.

.

Dec 19, 2016

වෙබ් වලට අත නොතබනු....!!!! මැඩම් ජයන්ති සිරිසේන කියයි.... - Freedom of Expression in Siri Lanka



රටේ තියෙන ප්‍රශ්ණයි, පක්ෂෙ තියෙන ප්‍රශ්ණයි, ආන්ඩුවේ ප්‍රශ්ණයි, එක එකාගේ ප්‍රශ්ණයි, අරවයි මේවයි ඔක්කෝම අමතක වෙන්නේ ගෙදර එනකොට ජයන්ති මැඩම් බෙලෙක් කෝප්පේ ගෙනත් දෙන කහට එක බීලා, හකුරු කෑල්ලය කෑවාමය. ඒ රහ ඉතින් බකින්හැන් පලස් එකෙත් ඇත්තේ නැතිය. ඉතින් ලොක්කා ගෙදර යන්න රෙඩි බව දැන ගත්තාම, චීප් සිකිරුටි උන්නැහේ කොරන්නේ, මඩම්ට කෝල් එකක් ගන්න එකය. එහෙම කලින් කිව්වාම, ජයන්ති මැඩම් බෙලෙක් කෝප්පෙත් තියාගෙන දොරකඩම ඉන්නවාය.

ඒත් ඊයේ උස්සව දෙක තුනකට ගිහින්, අම්මට සිරි ලංකා නිදහස් පක්සේ හාල්පාරුවන්ගේ රැස්සීමට ගෙදරට ගොඩ වෙනකොට, ජයන්ති මැඩම් පේන්න උන්නේ නැති නිසා, ඉස්සෙල්ලාම බය උනේ චීප් සිකුරුටි උන්නැහේය. ඒ, කලින් මහ රජා වගේ කාමරේකට දාලා බඩට කෙලින නිසාවත්, අම්මා අප්පා මතක් කොරලා පින් දෙන නිසාවත් හින්දා නොව, පොඩි දේටත් සෑර්ගේ හිත කළබල වෙන හන්දාමය.

ජනාධිපති තුමාත් පුල්ම අප්සෙට් ගියාට, ඒක කාටත් පෙනුනේ නැත්තේ මේ මළදානේ පටන් ගත්ත දවසේ ඉඳන් හැමදාමත් ඉන්නේ, අප්සෙට් මූඩ් එකේම හින්දාය. ඉස්තෝප්පුවේ පේන්න උන්නේ නැතත්, සාලේ පුටුවක් උඩ ජයන්ති නෝනා ඉන්නවා දැකපු ලොක්කා ඇහුවේ, මොකෝ නෝනා අද අප්සෙට් එකේ ඉන්නේ, කෝ මගේ බෙලෙක් කෝප්පෙ තේ එකත් නෑ නේ..? කියා පොඩි රොමෑන්ටික් ටෝක්ස් එකක් දුන්නත්, මැඩම් කලේ, ගස්සලා දමලා, පුටුවෙනුත් නැගිටලා, ගේ ඇතුලට යන එකය.

ජනාධිපති කාර්යාලෙට තියා, උන්නැහේට ගැහුවත් කළබල වෙන්නේ නැති නිසා, කෝකටත් කියලා පත්තරේ අතට ගත්ත ජනාධිපති තුමා, මුල ඉඳලා අගටම බැලුවේ, උදේ මිස් වෙච්ච මක්කා හෝ නිව්ස් එකක් නිසා අප්සෙට් එකක්වත් උනාදෝ කියලාය. ඒ ගැන කල්පනා කොරන්න පටන් ගන්නවාත් එක්කම, ෆයිසර් මුස්තාපා ගෙට ගොඩ උනේ, සින්දුවකුත් කියාගෙනමය.

