මාතලන්ගේ ප්‍රියතම ඇඳුම කුමක්දැයි කවුරුන් හෝ ඇසුවහොත්, කීමට සිඳු වන්නේ, කොට කලසම, කොලරය රහිත ටී ෂර්ට් එක හා ඇට දෙකය කියලාය. මේ ඇට ඇට සමඟ රබර් සෙරෙප්පු දෙක ආවේ මෑත කාලයේ උවත්, අපි පොඩි කාලේ ඇට නැති රබර් සෙරෙප්පුවට කිව්වේ "බාටා" දෙක කියලාය. මේ බාටා දෙක මාතලන්ගේ නිදහස් චින්තනයට කොතරම් බලපෑමක් කොට ඇද්ද යන්න ගැන මතක් වන විටත්, එක්තරා ප්‍රමොදයක් ඇති වන බවත් කියා සිටිය යුතුමය.
මාතලන්ගේ ඇට දෙක |
මාතලන්, පොඩි මාතලන් කාළයේ පමණක් නොව විදේශයන්හි සිටී කාළයේ පවා, බාටා දෙක නිසා ඇති වූ මත ගැටුම් අපමණය. ඒ අතර බිඳ වැටුණු පෙම් සබඳතා හෙවත් ලව් ඉස්ටෝරිද නැත්තේම නැතිවා නොවේය. පොඩි මාතලන්ට මතක කාළයේ සිටම, රබර් සෙරෙප්පු හෙවත් බාටා දෙකට ඇත්තේ පුදුමාකාර ඇල්මක්ය. බාටා දෙක තරම් සැහැල්ලු, පයට පළඳින වෙන කිසිවක්ම මාතලන්ට නම් ඇත්තේ නැතිය.
මාතලන් පොඩි එකා කාළේ ගෙදරටත් දාලා උන්නේ සැන්ඩ්ල්ස් හෙවත් පටි සෙරෙප්පුය. අපි මහා ලොකු පවුල් නොවුනද, අපේ අම්මා ගාල්ලේ කොන්වන්ට් එකේ ඉගෙනගත් අමුතුම ආකාරයකට හිතන පතනා කෙන්ක් වූ නිසා, බාටා දෙකක් පැලඳ ගමන් යාම, උන්දෑට අනුව මදි කමක් වන්නට ඇතිය. එහෙත් කුඩා කළ පටන්ම ගේමේ ඉන්නා මාතලන්ට, බාටා දෙකක් ලැබුනේ ගමේ ගිය වෙලාවක ඇතිවූ විප්ලයකට පින් අත්වන්නටය.
ගමේ ගියාම රැලේ වැටෙනා බොහෝ උන්ට සෙරෙප්පු දෙකක් හෝ නොතිබුන අතර, තිබෙන එකාට තිබුනේ බාටාය. (කැළණියේ ගෙවල් අවට කොල්ලන් හා රැලේ වැටිමේ නිදහස කුඩා කාළයේ අතුරා තිබූ අතර, වත්තේ තිබූ නිවාස හයේ, මගේ වයසේ එකෙකුට උන්නේ තා එකෙක් පමණි. උගේද මානුෂික අයිතිවාසිකම් මගේ ඒවා මෙන්ම අමු අමුවේ උල්ලංගනය වී තිබින. එහෙත් අපේ ගෙදර මැණිකාත්, උගේ නිවසේ ප්‍රේමසිරි හා රුක්මනීත් සමඟ කළ මාරාන්තික වීර ක්‍රියාවන්හි අඩුවක් තිබුනේත් නැතිය. ) මුන් අතරේ පටි සෙරෙප්පු දෙකක් දාගෙන සිටිනා පොඩි මාතලන්ට, මාතලන් පෙනුනේ, සාමාන්‍ය උන් අතරේ ඉන්නා ඈලී පොරක් වගේය. ඒ නිසා තිරික්කලෙන් ගොස් ගාල්ලේ මේන් ඉස්ට්‍රීට් එකෙන් මුල්ම සෙරෙප්පු දෙක ගත්ත දවස මාතලන්ට අද වාගේ මතකය.
පැස්ටෝල් ෂෙඩ් වලට මෙන්ම සපත්තු කඩයකට ගොඩ වන විට දැනෙනා ඒ සුවඳට මාතලන් අදත් බොහෝ සෙයින් ප්‍රියය. රබර් සෙරෙප්පුවල ඇති ඒ සුවඳ ගෙදර ගෙනාවායින් පසුව වුවද, දින කිහිපයක්ම තියෙන්නේය. තාත්තා එක එක පාට සෙරෙප්පු තේරුවද, මගේ සිත ඇදී ගියේ තනි කළු බාටා දෙකටය.
මේ දෙක ගත්තායින් පස්සේ සැන්ඩ්ල්ස් දැමිල්ල එහෙම්ම අත ඇරලා දැම්මේ, අම්මාගේ හා ආච්චිගේ පවුලේ නම්බුවද නැති කොරලාම දමමින්ය. එහෙත් ගමනක් යන විට කකුල් දෙකේ දමාගෙන යන්නට, කළු බාටා දෙක වෙනුවට සුදු හා නිල් පටි සහිත තා ජෝඩුවක් හම්බ උනේ, අම්මලාගේ නම්බුව වෙනුවෙන්මය. එ දෙදෙනාට අනුව පවුලේ නම්බුව කන්න ආ වසවර්ති මාරයා, සෙරෙප්පු දෙකක් දාගෙන ගමන් බිමන් යන්නට පටන් ගත්තේ පුදුම මාර්වලස් හැඟීමකින්ය.
