.

.

Feb 15, 2016

ගොම්මන්පිල විමල්, රැක ගත යුතු පුදා මල් - Gammanpila, Wimal, members of Yahapalana


දැන් උඹ කියන්නේ මේ ගම්මන්පිලයයි විමල් මැතිතුමයි මල් තියලා වඳින්න ඕන අය කියලා. තොගේ මොළේ කචල්ද? උඹමනේ මුන්ගේ පතුරු අරින්නේ හිටං.

හරි හරි එහෙම උනා තමයි. ඒ උනාට දැන් ඔය සිරි ලංකා නිදහස් පක්ෂේ වැටිලා තියෙන ආගාදෙට බැහැලා. ඒ ගැන ගැඹුරින් හදාරලා බැලුවාම, මලින් ඉතරක් නෙමෙයි, තෙලින් මලින් පිදුවත් අවුලක් නෑ.

ඒ කියන්නේ දැන් උඹට මේ සිරි ලංකා නිදහස් පස්සේ ගැනත් මාර කැක්කුමක් ඇවිල්ලද?

පිස්සුද බං ඕකට කෙලවෙලා යන තරමට මම නම් කැමතියි. ඒත් එයාලව රැක ගත යුත්තේ යහපාලන ආන්ඩුවේ පරමාර්තයන් වෙනුවෙන්.

මට තේරෙන්නේ නෑ බං.

දැන් මෙහෙමයි, මම හිතන්නේ ඔය අගාධයට මට කලින් බැහැපු කීප දෙනෙක් මේ ගැන කිව්වට, ගොඩක් උන්ට එච්චර මීටර් උනේ නෑ.

කව්ද උඹට කලින් බැස්සේ?

මට කලින් බැස්ස එක්කෙනෙක් තමයි, අර වහ කුප්පියක් බීලා මැරෙන හදන වෙලාවේ පිං ඇමතිකමක් දීලා බේරගත්ත ඩිලාන් පෙරේරා මහත්තයා.

එයා වලට බැහැලද?

බහින්න දෙයක් නෑ වලේනේ උන්නේ. මෛත්‍රී මහත්තයට පින් සිද්ද වෙන්න නේ වලෙන් ගොඩ ආවේ.

හරි හරි දැන් එයා මොකකද කියන්නේ. උබට මතකද ඒයා කිව්වා ගොම්මන්පිල කරන්නේ අලි පාටියේ කොන්ට්‍රැක් එකක්ය කියලා?

එහෙම කිව්වද?

කිව්වා... කිව්වා.. එවා තොපිට පේන්නේ නෑ නේ. තොපිට පේන්නේ මහින්ද මහත්තයා නාන ගමන් රෙන ගමන් දෙන ටෝක් ඉතරනේ.

අපිට ඉතින් මහින්ද මහත්තයගෙන් තොර ජීවිතයක් නෑ නේ බං.

උඹ අර නානේ ගැනත් එහෙම නේද කිව්වේ?

මොන නානෙක්ද බං. හන්දියේ කඩේ රහීම් නානද?

ඕන.. බලහන්කෝ ඉතින්, ඒ නානා නෙමෙයි බං... අර නානසාර මහ රහත්න් වහන්සේ... අර සිවුර හුළඟේ යන ගමන් ඩිෆෙන්ඩර් වලින් උඩින් වැඩ්ඩේ.

ආ මේ ඒ නානේ?

ඔව් ඔව් ඒ නානේ තමයි. ඉතින් උඹලා ගිනි තියාගන්නවා කිව්වා නේද?

එක මචන් කිසි වටිනාකමක් නැති වැඩක් මාතේ

ඒ මොකෝ ඒ?

මොකෝ කියන්නේ..., දැන් ළෝක වෙළද පොලේ බොරතෙල් මිළ බැහැලනේ.

ඒ ඉතින් ළෝක වෙළද පොළෙනේ? ඉරිදා පොළේ නෙමෙයිනේ?

ඒ උනාට ළෝක වෙළද පොලේ ලාබ දේකින් අපි මක්කා හරි කරානම් හෙම ඒකට වටිනාකමක් එනවද නෑ නේ. උඹලා කියයි තෙල් ලාබ නිසා ගිනි තියාගත්තා මිසක් නැත්නම් කවදාවත් ගිනි තියා ගන්නේ නෑ කියලා.

ඒක හරි.

ඒවා වැඩක් නෑ දැන් උඹ කියන්න ආපු එක කියපන්කෝ.

මම කිව්වේ මම අර අගාධයට බැස්සනේ..

උඹ යටට ඇඳලද බැස්සේ..?

නෑ නෑ එහෙම අඳින්න ඕන මක් නෑ නේ.. ඕන් යූ එන් පී උන් ඉන්න තැනකට නම් යටට ඇඳලා, වැලිකඩ යනවා වගේ යන්න ඕන. නැත්නම් බන්කෙර් වෙල නේ එන්න වෙන්නේ. මේකේ එහෙම බය වෙන්න ඕන නෑ. හැබයි සුද්දියෙක්, පොඩි ගෑණූ ළමයෙක් එහෙම බැස්සුවා නම් කේස්. ඒත් මචෝ මම පර්ස් එක නම් අරගෙන නෙමෙයි බැස්සේ.

දැන් නිකමට හිතලා බලන්න්කෝ මෙහෙම. මහින්ද මහත්තයා ජනේලේ උඩ දේශණාවෙන් පස්සේ සද්දේ වහලා මැදමුලන වත්තේ පොල් ටික කඩාගෙන කතරගම සීනීගම ගැටබරුව වගේ තැන්වලට පොල් ටික විකුනලා අර ඩී බී විජේතුංග මහත්තයා උන්නා වගේ බණක් දහමක් අහගෙන ඉන්නවා.

මොනවද දෝ කියන්නේ එතුමා කවදත් පෝයට බණ අහන මනුස්සයා. උඹ කියන්න ඕනැන්නේ නෑ එතුමට බණ අහන්න.

