.

.

Nov 10, 2018

රනිල්ගේ යුගාන්තය - The End of Ranil Era




මාතලන් කියූ දෙශපාලන අනාවැකි සැබෑ වූවායැයි කීවාම බුකියේ ඉන්න උන් අහන්නේ කෝ කවද්ද යකෝ තෝ එහෙම කිව්වේ කියලාය. ඒක ඔවුන්ගේ වරදක් නොවේය. මන්ද මාතලන් බුකියේ සෑහෙන කාළයක් උන්නත්, එහි ක්‍රියාශීලී වූයේ මෑතක නිසාය. ඒ නිසා සිරා කව්ද කියලා 2016 ඔක්තෝබර් 13 වන දින තැබූ බ්ලොග් සටහනක් මෙසේ ගෙන හැර දක්කනවාය..

යහපාලනේ අවසන් කටයුතු පසුව දැණුම් දෙනු ලැබේ.. - Yapalana Funeral will be notified later

කැමති එකෙකුට එතනට ගොඩ වැදි අද සිඳු වූ සියල්ල අකුරක් හෝ වෙනසකට භාජනය නොකොට ඒ ආකාරයෙන්ම තියෙනවා බලා ගන්නට පුළුවන්ය.

රනිල්ගේ දේශපාලන ආගමනය

රනිල් ජනතාවගේ නායකයෙක් නෙමේය. රනිල් දේශපාලනයට එන්නේ පවුල් පසුබිම හන්දාය. මාතලන්ට මතකාරයට ඔහු දේශපාලනයට එන්නේ කොළඹ හතෙනි. ඔහු දන්නේ එහි ජීවන රටාව පමණමය. පාර්ලිමේන්තුවට ඔහු එන්නේ ලාබාල මන්ත්‍රිවරයකු ලෙසය. මුලින්ම ලැබෙන්නේ නියෝජ්‍ය ඇමති කමකි. පසුව ඔහුට ඇමති කමක් ලැබුනද, පක්ෂ වහලුන් රනිල්ගේ කෙරුවාවන් කියා පෙන්වන සියල්ලම ජේ ආර්ගේ ඔළුවේ තිබූ දේ මිස රනිල්ගේ ඔලුවේ තිබූ දේ නොවේය.

ජේ ආර් සෑදූ ජාතික තලයෙ නායකයන් අතර රනිල් උන්නේ බොහෝ ඈතින්ය. ඔහු ගොඩ ගියේ ප්‍රේමදාසට එදිරිව ගෙන ආ දෝශාභියෝගයේදී ප්‍රේමදාස මහතාට පක්ෂව උන් නිසාය (පුංචි ප්‍රේමදාසද රනිල්ට වටින් පිටින් කෙලින්න ගියද කෙලින්ම ගේම එන්නේ නැත්තේ මේ නිසාය)

මාතලන් එජාපයේ පක්ෂ සාමජිකයකු වූයේ පරම්පරාවේ උණටම ගිය නිසාය. අපේ තරුණ අවධියේ, රටේ අති දරුණු භීෂනයක් පැමිනි කාළයේද, අප පක්ෂය හැර නොගියේ අර තිබූ උණ නිසාමය. එහෙත් අප පලාතේ එජාප නායකයා වූ රනිල්, එදාද පාක්ෂිකයන් අතරම ජන අප්පිරිය වූවා මිස ජනප්‍රිය පුද්ගලයකු නම් වූයේ නැතිය. ඒ ඔහු කිසිවකු හෝ ගනන් නොගන්නා මහා උද්දච්චයෙක් වූ නිසාය. අද රට්ටුන් එතුමාට කියනා දේ එතරම් ඈත අතීතයේම කැළණියේ ජනතාව ඔහුට කියුවේය.