මුස්තාපා මම මුස්තාපා...
උසාවියේ ලොකු පෝසතා...
ඡන්දය නොතියා ලෝකේ වටේ...
යන්නේ මම බාල ගිරියා වගේ

ඒක අහපු ලොක්කා කිව්වේ, බාලගිරි කේස් එක හරියන්නේ නෑ ෆයිසර්, තව මොකක් හරි ඩෙට් එකක් අද එන උන්ට දීලා දානවා, නැත්නම් යන යන තැන, හොරා කාපු උන්ගෙන් බේරිල්ලක් නේ හලෝ, උන් කියනවා දැන් සෑර්ලා ඉතරයි කන්නේ ඇයි අපේ බඩවල් බඩවල් නෙමේද සෑර් කියලාය. ඒයිට පස්සේ රැස්සීමට ආපු හාල්පාරුවෝ සද්දේ දාන්න පටන් ගත්තේ, මොකක්ද සෑර් මේ චන්දෙ තියන්නේ නතුව කොරන්නේ, අපිට ගමේ යන්නත් බෑ කියලාය.

ඒක අහපු ලොක්කා කිව්වේ, ඔහේලට විතරක් නෙමෙයි මටත් එහෙමයි අයිසේ, මට තියා මගේ සිකුරිටි එකේ එකෙකුටවත් ගමේ ඉන්න බැරි තත්වයක් දැන් තියෙන්නේ හිටන් කියලාය. අන්න ඒක නේ සෑර් කියා කියපු එකාගෙන් ලොක්කා ඇහුවේ, දැන් චන්දේ තිබ්බොත් අපිට ගමට යන්න පුළුවන් වෙයිද හිටන් කියලාය. ඔව් සර් එතකොට මීටීන් වලට යනවා වගේ හරි යන්න පුළුවන් නේ. අනික ඡන්දයක් කාලේට ආයේ බොරුවක් දෙකක් හරි කියලා ඉන්න පුළුවන් නේ කියලාය.

හැම එකාම ෆයිසර්ගෙන් ගේම ඉල්ලනකොට, උන්නැහේ කිව්වේ, එහෙනම් මාර්තු වල තියමු කියලාය. කස්ටිය ගියායින් පස්සේ ලොක්කා ෆයිසර්ගෙන ඇහුවේ මාර්තුවල තියන්න පුළුවන්ද ෆයිසර් කියලාය. එතකොට ෆයිසර් කිව්වේ, අපෝ පුළුවන් වෙයි සෑර් තා අවුරුදු දෙක තුනකින් මාර්තු මාසෙක තියමු කියලාය.

මෙලෝ රහක් නැති හාල්පාරුවෝ ටික ගියායින් පස්සේ, ජයන්ති මැඩම් හොයාගෙන කාමරේට ගිය ජනාධිපති තුමා මැඩම් ගෙන් ඇහුවේ, මොකක්ද නෝනේ මේක තේරුම, හැම එකාම මගේ පලු අරිද්දි ඔහෙත් මට මෙහෙම කොරන එක හරිද කියලාය.

කේන්ති යන්නේ නද්ද මහත්තයා. මොනවද ඔහේ මේ එක එක තන්වල ගිහින් කියන කතා. මේ සැරෙත් කෑවා නේද විජේදාසයගේ ගුලියක් කියා මැඩම් කිව්වම, ලොක්කා ඇහුවේ, ඇයි නෝනේ එහෙම කියන්නේ කියලාය. මොකක්ද අද මහත්තයා අද අර චීප් ජස්ටිසුයි, අනික් ජස්ටිස්ලයි ඉස්සරහා කිව්වේ වෙබ් ඔක්කොම තහනම් කොරන කතාවක් කියපු ගමන් ලොක්කාට නොදැනීම කිය උනේ..

අම්මට හුඩු යකෝ... වේලෙන්නත් කලින් මුන් මේක පත්තරේ දාලා නේ කියලාය. ඒක අහපු ගමන් නෝනා අහුවේ, මොකක්ද ඒ වෙලුන කතන්දරේ කියලාය. අපෝ ඒක මේ අසභ්‍ය කතාවක්, ඒවා මෙතන කියන්න බෑ. ඒත් ගෙට ගොඩ වෙන්නත් කලින්, නොනේ කොහෙමෙයි ඕක දැන ගත්තේ.., කියලා අහපු ජනාධිපති තුමාට නෝනා කිව්වේ, ඇයි මහත්තයා ඔහේ ඒ කතාව කියපු ගමන්ම්, වෙබ් සයිට් වල කතන්දරේ ගියානේ කියලාය. ඕන ඕකනේ නෝනේ මම කියන්නේ. මුන් මේ ඕන එකයි, එපා එකයි හැම මළදානෙම දානවනේ, ඒකයි මම ඕවා තහනම් කොරන්න යන්නේ කියලාය.