හරි හරි ඉතින් මම නෑ කිව්වය. උන්නහේ දැණුත් අහනවා ඇති. ඒත් ටී වී එකේ පෙන්නන්නේ නෑ නේ. නාමලුත්, නාමලක් වගේ පිරිසිඳුව සුවඳ දිදි ඔය කාර් රේස් එකක් පැදගෙන ඉන්නවා. බැසිල් මහත්තයා ඇමරිකාවේ ගිහින් එහේ ලේන් එකක් කොන්ට්‍රැක් අරගෙන කරලා, කීයක් හරි හොයා ගන්නවා. ඝෝඨත් "ෆනී වෝ" හරි "වෝ ඉස් හරි ෆනී" වගේ පොතක් ලියාගෙන ඉන්නවා.

එතකොට හැමිනිලා තියෙයි. යාපාලනේ උන් එකසිය ගානට කෙලියිනේ. විපක්ෂෙයි ජෙප්පෝයි ඔක්කෝම ආන්ඩුවේ නිසා.

ආන්න එනවා..... ආන්න එනවා... පොයින්ට් එකට. දැන් බලහන් ඔය අනතුර පේනවා අපේ විමල් කොලුවටයි, ගොම්මන් වෙලාවක ඉපදුනු කොලුවටයි.

ඉතින් උන්ව කව්ද බං ගනන් ගන්නේ...?

ආන්න හරි... ආන්න හරි... ඕකුන් දෙන්නා කවුරුත් ගනන් ගන්නේ නෑ ඒ වගෙම උනුත් කවුරුත් ගනන් ගන්නේ නෑ... ඒ උනාට ඉස්සර වගේම, කොහොම හරි ආයෙත් ජරාවක් කාගෙන ඉන්න තමයි ඕන.

ඉතින් ආන්ඩුවට සෙට් වෙන්න පුළුවන්නේ?

සෙට් වෙන්න තමයි බැලුවේ. ගත්තෙ නෑ නේ.. අර පුලතිසිපුරවරයටම ගිහින් අයියෝ සිරිසේනෝ..... අරකද සිරිසේනෝ...., මේකද සිරිසේනෝ...., කියලා ඉල්ලගෙනම කෑවා නේ. ඉතින් මෛත්‍රි උන්න්නැහේ මුන්ව ගත්තෙ නෑ.

ඉතින් ගොම්මන්පිල?

ඒයාව ගන්න බෑ නේ. චම්පිකයා ඔළුව කයි මහ උන්දැගේ.

හරි හරි.

ඉතින් මුන් බේරිලා ඉන්නත් එපාය. මුන් බලනවා යහපාලනේට සෙට් වෙන විදියක්. ඒ අස්සෙ තමයි මෛත්‍රි රනිල් මාර ප්‍රශ්ණෙකට මුහුණ දෙන්නේ.

ඒ මොකක්ද ඒ....?

උඹ මේවා කාටවත් කියන්න එපා.... මේවා රාජ්ජ රහස්. හෙන ප්‍රශ්ණේ කියන්නේ, මහින්ද ගාව හිටපු හොරු ඔක්කෝම මේ පැත්තට එන්න පටන් ගන්නවා නේ.

එයාලා හොරුද?

එක නම් මම දන්නේ නෑ. FCID එකෙන් අහගනින්. කොහොම හරි ඔක්කොම ආවොත් අල්ලන්න එකෙක් නැති වෙනවනේ. ඉතින් මෙයාලා ගහනවා, මුන් දෙන්නයි, මහින්දයි එක්ක ඇග්‍රීමන්ට් එකක්.

අම්මට හුඩු... නහුතෙට නඩු... කිව්වලු

ඒකනේ මුන් මහින්ද මහත්තයයි මැඩමුයි ගන්නේ නෑ කියන්නේ.

හරි හරි..... ඒක තමයි අර යකා පූස්පාට් එකෙන් යන්න ගියපු වැඩෙනුත් බේරෙන්නේ.
අම්මගේ රෙද්ද... පිස්සුද ඩෝ.... තව පොඩ්ඩෙන් ඇතුලේ. නාමල් තමයි මීගමුව උසාවිය හෙල්ලෙන්න ටෝක් එකක් දෙන්නේ නඩුකාර තුමාට, මේකද යහපාලනේ කියලා.

නිකන් පලයන් ඩෝ යන්න එහෙනම් යෝෂීතටත් කතා කරන්න එපාය.

එයාට කතා කරන්න දීලා නෑ නේ අර කාලිංග ඉන්ද්‍රතිස්සයා. ඒ යකා වැඩේ අනාගෙන. නාමල් දුන්නා නම් දෙන ටෝක් එක දැක්කනේ, හරි හරි ඔහොම යමුකෝ. ඔහේලටත් ලමයි ඉන්නවනේ කිව්වා නම්, එච්චරයි කියන්න ඕන. නඩු කාරයා බය වෙනවා. මහින්ද මහත්තයා වගේම ඕන එකෙක් පොඩි උන්ට ආදරෙයි නේ බං.

ඒක ඇත්ත ඒ උනාට දැ මහින්ද මහත්තයා පොඩි උන් වඩාගන්නේ නෑ නේ බං.

වඩාගන්න පොඩි උන් ගේන්නේ කොහොමද බං. රේප් කේස් කාරයෝ නේ එතුමගේ වටේ ඉන්නේ. අර සීනීගම දේවාලෙදි බැතිමතියකගේ පුකත් මිරිකලා තිබුනේ. පොඩි එකෙක් සෙට් කරන්න හරි උන්දැගේ ඉස්කොඩ් එක කලින් එන්නේ නෑ නේ බං එයා එක්කමනේ එන්නේ.

ඒකත් ඇත්ත... දැන් උඹගේ වලේ කතාවට එමුකෝ...

ඉතින් මුන් තමයි සිරි ලංකා එකේ හරක්ට පුනක්කු දෙන්න පටන් ගන්නේ.. මුන් කියනවා අළුත් පක්ෂයක් හදනවා කියලා. නායකයා මහින්දෙයි කියනවා. කළු කොඩි දාමු කියනවා. කොච්චිකඩේ රැස්වෙමු කියනවා. එහෙම කියලා යහපාලනේට යන්න ඉන්න හොරු ටික මෙහේම තියා ගන්නවා නැත්නම් අරුන්ට අල්ලන්න හොරෙක් නෑ නේ.

ඒක තමයි විමලයට ගේමක් නැත්තේ.

