.

.

Oct 6, 2018

දොස්තර නෝනා, චම්පික රණවක, විජිත හේරත් හා ජනමාජ්ජ - Doctor's Accident , Gossip & Social Media




අපි අපේ රටේ දේශපාලයන්ට පතුරු යන්න නෙලනවාය. උන් කන්න ඕනේ තණකොළ හා පුනක්කු යැයි කියා කියනවාය. උන්ගේ පොඩි මිස්ටේක් එකටත් පුක නැතිවෙන්නම ගහනවාය. එතකොට උන් සමාජ මාජ්ජ වලට රිටර්න් එක දෙනවාය. මොකෝ පාර්ලිමේන්තුවේ උන්ට ඕන එකක් ඇදලා අරින්න පුළුවන් වගේම නිදහසක්, අම්මට සිරි ලංකාවෙ ජනප්‍රියම සමාජ මාජ්ජය වෙන, ෆේස්බුක් හෙවත් වත්පොත හෙවත් මූණූපොත හෙවත් බුකියට තියෙනවාය. අපිට පාර්ලිමේන්තුවේ උන් කියන ඒවාට කේස් අදින්න පුළුවන් වගේම, දේශපාලුවෝ අපි බුකියේ ලියන කියන ඒවාටත් කොක්ක අදිනවාය.

නුවර කළකෝලාහාලය කාළේ බුකියට සති ගනනක් කෙලලා ඇරියේ ඒ නිසාය. හැබයි ආන්ඩුවේ ඔත්තු කාරයෙක්ය කියනා නාමල් කුමාරයාගේ රෙදි එකින් එක ගැලවෙන කොට, ගේම දීලා තියෙන්නේ ආන්ඩුවේ උන්මයි කියා අගේට ඔප්පු වෙනවාය. මඩකළපුවේ කොත්තු කඩෙන්ම වහලා දාන්න පුළුවන් කේස් එක, නුවරදි මහා විනාශයක් කළේ, බුකිය නිසා නොව, එය ආන්ඩුවේ ගේමක් නිසාය කියන එක මොළය කළඳක් ඇති ඕනෑම ගොනෙකුට අගේට තේරෙනවාය.

අපි ආන්ඩුවේ දේශපාලුවන්ටම දොස් කීවාට, විවේචනය කළාට ප්‍රශ්ණය අපේ වූ කළ අපද හැසිරෙන්නේ එසේම බව මේ දවස්වල බුකිය බලනා ඕනා එකෙකුට පෙනෙනවාය. දුමින්ද සිල්වා මිනීමැරුම් චෝදනාවලට හිරේ ගිය දවසේ, අපේ හාමිනා ඇස් දෙකේ කඳුළු පුරවාගෙන ඇහුවේ, කොහොමද අනේ එහෙම කෙනෙක් හිරේ දාන්නේ කියලාය. මීට බොහෝ කලකට පෙර කමල් අද්දරාඅරච්චිටත් ඇතුලට යන්න උන වෙලාවේ, අපේ අක්කලා අඬ අඬා ඇහුවේ, ඇයි අනේ හොඳ මිනිස්සුන්ටම මෙහෙම වෙන්නේ කියලාය. ඒ කමල් ඒ කාලයේ සිහිණ කුමාරයා වෙලා උන්නු නිසාය.

දැන් මේ බොරලැස්ගමුවේ ඇක්සිඩොන්ට් එකේ දොස්තර නෝනා ගැන බොහෝ දෙනෙකුට අනුකම්පාවක ඇති වෙලා තියෙනවාය. දොස්තර නෝනා හරිද වැරදිද කියන්න අපි තාමත් දන්නේ නැතිය. කැකිල්ලේ සජ්ජුරුවෝ වගේ එකෙක් රට පාලනය කරනාතර, කැකිල්ලේ තීන්දූ වාගේ ඒවා අළුත්කඩෙන් එන රටක, අවසානයේදි මියගිය පොලිස් කාරයා එල්ලා මැරීමට තීරණය කලත් අපි එතරම් කළබල විය යුතු නැති අතර, එය අපි අධිකරණයේ පාරිසුද්දත්වය හා නීතියේ ආදීපත්තියද මක්කද රෙද්දක් කියා වර්ණනා කරමින් ලියා අගය කළ යුතුය.

