delete
    5. නියම රැඩිකල් භාවය ඉස්මතු කරන විශිෂ්ඨ ලියවිල්ලක්...

      ලේඛකයාගේ බුද්ධ්ප්‍රභාවය ප්‍රකට වෙනවා..

      සගුන්ගේ නිරුවත සමාජය ඉදිරියේ හෙළිදරවු කරනවා...

      සිංහල බවුද්ධ සංස්කෘතිය කියන ව්‍යාජය පුපුරවා හැරල දාල සත්‍යය ඉස්මතු කරනවා...

      ලේඛකයාගෙ නිර්භිත බව ප්‍රකට වෙනවා....

      නව සංස්කෘතියක පෙරගමන් කරුවෙකුගෙන් දැකියහැකි ගුණාංග විදහාපානවා....

      ලෙඛකයා මීලග බ්ලොග් සම්මාන සදහා තමන්ගෙ සුදුසුකම මොනවට ඔප්පු කරනවා.....

      ජාත්‍යන්තරය මෙවැනි කෘතහස්ථ ලෙඛකයන්ට තව තවත් අත දිය යුතුයි..!

      Delete
    6. පට්ටය - වෙන කිව යුත්තක් නැත 4 (Kangaruwa)

      Delete
    7. පට්ට 4 ටම ඉස්කෝතුයි කිව්වා....

      Delete
  2. දෙයියන්ගේ හාල් කැවුනම ඔහොම තමයි. හැබැයි මේ කැවිලා තියන්නෙ ආසනික් හාල ද කොහෙද? ඔහොම යන් ඔහොම යන් කිව්වලු. ලංකාවේ දි නැතුවට මම වෙන රටක දි හාමුදුරු කෙනෙක් ඩ්‍රයිව් කරපු වාහනයකත් ගිහින් තියනවා. හැබැයි උන්නාන්සේ තාම රැකිය යුතු තරමට සීලෙ රැකගෙන ලංකාවෙ උන්ට යමක් කමක් හොයා දෙනවා. ගුප්ත විජ්ජා නම් ඇයි හාමුදුරුවන්ට? තහනම් කරන්නකො හැමෝටම. බිසිනොස් නම් මොනව ද? දහමත් එක බිසිනොස් එකක්නෙ මාතලන්.

    ReplyDelete
    Replies
    1. මේක අර මහා ප්‍රාඥ්ඥයාගේ ඇදගෙන නෑමක්නේ... උන්ගේ පග්නාවන්තකම මේවයෙන්ම පේනවා... මහා පාග්නයෙන් නම් කරන්න ඕන, ආගම් වියවස්තාවෙන් අයින් කොරන එක... අනේ මෙහෙව් හරක්...

      Delete
  3. බය නොවන්න දරුව ගිහි අප සැම මහන වෙස්ගෙන ආතල් ගන්න දිනය ළඟදීම උදාවෙයි එතකම් ඉවසන්න දැනටමත් ගිහියන් කරන සියලුම දේ මහනුන් කරන එකේ අප සියලු ගිහියන් ,මහන වෙස් ගෙන ඒ වරප්‍රසාද ලබා ගනිමු

    ReplyDelete
    Replies
    1. අම්මපා සිවුර දාගන්න එක ඉතරයි වෙනස....

      Delete
  4. * සෑම පන්සලකටම massage,spa & saloon facilities අකැප ද?

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි උපාසක උපාසිකාවන් සාසනයට බාග්ගියකි...

      Delete
  5. ඉල්ලන් කෑමා හා කෑම ඉල්ලීම

    ReplyDelete
    Replies
    1. අදගෙන නෑම හා නාන්න ඇඳ ගැනිම...

      Delete
  6. අපේ ගමේ සිල් ආරාමෙ මෑණියො හොර ඔප්පුවක් හදන් ආරාමෙ විකිණුවා ගුරුකම් කරන හාමුදුරු නමකට.ගමේ උනුයි,පන්සලේ හාමුදුරුවොයි,පොලීසියයි කේස් එක ඇද්ද හින්ද මෑණියොන්ට පන්සලෙන් පිටවෙන්න හම්බුනේ නෑ.ඒත් අර හාමුදුරු කාරයති ගියේ නෑ.උට මෑණියෝ එක්ක එකට ඉන්න පුලුවන්ද කියල අහපුම ඌ කිව්ව ඌ යට ලීයෙන් එහා පැත්තෙ ඉන්න හින්ද අවුලක් නෑ කියලා.ඊට පස්සෙ මෑණියොයි,අර ඝණයයි එක වහලක් යට වස් විසුව.මෑණියො හාමුදුරුවන්ගෙ කාමරේ ඇතුලෙ ඉදන් එලියට එනවා දැක්කයි කියලා කියන උනුත් ඉන්නවා.ඇත්තද බොරුද දන්නෙ නෑ.ඒත් දෙන්නම ලේසි පහසු බඩු නොවන හින්ද කියන්න බෑ.අර ඝණයව පන්නපු හින්ද ඌ ඒක කිරිබත්ගොඩ ඥාණානන්ද කියලා භාවනා අසපු බිසිනස් එකක් කරන ප්‍රසිද්ධ හාමුදුරු නමකට වික්ක.ඊට පස්සෙ ඒක හෝටලේ වගේ හදන්න පටන් අරන්,ඒකට පට්ට පටපට මෑණි කෑලි මෑණිටිකක් ඇවිල්ල.එක විකාරයක්.ඒකට භාවනා කරන්න යන්නෙත් හයිෆයි වාහන වලින් යන උන්.තරුණ මෑණිවරුන්ව දැක්කම අපේ ගමේ සමහර ගෑණුන්ගෙ දරුදුක උස්සන්න වෙලා,සෙනෙහස දෝරෙගලන්නත් ගත්ත.ඒ හින්ද කලින් ඝණයට ගහපු විදිහට ගහල පන්නන්න ගියේනම් නෑ.මිනිස්සු හැබැයි ගේම අතඇරියෙත් නෑ.මුනුත් මෙතන අවුලක් තියෙමවා කියල නොදැන ආපු හින්දා මිනිස්සු එකපාරටම මොනවත් කරන්න ගියෙත් නෑ.ඊට පස්සෙ මුන් ගමේ මිනිස්සුන්ට ආරාමෙ ඇතුලට එන්න නීතිමාලාවක් දාල පිරිමින්ටත් ඇතුල්වීම තහනම් කරල තවත් විකාරයක් කරා.කොහොමින් කොහොමින් හරි පොලීසියෙන් උන්ගෙ ආරක්ෂාව හොද නැති හින්ද උන්ට යන්න කිව්ව.ඒ හින්ද උන් යන්න ගියා.

