හාමුදුරුවනේ ණය ගන්නේ කන්න නෙමෙයි
කියමින් කෙලපු ණය දැක්කම තරුද පෙනෙයි
ඒ ණය ගෙවන්නට මුන් තව ණයට ගෙනෙයි
ගිලෙනා නැවේ සිට මැතිවරු පිස්සු කෙලියි
හැරිසන් සිරිසේන හාලට කෙලින කළ
පානුත් කියා ගන්නට බැරි ජනම් කැළ
බල බල සිටි පෝලිමෙ වී එයිට් (V8) පෙල
හෙන පුපුරපන් දියවන්නා මැදුර තුල
කන බොන හැමදේට වැට් මෑනයා කෙලියා
සිකැරට් අරක්කුත් දැන් අල්ලන් නට බැරියා
වාහනයක යන්නට බලමින් සිටියා
පුකත් නැතිව දැන් හොම්බෙන් යන සැටියා
බීඩි එක්ක හවසට කසියා ගහමු
හෙටවත් මිහිඳු ඒදැයි බලමින් සිටිමු
විස්සෙදි අනුරයා රජ පුටුවේ තියමු
ටිල්වින් ලොක්කාට අපි ගේකුත් හදමු
යහපාලනය තුල ඇත දැන් යම යුද්දේ
පිං ඇමතිලා ගේමම ඉල්ලයි සද්දේ
විසිකර නයින් දාගත් අස්සේ රෙද්දේ
ආන්ඩුවේ ඇතුලේ කරපන් සුද්දේ
අනේ තොපේ මව් රෙද්දේ සංහිදියා
රවිරජ මරපු උන් සොමියේ ගෙදර ගියා
උතුටර මුකුත් තාමත් ඇත්තේ නැතියා
මිදි වැල වටේ යනවා සංහිදි නරියා
සිරිසේනගේ ග්‍රහ අපලය දුරු වන්නයි
මහින්දගේ හොරු ටික හට කෙල වන්නයි
බැඳුම්කරේ ආයෙත් එලියට එන්නයි
දෙදහස් දහ හතේ වත් රට ගොඩ එන්නයි
- Maathalan -
මහින්ද මාමි 2017 රටට කොරවනකම් කොරවී අපි බලා සිටිමු.
ReplyDeleteඋන්ට සීනි ගම දෙයියන්ගේ පිහිටයි.
අළුත් වසරට මාතලන් තුමාටත් සුභ වසරක්. ඇන්ඩ් හැපි බර්ත් ඩේ 👊🍻
ආතල් ටිලාන් තුමාටත් එසේම වේවා.....!!!!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසිරිකොත රනිලාය හිටියොත් පුක නැහැ ය
ReplyDeleteලිඳේ හුටමාය නහුතෙට පඩ ශෝ ය
උතුරෙන් විගා දඟලනවා වැඩි වේය
මෙහෙම ගියොත් සිරි ලන්කා සොරි වේය!
බුදුන් ජේසූ ආවත් මේ කුමේ තුල
Deleteනිවනෙට සුවර්ගෙට ඇත වටිනාකමක් මිල
බ්ලොග් ලෝකයට ගෙන ආ කැළ වනන හෙළ
ඉවසන් ඉඳින් ස රසෝ තව බොහෝ කළ
මදහස් මවා ගන්නට හිත දිරිය ගමී
ReplyDeleteනිදහස් රටක් ගැන හීනය යළි දකිමී
අදහස් ටිකට ගරුවෙන් මම එකඟ වෙමී
දෙදහස් දහහතට මාතේ සුභ පතමී.......
ජයවේවා!!!