අනික බලහන් විමලයා ඔය කිසි තැනකට එන්නේ නෑ නේ. ඌ ගෙදරට වෙල ඉඳන් පස්ස පැත්තෙන් හිනා වෙනවා. දෙන්නම් නොගිහින් ඉන්න එක හොඳ නැති නිසා ගොම්මනේ යනවා.

ඒ උනාට කොච්චිකඩේට මුළු සිරි ලංකා එකම එනවනේ බං...

මොන පිස්සුද බං ඔය ගේම ගැහුවේ මේකට

මොකටද?

මෛත්‍රී මහත්තයට ඕන වෙල තියෙනවා එයාගේ සෙට් එකක් හදා ගන්න. ඒකට තමයි ඕක ඔගනයිස් කරන්නේ දෙන්නා එක්ක.

ඉතින් ඒ ඉන්නේ සිරි ලංකා එකේ හදවතයි කියලා නේ බං මහින්ද මහත්තයා කිව්වේ. අනික එයා කිව්වේ ඔයලා කොතනද මම එතනෙ කියලා

ඒක ඇත්ත. ඒකනේ මහින්ද මහත්තයා වැලිකඩ හිටං ගාටන්නේ. ඔය සිරි ලංකා කාරයොද බං... ඒ සිරි ලංකා කාරයෝ නෙමෙයි... ලංකාවේ ඉන්න නම්බර් වන් කම්බා හොරු. ස්ත්‍රී දූෂකයෝ, මහ දවාලේ පගාව ගනන් කර කර ඉන්න ගමන් අල්ල ගත්ත ප්‍රාදේශීය සභාපතිලා. අල්ලස් මරුවෝ. ගුරුවරු දන ගස්සපු උන්, මග නැඟුමෙන් කාපු උන්, පොදු වැසිකිලියෙන් කාපු උන්, ගමේ බෝක්කුවෙන් කාපු උන්, කැළෑ කපපු උන්, වැලි ගොඩ දාපු උන්, කසිප්පු පෙරපු උන්, ගොන් ස්පොට් පවත්වාගෙන ගියපු උන්, චයිනීස් රැස්ටුරන්ට් කියලා හොර අරක්කු විකුණපු උන්, හොරෙන් පතල් කපපු උන්, මිනීමරපු උන්, කුඩු විකුණන උන්, ගංජා ව්කුනන උන්, ප්‍රාදේශීය පාතාල නායකයෝ. මුන්ද බං සිරි ලංකා කාරයෝ කියන්නේ. අපි නම් දන්නේ සිරි ලංකා කාරයෝ කියන්නේ සඝ වෙද ගුරු ගොවි කම්කරු කියලා පස් ගොල්ලයි ඕකේ ඉන්නේ කියලා. බලාගෙන ගියාම කම්බා හොරු කියලා සෙට් එකකුත් ඉන්නවා කියලා දැනුයි බං දන්නේ.

එතකොට අනික් පක්ෂවල ඉන්නේ ඔක්කොම එළ කොල්ලෝ..

මොකේ හිටියත් හොරා හොරාමයි බං... ආන්ඩුවේ සාක්කි කාරයෝ වෙලා හරි, මෙහෙම ඩීල් දාලා හරි, හොරු  අල්ලන්න සප් එක දෙන එක තමයි කරන්න ඕන. ඒකයි මම කිව්වේ, ආන්ඩුවට සෙට් වෙන්න දෙන්නේ නැතුව මළබද්ධ විපක්ෂේ හරි, අළුත් පක්ෂ හරි, මොණ මලදානයක් හරි කරගෙන, අල්ලනවයි කිව හොරු අල්ලන්න ආන්ඩුවට සහයෝගයක් දෙන උන් මල් තියලා පුදන්න ඕනෙයි කියලා.

එහෙනම් ඒකයි මේ උඹ විමලෙටයි ගොම්මන්පිලටයි මක්කත් නොකියන හේතුව..

කොහොමද බං යහපාලනේ උන්ට මක්කත් කියන්නේ? තාම ආපු ගමන් නේ.

63 comments:

  1. භාගයක් කියවද්දී නින්ද ගියා පුංචි මහත්තයෝ.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එක හීනෙන් කොටන්න ඇත්තේ...

      Delete
  2. කමෝන්............ කමෝන්.................. වෙන මොනවා කියන්නද බං.....

    ReplyDelete
    Replies
    1. වීර විභූෂණ වගේ සම්මාණ දෙන්න ඕන මේ වගේ අයට... නැත්නම් එක හොරෙක් අල්ලගන්න කියලද...?

      Delete
    2. ඒත් මට මාර අවුලක් තියෙනවා මාතා... ගොංමං කතා කරනවා දැක්කා ම ටීවි එක උස්සලා පොළවේ ගහන්න හිතෙනවා..... ඒක මූණේ අවුලක්ද???? (බේබි ෆේස් ගතිය නිසා) නැත්තං කතාවේ අවුලක්ද?????? (හුරතල් වෙවී කතා කරන නිසා)කියලා හිතාගන්න බැහැ..... ඒත් මොකක් හරි නිසා මූණ සමතලා කරන්න වගේ හැගීමක් එන්නේ ඇයි බං.........????????

      Delete
    3. ගොංමං කතා කරනවා දැක්කා ම ටීවි එක උස්සලා පොළවේ ගහන්න හිතෙනඑක සිංහලයන්ගේ තියෙන දුර්වල කමක් හැකි ඉක්මනින් හදාගන්න උත්සාහ කරන්න.
      විග්නේෂ්වරන්ගේ මූන දැක්කාම තරහායන දෙමළු ඉන්නවද?
      ගම්මන්පිල මහත්තයා දේශපාලනේ නොකර වෘත්තීය අංශයෙන් ඉදිරියට නොගියානම් අද රුපියල් ලක්ෂ 10කට වඩා වැඩි මාසික ආදායමක් ගන්න පුළුවන් කෙනෙක්. ඒ අතින් එයා ලොකු කැපකිරීමක් කල කෙනෙක්. ස්වර්ණවාහිනියේ එයා සහභාගිවුන දේශපාලන සාකච්චාවක් ඇහුවාම මට පුදුම හිතුනා මට හිතෙන එකමයි එයාටත් හිතෙන්නේ.

      Delete
    4. අනේ ජගත් පතිරණ පුළුවන්නම් ඌට රස්සාවක් හොයලා දියන්කෝ...