    මන් නම් කියන්නෙ ඔය නීතිමාලාව ගෙනල්ලා සාසනේ ලැගල ඉන්න පෙරේතයෝ ටික එලවලා දාන එක ලොකූ පිනක්.

    ReplyDelete
    Replies
    1. කියනකං ඉන්න ඇත්තෙ දැං කොරයි...

      Delete
    2. සාසනේ පෙරේතයෝ නැහැනේ බං... උන් ඉන්නෙ වෙනත් ළෝකවල... ඒවට යන්න වීසා එනකන් ඉන්න ඕනා...

      Delete
  7. ව්‍යාපාර කටයුතු,ගුප්ත විද්‍යා කටයුතු කරන හාමුදුරුවරුන්ට වශේෂ බද්ධක් අයකරගත්තනම් ඉවරයිනේ,අපිට බදු ගහන්නැතුව.කෝටිගානක් අයකරත් මොකද?හම්බකරන හම්බකිරිල්ලට.

    ReplyDelete
    Replies
    1. දොස්තරලගෙන් ලෝයර්ස්ලගෙන් මැති ඇමතිවරුන්ගෙන් වගේම ජෝතිස කාරයන්ගෙනුත් ගත්තා නම් රට කොරවන්න ආයේ ටැක්ස් ඝහන්න දෙයක් නෑ...

      Delete
  8. රනිල් හදන්නේ 4 වන ධර්ම සංඝායනාව පවත්වලා 2වන ධර්මාශෝක වෙන්ඩ මොකද දැන් දෙවන දුටු ගැමුනුයි දෙවන පැරකුම්බායි දෙන්නම පාර්ලිමේන්තුවේ ඉන්නවානේ

    ReplyDelete
    Replies
    1. රනිල්ට නම් එහෙම පිස්සුවක් නෑ.. ඒත් රනිල් ගාවට රිංග ගත්ත බයියෝ සැට් එක නම් අලි පාටියත් කිච කොරලා තමයි නවත්තන්නේ...

      Delete
  9. මෙම පනත සම්බන්ධව යම් යම් ගැටලුකාරී තත්ත්වයක් ගැඹුරින් හිතනකොට පේනවා. භික්ෂූන්ට රියදුරු බලපත්‍ර නොදීම සම්බන්ධව අධිකරණ තීන්දුවකින් තහනම් වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධව නම් ගැටලුවක් නැහැ. මොකද පැරණි නඩු විභාගයක් හරහා තහනම් වූ දෙයක් නිසා. භික්ෂූන් අද කරන ඇතැම් කටයුතු සම්බන්ධව පැහැදිලිවම ගැටලු තිබෙනවා. දානෙට‍, බනට මුදල් ගන්න මට්ටමට එය පත්වෙලා. එය පාලනය කළ යුතුයි. නමුත් ඉතිහාසයේ ඉඳලම භික්ෂු විනය නීති ක්‍රියාත්මක කිරීමට රජය මැදිහත් වුණා නම් ඒ මහා සංඝයාගේ කැමැත්ත මත සංඝ සම්මුතියන් පසුව. මම දැක්කා ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ මේ පිළිබඳව විරුද්ධත්වය දක්වලා තිබෙනවා. පැහැදිලිවම අද විනය පිරිහීමක් තිබෙනවා. නමුත් මේ ආණ්ඩුවෙන් මෙය කරන්න උත්සාහ කරන්නේ සද්භාවයෙන්මද කියන ගැටලුව මට එනවා. මොකද සාතිශය බහුතරයක් භික්ෂූන් මේ රජයට විරුද්ධව ඉන්න වෙලාවකයි මේ නිතීය ගේන්නේ. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ භික්ෂූන් රජයට විරුද්ධව නැගී සිටීම වැලැක්වීමට යම් තර්ජනාත්මක පණිවිඩයක් සමගින්ම අවශ්‍ය වුණොත් මර්දනයක් වැනි දෙයක් කියලයි මට පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නායක් හාන්දුරුවරුන්ට ඕන එකක්ය මෙයාලා ගෙනාවේ කියන්නේ. ගොන් හරක් දෙශපාලනේට ආවම් ඔහොම ලෙඩ ඇදගෙන දා ගන්නවා....