රනිල්ගේ පක්ෂ නායකත්වය

එය සිරිසේනගේ ජනපති කම මෙන්ම කිසි දිනෙක සිහිණයකින් වත් නොසිතූ ළොතරැයියක්ම විය. ළොතරයි දිණුම් ඇදුන උන් කෙලින්නේම පිස්සු කියා සමාජයේ කියමනක් ඇත්තේය. සිරිසේන හා රනිල් දැණුත් කරමින් සිටින්නේද එයමය. උන්ට ලැබු ජහග්‍රහණයේ කිසිඳි වටිනාකමක් ඇත්තේ නැතිය. ඒ මහින්ද, ජේ ආර්, ප්‍රේමදාස මෙන්, කිසිඳු හෝ කට්ටක් නොකෑ නිසාමය. සිරිසේනට තමන් ලද දේ රැක ගැනීමේ උවමනාවත් තිබෙනවා වුවද, රනිල්ට ඒකත් ඇත්තේ නැතිය. ඒ ඔහු නිකන්ම නිකමෙක් නිසාය.

ජේ ආර්ගේ දෙවන පෙල නායකත්වය තුල, ලලිත්, ගාමිනි, ප්‍රේමදාස, මල්ලිමාරච්චි, ප්‍රේමචන්ද්‍, රන්ජන් විජේරත්න, අළුවිහාරේ පමණක් නොව තවත් බොහෝ ඉදිරිපෙල නායකයන් ගොඩ නැගුවේය. ඔවුන් බොහෝ දෙනෙකු "කරමා ඉස් අ බිච්" (Karma is a Bitch)  කියන්නැහේ, එජාපය විසින්ම ඇති කළ කාළකන්නි යුද්ද්ධයේ ගොදුරු බවට පත් වී, දැයෙන් සමුගත්තේය. එයින් පින පහළ වූයේ ඩී බී හා රනිල් වැනි හාල්පාරුවන්ගේය.

ඩී බී අතේ තිබුන රොටිය චන්ද්‍රිකාට පුච්චා ගන්න දී ගෙදර ගිය අතර, "වා නම් වා පෝ නම් පෝ" කියා, කොහෙවත් නැති එකෙකුට දැවන්ත නායකයින් බිහි කළ පක්ෂයක අනාගතය පැවරුනේය.

ආසියාවේ මහා මොළයේ ඉල්ලාගෙන කෑම

හත්වලාමේ වෙච්චි දේට මක්කොරන්නද කියා නායකත්වය පිලිගත් පක්ෂයේ වහලුන් ඔහු හැඳින් වූයේ, "තරුණ නායකත්වය" කියලාය. කොන්ඩෙ සුදු වූ පසු මුන්නැහේ හැදින්වුනේ "ආසියාවේ මහා මොළය" කියලාය. එහෙම කියපු උන් ආසියාව කියන්නේ ලංකාවටද කියා මාතලන් නම් දන්නේ නැතිය.

මොකෝ අල්ලපු රටේම, මහා බුද්ධිමතුන්, මොළකරුවන් පමණක් නොව, මේ මෑ ඇටේ සල්ලිවලට ගන්න තරම් පොහොසත් බුද්ධිමත් බිස්නස් කාරයෝ පවා ඉන්නා නිසාය. ඒ අතින් ගොන් බයියන්ගේ හා අමු ගොබ්බ ටොයියන්ගේ වෙනසක් ඇත්තේ නැතිය. සමහර විට මුන් මේවා කියනවා ඇත්තේ, ඔය ඉඳ හිට ලෝකේ කොහේ හෝ රටක පස් හය දෙනෙක් සහභාගි වෙන කැම්පස් ලැක්චර් එකකට යන නිසා වෙන්න ඇතිය.

ටී වී එකේ නොපෙන්නුවාට, පත්තරේ නොතිබ්බාට, අපේ රටේ ව්‍යවසායකයන්, සමාජ ක්‍රියාකාරකයින්, කැම්පස් ලැච්චර්ලා මෙන්ම, පොඩි කොල්ලෝ කෙල්ලෝද එහෙම ලැච්චර වලට යනවාය. එහෙම නම් රටේ නායකත්වය දිය යුත්තේ දේශපාලනය නොදන්නවා උනත්, එහෙම වැඩිම ලැච්චර් වලට ගොහින් තිබෙන එකාට හෝ එකීටය. ඉන් පසු අපි මහා බුද්දිමත් රටක් කියා, කන්න නැති උනත් වාතයක් ඇරලා සතුටින් නිදා ගන්න පුළුවන්ය.

