.

.

Jan 11, 2020

කුඹුර අඳේට දීම හා ඉඩම් බදු දීම..




වේස කොල්ලෝ මේක විහිළුවකට ගන්නටත් පුලුවන්ය. මන්ද උන් "කුඹුර" කියා, ලොව උතුම්ම වූ වස්තුවත් හඳුන්වන නිසාය. නියරේ  මෙහෙම නම් කුඹුරේ කොහොමට ඇද්දයි කියා කියන්නේ ඒ නිසාය.

උන්ගේ ජුන්ඩා කෙලින් වෙන්න පටන් ගත්ත දවසේ පටන්, එකම සිහිනය කුඹුරක් කොටනා එකය. කුඹුර කාගේද යන්න අදාලම නැතිය. ඔහොම කුඹුරු කොට කොටා ගොස් සින්නක්කරේට කුඹුරු වපුරා අස්වැන්නද නෙලාගත් පසු, සම හරක් අනුන්ගේ කුඹුරු කොටන්න ගොස්, තිබුන කුඹුර වගේම කොටපු කුඹුරත් නැති කර ගන්නා අවස්තාත් තිබෙනවාය.

එත් කොටන කුකුලා ගොං රන්ජා මෙන් නොව හැම කුඹුරම කොටා බබා වගේ නිකන් ඉන්නවාය.

ඉස්සර මෙන්ම අදත් කුඹුරු සඟිස්කෘතියේ තිබෙනා එක් ක්‍රමයක් වන්නේ කුඹුර අඳේට දෙන එකය. ඉස්සර නම් මෙහෙම වෙන්නේ ගමයා මිය ගියායින් පසු දරුවන්ද පොඩි නම්, කුඹුර කොටන්න එකෙක් නැති නිසා කුඹුර අස්වැද්දීම ගමේ හොද ගොවියෙකුට පැවරීමය. එතකොට ගම හාමිනේට තඹ දොයිතුවක් හෝ වියදම් නොකොට, දාඩිය බින්දුවක්කත් හලන්නේ නැතිව කන්නයක් ජීවත් වෙන්න වී මලු ලැබෙනවාය.

වැඩිපුර හාල් ටික විකුණූ පසු, හාල් තුනපහ සියල්ල සපිරි බැවින් අහේනියක් නැතිව දිගටම ජීවත් වෙන්න පුලුවන් වෙනවාය. සමහර පින් කැමති ගම හාමිනේලා අඳේ ඉතරක් නොව ඇදත් දුන්න බව අමු ගං කබරයෝ වන මාතලන්ලා හොදින්ම දන්නවාය.

ඒ ඇරෙන්න නම්බු කාර ඉඩම් හිමි ඒත් අතේ පිච්චිය නැති උනුත් කරේ,  බඩේ බත් ටික දාගන්න කුඹුර අඳේට දීමය.

අද අපේ අම්මට සිරි ලංකාවට අත් වී තිබෙන්නේද ඒ ඉරනමය. ජේ ආර් ලොක්කා විවුර්ත ආර්ථිකේ ගෙන ආවද, කොළඹ ඉන්නා දෙමළුන් මරා රටේ ඇතිකල ත්‍රස්තවාදය හේතුවෙන්, එහි ප්‍රථිපල සමස්ත රට වැසියාට භුක්ති විදීමේ වාසනාව අහිමි වුවද, හිඟන්නෝ සැලකිය යුතු පිරිසක් ගොඩ ගියේය. අද රාජපක්ෂලාගේ පැවැත්ම තහවුරු කරනා ප්‍රධානම බලවේගය මේ බෞද්ධ ලුම්පන් පන්තියයි.

එහෙත් එය සුනු විසුනු කර දැම්මේ යුද්ධය හේතුවෙන් ගෙන ආ 13 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිවූ කාළකන්නි ජෙප්පෝය.

 උන්ගෙ කාළකන්නි දෙවන විප්ලවය නිසා රටට අහිමි වූ රාජ්‍ය දේපල මෙන්ම පෞද්ගලික දේපල පිළිබඳව අද වන තෙක් කිසිම සංගනනයක් සිඳුකර නොමැතිවීම, කැරැල්ලටත් වඩා දරුණු අපරාධයක්මය.

උන් රට අරාජික කලා පමණක් නොව ජේ ආර් බිහිකල ගමේ උත්සාහවන්ත ව්‍යවසායකත්වයත් ඝාතනය කරන ලදි.