තුන් දෙනාගේ උපන් දිනවලට ගන්නා පොටෝ අල්ලන්න මරදානේ ආනන්දෙ ඉස්සරහා ඩොනල්ඩ් මාමාගේ පොටෝ සාප්පුවට මාතලන් නම් ගියේ බාටා දෙක පිටින්මය. එහෙත් පවුලේ නම්බුව අම්මා විසින් බෑග් මල්ලක දමාගෙන විත් ස්ටූඩියෝ එකේදි මගේ කකුල් දෙකේ පැලැන්දුවේ, අනාගතේ දවසක පවා වෙන්න පුළුවන් අවනම්බු ගැන සිතලා වෙන්නට ඇතිය. ඔය අස්සේ මාතලන් දිහා දෙවියෝ බැලුවේ 3 පන්තියේ පළමු වාරයේ අවසාන හරියේ ඉඳලාය.
නිතරම හැදෙනා පපුවේ මහන්සිය නිසා (අපේ සීයා මේකට කිව්වේ සුවාසේ අඳිනවා කියලාය) උදේම අවදි වී කේරි කොලේජ් එකට යාම නතර වී, ගේ ළඟම පිහිටි, ඒ කාළයේ දරමඩුව ලෙසද, පසු කාළයක ප්‍රේමාළෝකය ලෙසද, අද කැළණිය සිරි ධර්මාලෝකය කියා නොම්මර එකේ පාසලට දැම්ම දා ඉඳලාය. මාතලන් ගියේ, ලොකු ඉස්කෝලයට නොව, ප්‍රයිමරි හෙවත් ප්‍රාථමිකෙටය.
නියමම සීන් එක උනේ, පන්ති හතරක්, විදුහල්පති කාමරය හා ගබඩා කාමරයක් සහිත ස්ථිර ගොඩනැගිල්ල හැරුණ විට, අනෙක් පන්ති කාමර පැවැත්වුනේ තාවකාලික මඩුවක් වැනි, එහෙත් ඉතා පිරිසිඳු ගොඩනැගිල්ලක වූ අතර, ඉඩකඩ සීමාව නිසා 3,4,5 පන්ති පැවැත්වූයේ හවස් කාළයේ වීමයි.
මේක නිකං ඉස්කෝලේ ගියා නොගියා වගේ කේස් එකක් උන අතර, මිශ්‍ර පාසලක් වූ ඒ පාසලේ ලද අත්දැකීම් මාතලන්ගේ මුළු ජීවිත කාළයටම බලපෑවේය. මාතලන් සමාජය මෙන්ම ගමද මිනිසුන්ද ඉගෙන ගන්න පටන් ගන්නේ එහිදීය. සපත්තු මේස් දා පාසලට ගියේ මුල් දිනයේ පමණය. දෙවනි දවසෙ සිට මාතලන්ද සෙරෙප්පු දෙකට බැස්සේ, එහි ඇති අපූරූ නිදහස නිසාමය. එපමණක් නොව එ කාළේ පාසලට වඩා බාටා වලට ප්‍රථම ඉස්තානය හිමි වූ නිසාමය. බාට වල ඇඩ් එක වයර්ලැස් එකේ ගියේ "පළමුව බාටා..., දෙවනුව පාසලට.." කියලා නිසාය. සෙරෙප්පු දෙකක්වත් නැති පාසල් දරුවන් අදත් මාතලන් දකිනා අතර, මේ පාසලේ එවන් තත්වයක් තිබුනේ නැත්තේ, කොළඹට කිට්ටු පාසලක් උන නිසා වෙන්න ඇතිය.
එහෙත් මට මෙන්ම බොහෝ උනටද තිබුන සෙරෙප්පු සියල්ලම වාගේ රෙපයාර් වලට ලක් වූ ඒවාම විය. ප්‍රධානම බ්‍රේක් ඩවුන් එක වූයේ, මාපටගිල්ලට සෙට් වන, ඉස්සරහා හිල හෙවත් ඇහ ලොකු වීම හෝ පුපුරා යාම නිසා පටිය පැනීමය. මෙය පිටුපස ඇති ඇස් දෙකටත් හදෙනවාය. අනෙක් බෙරෙක් ඩවුන් එක වූයේ, පටිය හිලේ රැඳෙන බොත්තම වගේ කොටසට කෙලවිලා යාමය.
ඉස්සරහා හිලට සෙට් වෙන කෑල්ලට එහෙම කෙල උනාම, හැම එකාම කළේ ආයා කට්ටක් හෙවත් යතුරු කට්ටක් ගහ ගැනීමය. පිටිපස්සෙ එකට කෙල උනාම කළේ, සපත්තු රෙපයාර්ට කියා මැහුමක් දමා ගැනීමය. සමහර උන්ගේ එවායේ අඩිය ගෙවි, පතුලේ හිල් තුලින්, පොලෝ තලය සිප ගන්න ඒවාද නොතිබුනා නොවේ. මාතලන් මේ වැඩේ කර ගත්තේ තොරණ හංදියේ තිබුන සපත්තු රෙපයාර් කඩයෙන්ය. එතන උන්නේත් මාතලන්ගේ යාළුවෙක්ගේ අප්පුච්චා කෙනෙක් නිසා, සෙරෙප්පු රෙපයාර් එකට දෙන සල්ලිත් අන්තිමේ නැවතුනේ මාතලන්ගේ හා මිතුරන්ගේ බොක්කේය.