      ඕක මාතලන්ට කිව්වා නම්, මාතලන් කියන්නේ අනේ පින් අත්වෙයි, ඔහේලගෙ උන් ඔහේලම හදා ගන්න එකයි ඇත්තේ කියලා ඉතරයි. රටේ නීතියක් තියෙනවනේ ඕන පිස්සු කෙලින් එකෙකුට එරෙහිව ක්‍රියාත්මක වෙන්න..

      Delete
  10. දහම් පාසල් අනිවාර්ය කිරීම- වැඩිහිටියන්ට- නෑ. මේක එපා. දහම් පාසල් වසා දැමීම කියන්නයි තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. වැඩිහිටියන්ට - දෙන්නටම එන්න අපහසු නිසා බවලත්තු විතරක් ආවාම ඇති.

      Delete
    2. හාන්දුරුවරු වඩාත් කැමති වෙන්නේ ඇණයාගේ යෝජනාවට...

      Delete
  11. මහින්ද රාජපක්ෂ මේ මොහොත වනවිට ප්‍රජාතන්ත්‍රවාදයෙ සෑම මූලධර්මයක්ම උල්ලංඝනය කරමින් පාදඩ දේශපාලනයක නිරතවෙමින් සිටී. ලෝකයේ හැමදාමත් මිනිස්සු සටන් කලේ මානව නිදහස මිනිස් අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි ලොව කොතැනකවත් සටන් අරගල ජනතා නැගිටීම් ඇතිවුනේ නැහැ කුසගින්න මූලික කරගෙන. මිනිස්සුන්ට කොච්චර කෑම බීම යාන වාහන ඉදුම් හිටුම් තිබුනත් ප්‍රමානවත් නෑ නිදහසේ තම අදහස් ප්‍රකාශකරන්න තමන් කැමති මතයක් වෙනුවෙන් පෙනිසිටින්න ඒ වෙනුවෙන් වැඩ කරන්න අයිතියක් නැත්නම්. එදා අන්ත දූශිත රාජපක්ෂ මිනිස්සුන්ට කෑම බීම ඉදුම් හිටුම් පමනක් නෙමෙයි අනිත් හැම අයිතියක්ම සෑම නිදහසක්ම අහිමි කරලා දැම්ම. තැලෙන පොඩිවෙන දුප්පත් මිනිහට පසුගිය දුර්දාන්ත පාලනයෙන් මොනවද ලැබිලා තියෙන්නේ? දුප්පත්කම වංචාව දූෂණය හොරකම නූගත්කම කාන්තා හිංසනය කුඩු එතනෝල් ණය බර දිනෙන් දින ඒන්න එන්නම වැඩිවුණු රටක් යන්තම රනිල්-මයිත්‍රී සුසංයෝගයේ පිහිටෙන් එජාප පාලනයකින් යාන්තම් ගොඩ ගියා විතරයි. මහින්ද අවුරුදු 9 ක් තිස්සේ රට පාලනය කලත් දිනෙන් දිනම රට අගාධයට ගියා මිසක් රට ගොඩ ඒමක් නෑ මහින්ද නිතරම හිතන්නේ තමන්ගේ පවුල පවුලේ බලය රැක ගැනිම ගැන විතරයි ඒ නිසා අපි නොපමාව මහින්ද රාජපක්ෂ පලවා හැර රටට නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒම වෙනුවෙන් කටයුතුකලයුතු අවස්ථාව එළඹ ඇත. අපි නිකන් බලාගෙන ඉදලා හරියන්නේ නෑ පුරවැසියන් වශයෙන් අපේ බලය පෙන්වමු. මේ උදාවී ඇත්තේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනිමට ඇති අවසන් අවස්ථාවයි. අප මේ අවස්ථාව මගහැරිය හොත් එය අපට යළි කිසිදිනෙක වත් නිවැරදි කළ නොහැකි එතිහාසික වරදක් වනු ඇත. අප විසින් පරදා කුජීත කල නමුත් තවමත් බලය අල්ලාගැනීමට හොරගල් අහුලන ඒකාධිපති දුර්ධාන්ත දූශිත තක්කඩ් රාජපක්ෂ පවුල් පාලනය නිමා කර රටට සෑබෑ මානව නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය දිනා දීම වෙනුවෙන් අප සැවොම එක්වී ජීවිත පරිත්‍යාගයෙන් සටන් කොට රාජපක්ශ කල්ලියත්, උන්ගේ සට්ටැඹියනුත් වහල් බයි හැතිකරයත් සහමුලින්ම මුලිනුපුටා දැමිය යුතුමය.

    ReplyDelete
    Replies
    1. අයවැයෙන් පුන්නක්කු ගාන නැග්ගුවෙ නැත්තෙ අයියා වගෙ පාක්ෂිකයො ගැන හිතලම වෙන්න ඕනැ

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. බයියන් නැති කිරීම කෙසේ වෙතත්, ඉන්න එකත් අර බයියට එහා යන්නයි හදන්නේ ....

      Delete
  12. රාවණා සරණයි, නාට දෙවි පිහිටයි!

    ReplyDelete
    Replies
    1. රාවණා කවද්ද දන්නෙ නෑ එන්නේ...

      Delete
  13. රාවණා සරණයි, නාට දෙවි පිහිටයි!