මිස්ටර් ක්ලීන් හා මිස්ටර් බීන්

රනිල්ට මිස්ටර් බීන් කිව්වේ අප නෙමේය. අද එයාගේ සමනල් රෑනේ මුල් පෙලේ ඉන්නා මංගල සමරවීරය. එයා එහෙම කිව්වත්, රනිල්ට පක්ෂ විපක්ෂ කවුරුත් කිව්වේ මිස්ටර් ක්ලීන් කියලාය. ඒ එයා හොරකම් කරලා තිබ්බේ නැති නිසාය. එහෙත් නරක ආශ්‍රය ඔහු කම්බා හොරෙක් කෙරුවේය. කොහේවත් යන පච්ච සිරෙක්, පොදු අපේක්ෂකයෙක් කරන්න, සිරිකොතේ තිබූ ඔක්කොම සල්ලි ටික කාබාසිනියා කොරලා ඒ යකා රජ පුටුවේ ඉන්දුවායින් පස්සේ, චන්ද කරන්න පක්ෂයට සල්ලි තිබුනේ නැතිය.

ඒ නිසා පාර්ලිමේන්තුව විසිරුවා මහ චන්දයකට නොයා "ප්‍රජාතන්ත්‍රවාදි මූලධර්ම" පසෙකලා "සධාචාර විරෝධීව", රෙද්දේ ව්‍යවස්ථාවේ හිල් වලින් රිංගා යමින් පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව, අගනැති ලෙස දිවුරුම් දී මහ බැංකුව තම්න් යටතට ගත්තේය. එ කරලා සියවසේ මහා මුදල් මංකොල්ලය ක්‍රියාත්මක කිරීමට සිංගප්පුරුවෙන් බෑන්කර් කෙනෙක් ගෙනවිත් සැන්ට්‍රල් බෑන්ක් එක සුද්ද කරලා දැම්මේය.

රනිල්ට පමණක් නොව, පක්ෂයේ අනෙක් උන් ඔක්කොටම තිබුන සිහිණය වූයේ රට හැදීමවත් පක්ෂය හැදීමවත් නොව රාජපක්ෂලා කෙලපු කෙලිල්ලටත් එහා කෙලිමින්, කොමිස් ගසමින්, මහින්දලාටත් වඩා හොරකම් කරමින්, එයා ගෙවූ ලයිෆ් ඉට්ටෑයිල් එකටම ජීවත් වෙන එකය. (හැම එකාම කියන නිසා අපිත් ඔහේ කියෙව්වාට මහින්ද හොරෙක් කියා යහපාලනයට ඔප්පු කරන්න නොහැකි වූ අතර. මැණික් මල්ලකින් ලද පවුලේ වාසනාවට සෑම එකාම ඉරිසියා කළ බව පමණක්ම "උත්තරීතර අධ්කරණයේදී" ඔප්පු විය.)

කොටින්ම කියනවා නම් අද රටේ හැම පොලිටික්කාටම ඕනා මහින්ද කෙනෙක් වෙන්නය. මේවා බොරුය කියා කියනවා නම්, මාතලන් බොග දැමීමත් (Blogging) නතර කර දමනවාය.

ඇත්තම කතාව නම්, සැන්ට්‍රල් බෑන්ක් ගේම දුන්නේ, චන්දයෙන් 2/3 බලයක් ලබාගෙන සිරිසේනට දෝශභියෝගයක් ගෙනෙන්නටය. එහෙත් දින 100 යේ පච පොරොන්දු හේතුවෙන්, ඒ වෙනවිටත් පීචං වී උන් එජාපයට සංධානගත වෙලාත් ලබා ගන්න හැකි වූයේ ආසන 105 කි. ඉන් පසුත් කළේ, කිසිම හිරිකිතයක් නොමැතිව මහ ඡන්දයෙන් පුකට පයින් ගසා ගෙදර එලවූ සිරි ලංකා කාරයන්, සිරිසේනගේ ලැයිස්තුවෙන් ගෙන, හොඳම අමාත්‍යංශ සියල්ලම උන්ට ලබා දෙමින් අගමැති කම බදා ගැනීමය.