දැන් කොහොමත් ගේම යන්නේ ඒ ආකාර්යටය. නීතිය හා සාමය කිරියාවේ යොදවනා මහ එකාත් ප්‍රසිද්ධියේ නීතිය නවන්න පුළුවන් කියා ලැච්චර් දෙන රටක, මෙය සාමාන්නිය රිය අනතුරක් වී සියල්ලෝ සතුටින් විසිර යාමේ සම්බාවිතාවය තියෙන්නේ ඉතා ඉහළම අගයක කියා බොහෝ දෙනෙකුට තේරිලා තියෙනවාය. ඉතින් මේ අනුකම්පං උපාදාය හා පෝස්ට් එන්නේ ඒවාට සප් එකටය. එක ජොස්තර කෙනෙක් ලියලා තිබුනේ මේ දොස්තර නෝනා "ඇසෙට් ටු ආ කන්ට්‍රි" එකක් හෙවත් "ජාතික වස්තුවක්" නිසා, ජනාධිපති තුමා විසින් ඇය කිසිඳු ආකාරයේ දඬුවමකට යටත් නොකොට නිදොස් කොට නිදහස් කළය යුතු බවය.



තවත් සම හරක් මාජ්ජවේදින් හා බුකියේ සමාජ මාජ්ජ වේදීන් කියන්නේ ඒකේ අනික් පැත්තය. එනම් නිව්ස් හා ගොසිප් වලට අනුව, මේ දොස්තර නෝනා "ජාතික වස්තුවක් නොව" එක්තරා "ජාතියක වස්තුවක්" නිසා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවය.

ඒ අස්සේ සම හරක් බුකි විචාරකයින්ගේ පුකේ ඉත්තෑවන් දුවන්න අරගෙන තිබෙන්නේ, මේ දෙවනියට සඳහන් කළ කාන්ඩය කරන්නේ කොතරම් පහත් තුඡ්ච ක්‍රියාවක්ද කියලාය. මේ මතුවන්නේ ප්‍රශ්ණය තමන්ගේ වූවාම ඌයියා වෙන එකය. මෙයාලා ව්‍යගයෙන් එකතු වන්නේ අර මුලින් සඳහන් කළ ජොස්තරයාගේ අදහසටය. ඔවුන්ගේ මනසේ ලියැවි ඇත්තේ, ජොස්තරවරුන් දෙවියන් හා දේශපාලුවන් යක්ෂයන් ලෙසය.

අපට මේවාට හිකෙන් පුනා යන්නේ, මේ පිරිසම, ජේවීපී විජිත හේරත් දෙකක් දමාගෙන ගොස් ලැයිට් කණුවක ප්‍රමිතිය පරික්ෂා කිරීමේදි හැසිරුන ආකාරය සහ චම්පික රණවක අහින් මෝටර් සයිකල් කරුවෙක් අනතුරට පත් වූ අවස්ථාවෙ හැසිරුන ආකාරය ගැන කල්පනාවට එන මොහොතේය. එතකොට ඒවා ඇක්සිඩන්ට්ම විතරක් උනේ නැතිය. නොම්මර එකේ ගොසිප්, නිව්ස්, එකසිය ගානට ගලාගෙන ගියේය. 

ඒ දේශපාලුවන් කෙරේ සාමාන්නිය ජනතාවගේ ඇති අප්පිරියාව නිසාවෙන්මය. අද දොස්තරලාටත් වෙලා තියෙන්නේ ඒකය. අද මේ රටේ කිසිම වෘතිතිකයකු ජනතාවගේ ප්‍රසාදයට පත් වන්නේ නැතිය. සමස්ත සමාජයම එකම ගූ ගොඩක්ය. ඉහළ සිට පහළටම තත්වය එසේය.