    ReplyDelete
  14. මේකට වඩා නරකද ඔය ආණ්ඩුවේ ඉන්න මොකුත් නොදන්නා අයට කඩවසම් දුරකථන එක බැගින් අරන් දීලා මූන පොතේ එකවුන්ට් හදාදීල බුකිගත කරානං.

    ReplyDelete
    Replies
    1. /කඩවසම් දුරකථන/

      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. අවුලක් නෑ සුරන්... මුන්ට මාද්දිය ලේඛම්ලා ඉන්නවා නේ පත්තර කපලා එක්කාසු කරලා පයිල් කොරලා දෙන්න.....

      Delete
  15. මට මතකයි මහින්ද රාජපක්ෂගෙ කාලෙ තමයි මහ නායක හාමුදුරු නමක් මහින්ද අතටන ඔය යෝජනා ටික දුන්න.හැබැයි ඒකෙ තිබ්බ හාමුදුරුවරුන්ට මන්ත්‍රීකම් කරන්නත් බෑ කියලා.අධිකරණ ඇමති කියන විදිහට ඒක තමයි සංශෝදනය වෙන්න ඕනෙ තැන් සංශෝදනේ කරලා ඔය ඉදිරිපත් කරල තියෙන්නෙ.නිකාය තුනේම මහනායක හාමුදුරුවරු ඕකට කැනතියිලු.ඕකෙන් දඩුවම් දීමේ බලය ලැබෙන්නෙත් මහනායක හාමුදුරුවරුන්ටලු,දැනට මහනායක හාමුදුරුවන්ට විනය විරෝධී හාමුදුරුවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න නීතිමය බලයක් නෑ,ඒකයි ඔය සාසනේ පිරිහිලා තියෙන්නෙ.
    ඔය බිස්නස් කරන,දේශපාලන මගඩි සංධානවල ඉන්න,මිනිස්සුන්ට චන්ඩි පාට් දාන,හදි හූනියම්,වශී ගුරුකම් කරන හාමුදුරුවරුනම් බූමිතෙල් වැදිච්ච ගැරඩි වගේ දගලන්නෙ ඕක සම්මත උනොත් මහානායක හාමුදුරුවන්ගෙන් ගැකවිල්ලක් නෑ කියක දැනගෙන.
    හොර ඝණයන්ගෙ ලොකුම තර්කය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිත ගිහියන්ට තියා සක්කරයටවත් බෑ උන්ට නීති දාන්න කියන එක.අපි හාමුදුරුවන්ගේ සිවුරට ඔලුව නමනව තමයි,ඒත් අපිට බෑ කරන්න පුලුවන් හැම බලු වැඩක්ම කරල අපේ ඔලුවට අත හෝදනකම් බලන් ඉන්න.
    ගමේ පුංචි පන්සලක ඉන්න හාමුදුරුනමක් නොහොබිනා වැඩක් කරාම ගමේ මිනිස්සුන්ට ඌව පන්නන්න පුලුවන්.ඒත් දැන් කාලෙ නොහොබිනා වැඩකරන ගොඩක් හාමුදුරුවරු ලොකු ලොක්කන්ට සෙට් වෙලා,දේශපාලනේට සෙට් වෙලා ලොකු බලපුලුවන්කාරයෝ වෙලා ඉන්නකොට ගමේ මිනිස්සුන්ට වචනයක්වත් කියන්න බෑ.සමහර හාමුදුරුවරු ඉන්නවා වෙරි වෙන්න බීල පොලීසියටත් ගිහින් පොලිස් ලොක්කන්ටත් පාට් දාන (අප්පච්චිගෙ ආණ්ඩුව කාලෙ ඔය වගේ හාමුදුරුවරු දේශපාලනේට සෙට් වෙලා හිටිය,දැන් රනිල් ගාවනම් නැතිව ඇති,ඒත් සිරිසේනයටනම් ඔහොම ඝණයො සෙට් වෙලා ඇති.මොකද මහින්ද වගේ ඌත් කරන්නෙ බයි දේශපාලනේනෙ).

    හැබැයි ඔය පණත සම්මත කරන්න ඔන්න මෙන්න තියලා සිරා මැද්දට පැණලා වැඩේ නවත්තයිද දන්නෙ නෑ.මොකද සිරාට ඔනෙ බයියො ඉස්සරහ ලකුණු දාගන්න.මිනිහ දැන් slfp නායකය නිසා මිනිහට බයියොන්ගෙන් මිසල් ටොයියන්ගෙන් වැඩක් නෑ.මහින්ද ගොඩනගාගත්තේ දකුණෙ බයියන්ගෙ හිත් ඇදගන්න පුලුවන් ප්‍රතිරූපයක්.සිරිසේන හදාගන්න යන්නෙ පොළොන්නරු බයියන්ගෙ හිත් දිනාගන්න පුලුවන් උපාසක ප්‍රතිරූපයක්.

    ReplyDelete
    Replies
    1. මහා නායක හොරු මක්කත් නොකරන නිසා තමයි වෙනින් උන් පොපියුලර් වෙල තියෙන්නේ... උන්ගේ හීනමානේ නැතිකරන්න ගිහින් මුන් ඇදගෙන නානවා.. කොහොම හරි මහින්දට මුන්ට වඩා මොළේ තියෙනවා.. අන්තීමට වෙන්නේ උඹ කියපු දේ තමයි...

      Delete
  16. ආප්ප සිරා රජෙක් කල සිවිල් සමාජේ ගොම්බිජ්ජන්ට ජයවේවා!