      ගොඩක් අයට ප්‍රෙෂර් පෙති ගන්න එක නැති වෙනවා... ළොකු පින්කමක්. බං...

      Delete
    5. @ජගත්, විග්නේෂ්වරන්ගේ මූන දැක්කාම තරහායන දෙමළු මම දන්නවා. TV එක පොළවේ ගහන්න හිතෙන කතාව ඇත්ත. මගේ පෞද්ගලික හේතුවනම් මොහු ගැන තිබුන සුබවාදී ආකල්පය බිඳවැටීම නිසා ඇතිවුන පිළිකුල් සහගත හැගීම.

      ගොංමං ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුණා මුල් කාලයේ. අධ්‍යාපන පසුබිම, වෘත්තීය පසුබිම, කතාවේ තිබුණ හරවත් බව ගැන හිතුවම මේ මිනිහ නම් රටට මොකක් හරි වැඩක් කරයි කියල අවංකවම විශ්වාසයක් තිබුණා. ඒ බලාපොරොත්තුව පුස්සක් බව වැටහුනේ සාටකේ එල්ලිලා ජාතිවාදී නගුට වනන වන්දීබට්ටයෙක් උනාට පස්සේ. දැන් නම් අර අටපාස් විමලේගෙයි ගොංමංගෙයි කිසිවෙනසක් පෙනෙන්නේ නෑ.

      ගොංමං දේශපාලනයට එන්නේ නැතුව වෘත්තීමය පැත්තෙන් ඉදිරියට ගියා නම් ලංකාවේ කීර්තිමත් ව්‍යාපාරිකයෙක් ගැන අනාගතයේදී කතා කරන්න පැහැදිලිවම ඉඩ තිබුණායයි මම හිතනවා.

      Delete
    6. ජගත් සහ උදය සමග එකඟයි,

      ඉතාම පුදුමසහගත විදිහට අන්ත දූශිත මරා කල්ලිය සමග එක්වන සියලුදෙනාම සමාජය තුළ දැඩිලෙස පිරිහෙන බවක් පෙනෙනවා. ඔවුන් බලාපොරුත්තුවූ සිංහල බෞද්ධ අධිපතිවාදී පාලනයක් ගොඩනැගූ එකම සිංහල නායකයා මරා පමණයි. නමුත් මරා කුජීතවීමත් සමග ඔහු සමග එක්වූ උගත් නූගත් සියල්ල්න්ම පාහේ එක ලෙස තම තත්ත්වය නැතිකරගෙන කිච වුණා. මීට හේතුව ලෙස මා දකින්නේ මරා වටේ සෙට් වෙච්චි අසීමිත හොර තක්කඩි ටික. උන් නිසා මුනුත් බලු වෙලා. මේක ගෙවිඳු, දයාන්, නාලක ඇතුලු අනෙක් අයටත් අදාළයි.

      දැන් කලයුත්තේ මෙයයි;

      01. මරා සිරා සහ රනිල් සමග ඩීල් දමා දේශපාලනයෙන් සමුගෙන තමාගේ නඩු සහ ප්‍රශ්න යට ගසා ගැනීම.

      02. මරා කල්ලියේ සිටින බන්දුල, දිනේශ්, වාසු, රෝහිත මාල හොරා, ජොනී ඇතුළු තක්කඩි කම්බ හොර දූශිත පිරිස සිරාටම බාරදී නිදහස් පක්ශයත් සිරාටම දීම. නාමල් බබාත් සිරාටම දෙන්න පුළුවන් නම් විශිශ්ටයි.

      03. ගෝඨාභය ඇතුලු පිරිස සමග මරා නොමැතිව අලුතෙන් නව පෙරමුණක් සාදාගැනීම. මෙයට වැඩි වැඩියෙන් අලුත් උගත් දක්ශ තරුණ පිරිසක් එක්කරගත්තොත් වැඩේ ඉක්මනින්ම ප්‍රතිපලදායකයි. තව ගම්මන්පිල කතාව හැකි පමණ අඩුකොට ලිපි ලිවීම සහ සංවිධාන කටයුතුවලට මූලිකත්වය දිය යුතුයි.

      නමුත් ප්‍රායෝගිකව මේක වෙයි කියල හිතන්න අමාරුයි, මරාගෙ මෝඩ පුත්තු ටිකයි බැසිලයි ගොටු අල්ලන තක්කඩි ටිකයි නිසා.

      Delete
    7. ඇනෝගේ කොමෙන්ට් එක ඇක්සොලන්ට්...

      Delete
  3. නියමයි මාතෙ. බ්ලොග් වල ග්‍රහයෙක් මාරුවෙලාද මන්ද වැටෙන පෝස්ට් එකකට එක දෙවෙනි නෑ.

    ReplyDelete
    Replies
    1. ග්‍රහ මාරුවක් තිබුනා මෑතකදි... 2015 ජනවාරි 8 වගේම එකක්..

      Delete
  4. අයිසෙ මාතලන් මේක දිග වැඩියි

    ReplyDelete
    Replies
    1. ෂොරි මච්චන්... පොඩි එකක් දැම්මාම වරෙන්...

      Delete
  5. රටක් ජාතියක් ජාතකයක් උප්පැන්නයක් නැති උඹ වගේ අහිකුන්ටික මෝඩ සක්කිලියෙකුට වැදගත් නැති උනාට ජාතකයක් තියෙන එවුන්ට මුන්ව වැදගත්

    ReplyDelete
    Replies
    1. මටත් මාර වැදගත්, රටටත් මාර වැදගත්, ළෝකයටත් මාර වැදගත්.

      Delete
  6. මේක විමලේටයි ගොම්මනේටයි ප්‍රින්ට් කොරල තැපැල් කොරන්න වටිනවා. උඹ කොන්වසේෂනල් ඉට්ටයිල් එකෙන් ලියල තියෙනවා දැක්කමයි. ඔඳයි ඔඳයි යෝම යන් යෝම යන්!

    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. තැපෑල පරක්කුයිලු මචං....

      විමලෙගේ ඊ මේල් එකත් අදිරාජ්ජවාදි එකක් කියලා කියන්නේ... මේ ගූ ගල්ද මොකක්ද ගල් ජාතියක් කියන්නේ..