කයියෙන් නිරතුරුව රස පද ගෙන ආවා
Deleteදුමියෝ උඹට සිරි සුබ වසරක් වේවා
හාල් කිලෝ එක සීයත් පැනලාය
ReplyDeleteපොල් ගෙඩියක් හැත්තෑවට ගනු බෑය
කනවා නොවේ දැන් අපි ලෙව කනවාය
මුන් හිටියොත් මුලු රටටම කෙලවේය
හොරකම දුෂනේ වංචා රජවීය
සංවර්ධනේ බින්දුවටම බැසයාය
යහපාලනේ තවදුරටත් නොමවේය
දැන් මිහිඳු ගෝඨා එනවා නම් මනාපය
මාතලන් ගුරුතුමාට සුභ නව වසරක් වේවා
මිහිඳුලාට දැන්මම නම් එන්න බැරි
Deleteඑහෙව හීන දකිනවා නම් වෙරිම සොරි
ආන්ඩුවේ ඉන්නේ බලු කපුටු නරී
31 රෑට අඩියක් ගහ වෙමුකො වෙරි
උඹටත් එසේම වේවා....!!!
2020 වෙනකන් ඉන්නට බැරියෝ
ReplyDeleteආප්පයක් කන්නවත් අතමිට නැතියෝ
දැල් කඩේ බෝතල දුර වැඩියෝ
මලක් ඔතන් අද රෑ සෙට් වෙයි ටොයියෝ
2017 වත් මාතාගේ ඇස් දෙක ඇරියන්
හරි දැක්මෙන් හොඳ අදහස් ලියවීයන්....!
2017 මලින් පිරි 365ක් වේවා....!
තබනා තබන පියවර තා මන්දිර ඉඳිවේවා
Deleteචෙෆ් ආකිටත් තව තව ක්න්ට්‍රැක්ට් ඒවා
අන්තර්ජාලේ කෙදිනක හෝ බුදු වේවා
ගල් මල් දෙකම අගසව් වී වැජඹේවා
එසේම වේවා!
ReplyDeleteජයින් ජයිම වීවා!!
එසේම වේවා...!!!
Deleteසොසී හම්බ උනයින් පස්සේ බ්ලොග් මතක් වෙලා වගේ...
සින්හල බ්ලොග් ලොවේ පොර වී මල් කැඩුව
ReplyDeleteඉදිමුනු ඔලු පලා රුපු නහමින් ඔද වැඩුව
වැජඹෙන සින්හ සෙයියාවෙන් නැත අඩුව
සැරදේ මාතලන් ගොයියගේ කවි මඩුව!
මහතුන් ලෙසින් එන පල් හොරු කුඩු කෙරුව
Deleteස රස තුමන් වැජඹේ වී බ්ලොග් තරුව
එනමුත් පොඩි දුකක් ඇත මෙතනදි කිව යුතුව
පැරකුම් සමඟ එක්වෙමු දොළහෙන් පසුව
සුබ නව වසරක් වේවා...!
ReplyDeleteඑහෙම වෙන්න නම් බොරු යහ පාලනය භංග වේවා...!
එසේම වේවා....!!!
Deleteටිකක් කල් යයි....
තබන තබන පය ඉදිරියටම යේවා
ReplyDeleteබලන බලන අත ජයකොඩි ලෙල දේවා
රටට විනකරන උන් සැම නිරයට යේවා
ඔබ සැම දෙනා හට සුබ නව වසරක් වේවා
ඇනෝ උනත් කයියක් ඇත පඳ බැඳලා
Deleteකොහොමෙයි යන්නේ උත්තරයක් නොම දීලා
යන එන ගමන දිව යානා ලැබ දීලා
සියළුම ඇනෝ රැකදෙනු අප දෙස බලලා
පඩ නැති කොලිටි මල් හැම විට සෙට් වේවා
ReplyDeleteසීනි මිළ අඩුයි තේ පැණි රස වේවා
ගෙවතු වගාවට ගත සිත යොමු වේවා
පොලිසියෙ දෑස වෙන අතකට යොමු වේවා
යකඩ කූරු වැලි වල මිල අඩු වේවා
ජොබ් නැති එවුන් කිරි ඇල්ලෙන් නැහැවේවා
මිල වැඩි බෙහෙත් කළු කඩයේ ඉතිරේවා
තාජුඩීන් ඇටකටු යලි ගොඩ ඒවා
මක්කා උනත් කක්කා දාගන්න බන්ඩිය පිරෙන සුභ නව වසරක් වේවා..!!
ජයවේවා..!!