    අපේ අරක්කු අපටම ගැසීම :

    http://www.lankaenews.com/news/3342/si

    දැන්වීම් සෙල්ලම පමණක් නොවේ. මහජන මුදලින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අපූරු පදවි ප්‍රාප්ති උත්සවයක් ද පැවැත්වීය. පසුගිය වසරේ ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පුටුවේ තැබූ සිවිල් සහ වෘත්තීය සංවිධාන 47 එකදු නියෝජිතයෙකුට හෝ ආරාධනා පතක් හෝ යවා නොතිබූ එය ‘කුහක උත්සවයකි.‘

    එදා රාජපක්ෂ ආන්ඩුවේ සිටිමින් ඔය කියන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීම ‘රාජපක්ෂ මහත්ත‍යෝ තමුන්නාන්සේ පරදවනවා පරදවනවාමයි‘ යනුවෙන් තිර ලෙසම පළමුවරට හඬ නගා කී අතුරලියේ රතන හිමියන් මෙදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පදවි ප්‍රාප්ති උත්සවයේ සිව් වන පේලියේ කොනක අසුන්ගන්වා සිටියදී පළමු පේලියේ සිටියේ එදා පැත්ත පලාතක නොසිටි බුද්ධදාස විතානාරච්චිලා ය. මේ කුහකකම දරා ගැනීමට නොහැකි වූ රතන හිමි උත්සවය හමාර වන්නට පෙර හෙමින් සීරුවේ යන්නට ගියේ ය. එලෙස ඇමැතිවරුද රාශියක් බැන බැන යන්නට ගිය බව මේ ලියුම්කරු හොඳින් දනී

    එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්නට ගමින් ගම ගීත ගයමින් ගොස් රාජපක්ෂ මැරයන්ගෙන් ගුටි කෑ ලක්ෂ්මන් විජේසේකරලාට ආරාධනාවක් හෝ නොතිබූ නමුත් එදා පැත්ත පලාතක නොසිටි කමල් අද්දරආරච්චිලා වේදිකාවේ බැරි මර ගාතේ ගීත ගයමින් සිටියෝ ය.

    ReplyDelete
  17. /*
    වසරකට චීවර 9 ක්. (වස් කාළයට ඕනා නැත.)
    කසාද බැඳීමේ නිදහස.
    හාන්දුරුවරුන්ගේ දරුවන්ට පාසල් ලබා දීමේදී ප්‍රමුඛත්වය.
    */

    සිවුරු නමය විතරද? ඇයි ළමයින්ට ඇඳුම්, නෝනලාට සාරි?

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න උපාසක මහත්තය හැබෑවටම අමතක උනා හිටං...

      Delete
  18. අපේ ගමේ පන්සලෙත් දැන් අලුත් සෙල්ලමක් පටන් අරන්.. මේ සතියේ උපන් දින තිබෙන ළමයින්ගෙන් එකෙක්ගෙන් රුපියල් දාහ ගානේ එකතු කරලා දහම් පාසලේ ළමයින්ට පාටි දානවා.. අවුරුදු ගානක් ප්‍රංශෙට වෙලා ඉඳපු හාමුදුරු නමක් තමයි වැඩේ අතට අරන් කරන්නේ.. වැඩෙන් අතටත් ලොකු ගානක් යනවා.. මොකද පාටි දානවා කිව්වට කිරිබත් කෙසෙල් තමයි දෙන්නේ.. අනෙක් කාරණේ අපේ ගමේ ප්‍රධාන කට්ටිය දෙගොල්ලක් ඉන්නවා..කරාපිටිය හොස්පිට්ල් එකට ළඟ නිසා වෛද්‍ය නර්ස් වෘත්තිකයො එක පැත්තකින්.. අනෙක් පැත්තෙන් දවසෙ කුලිය මලිය හොයාගන්න බැරිවෙන දිළින්දො.. ඉතින් මේ පාටි ගොන් පාට් නිසා අර දිළිඳු පවුල්වල මිනිස්සු ඉන්නෙ මාර අවුලක.. හැබැයි පාංශකූලෙ මිස් වෙයි කියලා කවුරුවත් මේක ඇඩ්‍රස් කරන්නේ නෑ.. අපේ හාමුදුරුවන්ට දෙවි පිහිටයි.. අපිට බුදුන්ගෙම සරණයි...

    ReplyDelete
    Replies
    1. ගොන් පාට් ය කිව්වේ අර වුර්තිකයන්ගේ එව්ව වෙන්නෑ.

      Delete
    2. ඔතනදි ඔය ගැන දොස් කිව්වට වැඩක් නෑ.වෙසක් එකට පටන්ගත්තම කඨින පිංකම් දක්වාම මහා පරිමාන බිස්නස් තියෙන්නේ.වෙන එකක් තියා දැන් පාංශකූල හත්දවස පිංකම මේ ඔක්කොම බිස්නස්.අරඤ්ඤගතෝවා,රුක්ඛමූලගතෝවා,සුන්‍යාගාරගතෝවා දැන් තියෙන්නේ පිටකයේ සූත්‍ර වල විතරයි.ඇති උදවියට ඇට්ටි හැලෙන්න බන කියලා නැති උදවියට පස්ස හරවන ක්‍රමයක් දැන් තියෙන්නේ.

      Delete
    3. මනෝ +++++++++++++++++++++++++++++

      Delete
    4. ආගම් කියන්නෙම බිස්නොස් එකක් බං

      Delete
  19. ආණ්ඩුවේ යෝජනා සම්මත වුනෝතින් මහපාරට වැටෙන දරු පවුල් සඳහා වන්දි දියව්.

