.

.

Jul 16, 2020

මැතිවරණය කල් දැමීමේ බලවේග පරාජය කල යුතුය.




වත්මන් තත්වය, කොරෝනා යලි හිස එසවීම හෝ දෙවනි රැල්ල හෝ වේවා, එය හේතුවක් කොට ගෙන අගෝස්තු 5 වන දි පැවැත්වීමට නියමිත මහ මැතිවරණය කල් දැමීමේ වෑයමක් සෑම අතකින්ම ක්‍රියාත්මක වන බව ඉතා පැහැදිලිව පෙනේ. මෙමගින් ආන්ඩුවට විරුද්ධ පාර්ෂවයන් ලෝකයාට පෙන්වීමට උත්සාහ කරනා කරුණු කීපයක් වේ.


# කොරෝනා වසංගතය දරුණු ලෙස පවතින රටක් බව.
# පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රය අහිමි රටක් බව.
# එකාධිපති පාලනයක් පවතින රටක් බව.

ඒ අතරින් ප්‍රධානවේ. එසේ කිරීමෙන් ඔවුන් බලා පොරොත්තු වන ප්‍රධාන කරුණු තුනක් වේ.

# විදේශ ආධාර ලැබීම නවතා දැමීම.
# ආයෝජකයන් පැමිණිම නවතා දැමීම.
# පැරණි පාර්ලිමේන්තුව නැවත් කැඳවන ලෙස බල කිරීම.

ඒ අතරින් ප්‍රධානම කාරනය වන්නේ පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස දේශියව මෙන්ම විදේශීයවද එන බලකීරීම් හා උද්ඝෝෂණ ආරම්බ කිරීමයි. මැතිවරණය පැවැත්වුවහොත් බොහෝ දෙනෙකුට අත් වන ඉරනම දැන් ඉතා පැහැදිලිව පෙනේ.

ජාතික ජන බලවේගය කියන්නේ ඉතුරු වෙන මක්කා හෝ ගෙන සැනසෙන බවය. ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව බැලූ කල ඔවුන්ට ලබා ගත හැකි උපරිමය ආසන තුනක් පමණි. එජාපය දෙදරා යෑමෙන්, එජාපයේ මෙන්ම ටැලිපෝනයේද ප්‍රබලයින් ගනනාවක් හැලී යන බවත් ඉතා පැහැදිලිය.

මේ තත්වය ඇති කර ගැනීම සඳහා කරනා කුමන්ත්‍රණයන්ද ඉතා පැහැදිලිය. ඒ අතරින් රනිල් වික්‍රමසිංහ විසින් දෙවනි රැල්ලක් එන බව කලින්ම ප්‍රකාෂ කිරීම ලේසියෙන් අත් හැරිය යුතු කරුනක් නොවේ. අනිල් ජාසිංහ මේ පිලිබඳව සොයා බැලීමක් නොකලද, හමුදාපති සඳහන් කරන්නා සේ, එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයට කොරෝන පැමිනියේ කෙසේදැයි කියා බුද්ධි අංශ මගින් අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතුය. සමස්ත කඳවුරටම කොරෝනා වැළඳෙන තෙක් නිහඬව උන් පාලනාධිකාරිය අනිවාර්යයෙන් ප්‍රශ්ණ කල යුතුමය.

මේවා ක්‍රියාත්මක වන්නේ අපූරූ ක්‍රමයකට බව පෙන්වා දෙමින් ඉන් පසු තිරයට එන්නේ කරූ ජයසූරියගේ විශේෂ මාධ්‍ය ප්‍රකාෂණයයි. රටේ සෑම ප්‍රදේශයකින්ම කොරෝනා රෝගීන් වාර්ථා වීමටත් පෙර එය එසේම සිඳුවන බව ඔහු දැන ගත්තේ දේව බලයකින්ද එසේ නැත්නම් වෙනත් “බලවේගයකින්ද” යන්න අනිවාර්යයෙන් සොයා බැලිය යුතුය.

