.

.

Jul 7, 2019

සොමියට බයිසිකල් හා මල් ව්ජේ


නෙදර්ලන්තේ තානාපති නෝනා...., තානාපති කාර්‍යාලේ ඉදලා..., අපේ රෝස නෝනා හම්බෙන්න, එයාගේ ඔපීස් එකට සයිකලෙන් ගිහින් තිබුනාය.. ආයේ ආවෙත් ඒකෙමද දන්නෙ නැති උනත්, පස්සේ ආරංචි උනේ, මේකත් සොමියට කරපු වැඩක් කියලාය....


කොහොමත් මේ රෝස නෝනලා කළොත් කරන්නේ සල්ලි හා කාළේ කා දමන පඩ සෝය.... හෙට අනිද්දා වෙන කොට සිර්සේන උන්නැහෙත්  ගොනාට අන්දා, ට්‍රැක් බොටම් එකක් අන්දා  මවුන්ටන් බයික් එකක ඉන්දා, ඉන්ඩිපෙන්ඩන්ට් ඉස්කුයා එක පැත්තේ ජාතික සෝ එකක් දාන්නත් පුලුවන්‍ ය....

ඒත් ඒකෙන් බැහපු ගමන්, ආයේත් යන්නේ රථ ගායේ හොදම එකෙන් වතුර වැදිච්ච පිස්සු බල්ලා වගේය...., පාරේ නීතී රීතී.... අනෙක් උන්... වාහන කිසිවක්ප.... පයිසෙකට  මායිම් නොකරය....

ඔය වාගේ පඩ සෝ කීපයක්ම අපට හොදට මතකය ... ඊයේ පෙරේදා චම්පික රණවක උන්නැහෙත් මේ වාගේ සෝ එකක් දැම්මේය... ඒත් ඊට පස්සෙ උන්නැහේ යන්නෙත් රථ ගායේ හොදම එකෙන්‍ ය......

මාතලන්ගේ ආතල් එකක් වන්නේ මේ  වගේ කේස් දැක්ක ගමන්.... නෙදර්ලන්ඩ් මැන්ටලිටි එකෙන් පෝස්ට් දාන.... බ්ලොග් ලියන.... පත්තර පුරවන පිස්සු යක්කුන්ගේ ෆැන්ටසි රචනා කියවීමය....

 මුන් අපේ හංදියේ මල් විජේ වගේය.. ඌට මල් විජේ කියන්නේ ගංජා ගහනා නිසාය.. ඇත්තටම ඌ ටිකක් විජය කුමාරතුංග වගේය... ඉතින් මූ මලක් ඇද්දාම.... ඔරිජිනල් විජේ වෙනවාය.. ගීතා හෝ මාලනි වෙන්නේ ගහක් හෝ කණුවක්‍ ය.. විජේගේ සෝ එකක සින්දුවක් කියාගෙන... පැත්තට ඇවිදගෙනවිත් විජේ වාගේ මූ දෙන රංගනයෙන් අපට වඩා ආතල් එක ගන්නේ මල් විජේය... ඌ හිතන්නේ ඌ විජය කුමාරතුංග උනා කියලාය....

මේ ලියන කියන උනුත් එසේමය. උන් හිතන්නේ.... හෙට ඉදන් මිනිස්සු කාර් විකුණා සයිකල්වලින් වැඩට එයි කියලාය....

ඒ නිසා කොළඹ ටැපික් අඩුවෙනවා කියලාය...

ඒත් එහෙම එකක් කිසි සේත් වෙන්නේ නැතිය. දැන් ලංකාවේ සයිකල් කල්ට් එක නිකන්ම නිකං සෝබනේට පැදිල්ලක්‍ ය... ඔය උඩ පින්තූරේ තියෙන්නේ මහින්ද මහත්තයා ඒ වගේ ආතල් එකක් ගත්ත වෙලාවක්‍ ය...

ගමේ වත් සයිකල් ඇත්තේ නැතිය... ගමේ තියෙන්නේත්..., කැට් කූල්‍ ය... කැට් කූල් කියන්නෙ ස්කූටිවලටය.... අවම වශයෙන් ස්කූටී කල්ට් එකක් වර්ධනය කරන්න දෙයක් කළා නම්..... අඩු ගානේ වියට්නාමේ වගේ කල්ට් එකක් හැදෙන්න බොහෝ ඉඩ තිබෙනවාය... ඒවා ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල්‍ ය...