උස සිකුරුටිය මිටි නම් කම්කරු දෙනවා
Deleteඅළුතින් නිවෙස් හැම ගමකම ඉඳිවෙනවා
හම්බන්තොටට ගෙට දින චීනුන් එනවා
ෆෝක්ස් වැගන් කුලියාපිටියෙන් දෙනවා
///පඩ නැති කොලිටි මල් හැම විට සෙට් වේවා//////////
Deleteඑසේම වේවා!!!
කොයි බන් අර සන්නස්ගල හිටපු පෝස්ටුව?
ReplyDeletehttp://maathalan.blogspot.com/2016/12/blog-post_28.html
Deleteමහබැන්කුවෙන් මහජනයාට අරිමින්නේ
ReplyDeleteරනිල් ලොක්ක බොරුවෙන් රාජ් කරමින්නේ
මහින්ද රජා කිබුල්කදුලු හෙලමින්නේ
සැමවිට ජනතාවටමයි කෙලවෙන්නේ
කවදාවත් කවි නොලියපු මටත් කවියක් ලියවුනා මාතගේ කවිය දැක්කම
සුබ 2017 ක් වේවා !!
සිංගප්පූරුවේ ක්‍රමයට රට හරවන්න
Deleteලංකා සිතිවිලිත් කවියෙහි රස දන්න
හම්බන්තොටින් චීනුන් බැස්සම ඔන්න
සිංගා වගේ වෙයි මාගේ කැට මෙන්න
Happy New Year...!!!
මාතර ගඟේ සිටිනා කිඹුලිගෙ පැටියා
ReplyDeleteබෙල්ල සුදුයි තල්ලේ ගෝමර කැටියා
යන එන පාරු නවතාගෙන මේ Xරියා
රොකට් රෝහිණීගේ තතු විමසා සිටියා
2017 සුබ වේවා
බොහෝ කතා ලියනට නම් හිතේ ඇතී
Deleteඑනමුත් කරුමය නම් නෝ ටයිම් වෙතී
වෙලාවක් ලදොත් රෝහිණි එනවා ඇතී
ඔබහට සුපිරි අවුරුද්දක් වෙයන් ගතී
දාහත නම් දාසය මෙන් නොම වේවා
ReplyDeleteමාතලන්ට සොමි බර වසරක් වේවා
තිස් එක රෑට හොඳ පදමට වෙරි වේවා
පළවෙනිදාට සුබ නව වසරක් වේවා!!
කීවත් වගේ 31 රෑ වෙරි වූවා
Deleteමක්කා නැතත් හැම වසරෙම වෙයි ඒවා
බෝතලෙ ගාන පොඩ්ඩක් හෝ අඩුවේවා
මන්පිටියටත් සිරි සුබ වසරක් වේවා
ගල් පොල් මිල තව හොඳහැටි අඩුවීයන්
ReplyDeleteමල්වල කොලිටියත් ටිකටික වැඩිවීයන්
තව තව රහට රසවත් කවි ලියවීයන්
දෙදහස් දාහතෙත් බ්ලොග්ලොව වැජඹීයන්
කටට රහට ලුණු ඇඹුලද සමඟ දෙන
Deleteහැලපෙගේ බොගේ රස පවති සියළු දින
හැලපිද හැල පැට්ටාද සමඟින් සියළු දන
සියළු කලේ රැක දෙවා තුන් සරණ
පහළොවෙ තිබුන හොරකම් එලෙසම යනවා
ReplyDeleteපහළොවෙ නොතිබූ උද්ගෝෂණ රජවෙනවා
පහළොවෙ ගල් කාල හා සිකරට් සිහිවෙනවා
ඒවා නැතුව දාසයෙ ආතල් නැතුවා
දාසයෙ හිටපු හොර රැල මකබෑ වේවා
දාසයෙ තිබුන උද්ගෝෂණ දුරු වේවා
දාසයෙ ණය බරින් රට නිදහස් වේවා
දාහත සැමට ආතල් වසරක් වේවා
මාතො උඹට සුභ නව වසරක් වේවා!
(මේක තනි පේලියෙ කයියකි )
හොරකම නොනවතී එය සැම කල් පවතී
Deleteදූෂණ අක්කරමිකතාවන් එලෙස වෙති
සුන්දර වර්ණ මේ ලෙස කවියෙන් වනතී
නොදැක්කා වගේ උන්නොත් වෙයි සුගතී
උඹටත් එසේම වේවා...!!!