      Delete
  7. ප්‍රසිද්දියේ පිලිනොගත්තට මාජ්ජ වලට රනිල් ලොක්ක දාන පුස් පාට් වලට සහ සියලු ප්‍රාදේසීය දේසපාලුවො මහින්ද මහත්තය වටේ එක් රැස් වීම ගන මාතලන් ලොක්කා පොඩ්ඩක් අවුට් ගිහින් වගේ....

    අර නිර්මාල් දේවයා එහෙමත් නිකන් යලටත් නැති මහටත් නැති ටෝක් එහෙම දීල තිබුනේ...



    අවුලක් නැහැ... මෑත අතීතයේ සිද්ද වෙච්චි විසාලම ආර්තික සන්වර්දනේ හෝ ගාල ක්‍රියාත්මක වෙනව නේ.... ෆොක්ස්වැගන් කර්මාන්තසාලවෙම කී දෙනෙක් නම් වැඩ කොරනවද මන් අහන්නෙ?

    මේ දවස් වල ස ර ස තුමා පැල් රකින්නෙත් පේ පැල් එකෙන්...

    ReplyDelete
    Replies
    1. මාර අවුට් මචං... නිකන් හිතහන් මක්කා හරි අනතුරක් උනා ඕකුන් සෙට් පිටින් යන වාහනෙකට... එහෙම නැහ්නන් එහෙම දෙයක් කලා...

      රටේ වීර පුතුන් කීයක් නැති වෙනවද බං එකපාරම...

      Delete
  8. oya sinhala pirimi deviyagawatama witharak yana eka hari ne neda. samalingika deviyoth innawa ethi neda.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ.... දෙවියන්ට යට කෑල්ල නෑ නේ...

      Delete
    2. Jagath Silva,

      දෙවියො ගැන කියද්දි මතක් වුණේ. ගරු අගමැති රනිල් අර ඉන්දියාවෙ කෝවිල් ගිහින් බාරහාර ගොඩක් පුද පූජා හෙම කරා නේද? තමුන්ගෙ බරට හරියන්න සඳුන් පූජකරන්න බාරයක් වුණා රනිල් මැතිතුමා. මෙහෙ පන්සල් පල්ලි යන් එවුන්ට පට්ට ගෝත්‍රික ගොබ්බයො කිය කිය අපහාස කරකර ඉන්දියාවෙ කෝවිල් අස්සෙ රිංගනව. බලනකොට ගරු අගමැති රනිල් අර පොල් හොරකම් කරපු එවුන්ට වඩා හපන්. මහජන මුදල් කෝටි ගනන් වියදම් කරලනෙ ඉන්දියාවෙ පොල් ගහන්න යන්නෙ. මරා කල්ලියෙ ගොඩේ ටයිප් හොර හැත්තටම කැපෙන ටොයියො කියාගන්න ටයිකෝට් අඳින වෙන්ඩ පොශ් බයියො (නම විතරක් වෙනස්) සෙට් එකක්. මුන් දෙගොල්ලම එකයි, වෙනස තියෙන්නෙ පක්ශ පාටවල විතරයි.

      Delete
    3. හැබැයි ඒ අතින් ජෙප්පොයි පෙරටුගාමීනුයි වගේම කොච්චර වැරදි තිබ්බත් බූරුවංස උණත් රනිල් සිරිසේන ඇතුලු යහපාලන නායකයින්ට වඩා සෑහෙන උසස් . ඔය පට්ට ගෝත්‍රික දේව වන්දනා, බාරහාර, කෝවිල් අස්සෙ ලැගිලි වගේ අමුම අමු ගොබ්බ පීචං වැඩ කරන්නෙ නැහැ.

      Delete
    4. මනුස්සයෙක් දෙයක් කෙරෙහි විශ්වාසයක් තියෙනවා ඒක පෞදගලිකව කර ගත්තට අවුලක් නෑ. ඒත් ඒවා රටටම ලයිව් පෙන්නගෙන අනික් උන්ටත් ඒවම කරන්න කියන එක නම් ගෝත්‍රිකත්වයම තමයි.

      ජෙප්පෝ අටපිරිකර උස්සන් යනවා ඕන තරම්, පන්සල් යනවා. යාපනේ ගියාම කෝවිල් යනවා.

      Delete
  9. යහපාලනේ වෙනුවෙන් කඩේ යන හූඇම්පී ටොයියො කියාගන්න මොළේ කළඳක් නැති අමුම අමු ගොබ්බ මැටි හරකුනුත් මරාගෙ පට්ට ගෝත්‍රික අමු ජාතිවාදී කම්බ හොර බයි හැතිකරේ වගේම අපත හාල්පාරුවො ටිකක්. ඕකුන්ගෙ ඇඟ පුරා ගොම. මොළයක් නැහැ. ඕකුන් පත්කොරගත්තු නායකයොත් ඕකුන් වගේමයි (උදා: ගොංජා, ඩිජිටල් නොදන්න ඩිජිටල් ඇමැති පිංගොනා, ලස්මං කුචිඇල්ල මීගොනා, පී හැරිසන් පී ඩයල්) ඇතුලු මැටිමෝල්ලුන්ගෙ කතා අහන්නත් අප්පිරියයි.

    රනිල් කියන්නෙ සාපේක්ශව උගත් සෑහෙන අත්දැකීම් ඇති පලපුරුදු අයෙක් නිසා මා විශ්වාසය තැබුවේ ඔහු ගැනයි. නමුත් දැන් දැන් ඔහුත් කිසිසේත්ම කියන තරම් දැනුමක් හෝ බුද්ධියක් නැති වගේම අවස්ථාව ලැබුණොත් තවත් දරුණු ඒකාධිපතියෙක් වීමේ විභවයක් ඇති කෙනෙක් බව පෙන්වමින් සිටිනවා.

    කෙසේ නමුත් රාජප්ක්ශ පාලනය පෙරලා දැමීමට දුන් ඡන්දය ගැන පසු තැවෙන්න එපා. මරා කල්ලිය දිගටම හිටියනම් මීටත් වඩා පිස්සු කෙළින්න තිබ්බ. කොහොම නමුත් අප ඇතුළු නිදහස් මතධාරී බහුතරයක් සිතූ පරිදි රනිල්-චම්පික-සෝභිත හිමි ප්‍රමුඛ සිවිල් සංවිධාන වල බලපෑමෙන් දුබල විධායක ජනපතිවරයෙක් යටතේ ජනතාවාදී සංශෝධන සිදුවනු වෙනුවට මෙලෝ රහක් නැති විකාර රූපී විකෘති පාලනයක් ඇතිවෙලා. ජවිපෙ මෙන්ම හෙළ උරුමය වැනි කුඩා පක්ශත් පිරිහිලා.