උන්ට අපූරූ පාඩමක් කියා දුන්නේ අද මෙලෝ කැපැසිටියක් නැති පීචංම පොරක් වී සිටිනා පුතානෝගේ පියානෝය. ඒ කාලකන්නි යුගය බොරැල්ල කනත්තේ තිබූ BBQ පාටියකින් නිම කිරීමේ ගෞරවය, පියානෝට මෙන්ම රන්ජන් විජේරත්නටද ලබා දිය යුතුමය.

ඉන්පසු ඇගළුම් කර්මාන්තය සීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් ගෙන ආ අතර, එය කොළඹ කේන්ද්‍රීය වූ විප්ලවයක් නොවී, දීපව්‍යාප්ත සංවර්ධන ක්‍රියාවලියක් වූයෙන්, ඉතා කෙටි කාලයක් තුල ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවටත් පත් වූයේය.

ඉන් පසු පැමිනියේ පසු ගිය අවුරුදු පහේ රට පාලනය කල හැදල පොන්නයන්ගේ යුගයටත් එහා යමින් රටේ රින ආර්ථිකයක් කරා ගෙනගිය චන්ද්‍රිකා යුගයය.  එතුමිය කලේ රට පාලනය නොව, තම පාලනය කරගත නොහැකි කාම ගින්න නිවා ගැනීමට අහුවෙන හැම එකා සමගම හැමිනෙන එක පමණය.

වසර 30 ක යුද්ධයෙන් පසු ආර්ථිකයේ යම් පිබුදීමක් යලිත් ඇතිවන්නේ මහින්ද යුගයේය. එය කළු ආර්ථිකයක් වුවද, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ මහා පරිමාණ යෝජනා ක්‍රියාත්මක වීම දිගුකාලින වශයෙන් ගත් ඉතා අගනා තීරණයන් බව කිව යුතුමය.

විශේෂයෙන්  නව වරායක් මෙන්ම ගුවන් තොටුපලක් ඉඳිකිරීම ආයෝජකයන් ගෙන ඒමේ ආකර්ෂණීය හා බුද්ධිමත්ම තීරණයන් විය. . (මේ පිළිබද මාතලන් හා පැටලුන රොහාන් සමරජීව මෙන්ම චානුක වත්තේගමද සාක්කි දරනවා ඇතිය.)

එහෙත් උපන්ගෙයි කාලකන්නි හිඟන්නන් වන ජෙප්පෝ මේවා දැක්කෙ විහිළු වැඩසටහන් ලෙසය. උන් ඇහුවේ හයි වේ හදන්නේ ඇඹුල් තියාල් ගෙන එන්නද කියාය. ඒත් දැන් උන්ගේ කැබ් ඒවාට දමා ඉගිලි යන්නේ, එක්කෝ උන්ගේ අම්මලාට හැමිනෙන්නට හෝ නැතිනම් වාහෙලාට ඇඹුල් තියාල් ගෙන එන්නට වෙන්ට ඕනෑය.

අවුරුදු පහක් කාළකන්නි පොන්නයන් පිරිසක් හා පොලොන්නරුවේ හීනමාන පිස්සා කර තිබෙන්නේ මොනවාද කියා, එතෙක් මෙතෙක් ලංකාවේ බිහි වූ පාදඩම පොලිටික්කා වන රං ගොන්ජා මුලු ලෝකයටම පෙන්වමින් සිටිනවාය.

ජනපති බිහිවී දෙමසක් ගතවීමතත් පෙර දෙවන විශාල විදෙස් ආයෝජනය ලැබීම ගැන මැරෙන්න යන්නෙ උපන්ගෙයි හිඟන්නෝ වන ජෙප්පන් පමණක් නොවේ.

රටේ වටිනාම ජාතික වස්තුව වූ හම්බන්තොට වරාය 99 අවුරුද්දකට බදු දී කොල්ලෝ හා කොකේන් ගසමින් එම මුදල්ද කාබාසීනියා කර දැමු එජාපෙ මල් පොන්නයන්ද ඒ අදර වීම පට්ටම ආතල්ය.

කොළඹ අග නඟරයේ ඇති කැලෑවන් බදු විශාල ඉඩම් පිලිබද අප රටක් වශයෙන් ලැජ්ජා විය යුතුය. ප්‍රධාන දුම්රිය ඉට්ටේසම වන කොටුව ඉට්ටේසමද, මරදාන ප්‍රධාන මජ්ජස්තානයද, තාම පවතින්න්නෙ සුද්දා හදාපු තත්වයේමය. පිටකොටුව බස් ඉස්ටෑන්ඩ් වලට යන එකෙක් අපායේ ගියොත් සතුටු වන්නේ ඒවා ඊට අන්ත බැවිනි. මැනිං මාකට්ටුව දැක්ක එකෙක් කිලෝවට රුපියල් 1000 ක් දී හෝ එළවළු පළතුරු නම් කන්නේ නැත.