කරුමය කියන්නේ අදත් මේ රටේ බාට දෙකක් වත් ගන්න බැරි උන් ඉන්නා එකය. ඔය මහා ළොකු දේවල් කරනවාට වඩා, මෙවන් දරුවන් දුටු විට, ළඟම ඇති සාප්පුවකින් "බාටා" දෙකක් අරන් දීම තරම් පිනක් මට නම් ඇත්තෙම නැතිය. මේවා මහා මුදල් වියදම් වන ඒවා නොවේ. එහෙත් එයින් ලැබෙන සතුට නම් ඔය මහා පරිමාණයේ ඒවාට වඩා බොහෝ ඉහළ බවත්, සතුටු වන සිත් ප්‍රමාණය බොහෝ වැඩි බවත් නොකියා සිටිය නොහැකිය.
අද කාලේ රට පුරා තිබෙනා DSI කඩ වාගේ, ඒ කාළේ තිබුනේ බාටා සාප්පුය. සපත්තු හා සෙරෙප්පු නම් ඒ බාටම පමණය. අද වාගේ සපත්තු හෝ සෙරෙප්පු ගන්නට, Nike, Puma, Addidas, ඉටැලියන් ෂූෂ් ඇති පිච්චි පීකුදු කඩ තිබුනේ නැති අතර, ලංකාවෙම තිබුනේ බාටා කඩය. ගාල්ලේ හා පිටකොඩෙවේ DSI කඩ එකක් දෙකක් තිබ්බා යාන්තමට වගේ මතකයක් තිබුන අතර, ඒවා ගත්තේ නැත්තේ, අඩිය ගැලවෙන මළ ජරාව යැයි කියාය. එහෙත් අද බාට වලට සිඳු වෙලා තියෙන්නේ, ඒකේ අනිත් පැත්තය.
අද බාටා නැති උනත්, DSI එකේ ගහන රබර් සෙරෙප්පුත්, බාටා "Bata"දෙකක්ම වෙලා තියෙන්නේ ඒ හන්දාය.
මාතලන් ඔහොම කිව්වාට, දැන් එන්නේ සැන්ඩ්ල්ස් දෙකක් දාලා නේ කියා මාතලන් දන්නා කියන උන් සමහර විට කියන්නට ඉඩ තියෙනවාය. පොඩි කාළේ වගේම දැන් එහෙම එන්නට සිඳුවෙලා තියෙන්නේ, ඒ කාළේ අම්මා හා ආච්චි වාගේ අද කාළේ හාමිනා හා පොඩි මාතලන්ගේ බලවත් පෙරත්තය හා මිතුරන්ගේ උත්සව අවස්ථාවන්වල ගෞරවය ආරක්ෂා කිරීමට සිඳුව ඇති නිසාමය. ඒ කාළේ බාටා නිසා නැති කර ගත් හිතවත් කම් ආයෙත් ඇති කර ගන්න ඕනා නැති නිසාමය.
බොහෝ කලක් සිට ලියන්නට සිතාගෙන උන්නද, මෙයට උත්තේජනයක් සැපයු සයිබර් වරිගයේ උන්ඩියාට මාතලන්ගෙ බලවත් මෙව්වා එක.
රට හැම තැනක දෙපයින් ඇවිදිනා විට
ReplyDeleteඇට දෙක වටිනවා දෙපයේ සුවයකට
මට හිතුණේම දෙක රූපය දකින විට
ඇට දෙක තවම දා නැති බව දෙපයකට......
ජයවේවා!!!
ඕක ඉතින් මගේම එක නම් නෙමෙයි හිටන්.. ඒත් පෙයාර් දෙකක් තියෙනවා.. ගමන් යන්න එකයි.. ගෙදෙට්ට එකයි...
Deleteමටත් මගේම නොවුන බාටා දෙකක් තිබුනා කැම්පස් යනකොටත්..දැන්නං DSI waves දෙකක් තමා දාන්නේ...හේතුව මේ බර උහුලන්න බාටා වලට බෑ වගේ...!
ReplyDeleteඒ දවස්වල ඔය බාටා දාලා වැස්සට පස්සෙ යනකොට කලසමයි කමීස පොඩියයි බතික් වෙනවා මොනවා කලත්..මතකෙයි ඔහේට...?
නෑ නේ...
Deleteවැස්ස වෙලාවට ඕක අතේ අරන් පාරේ තියෙන ඔක්කෝම මඩ වලවල් වල බැහැලා තමා ගෙදර එන්නේ..
බටා දෙක අතට ගන්නේ අර කේස් එක නිසාම තමයි හිටන්...
කොහෙද මාතේ එච්චර නිදහසක් අපිට..කිරිමැටියො කනවැයි කියලා ඒ වගේ මානුසික අයිතීන් කබාසීනියා කරල තිබ්බේ ඇච්චා කාලේ...!