    අනෙක් අතින් මරාලා හදන්න යන නව පක්ශයේ ඉන්නෙත් පරණ දූශිත මිනිස්සුන්ට එපා වෙච්චි හොර හැත්තක්. තව ඒ.එස්.පී ලියනගේ වගේ අමු ගොබ්බ තක්කඩියොත් සෙට් වේවි. මරාගෙ සාම්ප්‍රදායික ඡන්දදායකයොයි තව යහපාලනය එපා වෙච්චි අයගෙන් ටිකකුයි විතරක් ඡන්දෙ දෙයි. දැන් අපට තියෙන ප්‍රධාන ප්‍රශ්නය නිසි විකල්ප බලවේගයක් නොමැති වීම.

    ඉතාම ඉක්මණින් රටට අලුත් තරුණ නායකයෙක් යටතේ විකල්ප බලවේගයක් ගොඩනගාගතයුතුමයි. ඉක්ටා (කලින් සීපා) වලට එරෙහෙව නැගීසිටින තරුණ වෘත්තීයවේදීන් හරහා මෙම බලවේගය ගොඩනගාගැනීමට කටයුතු කරමු. අවශ්‍ය මොහොතක අවශ්‍ය නායකයා කෙසේ හෝ බිහිවනු ඇත.

    ReplyDelete
    Replies
    1. //රනිල් කියන්නෙ සාපේක්ශව උගත් සෑහෙන අත්දැකීම් ඇති පලපුරුදු අයෙක්//

      Are you sure? But kindly look at the following news;

      Hon. Prime Minister Ranil Wickramasinghe has offered special prayers at famous Guruvayur Hindu Temple & also likely to offer prayers at the Mamiyoor Sacred Temple of God Krishna. Wickramasinghe had visited the temple in April last year (2015) as well, along with his wife and had offered Thulabharam, an offering where a devotee is weighed against offerings with sandal wood, a very expensive and precious Pooja to be offered to God Krishna.

      Sources:

      http://www.tamilcnn.ca/ranil-offered-special-prayers-at-guruvayur.html

      http://www.siasat.com/news/sri-lanka-pm-offer-prayers-guruvayur-sreekrishna-temple-kerala-915931/

      Can you expect miracles from this kind of leader who blindly follow mythical deities & useless rituals? It seems he is in the same boat as well as MR but tries to fool people in SL and doing funny stuff at abroad? Funny thoughts, aren't they?

      Delete
    2. AnonymousFebruary 15, 2016 at 11:58 PM

      ඔබ සමග එකඟයි. ඉක්මණින්ම අලුත් විකල්ප දේශපාලන ප්‍රවාහයක් රටට අත්‍යාවශ්‍යයි. හැබැයි මරාගෙ හිටපු තක්කඩි කම්බ හොරු ටික නෙවෙයි වෙන අලුත්ම කණ්ඩායමක්.

      Delete
    3. අළුතෙන් හිතන්න යමක් තියෙන කොමෙන්ට් එකක්... විරුද්ධ උනාට කමක් නෑ.. හේතුවක් ඇතිව.. කොහොමත් කිසිම ආන්ඩුවකට පිස්සු කෙලින්න දෙන්න නම් හොඳම නෑ..

      Delete
    4. රනිල්ව විවේචනය කරන්න තව ටිකාක් කල් තියනවා. මම ත් ඔය දේවාල කෙස් එක ගැන හිතුව. අපි මරාට බැන්න නම් රනිල්ට ඒ හැන්දෙන් ම බෙදන්න පුළුවන් වැඩක් බව ඇත්ත. මාතලන් කියන එකෙත් ඇත්තක් තියනවා. දැනටමත් සමහර වෙබ්සයිට තහනම් කරන කතාවක් යනවා කියල ආරන්චියි. හැබැයි එදාට හාන්සි වෙන්න වෙන්නේ ඕව යෝජනා කරන අයට.

      Delete
    5. කොහොමත් මාතලන් පිලිගන්න දෙයක් තමයි මේ රට හදන්න නම් සුන්දර එකාධිපටියෙක් ඕනා කියන දේ. මම හිතුවේ ඒ ඝෝඨාභය කියලා. හැබයි රනිල් ඊට කලින් ඒ ලක්ෂණ පෙන්වනවා. ඒක හොඳ සළකුණක්.

      මේ වගේ ගෝත්‍රික රටවල් දියුණු වෙන්න එහෙම පාළකයෙක් අත්‍යාවශ්‍යයි. මහින්ද තමයි බුලට්ම භාන්ඩේ. හැබයි එයා හිතුවේ පවුල ගැන විතරයි. නිකං බලපන් ඒ දැක්ම රටටම යෙදෙව්වා නම් කොහොම වෙනසක් රටේ වෙයිද කියලා.

      Delete
  10. කොහොමෙන් කොහොම හරි මේ කරන වැඩෙන් එතකොට ලංකාව සුර පුරයක් වෙනවා. ඔක්කොම හොරු ටික අල්ලගන්න පුළුවන් වෙනවනේ... එතකොට ඔය ගොම්මන් වෙලාවයි පංචායුද කුමාරයයි මොනවත් වැරද්දක් කරලාම නැද්ද?

    ReplyDelete
    Replies
    1. දෙන්නටම කේස් තියෙනවා.. ඒත් අදින එකක් නෑ.. ඊට වඩා සේවයක් උන් දෙන්නා ආන්ඩුවට කරනවා නේ...

      Delete
  11. ඇත්තටම ගම්මන්පිලට ඉගෙන ගත්ත දෙයින් වැඩක් කරන්න හිතුනනම් අද රටට වැඩදායක මිනිහෙක් වෙලා

    ReplyDelete
    Replies
    1. උගත් වැදගත් මිනිස්සුන්ගේ පක්ෂය තමයි එජාපය. චම්පිකටත් එතනට එන්න සෑහෙන කලක් ගියා. සමහර විට ගම්මන්පිලටත් තෙරේවි.