එයින් සිදු වූයේ 1994 පරාජයන් පසු අද වෙනතෙක් පක්ෂය වෙනුවෙන් දිවි හිමෙයන් වැඩ කරනා එකෙකුටවහ් සත පහක දෙයක් නොලැබීමය. අප කැමති වුවත් අකමැති වුවත්, මේ රටේ ගෝත්‍රික ජනතාව බලාපොරොත්තු වන්නේ රජයේ රැකියාවන්ය. ඒ උගත් කමක් යාන්තන් හෝ ඇති උනය. ඒ කියන්න කැම්පස් ඩිග්‍රි කාරයෝය.

එහෙත් පක්ෂය වෙනුවෙන් පෝස්ටර් ගසන, රැස්වීම් තියනා, කොඩි වැල් අදිනා, මහින්ද පාර්ෂවයෙන් අම්බානක ගුටි කන, කම්කරු රැකියාවක් හෝ බලාපොරොත්තුවෙන් කඩේ යන උන්ට රැකියාවක් ලබා ගැනීමට ඇති සියලු ආයතන කන්න දුන්නේ එජාපයේ උන්ට නොව, සංධාන ගත් වෙච්චි උන්ට හා සිරිසේනගේ හිඟන්නන්ටය.

ඇත්තටම රනිල්ට පාක්ෂිකකයා තබා, පක්ෂයවත් වැදගත් නැත. විධායක ජනපති වීමේ සිහිණයක් තිබුනද, විපක්ෂ නායක කම ෆුල් සැටිස්ය. එයාට ඕන රජෙක් විලසින් පෙනී සිටින්නට පමණය.

දේශපාලන ගේම්

සම හරක් විට රනිලුත් දේශපාලන ගේම් දන්නවා විය හැකිය. තාමත් සීන් එක ඉවර නැති නිසා මේ ගේම් එක, සිරිසේන එලවීමට, මහින්ද හා රනිල් ගැසූ ගේමක් වෙන්නත් පුලුවන්ය. ඒ කෙසේ වෙතත් රනිල් චන්ද්‍රිකා හා රාජිත සිතුවේ සිරිසේන පඹයෙක් කියලාය. යහපාචනය පැමිනි දිනවල, කිලීගේ සිරසට ලයිව් ඉන්ටවීබ් එකක් ලබා දෙමින්, සැටලයිට් නෝනා කියුවේ, සිරිසේන ටිකක් කුලෑටි, සමාජශිලි කෙනෙක් නොවන බවත් (මේ වච්නම හෝ ඊට සමාන වචන) ඔහු විස්වාශ කළ හැකි අවංක නායකයකු බවත්ය. එහෙත් ඒ දෙන්නා සහ එජාපයේ අමු ගොන් අලි තේරුම් නොගත් දේ නම්, පඹයාපඹය ගෙනත් ඉන්දුවේ, රජ කමටත් වඩා බලවත් විධායක ජනපති පුටුවේය කියනා එකය.

මේ බව දැනගත් සිරිසේන මුල සිටම ලංකර ගත්තේ මේ දෙදෙනාගේ පරම හතුරන්ය. තමාගේ තනතුරට අභියෝගයක් එල්ලවිය හැක්කේ මහින්ද පාර්ෂවයටත් වඩා මේ දෙදෙනාගෙන් බව හොඳින්ම වටහා ගත් සිරිසේන, මේ දෙදෙනා පයිසෙකට මායිම් නොකලේය. ලැබුන ජාත්‍යන්තර පිලිගැනීමත් සමගම, එයා ගොනාට මෙන්ම වීරයාටද එක සැරේම ඇඳගත්තේය. රනිල්ට විරුද්ධව කළ හැකි සියල්ල කළේය. කිලී මහරාජා හා එක්ව දිනපතා පැයෙන් පැය මඩ බාල්දි කෙලිය අතර, ඩිලාන් පෙරේරා වැනි හිඟන පක්කිලියන් දමා චන්දිකා නිර්වස්තරෙන්ම යැව්වේය.