මීටාමතරව යහපාලන විසිල් මීඩියා කාරයෝ ටිකද වැඩේට බැස ඇත. ඔවුන් මෙය වාර්ථා කල යුත්තේ ජාත්‍යන්තරයට නිසා ඉන්ගිරිසියෙන් ලියනා ලිබරල් මාධ්‍යවේදීන් දැන් කතා කරන්නේ චන්දය කල් දැමිය යුතු බවය. ලන්ඩනයේ සිට ඉන්ගිරිසියෙන් ලියනා ප්‍රවීන ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුම දැන් ඒ කාර්යයේ ඉතා ක්‍රියාශීලීව යෙදී සිටී.

එමෙන්ම මෑතක සිට මැතිවරණ කොමිසමේ සභාපතිට එරෙහිව ගෙනියන මඩ ව්‍යාපාරයද සුළුවෙන් තැකිය යුතු නැත. ඔහුගේ පුතෙක් පිට රට සිට ගෙන ඒම මෙන්ම, ටැලිපෝන් පාටියේ නාම යෝජනා ලැයිස්තුව නීත්‍යානූකූල නොවනා බවට ඔහු විසින්ම සඳහන් කරන කරුණු එලියට ඒම ඒ අතරින් ප්‍රධානවේ. මේවා ගැන නම් කිව යුතුව ඇත්තේ, මේවා අමුම අමු සක්කිලි වැඩම පමණමයි කියලාය.

මාධ්‍යවේදියකුගේ ප්‍රධානම ශික්ෂා පදය මුන් අමු අමුවේ කඩා දමන්නේ සමස්ත මාධ්‍යකාරයන්ම සක්කිලියන් බවට පත් කරමිනි. මෙවන් පවාදීම් හේතුවෙන් සිඳුවන විශාලම හානිය සිඳු වන්නේත් නිදහස් මාධ්‍යකරණයට යන්න ඔවුනට අමතක වීම ඉතා කනගාටුදායකය.

එමෙන්ම, තමන්ට එල්ලවන චෝදනාවලින් ගැලවීමට කොමිසමේ සභාපති ගැසට් එකක එල්ලී නටනා නාඩගමද විකාරයක් බව කනගාටුවෙන් වුවත් ලියා තැබිය යුතුමය. එමෙන්ම, ඵ්Hඓ යුනියන් එකද නටන්නේ නාඩගමකි. රටක් හැදීමට නීතියම ඕනා නැත. පසුගිය කාළයේ පැවති ඇඳිරි නීතියද නීත්‍යානූකූල නොවන බවට වාර්ථා පල වූවද, පොලීසිය පුද්ගලයන් මෙන්ම වාහනද අත් අඩංගුවට ගැනීමට නොපැකිලව කටයුතු කලේය. එසේ නොකලා නම් තත්වය මීට වඩා දරුණු අතට පත්වනු නොඅනුමානය.

මෙහිදි සියල්ලෝම දැනගත යුතු කරුණ නම්, කොරෝනා මැද්දේත් ලෝකයේ බොහෝ රටවල චන්දය පැවත්වූ බවයි. හොඳම උදාහරණය දකුණු කොරියාව හා රුසියාවයි.

කොරෝනා තිබුනා කියා අනෙක් සියල්ලටම එලි පහලියට බහිනා උන්ට, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුව චන්ද පොලට පැමිණ චන්දය දාන්න බෑ කියන්නේ අමු බොරුවක්ය.

වෝනීන් දී තිබියදිත් තමන්ගේ චන්ද ප්‍රචාරණය නවත්තන්නේ නෑ කියනා චන්ඩින්ට අපට කියන්න තියෙන්නේ, චන්දේ දවසටත් චා ගුන්ඩි නොවී චන්ද පොලට ඇවිත්, ගහන එකෙක්ට චන්දෙයි මනාපෙයි ගහලා පලයන් කියලාය. මොකෝ එසේ ආවා කියා, චන්දේ දාන්න එන උන්ගේ ඇඟිලි අත් කපන්නට හෝ වෙඩි තියා මරා දැමීමට ආන්ඩුව තීරණයකට ඇවිල්ලා නැති නිසාය.