බ්ලොග් ලෝකයේ ඇති කරදර දුරු වෙන්නයි
ReplyDeleteඅපේ ලෝකයේ ඇති සොමි ටික වැඩි වෙන්නයි
බදු බර ටිකින් ටික හෙමිහිට අඩු වෙන්නයි
අපේ මාතලන් හට හොඳ අවුරුද්දක් වෙන්නයි
2017 ඔබ සැමට සෞභාග්‍යමත් වසරක් වේවා.
බර බර නැත්තේ කොයි ලෝකෙද අජිත් පුතා
Deleteබ්ලොග් ලොව කියා ඒකේ වෙනසක්ද නැතා
එකම එක දෙයක් ගත්තොත් හොඳයි හිතා
ඤරු ඤුරු නැතිව මේ වරත් ආවොතින් හොඳා
හැප්පි හැප්පි නිව් ඉයර් එකක් වේවා..
අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ...
ReplyDeleteලේකිරි දුන්උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ...
දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ...
දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙදේ කා මට විනකෙටුවෝ...
උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්...
මගෙ රජදරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්...
තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැතී...
ගේ දොර කණ කර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී...
උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙතී...
මගේම මහඋන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරතී...
අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනී...
මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේසොර මුළුවෙන් මා ගළවනු මැනවී…
පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න
සුබ අළුත් අවුරුද්දක් වේවා තිස්ස ගොයියෝ....!!!!
Delete
ReplyDeleteමාතලන්ට නව වසර වඩාත් සතුටු වන වසරක් වෙන බව විස්වාසයි.
unp anduwa thiyenakal thaka pamaa ayya.
Deleteඉයන් ලොක්කො පොඩ්ඩක් මට වෙන්න සොරී
Deleteතිස් එක ගහලා තාමත් මට හොඳට වෙරී
මේ වසරෙවත් ගොඩ නාවොත් වෙරිම සොරී
දෙන්නා එක්ක යමු වෙන කඩයකට හැරී
වසර පුරාවටම මාතලන් ලිපි ඊට ලැබෙන කොමන්ටුද කියවමින් ඇතුලතින් හඬමින් හිනාවට මගක් සැලසුනා. ස්තුතියි කියමින් නව වසර වාසනාවන්ත වේවායි සුබපතන්නෙමි
ReplyDeleteසැමදා උත්ප්‍රසායෙන් අප පිනවන ජේ පීටත් ආතල්ම වසරක් වේවා...
Deleteසුබ නව වසරක් වේවා..
ReplyDeleteඑසේම වේවා
DeleteWish you and your family a very happy new year
ReplyDeleteKeep up the good work
Thanks....
DeleteAnd wish you the same Thusitha.....!!!!
උඹටත් පවුලේ අයටත් කරදර අඩු නව වසරක් වේවා!
ReplyDeleteඋඹටත් පවුලේ සැමටත් එසේම වේවා....!!!
Deleteබදු බර ටික ටික උහුලන්ට බැරි ගානට වැඩිවුවා
ReplyDeleteගල් පොල් දැන් අපිට අල්ලන්ටත් බැරුවා
රජවුනු කසියා අල්ලන්නට පොලීසියට බැරිවේවා
නව වසරේ ජය වෙන්නට ගල් පොල් විස්කි අඩුවේවා
මාතලන් ඇතුලු පවුලේ සියලු දෙනාටම සියලු දුක්ඛ දෝමනස්සයන් දුරීභූතව සුබම සුබ ජයෙන් ජයම පිරි නිරෝගිමත් නව වසරක් වේවා.
නීතීය නමනවා අඬ අඬ පොලිස් පතී
Deleteජනපති අගමැතිත් කිසි වෙනසක්ම නැතී
චීනා ආවේ නැත්නම් හොම්බෙන්ම යතී
නැත්තෝ හඬති ඇත්තෝ කති බොති සුකතී
සුබ නව වසරක්ම වේවා..