අනික බලන්න මහත්තයා ඒ මදිවට ඔක්කෝටම කලින් මහ ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදේ දෙනවා කියපු ඔහේම නේද මේ අපේ ප්‍රජාතන්ත්‍රවාදි නිදහසට අකුල් හෙලන්නේ මම ඉතරක් නෙවෙයි ඕන් දූලා දෙන්නටයි පූසටයි ඔක්කෝටම මහත්තයත් එක්ක "මල පැනලා" ඉන්නේ. ඔය දෙනවයි කියපු පෙජාතන්තරේ ගෙදරටවත් නැත්නම් රටට කොහොමද දෙන්නෙ මහත්තයා. මේවා කිව්වම අර ඇන්ජෙලා නෝනලා එලිසබත් මැඩම්ලා මක්කා හිතයිද. අඩු ගානේ ඊළඟ පාර ග්ලවුස් ගලවනවා තියා මූණ බලන එකක්වත් නෑ ඕන්...

අන්න බලන්න අන්න බලන්න... බලන්න නෝනා කියපු කතාව... මොකක්ද මම කියපු කතාව ප්‍රජාතන්ත්‍රවාදෙද...? කෙහෙල්මල් ප්‍රජාතන්ත්‍රවාදයක් නෙමෙයි. එහෙනම්...? "මල පැනලා" කියපු එක.. දැන් කොහෙන්ද ඕවා නෝනා ඉගෙන ගත්තේ..? වෙන කොහෙන්ද ඉතින්, වෙබ් වලින් තමයි. ආන්න එක නේ මම කියන්නේ, මේවයේ කිසි සදාචාරයක් නෑ. ඕන කුණුහබ්බයක් ඇදලා අරිනවා. අනික මුන් ගහන තරමක් ගහන්නේ නිදහස් දීපු මටම වෙච්චි...., මෙහෙම කරන්න හොඳද නෝනා...? කියා ලොක්කා කිව්වම, ජයන්ති මැඩම් හෙමීට කිව්වේ එහෙම ගහන එකෙත් වරදකුත් නෑ බැලුවාම කියලාය.

අර මොකෝ නෝනා ඔහෙත් එහෙම කියන්නේ කියා ඇහුවාම නෝනා කිව්වේ කෝ ඉතින් ඔහේ කියපු මෙලෝ දෙයක් කෙරුවෙත් නෑ නේ කියලාය. අනික අර ඩලස් මල්ලිත් කිව්වේ ජනාමාද්දියට අත තියලා තමාය එයාලත් කෙලව ගත්තේ, ජනමාද්දිය කාරයන්ට අත තියන්න එපාය කියාලා. ආ එක ගනන් ගන්න එපා..., ඒ, එයත් මාද්දියවේදියෙක් නිසා නේ... එයාත් මාද්දියවේදියෙක්ද මහත්තයා..? කියා නෝනා අහුවාම, ජනාධිපති තුමා කිව්වේ,

අපොයි ඔව් එයා ඒ කාළේ මාර මාද්දියවේදියෙක් නේ. ඔය එයාගේ නෝනව ගත්තෙත් පත්තරේට ලියලා නේ හිටන් කියලාය. ආ ඒ කියන්නේ මංගල දැන්වීමක් දාන්න ඇති..? මොන මංගල දැන්වීම්ක්ද ,මේ යකා ලිව්වනේ, ප්‍රදීපා කියන්නේ ලංකාවේ අග්‍රගන්‍ය ගායිකාවය, ප්‍රබුද්ධම නිලියය, මහා ප්‍රදිපස්තම්බයය. ජාතියේ මහා පහන් ටැබය. ඔබ නැති ලොව මට කුමටද සුමානාය, අරකය, මේකය, කියලා..

ඉතින්...? ඉතින් මොකක්ද.. අර චීස් කෑල්ල කන්න ගිය කපුටා වගේ ප්‍රදීපා නංගී මේකගෙ ගුලිය කෑවා. හානේ බල්ලනකෝ ඉතින් නේද අපේ මහත්තයා. ඒක තමයි මාත් මේ බැලුවේ අච්චර හැඩ කෙල්ල, මොකෑ මේ කාළගෝලයත් එක්ක ආවේ කියලා හිටන්..  ඒ විතරක්ය නෝනේ, මාත් ඉතින් ඕක පොඩි කාළයක් කොලා නේ, ඉතින් මම දන්නෙ නැතිය ඕවුන්ගේ හැටි..