Deleteකිරිමැටියො නෙමයි වාහේ දියමිටියො
Deleteදියමැටියො
Deleteහුටා...දියමැටියෝ නේන්නං...සොරිවෙන්න ඕනි...!
Deleteකිරිමැටියෝ කන්නේ ඇට දෙක. දිය මැටියෝ කන්නේ කකුල් දෙක.
Deleteඇට දෙකෙන් ඇවිදින්ඩ නරකයි
Deleteබලාගෙන ගියාම මාතලනුත් අපේ සරල ජානාදිපති තුමා වගේ සරල හාදයෙක් නේ හිටන්!
ReplyDeleteහපොයි ඊට වඩා ගොඩාක් සරළයි... ගොඩක් වෙලාවට යටට අඳින්නෙත් නෑ හිටන්...
Deleteඋපුල් ශාන්තත් යටට අඳින එකේ?
Deleteලස්සන ඇගිලි තියන කකුලක පින්තුරයක් දදාානවකෝ හලෝ
ReplyDeleteඕක දාන කොට මට උඹව මතක් උනා හිටන්...
Deleteමම කැමති ඩොට් නැති මොඩල් එකට...
ReplyDeleteඉස්සර නම් දම්මේම ඩොට් මොඩලය, දැන් ඒකක් දැම්මම උඩ විසි වෙනවා...
ඕක ඔය ගංජා ගැහුවාම එන ලෙඩක් ලොකු පුතේ....
Deleteකොහේ තියෙන ගංජද බං, තියෙනවනම් ටිකක් දීපංකෝ...
Deleteළඟදි හදිස්සියක් වෙලා ගත්තා... මිටියක් 500 යි.. ගාන අහලම මම හඳට ගියා...
Deleteමටත් ඔය ඇට දෙක අල්ලන්නෑ බන්. ඇවිදින කොට කටු අනිනවා වගේ.
Deleteනියම පෝස්ට් එක. කියවන්න ගියේ පොඩි වෙලාවයි. අර උඩම පින්තූරෙ බලන්න තමයි වෙලා ගියේ.
ReplyDeleteචා...චා ..මම හිතුවේ මම විතරයි කෙට්ටු කකුල් වලට ආසා කියලා
Delete"කෙට්ටු කකුල් අවංක හදවත් "
ඒ පින්තූරෙට අටමත් කැමතියි....
Deleteඕනෑම සෙරෙප්පු වර්ගයක් - "බාටා "
ReplyDeleteබිම ජාති - "පැන්ටා"
අපේ කාළේ ඕනම බීමක් "බාර්ලී"
Deleteඇයි ඕනම සබන් කෑල්ලක් නම් 'සන්ලයිට්'.
Deleteපයිප්ප නම් එස් ලොන්
Deleteමොබයිල් ෆෝන් නම් සෙල්ටෙල්..
Deleteඕනම Duprinterයක්නං ඩුප්ලෝ
Deleteසන්ලයිට් නෙමෙයි බං. සල්ලයිට්. ඇඟේ ගාන ඒවා ලයිස්බෝයි.
Deleteමාත් ඔය බාටා කතාව තමයි Praසන්ன අයියෙ digital duplicator එකයි ඩුප්ලෝ එකෙයි riso එකෙයි සම්බන්ධය ගැන පෙන්නුම් කරද්දි kiyanne.කොච්චර කිව්වත් riso 1ට duplo මයි කියන්නෙ
Deleteමමත් කොහේ ගියත් රබර් තමයි දාන්නේ. බාටා කිව්වම මතක් වෙන තව නම් " කැන්ටර්, ලෑම්මාස්ටර්, පැට්රෝල් මැච් "
ReplyDeleteඅනිවා ඒවා ගැනත් වෙලාවක ලියන්න ඕන...
Deleteලියපන් මාතා....උඹ ලියනවා රහයි.
Deleteඔය 'බාටා' සෙරෙප්පු එන්න ඉස්සෙල්ල තිබුනෙ 'කට්ටා කෑලි' කියල ජාතියක්.
ReplyDeleteඒකෙ අඩිය බර නැති ලී කොට කෑල්ලකින්, හීල් එක බේරෙන්න එහෙම හොඳ ලස්සනට කපල, ඇඟිලි කොටස රුවන කොටසට, ටිකක් පළල හම් පටියක් හයි කරලා තිබුන, ලී බේස් එක දෙපැත්තෙන් ඇන ගහල.
ඒක දාල වතුර තියෙන ටයිල් පොළොවක හරි ඇවිදින්න පුළුවන් ලිස්සල පතබෑවෙන්නෙ නැතුව. ඒවා දාල යනකොට, අස්පයෙක් යනවා වගේ 'ටක්ක ටොක්ක' ගාලා ලොකුවට සද්දයක් එනවා.
හැබැයි මචෝ, ඒක රබර් සෙරෙප්පු වගේ නෙවෙයි, 100% ක් 'එකෝ ෆ්‍රෙන්ඩ්ලි'. ලී සහ හං සමග ටින්ටෙස් ඇන කීපයක් විතරයි අමු ද්‍රව්‍ය.
ඔය වගේ සෙරෙප්පුවක් මාත් පොඩි කාලෙ දැම්ම මතකයි. අපි කිව්වෙ කොලපත් සෙරෙප්පු කියල.