රනිල්ට කෙලින්න පුළුවන් හැම තැනදීම කෙලියේය. ඇත්තටම අද හොඳ බිස්නස් කාරයෙක් වෙන සිරිසේන, සයිටම් වසා දැමුවේ ප්‍රතිපත්තිමය කාරනාවකටත් වඩා සයිටම් වෙනුවෙන් පෙනි උන් එජාපයට කෙලින්නටය. අනාගතයේදි මහින්ද පාලනයක් තුල මේ දේවල් සිඳුවන විට, සිරිසේන කට පුක අරින්නේ නැති බව අද මාතලන් මෙසේ ලියා තබනවාය.

19 යේ හිල් හා කුරුඳු පොලු

ජයම්පති දමා විධායක බලතල අඩු කරනවා කියා සන්සෝධනයක් ගෙන ආවත්, ඒක හැදුවේ අම්බානක හිල් තියලාය. ඒ වෙන මොකකටවත් නොව, සිරිසේන බය කිරීමට හා තමා ජනාධිපති වූ විට මහින්ද පාර්ෂවය වැඩි බලයක් පාර්ලිමේන්තුවේ අත් පත් කර ගතහොත්, ඔවුන්ට කෙලවා, තම පක්ෂයට බලය ලබා දී, පක්ෂයේ මෙන්ම රටේද අමරණීය නායකයා වෙන්නටය.

ඌරාගේ මාළු ඌරාගේම ඇඟේ තබා කපන්නැහේ, සිරිසේන රනිල්ට බටර් නැතිවම ඇරියේද ඒ හිල් වලින් රිංගලාය. මේ බව හොඳින්ම දන්නා ජයම්පති වික්‍රමරත්න ආගිය අතක් හොයා ගන්නට නැත්තේ ඒ නිසාය. මේ ගේම පිටුපස උන්නේ මා හිතවත් ශිරල් ලක්තිලක, මෛත්‍රි ගුණරත්න හා සරත් නන්ද සිල්වාය. ඒ හැර මහින්දගේ පොරවල්ද ඉන්නට ඇතිය.

ශිරාල් හා මෛත්‍රී ගුණරත්න කියන්නේ රනිල්ගේ නයි වෛරක්කාරයෝ දෙන්නෙක්ය. රනිල්, මංගල ලවා මාතරදි කුරුඳු පොලු පාර දෙන්නේ මේ දෙන්නාටය. මේ දෙන්නා එදා කෑවේ සජිත්ගේ ගුලිය. සජිත්ගේ ගුලි කා කෙල උන් සියල්ලෝම මේ ගේමේදී උන්නේ සිරිසේනත් එක්කය.

දෙශපාලනයේ සදාකාලික සතුරන්ද සදාකාලික මිතුරන්ද නැතයි කීවද, කුරුඳු පොලුවලින් කෑවාම අම්බානට රිදෙනා බව නම් ලියා තැබිය යුතුමය.

සිරිකොත සමනල ගාලක් වීම හා අවසානය

රනිල් දෙවන පෙලක් ගොඩ නැගුවේ නැතිය. රවී හා සජිත් ඒ තනතුරුවලට එන්නේ තමන්ගේ මහන්සියෙන් මිස, රනිල්ගේ ආශීර්වාදයෙන් නොවේ. රනිල්ට අර්ධ බලයක් ලැබුන වාර දෙකේම ඔහු ලංකර ගත්තේ පක්ෂයේ උන් නොව, දේශපාලන හිඟන්නෝය. 2002 දී ලංකර ගත් පිරිස මෙන්ම මෙවර ලංකර ගත්තේද තමන්ගේ පෞද්ගලික ආශාවන් පිරිමසාගැන්මට හැකි පිරිස හා ඊට සම්බන්ධ පිරිස මිස පක්ෂයේ උන් නොවේ.

ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල ස්මරවීර, රාජිත, පාඨලී, අර්ජුණ යන් සියල්ලෝම දේශපාලන හිඟන්නෝය පිල් මාරු කළ ගෙම්බන්ය. මලික්, අඛිල, සාගල කියන්නේ සමනල කන්ඩායමේ සාමාජිකයින්ය. අද පක්ෂයේ නායකත්වය ලබා දීමට සිඳු වී තිබෙන්නේ පාඨලීටය. (මාතලන් එහෙම වෙනවා නම් කැමතිය. ඊට හේතුව එහෙම උනොත් ලියනවාය.)

රනිල් වික්‍රමසිංහ විනාශ කළේ පක්ෂය පමණක් නොවේ. කිසිම ආර්ථ්ක දැක්මක් හා ඒ පිළිබඳ පිරිසක් නොමැති ඔහු තව උන්නා නම්, රටද විනාශ කරලා දානවාය. අවුරුදු 3 1/2 ක් තිස්සේ කළ එකඳු හෝ දෙයක් ඇත්තේ නැතිය. රටේ මහා පරිමාණ සංවර්ධන ව්‍යපෘති සියල්ල නවතා දමා අඩාල කළේය. ඉතිරි සියල්ල විකුණා දැමීමට නියමිත් අතර, සමහර එවා විකුණා දැම්මේය. ආර්ථිකය කාබාසීනියා කළේය. රටට කිසිඳු ආයෝජනයක් ගෙනාවේ නැතිය.

ඒ කිසිවක් නොව, මාතලන්ගේ හිතට දුක,  මාතලන්ගේ පාසල් මාතාවගේ කීර්ති නාමයද, අද සමනලයන්ගේ පාසලක් ලෙස හංවඩු ගැහීමකට ලක් වූ එකය..
(මාතලන් LGBT රයිට්ස් පිලිගන්නා පොරකි)

රනිල් ඔබට සුවබර විශ්‍රාම දිවියක්..

කරුණාකර දැන්වත් බැස යන්න..

අවසාන වශයෙන් කිව යුත්තේ මේ ගේමෙන් ගොඩ ඒමට හැකි නම්...,
අර ටයිටල් එක වෙන උන්ටත් වඩා මාතල්න් පිලිගන්නා බවමය.

"රනිල් ආසීයාවේ බුද්ධිමත්ම දේශපාලකයාය"

21 comments:

  1. භාගයක් කියවද්දී කම්මැලි කමේ නින්ද ගියා. මේ ආයේ නැගිටලා කමෙන්ට් එක දාන්නේ. හෙන බෝරිං

    ReplyDelete
  2. බොට ආපහු බ්ලොග මතක් වුනු එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. වෙලාවක් ඇත්තෙම නෑ මචෝ

      Delete
  3. ඇත්ත ජිවිතේ සුද්දන්ගේ බෑග් උස්සන, උන්ට දෙකට නැමිලා වැදගෙන සර් කියාගෙන ඉන්නා හීනමාන ටැක්සිකාරයෙක්, ඔන්ලයින් ඇවිත් වර්චුවල් ලයිෆ් එකේ දෙන පොර ටෝක්, විශ්ලේෂණ දැක්කම පුකෙනුත් හිනා ඔයි.

    (පුක යනු කුණුහරුපයක් නොවේ, මතලන්ගේ බ්ලොග් ගුරු සීනුවරවාසි ඉංජිනේරු කකා)

    ReplyDelete
    Replies
    1. ප්‍රස්තුත කාරණයෙන් බැහැරව පෞද්ගලිකත්වය ඇද ගන්නේ සක්කිලියන්ය

      මන්ද උන්ගේ රාජකාරිය අනුන්ගේ ගූ ඇදීම බැවිනි..

      Delete
  4. මාධ්‍ය වේදියා:

    ඔබ රටේ බලය ගත්තොත් මොනවද ආර්ථිකය දියුණු කරන්න ගන්නා ක්‍රියා මාර්ග...