ඉතින් මහත්තයා ඕකට ඔය ඩලස් මල්ලි කියනවා වගේ, ඒවට ගහන්නේ නැතිව, උන් මඩ ගහන නිව්ස් මවන්නේ නැතිව උන්නාම අහවරනේ...? එහෙම බෑ නේ.. උන් දැන් මේ සුප්‍රිම් කෝට් ජජ්ලට හිටන් ගහනවනේ නොනේ.., ඉතින් නොගහ කොහොමද මහත්තයා...? මහත්තය බැලුවේ නැතෙයි, උසාවිය නිහඬයි සෝ එක..., ඒක බලපු දාම මම හිතාගත්තේ, වැස්සකටවත් උසාවියකට ගොඩ වෙන්න හොඳ නැතෙයි කියාලා.

එහෙම නෙමෙයි නේ..., දැන් බලන්න නොනේ, අපේ පූසා අර සීලීමක් කඩාගෙන මීයෝ අල්ලන්න රිංගපු වෙලාවේ, උන් ඒක වෙලෙන්නත් කලින් වෙබ් වල දාලා, වන කොලා නේ හිටන්..., යානතන් මම ඇෆ් සී අයි ඩී එකේ පලු ඇරලා නේ පූසව බේර ගත්තේ. මුන් අහිංසක පූසෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ නේ. ඒ නිසා දරුණු නීතී රීතී ගේන්න වෙනවා. අනික බලන්න මේ ධර්මද්දීපෙට මොන තරම් නිග්ගරහයක්ද කොලේ හිටන් අර සෙක්ස් හොයලා, ඕවත් නවත්තන්න ඕන නැද්ද නොනේ.

මෙහෙමයි මහත්තයා..., ඕවා නම් ඉතින් නොබලන එකෙක් නෑ නේ..., අපේ පූසා උනත් ඕවා බලනවා ඇති නේ.. එහෙම කොරන්න එපා... කන්න බොන්නත් නැති එකේ..., මිනිස්සුන්ට කරන්න තියෙන්නේ ඕක ඉතරනේ... ඔක්කෝම නැති බංගස්තාන නොකර..., කරන්න පුළුවන් දෙයක් තියෙනවා නේ මහත්තයා

ඒ මොකක්ද නොනේ...? ඒ මොකක්ද....? කියන්නකෝ බලන්න.

අර මහත්තයගේ වෙබ් සයිට් එක හැක් කරපු කොලු පැටියා ඉන්නේ.. ඔව් ඔව් අර මම ඇපල් අයි පෝන් එකකුත් දුන්නේ හිටන්.... ආන්න ඒ කොලු පැටියා ඉස්කෝලේ ගිහින් ආවයින් පස්සෙ..., ජනාධිපති කාර්යාලෙට ගෙනත් හිටන්..., වහලා දාන්න ඔන වෙබ් සයිට් ටික හැක් කොලාම ඉවරයිනෙ මහත්තයා.

සා......නෝනගේ උපදේසෙ තමයි උපදේසේ..... මට හිතෙනවා, මේ උපදෙස් දෙන්න ඉන්න ශිරාල්ලා, මලිතලා, වෙන කොහාට හරි දාලා..., නෝනෙව මගේ උපදේසොක කොරගන්න... කියා ජනාධිපති තුමා කිව්වම, නෝනා මුකුළු වෙමින් හුරතලේට කිව්වේ..., නරක් වෙලා තියෙයි මහත්තයට එහෙම කොලොත් හිටන්... කියලාය. හෙට උදේම ඒ කොලු පැටියට කෝල් කරන්න ඕන කියපු ජනාධිපති තුමා, නෝනාට කිව්වේ...., දැන් වත් මගේ තේ එක ගෙනත් දෙන්න පුළුවන්ද කියලාය.

බෙලෙක් කෝප්පයක් පෙරලෙන සද්දයක් ආවත්..., ගෙදර හිටපු අනික් උන් හිතුවේ..., ඒක පූසාගේ වැඩක් වෙන්න ඇති කියලාය.