ඒත් මුන්ට එවන් නිර්මාණාත්මක සිතුවිලි කීයටවත් පහළ වන්නේ නැතිය.... රාජපක්ෂ යුගයේ අවසාන කාළේ මේ වගේ ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක උනේය.. ඒත්.. සහන මිළට බයික් ස්කූටී ගත්ත උනුත්.... රාජපක්ෂලාට හැමිනෙන්න කියා පොද්දාට දුන්නේය....

දුන්නා දුන්නාමය.... දැන් තියෙන්නේ සයිකලෙන් තියා.... අයින් වෙලා පයින් යන්නත් බැරි සයිස්සෙකක්‍ ය....

ඒ වගත් මෙසේය....

10 comments:

  1. බයිසිකලේ බයිසිකළේ
    සැමට පිහිටවිය මෙය එකලේ
    දැන්නම් පැදලා-පණ බේරාගෙන
    ගෙදරට එන එක- සැකයි මලේ

    ReplyDelete
  2. සෝබන ලෝකෙක ඉපදීලා
    නූපන් හෙට ගැන නොතැවීලා
    රසෝඝයේ වෙළී ඉමූ
    වහයි ජීවිතේ!

    ReplyDelete
  3. ගෑනු කීයක් එක්ක බුදියගත්තත් මම ඒකිට ආදරේ මාතේ. ඒත් ඒකිගේ මිනිහාත් ඒකිට ආදරේ ඒ වගේම.

    ReplyDelete
  4. ඒ ස්කූටි දීපු එකෙන් එහෙම සංස්කෘතියක් නිර්මාණය වෙන්නේ නෑ මාතේ. ඕක ගත්ත එවුනුත් හීන මවන්නේ කොහොමහරි කාර් එකක් ගන්න. ඊට පස්සේ ඒක විකුණලා ලොකු කාර් එකක් ගන්න. ඊට පස්සේ ඊටත් වඩා ලොකු කාර් එකක්. මේක ඇවිල්ලා උන්මාදයක්.

    ReplyDelete
  5. ranil lokkakge puka hodala hodala hodala hodala hodala kela unama sadda nathiwa hitiya..
    dan ayeth bail gahanwa

    ReplyDelete
  6. හැමදේම ආර්ථි්ක විද්‍යාවට ගැලපීම කෂිකබල් මාක්ස්වාදී ක්‍රියාවක් යැයි නලීන් (නෙළුම) ද සිල්වා මහතා කියා තියෙනවා.
    එක ඇත්ත දැන් බලන්න මහින්ද රනිල් අගමැතිකමට පොරකනකොට මුත්තයියා මුරලිධරන් කිව්වා. වතුකම්කරුවන්ගේ බඩගින්න ගැන කතාකරන්න එකෙක්වත් නෑ කියලා.
    ඒ කතාවට අඩුම ගානේ වාමාංශිකයන්ගේ වත් අවධානය යොමුවුනේ නෑ.
    මුත්තයියට කියන්න තිබුනේ සිංහල මහජාතියෙන් දෙමළ සුළුජාතියට වෙන අසාධාරනය ගැන එහෙමනම් එයාට වීරයෙක් වෙන්න තිබුනා.

    මේක සිංහලයන්ටත් අදාලයි. ජාතියට ආගමට වඩා බඩගින්න ලොකුකරගන්න එපා. දේශපාලකයෙක් පත්කරගන්නකොට ඒකා නිසා සිංහල ජාතියට වාසියක් වෙනවද කියන එක ගැන විතරක්ම හිතුවාම ඇති.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. https://www.womensmovement.com/news-could-biking-be-bad-for-your-love-life/

    ReplyDelete
    Replies
    1. Different Opinions
      https://www.bikeradar.com/news/cycling-good-for-sex-life/
      https://www.bicycling.com/training/a20009760/6-ways-cycling-improves-your-sex-life/
      https://www.health.harvard.edu/blog/biking-and-sex-avoid-the-vicious-cycle-201209145290

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න