ඒ වගත් මෙසේය….



10 comments:

  1. ඉතිං මාතේ කොරෝනා අස්සේ ඡන්දේ තියාපු නැති රටවලුත් තියෙනවා තියපු රටවලුත් තියෙනවා. අනික ඇඳිරි නීතිය අස්සේ පාරට බහින එවුන් අත් අඩංගුවට ගත්තා කියන ගමන් උඹම කියනවා කෝරෝනා අස්සේ එළියට බහින නිසා ඡ්න්දෙට එලියට බැස්සට කමක් නෑ කියලා. මොකක්ද ඒ හරුපේ?

    ReplyDelete
  2. //වත්මන් තත්වය, කොරෝනා යලි හිස එසවීම හෝ දෙවනි රැල්ල හෝ වේවා, එය හේතුවක් කොට ගෙන අගෝස්තු 5 වන දි පැවැත්වීමට නියමිත මහ මැතිවරණය කල් දැමීමේ වෑයමක් සෑම අතකින්ම ක්‍රියාත්මක වන බව ඉතා පැහැදිලිව පෙනේ. //

    //වෝනීන් දී තිබියදිත් තමන්ගේ චන්ද ප්‍රචාරණය නවත්තන්නේ නෑ කියනා චන්ඩින්ට අපට කියන්න තියෙන්නේ, චන්දේ දවසටත් චා ගුන්ඩි නොවී චන්ද පොලට ඇවිත්, ගහන එකෙක්ට චන්දෙයි මනාපෙයි ගහලා පලයන් කියලාය.//

    මේ කියමනෙන් එකිනෙකට පරස්පර විරෝධී අදහසක් කියවෙනවා නේද ?

    චන්දය නොපවත්වා පැරණි පාර්ලිමේන්තුව රැස් කරන්න කියන්නෙත්, වෝර්නින් තිබියදී චන්ද ප්‍රචාරක කටයුතු කරන්නේත් එකම කොට්ඨාශයක් (පවතින රජයට විරුද්ධ කණ්ඩායම )නේද?

    ඒ වගේම මුළු ලංකාවටම කොරෝනා හැදුනත්, චන්දය අනිවාර්යයෙන්ම අගෝස්තු 5 පවත්වන බවත්, ඒ සඳහා කොරෝනා සෞඛ්‍යාරක්ෂිත නියාමන ගැසට් කලොත් චන්දය පවත්වන්න බැරි වෙන නිසා, ඒවා ගැසට් නොකර ඉන්නා කොට්ඨාශයත්, එහෙම උනාට තමන්ගේ චන්ද ප්‍රචාරණ කටයුතු කොරෝනා ප්‍රශ්නය නිසා නවත්වන බවත් කියන්නේ අනිත් කොට්ඨාශය (පවතින රජයට කඩේ යන කණ්ඩායම) නේද?

    කොරෝනා දෙවැනි රැල්ලක් හෝ, පළමුවැනි රැල්ල අවසන් නොවී දිගින් දිගටම පවතීවි යැයි පවසන දේශපාලකයින්, අංජනම් කාරයන්ට වඩා විශ්වාසදායක (තමන්ගේ දේශපාලන මතවාදයේ යහපත උදෙසා මේ අනාවැකි කිව්වා උනත් ) බවයි මට දැනෙන්නේ.

    ReplyDelete
  3. වෙරළට දාපු වැලි මුහුදට ගියා වගේ
    චන්දෙට ගිය සල්ලි අපතේ යනව වගේ
    මෙතුවක් කලක් කවුරුත් රටකලා වගේ
    ණය බර තව තවත් ඉහළට යනව වගේ

    ReplyDelete
  4. මාතලන් උඹ නං නියම සාඩින් බෛයෙක්

    ReplyDelete
  5. හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න