35 comments:

  1. මට මේ කථාව අහපුවම මතක් උනේ යන යන පැත්තට ගහු උලුඅස්සා කියන කථාව. මෙතුමා තැනකට ගියාම එතැන්ට ගැලපෙන කථාවක් කියලා ෂේප් වෙනවා. අන්තිමට කථාව විතරයි.

    ReplyDelete
    Replies
    1. විසිල් ඉතරයි.... බල්ටි නෑ...

      Delete
  2. ඩිජිටල් සමාජයක් හදලා ඉවරද හිටන්?

    ReplyDelete
    Replies
    1. ගොඩක් කල් නේ...

      ඇයි ප්‍රී වයි පයි....

      Delete
  3. කුණුහරුප බලන්න හරි ඉන්ටර්නෙට් කොමියුනිටි එකක් තිබ්බ නිසා පුටුව හම්බ උනා කියල අමතක වෙලද කොහෙද

    ReplyDelete
    Replies
    1. අපේ රටේ තියෙන පරම්පරාගත රෝගයක් නේ ඕක... වෙන මක්කත් ඕන නෑ ඔතනට ගෙනාපු සෝභීතා හාමුදුරුවොන්ටත් ඇපොයිමන්ට් එකක් නොදීපූ හාදයෙක් වෙච්චි...

      Delete
  4. අපේ පූසා අර සීලීමක් කඩාගෙන මීයෝ අල්ලන්න රිංගපු වෙලාවේ, උන් ඒක වෙලෙන්නත් කලින් වෙබ් වල දාලා, වන කොලා නේ හිටන්...,

    ඇත්තටම මේකට මොකද උනේ ?

    ReplyDelete
    Replies
    1. ඇෆ් සී අයි ඩී එකෙන් තමයි අහන්න වෙන්නේ...

      Delete
  5. වැඩක් නෑ බං කිසිදෙයක්...පොඩි වෙනසකට කියලවත් බ්ලූ සයිට් එකක් බලන්නවත් දැන් බෑ මේ ලංකාවේ...ආර්ථික අර්බුදේ මදිවට තව තව මානසික ශාරීරික අර්බුදත් ඇතිවෙන පොටක් මේ විදිහට තහනම් කිරිල්ල ඕං...

    අසංක

    ReplyDelete
    Replies
    1. බ්ලූ නෙමෙයි මම නම් මෙලෝ වීඩියෝවක් බලන්නේ නෑ ඩේටා කනවා....

      Delete
  6. අම්මට හුඩු!!!
    බ්ලොග් වලටත් අත තියයිද
    ලෝටස් සම්මාන ???????
    අනේ අපොයි!!!!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.... මේ සරේ රාජ්ටත් දෙයි..

      කළබල වෙන්න එපා.. මම කියන්නම්කෝ කල්යාන මිත්‍රට හරි ඉන්දිකයට හරි ගෙදරටම ගෙනත් දෙන්න කියලා... ඔන්න නෝනට බයේ එලියට නෑවිත් ඉන්න එපා හොඳේ..

      Delete
    2. ඒ මොකටද තට්ටකොකාට දෙකපුනවටද

      Delete
  7. යකෝ දැන් පොඩි දේටත් කලබල වෙනවා කියපු එකා නේද දැන් කිසි දේකට කලබල වෙන්නෙ නෑ කියලා මාතේ කිව්වෙ...
    කොහොම උනත් සුපිරි කතාව

    ReplyDelete
    Replies
    1. දැන් ටිකක් කලබලේ අඩුයි නේ.. ළඟ ළඟ නෑවා නේ අති වෙන්න...

      Delete
  8. සමාජ ජාලෙට අත තිබ්බොත් ජංජාලේ තමයි ලොක්කෝ. ඩලා කියන කතාව හරි.

    ReplyDelete
    Replies
    1. සමාජ ජාල නෙමෙයි... අරක්කු සිකැරට් වැඩි කරපු ආනිසන්සෙ බලාගන්න චන්දයක් තියන්න කියහන්කෝ...