      බලපන් අර හොඋර් එක්ක ඉන්න් එකම වැදගත් මනුස්සයා ඔය ගොනා විතරයි.

      Delete
  12. ඉස්සර යුරේනිගෙ ජංගිය, රුවන්ගිගෙ තන් දෙක, ශනුද්‍රිගෙ ඥානය රසවිඳපු අපි දැන් ඔපෙරා ගායනයක් රස විඳිනවා. ඒ කියන්නේ අපි දැන් උසස් රසවින්දනයකට හුරුවෙලා. මේක මොනතරම් නම්බුවක්ද?
    දැන් ටිකකට කලින් දැක්කා හෙට ස්වාධීන රූපවාහිනියේ "කොදෙව්වේ කලාව" කියලා රනිල් රනිල් සමඟ සාකච්චාවක් යනවාලු. කාලෙකින් රනිල් ඇදගෙන නානවා දැක්කෙ නෑ. ඒක නොවරදවාම රස විඳින්න.

    ReplyDelete
    Replies
    1. මහින්දටත් වඩා නානවද මචං...

      Delete
  13. ගරුතර සංඝරත්නයෙන් අවසර. අවසරද?

    ඇත්තද අපේ ගයිඩ් මහත්තයා පොඩි හාමුදුරුවෝ එක්ක පන්සලේ සෙල්ලම කරනවා කියන්නේ? දෙන්නටම එක පේස් කට් එකනේ තියෙන්නෙත්. ගයිඩ් මහත්තයා මහන කෙනෙක් කරන්න ඕනි.

    තරහ අවසර.

    ගයිඩ් මහත්තයෝ අරගෙන ආවට දානේ. ලොලිපොප් දෙන්නං නිවනට යන්නට හැන්දෑවේ.....

    ReplyDelete
  14. පරපෝශිතයින්ට මල් පුදමු!

    ReplyDelete
  15. කවුරු හරි ඇහුවොත් මං මෙච්චර මහින්දට කඩේ යන්න ඇයි කියල මන් දෙන්නෙ එක උත්තරයයි. මගෙ අම්මයි තාත්තයි දෙන්නම සිංහල.

    ReplyDelete
    Replies
    1. පිළිගත් තැනකින් ගත් DNA සහතිකයක් තිබේද?

      Delete
    2. Dayal Bathee උඹෙ අම්ම සුද්දියෙක්ද?

      Delete
    3. ගනන එපා දයල්.. මේ බයියන්ගේ උරුමය. උන් කෙලින්ම ඇදලා ගන්නේ අම්මා.. මේවා උන්ගේ අම්මලගේ වැරදි නෙමෙයි. තාත්තලගේ වැරදි..

      සරමේ පිහි නොදාපු එක..

      Delete
    4. අනේ පල මාතලන් පොන්සිය යන්න. තොට සිංහල ජාතිය ගැන කැක්කුමක් නැත්තන් පල වෙන රටකට. මොකද මෙහෙ ලැගන් ඉන්නෙ. උඹ කරන්නෙ සුද්දන්ගෙ පුක හෝදන එක කියල අපි හිදට දන්නව. සිංහල මිනිස්සුන්ට මෙච්චර කෙළවෙනව තෝ ඒවට මුකුත් ලියන්නෙ නෑ. උඹ වගේ ජාතියට අවමන් කරන උන් වෙන රටවලට යන්නෙ ණ් ත්තෙ ඇයි?

      Delete
    5. හරි හරි
      ඔයාට විහිලුවක්වත් තේරෙන්නෙ නෑනේ ඇනෝ
      ඔයා කඩේ යන්න කඩේ යන්න

      Delete
    6. කොහෙද ගොනෝ හින්ගලයට කෙලවෙලා තියෙන්නේ... මහින්දටයි කම්බා හොරුන්ටයි කෙල උනා...

      Delete
    7. අරාබි කොඩිය ඊලාම් කොඩිය උස්සන්න පුලුවන් ඒත් තීරු අයින් කරපු සිංහල කොඩිය උස්සන්න බෑ. අරාබි ස්ටිකර් අලවන්න පුලුවන් සිංහලේ ඒව බෑ. මුස්ලිම් පල්ලි වල සද්දෙට කෑ ගහන්න පුලුවන් පන්සල් වල පිරිත් දාන්න බෑ. සිංහලයට කෙලවෙලා නැත්තෙ කොහෙද? විල්පත්තුව කපනව මෙහෙ සමහරු නිදි.

      Delete
    8. අම්බ පච....

      ලංකාවේ කිසි තැනක ඊලාම් කොඩි උස්සා නැත.
      තීරූ අයින් කරපු සිංහ කොඩිය හෝමාගම ටවුමේ සිංහ ලේ සහිත 20 දෙනෙකු පමණ එක් වී උස්සාගෙන කිච විය.

      සිංහ ළේ ස්ටිකර් රට පුරා අත.

      අද උදේ ඇහැ ඇරුනේත් කන පුපුරන්න දාපු පිරිත් හඬ මධ්‍යයේය.

      විල්පත්තු කැපීම නැවති ඇත. විල්පත්තුව කැපුවේ රිෂාඩ් බව ඇත්තය. නමුත් එය බැසිල්ගේ ව්‍යාපෘතියකි. උසාවියට ගල් ගැහුවේ මහින්දගේ කාලයේ මිස මේ කාලයේ නොවේ.

      Delete
  16. Palm civets !


    https://en.wikipedia.org/wiki/Golden_palm_civet


    ReplyDelete
  17. kuwwath wage UNP karayo gammanpilatai wimaltai mal thiyala wandhath waradak naha.
    oya karana udawwata.

    ReplyDelete
    Replies
    1. මම නම් රූප දෙකක් පේ කරලා මෛත්‍රීගේ පොටෝ එක දෙපැත්තේ එල්ලුවා.

      Delete
  18. Replies
    1. මහින්දගේ ඒ දෙකත් නැති කරලා තමයි නවතින්නේ...

      Delete
  19. අලුත්ම ලේ .... විම-ලේ.... hukaz...!!!