එය එසේ වූ කළ, එක තැනකින් පමණක් ශිෂ්ඨත්වය සෙවීමට යෑම පිස්සු විකාරයක්ය. සිඳු විය යුත්තේ නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වීමය. එහෙත් එය එසේ සිඳු නොවනා බව සියල්ලන්ම දන්නවාය. මහා ළොකු යහපාලනයක් ගෙන එනවා යැයි කියූවද, එල්ලුම් ගස් ගැන කතා මෙන්ම සැකකරුවන් වතුරට පැන මිය යාම්ද වාර්ථා වන්නේ, සමස්තයම එක්ම ගූ ගොඩක් නිසාය. ඒ නිසා බුකියේ අද දිනයේම දැමූ සටහනක් පහළින් එල්ලා, මාතලන්ගේ මේ පල් හෑල්ල මෙතකින් නවතා දමනවාය.

මිනිසුන් විවිධාකාරයි..
ලෝකය ගෝලාකාරයි...
මාධ්‍ය කියන්නේ,
කොයි මාධ්‍යය ගත්තත් ඕපාදූප ගොසිප් සාගරයක්.. මිනිස්සු ඒවා බලන්නෙ අහන්නේ වං හුං වලට ඇති කැමැත්ත නිසා..
ඒ වගේම හැමෝම කැමතියි තමන් විවේචනය නොවී,
සිනහවට ලක් නොවී..
අනෙක් අය විවේචනය කරන්න..
අනෙක් අයට හිනා වෙන්න..
ඒත්,
තමන්ට හෝ තමන් ආදරය කරන කෙනෙක්
ටොපික් එක වෙලා, නිව්ස් එක වෙලා,
ගොසිප් එක උනාම,
පුකේ ඉත්තෑවෝ දුවන්න ගන්නවා..
ඒක සාමාන්‍යයි...


- සිග්මන් ප්‍රොයිඩ් -
නයිට් ක්ලබ් එකක අඩියක් ගසමින්..


බීමත්ව රිය පැදවීමෙන් වලකින්න.

එය අනුන්ගේ ජීවිත බේරනාතර,
තමන්ගේ පුකත්වය ප්‍රදර්ශණය වීමෙන්ද වලකී

- උගත් පාඩම් - 

36 comments:

  1. පුකත්වය
    කකාගෙන් අවසර ගත්තද මේ වචනෙට ?
    එල මාතලන්
    රොකට් රෝහිනී ඊළඟ කොටස ??

    ReplyDelete
    Replies
    1. මැරෙන්න කලින් ලියනවා

      Delete
  2. යහපාලනේ ගේන කාලෙ වගෙ නෙමයි දැන් මාතලං "ටොපික්" අල්ලන්නෙ හරි පරිස්සමෙන්...

    ReplyDelete
    Replies
    1. අම්මපා බයයි ලොක්කෝ

      Delete
  3. මාතා, මටනම් මේ දොස්තරවරියගේ කල්ක්‍රියාව ගැන ප්‍රශ්නයක් නැත මන්ද අද මේ රටේ සමාජයේ බහුතරයක් දොස්තර වරු හැසිරෙනේ ආකාරය ඔයිට වෙනස් නැත, ඔය දොස්තර වරිය බේරාගැනීමට බොරු කියපු දොස්තර වරයා ගැනත් ප්‍රශ්නයක් නැත මොකද නිසි සංඛ්යාලේඛන නැතිව අපි අපේ සෞඛ්ය සේවය ගැන වර්ණනා කරමු.

    අද දියුණු ඇමරිකාවේ දොස්තර වරුන්ගේ වරදින් වසරකට මියයන මිනිසුන් ප්‍රමාණය 250000 පමණ වෙයි
    https://www.cnbc.com/2018/02/22/medical-errors-third-leading-cause-of-death-in-america.html

    එහෙව් ලෝකයේ අපේ රටේ කිසිම ලෙඩෙක් දොස්තර වරදින් මිය නොයයි (සංඛ්යාලේඛන අනුව )

    අපිට ඉහත සිද්දියේ බලන්න ඕනේ වැදගත්ම දේ මම දකින්නේ අර බොරු කිව්වා කියන දොස්තරට විරුද්දව GMOA – Government Medical Officers' Association ගන්න තීරණයයි

    ReplyDelete
    Replies
    1. දොස්තරලා බොරු කියන්නේ නැහැ

      Delete
  4. මේ සිද්ධියේදී මිය ගියේ හුදී ජනයාගෙන් කෙනෙක් නම් මොකක්ද වෙන්න තිබුණේ?