    සජිත් ප්‍රේමදාස:

    මගේ ඉලක්කය තමයි ලංකාවේ හැම පුරවැසියෙක් සඳහාම අඩුම ගානේ ගෙවල් පහ ගානේ වත් හදලා දෙන එක. මම බලය ගත්තහම මුලින්ම වජිර හවුස් වගේ ඔක්කොම ගෙවල් හදන කම්පැනි ටික රජයට පවරා ගන්නවා. පෞද්ගලික අංශයට ගෙවල් හදන්න දෙන්න බෑ. මගේ පාලනය යටතේ ගෙවල් හදන එක කරන්නේ රජයෙන් විතරයි.

    මුළු ලංකාව පුරාම උදාගම්මාන ව්‍යපෘති ක්‍රියාත්මක කරනවා. උදාහරණ විදිහට කිව්වොත් පෝර්ට් සිටි එක "සයුරගම" කියල නම් කරලා උදාගම්මානක් කරනවා. කොල්ලුපිටිය සම්පුර්ණයෙන්ම ඩෝසර් කරලා "සෙත්තපෝච්චිගම" නමින් උදාගම්මනයක් හදනවා. දකුණු අධිවේගි මාර්ගය වහලා ඒක දිගටම ගෙවල් හදලා "සරිගම" කියලා උදාගම්මනයක් කරනවා. මේ වගේ 'ස'යන්නෙන් පටන් ගන්න උදා ගම්මාන හැම තැනම කරනවා.

    රටේ ඉඩ මදි උනොත් හදපු ඒවා කඩලා ආයිත් අලුතින් හදනවා. මීට අමතරව ඉන්දියානු රජය මට අවසර දුන්නොත් එහෙත් හදනවා. නාසා ආයතනය එක්කත් සාකච්චා පවත්වනවා හඳේ උදාගම්මාන ව්‍යපෘතියක් කරන්න පුලුවන්ද බලන්න.

    ReplyDelete
    Replies
    1. Moda Hutto, Tho danna desapalane man nam danne naa. et duppat minissunta gewal hadala dena eka hoda deyak. Sajith ge danima man dan na. habai u duppat minihata sewaya kranwa. eka neweda yakune issara welama me rate koranda onaa? nattam kehemmal prajatanrawade rakinna kiyala tiyena hama awalm wadema krana ekada?

      Poddak liden eliyata awit balahan. buruwa.

      Delete
  5. අඩේ මාතලන් බොස්. ඔහේ මොකද මේ පරක්කු කියලයි බැලුවෙ. දැන් ඉතිං මොකා අර හුක්මේන්තුවට පත් උනත් රටට සහ ජහමනයාටනන් සොරි.කොම් ය.
    🙈🔫

    ප.ලි.
    *****
    එකට සතුටු සා....ගරේ....
    පී....න. පී...න.
    නා...න. සේ....
    සෑම දාම මේ ලෙසේ....

    ReplyDelete
  6. මාතල්න් සජිත් ඉල්ලොවත් නම් මම මහින්දට හරි දෙනවා, කිලී මහා රාජගේ රූකඩ සජිත් පරද්දන එක හැම අතකින්ම රටට හොදයි. සිරිසේන ආවට වඩා හෙනයක් සජිත් ආවොත්.

    ReplyDelete
  7. ranil asarthaka pudgalayek bawa mama dakke .. 93 di premaya marunata passe pakshaye nayakthwaya ganna bari una .. gamini awith balen allla gatta

    ReplyDelete
  8. මව් සේරමගෙන් රටටයි, අපටයි තමා කෙලවෙන්නේ!

    ReplyDelete
  9. දැන්නම් මේ ලංකාවේ දේශපාලනේ කොහොම කලත් එපා වෙලා තියෙන්නෙ බං...මොකා ආවත් ලංකාව කාපු එක විතරයි කරල තියෙන්නේ කියලයි පේන්නෙ...අපේ පොඩි එවුන්ගෙ අනාගතේ ගැන පුදුම දුකක් තියෙන්නෙ...මගේ පැත්තෙන් බැලුවම නම් මට පේන්නෙ මේ පාර්ලිමෙන්තුවේ ඉන්න පරණ සක්කිලි සේරොම ටිකයි නාකි හම්පඩයො ටිකයි මොකුත් හිතන්නෙ නැතුව අයින් කරල දාලා දේශපාලනේට එන්න ඉන්න දෙවන පේළියෙ එවුන්ව මේ පාර ඇතුළට යැව්වනම් හරි...එහෙම කළාම උන් අලුත් පිට හින්ද හරි ටිකක් හරි රටට වැඩක් කරයි...