    ReplyDelete
    Replies
    1. එහෙනං උබලගෙ අම්මටත් වන්දියක් ලැබෙයි

      Delete
    2. හාන්දුරුවරුන්ට සමාජ සේවේ යෙදෙන එක නවත්තන එකක් නෑ බං

      Delete
  20. බලමු මිනිස්සු මේකට රණ්ඩු වෙන අස්සෙ සනිල්මයිත්ත්‍රි මොන මොන දේවල් යටින් ගහයිද කියලා.. අර තාවකාලික පැවිද්දක් පවා ගත්තු ආල පාලු බොර තෙලා කිසි සද්දයක් නෑ නෙ මෙව්වට..
    ආ... අග්ගලා කටේ දාගෙන හයියෙං කියමු..
    '.. පෝස්ට් දාන මාතලංට... ඩිෆෙන්ඩරේ හයර් එකක්..'
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බෝ ........පෝස්ට් දාන මාතලංට... ඩිෆෙන්ඩරේ හයර් එකක්..'මේකව සල්ලි දීලා ගෙනියපන් කිව්වත් ගෙනියන එකක් නැ

      ගුවන් පොටෝ කෙස් එකට කල්‍යාණ ගෙනිච්චට නම් දුකයි දැන් "අහවලා" නම් බයවෙලා සුළු දිය පහලවුනාලු හමුදා රහස් වැඩ ගැන ඕනවට වඩා පුරසාරම් ලිව්වා නිසා. ෂොට් කොමිෂන් පොරවල්නේ

      Delete
    2. එහෙම දේකට මොළයක් නෑ මුන්ට.. අම්බානක ඇදෙගන නානවා එපමණයි....

      Delete
  21. ලන්ඩන් පන්සලක හාමුදුරු නමක් අනිත් හාමුදුරුවන්ට කිව්වලු - මගේ පන්සලේ ගුප්ත විද්‍යා කටයුතු බැහැ . දෙයියෝ අදහන්න බැහැ වෙන ඕනෑම තැනකට ගිහින් කරගන්න කියල. අර හාමුදුරුවෝ ගිහින් වෙන පන්සලක් හැදුව. බුදු හාමුදුරුවෝ යට. දෙයියෝ උඩ තට්ටුවේ. ඉතින් අපේ පැත්තේ ඉන්න උගත් වැදගත් පෝසත් උදවිය මෙන්ම බොහොම අමාරුවෙන් රැකියා කරන උදවිය පවා අරකට යනවා. - ළමයි ග්රමර් ඉස්කෝල වලට දමන විභාග වලින් පාස් කරගන්න, වීසා හදා ගන්න , පුතා කනේ කරාබු දාන එක වලක්ක ගන්න, දුව කළු කොල්ලෙක් එක්ක යාලු නොවී ලංකාවේ දොස්තර කෙනෙක් එක්ක යාලු වෙන්න, ඔය ඔක්කොම කරලා දෙනවා. සෙනග පිරිලා. හෙට අනිද්දා මෙහෙ හෝම් ඔෆිස් එකත් වහන්න එයි වීසා මෙතනින් හදන නිසා. ඉතින් මේවා නීති දාලා වලක්වන්න පුළුවන් දේ නොවේ. ම්නිසුන්ට දැනුම ලබා දීමෙන් වලක්වන්න පුළුවන් දේ.

    ReplyDelete
    Replies
    1. බොරුවට තමයි අජියෝ අපේ උන් සලකන්නේ....

      Delete
  22. උඹ මේ ගැන නොලිව්වනංනෙ ලෝක පුදුමෙ.

    මේ ගොල්ලන්ගෙ වැඩේ......ම දානවා ආපහු ගන්නවා, දානවා ආපහු ගන්නවා...හනේ! කවුද මල්ලි මේ?

    ReplyDelete
    Replies
    1. මුන් ගේනවා... අරූ කපනවා..
      මුන් ගේනවා... අරූ කපනවා..
      මුන් ගේනවා... අරූ කපනවා..
      මුන් ගේනවා... අරූ කපනවා..

      Delete
  23. අනේ ගොබ්බ මාතෙ, බය්යො වගේ මේ ආණ්ඩුවෙ ගේන හැම දේකම කොනක් අල්ල ගන්නෙ නැතුව, උඹගෙ විචාර බුද්ධිය අනුව යමක් කියවල තේරුම් ගනින්. මෙ ආණ්ඩුව භිෂුන්ට නීති දාන්න යන්නෙ නෑ. මේ තියෙන්නෙ අධිකරණ ඇමතිගෙ ප්‍රකාශය.

    "ත්‍රෛනිකායික මහනායක ස්වාමින් වහන්සේලා සමඟ සාකච්ඡා කර එකඟ වූ කාරණා පර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත් නිකාය වල කතිකාවත්වලට නීතිමය බලයක් දෙනවා මිස රජය නීති පනවා නැති බවත් ගැටළු නිරාකරණය කර ගත යුත්තේ භික්ෂූන් වහන්සේ විසින්ම බවත් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ‘ථෙරවාදී භික්ෂු කතිකාව ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පත‘ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසී ය."