    ReplyDelete
    Replies
    1. අම්මට හැමිනිලා ම තියෙයි

      Delete
    2. මිය ගිය "හුදී ජනයා" ලවා බැලුම බුම්බා බීමතව සිටි බවට තහවුරු වුනු බවට පොලොස් මාජ්ජ පකා-ශක පවසනු ඇත.

      මිය ගිය එකාගේ කටට කට තියා කෘතීම ස්වසනය දී ජීවිතයක් බේරා ගන්නට උත්සාහ කල නිසා ඩොස්තර නෝනාගේ කටින් විස්කි ගඳ වහනය වූ බව තවදුරටත් පවසනු ඇත

      Delete
  5. නියමයි! මම නම් බුකියෙන් අයින් වෙලා ගොඩක් කල්. කාලය සහ ඩේටා සෑහෙන්න ඉතුරුයි. ලිපියේ හොඳම එක තමයි සිග්මන් ප්‍රොයිඩ්ගේ සිතුවිල්ල. දැන් ඉතින් වෙනදා වගේ දිගටම ලියමු. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බලමු බලමු වෙලාව ඇති හැටියට

      Delete
  6. Good respond in return of this difficulty with real arguments and describing
    the whole thing concerning that.

    ReplyDelete
  7. ane paw meka asarana wela ...
    athak pthak nathi Ranilta kade gihin
    mathalan goyya higannek wela

    ReplyDelete
    Replies
    1. එක එකාට කඩේ යන උන් සිතන්නේ අනෙකුන් ද එසේ ය කියලා ය

      Delete
  8. / අධිකරණයේ පාරිසුද්දත්වය හා නීතියේ ආදීපත්තියද මක්කද රෙද්දක් /

    පරිස්සමින්. අධිකරණයට අපහාස කරා කියලා උඹට නඩු දායි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් ලංකාවටම දාන්න වෙනවා

      Delete
  9. බැඳුම්කර වංචාවට රවී කරුණානායක සැක කරුවෙක් යැයි පිළිගැනීම මේ අවස්ථාවේ කල නොහැක. -කොළඹ මහේස්ත්‍රාත්- (BBC සිංහළ)
    රවී හොඳයි
    දොස්තර නෝනා හොඳායි

    ReplyDelete
    Replies
    1. කොහොමද නීතිය නවන නැවිල්ල

      Delete
  10. These are really fantastic ideas in concerning blogging.
    You have touched some fastidious factors here. Any way keep
    up wrinting.

    ReplyDelete
  11. මෙතන තියන ප්‍රශ්නය නම් නොබීපු එවුන් බීපු එවුන් කරන පොලීසියට තියන පලපුරුද්ද. ඕකේම අනිත් පැත්ත නම් තමන්ගේ ගෝත්‍රය වෙනුවෙන් ඕන ජරා වැඩක් කරන දොස්තරලා.

    කවුරු බොරු කියනවද කියලා හොයාගන්න අමාරුයි

    ReplyDelete
  12. මාතලන්ගේ ලිපියට මගෙනුත් එකඟතාවය.
    ලංකාවේ දොස්තරලාත් නීතිය නවන පොලීසියත් එකි මෙකී නොකී සෑම වෘත්තීය කොටසක්මත් අමුම අමු ගෝත්‍රිකමනසකින් පෙලෙන්නන්ය.

    උන්ට නීතිය හෝ වෙන මොකක්වත් වැඩක් නැත. තමන්ගේ ගෝත්‍රයේ එකා වැරදි වුනත් ඌ ගලවා ගැනීම මිස වෙන කිසිවක් නැත.

    ආණ්ඩු හරි තීරණ ගත්තා වුනත් විරුද්ධව මුන් කෑ ගසන්නේ මෙන්න මේ ගෝත්‍රික මනස නිසාම නේද?

    ReplyDelete
  13. මාතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමාන පරිසර ප්‍රධානි නොර්වේජියානු ජාතික "එරික් සෝල්හයිම්" (නෝර්වේ හිටපු අමාත්‍ය මෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු තනාපතිවරයෙකු වේ) එක්සත් ජතින්ගේ සංවිධානයේ යටතේ පවත්වාගෙන යනු ලබන එ ජාතීන්ගේ පරිසර ව්‍යප්තියේ U.N. Environmental programme-UNEP විශාල මුදල් ප්‍රමාණයක් තමන්ගේ වියදම් සඳහා යොදා ගෙන ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අභ්‍යන්තර විගණන අංශය සොයාගෙන ඇත.