    ReplyDelete
  10. මම එ ජාප පාක්ශිකයෙක් වත් එහි අභිවුර්දිය පතන කෙනෙකුවත් නොවේ...

    එහෙත් මාතලන් ගේ ප්‍රාර්තනාව වන පාටලී එ ජා ප යේ නායකත්වයට පැමිනීම / ගෙන ඒම, කියවා මහත් සංතාපයට අත්වීමි...

    හේතු බොහෝය...

    ReplyDelete
  11. තාමත් ඉවර නෑ මාතලන්. අධිකරණයට පෙත්සම් 12යි. එකක් මැතිවරණ කොමිසන් සභා සාමාජික මහාචාර්ය රත්නජීවන් හුලේ ගෙන්.

    ReplyDelete
  12. ඔබේ මතයට ගරු කරමි. නමුත් පුද්ගලික මතය සෑම විටම නිවැරදි නොවේ . එයයි ප්‍රජාතන්ත්‍රවාදය.....

    ReplyDelete
  13. උන් යහපාලනයක් දෙනවා යැයි පොරොන්දු විය
    එයට පොරොන්දු රාශියක් දුන්නෙය.
    අප උන්ට යහපාලනය දුන්නේය.
    දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකලේය.
    දෙපිලකට බෙදී අම්මට හැමිනුනේය.
    සිවිල් බලවේගවලටද ප්‍රාඩෝ ලැබුනේය.
    ඒ නිසා උන් කට පුක වසාගෙන් උන්නෝය.
    දෙපැත්තේම උන් යකා හා ඩීල් දැම්මේය.
    අවසන සාතන් යලි බලයට පැමිණ ඇත.

    සිංහයෝ දඩයම් නොකරති.
    උන් අනුන්ගේ දඩයම් බලෙන් බුක්ති විදිති

    එතකොට උඹ වගේ පක්කිලියෝ .......

    ReplyDelete
  14. කාලෙකින් ඇවිත් ඉන්නෙ..කතන්දරෙ නම් ඇත්ත...දැන් මේ තීන්දුව එන්කම් බලා ඉන්නෙ..

    ReplyDelete
  15. Poor old mathalan will have to change the heading now ( 14th Nov)

    ReplyDelete
  16. හුදු රනිල් විරෝධයට එහාගිය දෙයක් නැත.

    ReplyDelete
  17. තමන්ට නඩුවක් වැටිලා තියෙනවා නම් හරි වැටෙන්න නියමිතනම් හරි ඕන කෙනෙක් කරන්නේ නඩුව නොවැටීමට පුළුවන් දෙයක් කරන්න බලන එක. එක්කෝ සමාදානෙය එනවා . නැත්නම් පොලිසියට අල්ලස් දීල නඩුව පරක්කු කරවනවා. නීතිපති ලඟ ලිපිගොනුව තියෙනවා නම් ඒතනට පුළුවන් බලපෑමක් කරල ලිපිගොනුව තියාගෙන ඉන්න සලස්වනවා නඩු නැතිව( උදා රවි කරුණානායක විදේශ විනිමය නඩුව). කෙහොම හරිනඩුව අහන්න පටන්ගත්තොත් සාක්කිපරස්පර කරන්න බලනවා. පුළුවන් තරම් කල් දාගන්න බලනවා.
    ඉතිං මේවා බොහෝ දේවලට දේශපාලන බලය තියෙනවා නම් ඉතාම ලේසියි. දැන් මම කියනදේ තේරුම් ගන්න පාට කන්නාඩි නැතුව පුළුවන්වෙන්න ඕන.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න