    "මේ පනත් කෙටුම්පතේ අරමුණ තමයි, දැනට ඒ ඒ නිකායන් හි පාර්ශ්වයන් විසින් සම්මත කරගෙන තිබෙන කතිකාවත්වල කොන්දේසි උල්ලංඝනය කරන, විනය උල්ලංඝනය කරන භික්ෂූන්වහන්සේ සම්බන්ධව විනය තීන්දු ගැනීමේ බලයක් මහනායක ස්වාමින් වහන්සේලාට සහ කාරක සංඝ සභාවලට තිබීම. එම තීන්දු ගත්තට ඒවා ක්‍රියාත්මක කිරීමේ බලයක් මහා සංඝරත්නයට නැහැ. ආණ්ඩුවට කළ ඉල්ලීම තමයි, එම ගනු ලබන තීන්ඩුවලට වලංගුභාවයක් ලබාදීම සඳහා කතිකාවත්වලට නීතිමය බලයක් ලබාදෙන්න කියන කාරණය."

    "මේ පනතේ කතිකාවත් සකස් කිරීමක් ආණ්ඩුව විසින් කරන්නේ නෑ. එය සකස් කරගන්නේ අදාළ පාර්ශ්වය සහ නිකායයි. විනය උල්ලංඝනය කළ භික්ෂූන් වහන්සේලා සම්බන්ධව තීන්දු තීරණ ගැනීම රජය කරන්නේ නෑ. කතිකාවත් යටතේ මහා නායක භික්ෂූන්වහන්සේලා ගනු ලබන තීන්දු ක්‍රියාත්මක කිරීමට නීතිමය බලයක් ලබාදීම පමණයි."

    ReplyDelete
    Replies
    1. ඈ ගොබ්බ මිතුරේ..
      මේකත් අර ගොබ්බ මාහා ප්‍රාඥ්ඥයාගේ වැඩක්ද..?
      එහෙනම් ඉතින් අහන්න දෙයක් නෑ...
      මේ වගේ ප්‍රාඥ්ඥයෝ නම් අපේ ළිඳ ළඟ සංගමේ නැන්දලා අතරෙත් උන්නා...

      Delete
  24. ඇඟිලි වලට, අපලවලට ඇල්ලු මැනික් මුදුය. හැම එකාගේම ඇඟිල්ලක නවරත්න මුද්දය. කරේ පත සුරය. ඉනේ කළු නූල්ය. ගෙදර හක් ගෙඩිය. අරකය මේකය./////////කරන්නේ අපායගාමී ක්‍රියාය

    ReplyDelete
    Replies
    1. එහෙත් නිවන් යන්නේත් උන්මය.. ළෝකයේ ළොකුම හොරා මහා පොරක් සේ වොයිස් කට් දිදි නිදහසේ සැරිසරති...

      Delete
  25. කොච්චර සාසනයට අකැප නීති ගෙනාවත් my3 පාක්ෂික හාමුදුරුවන් වහන්සේලා මේකට විරුද්ධ වෙනේකම් නෑ.ඒත් මහින්ද නිකායේ අය...

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂ නිකාය සෑම තැනම බලවත්....

      Delete
  26. මාතලන්, මම පොඩි කොලුව කාලෙ අපේ අම්මලගෙ ගමේ බෝතලේ පංසලේ හාමුදුරුවො මගෙන් ඇහුවනෙ ... පුතා මහන වෙන්න කැමතිද කියල.
    මම කොට කලිසමක් ඇඳල හිටපු හින්ද වෙන්න ඇති නේද.

    ReplyDelete
    Replies
    1. You are the funniest Ano ever (compliment)

      Delete
    2. මාතලනුත් කොට කලිසන් අදින පොඩි කාලෙ ජම්බෝලේ වගේ රතට හිටියා. වරාගොඩ පන්සලේ දී ඔය වගේම අහලා තිබුනා ආච්චි නම් බොහොම කැමැත්තෙන් උන්නේ වැඩේට පහසුවෙන් ඉඳගෙන හරි සීරුවෙන් නිවන් යන්න පුළුවන් නිසා

      Delete
    3. Bottle Ano ++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. නැතුව නැතුව.. ඒකනේ ප්න්සල් වලට එන සුද්දෝ සුද්දියන්ට ඔක්කොම වහලා ගේන්න කියන්නේ...... නැත්නම් හාන්දුරුවරුන්ගේ යස්ටිය එර්දි වෙනවා...

      Delete
  27. ලියවිල්ල නම් නියමෙටම නියමයි.
    ඒත් මං හිතන්නෙ ඔතන තියෙන්නෙ සෙප්පඩ විජ්ජාවක්. ගොනාට ඇන්දවිමක්.
    මුට්ටිය දාල බැලුව වෙන්නත් පුළුවන් වුණාට මට හිතෙනව ආංඩුවෙ අසමත් බව වගේම බඩු මිල ඉහළ යාම වගේ දේවල් වලට එන අවධානය බිඳින්න වෙන පැත්තක් ඇවිස්සුව වෙන්නත් පුළුවනි කියල.
    පාලකයො හරිම සූක්ෂමයි අවධානය වෙන පැත්තකට හරවන්න.
    දැන මේක ඉස්සරහට දාල ඇවිස්සුණාම ඉල්ලා අස් කරගෙන බබා පාරක් දැම්මම ටික කාලෙකට ගොඩ.

    ReplyDelete
    Replies
    1. නෑ බං මුන් බලේ ගන්න හිටියට කිසිම ප්ලෑන් එකක් නැතුව හිටපු උන්.. එහෙම බලයක් ලැබෙන බවක් තිබ්බෙත් නෑ නේ, ප්ලෑන් එකක් හදා ගන්නවත්.. ඉතින් මොකෙක් හරි දෙන ගුලි එකසිය ගානට කනවා....