    ReplyDelete
  20. කොහොමින් කොහොම හරි ඕකෙන් අන්තිමේ ඇන්දෙන්නේ මහින්ද මාමා තමයි. ඒ මනුස්සයට නිදහසේ විශ්‍රාම අරන් ඉන්න නොදී නිකන් චාටර් කරවනවා.

    ReplyDelete
    Replies
    1. පව් බං එයාම කියනවා මේ දෙන මානසික වදේ ඇති කියලා..

      දැන් පරණ රස්සාවට බහින්න තරමට වැටිලා...

      Delete
  21. ඇයි බන් මාතලන් ඔහොම බඩේපාර ගහන්නේ මිනිස්සුන්ට.. තැටිය රත්වෙච්චි වේලේ රොටිය පුච්චගන්න දඟලන බහුතරයක් ඉන්න රටක ගොම්මන්පිලයි විමලෙයි කියන්නෙත් උන් දෙන්නගේ රොටි දෙක පුච්චගන්න දතකන ජීවීන් දෙන්නෙක් විතරයි මයේ අප්පෝ..

    තමුන්ව මාර්කට් කරගන්න දඟලන දේසපාලුවෝ අතරේ එක එකා එක එක ජාතියේ තියරි පාවිච්චි කරලා තමුන්ව මාර්කට් කරගන්නයි උත්සාහය..

    දකුණේ මහා ඇමතිය ඊයේ පෙරද අපූරු මාර්කටිං වැඩක් කොරල තිබ්බ. ගිය අවුර්ද්දේ සිස්සත්තේ පාස් වෙච්ච දරුවන්ට දීපු මොකක්දෝ තෑග්ගක් දීල තියෙන්නේ මහා ඇමතිතුමාගේ අතින්. ඒ තෑගී උත්සවේ තෑග්ග දෙන එක පින්තූර අරන් ඒ පින්තූර ළමයින්ට බෙදල දෙන්නත් ඊයේ පෙරේදාවක උත්සවයක් සංවිධානය කරලා. හැක්.. මුළු කාලාපෙම ළමයි එක ඉස්කෝලෙකට ගෙන්නලා මහා ඇමතිය එක්ක ගහපු පින්තූරේ බෙදාදීමේ උත්සවේ ජයටම තිබ්බලු. වැඩේ කියන්නේ ඒ පින්තූර බෙදාදීමේ උත්සවෙත් පින්තූර බෙදල දීල තියෙන්නේ මහා ඇමතිතුමා. එතනත් පින්තූරු අරන් තියනවා ළමයි මහා ඇමතිතුමා අතින් පින්තූර ගන්න එක. මම හිතන්නේ දැන් පින්තූරු බෙදාදීමේ උත්සවේදී ගතපු පින්තූරු බෙදා දෙන්නත් තවත් උත්සවයක් තියාවි. හැක්.. හැක්..

    පින්තූරු බෙදාදීමේ උත්සවේට දුර පළාත් වලින් ආපු ළමයින්ගේ එදාවේල හම්බුකරන දෙමාපියන්ට දවසක පඩිය කපෝති වගේම ළඟ පාත ළමයිගේ දෙමාපියන්ටත් දවසේ වැඩ කපෝති. ඒ වගේද ඉතින් ඇඟේ තරමට මොලේ නැති මහා ඇමතිය අතින් තෑගී ගන්න පින්තූරේ ඉස්ටේජ් එකට නැගල ගන්න එක.. හැක්..හැක්..

    බ්ලොග් පොස්ට් ලිය ලිය හිටියට වැඩක් නැහැ මාතලන්.. මේ වගේ දේසපාලන භූරුවන්ගෙන් අපේ දරුපරපුර බේරගන්න විදිහක් බලහන්. ආණ්ඩු පක්සේත් විපක්සේත් වැඩිහරියක් ඉන්නේ මේ වගේ මහප්‍රාණ භූරුවන් තමයි.

    ReplyDelete
    Replies
    1. උන් හැම එකාටම විරුද්ධව තමයි මේ සටන

      Delete
  22. මෙතන සම හරක් ඇනෝල කඩේ යන හැටි දැක්කම පුකෙනුත් හිනා යනව. ගෝත්‍රික සිංහලයින්ව කවදාවත් හදන්න බෑ. හමුදාව උතුරෙ අහිංසක මිනිස්සු මරනකොට ලේ පිපාසිත ගෝත්‍රික සිංහලයො ඔක්කොම හුරේ දැම්ම. බටහිර රටවල් කියපු දේවල් තඹ සතේකට ගනන් ගත්තනන් අපිව මෙහෙම වැටෙන්නෙ නෑ. එදා එයාල කියපු දේ අහල යුද්ධෙ නැවැත්තුවනම් අද මෙච්චර අගාධෙකට වැටෙන්නෙ නෑ. ඔය සීප කෙහෙල්මල් ගේන්න වෙන තත්වෙට රට පත්වෙන්නෙ නෑ. එහෙම කරානන් බටහිර රටවල් අපිට උදව් කරනව. අදටත් බටහිර රටවල් උදව් කරන්න කැමතියි ඒත් රට අගාධෙකට ගිහින් ඉවරයි. ලංකාවෙ ගෝත්‍රිකයො හෙන ආතල් එකේ හුරේ දදා හිටිය යුද්ධෙ ඉවර කරපු දවස්. මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වගේ දේවල් අපේ මෝඩයින්ට උගන්නන්න බෑ. ඒවගෙ වටිනාකම දන්නෙ බටහිර රටවල් විතරයි. ඒකයි එයාල දියුණු. අපේ ලේ පිපාසිත ගෝත්‍රිකයො හැමදාම තුන්වෙනි ලෝකෙ.

    ReplyDelete
    Replies
    1. එයාලා මහින්දත් එක්ක ආයේ නැගිටින්න යන්නේ..

      හැබ්යි අප්පච්චි මළා කියලා එයාලා දන්නේ නෑ.. ඒ තරමට හරක්..

      Delete
    2. අනිවාර්යෙන් මචන්. ප්‍රභාකරන් මහත්තයා දෙමළ ජනතාවට ලබා දීලා තිබුන ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් තේරුම් ගන්න මෝඩ සින්හලයන්ට කවදාවත් බෑ. මෝඩ මහින්දයා ජනාධිපති වෙන්න කලින් රට කොච්චර හොඳට තිබුනද. ගොන් බයියො ටික රට කෑවා.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න