Deleteකට්ට කෑලි මටත් හොඳට මතකයි. මේවා නිල්පාට, රතුපාට වලින් පාට කරලා තිබුනා.
Deleteයාන්තමට පොඩි මතකයක් තියෙනවා....
Deleteහැක හැක. පස්ට මාතෘකාවක් බං මාතෙ. බාටා..!! ඇට දෙක..!!
ReplyDelete1996 අපි ඕ ලෙවල් කරද්දි අපිම හදාගත්ත ෆැෂන් එකක් තමයි හොඳට ටී ෂර්ට් එකයි ලිවයිස් ලී ස්ලසෙන්ජර් ඩෙනිමක් ගහල රබර් සෙරෙප්පු දෙකක් දාගෙන යන එක. හැබැයි කලිසන් වල කකුල ගෙවිල ඒකත් ෆැෂන් එකක් උනහම බලෙන්ම ඉරා ගන්න ගත්ත.
පොඩි කාලේ සෙරෙප්පු වර්ග කිහිපයක් ගෙදර තිබුනත් පොල් ගහ ලකුණ තියෙන කළු පාට ඇට නැති සෙරෙප්පු දෙකක් තිබුන. ටොයිලට් යන්න පමණක් ඒක පාවිච්චි කල නිසා එක රෙජිස්ටර් උනා "ලැට් ස්ලිපර් දෙක" කියල.
හදිසියට ඕක මිසින් වෙනව. මොකද මගෙ සෙරෙප්පු දෙක හොයාගන්න බැරි උනහම මම කොරන්නේ ඒක දාගෙන යන එක. 🤓
ඒ වෙලාවට මගේ ගෙදර ආදරණිය උදවිය ජාතිය අමතා මට කථා කොරනවිට පුකට පැට්‍රොල් ගහපු බල්ලා වගේ මම දුවගෙන යනවා අදටත් මතකය.
පොස්ට් එකනම් පස්ටය 👍🏽👊🏽
බල්ලො ගැන කිව්වාම මතක් උනේ... ඔය බාටා වලට අපේ තියෙන කැමැත්ත වගේම තමයි බල්ලන්නේ තියෙන ජෙලසිය. හරිම අමාරුයි ගෙවල් වල ඉන්න කකුල් හතරේ බල්ලන්ගෙන් බාටා දෙක බේරගන්න. අපේ ගෙවල් වලට යන්න ඕනත් පන්සල් වල වගේ පාවහන් ගලවලා නේ.
Deleteඑක දවසක් ඔහොම මගේ බාටා දෙක කාලා. ඒ ගෙදර තිබුන අළුත්ම බාටා දෙකකුත් අරගෙන තමයි මාතලන් ගෙදර ආවේ. සම හරක් වෙලාවට පන්සල් වලට බැතිමතුන් නිවන් යනකොට අරගෙන යන්න බාට දෙක රහත් කරන වෙලාවලුත් නැතිවා නෙමෙයි නේ බං.
බාටා වල දැන් කොලිටිය බැහැලාය.. ඒ වෙනුවට පොල්ගහ ලකුණ DSI පෙරට ඇවිත්ය.. ඒත් තාමත් ඒ මගේ 'බාට දෙකය' රස්සාවට හැරුණු කොට වෙන ඕනෙම තැනකට යන්නට අදටත් බාට දෙක තරම් ගැලපෙන සෙරෙප්පු ජෝඩුවක් මට මතක් වෙන්නෙම නැතිය.. ඒත් අනිත් උන් ගැන හිතා අර කියුව වගේ මක්ක හරි දෙකක් අමාරුවෙන් ඔබන් යනවය..
ReplyDeleteජීවිතේ සරළ වෙන්න ඕන.. එතකොට පුදුම සැහැල්ලුවක් හිතට දැනෙන්නේ...
Deleteමාතලන්ගෙ ඇට දෙකේ සෙල්ෆියකුත් අරන් දාන්නකෝ
ReplyDeleteඅන්න දාපන් මාතා....
Deleteමයිල් බාල දාපං නැත්තං ළමයි බයවෙයි
Deleteනැවෙන්න බෑ බං.... බඩ වැඩි වෙලා...
Deleteමට දැන් ඔය බාටා එව්වා දාන්න බෑනෙ. හාමුදුරු සෙරෙප්පු තමා. උඹේ පෝස්ටුව කියවපුවම අතීත මතක කීපයක්ම අවදි උනා බං.
ReplyDeleteමට ළඟදි හාන්දුරු දෙකක් තෑගී ලැබුනා... ඒකත් ඩෙක් ෂූෂ් දෙකක් වගේ මාර සනීපයි.. එතකන් මාතලන් ඒවට වැඩි කැමැත්තක් තිබ්බේ නම් නෑ.. ඒත් ඒකත් මරු....
Deleteඅර අතීත මතක ටික ඉක්කනට ලියා දාහන්... පොස්ට් එන ඉස්පීඩ් එක හොඳටම මදි...
මාත් පොහොම කැමති සෙරෙප්පුවක් ඔය ඇට දෙක. වතුර වැටුනම එන චරස් චරස් චරස් සද්දෙට ඒ කාලෙ බොහොම කැමතියි.