      Delete
  28. මාතා,

    ඇත්තටම රජය කල යුත්තේ භික්ෂුන් වහන්සේලාට තම විනය කිරීමට ඉඩ දී රටේ සිදුනොවන කප්පරක් වැඩ ඉවර කිරීමයි, මට පෙන විදියට සිරා ඇදගෙන නාන්න තමයි යන්නේ.

    අද පුවතක් එනවා "ඇඹිලිපිටිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන්" 911 වලට අමතල තියෙන්නේ පොලිසියයි! ඇත්තටම මුන්ට දීපු දඩුවම ගැන දැනගැනීම මිට වඩා වැදගත්

    ReplyDelete
    Replies
    1. ඇඹිලි පිටියේ තීන්දුව ක්‍රිටිකල්....

      Delete
  29. ඒ වුනාට මට නම් හරි මෙව්වා එකයි. නානසාරු ආයේ උසාවි පොලිසි එන්නේ නැතිලු සංඝාධිකරණයක් හදනකන්. ( නිතරම පිරිත් පැන් බීල ඉන්න නිසා අමතක වෙන්න ඇති සංඝාධිකරණ තියෙන්නේ විනය නීති කඩන ඒවා ගැන ව්භාග කොරන්න මිසක් රටේ සිවිල් නීති කඩන ඒවා ගැන විභාග කොරන්න නෙවේ කියල.) හිර ගෙවල් දාහක දැම්මත් එන්නේ නැතිලු. මට නම් හරි ආසයි ජාතිවාදේ අවුසල මේ රට කාල දාන්න විතරක් නෙවෙයි බුද්ධාගමත් විනාස කරන්න හදන ඔය හාදයෝ බල්ලෝ වගේ ඇදගෙන ගිහින් හිරේ දානවා බලන්න.

    ReplyDelete
    Replies
    1. සැක් නොසන්ඩාල කතා කියන්න එපා මහත්තයෝ.. උන්නාන්සෙලා නොහිටින්න අපට සංඝ ආතල් එකක් දෙන්න වෙන කව්දෑ ඉන්නේ...

      Delete
  30. නෑ බං හාමුදුරුවන්ගේ දරුවන්ට රෝයල් ඒකේ 7 වසර සිට අලුත් පන්තියක් ම දාමුකෝ........

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටහන් අළුත් පිනාගෙන් අහලා කියන්නම්...

      Delete
  31. ඥානසාර සෑර් කීවා බොස් පඩත්තර ගිහියන්ට පුලුවන්දැ එයාලට නීති දාන්න කියල..ඕ යේස්.

    උන්වහන්සෙගෙ මෑණියො ඇතුලු හතර වරිගෙම නිවං දැක්කාවෙ .. විපරීත කාලේ - කජ්ජේන පුහුලං !!! චැහ්

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත බං උන්නාන්සේ වදාරන්නේ... මාත් කියන්නේ ඒකමයි...

      Delete
  32. දිළිඳු ළඳුන්ගේ කුමරි දිවිය උන්ගේ.....
    කාසිය උන්ගේ ලොකු ලොකු උන් උන්ගේ...
    පොළිසිය උන්ගේ කූඩුව අපෙ උන්ගේ...
    නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ...

    ReplyDelete
  33. සුපිරි ලියවිල්ල මාතේ...අපරාදේ අර රජාව ගෙදර යැවුවේ කියල හිතෙනවා මේ නරි නාටක දකිනකොට..චැක්

    ReplyDelete
  34. මේ මොනවත් එපා. සියලු ආගම් තහනම් කරනු. සියලුම මිනිසුන්ට තවත් මිනිසෙකුට ජීවත් විමේ අයිතිය ඇති බව කියා දීමට ආගම් අවශ්‍ය නැත

    ReplyDelete
  35. මනුෂ්‍යයාගේ තණ්හාව වැඩි කරණ ඔහු හුදෙක් පරිභෝජන යන්ත‍්‍රයක් බවට පත් කරණ ධනවාදය බෞද්ධ චින්තනයෙන් දුරස්ය. අනික් අතට මිනිසාට මග පෙන්වීම අවශ්‍ය වූවත් ඔහු මතවාදයක වහලකු කළ නොහැකිය. ඒ අනුව බෞද්ධ චින්තනය පූර්ණ සමාජවාදයක් ද නොවේ. අවශ්‍ය වනුයේ (නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී) නිදහස හා (සමාජවාදී) සමාජ සාධාරණත්වය අතර සමතුලිතතාවක් ඇති කිරීමයි. මෙම ආර්ථික හා දේශපාලන ක‍්‍රම දෙකෙන් ම උපුටා ගැනීමට කරුණු තිබිය හැකිය. බෞද්ධ චින්තනයට මෙහි ලා බාධාවක් නැත්තේ යමක් සුභාෂිතයක් නම් එහි ප‍්‍රභවය කුමක් වූවත් එය පිළිගැනීමෙහිලා නිදහස බුදුරදුන් විසින් බෞද්ධයාට ලබා දී ඇති බැවිනි. සබ්බං සුභාසිතං බුද්ධ වචනමෙම (සියලු යහපත් ප‍්‍රකාශ බුද්ධ වචන වේ: අංගුත්තර නිකාය) යන්නෙන් ප‍්‍රකාශ වන්නේ එයයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න