    මේ එරික් සෝල්හයිම් එල් ටී ටී සංවිධානයේ ඉතා ප්‍රසිද්ධ හිතවතකු මෙන්ම වර්තමාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මිත්‍රයෙකි. (මේ දිනවල අගමැති රනිල් වික්‍රමසිංහද නෝර්වේ රටේ විශේෂ සංචාරයක යෙදිමින් සිටි)

    ශ්‍රී ලංකා හමුදාව 2006-2009 දි කොටි ත්‍රස්තවාදී සටන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ පරාජය කරන විට යුරෝපා රටවල් හරහා මෙන්ම එදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හරහා සමා සාකච්ඡා මහින් විසඳුමක් අවශ්‍යයි කියා එම සටන නැවත්වීමට විශාල උත්සහයක් ගත් ප්‍රධානතම පුද්ගලයා අද චෝදනා ලබා සිටින නෝර්වේ ජාතික එරික් සෝල්හයිම්ය. රනිල්ගේ යලුවෝ හොරුම තමයි. අර්ජුන්, මලික් දැන් එරික්???

    ReplyDelete
  14. මාතා, දැන් පත්තරේ වහලා දාලද?

    ReplyDelete
  15. hi Maathalan - how about paper? no more new articles these days

    ReplyDelete
  16. මාතලනේ, පත්තරේට මක්කැයි බං වුනේ?

    ReplyDelete
  17. sathi dekakata wath ekak linna berinam meeka lamayekuta deepan maathe..

    ReplyDelete
  18. liyanda berinam meeka lamayekuta deepan maathe lokka...

    ReplyDelete
  19. 83 ජුලි කලබල කාලේ පානදුර පැත්තෙ තාප්පයක (නිවැසියන් ගැන) මෙහෙම ලියලා තිබුණා.
    "අරූ අරහෙ රට විකුණනවා. මුන් තාම නිදි"
    මේ වේලාවේදි මාතලන් ගැන මට හිතෙන්නෙත් එහෙමයි.

    ReplyDelete
  20. Ko appa mechchara deyak wela thiyeddi oya silent ne maathalan. please put a new post men

    ReplyDelete
  21. ලංකාවේ රජයේ රෝහල් වල වැඩ කරනා බොහොමයක් දොස්තර නෝනලා සහ මහත්තරු ලෙඩ්ඩුන්ට හරියට කථා කරන්නවත් දන්නේ නැතිය . එවන් අයගෙන් මෙහෙම දෙයක් නොවෙනවා නම් අප සැවොම පුදුම විය යුතුය . උන් ගන්නා අතල් එකක් අරගෙන පදින්න බැරිනම් වහනය දමා ටැක්සියකවත් ගෙදර පැමිණිය යුතුය . එහෙත් ලංකාවේ දොස්තරලා වීදුරුවේ දකුණු පැත්තේ අලවපු doctors car pass දැන්වීම නිසා පාන් ගෙන්න හන්දියේ කඩේට යන්නෙත් තම පර්මිට් වාහනය පැදගෙන ය . මේ දොස්තර නෝනා හිතන්නට ඇත්තේ ද doctors car pass එක නිසා නීතිය නවන්න පුළුවන් කියාය . වැඩේ කියන්නේ බීලා ගිහින් නවත්තලාතියෙන පොලිස් ජීප් එකක් හැප්පුවා වාගේ වැඩක් ය . ඔව්වා ගැන මෙතන මෙහෙම හරි ලියන්නේ මාතලන් ගොය්යා දැමු පොස්ටුවක් නිසා ය .

    ReplyDelete
  22. yahapalana gvt toppled. where are you?

    ReplyDelete
  23. තොට හෙන ගහලද බොල?

    ReplyDelete
  24. what happend to mathalan .. is he with Mara or Sira now ..??

    ReplyDelete
  25. මාතේ නුඹ කොයිබදද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න