ReplyDeleteමාත් බොහොම ආසයි ඒ සද්දේට. දැන් පොඩි උන්ට නම් තියෙනවා ඒ සද්දෙම එන ඒවා වතුර නැතිවම.. අපිටත් හැදුවා නම් මරු...
Deletepatta article eka
ReplyDeletepatta Bata
Deleteඇට දෙක වගේ වටිනා පෝස්ට් එකක්. මේ ජාතියේ සීරිස් එකක් ලියපන්කෝ මචෝ. බාටා කියලා දැක්ක ගමන් මම වයිෆ්ට දුන්නා කියවන්න. පටන්ගත්ත ගමන්ම ඇට දෙක...
ReplyDeleteඇට දෙකට අවුලක් උනේ නැත්නම් එච්චරයි....
Deleteගෙදරින් සපත්තු දාගෙන ආවට එක ගලවලා තියලා ඔෆිස් එකෙත් දාගෙන ඉන්නේ බාටා (රබර් සෙරප්පු) දෙකක්, කකුල් දෙකට නියම සනිපේ ලැබෙන්නේ එතකොට තමයි.
ReplyDeleteආන්ඩුවේ ඔපීස් එකක් වෙන්ටෑ... ඒවල උන් නම් කසියා ගහලා විටත් කකා නේ ඉන්නේ... ආන් ඔපීස්
Deleteබාටා දෙක වගේම ජනප්‍රියයි උන් දීපු ටයිම් ටේබල් එකත්.
ReplyDeleteඋඹට කියන්න DSI එක මාකට් එක අල්ලගත්තෙත් ඕකෙන්... උන් අරුන්ට වඩා කාළසටහන් දුන්නා...
Deleteඇයි පොතේ නම ලියන ස්ටිකර් කාඩ්?
Deleteමම 10 පන්තියට වෙනකම් ගියේ සෙරෙප්පු දෙකක්වත් නැතිව. ඊට පස්සේ නම් සපත්තු දැම්මා. හැබැයි උසස් පෙල කරන කාලේ මගේ ජාතික ඇඳුම කොලර් නැති ටී ෂර්ට් එක, පාට ගිය ඩෙනිම, රබර් සෙරෙප්පු දෙක. පටි කැඩුනාම ආයා කටුවක් ගහගෙන යනවා. ඇත්තට එහෙම සරළ කාලයක්.
ReplyDeleteසරළ බව බොහෝම වටිනවා වගේම ඉන් දැනන සැහැල්ලුව කියා නිම කොරන්න බෑ බං.... මිනිස්සු ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ එක එකාට ඕන විදියට.. දැන් බලහන් මට උනත් එහෙමනේ..
Deleteඒත් සමහර වෙලාවට මම ෂෝට ගහලා ගමන් ගිහින්.. හාමිනාගේ කනට කරලා කියනවා යටට ඇඳලා ආවේ නෑ කියලා.. මොකෝ කෑ ගහන්න බෑ නේ.. එහෙමයි අපි එයාලගෙ නීතී රීතී උල්ලඃගනය කොරන්නේ හිටන්...
ඔපිසියටත් බාටා තමා! ඩෙනිමයි බාටා දෙකයි! ස්වර්ග සැපේ ඈ!
ReplyDeleteමරු නේ බං.... නොවේ එවන් වින්දනයක් ළොවේ....
Deleteඅන්න මරු පෝස්ට් එක. උඩුවා ඉස්කෝලෙන් එළියට පැන්නාට පස්සේ සපත්තු දාලා තියෙන්නේ අතේ ඇඟිලි ගාණට. සැන්ඩ්ල්ස් දාන්නත් බෑ. දැං ගෑණි බලෙංම සැන්ඩ්ල්ස් දෙකක් අරං දීල තියෙනවා.
ReplyDeleteඒත් දාන්නෙම සෙරෙප්පු කෑලි දෙක තමා...
ඇමති කෙනෙක්ව ඉන්ටවීව් කරන්න ගියත් සෙරෙප්පු කෑලි දෙකෙං තමා යන්නෙ.
සමහර වෙලාවට ඥොරොක් බැලුම් දාන අයත් ඉන්නවා.
දවසක් මුදල් අමාත්‍යාංශෙට රවී කරුනානායකව හම්බ වෙන්න ගිහිං සෙරෙප්පු දෙකට හොඳ ප්‍රතිචාරයක් ලැබුණ...
පැය දෙකක් මාව ඇමති ළඟට යවන්නැතුව වෙන වෙන අයව යව යව හිටිය.
මම ඒ පාර රවීට කෝල් කරල බැන්න ඇමතිතුමා මං මෙතැන ඉන්නවා පැය දෙකක් මුං මාව ඇතුලට දාන්නෑ, මං රස්සාවක් හොයාගෙන නෙවෙයි ආවෙ මාව ගන්නැත්තං කියන්න මං යන්නං කියල.
ඒ පාර තමා රිසෙප්ෂන්ලත් බැණුම් අහල මාව ඇතුලට ගත්තෙ
ඒ නිසා තමා මම උඹට කැමති... අනික තමන්ගේ පාසලේම අකටයුතුකම් ගැන ලියන්න කොන්දක් තිබෙන උඹට මේන් මගේ මෙව්වා එක...