      Delete
  9. ලොක්කට කියවුනේ 'වෙබ් සයිඩ්' කියලා. ඕවා නිකං බෙඩ් සයිඩ් කථා කියලයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. වෙබ් සයිඩ් කියලා තමයි කියන්නේ... මම ඒක මෙතන දැම්මේ නෑ.. හොඳ නෑ නේ... අර උපදේශකයෝ දෙන්නෙක් ඉන්නවා.. මෙලෝ රහක් නෑ..

      Delete
  10. කොලිටිය කෙසේවෙතත් හොඳ වෙලාවට බෙහෙත් ටිකක මිළ අඩු උනේ.දැන් ඒ සල්ලි දාල හාල් ටිකක් වත් ගන්න ඇහැකි.
    ටෙලිපෝන් බිලේ බදු පෝලිම දැක්කම සිරාවටම කොනක ඉඳන් ඩිජිටල් කොරාගෙන කොරාගෙන යන්න හිතෙනවා අප්පා.
    ඒ ගැන හිතලනෙ ඔය තහනම් කොරන්න හදන්නෙ.රටේ මිනිස්සුන්ගෙන් ඩිජිටල් කොරාගන්න බැරුව.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කොහොමද සෝසල් මීඩියා නවත්තන ක්‍රමේ...

      Delete
  11. මරා ළිඳ මතය නැග්ගොත් වැනසේය
    ළිඳේ ජෙප්පන්ය වැටුනොත් උන් කාය
    අතකින් සිරිසේන අතකින් රනිලාය
    මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය

    ReplyDelete
  12. අනේ කලේ වනේ වාසේ කිවුවලු..

    ReplyDelete
  13. ඔය 'වෙබ් සයිඩ්' තහනම් කතාව කියන්න ඇත්තේ එතන ඕඩියන්ස් එකට, ඒ කියන්නේ නඩුකාරයන්ට, පොඩි ආතල් එකක් දෙන්න වෙන්න ඇති. ඇයි, පහුගිය දවස්වල දීපු සමහර උභතෝකෝටික නඩු තීන්දු (ටිරාන් අලස්ගේ, දුමින්දගේ, ඊනිවුස් සේනාධීර ආදී) ගැන ඔය 'වෙබ් සයිඩ්' වල නඩු කාරයන්ගේ රෙදි ගැලෙව්වනේ.

    ඔය පොර ටෝක් එකත් එක්ක 'ග්‍රාම සේවක කාලේ මමත්, ගමේ පොඩි පොඩි කේස් වලට පොඩි පොඩි නඩු තීන්දු දීල තියෙනව හිටං' කියලත් කීව නම් එතනදිත් නිකම්ම රැහේ එකෙක් වෙන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. පුදුමෙ එහෙම නොකිව් එක...

      Delete
  14. මරු කතාව බං. හිනාවෙන්න ලියපු එකක් වගේ ඇත්තටම. තහනම් කරනන් ගියොත් ලොක්කට එල්ලෙන්න වැලුත් නැතුව යයි.

    ReplyDelete
    Replies
    1. තහනම් කොරත් ඔච්චර තමයි.. ආයේ වෙරිටාස් තමයි අහන්න වෙන්නේ...

      Delete
  15. කතාව නම් නියමයි ආයුබොවන් . හැබැයි මැඩම් ජයන්ති සිරිසේන​ කියන්ඩ ඇත්තේ කියුබාවට අත නොතබනු කියලා වෙන්ඩ ඇති. මොකද, ජයන්ති නෝනා වෙබ් සයිඩ් ගැන දැනන් හිටින්ඩ විදියක් නෑ නොවැ . මේ යන විදියට අපේ සුදු කොකා උන්නැහේ මරුසිරා වෙලා නතර වෙයිද දන්නේ නෑ . ඒත් කමක් නෑ අලිහොරා සහ හොරු කණ්ඩායම නැවත එන්නේ නැතිව. ඔබතුමාටත් පවුලේ සියලු දෙනාටත්, ඔබගේ සතුරු මිතුරු බොග්ගුන්ටත් සුභ නත්තලක් හා ඉතාම සුභ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් සිරිසේන උන්නැහේ කිව්වේ ගෙදර අයට බලන්න එපාය කිව්වැයි කියලා හිටන්...

      Delete
  16. එහැමැයි කියලා උන්දැව බයිට් කරන්න එපා
    කාගෙ උනත් දරුවෙක්නෙ.......

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න