මේ වටිනා ඉඩම් වල ආයෝජනය කිරීමට ලංකාවේ මහා ටෝක් දෙන ධනපතියන් ළඟ ඇති හුල්ලියක් නැතිය. මේවා 99 අවුරුද්දට බැරි නම් විකුණා දැමුවත් අවුලක් ඇත්තේ නැතිය. විකිණීම ආර්ථික වශයෙන් වාසිදායකය. ඒ තමන්ගේම දෙයක් සංවර්ධනය කිරීම තමන්ට වාසීදායක නිසාය.

රට කල්පනා කළ යුත්තේ කරන්න බැරි කුඹුරු දිහා නියපොත්තෙන් පුක කස කසා අතීත සිරි විභූතිය ගැන සුළඟට ගී සිඳු කියනවාද, එසේ නොමැති නම් අඳේට දී කුඹුරත් අස්වද්දා බඩේ බත් ටිකක් දා ගන්නවාද කියාය....

මේවා හැදූ පසු වන් ගෝල් ෆේස් බලන්න වෙසක් බලන්න එනවා වගේ පෝලිමේ එන උන් ඇතුලට ගත යුත්තේ පක්ෂ සාමාජික කාඩ්පත ඉල්ලලාය.

බලාගෙන ගියාම මහින්ද වටා ඉන්නේ බයියෝ නොව  කිරි ටොයියෝය. බයියෝ ඉන්නේ 3% ඇතුලේ හා සිරිකොතේය...

ඒ වගත් මෙසේය....

4 comments:

  1. විනේ කටින උන් අහිතක් නොහිතාම
    කනේ කොහොඹ මිරිකනවලු හැමදාම
    වණේ නැතිව උන් දුක දන්නේ කොහොම ............

    ReplyDelete
  2. Uditha MeeghathennaAugust 4, 2015 at 2:32 AM
    මනාප තුනත් පිලිවෙලින් කියපං බලන්න
    1.
    2.
    3.



    Maathalan - Priyantha HewageAugust 4, 2015 at 2:38 AM
    ලාල් කාන්ත, අනුර සහ අනෙකා තවම තෝරා නැත...

    දේශපාලනේ ගැන කතා කරනවා නම් ඔයිට වැඩිය කල්පන්වෙන් දේවල් කියන්න ඕනේ ලොක්කෝ!!! කට වාචාල කම විතරක් තිබුනට මදි!!
    ඒකට කතාවක් එහෙම ගොතල ඒක හැමෝටම කියල ගන්න සිගිති ආතල් එක නොකඩවා ගන්න පුළුවන් ඊට පස්ස රෙන්න පුකේ ගූත් නැති මොලේ අවුල්වී ඇති සමනල පොන්නයො

    ReplyDelete
  3. කුඹුර ගැන විස්තරේ නොවෑ මරු

    ReplyDelete
  4. ජනාධිපතු තුමාගේ නිහතමානි කම නිසා, එතුමා අවුරුදු හතරෙන් ගෙදර යනවා යැයි කීවේය. දැන් එය අවුරුදු පහක් යැයි පවසා ඇත. ඔබ තුමාට එසේ ගෙදර යා නොහැකිය. මන්ද දේවල් සිඳුවෙමින් තියෙන ආකාරය අනුව පෙනෙන්නේ, රාජපක්ෂලා පොන්නයන් හා එකතුව, අවුරුදු පහටත් කලින් නැවත්ත බලය ඩැහැ ගැනිමේ ආන්තරාවක්ය.

    අප ඔබට රට බාර දුන්නේ, කම්බා හොරුන්ට ආයේ බාර දී අත් අත පිහදාගෙන නිවන් යන්නට නම් නොවේ. මේ රට මිනිස්කම පිරි, නීතී ගරුක රටක් කිරීමටය. එසේ නොමැතිව, මදාවියන් හා එක්ව රඟන පොන්නයන්ගේ පොන්න ඩාන්ස් බැලීමට නම් නොවේhttp://maathalan.blogspot.com/2015/02/lesson-to-group-of-no-balls.html#mor

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න