Deleteහැබෑද
ReplyDeleteමගෙත් ප්‍රියතම පා වැස්ම බාට දෙක තමයි. ඔය ඇට දෙක මාත් කාලයක් දැම්ම. ඕක ටිකක් කල් යනකොට මැදිං එබිල විකාරයක් වෙන නිසා දැන්නං මම කැමති ඇටලස් ඒවට තමයි.
ReplyDeleteගෙදර ඉන්න වෙලාවටනං මොකුත් නැතුව ඉන්න එක (මං කියන්නෙ සෙරෙප්පු) ඔක්කොටම වඩා සැපයි.
මිනිස්සු නිර්වස්තරෙන්ම උන්නා නම් ලෝකේ මෙච්චර ප්‍රශ්ණ ඇති වෙන එකකුත් නෑ...
Deleteමං කොමෙන්ට් එකක් ලිව්වා. ඒක බලාගෙන යනකොට බ්ලොග් පෝස්ට් එකක් වගේ. ඒ නිසා ඒක වෙන ම දානවා මේක ලින්ක් කරලා.
ReplyDeleteඑහෙනම් ඉතින් පට්ටෙටම ඇති... උඹේ ඒ ලිවිලි මල් මසුරන්....
Deleteමටත් පෝස්ට් එකක් දාන්න වෙනව හරියට ලිව්වොත්.
ReplyDeleteමගෙ ඇට දෙක ලන්කාවෙන් මෙහෙ ගෙනාත්, ආයි නිවාඅඩු යනකොට එහෙ ගෙනියනව. එක්කො ඇට, නැත්තන් ලේස් නැති ස්කෙචස්. ඔය තමා මගේ 365 දවසෙ පාවිච්චිය.
/////මටත් පෝස්ට් එකක් දාන්න වෙනව හරියට ලිව්වොත්.////////
Deleteලියන්නයි තියෙන්නේ.
ඉතිං දාපියකො.
Deleteලියහන් ලියහන හුඟ කලෙකින් ලිව්වෙත් නෑ නේ... උඹලා ලියන්නේ සම්මාණ කාළෙට ඉතරනේ ඉතින් :)
Deleteමේක කියවද්දිම මතක් උනේ මාතලන් ගිය අවුරුද්දේ නෙළුම්යායට ආවේ සැන්ඩ්ල්ස් දාල නේද කියල...ඇයි ඉතිං බාටා නොදැම්මේ කියල අහන්න කට මැදගෙන පහළ ටික කියෝනකොට මෙන්න බොලේ උඹ ඒකටත් හේතු කියලා...හෆෝයි...
ReplyDeleteකොහොම උනත් ගොඩක් උන්ගේ ප්‍රියතම සහ සරල සැහැල්ලු දේ තමා නිකම්ම නිකම් සෙරෙප්පුව...ඒත් ඉතිං තාමත් අපේ තාත්තලා අපි ඒව කොහෙ හරි දානව දැකපු ගමන් මෙලෝ දේකට වැඩක් නැති වැදගත්කමක් පටලවාගෙන බනිනවා...ඒක ඉතිං රණ්ඩුවකින් මෙහා නවතින්නේ නෑ...
අසංක
අපේ තාත්තා නම් බොහෝම සරළ අපිටත් වඩා ඉදිරියෙන් ඉන්න සරළ මනුස්සයෙක්.. මට හිතා ගන්න බෑ එයාට ඒවා කොහෙන්ද ලැබුනේ කියලා.. සමහර විට පාසැලෙන් වෙන්නත් ඇති.. ඒ නිසා තමයි අපි මේ තරම් නිදහසේ හැදුනේ... එයා මම තරම්වත් පන්සලට ගොඩ වෙන මනුස්සයෙක් නෙමෙයි..
Delete//මේක කියවද්දිම මතක් උනේ මාතලන් ගිය අවුරුද්දේ නෙළුම්යායට ආවේ සැන්ඩ්ල්ස් දාල නේද කියල.// ඒ නම් මලේ තනිකරම අපිව අපහසුතාවයට පත් කරවනං කරපු වැඩක්. නැත්නම් අර කලාහිත මලයා නිර්දේශ කළේ කළු සපත්තු විතරමයි.
Deleteආ මගෙත් ප්‍රියතම පාවහන තමා සෙරෙප්පුව. හැබැයි දැන් Bata නැති නිසා අපි දාන්නේ පොල් ගස් ලකුණ සෙරෙප්පු. නුවර වගේ දුර ගමනක් යනකොට නම් සැන්ඩ්ල්ස් දාන් යනවා. එකක් අර පටියට කෙළවෙන සීන් එක නිසාම. අනික බස් වල යනකොට පෑගෙන එක අඩු වෙන නිසා.
ReplyDeleteඕන්න ඕක තමයි බාටා දෙකට එරෙහිව ක්‍රියාත්මක වෙන අනෙක් බටහිර කුමන්ත්‍රණය.. පිටිපස්සෙන් පාගන එක.. මේවට එරෙහිව දරුණු නීතී රීතී ගේන්න ඕන මම නම් කියන්නේ....
Deleteඇයි බං උදේ ඉදන් ඇඳං හිටි කලිසමයි ලන්කට් එකයි ගලවලා ජරස් බරස් ගාලා ඇට කහනකොට තියෙන සනීපෙ!
ReplyDeleteඊයා...
Deleteලෙඩක් වෙන්න ඇති..
ඒ කාලේත් තිබ්බා ඔය වගේ ලෙඩක්..
කස කසානා කියලා කිව්වේ...
බොන බේතකුත් එක්ක ගාන්නත් බෙහෙතක් ඉල්ල ගනින්...
මගෙත් ප්‍රියතම ... ඒ කාලෙ රස්සාවටත් දැම්මෙ සෙරෙප්පු ...තව ටිකෙන් රස්සාවටත් කෙල වෙනවා ... පර්සනල් එකෙන් ලාස්ට් වෝර්නිංම දහයක් විතර දීල තියනව ...
ReplyDeleteමට හම්බ වෙලා තියෙන්නේ ටයි නොදානවටයි... ඔපීස් එකේ කුණුහබ්බ කියනවටයි...
Deleteමගේ බාට දෙක කැඩුනා හරි මැදින්. හැට්ට කටු හොයන්නේ කොහෙද. මම කලේ ඇනයක් ගහල ඉටිපන්දමකින් පුච්චපු එක. හරිගියේ නැහැ. ගිය දෙසැම්බරයේ ලංකාවට ගිය වෙලේ ඩි එස් අයි කට්ටලයක් ගෙනාව . සිතල වුනත් නොදා බැහැ බං.
ReplyDeleteමගේ දෙකත් ඔහොම මැදින් කැඩුනා. සුපර් ග්ලූ ටිකක් ගාල ඇලෙව්ව. දැන් කාලයක් අවුලක් නැතිව පාවිච්චි කරනවා.
Deleteමේ සීතලේ ඇට හෝ පොල් ගස් සෙරෙප්පු දානවට අජිත් අයියාට නෝබෙල් ත්‍යාගය දෙන්ට ඕනෑය. සිරාවටම.
Deleteමාත් එකයි කිව්වේ පිටරටදිත් මට ඔය නිසා ප්‍රශ්ණ ඇති උනාය කියලා...
Deleteලව් හිටන් බ්‍රේක් වෙලා තියෙනවා ඕවා නිසා... ලව් එක වගේද අප්පා බාටා දෙක..
සුපර් ග්ලූ අමතක වුනානේ හිටං. ටිලාන් මලේ බැනුම් අහගෙන තමා දාන්නේ . මේ දවස් වල කැස්සක් හැදිලා අහිංසක සෙරෙප්පු කුට්ටම තමා බැනුම් අහන්නේ.
Deleteමමත් දාන්නේ මැද්දෙන් හීනියට තද නිල් පාට ලයින් එකක් ගිය ඔය වගේම හතරැස් මුණ තියෙන ඇට දෙකක්. පුදුම සැපක් දැනෙන්නේ
ReplyDeleteනොමිළේ ෆුට් මසාජ්... නැත්නම් ඉතින් ඒ සැප ගන්න ඉස්පා යන්න එපාය හිටන්...
Deleteකොට කලිසම,ටී ශර්ටුව,බාටා දෙක.
ReplyDeleteආයෙ ඉතින් එච්චර තමයි.හැබැයි හිඟන්නටත් අන්තයි බස් එකෙන් බැහැලා දාඩිය දාගන තැනකට ගියොත්.හොන්ද වන්ඩියකින් බැහැලා සුවඳ ගගහා පට්ට ෆෝන් කෑල්ලක් හෙම අරන් හිටියොත් මනුස්සයෙක් ගානට සලකනවා(අඩු ගානෙ රවන්නෙ නෑ.)
ඒත් ඒ වගේද නිදහස හා?
ඇට දෙකට වඩා වේවස් දෙක සනීප නිසා ඒ දෙකට මාරු උනා.ගානෙත් වෙනසක් නැති තරං දැං.
ජයවේවා..!!
කවුරුත් නොදන්නවා වුණාට බාටා සමාගම පටන් ගත්තේ චෙකොස්ලෝවැකියානු සපතේරුවකු වූ Tomáš Baťa සහ ඔහුගේ පවුලේ අයයි. ඔවුන් පාරම්පරික සපතේරුවන්. සමාගම ආරම්භ කළේ 1894 අගෝස්තු 24 දින T. & A. Baťa Shoe Company නමින්. දෙවන ලෝක යුද්ධ කාලය යුද ඇණවුම් නිසා සමාගම ඉතාම ලාභ ලබන ව්‍යාපාරයක් වුණා. ඒත් හැමතැනම වුණා වගේ කමියුනිස්ට්වරු බලයට පත්වීමත් සමගම සමාගම අඩපණ වුණා. බාටා පවුල සමාගම වෙනත් රටවලට අරන් ගියා. දැනට මුලස්ථානය තියෙන්නේ ස්විට්සර්ලන්තයේ. අධිපති තමයි Tomáš Baťaගේ මුනුබුරා වන Thomas G. Bata. මේ විස්තරය මට කිව්වේ චෙක් ජනරජයෙන් පැමිණි මගේ මුතුරු ජාන් විසින්. වැඩි විස්තර ඕනේ නම් https://en.wikipedia.org/wiki/Bata_Shoes ගිහින් බලන්න. කාටහරි සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්නම් හොඳයි
ReplyDelete